Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුද්ධයක තීව්ර භාවමය හැගීම් වල ආත්ම ප්‍රකාශය

මන්නාරම් බස් එක නෑ තවමත් ආවේ.......

[YOUTUBE]9ixFlPi0xCY[/YOUTUBE]

මන්නාරම් බස් එක නෑ තවමත් ආවේ

පිරිත් කියා නතර වුණා රජරට සේවේ

අප්පච්චි ඇයි තව නාවේ

මේ මැදියම් යාමේ........

සංහිද ළග දේවාලේ යාතිකා ගොළුයි

චෙට්ටියාර් ගේ කඩේ රෑ පාන නිවෙයි

නූල් පොටක් නැති අහසේ කළුවර පමණයි

රෑ කළුවර පමණයි..........

වන්නි වනන්තරේ නපුරු යුද ගිනි පුපුරයි

අම්මා නැති ලේන් පැටව් හීනෙන් බය වෙයි.....

හීන දකින අප්පච්චී කළුවර නපුරුයි

රෑ කළුවර නපුරුයි..........

දශක තුනක් පුරා ලේ ගංගා මැදින් ඇදී ගිය යුදධයේ භාවයන් මෙතරම් කුලුගන්වන ගී ඇත්නම් ඒ කීපයක් ම පමණි. යුද්ධයක දී මුලින් ම වෙඩි වදින්නේ මනුෂ්‍යත්වයට සහ සත්‍යයට යැයි කියවේ. මනුෂ්‍යත්වයට වැදුනු වෙඩි පහරේ වේදනාව සහ යුද්ධයට මැදි වූ වන්නි ගම්මාන වල මනුෂ්‍ය ජීවිත යුද්ධය සමග කළ භීතියේ මෙහෙයුම මෙයින් පැවසේ.

දරුවන් බලා හිදින්නේ තම දෙමාපියන් යළි ගෙදර දොර ළග පෙනෙන තුරාය. දොර දොර යහමින් තිබුණේ මරනය ම නිසාය ඒ. දුරු පෙදෙසකට ගිය ගැමියා එනතුරු දරුවා විදින මානසික භ්‍රාන්තිය පළමු පදයෙන් ම අප හද තුළ රෝපණය කිරීමට ගීය ලියූ සමුද්‍ර වෙත්තසිංහ සමත් වෙයි. බස් රථය නොපැමිණීම, වන්නි පුදේහවල සහ නුවරකලාවියේ හදවත්වලට සහ ජීවිත වලට සමීප රජරට සේවය සිය විකාශය අවසන් කිරීම, එනම් තිබුනු මානසික සහනය ද අතුරුදන්වීම, මේ දරුවා ගේ හදවත් ප්‍රකම්පනය කරන්නේ අප්පච්චි තාම නොපැමීණීම මගිනි.

සංහිද ළග දේවාලේ යාතිකා ගොළුයි

චෙට්ටියාර් ගේ කඩේ රෑ පාන නිවෙයි

නූල් පොටක් නැති අහසේ කළුවර පමණයි

රෑ කළුවර පමණයි..........

තම හදවත තුල මුරගාන වේදනාව ඔහුට දැනෙන මේ හදවත ප්‍රලය කරන ආකාරය බලන්න. සංහිදක, දෙවියන්ට පහන් තබන තැනක ඇති යාතිකාව පවා නැතිවී යයි. හාත්පස ආලෝකමත් කරන ආලෝකය පවා, කුඩාම ආලෝකය පවා නිවී යයි. මෙවිට ඉතිරි වන්නේ සිතට බියද, කාන්සියද, ළතැවිල්ලද, දෙගිඩියාවද ඉතිරි කරන කළුවර පමණි. මේ අදුර, කොතරම් තිව්ර ලෙස අපේ හදවතට දැනිවීමට රචතයා සමත් වී ඇත්ද? ඒ "නූල් පොටක් නැති අහසක්-කළුවර පමණකි" අපේ හදට එක් කරමිනි. මේ සියලු ම උපමා උපමේය මගින් සමුද්‍ර මේ ගතවන නිමේෂයේ ඇති භීතිය ද. ළතැවිල්ලද, දෙගිඩියාවද ගෙන හැරපායි.

වන්නි වනන්තරේ නපුරු යුද ගිනි පුපුරයි

අම්මා නැති ලේන් පැටව් හීනෙන් බය වෙයි.....

හීන දකින අප්පච්චී කළුවර නපුරුයි

රෑ කළුවර නපුරුයි..........

වන්නි වනන්තර වල යුද ගිනි පුපුරන විට, බිය වන්නේ අම්මා නැති ලේන් පැටවුන්ය. මේ යෙදුම ශ්රාවකයා තුළ පුදුම ආකාරයේ සංවේදනයක් ඇති කරන එකකි. මේ කුරිරු යුද්ධය කෙතරම් බිය ජනකදැයි කිව හොත් ඉන් ලේන් පැටවුන් "සිහිනෙන්" බිය වන තරමේ භීෂණයක් වපුරා ඇත. යුදුධයෙන් බැට කෑ. බැට කන අහිංසකයන් සදා කාලිකව ම මේ ලේන් පැටවුන් ගොන්නට ඇතුලත් ය. අවසන දී පුතු කියන්නේ තමා දකින හීන ද කළුවර නපුරු බවය. තම පියාට, තමාට ඉතිරි වී ඇති එකම ඥාතියා වන අප්පච්චී ගැන මේ දරුවා දකින සිහින කළුවර තරම්ම නපුරු වන්නේ යුද්ධයෙන් ඔහු ලද අත්දැකීම් හේතුවෙනි.

සමුද්‍ර රචනා කර ඇති ගීත කීපය අතර මම මේ ගීතය පළමු තැන් හි තබමි. ඒ යුද්ධය පැවතුනු ඒ වකවානුවේ අමු ලෙයට ඉවකරමින් පැමිණි වසලයන් අතින් ඝාතනය වු සුවහසක් අපේ ඥාතීන් ගේ මානසික වියවුලද, අපේක්ෂා භංගත්වයද, ආරක්ෂා විරහිත අනුකම්පා සහගත ජිවන අරගලයද අපේ හදවත ඉරා, පාරා ඇතුලු කරන බැවිනි.

ගත වූ දශක ගනනක ඉතිහාසය තුල ද අපි මේ භීෂණය අඩු වැඩි වශයෙන් අත්වින්දෙමු. දෙමාපියන් දෙදෙනා එකම බසයක, දුම්රියක නොගියේ, ප්‍රහාරයකදී දෙමාපියන් දෙදෙනාම දරුවන්ට අහිමිවීමේ අවදානම අවම කිරීමටය. අපි මේ යුද්ධයෙන් උපරිමව බැට කෑවෙමු. උණු වූ රුහිරු වීදි දිගේ වැගිරෙන ආකාරය මේ ලියන මම වාර දොළසකට නොවැඩි අවස්ථා ගණනක දී අත්විද ඇත්තෙමි. මායිම් ගම්මාන යයි ලියා දුන් ගම්මාන වල දරුවන්, මව්වරුන්, මහල්ලන්, අත දරුවන් කැති ගා ඇති ආකාරය, තරුණ සොයුරියන් අමනුස්ස ලෙස දූෂ්‍ය කොට දස වධ දී තිරිසන් ලෙසින් මරා තිබූ වාර ගණන සිහිපත් කළ නොහැකි තරම් ප්‍රමානයක් දැක ඇත්තෙමි. නමුත් මගේ දරුවෝ ඒ අත් නොවිදිති. උන් තම පියා/මව ඒ දෝ නොඒදෝ යන භීතියෙන් තොරව ම ගත කරති. මගේ දරුවන් එම භීෂණයෙන් මුදවාලීමට අංශුමාත්ර මෙහෙවරක් හෝ කල සියළු දෙනාම කෘතවෙදී ව සිහිපත් කිරීමට මෙය අවස්ථාවක් කොට ගනිමි.

[QUOTE="dath kimbula, post: 12184570, member: 329688"] [SIZE=4][COLOR=Blue]යුද්ධයක තීව්ර භාවමය හැගීම් වල ආත්ම ප්‍රකාශය [/COLOR][/SIZE] [SIZE=5][COLOR=RoyalBlue][B]මන්නාරම් බස් එක නෑ තවමත් ආවේ.......[/B][/COLOR][/SIZE] [YOUTUBE]9ixFlPi0xCY[/YOUTUBE] [SIZE=4][COLOR=DarkOrange]මන්නාරම් බස් එක නෑ තවමත් ආවේ පිරිත් කියා නතර වුණා රජරට සේවේ අප්පච්චි ඇයි තව නාවේ මේ මැදියම් යාමේ........ සංහිද ළග දේවාලේ යාතිකා ගොළුයි චෙට්ටියාර් ගේ කඩේ රෑ පාන නිවෙයි නූල් පොටක් නැති අහසේ කළුවර පමණයි රෑ කළුවර පමණයි.......... වන්නි වනන්තරේ නපුරු යුද ගිනි පුපුරයි අම්මා නැති ලේන් පැටව් හීනෙන් බය වෙයි..... හීන දකින අප්පච්චී කළුවර නපුරුයි රෑ කළුවර නපුරුයි..........[/COLOR] [COLOR=Blue]දශක තුනක් පුරා ලේ ගංගා මැදින් ඇදී ගිය යුදධයේ භාවයන් මෙතරම් කුලුගන්වන ගී ඇත්නම් ඒ කීපයක් ම පමණි. යුද්ධයක දී මුලින් ම වෙඩි වදින්නේ මනුෂ්‍යත්වයට සහ සත්‍යයට යැයි කියවේ. මනුෂ්‍යත්වයට වැදුනු වෙඩි පහරේ වේදනාව සහ යුද්ධයට මැදි වූ වන්නි ගම්මාන වල මනුෂ්‍ය ජීවිත යුද්ධය සමග කළ භීතියේ මෙහෙයුම මෙයින් පැවසේ. දරුවන් බලා හිදින්නේ තම දෙමාපියන් යළි ගෙදර දොර ළග පෙනෙන තුරාය. දොර දොර යහමින් තිබුණේ මරනය ම නිසාය ඒ. දුරු පෙදෙසකට ගිය ගැමියා එනතුරු දරුවා විදින මානසික භ්‍රාන්තිය පළමු පදයෙන් ම අප හද තුළ රෝපණය කිරීමට ගීය ලියූ සමුද්‍ර වෙත්තසිංහ සමත් වෙයි. බස් රථය නොපැමිණීම, වන්නි පුදේහවල සහ නුවරකලාවියේ හදවත්වලට සහ ජීවිත වලට සමීප රජරට සේවය සිය විකාශය අවසන් කිරීම, එනම් තිබුනු මානසික සහනය ද අතුරුදන්වීම, මේ දරුවා ගේ හදවත් ප්‍රකම්පනය කරන්නේ අප්පච්චි තාම නොපැමීණීම මගිනි.[/COLOR] [COLOR=DarkOrange]සංහිද ළග දේවාලේ යාතිකා ගොළුයි චෙට්ටියාර් ගේ කඩේ රෑ පාන නිවෙයි නූල් පොටක් නැති අහසේ කළුවර පමණයි රෑ කළුවර පමණයි.......... [/COLOR] [COLOR=Blue]තම හදවත තුල මුරගාන වේදනාව ඔහුට දැනෙන මේ හදවත ප්‍රලය කරන ආකාරය බලන්න. සංහිදක, දෙවියන්ට පහන් තබන තැනක ඇති යාතිකාව පවා නැතිවී යයි. හාත්පස ආලෝකමත් කරන ආලෝකය පවා, කුඩාම ආලෝකය පවා නිවී යයි. මෙවිට ඉතිරි වන්නේ සිතට බියද, කාන්සියද, ළතැවිල්ලද, දෙගිඩියාවද ඉතිරි කරන කළුවර පමණි. මේ අදුර, කොතරම් තිව්ර ලෙස අපේ හදවතට දැනිවීමට රචතයා සමත් වී ඇත්ද? ඒ "නූල් පොටක් නැති අහසක්-කළුවර පමණකි" අපේ හදට එක් කරමිනි. මේ සියලු ම උපමා උපමේය මගින් සමුද්‍ර මේ ගතවන නිමේෂයේ ඇති භීතිය ද. ළතැවිල්ලද, දෙගිඩියාවද ගෙන හැරපායි. [/COLOR] [COLOR=DarkOrange]වන්නි වනන්තරේ නපුරු යුද ගිනි පුපුරයි අම්මා නැති ලේන් පැටව් හීනෙන් බය වෙයි..... හීන දකින අප්පච්චී කළුවර නපුරුයි රෑ කළුවර නපුරුයි.......... [/COLOR] [COLOR=Blue]වන්නි වනන්තර වල යුද ගිනි පුපුරන විට, බිය වන්නේ අම්මා නැති ලේන් පැටවුන්ය. මේ යෙදුම ශ්රාවකයා තුළ පුදුම ආකාරයේ සංවේදනයක් ඇති කරන එකකි. මේ කුරිරු යුද්ධය කෙතරම් බිය ජනකදැයි කිව හොත් ඉන් ලේන් පැටවුන් "සිහිනෙන්" බිය වන තරමේ භීෂණයක් වපුරා ඇත. යුදුධයෙන් බැට කෑ. බැට කන අහිංසකයන් සදා කාලිකව ම මේ ලේන් පැටවුන් ගොන්නට ඇතුලත් ය. අවසන දී පුතු කියන්නේ තමා දකින හීන ද කළුවර නපුරු බවය. තම පියාට, තමාට ඉතිරි වී ඇති එකම ඥාතියා වන අප්පච්චී ගැන මේ දරුවා දකින සිහින කළුවර තරම්ම නපුරු වන්නේ යුද්ධයෙන් ඔහු ලද අත්දැකීම් හේතුවෙනි. සමුද්‍ර රචනා කර ඇති ගීත කීපය අතර මම මේ ගීතය පළමු තැන් හි තබමි. ඒ යුද්ධය පැවතුනු ඒ වකවානුවේ අමු ලෙයට ඉවකරමින් පැමිණි වසලයන් අතින් ඝාතනය වු සුවහසක් අපේ ඥාතීන් ගේ මානසික වියවුලද, අපේක්ෂා භංගත්වයද, ආරක්ෂා විරහිත අනුකම්පා සහගත ජිවන අරගලයද අපේ හදවත ඉරා, පාරා ඇතුලු කරන බැවිනි. ගත වූ දශක ගනනක ඉතිහාසය තුල ද අපි මේ භීෂණය අඩු වැඩි වශයෙන් අත්වින්දෙමු. දෙමාපියන් දෙදෙනා එකම බසයක, දුම්රියක නොගියේ, ප්‍රහාරයකදී දෙමාපියන් දෙදෙනාම දරුවන්ට අහිමිවීමේ අවදානම අවම කිරීමටය. අපි මේ යුද්ධයෙන් උපරිමව බැට කෑවෙමු. උණු වූ රුහිරු වීදි දිගේ වැගිරෙන ආකාරය මේ ලියන මම වාර දොළසකට නොවැඩි අවස්ථා ගණනක දී අත්විද ඇත්තෙමි. මායිම් ගම්මාන යයි ලියා දුන් ගම්මාන වල දරුවන්, මව්වරුන්, මහල්ලන්, අත දරුවන් කැති ගා ඇති ආකාරය, තරුණ සොයුරියන් අමනුස්ස ලෙස දූෂ්‍ය කොට දස වධ දී තිරිසන් ලෙසින් මරා තිබූ වාර ගණන සිහිපත් කළ නොහැකි තරම් ප්‍රමානයක් දැක ඇත්තෙමි. නමුත් මගේ දරුවෝ ඒ අත් නොවිදිති. උන් තම පියා/මව ඒ දෝ නොඒදෝ යන භීතියෙන් තොරව ම ගත කරති. මගේ දරුවන් එම භීෂණයෙන් මුදවාලීමට අංශුමාත්ර මෙහෙවරක් හෝ කල සියළු දෙනාම කෘතවෙදී ව සිහිපත් කිරීමට මෙය අවස්ථාවක් කොට ගනිමි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom