Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Today at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුද්දන්ට මර උණ ගැන්වූ කළු රොබින් හුඩ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුද්දන්ට මර උණ ගැන්වූ කළු රොබින් හුඩ්

කොළඹ – නුවර මාර්ගයේ මාවනැල්ල නගරයට ළඟාවීමට පෙර පසු කරන ගිරි දුර්ගය පිළිබඳව ඉතාම ඕනෑකමින් නිරීක්ෂණය කළහොත් මධ්‍යම කඳුකරයේ මුවදොර හරිත වර්ණ වූ කෙත් වතු අතරින් එක්වරම අහස සිපගැනීමට මෙන් ඉහළ නැගුණු කඳු ශිඛරයක් දැකගත හැකිවෙයි. එය බැලූ බැල්මටම බළකොටුවක් අපගේ සිත තුළ චිත්රනය කිරීමට සමත් වේ. මේ නිසාම යටත් විජිත සමයේ මෙය “කාසල්රොක්” ලෙස හැඳින්වීය. එම කඳු මුදුනේ ඇති විශාල ගල් කුළු දුර ඈතට ඉංගී්රසි ජාතිකයින්ට දර්ශනය වූයේ යුරෝපයේ ඇති රයින් මාලිගයේ දුම් කුලුනේ හැඩයට බවත් එම නිසා මේ කඳු ශිඛරයට “කාසල්රොක්” යන නම ලැබෙන්නට ඇති බවත් සැලකේ. නමුත් මෙරට ජනතාව මෙම සුන්දර කඳු ශිඛරය “උතුවන්කන්ද” ලෙස හඳුන්වනු ලැබේ. “උතුවන්කන්ද” සතර කෝරළයට අයත් ගලබඩ කෝරළයේ එක් පැත්තකින් අලගල්ලත් අනෙක් පසින් බතලේගලත් අනික් පසින්බලන දුර්ගයටත් මැදිව මාඔය (මහඔයේ)) නිම්නයේ සාරවත් කෙත්වතු අතර පිහිටා ඇත.

කෑගලු දිස්ත්‍රික්කයේ පිහිටි උතුවන්කන්ද අද උසුලන කීර්තියට මූලික වශයෙන් හේතු වී ඇත්තේ “සූර සරදියෙල්” නම් වීරවරයා නිසා බව ප්‍රකට කරුණකි. ඔහු ඉංගී‍්‍රසින්ට නම ඇසූ පමණින් ඇඟ කිලිපොළා යන තරමේ භයානක සොරෙකු, පරගැති සිංහල කළු සුද්දන්ට මංකොල්ල කරුවෙකු, කපටි මරක්කල (මුස්ලිම්) වෙළෙන්දන්ට කප්පම් එකතු කරන්නකු වුවත් ඉංගී්රසි අධිරාජ්‍ය වාදීන්ගෙන් පෑගී මිරිකී ගිය අපේම දුප්පත් පොදු ජනතාවට සරදියෙල් වීරවරයෙක් විය. මේ අපූර්ව මානව හිතවාදියාගේ ජීවිත කතාව වීර කාව්‍යයක් නොවූවත් එයින් නූතන සමාජයට ගතහැකි පාඩම් බොහෝය.

කී ඉතිහාසගත පුවත දිගහරින කල තත්කාලීන සමාජයේ තතු සලකා බැලීමට සිදුවෙයි. දී කිරි කෑවගේ ආදිසි අප්පු හලාවත හාල්දඬුවන උපන් අයෙකි. යටත් විජිතකරණයෙන් පසු මෙරට ඇති වූ වාණිජ වතු වගාව නිසා මෙරට කොළඹ නුවර මාර්ගය ඉදිවූ අතර එමඟින් ප්‍රවාහන ක්ෂේත්රය ද දියුණු විය. අදාසි අප්පුගේ රැකියාව වූයේ කරත්තයෙන් කෝපි, දුම්කොළ වැනි වාණිජ බෝග වෙළඳාම් කිරීමය. කොළඹ – නුවර මාර්ගයේ මාවනැල්ල ආසන්නයේ මාඔය (මහඔය) නිම්නය ගැල්කරුවන්ට තමන්ගේ ගමන් වෙහෙස ඬවාගැනීමට තෝතැන්නක් විය. එම ප්‍රදේශය එදා වෙළඳාමේ පැමිණි කරත්ත ගාල් කර තිබූ ස්ථානය අසල ඇති නිවෙසට අද ද “ගාල්ලේ ගෙදර” යැයි එම ප්‍රදේශයේ ගැමියෝ කියති.

එම ප්‍රදේශයේ තේ කඩ හිමිකරුවෙකුට ඉතාම සුරූපි දියණියක් විය.

ඇය නමින් පිංචොහාමි ය. වෙළඳාමේ ගිය අදාසි අප්පු නිතර නිතර පිංචොහාමිගේ කඩයට ගිය අතර එම සබඳකම තවත් තහවුරු වී අදාසි අප්පුත් කඩේ හිමිකරුගේ දියණිය වන පිංචොහාමිත් මංගල යෝජනාවකින් විවාහ වෙති.

සරදියෙල් අත්අඩංගුෙවීදී

විවාහයෙන් පසුව අදාසි අප්පුත් පිංචොහාමිත් උතුවන්කන්ද ප්‍රදේශයේම ජීවත් වූහ. මේ යුවළට දාව පිරිමි දරුවන් හතරදෙනෙක් හා එක් ගැහැනු දරුවෙක් වූ බව පැවසේ. ඔවුන් නමින් සරදියෙල්, ගබ්රියෙල්, පේදුරු, අන්තෝනි හා මාර්තා වේ. 1932 උපන් සරදියෙල් පවුලේ වැඩිමලා වූ අතර ඔහුගේ බාල නැගණිය මාර්තා කුඩා කාලයේ දීම මිය ගිය බව කියැවේ.

අදාසි අප්පු උපතින්ම කතෝලිකයෙක් වූ අතර ඔහු අනුව යමින් ගබ්රියෙල්, පේදුරු හා අන්තෝනි කිතු දහම වැලඳගත් අතර සරදියෙල් බෞද්ධයෙකු කිරීමට බොදු කාන්තාවක වූ පිංචොහාමි සමත් විය. ඒ අනුව අකුරු කිරීම සඳහා සරදියෙල් උතුවන්කන්දට නුදුරු ඉලුක්ගොඩ පන්සලට යැවීමට ඇය කටයුතු කළාය.

ඉලුක්ගොඩ පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේගේ ඇසුරෙහි හැදුණු වැඩුණු කුඩා සරදියෙල් කුඩා කාලයේ සිටම විවිධ තාඩන පීඩන, රැවුම් ගෙරවුම්වලට ලක් විය. ඉලුක්ගොඩ පන්සලට අකුරු කිරීමට පැමිණි ප්‍රදේශයේ වැදගතුන් යැයි සැලකෙන අයගේ දරුවන්ගෙන් ඔහුට විවිධ කෙනෙහිලිකම් විඳීමට සිදුවිය. මෙය දරාගත නොහැකි වූ සරදියෙල් අකුරු කිරීම අත්හැර දැමීමට තීරණය කළේ ගමේ ප්රභූන්ගේ දරුවන්ට පන්සල් භූමියේ දීම බිම පෙරළාගෙන පහර දීමෙන් පසුවය. අකුරු කිරීමට ආයුබෝවන් කී ඔහු පන්සලෙන් පලා ගියේය. පලා ගොස් ඔහු කොළඹ සහ මීගමුව ආශ්‍රය කොටගත් ප්‍රදේශයේ ජීවත් වූ බව කියවේ. ඒ වන විටත් සරදියෙල්ට උතුවන්කන්දේ මම්මලේ මරික්කාර් නමැති අඹ යහළුවෙක් විය. සරදියෙල් ඉන් පසුව කොළඹ හමුදා බැරැක්කයක සේවයට ගියේ මේ මිතුරා ද සමඟය. එහිදී ඉතාම හොඳින් අවිආයුධ පිළිබඳව පුහුණුවක් ලබාගැනීමට ඔහු අමතක නොකළේය. හමුදා බැරැක්කයේ දී ඇතිවූ ආරවුලක් නිසා සරදියෙල් සිරගත කරන ලද අතර අවසානයේ ඔහු සිපිරිගෙයින් පැන එන්නේ හමුදා බැරැක්කයෙන් ගිනි අවියකුත් සොරාගෙනය.

නැවත තමාගේ ගම් පියස වන උතුවන්කන්දට පැමිණෙන සරදියෙල් කුඩා ව්‍යාපාරයක් ආරම්භ කළ අතර එය සාර්ථක නොවීය. මේ ආකර්ෂණීය තරුණයා වටා එවකට මාවනැල්ල අවට ගම්වල තරුණයෝ අත්වැල් බැඳගත්හ. ඔහු වටා මම්මලේ මරික්කාර්, සිරිමලා, උක්කිදා, කිරිහොඳා, හවඩියා ආදී වශයෙන් යහළුවන් පිරිසක් සිටි අතර ඔවුන් සියලුදෙනාම අධිරාජ්‍ය විරෝධි පුද්ගලයන් වූ අතර සමාජයේ තාඩන පීඩන හේතුවෙන් මිරිකී ගිය සාමාන්‍ය පොදු ජනතාව ද වූහ. මේ කාලය වන විට ඉංගී්රසි පාලනය විසින් මුඩු බිම් පනත ගෙනවිත් ඉඩම් අත්පත් කරන ලද අතර වතුවගාබිම් මගින් කන්ද උඩරට ගිලගෙන තිබිණි. අපේ දේශීය උරුමයන්ගේ සාරය උරාබොමින් සිටි අධිරාජ්‍යවාදීන් මෙරට සිටි ස්වදේශිකයන් ඔවුන්ගේ වහලුන් සේ යොදා ගනිමින් සුදු අධිරාජ්‍යවාදයට කත් අදින කළු සුද්දන් බිහිකිරීම ඔවුන්ගේ අරමුණ විය. ආදායම් බෙදීයාමේ විෂමතාවය පරතෙරට පැමිණි මේ යුගයේ පැවති සමාජ අවශ්‍යතාවයක් වශයෙන් සමාජ සාධාරණත්වය ඉටු කිරීමට කටයුතු කිරීම සරදියෙල් විසින් ඉෂ්ට කරයි. නමුත් ඔහු තෝරාගන්නා මාර්ගය වන ඇති හැකි අයගෙන් මංකොල්ල කා නැති බැරි අයට එම ධනය බෙදා දීම ක්‍රමවේදය සාධූ සම්මත සමාජයේ අසම්මත යැයි සැලකෙන, සාම්ප්‍රදායික රාමුවෙන් පිට පැන ගිය ක්‍රමවේදයක් විය.

එකල උඩරට වතු නිෂ්පාදන මහනුවර සිට කොළඹට ගෙන ගියේ උතුවන්කන්ද හරහාය. සරදියෙල් හා ඔහුගේ සහචරයන් පිරිස උතුවන්කන්ද ගිරිදුර්ගය ප්‍රයෝජනයට ගෙන මේ මාර්ගයේ ඉහළ පහළ යන ගැල් කොල්ල කෑ අතර එම කොල්ල කන ලද දේ අහිංසක, අසරණ, බදු ගෙවා ගත නොහැකි දිළිඳු මිනිසුන් හට බෙදා දෙන ලදි. කොල්ල කෑ මුදල් දිළිඳු ජනතාව අතරට ගොස් බෙදා හැරීමෙන් ඔහු වචනයෙන් විස්තර කළ නොහැකි සතුටක් භුක්ති විඳින ලද බව කියවේ. තවද සාමාන්‍ය ජනතාව පීඩනයට ලක්කළ දේශීය කළු සුද්දන් හටද සරදියෙල්ගෙන් ගැලවීමක් ලැබුණේ නැත.

1850 – 1860 දශකය වන විට සරදියෙල් පිළිබඳ ප්‍රවෘත්තිය මුළු රට පුරා පැතිර ගිය අතර එය බ්‍රිතාන්‍ය කිරීටයත් දැනගත හැකි විය. මේ හේතුව නිසාම සරදියෙල් ගැන ඔත්තුවක් දෙන ඕනෑම අයෙකුට පවුම් 100 ක් වැනි විශාල මුදලක් ලබා දෙන බව බ්‍රිතාන්‍ය කිරීටය ගැසට් නිවේදනයක් මඟින් නිවේදනය කළේ සරදියෙල් ඔවුන්ට පහසුවෙන් මෙල්ල කළ නොහැකි අභියෝගයක් වූ බැවිනි. සරදියෙල් අල්ලා ගැනීමට අවස්ථා කිහිපයකදී ලංකා පොලීසිය උත්සාහ කළ නමුත් එම උත්සාහයන් ව්‍යවර්ථ වී ගියේ ඔහුට ආරක්ෂාව සැපයීමට ඔහුගේ සගයන්, මාවනැල්ල ප්‍රදේශයේ සාමාන්‍ය ගම්වැසියන් පමණක් නොව උතුවන්කන්දත් ඒ ආශි‍්‍රත ප්‍රදේශයත් හේතු වූ නිසාය.

එක් අවස්ථාවකදී සරදියෙල් අල්ලා ගැනීමට පොලීසියෙන් පැමිණෙන විට සරදියෙල් උතුවන්කන්දෙන් බැස අසළ ඇති වෑගන්තලේ නමැති ගම හරහා දිව ගොස් මහඔයෙන් එගොඩට දිව ගිය බව කියයි. එසේ ඔහු පැන යන්නේ “බෝ ඇල්ල” නමැති කුඩා දියඇල්ල උඩින් එගොඩට පැමිණීමෙනි. බෝ ඇල්ල යනු අඩි 13 ක් පමණ ගල් මුවදොරක් තුළින් මහඔයේ සමස්ත ජල කඳම ගලා යන සම්පූර්ණ ගලෙන් ස්වාභාවිකම නිමවුනු ගල් වක්කඩකි. මෙය සොබාදහමේ අපූර්ව නිර්මාණයක් වන අතර සරදියෙල් ඉන් එගොඩට පනින නමුත් පොලිස් නිලධාරීන්ට ඔහුට මෙන් සුරුවිරුකම් කළ නොහැකි නිසා පොලීසිය ආපසු හැරී යන බව වෑගන්තලේ ගැමියෝ කියති.

සරදියෙල් යනු අධික ලෙස සූදුවට ඇබ්බැහි වූවෙකි. මෙයට අමතරව ඔහු මුස්ලිම් කාන්තාවක් සමඟ අනියම් සබඳතාවක් පැවැත්වූ බව පැවසෙයි. ඇය සරදියෙල්ගේ මිතුරකු වූ මම්මලේ මරික්කාර්ගේ වැඩිමහල් සහෝදරියයි. ඇය විවාහ වී සිටියේ “කාදර්” නමැති අයෙකු සමඟය. ඇගේ නිවස මාවනැල්ල ගඩොල් පාලම අසළ තිබූ බව කියයි. මෙයට අමතරව සරදියෙල් යන්ත්‍ර මන්ත්‍ර ගැන දැඩි විශ්වාසයක් තැබූ අයෙකු බව ගම්මු කියති. ඔහු සතු මඩකලපුවේ මුස්ලිම් පල්ලියකින් ගත් “කාල අංජනම” නම් අඳුනක්ද වන්නියේ පන්සලකින් ගත් “නරස්ති මාලය” නමැති යන්ත්‍රය ද තිබූ බව ජනප්‍රවාදවල කියවේ.

සතර කෝරළයේ පමණක් නොව මුළු මහත් ලංකාව තැති ගැන්වීමට සමත් වූ මේ අසහාය පුරුෂයාගේ සමහර ක්‍රියාකාරකම් නිසා මියගිය පුද්ගලයෝ ද නැතුවාම නොවේ. ඒ අතර “පානිස්” සහ “මංගල්” වැන්නෝ ද වූහ. ඔවුන් ඝාතන කිරීම නිසා 1862 ජූලි 31 වැනි දා අලුත් කඩේ උසාවිය මඟින් වරදකරු කරන ලද සරදියෙල් බන්ධනාගාර ගත කළේය. නමුත් එම වසරේ ම නොවැම්බර් 19 වැනි දින පැන ඒමට ඔහු සමත්වෙයි. පැනවින් උතුවන්කන්දේ තම රාජධානිය තුළ සැඟව සිටියේය. සරදියෙල් සහ ඔහුගේ සහචරයන් පිරිස ගැන ඔත්තුවක් දෙන ඕනෑම අයෙකුට පවුම් 200 ක් වැනි විශාල මුදලක් ලබා දෙන බව බ්‍රිතාන්‍ය කිරීටය 1864 පෙබරවාරි 18 වැනිදා ගැසට් නිවේදනයක් මඟින් නිවේදනය කළේ ඔහුගේ කුපුරිස් ක්‍රියා අතිශය උත්සන්න වූ නිසාය. සරදියෙල්ගේ වික්‍රමාන්විත දිවියේ අවාසනාවන්තම කාලය උදා වූයේ 1864 මාර්තු 10 වැනි දින සිටය. එවකට පොලිස් සුපිරින්ටැන්ඩන් මැකාර්ටිනි මහතාත් එවකට කෑගල්ලේ උප ඒජන්තවරයා වශයෙන් කටයුතු කළ එෆ්.ආර්. සෝන්ඩර්ස් විසින් තුවක්කු ගත් ජා හමුදාවක් කොළඹින් ගෙන්වා සරදියෙල් අල්ලා ගැනීමේ මෙහෙයුම දියත් කර තිබිණි. ඉංගී්රසින් සරදියෙල් ඇල්ලීමට සිංහල පොලිස් නිලධාරින් පිරිසක් එවීමට පියවර නොගත්තේ ඒ වනවිට වීරයෙකු වශයෙන් ජනපි‍්‍රයත්වයට පත්ව සිටි සරදියෙල් සමඟ එකතු වී ඔවුන් ද තමන්ට විරුද්ධව කැරැල්ලක් ඇති කරනු ඇතැයි යන සැකය නිසා බව පැවසේ. 1864 මාර්තු 16 වැනි දින සරදියෙල් හා ඔහුගේ සහචරයන් අල්ලා ගැනීමට පැමිණි ජෝර්ජ් වෑන් හා ක්‍රිස්තියානු අප්පු සරදියෙල් ඇතුළු පිරිසගෙන් මැරුම් කෑ බවත් තවත් හතර දෙනෙක් තුවාල ලැබූ බව මාවනැල්ලේ ලංකා පොලීසියේ සිහිවටන පුවරුවෙ හි සටහන් කර ඇත.

සරදියෙල් මාවනැල්ල ගඩොල් පාලම අසල සොල්දර නිවසක සැඟව සිටියදී සුද්දන්ට සරදියෙල් ගැන ඔත්තු සැපවූයේ ඔහු සමඟම එක බත්පත කෑ සිටි සිරිමලා විසිනි. ඒ අනුව අමාන් නමැති ජා සාජන්ට් වරයාගේ මෙහෙයවීමෙන් එම නිවස වටකර සරදියෙල් යටත්කර ගැනීමට මෙහෙයුම් දියත් කළ බව කියවේ. මෙහෙයුම් අවසාන ප්‍රතිඵලය ලෙස සරදියෙල්ගේ කකුලට වෙඩි වැදුණු අතර සරදියෙල් හා මම්මලේ මරික්කාර් පොලිස් අත්අඩංගුවට පත්වූහ. අත්අඩංගුවට ගැනීමේ දී සිරිමලා තමන් පාවා දුන් බව දැක සිරිමලාට “අපි අතින් හුඟ දෙනෙක් මැරුම් කෑව. මට වෙඩි තියන්න තිබේබෙ ඒ අයට නෙමෙයි උඹට යි” යනුවෙන් සරදියෙල් කියූ බව ජනප්රවාදයේ කියැවේ. සෝන්ඩර්ස් විසින් අත්අඩංගුවට ගනු ලැබූ සරදියෙල් හා මම්මලේ මරික්කාර් කරත්ත පෙරහරකින් බෝගම්බර බන්ධනාගාරයට ගෙන ගිය බවත් මහා ජන ගඟක් මාවනැල්ල සිට බෝගම්බර දක්වා මාර්ගය දෙපස එක් රැස් වෙමින් බ්‍රිතාන්‍යන් සසල කළ කෙසග සිරුරක් ඇති සරදියෙල් හා මම්මලේ මරික්කාර් දැක බලා ගත් බවත් කියැවේ.

ඒ අනුව 1864 මාර්තු 21 වැනි දින සරදියෙල් අත්අඩංගුවට ගැනුණු අතර එහිදී ලංකා පොලීසියේ ක්රියාන්විතයකදී මියගිය පළමු පොලිස් නිලධාරියා බවට “කොස්තාපල් සාභාන්” පත් විය. පොලිස් සාජන්ට් මුත්තු සාමි තුවාල ලැබීය. සරදියෙල් යටත්කර ගැනීමට මෙහෙයුම දියත් කළ පොලිස් සාජන්ට් ප්‍රධාන කොස්තාපල් ලෙස උසස් වීමක් හා පවුම් 35 දීමනාවක් ද, සාජන්ට් මුත්තු සාමිට පවුම් 20 දීමනාවක් ද, කොස්තාපල් සාභාන් වෙනුවෙන් ඔහුගේ බිරිඳට ජීවිතාන්තය දක්වා මාසිකව පවුම් 2 කුත් සිලිම් 6 කුත් ගෙවූ බව වාර්තාවේ. එදා ලංකා පොලීසියේ ක්රියාන්විතයකදී මියගිය පළමු පොලිස් නිලධාරියා සිහි කිරීමට මාවනැල්ලේ ගඩොල් පාලමට නුදුරු එම ස්ථානයේ පොලිස් ස්මාරකයක් ගොඩනඟා ඇති අතර මාර්තු 21 වැනි දින ජාතික පොලිස් දිනය බවට ද ප්‍රකාශයට පත් කර ඇත.

අත්අඩංගුවට ගත් මේ අපූරු මිනිසා හට කිසිම බුරුලක් ලබානොදීමට ලංකා පොලීසිය කටයුතු කළ අතර ඔහුට විරුද්ධව නඩු විභාගය 1864 අප්‍රේල් 14 වෙනිදා ආරම්භ කළ අතර අවසන් නඩු තීන්දුව වූයේ සරදියෙල් හා මම්මලේ ප්‍රසිද්ධියේ එල්ලා මැරීමටයි. ඔහු එල්ලා මැරීමට නියම වූයේ 1864 මැයි 04 වෙනිදා වුණත් පසුව එය මැයි 07 වැනිදා දීර්ඝ කළේය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 32 කි. ඔහුට මරණ දඬුවම නියම වූ පසු ඔහු කතෝලික ආගමට හරවා ගැනීමට ප්‍රංශ ජාතික “ඒඩ්‍රියල් ඩාප්ෆෝ’” නමැති පූජකයා සමත් වූ බව කියවේ. සමාජ අසාධාරණයෙන්, බලවාදයෙන්, අධිරාජ්‍ය වාදයෙන් නොමඟට යැවුණු කුරිරු සමාජය ඉදිරියේ 1864 මැයි 07 වැනිදා මහනුවර පොදු වෙළඳපළ ඉදිරිපිට දෙනෝදාහක් මැද එල්ලා මැරීම සරදියෙල්ගේ දෛවය විසින් කරන ලද සරදමක් වැනිය. ඔහුගේ මුල් කාලයේ සිට අවසාන හුස්ම පොද දක්වාම අසල සිටි මම්මලේ මරික්කාර්ගෙන් කල්‍යාණ මිත්රයින්ගේ උත්තම ගුණය මෙන් ම එකල පැවති ජනවාර්ගික සමගිය ද නිරූපණය කරයි.

මීට වසර 149 කට පෙර පෝරකය උඩ අවසන් ගමන් ගිය මේ අපූර්ව මිනිසාට අවසන් ගෞරව කිරීමට ඥාතීන්ට දේහය ලබා නොදීමට තරම් බ්‍රිතාන්‍ය කිරීටය කෲර වීය. ශ්‍රී ලංකාවේ රොබින්හුඩ් යන අන්වර්ථ නාමය උතුවන්කන්දේ සූර සරදියෙල්ට හිමි වන්නේ ඔහු හුදෙක්ම කාඩ්බෝඩ් වීරයකු නොව පොදු ගැමි විඥානය තුළ පතුලටම කිදා බැස ගත් දේශජ වීරයෙක් නිසාය.

සූර සරදියෙල් වැනි වීරෝදාර ලංකා පුරුෂයකුට සෙවණ, රැකවරණය ලබා දුන් උතුවන්කන්ද අදටත් තේජෝ ගුණයෙන් හා අභිමානයෙන් අහස්කුස සිඹින්නේ ඒ උදාර පුරුෂයා පිළිබඳව බොහෝ දෙනා නොදන්නා රහස් ගොන්නක අක්මුල් තමා සතුව සඟවාගෙන පවතින බව කොළඹ නුවර මාර්ගයේ ඉහළ පහළ යන පුද්ගලයින්ට පෙන්වමිනි.

උපුටාගැනීම - අන්තර්ජාලයෙනි

[QUOTE="KRipTER, post: 18971262, member: 548168"] [b]සුද්දන්ට මර උණ ගැන්වූ කළු රොබින් හුඩ්[/b] [SIZE="3"][IMG]http://www.lankafrontline.com/wp-content/uploads/2013/05/sura-saradiyel.jpg[/IMG] [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/b/bb/Photograph_of_Utuwankande_Sura_Saradiel..jpg[/IMG] කොළඹ – නුවර මාර්ගයේ මාවනැල්ල නගරයට ළඟාවීමට පෙර පසු කරන ගිරි දුර්ගය පිළිබඳව ඉතාම ඕනෑකමින් නිරීක්ෂණය කළහොත් මධ්‍යම කඳුකරයේ මුවදොර හරිත වර්ණ වූ කෙත් වතු අතරින් එක්වරම අහස සිපගැනීමට මෙන් ඉහළ නැගුණු කඳු ශිඛරයක් දැකගත හැකිවෙයි. එය බැලූ බැල්මටම බළකොටුවක් අපගේ සිත තුළ චිත්රනය කිරීමට සමත් වේ. මේ නිසාම යටත් විජිත සමයේ මෙය “කාසල්රොක්” ලෙස හැඳින්වීය. එම කඳු මුදුනේ ඇති විශාල ගල් කුළු දුර ඈතට ඉංගී්රසි ජාතිකයින්ට දර්ශනය වූයේ යුරෝපයේ ඇති රයින් මාලිගයේ දුම් කුලුනේ හැඩයට බවත් එම නිසා මේ කඳු ශිඛරයට “කාසල්රොක්” යන නම ලැබෙන්නට ඇති බවත් සැලකේ. නමුත් මෙරට ජනතාව මෙම සුන්දර කඳු ශිඛරය “උතුවන්කන්ද” ලෙස හඳුන්වනු ලැබේ. “උතුවන්කන්ද” සතර කෝරළයට අයත් ගලබඩ කෝරළයේ එක් පැත්තකින් අලගල්ලත් අනෙක් පසින් බතලේගලත් අනික් පසින්බලන දුර්ගයටත් මැදිව මාඔය (මහඔයේ)) නිම්නයේ සාරවත් කෙත්වතු අතර පිහිටා ඇත. කෑගලු දිස්ත්‍රික්කයේ පිහිටි උතුවන්කන්ද අද උසුලන කීර්තියට මූලික වශයෙන් හේතු වී ඇත්තේ “සූර සරදියෙල්” නම් වීරවරයා නිසා බව ප්‍රකට කරුණකි. ඔහු ඉංගී‍්‍රසින්ට නම ඇසූ පමණින් ඇඟ කිලිපොළා යන තරමේ භයානක සොරෙකු, පරගැති සිංහල කළු සුද්දන්ට මංකොල්ල කරුවෙකු, කපටි මරක්කල (මුස්ලිම්) වෙළෙන්දන්ට කප්පම් එකතු කරන්නකු වුවත් ඉංගී්රසි අධිරාජ්‍ය වාදීන්ගෙන් පෑගී මිරිකී ගිය අපේම දුප්පත් පොදු ජනතාවට සරදියෙල් වීරවරයෙක් විය. මේ අපූර්ව මානව හිතවාදියාගේ ජීවිත කතාව වීර කාව්‍යයක් නොවූවත් එයින් නූතන සමාජයට ගතහැකි පාඩම් බොහෝය. කී ඉතිහාසගත පුවත දිගහරින කල තත්කාලීන සමාජයේ තතු සලකා බැලීමට සිදුවෙයි. දී කිරි කෑවගේ ආදිසි අප්පු හලාවත හාල්දඬුවන උපන් අයෙකි. යටත් විජිතකරණයෙන් පසු මෙරට ඇති වූ වාණිජ වතු වගාව නිසා මෙරට කොළඹ නුවර මාර්ගය ඉදිවූ අතර එමඟින් ප්‍රවාහන ක්ෂේත්රය ද දියුණු විය. අදාසි අප්පුගේ රැකියාව වූයේ කරත්තයෙන් කෝපි, දුම්කොළ වැනි වාණිජ බෝග වෙළඳාම් කිරීමය. කොළඹ – නුවර මාර්ගයේ මාවනැල්ල ආසන්නයේ මාඔය (මහඔය) නිම්නය ගැල්කරුවන්ට තමන්ගේ ගමන් වෙහෙස ඬවාගැනීමට තෝතැන්නක් විය. එම ප්‍රදේශය එදා වෙළඳාමේ පැමිණි කරත්ත ගාල් කර තිබූ ස්ථානය අසල ඇති නිවෙසට අද ද “ගාල්ලේ ගෙදර” යැයි එම ප්‍රදේශයේ ගැමියෝ කියති. එම ප්‍රදේශයේ තේ කඩ හිමිකරුවෙකුට ඉතාම සුරූපි දියණියක් විය. ඇය නමින් පිංචොහාමි ය. වෙළඳාමේ ගිය අදාසි අප්පු නිතර නිතර පිංචොහාමිගේ කඩයට ගිය අතර එම සබඳකම තවත් තහවුරු වී අදාසි අප්පුත් කඩේ හිමිකරුගේ දියණිය වන පිංචොහාමිත් මංගල යෝජනාවකින් විවාහ වෙති. සරදියෙල් අත්අඩංගුෙවීදී විවාහයෙන් පසුව අදාසි අප්පුත් පිංචොහාමිත් උතුවන්කන්ද ප්‍රදේශයේම ජීවත් වූහ. මේ යුවළට දාව පිරිමි දරුවන් හතරදෙනෙක් හා එක් ගැහැනු දරුවෙක් වූ බව පැවසේ. ඔවුන් නමින් සරදියෙල්, ගබ්රියෙල්, පේදුරු, අන්තෝනි හා මාර්තා වේ. 1932 උපන් සරදියෙල් පවුලේ වැඩිමලා වූ අතර ඔහුගේ බාල නැගණිය මාර්තා කුඩා කාලයේ දීම මිය ගිය බව කියැවේ. අදාසි අප්පු උපතින්ම කතෝලිකයෙක් වූ අතර ඔහු අනුව යමින් ගබ්රියෙල්, පේදුරු හා අන්තෝනි කිතු දහම වැලඳගත් අතර සරදියෙල් බෞද්ධයෙකු කිරීමට බොදු කාන්තාවක වූ පිංචොහාමි සමත් විය. ඒ අනුව අකුරු කිරීම සඳහා සරදියෙල් උතුවන්කන්දට නුදුරු ඉලුක්ගොඩ පන්සලට යැවීමට ඇය කටයුතු කළාය. ඉලුක්ගොඩ පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේගේ ඇසුරෙහි හැදුණු වැඩුණු කුඩා සරදියෙල් කුඩා කාලයේ සිටම විවිධ තාඩන පීඩන, රැවුම් ගෙරවුම්වලට ලක් විය. ඉලුක්ගොඩ පන්සලට අකුරු කිරීමට පැමිණි ප්‍රදේශයේ වැදගතුන් යැයි සැලකෙන අයගේ දරුවන්ගෙන් ඔහුට විවිධ කෙනෙහිලිකම් විඳීමට සිදුවිය. මෙය දරාගත නොහැකි වූ සරදියෙල් අකුරු කිරීම අත්හැර දැමීමට තීරණය කළේ ගමේ ප්රභූන්ගේ දරුවන්ට පන්සල් භූමියේ දීම බිම පෙරළාගෙන පහර දීමෙන් පසුවය. අකුරු කිරීමට ආයුබෝවන් කී ඔහු පන්සලෙන් පලා ගියේය. පලා ගොස් ඔහු කොළඹ සහ මීගමුව ආශ්‍රය කොටගත් ප්‍රදේශයේ ජීවත් වූ බව කියවේ. ඒ වන විටත් සරදියෙල්ට උතුවන්කන්දේ මම්මලේ මරික්කාර් නමැති අඹ යහළුවෙක් විය. සරදියෙල් ඉන් පසුව කොළඹ හමුදා බැරැක්කයක සේවයට ගියේ මේ මිතුරා ද සමඟය. එහිදී ඉතාම හොඳින් අවිආයුධ පිළිබඳව පුහුණුවක් ලබාගැනීමට ඔහු අමතක නොකළේය. හමුදා බැරැක්කයේ දී ඇතිවූ ආරවුලක් නිසා සරදියෙල් සිරගත කරන ලද අතර අවසානයේ ඔහු සිපිරිගෙයින් පැන එන්නේ හමුදා බැරැක්කයෙන් ගිනි අවියකුත් සොරාගෙනය. නැවත තමාගේ ගම් පියස වන උතුවන්කන්දට පැමිණෙන සරදියෙල් කුඩා ව්‍යාපාරයක් ආරම්භ කළ අතර එය සාර්ථක නොවීය. මේ ආකර්ෂණීය තරුණයා වටා එවකට මාවනැල්ල අවට ගම්වල තරුණයෝ අත්වැල් බැඳගත්හ. ඔහු වටා මම්මලේ මරික්කාර්, සිරිමලා, උක්කිදා, කිරිහොඳා, හවඩියා ආදී වශයෙන් යහළුවන් පිරිසක් සිටි අතර ඔවුන් සියලුදෙනාම අධිරාජ්‍ය විරෝධි පුද්ගලයන් වූ අතර සමාජයේ තාඩන පීඩන හේතුවෙන් මිරිකී ගිය සාමාන්‍ය පොදු ජනතාව ද වූහ. මේ කාලය වන විට ඉංගී්රසි පාලනය විසින් මුඩු බිම් පනත ගෙනවිත් ඉඩම් අත්පත් කරන ලද අතර වතුවගාබිම් මගින් කන්ද උඩරට ගිලගෙන තිබිණි. අපේ දේශීය උරුමයන්ගේ සාරය උරාබොමින් සිටි අධිරාජ්‍යවාදීන් මෙරට සිටි ස්වදේශිකයන් ඔවුන්ගේ වහලුන් සේ යොදා ගනිමින් සුදු අධිරාජ්‍යවාදයට කත් අදින කළු සුද්දන් බිහිකිරීම ඔවුන්ගේ අරමුණ විය. ආදායම් බෙදීයාමේ විෂමතාවය පරතෙරට පැමිණි මේ යුගයේ පැවති සමාජ අවශ්‍යතාවයක් වශයෙන් සමාජ සාධාරණත්වය ඉටු කිරීමට කටයුතු කිරීම සරදියෙල් විසින් ඉෂ්ට කරයි. නමුත් ඔහු තෝරාගන්නා මාර්ගය වන ඇති හැකි අයගෙන් මංකොල්ල කා නැති බැරි අයට එම ධනය බෙදා දීම ක්‍රමවේදය සාධූ සම්මත සමාජයේ අසම්මත යැයි සැලකෙන, සාම්ප්‍රදායික රාමුවෙන් පිට පැන ගිය ක්‍රමවේදයක් විය. එකල උඩරට වතු නිෂ්පාදන මහනුවර සිට කොළඹට ගෙන ගියේ උතුවන්කන්ද හරහාය. සරදියෙල් හා ඔහුගේ සහචරයන් පිරිස උතුවන්කන්ද ගිරිදුර්ගය ප්‍රයෝජනයට ගෙන මේ මාර්ගයේ ඉහළ පහළ යන ගැල් කොල්ල කෑ අතර එම කොල්ල කන ලද දේ අහිංසක, අසරණ, බදු ගෙවා ගත නොහැකි දිළිඳු මිනිසුන් හට බෙදා දෙන ලදි. කොල්ල කෑ මුදල් දිළිඳු ජනතාව අතරට ගොස් බෙදා හැරීමෙන් ඔහු වචනයෙන් විස්තර කළ නොහැකි සතුටක් භුක්ති විඳින ලද බව කියවේ. තවද සාමාන්‍ය ජනතාව පීඩනයට ලක්කළ දේශීය කළු සුද්දන් හටද සරදියෙල්ගෙන් ගැලවීමක් ලැබුණේ නැත. 1850 – 1860 දශකය වන විට සරදියෙල් පිළිබඳ ප්‍රවෘත්තිය මුළු රට පුරා පැතිර ගිය අතර එය බ්‍රිතාන්‍ය කිරීටයත් දැනගත හැකි විය. මේ හේතුව නිසාම සරදියෙල් ගැන ඔත්තුවක් දෙන ඕනෑම අයෙකුට පවුම් 100 ක් වැනි විශාල මුදලක් ලබා දෙන බව බ්‍රිතාන්‍ය කිරීටය ගැසට් නිවේදනයක් මඟින් නිවේදනය කළේ සරදියෙල් ඔවුන්ට පහසුවෙන් මෙල්ල කළ නොහැකි අභියෝගයක් වූ බැවිනි. සරදියෙල් අල්ලා ගැනීමට අවස්ථා කිහිපයකදී ලංකා පොලීසිය උත්සාහ කළ නමුත් එම උත්සාහයන් ව්‍යවර්ථ වී ගියේ ඔහුට ආරක්ෂාව සැපයීමට ඔහුගේ සගයන්, මාවනැල්ල ප්‍රදේශයේ සාමාන්‍ය ගම්වැසියන් පමණක් නොව උතුවන්කන්දත් ඒ ආශි‍්‍රත ප්‍රදේශයත් හේතු වූ නිසාය. එක් අවස්ථාවකදී සරදියෙල් අල්ලා ගැනීමට පොලීසියෙන් පැමිණෙන විට සරදියෙල් උතුවන්කන්දෙන් බැස අසළ ඇති වෑගන්තලේ නමැති ගම හරහා දිව ගොස් මහඔයෙන් එගොඩට දිව ගිය බව කියයි. එසේ ඔහු පැන යන්නේ “බෝ ඇල්ල” නමැති කුඩා දියඇල්ල උඩින් එගොඩට පැමිණීමෙනි. බෝ ඇල්ල යනු අඩි 13 ක් පමණ ගල් මුවදොරක් තුළින් මහඔයේ සමස්ත ජල කඳම ගලා යන සම්පූර්ණ ගලෙන් ස්වාභාවිකම නිමවුනු ගල් වක්කඩකි. මෙය සොබාදහමේ අපූර්ව නිර්මාණයක් වන අතර සරදියෙල් ඉන් එගොඩට පනින නමුත් පොලිස් නිලධාරීන්ට ඔහුට මෙන් සුරුවිරුකම් කළ නොහැකි නිසා පොලීසිය ආපසු හැරී යන බව වෑගන්තලේ ගැමියෝ කියති. සරදියෙල් යනු අධික ලෙස සූදුවට ඇබ්බැහි වූවෙකි. මෙයට අමතරව ඔහු මුස්ලිම් කාන්තාවක් සමඟ අනියම් සබඳතාවක් පැවැත්වූ බව පැවසෙයි. ඇය සරදියෙල්ගේ මිතුරකු වූ මම්මලේ මරික්කාර්ගේ වැඩිමහල් සහෝදරියයි. ඇය විවාහ වී සිටියේ “කාදර්” නමැති අයෙකු සමඟය. ඇගේ නිවස මාවනැල්ල ගඩොල් පාලම අසළ තිබූ බව කියයි. මෙයට අමතරව සරදියෙල් යන්ත්‍ර මන්ත්‍ර ගැන දැඩි විශ්වාසයක් තැබූ අයෙකු බව ගම්මු කියති. ඔහු සතු මඩකලපුවේ මුස්ලිම් පල්ලියකින් ගත් “කාල අංජනම” නම් අඳුනක්ද වන්නියේ පන්සලකින් ගත් “නරස්ති මාලය” නමැති යන්ත්‍රය ද තිබූ බව ජනප්‍රවාදවල කියවේ. සතර කෝරළයේ පමණක් නොව මුළු මහත් ලංකාව තැති ගැන්වීමට සමත් වූ මේ අසහාය පුරුෂයාගේ සමහර ක්‍රියාකාරකම් නිසා මියගිය පුද්ගලයෝ ද නැතුවාම නොවේ. ඒ අතර “පානිස්” සහ “මංගල්” වැන්නෝ ද වූහ. ඔවුන් ඝාතන කිරීම නිසා 1862 ජූලි 31 වැනි දා අලුත් කඩේ උසාවිය මඟින් වරදකරු කරන ලද සරදියෙල් බන්ධනාගාර ගත කළේය. නමුත් එම වසරේ ම නොවැම්බර් 19 වැනි දින පැන ඒමට ඔහු සමත්වෙයි. පැනවින් උතුවන්කන්දේ තම රාජධානිය තුළ සැඟව සිටියේය. සරදියෙල් සහ ඔහුගේ සහචරයන් පිරිස ගැන ඔත්තුවක් දෙන ඕනෑම අයෙකුට පවුම් 200 ක් වැනි විශාල මුදලක් ලබා දෙන බව බ්‍රිතාන්‍ය කිරීටය 1864 පෙබරවාරි 18 වැනිදා ගැසට් නිවේදනයක් මඟින් නිවේදනය කළේ ඔහුගේ කුපුරිස් ක්‍රියා අතිශය උත්සන්න වූ නිසාය. සරදියෙල්ගේ වික්‍රමාන්විත දිවියේ අවාසනාවන්තම කාලය උදා වූයේ 1864 මාර්තු 10 වැනි දින සිටය. එවකට පොලිස් සුපිරින්ටැන්ඩන් මැකාර්ටිනි මහතාත් එවකට කෑගල්ලේ උප ඒජන්තවරයා වශයෙන් කටයුතු කළ එෆ්.ආර්. සෝන්ඩර්ස් විසින් තුවක්කු ගත් ජා හමුදාවක් කොළඹින් ගෙන්වා සරදියෙල් අල්ලා ගැනීමේ මෙහෙයුම දියත් කර තිබිණි. ඉංගී්රසින් සරදියෙල් ඇල්ලීමට සිංහල පොලිස් නිලධාරින් පිරිසක් එවීමට පියවර නොගත්තේ ඒ වනවිට වීරයෙකු වශයෙන් ජනපි‍්‍රයත්වයට පත්ව සිටි සරදියෙල් සමඟ එකතු වී ඔවුන් ද තමන්ට විරුද්ධව කැරැල්ලක් ඇති කරනු ඇතැයි යන සැකය නිසා බව පැවසේ. 1864 මාර්තු 16 වැනි දින සරදියෙල් හා ඔහුගේ සහචරයන් අල්ලා ගැනීමට පැමිණි ජෝර්ජ් වෑන් හා ක්‍රිස්තියානු අප්පු සරදියෙල් ඇතුළු පිරිසගෙන් මැරුම් කෑ බවත් තවත් හතර දෙනෙක් තුවාල ලැබූ බව මාවනැල්ලේ ලංකා පොලීසියේ සිහිවටන පුවරුවෙ හි සටහන් කර ඇත. සරදියෙල් මාවනැල්ල ගඩොල් පාලම අසල සොල්දර නිවසක සැඟව සිටියදී සුද්දන්ට සරදියෙල් ගැන ඔත්තු සැපවූයේ ඔහු සමඟම එක බත්පත කෑ සිටි සිරිමලා විසිනි. ඒ අනුව අමාන් නමැති ජා සාජන්ට් වරයාගේ මෙහෙයවීමෙන් එම නිවස වටකර සරදියෙල් යටත්කර ගැනීමට මෙහෙයුම් දියත් කළ බව කියවේ. මෙහෙයුම් අවසාන ප්‍රතිඵලය ලෙස සරදියෙල්ගේ කකුලට වෙඩි වැදුණු අතර සරදියෙල් හා මම්මලේ මරික්කාර් පොලිස් අත්අඩංගුවට පත්වූහ. අත්අඩංගුවට ගැනීමේ දී සිරිමලා තමන් පාවා දුන් බව දැක සිරිමලාට “අපි අතින් හුඟ දෙනෙක් මැරුම් කෑව. මට වෙඩි තියන්න තිබේබෙ ඒ අයට නෙමෙයි උඹට යි” යනුවෙන් සරදියෙල් කියූ බව ජනප්රවාදයේ කියැවේ. සෝන්ඩර්ස් විසින් අත්අඩංගුවට ගනු ලැබූ සරදියෙල් හා මම්මලේ මරික්කාර් කරත්ත පෙරහරකින් බෝගම්බර බන්ධනාගාරයට ගෙන ගිය බවත් මහා ජන ගඟක් මාවනැල්ල සිට බෝගම්බර දක්වා මාර්ගය දෙපස එක් රැස් වෙමින් බ්‍රිතාන්‍යන් සසල කළ කෙසග සිරුරක් ඇති සරදියෙල් හා මම්මලේ මරික්කාර් දැක බලා ගත් බවත් කියැවේ. ඒ අනුව 1864 මාර්තු 21 වැනි දින සරදියෙල් අත්අඩංගුවට ගැනුණු අතර එහිදී ලංකා පොලීසියේ ක්රියාන්විතයකදී මියගිය පළමු පොලිස් නිලධාරියා බවට “කොස්තාපල් සාභාන්” පත් විය. පොලිස් සාජන්ට් මුත්තු සාමි තුවාල ලැබීය. සරදියෙල් යටත්කර ගැනීමට මෙහෙයුම දියත් කළ පොලිස් සාජන්ට් ප්‍රධාන කොස්තාපල් ලෙස උසස් වීමක් හා පවුම් 35 දීමනාවක් ද, සාජන්ට් මුත්තු සාමිට පවුම් 20 දීමනාවක් ද, කොස්තාපල් සාභාන් වෙනුවෙන් ඔහුගේ බිරිඳට ජීවිතාන්තය දක්වා මාසිකව පවුම් 2 කුත් සිලිම් 6 කුත් ගෙවූ බව වාර්තාවේ. එදා ලංකා පොලීසියේ ක්රියාන්විතයකදී මියගිය පළමු පොලිස් නිලධාරියා සිහි කිරීමට මාවනැල්ලේ ගඩොල් පාලමට නුදුරු එම ස්ථානයේ පොලිස් ස්මාරකයක් ගොඩනඟා ඇති අතර මාර්තු 21 වැනි දින ජාතික පොලිස් දිනය බවට ද ප්‍රකාශයට පත් කර ඇත. අත්අඩංගුවට ගත් මේ අපූරු මිනිසා හට කිසිම බුරුලක් ලබානොදීමට ලංකා පොලීසිය කටයුතු කළ අතර ඔහුට විරුද්ධව නඩු විභාගය 1864 අප්‍රේල් 14 වෙනිදා ආරම්භ කළ අතර අවසන් නඩු තීන්දුව වූයේ සරදියෙල් හා මම්මලේ ප්‍රසිද්ධියේ එල්ලා මැරීමටයි. ඔහු එල්ලා මැරීමට නියම වූයේ 1864 මැයි 04 වෙනිදා වුණත් පසුව එය මැයි 07 වැනිදා දීර්ඝ කළේය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 32 කි. ඔහුට මරණ දඬුවම නියම වූ පසු ඔහු කතෝලික ආගමට හරවා ගැනීමට ප්‍රංශ ජාතික “ඒඩ්‍රියල් ඩාප්ෆෝ’” නමැති පූජකයා සමත් වූ බව කියවේ. සමාජ අසාධාරණයෙන්, බලවාදයෙන්, අධිරාජ්‍ය වාදයෙන් නොමඟට යැවුණු කුරිරු සමාජය ඉදිරියේ 1864 මැයි 07 වැනිදා මහනුවර පොදු වෙළඳපළ ඉදිරිපිට දෙනෝදාහක් මැද එල්ලා මැරීම සරදියෙල්ගේ දෛවය විසින් කරන ලද සරදමක් වැනිය. ඔහුගේ මුල් කාලයේ සිට අවසාන හුස්ම පොද දක්වාම අසල සිටි මම්මලේ මරික්කාර්ගෙන් කල්‍යාණ මිත්රයින්ගේ උත්තම ගුණය මෙන් ම එකල පැවති ජනවාර්ගික සමගිය ද නිරූපණය කරයි. මීට වසර 149 කට පෙර පෝරකය උඩ අවසන් ගමන් ගිය මේ අපූර්ව මිනිසාට අවසන් ගෞරව කිරීමට ඥාතීන්ට දේහය ලබා නොදීමට තරම් බ්‍රිතාන්‍ය කිරීටය කෲර වීය. ශ්‍රී ලංකාවේ රොබින්හුඩ් යන අන්වර්ථ නාමය උතුවන්කන්දේ සූර සරදියෙල්ට හිමි වන්නේ ඔහු හුදෙක්ම කාඩ්බෝඩ් වීරයකු නොව පොදු ගැමි විඥානය තුළ පතුලටම කිදා බැස ගත් දේශජ වීරයෙක් නිසාය. සූර සරදියෙල් වැනි වීරෝදාර ලංකා පුරුෂයකුට සෙවණ, රැකවරණය ලබා දුන් උතුවන්කන්ද අදටත් තේජෝ ගුණයෙන් හා අභිමානයෙන් අහස්කුස සිඹින්නේ ඒ උදාර පුරුෂයා පිළිබඳව බොහෝ දෙනා නොදන්නා රහස් ගොන්නක අක්මුල් තමා සතුව සඟවාගෙන පවතින බව කොළඹ නුවර මාර්ගයේ ඉහළ පහළ යන පුද්ගලයින්ට පෙන්වමිනි. උපුටාගැනීම - අන්තර්ජාලයෙනි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom