Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුපිරි නෞකාවකින් යුරෝපයේ සවාරියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුපිරි නෞකාවකින් යුරෝපයේ සවාරියක්

සුපිරි නෞකාවකින් යුරෝපයේ සවාරියක්

රටකින් රටකට

2013 වසර මගේ බොහෝ කල් තිබූ සිහින 3ක්ම සැබෑ වුණු වසරක්. ඒ ඊජිප්තුවට, කියුබාවට කළ සංචාරය හා බහුදින සුඛෝපභෝගී Cruise නැවක සංචාරයක්. මේ තුනෙන්ම, නාවුක සංචාරය විශේෂයෙන් සිත් ගත්ත. ඒ ගැනයි මේ සටහන.

මේ ගමන දින 9ක්. පිටත් වුණේ ඊට අවුරුදු 100කට පෙර ටයිටැනික් පිටත් වුණු එංගලන්තයේ London South Hampton වරායෙන්මයි.

ගමන් මාර්ගය වුණේ ස්කැන්ඩිනේවියාව ආශ්රිත උතුරු මුහුද (North Sea). මේ නිවාඩුව වෙනස්, නිවාඩුවේ ප්‍රධාන ඉලක්කය බහු දින මුහුදු අත්දැකීම මිස රටවල් දැක බලා ගැනීම නොවෙයි.

එක රටක නෞකාව නවතා දිනක් පමණ ඒ ඒ රටේ වරාය අසල ප්‍රධාන නගරය දැක බලා ගන්න කැමති අයට නෞකාවෙන් බැස සංචාරය කිරීම සඳහා සුඛෝපභෝගී බස්රථ professional guides ලා සමඟ ලැබේ.

කම්මැලි නම් නැවේම සිටිය හැක. බොහෝ වයසක සංචාරකයන් නෞකාවට ම වී සිටීම ප්‍රියකරයි. නෞකාව තරු පහේ හෝටලයකි.

නවතින අයට නෞකාව ඇතුළත විනෝදාස්වාදය ලබාගත හැකි නාට්‍ය, සර්කස් සංදර්ශන, ලෝක පූජිත චිත්‍රපටි ආදියට පහසුකම සලසා ඇත.

සිය ගණනක් වූ භෝජනාගාරවලත් කිසිම අය කිරීමක් නැත. සියල්ල මුලින් අපි ගෙවන ටිකට්ටුවලට අඩංගු කර ඇත.

අය කිරීමක් කෙරෙන්නේ නෞකාව ඇතුලේම ඇති වීදිවල සාප්පු සවාරිවලදී මිල දී ගන්නා අමතර ඇඳුම්, ආභරණ හා නානාවිධ විච්චූරණ ආදියට පමණි. නෞකාව නවීන සුවිසල් නගරයක් වැනි බව මෙයින් තේරෙනු ඇත. සාප්පුවලදීත් කරේ ඇති ID Card එක තමයි දික්කරන්න තියෙන්නේ. කිසිම ගෙවීමේ පෝලිමක් නැත. සියලු අය කිරීම් එයට සම්බන්ධ කර ඇති ණයට කහින පත්‍රයෙන් (Credit Card) ක්ෂණිකව ගෙවේ. ගෙදර ගියාම තමයි සීලිමේ වදින්නේ. දැනට ප්‍රශ්නයක් නැත!

සංචාරය කිරීමට නියමිත රටවල් 4කි, පිළිවෙළින්

බෙල්ජියම (බ්‍රසල්ස් අගනුවර),

ඩෙන්මාර්කය (කෝපන්හේගන් අගනුවර)

ස්වීඩනය (හෙල්සිම්බර්ග් වරාය)

නොර්වේ (ඔස්ලෝ අගනුවර).

මේවා ප්‍රබල සංස්කෘතිකමය හා නාවුක ඉතිහාසයක් සහිත ලොව දියුණුතම හා සමෘද්ධිමත්ම රාජ්‍යයන්.

වෙනත් නිවාඩු මෙන් නොව ඇත්තටම නිවාඩුව ඇත්තේ නෞකාවේ ම ය. එය මුහුදේ ගමන් කරද්දීමය. වෙනස ඒකයි. කාලෙකින් යන ප්‍රියජනක සංචාරයක් බැවින් මං එයට බිරිඳ කුමාරිත්, එවකට දස හැවිරිදි දියණියත්, සය හැවිරිදි පුතාත් එක්කර ගත්ත.

අපේ උතුරු ලන්ඩනයේ නිවසේ සිට මේ London South Hampton වරායට මහා මාර්ගයේ ගමන පැය 2ක්. නෞකා සමාගම අපට වරාය වෙත යාම සඳහා ඉතා හොඳ රථයක් ඒවා තිබුණා. නෞකාව පිටත්වීමට පැය දෙකකට කලින් වරායට ළඟාවීමට සිතුවත්, වරායට පැයකට පමණ කලින් සිට මාර්ගයේ පුදුමාකාර වාහන තදබදයක් තිබුණා.

හේතුව විශාල නෞකා 5ක් එකවිටම වගේ පිටත්වීමට නියමිතව තිබූ බැවින්. මේවා එකක මගීන් 3000-4000ක් පමණ ගමන් ගන්නා සුවිසල් නෞකාවන්. ඒ කියන්නේ නෞකා පහේ මගින් 15,000ක්. ඔවුන් ගෙනත් දැමීමට අඩුම ගණනේ වාහන 5,000-6,000ක්! එහෙමයි ක්ෂණික වාහන තදබදයක් ඇති වුණේ.

වාසනාවට අපේ එක් වාහනයක් පැදවූ බ්‍රිතාන්‍ය ජාතික රියැදුරා South Hampton වරාය ප්‍රදේශයේ වැසියෙක්, උපතේ සිටම. (ඔහුගේ ආදී නෑදෑයන් කිහිපදෙනෙකුම ටයිටැනික් ඛේදවාචකයේ ගොදුරු වූ බව පැවසුවා. මෙය හරි විය යුතුයි. හේතුව ඇමරිකාව බලා යාමට ටයිටැනික් හි ගමන් ගත් වැඩි පිරිසක් South Hampton වැසියන් වීම).

මෙතන තිබූ ටයිටැනික් කෞතුකාගාරයේ ඒ පිළිබඳ බොහෝ විස්තර තිබුණ. නමුත් බ්‍රිතාන්‍යයේ සියලු නිල වාර්තා 100% ක් නිරවද්‍යය. නමුත් මේ රියැදුරා ඒ නෑදෑයන් අහලා මිස දැකලාවත් නැත. ඔහුගේ මෙහෙයවීම මත වාහනය අතුරු පාරවල්වලින් යමින් වරාය වෙත ළඟා වූයේ නියමිත වෙලාවටත් කලින්. ඔවුන් පිටත් වීමේ පර්යන්තය වෙතට ම රථය ධාවනය කිරීමට සමත් වුණා. ඔහුට දුන්න ටිප් එකද කාරුණිකව ප්‍රතික්ෂේප කළා. හරිම විනීත පුද්ගලයෙක් ඔහු.

පිටත්ව යාමට නියමිත නෞකා පහෙන් ඉදිරියෙන්ම තිබුණේ තට්ටු 15ක් සහිත අපේ දැවැන්ත නෞකාව. මුහුදේ වතුර මට්ටමින් යටත් තට්ටු 4ක්. නිදන කාමර 1800ක්. අපේ රටේ හිල්ටන් හෝටලයේත් තිබෙන්නේ කාමර 300ක්. හිතන්න පුළුවන් නේද නෞකාවේ පරිමාව. මෙහි කාර්ය මණ්ඩලයම 1300ක්.!

නෞකාවට මගීන් ඇතුළත් කරන ක්‍රමවේදය (check-in process) ගුවන් ගමන්වලට වඩා වෙනස්. ගුවන් යානයකට ගොඩවෙන ගණන සාමාන්‍යයෙන් 300-400ක්. මේ නෞකාවට ගොඩ වෙන ගණන 3500ක්. මේ නිසා දැවැන්ත පර්යන්තයේ check-in පෝලිම ඉතා දිගයි. නමුත් පෝලිම දිගේ Tab/portable scanners ඇතිව පැමිණි නිලධාරීන් පුදුමා කාර වේගයෙන් අපව check-in කළේ. ඔවුන් වෙත අපේ සියලු විස්තර තිබුණා.

අපේ බෑග් 3 පෝටරයෙක් අරන් අතුරුදන් වුණේ අප අන්දුන්කුන්දුන් කරමින්. ගුවන් තොටවල් කෙතරම් අකාර්යක්ෂමද කියල හිතුණ.

අපේ ඡායාරූප සහිත හැඳුනුම්පතක් ඒ වෙනකොටත් නිකුත් කොට තිබුණා. සිනාමුසු නිලධාරීන් ඒ ID Card අපෙ බෙල්ලේ පළඳවා අප නෞකාව වෙත කැඳවා ගෙන යන්නට එතරම් වෙලා ගියේ නැහැ.

එය දැවැන්තම නෞකාවක්. මං කලින් දැකල තිබුණෙත් නැහැ මෙවැනි විශාල නෞකාවන් චිත්‍රපටිවල හැරෙන්න. ඔල්මාදෙන් එහෙ මෙෙහ ගිය අප පොඩි පොඩි කණුවල හැපුණේ කට අැරගෙන උඩ බලාගෙන ගිය නිසා. නැව එතරම් විශාලයි. ලංකාවේ නම් කොළඹ ගලදාරි හෝටලය වගේ දෙකක් විතර සයිස් එක. මේක හදන්න මොනතරම් වියදමක් යන්න ඇතිද, කෙතරම් කාර්මික ඥානයක් යෙදවෙන්න ඇත්ද හිතුණ. මේ දැවැන්ත යන්ත්‍රය මූදේ ගිලෙන්න නැතිව යන්නේ කොහොමදත් හිතුණ.

නෞකාවේ පහළින්ම වරායේ පොළොවේ සිමෙන්ති වේදිකාවට සම උසින් ඇතුළුවන දොරටුව තිබුණ. එයට ඇතුළුවීමට සරසන ලද කුඩා පාලමක් තිබුණ. පාලමට ඇතුළුවන තැන හොඳින් සැරසුණු මේ නෞකාව අයත් බ්‍රිතාන්‍ය ජාතික Princess Cruises සමාගමේ පිළිගැනීමේ නිලධාරිනියන් දෙදෙනෙක් සිනාමුසුව අප පාලම දිගේ නෞකාවට යොමු කළා. මෙහිදී කිසිම ලිපි ලේඛනයක් භාවිත වුණේ නැහැ, එකම ලියවිල්ල තමයි අපේ කරේ පැළඳි ඔවුන් විසින් නිකුත් කර තිබූ ID Card එක.

අප පිටුපසින් දහස් ගණනක නමුත් ඉතා හොඳින් ඉදිරියට යැවෙන පෝලිමක්, අප සමඟම නෞකාවට ඇතුළුවීමට සෙමෙන් නෞකාවට ඇතුළු වුණ සැණින් එය තරු පහේ හෝටලයක් බව දැනෙන්න වෙලා ගියේ නැහැ. යන්තම් එරෙන තත්ත්වේ කාපට්, එළියේ සීතල වෙනුවට උණුසුම් බව වහාම දැනුණ. සුමුදු බටහිර සංගීතය කොහෙන් එනවද හොයන්න බැහැ.

එතන හෝටලයක මෙන් පිළිගැනීමේ කවුන්ටරයේ සිටි තවත් පිළිගැනීමේ නිලධාරිනියන් දෙදෙනෙක් අතේ ගෙන යන කුඩා ස්කෑනරයක ලේසර් කිරණ හරහා අපේ ID Card විද්යුත්ව සටහන් කළේ අප හතර දෙනා නෞකාවට ඇතුළු වූ බවයි. ඔවුන් අපව ඔබ්බෙන් පිහිටි අලංකාර විදුලි සෝපානයට 4කට අප යොමු කළා. ඉන් එකක නැගී අපි 4 දෙනා අපේ cabin එක පිහිටි 14 වැනි තට්ටුවට ළඟා වුණේ විනාඩි කිහිපයකින්, මේ ඉන්නේ නැවක බවත් අමතක කරමින්.

අපේ කාමරයට යන කොරිඩෝව කි.මි. භාගයක්වත් ඇති. මෙහි කාර්ය මණ්ඩලයේ බොහෝ පිලිපීන ජාතිකයන් සිටිය. පිලිපීනුවන් ලොව පුරා ප්‍රසිද්ධයි ඔවුන්ගේ විනීත භාවයට, විශේෂයෙන් හෝටල් කර්මාන්තයේදී.

අපේ කාමරයට වෙත ඔවුන් අපව ඉක්මනින් කැඳවා ගෙන ගියා. දොර ළඟ තිබුණ පෝටරය ඉස්සරලා අරන් අතුරුදන් වුණ අපේ බෑග් 3. දොරේ යතුර තමයි අපේ ID Card!. ඒකෙන් දොර හැර අප ඇතුළු වූයේ සුවිසල් සම්පූර්ණ ඈතින් වීදුරු තුළින් එළිය හොඳින් පෙනෙන බැල්කනියක් සහිත suite room එකකට. එය ලස්සන කාපට් සහිත තරු පහේ family suite room එකක්.

යන්තම් ඇහෙන බටහිර සංගීතය ඇසුණා, එහි තිබූ කුඩා Bose speakers මඟින්. විශාල සුඛෝපභෝගී සයනයන් දෙකක්, කුඩා ශීතකරණයක්, තේ/කෝපි පහසුකම, විශාල flat screen TV දෙකක්. ලියන මේසයක්, සුවපහසු සෝෆා සහිත ආලින්දයක් එහි තිබුණා. (එය හරහා තමයි බැල්කනියට යන්නේ).

විශාල එහා මෙහා කළ හැකි වීදුරු දොරකින් ආලින්දය සුව පහසු දිවාන් විදියේ පුටු 4ක් සහිත බැල්කනියකට විවෘත වුණා. එහි සිට මහා සාගරය තමයි දර්ශනය (view) මනරම් ම දසුනක්. යුරෝපීය සුඛෝපභෝගී බවේ උපරිමය විඳගන්න බිරිඳයි දරුවන් දෙදෙනායි එකතුවීම පිළිබඳ මට ඇති වූයේ සතුටක්.

දරුවන් දෙදෙනා සුවිසල් සයනයන් මත පිනුම් ගසන්න පටන් ගත්තේ කුමාරි බෑග්වල තිබූ ඇඳුම් කැඩුම් එකින් එක ගෙන විශාල අල්මාරියේ හා බාත්රූම් එකේ අසුරන්න පටන් ගත් අතරයි. දින 9ක් ජීවත් වෙන්නේ මෙතන නේ. කුමාරි ඒ කාලයට අවශ්‍ය සියල්ල ගෙනවිත් තිබුණේ මේ බෑග් තුනේ. විශේෂ උත්සව ඇඳුම් ද, විශේෂ රාත්‍රී භෝජන ඇඳුම්ද අයත් වුණේ මේ නැව් සමාගමෙන් කළ පූර්ව දැනුම් දීම් අනුව.

වෙනත් නිවාඩු පටන් ගන්නේ ඒ ගමනාන්තයට ළඟා වූ පසුවයි. නමුත් මේ නවමු අත්දැකීමේ අපේ ගමනාන්තය මේ නෞකාවමයි. ඒ කියන්නේ දැනටමත් නිවාඩුව පටන් අරන් තව ටිකකින් නෞකාවේ සිනමා ශාලා තුනේ හා නෘත්‍ය ශාලාවේ පැවැත්වීමට නියමිත අත්‍යවශ්‍ය ආරක්ෂක උපදෙස් පන්තියට යා යුතුය. කාමරයේ ඇති speakers මඟින් සියලුම මඟින් ඇතුළු වූ බවත් security briefing එකට වෙන්කළ ස්ථාන කරා යන ලෙස අපට දැනුම් දුන් පරිදි අපට අදාළ නෘත්‍ය ශාලාවේ ආරක්ෂක උපදෙස් පන්තියට ගියා.

එය විශාල ශාලාවක්, පහළ තට්ටුවක තිබුණේ. දහසකට වගේ ආසන සියල්ල පිරී තිබුණ මේ අත්‍යවශ්‍ය ආරක්ෂක උපදෙස් පන්තියට.

ටයිටැනික්වලට පසුව නාවුක මගී ආරක්ෂාව කෙතරම් ඉහළ ප්‍රමිතියකට ගෙන ඇත්ද යන්න මෙහිදී අපට තේරුණා. එතැනත් අප ඇතුළු කළේ විද්යුත්ව ID Card සටහන් කර ගෙන. එනම් මෙයට සහභාගී නොවන මඟින් පිළිබඳ දැනුම්වත්වීමට. මෙතනට නම් නම් කළ සියලු දෙනා ඇවිත් බව දැනගන්න ලැබුණ.

උපදෙස් පටන් ගත්තෙන් ටයිටැනික් මෙන් වර්තමානයේ තාක්ෂණය ඉතා දියුණු බැවින් කිසිම විධියකින් එවැන්නක් සිදුවිය නොහැකි බව කියමින්. ඒ විස්තරයන් කෙටියෙන් කිව්වොත්, හදිසි තත්ත්වයකදී කාමරේ ඇති ජලයේ පාවිය හැකි ජැකට්ටු හැඳ ඒ ඒ මඟියා වහාම යා යුතු අදාළ නෞකාවෙන් පිටවීමේ ස්ථානයන් දැනුම් දුන්න. අන්තිම දැනුම් දීමකින් මිස කිසිම විධියකින් මුහුදට නොපනින ලෙසත්, සියලු දෙනාට දින කිහිපයකට කළමනා සහිත ආරක්ෂක බෝට්ටු වෙන්කර තිබෙන බවත් දැනුම් දුන්නා.

මේ briefing එක විනාඩි 45ක් වගේ පැවතුණා. (ගුවන් යානයක නම් මෙය විනාඩි 4-5කට වඩා නැහැ. ගුවන් අනතුරකදී වැඩි බලාපොරොත්තු නැති නිසාද මන්ද) අමතරව අපේ නෞකාවේ ගමන් මාර්ගය සැටලයිට් මගින් මූලස්ථානය අධීක්ෂණය කරන බවත්, කෙටි කාලයකදී හදිසියකදී එකිනෙකාට උදව්වට ඒමට හැකි පරිදි ඈත නොවන ගමන් මාර්ගයක සියලු නෞකා ගමන් ගන්නේ සැලසුම් සහගතව බවත් කියවුණා.

මෙයින් පසුව අපි 4 දෙනාම නැවත අපේ කාමරයට ආව. එළියේ ශීතල. කාමරය හොඳින් උණුසුම් කර ඇත. බැල්කනියත් සීතලයි.

උණුසුම් ඇඳුම් ඇඳගෙන අපි බැල්කනියට ආවම දැක්ක සිය ගණන් තව බැල්කනිවලට ඔක්කොම ඇවිත් ඉන්න බව. වෙලාව උදේ 10.30ට ළඟයි. 11ට තමයි නෞකාව පිටත් වෙන්න නියමිත. අපි සියලු දෙනාගේ පළමු නාවුක ගමන හරිම exiting විශේෂයෙන් දරුවන් දෙන්නට.

අපි ඒ වෙලාව වෙන කල් කෝපි හදාගෙන බැල්කනියේ වාඩි වුණේ සැහැල්ලුව. අනෙක් බැල්කනිවල අයත් එහෙම සැහැල්ලුව හිටිය.

සමහරු උදේ කියල බලන්නැතිව බීර තොල ගාන්න පටන් අරන්. අපේ පොඩි පුතා සමහරුන්ට අත වැනුවම ඔවුනුත් සිනාමුසුව අත වනනවා දැක්ක.

කෙමෙන් 11ට ළං වුණා. කෙමෙන් එන්ජින් ක්‍රියාත්මක වෙනවා දැනුණා. මේ ගමක් වැනි යන්ත්‍රය මෙතරම් බරක් දරාගෙන ඉදිරියට තල්ලු කිරීමට කෙතරම් අශ්වබල ප්‍රමාණයක් අවශ්‍යද හිතා ගන්නත් බැහැ. කාමරේ රුපවාහිනීවලින් නෞකාවේ විවිධ කෝණවලින් සජීවී දර්ශන පටන් ගත්ත, වරින් වර නැවේ ඉදිරියෙන් ම පිහිටි ඉතා දැවැන්ත නියමු කුටියේ දර්ශන ආදියත් එක්ක. ඔවුන් බොහෝ කාර්ය බහුලව සිටිනු දුටුවා.

මෙ විශාල නෞකාවේ අණ දෙන නිලධාරියා වූයේ බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ඔහු වයස 40 ගණන්වල අග ඉන්න ඇති කියල හිතෙනවා. ඔහු අතේ තමයි මේ සියලු වගකීම, 3500ක් වන අපේ ජීවිත 1300ක් වන සේවක මණ්ඩලයේ ජීවිත ආදියත් එක්ක. මේ පුද්ගලයා කෙතරම් ඉහළ වත්තියමය නිපුණතාවක් ඇති පුද්ගලයෙක් කියල හිතා ගන්නවත් අමාරුයි. ඔහුගේ කෙලින්ම පාලනයෙන් බැහැරව තිබුණේ හෝටල කළමනා කරන අංශය පමණයි. නමුත් එහි ප්‍රධානියා (Hotel Director) ද සිටියේ කපිතාන්වරයාගේ අධීක්ෂණය යටතේ.

උදේ 11ට ළං වෙමින්.... දැන් නම් නෞකාවේ සියලුම යන්ත්‍ර උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන බව අපිට දැනුණ. යන්තම්. පොළොව කම්පනය වනවා වගේ. බැල්කනියේ සිට උඩ බැලුවම දැවැන්ත දුම්බට දුම් දහරාවන් විදිමින් තිබුණ. හරියටම 11ට නෞකාව සෙමෙන් වරායේ වේදිකාවෙන් ඉවතට සෙමෙන් ඇදී යන්න පටන් ගත්ත. British timing!

කුමක් හෝ සිරිතක් ද මන්ද පිටත් වෙන විට බ්රැ.....ම් වැනි හඬකින් නෞකාවේ හෝන් එක දෙවරක් වැදුණ. අනෙක් නෞකා ද එවැනිම හඬකින් හෝන් නාද කළා. සමහර විට කාලයක් තිස්සේ පවතින නාවුක ආචාරශීලී සිරිතක් වෙන්න පුළුවන්. බ්‍රිතාන්‍ය ජාතික කොඩිය, නෞකාවේ කොඩිය ඇතුළු සියලුම ධජයන් නෞකාවේ උඩ දැඩි සුළඟට වේගයෙන් ලෙළ දෙමින් තිබුණා. නෞකාව කෙමෙන් කෙමෙන් වේගය වැඩි කර ගන්නවා අපිට දැනුණා. තවමත් නෞකාව ගමන් කළේ වෙරළට එතරම් දුරින් නොවේ. එහි වගා බිම් හා දැවැන්ත මන්දිරද දර්ශනය වුණා.

අවු: 100කට පෙර අවසන් ගමන පිටත් වුණු ටයිටැනික් පිටත් වෙන්න ඇත්තෙත් මේ විධියට වෙන්න ඕනි හිතුණ. ඔවුන් ගමන් ගත් අත්ලාන්තික් සාගරය ළඟින් ම අපි ගමන් කරනව මේ චාරිකාවේදී. අපේ දියණිය රූපවාහිනියෙන් දැකලා අපිට කිව්වේ නැවේ උඩම තට්ටුවේ මහා උත්සවයක් කියල. ඇත්තටම අපිටත් මේක අමතක වුණා. එදා බ්‍රිතාන්‍ය මහරැජිනගේ මෞලි මංගල්‍ය සංවත්සරය.

එහි උඩ තට්ටුව බ්‍රිතාන්‍ය ධජවලින් සරසා එහි තිබූ චිත්‍රපටි තිරයක් වන් සුවිසාල රුපවාහිනියේ සංවත්සර උත්සවය සජීවීව විකාශනය කරමින් තිබුණා. සියලු දෙනාට කුඩා බ්‍රිතාන්‍ය ධජ හා තොප්පි, ෂම්පෙන් හා අනෙක් බීමද කාර්ය මණ්ඩලය විසින් නොමිලේ පිරිනමමින් තිබුණ. අක්කාගේ ඉල්ලීම්වලට ඔහේ අන්ධ භක්තිකව පොහොර දාන මල්ලි ගේත් ඉල්ලීම මත අපි ඉහළම තට්ටුවට ගියා.

ඇත්තටම ආවට පස්සේ තමයි ආව එක හොඳයි හිතුණේ. සියලු දෙනා උපරිමයෙන් විනෝද වෙමින් සිටිය. උඩ සිට ලස්සනම දර්ශන.

අපගේ පළමු ගමනාන්තය වන නොර්වේ වෙත යාමට කෙමෙන් අපි ගැඹුරු මුහුද වෙත අවතීර්ණ වෙමින් සිටින බව අවබෝධ වුණා. වේගයත් සෑහෙන්න වැඩි වී තිබුණ. දැඩි සුළං ආදිය නිසාවෙන් ඔක්කොම කෙමෙන් කෙමෙන් කට්ටිය කාමරවලට චුත වෙන්න ගත්ත. අපිත් ආව.

බැල්කනියේ දැඩි සුළං. සැහැල්ලු ඇඳුම්වලට මාරු වී කාමරය ඇතුළට වී සිටියේ ටිකකින් සූදානම් වන දිවා ආහාරය ගැනීමට. රාත්‍රියේ 7ට පූර්ණ ඇඳුම් සහිතව පිටත්වීමේ ප්‍රිය සම්භාෂණය වෙත යාමට නියමිතයි. එතන තිබුණේ පුදුමාකාර උත්කර්ෂවත් බවක්.

දැඩි අඳුරේ ආලෝකමත්ව මුහුද මැද වේගයෙන් ගමන් කරන සුවිසල් නෞකාවේ ආහ්ලාදය...

නෞකාව ගමන් ගනිද්දිම රාත්‍රියේ පැවැත්වූ පිටත් වීමේ සම්භාෂණය, ප්‍රථම ගමනාන්තය බෙල්ජියමේ සුප්‍රකට බ්‍රසල්ස් නුවර, රාත්‍රියේ බ්‍රසල්ස් වරායට සේන්දු වීම, රාත්‍රියේ නෞකාවේ ගත කිරීම, එහි විනෝදාශ්වාදය සඳහා සංවිධානය කර තිබු දේවල්. බෙල්ජියම ගැන කෙටි විස්තරයක් ඊළඟ කොටස සමඟ.

විජිත බණ්ඩාර හේරත්

[QUOTE="rolecoaster, post: 24624121, member: 57087"] [b]සුපිරි නෞකාවකින් යුරෝපයේ සවාරියක්[/b] [SIZE="4"] සුපිරි නෞකාවකින් යුරෝපයේ සවාරියක් රටකින් රටකට [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_33f6fb5d65.jpg[/IMG] 2013 වසර මගේ බොහෝ කල් තිබූ සිහින 3ක්ම සැබෑ වුණු වසරක්. ඒ ඊජිප්තුවට, කියුබාවට කළ සංචාරය හා බහුදින සුඛෝපභෝගී Cruise නැවක සංචාරයක්. මේ තුනෙන්ම, නාවුක සංචාරය විශේෂයෙන් සිත් ගත්ත. ඒ ගැනයි මේ සටහන. මේ ගමන දින 9ක්. පිටත් වුණේ ඊට අවුරුදු 100කට පෙර ටයිටැනික් පිටත් වුණු එංගලන්තයේ London South Hampton වරායෙන්මයි. ගමන් මාර්ගය වුණේ ස්කැන්ඩිනේවියාව ආශ්රිත උතුරු මුහුද (North Sea). මේ නිවාඩුව වෙනස්, නිවාඩුවේ ප්‍රධාන ඉලක්කය බහු දින මුහුදු අත්දැකීම මිස රටවල් දැක බලා ගැනීම නොවෙයි. එක රටක නෞකාව නවතා දිනක් පමණ ඒ ඒ රටේ වරාය අසල ප්‍රධාන නගරය දැක බලා ගන්න කැමති අයට නෞකාවෙන් බැස සංචාරය කිරීම සඳහා සුඛෝපභෝගී බස්රථ professional guides ලා සමඟ ලැබේ. කම්මැලි නම් නැවේම සිටිය හැක. බොහෝ වයසක සංචාරකයන් නෞකාවට ම වී සිටීම ප්‍රියකරයි. නෞකාව තරු පහේ හෝටලයකි. නවතින අයට නෞකාව ඇතුළත විනෝදාස්වාදය ලබාගත හැකි නාට්‍ය, සර්කස් සංදර්ශන, ලෝක පූජිත චිත්‍රපටි ආදියට පහසුකම සලසා ඇත. සිය ගණනක් වූ භෝජනාගාරවලත් කිසිම අය කිරීමක් නැත. සියල්ල මුලින් අපි ගෙවන ටිකට්ටුවලට අඩංගු කර ඇත. අය කිරීමක් කෙරෙන්නේ නෞකාව ඇතුලේම ඇති වීදිවල සාප්පු සවාරිවලදී මිල දී ගන්නා අමතර ඇඳුම්, ආභරණ හා නානාවිධ විච්චූරණ ආදියට පමණි. නෞකාව නවීන සුවිසල් නගරයක් වැනි බව මෙයින් තේරෙනු ඇත. සාප්පුවලදීත් කරේ ඇති ID Card එක තමයි දික්කරන්න තියෙන්නේ. කිසිම ගෙවීමේ පෝලිමක් නැත. සියලු අය කිරීම් එයට සම්බන්ධ කර ඇති ණයට කහින පත්‍රයෙන් (Credit Card) ක්ෂණිකව ගෙවේ. ගෙදර ගියාම තමයි සීලිමේ වදින්නේ. දැනට ප්‍රශ්නයක් නැත! සංචාරය කිරීමට නියමිත රටවල් 4කි, පිළිවෙළින් බෙල්ජියම (බ්‍රසල්ස් අගනුවර), ඩෙන්මාර්කය (කෝපන්හේගන් අගනුවර) ස්වීඩනය (හෙල්සිම්බර්ග් වරාය) නොර්වේ (ඔස්ලෝ අගනුවර). මේවා ප්‍රබල සංස්කෘතිකමය හා නාවුක ඉතිහාසයක් සහිත ලොව දියුණුතම හා සමෘද්ධිමත්ම රාජ්‍යයන්. වෙනත් නිවාඩු මෙන් නොව ඇත්තටම නිවාඩුව ඇත්තේ නෞකාවේ ම ය. එය මුහුදේ ගමන් කරද්දීමය. වෙනස ඒකයි. කාලෙකින් යන ප්‍රියජනක සංචාරයක් බැවින් මං එයට බිරිඳ කුමාරිත්, එවකට දස හැවිරිදි දියණියත්, සය හැවිරිදි පුතාත් එක්කර ගත්ත. අපේ උතුරු ලන්ඩනයේ නිවසේ සිට මේ London South Hampton වරායට මහා මාර්ගයේ ගමන පැය 2ක්. නෞකා සමාගම අපට වරාය වෙත යාම සඳහා ඉතා හොඳ රථයක් ඒවා තිබුණා. නෞකාව පිටත්වීමට පැය දෙකකට කලින් වරායට ළඟාවීමට සිතුවත්, වරායට පැයකට පමණ කලින් සිට මාර්ගයේ පුදුමාකාර වාහන තදබදයක් තිබුණා. හේතුව විශාල නෞකා 5ක් එකවිටම වගේ පිටත්වීමට නියමිතව තිබූ බැවින්. මේවා එකක මගීන් 3000-4000ක් පමණ ගමන් ගන්නා සුවිසල් නෞකාවන්. ඒ කියන්නේ නෞකා පහේ මගින් 15,000ක්. ඔවුන් ගෙනත් දැමීමට අඩුම ගණනේ වාහන 5,000-6,000ක්! එහෙමයි ක්ෂණික වාහන තදබදයක් ඇති වුණේ. වාසනාවට අපේ එක් වාහනයක් පැදවූ බ්‍රිතාන්‍ය ජාතික රියැදුරා South Hampton වරාය ප්‍රදේශයේ වැසියෙක්, උපතේ සිටම. (ඔහුගේ ආදී නෑදෑයන් කිහිපදෙනෙකුම ටයිටැනික් ඛේදවාචකයේ ගොදුරු වූ බව පැවසුවා. මෙය හරි විය යුතුයි. හේතුව ඇමරිකාව බලා යාමට ටයිටැනික් හි ගමන් ගත් වැඩි පිරිසක් South Hampton වැසියන් වීම). මෙතන තිබූ ටයිටැනික් කෞතුකාගාරයේ ඒ පිළිබඳ බොහෝ විස්තර තිබුණ. නමුත් බ්‍රිතාන්‍යයේ සියලු නිල වාර්තා 100% ක් නිරවද්‍යය. නමුත් මේ රියැදුරා ඒ නෑදෑයන් අහලා මිස දැකලාවත් නැත. ඔහුගේ මෙහෙයවීම මත වාහනය අතුරු පාරවල්වලින් යමින් වරාය වෙත ළඟා වූයේ නියමිත වෙලාවටත් කලින්. ඔවුන් පිටත් වීමේ පර්යන්තය වෙතට ම රථය ධාවනය කිරීමට සමත් වුණා. ඔහුට දුන්න ටිප් එකද කාරුණිකව ප්‍රතික්ෂේප කළා. හරිම විනීත පුද්ගලයෙක් ඔහු. පිටත්ව යාමට නියමිත නෞකා පහෙන් ඉදිරියෙන්ම තිබුණේ තට්ටු 15ක් සහිත අපේ දැවැන්ත නෞකාව. මුහුදේ වතුර මට්ටමින් යටත් තට්ටු 4ක්. නිදන කාමර 1800ක්. අපේ රටේ හිල්ටන් හෝටලයේත් තිබෙන්නේ කාමර 300ක්. හිතන්න පුළුවන් නේද නෞකාවේ පරිමාව. මෙහි කාර්ය මණ්ඩලයම 1300ක්.! නෞකාවට මගීන් ඇතුළත් කරන ක්‍රමවේදය (check-in process) ගුවන් ගමන්වලට වඩා වෙනස්. ගුවන් යානයකට ගොඩවෙන ගණන සාමාන්‍යයෙන් 300-400ක්. මේ නෞකාවට ගොඩ වෙන ගණන 3500ක්. මේ නිසා දැවැන්ත පර්යන්තයේ check-in පෝලිම ඉතා දිගයි. නමුත් පෝලිම දිගේ Tab/portable scanners ඇතිව පැමිණි නිලධාරීන් පුදුමා කාර වේගයෙන් අපව check-in කළේ. ඔවුන් වෙත අපේ සියලු විස්තර තිබුණා. අපේ බෑග් 3 පෝටරයෙක් අරන් අතුරුදන් වුණේ අප අන්දුන්කුන්දුන් කරමින්. ගුවන් තොටවල් කෙතරම් අකාර්යක්ෂමද කියල හිතුණ. අපේ ඡායාරූප සහිත හැඳුනුම්පතක් ඒ වෙනකොටත් නිකුත් කොට තිබුණා. සිනාමුසු නිලධාරීන් ඒ ID Card අපෙ බෙල්ලේ පළඳවා අප නෞකාව වෙත කැඳවා ගෙන යන්නට එතරම් වෙලා ගියේ නැහැ. එය දැවැන්තම නෞකාවක්. මං කලින් දැකල තිබුණෙත් නැහැ මෙවැනි විශාල නෞකාවන් චිත්‍රපටිවල හැරෙන්න. ඔල්මාදෙන් එහෙ මෙෙහ ගිය අප පොඩි පොඩි කණුවල හැපුණේ කට අැරගෙන උඩ බලාගෙන ගිය නිසා. නැව එතරම් විශාලයි. ලංකාවේ නම් කොළඹ ගලදාරි හෝටලය වගේ දෙකක් විතර සයිස් එක. මේක හදන්න මොනතරම් වියදමක් යන්න ඇතිද, කෙතරම් කාර්මික ඥානයක් යෙදවෙන්න ඇත්ද හිතුණ. මේ දැවැන්ත යන්ත්‍රය මූදේ ගිලෙන්න නැතිව යන්නේ කොහොමදත් හිතුණ. නෞකාවේ පහළින්ම වරායේ පොළොවේ සිමෙන්ති වේදිකාවට සම උසින් ඇතුළුවන දොරටුව තිබුණ. එයට ඇතුළුවීමට සරසන ලද කුඩා පාලමක් තිබුණ. පාලමට ඇතුළුවන තැන හොඳින් සැරසුණු මේ නෞකාව අයත් බ්‍රිතාන්‍ය ජාතික Princess Cruises සමාගමේ පිළිගැනීමේ නිලධාරිනියන් දෙදෙනෙක් සිනාමුසුව අප පාලම දිගේ නෞකාවට යොමු කළා. මෙහිදී කිසිම ලිපි ලේඛනයක් භාවිත වුණේ නැහැ, එකම ලියවිල්ල තමයි අපේ කරේ පැළඳි ඔවුන් විසින් නිකුත් කර තිබූ ID Card එක. අප පිටුපසින් දහස් ගණනක නමුත් ඉතා හොඳින් ඉදිරියට යැවෙන පෝලිමක්, අප සමඟම නෞකාවට ඇතුළුවීමට සෙමෙන් නෞකාවට ඇතුළු වුණ සැණින් එය තරු පහේ හෝටලයක් බව දැනෙන්න වෙලා ගියේ නැහැ. යන්තම් එරෙන තත්ත්වේ කාපට්, එළියේ සීතල වෙනුවට උණුසුම් බව වහාම දැනුණ. සුමුදු බටහිර සංගීතය කොහෙන් එනවද හොයන්න බැහැ. [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_a94dcffa39.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_54157bb518.jpg[/IMG] එතන හෝටලයක මෙන් පිළිගැනීමේ කවුන්ටරයේ සිටි තවත් පිළිගැනීමේ නිලධාරිනියන් දෙදෙනෙක් අතේ ගෙන යන කුඩා ස්කෑනරයක ලේසර් කිරණ හරහා අපේ ID Card විද්යුත්ව සටහන් කළේ අප හතර දෙනා නෞකාවට ඇතුළු වූ බවයි. ඔවුන් අපව ඔබ්බෙන් පිහිටි අලංකාර විදුලි සෝපානයට 4කට අප යොමු කළා. ඉන් එකක නැගී අපි 4 දෙනා අපේ cabin එක පිහිටි 14 වැනි තට්ටුවට ළඟා වුණේ විනාඩි කිහිපයකින්, මේ ඉන්නේ නැවක බවත් අමතක කරමින්. අපේ කාමරයට යන කොරිඩෝව කි.මි. භාගයක්වත් ඇති. මෙහි කාර්ය මණ්ඩලයේ බොහෝ පිලිපීන ජාතිකයන් සිටිය. පිලිපීනුවන් ලොව පුරා ප්‍රසිද්ධයි ඔවුන්ගේ විනීත භාවයට, විශේෂයෙන් හෝටල් කර්මාන්තයේදී. අපේ කාමරයට වෙත ඔවුන් අපව ඉක්මනින් කැඳවා ගෙන ගියා. දොර ළඟ තිබුණ පෝටරය ඉස්සරලා අරන් අතුරුදන් වුණ අපේ බෑග් 3. දොරේ යතුර තමයි අපේ ID Card!. ඒකෙන් දොර හැර අප ඇතුළු වූයේ සුවිසල් සම්පූර්ණ ඈතින් වීදුරු තුළින් එළිය හොඳින් පෙනෙන බැල්කනියක් සහිත suite room එකකට. එය ලස්සන කාපට් සහිත තරු පහේ family suite room එකක්. යන්තම් ඇහෙන බටහිර සංගීතය ඇසුණා, එහි තිබූ කුඩා Bose speakers මඟින්. විශාල සුඛෝපභෝගී සයනයන් දෙකක්, කුඩා ශීතකරණයක්, තේ/කෝපි පහසුකම, විශාල flat screen TV දෙකක්. ලියන මේසයක්, සුවපහසු සෝෆා සහිත ආලින්දයක් එහි තිබුණා. (එය හරහා තමයි බැල්කනියට යන්නේ). විශාල එහා මෙහා කළ හැකි වීදුරු දොරකින් ආලින්දය සුව පහසු දිවාන් විදියේ පුටු 4ක් සහිත බැල්කනියකට විවෘත වුණා. එහි සිට මහා සාගරය තමයි දර්ශනය (view) මනරම් ම දසුනක්. යුරෝපීය සුඛෝපභෝගී බවේ උපරිමය විඳගන්න බිරිඳයි දරුවන් දෙදෙනායි එකතුවීම පිළිබඳ මට ඇති වූයේ සතුටක්. දරුවන් දෙදෙනා සුවිසල් සයනයන් මත පිනුම් ගසන්න පටන් ගත්තේ කුමාරි බෑග්වල තිබූ ඇඳුම් කැඩුම් එකින් එක ගෙන විශාල අල්මාරියේ හා බාත්රූම් එකේ අසුරන්න පටන් ගත් අතරයි. දින 9ක් ජීවත් වෙන්නේ මෙතන නේ. කුමාරි ඒ කාලයට අවශ්‍ය සියල්ල ගෙනවිත් තිබුණේ මේ බෑග් තුනේ. විශේෂ උත්සව ඇඳුම් ද, විශේෂ රාත්‍රී භෝජන ඇඳුම්ද අයත් වුණේ මේ නැව් සමාගමෙන් කළ පූර්ව දැනුම් දීම් අනුව. වෙනත් නිවාඩු පටන් ගන්නේ ඒ ගමනාන්තයට ළඟා වූ පසුවයි. නමුත් මේ නවමු අත්දැකීමේ අපේ ගමනාන්තය මේ නෞකාවමයි. ඒ කියන්නේ දැනටමත් නිවාඩුව පටන් අරන් තව ටිකකින් නෞකාවේ සිනමා ශාලා තුනේ හා නෘත්‍ය ශාලාවේ පැවැත්වීමට නියමිත අත්‍යවශ්‍ය ආරක්ෂක උපදෙස් පන්තියට යා යුතුය. කාමරයේ ඇති speakers මඟින් සියලුම මඟින් ඇතුළු වූ බවත් security briefing එකට වෙන්කළ ස්ථාන කරා යන ලෙස අපට දැනුම් දුන් පරිදි අපට අදාළ නෘත්‍ය ශාලාවේ ආරක්ෂක උපදෙස් පන්තියට ගියා. එය විශාල ශාලාවක්, පහළ තට්ටුවක තිබුණේ. දහසකට වගේ ආසන සියල්ල පිරී තිබුණ මේ අත්‍යවශ්‍ය ආරක්ෂක උපදෙස් පන්තියට. ටයිටැනික්වලට පසුව නාවුක මගී ආරක්ෂාව කෙතරම් ඉහළ ප්‍රමිතියකට ගෙන ඇත්ද යන්න මෙහිදී අපට තේරුණා. එතැනත් අප ඇතුළු කළේ විද්යුත්ව ID Card සටහන් කර ගෙන. එනම් මෙයට සහභාගී නොවන මඟින් පිළිබඳ දැනුම්වත්වීමට. මෙතනට නම් නම් කළ සියලු දෙනා ඇවිත් බව දැනගන්න ලැබුණ. උපදෙස් පටන් ගත්තෙන් ටයිටැනික් මෙන් වර්තමානයේ තාක්ෂණය ඉතා දියුණු බැවින් කිසිම විධියකින් එවැන්නක් සිදුවිය නොහැකි බව කියමින්. ඒ විස්තරයන් කෙටියෙන් කිව්වොත්, හදිසි තත්ත්වයකදී කාමරේ ඇති ජලයේ පාවිය හැකි ජැකට්ටු හැඳ ඒ ඒ මඟියා වහාම යා යුතු අදාළ නෞකාවෙන් පිටවීමේ ස්ථානයන් දැනුම් දුන්න. අන්තිම දැනුම් දීමකින් මිස කිසිම විධියකින් මුහුදට නොපනින ලෙසත්, සියලු දෙනාට දින කිහිපයකට කළමනා සහිත ආරක්ෂක බෝට්ටු වෙන්කර තිබෙන බවත් දැනුම් දුන්නා. මේ briefing එක විනාඩි 45ක් වගේ පැවතුණා. (ගුවන් යානයක නම් මෙය විනාඩි 4-5කට වඩා නැහැ. ගුවන් අනතුරකදී වැඩි බලාපොරොත්තු නැති නිසාද මන්ද) අමතරව අපේ නෞකාවේ ගමන් මාර්ගය සැටලයිට් මගින් මූලස්ථානය අධීක්ෂණය කරන බවත්, කෙටි කාලයකදී හදිසියකදී එකිනෙකාට උදව්වට ඒමට හැකි පරිදි ඈත නොවන ගමන් මාර්ගයක සියලු නෞකා ගමන් ගන්නේ සැලසුම් සහගතව බවත් කියවුණා. මෙයින් පසුව අපි 4 දෙනාම නැවත අපේ කාමරයට ආව. එළියේ ශීතල. කාමරය හොඳින් උණුසුම් කර ඇත. බැල්කනියත් සීතලයි. උණුසුම් ඇඳුම් ඇඳගෙන අපි බැල්කනියට ආවම දැක්ක සිය ගණන් තව බැල්කනිවලට ඔක්කොම ඇවිත් ඉන්න බව. වෙලාව උදේ 10.30ට ළඟයි. 11ට තමයි නෞකාව පිටත් වෙන්න නියමිත. අපි සියලු දෙනාගේ පළමු නාවුක ගමන හරිම exiting විශේෂයෙන් දරුවන් දෙන්නට. අපි ඒ වෙලාව වෙන කල් කෝපි හදාගෙන බැල්කනියේ වාඩි වුණේ සැහැල්ලුව. අනෙක් බැල්කනිවල අයත් එහෙම සැහැල්ලුව හිටිය. සමහරු උදේ කියල බලන්නැතිව බීර තොල ගාන්න පටන් අරන්. අපේ පොඩි පුතා සමහරුන්ට අත වැනුවම ඔවුනුත් සිනාමුසුව අත වනනවා දැක්ක. කෙමෙන් 11ට ළං වුණා. කෙමෙන් එන්ජින් ක්‍රියාත්මක වෙනවා දැනුණා. මේ ගමක් වැනි යන්ත්‍රය මෙතරම් බරක් දරාගෙන ඉදිරියට තල්ලු කිරීමට කෙතරම් අශ්වබල ප්‍රමාණයක් අවශ්‍යද හිතා ගන්නත් බැහැ. කාමරේ රුපවාහිනීවලින් නෞකාවේ විවිධ කෝණවලින් සජීවී දර්ශන පටන් ගත්ත, වරින් වර නැවේ ඉදිරියෙන් ම පිහිටි ඉතා දැවැන්ත නියමු කුටියේ දර්ශන ආදියත් එක්ක. ඔවුන් බොහෝ කාර්ය බහුලව සිටිනු දුටුවා. මෙ විශාල නෞකාවේ අණ දෙන නිලධාරියා වූයේ බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ඔහු වයස 40 ගණන්වල අග ඉන්න ඇති කියල හිතෙනවා. ඔහු අතේ තමයි මේ සියලු වගකීම, 3500ක් වන අපේ ජීවිත 1300ක් වන සේවක මණ්ඩලයේ ජීවිත ආදියත් එක්ක. මේ පුද්ගලයා කෙතරම් ඉහළ වත්තියමය නිපුණතාවක් ඇති පුද්ගලයෙක් කියල හිතා ගන්නවත් අමාරුයි. ඔහුගේ කෙලින්ම පාලනයෙන් බැහැරව තිබුණේ හෝටල කළමනා කරන අංශය පමණයි. නමුත් එහි ප්‍රධානියා (Hotel Director) ද සිටියේ කපිතාන්වරයාගේ අධීක්ෂණය යටතේ. උදේ 11ට ළං වෙමින්.... දැන් නම් නෞකාවේ සියලුම යන්ත්‍ර උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන බව අපිට දැනුණ. යන්තම්. පොළොව කම්පනය වනවා වගේ. බැල්කනියේ සිට උඩ බැලුවම දැවැන්ත දුම්බට දුම් දහරාවන් විදිමින් තිබුණ. හරියටම 11ට නෞකාව සෙමෙන් වරායේ වේදිකාවෙන් ඉවතට සෙමෙන් ඇදී යන්න පටන් ගත්ත. British timing! කුමක් හෝ සිරිතක් ද මන්ද පිටත් වෙන විට බ්රැ.....ම් වැනි හඬකින් නෞකාවේ හෝන් එක දෙවරක් වැදුණ. අනෙක් නෞකා ද එවැනිම හඬකින් හෝන් නාද කළා. සමහර විට කාලයක් තිස්සේ පවතින නාවුක ආචාරශීලී සිරිතක් වෙන්න පුළුවන්. බ්‍රිතාන්‍ය ජාතික කොඩිය, නෞකාවේ කොඩිය ඇතුළු සියලුම ධජයන් නෞකාවේ උඩ දැඩි සුළඟට වේගයෙන් ලෙළ දෙමින් තිබුණා. නෞකාව කෙමෙන් කෙමෙන් වේගය වැඩි කර ගන්නවා අපිට දැනුණා. තවමත් නෞකාව ගමන් කළේ වෙරළට එතරම් දුරින් නොවේ. එහි වගා බිම් හා දැවැන්ත මන්දිරද දර්ශනය වුණා. අවු: 100කට පෙර අවසන් ගමන පිටත් වුණු ටයිටැනික් පිටත් වෙන්න ඇත්තෙත් මේ විධියට වෙන්න ඕනි හිතුණ. ඔවුන් ගමන් ගත් අත්ලාන්තික් සාගරය ළඟින් ම අපි ගමන් කරනව මේ චාරිකාවේදී. අපේ දියණිය රූපවාහිනියෙන් දැකලා අපිට කිව්වේ නැවේ උඩම තට්ටුවේ මහා උත්සවයක් කියල. ඇත්තටම අපිටත් මේක අමතක වුණා. එදා බ්‍රිතාන්‍ය මහරැජිනගේ මෞලි මංගල්‍ය සංවත්සරය. එහි උඩ තට්ටුව බ්‍රිතාන්‍ය ධජවලින් සරසා එහි තිබූ චිත්‍රපටි තිරයක් වන් සුවිසාල රුපවාහිනියේ සංවත්සර උත්සවය සජීවීව විකාශනය කරමින් තිබුණා. සියලු දෙනාට කුඩා බ්‍රිතාන්‍ය ධජ හා තොප්පි, ෂම්පෙන් හා අනෙක් බීමද කාර්ය මණ්ඩලය විසින් නොමිලේ පිරිනමමින් තිබුණ. අක්කාගේ ඉල්ලීම්වලට ඔහේ අන්ධ භක්තිකව පොහොර දාන මල්ලි ගේත් ඉල්ලීම මත අපි ඉහළම තට්ටුවට ගියා. [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_184027354b.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_d784b9f198.jpg[/IMG] ඇත්තටම ආවට පස්සේ තමයි ආව එක හොඳයි හිතුණේ. සියලු දෙනා උපරිමයෙන් විනෝද වෙමින් සිටිය. උඩ සිට ලස්සනම දර්ශන. අපගේ පළමු ගමනාන්තය වන නොර්වේ වෙත යාමට කෙමෙන් අපි ගැඹුරු මුහුද වෙත අවතීර්ණ වෙමින් සිටින බව අවබෝධ වුණා. වේගයත් සෑහෙන්න වැඩි වී තිබුණ. දැඩි සුළං ආදිය නිසාවෙන් ඔක්කොම කෙමෙන් කෙමෙන් කට්ටිය කාමරවලට චුත වෙන්න ගත්ත. අපිත් ආව. බැල්කනියේ දැඩි සුළං. සැහැල්ලු ඇඳුම්වලට මාරු වී කාමරය ඇතුළට වී සිටියේ ටිකකින් සූදානම් වන දිවා ආහාරය ගැනීමට. රාත්‍රියේ 7ට පූර්ණ ඇඳුම් සහිතව පිටත්වීමේ ප්‍රිය සම්භාෂණය වෙත යාමට නියමිතයි. එතන තිබුණේ පුදුමාකාර උත්කර්ෂවත් බවක්. දැඩි අඳුරේ ආලෝකමත්ව මුහුද මැද වේගයෙන් ගමන් කරන සුවිසල් නෞකාවේ ආහ්ලාදය... නෞකාව ගමන් ගනිද්දිම රාත්‍රියේ පැවැත්වූ පිටත් වීමේ සම්භාෂණය, ප්‍රථම ගමනාන්තය බෙල්ජියමේ සුප්‍රකට බ්‍රසල්ස් නුවර, රාත්‍රියේ බ්‍රසල්ස් වරායට සේන්දු වීම, රාත්‍රියේ නෞකාවේ ගත කිරීම, එහි විනෝදාශ්වාදය සඳහා සංවිධානය කර තිබු දේවල්. බෙල්ජියම ගැන කෙටි විස්තරයක් ඊළඟ කොටස සමඟ. විජිත බණ්ඩාර හේරත් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom