සුපිරියි නේද යාළුවනේ.... හිත දමනය කිරීම..

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සුපිරියි නේද යාළුවනේ.... හිත දමනය කිරීම..

    දියාලුවෝ වේලි තනා
    ඇළ පුරවා දිය හරවා
    රන්වන් රන් වීඇට වලින්
    අටු පුරවා නම්...

    රුක් වඩුවෝ ලී කපලා
    යතු ගාලා හැඩ ගහලා
    මල්කම් ලියකම් ඇද පුටු
    රුවට තනා නම්...

    ලෝ කුරුවෝ ගිනියම් කොට
    යකඩ තලා පණ පොවලා
    මුවහත ඇති අවි ආයුධ
    නිම කරවා නම්...

    සසර පුරා සරන තුරා
    දුවන පනින දගලන සිත
    දමනය කර සුවපත් වෙයි
    නුවණක් ඇත්නම්...

    පද: මහින්ද දිසානායක ශූරීන්
    හඬ: ගුණදාස කපුගේ ශූරීන්


     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දියාලුවෝ කියන්නේ නිසි සේ රිසි තැනට ජලය ගෙනයන්නා...