සුද්දන්ටඑරෙහිව නඩු මගටBuddha Born in sri lanka

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සුද්දන්ටඑරෙහිව නඩු මගටBuddha Born in sri lanka

    බුදුන් උපන්නේ ලoකාවේ බව සැගවූ එoගලන්තයට එරෙහිව නඩු පැවරේ.....:shocked:Breaking Newsකැණීම් වියදමුත් ඉල්ලයි

    https://www.facebook.com/gayan.prahastha.9/videos/127301692174950/
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,540
    67,878
    113
    Matath hitennema lankawe ipadune kiyala.nattan metchara pilima godak lankawe hadanne ai
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Matath hitennema lankawe ipadune kiyala.nattan metchara pilima godak lankawe hadanne ai

    බුදුන් ඉන්දියාවේනම් මෙච්චර ගේමක් දීලා නඩු කියන්නේ මොන මෝඩයද ? මෙකෙන්ම තෙරෙනවා මීවනපලානේ හාමුදුරුවෝ කියන්නේ ඇත්තක් කියලා ...:shocked:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මචං බුද්ධ දර්ශනය පිළිපදින එක නේද වැඩිපුරම වටින දේ...බුදු හාමුදුරුවෝ ඉපදුනු තැන එච්චර වැදගත් නෑ නේද...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,540
    67,878
    113
    Sudda sure ne bn monawa karala giyada kauda danne.sigiryath wahapu eke
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මචං බුද්ධ දර්ශනය පිළිපදින එක නේද වැඩිපුරම වටින දේ...බුදු හාමුදුරුවෝ ඉපදුනු තැන එච්චර වැදගත් නෑ නේද...

    එහෙනම් අපි මේ රටේ ඔක්කොම පුරාවස්තු ටික බුල්ඩොසර් කරලා දාමු.වැදගත් නෑනේ එවා.බුද්ද දර්ශනෙනේ වැදගත්...:lol:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    එහෙනම් අපි මේ රටේ ඔක්කොම පුරාවස්තු ටික බුල්ඩොසර් කරලා දාමු.වැදගත් නෑනේ එවා.බුද්ද දර්ශනෙනේ වැදගත්...:lol:

    මම දකින බුදුදහම තුළ නම් දර්ශනය තමයි වැදගත්...
    පිළිම, පුරාවස්තු තිබිය යුතුයි. බුද්ධ චරිතය හා ඉතිහාසයත් හැකි පමණින් තහවුරු කරගැනීම වැදගත්.
    දර්ශනය කරා මිනිස්සු යොමු වෙන්න ඒවා හේතුවක්...
    හැබැයි දර්ශනයට වැදගත් නොවන එවැනි බාහිර කරුණු බදාගන්න, අදහන්න යනවා නම්
    මම දකින විදියට ඒ නියම බෞද්ධයෙක් නෙවෙයි.

    මම තේරෙන බුදුදහමේ හරය ඇලීම්, ගැටීම්, බැඳීම් ආදී දුක් වලින් ඈත් වීම...
    ඔය නඩු පැවරීමත් එක්තරා ඇලීමක් / බැඳීමක් / ගැටීමක් නේද?
    තණ්හාව නෙවෙයිද? :dull:

    බුදුන් වහන්සේ ලංකාවේ උපන් කියලා තහවුරු කරගත්තා කියමු.
    මොකක්ද වෙන්නේ?
    මේ රටේ අපරාධ කරන මිනිස්සු ඒවා ඔක්කොම නවත්තලා උපාසක මහත්වරු වෙයිද? :no:

    නීතිය හරහා තහවුරු කරගන්න හදනවා.
    නීතිය කියන්නේ මොකක්ද කියලා දන්නවාද? :rofl:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    fb comments වල මීට පක්ෂව කතාකරලා තියන, තර්ක ඉදිරිපත් කරලා තියන මහත්වරුන්ගේ
    වචන වල ද්වේෂය උතුරනවා...
    ද්වේශයෙන් පුළුවන්ද ද්වේශය දුරුකරන්න උගන්වන දර්ශනයක් රැකගන්න? :dull:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    මම දකින බුදුදහම තුළ නම් දර්ශනය තමයි වැදගත්... බුදුදහම යනු දර්ශනයක් නොවේ. එය විශ්ව සත්යයයි

    පිළිම, පුරාවස්තු තිබිය යුතුයි. බුද්ධ චරිතය හා ඉතිහාසයත් හැකි පමණින් තහවුරු කරගැනීම වැදගත්.
    දර්ශනය කරා මිනිස්සු යොමු වෙන්න ඒවා හේතුවක්...
    හැබැයි දර්ශනයට වැදගත් නොවන එවැනි බාහිර කරුණු බදාගන්න, අදහන්න යනවා නම්
    මම දකින විදියට ඒ නියම බෞද්ධයෙක් නෙවෙයි.

    ඔබගේ තර්කය ඔබ විසින්ම කඩා ඇතවිටෙක පුරාවස්තු අවශ්යයි කියයි.තවත් විටෙක එපා යයි කියයි. :lol:

    මම තේරෙන බුදුදහමේ හරය ඇලීම්, ගැටීම්, බැඳීම් ආදී දුක් වලින් ඈත් වීම...
    ඔය නඩු පැවරීමත් එක්තරා ඇලීමක් / බැඳීමක් / ගැටීමක් නේද?
    තණ්හාව නෙවෙයිද? :dull:

    එසේනම් සැබෑ බෞද්දයන් විදිහට අප සැම සියල්ල හැරදා සසුන් ගත විය යුතුය . මොකටද සල්ලි හම්බ කරන්නේ ?

    බුදුන් වහන්සේ ලංකාවේ උපන් කියලා තහවුරු කරගත්තා කියමු.
    මොකක්ද වෙන්නේ?
    මේ රටේ අපරාධ කරන මිනිස්සු ඒවා ඔක්කොම නවත්තලා උපාසක මහත්වරු වෙයිද? :no:

    උත්තරය - ඔව්. ඒකට තමයි චින්තන විප්ලවයක් කියලා කියන්නේ . කාර්මික විප්ලවයත් නිකන් ඇති උනේ නෑ ..චින්තන විප්ලවයක් හෙවත් හිතන විදිහ වෙනස් වීමෙන් තමයි එන්ගලන්තය දියුණු උනේ ..මේ ඉතිහාසය හොයා ගත්තොත් රටේ ලොකු විප්ලවයක් එනවා.ලොකේ ලoකාවට තියන පිලිගෑනීම වැඩිවෙනවා. සoචාරක කර්මාන්තයත් දියුණු වෙනවා.අද ඉන්දියාව බොරු දඹදිවෙන් කොච්චර හම්බකරනවද ?

    bp
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    බුදුදහම යනු දර්ශනයක් නොවේ. එය විශ්ව සත්යයයි
    දර්ශනයක් වෙන්නේ බොහෝදුරට සත්‍ය දේ තමයි.
    සත්‍ය නොවුනොත් ඒකට පිළිගැනීමක් නැති වෙනවා.
    දාර්ශනිකයෝ හා ආගමික නායකයන් කරන්නේ එකිනෙකට වෙනස් ආකාරයන්ට සත්‍ය පෙන්වාදීම තමයි.
    බුදුදහම විතරක් නෙවෙයි, විශ්ව සත්‍යය පෙන්වාදෙන තවත් ආගම්, දර්ශන තියනවා.
    බුදුදහම විතරයි හරි කියලා හිතනවා නම්, අන් සියල්ල බොරු අසත්‍ය කියලා හිතනවා නම් ඒක අන්තගාමී වීමක්...

    සැබෑ බෞද්ධයා බුදුදහමින්, ක්‍රිස්තු දහමින්, ඉස්ලාම් දහමින් පමණක් නෙවෙයි,
    ජීවිතයට යහපත ළඟා කරගතහැකි ඕනෑම දර්ශනයකින්, ආගමකින් යහපත් දෑ උකහා ගන්නවා.
    උදාහරණයකට තාඕ දහම, කොන්ෆියුසියස් දහම ගැන හොයලා බලන්න.
    බුදුදහමේ මූලධර්ම ඇසුරින් සැකසිලා තියන නිසා බුදුදහමේ ඉගැන්වෙන දෑ තවත් ආකාරයකට දැකිය හැකියි.

    ඔබගේ තර්කය ඔබ විසින්ම කඩා ඇතවිටෙක පුරාවස්තු අවශ්යයි කියයි.තවත් විටෙක එපා යයි කියයි.
    ඔය කියලා තියෙන්නේ, පුරාවස්තු ආදිය අවශ්‍යයි තමයි, ඒත් ඒවා බදාගන්න, අදහන්න යා යුතු නෑ.
    ඒවා නෑ කියලා බුදුදහම නැති වෙන්නේ නෑ. :no:
    ඇයි ඔය තරම් පටු විදියට දකින්නේ... ඒ වාක්‍යය ආයෙත් කියවන්න... :)

    එසේනම් සැබෑ බෞද්දයන් විදිහට අප සැම සියල්ල හැරදා සසුන් ගත විය යුතුය . මොකටද සල්ලි හම්බ කරන්නේ ?

    ඔතනදී "හැකිතරම්" කියන වචනය යොදන්න මඟහැරිලා මට.
    "ඇලීම්, ගැටීම්, බැඳීම් ආදී දුක් වලින් "හැකිතරම්" ඈත් වීම..."

    රහතන් වහන්සේ නමකට හැර වෙන කාටවත් සම්පූර්ණයෙන් තණ්හාවෙන් මිදෙන්න බෑ.
    හැබැයි, සාමාන්‍ය මිනිහෙක්ගේ "දුක" අවම වෙන්නේ ඇලීම්, ගැටීම්, බැඳීම් ආදීයෙන් හැකිතරම් ඈත් වූ තරමට...
    ඒක මම අත්දැකපු දෙයක්... :yes:
    (මොන ආගමක, දර්ශනයක වුනත් ඕනෑම කරුණක් මම පිළිගන්නේ මට ගැළපෙනවා නම් විතරයි.
    සත්‍ය විදියට අත්දැකිය හැකි නම් පමණයි.)

    ඔබතුමා අන්තයක පැටලිලා ඉන්නේ...
    ජීවත් වෙන්න අවශ්‍ය පමණින් සල්ලි ඕනේ. කන්නේ බොන්නේ නැතිව පොදිගහන එකයි වැරදි.
    අනෙකා සූරාකමින් මුදල් සෙවීමයි වැරදි...
    අන්තය හා මැද මාවත අතර වෙනස ගැන හිතන්න...! :)

    අනිත් කාරණේ සසුන්ගත වෙන සියලු දෙනා සැබෑ බෞද්ධයෝ වෙන්නේ නෑ...
    සාමාන්‍ය පුද්ගලයෝ ඉන්න පුළුවන් හොඳින් බුදු දහම නිවැරදිව අනුගමනය කරන...
    ඒ වෙනුවෙන් සසුන්ගත විය යුතුම නෑ...

    උත්තරය - ඔව්. ඒකට තමයි චින්තන විප්ලවයක් කියලා කියන්නේ . කාර්මික විප්ලවයත් නිකන් ඇති උනේ නෑ ..චින්තන විප්ලවයක් හෙවත් හිතන විදිහ වෙනස් වීමෙන් තමයි එන්ගලන්තය දියුණු උනේ ..මේ ඉතිහාසය හොයා ගත්තොත් රටේ ලොකු විප්ලවයක් එනවා.ලොකේ ලoකාවට තියන පිලිගෑනීම වැඩිවෙනවා. සoචාරක කර්මාන්තයත් දියුණු වෙනවා.අද ඉන්දියාව බොරු දඹදිවෙන් කොච්චර හම්බකරනවද ?
    හිතන විදිය වෙනස් විය යුත්තේ යහපත් ආකාරයට මිස,
    එකිනෙකාට වෛර කරගනිමින්, අයිතීන් පිළිබඳ ගැටුම් ඇතිකරගනිමින් නෙවෙයි.
    චින්තන විප්ලවය අන්තගාමී වුනොත් එතන භයංකාර විනාශයක් මිස අන් කිසිවක් නොවේවි.
    උදාහරණකට පාස්කු ප්‍රහාරය...

    ඉස්ලාම් ආගමේ හරය කණපිට පෙරලාගෙන ඒ පාස්කු ප්‍රහාරය කළ අන්තවාදීන්ගේ මොළ තුළ තිබුනෙත් චින්තන විප්ලවයක් තමයි.
    මහා ලොකු ශ්‍රේෂ්ඨ දෙයක් විදියට මොළ වලට කවලා අන්තයක හිරකරලා කොටු කරලා
    එය හැර අන් විකල්පයක් නැත යන තත්ත්වයට පත්කරලා.

    යහපත් ආකාරයට චින්තන විප්ලවය ඇතිවෙනවාට හොඳම උදාහරණය බුදුන් වහන්සේම තමයි.
    උන් වහන්සේට පැමිණි අභියෝග වලට මුහුණදුන් ආකාරය ගැන බුද්ධ චරිතය කියවන්න...

    අනිත් කාරණේ කාර්මික විප්ලවයෙන් හොඳක් ද වුනේ... :rofl:
    මේ ලෝකේ පිරිහෙන්න ප්‍රධාන හේතුවක්... :(
    කොරෝනා වගේ තත්ත්වයක් ඇතිවුනේ ඇයි කියලා පොඩ්ඩක් හිතලා බැලුවාද? :rolleyes:

    ...මේ ඉතිහාසය හොයා ගත්තොත් රටේ ලොකු විප්ලවයක් එනවා.ලොකේ ලoකාවට තියන පිලිගෑනීම වැඩිවෙනවා. සoචාරක කර්මාන්තයත් දියුණු වෙනවා...
    ඔය හීන වලින් ඇහැරෙන්න මිත්‍රයා... දකින්න සැබෑ ලෝකය... ප්‍රායෝගික ජීවිතය... :)
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,571
    8,815
    113
    මචං බුද්ධ දර්ශනය පිළිපදින එක නේද වැඩිපුරම වටින දේ...බුදු හාමුදුරුවෝ ඉපදුනු තැන එච්චර වැදගත් නෑ නේද...

    :nerd:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දර්ශනයක් වෙන්නේ බොහෝදුරට සත්‍ය දේ තමයි.
    සත්‍ය නොවුනොත් ඒකට පිළිගැනීමක් නැති වෙනවා.
    දාර්ශනිකයෝ හා ආගමික නායකයන් කරන්නේ එකිනෙකට වෙනස් ආකාරයන්ට සත්‍ය පෙන්වාදීම තමයි.
    බුදුදහම විතරක් නෙවෙයි, විශ්ව සත්‍යය පෙන්වාදෙන තවත් ආගම්, දර්ශන තියනවා.
    බුදුදහම විතරයි හරි කියලා හිතනවා නම්, අන් සියල්ල බොරු අසත්‍ය කියලා හිතනවා නම් ඒක අන්තගාමී වීමක්...

    සැබෑ බෞද්ධයා බුදුදහමින්, ක්‍රිස්තු දහමින්, ඉස්ලාම් දහමින් පමණක් නෙවෙයි,
    ජීවිතයට යහපත ළඟා කරගතහැකි ඕනෑම දර්ශනයකින්, ආගමකින් යහපත් දෑ උකහා ගන්නවා.
    උදාහරණයකට තාඕ දහම, කොන්ෆියුසියස් දහම ගැන හොයලා බලන්න.
    බුදුදහමේ මූලධර්ම ඇසුරින් සැකසිලා තියන නිසා බුදුදහමේ ඉගැන්වෙන දෑ තවත් ආකාරයකට දැකිය හැකියි.

    ඔය කියලා තියෙන්නේ, පුරාවස්තු ආදිය අවශ්‍යයි තමයි, ඒත් ඒවා බදාගන්න, අදහන්න යා යුතු නෑ.
    ඒවා නෑ කියලා බුදුදහම නැති වෙන්නේ නෑ. :no:
    ඇයි ඔය තරම් පටු විදියට දකින්නේ... ඒ වාක්‍යය ආයෙත් කියවන්න... :)

    ඔතනදී "හැකිතරම්" කියන වචනය යොදන්න මඟහැරිලා මට.
    "ඇලීම්, ගැටීම්, බැඳීම් ආදී දුක් වලින් "හැකිතරම්" ඈත් වීම..."

    රහතන් වහන්සේ නමකට හැර වෙන කාටවත් සම්පූර්ණයෙන් තණ්හාවෙන් මිදෙන්න බෑ.
    හැබැයි, සාමාන්‍ය මිනිහෙක්ගේ "දුක" අවම වෙන්නේ ඇලීම්, ගැටීම්, බැඳීම් ආදීයෙන් හැකිතරම් ඈත් වූ තරමට...
    ඒක මම අත්දැකපු දෙයක්... :yes:
    (මොන ආගමක, දර්ශනයක වුනත් ඕනෑම කරුණක් මම පිළිගන්නේ මට ගැළපෙනවා නම් විතරයි.
    සත්‍ය විදියට අත්දැකිය හැකි නම් පමණයි.)

    ඔබතුමා අන්තයක පැටලිලා ඉන්නේ...
    ජීවත් වෙන්න අවශ්‍ය පමණින් සල්ලි ඕනේ. කන්නේ බොන්නේ නැතිව පොදිගහන එකයි වැරදි.
    අනෙකා සූරාකමින් මුදල් සෙවීමයි වැරදි...
    අන්තය හා මැද මාවත අතර වෙනස ගැන හිතන්න...! :)

    අනිත් කාරණේ සසුන්ගත වෙන සියලු දෙනා සැබෑ බෞද්ධයෝ වෙන්නේ නෑ...
    සාමාන්‍ය පුද්ගලයෝ ඉන්න පුළුවන් හොඳින් බුදු දහම නිවැරදිව අනුගමනය කරන...
    ඒ වෙනුවෙන් සසුන්ගත විය යුතුම නෑ...

    හිතන විදිය වෙනස් විය යුත්තේ යහපත් ආකාරයට මිස,
    එකිනෙකාට වෛර කරගනිමින්, අයිතීන් පිළිබඳ ගැටුම් ඇතිකරගනිමින් නෙවෙයි.
    චින්තන විප්ලවය අන්තගාමී වුනොත් එතන භයංකාර විනාශයක් මිස අන් කිසිවක් නොවේවි.
    උදාහරණකට පාස්කු ප්‍රහාරය...

    ඉස්ලාම් ආගමේ හරය කණපිට පෙරලාගෙන ඒ පාස්කු ප්‍රහාරය කළ අන්තවාදීන්ගේ මොළ තුළ තිබුනෙත් චින්තන විප්ලවයක් තමයි.
    මහා ලොකු ශ්‍රේෂ්ඨ දෙයක් විදියට මොළ වලට කවලා අන්තයක හිරකරලා කොටු කරලා
    එය හැර අන් විකල්පයක් නැත යන තත්ත්වයට පත්කරලා.

    යහපත් ආකාරයට චින්තන විප්ලවය ඇතිවෙනවාට හොඳම උදාහරණය බුදුන් වහන්සේම තමයි.
    උන් වහන්සේට පැමිණි අභියෝග වලට මුහුණදුන් ආකාරය ගැන බුද්ධ චරිතය කියවන්න...

    අනිත් කාරණේ කාර්මික විප්ලවයෙන් හොඳක් ද වුනේ... :rofl:
    මේ ලෝකේ පිරිහෙන්න ප්‍රධාන හේතුවක්... :(
    කොරෝනා වගේ තත්ත්වයක් ඇතිවුනේ ඇයි කියලා පොඩ්ඩක් හිතලා බැලුවාද? :rolleyes:

    ඔය හීන වලින් ඇහැරෙන්න මිත්‍රයා... දකින්න සැබෑ ලෝකය... ප්‍රායෝගික ජීවිතය... :)

    1) ලොකෙට තියෙන්නේ එක සත්යයක් විතරයි.ඔය තර්ක වල හැටියට කොන්ෆියුසිස් කියන්නෙත් දර්ශනයක්.එතකොට බුදුදහම = කොන්ෆියුසිස් දර්ශනය වෙනවා.

    2)අනිත් දර්ශන සමග බුදුදහම එකට තියන්න බෑ . බුදුදහම තමයි පරම සත්යය..අනිත් එවත් ඇත්තනම් බුදුවරයෙක් සාරා සන්කය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා බුදුවෙන්න ඔනේ නෑ .

    3) තාඕ දහම, කොන්ෆියුසියස් දහම කියන්නේ බුදුදහමේ විකෘතියක්. බොරුවක් :angry:

    4) මේරට සිදුහත් කුමරුට සහ බුදුන්වහන්සේට සම්බන්ධ නටබුන් බලන්න සoචාරකයෝ එන එක මුදල් සූරාකෑමක් වෙන්නේ කොහොමද ?එතකොට කොරෝනා තියෙද්දි ජීවිත උකස්කරලා ඉන්දියාවට මෙහෙ ඉන්න නාකි පටවන බිස්නස්කාරයෝ කරන්නේ සූරාකෑමක් නෙමේද ?බුදුන් උපන්නේ ලoකවේ කියලා මෙච්චර සාක්ෂි තියෙද්දි ඒක බොරුවක් කියලා වපුරවලා මිනිස්සු රවට්ටලා ලක්ෂ ගණන් සල්ලි අරගෙන ඉන්දියාවට පටවන බිස්නස්කාරයෝ කරන්නේ සූරාකෑමක් නෙමේද ? එහෙම ගිහිල්ලත් සමහර බිස්නස්කාරයෝ හරියට පහසුකම් තියන තැන්වලවලවත් නෙමේ කලුසුද්දන්ට ඉන්න දෙන්නේ ..ඒවා හොදයිද ?:P

    5) පාස්කු අන්තවාදය සහ බුදුන්ගේ රට ලoකාවයි කියන චින්තන විප්ලව උඹ කියන විදිහට සමාන වෙන්නේ කොහොමද ?බුදුන් ලoකාවේ කියලා ඔප්පු උනාම මෙහෙ උන් පන්සල්වලට ගිහින් බෝම්බ තියයි කියලද කියන්නේ ?

    6)කාර්මික විප්ලවය නිසා තමයි ලoකාව සුද්දා ඉස්සරහා දනගහගෙන ඉන්නේ .රෝමෙට ගියානම් රෝමන්කාරයෙක් වගේ ඉන්න ඔනේ .නැත්තම් පැවැත්මක් නෑ . මේ රටට නිදහස දුන්නෙත් සුද්දගේ තියන මනුස්සකමට.නැත්තම් තාමත් ලoකාව යටත්විජිතයක් .ඒ බලය ආවේ කාර්මික විප්ලවයෙන්. සුද්දට මනුස්සකමක් නැත්තම් මෙලහකට ත්‍රිපිටකයත් ගිනි තියලා.සාසනෙත් නෑ .එහෙම උනානම් උඹත් ආමේන් කිය කිය පල්ලි යනවයි කියන එක අමතක කරන්න එපා. :lol:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    1) ලොකෙට තියෙන්නේ එක සත්යයක් විතරයි.ඔය තර්ක වල හැටියට කොන්ෆියුසිස් කියන්නෙත් දර්ශනයක්.එතකොට බුදුදහම = කොන්ෆියුසිස් දර්ශනය වෙනවා.

    2)අනිත් දර්ශන සමග බුදුදහම එකට තියන්න බෑ . බුදුදහම තමයි පරම සත්යය..අනිත් එවත් ඇත්තනම් බුදුවරයෙක් සාරා සන්කය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා බුදුවෙන්න ඔනේ නෑ .

    ඇයි ඔයතරම් රාමුගත වෙලා දකින්නේ... :sorry:

    3) තාඕ දහම, කොන්ෆියුසියස් දහම කියන්නේ බුදුදහමේ විකෘතියක්. බොරුවක් :angry:
    :sorry:

    4) මේරට සිදුහත් කුමරුට සහ බුදුන්වහන්සේට සම්බන්ධ නටබුන් බලන්න සoචාරකයෝ එන එක මුදල් සූරාකෑමක් වෙන්නේ කොහොමද ?එතකොට කොරෝනා තියෙද්දි ජීවිත උකස්කරලා ඉන්දියාවට මෙහෙ ඉන්න නාකි පටවන බිස්නස්කාරයෝ කරන්නේ සූරාකෑමක් නෙමේද ?බුදුන් උපන්නේ ලoකවේ කියලා මෙච්චර සාක්ෂි තියෙද්දි ඒක බොරුවක් කියලා වපුරවලා මිනිස්සු රවට්ටලා ලක්ෂ ගණන් සල්ලි අරගෙන ඉන්දියාවට පටවන බිස්නස්කාරයෝ කරන්නේ සූරාකෑමක් නෙමේද ? එහෙම ගිහිල්ලත් සමහර බිස්නස්කාරයෝ හරියට පහසුකම් තියන තැන්වලවලවත් නෙමේ කලුසුද්දන්ට ඉන්න දෙන්නේ ..ඒවා හොදයිද ?:P
    සිදුහත් කුමරුට සහ බුදුන්වහන්සේට සම්බන්ධ නටබුන් බලන්න සංචාරකයෝ එන එක මුදල් සූරාකෑමක් වෙනවා කියලා මං උඩ කියලා තියද? :eek:

    බිස්නස් එකක් තමයි... ඒක මිනිස්සුන්ගේ මෝඩකම...
    වන්දනා කිරීමෙන් පමණක් නිවන් දකින්න හැකිය වගේ මත පතුරවන්නෙත් ඔය බිස්නස්කාරයෝම තමයි...
    ඒවගේම ලංකාවේ තිබුනා කියලා හිතමු, ඒත් ඔය බිස්නස් එකම වෙනවා. :(
    දැනටත් වෙනවා... ගොඩක් බෞද්ධයෝ යැයි කියාගන්නා පිරිස කරන්නේ කළ යුතු දේ නෙවෙයි...!

    ලංකාවේ බුදුන් වහන්සේ උපන් කියලා තහවුරු කරගෙන සංචාරකයෝ එන්න ගත්තම,
    මේවගේ නොවෙයි කියලා කොහොමද කියන්නේ?
    ඔබතුමාගේ වචන වලින්ම කියනවා නම් "බුදුන් විකුණන් කන බෞද්ධයෝ" වෙනවා...
    http://www.elakiri.com/forum/showthread.php?t=1927927

    5) පාස්කු අන්තවාදය සහ බුදුන්ගේ රට ලoකාවයි කියන චින්තන විප්ලව උඹ කියන විදිහට සමාන වෙන්නේ කොහොමද ?බුදුන් ලoකාවේ කියලා ඔප්පු උනාම මෙහෙ උන් පන්සල්වලට ගිහින් බෝම්බ තියයි කියලද කියන්නේ ?
    අන්තවාදය කොතනත් එකයි.
    එතනදී අදහස් කළේ පසුව ඇතිවන ප්‍රතිඵල නෙවෙයි...
    මොන තරම් අහිංසක, යහපත් මතවාදයක් වුනත් අන්තවාදී වුනොත් එතන විනාශයක් තමයි...

    6)කාර්මික විප්ලවය නිසා තමයි ලoකාව සුද්දා ඉස්සරහා දනගහගෙන ඉන්නේ .රෝමෙට ගියානම් රෝමන්කාරයෙක් වගේ ඉන්න ඔනේ .නැත්තම් පැවැත්මක් නෑ . මේ රටට නිදහස දුන්නෙත් සුද්දගේ තියන මනුස්සකමට.නැත්තම් තාමත් ලoකාව යටත්විජිතයක් .ඒ බලය ආවේ කාර්මික විප්ලවයෙන්. සුද්දට මනුස්සකමක් නැත්තම් මෙලහකට ත්‍රිපිටකයත් ගිනි තියලා.සාසනෙත් නෑ .එහෙම උනානම් උඹත් ආමේන් කිය කිය පල්ලි යනවයි කියන එක අමතක කරන්න එපා. :lol:

    වරද්දගත්ත තැන... :lol: :lol: :lol:
    සැබෑ අරමුණ නිරාවණය වුනා... :P

    profile pic එක රාවණා... රාවණා අදහන ඒ කට්ටිය මෙහෙම කතාවක් කියන්නේ නෑ... :rofl:
    ඒ කොට්ඨාශයේ කෙනෙක් විදියට අඟවගෙන මහා සිංහලයෙක්, බෞද්ධයෙක් විදියට කළ රඟපෑම ඉවරයි නේද පොඩි වාක්‍ය කිහිපයක් නිසා?
    විශේෂයෙන් අන්තිම වාක්‍ය 3 න්.
    "සුද්දට මනුස්සකමක් නැත්තම් මෙලහකට ත්‍රිපිටකයත් ගිනි තියලා.සාසනෙත් නෑ .එහෙම උනානම් උඹත් ආමේන් කිය කිය පල්ලි යනවයි කියන එක අමතක කරන්න එපා."

    කවුුරුහරි දාලා තියන tags මං ගණන් ගත්තේ නෑ, ඒත් දැන් ඒවා බොහෝදුරට ඇත්ත කියලා හිතන්න වෙනවා ...

    අනිත් කාරණේ නිකමට හිතන්න, ඔබතුමා ඇත්තටම බෞද්ධයෙක්,
    අවංක හැඟීමෙන් බුදුන් වහන්සේ උපන් ලංකාවේ කියලා තහවුරු කරන්න හදනවා කියලා...
    ඒත් මේ කරන දේවල්වලින් බුදුදහමට ගෞරවයක් නෙවෙයි, අගෞරවයක් වෙන්නේ... හෑල්ලුවට ලක්වීමක් වෙන්නේ...

    තවත් කාරණයක් threads වලින් ඔප්පු වෙනවා දේශපාලන වහලෙක් බව...
    ගොඩක් thread වල දේශපාලනය, නැත්නම් සියුම්ව බුුදුදහමට කරන අපහාසය... :sorry:

    යම් ආගමක වහලෙක් බවත්, බුදුදහමට අපහාස කිරීම අරමුණ බවත් හෙළිවන threads අතරින් කිහිපයක් මේ...

    බුදුන් ගoජා අනුමත කල බව හෙළිවෙයි.
    http://www.elakiri.com/forum/showthread.php?t=1928439
    [ගංජා වලට ඇබ්බැහි වෙන උන් නම් ඔහොම කියයි. උන්ට මිදෙන්න බැරි නිසා ඒවා සමාජ සම්මත කරගන්න පුළුවන් නිසා.
    මොන තර්ක දැම්මත්, බෞද්ධ නෙවෙයි මොන ආගමක මිනිහෙක්වත් මොළේ තියනම් මත්පැන්, මත්ද්‍රව්‍ය වලට අහුවෙන්නේ නෑ!

    මෙතන බලන්න ගංජා ගැන ඇත්ත තියනවා... :)
    http://www.elakiri.com/forum/showthread.php?p=24035009#post24035009]

    බුදුන් විකුණන් කන දඹුල්ලේ බෞද්ධයෝBreaking News
    http://www.elakiri.com/forum/showthread.php?t=1927927
    [සංඝයා වහන්සේට කතා කරන විදියෙන් හිතාගත්ත හැකි කොයිතරම් වෛරයෙන්ද ඉන්නේ කියලා
    [කළකිරීමක් පිළිකුලක් ඇති කරවීම.]

    ඥානසාර බෞද්ධයන් රැවැට්ටුවාද?Breaking News
    http://www.elakiri.com/forum/showthread.php?t=1929076
    [බෙදවීම - කළකිරීමක් / පිළිකුලක් ඇති කරවීම.]

    බෞද්ධ රටක්නම් Zoo වහාම තහනම් කරනු...
    http://www.elakiri.com/forum/showthread.php?t=1924986
    [ප්‍රයෝගික නොවන තර්ක හරහා බෞද්ධයා මෝඩයෙක් බව හැඟවීම]
    :sorry: :sorry: :sorry:
     
    Last edited: