Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
45 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුපිරි නෞකාවකින් යුරෝපයේ සවාරියක් - 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුපිරි නෞකාවකින් යුරෝපයේ සවාරියක් - 2

සුපිරි නෞකාවකින් යුරෝපයේ සවාරියක් - 1

http://www.elakiri.com/forum/showthread.php?t=1905376

යුරෝපයේ සුන්දර බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර

රටකින් රටකට

සුපිරි නෞකාවකින් යුරෝපයේ සවාරියක්

පසුගිය කොටසින්....

අපි ටයිටැනික් පිටත්වුණු ලංඩන් සවුත්හැම්ප්ටන් වරායෙන් පිටත්වුණේ සුඛෝපභෝගී සුවිසල් මගී නෞකාවක බටහිර යුරෝපයේ හා ස්කැන්ඩිනේවියානු රටවල සතියක මුහුදු සවාරියක් සඳහා. අපේ සමුදුරේ පළමු රාත්‍රිය ගෙවී ගියා සතුටින්. කපිතාන්වරයා අපි පිළිගන්න උත්සවය තමයි විශේෂම සිද්ධිය. රාත්‍රියේ සුව නින්දකට පසු අප ඇහැරෙන විට හැර තිබූ ජනෙල් තිර අතරින් අපි දැක්කේ මහා සමුදුර නොව බොහෝ ගොඩනැගිලියි. අප සුවසේ බ්‍රසල්ස් වරායට සේන්දු වී ඇත. අප සුව නින්දේ සිටියදී නෞකාවේ කාර්ය මණ්ඩලය කෙතරම් දේවල් කළමනාකරණය කරන්න ඇත්ද? අපි උදේ ආහාරයෙන් පසු ඓතිහාසික බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර පැය 3ක සංචාරයක් සඳහා බස්වලට නැගිය යුතුය.

3000ක් පමණ වන අපේ මගීන්ගෙන් මේ සංචාරයට සහභාගි වුණේ දෙතුන් සීයක් පමණයි. බස් 4-5ක් පමණයි පැමිණ තිබුණේ. අපි හිතුවේ සියලු දෙනාම පාහේ යයි කියල. මෙයට හේතුව බොහොම අමුත්තන් නෞකාවෙම ගත කිරීමට කැමතිවීම. නැවත කියන්නේ ඒක තමයි මේ සංචාරයේ වෙනස. නෞකාව හා මුහුද නෞකාව තරු පහේ හෝටලයක්, නැවතුණු අමුත්තන්ට එහි සිනමා ශාලා, නර්තන ශාලා, ක්‍රීඩාංගණ, කාය වර්ධනාගාර, පිහිනුම් තටාක හා ඒ ආශ්රිත දියමත ලිස්සා යාමේ ජල ක්‍රීඩා, වෙනත් ක්‍රීඩා, ආපන ශාලා, තැබෑරුම් ආදිය සක්‍රීයව තිබුණා. අද හවස් වරුවේ අපි නැවත පිටත් විය යුතුයි.

දැවැන්ත නෞකාව සන්සුන්ව සාඩම්බරව බ්‍රසල්ස් වරායේ නැංගූරම් ලා ඇත. අප උපදෙස් අනුව උදෑසන ආහාරයෙන් පසු සීත ඇඳුම්වලින් සැරසී නැවෙන් ඇතුළු වූ දොරටුවෙන්ම වරායේ වේදිකාවේ පය තැබුවා. එතන සිටි විනීත සේවිකාවන් අපේ කරේ එල්ලගෙන තිබෙන ID කාර්ඩ් එක ස්කෑනයක සටහන් කළේ අපි නෞකාවෙන් පිටවූ බව.

රටවල් නොව නෞකාව හා සමුදුර නිවාඩුව ලිවීම ලිපිය අරමුණ නමුත් අධ්‍යාපනය සඳහා බ්‍රසල්ස් අගනුවර වූ බෙල්ජියම ගැන කෙටි සටහනක් තබමි.

බෙල්ජියම බටහිර යුරෝපයේ දීර්ඝ දේශීය හා සමුද්‍ර ඉතිහාසයක් සහිත ලොව සමෘද්ධිමත්ම රාජ්‍යයක්. බොහෝ අය හිතනවා එය නිසා සුවිසල් රටක් කියල. නමුත් එහි විශාලත්වය දල වශයෙන් ලංකාවෙන් භාගයක් විතර. ඒ වගේම ජනගහනයත් ලංකාවෙන් භාගයක් වගේ මිලියන 11.4යි. ප්‍රංශ හා ලන්දේසි කතා කරන කොටස් අනුව රටේ ප්‍රධාන දෙකොටසක් තියෙනව, බෙල්ජියම අසල්වාසී නෙදර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය, ලක්සම්බර්ග් හා අප යාත්‍රා කරන උතුරු මුහුදට.

බෙල්ජියමේ තවම තියෙනව රජ පවුලක්. එංගලන්තේ රජපවුල මෙන් ලෝක ප්‍රසිද්ධ නැතත් ඔවුන් බොහෝ ධනවත්, විධායක බලයක් නම් නැහැ. ඉතාම පිරිසිදු පළවෙනි ලෝකයේ රටක් බෙල්ජියම. ඒ රටේ ජනජීවිතය ඉතා නවීනව හොඳින් සංවිධිතයි. කෙතරම් සංවිධිතද කිව්වොත් 2010-2011 අතර දින 600කට ආසන්න කාලයක් එරට කළමනාකරණය දිගටම ගෙනගොස් තියෙනව ආණ්ඩුවක් නොමැතිව. ඒ බහුතරය ලබා ගැනීමට නොහැකිවූ තත්වයක් නිසා. නමුත් ඒ රටේ 100% ම ජන ජීවිතය එලෙසම ක්‍රියාත්මක වෙලා තියෙනවා. හේතුව ඒ රටවල් ක්‍රියාත්මක වෙන්නේ නීති හා ප්‍රතිපත්ති මත මිසක් පුද්ගලයන් මත නොවීමයි. බෙල්ජියමේ මේ සිද්ධියෙන් ඇත්තටම රටවලට ආණ්ඩු අවශ්‍යද කියල හිතන තත්ත්වෙටත් ආවා.

බ්‍රසල්ස් අගනුවර දියමන්ති පුරයක්. ලොව සරණය වන දියමන්තිවලින් භාගයකට ආසන්නව බ්‍රසල්ස් හරගා ගමන් ගනියි. කෙතරම් ආදායමක් ඉපදෙනවා ඇද්ද මේ කුඩා රටට. මේ දියමන්ති බොහොමයක් අප්‍රිකානු රටවලින් එන්නේ. ලේ තැවරුණු දියමන්තිත් (blood diamonds) ඔය අතර තිබීමේ ඉඩකඩ ඉහළයි.

ඔවුන්ගේ අනෙක් ආදායම තමයි චොකලට් නිෂ්පාදනය. බෙල්ජියන් චොකලට් (Belgian chocolate) කියලම සුවිශේෂී චොකලට් වර්ගයක් තියෙනව පැණි රස නොයෙදූ. කොකෝ රසය වැඩියි. කළු පැහැතියි, දියවැඩියා රෝගීන් අතර මේ චොකලට් ජනප්‍රියයි. නමුත් අපි පැණිරස පුරුදු ජාතියක් නිසා අනෙක් චොකලට් තමයි ප්‍රිය. පොඩි කාලෙම පැණි රසට පුරුදු කරවීම අපේ බලවත් දුර්වලතාවක්. අපේ රටේ 20% ක් දියවැඩියා රෝගීන් නිර්මාණය කරලා තියෙන්නේ අපිමයි. යුරෝපීයයන් එහි අනෙක් පැත්ත.

සමහරු දන්නවා ඇති පනස් ගණන්වල රෝමන් හොලිඩේ (Roman Holiday) හොලිවුඩ් චිත්‍රපටයෙන් ලොවට දායාද කර පළමු රංගනයෙන්ම ඔස්කා සම්මානය දිනාගත් ඔඩ්රි හෙබර්න් (Audrey Hepburn) ඉපදිලා තියෙන්නේ බ්‍රසල්ස් නගරයේ. දැඩි ශීත කාලගුණයක් සහිතයි මේ රාජ්‍යය.

නැවත අපේ නෞකාවේ සිට බ්‍රසල්ස් නගරයේ පැය 3ක බස් රථ සංචාරයට. එහිදී මට හොඳින් මතක හිටියේ එහි නගර මධ්‍යයේ රජමාලිගය. (පින්තුරයක් අමුණා ඇත) එතන ඉස්සරහ පාරේ අතුරා තිබෙන්නේ පැරණි කළුගල්. එතනින් යන වාහන දඩ දඩ ගා ගැස්සෙයි. ඒකෙ වාසිය තමයි රථයේ වේගය අඩුවීම නිසා ඡායාරූප ගැනීමට හැකිවීම. බෙල්ජියමුන් හොඳට කන බොන උදවිය බව පෙනුන. හැමවිටම ආපනශාලා බාර් පිරී පවතී. හිනාවෙමින් කතා කරමින් කමින් බොමින් සතුටින් ඉන්න ජාතියක් කියල තමයි මට පෙනුණේ.

තව බොහෝ අය යන තැනකට අපිත් ගියා. එනම් සිනාසෙමින් පොකුණකට මුත්‍රා කරන පිරිමි දරුවෙකුගේ කුඩා තඹ පිළිරුව. මේ කතාව වර්ෂ 1300 දක්වා වගේ දුරකට ආදී බෙල්ජියන් වැසියන් වෙත යන්නක්ග මේ කුඩා ප්‍රතිමාවේ පින්තුරයක් වත් ඔබ දැකල ඇති කියල හිතනවා. (පින්තූරයක් අමුනා ඇත) මේ ප්‍රසන්න දරුවා යම් ඛේදවාචකයකට මුහුණ දී ජීවිතක්ෂයට පත් වී තිබෙනු ඇසීම ශෝකජනකයි.

අපි ඉක්මනින් ඊළඟට ගියේ 1958 දී ලෝක සමුළුවක් වෙනුවෙන් දැවැන්ත යකඩ බෝල නවයක් එකිනෙකට සම්බන්ධ කර තැනූ සුවිසල් Automium එකට. මේ පින්තූරයේ පහළ සිටින වාහනවල ප්‍රමාණය සලකන කොට අර ආකෘතියේ විශාලත්වය අවබෝධ කරගත හැක. වර්තමානයේ මෙය බ්‍රසල්ස් නගරයේ සංකේතය ලෙස සැලකෙනවා.

අපි සාම්ප්‍රාදායික පුරාණ බාර් (pub) එකකට ගොඩවුණේ සාමාන්‍යයෙන් සංචාරකයන් අනිවාර්ෙයන් ගොඩවෙන තැනක් බැවින්. එහි කෙටි ආහාරයක් හා පලතුරු යුෂ බී අපි නැවත මේ කෙටි බස් සංචාරය නිමවා වරාය වෙත පිටත්වුණේ නැවත අපේ නෞකාවට අවතීර්ණ වීමට. බෙල්ජියම ලස්සනම දියුණුම රටක්. වැසියන් හාස්යොත්පාදනයට කෑමට බීමට මෙන්ම විද්‍යාත්මක සොයාගැනීම්වලට සමත් පිරිසක්.

අපි ඉක්මනින් ළඟා වුණා වරායට. නෞකාව දුටුවම දැනුණේ අපේ ගෙදර ආව වගේ. රියදුරන්ට ස්තුති කර බැස සුපුරුදු ලෙස නෞකාවේ දොරටුවෙන් ඇතුළු වනවිට නැවත අපි ස්කෑන් කරනු ලැබුවේ ආපසු පැමිණීම සටහන් කරන්න. එළියේ සීතල නැහැ නෞකාව ඇතුලේ හොඳින් උණුසුම්. 14 වැනි මහලේ අපේ කාමරයට ආවිට දැනුණේම ගෙදර ආව වගේ. දිවාහාරය තිබුණත් අපි නගරයෙන් සැහැල්ලු කෑම ගත් නිසා ඒ වෙනුවට නෞකාවේ බැල්කනියට ආවේ සිරි නැරඹීමට. බොහෝ අමුත්තන්ද එහෙමම ඇවිත් බීර ආදිය බොමින් සිටියා. මේ වෙනකොට අපි හැමවිටම දකින නිසා මිතුරු වී සිටි බොහෝ අය අතවනා සුහදශීලිත්වය දැක්වූවා.

කෙමෙන් සන්ධ්‍යා භාගය පැමිණියා. විශාල දුම් බට හතරෙන් විශාල දුම්කඳක් පිටවෙන්න ගත්ත, දැවැන්ත එන්ජින් ක්‍රියාත්මක වෙනවා යන්තම් දැනෙනවා. නෞකාවේ ඉදිරිපස වම් පැත්තේ මුහුදු මට්ටමට ආසන්නව වායු බටවලින් තදින් සාගර දිය ඈතට තල්ලු කිරීමෙන් කෙමෙන් නෞකාවේ ඉදිරි පස හෙමින් අපි පිටත්ව යන දිශාවට හරවනු ලැබුවා. අපි සියලු දෙනා බැල්කනිවල දර්ශනයන් නරඹමින්.. කෙමෙන් වේගය වැඩි කරමින් නෞකාව පිටත් වුණා.

එදා රාත්‍රිය කුසුම් හා මම භීතියෙන් මුසපත් කරවන දෙයක් වුණා. එනම් රාත්‍රී කෑමෙන් පසු නෞකාව ඇතුලේ නගරයේ පාගමනින් ගමන් කරද්දී එහි තිබූ සුවඳ විලවුන් සාප්පුවක පරීක්ෂා විලවුන් බෝතලයකින් (Test) අපේ කුඩා පුතු වැරදීමකින් විලවුන් ඇහැට විද ගත්තේ ඇත්තටම ඒ සාප්පුවේ සේවිකාවන්ගේ නොසැලකිල්ලෙන්. පුතා ඇස් පොඩි කරමින් වේදනාවෙන් කෑගසයි. අසාමාන්‍ය ලෙස වම් ඇස රතු වී ඉදිමී තිබුණා.

මට තරහ ගොස් සේවිකාවකට බැණවැදුණ විට ඔවුන් අභ්‍යන්තර දුරකථන ඔස්සේ වහා වෛද්‍ය අංශය ඇමතුවේ සමාව ඉල්ලමින්. මම මේ නෞකා සමාගමට නඩු දානව (I Will Sue this Shipping Company) කියපු ගමන් ඔවුන් හොඳටම භ්‍රාන්ත වුණා. දියුණු රටවල දේ නඩු දානව කිව්වොත් කවුරුත් බය වෙනවා. හේතුව ඒ රටවල නීතිය ක්‍රියාත්මක නිසා.

හැකි අයුරින් මම හා කුසුම් දරුවා වෛද්‍ය ආධාර ලැබෙන තුරු සනසාලන්න කළ සියලු උත්සාහයන් අසාර්ථක වුනු වෙලේ කුසුම් ද දුව ද දෙන්නම බියපත්ව හඬන්න ගත්තේ මම තවත් අසරණ කරමිනි. කෙසේ හෝ ඉක්මනින් වෛද්‍ය අංශයෙන් ට්‍රොලියක් සහිතව හෙදියන් දෙදෙනෙක් ආව. දරුවා එහි තබාගත් ඔවුන් සමඟ අපිත් ගියා. සාමාන්‍යයෙන් අපි නොයන ඇතුළු තැනකින් විශාල සෝපානයක් හරහා අපි නැවතුණේ නැවේ පහලම මාලයේ. මුහුදු මට්ටමෙන් යට තට්ටු තුනක් තියෙනව කියල මම මුලින් කිව්වා මතක ඇති. එහි තිබුණේ කුඩා රෝහලක්.

දරුවා කෑ ගසද්දී වෛද්‍යවරු ඇසට ඖෂධ ඇතුළු කළේ මම දරුවා දැඩිව අල්ලාගෙන සිටියදී. තාත්තා කියමින් බියපත්ව වේදනාවෙන් හඬන දරුවා දැක මට ඇතිවුණු වේදනාව කියා නිමකළ නොහැක. විනාඩි කීපයකදී වේදනාව කෙමෙන් අඩුවෙන බවක් පෙනුණා. වෛද්‍යවරු පැවසුවේ පැයක් පමණ දරුවාගේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා රැඳී සිටින ලෙසයි. පුතාට නින්ද යාම සඳහා එන්නතක් ලබා දුන් විට ඔහු හෙමින් නිද්‍රාගත වුණේ අපිට පුදුම සහනයක් ඇතිකරමින්. වෛද්‍යවරු ඕනෑම සෑහෙන පමණ හොඳ ශල්‍යකර්මයකට පහසුකම් හා වෛද්‍ය මණ්ඩලයක් සිටින බැවින් කලබල නොවන ලෙස ඔවුන් අපට දැනුම් දී සුව පහසු අසුන් සමඟ කෝපි ආදිය සමඟ. මහා භයංකර හැන්දෑවක්. මේ වෙනවිට රාත්‍රී 9 පමණට ඇත. ඝන අඳුරේ නෞකාව වේගයෙන් ඉදිරියට ඇදේ.

අපි ඉන්නේ නෞකාවේ පතුලේම. මුදු මට්ටමටත් පහළින්. කොතන හරි හිලක් හැදුණෙත් මේ තට්ටුව වතුරෙන් පිරෙන්න එතරම් වෙලා නොයයි. මට නැවත මතක් වුණේම ටයිටැනික් ඛේදවාචකය. මෙවැනි තැනක තමයි අර පාවෙන අයිස් කන්ද හැපුණේ. එයින් ආ ජල කදම්බය තමයි ඒ සුවිසල් නෞකාවත් එදා මූදුබත් කළේ. අද හැන්දෑව හරිම මුස්පේන්තුයි. ටයිටැනික් වගේ අනතුරකුත් වුණොත් යන්න ආදිය තමයි මගේ හැඟීම් වුණේ.

ඒ මුස්පේන්තු හැඟීම වැඩිකරවන දෙයක් එතැනදී තව දැක්ක. එනම් අපිට යාබදව අඳුරු පෙදෙසක තිබූ මිනී කාමරයි. දිග ලාච්චුවක් වන් ශීතකරණය ඇතුළට තල්ලු කළ හැකිවන සේ. බියපත් වූ දියණිය ඒ තත්වය ගැන වැඩියෙන් විචාරන්න ගත්තා. සාමාන්‍යයෙන් වයසක උදවිය මේ නෞකා සවාරිවලට වඩා කැමතියි. ඔවුන් සමහර වෙලාවට ස්වභාවික හේතු මත මිය යන වෙලාවලුත් තියෙනව කියල වෛද්‍යවරු පැවසුවා. දැන් මේ මිනීකාමරයේ අපි දන්නා කෙනෙක් මියගොස් තිබෙනවද කියල ඇසූ විට ඔවුන් සිනාසී කිව්වේ තවම නැහැ, එහෙම නොවේවායි ප්‍රාර්ථනා කරනවා කියලා. මීට පෙර චාරිකාවේදී වයසක දෙදෙනෙක් එසේ මියගොස් තිබුණා.

වෙන වෙලාවක කියවූ සටහනකින් මේ නෞකාවේ කපිතාන්වරයාට තියෙන බලතල මම කියවල තියෙනව. ඇත්තටම සමහර බලතල පොලිස් බලතල. මෙවැනි මුහුද මැද මරණයකදී කපිතාන්වරයාගේ සහතික කිරීම් බලධාරීන් පිළිගන්නවා. සාමාන්‍යයෙන් ගුවන් යානයක කපිතාන්වරයාටත් ඉහළ අහසේදී මෙවැනි බලතල තියෙනවා. සමහර විට අත්අඩංගුවට ගැනීමට වගේ.

මෙතන ගත කළ පැයකට වඩා වැඩි කාලයේදී වෛද්‍යවරු හා සේවක මණ්ඩලය අපිට බොහෝ සුහද වුණා. පුතා සුවසේ නිදි. වරින් වර වෛද්‍යවරු ඔහු පරීක්ෂා කරමින්. මේක ආරංචි වී අපේ සහායක කෙවින් ද දිව ආවා. අර සාප්පුවේ දෙන්නෙකුත් ආව නැවත සමාව ඉල්ලන්න. මගේ තිබූ කේන්තිය, අවිනිශ්චිත බව කෙමෙන් පහව ගොස්. කුසුම්ගේ නම් බියපත් බව සෑහෙන වෙලා තිබුණ.

අපි පුතා එක්ක යන්න පුළුවන් තරම් සුවයි කියල වෛද්‍යවරු දීර්ඝ නිරීක්ෂණවලට පසු අපිට දැනුම් දුන්න. ඔවුන් තවත් වේදනානාශක ලබාදී සුළු හරි තත්ත්වය වෙනසක් වුණොත් අමතන්න, අපි ඉක්මනට ඔයාලගේ කාමරයට එන්නම් කියමින් අපිට සමු දුන්න.

නිදාගෙන සිටි පුතා වඩාගෙන කාමරයට යනකල්ම අරන් ගියේ කෙවින්. මේ වෙනකොට අපි නෞකාවේ බොහෝ දෙනා හඳුනාගෙන අවසන්. තමන්ගේ ගම වගේ තත්ත්වයක්. අපි වෙන කොහෙවත් නොගොස් කලින් නිදාගත්තේ පුතාට ආයෙත් බෙහෙත් පොවලා.

නෞකාව වේගයෙන් කෑලි කපන අඳුරේ ඉදිරියට ඇදෙමින් පුරා දවස් දෙකක් අපි මහා සාගරයේම ගත කරන්න නියමිතයි. දැන්.. එහිදී නෞකාවේ තවත් නරඹන්නට නොහැකිවූ තැන්. පුතාගේ අනතුර අසා කපිතාන්වරයා අපේ කාමරයට විශේෂ පණිවුඩයක් එක්ක ආ සුරූපී ලේකම්වරිය. නාන තටාකයේදී එක්වරම නෞකාව ගැස්සීමකදී වතුර එළියට විසි වී මා තටාකයේ බිත්තිවල නොහැප්පී බේරුණ හැටි. උදෑසන නැව වටේ ව්‍යායාමයට දිවීම.. සහිතව ඊළඟ කොටසින්. අපි බටහිර යුරෝපයේ සමෘද්ධිමත් ඩෙන්මාර්කයට තමයි ඊළඟට පා තබන්න නියමිත.

විජිත බණ්ඩාර හේරත්

[QUOTE="rolecoaster, post: 24635242, member: 57087"] [b]සුපිරි නෞකාවකින් යුරෝපයේ සවාරියක් - 2[/b] [SIZE="5"] සුපිරි නෞකාවකින් යුරෝපයේ සවාරියක් - 1 [url]http://www.elakiri.com/forum/showthread.php?t=1905376[/url] යුරෝපයේ සුන්දර බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර රටකින් රටකට සුපිරි නෞකාවකින් යුරෝපයේ සවාරියක් [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_f0c9c2c11f.jpg[/IMG] පසුගිය කොටසින්.... අපි ටයිටැනික් පිටත්වුණු ලංඩන් සවුත්හැම්ප්ටන් වරායෙන් පිටත්වුණේ සුඛෝපභෝගී සුවිසල් මගී නෞකාවක බටහිර යුරෝපයේ හා ස්කැන්ඩිනේවියානු රටවල සතියක මුහුදු සවාරියක් සඳහා. අපේ සමුදුරේ පළමු රාත්‍රිය ගෙවී ගියා සතුටින්. කපිතාන්වරයා අපි පිළිගන්න උත්සවය තමයි විශේෂම සිද්ධිය. රාත්‍රියේ සුව නින්දකට පසු අප ඇහැරෙන විට හැර තිබූ ජනෙල් තිර අතරින් අපි දැක්කේ මහා සමුදුර නොව බොහෝ ගොඩනැගිලියි. අප සුවසේ බ්‍රසල්ස් වරායට සේන්දු වී ඇත. අප සුව නින්දේ සිටියදී නෞකාවේ කාර්ය මණ්ඩලය කෙතරම් දේවල් කළමනාකරණය කරන්න ඇත්ද? අපි උදේ ආහාරයෙන් පසු ඓතිහාසික බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර පැය 3ක සංචාරයක් සඳහා බස්වලට නැගිය යුතුය. 3000ක් පමණ වන අපේ මගීන්ගෙන් මේ සංචාරයට සහභාගි වුණේ දෙතුන් සීයක් පමණයි. බස් 4-5ක් පමණයි පැමිණ තිබුණේ. අපි හිතුවේ සියලු දෙනාම පාහේ යයි කියල. මෙයට හේතුව බොහොම අමුත්තන් නෞකාවෙම ගත කිරීමට කැමතිවීම. නැවත කියන්නේ ඒක තමයි මේ සංචාරයේ වෙනස. නෞකාව හා මුහුද නෞකාව තරු පහේ හෝටලයක්, නැවතුණු අමුත්තන්ට එහි සිනමා ශාලා, නර්තන ශාලා, ක්‍රීඩාංගණ, කාය වර්ධනාගාර, පිහිනුම් තටාක හා ඒ ආශ්රිත දියමත ලිස්සා යාමේ ජල ක්‍රීඩා, වෙනත් ක්‍රීඩා, ආපන ශාලා, තැබෑරුම් ආදිය සක්‍රීයව තිබුණා. අද හවස් වරුවේ අපි නැවත පිටත් විය යුතුයි. දැවැන්ත නෞකාව සන්සුන්ව සාඩම්බරව බ්‍රසල්ස් වරායේ නැංගූරම් ලා ඇත. අප උපදෙස් අනුව උදෑසන ආහාරයෙන් පසු සීත ඇඳුම්වලින් සැරසී නැවෙන් ඇතුළු වූ දොරටුවෙන්ම වරායේ වේදිකාවේ පය තැබුවා. එතන සිටි විනීත සේවිකාවන් අපේ කරේ එල්ලගෙන තිබෙන ID කාර්ඩ් එක ස්කෑනයක සටහන් කළේ අපි නෞකාවෙන් පිටවූ බව. රටවල් නොව නෞකාව හා සමුදුර නිවාඩුව ලිවීම ලිපිය අරමුණ නමුත් අධ්‍යාපනය සඳහා බ්‍රසල්ස් අගනුවර වූ බෙල්ජියම ගැන කෙටි සටහනක් තබමි. බෙල්ජියම බටහිර යුරෝපයේ දීර්ඝ දේශීය හා සමුද්‍ර ඉතිහාසයක් සහිත ලොව සමෘද්ධිමත්ම රාජ්‍යයක්. බොහෝ අය හිතනවා එය නිසා සුවිසල් රටක් කියල. නමුත් එහි විශාලත්වය දල වශයෙන් ලංකාවෙන් භාගයක් විතර. ඒ වගේම ජනගහනයත් ලංකාවෙන් භාගයක් වගේ මිලියන 11.4යි. ප්‍රංශ හා ලන්දේසි කතා කරන කොටස් අනුව රටේ ප්‍රධාන දෙකොටසක් තියෙනව, බෙල්ජියම අසල්වාසී නෙදර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය, ලක්සම්බර්ග් හා අප යාත්‍රා කරන උතුරු මුහුදට. බෙල්ජියමේ තවම තියෙනව රජ පවුලක්. එංගලන්තේ රජපවුල මෙන් ලෝක ප්‍රසිද්ධ නැතත් ඔවුන් බොහෝ ධනවත්, විධායක බලයක් නම් නැහැ. ඉතාම පිරිසිදු පළවෙනි ලෝකයේ රටක් බෙල්ජියම. ඒ රටේ ජනජීවිතය ඉතා නවීනව හොඳින් සංවිධිතයි. කෙතරම් සංවිධිතද කිව්වොත් 2010-2011 අතර දින 600කට ආසන්න කාලයක් එරට කළමනාකරණය දිගටම ගෙනගොස් තියෙනව ආණ්ඩුවක් නොමැතිව. ඒ බහුතරය ලබා ගැනීමට නොහැකිවූ තත්වයක් නිසා. නමුත් ඒ රටේ 100% ම ජන ජීවිතය එලෙසම ක්‍රියාත්මක වෙලා තියෙනවා. හේතුව ඒ රටවල් ක්‍රියාත්මක වෙන්නේ නීති හා ප්‍රතිපත්ති මත මිසක් පුද්ගලයන් මත නොවීමයි. බෙල්ජියමේ මේ සිද්ධියෙන් ඇත්තටම රටවලට ආණ්ඩු අවශ්‍යද කියල හිතන තත්ත්වෙටත් ආවා. බ්‍රසල්ස් අගනුවර දියමන්ති පුරයක්. ලොව සරණය වන දියමන්තිවලින් භාගයකට ආසන්නව බ්‍රසල්ස් හරගා ගමන් ගනියි. කෙතරම් ආදායමක් ඉපදෙනවා ඇද්ද මේ කුඩා රටට. මේ දියමන්ති බොහොමයක් අප්‍රිකානු රටවලින් එන්නේ. ලේ තැවරුණු දියමන්තිත් (blood diamonds) ඔය අතර තිබීමේ ඉඩකඩ ඉහළයි. ඔවුන්ගේ අනෙක් ආදායම තමයි චොකලට් නිෂ්පාදනය. බෙල්ජියන් චොකලට් (Belgian chocolate) කියලම සුවිශේෂී චොකලට් වර්ගයක් තියෙනව පැණි රස නොයෙදූ. කොකෝ රසය වැඩියි. කළු පැහැතියි, දියවැඩියා රෝගීන් අතර මේ චොකලට් ජනප්‍රියයි. නමුත් අපි පැණිරස පුරුදු ජාතියක් නිසා අනෙක් චොකලට් තමයි ප්‍රිය. පොඩි කාලෙම පැණි රසට පුරුදු කරවීම අපේ බලවත් දුර්වලතාවක්. අපේ රටේ 20% ක් දියවැඩියා රෝගීන් නිර්මාණය කරලා තියෙන්නේ අපිමයි. යුරෝපීයයන් එහි අනෙක් පැත්ත. [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_d52b192930.jpg[/IMG] සමහරු දන්නවා ඇති පනස් ගණන්වල රෝමන් හොලිඩේ (Roman Holiday) හොලිවුඩ් චිත්‍රපටයෙන් ලොවට දායාද කර පළමු රංගනයෙන්ම ඔස්කා සම්මානය දිනාගත් ඔඩ්රි හෙබර්න් (Audrey Hepburn) ඉපදිලා තියෙන්නේ බ්‍රසල්ස් නගරයේ. දැඩි ශීත කාලගුණයක් සහිතයි මේ රාජ්‍යය. නැවත අපේ නෞකාවේ සිට බ්‍රසල්ස් නගරයේ පැය 3ක බස් රථ සංචාරයට. එහිදී මට හොඳින් මතක හිටියේ එහි නගර මධ්‍යයේ රජමාලිගය. (පින්තුරයක් අමුණා ඇත) එතන ඉස්සරහ පාරේ අතුරා තිබෙන්නේ පැරණි කළුගල්. එතනින් යන වාහන දඩ දඩ ගා ගැස්සෙයි. ඒකෙ වාසිය තමයි රථයේ වේගය අඩුවීම නිසා ඡායාරූප ගැනීමට හැකිවීම. බෙල්ජියමුන් හොඳට කන බොන උදවිය බව පෙනුන. හැමවිටම ආපනශාලා බාර් පිරී පවතී. හිනාවෙමින් කතා කරමින් කමින් බොමින් සතුටින් ඉන්න ජාතියක් කියල තමයි මට පෙනුණේ. [IMG]https://cache-graphicslib.viator.com/graphicslib/page-images/742x525/100952_Brussels_Brussels%20Royal%20Palace%20(Palais%20Royal)_d458-150.jpg[/IMG] තව බොහෝ අය යන තැනකට අපිත් ගියා. එනම් සිනාසෙමින් පොකුණකට මුත්‍රා කරන පිරිමි දරුවෙකුගේ කුඩා තඹ පිළිරුව. මේ කතාව වර්ෂ 1300 දක්වා වගේ දුරකට ආදී බෙල්ජියන් වැසියන් වෙත යන්නක්ග මේ කුඩා ප්‍රතිමාවේ පින්තුරයක් වත් ඔබ දැකල ඇති කියල හිතනවා. (පින්තූරයක් අමුනා ඇත) මේ ප්‍රසන්න දරුවා යම් ඛේදවාචකයකට මුහුණ දී ජීවිතක්ෂයට පත් වී තිබෙනු ඇසීම ශෝකජනකයි. අපි ඉක්මනින් ඊළඟට ගියේ 1958 දී ලෝක සමුළුවක් වෙනුවෙන් දැවැන්ත යකඩ බෝල නවයක් එකිනෙකට සම්බන්ධ කර තැනූ සුවිසල් Automium එකට. මේ පින්තූරයේ පහළ සිටින වාහනවල ප්‍රමාණය සලකන කොට අර ආකෘතියේ විශාලත්වය අවබෝධ කරගත හැක. වර්තමානයේ මෙය බ්‍රසල්ස් නගරයේ සංකේතය ලෙස සැලකෙනවා. අපි සාම්ප්‍රාදායික පුරාණ බාර් (pub) එකකට ගොඩවුණේ සාමාන්‍යයෙන් සංචාරකයන් අනිවාර්ෙයන් ගොඩවෙන තැනක් බැවින්. එහි කෙටි ආහාරයක් හා පලතුරු යුෂ බී අපි නැවත මේ කෙටි බස් සංචාරය නිමවා වරාය වෙත පිටත්වුණේ නැවත අපේ නෞකාවට අවතීර්ණ වීමට. බෙල්ජියම ලස්සනම දියුණුම රටක්. වැසියන් හාස්යොත්පාදනයට කෑමට බීමට මෙන්ම විද්‍යාත්මක සොයාගැනීම්වලට සමත් පිරිසක්. අපි ඉක්මනින් ළඟා වුණා වරායට. නෞකාව දුටුවම දැනුණේ අපේ ගෙදර ආව වගේ. රියදුරන්ට ස්තුති කර බැස සුපුරුදු ලෙස නෞකාවේ දොරටුවෙන් ඇතුළු වනවිට නැවත අපි ස්කෑන් කරනු ලැබුවේ ආපසු පැමිණීම සටහන් කරන්න. එළියේ සීතල නැහැ නෞකාව ඇතුලේ හොඳින් උණුසුම්. 14 වැනි මහලේ අපේ කාමරයට ආවිට දැනුණේම ගෙදර ආව වගේ. දිවාහාරය තිබුණත් අපි නගරයෙන් සැහැල්ලු කෑම ගත් නිසා ඒ වෙනුවට නෞකාවේ බැල්කනියට ආවේ සිරි නැරඹීමට. බොහෝ අමුත්තන්ද එහෙමම ඇවිත් බීර ආදිය බොමින් සිටියා. මේ වෙනකොට අපි හැමවිටම දකින නිසා මිතුරු වී සිටි බොහෝ අය අතවනා සුහදශීලිත්වය දැක්වූවා. කෙමෙන් සන්ධ්‍යා භාගය පැමිණියා. විශාල දුම් බට හතරෙන් විශාල දුම්කඳක් පිටවෙන්න ගත්ත, දැවැන්ත එන්ජින් ක්‍රියාත්මක වෙනවා යන්තම් දැනෙනවා. නෞකාවේ ඉදිරිපස වම් පැත්තේ මුහුදු මට්ටමට ආසන්නව වායු බටවලින් තදින් සාගර දිය ඈතට තල්ලු කිරීමෙන් කෙමෙන් නෞකාවේ ඉදිරි පස හෙමින් අපි පිටත්ව යන දිශාවට හරවනු ලැබුවා. අපි සියලු දෙනා බැල්කනිවල දර්ශනයන් නරඹමින්.. කෙමෙන් වේගය වැඩි කරමින් නෞකාව පිටත් වුණා. එදා රාත්‍රිය කුසුම් හා මම භීතියෙන් මුසපත් කරවන දෙයක් වුණා. එනම් රාත්‍රී කෑමෙන් පසු නෞකාව ඇතුලේ නගරයේ පාගමනින් ගමන් කරද්දී එහි තිබූ සුවඳ විලවුන් සාප්පුවක පරීක්ෂා විලවුන් බෝතලයකින් (Test) අපේ කුඩා පුතු වැරදීමකින් විලවුන් ඇහැට විද ගත්තේ ඇත්තටම ඒ සාප්පුවේ සේවිකාවන්ගේ නොසැලකිල්ලෙන්. පුතා ඇස් පොඩි කරමින් වේදනාවෙන් කෑගසයි. අසාමාන්‍ය ලෙස වම් ඇස රතු වී ඉදිමී තිබුණා. මට තරහ ගොස් සේවිකාවකට බැණවැදුණ විට ඔවුන් අභ්‍යන්තර දුරකථන ඔස්සේ වහා වෛද්‍ය අංශය ඇමතුවේ සමාව ඉල්ලමින්. මම මේ නෞකා සමාගමට නඩු දානව (I Will Sue this Shipping Company) කියපු ගමන් ඔවුන් හොඳටම භ්‍රාන්ත වුණා. දියුණු රටවල දේ නඩු දානව කිව්වොත් කවුරුත් බය වෙනවා. හේතුව ඒ රටවල නීතිය ක්‍රියාත්මක නිසා. හැකි අයුරින් මම හා කුසුම් දරුවා වෛද්‍ය ආධාර ලැබෙන තුරු සනසාලන්න කළ සියලු උත්සාහයන් අසාර්ථක වුනු වෙලේ කුසුම් ද දුව ද දෙන්නම බියපත්ව හඬන්න ගත්තේ මම තවත් අසරණ කරමිනි. කෙසේ හෝ ඉක්මනින් වෛද්‍ය අංශයෙන් ට්‍රොලියක් සහිතව හෙදියන් දෙදෙනෙක් ආව. දරුවා එහි තබාගත් ඔවුන් සමඟ අපිත් ගියා. සාමාන්‍යයෙන් අපි නොයන ඇතුළු තැනකින් විශාල සෝපානයක් හරහා අපි නැවතුණේ නැවේ පහලම මාලයේ. මුහුදු මට්ටමෙන් යට තට්ටු තුනක් තියෙනව කියල මම මුලින් කිව්වා මතක ඇති. එහි තිබුණේ කුඩා රෝහලක්. දරුවා කෑ ගසද්දී වෛද්‍යවරු ඇසට ඖෂධ ඇතුළු කළේ මම දරුවා දැඩිව අල්ලාගෙන සිටියදී. තාත්තා කියමින් බියපත්ව වේදනාවෙන් හඬන දරුවා දැක මට ඇතිවුණු වේදනාව කියා නිමකළ නොහැක. විනාඩි කීපයකදී වේදනාව කෙමෙන් අඩුවෙන බවක් පෙනුණා. වෛද්‍යවරු පැවසුවේ පැයක් පමණ දරුවාගේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා රැඳී සිටින ලෙසයි. පුතාට නින්ද යාම සඳහා එන්නතක් ලබා දුන් විට ඔහු හෙමින් නිද්‍රාගත වුණේ අපිට පුදුම සහනයක් ඇතිකරමින්. වෛද්‍යවරු ඕනෑම සෑහෙන පමණ හොඳ ශල්‍යකර්මයකට පහසුකම් හා වෛද්‍ය මණ්ඩලයක් සිටින බැවින් කලබල නොවන ලෙස ඔවුන් අපට දැනුම් දී සුව පහසු අසුන් සමඟ කෝපි ආදිය සමඟ. මහා භයංකර හැන්දෑවක්. මේ වෙනවිට රාත්‍රී 9 පමණට ඇත. ඝන අඳුරේ නෞකාව වේගයෙන් ඉදිරියට ඇදේ. අපි ඉන්නේ නෞකාවේ පතුලේම. මුදු මට්ටමටත් පහළින්. කොතන හරි හිලක් හැදුණෙත් මේ තට්ටුව වතුරෙන් පිරෙන්න එතරම් වෙලා නොයයි. මට නැවත මතක් වුණේම ටයිටැනික් ඛේදවාචකය. මෙවැනි තැනක තමයි අර පාවෙන අයිස් කන්ද හැපුණේ. එයින් ආ ජල කදම්බය තමයි ඒ සුවිසල් නෞකාවත් එදා මූදුබත් කළේ. අද හැන්දෑව හරිම මුස්පේන්තුයි. ටයිටැනික් වගේ අනතුරකුත් වුණොත් යන්න ආදිය තමයි මගේ හැඟීම් වුණේ. [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_39bf8c07f9.jpg[/IMG] ඒ මුස්පේන්තු හැඟීම වැඩිකරවන දෙයක් එතැනදී තව දැක්ක. එනම් අපිට යාබදව අඳුරු පෙදෙසක තිබූ මිනී කාමරයි. දිග ලාච්චුවක් වන් ශීතකරණය ඇතුළට තල්ලු කළ හැකිවන සේ. බියපත් වූ දියණිය ඒ තත්වය ගැන වැඩියෙන් විචාරන්න ගත්තා. සාමාන්‍යයෙන් වයසක උදවිය මේ නෞකා සවාරිවලට වඩා කැමතියි. ඔවුන් සමහර වෙලාවට ස්වභාවික හේතු මත මිය යන වෙලාවලුත් තියෙනව කියල වෛද්‍යවරු පැවසුවා. දැන් මේ මිනීකාමරයේ අපි දන්නා කෙනෙක් මියගොස් තිබෙනවද කියල ඇසූ විට ඔවුන් සිනාසී කිව්වේ තවම නැහැ, එහෙම නොවේවායි ප්‍රාර්ථනා කරනවා කියලා. මීට පෙර චාරිකාවේදී වයසක දෙදෙනෙක් එසේ මියගොස් තිබුණා. වෙන වෙලාවක කියවූ සටහනකින් මේ නෞකාවේ කපිතාන්වරයාට තියෙන බලතල මම කියවල තියෙනව. ඇත්තටම සමහර බලතල පොලිස් බලතල. මෙවැනි මුහුද මැද මරණයකදී කපිතාන්වරයාගේ සහතික කිරීම් බලධාරීන් පිළිගන්නවා. සාමාන්‍යයෙන් ගුවන් යානයක කපිතාන්වරයාටත් ඉහළ අහසේදී මෙවැනි බලතල තියෙනවා. සමහර විට අත්අඩංගුවට ගැනීමට වගේ. මෙතන ගත කළ පැයකට වඩා වැඩි කාලයේදී වෛද්‍යවරු හා සේවක මණ්ඩලය අපිට බොහෝ සුහද වුණා. පුතා සුවසේ නිදි. වරින් වර වෛද්‍යවරු ඔහු පරීක්ෂා කරමින්. මේක ආරංචි වී අපේ සහායක කෙවින් ද දිව ආවා. අර සාප්පුවේ දෙන්නෙකුත් ආව නැවත සමාව ඉල්ලන්න. මගේ තිබූ කේන්තිය, අවිනිශ්චිත බව කෙමෙන් පහව ගොස්. කුසුම්ගේ නම් බියපත් බව සෑහෙන වෙලා තිබුණ. අපි පුතා එක්ක යන්න පුළුවන් තරම් සුවයි කියල වෛද්‍යවරු දීර්ඝ නිරීක්ෂණවලට පසු අපිට දැනුම් දුන්න. ඔවුන් තවත් වේදනානාශක ලබාදී සුළු හරි තත්ත්වය වෙනසක් වුණොත් අමතන්න, අපි ඉක්මනට ඔයාලගේ කාමරයට එන්නම් කියමින් අපිට සමු දුන්න. නිදාගෙන සිටි පුතා වඩාගෙන කාමරයට යනකල්ම අරන් ගියේ කෙවින්. මේ වෙනකොට අපි නෞකාවේ බොහෝ දෙනා හඳුනාගෙන අවසන්. තමන්ගේ ගම වගේ තත්ත්වයක්. අපි වෙන කොහෙවත් නොගොස් කලින් නිදාගත්තේ පුතාට ආයෙත් බෙහෙත් පොවලා. නෞකාව වේගයෙන් කෑලි කපන අඳුරේ ඉදිරියට ඇදෙමින් පුරා දවස් දෙකක් අපි මහා සාගරයේම ගත කරන්න නියමිතයි. දැන්.. එහිදී නෞකාවේ තවත් නරඹන්නට නොහැකිවූ තැන්. පුතාගේ අනතුර අසා කපිතාන්වරයා අපේ කාමරයට විශේෂ පණිවුඩයක් එක්ක ආ සුරූපී ලේකම්වරිය. නාන තටාකයේදී එක්වරම නෞකාව ගැස්සීමකදී වතුර එළියට විසි වී මා තටාකයේ බිත්තිවල නොහැප්පී බේරුණ හැටි. උදෑසන නැව වටේ ව්‍යායාමයට දිවීම.. සහිතව ඊළඟ කොටසින්. අපි බටහිර යුරෝපයේ සමෘද්ධිමත් ඩෙන්මාර්කයට තමයි ඊළඟට පා තබන්න නියමිත. විජිත බණ්ඩාර හේරත් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom