~ සුළඟ මත මොහොතක් ~

AEG

Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113

    මෑතකදි බලපු පට්ටම ටෙලි ඩ්‍රාමා එකක්.... පට්ටම Emotional කතාවක් තියෙන්නෙ... අන්තිම ටික නම් අඬ අඬ තමයි බැලුවෙ.... 2013 වගේ TV එකේ ගියපු එකක්.... youtube ලින්ක් දැම්ම කැමති කෙනෙක් බලන්න....

    Shenal Gunasekera

    "මං ඔයාව හෙව්වා ගොඩක් දවස්..."
    "............."
    "ඔව්... ඔයාව..."
    "............."
    "අපි හම්බවෙලා තියෙනවා...
    "අප්පච්චි එනවා දැන්!"
    "හම්බවෙන්න ඕනේ..."
    "කාවද...?"
    "ඔයාව..."
    "මොකටද?"
    "ඔයා මට කැමති නිසා..."
    "මං කැමති නැත්තං?"
    "ඇති කරගන්න..."
    "මොනවද?"
    "කැමැත්ත..."
    "...... අප්පච්චි!!!"
    "ආයෙ කවද්ද පන්ති එන්නේ?"
    "බදාදා..."
    "කීයට ද?"
    "දෙකට..."
    "ඉවර වෙන්නේ?"
    "පහට..."
    "ඔයා තුනට පන්තියෙන් ඇවිල්ලා, මෙතන්ටම එන්න... අදත් ක්ලාස් කට් කළානේ... මං වෙනුවෙනුත් එක දවසක් දෙන්න..."
    ~ සුළඟ මත මොහොතක් ~
    _______________________
    වැව රවුමේ, මහාමායා එක ළඟ, මල්වතු විහාරෙ ඉස්සරහ, සුදර්ශිය පල්ලෙහා, ලක්සල එහා පැත්තේ, ක්වීන්ස් එක හරියේ, දළදා වීදියේ, ක්ලොක් ටව' එක යට, පැනිදෙනිය බස් හෝල්ට් එකේ, දිගන බස් හෝල්ට් එකේ, කැප්පෙටිපොළ හෝල් එක ළඟ, ගුඩ්ෂෙඩ් එකේ, පොලිසිය ගාව පුෂ්පදාන හෝල්ට් එකේ, කච්චේරිය ඉස්සරහ, සුධර්මාරාමේ මාර ගහ යට, ධම්මදස්සී මාවතේ, ෆස්ට් එක පාමුල, යොවුන් එක ඉස්සරහ, විෂන් එක ඉස්සරහ, පරණ පේරාදෙණිය පාරේ, හීරැස්සගල හන්දියේ, ගැටඹේ හන්දියේ, මේ වගේ තැන් ගොඩක, මේ ඩයලොග්ස් මොනතරම් නං කෙල්ලෝ කොල්ලෝ අතරේ හුවමාරු වෙන්න ඇත් ද?
    මුල්ම වචනේ එළියට දාන්න කලින් කොල්ලෝ කීයක් නං දේවල් හිතන්න ඇත් ද?
    එයා නඟින බස් එක එනකං බස් කීයකට යන්න දෙන්න ඇත්ද?
    පස් මහ බැලුම්, සුබ දිශා, මරු සිටින දිශා, පක්ෂියා උච්ච වෙන නැකැත්, රාහු කාල හැමදේම බේරගෙන බාසාව දාන්න පින්පොයින්ට් වෙලාවක්ම හොයාගන්න කොච්චර මහන්සි වෙන්න ඇත් ද?
    ගැලවිලා විසිවෙන ගාණට, කන් බෙර වැදිලා වැදිලා ලොක් වෙලා පුපුරන ගාණට, කී පාරක් නං පපුව ගැහෙන්න ඇත් ද?
    ඒ කරලත් අහලා උත්තර දුන්නේ නැත්තං එන නෝන්ඩියට, දැනෙන ලැජ්ජාවට, හිතට වද දෙන දුකට දෙන්න උත්තරත් කීයක් නං බැකප් විදිහට තියාගන්න ඇත් ද?
    එහෙම බැකප් තිබිලත් සැටිස් නැති උත්තරයක් ලැබුණොත්, නැත්තං උත්තරයක් ලැබුණේම නැතිවුණොත්, කොච්චර දුක් වෙන්න ඇත් ද?
    තමන් ළඟ කැරකි කැරකී අහන්න යන්නේ මොකද්ද කියන එක ගැන කෙල්ලො මොනතරම් බය වෙන්න ඇත් ද?
    බයක් හිතිලා ඈත්වෙන්න හිතුණත්, මොකද්දෝ හේතුවක් හින්දා එතනම දැවටි දැවටී ඉන්න හිතෙන්න ඇත් ද?
    කැමැත්තක් තිබුණත් කැමති නෑ වගේ අගේ කරන්න හිතිලා ඇත් ද?
    ආදරය කියලා නොදැන, හිතේ ගැස්මක් ඇතිවෙන්න ගන්න, ඒ ඔස්සේ දෙන්නෙක් ඉස්සෙල්ලම කරන, ඒ මුල්ම වචන ගනුදෙනුව මොන තරම් ලස්සනද? ලේසියෙන් විස්තර හොයාගෙන ෆේස්බුක් රික්වෙස්ට් එකක් දාලා ඩිජිටල් ප්ලැට්ෆෝම් එකෙන් කෙළින්ම අප්‍රෝච් කරනවට වඩා, අමාරුවෙන් විස්තර හොයාගෙන, සති ගණන් වද වෙන තැවෙන ඒ සජීවී අවිනිශ්චිත ගනුදෙනුව මොන තරම් ලස්සනද?
    නුවර ආදරය හරි වෙනස්. නුවර ආදරේදී සිද්ධ වෙන ඒ මුල්ම වචන ගනුදෙනුව, හන්තාන කඳු වළල්ලේ වැදි වැදී තියෙනවා මිසක්, එතනින් එහාට කවදාවත් යන්නේ නෑ. කඩුගන්නාවෙන් උඩට නැග්ග ගමන් මුලින්ම දැනෙන්න ගන්න හීතලත් එක්ක, ඒ ලස්සන වචන ගනුදෙනුත් අපි ළඟට එනවා. ඒ දැනෙන හීතලයි, ඉස්සෙල්ලම කතා කරන්න හදද්දී හිතට දැනුණු හීතලයි සමානයි නේද කියලා මට හිතෙනවා.
    තාමත් විශ්වයේ කොහේහරි සිදුහත්ගේ, යශෝදරාගේ හඬ සැරිසරනවා ඇති.
    තාමත් අසංගලා, චාරුලා නුවර දී මුණගැහෙනවා ඇති.
    - ෂෙනාල් ගුණසේකර -

    "
     
    • Like
    Reactions: Heshan Daminda

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    මන් ඔය ඩ්‍රාම එක ටෙලිකාස්ට් වෙන කාලෙම බැලුවෙ. පට්ට. අන්තිමට දුක හිතෙනව ඉතින්.
     
    • Like
    Reactions: AEG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    Quality nm poddk awul wage .. e unata kathawa lassani ..
    වීඩියෝ එක බැලුවෙ නෑ බන්. අර ලියල තියෙන දෙකයි පනහෙ සුජීව ප්‍රසන්න ආරච්චි ටයිප් එකේ හෑල්ල නිසා වීඩියෝ එකත් බලන්න හිතෙන්නෙ නෑ.

    ඔය කතාව මේ ලඟදි ආයෙ සියතෙ ගියා.