Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
සුප්‍රකට කදු අතරේ සැගවුන අප්‍රකට කථා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ මිනිස්සු ඉස්සර ඉඳන් ම කතා ජනප්‍රවාද අහන්න හරිම ආසයි. ඒ විතරක් නෙවෙයි. මේ කතන්දර වලට පාදක වුනු ගොඩක් තැන් ලංකාව ඇතුලෙම තියෙන නිසාත් ඒවා විශ්වාස කරන්න පුළුවන් සාක්ෂි අපිට සමහර අවස්ථා වල හමු වෙලා තිබෙන නිසාත්, මේවා ලෙහෙසියෙන් බැහැර කරන්න පුළුවන් කමක් නැහැ. විශේෂිතම දේ වෙන්නේ බොහොමයක් කතන්දර ගෙතිලා තියෙන්නේ රාවණා පුරාවෘත්තය කේන්ද්‍ර කරගෙනයි.ඉතින් මෙන්න මේ නිසා අනිවා අපි හිතුවා එහෙම අපේ ජනප්රවාදයේ කඳු වටා ගෙතුණු අරුම පුදුම විස්තර ටිකක් කියලා ඔයාලාගේ කුතුහලය ටිකක් අවුස්සන්න.

1. ලකේගල කන්ද – ලකේගලට මේ නම වැටෙන්න හේතු වූ කාරණා කිහිපයක් ගැන සඳහන්වනවා. ඉන් එක් කාරණාවක් නම් මේ ගල ලංකාවේ හැඩයට සමානව පිහිටා ඇති නිසා මේ නමින් හඳුන්වන බවයි. තවත් සමහරු සඳහන් කරනවා රාවණා රජතුමාට ලංකාව පිහිටි දිශාව පෙන්වන සලකුණක් හැටියට මේ ගල යොදාගත්ත නිසා ලකේගල නමින් හැඳින්වූ බවට. ලකේගල ගැන පට බැඳිලා තියෙන හරිම අමුතු එහෙත් ගුප්ත ගුණයෙන් අනුන තවත් කතන්දරයක් තිබෙනවා. ඒ මෙහෙමයි, රාවණා රජ්ජුරුවන්ගේ මාලිගාව තිබිලා තියෙනවා කියලා කියන්නේ ලග්ගල හෙවත් අද ලකේගල කියලා ජනප්‍රවාදවල එක් ලේඛකයෙක් කියනවා

. ඒ වගේම මේ ලකේගල අද තියෙනවට වඩා ගොඩක් උසින් තිබුන බවත්, ලකේගලට කිලෝමීටර් 24 දුරින් පිහිටපු යුදඟනාපිටියේ දුනුවිල කියන තැන සිට රාම රජු විසින් “රාම සැරයක්” යවලා ලකේගලින් විශාල කොටසක් කැඩිලා ඒ සමඟ රාවණ රජතුමාගේ මාලිගාවත් විනාශ වුන බව කියවනවා. ඒ වගේම මේ රාම සැරය යවන්නට දුන්න බිම තියලා හී සැරය යවන විට එම ස්ථානයේ විශාල වලක් සැදුණු බවත් එම වල “දුණු විල” නමින් හඳුන්වන බව පැවසෙනවා. ඉතින් මේ ප්‍රවාදය අනුවා රාම -රාවණ යුද්ධය සිදුවුයේ මාතලේ ප්‍රදේශයේ රණමුරේදී බව කියවෙනවා. එකල වූ මහා මුර පොළ “මී මුරේ” නමින් හඳුන් වන බවත් පැවසෙනවා.

2. රූමස්සල – රූමස්සල තියෙන්නේ කොහෙද කියලා ආපහු අමුතුවෙන් කියන්න උවමනා නැහැනේ. මේ රූමස්සල ගැනත් පොඩ්ඩක් අමුතු කතන්දර කිහිපයක් ම අපේ ජන ප්‍රවාදේ තියෙනවා. සංජීවනී බෙහෙත …. රාම රාවණා යුද්ධයේදී රාම කුමාරයාගේ සහෝදරයා එනම් “ලක්ෂ්මන්” ගේ තුවාලයක් හොඳ කරන්න සංජිවනි කියලා ඖෂධයක් උවමනා වෙලා තියෙනවාලු. ලංකාවෙන් මේ බෙහෙත හොයාගන්න විදියක් නැති වුනාම රාමගේ සෙනවියෙක් වෙන හනුමාන්තාව හිමාලයට යවලා තියෙනවා මේ බෙහෙත හොයාගෙන එන්න.

මෙහෙම බෙහෙත් හොයන්න ගිය හනුමන්තාට බෙහෙත් පැළෑටියේ නම අමතකවීම නිසා ඔහු විසින් හිමාල පර්වතයෙන් කොටස කඩාගෙන ලංකාවට ඇවිල්ලා තිබෙනවාලු. තමන්ට අවශ්‍ය බෙහෙත ලබාගත් රාම කුමාරයා, ඉතිරිය නැවත එම පර්වත කොටස ආපහු හිමාලයට රැගෙන යන්න කියලා අණ කරලා. ඒ අණ අනුව නැවත හිමාලය වෙත යන අතරේදී හනුමන්තාගේ ඇඟිලි අතරින් පස් කොටසක් ලංකාවේ යම් තැනකට හැලිලා තිබෙනවාලු. එසේ පස් හැලුණු තැන රූමස්සල නමින් හඳුන්වනවා කියලා තමා පැවසෙන්නේ.

(මේ කතාව හා සමානම කතාවක් රිටිගල කන්ද ඇසුරින් හැදිලා තියෙනවා, එයත් අපි රිටිගල කන්ද යටතේ පෙල්ගස්වා ඇති අමතක කරන්නේ නැතුව ඒකත් කියවන්න.)

මසුන් මරන්න්නන් එක්කාසු වෙන ගල…. රූමස්සල නම හැදෙන්න කලින් ප්රපාතය අසල එක්තරා ගලක් තිබිලා තිබෙනවා. අතීතයේ මේ ගල මතට මසුන් මරන්නන් රැස් වෙලා එදිනෙදා විස්තර කතා කරන තැනක් බවට පත් වෙලා තිබෙනවාලු. ඉතින් රාත්‍රියට මස් මරන්නන් රැස් වෙන ගල කියන තේරුමින් හැදුණු රෑ මස්සගල , රූමස්සල බවට පත් වුනා කියලා තමා කියවෙන්නේ.

ආතර් සී ක්ලාක් මහතාගේ මතය….  ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතාත් රූමස්සල කන්ද ගැන අමුතු මතයක් පල කරපු කෙනෙක්. රූමස්සල කන්ද ආශ්‍රිතව තියෙන්නෙ ලෝකෙ කොහේවත් නැති තරම් සුවිශේෂි පරිසර පද්ධතියක් බවත්, මෙය වසර කෝටි ගණනකට එපිටින් කඩාවැටුණු උල්කාපාතයක් නිසා හැදුණු පරිසරයක් බවටත් එතුමා මත පලකරල තියනවා.

3. රිටිගල – හබරණ අනුරාධපුර මාර්ගයේ යන කෙනෙක්ට පෙනෙන අති විශාල කඳුපන්තිය තමයි රිටිගල නමින් හඳුන්වන්නේ. අතීතයේ රහතන් වහන්සේලා භාවනා කටයුතු කල සෙනසුනක් ලෙස භාවිතා කරත්, වර්තමානය වෙනකොට කාලයේ ඇවෑමෙන් පුරාවිද්‍යා වටිනාකමින් යුතු රක්ෂිතයක් ලෙස නම් කරලා තිබෙන මේ වන කඳුකරය අක්කර 7000 කට අධික වපසරියක් පුරා පැතිරිලා තිබෙනවා.ඉතින් මෙහෙම අතීතයක් තියෙන කඳුපන්තියකට ජන ප්‍රවාදයක් නොතිබුනොත් තමා පුදුමේ.

බෙහෙත් කන්ද – රාවණ රජතුමා විසින් පැහැරගෙන ආපු සීතාව සොයාගෙන ආපු රාම රජුගේ සොහොයුරු ලක්ෂ්මන් කුමරා අතරමගදී රෝගාතුර වී තිබෙනවා. ඒ අවස්ථාවේදී ලක්ෂ්මන්ගේ සහයට පැමිණි හනුමන්තා විසින් රෝගය සුවකරන්නට බෙහෙත් සපයාගන්නට හිමාලයෙන් කොටසක් කඩාගෙන එන විට එයින් කොටසක් කැඩිලා ගිහින් රිටිගල යාව තියෙන කඳු පිහිටලා තියෙනවා කියලා ජනප්රවාදයේ කියනවා. ඉන් එක කොටසක් රූමස්සල කන්ද ලෙසත් ඉතුරු කොටස රට මැදට වෙන්න පිහිටලා තිබෙන දොළු කන්ද විදිහටත් හඳුන්වනු ලබනවා.

රිටිගල ජයසේන – අහලා තියෙනවද මහසෝනා ගැන? මහසෝනා කියන්නේ ලංකාවේ අද්භූත සාහිතයේ අද්විතීය තැනක් වෙන් කරගත් රාක්ෂසයෙක් වුනාට ඔහු මිය යන්නට පෙර දුටුගැමුණු රජුගේ සෙන්පතියෙක් ලෙස සේවය කල අයෙක්. ඔහු මියෙන්නට පෙර නම රිටිගල ජයසේනයි. ඔහු ජිවත් වෙලා තිබෙනවා කියන්නේ මේ කඳුකරය ආශ්‍රිතව තමයි.

රජුන්ට සෙවණක් – ඒ වගේම මහාවංශය රචනා කරපු මහානාම හාමුදුරුවෝ රිටිගල ගැන තොරතුරු බොහොමයක් තමන්ගේ ලියමන් වලින් හෙළි කරනු ලබනවා. උන්වහන්සේ රචනා කර ඇති අන්දමට පර සතුරු ආක්‍රමණ වලදී අපේ රජවරු සේනා සංවිධානය කරන්නට රිටිගල කඳු මුදුන භාවිතා කරලා තියෙනවා. මේ බව රිටිගල ආශ්‍රිතව තවමත් පිහිටලා තියෙන සේනාදිරියාගම වගේ අති පැරණි ගම වල නම් වලින් සිතා ගන්නට පුළුවන්. පණ්ඩුකාභය කුමාරයා තමන්ගේ මාමාවරුන්ට එරෙහිව සේනා සංවිධානය කලේ මේ රිටිගල කඳු පන්තියේදීයි. එපමණක් නොවෙයි ජෙට්ඨතිස්ස කුමාරයා ක්‍රි.පු. තෙවැනි සියවසේදී සේනා සංවිධානය කරන්නෙත් මේ කඳු වලල්ලේදීම තමා.කාලෙන් කාලෙට ලංකාව රජ කල රජවරුන් විටින් විට රිටිගල පූජනීය ස්ථානයක් කරන්නටත් මුල් වෙලා තිබෙනවා.

4. හුන්නස්ගිරිය – නකල්ස් කඳු පන්තිය අතර පිහිටපු හුන්නස්ගිරිය කන්ද වටාත් බොහොම අපුරු කතාවක් ගෙතිලා තිබෙනවා.හුන්නස්ගිරියේ මී ගොනාකුණ්ඩසාලේ සිය වාස භුමිය ලෙස කේන්ද්‍ර කරගනිමින් රජකම් කල ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා තමයි මේ කතාවේ කතා නායකයා වෙන්නේ. කුණ්ඩසාලේ මාලිගාවේ සත්තු වත්තක් තිබිලා තිබෙනවා. එහි ඉඳල තිබෙනවා දඹරා නම් මී ගවයෙක්. ප්‍රමාණයෙන් විශාල මේ ගවයා හා සටනට එන හැම ගවයෙක්ම පරදින නිසා රජතුමාගේ අවධානයත් මේ අපුරු ගොන් නාම්බාට තිබිලා තියෙනවා.

තමන්ගේ සතුන් වත්තේ සිටින මී ගවයා පරාජය කරන කෙනෙකුට තාන්න මාන්න සහ තෑගි ලැබෙන බව අණබෙර යවපු රජතුමාගේ පණිවුඩය නවත්වා අභියෝගය භාරගෙන ආපහු පණිවුඩ එවලා තියෙනවා මහියංගන ප්‍රදේශයේ එක පුද්ගලයෙක්. ඔහු සතුවත් මී ගවයෙක් සිටින බව සහ තමාගේ ඌව රජතුමාගේ ගවයා සමග සටනට ඉදිරිපත් කරන්නට කැමති බවත් පවසලා. ඉතින් නියම කරගත් දවසේ රජතුමාත් මේ ගොන් පොරය බලන්න ඇවිත් තිබෙනවා. කොතරම් පහර දෙන්නට උත්සහ කලත් දඹරා අර මීගවයා අසල නවතින නමුත් අනිත් ගවයා බොහොම ආවේගශිලිව රජතුමාගේ මී ගවයාට පහර දෙන අයුර රජතුමා බලා සිට ඇත්තේ පුදුමයෙන්.

අවසානයේ මහියංගනයේ මී ගොනා තරඟයෙන් ජය ගෙන තිබෙනවා. එහෙත් තාන්න මාන්න දෙන්නට කලින් ගවයා පරික්ෂා කරලා බලනකොට තමා දඹරා මේ ගවයාට පහර නොදෙන්නට හේතුව සොයා ගෙන තිබෙන්නේ. එහිදී මී ගොනාගේ සිරුර සහ අඟේ ඌරු තෙල් ආලේප කර ඇති බව දැනගන්නට ලැබී තිබෙනවා. මෙයින් කිපුණු රජතුමා ගවයාව සහ උගේ අයිති කරුවාව හුන්නස්ගිරිය කඳු මදුනට ගෙනිහිල්ලා, කන්දෙන් පහතට පෙරලා දමලා මරණයට පත් කරලා තිබෙනවාලු.

[QUOTE="Dead Cupid, post: 28327234, member: 118969"] ලංකාවේ මිනිස්සු ඉස්සර ඉඳන් ම කතා ජනප්‍රවාද අහන්න හරිම ආසයි. ඒ විතරක් නෙවෙයි. මේ කතන්දර වලට පාදක වුනු ගොඩක් තැන් ලංකාව ඇතුලෙම තියෙන නිසාත් ඒවා විශ්වාස කරන්න පුළුවන් සාක්ෂි අපිට සමහර අවස්ථා වල හමු වෙලා තිබෙන නිසාත්, මේවා ලෙහෙසියෙන් බැහැර කරන්න පුළුවන් කමක් නැහැ. විශේෂිතම දේ වෙන්නේ බොහොමයක් කතන්දර ගෙතිලා තියෙන්නේ රාවණා පුරාවෘත්තය කේන්ද්‍ර කරගෙනයි.ඉතින් මෙන්න මේ නිසා අනිවා අපි හිතුවා එහෙම අපේ ජනප්රවාදයේ කඳු වටා ගෙතුණු අරුම පුදුම විස්තර ටිකක් කියලා ඔයාලාගේ කුතුහලය ටිකක් අවුස්සන්න. [B]1. ලකේගල කන්ද – [/B]ලකේගලට මේ නම වැටෙන්න හේතු වූ කාරණා කිහිපයක් ගැන සඳහන්වනවා. ඉන් එක් කාරණාවක් නම් මේ ගල ලංකාවේ හැඩයට සමානව පිහිටා ඇති නිසා මේ නමින් හඳුන්වන බවයි. තවත් සමහරු සඳහන් කරනවා රාවණා රජතුමාට ලංකාව පිහිටි දිශාව පෙන්වන සලකුණක් හැටියට මේ ගල යොදාගත්ත නිසා ලකේගල නමින් හැඳින්වූ බවට. ලකේගල ගැන පට බැඳිලා තියෙන හරිම අමුතු එහෙත් ගුප්ත ගුණයෙන් අනුන තවත් කතන්දරයක් තිබෙනවා. ඒ මෙහෙමයි, රාවණා රජ්ජුරුවන්ගේ මාලිගාව තිබිලා තියෙනවා කියලා කියන්නේ ලග්ගල හෙවත් අද ලකේගල කියලා ජනප්‍රවාදවල එක් ලේඛකයෙක් කියනවා [IMG width="466px" height="244.073px"]https://life.nethtv.com/wp-content/uploads/2019/03/lakegala.jpg[/IMG] . ඒ වගේම මේ ලකේගල අද තියෙනවට වඩා ගොඩක් උසින් තිබුන බවත්, ලකේගලට කිලෝමීටර් 24 දුරින් පිහිටපු යුදඟනාපිටියේ දුනුවිල කියන තැන සිට රාම රජු විසින් “රාම සැරයක්” යවලා ලකේගලින් විශාල කොටසක් කැඩිලා ඒ සමඟ රාවණ රජතුමාගේ මාලිගාවත් විනාශ වුන බව කියවනවා. ඒ වගේම මේ රාම සැරය යවන්නට දුන්න බිම තියලා හී සැරය යවන විට එම ස්ථානයේ විශාල වලක් සැදුණු බවත් එම වල “දුණු විල” නමින් හඳුන්වන බව පැවසෙනවා. ඉතින් මේ ප්‍රවාදය අනුවා රාම -රාවණ යුද්ධය සිදුවුයේ මාතලේ ප්‍රදේශයේ රණමුරේදී බව කියවෙනවා. එකල වූ මහා මුර පොළ “මී මුරේ” නමින් හඳුන් වන බවත් පැවසෙනවා. [B]2. රූමස්සල – [/B]රූමස්සල තියෙන්නේ කොහෙද කියලා ආපහු අමුතුවෙන් කියන්න උවමනා නැහැනේ. මේ රූමස්සල ගැනත් පොඩ්ඩක් අමුතු කතන්දර කිහිපයක් ම අපේ ජන ප්‍රවාදේ තියෙනවා. [B]සංජීවනී බෙහෙත ….[/B] රාම රාවණා යුද්ධයේදී රාම කුමාරයාගේ සහෝදරයා එනම් “ලක්ෂ්මන්” ගේ තුවාලයක් හොඳ කරන්න සංජිවනි කියලා ඖෂධයක් උවමනා වෙලා තියෙනවාලු. ලංකාවෙන් මේ බෙහෙත හොයාගන්න විදියක් නැති වුනාම රාමගේ සෙනවියෙක් වෙන හනුමාන්තාව හිමාලයට යවලා තියෙනවා මේ බෙහෙත හොයාගෙන එන්න. මෙහෙම බෙහෙත් හොයන්න ගිය හනුමන්තාට බෙහෙත් පැළෑටියේ නම අමතකවීම නිසා ඔහු විසින් හිමාල පර්වතයෙන් කොටස කඩාගෙන ලංකාවට ඇවිල්ලා තිබෙනවාලු. තමන්ට අවශ්‍ය බෙහෙත ලබාගත් රාම කුමාරයා, ඉතිරිය නැවත එම පර්වත කොටස ආපහු හිමාලයට රැගෙන යන්න කියලා අණ කරලා. ඒ අණ අනුව නැවත හිමාලය වෙත යන අතරේදී හනුමන්තාගේ ඇඟිලි අතරින් පස් කොටසක් ලංකාවේ යම් තැනකට හැලිලා තිබෙනවාලු. එසේ පස් හැලුණු තැන රූමස්සල නමින් හඳුන්වනවා කියලා තමා පැවසෙන්නේ. [IMG width="396px" height="207.41px"]https://life.nethtv.com/wp-content/uploads/2019/03/rumassala.jpg[/IMG] (මේ කතාව හා සමානම කතාවක් රිටිගල කන්ද ඇසුරින් හැදිලා තියෙනවා, එයත් අපි රිටිගල කන්ද යටතේ පෙල්ගස්වා ඇති අමතක කරන්නේ නැතුව ඒකත් කියවන්න.) [B]මසුන් මරන්න්නන් එක්කාසු වෙන ගල….[/B] රූමස්සල නම හැදෙන්න කලින් ප්රපාතය අසල එක්තරා ගලක් තිබිලා තිබෙනවා. අතීතයේ මේ ගල මතට මසුන් මරන්නන් රැස් වෙලා එදිනෙදා විස්තර කතා කරන තැනක් බවට පත් වෙලා තිබෙනවාලු. ඉතින් රාත්‍රියට මස් මරන්නන් රැස් වෙන ගල කියන තේරුමින් හැදුණු රෑ මස්සගල , රූමස්සල බවට පත් වුනා කියලා තමා කියවෙන්නේ. [B]ආතර් සී ක්ලාක් මහතාගේ මතය…. [/B] ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතාත් රූමස්සල කන්ද ගැන අමුතු මතයක් පල කරපු කෙනෙක්. රූමස්සල කන්ද ආශ්‍රිතව තියෙන්නෙ ලෝකෙ කොහේවත් නැති තරම් සුවිශේෂි පරිසර පද්ධතියක් බවත්, මෙය වසර කෝටි ගණනකට එපිටින් කඩාවැටුණු උල්කාපාතයක් නිසා හැදුණු පරිසරයක් බවටත් එතුමා මත පලකරල තියනවා. [B]3. රිටිගල – [/B]හබරණ අනුරාධපුර මාර්ගයේ යන කෙනෙක්ට පෙනෙන අති විශාල කඳුපන්තිය තමයි රිටිගල නමින් හඳුන්වන්නේ. අතීතයේ රහතන් වහන්සේලා භාවනා කටයුතු කල සෙනසුනක් ලෙස භාවිතා කරත්, වර්තමානය වෙනකොට කාලයේ ඇවෑමෙන් පුරාවිද්‍යා වටිනාකමින් යුතු රක්ෂිතයක් ලෙස නම් කරලා තිබෙන මේ වන කඳුකරය අක්කර 7000 කට අධික වපසරියක් පුරා පැතිරිලා තිබෙනවා.ඉතින් මෙහෙම අතීතයක් තියෙන කඳුපන්තියකට ජන ප්‍රවාදයක් නොතිබුනොත් තමා පුදුමේ. [B]බෙහෙත් කන්ද – [/B]රාවණ රජතුමා විසින් පැහැරගෙන ආපු සීතාව සොයාගෙන ආපු රාම රජුගේ සොහොයුරු ලක්ෂ්මන් කුමරා අතරමගදී රෝගාතුර වී තිබෙනවා. ඒ අවස්ථාවේදී ලක්ෂ්මන්ගේ සහයට පැමිණි හනුමන්තා විසින් රෝගය සුවකරන්නට බෙහෙත් සපයාගන්නට හිමාලයෙන් කොටසක් කඩාගෙන එන විට එයින් කොටසක් කැඩිලා ගිහින් රිටිගල යාව තියෙන කඳු පිහිටලා තියෙනවා කියලා ජනප්රවාදයේ කියනවා. ඉන් එක කොටසක් රූමස්සල කන්ද ලෙසත් ඉතුරු කොටස රට මැදට වෙන්න පිහිටලා තිබෙන දොළු කන්ද විදිහටත් හඳුන්වනු ලබනවා. [IMG width="466px" height="244.073px"]https://life.nethtv.com/wp-content/uploads/2019/03/ritigalaa.jpg[/IMG] [B]රිටිගල ජයසේන – [/B]අහලා තියෙනවද මහසෝනා ගැන? මහසෝනා කියන්නේ ලංකාවේ අද්භූත සාහිතයේ අද්විතීය තැනක් වෙන් කරගත් රාක්ෂසයෙක් වුනාට ඔහු මිය යන්නට පෙර දුටුගැමුණු රජුගේ සෙන්පතියෙක් ලෙස සේවය කල අයෙක්. ඔහු මියෙන්නට පෙර නම රිටිගල ජයසේනයි. ඔහු ජිවත් වෙලා තිබෙනවා කියන්නේ මේ කඳුකරය ආශ්‍රිතව තමයි. [B]රජුන්ට සෙවණක් – [/B]ඒ වගේම මහාවංශය රචනා කරපු මහානාම හාමුදුරුවෝ රිටිගල ගැන තොරතුරු බොහොමයක් තමන්ගේ ලියමන් වලින් හෙළි කරනු ලබනවා. උන්වහන්සේ රචනා කර ඇති අන්දමට පර සතුරු ආක්‍රමණ වලදී අපේ රජවරු සේනා සංවිධානය කරන්නට රිටිගල කඳු මුදුන භාවිතා කරලා තියෙනවා. මේ බව රිටිගල ආශ්‍රිතව තවමත් පිහිටලා තියෙන සේනාදිරියාගම වගේ අති පැරණි ගම වල නම් වලින් සිතා ගන්නට පුළුවන්. පණ්ඩුකාභය කුමාරයා තමන්ගේ මාමාවරුන්ට එරෙහිව සේනා සංවිධානය කලේ මේ රිටිගල කඳු පන්තියේදීයි. එපමණක් නොවෙයි ජෙට්ඨතිස්ස කුමාරයා ක්‍රි.පු. තෙවැනි සියවසේදී සේනා සංවිධානය කරන්නෙත් මේ කඳු වලල්ලේදීම තමා.කාලෙන් කාලෙට ලංකාව රජ කල රජවරුන් විටින් විට රිටිගල පූජනීය ස්ථානයක් කරන්නටත් මුල් වෙලා තිබෙනවා. [B]4. හුන්නස්ගිරිය – [/B]නකල්ස් කඳු පන්තිය අතර පිහිටපු හුන්නස්ගිරිය කන්ද වටාත් බොහොම අපුරු කතාවක් ගෙතිලා තිබෙනවා.හුන්නස්ගිරියේ මී ගොනාකුණ්ඩසාලේ සිය වාස භුමිය ලෙස කේන්ද්‍ර කරගනිමින් රජකම් කල ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා තමයි මේ කතාවේ කතා නායකයා වෙන්නේ. කුණ්ඩසාලේ මාලිගාවේ සත්තු වත්තක් තිබිලා තිබෙනවා. එහි ඉඳල තිබෙනවා දඹරා නම් මී ගවයෙක්. ප්‍රමාණයෙන් විශාල මේ ගවයා හා සටනට එන හැම ගවයෙක්ම පරදින නිසා රජතුමාගේ අවධානයත් මේ අපුරු ගොන් නාම්බාට තිබිලා තියෙනවා. තමන්ගේ සතුන් වත්තේ සිටින මී ගවයා පරාජය කරන කෙනෙකුට තාන්න මාන්න සහ තෑගි ලැබෙන බව අණබෙර යවපු රජතුමාගේ පණිවුඩය නවත්වා අභියෝගය භාරගෙන ආපහු පණිවුඩ එවලා තියෙනවා මහියංගන ප්‍රදේශයේ එක පුද්ගලයෙක්. ඔහු සතුවත් මී ගවයෙක් සිටින බව සහ තමාගේ ඌව රජතුමාගේ ගවයා සමග සටනට ඉදිරිපත් කරන්නට කැමති බවත් පවසලා. ඉතින් නියම කරගත් දවසේ රජතුමාත් මේ ගොන් පොරය බලන්න ඇවිත් තිබෙනවා. කොතරම් පහර දෙන්නට උත්සහ කලත් දඹරා අර මීගවයා අසල නවතින නමුත් අනිත් ගවයා බොහොම ආවේගශිලිව රජතුමාගේ මී ගවයාට පහර දෙන අයුර රජතුමා බලා සිට ඇත්තේ පුදුමයෙන්. [IMG width="462px" height="241.635px"]https://life.nethtv.com/wp-content/uploads/2019/03/hunasgiriya-768x403.jpg[/IMG] අවසානයේ මහියංගනයේ මී ගොනා තරඟයෙන් ජය ගෙන තිබෙනවා. එහෙත් තාන්න මාන්න දෙන්නට කලින් ගවයා පරික්ෂා කරලා බලනකොට තමා දඹරා මේ ගවයාට පහර නොදෙන්නට හේතුව සොයා ගෙන තිබෙන්නේ. එහිදී මී ගොනාගේ සිරුර සහ අඟේ ඌරු තෙල් ආලේප කර ඇති බව දැනගන්නට ලැබී තිබෙනවා. මෙයින් කිපුණු රජතුමා ගවයාව සහ උගේ අයිති කරුවාව හුන්නස්ගිරිය කඳු මදුනට ගෙනිහිල්ලා, කන්දෙන් පහතට පෙරලා දමලා මරණයට පත් කරලා තිබෙනවාලු. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom