Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
සුදුවෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආසියාතික අපගේ සමේ වර්ණය බටහිර රටවල අයගේ මෙන් පැහැපත් එකක් නොවන බව ඔබ දන්නවා ඇති. නමුත් මෑතක සිට ආකර්ෂණීය වෙළෙඳ උපක්‍රම හරහා ඔබටත් සුදු වීමට හැකි එන්නතක්, බෙහෙතක් ඇති බව කිවහොත් කාටත් හොරෙන් ඔබ ඒ ගැන උනන්දු විය හැකිය. එසේ නම් අනිවාර්යයෙන්ම ඔබ මේ ලිපිය කියවිය යුතුමය.

සුදු පැහැය ලෙස සමහරුන් අර්ථ දක්වන්නේ දුඹුරු පැහැයෙන් මිදුණු ඇත් දළ පැහැයට හුරු ඡවි වර්ණයකි. ඔබේ සමේ වර්ණය පිහිටන්නට උපකාරී වන්නේ මෙලනින් නම් වර්ණ කාරකයයි. එය ඔබේ සිරුරේ පිහිටා ඇති සහ ඔබේ සිරුරේ ක්‍රියාකාරී වන මට්ටම අනුව ඔබේ සමේ පැහැය තීරණය වේ. එය මුළුමනින්ම ඔබේ ශරීරයේ ස්වභාවික ක්‍රියාකාරීත්වය හා බැඳුණු සිද්ධියකි.

කෙනෙකුගේ සමේ පැහැය ස්ථීර වශයෙන්ම වෙනස් කළ හැකි සාර්ථක ක්‍රමයක් පවතින්නේ නම් කළු සුදු භේදය සම්බන්ධ ගැටලු අවම කරගැනීමට එය යොදා ගන්නවා නිසැක නොවේද? එවැන්නක් නොමැති වීම තුළම සමේ පැහැය කිසියම් උපක්‍රමයකින් ස්ථීරව වෙනස් කළ නොහැකි බව ඔබ වටහා ගන්නවා ඇති. %අද^ කාන්තා පිටුව තුළින් අප මේ කාරණය සාකච්ඡාවට බඳුන් කරනුයේ එබැවිණි.

ග්ලූටතියොන් සම්බන්ධයෙන් මෙකල යොවුන් පිරිස තුළ ඇතිව තිබෙන උන්මාදය නැති නම් ඇබ්බැහිය කෙබඳු ආකාරයක එකක්ද යන්න අප විමසා බැලීමට පෙර ලෝකයේ ග්ලූටතියොන් ඇසුරින් සිදුකරන කාර්යය කුමක්ද යන්න මුලින්ම විමසා බලමු.

ග්ලූටතියොන් යනු පිළිකා රෝගීන් වෙනුවෙන් පමණක් ලබාදෙන ඖෂධයකි. එය ලබාදෙන්නේ පිළිකා නාශක ඖෂධවලින් ඇතිවන අතුරු ආබාධ අවම කරගැනීම සඳහාය. ඒ හේතුව හැරෙන්නට මෙම එන්නත වෙනත් කිසිම හේතුවක් සඳහා යොදා ගැනෙන ප්‍රතිකාරයක් නොවේ.

එහි එක් අතුරු ආබාධයක් වනුයේ සම තාවකාලිකව යම් පැහැපත් බවක් දිස්වීමයි. ඒ අනුව සුදුවෙන්නට යැයි කියා ග්ලූටතියොන් එන්නත යොදා ගන්නේ නම් එයින් අදහස් වනුයේ රෝගියෙකු නොවන අයෙකු එහි පවතින අතුරු ආබාධය වැඩි මුදලක්දී ලබාගෙන ශරීරගත කරගන්නා බවයි.

සමේ වර්ණය ඇති කරන මෙලනින් සමේ ආරක්ෂාව කෙරෙහිද වගකීමක් දරන්නකි. ආසියාතිකයන්ගේ සමේ මෙලනින් වර්ණ කාරකය තරමක් බහුල බැවින් සමේ සුදු පැහැයක් ඇති නොවන අතර, එම හේතුවම සමේ ආරක්ෂණය කෙරෙහි බලපෑමෙන් චර්ම පිළිකා ආදියෙන් ස්වාභාවික ආරක්ෂාවක් සැලසේ.

බටහිර රටවල හිරු එළියෙන් සම ආරක්ෂා කිරීම සඳහා මෙලනින් වර්ණකාරකය නොපිහිටීම නිසාම චර්ම පිළිකා බහුල බවක් දකින්නට ලැබේ. මෙලනින් වර්ණකය සමේ යම් තද පැහැති බවක් ඇති කළද හිරු එළියෙන් සම ආරක්ෂාකර චර්ම පිළිකා සෑදීමට ඇති ඉඩකඩ වළක්වන බැවින් එය ආසියාතික අපට යම් තරමක භාග්‍යයකි.

තත්ත්වය මෙසේ පවතිද්දී මෙකල ඇතැම් සුදුසුකම් සපුරන ලියාපදිංචිය සහිත වෛද්‍යවරු විසින්ද සිය සේවාවන් ලබාගැනීමට පැමිණෙන පුද්ගලයන්ගේ ඉල්ලීම පරිදි ලක්ෂ එකහමාර සිට ලක්ෂ හතර දක්වා මුදල් අයකර මේ එන්නත ඒ ඒ පුද්ගලයන්ට ලබාදෙන බව මේ සම්බන්ධයෙන් මෙකල ඇසෙන අලුත්ම ආරංචියයි.

මේ කාරණයට පසුබිම් වූ සියලු තොරතුරු අනාවරණයව ඇති බැවින් එවැනි වෛද්‍යවරු හා ඔවුන්ගේ වෛද්‍ය ආයතන වටලා එවැන්නන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විටද නීතිමය වශයෙන් සම්පාදනය වී පවතී. එම වරදට හසුවන සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ ලියාපදිංචිය අවලංගු කරන්නට එය ප්‍රමාණවත් වරදකි.

ඖෂධයකින් එන අතුරු ආබාධයක් රෝගීන් නොවන අයට සැබෑ තත්ත්වය දැන දැන ලබාදීම නීතිමය වශයෙන් දඬුවම් පැමිණිය හැකි වරදක් වීම එයට හේතුවයි. මෙය ලෝකයේ කිසිම රටක ඖෂධ පාලනාධිකාරියෙන් සම පැහැපත් කිරීම සඳහා යොදාගත හැකි බවට කිසිම අනුමැතියක් ලත් ඖෂධයක් නොවේ.

ග්ලූටතියොන් එන්නත පමණක් නොව අප මේ කතා කරන්නේ ග්ලූටතියොන් ස්ප්‍රේ, කැප්සියුල්, එන්නත්, ආලේපන යන මේ සියල්ලම පිළිබඳවය. යම් අයෙක් මේවායින් කුමන දේ යොදාගත්තද මෙයින් ඇතිවෙන සුදු පැහැය තාවකාලික එකකි. මාස කිහිපයක් ඇතුළත නැවතත් පෙර තිබූ පැහැයම ඇති වන බැවින් එය දීර්ඝ කාලීනව භාවිත කරන්නට මේවා ලබාගන්නා පුද්ගලයාට සිදුවෙයි.

මේ ඖෂධයෙන් ඇතිවන අනෙකුත් අතුරුඵල මොනවාද යන්න තවමත් කිසිදු පරීක්ෂණයක් මගින් පරීක්ෂා කොට තහවුරු කර නොමැති වුවද, මෙය භාවිතයට ගැනීම තුළින් වකුගඩු අකර්මණ්‍ය වීම හා රුධිරගත විෂ වීම් සහ සමේ ස්වාභාවික ආරක්ෂාව බිඳවැටීමෙන් සම කිසියම් ඛාදනයකට ලක් වන බවක් මේ වනවිටත් ප්‍රායෝගිකව ලොව පුරා අත්විඳ ඇති බව පැවසිය හැක.

විද්‍යාත්මකව මේ ඖෂධයේ අතුරුඵල සම්බන්ධයෙන් මෙතෙක් විධිමත් පරීක්ෂණ සිදු නොවී පවතින අතර, මෙය හිතුමතයේ භාවිතය, ඖෂධයක් යැයි සිතා සිටින මේ සංයෝගය අනාගතයේදී කුමන අයුරින් මිනිස් සිරුර තුළ ක්‍රියාකාරී වී කුමන ප්‍රතිඵල ඇති කරයිද යන්න පැවසීමට නොහැකි වීමේද ගැටලුවක් පවතී.

මෙම ඖෂධය වෛද්‍ය විද්‍යානුකූලව වුවද රෝගියෙකුට ලබාදෙන්නේ කෙටි කාලීනවය. ඒ පිළිකා රෝගය සඳහා කීමෝතෙරපි ලබාදෙන කාලය තුළදී එයින් ඇතිවෙන අනෙකුත් අතුරුඵල අවම කරගැනීමටය. වරලත් වෛද්‍යවරයෙකු කිසිම අවස්ථාවක මේ ඖෂධය සමේ පැහැය සම්බන්ධයෙන් අනුමත කරන්නේ නැත. මෙය ප්ලාස්ටික් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු මෙන්ම චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුද සම පැහැපත් කිරීම සඳහා අනුමත නොකරන ඖෂධයකි.

ග්ලූටතියොන් පිළිකා රෝගීන්ට ලබාදෙන කීමෝතෙරපි අතුරු ආබාධ ඉදිරියේ ඉතා සුළු ප්‍රමාණයකින් ලබාදීම ග්ලූටතියොන් ඖෂධයක් ලෙස හැඳින්වීමට ඇති එකම කාරණයයි. නමුත් සැබැවින්ම සමේ පැහැය සම්බන්ධ ගැටලුවලදී මෙය කිසිම ආකාරයක අනුමැතියක් නොලත් සංයෝගයක් වන බැවින් සමේ පැහැය උදෙසා ඔබ මෙම සංයෝගය ඔබේ සිරුරට ඇතුළු කරගන්නට වෙහෙස ගන්නේ නම් එහිදී ඔබ දැන දැනම යම් ආකාරයක අවදානමක් බාරගන්නවා විය හැක.

එයට හේතුව වන්නේ අප මුලින් කීවාක් මෙන් කිසිම රටක ග්ලූටතියොන් සම්බන්ධයෙන් සාමාන්‍ය මිනිස් සිරුර කුමන ප්‍රතිචාරයක් දක්වන්නේද යන්න කිසිදු පරීක්ෂණයක් සිදුකොට නැති අතරම, මේ වන විටත් භාවිත කළ අයට වකුගඩු අකර්මණ්‍ය වීමට තුඩු දීම මෙන්ම, රුධිර පීඩනය සහ රුධිරයට විෂ වීම් ඇති කිරීම වාර්තාගතව ඇති බැවිනි.

සමේ පැහැය යම් යම් අයට ඔවුන්ගේ අනන්‍යතාව මෙන්ම සුන්දරත්වයද ඉස්මතුවෙන ආකාරයෙන් ඇඳුම් පැලඳුම් ආදිය තුළින් වෙනස් කරගත හැකිය. මෙය ඔබට බටහිර රටවල සහ අප්‍රිකානු රටවල මෝස්තර නිරූපිකාවන් ආදිය සන්සන්දනය කිරිමේදී ඔවුන් ගේ සමේ කළු පැහැය ඔවුන්ගේ සුන්දරත්වයට කිසිදු බාධාවක් ඇතිකර නොමැති වීම තුළින්ම වැටහෙනවා ඇත.

රූපලාවණ්‍ය හෝ ලස්සන යනු පැහැපත් බව නොවේ. සැබැවින්ම කාන්තාවකගේ ලස්සන ඇත්තේ ඇගේ නිරෝගීකම තුළය. කෘත්‍රිම ආහාර රටාවෙන් බැහැරව නිසි පෝෂණයක් ලබමින් කෘත්‍රිම ආලේපනවලින් තොරව සමේ අලංකරණය පවත්වා ගන්නට ඔබ උත්සාහ දරන්නේ නම් පැහැය සුදුවෙන්නට අවශ්‍යතාවක් නැති බව ඔබටම වැටහේ.

මතක තබාගන්න කළු පැහැති සමක් සුදු පැහැ ගන්වන්නට මෙතරම් දියුණු බටහිර විද්‍යාව මගින් තවමත් ඖෂධ නිපදවා නැත. එසේ නොකරන්නට හේතුව විද්‍යාත්මකව සමේ පැහැය වෙනස් කළ නොහැකි බව හොඳින්ම දැන සිටීම නිසාවෙනි.

එමෙන්ම සුදු පැහැති සම පැහැයෙන් අඩු සමට වඩා පිළිකා අවදානමක් දක්වයි. මෙහි වඩාත්ම කනගාටුදායක තත්ත්වය වනුයේ ආදායම් තත්වය එතරම් යහපත් නැති නමුත් ආකර්ෂණීය ලෙස යොදාගන්නා වෙළෙඳ උපක්‍රම විශ්වාස කර ඒවාට ගැතිවී ඒවා හඹා යෑමේ හේතුවෙන් තිබුණාටත් වඩා සෞඛ්‍යමය ගැටලු ඇතිකර ගැනීමෙන් අපේම සහෝදර සහෝදරියන් ආර්ථික වශයෙන්ද කඩාවැටීමක් ඇතිකර ගැනීමය

ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විශේෂඥ කවින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව සැකසිණි.

උපුටා ගැනීම - අද පුවත්පත

මගේ පලවෙනි නුල. අඩුපාඩු ඇතොත් සමාවෙන්න.

[QUOTE="SAMARA.GAM, post: 22257856, member: 546125"] [SIZE="3"]ආසියාතික අපගේ සමේ වර්ණය බටහිර රටවල අයගේ මෙන් පැහැපත් එකක් නොවන බව ඔබ දන්නවා ඇති. නමුත් මෑතක සිට ආකර්ෂණීය වෙළෙඳ උපක්‍රම හරහා ඔබටත් සුදු වීමට හැකි එන්නතක්, බෙහෙතක් ඇති බව කිවහොත් කාටත් හොරෙන් ඔබ ඒ ගැන උනන්දු විය හැකිය. එසේ නම් අනිවාර්යයෙන්ම ඔබ මේ ලිපිය කියවිය යුතුමය. ________________________________________ සුදු පැහැය ලෙස සමහරුන් අර්ථ දක්වන්නේ දුඹුරු පැහැයෙන් මිදුණු ඇත් දළ පැහැයට හුරු ඡවි වර්ණයකි. ඔබේ සමේ වර්ණය පිහිටන්නට උපකාරී වන්නේ මෙලනින් නම් වර්ණ කාරකයයි. එය ඔබේ සිරුරේ පිහිටා ඇති සහ ඔබේ සිරුරේ ක්‍රියාකාරී වන මට්ටම අනුව ඔබේ සමේ පැහැය තීරණය වේ. එය මුළුමනින්ම ඔබේ ශරීරයේ ස්වභාවික ක්‍රියාකාරීත්වය හා බැඳුණු සිද්ධියකි. කෙනෙකුගේ සමේ පැහැය ස්ථීර වශයෙන්ම වෙනස් කළ හැකි සාර්ථක ක්‍රමයක් පවතින්නේ නම් කළු සුදු භේදය සම්බන්ධ ගැටලු අවම කරගැනීමට එය යොදා ගන්නවා නිසැක නොවේද? එවැන්නක් නොමැති වීම තුළම සමේ පැහැය කිසියම් උපක්‍රමයකින් ස්ථීරව වෙනස් කළ නොහැකි බව ඔබ වටහා ගන්නවා ඇති. %අද^ කාන්තා පිටුව තුළින් අප මේ කාරණය සාකච්ඡාවට බඳුන් කරනුයේ එබැවිණි. ග්ලූටතියොන් සම්බන්ධයෙන් මෙකල යොවුන් පිරිස තුළ ඇතිව තිබෙන උන්මාදය නැති නම් ඇබ්බැහිය කෙබඳු ආකාරයක එකක්ද යන්න අප විමසා බැලීමට පෙර ලෝකයේ ග්ලූටතියොන් ඇසුරින් සිදුකරන කාර්යය කුමක්ද යන්න මුලින්ම විමසා බලමු. ග්ලූටතියොන් යනු පිළිකා රෝගීන් වෙනුවෙන් පමණක් ලබාදෙන ඖෂධයකි. එය ලබාදෙන්නේ පිළිකා නාශක ඖෂධවලින් ඇතිවන අතුරු ආබාධ අවම කරගැනීම සඳහාය. ඒ හේතුව හැරෙන්නට මෙම එන්නත වෙනත් කිසිම හේතුවක් සඳහා යොදා ගැනෙන ප්‍රතිකාරයක් නොවේ. එහි එක් අතුරු ආබාධයක් වනුයේ සම තාවකාලිකව යම් පැහැපත් බවක් දිස්වීමයි. ඒ අනුව සුදුවෙන්නට යැයි කියා ග්ලූටතියොන් එන්නත යොදා ගන්නේ නම් එයින් අදහස් වනුයේ රෝගියෙකු නොවන අයෙකු එහි පවතින අතුරු ආබාධය වැඩි මුදලක්දී ලබාගෙන ශරීරගත කරගන්නා බවයි. සමේ වර්ණය ඇති කරන මෙලනින් සමේ ආරක්ෂාව කෙරෙහිද වගකීමක් දරන්නකි. ආසියාතිකයන්ගේ සමේ මෙලනින් වර්ණ කාරකය තරමක් බහුල බැවින් සමේ සුදු පැහැයක් ඇති නොවන අතර, එම හේතුවම සමේ ආරක්ෂණය කෙරෙහි බලපෑමෙන් චර්ම පිළිකා ආදියෙන් ස්වාභාවික ආරක්ෂාවක් සැලසේ. බටහිර රටවල හිරු එළියෙන් සම ආරක්ෂා කිරීම සඳහා මෙලනින් වර්ණකාරකය නොපිහිටීම නිසාම චර්ම පිළිකා බහුල බවක් දකින්නට ලැබේ. මෙලනින් වර්ණකය සමේ යම් තද පැහැති බවක් ඇති කළද හිරු එළියෙන් සම ආරක්ෂාකර චර්ම පිළිකා සෑදීමට ඇති ඉඩකඩ වළක්වන බැවින් එය ආසියාතික අපට යම් තරමක භාග්‍යයකි. තත්ත්වය මෙසේ පවතිද්දී මෙකල ඇතැම් සුදුසුකම් සපුරන ලියාපදිංචිය සහිත වෛද්‍යවරු විසින්ද සිය සේවාවන් ලබාගැනීමට පැමිණෙන පුද්ගලයන්ගේ ඉල්ලීම පරිදි ලක්ෂ එකහමාර සිට ලක්ෂ හතර දක්වා මුදල් අයකර මේ එන්නත ඒ ඒ පුද්ගලයන්ට ලබාදෙන බව මේ සම්බන්ධයෙන් මෙකල ඇසෙන අලුත්ම ආරංචියයි. මේ කාරණයට පසුබිම් වූ සියලු තොරතුරු අනාවරණයව ඇති බැවින් එවැනි වෛද්‍යවරු හා ඔවුන්ගේ වෛද්‍ය ආයතන වටලා එවැන්නන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විටද නීතිමය වශයෙන් සම්පාදනය වී පවතී. එම වරදට හසුවන සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ ලියාපදිංචිය අවලංගු කරන්නට එය ප්‍රමාණවත් වරදකි. ඖෂධයකින් එන අතුරු ආබාධයක් රෝගීන් නොවන අයට සැබෑ තත්ත්වය දැන දැන ලබාදීම නීතිමය වශයෙන් දඬුවම් පැමිණිය හැකි වරදක් වීම එයට හේතුවයි. මෙය ලෝකයේ කිසිම රටක ඖෂධ පාලනාධිකාරියෙන් සම පැහැපත් කිරීම සඳහා යොදාගත හැකි බවට කිසිම අනුමැතියක් ලත් ඖෂධයක් නොවේ. ග්ලූටතියොන් එන්නත පමණක් නොව අප මේ කතා කරන්නේ ග්ලූටතියොන් ස්ප්‍රේ, කැප්සියුල්, එන්නත්, ආලේපන යන මේ සියල්ලම පිළිබඳවය. යම් අයෙක් මේවායින් කුමන දේ යොදාගත්තද මෙයින් ඇතිවෙන සුදු පැහැය තාවකාලික එකකි. මාස කිහිපයක් ඇතුළත නැවතත් පෙර තිබූ පැහැයම ඇති වන බැවින් එය දීර්ඝ කාලීනව භාවිත කරන්නට මේවා ලබාගන්නා පුද්ගලයාට සිදුවෙයි. මේ ඖෂධයෙන් ඇතිවන අනෙකුත් අතුරුඵල මොනවාද යන්න තවමත් කිසිදු පරීක්ෂණයක් මගින් පරීක්ෂා කොට තහවුරු කර නොමැති වුවද, මෙය භාවිතයට ගැනීම තුළින් වකුගඩු අකර්මණ්‍ය වීම හා රුධිරගත විෂ වීම් සහ සමේ ස්වාභාවික ආරක්ෂාව බිඳවැටීමෙන් සම කිසියම් ඛාදනයකට ලක් වන බවක් මේ වනවිටත් ප්‍රායෝගිකව ලොව පුරා අත්විඳ ඇති බව පැවසිය හැක. විද්‍යාත්මකව මේ ඖෂධයේ අතුරුඵල සම්බන්ධයෙන් මෙතෙක් විධිමත් පරීක්ෂණ සිදු නොවී පවතින අතර, මෙය හිතුමතයේ භාවිතය, ඖෂධයක් යැයි සිතා සිටින මේ සංයෝගය අනාගතයේදී කුමන අයුරින් මිනිස් සිරුර තුළ ක්‍රියාකාරී වී කුමන ප්‍රතිඵල ඇති කරයිද යන්න පැවසීමට නොහැකි වීමේද ගැටලුවක් පවතී. මෙම ඖෂධය වෛද්‍ය විද්‍යානුකූලව වුවද රෝගියෙකුට ලබාදෙන්නේ කෙටි කාලීනවය. ඒ පිළිකා රෝගය සඳහා කීමෝතෙරපි ලබාදෙන කාලය තුළදී එයින් ඇතිවෙන අනෙකුත් අතුරුඵල අවම කරගැනීමටය. වරලත් වෛද්‍යවරයෙකු කිසිම අවස්ථාවක මේ ඖෂධය සමේ පැහැය සම්බන්ධයෙන් අනුමත කරන්නේ නැත. මෙය ප්ලාස්ටික් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු මෙන්ම චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුද සම පැහැපත් කිරීම සඳහා අනුමත නොකරන ඖෂධයකි. ග්ලූටතියොන් පිළිකා රෝගීන්ට ලබාදෙන කීමෝතෙරපි අතුරු ආබාධ ඉදිරියේ ඉතා සුළු ප්‍රමාණයකින් ලබාදීම ග්ලූටතියොන් ඖෂධයක් ලෙස හැඳින්වීමට ඇති එකම කාරණයයි. නමුත් සැබැවින්ම සමේ පැහැය සම්බන්ධ ගැටලුවලදී මෙය කිසිම ආකාරයක අනුමැතියක් නොලත් සංයෝගයක් වන බැවින් සමේ පැහැය උදෙසා ඔබ මෙම සංයෝගය ඔබේ සිරුරට ඇතුළු කරගන්නට වෙහෙස ගන්නේ නම් එහිදී ඔබ දැන දැනම යම් ආකාරයක අවදානමක් බාරගන්නවා විය හැක. එයට හේතුව වන්නේ අප මුලින් කීවාක් මෙන් කිසිම රටක ග්ලූටතියොන් සම්බන්ධයෙන් සාමාන්‍ය මිනිස් සිරුර කුමන ප්‍රතිචාරයක් දක්වන්නේද යන්න කිසිදු පරීක්ෂණයක් සිදුකොට නැති අතරම, මේ වන විටත් භාවිත කළ අයට වකුගඩු අකර්මණ්‍ය වීමට තුඩු දීම මෙන්ම, රුධිර පීඩනය සහ රුධිරයට විෂ වීම් ඇති කිරීම වාර්තාගතව ඇති බැවිනි. සමේ පැහැය යම් යම් අයට ඔවුන්ගේ අනන්‍යතාව මෙන්ම සුන්දරත්වයද ඉස්මතුවෙන ආකාරයෙන් ඇඳුම් පැලඳුම් ආදිය තුළින් වෙනස් කරගත හැකිය. මෙය ඔබට බටහිර රටවල සහ අප්‍රිකානු රටවල මෝස්තර නිරූපිකාවන් ආදිය සන්සන්දනය කිරිමේදී ඔවුන් ගේ සමේ කළු පැහැය ඔවුන්ගේ සුන්දරත්වයට කිසිදු බාධාවක් ඇතිකර නොමැති වීම තුළින්ම වැටහෙනවා ඇත. රූපලාවණ්‍ය හෝ ලස්සන යනු පැහැපත් බව නොවේ. සැබැවින්ම කාන්තාවකගේ ලස්සන ඇත්තේ ඇගේ නිරෝගීකම තුළය. කෘත්‍රිම ආහාර රටාවෙන් බැහැරව නිසි පෝෂණයක් ලබමින් කෘත්‍රිම ආලේපනවලින් තොරව සමේ අලංකරණය පවත්වා ගන්නට ඔබ උත්සාහ දරන්නේ නම් පැහැය සුදුවෙන්නට අවශ්‍යතාවක් නැති බව ඔබටම වැටහේ. මතක තබාගන්න කළු පැහැති සමක් සුදු පැහැ ගන්වන්නට මෙතරම් දියුණු බටහිර විද්‍යාව මගින් තවමත් ඖෂධ නිපදවා නැත. එසේ නොකරන්නට හේතුව විද්‍යාත්මකව සමේ පැහැය වෙනස් කළ නොහැකි බව හොඳින්ම දැන සිටීම නිසාවෙනි. එමෙන්ම සුදු පැහැති සම පැහැයෙන් අඩු සමට වඩා පිළිකා අවදානමක් දක්වයි. මෙහි වඩාත්ම කනගාටුදායක තත්ත්වය වනුයේ ආදායම් තත්වය එතරම් යහපත් නැති නමුත් ආකර්ෂණීය ලෙස යොදාගන්නා වෙළෙඳ උපක්‍රම විශ්වාස කර ඒවාට ගැතිවී ඒවා හඹා යෑමේ හේතුවෙන් තිබුණාටත් වඩා සෞඛ්‍යමය ගැටලු ඇතිකර ගැනීමෙන් අපේම සහෝදර සහෝදරියන් ආර්ථික වශයෙන්ද කඩාවැටීමක් ඇතිකර ගැනීමය ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විශේෂඥ කවින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව සැකසිණි.[/SIZE] උපුටා ගැනීම - අද පුවත්පත මගේ පලවෙනි නුල. අඩුපාඩු ඇතොත් සමාවෙන්න. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom