Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුදු කොඩි නඩු තින්දුව නොවැම්බර් 18
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔහු මරා දැමූ දවස අදයි!

මට හොඳට මතකයි ඒ දිනය. 1989 නොවැම්බර් මාසෙ 13 වැනිදා. එතකොට මම වැඩ කළේ ශ්‍රී ලංකා යුද හමුදා පොලිසියේ ඡායාරූප ශිල්පියා ලෙස. මම හිටියේ ලාන්ස් කෝප්රල්වරයකු ලෙස. ඒ දවස්වල මම රාජකාරි කළේ නාරාහේන්පිට යුද හමුදා පොලිස් මූලස්ථානයේ.......

හමුදාවට සම්බන්ධ විවිධ උත්සවවල වගේම කොළඹ එවකට තිබූ වධකාගාරවලට ගෙනෙන විවිධ අන්දමේ පුද්ගලයන්ගේ ඡායාරූප ගැනීමත් මගේ දෛනික රාජකාරියේ කොටසක් වෙලා තිබුණා. මට මතක විදියට එතකොට කොළඹ ප්‍රධාන පෙළේ හමුදා වධකාගාර 7 ක් විතර තිබුණා. ඒ හැම එකකටම මම ගියා. එකක 60 ක් විතර අපේ තරුණ තරුණියෝ හිටපු විත්තිය මට මතකයි.

ඒක මහ මූසල දවසක්. උදේ පාන්දර 1.00 ට විතර කවුදෝ මගේ ඇඳ ළඟටම ඇවිත් මාව කීද්දුවා. මම නැඟිටලා බලන කොට තරු තුනක නිලධාරියෙක් මගේ ඇඳ ළඟ හිටගෙන. සාමාන්‍යයෙන් නිලධාරීන්ට රාත්‍රියට අපි වගේ සෙබළු ඉන්න ප්‍රදේශයට ඒම තහනම්. අපට ඒ අය ඉන්න ප්‍රදේශයට යාම තහනම්. මේ නිසා මවිතයට පත් වුණු මම එකවරම නැඟිට සිටියා..........

සද්ද කරන්න එපා. ඔබ ඡායාරූප ගන්නා සියලුම ආම්පන්නත් රැගෙන වහාම ගිහින් එළියේ නවත්තල තියෙන අණදෙන නිලධාරියාගේ වාහනයකට නඟින්න............

මටත් ජීවිතයේ මරණ බය දැනෙන්න පටන් ගත්තා. මොකද එතකොටත් මම ජනතා විමුක්ති පෙරමුණට ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස සම්බන්ධ වෙලයි හිටියේ. මට එකවරම කර්නල් ලකී අල්ගම කියූ එක්තරා ප්‍රකාශයක් මතක් වුණා.

"කවුරුහරි කෙනෙක් තමුසෙලා ගන්න පින්තූර ජනතා විමුක්ති පෙරමුණට සපයනවා. මේ දවස්වල ඒ කවුද කියල හොයන්න පරීක්ෂණයක් දියත් වෙනවා..........

මගේ ඇඟ සීතල වෙන්න පටන් ගත්තා. අද මම ජීවත් වෙන අවසන් දවස කියල මට හිතුණා. ඉහළ නිලධාරියා මා දිහා බලාගෙන. මට පිටුපාන්න බෑ..... මා වහාම ඔහු කියූ දෙය කළා....... විනාඩි කිහිපයකින් මම හමුදා කඳවුර ඉදිරියේ නවතා තිබූ මගේ අණදෙන නිලධාරියාගේ වාහනයට ගොඩවුණේ ජීවිතයේ අවසාන ගමන යන්න හිතාගෙන........

මගේ අණදෙන නිලධාරියා කර්නල් එස්. අයි. එස්. දසනායක.... ඔහු ඉදිරි අසුණේ සිටියා........

ඔබට පෙම්වතියක් ඉන්නවාද....?

මම "නැහැ" කියා කිව්වා.

එහෙනම් හොඳයි........ අපි දැන් මේ යන රාජකාරිය ගැන කිසිම මොහොතක කිසිම කෙනකුට වචනයක්වත් කියනවා එහෙම නෙවෙයි.

එතකොටයි මගේ ඇඟට ලේ පොදක් ඉනුවේ. මේ යන්නේ වෙනත් විශේෂ රාජකාරියකට බව අණදෙන නිලධාරියාගේ ඒ කතාවෙන් මම වටහා ගත්තා.

අපි ගියේ තිඹිරිගස්යායේ පවත්වා ගෙන ගිය "ඔප්ස් කොම්බයින්" කියන රහසිගත හමුදා මෙහෙයුම් මූලස්ථානයට.

මූලස්ථානයේ දෙවන තට්ටුවේ සම්මන්ත්රණ ශාලාවට අපි ගියේ. ඒක ඇතුළේ යුද හමුදාපතිවරයා වන සිසිල් වෛද්‍යරත්න ඇතුළු ඉහළම හමුදා ප්‍රධානීන් 15 දෙනෙක් විතර හිටියා. ඒ අය යුද හමුදාවේ හා ක්ෂණික විහිදුම් බළකායේ ඉහළම නිලධාරියෝ බව මම දැක්කා.............

එයාලා එක් සිවිල් පුද්ගලයෙක්ගෙන් ප්‍රශ්න කරන ආකාරය මම දැක්කා. ඔහු බොහොම නිර්භයව උත්තර දුන් බොහොම සෘජු අවංක පිළිතුරු නිසා ටික වේලාවකින් මගේ සිත තුළ සැකයක් මෝදු වුණා. මේ ඉන්නේ අපේ නායක සහෝදරයා වත්ද............ මම හිතුවා. මම ඒක කර්නල් මුතාලිෆ්ගෙන් ඇහුවා (එවකට මේජර්)

ඔව්....... ඌ තමයි.............. උඹට තවමත් සැකද.... කියල ඔහු හිනාවෙවී මගෙන් ඇහුවා..... මගේ ඇඟ ඇතුළේ එකවරම විදුලියක් දිව ගියා වගේ මට දැනුණා. ඒත් මේ සාකච්ඡාව බොහොම සාමකාමීයි. මහත්මා ගතිය හැමදෙනා තුළම දක්නට ලැබුණා. මට දැන් පැවරෙන්නේ කාගේ පින්තූර ගන්නද කියලා මට වැටහුණා.

එතකොට මම අපේ නායක සහෝදරයව හැබැහින් දැකල නැහැ. ඈතට දැක්කේa 1982 ජනාධිපතිවරණයේදී විතරයි.......

හමුදා ප්‍රධානීන් අහපු ප්‍රශ්න තාම මට මතකයි....... නායක සහෝදරයා දීපු උත්තර හරිම සෘජුයි..... හරිම කෙළින්.............. වරක් මගේ අණදෙන නිලධාරී අයිවන් දසනායක මෙන්න මෙහෙම ඇහුවා...........

ඔබලාගේ සංවිධානය ඇතුළේ හමුදා සාමාජිකයන් කොපමණ ඉන්නවාද?.......

ඇත්තටම මම ඒක දන්නේ නැහැ. නායක සහෝදරයා කිව්වා.......

ඔබ බොරු කියනවා.... ඔබ හොඳින් දන්නවා... ආයෙත් ඇහුවා..

නැහැ........... මම කීදෙනෙක් ඉන්නවද දන්නේ නැහැ. හැබැයි එකක් මම දන්නවා. අද මේ වනවිට හමුදා ලොරි 2 ක් පිරෙන්න කොටි සංවිධානයට නවීනතම අවි ආයුධ සපයපු බව මම දන්නවා. අවි ආයුධ, සිමෙන්ති තොග ඔවුන්ට යවන්න ඔබලාත් සම්බන්ධයි..... හෙට අනිද්දා මේ ගැන හමුදාවේ සාමාන්‍ය සෙබළා දැනගනීවි...... මෙතැනදී කලකිරෙන රට ජාතිය ගැන ආදරයක් තියෙන හැම සෙබළෙක්ම ජනතා විමුක්ති පෙරමුණ හා රොක් වෙනවා කියන එක නම් මම දන්නවා.....

හමුදා නායකයෝ මූණෙන් මූණ බලා ගත්තා මිස කිසිවක් ඊට කිව්වේ නැහැ.

විජය කුමාරතුංග ඝාතනය කළේ ඇයි.........?

ඔය ප්රශ්නය මගෙන් අහන ඔබ හොඳින්ම දන්නවා විජය මැරුවේ කවුද කියලා..... එක්කෝ ඔබ ඒක දැන දැනත්, මම මොනවා කියයිද කියල බලන්න ඒක මගෙන් අහනවා. එක්කෝ ඔබ ඇත්තටම දන්නේ නැහැ. දන්නේ නැත්aනම් අහගන්න. විජය ඝාතනය කළේ එජාපයේ සැලැස්මකට.....

නමුත් ඔබලාගේ කිසිවෙක් ඒ ඝාතනය නිසා දුක්වන බවක් අපි දුටුවේ නැහැ...

ඊට හේතුවක් නැහැ. විජය නළුවෙක් හැටියට ඔහුගේ මරණය ගැන දුක්වෙච්ච අය ඉන්න ඇති. අපට ඔහුගේ දේශපාලනය ගැන විවේචන තිබුණා. ඔහු ඊ. පී. ආර්. එල්. එෆ්. එකෙන් පුහුණුව ලබල තිබුණා. නියෝජිත කණ්ඩායමක් සමග ගොස් "කිට්ටු" මුණ ගැහිලා තිබුණා. ඒ සමගම ඉන්දු - ලංකා ගිවිසුමට සම්බන්ධව වැඩ කළා. ඒ නිසා ඔහුගේ දේශපාලන භාවිතය සම්බන්ධව අපට ගැටලු තිබුණා...........

මට මතකයි සමහරු ඇහුවේ දේශපාලනයට කිසිම සම්බන්ධයක් නැති ප්‍රශ්න.

ඔබ ජ්‍යෙdතිෂය විශ්වාස කරනවාද?..

නැහැ. හැබැයි සූර්යයාගේ බලපෑම පෘතුවියට තිබෙන බව මම දන්නවා. ඒක තනි තනි පුද්ගලයාට උපන් වේලාවට අනුව බලපානවා කියල මම විශ්වාස කරන්නේ නැහැ.

ඒ ප්‍රශ්න කිරීම් අතරතුර මට පැවරුණා. ඔහුගේ ඡායාරූප ගන්න. මම ඔහුව තිරයක් යොදා වෙනම සකස් කරල තිබුණ තැනක තියල ඡායාරූප 8 ක් ගත්තා විවිධ පැතිවලින්......... ඒ අතරේ මමත් ඔහුගෙන් ප්‍රශ්න කිහිපයක් ඇහුවා. අනෙක් අයට නොදැනෙන්න.

ඔබතුමා රෝහණ විජේවීරද........

ඔව්...........

මොන නමින්ද හිටියේ...

මම අත්තනායක යන නමින් හිsටියා. ඇයි මගේ ෆොටෝ ගන්නේ..... මොනවද මට කරන්න යන්නේ........

මට පැවරුණ රාජකාරියයි මේ. මගේ රාජකාරිය ෆොටෝ ගැනීම. කියා මම ඔහු දෙස කෙළින් බලා හිනා වුණා. මට විශ්වාසයි ඔහු මාව හඳුනා ගත්තා කියලා. මොකද යුද හමුදා පොලිසියේ ඡායාරූප ශිල්පියෙක් හමුදාව ගන්නා ඡායාරූප පක්ෂයට දෙන බව ඔහු දැන ගෙන හිටියා. ඔහු මගේ මුහුණ දෙස කෙළින් බලා සිනාසුණා........... ඉන්පසුව නායක සහෝදරයාගේ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක් පටිගත කෙරුණා.

එතැනදී හමුදා නිලධාරියෝ නායක සහෝදරයට කිව්වේ අවි ආයුධ බිම තියල යටත් වෙන්න කියන පණිවුඩය තරුණ තරුණියන්ට දෙන්න කියලයි. නමුත් නායක සහෝදරයා ජනතා විමුක්ති පෙරමුණේ බිහිවීම හා පැතිරීම් හා ක්‍රියාකාරීත්වය විග්රහ කරමින් විනාඩි 20 ක විතර දේශනයක් පැවැත්වූවා. ඒක අවසානයේ කිව්වා ආයුධ බිම තියලා ප්රජාතන්ත්රවාදී ප්රවාහයට එක්වෙන්න කියන පණිවිඩය.

මේ දේශනය හමුදාවේ එතැන සිටි ලොකු කුඩා ඔක්කොම අහගෙන හිටියා. සමහරු ඒ දේශනයෙන් සම්පූර්ණ වෙනස් මිනිස්සු බවට පත් වුණා. ජවිපෙ සටන්කාමී මාවතට තල්ලු කළේ කවුද කියන එක නායක සහෝදරයා ඉතා මැනවින් පැහැදිලි කළා.....

ඒක අවසානයේ ආයෙත් අර සාකච්ඡා මේසයට නායක සහෝදරයව අරන් ගියා. ප්‍රශ්න කිරීම දිගටම කෙරුණා.

ගමනායක ඉන්නේ කොහේද?....... නිලධාරියෙක් ඇහුවා............

ඒක මේ වෙලාවේ මගෙන් අහන එක හොඳ නැහැ නේද?........ නායක සහෝදරයා කිව්වා...........

ඒ අතරේ එතැනට ආපු තවත් නිලධාරියෙක් හමුදාපතිවරයාට විශේෂ දුරකථන ඇමතුමක් ජනාධිපතිවරයාගෙන් තිබෙන බව කිව්වා. ඔහු ගියා ඒක ගන්න.......

ඒ අතරතුර කර්නල් මුතාලිෆ් මට තවත් රාජකාරියක් පැවරුවා..... පහළ කාමරයක ඉන්නවා එච්. බී. හේරත්. ඔහුගේත් ඡායාරූප ගන්න ඕන කියලා මට නියෝග කළා. මම එතැනට යනවිට ඔහු ඡායාරූප ගන්න පුළුවන් මට්ටමක හිටියේ නැහැ. හොඳටම වදදීපු මස් වැදැල්ලක් වෙලා. මම ඔහුව බිත්තියට හේත්තු කරල අත ගන්නකොට නැවත කඩා හැලුණා. අමාරුවෙන් ඔහුගේත් ෆොටෝ දෙක තුනක් ගත්ත මම ඉතා ඉක්මනට උඩට ගියා. උඩ මොනවද වෙන්නේ කියලා බලන්න........

හමුදාපති ජෙනරාල් සිසිsල් වෛද්‍යරත්න හා ජනාධිපතිතුමා අතර දුරකථන සංවාදය ටික වේලාවක් පැවතුණා. .....

ඉන් පසුව එතන සිටි ඉහළම නිලධාරීන් 5 දෙනකු සමග හමුදාපතිවරයා වෙනම කාමරයක රහසිගත සාකච්ඡාවක් පැවැත්වූවා. මේජර් තෝරදෙනිය, මේජර් උඩුගම්පොල, බ්‍රිගේඩියර් ජයසුන්දර ඇතුළු තවත් දෙදෙනෙක් ඊට ගිය බව මට මතකයි....

ඉහළ නිලධාරීන් පස්දෙනා හා හමුදාපති අතර සාකච්ඡාව විනාඩි 10 කින් අවසන් වුණා. එළියට ආපු ඔවුන් පැජරෝ රථ දෙකක් ලෑස්තිකරන්න කියා අණ කළා. නායක සහෝදරයාව පහළ පෝටිකෝව යටට ගේන්න කියලත් කිව්වා...

ඒත් නායක සහෝදරයා මරාදමාවි කියල අපට එවෙලේ නිකමට වත් හිතුණේ නැහැ. මොකද ඊට පෙර එතැන පැවැති සාකච්ඡාව සාමාන්‍යයෙන් මරා දමන්නෙක් සමග කරන සාකච්ඡාවක් නොවෙයි.

ඊට අමතරව ඒ වන විට රටේ ජනාධිපතිවරයා කියා තිබුණා ඉන්න තැනකින් රෝහණ

විජේවීර සාකච්ඡාවකට එන්න කියන තැනකට ඇස් දෙක බැඳගෙන හරි එන්නම් කියලා.

ඊට අමතරව රජයට සම්බන්ධ තවත් ජනමාධ්‍යයක කියල තිබුණ විජේවීරට හෘදයාබාධයක් තියෙනවා කියල ආරංචි වෙලා තියෙනවා ඉල්ලීමක් කළොත් විදේශ රටකට යවල හරි ප්‍රතිකාර කරන්න රජය සූදානම් කියලා.

මේ වගේ ප්‍රකාශ, අදහස් රටපුරා ගිය විදියටත් නායක සහෝදරයා අල්ල ගත්ත මොහොතේ සිට ඉහළ නිලධාරීන් ක්‍රියා කළ ආකාරයත් අනුව ඔහුව මරා දමාවි කියල කිසිවකුට හිතන්න බැහැ. නමුත් සියල්ල වෙලා තියෙන්නේ ඉහත කී දුරකථන ඇමතුමෙන් සහ ඉහළ නිලධාරීන් 6 දෙනාගේ සාකච්ඡාවෙන් අනතුරුවයි.

ක්ෂණයකින් පැජරෝ වර්ගයේ වාහන දෙකක් ඔප්ස් කොම්බයින් මූලස්ථානයේ පෝටිකෝව යටට ආවා. නායක සහෝදරයා එතනටත් ආවේ සාමාන්‍ය පරිදි අනිත් අය වගේ ඇවිදගෙන. එතන හරි අපූරු දෙයක් වුණා. එක නිලධාරියෙක් නායක සහෝදරයගේ දකුණු අත අරගෙන අල්ලත් පිට අල්ලත් ඇඟිලිත් ඉතා හොඳින් පරීක්ෂා කර බැලුවා.

ඇයි.. මගේ අතේ මරණීය සලකුණු තියෙනව කියලද බලන්නේ. නායක සහෝදරයා එහෙම ඇහුවා. ඒකට අනිත් නිලධාරීන් ඔක්කොම හඬ නගලා හිනහ වුණා.

නැහැ... මම බැලුවේ මෙයා ජංගල් ටේ්‍රනින්වලට එහෙම ගිහිල්ලා තියනවද කියලයි.

ජංගල් ටේ්රනින් වලට මම යන්න ඕන නැහැ. මම හිටියේ ජනතාව අතර. කොටින්ම මම ඔයාලයි ජනාධිපතිතුමාගේ රැස්වීම් වලටත් ගිහින් එයාගේ කතා අහගෙන ඉඳලත් තියෙනවා.

මෙම කතාවටද ඉහළ නිලධාරීන් අන්ද මන්ද වුණා. ඒ අතර එතන සිටි එක් නිලධාරියෙක් නායක සහෝදරයා ළඟට ඇවිත් ඔහුගේ උපැස් යුගලය ගලවා ඔහුගේ සාක්කුවටම දැමුවා. අනතුරුව කළු රෙදි කැබැල්ලකින් ඔහුගේ දැස් බැඳ දැම්මා.

සිදුවන්නට යන මොකක් හෝ අමිහිරි සිදුවීමක ඉවක් මට දැනෙන්න පටන් ගත්තා. උගුර ගොළු වුණා. උගුරේ යමක් හිරවෙනවා වගේ දැනෙන්න පටන් ගත්තා. මට කරගන්න දෙයක් නැහැ.

නායක සහෝදරයා අවස්ථාව තේරුම් ගත්තා. ඔහු ඇහුවා මාව කොහේද මේ අරගෙන යන්නේ කියලා. කිසිවෙක් සද්ද නැහැ. මට ඔබලා මොනවා කළත් කමක් නැහැ. මගේ දරුවන්ට විතරක් මොනම කරදරයක්වත් කරන්න එපා කියල ඔහු අපි හැමෝම ඉදිරියේ ලොකු විවෘත ඉල්ලීමක් කළා. අන්තිමේ නිලධාරින් දෙදෙනකු සමග සෙබළු කිහිප දෙනෙක් නායක සහෝදරයා සමග ඉදිරියෙන් ගිය පැජරෝවට නැග්ගා. ඒ වෙලාවේ එතන එහේ මෙහෙ aසිටි සෙබළු ටිකත් කතාකරගෙන තවත් නිලධාරීන් කිහිප දෙනෙක් පසුපස පැජරෝවට නැගුණා. වාහන දෙක ඉගිල ගියා.

මට යන්න වාහනයක් නැහැ. මම හෙව්වා අපේ ප්‍රධාන අණ දෙන නිලධාරියාව. ඒ වන විට එයා හිටියේ උඩ කාමරයක ඔළුවට අත ගහගෙන දැඩි කලකිරීමක... ඔහු හුඟක් වෙනස් වෙලා. නායක සහෝදරයාගේ දේශනයක් අහපුවම මනුස්සකම ටිකක් තියෙන රටට ආදරය කරන මිනිස්සු සංවේදී වෙනවා. ගල් හිතක් වුණත් උණු වෙනවා. ඒක අපේ අණදෙන නිලධාරියාටත් වෙලා බව මම දැක්කා.

සර්... අපි යන්නේ නැද්ද. මම ඇහුව.

අපි යන්න ඕන නැහැ. අපි ඔන්න ඔහොම සද්ද නැතිව කෑම්ප් එකට යමු. ඔහු එහෙම කියලා නැගිට්ටා.

ඒත් ඒ මොහොතේම එතනට හමුදාපතිතුමා පැමිණියා. එතුමා අපේ සී. ඕ. එස්. අයි. එස්. දසනායකව දැක වියරු වැටිලා අඩි පොළවේ හප්පලා කෑගහන්න පටන් ගත්තා.

යකෝ උඹ තාම මෙතනද... උඹට මං ඕඩර්ස් කළේ ගිහින් ඒ වැඩේ සිද්ධවෙන හැටි මට රිපෝට් කරන්න කියල නේද.. තෝ ඒකට ගියේ නැත්නම් මම තෝව බල්ලෙක් වගේ වෙඩි තියල මෙතන මරල දානවා.

මේ තර්ජනයත් සමගම තැතිගත් අපේ සී. ඕ. මටත් කතා කරගෙන එතනින් ඇවිත් ඔහුගේ කාරයට ගොඩ වුණා. ගොඩවෙලා ඉදිරියට ගන්න ගමන් මගෙන් ඇහුවා දැන් අපි කොහාටද යන්න ඕන..

මම දන්නේ නැහැ සර්...

විජහයින් ගිහින් දුවල අහගෙන එනවා බ්‍රිගේඩියර් ජයසුන්දරගෙන් ඊළඟට අපි කොහාටද යන්න ඕන කියලා.

මම දිව්වා... මම යනකොට ජනරාල් වෛද්‍යරත්න ආපහු ගෙදර යන්න වාහනයට නගිනවා. දැන් මගදි අපේ සර් වාහනය මග නවත්තන් ඉන්නවා දැක්කොත් අනිවාර්යයෙන්ම එයා අපේ සර්ට වෙඩි තියනවා. මම දුවල ඇවිත් සර්ට කිව්වා ඔන්න සර් ජෙනරාල් එනවා අපි වෙන පාරකට දාල ඉමු කියලා.

අපි ජනරාල් යනකන් හැංගිලා ඉඳලා පස්සේ බ්‍රිගේඩියර් ජයසුන්දරගෙන් යන්නේ කොතනටද කියල අහගෙන තමයි බොරැල්ල කනත්තට ගියේ.

ඒ වෙනකොට වෙන්න තියෙන ඔක්කොම දේවල් වෙලා ඉවරයි. අපේ නායක සහෝදරයාගේ ඔළුවෙනුයි පපුවෙනුයි උණු උණු ලේ ගලා ගිය ප්‍රාණය නිරුද්ධ නොවුණ සිරුර ආදාහනාගාරය ඉදිරියේ බිම දමා තිබුණා. එතන සිටි හැමෝම හිටියේ මහ තිරිසන්නු වගේ. සමහරු මේ ඉන්නේ රෝහණ විජේවීර කියලා හාංකවිසියක්වත් දැන සිටියේ නැහැ. අපි යන්න කලින් ගොල්ෆ් පිට්ටනියට අරන් ගිහින් තමයි වද දීල වෙඩි තියල තිබුණේ.

ආදාහනාගාරයේ යතුර තිබුණේ නැහැ. කිහිපදෙනෙක් ඔහුගේ නිල නිවසට ගිහින් යතුර ඉල්ලා හිටියා. ඔහු අන්ද මන්ද වුණා.

අනේ සර්... මේක මගේ රාජකාරිය. මේ වගේ වැඩ මෙතෙන කෙරෙන්නේ නැහැ. යතුර නම් දෙන්න බැහැ...

ඉහළ නිලධාරියාට යකා නැග්ගා ඔහු පිස්තෝලය ඇදල අරන් අර පුද්ගලයගේ ඔළුවට තිබ්බා. මේක විශේෂ රාජකාරියක් පරයෝ. බල්ලෙක් වගේ මරල දාන්න කලින් දීපන් යතුර...

ඔහු යතුර දුන්නා. ආදාහනාගාරයේ දොරවල් දඩිබිඩි ගා ඇරුණා.

යකෝ ඕකව උස්සල පද්දල වීසිකරපන් ඇතුළට. ඉහළ නිලධාරියා අණ දුන්නා. කිහිපදෙනෙක් නායක සහෝදරයගේ සිරුර අමාරුවෙන් උස්සල පද්දල ඇතුළට වීසි කළා. සිරුර ආදාහනාගාරයේ කටේ වැදිලා ආපහු බිමට වැටුණා. නායක සහෝදරයා කෙඳිරි ගාන්න පටන් ගත්තා....

අර ඉහළ නිලධාරියගේ කුණුහරුප වරුසාවක් මැද ආයෙත් සැරයක් සිරුර අමාරුවෙන් උස්සලා ඇතුළට වීසිකර ගත්තා..

විනාඩි කිහිපයකින් ඔක්කොම ඉවර වුණා. මට බලා ඉන්න බැහැ. මම අපේ සී. ඕ. ළඟට ආවා.

අපි යමු කෝප්රල්... ඔහු මට කිව්වා අපි වාහනේ නැගිල ආපහු ආවා. කවුරුවත් වචනයක් කතා කළේ නැහැ.

පහුවදා එළිය වැටුණාම දහවල් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රන්ජන් විජේරත්න මහතා ප්‍රසිද්ධ පුවත්පත් සාකච්ඡාවක් කැඳෙව්වා. එහිදී ඔහු හරි අපූරු ප්‍රකාශයක් කළා.

ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර අත්තනායක නමින් උලපනේ ප්‍රදේශයේ සෙන්ට් මේරි නම් වතුයායේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බවත්, ඉන් පසුව ඔහු පක්ෂයේ සියලු රහසිගත තොරතුරු රජයේ ආරක්ෂක අංශවලට ලබාදුන් බවත්, කොළඹ පැවැති ජවිපෙ මූලස්ථානයේ තිබෙන තොරතුරු අඩංගු ලිපිගොනු රැසක් ලබාදීමට ඔහු ආරක්ෂක අංශ සමග මූලස්ථානයට ගිය බවත්, එහි සිටි එච්. බී. හේරත් නමැත්තා අමතා රෝහණ විජේවීර ඉහත කී ලිපිගොනු බාර දෙන්නට කී බවත් රන්ජන් විජේරත්න ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේ ලිපි ගොනු අරගැනීමට ලාච්චුවක් ඇර එහි තිබූ පිස්තෝලයක් ගෙන එච්. බී. හේරත් එක වරම විජේවීරට වෙඩි තැබූ බවත් එහිදී ආරක්ෂක අංශ පෙරලා හේරත්ට වෙඩි තැබූ බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා අවසානයේ කීවේ වෙඩි තබා ගැනීම්වලින් දෙදෙනාම මියගිය බවය. ආරක්ෂක තත්ත්වය සලකා දෙදෙනාගේම සිරුරු බොරැල්ල කනත්තේදී ආදාහනය කළ බවද ඔහු ප්‍රකාශ කළා.

ඇත්ත කතාව උඩු යටිකුරු කළ ප්‍රකාශයකින් සියල්ල නිමා වුණේ එහෙමයි. මටත් වැඩිකල් මෙහෙම ඉන්න නොලැබෙන බව මට තේරුණා. එතැන් සිට අපේ නායකයෝ එක්කෙනා එක්කෙනා අහුවුණා. ඒ කිසිවෙක්ගෙන් මං ගැන තොරතුරු ලැබිල තිබුණේ නැහැ. නමුත් දෙසැම්බර් 29 වැනිදා අත්අඩංගුවට පත් වුණ සමන් පියසිරි ප්‍රනාන්දුගේ අතේ තිබුණ ලිපි ගොනුවකින් මම ගැනත් තොරතුරු හෙළි වුණා. ඒ අනුව 1990 මාර්තු 14 වැනිදා අත්අඩංගුවට පත්වුණ මම යටාරෝ වධකාගාරයේ එක දිගට දින 19 ක් දුක් වින්ද... මම අද මේ බේරිලා ඉන්නේ එක්තරා දෛවෝපගත සිදුවීමක් නිසා.

බුලිත ප්‍රදීප් කුමාර

උපුටා ගැනීම දිවයින පුවත්පත අන්තර්ජාල සංස්කරණය 2011.11.13

http://www.divaina.com/2011/11/13/feature07.html

[QUOTE="lasa.lasa, post: 11350527, member: 119455"] [FONT=Times New Roman][SIZE=5][COLOR=#003300]ඔහු මරා දැමූ දවස අදයි! [IMG]http://www.divaina.com/2011/11/13/rohana.jpg[/IMG] [/COLOR][SIZE=4] මට හොඳට මතකයි ඒ දිනය. 1989 නොවැම්බර් මාසෙ 13 වැනිදා. එතකොට මම වැඩ කළේ ශ්‍රී ලංකා යුද හමුදා පොලිසියේ ඡායාරූප ශිල්පියා ලෙස. මම හිටියේ ලාන්ස් කෝප්රල්වරයකු ලෙස. ඒ දවස්වල මම රාජකාරි කළේ නාරාහේන්පිට යුද හමුදා පොලිස් මූලස්ථානයේ....... හමුදාවට සම්බන්ධ විවිධ උත්සවවල වගේම කොළඹ එවකට තිබූ වධකාගාරවලට ගෙනෙන විවිධ අන්දමේ පුද්ගලයන්ගේ ඡායාරූප ගැනීමත් මගේ දෛනික රාජකාරියේ කොටසක් වෙලා තිබුණා. මට මතක විදියට එතකොට කොළඹ ප්‍රධාන පෙළේ හමුදා වධකාගාර 7 ක් විතර තිබුණා. ඒ හැම එකකටම මම ගියා. එකක 60 ක් විතර අපේ තරුණ තරුණියෝ හිටපු විත්තිය මට මතකයි. ඒක මහ මූසල දවසක්. උදේ පාන්දර 1.00 ට විතර කවුදෝ මගේ ඇඳ ළඟටම ඇවිත් මාව කීද්දුවා. මම නැඟිටලා බලන කොට තරු තුනක නිලධාරියෙක් මගේ ඇඳ ළඟ හිටගෙන. සාමාන්‍යයෙන් නිලධාරීන්ට රාත්‍රියට අපි වගේ සෙබළු ඉන්න ප්‍රදේශයට ඒම තහනම්. අපට ඒ අය ඉන්න ප්‍රදේශයට යාම තහනම්. මේ නිසා මවිතයට පත් වුණු මම එකවරම නැඟිට සිටියා.......... සද්ද කරන්න එපා. ඔබ ඡායාරූප ගන්නා සියලුම ආම්පන්නත් රැගෙන වහාම ගිහින් එළියේ නවත්තල තියෙන අණදෙන නිලධාරියාගේ වාහනයකට නඟින්න............ මටත් ජීවිතයේ මරණ බය දැනෙන්න පටන් ගත්තා. මොකද එතකොටත් මම ජනතා විමුක්ති පෙරමුණට ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස සම්බන්ධ වෙලයි හිටියේ. මට එකවරම කර්නල් ලකී අල්ගම කියූ එක්තරා ප්‍රකාශයක් මතක් වුණා. "කවුරුහරි කෙනෙක් තමුසෙලා ගන්න පින්තූර ජනතා විමුක්ති පෙරමුණට සපයනවා. මේ දවස්වල ඒ කවුද කියල හොයන්න පරීක්ෂණයක් දියත් වෙනවා.......... මගේ ඇඟ සීතල වෙන්න පටන් ගත්තා. අද මම ජීවත් වෙන අවසන් දවස කියල මට හිතුණා. ඉහළ නිලධාරියා මා දිහා බලාගෙන. මට පිටුපාන්න බෑ..... මා වහාම ඔහු කියූ දෙය කළා....... විනාඩි කිහිපයකින් මම හමුදා කඳවුර ඉදිරියේ නවතා තිබූ මගේ අණදෙන නිලධාරියාගේ වාහනයට ගොඩවුණේ ජීවිතයේ අවසාන ගමන යන්න හිතාගෙන........ මගේ අණදෙන නිලධාරියා කර්නල් එස්. අයි. එස්. දසනායක.... ඔහු ඉදිරි අසුණේ සිටියා........ ඔබට පෙම්වතියක් ඉන්නවාද....? මම "නැහැ" කියා කිව්වා. එහෙනම් හොඳයි........ අපි දැන් මේ යන රාජකාරිය ගැන කිසිම මොහොතක කිසිම කෙනකුට වචනයක්වත් කියනවා එහෙම නෙවෙයි. එතකොටයි මගේ ඇඟට ලේ පොදක් ඉනුවේ. මේ යන්නේ වෙනත් විශේෂ රාජකාරියකට බව අණදෙන නිලධාරියාගේ ඒ කතාවෙන් මම වටහා ගත්තා. අපි ගියේ තිඹිරිගස්යායේ පවත්වා ගෙන ගිය "ඔප්ස් කොම්බයින්" කියන රහසිගත හමුදා මෙහෙයුම් මූලස්ථානයට. මූලස්ථානයේ දෙවන තට්ටුවේ සම්මන්ත්රණ ශාලාවට අපි ගියේ. ඒක ඇතුළේ යුද හමුදාපතිවරයා වන සිසිල් වෛද්‍යරත්න ඇතුළු ඉහළම හමුදා ප්‍රධානීන් 15 දෙනෙක් විතර හිටියා. ඒ අය යුද හමුදාවේ හා ක්ෂණික විහිදුම් බළකායේ ඉහළම නිලධාරියෝ බව මම දැක්කා............. එයාලා එක් සිවිල් පුද්ගලයෙක්ගෙන් ප්‍රශ්න කරන ආකාරය මම දැක්කා. ඔහු බොහොම නිර්භයව උත්තර දුන් බොහොම සෘජු අවංක පිළිතුරු නිසා ටික වේලාවකින් මගේ සිත තුළ සැකයක් මෝදු වුණා. මේ ඉන්නේ අපේ නායක සහෝදරයා වත්ද............ මම හිතුවා. මම ඒක කර්නල් මුතාලිෆ්ගෙන් ඇහුවා (එවකට මේජර්) ඔව්....... ඌ තමයි.............. උඹට තවමත් සැකද.... කියල ඔහු හිනාවෙවී මගෙන් ඇහුවා..... මගේ ඇඟ ඇතුළේ එකවරම විදුලියක් දිව ගියා වගේ මට දැනුණා. ඒත් මේ සාකච්ඡාව බොහොම සාමකාමීයි. මහත්මා ගතිය හැමදෙනා තුළම දක්නට ලැබුණා. මට දැන් පැවරෙන්නේ කාගේ පින්තූර ගන්නද කියලා මට වැටහුණා. එතකොට මම අපේ නායක සහෝදරයව හැබැහින් දැකල නැහැ. ඈතට දැක්කේa 1982 ජනාධිපතිවරණයේදී විතරයි....... හමුදා ප්‍රධානීන් අහපු ප්‍රශ්න තාම මට මතකයි....... නායක සහෝදරයා දීපු උත්තර හරිම සෘජුයි..... හරිම කෙළින්.............. වරක් මගේ අණදෙන නිලධාරී අයිවන් දසනායක මෙන්න මෙහෙම ඇහුවා........... ඔබලාගේ සංවිධානය ඇතුළේ හමුදා සාමාජිකයන් කොපමණ ඉන්නවාද?....... ඇත්තටම මම ඒක දන්නේ නැහැ. නායක සහෝදරයා කිව්වා....... ඔබ බොරු කියනවා.... ඔබ හොඳින් දන්නවා... ආයෙත් ඇහුවා.. නැහැ........... මම කීදෙනෙක් ඉන්නවද දන්නේ නැහැ. හැබැයි එකක් මම දන්නවා. අද මේ වනවිට හමුදා ලොරි 2 ක් පිරෙන්න කොටි සංවිධානයට නවීනතම අවි ආයුධ සපයපු බව මම දන්නවා. අවි ආයුධ, සිමෙන්ති තොග ඔවුන්ට යවන්න ඔබලාත් සම්බන්ධයි..... හෙට අනිද්දා මේ ගැන හමුදාවේ සාමාන්‍ය සෙබළා දැනගනීවි...... මෙතැනදී කලකිරෙන රට ජාතිය ගැන ආදරයක් තියෙන හැම සෙබළෙක්ම ජනතා විමුක්ති පෙරමුණ හා රොක් වෙනවා කියන එක නම් මම දන්නවා..... හමුදා නායකයෝ මූණෙන් මූණ බලා ගත්තා මිස කිසිවක් ඊට කිව්වේ නැහැ. විජය කුමාරතුංග ඝාතනය කළේ ඇයි.........? ඔය ප්රශ්නය මගෙන් අහන ඔබ හොඳින්ම දන්නවා විජය මැරුවේ කවුද කියලා..... එක්කෝ ඔබ ඒක දැන දැනත්, මම මොනවා කියයිද කියල බලන්න ඒක මගෙන් අහනවා. එක්කෝ ඔබ ඇත්තටම දන්නේ නැහැ. දන්නේ නැත්aනම් අහගන්න. විජය ඝාතනය කළේ එජාපයේ සැලැස්මකට..... නමුත් ඔබලාගේ කිසිවෙක් ඒ ඝාතනය නිසා දුක්වන බවක් අපි දුටුවේ නැහැ... ඊට හේතුවක් නැහැ. විජය නළුවෙක් හැටියට ඔහුගේ මරණය ගැන දුක්වෙච්ච අය ඉන්න ඇති. අපට ඔහුගේ දේශපාලනය ගැන විවේචන තිබුණා. ඔහු ඊ. පී. ආර්. එල්. එෆ්. එකෙන් පුහුණුව ලබල තිබුණා. නියෝජිත කණ්ඩායමක් සමග ගොස් "කිට්ටු" මුණ ගැහිලා තිබුණා. ඒ සමගම ඉන්දු - ලංකා ගිවිසුමට සම්බන්ධව වැඩ කළා. ඒ නිසා ඔහුගේ දේශපාලන භාවිතය සම්බන්ධව අපට ගැටලු තිබුණා........... මට මතකයි සමහරු ඇහුවේ දේශපාලනයට කිසිම සම්බන්ධයක් නැති ප්‍රශ්න. ඔබ ජ්‍යෙdතිෂය විශ්වාස කරනවාද?.. නැහැ. හැබැයි සූර්යයාගේ බලපෑම පෘතුවියට තිබෙන බව මම දන්නවා. ඒක තනි තනි පුද්ගලයාට උපන් වේලාවට අනුව බලපානවා කියල මම විශ්වාස කරන්නේ නැහැ. ඒ ප්‍රශ්න කිරීම් අතරතුර මට පැවරුණා. ඔහුගේ ඡායාරූප ගන්න. මම ඔහුව තිරයක් යොදා වෙනම සකස් කරල තිබුණ තැනක තියල ඡායාරූප 8 ක් ගත්තා විවිධ පැතිවලින්......... ඒ අතරේ මමත් ඔහුගෙන් ප්‍රශ්න කිහිපයක් ඇහුවා. අනෙක් අයට නොදැනෙන්න. ඔබතුමා රෝහණ විජේවීරද........ ඔව්........... මොන නමින්ද හිටියේ... මම අත්තනායක යන නමින් හිsටියා. ඇයි මගේ ෆොටෝ ගන්නේ..... මොනවද මට කරන්න යන්නේ........ මට පැවරුණ රාජකාරියයි මේ. මගේ රාජකාරිය ෆොටෝ ගැනීම. කියා මම ඔහු දෙස කෙළින් බලා හිනා වුණා. මට විශ්වාසයි ඔහු මාව හඳුනා ගත්තා කියලා. මොකද යුද හමුදා පොලිසියේ ඡායාරූප ශිල්පියෙක් හමුදාව ගන්නා ඡායාරූප පක්ෂයට දෙන බව ඔහු දැන ගෙන හිටියා. ඔහු මගේ මුහුණ දෙස කෙළින් බලා සිනාසුණා........... ඉන්පසුව නායක සහෝදරයාගේ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක් පටිගත කෙරුණා. එතැනදී හමුදා නිලධාරියෝ නායක සහෝදරයට කිව්වේ අවි ආයුධ බිම තියල යටත් වෙන්න කියන පණිවුඩය තරුණ තරුණියන්ට දෙන්න කියලයි. නමුත් නායක සහෝදරයා ජනතා විමුක්ති පෙරමුණේ බිහිවීම හා පැතිරීම් හා ක්‍රියාකාරීත්වය විග්රහ කරමින් විනාඩි 20 ක විතර දේශනයක් පැවැත්වූවා. ඒක අවසානයේ කිව්වා ආයුධ බිම තියලා ප්රජාතන්ත්රවාදී ප්රවාහයට එක්වෙන්න කියන පණිවිඩය. මේ දේශනය හමුදාවේ එතැන සිටි ලොකු කුඩා ඔක්කොම අහගෙන හිටියා. සමහරු ඒ දේශනයෙන් සම්පූර්ණ වෙනස් මිනිස්සු බවට පත් වුණා. ජවිපෙ සටන්කාමී මාවතට තල්ලු කළේ කවුද කියන එක නායක සහෝදරයා ඉතා මැනවින් පැහැදිලි කළා..... ඒක අවසානයේ ආයෙත් අර සාකච්ඡා මේසයට නායක සහෝදරයව අරන් ගියා. ප්‍රශ්න කිරීම දිගටම කෙරුණා. ගමනායක ඉන්නේ කොහේද?....... නිලධාරියෙක් ඇහුවා............ ඒක මේ වෙලාවේ මගෙන් අහන එක හොඳ නැහැ නේද?........ නායක සහෝදරයා කිව්වා........... ඒ අතරේ එතැනට ආපු තවත් නිලධාරියෙක් හමුදාපතිවරයාට විශේෂ දුරකථන ඇමතුමක් ජනාධිපතිවරයාගෙන් තිබෙන බව කිව්වා. ඔහු ගියා ඒක ගන්න....... ඒ අතරතුර කර්නල් මුතාලිෆ් මට තවත් රාජකාරියක් පැවරුවා..... පහළ කාමරයක ඉන්නවා එච්. බී. හේරත්. ඔහුගේත් ඡායාරූප ගන්න ඕන කියලා මට නියෝග කළා. මම එතැනට යනවිට ඔහු ඡායාරූප ගන්න පුළුවන් මට්ටමක හිටියේ නැහැ. හොඳටම වදදීපු මස් වැදැල්ලක් වෙලා. මම ඔහුව බිත්තියට හේත්තු කරල අත ගන්නකොට නැවත කඩා හැලුණා. අමාරුවෙන් ඔහුගේත් ෆොටෝ දෙක තුනක් ගත්ත මම ඉතා ඉක්මනට උඩට ගියා. උඩ මොනවද වෙන්නේ කියලා බලන්න........ හමුදාපති ජෙනරාල් සිසිsල් වෛද්‍යරත්න හා ජනාධිපතිතුමා අතර දුරකථන සංවාදය ටික වේලාවක් පැවතුණා. ..... ඉන් පසුව එතන සිටි ඉහළම නිලධාරීන් 5 දෙනකු සමග හමුදාපතිවරයා වෙනම කාමරයක රහසිගත සාකච්ඡාවක් පැවැත්වූවා. මේජර් තෝරදෙනිය, මේජර් උඩුගම්පොල, බ්‍රිගේඩියර් ජයසුන්දර ඇතුළු තවත් දෙදෙනෙක් ඊට ගිය බව මට මතකයි.... ඉහළ නිලධාරීන් පස්දෙනා හා හමුදාපති අතර සාකච්ඡාව විනාඩි 10 කින් අවසන් වුණා. එළියට ආපු ඔවුන් පැජරෝ රථ දෙකක් ලෑස්තිකරන්න කියා අණ කළා. නායක සහෝදරයාව පහළ පෝටිකෝව යටට ගේන්න කියලත් කිව්වා... ඒත් නායක සහෝදරයා මරාදමාවි කියල අපට එවෙලේ නිකමට වත් හිතුණේ නැහැ. මොකද ඊට පෙර එතැන පැවැති සාකච්ඡාව සාමාන්‍යයෙන් මරා දමන්නෙක් සමග කරන සාකච්ඡාවක් නොවෙයි. ඊට අමතරව ඒ වන විට රටේ ජනාධිපතිවරයා කියා තිබුණා ඉන්න තැනකින් රෝහණ විජේවීර සාකච්ඡාවකට එන්න කියන තැනකට ඇස් දෙක බැඳගෙන හරි එන්නම් කියලා. ඊට අමතරව රජයට සම්බන්ධ තවත් ජනමාධ්‍යයක කියල තිබුණ විජේවීරට හෘදයාබාධයක් තියෙනවා කියල ආරංචි වෙලා තියෙනවා ඉල්ලීමක් කළොත් විදේශ රටකට යවල හරි ප්‍රතිකාර කරන්න රජය සූදානම් කියලා. මේ වගේ ප්‍රකාශ, අදහස් රටපුරා ගිය විදියටත් නායක සහෝදරයා අල්ල ගත්ත මොහොතේ සිට ඉහළ නිලධාරීන් ක්‍රියා කළ ආකාරයත් අනුව ඔහුව මරා දමාවි කියල කිසිවකුට හිතන්න බැහැ. නමුත් සියල්ල වෙලා තියෙන්නේ ඉහත කී දුරකථන ඇමතුමෙන් සහ ඉහළ නිලධාරීන් 6 දෙනාගේ සාකච්ඡාවෙන් අනතුරුවයි. ක්ෂණයකින් පැජරෝ වර්ගයේ වාහන දෙකක් ඔප්ස් කොම්බයින් මූලස්ථානයේ පෝටිකෝව යටට ආවා. නායක සහෝදරයා එතනටත් ආවේ සාමාන්‍ය පරිදි අනිත් අය වගේ ඇවිදගෙන. එතන හරි අපූරු දෙයක් වුණා. එක නිලධාරියෙක් නායක සහෝදරයගේ දකුණු අත අරගෙන අල්ලත් පිට අල්ලත් ඇඟිලිත් ඉතා හොඳින් පරීක්ෂා කර බැලුවා. ඇයි.. මගේ අතේ මරණීය සලකුණු තියෙනව කියලද බලන්නේ. නායක සහෝදරයා එහෙම ඇහුවා. ඒකට අනිත් නිලධාරීන් ඔක්කොම හඬ නගලා හිනහ වුණා. නැහැ... මම බැලුවේ මෙයා ජංගල් ටේ්‍රනින්වලට එහෙම ගිහිල්ලා තියනවද කියලයි. ජංගල් ටේ්රනින් වලට මම යන්න ඕන නැහැ. මම හිටියේ ජනතාව අතර. කොටින්ම මම ඔයාලයි ජනාධිපතිතුමාගේ රැස්වීම් වලටත් ගිහින් එයාගේ කතා අහගෙන ඉඳලත් තියෙනවා. මෙම කතාවටද ඉහළ නිලධාරීන් අන්ද මන්ද වුණා. ඒ අතර එතන සිටි එක් නිලධාරියෙක් නායක සහෝදරයා ළඟට ඇවිත් ඔහුගේ උපැස් යුගලය ගලවා ඔහුගේ සාක්කුවටම දැමුවා. අනතුරුව කළු රෙදි කැබැල්ලකින් ඔහුගේ දැස් බැඳ දැම්මා. සිදුවන්නට යන මොකක් හෝ අමිහිරි සිදුවීමක ඉවක් මට දැනෙන්න පටන් ගත්තා. උගුර ගොළු වුණා. උගුරේ යමක් හිරවෙනවා වගේ දැනෙන්න පටන් ගත්තා. මට කරගන්න දෙයක් නැහැ. නායක සහෝදරයා අවස්ථාව තේරුම් ගත්තා. ඔහු ඇහුවා මාව කොහේද මේ අරගෙන යන්නේ කියලා. කිසිවෙක් සද්ද නැහැ. මට ඔබලා මොනවා කළත් කමක් නැහැ. මගේ දරුවන්ට විතරක් මොනම කරදරයක්වත් කරන්න එපා කියල ඔහු අපි හැමෝම ඉදිරියේ ලොකු විවෘත ඉල්ලීමක් කළා. අන්තිමේ නිලධාරින් දෙදෙනකු සමග සෙබළු කිහිප දෙනෙක් නායක සහෝදරයා සමග ඉදිරියෙන් ගිය පැජරෝවට නැග්ගා. ඒ වෙලාවේ එතන එහේ මෙහෙ aසිටි සෙබළු ටිකත් කතාකරගෙන තවත් නිලධාරීන් කිහිප දෙනෙක් පසුපස පැජරෝවට නැගුණා. වාහන දෙක ඉගිල ගියා. මට යන්න වාහනයක් නැහැ. මම හෙව්වා අපේ ප්‍රධාන අණ දෙන නිලධාරියාව. ඒ වන විට එයා හිටියේ උඩ කාමරයක ඔළුවට අත ගහගෙන දැඩි කලකිරීමක... ඔහු හුඟක් වෙනස් වෙලා. නායක සහෝදරයාගේ දේශනයක් අහපුවම මනුස්සකම ටිකක් තියෙන රටට ආදරය කරන මිනිස්සු සංවේදී වෙනවා. ගල් හිතක් වුණත් උණු වෙනවා. ඒක අපේ අණදෙන නිලධාරියාටත් වෙලා බව මම දැක්කා. සර්... අපි යන්නේ නැද්ද. මම ඇහුව. අපි යන්න ඕන නැහැ. අපි ඔන්න ඔහොම සද්ද නැතිව කෑම්ප් එකට යමු. ඔහු එහෙම කියලා නැගිට්ටා. ඒත් ඒ මොහොතේම එතනට හමුදාපතිතුමා පැමිණියා. එතුමා අපේ සී. ඕ. එස්. අයි. එස්. දසනායකව දැක වියරු වැටිලා අඩි පොළවේ හප්පලා කෑගහන්න පටන් ගත්තා. යකෝ උඹ තාම මෙතනද... උඹට මං ඕඩර්ස් කළේ ගිහින් ඒ වැඩේ සිද්ධවෙන හැටි මට රිපෝට් කරන්න කියල නේද.. තෝ ඒකට ගියේ නැත්නම් මම තෝව බල්ලෙක් වගේ වෙඩි තියල මෙතන මරල දානවා. මේ තර්ජනයත් සමගම තැතිගත් අපේ සී. ඕ. මටත් කතා කරගෙන එතනින් ඇවිත් ඔහුගේ කාරයට ගොඩ වුණා. ගොඩවෙලා ඉදිරියට ගන්න ගමන් මගෙන් ඇහුවා දැන් අපි කොහාටද යන්න ඕන.. මම දන්නේ නැහැ සර්... විජහයින් ගිහින් දුවල අහගෙන එනවා බ්‍රිගේඩියර් ජයසුන්දරගෙන් ඊළඟට අපි කොහාටද යන්න ඕන කියලා. මම දිව්වා... මම යනකොට ජනරාල් වෛද්‍යරත්න ආපහු ගෙදර යන්න වාහනයට නගිනවා. දැන් මගදි අපේ සර් වාහනය මග නවත්තන් ඉන්නවා දැක්කොත් අනිවාර්යයෙන්ම එයා අපේ සර්ට වෙඩි තියනවා. මම දුවල ඇවිත් සර්ට කිව්වා ඔන්න සර් ජෙනරාල් එනවා අපි වෙන පාරකට දාල ඉමු කියලා. අපි ජනරාල් යනකන් හැංගිලා ඉඳලා පස්සේ බ්‍රිගේඩියර් ජයසුන්දරගෙන් යන්නේ කොතනටද කියල අහගෙන තමයි බොරැල්ල කනත්තට ගියේ. ඒ වෙනකොට වෙන්න තියෙන ඔක්කොම දේවල් වෙලා ඉවරයි. අපේ නායක සහෝදරයාගේ ඔළුවෙනුයි පපුවෙනුයි උණු උණු ලේ ගලා ගිය ප්‍රාණය නිරුද්ධ නොවුණ සිරුර ආදාහනාගාරය ඉදිරියේ බිම දමා තිබුණා. එතන සිටි හැමෝම හිටියේ මහ තිරිසන්නු වගේ. සමහරු මේ ඉන්නේ රෝහණ විජේවීර කියලා හාංකවිසියක්වත් දැන සිටියේ නැහැ. අපි යන්න කලින් ගොල්ෆ් පිට්ටනියට අරන් ගිහින් තමයි වද දීල වෙඩි තියල තිබුණේ. ආදාහනාගාරයේ යතුර තිබුණේ නැහැ. කිහිපදෙනෙක් ඔහුගේ නිල නිවසට ගිහින් යතුර ඉල්ලා හිටියා. ඔහු අන්ද මන්ද වුණා. අනේ සර්... මේක මගේ රාජකාරිය. මේ වගේ වැඩ මෙතෙන කෙරෙන්නේ නැහැ. යතුර නම් දෙන්න බැහැ... ඉහළ නිලධාරියාට යකා නැග්ගා ඔහු පිස්තෝලය ඇදල අරන් අර පුද්ගලයගේ ඔළුවට තිබ්බා. මේක විශේෂ රාජකාරියක් පරයෝ. බල්ලෙක් වගේ මරල දාන්න කලින් දීපන් යතුර... ඔහු යතුර දුන්නා. ආදාහනාගාරයේ දොරවල් දඩිබිඩි ගා ඇරුණා. යකෝ ඕකව උස්සල පද්දල වීසිකරපන් ඇතුළට. ඉහළ නිලධාරියා අණ දුන්නා. කිහිපදෙනෙක් නායක සහෝදරයගේ සිරුර අමාරුවෙන් උස්සල පද්දල ඇතුළට වීසි කළා. සිරුර ආදාහනාගාරයේ කටේ වැදිලා ආපහු බිමට වැටුණා. නායක සහෝදරයා කෙඳිරි ගාන්න පටන් ගත්තා.... අර ඉහළ නිලධාරියගේ කුණුහරුප වරුසාවක් මැද ආයෙත් සැරයක් සිරුර අමාරුවෙන් උස්සලා ඇතුළට වීසිකර ගත්තා.. විනාඩි කිහිපයකින් ඔක්කොම ඉවර වුණා. මට බලා ඉන්න බැහැ. මම අපේ සී. ඕ. ළඟට ආවා. අපි යමු කෝප්රල්... ඔහු මට කිව්වා අපි වාහනේ නැගිල ආපහු ආවා. කවුරුවත් වචනයක් කතා කළේ නැහැ. පහුවදා එළිය වැටුණාම දහවල් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රන්ජන් විජේරත්න මහතා ප්‍රසිද්ධ පුවත්පත් සාකච්ඡාවක් කැඳෙව්වා. එහිදී ඔහු හරි අපූරු ප්‍රකාශයක් කළා. ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර අත්තනායක නමින් උලපනේ ප්‍රදේශයේ සෙන්ට් මේරි නම් වතුයායේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බවත්, ඉන් පසුව ඔහු පක්ෂයේ සියලු රහසිගත තොරතුරු රජයේ ආරක්ෂක අංශවලට ලබාදුන් බවත්, කොළඹ පැවැති ජවිපෙ මූලස්ථානයේ තිබෙන තොරතුරු අඩංගු ලිපිගොනු රැසක් ලබාදීමට ඔහු ආරක්ෂක අංශ සමග මූලස්ථානයට ගිය බවත්, එහි සිටි එච්. බී. හේරත් නමැත්තා අමතා රෝහණ විජේවීර ඉහත කී ලිපිගොනු බාර දෙන්නට කී බවත් රන්ජන් විජේරත්න ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේ ලිපි ගොනු අරගැනීමට ලාච්චුවක් ඇර එහි තිබූ පිස්තෝලයක් ගෙන එච්. බී. හේරත් එක වරම විජේවීරට වෙඩි තැබූ බවත් එහිදී ආරක්ෂක අංශ පෙරලා හේරත්ට වෙඩි තැබූ බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා අවසානයේ කීවේ වෙඩි තබා ගැනීම්වලින් දෙදෙනාම මියගිය බවය. ආරක්ෂක තත්ත්වය සලකා දෙදෙනාගේම සිරුරු බොරැල්ල කනත්තේදී ආදාහනය කළ බවද ඔහු ප්‍රකාශ කළා. ඇත්ත කතාව උඩු යටිකුරු කළ ප්‍රකාශයකින් සියල්ල නිමා වුණේ එහෙමයි. මටත් වැඩිකල් මෙහෙම ඉන්න නොලැබෙන බව මට තේරුණා. එතැන් සිට අපේ නායකයෝ එක්කෙනා එක්කෙනා අහුවුණා. ඒ කිසිවෙක්ගෙන් මං ගැන තොරතුරු ලැබිල තිබුණේ නැහැ. නමුත් දෙසැම්බර් 29 වැනිදා අත්අඩංගුවට පත් වුණ සමන් පියසිරි ප්‍රනාන්දුගේ අතේ තිබුණ ලිපි ගොනුවකින් මම ගැනත් තොරතුරු හෙළි වුණා. ඒ අනුව 1990 මාර්තු 14 වැනිදා අත්අඩංගුවට පත්වුණ මම යටාරෝ වධකාගාරයේ එක දිගට දින 19 ක් දුක් වින්ද... මම අද මේ බේරිලා ඉන්නේ එක්තරා දෛවෝපගත සිදුවීමක් නිසා. බුලිත ප්‍රදීප් කුමාර [B]උපුටා ගැනීම දිවයින පුවත්පත අන්තර්ජාල සංස්කරණය 2011.11.13 [/B][/SIZE][/SIZE][/FONT][B][URL]http://www.divaina.com/2011/11/13/feature07.html[/URL][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom