Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුප් එක සමග සෙට් වෙමු (Instead of Arrack)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුප් එක සමග සෙට් වෙමු (Instead of Arrack)

සුප් එක සමග සෙට් වෙමු (Instead of Arrack)

මේ දෙහිවල හන්දියේ "මියාමි රෙස්ටුරන්ට්" එක පැවති සමයයි. එය වසර 1994 වන්නට ඇතැයි සිතමි. එවකට මගේ ලඟම මිත්‍රයා වූ ශාන්තත්, මමත්, තවත් යහළුවන් කිහිප දෙනෙකුත් සවස් යාමයේ මියාමි එකට ගොඩ වැදුනේ බියර් වීදුරුවක් තොල ගාමින් අල්ලාප සල්ලාපයේ යෙදීමටයි.

"සර්, අද පෝයනෙ, බියර් සර්ව් කරන්නේ නැහැ." සුපුරුදු වේටර් මහත්මයා අපගේ මේසය අසලට පැමිණ පැවසීය.

"මාර කේස් එක. දැන් මොකද කරන්නේ" බලාපොරොත්තු සුන් වූ ස්වරයෙන් ශාන්ත ඇසීය.

"වෙන කොහෙට ගියත් මෙච්චරයිනේ" මම කීවෙමි.

ටික වෙලාවක් අපි ඊළඟ පියවර ගැන කතා බහ කළෙමු.

"මචං එහෙනම් අපි සුප් එකක් ගහමු" එක් මිතුරෙක් පැවසීය.

"ගූඩ් අයිඩියා" ශාන්ත පැවසීය.

එදා අපි රෑ 12 පමණ වනතෙක් සුප් බිව්වෙමු. අපගේ කතා බහ, තර්ක විතර්ක, විහිළු තහළු මෙන්ම මහා හඬින් සිනාවීමද වෙනදා මෙන්ම විය. වෙනදාට තරමක් වෙහෙසකර අයුරින් ගෙවෙන අවසාන හෝරාවද එදා ඉතා ප්‍රාණවත් විය.

හරියටම ඊට වසර දහයකට පසු මම වැඩමුළුවක් පැවැත්වීම සඳහා භූතානයට ගියෙමි. මගේ භූතාන් සඟයෝ සැමදාම පාහේ සන්ධ්‍යා කාලය ගත කරන්නේ මදු විත තොලගාමින් කතා බහේ යෙදෙමිනි. මද රස්නයෙන් යුත් උණු වතුර හා මුසු කල බ්‍රැන්ඩි ඔවුන්ගේ ප්‍රියතම පානයයි.

එදා දෙසැම්බර් 26 වනදාය (දිනය තවමත් මතක ඇයිදැයි ඔබ දනී).

"චන්දිම, අද වියලි දවසක් (Chandima today is a dry day). අද අපි කරන්නේ සුප් බොන එක". කුමක් හෝ හේතුවක් නිසා එදින භූතානයේ මත්පැන් තහනම් දිනයකි. අපි වෙනදා මෙන්ම රෑ වෙන තෙක් උණුසුම් සුප් කෝප්ප තොලගාමින් සතුටු වුනෙමු. බ්‍රැන්ඩි වෙනුවට ඇත්තේ දියාරුවට සැදූ එළවලු සුපයක් බව මට දැනුනේ වත් නැත.

තවත් අවුරුදු 10ට පසු, චීනයේ බෙයිජිං නුවරදී නැවතත් මම මේ අත්දැකීම ලැබුවෙමි. MH 370 අංක දරණ ගුවන් යානය අතුරුදන් වන්න සති දෙකකට ඉහත, සම්මන්ත්‍රණයකට සහභාගී වීම සඳහා මම එම ගුවන් යානයේම බෙයිජිං නුවරට ගියෙමි. එහිදී හොංකොං ජාතික යුවලක් මා සමග ඉතා කුළුපඟ විය. ඔවුන් සැමදාම රාත්‍රී භෝජනයට පසු එදින බුෆේ මේසයේ ඇති සුප් අතරින් වඩාත් දියරමය වන සුප් වර්ගයෙන් කෝප්පයක් පුරවාගෙන දීර්ඝ කතා බහකට අවතීර්ණ වෙයි. මමද ඔවුන් අනුගමනය කලෙමි. සුප් කෝප්පය තොලගාන අතර අපි ඉතා රසවත් මාතෘකා ඔස්සේ කතා බහ කළෙමු. මෙම පශ්චාත්-රාත්‍රී-ආහාර සුප් පානය පිළිබඳව දිනක් මම ඔවුන්ගෙන් ඇසුවෙමි.

"චන්දිම, මමත් මගේ බිරිඳ ජුලියානත්, අපගේ සමීප මිතුරන් කිහිප දෙනෙකුත් දිනපතා රාත්‍රී වනතෙක් මත්පැන් පානය කරන්න පුරුදු වී සිටියා. මත්පැන් වීදුරුවත් සමගම ඇතිවන කතා බහ හරිම සුන්දරයි. මේ නිසා අපිට එය නවත්වන්න හැකියාවක් තිබුණේ නැහැ." මගේ මිතුරා කියාගෙන යයි.

"මේ අතරේ ජූලියානා දරුණු ලෙස රෝගාතුර වුනා. ඇයට මත්පැන් පානය වෛද්‍යවරුන් විසින් තහනම් කළා. අපිට මේක බලවත් පාඩුවක් වුනා. මගේ යහළුවෙක් යෝජනා කළා මේ ගැන කොන්ෆුසියස් දහම ප්‍රගුණ කරන ගුරුවරයෙකු හමුවී උපදෙසක් ගන්න."

"කොන්ෆුසියස් ගුරුතුමා යෝජනා කළා සැමදාම රාත්‍රී මත්පැන් වෙනුවට විශේෂ ඖෂධීය සුප් පානයක් සමග අපගේ කතා බහ පවත්වන්න. ඔහු ඒ සඳහා සුප් වට්ටෝරුවක් (recipe) ලබා දුන්නා. අපිට ඉක්මනින්ම වැටහුනා සුප් එක මත්පැන් විදුරුවටත් වඩා හොඳින් මිත්‍රත්වය පරිපුර්ණ කරන බව".

"ටික කලක් යන විට අපිට මේ ඖෂධීය සුප් එක ඇති වුනා. අපි නැවතත් ගුරුතුමාව හමුවී ඇසුවා මේ සඳහා වෙනත් වට්ටෝරුවක් ලියා දෙන්න බැරිද කියා. ඔහු මහා හඬින් සිනාසෙමින් කියා සිටියා ඔහු කලින් දුන් වට්ටෝරුවේ කිසිම විශේෂත්වයක් නැති බවත්, අපිට ඕනෑම සුප් එකක් මේ සඳහා යොදාගත හැකි බවත්. විශේෂ යැයි කියා සුප් වට්ටෝරුවක් දීමෙන් ඔහු කර ඇත්තේ අපගේ සිත් තුල මේ පිළිබඳව විශ්වාසයක් ඇති කිරීමයි".

"ඉතින් එදා ඉඳන් අපි මේ පුරුද්ද කරගෙන යනවා". ඔහු කතාව නිම කළේය.

අප සමාජයේ මත්පැන් පානය කරන්නන් දෙවර්ගයකි. එනම් මත් වීම සඳහාම මත්පැන් බොන උදවිය සහ සෙට් වීම සඳහා මත්පැන් බොන උදවියයි. එයින් පළමු කාණ්ඩයට මේ ලිපිය අදාළ නැත. එහෙත් දෙවෙනි කාණ්ඩයට මෙය වැදගත් විය හැක.

සෙට් වෙන්න මත්පැන් පානය කරන පිරිසගේ අවශ්‍යතාවය වන්නේ කතා බහ අතරතුර බඩ නොපිරෙන යමක් ආහාරයට ගැනීම සහ එතුලින් යම් චිත්ත ප්රබෝධයක් ඇති කරගැනීමයි. උකු නොවන ලෙස සැදූ උණුසුම් සුප් කෝප්පය මේ අවශ්‍යතාවය මනාව ඉටු කරයි.

මෙහිදී කටු සහිත කුකුළු මස් සහ එළවලු හෝ එළවලු පමණක් යොදාගෙන සාදන සුප් එකක් ඉතා යෝග්‍ය වෙයි. සුප් එක බ්ලෙන්ඩ් නොකිරීමට වග බලා ගන්න. එලෙසම සුප් එක සෑදීමේදී සේර ගහක් සහ ඉඟුරු ස්වල්පයක් එකතු කිරීමද එහි "කික් එක" වැඩි කිරීමට හේතු වෙයි. සුප් සෑදීමේදී තෙල් වර්ග භාවිතය හැකිතාක් අවම කරන්න. සුප් පානය කල යුත්තේ උණුසුම්වය. එබැවින් මුළු සුප් එකම එකවර මේසය මත තැබීමෙන් වලකින්න. වරින් වර රත් කල සුප් ගෙනවිත් බඳුන පුරවන්න. බොහෝ සුප් වර්ග සමග සාමාන්‍යයෙන් භාවිතා කරන ඕනෑම බයිට් එකක් පෑහෙයි.

සුප් එක සමග සෙට් වීමේ ධනාත්මක ඵල බොහෝය. මෙයට කාන්තා පාර්ශවයටද චකිතයකින් තොරව සහභාගී විය හැක. පසුදා අවදි වන විට හිසරදයක් හෝ හිතේ ලැජ්ජාවක් හටගන්නේද නැත. සිරුරටත් සාක්කුවටත් දෙකටම හොඳය.

මෙහි ඇති සෘණාත්මක පස නම් සෙට් වීමේ අවසාන භාගයේදී අවට සිටින්නන්ට අත්දැකීමට ලැබෙන හාස්‍ය, ත්‍රාසය සහ ජුගුප්සාජනක සිදුවීම් සපිරි ජවනිකා වියැකී යාමයි.

ලබන්න වූ සිංහල-දෙමළ අළුත් අවුරුද්දට පර්යේෂණාත්මක මට්ටමින් හෝ සුප් එක සමග සෙට් වී වෙනස වටහා ගන්න.

https://chandimagomes.blogspot.com/2018/04/instead-of-arrack.html

[QUOTE="rangana26, post: 23074605, member: 461943"] [b]සුප් එක සමග සෙට් වෙමු (Instead of Arrack)[/b] සුප් එක සමග සෙට් වෙමු (Instead of Arrack) [IMG]https://2.bp.blogspot.com/-2BwPuRLNsbk/Ws2RUViUbpI/AAAAAAAApz0/luH6E-6tPMc5NBMSN6DKR4JSVI3PsPQRACLcBGAs/s1600/girl-drinking-soup-lovely-blond-woman-holding-big-bowl-to-drink-white-background-35765877.jpg[/IMG] මේ දෙහිවල හන්දියේ "මියාමි රෙස්ටුරන්ට්" එක පැවති සමයයි. එය වසර 1994 වන්නට ඇතැයි සිතමි. එවකට මගේ ලඟම මිත්‍රයා වූ ශාන්තත්, මමත්, තවත් යහළුවන් කිහිප දෙනෙකුත් සවස් යාමයේ මියාමි එකට ගොඩ වැදුනේ බියර් වීදුරුවක් තොල ගාමින් අල්ලාප සල්ලාපයේ යෙදීමටයි. "සර්, අද පෝයනෙ, බියර් සර්ව් කරන්නේ නැහැ." සුපුරුදු වේටර් මහත්මයා අපගේ මේසය අසලට පැමිණ පැවසීය. "මාර කේස් එක. දැන් මොකද කරන්නේ" බලාපොරොත්තු සුන් වූ ස්වරයෙන් ශාන්ත ඇසීය. "වෙන කොහෙට ගියත් මෙච්චරයිනේ" මම කීවෙමි. ටික වෙලාවක් අපි ඊළඟ පියවර ගැන කතා බහ කළෙමු. "මචං එහෙනම් අපි සුප් එකක් ගහමු" එක් මිතුරෙක් පැවසීය. "ගූඩ් අයිඩියා" ශාන්ත පැවසීය. එදා අපි රෑ 12 පමණ වනතෙක් සුප් බිව්වෙමු. අපගේ කතා බහ, තර්ක විතර්ක, විහිළු තහළු මෙන්ම මහා හඬින් සිනාවීමද වෙනදා මෙන්ම විය. වෙනදාට තරමක් වෙහෙසකර අයුරින් ගෙවෙන අවසාන හෝරාවද එදා ඉතා ප්‍රාණවත් විය. හරියටම ඊට වසර දහයකට පසු මම වැඩමුළුවක් පැවැත්වීම සඳහා භූතානයට ගියෙමි. මගේ භූතාන් සඟයෝ සැමදාම පාහේ සන්ධ්‍යා කාලය ගත කරන්නේ මදු විත තොලගාමින් කතා බහේ යෙදෙමිනි. මද රස්නයෙන් යුත් උණු වතුර හා මුසු කල බ්‍රැන්ඩි ඔවුන්ගේ ප්‍රියතම පානයයි. එදා දෙසැම්බර් 26 වනදාය (දිනය තවමත් මතක ඇයිදැයි ඔබ දනී). "චන්දිම, අද වියලි දවසක් (Chandima today is a dry day). අද අපි කරන්නේ සුප් බොන එක". කුමක් හෝ හේතුවක් නිසා එදින භූතානයේ මත්පැන් තහනම් දිනයකි. අපි වෙනදා මෙන්ම රෑ වෙන තෙක් උණුසුම් සුප් කෝප්ප තොලගාමින් සතුටු වුනෙමු. බ්‍රැන්ඩි වෙනුවට ඇත්තේ දියාරුවට සැදූ එළවලු සුපයක් බව මට දැනුනේ වත් නැත. තවත් අවුරුදු 10ට පසු, චීනයේ බෙයිජිං නුවරදී නැවතත් මම මේ අත්දැකීම ලැබුවෙමි. MH 370 අංක දරණ ගුවන් යානය අතුරුදන් වන්න සති දෙකකට ඉහත, සම්මන්ත්‍රණයකට සහභාගී වීම සඳහා මම එම ගුවන් යානයේම බෙයිජිං නුවරට ගියෙමි. එහිදී හොංකොං ජාතික යුවලක් මා සමග ඉතා කුළුපඟ විය. ඔවුන් සැමදාම රාත්‍රී භෝජනයට පසු එදින බුෆේ මේසයේ ඇති සුප් අතරින් වඩාත් දියරමය වන සුප් වර්ගයෙන් කෝප්පයක් පුරවාගෙන දීර්ඝ කතා බහකට අවතීර්ණ වෙයි. මමද ඔවුන් අනුගමනය කලෙමි. සුප් කෝප්පය තොලගාන අතර අපි ඉතා රසවත් මාතෘකා ඔස්සේ කතා බහ කළෙමු. මෙම පශ්චාත්-රාත්‍රී-ආහාර සුප් පානය පිළිබඳව දිනක් මම ඔවුන්ගෙන් ඇසුවෙමි. "චන්දිම, මමත් මගේ බිරිඳ ජුලියානත්, අපගේ සමීප මිතුරන් කිහිප දෙනෙකුත් දිනපතා රාත්‍රී වනතෙක් මත්පැන් පානය කරන්න පුරුදු වී සිටියා. මත්පැන් වීදුරුවත් සමගම ඇතිවන කතා බහ හරිම සුන්දරයි. මේ නිසා අපිට එය නවත්වන්න හැකියාවක් තිබුණේ නැහැ." මගේ මිතුරා කියාගෙන යයි. "මේ අතරේ ජූලියානා දරුණු ලෙස රෝගාතුර වුනා. ඇයට මත්පැන් පානය වෛද්‍යවරුන් විසින් තහනම් කළා. අපිට මේක බලවත් පාඩුවක් වුනා. මගේ යහළුවෙක් යෝජනා කළා මේ ගැන කොන්ෆුසියස් දහම ප්‍රගුණ කරන ගුරුවරයෙකු හමුවී උපදෙසක් ගන්න." "කොන්ෆුසියස් ගුරුතුමා යෝජනා කළා සැමදාම රාත්‍රී මත්පැන් වෙනුවට විශේෂ ඖෂධීය සුප් පානයක් සමග අපගේ කතා බහ පවත්වන්න. ඔහු ඒ සඳහා සුප් වට්ටෝරුවක් (recipe) ලබා දුන්නා. අපිට ඉක්මනින්ම වැටහුනා සුප් එක මත්පැන් විදුරුවටත් වඩා හොඳින් මිත්‍රත්වය පරිපුර්ණ කරන බව". "ටික කලක් යන විට අපිට මේ ඖෂධීය සුප් එක ඇති වුනා. අපි නැවතත් ගුරුතුමාව හමුවී ඇසුවා මේ සඳහා වෙනත් වට්ටෝරුවක් ලියා දෙන්න බැරිද කියා. ඔහු මහා හඬින් සිනාසෙමින් කියා සිටියා ඔහු කලින් දුන් වට්ටෝරුවේ කිසිම විශේෂත්වයක් නැති බවත්, අපිට ඕනෑම සුප් එකක් මේ සඳහා යොදාගත හැකි බවත්. විශේෂ යැයි කියා සුප් වට්ටෝරුවක් දීමෙන් ඔහු කර ඇත්තේ අපගේ සිත් තුල මේ පිළිබඳව විශ්වාසයක් ඇති කිරීමයි". "ඉතින් එදා ඉඳන් අපි මේ පුරුද්ද කරගෙන යනවා". ඔහු කතාව නිම කළේය. අප සමාජයේ මත්පැන් පානය කරන්නන් දෙවර්ගයකි. එනම් මත් වීම සඳහාම මත්පැන් බොන උදවිය සහ සෙට් වීම සඳහා මත්පැන් බොන උදවියයි. එයින් පළමු කාණ්ඩයට මේ ලිපිය අදාළ නැත. එහෙත් දෙවෙනි කාණ්ඩයට මෙය වැදගත් විය හැක. සෙට් වෙන්න මත්පැන් පානය කරන පිරිසගේ අවශ්‍යතාවය වන්නේ කතා බහ අතරතුර බඩ නොපිරෙන යමක් ආහාරයට ගැනීම සහ එතුලින් යම් චිත්ත ප්රබෝධයක් ඇති කරගැනීමයි. උකු නොවන ලෙස සැදූ උණුසුම් සුප් කෝප්පය මේ අවශ්‍යතාවය මනාව ඉටු කරයි. මෙහිදී කටු සහිත කුකුළු මස් සහ එළවලු හෝ එළවලු පමණක් යොදාගෙන සාදන සුප් එකක් ඉතා යෝග්‍ය වෙයි. සුප් එක බ්ලෙන්ඩ් නොකිරීමට වග බලා ගන්න. එලෙසම සුප් එක සෑදීමේදී සේර ගහක් සහ ඉඟුරු ස්වල්පයක් එකතු කිරීමද එහි "කික් එක" වැඩි කිරීමට හේතු වෙයි. සුප් සෑදීමේදී තෙල් වර්ග භාවිතය හැකිතාක් අවම කරන්න. සුප් පානය කල යුත්තේ උණුසුම්වය. එබැවින් මුළු සුප් එකම එකවර මේසය මත තැබීමෙන් වලකින්න. වරින් වර රත් කල සුප් ගෙනවිත් බඳුන පුරවන්න. බොහෝ සුප් වර්ග සමග සාමාන්‍යයෙන් භාවිතා කරන ඕනෑම බයිට් එකක් පෑහෙයි. සුප් එක සමග සෙට් වීමේ ධනාත්මක ඵල බොහෝය. මෙයට කාන්තා පාර්ශවයටද චකිතයකින් තොරව සහභාගී විය හැක. පසුදා අවදි වන විට හිසරදයක් හෝ හිතේ ලැජ්ජාවක් හටගන්නේද නැත. සිරුරටත් සාක්කුවටත් දෙකටම හොඳය. මෙහි ඇති සෘණාත්මක පස නම් සෙට් වීමේ අවසාන භාගයේදී අවට සිටින්නන්ට අත්දැකීමට ලැබෙන හාස්‍ය, ත්‍රාසය සහ ජුගුප්සාජනක සිදුවීම් සපිරි ජවනිකා වියැකී යාමයි. ලබන්න වූ සිංහල-දෙමළ අළුත් අවුරුද්දට පර්යේෂණාත්මක මට්ටමින් හෝ සුප් එක සමග සෙට් වී වෙනස වටහා ගන්න. [URL="https://chandimagomes.blogspot.com/2018/04/instead-of-arrack.html"]https://chandimagomes.blogspot.com/2018/04/instead-of-arrack.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom