ඕන්න ඉතින් ලෝකය මවපු මහා බ්රහ්මයාට කස්ටියම මවලා ඉවර උනාට පස්සේ හිතෙනවලු යකෝ මම සත්තු ගහකොළ මැව්වට මොකද ඒවාගේ පැවැත්ම වෙනුවෙනුත් යමක් කරන්න ඕනා කියලා. එහෙම නැත්නම් මවපු එකා ඉපදිලා, ජීවත් වෙලා, නාකි වෙලා මැරිලා ගියාට පස්සේ ඌව ආයෙත් මවන්න වෙනවනේ. ඒක හරිම වාත වැඩක් කියලා හිතලා ඒකට දුන්න විසඳුම තමයි "අභිජනනය".
සතාව මවලා එළියට දැම්මට පස්සේ "අභිජනනය" version එක update කරන්න ආයෙමත් හැම සතාටම ඇවිල්ලා මහා බ්රහ්මයා මීට් වෙන්න කියලා මහා බ්රහ්මයා නෝටිස් එකක් දුන්නා. එන එන සතාට වරයක් විදිහට දැන් අහවල් වැඩේ කරන්න කාල සීමා පනවනවා. ඒ කියන්නේ අහවල් වැඩේට interest වෙන්නේ අදාල කාලසීමාවේදි පමණයි. කොටින්ම කිව්වොත් සීසන් පනවනවා. කාල සීමා පැනෙව්වේ නැත්නම් එහෙම පැටව් ගහන එකේ කොන්ට්රෝල් එකකුත් නැහැනේ?
සීසන් එක ලැබුන ගමන් හම්බවෙච්ච උන් ටික අහවල් වැඩේ කරලා ටෙස්ට් කරලා බලද්දි ඒක හරි ජොලි වැඩක්ලු. ඉතින් සීසන් ඉල්ලා ගත්ත උන් අනිත් අයට පණිවිඩේ දෙනවා යමල්ලා යමල්ලා උඹලත් ගිහිල්ලා මහ බඹාගෙන් වරය ඉල්ලා ගනිල්ලා කියලා. මේක ජොලි වැඩක් නෙමෙයිනම් ලෝකේ හතර දික්බාගේ විසිරිලා ඉන්න සත්තු ටිකට ඔය වරේ ඉල්ලා ගන්න මහ බඹා ළඟට බඩ ගාන්න ඕනකමක් නැහැනේ?
අප්පටසිරි! වරය ඉල්ලා ගන්න තියන උනන්දුව කොච්චරද කියනවානම් දැන් මහබඹාගේ දොර ලඟ කස්ටිය පෝළිම් ගැහිලා. එක එකා ඇතුලට යනවා. මහ බඹාගෙන් වරය ඉල්ලා ගන්නවා. බොහෝම සිනාවෙන් මූණ පුරෝගෙන එළියට එනවා.
කොහොම කොහොම හරි ඈත තණ පිට්ටනියක තණ උලා කකා හිටපු අස්සයාටත් ආරංචි වෙනවා මේ කතන්දරේ. ඒ පාර අස්සයත් එක පිම්මේ දුවගෙන එනවා මහ බඹා ගාවට. එන ගමන් තිබ්බ කුතුහලයටත් එක්ක මගදි හම්බවුන මීයගෙන් අහනවා අස්සයා.. ඒයි මීයා මචන්! උඹට මහබඹා චාන්ස් කීයක් දුන්නාද? කියලා. එතකොට මීයා ෆුල් සතුටෙන් කියනවා.. හී හී! මට අවුරුද්දට දෙපාරක්ම දුන්නා කියලා. (දෙපාරක් කියන්නේ "අභිජනන අවධි" හොඳේ)
තව පොඩ්ඩක් එද්දි හම්බ වෙනවා පූසෙක්. උගෙනුත් අහනවා අස්සයා. අවුරුද්දට දෙපාරක්ම දුන්නා කියලා ඌත් කියනවා. ඊළඟට හම්බ වෙනවා බල්ලෙක්. බලද්දි ඌටත් අවුරුද්දට දෙපාරයි. දැන් අස්ස්යාට පොඩ්ඩක් අවුල්. මොකද පොඩිම පොඩි ඇඟක් තියන මීයටත් අවුරුද්දට දෙපාරයි.ලොකු ලොකු උන්ටත් දෙපාරයි.
හ්ම්! කමක් නෑ කියලා මෙන්න දැන් අස්සයත් මහබඹාගේ නිවස්නය ළඟට එනකොට තඩි ගොනෙකුත් ඇවිල්ලා වරය ඉල්ලන්න. ගොනා දොරකඩින් ඇතුළට හොම්බ දානකොටම "හා! හා! අවුරුද්දට දෙපාරයි" කියලා මහබඹා කියනවා අස්සපයාට ඇහුනා. දැන් නම් බඩු සුවර් අස්සයාටත් දෙපාරම තමා. අනික මහබඹා එක සැරයක් කිව්වා කියන්නේ ආයේ වෙනස් කිරිලි බොරු. කිව්වොත් කිව්වා!
මේ වගේ අසාධාරණ වැඩ කරනවාට දෙන්නම්කෝ මහබඹාට වැඩේ කියලා හිතපු අස්සයා ගිහිල්ලා මහබඹාට පස්ස හරවලාම හිටගන්නවා. හිටගෙන හැරිලා බලපු ගමන් මහබඹාත් ගානකට නැතිව "දෙපාරයි! දෙපාරයි!" කිව්වා විතරයි පස්සෙ කකුල් දෙක උස්සලා දෙනවා පාරක් මහබඹාට, මහබඹා ආසනෙත් එක්කම විසික්කා වෙලා ගිහින් වැටුනා බිම. ඒ විතරක් නම් මදෑ! ලාඩම් මාර්ක් එකත් නළලේ.
නහයෙන් කටින් දුම් පිඹගෙන මළපැනපු අස්සයා එළියට යනකොටම මෙන්න බොලේ "මිනිහා" කියන සතා එනවා ඊළඟට මහබඹාගෙන් වරේ ඉල්ලා ගන්න. ගුටි කාපු එකට මළපැනලා නළලත් අත ගගා මහබඹා නැගිටිනකොටම මිනිහා ඉතින් බොහෝම බැගෑපත්ව
"මහබඹා මට???"
කියලා අහපි.
"තොට ඕනා වෙලාවක *කා..ගන්!"
නළල අත ගගා කිව්වලු මහබඹා. හිහ් හිහ්! ඕ..න්න ඔහොමලු "මිනිහා"ට "වරය" ලැබුණා කියන්නේ.
Disclaimer :
මෙය මා අසා ඇති කතාවක්ය. ඒ නිසා කලින් අසා ඇති අය සිටීමට පුළුවන. අසා නැති අය රස විඳිත්වා.
"මහබඹා" යනු යම් ආගමක චරිතයක් නොව හුදෙක් කතාව සඳහා යොදාගත් මනඃකල්පිත චරිතයක් බව සැලකුව මැනවි.
හොද නම් සලකල ගියාට කමක් නෑ
The Last Row එකෙන් උපුටා ගන්නා ලදී
Repost නම් Sorry හොදේ...