සුරතාන්තය...............

Mr Shaggy

Junior member
  • Mar 1, 2016
    40
    55
    18
    සුරතාන්තය එහෙම නැත්නම් Orgasm ගැන අධ්‍යනය කරද්දි අපිට මරු මරු කේස් රිපෝර්ට් කියවන්න ලැබෙනවා. ඒ එකක් තමයි එක්තරා කාන්තාවකට එයා දත් මදින හැම වෙලාවෙම orgasm එකක් වෙනවා කියන සිද්ධිය. බොරු නෙවෙයි සත්තයි. අදාළ කාන්තාවගේ පුද්ගලිකත්වය වෙනුවෙන් එයාගේ නම ගම විස්තර කියන්නේ නැති උනාට මේ කාරණය සම්බන්ධයෙන් බොහොම විද්‍යාත්මක පර්යේෂණ කරලා තහවුරු කරගෙන තියෙනවා. ඒකට අනුව මේ කාන්තාව reflex epilepsy රෝගයෙන් පෙලෙන කෙනෙක්. දත් මදින්න ගත්තාම එයාට සුරතාන්තයකදි ඇති වෙන ලක්ෂණ හැම එකක්ම ඇති වෙලා ඊලඟට අඩපන වෙලා වැටෙනවා (seizure).
    New Jersey වල Rutgers University එකෙන් කරපු ස්ටඩි එකක තියනවා ඕනම මොහොතක සුරතාන්තය ගැන හිතීමෙන් විතරක් සම්පූර්ණ සුරතාන්තයක් ලබාගන්න පුලුවන් කාන්තාවක් ගැන. තව එතකොට ඔය Cara Anaya කියලා ඇමරිකාවේ ඇරිසෝනා වල කාන්තාවක් ඉන්නවා. මෙයාට තියෙනවා Persistent Genital Arousal Disorder කියලා ස්නායු රෝගයක් (PGAD). ඉතින් ඒ අසරණ මනුස්සයට කොයි වෙලේත් සුරතාන්ත වෙනවා නවත්තගන්න කිසි ක්‍රමයක් නෑ. සමහර අවස්ථාවල පැය දෙකක කාලයකදි සුරතාන්ත 180 ක් විතර වගේ වෙනවා එයාට.
    සුරතාන්ත ගැන පැහැදිලි කරද්දි තියෙනවා පොඩි සංසිද්ධි දෙකක්. එකක් euphoria කියන මනෝ විද්‍යාත්මක සංකල්පය අනික impairment. Euphoria කියන්නේ එක පාරම ඇති වෙන ලොකු සතුටක් හෝ තෘප්තියක් වගේ දෙයක්. ඒක ක්ෂණිකව ඇති වෙලා ටිකකින් නැති වෙලා යන සුවිශේෂී අත්දැකීමක්. හිතන්න ඔයා ඔන්න ට්‍රිප් එකක් ගිහින් ගෙදර එනවා. දැන් ගෙදරටත් ලඟයි ඒත් ඔයාට චූ බරයි. කරන්න දෙයක් නැති නිසා හිර කරගෙන ඉන්නවා. තාම බස් එක ගෙදර දිහාවට යනවා. තාම යනවා...යනවා...යනවා...අරුන් සින්දුත් කියනවා ඒත් ඔයාට ටික ටික අර අවශ්‍යතාවය වැඩි වෙනවා...වැඩි වෙනවා...වැඩි වෙනවා. දැන් උපරිමයි..කඳුලුත් එන්න වගේ. ඔන්න යන්තන් ගෙදර ලඟින් බැහැලා බායි සී යූ කියන ඒවත් කියලා බෑග් එකත් අතෑරලා කඩාගෙන යනවා බාත්රූම් එකට. ගිහින් මෙච්චර වෙලා හිර කරන් හිටිය එක මුදා හරිනවනේ.
    ආන්න ඒ වෙලාවේ ඔයාගේ හිතේ ඇති වෙනවා නේද අමුතුමු මෙව්වා එකක්? ආ….හ් කියාගෙන සිවිලිම දිහාත් බැලිලා ලොකු හුස්මකුත් යනවා නේද සමහර වෙලාවට? ඒ මොකද්ද ඒ හැඟීම? මොකද්ද කියලා කියන්න බෑ. ඒ මෙව්වා එක එන්නේ ඔය විදියට කෙහේ හරි ගිහින් හිර කරන් ඉඳලා ගෙදර ඇවිත් කරද්දි විතරමයි. අන්න ඒවට තමා euphoria කියන්නේ.
    ආයේ Impairment කිව්වම ඒක ශාරීරිකව වගේම මානසිකවත් වෙන්න පුලුවන්. Impairment එකකදි අපේ මොළයයි මුලු ශරීරයයි එක මොහොතකට නිකන් shut down උනා වගේ. සමහරුන්ට මුලු ශරීරයම හිරිවැටිලා වගේ යනවා (numbness) - කොටින්ම ඇස් දෙක ඇරගෙන ඉන්නවත් බැරි වෙනවා. කට වහගෙන ඉන්න බැරි වෙලා දන්නෙම නැතිව කෑ ගැස්සෙන්න පුලුවන්. තවත් සමහර වෙලාවට කට ඇරෙනවා හයියෙන් කෑගහන්නත් ඕන ඒත් ශබ්දය පිට වෙන්නේ නෑ හොල්මනක් දැක්ක වගේ. කටයි මූණයි ආශ්‍රිත මාංශ පේශි නිවැරදිව තියාගන්න අපි නොදැනුවත්වම යොදවන ආයාසය අහෝසි වෙලා ගිහින් කටයි මාංශ පේශියි විතැන් වෙලා මූණ නිකන් අපේ ඇමතිතුමාගේ වගේ වෙනවා. ඒත් නැත්නම් මොකද්ද වෙන්නේ කියලා හිතාගන්න බැරි වෙනවා (void). ආසන්න සිද්ධි ගැන මතක ඔලුවට එන්නේ නැති වෙනවා. මේ කොහෙද මං ඉන්නේ කොයි වෙලාවෙද මේ ඇඳුම් ගැලවුනේ මොකද්ද ඒ උනේ වගේ දේවල් හිතෙනවා. තව එතකොට ඔය බය, ලැජ්ජාව සහ පිළිකුල වගේ හැඟීම් ඇති වෙන එක තාවකාලිකව නතරවීම (discontinuation) වගේ දේවල් වෙනවා.
    ඕං ඔය සංසිද්ධි දෙක තමා සුරතාන්තයක් කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරද්දි අපි කියන්නේ. ඔය කියපු ලක්ෂණ එකක් හෝ කීපයක් ඇති වෙන්න පුලුවන් සුරතාන්තයක් වෙද්දි.
    ගැහැණු අයගේ සුරතාන්තයට වඩා හරිම ලේසියෙන් පිරිමි අයගේ සුරතාන්තය පැහැදිලි කරන්න පුලුවන්. මොකද පිරිමි සුරතාන්තය හැම වෙලේම වගේ වෙන්නේ ශුක්‍ර තරලයේ පිටවීමත් එක්කනේ. එතකොට ශුක්‍ර තරලය පිටවීම කියන්නේ පිරිමි සුරතාන්තයේ ජීව විද්‍යාත්මක කාර්යය. ඒ ජීව විද්‍යාත්මක කාර්යය උනේ නැත්නම් ඒ සුරතාන්තයෙන් මිනිස්සුන්ගේ වර්ගයා බෝකිරීමේ අවශ්‍යතාවයට අබ ඇටේක වැඩක් වෙන්නේ නෑ.
    ඒත් ගෑල්ලමයින්ට එහෙම දෙයක් නෑ. කොටින්ම කියනවා නම් හලෝ ගෑල්ලමයින්ගේ සුරතාන්තයට ජීව විද්‍යාත්මක කාර්යයක් නෑ. ඒ කියන්නේ ඒක උනත් එකයි නැතත් එකයි වර්ගයා බෝවීම වෙනවා. හැබැයි ඒකට තියනවා පරිණාමික කාර්යයක්. ඒ කියන්නේ ගැහැණියකට සුරතාන්තයක් දෙන්න පුලුවන් වෙන්නේ විශේෂ පිරිමියෙක්ට විතරයි. ඒ අනුව සුරතාන්තය කියන්නේ ගැහැණුන්ට හො‍‍ඳ පිරිමියෙක්ව තෝරගන්න තියෙන ටෙස්ට් එකක්. කසාද පුරුෂයට උනත් කාලයක් යයි වැඩේ අල්ල ගන්න. ඒකත් එක්ක ගෑණු සුරතාන්තය කියන්නේ ලේසියෙන් විස්තර කරන්නත් බැරි තරම් මාර සංකීරණ මාතෘකාවක්.
    ඔය කාලෙකට කලින් Your Vulva 101 කියලා ලිපි පෙළක් දානවා කියලා වැඩක් පටන් ගත්තා. ඒකේ යෝනිය සහ යෝනි මාර්ගයයි ආයේ ක්ලිටෝරිසය ගැනයි ලිපි දෙකක් දැම්මා. ඊලගට දාන්න තිබුනේ The Big O කියලා නම් කරපු ස්ත්‍රී සුරතාන්තය ගැන ලිපිය. ඒ ලිපිය ලියලා තියෙන්නේ. ඒත් ඒක ලියපු විදිය ගැන මට එච්චර මෙව්වා එකක් නෑ. ඒකේ තාම කිසි ලල් එකක් නෑ අනේ...නිකන් research paper එකක් වගේ ලොකු බර වචනයි සංකල්පයි විතරයි. ඒත් ලඟදිම ඒකත් පිළිවෙලක් කරලා ඉක්මනට දාන්නම්. එහෙනම් අදට මෙච්චරයි හොඳේ. ටටා...

    උපුටා ගැනීම මාධවී bedroom talks
     
    • Like
    Reactions: kinkon

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,425
    36,350
    113
    මැදමහනුවර
    de50c3f5-10f6-4b6e-a56a-cc740b70f822-removebg-preview.png