Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සීපා ගිවිසුම සහ තරුණ ඔබේ හෙට දවස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල් - මෝදි සාකච්ඡා කළේ මොනවාද? සීපා නෑ, ඒ වෙනුවට අලුත් ගිවිසුමක් ලබන වසරේ: කලාපීය චන්ද්‍රිකාවක්, හදිසි ඇම්බියුලන්ස් සේවයක් ඇතුලු ගිවිසුම් රැසක් අත්සන් කරයි

රනිල් මෝදි සාකච්ඡා වලදී ඉන්දු ලංකා නව ගිවිසුම් රැසක් අත්සන් තබන ලද අතර සාර්ක් කලාපීය චන්ද්රිකාවකටද, හදිසි ගිලන් රථ සේවයකටද, අත්නස් තැබූ අතර සීපා වෙනුවට වෙළඳ, ආර්ථික, ආයෝජන හා තාක්ෂණ ක්ෂේත්‍ර පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර නව ගිවිසුමක් අත්සන් කිරීමට ද තීරණය කළහ. මෙම නව ගිවිසුමෙහි මූලික කෙටුම් පත ලබන දෙසැම්බර් වෙද්දී අවසන් කොට එය පදනම් කරගෙන සිදු කෙරෙන සාකච්ඡා මාලාවකින් අනතුරුව 2016 වසරේ මැද භාගයේදී එය අත්සන් කිරීමට ද කාල පරාසද නියම කර ගන්නා ලදී.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වෙළඳ හා ආර්ථික සබඳතා වසර 2500 කටත් එහා යුගයකට දිව යන බවත්, තපස්සු භල්ලූක වෙළඳුන් පිළිබඳ පුරාවෘත්තය ඊට සාධක සපයන බවත් පෙන්වා දුන් ඉන්දීය හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරු, ඒ ඓතිහාසික ආර්ථික, සමාජයීය, සංස්කෘතික සහ ආගමික සම්බන්ධතාවන් පදනම් කරගනිමින්, කලාපයේ සාමය සහ සංහිදියාව තහවුරු කිරීමත්, වේගවත් ආර්ථික සංවර්ධනයක් උදාකරලීමටත් ඇප කැප වී කටයුතු කළ යුතු බව අවධාරණය කළහ.

අද (15 වන දා) පෙරවරුවේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ඉහළ පෙළේ සාකච්ඡා වාරය නවදිල්ලි නුවර හයිද්‍රබාද් මන්දිරයේදී පැවැත්විණි.

වෙළඳ, ආර්ථික, ආයෝජන හා තාක්ෂණ ක්ෂේත්‍ර පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර නව ගිවිසුමක් සකස් කිරීමට ද අග්‍රාමාත්‍යවරු එකඟත්වය පළ කළහ. මෙම ගිවිසුමෙහි මූලික කෙටුම් පත ලබන දෙසැම්බර් වෙද්දී සකස් කෙරෙන අතර, එය පදනම් කරගෙන සිදු කෙරෙන සාකච්ඡා මාලාවකින් අනතුරුව 2016 වසරේ මැද භාගයේදී එය අත්සන් කිරීමට ද කාල පරාස නියම කර ගන්නා ලදී.

1956 වසරේ සිට ම බලය ලබා ගැනීම සඳහා තරඟ වැදුණු පක්ෂ දෙකක් එකට එක් කොට ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට හැකිවීම විශේෂත්වයක් බවද, ඒ ආණ්ඩුව වසර දෙකක කාලයක් තිස්සේ පවත්වාගෙන යාමට එකඟත්වයකට එළැඹ ඇති බවද වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය දෙමළ ජාතික සංධානයට ද, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ජනතා විමුක්ති පෙරමුණට ද හිමිවීම සහ, මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩු පාලනය සඳහා එක්කර ගැනීම සම්බන්ධයෙන් ද වික්‍රමසිංහ මහතා කරුණු පැහැදිලි කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව ඉන්දීය ජනතාව සහ රජය පූර්ණ විශ්වාසය තබා ඇති බව ය. ශ්‍රී ලංකාවේ අනාගත දියුණුව වෙනුවෙන් ඉන්දියාව පූර්ණ සහය ලබා දෙන බවද මෝදි මහතා පැවසීය.

නව රජය යටතේ ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාව ලබා ගත් ජයග්‍රහණය පිළිබඳව සුභ පැතූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ජාත්‍යන්තර තලයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පූර්ණ සහය ලබා දීමට ඉන්දියාව සූදානම් බවද අවධාරණය කළේ ය.

යටිතල පහසුකම්, බලශක්ති, සංචාරක, අධ්‍යාපන, සංස්කෘතික, ආගමික, ගුවන් සේවා, ප්‍රවාහන ආදී ක්ෂේත්රයන්හි ප්රගමනය සඳහා ඉන්දියාවේ සහය ලබා දීම සම්බන්ධයෙන් ද, මෙහිදී අවධානය යොමු කෙරිණි.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ඉන්දීය රජය දක්වන සහය වෙනුවෙන් සිරිසේන ජනාධිපතිතුමාගේ සහ තමන්ගේ කෘතඥතාවය පළ කළ වික්‍රමසිංහ මහතා රැකියා දස ලක්ෂයේ වැඩ සටහන සඳහා ඉන්දියාව ලබා දීමට බලාපොරොත්තුවන සහයෝගය පිළිබඳවද අගය කළේය.

ද්විපාර්ශ්වික සාකච්ඡා වලින් පසුව සාර්ක් කලාපීය චන්ද්‍රිකාව සඳහා වූ අවබෝධාත්මක ගිවිසුමට අත්සන් තැබිණි. විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ ඉන්දීය අභ්‍යවකාශ කොමිසමේ මහකොමසාරිස්වරයා ඊට අත්සන් තැබූහ.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා තව තවත් වැඩි දියුණු කරමින් කුඩා සංවර්ධන ව්‍යාපෘති, වෛද්‍ය උපකරණ හා ගිලන් රථ සේවාවන් ලබා දීම සම්බන්ධ ගිවිසුම් තුනකට ද මෙහිදී අත්සන් තැබිණි.

පළාත් පාලන ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ආයතන හරහා කුඩා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා සහය සහ ආධාර සැපයීමට එක් ගිවිසුමක් මගින් ඉන්දියාව කටයුතු කරනු ඇත.

අනෙක් ගිවිසුම මගින් වවුනියාව දිස්ත්‍රික් රෝහලේ ඇඳන් 200 කින් සමන්විත වාට්ටුව සඳහා සියළුම වෛද්‍ය උපකරණ සැපයීමට ඉන්දියාව ක්‍රියා කරනු ඇත.

ශ්‍රී ලංකාව තුළ හදිසි ගිලන් රථ සේවාවක් ස්ථාපිත කිරීම සඳහා ඉන්දීය ආධාර සැපයීමේ ගිවිසුම අද අත්සන් තැබුණු තෙවැන්නයි.

මේ ගිවිසුම් සඳහා ඉන්දියාව වෙනුවෙන් විදේශ ලේකම් ආචාර්ය එස්. ජයශන්කර් මහතා ද, ශ්‍රී ලංකාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ද අත්සන් තැබූහ.

නවදිල්ලි නුවරට පැමිණ සිටින ශ්‍රී ලංකා නියෝජිත පිරිස වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමිණි.

විදේශ අමාත්‍ය මංගල සමරවීර, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, ඉන්දීය නව ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස පත් කිරීමට නියමිත ඇසළ වීරකෝන්, වැඩ බලන මහකොමසාරිස් එම්. ආර්. කේ. ලෙනගල, විදේශ අමාත්‍යංශ මාධ්‍ය ලේකම් ඩැනියෙල් අල්ෆොන්සස් යන මහත්වරු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද, ඉන්දීය විදේශ ඇමතිනී සුස්මා ස්වරාජ්, ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, ඉන්දීය විදේශ ලේකම් ආචාර්ය එස් ජයශන්කර්, බලශක්ති අමාත්‍යංශ ලේකම් පී. කේ. පූජාරි, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් යසවර්ධන සිං, ශ්‍රී ලංකා - මාලදිවයින් සහ ඉන්දීය සාගර කලාප සම ලේකම් සුචිත්‍රා දුරායි, ප්රචාරක සම ලේකම් වයිකාස් ස්වරූප් යන මහත්ම මහත්මීන් ඉන්දියාව නියෝජනය කරමින් ද මේ සාකච්ඡාවට සහභාගි වූහ

LEN

[QUOTE="hemalsilva, post: 18970955, member: 7335"] [SIZE="4"][B]රනිල් - මෝදි සාකච්ඡා කළේ මොනවාද? සීපා නෑ, ඒ වෙනුවට අලුත් ගිවිසුමක් ලබන වසරේ: කලාපීය චන්ද්‍රිකාවක්, හදිසි ඇම්බියුලන්ස් සේවයක් ඇතුලු ගිවිසුම් රැසක් අත්සන් කරයි[/B][/SIZE] [SIZE="3"]රනිල් මෝදි සාකච්ඡා වලදී ඉන්දු ලංකා නව ගිවිසුම් රැසක් අත්සන් තබන ලද අතර සාර්ක් කලාපීය චන්ද්රිකාවකටද, හදිසි ගිලන් රථ සේවයකටද, අත්නස් තැබූ අතර සීපා වෙනුවට වෙළඳ, ආර්ථික, ආයෝජන හා තාක්ෂණ ක්ෂේත්‍ර පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර නව ගිවිසුමක් අත්සන් කිරීමට ද තීරණය කළහ. මෙම නව ගිවිසුමෙහි මූලික කෙටුම් පත ලබන දෙසැම්බර් වෙද්දී අවසන් කොට එය පදනම් කරගෙන සිදු කෙරෙන සාකච්ඡා මාලාවකින් අනතුරුව 2016 වසරේ මැද භාගයේදී එය අත්සන් කිරීමට ද කාල පරාසද නියම කර ගන්නා ලදී. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වෙළඳ හා ආර්ථික සබඳතා වසර 2500 කටත් එහා යුගයකට දිව යන බවත්, තපස්සු භල්ලූක වෙළඳුන් පිළිබඳ පුරාවෘත්තය ඊට සාධක සපයන බවත් පෙන්වා දුන් ඉන්දීය හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරු, ඒ ඓතිහාසික ආර්ථික, සමාජයීය, සංස්කෘතික සහ ආගමික සම්බන්ධතාවන් පදනම් කරගනිමින්, කලාපයේ සාමය සහ සංහිදියාව තහවුරු කිරීමත්, වේගවත් ආර්ථික සංවර්ධනයක් උදාකරලීමටත් ඇප කැප වී කටයුතු කළ යුතු බව අවධාරණය කළහ. අද (15 වන දා) පෙරවරුවේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ඉහළ පෙළේ සාකච්ඡා වාරය නවදිල්ලි නුවර හයිද්‍රබාද් මන්දිරයේදී පැවැත්විණි. වෙළඳ, ආර්ථික, ආයෝජන හා තාක්ෂණ ක්ෂේත්‍ර පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර නව ගිවිසුමක් සකස් කිරීමට ද අග්‍රාමාත්‍යවරු එකඟත්වය පළ කළහ. මෙම ගිවිසුමෙහි මූලික කෙටුම් පත ලබන දෙසැම්බර් වෙද්දී සකස් කෙරෙන අතර, එය පදනම් කරගෙන සිදු කෙරෙන සාකච්ඡා මාලාවකින් අනතුරුව 2016 වසරේ මැද භාගයේදී එය අත්සන් කිරීමට ද කාල පරාස නියම කර ගන්නා ලදී. 1956 වසරේ සිට ම බලය ලබා ගැනීම සඳහා තරඟ වැදුණු පක්ෂ දෙකක් එකට එක් කොට ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට හැකිවීම විශේෂත්වයක් බවද, ඒ ආණ්ඩුව වසර දෙකක කාලයක් තිස්සේ පවත්වාගෙන යාමට එකඟත්වයකට එළැඹ ඇති බවද වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය දෙමළ ජාතික සංධානයට ද, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ජනතා විමුක්ති පෙරමුණට ද හිමිවීම සහ, මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩු පාලනය සඳහා එක්කර ගැනීම සම්බන්ධයෙන් ද වික්‍රමසිංහ මහතා කරුණු පැහැදිලි කළේය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව ඉන්දීය ජනතාව සහ රජය පූර්ණ විශ්වාසය තබා ඇති බව ය. ශ්‍රී ලංකාවේ අනාගත දියුණුව වෙනුවෙන් ඉන්දියාව පූර්ණ සහය ලබා දෙන බවද මෝදි මහතා පැවසීය. නව රජය යටතේ ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාව ලබා ගත් ජයග්‍රහණය පිළිබඳව සුභ පැතූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ජාත්‍යන්තර තලයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පූර්ණ සහය ලබා දීමට ඉන්දියාව සූදානම් බවද අවධාරණය කළේ ය. යටිතල පහසුකම්, බලශක්ති, සංචාරක, අධ්‍යාපන, සංස්කෘතික, ආගමික, ගුවන් සේවා, ප්‍රවාහන ආදී ක්ෂේත්රයන්හි ප්රගමනය සඳහා ඉන්දියාවේ සහය ලබා දීම සම්බන්ධයෙන් ද, මෙහිදී අවධානය යොමු කෙරිණි. ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ඉන්දීය රජය දක්වන සහය වෙනුවෙන් සිරිසේන ජනාධිපතිතුමාගේ සහ තමන්ගේ කෘතඥතාවය පළ කළ වික්‍රමසිංහ මහතා රැකියා දස ලක්ෂයේ වැඩ සටහන සඳහා ඉන්දියාව ලබා දීමට බලාපොරොත්තුවන සහයෝගය පිළිබඳවද අගය කළේය. ද්විපාර්ශ්වික සාකච්ඡා වලින් පසුව සාර්ක් කලාපීය චන්ද්‍රිකාව සඳහා වූ අවබෝධාත්මක ගිවිසුමට අත්සන් තැබිණි. විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ ඉන්දීය අභ්‍යවකාශ කොමිසමේ මහකොමසාරිස්වරයා ඊට අත්සන් තැබූහ. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා තව තවත් වැඩි දියුණු කරමින් කුඩා සංවර්ධන ව්‍යාපෘති, වෛද්‍ය උපකරණ හා ගිලන් රථ සේවාවන් ලබා දීම සම්බන්ධ ගිවිසුම් තුනකට ද මෙහිදී අත්සන් තැබිණි. පළාත් පාලන ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ආයතන හරහා කුඩා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා සහය සහ ආධාර සැපයීමට එක් ගිවිසුමක් මගින් ඉන්දියාව කටයුතු කරනු ඇත. අනෙක් ගිවිසුම මගින් වවුනියාව දිස්ත්‍රික් රෝහලේ ඇඳන් 200 කින් සමන්විත වාට්ටුව සඳහා සියළුම වෛද්‍ය උපකරණ සැපයීමට ඉන්දියාව ක්‍රියා කරනු ඇත. ශ්‍රී ලංකාව තුළ හදිසි ගිලන් රථ සේවාවක් ස්ථාපිත කිරීම සඳහා ඉන්දීය ආධාර සැපයීමේ ගිවිසුම අද අත්සන් තැබුණු තෙවැන්නයි. මේ ගිවිසුම් සඳහා ඉන්දියාව වෙනුවෙන් විදේශ ලේකම් ආචාර්ය එස්. ජයශන්කර් මහතා ද, ශ්‍රී ලංකාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ද අත්සන් තැබූහ. නවදිල්ලි නුවරට පැමිණ සිටින ශ්‍රී ලංකා නියෝජිත පිරිස වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමිණි. විදේශ අමාත්‍ය මංගල සමරවීර, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, ඉන්දීය නව ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස පත් කිරීමට නියමිත ඇසළ වීරකෝන්, වැඩ බලන මහකොමසාරිස් එම්. ආර්. කේ. ලෙනගල, විදේශ අමාත්‍යංශ මාධ්‍ය ලේකම් ඩැනියෙල් අල්ෆොන්සස් යන මහත්වරු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද, ඉන්දීය විදේශ ඇමතිනී සුස්මා ස්වරාජ්, ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, ඉන්දීය විදේශ ලේකම් ආචාර්ය එස් ජයශන්කර්, බලශක්ති අමාත්‍යංශ ලේකම් පී. කේ. පූජාරි, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් යසවර්ධන සිං, ශ්‍රී ලංකා - මාලදිවයින් සහ ඉන්දීය සාගර කලාප සම ලේකම් සුචිත්‍රා දුරායි, ප්රචාරක සම ලේකම් වයිකාස් ස්වරූප් යන මහත්ම මහත්මීන් ඉන්දියාව නියෝජනය කරමින් ද මේ සාකච්ඡාවට සහභාගි වූහ[/SIZE] LEN [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom