Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
සුවපත් දිවියකට තායි චී.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝ අප්පා කවුරුවත් කොමන්ටුවකින්වත් දිරි ගැන්වීමක් නෑ නේ. කමක් නෑ. යහපත් දේ බෙදා ගමු.

යමක් ලබා ගැනීම සඳහා යම් කැප කිරීමක් කිරීමට සිදු වන්නේ යැයි ඔබ අසා ඇතිවාට සැකයක් නැත. සමහරක් අවස්ථා වලදී යම් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා වේදනා විඳීමට පවා සිදු වේ. උදාහරණයකට බලන්න ශාරීරික වර්ධන ව්‍යායාම්. මෙකී ව්‍යායාම්වලින් අප බලාපොරොත්තු වන්නේ සිරුර අලංකාරවත් ලෙසින් වර්ධනය කරවා ගැනීමටයි. එහි කිසිදු වරදක් නැත. නමුත් මේ සඳහා වේදනාකාරී ගමනක් යාමට සිදු වේ. දණහිස් රිදීම්, බඩ රිදීම් වැනි දේ අනිවාර්යෙන්ම විඳීමට සිදු වේ. තායි චී සම්බන්ධයෙන් ගත් විට භෞතිකව හෝ මානසිකව, වේදනාව සඳහා ඉඩක් නැත. ඔබගේ සිරුරේ අවධානම් කලාපය වේදනාවෙන් පෙන්නුම් කරන අතර ඔබ එය ඔබේ වුවමනාවෙන් ම අත හැර දමනු ලැබේ. නමුත් අපහසුකාරීබව වෙනම කතාවකි. දිගු කලක් තිස්සේ ක්‍රියාශීලී නොකළ මාංශ පේශීන්, ව්‍යායාම කිරීම ආරම්භ කළ විට අපහසුකාරී බවක් ඇති කරනු ඇත. කුදු වී කාලයක් ගමන් ගෙන පුරුදු ඇත්තෙකුට එක්වරම කොන්ද කෙලින් තබා ගැනීම පහසුකාරී බවක් ඇති නොකරයි. මානසික තත්ත්වය විමසීමේ දී අප විසින් නිතරම බලය යෙදීමට සහ ශක්තිය තදින් බැහැර කිරීමට පුරුදු වී ඇත්නම්, හිමින් සීරුවේ, සැහැල්ලුවෙන් හැසිරීමට යාමේ දී මානසිකව අපහසුකාරීබවක් දැනෙනු ඇත.

තායි චී හි එක් විශේෂත්වයක් වන්නේ එය වේදනාව සහ අපහසුකාරීත්වය යන අංග දෙකේ වෙනස හඳුනා ගැනීමට අවස්ථාව සැළැස්වීමයි. අපහසුදායීබව දැනෙන්නේ වේදනාව දැනෙන ආකාරයට නොවේ. වේදනාව දැනෙන තැන සොයා ගැනීමට හැකියාව ඇතත්, අපහසුදායීබව එසේ සොයා ගැනීමට නොහැක. ඇත්තෙන්ම එය මුළු සිරුර පුරාම පැතිර ඇති ලෙසිනි දැනෙන්නේ. ඉතින් යම් හෙයකින් ඔබ තායි චී පුහුණුවන අවස්ථාවක දී මේ ගතිය දැනෙන්නේනම්, කරුණාකර පුහුණුව නතර කර විවේක ගන්න. අපහසුකාරීත්වය බෙහෙත් වලින් ඉවත් කළ හැක්කක් නොවේ. නමුත් ඔබගේ පුහුණුව මගින් ක්රිමයෙන් අඩු කර ඉවත් කළ හැක්කකි. තායි චී පුහුණුවේ දී දැනෙන අපහසුදායීත්වය, වේදනාවක් බවට පත් කර ගැනීමට තරම් නොඉවසිලිමත් නොවන්න. ඔබේ සිරුරට මෙන්ම මනසට ද කාලය දෙන්න.

ඔබ පුහුණු වන්නේ තදින් ද සැහැල්ලුවෙන් ද වේගවත්ව ද සෙමින් ද යන්න විනිශ්චය කළ හැක්කේ ඔබටම පමණි. මේ විනිශ්චය කිරීමේ ක්‍රියාවලිය මුලදී අපහසුකාරී වූවත් ක්‍රමයෙන් පහසු වනු ඇත. එසේම එය ඔබගේ ජීවිතයට නොයෙකුත් අවස්ථා වලදී යොදා ගත හැකි පාඩම් රැසක් උගන්වනු ඇත. උදාහරණයකට, යම් චලනයක් කෙතරම් දුරකට සිදු කළ හැකිද යන්න සම්බන්ධයෙන් ඔබ විසින් කරනු ලබන විනිශ්චය ඔබගේ දිවියේ අනෙකුත් අවස්ථා වලදී ඕනාවට වඩා වැඩ පෙන්විය යුතු අවස්ථාවන් පෙන්වා දෙයි. ඇත්තෙන්ම ඔබට කළ හැක්කේ ඔබට කළ හැකි දේ පමණි. නමුත් පුහුණුව සමග ඔබට එය වැඩි දියුණු කර ගත හැක.

මීළඟට අපි තායි චී සහ විශේෂ අවස්ථා කීපයක් ගැන සළකා බලමු.

තායි චී සහ මහලු විය

දිනෙන් දින අප සමාජයේ වයස්ගත ජන ගහනය වර්ධනය වේ. ලංකාවේ පමණක් නොව ලෝකයේම තත්ත්වය එයයි. මෙනිසා වයස්ගත ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ලෝකයේම කතා බහට ලක් ව තිබේ.

ඔබ වැඩිහිටියෙක්නම්, තායි චී යනු ආරක්ෂාකාරීව පුහුණු විය හැකි මෘදු, සෙමින් සිදු කරන ව්‍යායාම් ක්රමයකි. තමන්ගේ සමවයසේ තමන්ට වඩා සෞඛ්‍ය සම්පන්නයැයි සැලකෙන අයවලුන් සමග කරට කර ඊට වඩා අඩු මට්ටමක සෞඛ්යන මට්ටමක් පවතින කෙනකුට වුවද මේ කලාවේ ප්‍රතිඵල ලබා ගත හැක. නමුත් ඔබට තායි චී සමග ඔබගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් සැකයක් පවතින්නේනම්, වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් යහපත් වන්නේ එවිට එකඟ වූ සිතකින් පුහුණු විය හැකි නිසාවෙනි.

බොහෝ වයස්ගත පුද්ගලයන්ට මහලුවියේ දී ප්රශ්නකාරී වෙන්නේ ඔවුන්ගේ ඉරියව් බව නොරහසකි. මේවායින් බොහොමයක්, කාලයක් තිස්සේ වැරදි ඉරියව් පුහුණුවීම නිසාවෙන් ඇතිවෙන ප්රශ්නයන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ ප්‍රශ්න නිවැරදි කිරීම සඳහා හොඳම විසඳුමකි තායි චී. නිවැරදි සහ යහපත් ඉරියව් සමග ඒ හා බැඳුනු ප්රතිලාභ ලබා ගත හැක. සරලවම කියන්නේනම්, සෑම තැනැත්තකුට මෙන්ම වැඩිහිටියන්ට ද තායි චී හි ප්‍රතිඵල එක සේ ම ලැබේ. මේ සම්බන්ධයෙන් සිදු කර ඇති පර්යේෂණයන් අන්තර්ජාලයෙහි දක්වා ඇති අතර ඔබට ඒවා බැලීමෙන් මේ තත්ත්වය පැහැදිලි කර ගත හැක. විශේෂයෙන්ම වැඩිහිටි වියේ දී සමතුලිත නොවීම හෝ සමහර හේතූන් නිසා සිදු වන බිම වැටීම් තායි චී පුහුණුවන්නන් අතර අවම බව එවන් පර්යේෂණයක දී අනාවරණය කර ගෙන තිබේ. (හැකිනම් බලන්න Tai chi and postural control in the well elderly ලිපිය.)

තායි චී සහ අනිකුත් ක්‍රීඩා

අද මෙන් නොව දැනට කලකට පෙර ලංකාවේ ලමයින්ද, තරුණයින් ද එළිමහනේ කරන ක්‍රීඩාවන්ට බෙහෙවින් ප්‍රිය කළහ. අවාසනාවට දැන් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් කාලය ගෙවන්නේ පරිගණක ක්‍රීඩා සමග වීම කණගාටුවට කරුණකි. අප විසින් එළිමහන් ක්‍රීඩා වලින් ලබන තෘප්තිය එහි ඇති උපරිම ප්‍රයෝජනයයි. භෞතික ප්රතිලාභ ද නැතුවා නොවේ. නමුත් මේ හැම ක්‍රීඩාවක් ම මෘදු ලෙසින් සිදු කළ හැකි ඒවා නොවේ. එවිටකදී දිවීමට, පැනීමට වැනි ඇඟ වෙහෙසවන ක්‍රියාවල මෙන්ම සමහර විට දී අනාරක්ෂිත ක්‍රියාකාරකම්වල යෙදීමට ද සිදු විය හැක.

අනෙක් අතට ක්‍රීඩාවකදී පීඩනයක් ද ලැබේ. ක්‍රිකට් තරඟයකින් හෝ රගර් තරඟයකින් පසු පරාජයට පත් පිල විසින් ජයගත් පිලට හෝ එහි අනුග්රහකයින්ට පහර දීම වැනි අවස්ථා ලංකාවේ අළුත් දේ නොවේ. ඒ අනුව පෙනෙන්නේ ක්‍රීඩාවක දී ලැබෙන ජය සහ පරාජය අනුව මානසික පීඩනයක් ද හට ගන්නා බව නොවේ ද? මානසික පීඩනය ක්‍රීඩකයෙකුගේ භෞතික ක්‍රියාකාරීත්වය කෙරේ ද බලපායි. ඒ අනුව මාංශපේශී තද කිරීමට, නම්‍යශීලීත්වය අවම කිරීමට, ඉක්මණින් මහන්සි ඇති කිරීමට වැනි සෘණාකාරී දේ ඇති කිරීමට මානසික පීඩනය හේතුකාරී වේ. බලන්න, බොහෝ අවස්ථා වලදී ක්‍රීඩාවේ දී ජයග්‍රහණය ලබන්නේ සැහැල්ලුවෙන් සිටින, මනා ඒකාග්‍රතාවයෙන් යුතු තැනැත්තා නොවේද කියා. එසේම හොඳින් හුස්ම ගන්නා සහ සමතුලිතතාවය පවත්වා ගන්නා තැනැත්තා නොවේද කියා. තායි චී අවසානයට කී මේ සියල්ල ඔබට ලබා දේ.

නොකඩවා තායි චී පුහුණු වීම සමගින් ඔබට ඔබ තෝරා ගත් ක්‍රීඩාව කුමක් වූවත්, එහි ස්වභාවය නොතකා ඔබගේ ක්‍රියාව වර්ධනය කර ගත හැක. ඔබගේ සිරුර නිවැරදිව තබා ගන්නේ කෙසේද, නිවැරදිව ඔබේ සිරුර චලනය කරන්නේ කෙසේද යන්න තායි චී මගින් ඔබට පුහුණු කරයි. එසේම ඔබේ මනස සැහැල්ලු කර මාංශ පේශීන් ඉහිල් කර අඩු වෙහෙසකින් වැඩි ප්‍රතිඵල ලබා ගැනීමට එය ඔබව පුහුණු කරනවා ඇත. එසේම තායි චී ඇඟ උණුසුම් කරන ව්‍යායාම් පද්ධතියක් ලෙසින් ද ඔබගේ ක්‍රීඩාවේ ආරම්භයේ දී සහ අවසානයේ දී උපකාරී වනු ඇත.

ළමයින්ට තායි චී

වර්ධනයවන ලමා සිරුරට, නිසි වර්ධනය සඳහා ආහාර මෙන්ම නොයකුත් චලනයන් අවශ්‍ය වේ. බලන්න අද සමහරක් පොඩි දරුවන්ගේ හැටි. සමහරකගේ බර. ක්‍රීඩාශීලීබව ස්වභාවිකවම ළමයින්ට ලැබේ. මේ ක්‍රීඩාශීලීබව නිසාවෙන් ඔවුන් සිරුරට අවශ්‍ය ව්‍යායාම් පමණක් නොව අනිකුත් ළමයින් සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ අත්දැකීම ද ලබා ගනී. මේ සඳහා එළිමහනේ සිදු කරන ක්‍රියාකාරකම් බෙහෙවින් උපකාරී වේ. ඉස්සරනම් අපට මේ සඳහා ඇති තරම් ඉඩ තිබුණි.

කෙසේවෙතත් වර්තමාන සමාජයේ, විශේෂයෙන්ම නගරබදව බහුතර පවුල්වලට ඇත්තේ පුංචි ඉඩ කඩකි. එහි ළමයින්ට සෙල්ලම් කිරීමට තරම් ඉඩක් නැත. එසේම සදීප ලක්ෂාන්, සේයාගේ සිදුවීම් වැනි දේ සමග බාහිරින් දරුවන්ට ඇති විය හැකි අනතුරු ගැන බිය ද පවතී. අද දෙමව්පියන්ට සහ ළමයින්ට ඇති ‘busy’නැත්නම් අවිවේකී දිවිපැවැත්ම ළමයින් සමග එළිමහනක ක්‍රීඩා කිරීමට ලබා දෙන්නේ ද අඩු කාලයකි.

ළමයින්ගේ වර්ධනයට ව්‍යායාම් අවශ්‍ය වන බව දන්නා නිසා අප සිහි තබා ගත යුත්තේ වැරදි ආකාරයේ ක්‍රීඩාවන් මගින් ඔවුන්ගේ ජිවිතයට අනතුරු ද ඇති විය හැකි බවයි. මෙනිසා දරුවන්ට කායිකව මෙන්ම මානසිකව ගැලපෙන ක්‍රීඩා හඳුන්වා දීම දෙමව්පියන්ට ඇති වගකීමකි.

තායි චී ඕනෑම වයසක, ඕනෑම ශාරීරික මට්ටමක් ඇත්තකුට උචිත වේ. ළමයින් සම්බන්ධයෙන් ගත් විට එය ඔවුන්ගේ වර්ධනයට මනා පිටුවහලකි. එසේම ඒ මගින් දරුවාගේ කායික වර්ධනය පමණක් නොව මානසික වර්ධනය ද සිදු කරයි.

ගැබිණි සමය සහ තායි චී

ගැබිණි සමයේ ව්‍යායාම් සිදු කිරීම මනා ප්රතිලාභ ලබා දෙයි. අතීතයේ කාන්තාවෝ මේ ගැන දැන සිටියේ රෝහල් වලට ගොස් නොවේ. ප්රශ්නය ඇත්තේ කුසයේ සිටින දරුවාටත්, මවටත් දෙදෙනාටම අනතුරක් නොවන ව්‍යායාම් හඳුනා ගන්නේ කෙසේ ද යන්නයි. එයට ඇති හොඳම විසඳුමකි තායි චී. ඔබ ගර්භනී නම් තායි චී ඔස්සේ ඔබට මෘදු නමුත් ආරක්ෂිත දරු උපතක අත්දැකීමක් ලබා ගැනීමට හැකියාව ඇත.

ගැබිනි සමයේ දී නිවැරදි ඉරියව් මවට ඉතාමත් වැදගත් වේ. බොහෝ ගැබිනි මව්වරුන් කොන්දේ අපහසුතාවලින් පීඩා විඳී. ඔබගේ කොන්ද සෘජුව තබා ගැනීම මීට බෙහෙවින් වැදගත් වේ. මේ සඳහා තායි චී පුහුණුව ඔබට උපකාර කර ගත හැක. යම් විටක ඔබට නැවීමට අවශ්‍යනම් දණහිසෙන් නැවෙන්න. ඔබගේ කළවා ශක්තිමත් කර ගැනීම සඳහා තායි චී බෙහෙවින් උපකාර වේ. විශේෂයෙන්ම ගැබිණි සමයේ දී බරක් උසුලීමේ දී දැනෙන අපහසුව වැඩි නිසාවෙන් ශක්තිමත් කළවා තිබීම ගැබිණියකට උපකාරයකි. නැවීමේ දී අදාළ කාර්යය කළවා වලට භාර දෙන්න. එසේම තායි චී පුහුණුවන්නාගේ රුධිර පද්ධතිය මනා කොට ක්‍රියාකාරීවන නිසා එය ගැබිණි මවකට වේදනාකාරී නොවන දරු ප්‍රසූතියක් සඳහා මෙන්ම දවස පහසුවෙන් ගෙවීමට ද උපකාරී වනු ඇත.

තායි චී පුහුණුව ආරම්භයේ දී පටන්ම පුහුණුවන්නාට ලැබෙන ප්‍රතිලාභයක් වන්නේ සැහැල්ලුවයි. ගැබිණි සමයේ දී මෙය ඉතාමත් ප්‍රයෝජනවත් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. අනිත් අතට නිවැරදි ලෙසින් ශ්වසන ක්‍රියාවලියේ යෙදීම ගැබිණියගේත්, ඇගේ කුසේ සිටින දරුවාගේත් සෞඛ්‍ය තත්ත්වයට හේතු වේ. එය තායි චී පුහුණුවෙන් ලබා ගත හැක.

තායි චී පුහුණුවේ දී ඔබගේ උඩු කය කොටසට ලබා දෙන පුහුණුව විශේෂයෙන්ම අත් වලට ලබා දෙන පුහුණුව දරුවා වඩා ගෙන සිටීම සඳහා පිටුවහලක් වේ. එසේම අද බොහෝ කාන්තාවන් දරුවන් ලැබීමෙන් පසු තම සිරුර අවලස්සනවීම ගැන දුක් වූවත් නොකඩවා තායි චී පුහුණුවීම තුළින් ස්වභාවිකවම ඒ තත්ත්වය මග හැරවා ගැනීමට හැකියාව ලැබෙන බව කියන්නේ සතුටිනි.

තවත් කරුණක් සඳහන් කළ යුතු ය. දරු උපතින් පසු සමහරක් මව් වරුන් මානසික ආතතියට පත් වෙයි. තායි චී හි ඇති භාවනාමය අංශය එකී තත්ත්වය සඳහා විසඳුමක් වනු ඇත. කෙසේවෙතත් බෞද්ධ භාවනාවෙන් ලැබෙන උපරිම ප්‍රතිඵලය මේ තුළින් නොලැබේ. නමුත් අපට බෞද්ධයන් ලෙසින් එකී අංගය මේ සඳහා මුසු කර ගැනීමෙන් වැඩි ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ඇත.

එනමුත් එක් එක් කාන්තාවන්ගේ ශාරීරික ස්වභාවයන් වෙනස් නිසාවෙන් ගර්භනී සමයේ තායි චී පුහුණු වීමේ දී තමන්ගේ වෛද්‍යවරයාගේ උපදෙස් ලබා ගැනීම ද වැදගත් බව සිහි තබා ගත යුතු වේ.

[QUOTE="hpalpola, post: 19105817, member: 321413"] [SIZE="4"] කෝ අප්පා කවුරුවත් කොමන්ටුවකින්වත් දිරි ගැන්වීමක් නෑ නේ. කමක් නෑ. යහපත් දේ බෙදා ගමු. [/SIZE] [CENTER]**************[/CENTER] [SIZE="4"]යමක් ලබා ගැනීම සඳහා යම් කැප කිරීමක් කිරීමට සිදු වන්නේ යැයි ඔබ අසා ඇතිවාට සැකයක් නැත. සමහරක් අවස්ථා වලදී යම් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා වේදනා විඳීමට පවා සිදු වේ. උදාහරණයකට බලන්න ශාරීරික වර්ධන ව්‍යායාම්. මෙකී ව්‍යායාම්වලින් අප බලාපොරොත්තු වන්නේ සිරුර අලංකාරවත් ලෙසින් වර්ධනය කරවා ගැනීමටයි. එහි කිසිදු වරදක් නැත. නමුත් මේ සඳහා වේදනාකාරී ගමනක් යාමට සිදු වේ. දණහිස් රිදීම්, බඩ රිදීම් වැනි දේ අනිවාර්යෙන්ම විඳීමට සිදු වේ. තායි චී සම්බන්ධයෙන් ගත් විට භෞතිකව හෝ මානසිකව, වේදනාව සඳහා ඉඩක් නැත. ඔබගේ සිරුරේ අවධානම් කලාපය වේදනාවෙන් පෙන්නුම් කරන අතර ඔබ එය ඔබේ වුවමනාවෙන් ම අත හැර දමනු ලැබේ. නමුත් අපහසුකාරීබව වෙනම කතාවකි. දිගු කලක් තිස්සේ ක්‍රියාශීලී නොකළ මාංශ පේශීන්, ව්‍යායාම කිරීම ආරම්භ කළ විට අපහසුකාරී බවක් ඇති කරනු ඇත. කුදු වී කාලයක් ගමන් ගෙන පුරුදු ඇත්තෙකුට එක්වරම කොන්ද කෙලින් තබා ගැනීම පහසුකාරී බවක් ඇති නොකරයි. මානසික තත්ත්වය විමසීමේ දී අප විසින් නිතරම බලය යෙදීමට සහ ශක්තිය තදින් බැහැර කිරීමට පුරුදු වී ඇත්නම්, හිමින් සීරුවේ, සැහැල්ලුවෙන් හැසිරීමට යාමේ දී මානසිකව අපහසුකාරීබවක් දැනෙනු ඇත. තායි චී හි එක් විශේෂත්වයක් වන්නේ එය වේදනාව සහ අපහසුකාරීත්වය යන අංග දෙකේ වෙනස හඳුනා ගැනීමට අවස්ථාව සැළැස්වීමයි. අපහසුදායීබව දැනෙන්නේ වේදනාව දැනෙන ආකාරයට නොවේ. වේදනාව දැනෙන තැන සොයා ගැනීමට හැකියාව ඇතත්, අපහසුදායීබව එසේ සොයා ගැනීමට නොහැක. ඇත්තෙන්ම එය මුළු සිරුර පුරාම පැතිර ඇති ලෙසිනි දැනෙන්නේ. ඉතින් යම් හෙයකින් ඔබ තායි චී පුහුණුවන අවස්ථාවක දී මේ ගතිය දැනෙන්නේනම්, කරුණාකර පුහුණුව නතර කර විවේක ගන්න. අපහසුකාරීත්වය බෙහෙත් වලින් ඉවත් කළ හැක්කක් නොවේ. නමුත් ඔබගේ පුහුණුව මගින් ක්රිමයෙන් අඩු කර ඉවත් කළ හැක්කකි. තායි චී පුහුණුවේ දී දැනෙන අපහසුදායීත්වය, වේදනාවක් බවට පත් කර ගැනීමට තරම් නොඉවසිලිමත් නොවන්න. ඔබේ සිරුරට මෙන්ම මනසට ද කාලය දෙන්න. ඔබ පුහුණු වන්නේ තදින් ද සැහැල්ලුවෙන් ද වේගවත්ව ද සෙමින් ද යන්න විනිශ්චය කළ හැක්කේ ඔබටම පමණි. මේ විනිශ්චය කිරීමේ ක්‍රියාවලිය මුලදී අපහසුකාරී වූවත් ක්‍රමයෙන් පහසු වනු ඇත. එසේම එය ඔබගේ ජීවිතයට නොයෙකුත් අවස්ථා වලදී යොදා ගත හැකි පාඩම් රැසක් උගන්වනු ඇත. උදාහරණයකට, යම් චලනයක් කෙතරම් දුරකට සිදු කළ හැකිද යන්න සම්බන්ධයෙන් ඔබ විසින් කරනු ලබන විනිශ්චය ඔබගේ දිවියේ අනෙකුත් අවස්ථා වලදී ඕනාවට වඩා වැඩ පෙන්විය යුතු අවස්ථාවන් පෙන්වා දෙයි. ඇත්තෙන්ම ඔබට කළ හැක්කේ ඔබට කළ හැකි දේ පමණි. නමුත් පුහුණුව සමග ඔබට එය වැඩි දියුණු කර ගත හැක. මීළඟට අපි තායි චී සහ විශේෂ අවස්ථා කීපයක් ගැන සළකා බලමු. [B][CENTER]තායි චී සහ මහලු විය [/CENTER][/B] දිනෙන් දින අප සමාජයේ වයස්ගත ජන ගහනය වර්ධනය වේ. ලංකාවේ පමණක් නොව ලෝකයේම තත්ත්වය එයයි. මෙනිසා වයස්ගත ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ලෝකයේම කතා බහට ලක් ව තිබේ. ඔබ වැඩිහිටියෙක්නම්, තායි චී යනු ආරක්ෂාකාරීව පුහුණු විය හැකි මෘදු, සෙමින් සිදු කරන ව්‍යායාම් ක්රමයකි. තමන්ගේ සමවයසේ තමන්ට වඩා සෞඛ්‍ය සම්පන්නයැයි සැලකෙන අයවලුන් සමග කරට කර ඊට වඩා අඩු මට්ටමක සෞඛ්යන මට්ටමක් පවතින කෙනකුට වුවද මේ කලාවේ ප්‍රතිඵල ලබා ගත හැක. නමුත් ඔබට තායි චී සමග ඔබගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් සැකයක් පවතින්නේනම්, වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් යහපත් වන්නේ එවිට එකඟ වූ සිතකින් පුහුණු විය හැකි නිසාවෙනි. බොහෝ වයස්ගත පුද්ගලයන්ට මහලුවියේ දී ප්රශ්නකාරී වෙන්නේ ඔවුන්ගේ ඉරියව් බව නොරහසකි. මේවායින් බොහොමයක්, කාලයක් තිස්සේ වැරදි ඉරියව් පුහුණුවීම නිසාවෙන් ඇතිවෙන ප්රශ්නයන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ ප්‍රශ්න නිවැරදි කිරීම සඳහා හොඳම විසඳුමකි තායි චී. නිවැරදි සහ යහපත් ඉරියව් සමග ඒ හා බැඳුනු ප්රතිලාභ ලබා ගත හැක. සරලවම කියන්නේනම්, සෑම තැනැත්තකුට මෙන්ම වැඩිහිටියන්ට ද තායි චී හි ප්‍රතිඵල එක සේ ම ලැබේ. මේ සම්බන්ධයෙන් සිදු කර ඇති පර්යේෂණයන් අන්තර්ජාලයෙහි දක්වා ඇති අතර ඔබට ඒවා බැලීමෙන් මේ තත්ත්වය පැහැදිලි කර ගත හැක. විශේෂයෙන්ම වැඩිහිටි වියේ දී සමතුලිත නොවීම හෝ සමහර හේතූන් නිසා සිදු වන බිම වැටීම් තායි චී පුහුණුවන්නන් අතර අවම බව එවන් පර්යේෂණයක දී අනාවරණය කර ගෙන තිබේ. (හැකිනම් බලන්න Tai chi and postural control in the well elderly ලිපිය.) [CENTER][IMG]http://media.morristechnology.com/webmedia/upload/santa_clarita/article/1019_seniors_Tai_Chai_dw_02.jpg[/IMG][/CENTER] [B][CENTER]තායි චී සහ අනිකුත් ක්‍රීඩා[/CENTER][/B] අද මෙන් නොව දැනට කලකට පෙර ලංකාවේ ලමයින්ද, තරුණයින් ද එළිමහනේ කරන ක්‍රීඩාවන්ට බෙහෙවින් ප්‍රිය කළහ. අවාසනාවට දැන් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් කාලය ගෙවන්නේ පරිගණක ක්‍රීඩා සමග වීම කණගාටුවට කරුණකි. අප විසින් එළිමහන් ක්‍රීඩා වලින් ලබන තෘප්තිය එහි ඇති උපරිම ප්‍රයෝජනයයි. භෞතික ප්රතිලාභ ද නැතුවා නොවේ. නමුත් මේ හැම ක්‍රීඩාවක් ම මෘදු ලෙසින් සිදු කළ හැකි ඒවා නොවේ. එවිටකදී දිවීමට, පැනීමට වැනි ඇඟ වෙහෙසවන ක්‍රියාවල මෙන්ම සමහර විට දී අනාරක්ෂිත ක්‍රියාකාරකම්වල යෙදීමට ද සිදු විය හැක. අනෙක් අතට ක්‍රීඩාවකදී පීඩනයක් ද ලැබේ. ක්‍රිකට් තරඟයකින් හෝ රගර් තරඟයකින් පසු පරාජයට පත් පිල විසින් ජයගත් පිලට හෝ එහි අනුග්රහකයින්ට පහර දීම වැනි අවස්ථා ලංකාවේ අළුත් දේ නොවේ. ඒ අනුව පෙනෙන්නේ ක්‍රීඩාවක දී ලැබෙන ජය සහ පරාජය අනුව මානසික පීඩනයක් ද හට ගන්නා බව නොවේ ද? මානසික පීඩනය ක්‍රීඩකයෙකුගේ භෞතික ක්‍රියාකාරීත්වය කෙරේ ද බලපායි. ඒ අනුව මාංශපේශී තද කිරීමට, නම්‍යශීලීත්වය අවම කිරීමට, ඉක්මණින් මහන්සි ඇති කිරීමට වැනි සෘණාකාරී දේ ඇති කිරීමට මානසික පීඩනය හේතුකාරී වේ. බලන්න, බොහෝ අවස්ථා වලදී ක්‍රීඩාවේ දී ජයග්‍රහණය ලබන්නේ සැහැල්ලුවෙන් සිටින, මනා ඒකාග්‍රතාවයෙන් යුතු තැනැත්තා නොවේද කියා. එසේම හොඳින් හුස්ම ගන්නා සහ සමතුලිතතාවය පවත්වා ගන්නා තැනැත්තා නොවේද කියා. තායි චී අවසානයට කී මේ සියල්ල ඔබට ලබා දේ. නොකඩවා තායි චී පුහුණු වීම සමගින් ඔබට ඔබ තෝරා ගත් ක්‍රීඩාව කුමක් වූවත්, එහි ස්වභාවය නොතකා ඔබගේ ක්‍රියාව වර්ධනය කර ගත හැක. ඔබගේ සිරුර නිවැරදිව තබා ගන්නේ කෙසේද, නිවැරදිව ඔබේ සිරුර චලනය කරන්නේ කෙසේද යන්න තායි චී මගින් ඔබට පුහුණු කරයි. එසේම ඔබේ මනස සැහැල්ලු කර මාංශ පේශීන් ඉහිල් කර අඩු වෙහෙසකින් වැඩි ප්‍රතිඵල ලබා ගැනීමට එය ඔබව පුහුණු කරනවා ඇත. එසේම තායි චී ඇඟ උණුසුම් කරන ව්‍යායාම් පද්ධතියක් ලෙසින් ද ඔබගේ ක්‍රීඩාවේ ආරම්භයේ දී සහ අවසානයේ දී උපකාරී වනු ඇත. [B][CENTER]ළමයින්ට තායි චී [/CENTER][/B] වර්ධනයවන ලමා සිරුරට, නිසි වර්ධනය සඳහා ආහාර මෙන්ම නොයකුත් චලනයන් අවශ්‍ය වේ. බලන්න අද සමහරක් පොඩි දරුවන්ගේ හැටි. සමහරකගේ බර. ක්‍රීඩාශීලීබව ස්වභාවිකවම ළමයින්ට ලැබේ. මේ ක්‍රීඩාශීලීබව නිසාවෙන් ඔවුන් සිරුරට අවශ්‍ය ව්‍යායාම් පමණක් නොව අනිකුත් ළමයින් සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ අත්දැකීම ද ලබා ගනී. මේ සඳහා එළිමහනේ සිදු කරන ක්‍රියාකාරකම් බෙහෙවින් උපකාරී වේ. ඉස්සරනම් අපට මේ සඳහා ඇති තරම් ඉඩ තිබුණි. කෙසේවෙතත් වර්තමාන සමාජයේ, විශේෂයෙන්ම නගරබදව බහුතර පවුල්වලට ඇත්තේ පුංචි ඉඩ කඩකි. එහි ළමයින්ට සෙල්ලම් කිරීමට තරම් ඉඩක් නැත. එසේම සදීප ලක්ෂාන්, සේයාගේ සිදුවීම් වැනි දේ සමග බාහිරින් දරුවන්ට ඇති විය හැකි අනතුරු ගැන බිය ද පවතී. අද දෙමව්පියන්ට සහ ළමයින්ට ඇති ‘busy’නැත්නම් අවිවේකී දිවිපැවැත්ම ළමයින් සමග එළිමහනක ක්‍රීඩා කිරීමට ලබා දෙන්නේ ද අඩු කාලයකි. ළමයින්ගේ වර්ධනයට ව්‍යායාම් අවශ්‍ය වන බව දන්නා නිසා අප සිහි තබා ගත යුත්තේ වැරදි ආකාරයේ ක්‍රීඩාවන් මගින් ඔවුන්ගේ ජිවිතයට අනතුරු ද ඇති විය හැකි බවයි. මෙනිසා දරුවන්ට කායිකව මෙන්ම මානසිකව ගැලපෙන ක්‍රීඩා හඳුන්වා දීම දෙමව්පියන්ට ඇති වගකීමකි. තායි චී ඕනෑම වයසක, ඕනෑම ශාරීරික මට්ටමක් ඇත්තකුට උචිත වේ. ළමයින් සම්බන්ධයෙන් ගත් විට එය ඔවුන්ගේ වර්ධනයට මනා පිටුවහලකි. එසේම ඒ මගින් දරුවාගේ කායික වර්ධනය පමණක් නොව මානසික වර්ධනය ද සිදු කරයි. [CENTER][IMG]https://s-media-cache-ak0.pinimg.com/736x/f2/5a/72/f25a7276a10356c5c306fd40f8181074.jpg[/IMG][/CENTER] [B][CENTER]ගැබිණි සමය සහ තායි චී [/CENTER][/B] ගැබිණි සමයේ ව්‍යායාම් සිදු කිරීම මනා ප්රතිලාභ ලබා දෙයි. අතීතයේ කාන්තාවෝ මේ ගැන දැන සිටියේ රෝහල් වලට ගොස් නොවේ. ප්රශ්නය ඇත්තේ කුසයේ සිටින දරුවාටත්, මවටත් දෙදෙනාටම අනතුරක් නොවන ව්‍යායාම් හඳුනා ගන්නේ කෙසේ ද යන්නයි. එයට ඇති හොඳම විසඳුමකි තායි චී. ඔබ ගර්භනී නම් තායි චී ඔස්සේ ඔබට මෘදු නමුත් ආරක්ෂිත දරු උපතක අත්දැකීමක් ලබා ගැනීමට හැකියාව ඇත. ගැබිනි සමයේ දී නිවැරදි ඉරියව් මවට ඉතාමත් වැදගත් වේ. බොහෝ ගැබිනි මව්වරුන් කොන්දේ අපහසුතාවලින් පීඩා විඳී. ඔබගේ කොන්ද සෘජුව තබා ගැනීම මීට බෙහෙවින් වැදගත් වේ. මේ සඳහා තායි චී පුහුණුව ඔබට උපකාර කර ගත හැක. යම් විටක ඔබට නැවීමට අවශ්‍යනම් දණහිසෙන් නැවෙන්න. ඔබගේ කළවා ශක්තිමත් කර ගැනීම සඳහා තායි චී බෙහෙවින් උපකාර වේ. විශේෂයෙන්ම ගැබිණි සමයේ දී බරක් උසුලීමේ දී දැනෙන අපහසුව වැඩි නිසාවෙන් ශක්තිමත් කළවා තිබීම ගැබිණියකට උපකාරයකි. නැවීමේ දී අදාළ කාර්යය කළවා වලට භාර දෙන්න. එසේම තායි චී පුහුණුවන්නාගේ රුධිර පද්ධතිය මනා කොට ක්‍රියාකාරීවන නිසා එය ගැබිණි මවකට වේදනාකාරී නොවන දරු ප්‍රසූතියක් සඳහා මෙන්ම දවස පහසුවෙන් ගෙවීමට ද උපකාරී වනු ඇත. තායි චී පුහුණුව ආරම්භයේ දී පටන්ම පුහුණුවන්නාට ලැබෙන ප්‍රතිලාභයක් වන්නේ සැහැල්ලුවයි. ගැබිණි සමයේ දී මෙය ඉතාමත් ප්‍රයෝජනවත් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. අනිත් අතට නිවැරදි ලෙසින් ශ්වසන ක්‍රියාවලියේ යෙදීම ගැබිණියගේත්, ඇගේ කුසේ සිටින දරුවාගේත් සෞඛ්‍ය තත්ත්වයට හේතු වේ. එය තායි චී පුහුණුවෙන් ලබා ගත හැක. තායි චී පුහුණුවේ දී ඔබගේ උඩු කය කොටසට ලබා දෙන පුහුණුව විශේෂයෙන්ම අත් වලට ලබා දෙන පුහුණුව දරුවා වඩා ගෙන සිටීම සඳහා පිටුවහලක් වේ. එසේම අද බොහෝ කාන්තාවන් දරුවන් ලැබීමෙන් පසු තම සිරුර අවලස්සනවීම ගැන දුක් වූවත් නොකඩවා තායි චී පුහුණුවීම තුළින් ස්වභාවිකවම ඒ තත්ත්වය මග හැරවා ගැනීමට හැකියාව ලැබෙන බව කියන්නේ සතුටිනි. තවත් කරුණක් සඳහන් කළ යුතු ය. දරු උපතින් පසු සමහරක් මව් වරුන් මානසික ආතතියට පත් වෙයි. තායි චී හි ඇති භාවනාමය අංශය එකී තත්ත්වය සඳහා විසඳුමක් වනු ඇත. කෙසේවෙතත් බෞද්ධ භාවනාවෙන් ලැබෙන උපරිම ප්‍රතිඵලය මේ තුළින් නොලැබේ. නමුත් අපට බෞද්ධයන් ලෙසින් එකී අංගය මේ සඳහා මුසු කර ගැනීමෙන් වැඩි ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ඇත. එනමුත් එක් එක් කාන්තාවන්ගේ ශාරීරික ස්වභාවයන් වෙනස් නිසාවෙන් ගර්භනී සමයේ තායි චී පුහුණු වීමේ දී තමන්ගේ වෛද්‍යවරයාගේ උපදෙස් ලබා ගැනීම ද වැදගත් බව සිහි තබා ගත යුතු වේ. [CENTER][IMG]http://www.todaysparent.com/wp-content/uploads/2011/11/TaiChi-Sept09-istock.jpg[/IMG][/CENTER] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom