Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සුඛවිහාරී තාපසයාගේ කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුඛවිහාරී තාපසයාගේ කතාව

සුඛවිහාරී තාපසයාගේ කතාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, අපේ බුදුරජාණන් වහන්සේට පැහැදුනු ශාක්‍ය කුමාරවරු බොහෝ දෙනෙක් මේ උතුම් බුදු සසුනේ පැවිදි වුනා. ඒ කාලේ ඉතාම ප්‍රසිද්ධ ශාක්‍ය කුමාරවරුත් ශාක්‍යරජවරුත් පැවිදි වුනා. රාජවංශික කුමාරවරු සය දෙනෙක් ඔවුන් අතර ගොඩාක් ප්‍රසිද්ධයි. භද්දිය රජතුමා, කිම්බිල කුමාරයා, භගු කුමාරයා, ආනන්ද කුමාරයා, අනුරුද්ධ කුමාරයා, දේවදත්ත යන මේ හය දෙනායි. මොවුන් සමග කරණවෑමියෙකුත් පැවිදි වෙන්න ගියා. ඔහු උපාලි.

මේ පැවිදි පිරිස අතරින් භද්දිය තෙරණුවෝත්, කිම්බිල තෙරණුවෝත් භගු තෙරණුවෝත් උපාලි තෙරණුවෝත් රහත් ඵලයට පත්වුනා. අනුරුද්ධ තෙරණුවෝ දිවැස්ලාභීන් අතරින් අග්‍ර වුනා. ආනන්දයන් වහන්සේ සෝවාන් ඵලයට පත්වුනා. අපගේ භාග්‍යවතුන් වහන්සේ ගේ අග්‍ර උපස්ථායක බවට පත්වුනා. දේවදත්ත ධ්‍යාන සතර උපදවා ගත්තා. ඉර්ධි ප්රාතිහාර්යය පාන්නටත් දක්ෂ වුනා.

ඒ කාලේ අපේ භාග්‍යවතුන් වහන්සේ අනුපිය නගරයේ අනුපියා කියන අඹවනයේ වැඩ වාසය කළේ. ඒ කාලේ භද්දිය මහ රහතන් වහන්සේ රුක් සෙවනකට ගියත්, කුටියකට ගියත් උන්වහන්සේට නිකම්ම මෙහෙම කියවෙනවා.

‘හප්පා,….. පුදුමාකාර සැපයක් නොවැ!…. හරීම ආශ්චර්ය සැපයක් නොවැ!’ කියල.

එතකොට භික්ෂූන් වහන්සේලා මෙහෙම හිතුවා. ‘හනේ… හනේ… අපගේ මේ භද්දිය තෙරුන්ට පරණ රජසැප මතක් වෙලා වගෙයි….. මේ පැවිදි ජීවිතේ හරීම සරලයි නොවැ. පොරොවන්ට තිබෙන්නේ පාංශුකූල වස්තරෙන් මසාගත්තු සිවුරු. මැටි පාත්තරේ අතට අරගෙන ගෙවල් ගානේ ගොහින් බඩගින්න නිවාගැනීමට මොකවත් සොයාගන්න ඕනා. ගස් සෙවනක හරි පිදුරු සෙවිලි කළ කුටියක හරි ඉන්ට තියෙන්නේ….. හනේ අපොයි…. දැන් ඉතින් රජසැප සිහිකොරලා ඇති ඵලේ කුමක්ද?”

ඉතින් භික්ෂූන් වහන්සේලා භද්දිය තෙරුන්ට ළං වෙලා මෙහෙම ඇහැව්වා.

“හැබෑට ඇවැත් භද්දිය…. මොකදෑ ඔය හැටි අමුතු සන්තෝසෙකින්. පුදුමාකාර සැපයක් නොවැ… ආශ්චරිය සැපයක් නොවැ කිය කියා හැමතිස්සේ ම මුණු මුණු ගාන්නේ…. ඇයි රජකමවත් මතක් වුනාද? ඒ කාලේ අනුභව කොරාපු රාජභෝජන… සැතපුන රාජ යහන්…. ගමන් කොරාපු අස්ප කරත්ත…. ඇඳපු රාජාභරණ මතක් වුනාද?”

“අනේ ඇවැත්නි…. එහෙම දෙයක් නොවෙයි. නමුත් මගේ මේ සන්තෝසෙට වෙනත් බරපතල කාරණාවක් තියෙනවා. මං රජකම් කරන කාලේ කෑවෙ බිව්වේ මහා භයකින්. වසක් විසක් දාපු දෙයක් කැවේවිද කියල හරී භයක් තිබ්බා. හැම තැනම ආවෙ ගියේ භයින්. රාජ මාලිගාවේ හැම තැනම ආරක්ෂක භටයෝ හිටියා. මං ඒ කාලේ නිදාගත්තේ සිරියහන් ගබඩාවේ. ඒ උඩුමහලේ. ඒ හැමතැනමත් ආරක්ෂක භටයෝ හිටියා. නමුත් මගේ සිතේ භය නැති වුනේ නෑ…. හප්පා…. දැන් එහෙමද….. මං මේ මැටි පාත්තරේ අරන් හරීම නිදහසේ ආහාර මොකවත් සොයාගෙන ගෙයක් ගෙයක් ගානේ යනවා. ලැබුනු දෙයක් සතුටින් වළඳනවා…. දැන් මං පොරවන්නේ මේ දිරාගිය වස්ත්‍ර…. මේවා කව්ද සොරකම් කරන්නේ…. දැන් මං හුදෙකලාවේ රුක් සෙවනකට යනවා. මං දෑස් පියාගෙන භාවනාවට වාඩිවුනාම මගෙ හිතට හරීම සැහැල්ලුවක් දැනෙනවා. භය මාත්‍රයක් දැනෙන්නෙ නෑ…. ඒක හරී පුදුමාකාර නිදහසක්….. හප්පා…. ඒක හරි පුදුමාකාර ආශ්චරිය සැපයක් නොවැ….”

එතකොට භික්ෂූන් වහන්සේලා නිශ්ශබ්දව එතැනින් පිටත් වුනා. මෙහෙම කතා වුනා. ‘ඇවැත්නි… ඔය කියන හැටියේ භයක් නැති කොමක් සාමාන්‍ය කෙනෙකුට ඇතිවෙන්නේ කොහොමද? ම්….. භද්දිය තෙරුන් ඔය අඟවන්නේ තමන් රහත් කෙනෙක් කියලද. වහෙන් ඔරෝ භාසාවෙන් අපිට කියන්නේ උන්නාන්සේ රහත් වී ඉන්න බවක් ද? හොඳා… අපි කෝකටත් ඔය කාරණාව භාග්‍යවතුන් වහන්සේට සැල කරමු”

ඉතින් ඒ භික්ෂූන් වහන්සේලා භද්දිය තෙරුන් පිළිබඳ වූ මේ ප්‍රවෘත්තිය භාග්‍යවතුන් වහන්සේට සැලකලා.

“මහණෙනි… අහෝ සැපයයි කියමින් තමන්ගේ සිතේ ඇති නිදහසත් සතුටත් ගැන භද්දිය උදන් ඇනුවේ මේ ආත්මයේ විතරක් නොවෙයි. පෙර ආත්මයේත් ඔය විදිහට ම තමන් වින්ද සැපය ගැන උදන් ඇනුවා”

“අනේ… ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස…. අපගේ භද්දිය තෙරුන් ගේ ඒ පෙර ආත්මයේ කතාව දැනගන්නට අපිත් ආසයි. ඒ ගැන අපට වදාරන සේක්වා!”

“මහණෙනි, ගොඩාක් ඉස්සර අතීත කාලේ බරණැස් පුරේ බ්‍රහ්මදත්ත නමින් රජෙක් වාසය කළා. ඒ කාලේ බෝධිසත්වයෝ මහා වංශවත් බ්‍රාහ්මණ පවුලක උපන්නා. තරුණ වයසට එද්දී ජීවිතය ගැන තේරෙන්න පටන් ගත්තා. බොහෝ දෙනෙක් කාමයන් නිසා විඳින දුක ගැන කළකිරුනා. ගිහි ගෙදර අත්හැරියා. හිමාල වනය බලා පිටත් වුනා. ඍෂි පැවිද්දෙන් පැවිදි වුනා. අෂ්ට සමාපත්ති උපදවා ගත්තා. මේ බෝසත් ඍෂිවරයා ගේ තවුස්දම් ගැන ඒ පළාතේ ගොඩාක් ප්‍රසිද්ධ වුනා. බොහෝ දෙනෙක් ඇවිත් ඔහු ළඟ පැවිදි වුනා. කලක් ගත වෙනකොට තමන් ගේ තාපස පිරිවර පන්සියයක් බවට පත්වුනා.

එක්තරා වස් කාලෙකින් පසු මේ තාපසින්නාන්සේ තම තාපස පිරිසත් පිරිවරාගෙන හිමාල වනයෙන් එළියට ආවා. ගම්නියම්ගම් වල චාරිකාවේ වැඩියා. බරණැස් නුවරටත් පැමිණියා. ඒ කාලේ බරණැස් රජ්ජුරුවන්ට විශාල රාජ උද්‍යානයක් තිබුනා. එහි නොයෙක් තාපසවරු වාසය කළා. මේ තාපසින්නාන්සෙත් තමන්ගේ තාපස පිරිවර සමග ඒ රාජ උයනේ ම වාසය කළා. නිවී සැනසිලේ වාසය කළා. ඊළඟ වස්කාලෙන් පස්සේ ආයෙමත් හිමාලෙට වඩින්ට සූදානම් වුනා. තමන් හිමාලය බලා පිටත් වෙන බව රජතුමාට දැනුම් දුන්නා. එතකොට රජතුමා මෙහෙම කිව්වා. “ස්වාමීනී… ඔබවහන්සේ බොහෝම වයසයි නොවැ. ඔච්චර දුරක් කොහොමෙයි වඩින්නෙ? ඇරත් හිමාලයට ගොහින් මක්කරන්ට ද? දැන් ඔය මහළු කාලෙ තමුන්නාන්සේ අපේ උයනේ ම වැඩසිටින්ට. මේ අනිත් ශිෂ්‍ය තාපසින්නාන්සේලා හිමාලෙට පිටත් කළාට කමක් නෑ”

එතකොට බෝසත් තාපසින්නාන්සේ ප්‍රධාන ශිෂ්‍යයාව ඇමතුවා. ‘දරුව… මේ පන්සියයක් තාපස පිරිස රැගෙන ඔබ එහෙනම් හිමාලයට යන්න. ගොහින් මේ පිරිස සමගින් සතුටින් බණදහම් පුරාගෙන ඉන්න…. මං…. ටික කාලයක් මෙහෙ ඉන්නම්”

ඉතින් ඒ පිරිස ආචාර්ය තාපසතුමාට වන්දනා කරලා හිමාලය බලා පිටත් වුනා. කලක් ගත වුනා. දවසක් අර ප්‍රධාන ශිෂ්‍යයාට තම ආචාර්යවර තාපසතුමාව දකින්නට කැමැත්තක් ඇතිවුනා. එදා ඔහු තාපස පිරිස ඇමතුවා.

“භවත් තාපසවරුනි,…. මං අපගේ ආචාර්යපාදයන් බැහැදැක ඔබේ නමිනුත් වන්දනා කරගෙන එන්නම්. ඔබලාත් මේ තාපස ජීවිතේ ගැන කලකිරෙන්නේ නැතිව ඉවසීමෙන් ගුණදහම් වඩමින් ඉන්න. මං ගිහින් ආචාර්යපාදයන් වන්දනා කරගෙන එන්නම්” කියලා බරණැස බලා පිටත් වුනා.

ඉතින් ඒ ප්‍රධාන ශිෂ්‍ය තාපසයා තම ආචාර්යපාදයන්ව බැහැදැක්කා. වන්දනා කරගත්තා. සතුටු සාමීචි කතාබස් කළා. ආචාර්යපාදයන් සමීපයෙහි ම පසෙකින් පැදුරක් එළාගෙන හාන්සි වෙලා සිටියා. ඒ වෙලාවේ රජතුමාත් තාපසින්නාන්සේ දකින්ට රජඋයනට ආවා. ඇවිත් තාපසතුමාට වන්දනා කරලා පසෙකින් වාඩිවුනා. එතකොට අර ශිෂ්‍ය තාපසතුමා රජතුමාව දැක දැකත් නැගිට්ටේ නෑ. හාන්සි වෙලා ම හිටියා. ‘හප්පා… පුදුමාකාර සැපයක් නොවැ…. පුදුමාකාර සැපයක් නොවැ” උදන් අනන්න පටන් ගත්තා.

රජතුමා මෙහෙම හිතුවා. “ඈ… මොහු අමුතු තාපසයෙක් නොවැ. මං වැනි රජෙක් ඉන්න බව ගාණකටවත් ගත්තෙ නෑ. නැගිට්ටෙවත් නෑ. ඒ මදිවාට අහෝ… පුදුමාකාර සැපයක් නොවැ කියනවා”

“ස්වාමීනී,.. මේ තාපසින්නාන්සේ කවුද? ඇති පදමට අනුභව කරලා වෙන්න ඇති. ඔය හාන්සි වෙලාම අහෝ සැපයි කිය කියා නැගිට ගන්ට බැරිව ඉන්නෙ”

“මහරජාණෙනි,…. මේ මගේ ප්‍රධාන ශිෂ්‍යයා… මොහු බොහෝම අල්පේච්ඡ කෙනෙක්. මොහු ඔබ වගේම රජකම් කරපු රජ කෙනෙක්. ඒ රාජකීය සැප සම්පත් අත්හැරලා මං ළඟ පැවිදි වූ කෙනෙක්….. මොහු ගේ කටින් අහෝ… සැපයි කියන එක නිතර පිටවෙන්නේ බඩ පිරෙන්න කාලා නොවෙයි. වෙනත් බරපතල කාරණාවකට යි.

දැන් ඔබතුමාගේ ආරස්සාවට මොනතරම් භට පිරිස් ඉන්නවද. මොහුත් ඒ කාලේ ආයුධ අතින් ගත් ආරක්ෂක භටපිරිස් පිරිවරාගෙන උඩුමහල් තලයේ සිරියහන් ගබඩාවේ නිදාගත් කෙනෙක්. ඒ කාලේ මෙහෙම නිදහස් සැපයක් භුක්ති වින්දේ නෑ. භයෙන් ඉඳලා තියෙන්නේ. දැන් එහෙම නෑ. දැන් බොහෝම සැපසේ සමාධි සුවයෙන් ඉන්නේ. ඒකයි එතරම් සතුටු” මෙසේ පැවසූ බෝසත් තාපසතුමා මේ ගාථාවන් පැවසුවා.

දැන් තමාව සුරකින්නට වෙන කවුරුත් නැත්තේ

තමා නිසා සුරැකෙන අය තමා හටත් නැත්තේ

කිසිදු කාම සැපයක් ගැන කිසි පැතුමක් නැත්තේ

රජුනි මොහුට ඒ නිසා ම පුදුම සැපකි ඇත්තේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, එතකොට රජ්ජුරුවන්ට ඒ තාපසයා ගැන ගොඩාක් පැහැදීම ඇතිවුනා. තමා වැනිම රජෙක් රජකම අත්හැරලා තවුසෙක් වෙලා අත්විඳින අද්භූත සතුට ගැන පුදුම වුනා. කලින් තිබුනු අමනාපය නැති වුනා. රජතුමා ඒ තවුසාටත් වන්දනා කළා.

ඉතින් ඒ තාපසයා තම ආචාර්යපාදයන් වන්දනා කොට ආයෙමත් හිමාලය බලා පිටත් වුනා. බෝධිසත්වයෝ ඒ උයනේ ම වාසය කොට අපවත් වුනා. බ්‍රහ්ම ලෝකයේ උපන්නා. ඒ කාලේ අහෝ සැපයි කියමින් උදන් ඇනුවේ භද්දිය තෙරුන් වහන්සේ.

හරි පුදුමයි නේද… එක ආත්මයක කළ දෙයක් ආයෙමත් ඒ විදිහට ම කෙරෙනවා. අපටත් මේ සසරේ පුරුදු වෙච්චි මොනතරම් දේවල් ආයෙ ආයෙමත් අපේ අතිනුත් කෙරෙනවා ඇද්ද.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Source; Mahamevnawa.lk

සාධු! සාධු! සාධු!

[QUOTE="Optimus_Prime_42, post: 19929659, member: 556825"] [b]සුඛවිහාරී තාපසයාගේ කතාව[/b] [IMG]http://mahamevnawa.lk/new/wp-content/uploads/Sukhavihari-jathakaya.jpg[/IMG] [SIZE="5"][COLOR="Purple"]සුඛවිහාරී තාපසයාගේ කතාව[/COLOR][/SIZE] [SIZE="4"]පින්වතුනේ, පින්වත් දරුවනේ, අපේ බුදුරජාණන් වහන්සේට පැහැදුනු ශාක්‍ය කුමාරවරු බොහෝ දෙනෙක් මේ උතුම් බුදු සසුනේ පැවිදි වුනා. ඒ කාලේ ඉතාම ප්‍රසිද්ධ ශාක්‍ය කුමාරවරුත් ශාක්‍යරජවරුත් පැවිදි වුනා. රාජවංශික කුමාරවරු සය දෙනෙක් ඔවුන් අතර ගොඩාක් ප්‍රසිද්ධයි. භද්දිය රජතුමා, කිම්බිල කුමාරයා, භගු කුමාරයා, ආනන්ද කුමාරයා, අනුරුද්ධ කුමාරයා, දේවදත්ත යන මේ හය දෙනායි. මොවුන් සමග කරණවෑමියෙකුත් පැවිදි වෙන්න ගියා. ඔහු උපාලි. මේ පැවිදි පිරිස අතරින් භද්දිය තෙරණුවෝත්, කිම්බිල තෙරණුවෝත් භගු තෙරණුවෝත් උපාලි තෙරණුවෝත් රහත් ඵලයට පත්වුනා. අනුරුද්ධ තෙරණුවෝ දිවැස්ලාභීන් අතරින් අග්‍ර වුනා. ආනන්දයන් වහන්සේ සෝවාන් ඵලයට පත්වුනා. අපගේ භාග්‍යවතුන් වහන්සේ ගේ අග්‍ර උපස්ථායක බවට පත්වුනා. දේවදත්ත ධ්‍යාන සතර උපදවා ගත්තා. ඉර්ධි ප්රාතිහාර්යය පාන්නටත් දක්ෂ වුනා. ඒ කාලේ අපේ භාග්‍යවතුන් වහන්සේ අනුපිය නගරයේ අනුපියා කියන අඹවනයේ වැඩ වාසය කළේ. ඒ කාලේ භද්දිය මහ රහතන් වහන්සේ රුක් සෙවනකට ගියත්, කුටියකට ගියත් උන්වහන්සේට නිකම්ම මෙහෙම කියවෙනවා. ‘හප්පා,….. පුදුමාකාර සැපයක් නොවැ!…. හරීම ආශ්චර්ය සැපයක් නොවැ!’ කියල. එතකොට භික්ෂූන් වහන්සේලා මෙහෙම හිතුවා. ‘හනේ… හනේ… අපගේ මේ භද්දිය තෙරුන්ට පරණ රජසැප මතක් වෙලා වගෙයි….. මේ පැවිදි ජීවිතේ හරීම සරලයි නොවැ. පොරොවන්ට තිබෙන්නේ පාංශුකූල වස්තරෙන් මසාගත්තු සිවුරු. මැටි පාත්තරේ අතට අරගෙන ගෙවල් ගානේ ගොහින් බඩගින්න නිවාගැනීමට මොකවත් සොයාගන්න ඕනා. ගස් සෙවනක හරි පිදුරු සෙවිලි කළ කුටියක හරි ඉන්ට තියෙන්නේ….. හනේ අපොයි…. දැන් ඉතින් රජසැප සිහිකොරලා ඇති ඵලේ කුමක්ද?” ඉතින් භික්ෂූන් වහන්සේලා භද්දිය තෙරුන්ට ළං වෙලා මෙහෙම ඇහැව්වා. “හැබෑට ඇවැත් භද්දිය…. මොකදෑ ඔය හැටි අමුතු සන්තෝසෙකින්. පුදුමාකාර සැපයක් නොවැ… ආශ්චරිය සැපයක් නොවැ කිය කියා හැමතිස්සේ ම මුණු මුණු ගාන්නේ…. ඇයි රජකමවත් මතක් වුනාද? ඒ කාලේ අනුභව කොරාපු රාජභෝජන… සැතපුන රාජ යහන්…. ගමන් කොරාපු අස්ප කරත්ත…. ඇඳපු රාජාභරණ මතක් වුනාද?” “අනේ ඇවැත්නි…. එහෙම දෙයක් නොවෙයි. නමුත් මගේ මේ සන්තෝසෙට වෙනත් බරපතල කාරණාවක් තියෙනවා. මං රජකම් කරන කාලේ කෑවෙ බිව්වේ මහා භයකින්. වසක් විසක් දාපු දෙයක් කැවේවිද කියල හරී භයක් තිබ්බා. හැම තැනම ආවෙ ගියේ භයින්. රාජ මාලිගාවේ හැම තැනම ආරක්ෂක භටයෝ හිටියා. මං ඒ කාලේ නිදාගත්තේ සිරියහන් ගබඩාවේ. ඒ උඩුමහලේ. ඒ හැමතැනමත් ආරක්ෂක භටයෝ හිටියා. නමුත් මගේ සිතේ භය නැති වුනේ නෑ…. හප්පා…. දැන් එහෙමද….. මං මේ මැටි පාත්තරේ අරන් හරීම නිදහසේ ආහාර මොකවත් සොයාගෙන ගෙයක් ගෙයක් ගානේ යනවා. ලැබුනු දෙයක් සතුටින් වළඳනවා…. දැන් මං පොරවන්නේ මේ දිරාගිය වස්ත්‍ර…. මේවා කව්ද සොරකම් කරන්නේ…. දැන් මං හුදෙකලාවේ රුක් සෙවනකට යනවා. මං දෑස් පියාගෙන භාවනාවට වාඩිවුනාම මගෙ හිතට හරීම සැහැල්ලුවක් දැනෙනවා. භය මාත්‍රයක් දැනෙන්නෙ නෑ…. ඒක හරී පුදුමාකාර නිදහසක්….. හප්පා…. ඒක හරි පුදුමාකාර ආශ්චරිය සැපයක් නොවැ….” එතකොට භික්ෂූන් වහන්සේලා නිශ්ශබ්දව එතැනින් පිටත් වුනා. මෙහෙම කතා වුනා. ‘ඇවැත්නි… ඔය කියන හැටියේ භයක් නැති කොමක් සාමාන්‍ය කෙනෙකුට ඇතිවෙන්නේ කොහොමද? ම්….. භද්දිය තෙරුන් ඔය අඟවන්නේ තමන් රහත් කෙනෙක් කියලද. වහෙන් ඔරෝ භාසාවෙන් අපිට කියන්නේ උන්නාන්සේ රහත් වී ඉන්න බවක් ද? හොඳා… අපි කෝකටත් ඔය කාරණාව භාග්‍යවතුන් වහන්සේට සැල කරමු” ඉතින් ඒ භික්ෂූන් වහන්සේලා භද්දිය තෙරුන් පිළිබඳ වූ මේ ප්‍රවෘත්තිය භාග්‍යවතුන් වහන්සේට සැලකලා. “මහණෙනි… අහෝ සැපයයි කියමින් තමන්ගේ සිතේ ඇති නිදහසත් සතුටත් ගැන භද්දිය උදන් ඇනුවේ මේ ආත්මයේ විතරක් නොවෙයි. පෙර ආත්මයේත් ඔය විදිහට ම තමන් වින්ද සැපය ගැන උදන් ඇනුවා” “අනේ… ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස…. අපගේ භද්දිය තෙරුන් ගේ ඒ පෙර ආත්මයේ කතාව දැනගන්නට අපිත් ආසයි. ඒ ගැන අපට වදාරන සේක්වා!” “මහණෙනි, ගොඩාක් ඉස්සර අතීත කාලේ බරණැස් පුරේ බ්‍රහ්මදත්ත නමින් රජෙක් වාසය කළා. ඒ කාලේ බෝධිසත්වයෝ මහා වංශවත් බ්‍රාහ්මණ පවුලක උපන්නා. තරුණ වයසට එද්දී ජීවිතය ගැන තේරෙන්න පටන් ගත්තා. බොහෝ දෙනෙක් කාමයන් නිසා විඳින දුක ගැන කළකිරුනා. ගිහි ගෙදර අත්හැරියා. හිමාල වනය බලා පිටත් වුනා. ඍෂි පැවිද්දෙන් පැවිදි වුනා. අෂ්ට සමාපත්ති උපදවා ගත්තා. මේ බෝසත් ඍෂිවරයා ගේ තවුස්දම් ගැන ඒ පළාතේ ගොඩාක් ප්‍රසිද්ධ වුනා. බොහෝ දෙනෙක් ඇවිත් ඔහු ළඟ පැවිදි වුනා. කලක් ගත වෙනකොට තමන් ගේ තාපස පිරිවර පන්සියයක් බවට පත්වුනා. එක්තරා වස් කාලෙකින් පසු මේ තාපසින්නාන්සේ තම තාපස පිරිසත් පිරිවරාගෙන හිමාල වනයෙන් එළියට ආවා. ගම්නියම්ගම් වල චාරිකාවේ වැඩියා. බරණැස් නුවරටත් පැමිණියා. ඒ කාලේ බරණැස් රජ්ජුරුවන්ට විශාල රාජ උද්‍යානයක් තිබුනා. එහි නොයෙක් තාපසවරු වාසය කළා. මේ තාපසින්නාන්සෙත් තමන්ගේ තාපස පිරිවර සමග ඒ රාජ උයනේ ම වාසය කළා. නිවී සැනසිලේ වාසය කළා. ඊළඟ වස්කාලෙන් පස්සේ ආයෙමත් හිමාලෙට වඩින්ට සූදානම් වුනා. තමන් හිමාලය බලා පිටත් වෙන බව රජතුමාට දැනුම් දුන්නා. එතකොට රජතුමා මෙහෙම කිව්වා. “ස්වාමීනී… ඔබවහන්සේ බොහෝම වයසයි නොවැ. ඔච්චර දුරක් කොහොමෙයි වඩින්නෙ? ඇරත් හිමාලයට ගොහින් මක්කරන්ට ද? දැන් ඔය මහළු කාලෙ තමුන්නාන්සේ අපේ උයනේ ම වැඩසිටින්ට. මේ අනිත් ශිෂ්‍ය තාපසින්නාන්සේලා හිමාලෙට පිටත් කළාට කමක් නෑ” එතකොට බෝසත් තාපසින්නාන්සේ ප්‍රධාන ශිෂ්‍යයාව ඇමතුවා. ‘දරුව… මේ පන්සියයක් තාපස පිරිස රැගෙන ඔබ එහෙනම් හිමාලයට යන්න. ගොහින් මේ පිරිස සමගින් සතුටින් බණදහම් පුරාගෙන ඉන්න…. මං…. ටික කාලයක් මෙහෙ ඉන්නම්” ඉතින් ඒ පිරිස ආචාර්ය තාපසතුමාට වන්දනා කරලා හිමාලය බලා පිටත් වුනා. කලක් ගත වුනා. දවසක් අර ප්‍රධාන ශිෂ්‍යයාට තම ආචාර්යවර තාපසතුමාව දකින්නට කැමැත්තක් ඇතිවුනා. එදා ඔහු තාපස පිරිස ඇමතුවා. “භවත් තාපසවරුනි,…. මං අපගේ ආචාර්යපාදයන් බැහැදැක ඔබේ නමිනුත් වන්දනා කරගෙන එන්නම්. ඔබලාත් මේ තාපස ජීවිතේ ගැන කලකිරෙන්නේ නැතිව ඉවසීමෙන් ගුණදහම් වඩමින් ඉන්න. මං ගිහින් ආචාර්යපාදයන් වන්දනා කරගෙන එන්නම්” කියලා බරණැස බලා පිටත් වුනා. ඉතින් ඒ ප්‍රධාන ශිෂ්‍ය තාපසයා තම ආචාර්යපාදයන්ව බැහැදැක්කා. වන්දනා කරගත්තා. සතුටු සාමීචි කතාබස් කළා. ආචාර්යපාදයන් සමීපයෙහි ම පසෙකින් පැදුරක් එළාගෙන හාන්සි වෙලා සිටියා. ඒ වෙලාවේ රජතුමාත් තාපසින්නාන්සේ දකින්ට රජඋයනට ආවා. ඇවිත් තාපසතුමාට වන්දනා කරලා පසෙකින් වාඩිවුනා. එතකොට අර ශිෂ්‍ය තාපසතුමා රජතුමාව දැක දැකත් නැගිට්ටේ නෑ. හාන්සි වෙලා ම හිටියා. ‘හප්පා… පුදුමාකාර සැපයක් නොවැ…. පුදුමාකාර සැපයක් නොවැ” උදන් අනන්න පටන් ගත්තා. රජතුමා මෙහෙම හිතුවා. “ඈ… මොහු අමුතු තාපසයෙක් නොවැ. මං වැනි රජෙක් ඉන්න බව ගාණකටවත් ගත්තෙ නෑ. නැගිට්ටෙවත් නෑ. ඒ මදිවාට අහෝ… පුදුමාකාර සැපයක් නොවැ කියනවා” “ස්වාමීනී,.. මේ තාපසින්නාන්සේ කවුද? ඇති පදමට අනුභව කරලා වෙන්න ඇති. ඔය හාන්සි වෙලාම අහෝ සැපයි කිය කියා නැගිට ගන්ට බැරිව ඉන්නෙ” “මහරජාණෙනි,…. මේ මගේ ප්‍රධාන ශිෂ්‍යයා… මොහු බොහෝම අල්පේච්ඡ කෙනෙක්. මොහු ඔබ වගේම රජකම් කරපු රජ කෙනෙක්. ඒ රාජකීය සැප සම්පත් අත්හැරලා මං ළඟ පැවිදි වූ කෙනෙක්….. මොහු ගේ කටින් අහෝ… සැපයි කියන එක නිතර පිටවෙන්නේ බඩ පිරෙන්න කාලා නොවෙයි. වෙනත් බරපතල කාරණාවකට යි. දැන් ඔබතුමාගේ ආරස්සාවට මොනතරම් භට පිරිස් ඉන්නවද. මොහුත් ඒ කාලේ ආයුධ අතින් ගත් ආරක්ෂක භටපිරිස් පිරිවරාගෙන උඩුමහල් තලයේ සිරියහන් ගබඩාවේ නිදාගත් කෙනෙක්. ඒ කාලේ මෙහෙම නිදහස් සැපයක් භුක්ති වින්දේ නෑ. භයෙන් ඉඳලා තියෙන්නේ. දැන් එහෙම නෑ. දැන් බොහෝම සැපසේ සමාධි සුවයෙන් ඉන්නේ. ඒකයි එතරම් සතුටු” මෙසේ පැවසූ බෝසත් තාපසතුමා මේ ගාථාවන් පැවසුවා. [COLOR="Green"]දැන් තමාව සුරකින්නට වෙන කවුරුත් නැත්තේ තමා නිසා සුරැකෙන අය තමා හටත් නැත්තේ කිසිදු කාම සැපයක් ගැන කිසි පැතුමක් නැත්තේ රජුනි මොහුට ඒ නිසා ම පුදුම සැපකි ඇත්තේ[/COLOR] පින්වතුනේ, පින්වත් දරුවනේ, එතකොට රජ්ජුරුවන්ට ඒ තාපසයා ගැන ගොඩාක් පැහැදීම ඇතිවුනා. තමා වැනිම රජෙක් රජකම අත්හැරලා තවුසෙක් වෙලා අත්විඳින අද්භූත සතුට ගැන පුදුම වුනා. කලින් තිබුනු අමනාපය නැති වුනා. රජතුමා ඒ තවුසාටත් වන්දනා කළා. ඉතින් ඒ තාපසයා තම ආචාර්යපාදයන් වන්දනා කොට ආයෙමත් හිමාලය බලා පිටත් වුනා. බෝධිසත්වයෝ ඒ උයනේ ම වාසය කොට අපවත් වුනා. බ්‍රහ්ම ලෝකයේ උපන්නා. ඒ කාලේ අහෝ සැපයි කියමින් උදන් ඇනුවේ භද්දිය තෙරුන් වහන්සේ. හරි පුදුමයි නේද… එක ආත්මයක කළ දෙයක් ආයෙමත් ඒ විදිහට ම කෙරෙනවා. අපටත් මේ සසරේ පුරුදු වෙච්චි මොනතරම් දේවල් ආයෙ ආයෙමත් අපේ අතිනුත් කෙරෙනවා ඇද්ද.[/SIZE] [CENTER][SIZE="4"][COLOR="Blue"]පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ[/COLOR][/SIZE] Source; [URL="http://mahamevnawa.lk/"]Mahamevnawa.lk[/URL][/CENTER] [SIZE="7"][COLOR="Blue"][CENTER]සාධු! සාධු! සාධු![/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom