Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුමනා බාලිකාවගේ කථාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුමනා බාලිකාවගේ කථාව

(1) තාම්රපර්ණි දිවයින වනාහි තුන්සියයක් යොදුන් දිගැත්තේය, හැම පැත්තෙන් සාගර ජලයෙන් වටවිය. සඳමඬලේ හැඩහුරුකම් ඇතිවිය. (2) ඒ ද්වීපයෙහි වූ අනුරාධපුර නමැති නගරය ශක්‍ර දේවේන්ද්රාගේ පුරය මෙන් බබළයි. (3) ඒ නගරයෙහි තිස්ස නම් උපාසකයෙක් ඔහුගේ දූ වූ සුමනා නම් බාලිකාවක් සමග වෙසේ. (4) ඕ තොමෝ එක් දිනක් පියා සමග දබරකොට කෝපයෙන් යුතුව ගෙයින් පිටවී කඩරොද නම් තැනට පැමිණ (5) වනයට වැද සත්දිනක් ආහාරපාන නැතිව සාපිපාසාවෙන් මැඩී ගසක් මුල හුණි. (6) පියා පසුව ගොස් වනයෙහි ඇය සොයා නොදැක ශෝකයෙන් මඩනාලදුව හැරී ගියේය. (7) අන්කිසි මිනිසෙක් බත්මුලක් අතේ ඇතිව ගමනක් යන්නේ එහි හුන් ඇය දැක (8) කරුණාභරිත වූයේ ධීතෘසෙනෙහය උපදවාගෙන මෙසේ කීය: (9) “දුව, මේ ආහාරය ඔබට දෙමි. එය කැමති සේ අනුභව කොට ශරීර ශක්තිය ලබාගෙන කැමති තැනකට යව”යි. (10) ක්ලාන්ත වූ මාගේ ශරීරය දුර්වලය, මට ආහාර රුචි නොවේ; එබැවින් මෙය ගෙනයනු මැනවි; ඔබට මාර්ගෝපකරණ වන්නේය”යි දැරිය කීය. (11) “මා විසින් එය පරිත්‍යාග කරන ලදි, ඔබට කැමති දෙයක් කරනු මැනවි. මම වැඩිදුරක් නැති ගමකට යමි”යි මිනිසා කීය.

(12) ඉක්බිති ජීවිතයෙහි අපේක්ෂා නැතිව ගස් සෙවනෙහි හොත් ඕතොමෝ මෙසේ සිතී, (13) මේ වනයෙහි යාමත් අපහසුය, දැන් පිනක් කරන්ට කාලය පැමිණියේය. මම පිනක් කොට මරණයට පැමිණෙන්නෙමි”යි. (14) ඕ පොළොවේ අත ගසා යන්තම් නැගිට අත් පා පිසදමා අත්පුඩි ගසා මෙසේ කීය: (15) ඉදින් මහත් සෘඬි ඇති බුද්ධ පුත්‍රයෝ මට අනුකම්පා කෙරෙත් නම් ඒ මහාවීරයෝ මෙහි පැමිණ මා අපායෙන් මුදත්වායි. (16) දිවකණින් ඒ කීම ඇසූ පුවඟු දිවයිනේ එක් රහත්නමක් අහසින් ඇවිත් ඇය ඉදිරියෙහි සිටියේය. (17) පහන් සිතැති සුමනා තොමෝ අතිමහත් ප්‍රීතියට පත්ව වැඳ ඒ බත ඒ තෙරනමට පිදී. (18) නැවත ඉවතට ගොස් කොළ අතු ඇඳගෙන තමා ඇඳ සිටි වස්ත්‍රය අතට ගෙන තෙරුන් වෙත අවුත් (19) “ස්වාමීනි, මේ මාගේ අන්තිම දානය සම්පූර්ණ එකක් වේවා: නෑයන් නැති දුගී වූ මාගේ මේ වස්ත්‍රය පිළිගත මැනවැ”යි කීය. (20) රහත් තෙරනම එය ද පිළිගෙන හංසරාජයකු මෙන් අහසට නැගී ආර්යයන්ගේ වාසස්ථානයට පැමිණියේය. (21) සා පිපාසාවෙන් පෙළුණු ඈ මොහොතක් වාඩිවී සිට දුක ඉවසිය නොහැකිව මුර්ඡා වී බිම වැටුණි. (22) හෙළදිව යම් පමණක් දේවතාවෝ වෙත්නම් ඒ සියලු දෙන ඒ දානයට පසසමින් සාධුකාර දුන්හ: (23) “අහෝ ඉතා වටිනා දානයකි, දක්ෂිණාර්හයන් කෙරෙහි ආහාරයද සළුව ද දී ජීවිතය පරිත්‍යාග කරන ලදැ”යි, (24) ඉක්බිති ඒ ශබ්දය ඇසූ සක්දෙව් රජ ඇයට සාත්තුසප්පායම් පිණිස විශ්වකර්මයා යැවී, (25) දෙව්රජු විසින් එවන ලද හෙතෙමේ ලෝම කූපයන්හි දිව්යෝජස් බහා ඇය සුවපත් කෙළේය. (26) විශ්ව කර්ම තෙමේ සුවපත් වූ ඇය දෙවඟනක් මෙන් සරසා ඒ කාරණය ප්‍රකාශ කරමින් අහසින් නුවරට ගියේය. (27) ඒ ශබ්දය අසා ද්විපාධිපති වූ රජ ඇය තමාගේ භාර්යා තනතුරෙහි තැබීම සඳහා ගෙන ඒමට රථයක් යැවීය. (28) ඈ එහි ජීවත්ව සිටිතාක් රජු සමඟ සම්පත් අනුභව කොට නොයෙක් පින් රැස්කරගෙන පිදිය යුත්තන් පුදා ආයුෂය ගෙවීගිය කල්හි භික්ෂූන්ට මෙසේ කීය: (30) චාතුර්මහාරාජික-තාව-තිංසාදි දෙව්ලෝවලින් ආ රථ මෙහි තිබෙත්. ස්වාමිවරුනි, කොතැන්හි ඉපදීම යහපත්ද? ලෝක හිතෛෂීන්ට කවර තැනක් වාසස්ථානවීද? කොතැනක උගත් දෙවියෝ නිතර ධර්මශ්රවණය හා ඝෝෂණය කරත්ද? (32) “තුසිතපුරය පුරුෂෝත්තමයන්ගේ වාසස්ථානයකි. එහි හැමකල්හි ධර්ම ශ්‍රවණය පවතී. ඒ තුසිත දෙව්ලොවෙහි ඇලීම කරව.” (33) ඒ දේවීතොමෝ එක්කළ දෙ අත් නැමති පියුම හිසමත තබාගෙන බුද්ධපුත්‍රයන්ගේ කීම අසා තුසිත පුරයෙහි ඉපදීමට කැමති විය. (34) අප්‍රමේය ගුණයන්ට වාසස්ථාන වූ මනා කෙතෙහි දක්ෂ ජනයෝ පින් නැමැති බීජ වපුරති. ඔවුහු බොහෝ කලක් දෙව් මිනිස් සැප අනුභව කොට පසුව නිවන් සැපද ලබත්. (36) බුද්ධානුශාසනය පිළිපදින්නා වූ අප්‍රමේය ගුණ ඇති යම් කෙනෙක් වෙත් නම් ඔවුහු බොහෝ භය ඇති සංසාර සාගරයෙන් එතෙරව අමෘතය නමැති මී පැණි අනුභව කරත්.

Download ebook:

http://www.mediafire.com/file/esntbjbec1a71mz/Sihala_Vatthu.pdf

[QUOTE="පෝරිසාදයා, post: 24381642, member: 377359"] [b]සුමනා බාලිකාවගේ කථාව[/b] [COLOR="DarkRed"][SIZE="5"](1) තාම්රපර්ණි දිවයින වනාහි තුන්සියයක් යොදුන් දිගැත්තේය, හැම පැත්තෙන් සාගර ජලයෙන් වටවිය. සඳමඬලේ හැඩහුරුකම් ඇතිවිය. (2) ඒ ද්වීපයෙහි වූ අනුරාධපුර නමැති නගරය ශක්‍ර දේවේන්ද්රාගේ පුරය මෙන් බබළයි. (3) ඒ නගරයෙහි තිස්ස නම් උපාසකයෙක් ඔහුගේ දූ වූ සුමනා නම් බාලිකාවක් සමග වෙසේ. (4) ඕ තොමෝ එක් දිනක් පියා සමග දබරකොට කෝපයෙන් යුතුව ගෙයින් පිටවී කඩරොද නම් තැනට පැමිණ (5) වනයට වැද සත්දි[COLOR="DarkRed"][/COLOR]නක් ආහාරපාන නැතිව සාපිපාසාවෙන් මැඩී ගසක් මුල හුණි. (6) පියා පසුව ගොස් වනයෙහි ඇය සොයා නොදැක ශෝකයෙන් මඩනාලදුව හැරී ගියේය. (7) අන්කිසි මිනිසෙක් බත්මුලක් අතේ ඇතිව ගමනක් යන්නේ එහි හුන් ඇය දැක (8) කරුණාභරිත වූයේ ධීතෘසෙනෙහය උපදවාගෙන මෙසේ කීය: (9) “දුව, මේ ආහාරය ඔබට දෙමි. එය කැමති සේ අනුභව කොට ශරීර ශක්තිය ලබාගෙන කැමති තැනකට යව”යි. (10) ක්ලාන්ත වූ මාගේ ශරීරය දුර්වලය, මට ආහාර රුචි නොවේ; එබැවින් මෙය ගෙනයනු මැනවි; ඔබට මාර්ගෝපකරණ වන්නේය”යි දැරිය කීය. (11) “මා විසින් එය පරිත්‍යාග කරන ලදි, ඔබට කැමති දෙයක් කරනු මැනවි. මම වැඩිදුරක් නැති ගමකට යමි”යි මිනිසා කීය. (12) ඉක්බිති ජීවිතයෙහි අපේක්ෂා නැතිව ගස් සෙවනෙහි හොත් ඕතොමෝ මෙසේ සිතී, (13) මේ වනයෙහි යාමත් අපහසුය, දැන් පිනක් කරන්ට කාලය පැමිණියේය. මම පිනක් කොට මරණයට පැමිණෙන්නෙමි”යි. (14) ඕ පොළොවේ අත ගසා යන්තම් නැගිට අත් පා පිසදමා අත්පුඩි ගසා මෙසේ කීය: (15) ඉදින් මහත් සෘඬි ඇති බුද්ධ පුත්‍රයෝ මට අනුකම්පා කෙරෙත් නම් ඒ මහාවීරයෝ මෙහි පැමිණ මා අපායෙන් මුදත්වායි. (16) දිවකණින් ඒ කීම ඇසූ පුවඟු දිවයිනේ එක් රහත්නමක් අහසින් ඇවිත් ඇය ඉදිරියෙහි සිටියේය. (17) පහන් සිතැති සුමනා තොමෝ අතිමහත් ප්‍රීතියට පත්ව වැඳ ඒ බත ඒ තෙරනමට පිදී. (18) නැවත ඉවතට ගොස් කොළ අතු ඇඳගෙන තමා ඇඳ සිටි වස්ත්‍රය අතට ගෙන තෙරුන් වෙත අවුත් (19) “ස්වාමීනි, මේ මාගේ අන්තිම දානය සම්පූර්ණ එකක් වේවා: නෑයන් නැති දුගී වූ මාගේ මේ වස්ත්‍රය පිළිගත මැනවැ”යි කීය. (20) රහත් තෙරනම එය ද පිළිගෙන හංසරාජයකු මෙන් අහසට නැගී ආර්යයන්ගේ වාසස්ථානයට පැමිණියේය. (21) සා පිපාසාවෙන් පෙළුණු ඈ මොහොතක් වාඩිවී සිට දුක ඉවසිය නොහැකිව මුර්ඡා වී බිම වැටුණි. (22) හෙළදිව යම් පමණක් දේවතාවෝ වෙත්නම් ඒ සියලු දෙන ඒ දානයට පසසමින් සාධුකාර දුන්හ: (23) “අහෝ ඉතා වටිනා දානයකි, දක්ෂිණාර්හයන් කෙරෙහි ආහාරයද සළුව ද දී ජීවිතය පරිත්‍යාග කරන ලදැ”යි, (24) ඉක්බිති ඒ ශබ්දය ඇසූ සක්දෙව් රජ ඇයට සාත්තුසප්පායම් පිණිස විශ්වකර්මයා යැවී, (25) දෙව්රජු විසින් එවන ලද හෙතෙමේ ලෝම කූපයන්හි දිව්යෝජස් බහා ඇය සුවපත් කෙළේය. (26) විශ්ව කර්ම තෙමේ සුවපත් වූ ඇය දෙවඟනක් මෙන් සරසා ඒ කාරණය ප්‍රකාශ කරමින් අහසින් නුවරට ගියේය. (27) ඒ ශබ්දය අසා ද්විපාධිපති වූ රජ ඇය තමාගේ භාර්යා තනතුරෙහි තැබීම සඳහා ගෙන ඒමට රථයක් යැවීය. (28) ඈ එහි ජීවත්ව සිටිතාක් රජු සමඟ සම්පත් අනුභව කොට නොයෙක් පින් රැස්කරගෙන පිදිය යුත්තන් පුදා ආයුෂය ගෙවීගිය කල්හි භික්ෂූන්ට මෙසේ කීය: (30) චාතුර්මහාරාජික-තාව-තිංසාදි දෙව්ලෝවලින් ආ රථ මෙහි තිබෙත්. ස්වාමිවරුනි, කොතැන්හි ඉපදීම යහපත්ද? ලෝක හිතෛෂීන්ට කවර තැනක් වාසස්ථානවීද? කොතැනක උගත් දෙවියෝ නිතර ධර්මශ්රවණය හා ඝෝෂණය කරත්ද? (32) “තුසිතපුරය පුරුෂෝත්තමයන්ගේ වාසස්ථානයකි. එහි හැමකල්හි ධර්ම ශ්‍රවණය පවතී. ඒ තුසිත දෙව්ලොවෙහි ඇලීම කරව.” (33) ඒ දේවීතොමෝ එක්කළ දෙ අත් නැමති පියුම හිසමත තබාගෙන බුද්ධපුත්‍රයන්ගේ කීම අසා තුසිත පුරයෙහි ඉපදීමට කැමති විය. (34) අප්‍රමේය ගුණයන්ට වාසස්ථාන වූ මනා කෙතෙහි දක්ෂ ජනයෝ පින් නැමැති බීජ වපුරති. ඔවුහු බොහෝ කලක් දෙව් මිනිස් සැප අනුභව කොට පසුව නිවන් සැපද ලබත්. (36) බුද්ධානුශාසනය පිළිපදින්නා වූ අප්‍රමේය ගුණ ඇති යම් කෙනෙක් වෙත් නම් ඔවුහු බොහෝ භය ඇති සංසාර සාගරයෙන් එතෙරව අමෘතය නමැති මී පැණි අනුභව කරත්.[/SIZE] [/COLOR] Download ebook: [url]http://www.mediafire.com/file/esntbjbec1a71mz/Sihala_Vatthu.pdf[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom