Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න යාළුවනේ තවත් ගීතයක් අරගෙන ආවා.... මම විචාරය කරන්න කැමතිම ගීතයක්... ඒත් අපේ ගී පද රචකයා මට මේ ගීතය විචාරය කරන්න ඉඩක් තබල නෑ..... ඔහු මේ සම්බන්ධ සම්පූර්ණ කතාව පවසනව මෙන්න මේ විදියට...

මා මේ ගීතය ලියූවේ මා විසින් අත්දැකි සත්‍ය සිදුවීමක් ඇසුරින්. මේකට පාදක වුණේ මා දන්නා චරිතයක්. ඇගේ ආදරවන්තයා ඇයට පරිභව කරලා. බොරු චෝදනා පත්‍රයක් දීලා පලා ගිහින්. ඇත්තටම ඈ නිවැරැදියි. නමුත් ඇය නොකල දෙයකටයි ඇයට මෙහෙම පරිභව කරන්නේ. ඇය අසරණයි. මා ඇගෙන් බොහෝ දේ විමසුවා. මට ලෝකයම එපාවෙලා. හැම දෙයක් ගැනම කල කිරිලා. ජිවත් වෙනවාට වඩා හොඳයි දිවි නසා ගන්නවා කියා ඇය කිව්වා. නමුත් මේ අතර ඇය වෙත තෙවැන්නෙක් ලං වෙනව. කෙමෙන් කෙමෙන් ඇයගේ සිතත් ඔහුවෙත ඇදී යනව. ඔහුගේ වදන් අසරණවූ ඇයගේ ජීවිතයට ඔසු පැන්වගේ.....

ඇයට අපමණ නින්දා ගැරහුම් එනවා. ඒවා හරිම අසෝබනයි. ඉන් කලකිරුණ ඕ වැලපෙන්නේ වැළහින්නක් වගේ. මේ තුන්වැන්නාගේ සුසුම් වදන් හරියට සුළඟේ පාවී එන සුවඳක් වගෙයි දැනෙන්නේ. එය පිපාසාවෙන් පෙළෙන හදවතට සිසිල් සුවයක්.

මිනිසත්කම නොලැබූවන් නගනා රැවුම් ගෙරවුම් නිසා ඕ බියපත් වූයේ හරියට මුවැත්තියක් වගේ. ඒ මොහොතේදී ඔහු ඈ වෙත පැමිණෙනවා. ඔහුගෙන් නික්මෙන සුසුමක් පවා ඇයට දිව ඔසුවක්.... අසරණව සිටින ඈට. ඒ සුසුම උණුසුම් බවත් ගෙන දෙනවා. ඇත්තෙන්ම ඔහුගේ උණුසුම ඇයට මහමෙරක් තරමට වටිනවා.

අසරණව ඇය නින්දා අපහාස වේදනා ලබද්දී ඇය වෙත එන තුන්වැන්නාගෙන් ලැබෙන සෙනෙහෙබර වදන් විතරක් නොවේ ඔහුගේ රූපය දැකීම පවා ඇයට ජීවත් වීමට ශක්තියක් ලබා දෙනවා. මේ ගීය වර්තමාන පරපුරට වඩා පෙර පරපුර අතර බොහෝ සේ ජනප්‍රිය වුණා සමීප වුණා. ඒකට හේතුව වුණේ ස්ත්රීපාර්ශ්වයට මේ ගීතය පොදු වීමයි. පෙම්වතාගෙන් සැමියාගෙන් මෙවන් පරිභවයකට ලක් වූ ස්ත්‍රීන් අසරණ වූ පසුව මේ ගීය තමන්ටම ආදේශ කර ගත්තා.

නන්දා මාලිනියට තිබෙන්නේ ශෝකී ස්වරයක්. කෙතරම් වේග රිද්ම ගීත ගැයුවත්, ප්‍රීතිය දනවන ගී ගැයුවත් ඒ හැම ගීතයක් හරහාම ඇගේ ශෝකී ස්වරය මතුව එනවා. මේ ගීතයේදී මර්වින් පෙරේරා ඇගේ ඒ ශෝකී ස්වරයෙන් ප්‍රයෝජනයක් ගත්තා.

[YOUTUBE]Nfoo07_rWhQ[/YOUTUBE]

ලොවම එපා වී ලොවම කලකිරී

තැවී දැවී හිඳිනා වේලේ...

ඔබේ දයාබර එකම වදනකින්

මගේ ආත්මය සුවපත් වේ...

අසා අසෝබන නින්දා ගැරහුම්

වැළහින්නක සේ වැලපෙන මොහොතේ

පවනේ පාවෙන ඔබේ සුවඳකින්

පිපාසිත වූ හද සිහිලැල් වේ

ලබා නොමිනිසුන් නගනා ගෙරවුම්

මුවැත්තියක සේ බියපත් මොහොතේ

සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්

මුළුගැන්වුණු සිත උණුසුම් වේ....

උපුටා ගැනීම - 2008 විප්‍රයෝග සම්ප්‍රයෝග ගී පද විචාරය - සෞන්දර්ය විශ්ව විද්‍යාලය, කොළඹ

මෙය මාගේ 39වන ගී පද විචාරයයි... 40 වන විචාරය වශයෙන් රෑ වැඩමුරය ගීතයෙහි මගේම විචාරයකින් තව ටිකකින් හමුවෙමු... එතෙක් ඔබේ අදහස් තමා ඕනි අපි හැමෝටම....

[QUOTE="sasliit, post: 11981595, member: 35153"] [COLOR="DarkOrchid"][SIZE="5"][B]ඔන්න යාළුවනේ තවත් ගීතයක් අරගෙන ආවා.... මම විචාරය කරන්න කැමතිම ගීතයක්... ඒත් අපේ ගී පද රචකයා මට මේ ගීතය විචාරය කරන්න ඉඩක් තබල නෑ..... ඔහු මේ සම්බන්ධ සම්පූර්ණ කතාව පවසනව මෙන්න මේ විදියට... [COLOR="DarkGreen"]මා මේ ගීතය ලියූවේ මා විසින් අත්දැකි සත්‍ය සිදුවීමක් ඇසුරින්. මේකට පාදක වුණේ මා දන්නා චරිතයක්. ඇගේ ආදරවන්තයා ඇයට පරිභව කරලා. බොරු චෝදනා පත්‍රයක් දීලා පලා ගිහින්. ඇත්තටම ඈ නිවැරැදියි. නමුත් ඇය නොකල දෙයකටයි ඇයට මෙහෙම පරිභව කරන්නේ. ඇය අසරණයි. මා ඇගෙන් බොහෝ දේ විමසුවා. මට ලෝකයම එපාවෙලා. හැම දෙයක් ගැනම කල කිරිලා. ජිවත් වෙනවාට වඩා හොඳයි දිවි නසා ගන්නවා කියා ඇය කිව්වා. නමුත් මේ අතර ඇය වෙත තෙවැන්නෙක් ලං වෙනව. කෙමෙන් කෙමෙන් ඇයගේ සිතත් ඔහුවෙත ඇදී යනව. ඔහුගේ වදන් අසරණවූ ඇයගේ ජීවිතයට ඔසු පැන්වගේ..... ඇයට අපමණ නින්දා ගැරහුම් එනවා. ඒවා හරිම අසෝබනයි. ඉන් කලකිරුණ ඕ වැලපෙන්නේ වැළහින්නක් වගේ. මේ තුන්වැන්නාගේ සුසුම් වදන් හරියට සුළඟේ පාවී එන සුවඳක් වගෙයි දැනෙන්නේ. එය පිපාසාවෙන් පෙළෙන හදවතට සිසිල් සුවයක්. මිනිසත්කම නොලැබූවන් නගනා රැවුම් ගෙරවුම් නිසා ඕ බියපත් වූයේ හරියට මුවැත්තියක් වගේ. ඒ මොහොතේදී ඔහු ඈ වෙත පැමිණෙනවා. ඔහුගෙන් නික්මෙන සුසුමක් පවා ඇයට දිව ඔසුවක්.... අසරණව සිටින ඈට. ඒ සුසුම උණුසුම් බවත් ගෙන දෙනවා. ඇත්තෙන්ම ඔහුගේ උණුසුම ඇයට මහමෙරක් තරමට වටිනවා. අසරණව ඇය නින්දා අපහාස වේදනා ලබද්දී ඇය වෙත එන තුන්වැන්නාගෙන් ලැබෙන සෙනෙහෙබර වදන් විතරක් නොවේ ඔහුගේ රූපය දැකීම පවා ඇයට ජීවත් වීමට ශක්තියක් ලබා දෙනවා. මේ ගීය වර්තමාන පරපුරට වඩා පෙර පරපුර අතර බොහෝ සේ ජනප්‍රිය වුණා සමීප වුණා. ඒකට හේතුව වුණේ ස්ත්රීපාර්ශ්වයට මේ ගීතය පොදු වීමයි. පෙම්වතාගෙන් සැමියාගෙන් මෙවන් පරිභවයකට ලක් වූ ස්ත්‍රීන් අසරණ වූ පසුව මේ ගීය තමන්ටම ආදේශ කර ගත්තා. නන්දා මාලිනියට තිබෙන්නේ ශෝකී ස්වරයක්. කෙතරම් වේග රිද්ම ගීත ගැයුවත්, ප්‍රීතිය දනවන ගී ගැයුවත් ඒ හැම ගීතයක් හරහාම ඇගේ ශෝකී ස්වරය මතුව එනවා. මේ ගීතයේදී මර්වින් පෙරේරා ඇගේ ඒ ශෝකී ස්වරයෙන් ප්‍රයෝජනයක් ගත්තා. [/COLOR] [YOUTUBE]Nfoo07_rWhQ[/YOUTUBE] [COLOR="DarkRed"] ලොවම එපා වී ලොවම කලකිරී තැවී දැවී හිඳිනා වේලේ... ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ... අසා අසෝබන නින්දා ගැරහුම් වැළහින්නක සේ වැලපෙන මොහොතේ පවනේ පාවෙන ඔබේ සුවඳකින් පිපාසිත වූ හද සිහිලැල් වේ ලබා නොමිනිසුන් නගනා ගෙරවුම් මුවැත්තියක සේ බියපත් මොහොතේ සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින් මුළුගැන්වුණු සිත උණුසුම් වේ....[/COLOR] උපුටා ගැනීම - 2008 විප්‍රයෝග සම්ප්‍රයෝග ගී පද විචාරය - සෞන්දර්ය විශ්ව විද්‍යාලය, කොළඹ මෙය මාගේ 39වන ගී පද විචාරයයි... 40 වන විචාරය වශයෙන් රෑ වැඩමුරය ගීතයෙහි මගේම විචාරයකින් තව ටිකකින් හමුවෙමු... එතෙක් ඔබේ අදහස් තමා ඕනි අපි හැමෝටම.... [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom