Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සූර්යබලය-අවසානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සූර්යබලය-අවසානය

ලංකාවේ කාර්මික අනාගතය රැඳවී ඇත්තේ පවර් නැව් වලද නැත්නම් සූර්ය-ජල හයිබ්‍රිඩ් සංකලනය මතද?

අද සූර්යබලය මුළු ලෝකයේම අඩුමිලට ගන්න පුළුවන් තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ. මේ නිසා සූර්යබල භාවිතයෙන් ලොව ඉදිරියෙන්ම සිටින දේශයන් වන චීනය, ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය , ඔස්ට්‍රේලියාව, ජර්මනිය, මෙක්සිකෝව, දකුණු කොරියාව, තුර්කිය, නෙදර්ලන්තය වැනි රටවල් ඉතාම යුහුසුළුව සූර්යබල භාවිතය වෙත මුලිකත්වයක් දී කටයුතු කරනවා.

ලංකාව පිහිටලා තියෙන්නේ කර්කටක සහ මකර නිවර්තනය අතරමැදිව තියෙන “හිරු තීරුව” නොහොත් Sun Belt එකේ. Sun Belt එකට තමයි වැඩිපුරම හිරු ආලෝකය පතිත වෙන්නේ. SunBelt එකේ තිබෙන හැම රටකටම වසරකට දෙපාරක් ඉර මුදුන්වෙනවා. ලංකාවට ඉර මුදුන්වෙන්නේ අප්‍රේල් සහ සැප්තැම්බර් මාසවල. අපි ඉහත කතා කරපු සූර්ය විදුලිය භාවිතයෙන් ලෝකයේ ඉහලින්ම සහ සාර්ථකම රටවල් 10ය ගත්තොත් , ඉන්දියාව සහ මෙක්සිකෝව හැරුනුකොට අනෙක් හැම රටක්ම Sun Belt එකෙන් බාහිරව තිබෙන රටවල්. ඒ වුනාට ශ්‍රී ලංකාවේ දැනට ජාතික විදුලි පද්ධතියෙන් සුර්යබලයට වෙන්වන්නේ 2% පමණ සුළු ප්‍රතිශතයක්. Sun Belt එක ඇතුලේ ස්ථානගතවත්, හිරු එලිය කාර්යක්ෂමව භාවිතා කිරීමට නොහැකිවීම සැබවින්ම ප්රශ්නාර්ථකාරීයි.

සූර්ය බල සංග්‍රාමය දියත් වුනේ 2016 අවුරුද්දේදී. මෙම වැඩසටහනින් සූර්යබල විදුලිය ලංකාවේ ව්‍යාප්ත කිරීමට ගත් උත්සාහය ඉතා ප්රගතිශීලී බව අවිවාදයෙන්ම කියන්න ඕනෑ. මෙහි අරමුණු වූයේ ලංකාවේ පියසි මිලියනයක් මත සූර්ය බල පද්ධති සවි කිරීමයි. මෙය යෝජනාව මඟින් ලාංකීය ජනතාව සහ ආර්ථිකය, ලංකා විදුලිබල මණ්ඩලය, සූර්යබල ව්‍යවසායකයින් සහ සූර්යබල කර්මාන්තකරුවන් යන පාර්ශවවලට වෙන්වෙන්ව පහත කතා වෙන ප්රතිලාභ ලැබිය යුතුව තිබුනා.

ලාංකීය ජනතාව සහ ආර්ථිකය

ශක්ති සුරක්ෂිතභාවය

සුර්යබලය ස්ථිර සහ සුරක්ෂිත බල ශක්තියක්. සූර්යබල පද්දතියකට අවුරුදු තිහක් වත් කිසිම අමුද්‍රව්‍යයක් නොමැතිව විදුලිය ජනනය කරන්න පුළුවන්. ඒ වගේම සුර්යාවිදුලිය වෙළඳපොල මිල උච්චාවචනයන්, ආර්ථික සම්බාදක, යුද්ධයන්, කැරලි කෝලාහල ආදියෙන් ස්වායක්තයි. ඉන්දියාව ජවහල් ලාල් නේරු ජාතික සූර්ය දූත මෙභෙය (Jawahallal Neru National Solar Mission- JNNSM) දියත් කිරීමේදී ඔවුන්ගේ පළමුවන අපේක්ෂාව වුනේ ශක්තිය කෙතරම් සුරක්ෂිතද යන්නයි. මෙයට Energy Security යනුවෙන් හඳුන්වනවා. ඒ වගේම සූර්ය විදුලියෙහි මිල අවුරුදු 20ක් පුරා කිසිම උච්චාවචනයකට ලක්වන්නේ නැහැ. රුපියල අවප්‍රමාණය වීම නිසා ඇතිවන පාඩුව සූර්යබලය ආයෝජකයා විඳදරා ගත යුතු අතර එම විදුලිය මිලදී ගන්නා වන ලාංකීය ජනතාවට මෙය විශාල වාසියක් සලසනවා. අනෙකුත් පොසිල ඉන්ධන භාවිතයෙන් නිපදවන විදුලිය දිනපතා උච්චාවචනය වෙන අතර එහි වැඩිවීම එක එල්ලේ ජනතාව මත පැටවෙනවා. අපි සරල උදාහරණයක් ගනිමු. අද (2019 දී) පාන් රාත්තලක් රු. 60ක මිලක් වෙනවා , නමුත් අවුරුදු 10කට පෙර එහි මිල රු. 38ක් පමණයි. අද අපිට රු. 38කට පාන් රාත්තලක් මිලදී ගත හැකි වුවහොත් මෙය 37% ක පමණ වට්ටමක්. අපි සූර්ය බලය වැඩි වැඩියෙන් භාවිතයට යෙදවීම මේවගේ දෙයක්. ඒ අදටත් අවුරුදු 10කට පසුවත් අවශ්‍යනම් අවුරුදු 20කට පසුවත් එකම ගණන. නමුත් මේක ජනතාවට දැනෙන්නේ අවුරුදු පතා අඩුවීමක් ලෙසින්.

සූර්යබල සංග්‍රාමයේදී මුල් අවුරුදු හත (7) සඳහා විදුලි ඒකකයකට රු. 22ක් සහ අවසන් අවුරුදු දහතුන (13) සඳහා රු. 15.50 ක් ගෙවීමට යෝජනා උනා. ඇත්තටම අපි ලංකාවේ සාමාන්‍ය උද්දමනය(5%) සමඟ සැසඳූ විට පළමු අවුරුදු හත ගෙවුණු පසු විදුලිබල මණ්ඩලයට සහ ලාංකික ජනතාවට සූර්යබල විදුලිය ලැබෙන්නේ රු. 11.07 ක් වැනි අඩුවෙන් දැනෙන මිලකට. විසිවෙනි අවුරුද්දේ මෙය සාමාන්‍ය ජනතාවට දැනෙන්නේ අද මුදලෙන්නම් රු. 5.85 ක් තරම් පමණයි. මෙය ඩීසල් බලාගාරයකින්, ගල් අඟුරු බලාගාරයකින් හෝ LNG බලාගාරයකින් ගත්තනම් සෑම වසරකම වෙළඳපලේ අමුද්‍රව්‍ය සහ රුපියලේ වෙනස්වීම් ජනතාව දරාගත යුතු වෙනවා.

ශක්ති සුරක්ෂිත ජාතියකට අධි-තාක්ෂණ ආයෝජන වැඩියි.

දැනට කර්මාන්තකරුවෙකු ලංකාවේ ආයෝජනය කරන්නේ ලාභ ශ්‍රමිකයන් නිසා පමණයි. මෙය අධි තාක්ෂණ ආයෝජනයක් වීමටනම් Energy Security කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වනවා. අවාසනාවකට ලංකාවේ බලශක්තිය ඉතාමත් අවිනිශ්චිතයි. මෙම නිසා අධි තාක්ෂණ ආයෝජන බොහොමයක් ඉන්දියාව, කොරියාව, සිංගප්පූරුව වැනි රටවල් වලට ඇදී යනවා.

ලංකා විදුලිබල මණ්ඩලය

සූර්යබල විදුලිය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වැඩි මිලක් ගෙවන බවට මතයක් විදුලිබල මණ්ඩලයේ තියෙනවා. දැනට ගෙවන ගණනේ සාමාන්‍යය විදුලි ඒකකයකට රු 19.00 ක් පමණ. සූර්යබලය ජනනය කරන්නේ විදුළිජාලයේ අග කෙලෙවරේ. විශාල විදුලිබලාගාරයකින් එක් තැනක ජනනය කර පාරිභෝගිකයාට බෙදා හැරීමේදී 10% විදුලිය හානි වෙනවා. තැන තැන විසිරුණු සුර්යබලාගාර වලින් මෙම බෙදාහැරීමේ හානිය සිදුවන්නේ නැහැ. මෙය ඉහත ගණනයන්ට සලකා බැලුවහොත් ලංකා විදුලිබල මණ්ඩලයට ඇත්තටම සූර්යවිදුලි ඒකකයකට වියදම් වන්නේ රු. 17.10ක්. මේ ගණනට ගන්න විදුලිය අවුරුදු 5කට මෙහා නැහැ.

සූර්යබල විදුලියේ තවත් ප්‍රශ්නයක් වන්නේ එය ලබාගත හැක්කේ දිවා කාලයේදී පමණක් වීම. එමෙන්ම වර්ෂා කාලයේදී සූර්ය බලයේ ඇති අවිනිශ්චිත ස්වභාවය. මෙය මගහැරීමට සූර්යබල-ජලවිදුලි සංයුක්ත (hybrid) පද්ධති පාලනයක අවධානය යොමුකිරීම වටිනවා. මෙම සංකල්පයේදී දිවා කාලයේදී උදක්ම අත්‍යවශ්‍ය ජලවිදුලි ප්‍රමාණයක් පමණයි පද්දතියට එකතුකරන්නේ. තවද පද්ධතිය නම්‍යශීලී කිරීමට මධ්‍ය ප්‍රමාණ ශක්ති ගබඩා කිරීමේ බැටරියක් අවශ්‍ය වෙනවා. දැනට lithium -ion බැටරියක 1 kWh එකක මිල ඇ. ඩොලර් 400ක් පමණ වෙන අතර සීග්‍රයෙන් පහල බසිමින් පවතිනවා. මේ බැටරියක් අවුරුදු 10කට වඩා කාලයක ජීවන කාලයක් තියෙනවා. වැසි කාලයට ප්‍රමාණවත් ජල විදුලියක් ජනනය කර ගත හැකි නිසා, සූර්යබල අඩුව ඌනපුර්ණය කරගන්න පුළුවන්. මේ සංකල්පය තව දුරටත් සංවර්ධනය කල හැකියි.

මේ සංකල්පයේ වියදම මාධ්‍ය ප්‍රමාණයේ මෙගාවොට් පැය 400 ක පමණ බැටරිය පමණයි. දළ ගණනය කිරීම්වලදී මධ්‍ය ප්‍රමාණ Li -Ion බැටරි වල වියදම ඇ. ඩොලර් මිලියන 160ක් පමණද, එයින් ඇතිකර ගත හැකි ශක්ති ගබඩා කිරීමේ නම්‍යශීලිතාවය එමෙන් දස ගුණයකට වැඩියි.

අපි මේ ගණනය 2017 වර්ෂය සඳහා කරමු. 2017දී, ගිගාවොට් පැය 3,100ක් , ජලවිදුලියෙන් නිෂ්පාදනය කරනවා. ජල විදුලි බලාගාරවලින් 50%ක් ශක්ති ගබඩා කිරීමේ (Energy Storage Stations) වලට හරවා ගතහොත් අපිට මෙගාවොට් පැය 5,300 (MWh ) ක් විශාල ශක්ති ගබඩා කිරීමේ නම්‍යතාවයක් හිමිවෙනවා. මෙහි වටිනාකම Li -Ion බැටරි වල අගයෙන් ගණනය කලොත් ඇ. ඩොලර් බිලියන 2.1ක්.

අපි මෙයත් සමඟ ළඟදී ඉදිරිපත් වුනු කාපවර්ශිප් (KARPOWERSHIP) මෙගාවොට් 400 හි යෝජනාව සලකා බලමු. දැනට අප දන්නා පරිදි මෙය විදුලි ඒකකයකට රු. 26 ක පමණ මුදලකට විදුලි මිලදී ගැනීමක් සඳහා අවුරුදු දෙකක ගිවිසුමකට යටත්ව යෝජනා වී තියෙනවා. ඒ සමඟම මෙම විදුලි නැව් වලින් අඩුම වශයෙන් 70% ක් විදුලිය ලබාගත යුතු අතර, එසේ නොකලත් 70% විදුලියක් සඳහා අනිවාර්ය (mandatory take or pay) ගෙවීමක් කල යුතු වෙනවා. මෙය අවුරුද්දකට ගිගාවොට් පැය 2,500 ක් පමණ. මෙය ආසන්න වශයෙන් රු. බිලියන 65 ක් , නොඑසේනම් ඇ. ඩොලර් මිලියන 370ක් පමණ වෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය එක්කෝ මේ ගිගාවොට් පැය 2,500 ය පරිභෝජනය කල යුතුය, කලා හෝ නොකලා හෝ KARPOWERSHIP එකට රු. බිලියන 64ක් ගෙවන්න වෙනවා. 2017 වර්ෂයේ මුළු ජලවිදුලි නිෂ්පාදනය ගිගාවොට් පැය 3,100 කි. මේ මුළු ජල විදුලි නිෂ්පාදනයෙන් 80% ක පමණ ප්‍රමාණයකට නොඑසේනම් ලංකාවේ අපේක්ෂිත මුළු විදුලි පරිභෝජනයෙන් 17% ක් සමාන ප්‍රමාණයක් තුර්කි සමාගමකින් මිලදී ගැනීමට නියමිතව තියෙනවා. මෙහිදී ගෙවිය යුතු රු. බිලියන 65, ලංකා විදුලි බල මණ්ඩලයේ 20,000 ක් පමණ සේවක පිරිසෙහි මුළු පඩි නඩි සහ අනෙකුත් සියලු වියදම් මෙන් 145% ක පමණ මුදලක් වෙනවා. මෙම මුදල සෑම පරිබෝජනය කරන විදුලි ඒකකයකටම රු. 4.50 ක අති විශාල අධිභාරයක් එකතු කරනවා. එය දැනට විදුලි ඒකකයක් පාරිභෝගිකයාට පිරිනැමීමට යන වියදම වන රු. 22 කට එකතු වූ විට, විදුලි ඒකකයක දල නිෂ්පාදිත වියදම රු. 26.50 දක්වා ඉහල දමනවා. දැනට විදුලිය විකිනනු ලබන්නේ රු. 16 ක සාමාන්‍ය මිලටයි. එනිසා , ලංකා විදුලිබල මණ්ඩලය සෑම විකිනෙන විදුලි ඒකකයකින් රු.10.50 ක අලාබයක් විඳීමට සිදුවෙනවා. එමනිසා අපේක්ෂිත පාඩුව වසරකට බිලියන 150 ක් වැනි දැවැන්ත අගයක් වනු ඇති අතර එය අනිවාර්යයෙන්ම රාජ්‍ය ආයතනයක් එදා මෙදා තුර ලබන දැවැන්තම පාඩුව ලෙස වාර්තා පොත් වලට එකතුවීමට නියමිතය.

මෙයට සාපේක්ෂව සූර්ය බල සංග්‍රාමය වර්ෂයකට දැනට නිපදවන්නේ ගිගාවොට් පැය 280කි එය ලංකාවේ මුළු විදුලි පරිබෝජනයෙන් 1.8% පමණ වේ. මෙයට ලංකා විදුලිබල මණ්ඩලයට වැය වනුයේ රු. බිලියන 5.6 ක් මුදලක් පමණි. මෙය විදුලි ඒකකයකට වියදම් වන දල වියදම වන රු. 22ට වඩා අඩුබැවින් විදුලි ඒකකයක මුළු වියදම යම් ප්රමානයකින් අඩු කිරීමටද දායකත්වයක් සපයයි.

සූර්යබල ව්‍යවසායකයින්

සූර්යබල ව්‍යාපාරය ඇත්තටම ජනතාවගේ ව්‍යාපාරයක් වෙලා ඉවරයි. තමාට අවශ්‍ය විදුලිය පවුල් හෝ කර්මාන්තකරුවන් 20,000ක් තමන්ම අඩුමුදලට නිෂ්පාදනය කරනවා. මේ සියලු සුළු ව්‍යවසායකයන් ලංකාව පුරා විසිරී ඇති ගෘහස්ත, සුළු සහ මධ්‍යම කර්මාන්ත හෝ බොහමයක් ශ්‍රී ලාංකිකයන්ට සේවා සපයන මහා පරිමාණ කර්මාන්තශාලයි. මොවුන්, බොහෝ දෙනා උපයන විට අදායම් රජයට ගෙවනු ලබනු අතර සූර්ය බල කට්ටල ආනයනයේදී පවා 65% ක උපාංග වලට ආනයන බදු පවා ගෙවනු ලබනවා. සමහරු සුර්යාවිදුලිය ආරක්ෂිත ආයෝජනයක් ලෙස සලකනවා. මෙයින් ආයෝජකයන්ගේ නිවෙස්වලට සහ කුඩා සහ මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අමතර සහතික කරන ලද මාසික අදායමක් ලැබෙන අතර මුදල් බහුතරයක් ලංකාව ඇතුලත බෙදී යනවා. මෙයින් කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන වියදම අඩු වන අතර ව්‍යාපාරවලට අසීරු කාලයේදී පවා යම් අදායමක් සහතික ( assured income) කෙරෙනවා.

අප දන්නා තරමට , KARPOWERSHIP විදුලි නැවට දැවි තෙල් ආනයන බදු, උපයන විට ගෙවීමේ බදු ආදී සියලු ආකාරයේ බදු නිදහසක් හිමි වී ඇති අතර අඩුමගනනේ නැංගුරම් ගාස්තු පවා නොගෙවයි. එයට අමතරව සියලු අපද්‍රව්‍ය ලංකා විදුලිබල මණ්ඩලය මගින් බැහැර කල යුතුව ඇත. කොටින්ම කියතොත් පරිසරයට සිදුවන සෑම හානියකම වගකීම ලංකා විදුලිබල මණ්ඩලයේ වගකීමකට යටත් වීමට ඉඩ තියෙනවා.

මෙම ගනුදෙනුවේ ලොකුම හානිය ලෙස වන්නේ වාර්ෂිකව රු. බිලියන 64, තුර්කියේ ව්‍යවසායකයන්ට ආදී යාමයි. මෙම වියදමෙන් භාගයකටත් වඩා අඩු වියදමකින් ශ්‍රී ලංකාවේ සූර්යබල කර්මාන්තය පහසුවෙන් සහ ශ්රිඝයෙන් නගා සිටුවීමට තිබූ අවස්ථාව සහ එමගින් ලංවීමට සහ ජනතාවට ලබා ගත හැකිව තිබූ මුල්‍යමය සහ ආර්ථික වාසි පැහැර හැරී තිබෙනවා.

සූර්යබල කර්මාන්තකරුවන්

සූර්යබල කර්මාන්ත කරුවන්ගේ සමාගම් 260ක් අලුතින් බිහිවෙලා තියෙනවා. මේ සමාගම් වල ලංකාවේ පේරාදෙණිය, මොරටුව, රුහුණු සහ යාපනය විශ්වවිද්‍යාල වලින් ඉංජිනේරු උපාධිදාරීන් 600 කට රැකියා පහසුකම් ලැබිලා තියෙනවා. ඒවගේම තවත් 10,000ක් පමණ අනෙකුත් සේවකයන් මේ සූර්ය විදුලි කර්මාන්තයේ සේවය කරනවා.

එමෙන්ම මේ සමාගම් විශාල වශයෙන් දේශීය උපාංග යොදා ගන්නවා. ඇලුමිනියම් සැකිලි සහ විදුලි රැහැන් මෙයින් ප්‍රධාන උපාංග සමහරක්. මෙයට අමතරව විදුලි පුවරු ( Electrical Enclosures), කේබල් ට්‍රේ, EPDM රබර්, ඇලුමිනියම් බ්රැකෙට්ටු, ඇන වැනි නිෂ්පාදන රාශියක් දේශීය නිෂ්පාදකයන්ගෙන් මිලදී ගනු ලබනවා. මෙයිනුත් රජය සහ ජනතාව අතර මුදල් සංසරණයක් සිද්දවෙනවා.

අලුත්ම ප්රවනතාවය වන්නේ ශ්‍රී ලංකාවේ සමාගම් සූර්යබල තාක්ෂනය පිටරටවලට අපනයනය කරන එක. ඉදිරියට මෙය කුඩා ජල විදුලිබල කර්මාන්තය මෙන් පහසුවෙන්ම සාර්ථක කර්මාන්තයක් ලෙස අපනයන කල හැකියි. 2020/2030 දශකය ශක්ති විප්ලවයක් ඇතිවන දශකයයි. පොසිල ඉන්ධන භාවිතය සීග්‍රයෙන් අඩුවන අතර ශක්ති ගබඩා තාක්ෂණයේ දියුණුවත් සමඟ සූර්යබල විදුලි ජනනයට ඉතා ඉහල අගයක් ලැබෙන බව විද්වතුන්ගේ මතයයි. මීළඟ දශකයේ සූර්යබල තාක්ෂණයේ සැලකිය යුතු කොටසක් ලංකාවට හිමිවුවහොත් එය විදෙස් මුදල් උල්පතක් වේවි.

විදුලිබල විෂය භාර ඇමතිවරයාගේ භූමිකාව

විදුලි නැව් වලින් විදුලිය අඩුමිලට ගැනීම නිසා විපක්ෂය වික්ෂිප්තව ඇති බවත්, ඒ වගේම විදුලිමිල කිසි සේත් වැඩිනොකරන බවත් මාධ්‍ය ඉදිරියේ කියනවා. ඔහු වෘතියෙන් ගණකාධිවරයෙක්, විදුලි ඒකකයකින් රු.10කට වඩා පාඩුවක් උරුමකරදුන් පසු ලංවිම පාඩුවේ නැවත පැමිණීමට නොහැකි ලක්ෂය (point of no return) පසු කරාවි. එවිට විදුලි පාරිබෝගිකයන් වන මිලියන 6ක ජනතාව හෝ බදු ගෙවන මිලියන 22ක ජනතාවට ලංවිම රැක ගැනීමට සිදුවේවි. තවද සූර්යබලයේ ශ්රීඝ ව්‍යාප්තිය අඩාලවන සුළු ගෙවීම් ක්‍රමයක් අරභයා ඔහු ක්‍රියා කරමින් සිටිනවා. අවිවාදයෙන්ම, වර්තමාන රජයේ සාර්ථකම ව්‍යාපෘතිය සූර්යබල සංග්‍රාමයයි. මෙහි ප්‍රධාන අරමුණ ගෙවල් මිලියනයක පියසි මත සූර්ය පැනල සවිකර ජාලගත විදුලිය ලබා දීමයි. මෙයින් සාර්ථක මුදල් සංසරණයක් බලාපොරොත්තු වුනා.

එනමුත් එය ක්‍රියා කරවීමේදී නිලධාරීන්ගේ අද්දැකීම් මදකම නිසා යම් යම් තාක්ෂණ අඩු පාඩු සිදු වුනා. සාමාන්‍යයෙන් නිවෙස් බොහොමයක් එකලා විදුලිය ඇති අඩු විදුලි බිලක් ගෙවන පාරිභෝගිකයන්. මොවුන්ට ලබා දුන් ශුද්ද මනුකරණ, ශුද්ද ගිණුම්කරණ හෝ ශුද්ද ප්ලස් (Net Metering, Net Accounting or Net Plus ) යන එකකින්වත් ගෙවල් මිලියනයක් ආවරණය කරන්න ප්‍රයෝගික වන්නේ නැහැ.

එකලා විදුලිය ඇති ගෙදරකට සවිකරන්න පුළුවන් ලොකුම සූර්ය බල පද්දතිය කිලෝවොට් 7 ක්. සූර්යබල පද්දති එහි ධාරිතාවය අනුව කිලෝවොට් පීක් එකක (1 kWp) සූර්ය පද්ධතියක මිල රු 350,000 ක් පමණද, කිලෝවොට් පීක් 5ක (5 kWp ) මිල රු. 1,000,000 පමණද, කිලෝවොට් පීක් 100ක (100kWp ) මිල රු මිලියන 13ක් පමණද වශයෙන් විශාල ලෙස අරේඛීයව (nonlinearly) මිල වෙනස් වෙනවා. එම නිසා කිලෝවොට් 100කට හදපු ගෙවන ක්‍රමයක් කිලෝවොට් පහකට කෙසේවත් ගැලපෙන්නේ නැහැ. මේ සරල සිද්ධාන්තය නිසා සුර්යබල සංග්‍රාමයට සාර්ථක වෙළඳ පලක් සැදුනේ කිලෝවොට් 80 (80 kWp ) පමණ සිට ඉහලට කිලෝවොට් පීක් 1200 පමණ දක්වා ලොකු වපසරියක් සහිත ගොඩනැගිලි සහ අධික විදුලි බිලක් ගෙවන ඉහල මධ්‍යම පන්තිකයන් අතරින් පමණයි. කිලෝවොට් පීක් 80 කට වඩා සුර්යබල පද්දති NetPlus වී ව්‍යවසායකයට අමතර අදායමක් ගෙනදුන් අතර , මධ්‍ය පන්තික නිවෙස් Net Metering මගින් තමන්ගේ අධික විදුලිබිල අඩුකර ගත්තා.

විදුලිබල අමාත්‍යවරයාගේ නායකත්වයෙන් අලුතින් හඳුන්වාදෙන අය ක්‍රමය එකලා (Single Phase ) විදුලි පාරිභෝගිකයන් සියල්ලම සැබැවින්ම සුර්යබල සංග්රාමයෙන් ඉවත් කරලා (virtually eliminated). ඔහු එකලා විදුලි පාරිභෝගිකයාට තිබූ එකම ක්‍රමය වන Net Metering ඉවත් කරන්න යනවා. කිලෝවොට් 50කට දෙන අයක්‍රමය ගැලපෙන්න අඩුම ගන්නේ කිලෝවොට් 30 කවත් සූර්යබල පද්දතියක් තියෙන්න ඕන. එකලා විදුලි පාරිභෝගිකයන් සූර්යබල සංග්රාමයෙන් ඉවත් කිරීමෙන් පසු කිසිදාක සූර්ය පියෙස් මිලියනයක් සාක්ෂාත් කරගන්න බැහැ. නිලධාරීන්ට සූර්යබල සංග්‍රාමයේ අරමුණු තවම සාක්ෂාත් වී නැහැ. ඇත්තම කියනවනම් සූර්යබල සංග්‍රාමය සාක්ෂාත් කරගැනීමටනම් 5kWp සූර්යබල පද්දති වලට අඩුම ගනනේ රු.26.50 ක් වැනි අය ක්‍රමයක් හඳුන්වාදෙන්න ඕන. එහෙම නැත්නම්, මේ පියසි මිලියනයක ඉලක්කය 60,000 කට විතර අඩු කරන්න ඕන.

අනෙකුත් පද්දති සඳහා කිලෝවොට් 50දක්වා රු. 19.75කුත් , කිලෝවොට් 50 සිට කිලෝවොට් 1000 දක්වා රු. 18.75 කුත් සහ කිලෝවොට් 1000 න් ඉහල රු. 16.00 කුත් හඳුන්වාදී තිබෙනවා. කිලෝවොට් 1,000 ට වැඩි සූර්ය බල පද්දති වලට රු. 16 ක ගාස්තුවක් හඳුන්වාදීමෙන් ඔවුන් කියන්නේ තුර්කි නිෂ්පාදීත විදුලිය රු 26 කට ගත හැකි නමුත් දේශීය නිෂ්පාදිත විදුලිය කිලෝවොට් රු. 18.75 කටවත් ඔවුනට අනවශ්‍ය බවයි. අනෙකුත් අයක්‍රම දෙකෙහිම ප්‍රතිලාබ විසින් මුලික වියදම පියවා ගැනීමට ගතවන කාලය (ROI) මාස 6 සිට අවුරුද්දක් දක්වා දික්වෙනවා. මෙයින් සූර්ය බල ආයෝජකයන් හිඟ වේවි. තාක්ෂණ සේවා ආයතන වැසී යාවි. රැකියා අර්බුධයන් පැන නගීවි. ඇත්තටම දැන් මේ කරලා තියෙන්නේ සුර්යබල සංග්‍රාමයේ ඉලක්කය පියසි 30,000ක් සඳහා පමණ සීමා කෙරෙන ක්‍රමයක් හඳුන්වා දීමයි.

සූර්යබල ව්‍යාපෘතිය අධෙර්ය කලපසු, ලංවිමට අඩුමිලට විදුලිය ගත හැකිද ? ඉදිරි වසර පහ ඇතුලත , සුර්යබලය තරම් ලාබ විකල්පයක් ඔවුනට නැහැ. ඊළඟ ගල් අඟුරු බලාගාරය අනුමත වුවහොත් අඩුම තරමේ අවුරුදු 7ක් වත් යාවි. LNG ආශ්රිත විදුලිබලය සඳහා අඩුම තරමේ තව අවුරුදු 5ක් වත් යාවි. සුර්යබලය විදිමත්ව යොදාගැනීමෙන් ලංවිමට මුල්‍යමය වාසි බොහෝයි. ඊටත් වඩා රටට සිදුවන ආර්ථික වාසි අසීමිතයි. මෙය නිවැරදිව හඳුනාගැනීමට චේතනික, පිරිසිදු සහ දූරදර්ශී නායකත්වයක් අමාත්‍යවරයකුගේ භූමිකාවෙන් ජනතාව අපේක්ෂා කරනවා.

Source : First Energy Private Limited

[QUOTE="yosh371, post: 24561666, member: 329295"] [b]සූර්යබලය-අවසානය[/b] [CENTER][B][SIZE="5"][COLOR="Red"]ලංකාවේ කාර්මික අනාගතය රැඳවී ඇත්තේ පවර් නැව් වලද නැත්නම් සූර්ය-ජල හයිබ්‍රිඩ් සංකලනය මතද?[/COLOR][/SIZE][/B] [B][SIZE="2"]අද සූර්යබලය මුළු ලෝකයේම අඩුමිලට ගන්න පුළුවන් තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ. මේ නිසා සූර්යබල භාවිතයෙන් ලොව ඉදිරියෙන්ම සිටින දේශයන් වන චීනය, ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය , ඔස්ට්‍රේලියාව, ජර්මනිය, මෙක්සිකෝව, දකුණු කොරියාව, තුර්කිය, නෙදර්ලන්තය වැනි රටවල් ඉතාම යුහුසුළුව සූර්යබල භාවිතය වෙත මුලිකත්වයක් දී කටයුතු කරනවා. ලංකාව පිහිටලා තියෙන්නේ කර්කටක සහ මකර නිවර්තනය අතරමැදිව තියෙන “හිරු තීරුව” නොහොත් Sun Belt එකේ. Sun Belt එකට තමයි වැඩිපුරම හිරු ආලෝකය පතිත වෙන්නේ. SunBelt එකේ තිබෙන හැම රටකටම වසරකට දෙපාරක් ඉර මුදුන්වෙනවා. ලංකාවට ඉර මුදුන්වෙන්නේ අප්‍රේල් සහ සැප්තැම්බර් මාසවල. අපි ඉහත කතා කරපු සූර්ය විදුලිය භාවිතයෙන් ලෝකයේ ඉහලින්ම සහ සාර්ථකම රටවල් 10ය ගත්තොත් , ඉන්දියාව සහ මෙක්සිකෝව හැරුනුකොට අනෙක් හැම රටක්ම Sun Belt එකෙන් බාහිරව තිබෙන රටවල්. ඒ වුනාට ශ්‍රී ලංකාවේ දැනට ජාතික විදුලි පද්ධතියෙන් සුර්යබලයට වෙන්වන්නේ 2% පමණ සුළු ප්‍රතිශතයක්. Sun Belt එක ඇතුලේ ස්ථානගතවත්, හිරු එලිය කාර්යක්ෂමව භාවිතා කිරීමට නොහැකිවීම සැබවින්ම ප්රශ්නාර්ථකාරීයි. [IMG]https://scontent.fcmb5-1.fna.fbcdn.net/v/t1.0-9/62066280_2496656877013572_5573589488199794688_n.jpg?_nc_cat=101&_nc_ht=scontent.fcmb5-1.fna&oh=f590837c94142c4299c92ce1395a3699&oe=5D8BC65F[/IMG] සූර්ය බල සංග්‍රාමය දියත් වුනේ 2016 අවුරුද්දේදී. මෙම වැඩසටහනින් සූර්යබල විදුලිය ලංකාවේ ව්‍යාප්ත කිරීමට ගත් උත්සාහය ඉතා ප්රගතිශීලී බව අවිවාදයෙන්ම කියන්න ඕනෑ. මෙහි අරමුණු වූයේ ලංකාවේ පියසි මිලියනයක් මත සූර්ය බල පද්ධති සවි කිරීමයි. මෙය යෝජනාව මඟින් ලාංකීය ජනතාව සහ ආර්ථිකය, ලංකා විදුලිබල මණ්ඩලය, සූර්යබල ව්‍යවසායකයින් සහ සූර්යබල කර්මාන්තකරුවන් යන පාර්ශවවලට වෙන්වෙන්ව පහත කතා වෙන ප්රතිලාභ ලැබිය යුතුව තිබුනා. [COLOR="red"][U]ලාංකීය ජනතාව සහ ආර්ථිකය ශක්ති සුරක්ෂිතභාවය[/U][/COLOR] සුර්යබලය ස්ථිර සහ සුරක්ෂිත බල ශක්තියක්. සූර්යබල පද්දතියකට අවුරුදු තිහක් වත් කිසිම අමුද්‍රව්‍යයක් නොමැතිව විදුලිය ජනනය කරන්න පුළුවන්. ඒ වගේම සුර්යාවිදුලිය වෙළඳපොල මිල උච්චාවචනයන්, ආර්ථික සම්බාදක, යුද්ධයන්, කැරලි කෝලාහල ආදියෙන් ස්වායක්තයි. ඉන්දියාව ජවහල් ලාල් නේරු ජාතික සූර්ය දූත මෙභෙය (Jawahallal Neru National Solar Mission- JNNSM) දියත් කිරීමේදී ඔවුන්ගේ පළමුවන අපේක්ෂාව වුනේ ශක්තිය කෙතරම් සුරක්ෂිතද යන්නයි. මෙයට Energy Security යනුවෙන් හඳුන්වනවා. ඒ වගේම සූර්ය විදුලියෙහි මිල අවුරුදු 20ක් පුරා කිසිම උච්චාවචනයකට ලක්වන්නේ නැහැ. රුපියල අවප්‍රමාණය වීම නිසා ඇතිවන පාඩුව සූර්යබලය ආයෝජකයා විඳදරා ගත යුතු අතර එම විදුලිය මිලදී ගන්නා වන ලාංකීය ජනතාවට මෙය විශාල වාසියක් සලසනවා. අනෙකුත් පොසිල ඉන්ධන භාවිතයෙන් නිපදවන විදුලිය දිනපතා උච්චාවචනය වෙන අතර එහි වැඩිවීම එක එල්ලේ ජනතාව මත පැටවෙනවා. අපි සරල උදාහරණයක් ගනිමු. අද (2019 දී) පාන් රාත්තලක් රු. 60ක මිලක් වෙනවා , නමුත් අවුරුදු 10කට පෙර එහි මිල රු. 38ක් පමණයි. අද අපිට රු. 38කට පාන් රාත්තලක් මිලදී ගත හැකි වුවහොත් මෙය 37% ක පමණ වට්ටමක්. අපි සූර්ය බලය වැඩි වැඩියෙන් භාවිතයට යෙදවීම මේවගේ දෙයක්. ඒ අදටත් අවුරුදු 10කට පසුවත් අවශ්‍යනම් අවුරුදු 20කට පසුවත් එකම ගණන. නමුත් මේක ජනතාවට දැනෙන්නේ අවුරුදු පතා අඩුවීමක් ලෙසින්. සූර්යබල සංග්‍රාමයේදී මුල් අවුරුදු හත (7) සඳහා විදුලි ඒකකයකට රු. 22ක් සහ අවසන් අවුරුදු දහතුන (13) සඳහා රු. 15.50 ක් ගෙවීමට යෝජනා උනා. ඇත්තටම අපි ලංකාවේ සාමාන්‍ය උද්දමනය(5%) සමඟ සැසඳූ විට පළමු අවුරුදු හත ගෙවුණු පසු විදුලිබල මණ්ඩලයට සහ ලාංකික ජනතාවට සූර්යබල විදුලිය ලැබෙන්නේ රු. 11.07 ක් වැනි අඩුවෙන් දැනෙන මිලකට. විසිවෙනි අවුරුද්දේ මෙය සාමාන්‍ය ජනතාවට දැනෙන්නේ අද මුදලෙන්නම් රු. 5.85 ක් තරම් පමණයි. මෙය ඩීසල් බලාගාරයකින්, ගල් අඟුරු බලාගාරයකින් හෝ LNG බලාගාරයකින් ගත්තනම් සෑම වසරකම වෙළඳපලේ අමුද්‍රව්‍ය සහ රුපියලේ වෙනස්වීම් ජනතාව දරාගත යුතු වෙනවා. [COLOR="red"][U]ශක්ති සුරක්ෂිත ජාතියකට අධි-තාක්ෂණ ආයෝජන වැඩියි[/U][/COLOR]. දැනට කර්මාන්තකරුවෙකු ලංකාවේ ආයෝජනය කරන්නේ ලාභ ශ්‍රමිකයන් නිසා පමණයි. මෙය අධි තාක්ෂණ ආයෝජනයක් වීමටනම් Energy Security කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වනවා. අවාසනාවකට ලංකාවේ බලශක්තිය ඉතාමත් අවිනිශ්චිතයි. මෙම නිසා අධි තාක්ෂණ ආයෝජන බොහොමයක් ඉන්දියාව, කොරියාව, සිංගප්පූරුව වැනි රටවල් වලට ඇදී යනවා. [COLOR="red"][U]ලංකා විදුලිබල මණ්ඩලය[/U][/COLOR] සූර්යබල විදුලිය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වැඩි මිලක් ගෙවන බවට මතයක් විදුලිබල මණ්ඩලයේ තියෙනවා. දැනට ගෙවන ගණනේ සාමාන්‍යය විදුලි ඒකකයකට රු 19.00 ක් පමණ. සූර්යබලය ජනනය කරන්නේ විදුළිජාලයේ අග කෙලෙවරේ. විශාල විදුලිබලාගාරයකින් එක් තැනක ජනනය කර පාරිභෝගිකයාට බෙදා හැරීමේදී 10% විදුලිය හානි වෙනවා. තැන තැන විසිරුණු සුර්යබලාගාර වලින් මෙම බෙදාහැරීමේ හානිය සිදුවන්නේ නැහැ. මෙය ඉහත ගණනයන්ට සලකා බැලුවහොත් ලංකා විදුලිබල මණ්ඩලයට ඇත්තටම සූර්යවිදුලි ඒකකයකට වියදම් වන්නේ රු. 17.10ක්. මේ ගණනට ගන්න විදුලිය අවුරුදු 5කට මෙහා නැහැ. සූර්යබල විදුලියේ තවත් ප්‍රශ්නයක් වන්නේ එය ලබාගත හැක්කේ දිවා කාලයේදී පමණක් වීම. එමෙන්ම වර්ෂා කාලයේදී සූර්ය බලයේ ඇති අවිනිශ්චිත ස්වභාවය. මෙය මගහැරීමට සූර්යබල-ජලවිදුලි සංයුක්ත (hybrid) පද්ධති පාලනයක අවධානය යොමුකිරීම වටිනවා. මෙම සංකල්පයේදී දිවා කාලයේදී උදක්ම අත්‍යවශ්‍ය ජලවිදුලි ප්‍රමාණයක් පමණයි පද්දතියට එකතුකරන්නේ. තවද පද්ධතිය නම්‍යශීලී කිරීමට මධ්‍ය ප්‍රමාණ ශක්ති ගබඩා කිරීමේ බැටරියක් අවශ්‍ය වෙනවා. දැනට lithium -ion බැටරියක 1 kWh එකක මිල ඇ. ඩොලර් 400ක් පමණ වෙන අතර සීග්‍රයෙන් පහල බසිමින් පවතිනවා. මේ බැටරියක් අවුරුදු 10කට වඩා කාලයක ජීවන කාලයක් තියෙනවා. වැසි කාලයට ප්‍රමාණවත් ජල විදුලියක් ජනනය කර ගත හැකි නිසා, සූර්යබල අඩුව ඌනපුර්ණය කරගන්න පුළුවන්. මේ සංකල්පය තව දුරටත් සංවර්ධනය කල හැකියි. මේ සංකල්පයේ වියදම මාධ්‍ය ප්‍රමාණයේ මෙගාවොට් පැය 400 ක පමණ බැටරිය පමණයි. දළ ගණනය කිරීම්වලදී මධ්‍ය ප්‍රමාණ Li -Ion බැටරි වල වියදම ඇ. ඩොලර් මිලියන 160ක් පමණද, එයින් ඇතිකර ගත හැකි ශක්ති ගබඩා කිරීමේ නම්‍යශීලිතාවය එමෙන් දස ගුණයකට වැඩියි. අපි මේ ගණනය 2017 වර්ෂය සඳහා කරමු. 2017දී, ගිගාවොට් පැය 3,100ක් , ජලවිදුලියෙන් නිෂ්පාදනය කරනවා. ජල විදුලි බලාගාරවලින් 50%ක් ශක්ති ගබඩා කිරීමේ (Energy Storage Stations) වලට හරවා ගතහොත් අපිට මෙගාවොට් පැය 5,300 (MWh ) ක් විශාල ශක්ති ගබඩා කිරීමේ නම්‍යතාවයක් හිමිවෙනවා. මෙහි වටිනාකම Li -Ion බැටරි වල අගයෙන් ගණනය කලොත් ඇ. ඩොලර් බිලියන 2.1ක්. අපි මෙයත් සමඟ ළඟදී ඉදිරිපත් වුනු කාපවර්ශිප් (KARPOWERSHIP) මෙගාවොට් 400 හි යෝජනාව සලකා බලමු. දැනට අප දන්නා පරිදි මෙය විදුලි ඒකකයකට රු. 26 ක පමණ මුදලකට විදුලි මිලදී ගැනීමක් සඳහා අවුරුදු දෙකක ගිවිසුමකට යටත්ව යෝජනා වී තියෙනවා. ඒ සමඟම මෙම විදුලි නැව් වලින් අඩුම වශයෙන් 70% ක් විදුලිය ලබාගත යුතු අතර, එසේ නොකලත් 70% විදුලියක් සඳහා අනිවාර්ය (mandatory take or pay) ගෙවීමක් කල යුතු වෙනවා. මෙය අවුරුද්දකට ගිගාවොට් පැය 2,500 ක් පමණ. මෙය ආසන්න වශයෙන් රු. බිලියන 65 ක් , නොඑසේනම් ඇ. ඩොලර් මිලියන 370ක් පමණ වෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය එක්කෝ මේ ගිගාවොට් පැය 2,500 ය පරිභෝජනය කල යුතුය, කලා හෝ නොකලා හෝ KARPOWERSHIP එකට රු. බිලියන 64ක් ගෙවන්න වෙනවා. 2017 වර්ෂයේ මුළු ජලවිදුලි නිෂ්පාදනය ගිගාවොට් පැය 3,100 කි. මේ මුළු ජල විදුලි නිෂ්පාදනයෙන් 80% ක පමණ ප්‍රමාණයකට නොඑසේනම් ලංකාවේ අපේක්ෂිත මුළු විදුලි පරිභෝජනයෙන් 17% ක් සමාන ප්‍රමාණයක් තුර්කි සමාගමකින් මිලදී ගැනීමට නියමිතව තියෙනවා. මෙහිදී ගෙවිය යුතු රු. බිලියන 65, ලංකා විදුලි බල මණ්ඩලයේ 20,000 ක් පමණ සේවක පිරිසෙහි මුළු පඩි නඩි සහ අනෙකුත් සියලු වියදම් මෙන් 145% ක පමණ මුදලක් වෙනවා. මෙම මුදල සෑම පරිබෝජනය කරන විදුලි ඒකකයකටම රු. 4.50 ක අති විශාල අධිභාරයක් එකතු කරනවා. එය දැනට විදුලි ඒකකයක් පාරිභෝගිකයාට පිරිනැමීමට යන වියදම වන රු. 22 කට එකතු වූ විට, විදුලි ඒකකයක දල නිෂ්පාදිත වියදම රු. 26.50 දක්වා ඉහල දමනවා. දැනට විදුලිය විකිනනු ලබන්නේ රු. 16 ක සාමාන්‍ය මිලටයි. එනිසා , ලංකා විදුලිබල මණ්ඩලය සෑම විකිනෙන විදුලි ඒකකයකින් රු.10.50 ක අලාබයක් විඳීමට සිදුවෙනවා. එමනිසා අපේක්ෂිත පාඩුව වසරකට බිලියන 150 ක් වැනි දැවැන්ත අගයක් වනු ඇති අතර එය අනිවාර්යයෙන්ම රාජ්‍ය ආයතනයක් එදා මෙදා තුර ලබන දැවැන්තම පාඩුව ලෙස වාර්තා පොත් වලට එකතුවීමට නියමිතය. මෙයට සාපේක්ෂව සූර්ය බල සංග්‍රාමය වර්ෂයකට දැනට නිපදවන්නේ ගිගාවොට් පැය 280කි එය ලංකාවේ මුළු විදුලි පරිබෝජනයෙන් 1.8% පමණ වේ. මෙයට ලංකා විදුලිබල මණ්ඩලයට වැය වනුයේ රු. බිලියන 5.6 ක් මුදලක් පමණි. මෙය විදුලි ඒකකයකට වියදම් වන දල වියදම වන රු. 22ට වඩා අඩුබැවින් විදුලි ඒකකයක මුළු වියදම යම් ප්රමානයකින් අඩු කිරීමටද දායකත්වයක් සපයයි. [U][COLOR="Red"]සූර්යබල ව්‍යවසායකයින් [/COLOR][/U] සූර්යබල ව්‍යාපාරය ඇත්තටම ජනතාවගේ ව්‍යාපාරයක් වෙලා ඉවරයි. තමාට අවශ්‍ය විදුලිය පවුල් හෝ කර්මාන්තකරුවන් 20,000ක් තමන්ම අඩුමුදලට නිෂ්පාදනය කරනවා. මේ සියලු සුළු ව්‍යවසායකයන් ලංකාව පුරා විසිරී ඇති ගෘහස්ත, සුළු සහ මධ්‍යම කර්මාන්ත හෝ බොහමයක් ශ්‍රී ලාංකිකයන්ට සේවා සපයන මහා පරිමාණ කර්මාන්තශාලයි. මොවුන්, බොහෝ දෙනා උපයන විට අදායම් රජයට ගෙවනු ලබනු අතර සූර්ය බල කට්ටල ආනයනයේදී පවා 65% ක උපාංග වලට ආනයන බදු පවා ගෙවනු ලබනවා. සමහරු සුර්යාවිදුලිය ආරක්ෂිත ආයෝජනයක් ලෙස සලකනවා. මෙයින් ආයෝජකයන්ගේ නිවෙස්වලට සහ කුඩා සහ මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අමතර සහතික කරන ලද මාසික අදායමක් ලැබෙන අතර මුදල් බහුතරයක් ලංකාව ඇතුලත බෙදී යනවා. මෙයින් කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන වියදම අඩු වන අතර ව්‍යාපාරවලට අසීරු කාලයේදී පවා යම් අදායමක් සහතික ( assured income) කෙරෙනවා. අප දන්නා තරමට , KARPOWERSHIP විදුලි නැවට දැවි තෙල් ආනයන බදු, උපයන විට ගෙවීමේ බදු ආදී සියලු ආකාරයේ බදු නිදහසක් හිමි වී ඇති අතර අඩුමගනනේ නැංගුරම් ගාස්තු පවා නොගෙවයි. එයට අමතරව සියලු අපද්‍රව්‍ය ලංකා විදුලිබල මණ්ඩලය මගින් බැහැර කල යුතුව ඇත. කොටින්ම කියතොත් පරිසරයට සිදුවන සෑම හානියකම වගකීම ලංකා විදුලිබල මණ්ඩලයේ වගකීමකට යටත් වීමට ඉඩ තියෙනවා. මෙම ගනුදෙනුවේ ලොකුම හානිය ලෙස වන්නේ වාර්ෂිකව රු. බිලියන 64, තුර්කියේ ව්‍යවසායකයන්ට ආදී යාමයි. මෙම වියදමෙන් භාගයකටත් වඩා අඩු වියදමකින් ශ්‍රී ලංකාවේ සූර්යබල කර්මාන්තය පහසුවෙන් සහ ශ්රිඝයෙන් නගා සිටුවීමට තිබූ අවස්ථාව සහ එමගින් ලංවීමට සහ ජනතාවට ලබා ගත හැකිව තිබූ මුල්‍යමය සහ ආර්ථික වාසි පැහැර හැරී තිබෙනවා. [COLOR="red"][U]සූර්යබල කර්මාන්තකරුවන්[/U][/COLOR] සූර්යබල කර්මාන්ත කරුවන්ගේ සමාගම් 260ක් අලුතින් බිහිවෙලා තියෙනවා. මේ සමාගම් වල ලංකාවේ පේරාදෙණිය, මොරටුව, රුහුණු සහ යාපනය විශ්වවිද්‍යාල වලින් ඉංජිනේරු උපාධිදාරීන් 600 කට රැකියා පහසුකම් ලැබිලා තියෙනවා. ඒවගේම තවත් 10,000ක් පමණ අනෙකුත් සේවකයන් මේ සූර්ය විදුලි කර්මාන්තයේ සේවය කරනවා. එමෙන්ම මේ සමාගම් විශාල වශයෙන් දේශීය උපාංග යොදා ගන්නවා. ඇලුමිනියම් සැකිලි සහ විදුලි රැහැන් මෙයින් ප්‍රධාන උපාංග සමහරක්. මෙයට අමතරව විදුලි පුවරු ( Electrical Enclosures), කේබල් ට්‍රේ, EPDM රබර්, ඇලුමිනියම් බ්රැකෙට්ටු, ඇන වැනි නිෂ්පාදන රාශියක් දේශීය නිෂ්පාදකයන්ගෙන් මිලදී ගනු ලබනවා. මෙයිනුත් රජය සහ ජනතාව අතර මුදල් සංසරණයක් සිද්දවෙනවා. අලුත්ම ප්රවනතාවය වන්නේ ශ්‍රී ලංකාවේ සමාගම් සූර්යබල තාක්ෂනය පිටරටවලට අපනයනය කරන එක. ඉදිරියට මෙය කුඩා ජල විදුලිබල කර්මාන්තය මෙන් පහසුවෙන්ම සාර්ථක කර්මාන්තයක් ලෙස අපනයන කල හැකියි. 2020/2030 දශකය ශක්ති විප්ලවයක් ඇතිවන දශකයයි. පොසිල ඉන්ධන භාවිතය සීග්‍රයෙන් අඩුවන අතර ශක්ති ගබඩා තාක්ෂණයේ දියුණුවත් සමඟ සූර්යබල විදුලි ජනනයට ඉතා ඉහල අගයක් ලැබෙන බව විද්වතුන්ගේ මතයයි. මීළඟ දශකයේ සූර්යබල තාක්ෂණයේ සැලකිය යුතු කොටසක් ලංකාවට හිමිවුවහොත් එය විදෙස් මුදල් උල්පතක් වේවි. [U][COLOR="Red"]විදුලිබල විෂය භාර ඇමතිවරයාගේ භූමිකාව[/COLOR][/U] විදුලි නැව් වලින් විදුලිය අඩුමිලට ගැනීම නිසා විපක්ෂය වික්ෂිප්තව ඇති බවත්, ඒ වගේම විදුලිමිල කිසි සේත් වැඩිනොකරන බවත් මාධ්‍ය ඉදිරියේ කියනවා. ඔහු වෘතියෙන් ගණකාධිවරයෙක්, විදුලි ඒකකයකින් රු.10කට වඩා පාඩුවක් උරුමකරදුන් පසු ලංවිම පාඩුවේ නැවත පැමිණීමට නොහැකි ලක්ෂය (point of no return) පසු කරාවි. එවිට විදුලි පාරිබෝගිකයන් වන මිලියන 6ක ජනතාව හෝ බදු ගෙවන මිලියන 22ක ජනතාවට ලංවිම රැක ගැනීමට සිදුවේවි. තවද සූර්යබලයේ ශ්රීඝ ව්‍යාප්තිය අඩාලවන සුළු ගෙවීම් ක්‍රමයක් අරභයා ඔහු ක්‍රියා කරමින් සිටිනවා. අවිවාදයෙන්ම, වර්තමාන රජයේ සාර්ථකම ව්‍යාපෘතිය සූර්යබල සංග්‍රාමයයි. මෙහි ප්‍රධාන අරමුණ ගෙවල් මිලියනයක පියසි මත සූර්ය පැනල සවිකර ජාලගත විදුලිය ලබා දීමයි. මෙයින් සාර්ථක මුදල් සංසරණයක් බලාපොරොත්තු වුනා. එනමුත් එය ක්‍රියා කරවීමේදී නිලධාරීන්ගේ අද්දැකීම් මදකම නිසා යම් යම් තාක්ෂණ අඩු පාඩු සිදු වුනා. සාමාන්‍යයෙන් නිවෙස් බොහොමයක් එකලා විදුලිය ඇති අඩු විදුලි බිලක් ගෙවන පාරිභෝගිකයන්. මොවුන්ට ලබා දුන් ශුද්ද මනුකරණ, ශුද්ද ගිණුම්කරණ හෝ ශුද්ද ප්ලස් (Net Metering, Net Accounting or Net Plus ) යන එකකින්වත් ගෙවල් මිලියනයක් ආවරණය කරන්න ප්‍රයෝගික වන්නේ නැහැ. එකලා විදුලිය ඇති ගෙදරකට සවිකරන්න පුළුවන් ලොකුම සූර්ය බල පද්දතිය කිලෝවොට් 7 ක්. සූර්යබල පද්දති එහි ධාරිතාවය අනුව කිලෝවොට් පීක් එකක (1 kWp) සූර්ය පද්ධතියක මිල රු 350,000 ක් පමණද, කිලෝවොට් පීක් 5ක (5 kWp ) මිල රු. 1,000,000 පමණද, කිලෝවොට් පීක් 100ක (100kWp ) මිල රු මිලියන 13ක් පමණද වශයෙන් විශාල ලෙස අරේඛීයව (nonlinearly) මිල වෙනස් වෙනවා. එම නිසා කිලෝවොට් 100කට හදපු ගෙවන ක්‍රමයක් කිලෝවොට් පහකට කෙසේවත් ගැලපෙන්නේ නැහැ. මේ සරල සිද්ධාන්තය නිසා සුර්යබල සංග්‍රාමයට සාර්ථක වෙළඳ පලක් සැදුනේ කිලෝවොට් 80 (80 kWp ) පමණ සිට ඉහලට කිලෝවොට් පීක් 1200 පමණ දක්වා ලොකු වපසරියක් සහිත ගොඩනැගිලි සහ අධික විදුලි බිලක් ගෙවන ඉහල මධ්‍යම පන්තිකයන් අතරින් පමණයි. කිලෝවොට් පීක් 80 කට වඩා සුර්යබල පද්දති NetPlus වී ව්‍යවසායකයට අමතර අදායමක් ගෙනදුන් අතර , මධ්‍ය පන්තික නිවෙස් Net Metering මගින් තමන්ගේ අධික විදුලිබිල අඩුකර ගත්තා. විදුලිබල අමාත්‍යවරයාගේ නායකත්වයෙන් අලුතින් හඳුන්වාදෙන අය ක්‍රමය එකලා (Single Phase ) විදුලි පාරිභෝගිකයන් සියල්ලම සැබැවින්ම සුර්යබල සංග්රාමයෙන් ඉවත් කරලා (virtually eliminated). ඔහු එකලා විදුලි පාරිභෝගිකයාට තිබූ එකම ක්‍රමය වන Net Metering ඉවත් කරන්න යනවා. කිලෝවොට් 50කට දෙන අයක්‍රමය ගැලපෙන්න අඩුම ගන්නේ කිලෝවොට් 30 කවත් සූර්යබල පද්දතියක් තියෙන්න ඕන. එකලා විදුලි පාරිභෝගිකයන් සූර්යබල සංග්රාමයෙන් ඉවත් කිරීමෙන් පසු කිසිදාක සූර්ය පියෙස් මිලියනයක් සාක්ෂාත් කරගන්න බැහැ. නිලධාරීන්ට සූර්යබල සංග්‍රාමයේ අරමුණු තවම සාක්ෂාත් වී නැහැ. ඇත්තම කියනවනම් සූර්යබල සංග්‍රාමය සාක්ෂාත් කරගැනීමටනම් 5kWp සූර්යබල පද්දති වලට අඩුම ගනනේ රු.26.50 ක් වැනි අය ක්‍රමයක් හඳුන්වාදෙන්න ඕන. එහෙම නැත්නම්, මේ පියසි මිලියනයක ඉලක්කය 60,000 කට විතර අඩු කරන්න ඕන. [IMG]https://scontent.fcmb5-1.fna.fbcdn.net/v/t1.0-9/62101759_2496656850346908_5878709509710413824_n.jpg?_nc_cat=110&_nc_ht=scontent.fcmb5-1.fna&oh=b8a0842ab1b41437bfba3b6fc064597b&oe=5D9E26BD[/IMG] [IMG]https://scontent.fcmb5-1.fna.fbcdn.net/v/t1.0-9/62184982_2496656853680241_9134667888311926784_n.jpg?_nc_cat=110&_nc_ht=scontent.fcmb5-1.fna&oh=7a2b1d4233dd22411becf812f031e3e1&oe=5D7C2941[/IMG] අනෙකුත් පද්දති සඳහා කිලෝවොට් 50දක්වා රු. 19.75කුත් , කිලෝවොට් 50 සිට කිලෝවොට් 1000 දක්වා රු. 18.75 කුත් සහ කිලෝවොට් 1000 න් ඉහල රු. 16.00 කුත් හඳුන්වාදී තිබෙනවා. කිලෝවොට් 1,000 ට වැඩි සූර්ය බල පද්දති වලට රු. 16 ක ගාස්තුවක් හඳුන්වාදීමෙන් ඔවුන් කියන්නේ තුර්කි නිෂ්පාදීත විදුලිය රු 26 කට ගත හැකි නමුත් දේශීය නිෂ්පාදිත විදුලිය කිලෝවොට් රු. 18.75 කටවත් ඔවුනට අනවශ්‍ය බවයි. අනෙකුත් අයක්‍රම දෙකෙහිම ප්‍රතිලාබ විසින් මුලික වියදම පියවා ගැනීමට ගතවන කාලය (ROI) මාස 6 සිට අවුරුද්දක් දක්වා දික්වෙනවා. මෙයින් සූර්ය බල ආයෝජකයන් හිඟ වේවි. තාක්ෂණ සේවා ආයතන වැසී යාවි. රැකියා අර්බුධයන් පැන නගීවි. ඇත්තටම දැන් මේ කරලා තියෙන්නේ සුර්යබල සංග්‍රාමයේ ඉලක්කය පියසි 30,000ක් සඳහා පමණ සීමා කෙරෙන ක්‍රමයක් හඳුන්වා දීමයි. සූර්යබල ව්‍යාපෘතිය අධෙර්ය කලපසු, ලංවිමට අඩුමිලට විදුලිය ගත හැකිද ? ඉදිරි වසර පහ ඇතුලත , සුර්යබලය තරම් ලාබ විකල්පයක් ඔවුනට නැහැ. ඊළඟ ගල් අඟුරු බලාගාරය අනුමත වුවහොත් අඩුම තරමේ අවුරුදු 7ක් වත් යාවි. LNG ආශ්රිත විදුලිබලය සඳහා අඩුම තරමේ තව අවුරුදු 5ක් වත් යාවි. සුර්යබලය විදිමත්ව යොදාගැනීමෙන් ලංවිමට මුල්‍යමය වාසි බොහෝයි. ඊටත් වඩා රටට සිදුවන ආර්ථික වාසි අසීමිතයි. මෙය නිවැරදිව හඳුනාගැනීමට චේතනික, පිරිසිදු සහ දූරදර්ශී නායකත්වයක් අමාත්‍යවරයකුගේ භූමිකාවෙන් ජනතාව අපේක්ෂා කරනවා.[/SIZE][/B] [SIZE="2"][B]Source : First Energy Private Limited[/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom