Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
. සීසාන ප්‍රේතයාගේ කථාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සීහළවත්ථු

12. සීසාන ප්‍රේතයාගේ කථාව

(මෙසේ අසන්ට ලැබේ) තාම්රපර්ණි දිවයිනෙහි බොහෝ භික්ෂූහු මහබෝ වැඳීම සඳහා නික්මුනාහු මහාකොණ්ඩ නම් තැනදී නැව් නැගී කාවේරිපටුනෙහි ගොඩ බැස පිළිවෙලින් ගම් නියම්ගම් රාජධානින් පසුකොට ගොස් මහවනයට ඇතුල් වූහ. මංමුළා වූ ඔවුහු සත් දිනක් ඇවිදිමින් ඇත්රැළක් ගිය මගක් දැක එහි යන්නාහු මගත් නගුලක් ගෙන ගොණුන් යොදා සීසාන ප්‍රේතයකු දැක මිනිසෙකැයි සිතා ඔහු වෙත ගොස් මහ තෙරනම මෙසේ කීය: “අපි සත්දිනක් මුළුල්ලේ මංමුළාවී ඇවිදිමු. ගොවිය, ඉදින් තෝ දන්නෙහි නම් අපට මාර්ගය කියව.” (2) “ඔබ සත්දිනක් මංමුළා වූවහුය. මම වනාහි අවුරුදු බොහෝ ගණනක් මංමුළා වී සිටිමි”යි ප්‍රේතයා කීය. (3) මෙතරම් දීර්ඝ කාලයක් තෝ කුමක් හෙයින් මංමුලාවූයෙහිද? තෝ කවරෙක්ද? පෙර කිනම් කර්මයක් කෙළෙහිදැ”යි තෙරනම විචාළේය. (4) කාශ්‍යප බුද්ධ කාලයේ දී මිනිසෙක්ව ඉපද සිටි මම මුවින් පව්කම් කොට මේ කෘෂිප්රේතභාවයට පැමිණියෙමි. (5) මට ආහාරපානයක් නැත. හිඳීමක් නිදීමක් නැත. රෑ දාවල් දෙක සී සාමින්ම කල් ගත කරමි. (6) මෙසේ සී සාන මාගේ සිරුරද යුගය හා නගුල ද නගුල්තලය හා කෙවිට ද ගොන්නුද ගින්නෙන් දැල්වෙති. (7) මෙසේ ප්‍රේත ලෝකයට පැමිණ දැවෙන ශරීර ඇතිව වසන කල්හි මේ පොළොව සත්ගව්වක් වැඩුණි. (8) මෙසේ බොහෝ අවුරුදු ගණනක් කායික මානසික දුක් විඳිමින් දැවෙමි. කර්මයාගේ දැඩි බව බලනු මැනවැ”යි ප්‍රේතයා කීය.

(9) තාවිසින් කෙබඳු පාප කර්මයක් වචනයෙන් කරන ලද්දේද? සංවේගජනක වූ එය මම අසනු කැමැත්තෙමි යි තෙරනම කීය. ප්‍රේතයා මෙසේ කීය: (10) එසේ නම් සියලු දෙන රැස්ව මා කියන දෙය අසනු මැනවි. මා කළ ඒ පාප කර්මය විස්තර කරන්නෙමි. (11) අතීත කාලයෙහි කසීරට කිකී නමැති රජෙක් රාජ්‍යය කරවීය. (12) ඒ රජුගේ රාජධානිය බරණැස් නුවර විය. ඒ නුවර ආශ්‍රය කොට කාශ්‍යප බුදුරද කලක් විසී. (13) ඒ භාග්‍යවතුන් වහන්සේ වස් වැස අවසන්හි සත්ත්වයන්ට අනුකම්පා පිණිස මා වසන ගමට වැඩි සේක. (14) එගම වැසි සියලු දෙන අහර රැස් කොට ශ්‍රාවකයන් සහිත කාශ්‍යප බුදුරදුන්ට ආරාධනා කළහ. (15) එකල්හි මම නගුල කර ගසාගෙන ගොනුන් සමග සී සෑමට ගියෙමි. (16) මා දුටු මගේ එක්තරා නෑයෙක් මට අනුකම්පා කරමින් හිත වැඩ කැමතිව මේ වචන කීවේය: (17) “ලෝකනායක වූ කාශ්‍යප බුදුරදුන් මෙහි පැමිණියේය. මිනිස්සු ශක්ති තරමින් උන්වහන්සේ පුදත්. ඔබ කුමක්හෙයින් උන්වහන්සේට පූජා නොකරන්නෙහිද?” (18) ඔහුගේ කීම අසා නොසතුටට පත් මම නුනුවණින් නොකිය යුතු දෙයක් කීවෙමි. (19) ඉදින් ඒ බුදුරද අද මාගේ කුඹුර සී සාන්නේ නම්, මම උන්වහන්සේට පුදන්නෙමි. මා කුඹුරට නොගියොත් එහි වැඩ නොකෙරෙන්නේය. (20) මෙසේ කී මම එතැනින් ච්‍යුතව මේ ප්රේතාලෝකයට අවුත් මේ දුක් විඳිමි. (21) මුඛයෙහි හටගත් කඩුවකින් දුක් ඇතිවන්නා සේ මම මාගේ වචනය නිසා මෙවැනි මහත් වූ කටුක දුකකට පැමිණියෙමි. ඒ දුක් වැඩී ගියහ. (22) නුවණැත්තෙනි, වාග්ද්වාරය සංවර නොකළ මා දැක සංවේගයට පැමිණෙනු මැනවි. එසේ සංවේගයට පැමිණ සසර දුකින් මිදෙනු මැනවි.

මෙසේ කියා ඔබ වහන්සේ කවරහුද? කාගේ ශ්‍රාවකයෝ වෙත්දැයි විචාළේය. (23) බලදශයකින් හා විශාරදබැව් සතරකින් යුක්ත වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ යම් බුදුවරයෙක් වී නම් අපි උන්වහන්සේගේ ශිෂ්‍යයෝ වෙමුයි භික්ෂූහු කීහ. (24) ඉදින් ගෞතම බුදුරජ ලොව පහළ වී නම් සත් දිනක් ඉක්මි කල්හි මම අවීචියට යන්නෙමි. (25) කාශ්‍යප-ගෞතම බුදුවරුන් දෙනම අතර කාලයෙහි මේ පොළොව සත්ගව්වක් වැඩුනීය. (26) ප්‍රේතලෝකයට පැමිණ මේ දරුණු දුක් විඳින මට ගණන් කළ නොහැකි තරම් වර්ෂ සංඛ්‍යාවක් ඉක්ම ගියේය. (27) මෙතැනින් අවීචියට ගොස් ඒ පාපයේ ඉතිරි විපාක වින්ද යුතුය. ප්‍රමාදයෙන් හා ලෝභයෙන් හටගත් ඒ කර්මය මෙසේ මහත් බවට පත්විය. (28) ගුණයෙන් අධිකයන් කෙරෙහි කළ අපරාධය මෙසේ දොස් එළවන්නේ වේ. ඔවුන් කෙරෙහි සිත් පහදවන්නන්ට යහපත් විපාක ලැබේ. (29) එක් දුෂ්ට කීමක් නිසා මෙවැනි දරුණු දුකකට පත් වීමි. ධර්මය ප්‍රීතිය කොටගෙන ඇති භික්ෂුවගේ සියලු දුක් නැසීම සිදුවේ.

[QUOTE="asliyanage, post: 29733189, member: 8764"] සීහළවත්ථු 12. සීසාන ප්‍රේතයාගේ කථාව (මෙසේ අසන්ට ලැබේ) තාම්රපර්ණි දිවයිනෙහි බොහෝ භික්ෂූහු මහබෝ වැඳීම සඳහා නික්මුනාහු මහාකොණ්ඩ නම් තැනදී නැව් නැගී කාවේරිපටුනෙහි ගොඩ බැස පිළිවෙලින් ගම් නියම්ගම් රාජධානින් පසුකොට ගොස් මහවනයට ඇතුල් වූහ. මංමුළා වූ ඔවුහු සත් දිනක් ඇවිදිමින් ඇත්රැළක් ගිය මගක් දැක එහි යන්නාහු මගත් නගුලක් ගෙන ගොණුන් යොදා සීසාන ප්‍රේතයකු දැක මිනිසෙකැයි සිතා ඔහු වෙත ගොස් මහ තෙරනම මෙසේ කීය: “අපි සත්දිනක් මුළුල්ලේ මංමුළාවී ඇවිදිමු. ගොවිය, ඉදින් තෝ දන්නෙහි නම් අපට මාර්ගය කියව.” (2) “ඔබ සත්දිනක් මංමුළා වූවහුය. මම වනාහි අවුරුදු බොහෝ ගණනක් මංමුළා වී සිටිමි”යි ප්‍රේතයා කීය. (3) මෙතරම් දීර්ඝ කාලයක් තෝ කුමක් හෙයින් මංමුලාවූයෙහිද? තෝ කවරෙක්ද? පෙර කිනම් කර්මයක් කෙළෙහිදැ”යි තෙරනම විචාළේය. (4) කාශ්‍යප බුද්ධ කාලයේ දී මිනිසෙක්ව ඉපද සිටි මම මුවින් පව්කම් කොට මේ කෘෂිප්රේතභාවයට පැමිණියෙමි. (5) මට ආහාරපානයක් නැත. හිඳීමක් නිදීමක් නැත. රෑ දාවල් දෙක සී සාමින්ම කල් ගත කරමි. (6) මෙසේ සී සාන මාගේ සිරුරද යුගය හා නගුල ද නගුල්තලය හා කෙවිට ද ගොන්නුද ගින්නෙන් දැල්වෙති. (7) මෙසේ ප්‍රේත ලෝකයට පැමිණ දැවෙන ශරීර ඇතිව වසන කල්හි මේ පොළොව සත්ගව්වක් වැඩුණි. (8) මෙසේ බොහෝ අවුරුදු ගණනක් කායික මානසික දුක් විඳිමින් දැවෙමි. කර්මයාගේ දැඩි බව බලනු මැනවැ”යි ප්‍රේතයා කීය. (9) තාවිසින් කෙබඳු පාප කර්මයක් වචනයෙන් කරන ලද්දේද? සංවේගජනක වූ එය මම අසනු කැමැත්තෙමි යි තෙරනම කීය. ප්‍රේතයා මෙසේ කීය: (10) එසේ නම් සියලු දෙන රැස්ව මා කියන දෙය අසනු මැනවි. මා කළ ඒ පාප කර්මය විස්තර කරන්නෙමි. (11) අතීත කාලයෙහි කසීරට කිකී නමැති රජෙක් රාජ්‍යය කරවීය. (12) ඒ රජුගේ රාජධානිය බරණැස් නුවර විය. ඒ නුවර ආශ්‍රය කොට කාශ්‍යප බුදුරද කලක් විසී. (13) ඒ භාග්‍යවතුන් වහන්සේ වස් වැස අවසන්හි සත්ත්වයන්ට අනුකම්පා පිණිස මා වසන ගමට වැඩි සේක. (14) එගම වැසි සියලු දෙන අහර රැස් කොට ශ්‍රාවකයන් සහිත කාශ්‍යප බුදුරදුන්ට ආරාධනා කළහ. (15) එකල්හි මම නගුල කර ගසාගෙන ගොනුන් සමග සී සෑමට ගියෙමි. (16) මා දුටු මගේ එක්තරා නෑයෙක් මට අනුකම්පා කරමින් හිත වැඩ කැමතිව මේ වචන කීවේය: (17) “ලෝකනායක වූ කාශ්‍යප බුදුරදුන් මෙහි පැමිණියේය. මිනිස්සු ශක්ති තරමින් උන්වහන්සේ පුදත්. ඔබ කුමක්හෙයින් උන්වහන්සේට පූජා නොකරන්නෙහිද?” (18) ඔහුගේ කීම අසා නොසතුටට පත් මම නුනුවණින් නොකිය යුතු දෙයක් කීවෙමි. (19) ඉදින් ඒ බුදුරද අද මාගේ කුඹුර සී සාන්නේ නම්, මම උන්වහන්සේට පුදන්නෙමි. මා කුඹුරට නොගියොත් එහි වැඩ නොකෙරෙන්නේය. (20) මෙසේ කී මම එතැනින් ච්‍යුතව මේ ප්රේතාලෝකයට අවුත් මේ දුක් විඳිමි. (21) මුඛයෙහි හටගත් කඩුවකින් දුක් ඇතිවන්නා සේ මම මාගේ වචනය නිසා මෙවැනි මහත් වූ කටුක දුකකට පැමිණියෙමි. ඒ දුක් වැඩී ගියහ. (22) නුවණැත්තෙනි, වාග්ද්වාරය සංවර නොකළ මා දැක සංවේගයට පැමිණෙනු මැනවි. එසේ සංවේගයට පැමිණ සසර දුකින් මිදෙනු මැනවි. මෙසේ කියා ඔබ වහන්සේ කවරහුද? කාගේ ශ්‍රාවකයෝ වෙත්දැයි විචාළේය. (23) බලදශයකින් හා විශාරදබැව් සතරකින් යුක්ත වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ යම් බුදුවරයෙක් වී නම් අපි උන්වහන්සේගේ ශිෂ්‍යයෝ වෙමුයි භික්ෂූහු කීහ. (24) ඉදින් ගෞතම බුදුරජ ලොව පහළ වී නම් සත් දිනක් ඉක්මි කල්හි මම අවීචියට යන්නෙමි. (25) කාශ්‍යප-ගෞතම බුදුවරුන් දෙනම අතර කාලයෙහි මේ පොළොව සත්ගව්වක් වැඩුනීය. (26) ප්‍රේතලෝකයට පැමිණ මේ දරුණු දුක් විඳින මට ගණන් කළ නොහැකි තරම් වර්ෂ සංඛ්‍යාවක් ඉක්ම ගියේය. (27) මෙතැනින් අවීචියට ගොස් ඒ පාපයේ ඉතිරි විපාක වින්ද යුතුය. ප්‍රමාදයෙන් හා ලෝභයෙන් හටගත් ඒ කර්මය මෙසේ මහත් බවට පත්විය. (28) ගුණයෙන් අධිකයන් කෙරෙහි කළ අපරාධය මෙසේ දොස් එළවන්නේ වේ. ඔවුන් කෙරෙහි සිත් පහදවන්නන්ට යහපත් විපාක ලැබේ. (29) එක් දුෂ්ට කීමක් නිසා මෙවැනි දරුණු දුකකට පත් වීමි. ධර්මය ප්‍රීතිය කොටගෙන ඇති භික්ෂුවගේ සියලු දුක් නැසීම සිදුවේ. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom