සුහදිනියේ සඟවන් ඍජු බැල්මේ ඇරැයුම්
දෙවියන් දිවැසින් කල ප්‍රතිමාවී දිලෙනා...
සඳමිණියේ ඔබනම් සැණකෙලියයි මගේ නම්
කවියන්ගේ දෑසේ රස සීමා පනිනා...
හීනෙන් රෑ අවුදින් සුවඳක් සේ ලඟ වුන්
සංවරියේ රං සිත කෝ මා පිනනා...
වාත්තු කර ඇති දේහ තලාවට
හේත්තු වෙන්නද හෙවණැල්ලෙන්...
කාන්ති විහිදෙන නයන ඉනාවට
සාන්තුවර සිතෙහී දැල්වෙයි...
හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ
දඟ මෙනවිය ඔබ මා
වල්මත් කල අරුමැසියයි මෙලොවේ...
වීණා බඳ වට කැරකෙන වරලස
අනදෙන හෘද ස්පන්දනයෙන්...
සුසුමේ රිද්මයටම රඟ දෙයි ඔබ මගේ පෘතග්ජන සිතුවිල්ලේ
හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ
රතු නලඟන මගේ හිත අවතැන් කල
එකම ලඳයි මෙලොවේ...
ගායනය : අමරසිරි පීරිස්
දෙවියන් දිවැසින් කල ප්‍රතිමාවී දිලෙනා...
සඳමිණියේ ඔබනම් සැණකෙලියයි මගේ නම්
කවියන්ගේ දෑසේ රස සීමා පනිනා...
හීනෙන් රෑ අවුදින් සුවඳක් සේ ලඟ වුන්
සංවරියේ රං සිත කෝ මා පිනනා...
වාත්තු කර ඇති දේහ තලාවට
හේත්තු වෙන්නද හෙවණැල්ලෙන්...
කාන්ති විහිදෙන නයන ඉනාවට
සාන්තුවර සිතෙහී දැල්වෙයි...
හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ
දඟ මෙනවිය ඔබ මා
වල්මත් කල අරුමැසියයි මෙලොවේ...
වීණා බඳ වට කැරකෙන වරලස
අනදෙන හෘද ස්පන්දනයෙන්...
සුසුමේ රිද්මයටම රඟ දෙයි ඔබ මගේ පෘතග්ජන සිතුවිල්ලේ
හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ
රතු නලඟන මගේ හිත අවතැන් කල
එකම ලඳයි මෙලොවේ...
ගායනය : අමරසිරි පීරිස්