Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ ඇසෙන්නේ මොහිදින් බෙග් ගේ හඬයි. නාරිලතා මල පිළිබඳ ව අපූරු පුවතක් ජාතක පොතේ හමුවෙයි. එක්තරා තාපසයකු වනාන්තරයක භාවනා කරමින් සිටියේ ය. දිනක් ඔහුගේ ඇස ගැටෙන්නේ තම ආරණ්‍ය ඉදිරියේ පිපී ඇති අපූරු පුෂ්පයකි. ඒ පුෂ්පයේ විශේෂත්වය වන්නේ එහි ස්ත්‍රියකගේ හැඩරුව ඇඳී තිබීමයි.

මිනිස් ඇසුරෙන් බැහැර ව අපිස් ජීවිතයක් ගතකරමින් සිටි මේ තාපසයා ගේ මනසෙ හි එක්වර ම රාගය පිබිදෙයි. මේ පුෂ්පය නාරිලතා මල ලෙස හඳුන්වන්නේ ගැහැනියක ගේ රූපකාය මේ මලෙන් දැකිය හැකි බැවිනි. නමුත් ඒ මල සුපිපුණේ හිමාල වනාන්තරයේ ය. මේ මල පූදින්නේ යටලීයෙනි. එසේ ම මේ ගීයෙන් අපට මුණගැසෙන්නේ තාපසයකු ද නොවේ.

සමාජ ආර්ථික ගැටලු ගීතය සමඟ සම්මිශ්‍රණය කරගැනීමට ලූෂන් බුලත්සිංහලයෝ සමත්කම් දක්වති. ‘පිපුණු මලේ රුව‘ නමැති නිර්මාණය මේ සඳහා කදිම නිදර්ශනයකි. මේ නිර්මාණයෙන් ද මුණගැසෙන්නේ දරිද්‍රතාවයෙන් බැටකමින් තම යෞවනය තුළ පරාජිතභාවය උරුම කරගන්නා වූ පුද්ගලයෙකි.

ආර්ථික දරිද්‍රතාව ඉදිරියේ ඔහුගේ ජීවිතය ලිහාගන්නට නොහැකි අවුල් ජාලාවක පැටලෙයි. මේ නිසාම ආලය සෙනෙහස ඔහුගේ ජීවිතයෙන් ක්‍රමයෙන් ඈත්වෙයි. මේ සියල්ල සංකේතාත්මක ව රූපකාර්ථ නඟමින් ඉදිරිපත් කිරීමට බුලත්සිංහලයෝ සමත් වෙති.

”සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙළන රෑ

මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ

යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ

යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ...

ඔහුට නිදන්නට ඇත්තේ ලණු ඉහිරුණු සිරි යහනකි. සිරියහනට පවා ඔහු ගැන දුක සිතී සුසුම් හෙළයි. ඔහුගේ කුටිය පුරා මකුළුවෝ දැල් වියති. ඔහු පැටලී ඇති අවුල් ජාලාව ඒ මඟින් ප්‍රකාශිත වේ. සැබෑ ලෙස ම රචකයා අප ඉදිරියේ මවන සංකල්ප රූපය තුළ ජනනය වන්නේ ලනු ඇඳක නිදිවර්ජිත ව රාත්‍රිය ගත කරන්නා වූ යොවුන් වියෙන් මැදිවයසට ප්රවේශවෙමින් සිටින බලාපොරොත්තු කඩකරගත් පුද්ගලයෙකි.

එසේ නම් වහලය දෙස බලාගෙන සුසුම් හෙළන මොහු දකින නාරිලතා මල් මොනවාද? ඒ අනෙකක් නොව ජීවිතය වරින් වර ඔහුට මුණගැසුණු සුන්දර තරුණියෝ ඇර කවුරුන්ද? එහෙත් එදා තාපසයාට මෙන් ඒ නාරිලතා මල් සිහිවීමෙන් ඔහුට උපදින්නේ රාගයක් නොව ශෝකයකි. මන්ද ඔහුට ජීවිතයේ වරින් වර මුණගැසුණු තරුණියන් ඔහුට අහිමිවන්නේ ඔහු වෙලාගෙන ඇති දරිද්‍රතාව නිසා බැවිනි.

මේ ගීතය විචාරයට හසු කළ මගේ මිත්‍ර සිංහල ගුරුතුමකු සිසුන් ඉදිරියේ පවසා තිබුණේ තරුණියන් සිහිකරමින් ස්වයං වින්දනයක යෙදෙන්නකු මේ ගීතයෙන් මතුවන බවයි. එබඳු අර්ථ දැක්වීමක නිරතවීම මේ ගීතයට කරන බරපතළ හානියක් බව මගේ හැඟීමයි.

ආර්ථික දරිද්‍රතාවය ඉදිරියේ බිඳවැටුණු ආදරයක් සිහිපත් කරන්නකු රාගාධික උන්මත්තකයකු බවට පත්කිරීම නොකළ යුත්තකි. මේ මොහොතේ ඔහු සිටින්නේ තමා ගැන ම උපන් කළකිරීමකින් මිස අහිමි වූ ස්ත්‍රීන් සමඟ මානසික සම්භෝගයකින් නොවේ.

සදෙන් සඳට මුවා වෙලා

කල දවසත් ගෙවී ගිහින්

නෙතට නුහුරු කදුළු බිංදු

පැදුරට මුහුවෙලා හොරෙන්

ඔහු කිසිදාක හඬන්නට බලාපාරොත්තු වූවකු නොවේ. එහෙත් යෞවනය මෙසේ අකාලයේ ගෙවීයාම පිළිබඳ වාවාගත නොහැකි වේදනාවක් ඔහු තුළ පවතී. “සඳෙන් සඳට මුවාවී” යන යෙදුම අකාලයේ ගෙවී ගිය කාලය වෙනුවෙන් යෙදූ අපූර්වතම කාවේයීක්තියකි. කිසිදා අඬන්නට නොසිටි මිනිසකුගේ හඬා වැටීම වෙනුවෙන් නෙතට නුහුරු යන යෙදුම ප්‍රබල ප්රකාශනයක් බවට පත්වෙයි. සැම විට ම සමාජ ආර්ථික දේශපාන පරිසරය මිනිස් ජීවිතයට කෙතරම් බලපෑමක් කරන්නේ ද යන්න මේ ගීතයෙන් මනාව ප්රත්යක්ෂ වේ.

යහන තලා සැප විඳිනා

පල දී නැතුවා පෙර පින්

මාල වළලු නොතිත් අයට

අප අමතක වෙලා ගිහින්“

ගීත රචකයකු සාහිත්‍ය ඥානයෙන් භාෂා ඥානයෙන් කෙතරම් පිරිපුන් විය යුතු ද යන්න බුලත්සිංහලයන් ගේ නිර්මාණ අධ්‍යයනය කිරීමෙන් මනාව වටහාගත හැකිය. “මාල වළලු නොතිත් අය” නැමැති යෙදුම පැරැණි සම්භාව්‍ය සාහිත්‍ය ඔස්සේ ගලා එන්නකි. ස්ත්‍රීන් මාල වළලු වලට දක්වන අසීමිත ආසාව මේ මඟින් ප්‍රකාශිත වේ.

”දරුවන් වැදීමෙන්

අබරණ ලා සැදීමෙන්

රති කෙළි යෙදීමෙන්

වෙසෙත් අඟනුන් නොතිත් වීමෙන්

(කාව්‍යශේඛරය - තොටගමුවේ ශ්‍රී රාහුල හිමි)

ඔහු පවසන්නේ ඔහුගේ දරිද්‍රතාවයේ බරපතලකම වටහාගත් තරුණියන් ඔහු ව අමතක කර දැමූ බවයි. එහෙත් ඔහු කිසිවකුට දොස් නොපවසන අතර තමා ව වෙලාගත් ආර්ථික අගාධය පිළිබඳ ව තනිව ම පශ්චත්තාප වේ.

එඩ්වඩ් ජයකොඩි ගේ ගායන විශිෂ්ටතාව නිසාම මේ පදමාලාවට සුවිශේෂ අගයක් හිමිවෙයි. මෙහි සංගීත රිද්මය ගීතයේ රසය තීව්ර කිරීමට වඩා ගීතය ජනප්‍රිය කරවීම උදෙසා ම ගත් වෑයමක් බව මගේ හැඟීමයි.

සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙළන රෑ

මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ

යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ//

සඳෙන් සඳට මුවා වෙලා කල දවසත් ගෙවී ගිහින්

නෙතට නුහුරු කඳුළු බිංදු පැදුරට මුහුවෙලා හොරෙන්

යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ//

සිරියහනේ ලණු ඉහිරී..

යහන තලා සැප හිඳිනා කලහී නැතුවා පෙර පිං

මාල වළලු නොතිබ් අයට අප අමතක වෙලා ගිහින්

යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ//

ධම්මික බණ්ඩාර, සිළුමිණ

[QUOTE="DIGPRIYANKARA, post: 11910596, member: 366083"] [SIZE=4][COLOR=DarkRed]ඒ ඇසෙන්නේ මොහිදින් බෙග් ගේ හඬයි. නාරිලතා මල පිළිබඳ ව අපූරු පුවතක් ජාතක පොතේ හමුවෙයි. එක්තරා තාපසයකු වනාන්තරයක භාවනා කරමින් සිටියේ ය. දිනක් ඔහුගේ ඇස ගැටෙන්නේ තම ආරණ්‍ය ඉදිරියේ පිපී ඇති අපූරු පුෂ්පයකි. ඒ පුෂ්පයේ විශේෂත්වය වන්නේ එහි ස්ත්‍රියකගේ හැඩරුව ඇඳී තිබීමයි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] මිනිස් ඇසුරෙන් බැහැර ව අපිස් ජීවිතයක් ගතකරමින් සිටි මේ තාපසයා ගේ මනසෙ හි එක්වර ම රාගය පිබිදෙයි. මේ පුෂ්පය නාරිලතා මල ලෙස හඳුන්වන්නේ ගැහැනියක ගේ රූපකාය මේ මලෙන් දැකිය හැකි බැවිනි. නමුත් ඒ මල සුපිපුණේ හිමාල වනාන්තරයේ ය. මේ මල පූදින්නේ යටලීයෙනි. එසේ ම මේ ගීයෙන් අපට මුණගැසෙන්නේ තාපසයකු ද නොවේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] සමාජ ආර්ථික ගැටලු ගීතය සමඟ සම්මිශ්‍රණය කරගැනීමට ලූෂන් බුලත්සිංහලයෝ සමත්කම් දක්වති. ‘පිපුණු මලේ රුව‘ නමැති නිර්මාණය මේ සඳහා කදිම නිදර්ශනයකි. මේ නිර්මාණයෙන් ද මුණගැසෙන්නේ දරිද්‍රතාවයෙන් බැටකමින් තම යෞවනය තුළ පරාජිතභාවය උරුම කරගන්නා වූ පුද්ගලයෙකි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] ආර්ථික දරිද්‍රතාව ඉදිරියේ ඔහුගේ ජීවිතය ලිහාගන්නට නොහැකි අවුල් ජාලාවක පැටලෙයි. මේ නිසාම ආලය සෙනෙහස ඔහුගේ ජීවිතයෙන් ක්‍රමයෙන් ඈත්වෙයි. මේ සියල්ල සංකේතාත්මක ව රූපකාර්ථ නඟමින් ඉදිරිපත් කිරීමට බුලත්සිංහලයෝ සමත් වෙති.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [COLOR=DarkGreen]”සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙළන රෑ මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ...[/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] ඔහුට නිදන්නට ඇත්තේ ලණු ඉහිරුණු සිරි යහනකි. සිරියහනට පවා ඔහු ගැන දුක සිතී සුසුම් හෙළයි. ඔහුගේ කුටිය පුරා මකුළුවෝ දැල් වියති. ඔහු පැටලී ඇති අවුල් ජාලාව ඒ මඟින් ප්‍රකාශිත වේ. සැබෑ ලෙස ම රචකයා අප ඉදිරියේ මවන සංකල්ප රූපය තුළ ජනනය වන්නේ ලනු ඇඳක නිදිවර්ජිත ව රාත්‍රිය ගත කරන්නා වූ යොවුන් වියෙන් මැදිවයසට ප්රවේශවෙමින් සිටින බලාපොරොත්තු කඩකරගත් පුද්ගලයෙකි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] එසේ නම් වහලය දෙස බලාගෙන සුසුම් හෙළන මොහු දකින නාරිලතා මල් මොනවාද? ඒ අනෙකක් නොව ජීවිතය වරින් වර ඔහුට මුණගැසුණු සුන්දර තරුණියෝ ඇර කවුරුන්ද? එහෙත් එදා තාපසයාට මෙන් ඒ නාරිලතා මල් සිහිවීමෙන් ඔහුට උපදින්නේ රාගයක් නොව ශෝකයකි. මන්ද ඔහුට ජීවිතයේ වරින් වර මුණගැසුණු තරුණියන් ඔහුට අහිමිවන්නේ ඔහු වෙලාගෙන ඇති දරිද්‍රතාව නිසා බැවිනි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] මේ ගීතය විචාරයට හසු කළ මගේ මිත්‍ර සිංහල ගුරුතුමකු සිසුන් ඉදිරියේ පවසා තිබුණේ තරුණියන් සිහිකරමින් ස්වයං වින්දනයක යෙදෙන්නකු මේ ගීතයෙන් මතුවන බවයි. එබඳු අර්ථ දැක්වීමක නිරතවීම මේ ගීතයට කරන බරපතළ හානියක් බව මගේ හැඟීමයි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] ආර්ථික දරිද්‍රතාවය ඉදිරියේ බිඳවැටුණු ආදරයක් සිහිපත් කරන්නකු රාගාධික උන්මත්තකයකු බවට පත්කිරීම නොකළ යුත්තකි. මේ මොහොතේ ඔහු සිටින්නේ තමා ගැන ම උපන් කළකිරීමකින් මිස අහිමි වූ ස්ත්‍රීන් සමඟ මානසික සම්භෝගයකින් නොවේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]සදෙන් සඳට මුවා වෙලා කල දවසත් ගෙවී ගිහින් නෙතට නුහුරු කදුළු බිංදු පැදුරට මුහුවෙලා හොරෙන්[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] ඔහු කිසිදාක හඬන්නට බලාපාරොත්තු වූවකු නොවේ. එහෙත් යෞවනය මෙසේ අකාලයේ ගෙවීයාම පිළිබඳ වාවාගත නොහැකි වේදනාවක් ඔහු තුළ පවතී. “සඳෙන් සඳට මුවාවී” යන යෙදුම අකාලයේ ගෙවී ගිය කාලය වෙනුවෙන් යෙදූ අපූර්වතම කාවේයීක්තියකි. කිසිදා අඬන්නට නොසිටි මිනිසකුගේ හඬා වැටීම වෙනුවෙන් නෙතට නුහුරු යන යෙදුම ප්‍රබල ප්රකාශනයක් බවට පත්වෙයි. සැම විට ම සමාජ ආර්ථික දේශපාන පරිසරය මිනිස් ජීවිතයට කෙතරම් බලපෑමක් කරන්නේ ද යන්න මේ ගීතයෙන් මනාව ප්රත්යක්ෂ වේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]යහන තලා සැප විඳිනා පල දී නැතුවා පෙර පින් මාල වළලු නොතිත් අයට අප අමතක වෙලා ගිහින්“[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] ගීත රචකයකු සාහිත්‍ය ඥානයෙන් භාෂා ඥානයෙන් කෙතරම් පිරිපුන් විය යුතු ද යන්න බුලත්සිංහලයන් ගේ නිර්මාණ අධ්‍යයනය කිරීමෙන් මනාව වටහාගත හැකිය. “මාල වළලු නොතිත් අය” නැමැති යෙදුම පැරැණි සම්භාව්‍ය සාහිත්‍ය ඔස්සේ ගලා එන්නකි. ස්ත්‍රීන් මාල වළලු වලට දක්වන අසීමිත ආසාව මේ මඟින් ප්‍රකාශිත වේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]”දරුවන් වැදීමෙන් අබරණ ලා සැදීමෙන් රති කෙළි යෙදීමෙන් වෙසෙත් අඟනුන් නොතිත් වීමෙන්[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed](කාව්‍යශේඛරය - තොටගමුවේ ශ්‍රී රාහුල හිමි)[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] ඔහු පවසන්නේ ඔහුගේ දරිද්‍රතාවයේ බරපතලකම වටහාගත් තරුණියන් ඔහු ව අමතක කර දැමූ බවයි. එහෙත් ඔහු කිසිවකුට දොස් නොපවසන අතර තමා ව වෙලාගත් ආර්ථික අගාධය පිළිබඳ ව තනිව ම පශ්චත්තාප වේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] එඩ්වඩ් ජයකොඩි ගේ ගායන විශිෂ්ටතාව නිසාම මේ පදමාලාවට සුවිශේෂ අගයක් හිමිවෙයි. මෙහි සංගීත රිද්මය ගීතයේ රසය තීව්ර කිරීමට වඩා ගීතය ජනප්‍රිය කරවීම උදෙසා ම ගත් වෑයමක් බව මගේ හැඟීමයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen]සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙළන රෑ මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ// සඳෙන් සඳට මුවා වෙලා කල දවසත් ගෙවී ගිහින් නෙතට නුහුරු කඳුළු බිංදු පැදුරට මුහුවෙලා හොරෙන් යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ// සිරියහනේ ලණු ඉහිරී.. යහන තලා සැප හිඳිනා කලහී නැතුවා පෙර පිං මාල වළලු නොතිබ් අයට අප අමතක වෙලා ගිහින් යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ//[/COLOR][/SIZE] [COLOR=Black] [/COLOR][SIZE=4][COLOR=Black][SIZE=3]ධම්මික බණ්ඩාර, සිළුමිණ[/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom