සීපා බිල්ලෙක්ද?

sulakshana99

Member
Apr 20, 2012
515
48
0
සීපා බිල්ලෙක්ද?

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇතිකර ගැනීමට නියමිත විස්තීර්ණ වෙළෙඳ ගිවිසුම, නැතහොත් සීපා ගිවිසුම සම්බන්ධයෙන් මේ වන විට රට තුළ උණුසුම් කතාවක් නිර්මාණය වී තිබේ. සීපා රටට බිල්ලෙක් බව පිරිසක් පවසන අතර සීපා යනු මවන ලද බිල්ලෙක් බව තවත් පිරිසක් පවසති. සැබැවින්ම සීපා යනු කුමක්ද..? සීපා ගිවිසුම නිර්මාණය වන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සේවා ගිවිසුමක් වශයෙනි. මෙහි කෙටුම්පත් සකස් කළ මණ්ඩලයේ වැඩි කාර්යභාරයක් දැරූ තැනැත්තෙක් සිටී. ගිවිසුමට අදාළ කරුණු පහෙන් තුනක් සකසන්නේ ඔහුගේ මූලිකත්වයෙනි. ගැට් උපදේශන කමිටු සභාපතිත්වය ද දැරූ ඔහු මහාචාර්ය රොහාන් සමරජීවය, එසේත් නැතහොත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාය. මොරටුව විශ්වවිද්‍යාලය, නෙදර්ලන්තයේ ඩෙල්ෆ් විශ්වවිද්‍යාලය, ඔහියෝ විශ්ව විද්‍යාලය ආදී දෙස් විදෙස් විශ්ව විද්‍යාල රැසක මහාචාර්යවරයකු වශයෙන්ද කටයුතු කර ඇති ඔහු එක අතකින් 2003 දී සැකසූ සීපා ගිවිසුම සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයෙක්ද වෙයි. මේ ඔහු සමග කළ සාකච්ඡාවකි.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන්නේ ගෝලීය ආර්ථිකයකි. අපනයන අඩු වී ඇති අතර, එය වැඩි කර ගත යුතුව පවතී. කර්මාන්ත නිෂ්පාදන, කෘෂිකාර්මික නිෂ්පාදන සහ සේවා යන අංශ ත්‍රිත්වය හරහා එකී අපනයන වෙළෙඳ‍පොළ වර්ධනය කරගත හැකිය. එහෙත් වර්තමානයේ රට රඳා පවතින්නේ සේවා ආර්ථිකයක් මතය. මැදපෙරදිග ගෘහසේවය යනු සේවා සැපැයීමකි. කෘෂි නිෂ්පාදන අංශයෙන් ලෝකය සමග තරග කර ඉදිරියට පැමිණීමට අපට ඇති අවස්ථාවන් අවමය. කර්මාන්ත ක්ෂේත්‍රයේ දී ඉදිරියට පැමිණිය නොහැකි පසුගාමීත්වයක පසුවේ. එහෙත් ගෝලීය සැපයුම් ජාලය තුළට ප්‍රවේශවීම තුළ මෙහි වර්ධනයක් අත්කර ගත හැකිවේ. මෙරට ආර්ථික වර්ධනයේ ඉදිරිගාමීත්වයක් අපේක්ෂා කරන්නේ නම් ගෝලීය සැපයුම් ජාලයට සම්බන්ධ විය යුතුය. වෙළෙඳ ගිවිසුම් යනු ඒ සඳහා වන ෙනෙතික පිවිසුම් මාර්ගයයි. වෙළෙඳ ගිවිසුමකට ආයෝජන, භාණ්ඩ හා සේවා යන තෙඅංශයම අයත්ය. සීපා යනු එවැන්නක පළමු පියවරයි. ඒ ඉන්දියාව සමගය. ඉදිරියේ දී මෙය චීනය, ඇමෙරිකාව, ජර්මනිය, බ්‍රසීලය ආදී වශයෙන් පියවරෙන් පියවර වර්ධනය විය යුතුය. ගෝලීය යථාර්ථයට අනුව වඩාත් උචිත වන්නේ ද ද්වීපාර්ශ්වික සබඳතාවන්ය.
සීපා යනු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කර ගැනීමට අපේක්ෂා කරන භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් වූ විස්තීර්ණ ආර්ථික සහයෝගිත්ව ගිවිසුමකි. එයින් දෙරටේම භාණ්ඩ හා සේවා අංශයන් සඳහා පුළුල් ෙනෙතික ඉඩ ප්‍රස්ථා විවර වෙයි. මෙවන් අවස්ථාවන්හිදී බොහෝ විට වන්නේ කුඩා රාජ්‍ය විසින් ප්‍රබල රාජ්‍යයෙන් ගිවිසුමක් සඳහා අවස්ථාවක් ඉල්ලා සිටීමයි. ආර්ථික වෘද්ධිය පහළ රටක් අසල්වාසී ආර්ථික වෘද්ධියෙන් යුතු රටකින් වෙළෙඳ ගිවිසුමක් සඳහා අවස්ථාවක් ඉල්ලීම දෙරටේ ආර්ථිකයට යහපත් ආකාරයට බලපායි. සීපා ගිවිසුමේ විශේෂත්වයක් වන්නේ එය භාණ්ඩ හා සේවා යන දෙඅංශයම ආවරණය වන ගිවිසුමක් වීමයි. වසර ගණනාවකට ඉහත දී කැනේඩියානු රජය ද ඇමෙරිකාවෙන් මෙවන් ගිවිසුමක් සඳහා අවස්ථාව ඉල්ලූ අතර, එහිදීද මෙරට සීපා ගිවිසුම සම්බන්ධයෙන් උද්ගතව ඇති ව්‍යාජ භීතිකාවක් නිර්මාණය විය. එකල කැනඩාවේද ප්‍රබල ඇමෙරිකානු විරෝධයක් නිර්මාණය වී තිබූ අතර, පනත සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ මැදිහත්වීමද ගැනීමට තරම් එය ප්‍රබල විය. වෙළෙඳ ගිවිසුම ඉල්ලා තිබුණේ කැනඩාවෙනි. කැනඩාව ආර්ථික වෘද්ධියෙන් ඉදිරිගාමී රටක් බවට පත්වීමේ පසුබිමේ එකී ද්විපාර්ශ්වීය වෙළෙඳ ගිවිසුම තිබූ බව බොහෝ දෙනා නොදනිති.
ජාත්‍යන්තර නීතියේ වෙළෙඳ නීතිය සම්බන්ධයෙන් ඉතා දැඩි තත්ත්වයක් ඇති අතර, එය සාමාන්‍ය නීතියට වඩා දැඩිය. වෙළෙඳ නීතිය තුළ හමුවන භාණ්ඩ නීතිය ඊටත් වඩා ප්‍රබලය. සේවා නීතිය ඉතාම බැරෑරුම් තලයක පවතී. එය ඉතා සංකීර්ණය. මේ නිසා යම් කිසිවකු සේවා නීතිය සම්බන්ධයෙන් සැහැල්ලුවෙන් සිතන්නේ නම් එය විහිළුවකි.
සීපා ගිවිසුමේ මූලික කරුණු කිහිපයකි. ගිවිසුමට අදාළ ක්ෂේත්‍ර වශයෙන්, භාණ්ඩ වෙළෙඳාම, සේවා වෙළෙඳාම, දේශසීමා බාධකවලින් තොරව වෘත්තීන්හි නියැළීමේ අවස්ථාව, ආයෝජන, ගුවන් සේවා, රේගු සේවා, තත්ත්ව හා තාක්ෂණික නියාමනයන් ආදී ආර්ථික සහයෝගිතාවන් පැහැදිලිව හැඳිනිය හැකිය.
සීපා හරහා ශ්‍රී ලංකාවට එල්ලවිය හැකි යැයි මතු කරන තර්ජනයන් බොහෝය. ඉන්දීය ශ්‍රමිකයන් මෙරට ආක්‍රමණය කරනු ඇත යන්න ඒ අතරින් ඉතා ජනප්‍රියය. ඉන්දීය ශ්‍රම බළකායට කිසිදු බාධාවකින් තොරව මෙරටට පැමිණ රැකියා කිරීමට අවස්ථාව ලැබි, මෙරට තරුණ තරුණියන්ට බරපතළ රැකියා වියුක්තියකට මුහුණ පෑමට වනු ඇති බවත්, දේශීය කර්මාන්ත හා නිෂ්පාදන බරපතළ අර්බුදයකට ලක්විය හැකි බවත්, ඇතුළු තවත් බොහෝ භීතිකාවන් මවා තිබේ.
ගුවන් සේවා ගිවිසුම ලිහිල් කිරීම සීපා ගිවිසුමේ ඇතුළත් කරුණක් වුවත්, ගිවිසුමට පිටතින් එකී එකඟතාවන්ට එළැඹීමේ ප්‍රතිඵල අද භුක්ති විඳිය හැකිය. ලංකාවේ ගුවන් සේවාවන්ට අසීමිතව ඉන්දියාවට පියාසර කරන්නට හැකිය. එයින් අනර්ථයක් වීදැයි සැක සහිතය. එහෙත් සීපා සම්බන්ධයෙන් මවා ඇත්තේ කෘත්‍රි්‍රම භීතිකාවකි. බිල්ලෙකි. සිංහල මාධ්‍ය හරහා ආර්ථික විෂය සම්බන්ධයෙන් ගැඹුරු කථාවක් නොවීම මෙයට බරපතළ හේතුවක් වී තිබේ.
සීපා ගිවිසුම නිසා වන අනර්ථයන්ගෙන් එකක් වශයෙන් ගෙන ආ ඉතා ජනප්‍රිය තර්කයක් නම් මෙරට කරණවෑමියන්ට පවා රැකියා අහිමි වී ඉන්දීය කරණවෑමියන් මෙරට වෙළෙඳ‍පොළ අත්පත් කරගන්නවා යන්නය. සේවා ගිවිසුම හරහා කෙරෙන්නේ ආයතනික අවබෝධතාවන්ට එළැඹීම මිස ජු තනි පුද්ගලයන්ට අවස්ථාවක් දීම නොවේ. ආයතනික ආයෝජනයන්ට පමණක් අවස්ථාව විවර වේ.
භූ දේශපාලනිකව ශ්‍රී ලංකාව අතීතයේ, වර්තමානයේ මෙන්ම අනාගතයේ ද ඉන්දියානු සාගරයේ සුවිශේෂී පිහිටීමකි. චීනය, බුරුමය වැනි රටවල් සමග ද ඉතා සමීප සබඳතා පැවැත්වූ රටකි. මේ නිසා කලාපීය භූ දේශපාලනික තුළනය තුළ මෙරට භූමිකාව ජාත්‍යන්තරව ඉතා වැදගත් වේ. වර්තමානයේ බරපතළම කාරණාව ජාත්‍යන්තරයේ දී ඉන්දියාව සහ චීනය තුළනය කිරීමයි. චීනය යනු රාජ්‍ය කේන්ද්‍රීය ආයෝජකයන් සිටිනා රටක් බැවින් ස්වායක්ත හා ස්වාධීන සමාගම් නැත. රාජ්‍ය යම් තැනක ආයෝජනය කිරීමට අවධාරණය කරන්නේ නම්, අන් සියලු සාධක පසෙකලා රාජ්‍ය අණසකට යටත්ව එකී ආයෝජනය කළ යුතුය. චීන ආයෝජකයන් මෙරටෙහි ආයෝජන කළ කාල සීමාවේ දී ශ්‍රමිකයන් ගෙන්වා ගත්තේ ද චීනයෙනි. එහෙත් ඉන්දීය භීතිකාවෙන් වෙලී සිටින්නන්ට චීනයේ භීතිකාවක් නොදැනීම අරුමයකි. සීපා ගිවිසුම හරහා චීන ශ්‍රමිකයන් ලංකාවට ආවා වැනි තත්ත්වයක් උද්ගතවීමට කිසිදු ඉඩකඩක් නැත.
ගිවිසුම හරහා කෙරෙන්නේ ආයතනයට අදාළව රට තුළ ෙනෙතික රාමුවක් සහ සුරක්ෂිතතාවක් තහවුරු කිරීමය. එය ඉන්දීය ආයතනයන්ට සේම ඉන්දියාවේ ආයෝජනය කරන ශ්‍රී ලාංකීය ආයතනයන්ට ද ‍පොදුය. එහෙත් ඉන්දීය සමාගම් මෙරට ආයෝජනයෙන් මතෛක් ඉහළ ලාභයක් ලබා නැත. ආසන්න ම උදාහරණය වන්නේ ලංකා අයි.ඕ.සී. සමාගමයි. ශ්‍රී ලංකාව කුඩා රටක්, කුඩා ජනගහනයක්, කුඩා වෙළෙඳ‍පොළක් නිසා ඉන්දියාව බලා‍පොරොත්තු වූ තරමේ ප්‍රතිලාභ එයින් අත්වී නැත.
රටක් වශයෙන් ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට නම් වාර්ෂික ආර්ථික වර්ධන වේගය සියයට 8-10 අතර ප්‍රමාණයක තබාගෙන, මැදි ආදායම් රටක් විය යුතුය. අවම වශයෙන් වර්ෂයකට ඩොලර් බිලියනයක පමණවත් විදෙස් ආයෝජන අවශ්‍යය. එයට අවිනිශ්චිතභාවයෙන් අවම, අවදානම්සහගත තත්ත්වයන් අවම බවට තහවුරු කළ යුතුය. එවන් පරිසරයක් නිර්මාණය කළ හැක්කේ ෙනෙතික ගිවිසුම් ඇති කර ගැනීම තුළ පමණි. ආයෝජන සඳහා හොඳම වාතාවරණය ලෝක වෙළෙඳ සංවිධානයේ ගෝලීය ගිවිසුමයි. ලංකාවේ මතෛක් කල් වැඩිම ආයෝජන ප්‍රමාණයක් හිමි වූයේ විදුලි සංදේශ ක්ෂේත්‍රයෙන් වන අතර, එයට හේතුව වූයේ ගෝලීය ගිවිසුම යන ෙනෙතික රාමුව තුළ කටයුතු කිරීමය.
ඩෝහා වෙළෙඳ ගිවිසුමේ ඉදිරි ගමන ගෝලීය වශයෙන් අඩාල වී සාක් කලාපයේ ඉදිරි ගමන ද ක්‍රියාවට නැංවෙන්නේ නැත.
මේ නිසා වඩාත් උචිත වන්නේ ද්විපාර්ශ්වීය වෙළෙඳ ගිවිසුම්ය. සීපා සම්බන්ධ යෝජනාවන් එළිදකින 2002 වර්ෂය වන විට ඉන්දියාව හා එවන් ගිවිසුම් ඇතිකර ගැනීමේ දී ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටියේ සිංගප්පූරුව පමණි. මේ වන විට ඉන්දියාව ලොව බොහෝ රටවල් හා ආයතන සමග එවන් ගිවිසුම් අත්සන් කර ඇත. ශ්‍රී ලංකාවේ ගිවිසුම අවස්ථාව පහළට ගොස් තිබේ. සිංගප්පූරුව හා ඉන්දියාව හා ඇති ගිවිසුම නිසා සිංගප්පූරුව ඉන්දියන් ජාතිකයන් ආක්‍රමණය කර නැත. අනෙක් රටවල් සම්බන්ධයෙන් ඇති තත්ත්වය ද එයමය. සැබැවින් ම ඇත්තේ ෙනෙතික ආයතනික රාමුවක් සකසා එයට අනුව කටයුතු කිරීම පමණි.
සීපා ගිවිසුමේ ජනප්‍රිය කියමන ඉන්දීය කරණවෑමියන් ලංකාව ආක්‍රමණය කිරීම වුවත්, ගිවිසුම නැතත්, ශ්‍රී ලාංකේය පෞද්ගලික ආයතන ඉන්දියාවේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ආයෝජනය අරඹා තිබේ. (නයනා කරුණාරත්න මෙහි ආරම්භක පියවර තබා තිබේ) ජාත්‍යන්තර සේවා ක්ෂේත්‍රය තරගකාරීය. එය දෙපාර්ශ්වයටම අදාළ වේ. ශිල්පීය නිපුණතාව මත එහි ජය පැරදුම තීරණය වේ. රූපලාවන්‍ය යනු සේවා අපනයන ක්ෂේත්‍රයකි. එය නිවැරදිව කිරීමට නම් අදාළ ආයතන අදාළ රටේ ආයෝජනය කළ යුතුය. ඒ සඳහා අදාළ රටත් සමග ගිවිසුමකට එළැඹිය යුතු වේ. මෙහි දී තමන්ගේ ප්‍රමිතීන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය විධායක නිලධාරීන් නිශ්චිත සංඛ්‍යාවක්, පුහුණු ශ්‍රමිකයන් නිශ්චිත සංඛ්‍යාවක් වෙනුවෙන් අවස්ථාව ඉල්ලා සිටිය හැකිය. දැනට ද මෙකී ආයෝජනයන් වුවත් ඒ නිසි ෙනෙතික රාමුවක් තුළ නොවේ. ගිවිසුම බලගැන්වෙන්නේ නම් එයට අදාළව ඒ ඒ අංශයන් සඳහා නිශ්චිත සංඛ්‍යාවකට නීත්‍යනුකූල රැකියා බලපත් හිමි වේ. සේවා අපනයනය කරන්නට නම් අදාළ රටේ ෙනෙතික රාමුවක් සැකසී තිබිය යුතුය. ගිවිසුමක් හරහා වන්නේ ද්විපාර්ශ්විය ආරක්ෂණය තහවුරු වීමකි. අපනයන වැඩි කර ආනයන අවම කිරීම නොවේ. සේවා ක්ෂේත්‍රයන් සඳහා නිසි ෙනෙතික රාමුවක් තහවුරු කිරීමකි.
සේවා ගිවිසුමක් ඉදිරිපත් කිරීම සංකීර්ණ වන අතර, එක් කර්මාන්තයකට බලපාන තත්ත්වයන් තවත් කර්මාන්තයකට බලපවත්වන්නේ නැත. මෙරට ජපන් ආයෝජනයක් වන ඩොක්යාඩ් ආයතනය හරහා කෙරෙන්නේ ද මෙවන් ගිවිසුමකට අනුව කටයුතු කිරීමකි. එයින් මෙරටට අර්ථයක් මිස මතෛක් අනර්ථයක් වූ බවක් වාර්තා වී නැත. සාමාන්‍ය තත්ත්වයන් යටතේ සේවා ගිවිසුමක් තුළ ආයතනයක් ඉල්ලා සිටින්නේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් සහ වෘත්තීයවේදීන් පමණි. එයද ආයනික සේවා අවශ්‍යතාවෙන් සියයට 5-8ක් වැනි ප්‍රමාණයකි. ස්වාධීන වෘත්තිකයන්ට එවන් රැකියා බලපතක් හිමිකරගැනීම දීර්ඝකාලීන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වන අතර, ඔවුන් සේවා ගිවිසුමකට ඇතුළත් කිරීම ද ඉතා දුර්ලභය. ආගමන විගමන නීති රීති අනිවාර්ය වන අතර, රැකියා බලපත් දෙනුයේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් බැවින් හිතුමනාපයට පැමිණීමට කිසිවකුට ඉඩ නොලැබේ.
ප්‍රමිතීන් ආරක්ෂා කිරීම සේවා ගිවිසුමක අනිවාර්ය ලක්ෂණයකි. යම් වෘත්තියක ප්‍රමිතීන් ආරක්ෂා කිරීම සඳහා දෙපාර්ශ්වයේ එකඟත්වයන්, දෙපාර්ශ්වයේම සුදුසුකම් අනුව පිළිගන්නා හෝ නොපිළිගන්නා ගිවිසුම් අත්සන් කිරීම එයට විසඳුමයි. මේ මේ ප්‍රමිතීන් සහිත වෘත්තිකයන්ට මේ මේ ප්‍රතිශතයන්ට යටත්ව සේවය කළ හැකිය යන එකඟතාවට පැමිණේ. මෙරට මධ්‍යම පාන්තිකයන් බරපතළ ශල්‍යකර්ම සඳහා සොයා යන්නේ ඉන්දීය වෛද්‍යවරුන් නම්, මෙවන් ගිවිසුමක් හරහා ඔවුන්ට මෙරටට පැමිණ සේවය කළ හැකිය. ආරක්ෂණවාදය අනුගමනය කිරීම තුළ අවශ්‍ය නම් ප්‍රමිතිය තව තවත් ඉහළ නංවා ගත හැකිය. එහෙත් ගුණාත්මක දියුණුවක් සඳහා තරගකාරීත්වය අනිවාර්ය සාධකයකි. ශ්‍රී ලංකාවේ බොහෝ ආයතන දැනට ද කළමනාකරණ උපදේශන සේවාවන්, මානව සම්පත් උපදේශනයන්, පරිගණක ක්ෂේත්‍ර උපදේශන සේවාවන් බොහෝ දුරට සපයා ගන්නේ ඉන්දීය උපදේශකයන්ගෙනි. ඒ සංචාරක බලපත් අනුව නීති විරෝධීවය. එහෙත් සේවා ගිවිසුමක් අත්සන් කරන්නේ නම් එම සියලු කාර්යයන් ප්‍රමිතිගතව නීත්‍යනුකූලව කළ හැකිය. මෙරට විශේෂඥයන්ට ද එකී අවස්ථාවන්ම හිමි වේ. එබැවින් සීපා යනු බිල්ලෙක් නොවන බව තාර්කික බුද්ධියෙන් අවබෝධ කර ගත යුතුය.


http://www.lakbima.lk/index.php?opt...-56-44&catid=61:2012-08-07-09-39-46&Itemid=77
 

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    "ශ්‍රී ලංකාවේ බොහෝ ආයතන දැනට ද කළමනාකරණ උපදේශන සේවාවන්, මානව සම්පත් උපදේශනයන්, පරිගණක ක්ෂේත්‍ර උපදේශන සේවාවන් බොහෝ දුරට සපයා ගන්නේ ඉන්දීය උපදේශකයන්ගෙනි. ඒ සංචාරක බලපත් අනුව නීති විරෝධීවය. එහෙත් සේවා ගිවිසුමක් අත්සන් කරන්නේ නම් එම සියලු කාර්යයන් ප්‍රමිතිගතව නීත්‍යනුකූලව කළ හැකිය. මෙරට විශේෂඥයන්ට ද එකී අවස්ථාවන්ම හිමි වේ. එබැවින් සීපා යනු බිල්ලෙක් නොවන බව තාර්කික බුද්ධියෙන් අවබෝධ කර ගත යුතුය".


    Sri Lankans will not get opportunities in India. Anyone who has worked with Indians know that better..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉන්දියාව සමග මෙතෙක් අත්සන් කර ඇති කිසිදු ගිවිසුමකින් ලංකාවට පාඩු මිසක ලාභයක් සිදු වී නොමැත. ඉන්දියාව අපට ලාභ ලැබෙන ගිවිසුම් අත්සන් කරන්නේ ද නැත. සීපා යනු ලංකාව වල පල්ලට ඇද දමන තුරැම්පුවක් මිස වෙළද ගිවිසුමක් නොවේ...
     

    Similar threads