Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සූර්ය මංගල්‍යය සහ හෙළයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සූර්ය මංගල්‍යය සහ හෙළයෝ

සූර්ය මංගල්‍යය සහ හෙළයෝ

සුනිල් කුමාරසිංහ අතුකෝරල

සිංහල අවුරුද්දේ - මංගල ගී සද්දේ

සිංහල අවුරුද්දේ - ඔංචිලි හැම පැද්දේ

සිංහලයන්ගේ ජාතික උළෙලයි මේ

සිංහල සුසිරිත් රැකෙන වැඩෙන මේ

සිංහල සෙල්ලම් හැම ගමැ රටැ පැතිරේ

සිංහල රසවත් කැවිලි පෙවිලි ගෙ - දොරේ ........ (රස දෝත)

දොළොස් රැසට අරුත් දුන් හෙළයෝ, අවුරුදු දා හිරු 'එළු' රැසට එනුයේ කොහි සිට ද? ඒ 'මින්' රැසෙහි සිට යි. 'මින්' යනු අවසන් (රාසිය) යන අරුත දෙන 'නිම්' යන්නෙහිම අකුරු පෙරැළිය යි. ('වක' ම 'කව' වන්නේත් මේ හෙළ වදන් නියරට අනුවයි) ඒ නැතිව දඹදිව ඇදුරන් දුටු 'මාළු' රුවක් අනුව නොවේ. බමුණන් දුන් මේ එකදු නමක් වත් ජ්‍යෙdතිෂ ශාස්ත්‍රයට ද සබඳකමක් නොදක්වන බැව් විමසුම් ඇසින් බලන කල පෙනෙයි. (අරිසෙන් අහුබුදු)

බක්මස ලත් මේ යන රැසටා

සක් රජ ලෙස දිව සළු ඇඳ සෙඳෙටා

නෙක් ආසිරි සලසා සෙව් සතටා

නික්මෙයි සූරිය දෙවි මේ ලොවටා (අවුරුදු මාලය)

අවුරුද්දේ සැබෑ අරුත කිමෙක් ද යනුවෙන් විවිධ අරුත් සම්පාදනය කෙරෙද්දී අරිසෙන් අහුබුදු සූරීන් වරක් සඳහන් කළේ, අවුරුද්ද, එ - නම් 'වෙසෙසි දවස් යනුයි, දවසට අරුත් නඟන 'වර' යන වදන වටා යි එය තැනෙන්නේ, 'බර' ම 'බරතු' 'බුරුතු' වන අයුරින් 'වර' පදය ස්වාර්ථ තද්ධිත 'ත' ප්‍රත·¾ ගැන්මෙන් ව 'වරතු' වී පරස්පර සාම්‍යයෙන් 'වුරුතු' බවට පැමිණ, ඝෝෂාදේශයෙන් 'වුරුදු' බවට පත් වනවා. එය වෙසෙසි අරුත්හි 'අ' උපසර්ග ගැනීමෙන් 'අවුරුදු' වදන තැනෙනවා. (අරිසෙන් අහුබුදු)

මෙම වියත් විග්‍රහයෙන් හෙළයෝ අවුරුද්ද අර්ථාන්විත කළ ආකාරය පසක් කරන අතර, බහු සංස්කෘතික ප්රවාහයේ එළැඹුමට පෙර මානව සංස්කෘතිය තුළ ප්‍රීති ප්‍රමෝද්‍ය තුළින් අනාගතයට යම් ආයෝජනයක් සිදු කර ඇති බවට යම් ඉඟියක් සපයනු ඇත.

හෙළයින් අනාදිමත් කාලයක සිට පවත්වාගෙන ආ උළෙලක් වශයෙන් සිංහල අවුරුදු උළෙල විවිධ නාම කරණයන්ට පසු කාලීනව ලක්ව ඇති ආකාරය අධ්‍යයනයේදී තහවුරු වෙයි. වසන්තය උදාවන බක් මාසය භාග්‍යයෙන් අග්‍ර මාසයයි. සොබාදහමට අනුව නිවස අස්වනුවලින් පිරී, සියලු තුරු ලතා ඵල බරින් නැමී, තැන තැන පලතුරු බුදින සියොතුන් ගේ මිහිරි නාදයෙන් සංකේතවත් වූයේ, සෞභාග්‍යයේ පණිවිඩය යි.

නවීකරණයත්, නාගරික-කරණයත්, ගෝලීයකරණයත් හමුවේ යම් යම් වෙනස්කම් පැවතිය ද, සිංහල සහ දමිළ ජනයා අලුත් අවුරුද්ද සැමරීම දිගු කලක සිට සිදු කරන්නකි. මේ නිසාම මෙම වසන්ත උත්සවය සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද යන නමින් ප්‍රකට විය. සහජීවනය, සාමය වැනි අරුත් සමඟ හුදෙක් ප්‍රායෝගික වීම සිංහල අලුත් අවුරුද්දේ පරමාදර්ශය වෙයි.

පුරාතනයේ සිටම බුදුසමය හා සමගාමීව හින්දු ආගමද, පෙරට ආ ආගම් අතර විය. අවුරුදු චාරිත්‍ර ද එම ආගම අදහන්නන් ඊට අනුකූලව වර්ධනය කර ගත්හ. ඓතිහාසික සබැඳියාවක මිහිරියාව මේ ආගම් අතර පැවතීම නිසා අවුරුදු චාරිත්‍රයන්හි ද සමාන ලක්ෂණ විද්‍යාමාන වන විය. වර්තමානයේ ජෝතීෂයටම බරවන ස්වභාවයක් නික්ෂණය කරන අතර, සම්ප්රදාය ආරක්ෂා කිරීමට උනන්දුවක් දැක්වීම ද යම් ප්‍රමාණයකට හෝ සිටීම කැපීපෙනෙන ලකුණකි.

රටවලට හා ජාතීන්ගේ නාමයන් පිළිබඳ විමසන විද්වත්හු, යථාභූත ඉතිහාස යුගය ඇරඹීමට නෙහොත් එහි අරුණාලෝකය දෘශ්‍යමාන වීමටත් පෙර අති පුරාණ කාලවල එවා පට බැඳී ඇති බවට සාක්ෂි එලවති. මුල්ම යුගයේ දඹදිව හා එක්ව පැවති නමුදු පසුකාලීනව මුහුදු ජලය යට කර ගැනීමෙන් මේ රට දිවයිනක් විය. ඉන්පසුව ලංකාද්වීපය වූවා විය හැක. 'සිංහල'යන්න මේ දිවයින සඳහා යෙදුණු පුරාණ නාමය යි. ඒ වෙනුවට දැන් 'ලක' සහ පාලි 'ලංකා' යන වචන ස්වදේශීන් විසින් ව්‍යවහාර කෙරේ. (ජෝන් ඩේව් 1790 - 1868)

යාබද රට තුළ පැවති සංස්කෘතිය යම් ආකාරයක බලපෑමක් සිදු කිරීම සාමාන්‍ය ලක්ෂණයක් වන අතර, පූර්ව භාරතීය සමාජය විමසීමේ දී, වසරක් පාසා නැකැත් යෝගයන් අනුව, නොකඩවා පවත්වා ගෙන ආ නක්කත්ථ හෙවත් නැකත් කෙළි, ඡණ හෙවත් සැණකෙලි, උත්සව නැතහොත් උත්සව, ස්වකීය වත්කම් හා විවේකය අනුව, නියම් ගම් උත්සවාකාරයෙන් සරසා දෙව් සිරි ගන්නා ආකාරයෙන් මහත් හර සරින් උත්සව පවත්වා ඇති බව ඉතිහාස සටහන් අනුව ප්‍රකට කරයි.

ලක් වැසියන්, සංස්කෘතික චාරිත්ර්ර වාරිත්‍ර පැවැත්වීමේ දී, අවුරුදු උදාව, ඉස් සෝදා නෑමේ චාරිත්‍රය සමත, නව සඳ බැලීම, පරණ, නොනගතය, ලිප ගිනි මෙළවීම, කෑම පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර ගැනීම, හිසෙහි තෙල් ගෑම, අවුරුද්දේ අවසන් ස්නානය රැකියාවට පිටත්වීම මෙන්ම අවුරුදු උත්සවය පැවැත්වීම ද නැකතට අනුව සිදු කරමින් අවුරුදු සැමරීම සිදු කරති. ලාංකීය සිංහල බෞද්ධයින්ට මෙන්ම දමිළ හින්දු ආගමිකයින්ට පැරණි සිරිත් විරිත් නැවත මතක් කර දීමටත්, අෙන්‍යාන්‍ය සුහදතාවය විශ්වාසය වර්ධනය කරගැනීමටත් අවුරුදු උත්සවය සොබාදහම විසින් ලබා දෙන අනගි අවස්ථාවකි.

දෙමවුපියන්ට හා වැඩිහිටියන්ට බුලත් හුරුළු දී වඳින දරුවන්, බාලයන් සදාචාරත්මක ධර්මතාවක් ප්‍රකට කරන අතර කොතරම් දුර බැහැර ජීවත් වුවත් දෙමවුපියන්, ඥතීන් බැලීමට බුලත් හුරුළු දී වැඳුම් පිදුම් කිරීම වරද සමාකර ගැනීම සිංහල බෞද්ධයන් අමතක නොකරන සිරිතකි. 'මාතා පිතූ උපට්ඨානං, ඥත කානංච සŒගහෝ, පුත්ත දාරස්ස සŒගහෝ වැනි මංගල කරුණු මෙම උත්සවය හා කෙතරම් සමීපද යන්න විමසිය යුතුය.

අවුරුද්ද සහ හෙළ වනිතාව :-

කෘෂිකාර්මික ජන ජීවිතයකට උරුමකම් කියූ ජනකායක සදාතනික උරුමයන් අතරට එක්ව පැවති ආගමික විශ්වාස හා මතිමතාන්තර සමඟ පෙළ ගැසුණ සංස්කෘතික මංගල්‍යය, සිංහල අවුරුද්ද හෙළ ජන දිවිය සමග බද්ධ වී ඇත්තේ ඉවත් කළ නොහැකි අංගයක් වශයෙනි. ඉර, සඳ, අව්ව, වැස්ස, ජීවන රිද්මය වූ අතීත ජනයා සියලු කෘෂිකාර්මික කටයුතුවලදී මෙන්ම අස්වනු ගෙට ගැනීම ද සැබැවින්ම එදා මංගල්‍යයක් ලෙස පැවති බව ප්‍රකට කරුණකි. නිෂ්පාදන පිරිවැය එදා අල්ප වුව ද, මිනිස් ශ්‍රමය බහුල වුව ද වන සතුන් හා සාම්ප්‍රදායික දැනුම් සීමාවන්වලින් සීමා සහිත වපසරියක් තුළ ස්වාමියා සමඟ උරෙනුර ගැටී නිෂ්පාදනයට හවුල් වූ හෙළ වනිතාවගේ දායකත්වය ප්‍රබල සහභාගිත්වයක් බව අප අමතක නොකළ යුතුය.

හිරුට ගෞරව කළේ, සොබාදහමේ දායාදයන් කෙරෙහි අනාදිමත් කාලයක සිට පැවති විශ්වාස හා සබැඳි ප්‍රතිඵලයක් වශයෙනි. නව අස්වනුවලින් දෙවියන් පුදා පරිහරණය ඇරඹූ හෙළ සිරිත භාරතීය කාමෝත්සවයන්හි යම් පෙලඹවීමක් රාජ්‍ය අවධීන්හි සිට පැවති පූර්වාදර්ශයන් වශයෙන් අතීත සබඳතා පෙන්වද්දී වර්තමානයේ යථාර්ථයෙන් බැහැරවී වාණිජ්‍යයට බරවූ අනුභවයට සීමාවූ උත්සවයක් වශයෙන් ශේෂ වී පැවතීම කෙතරම් ෙ€ද ජනකද.

අද මාධ්‍යතුළින් අවුරුදු චාරිත්‍ර සමාජ ගත කිරීමට සිදුව ඇත. පරම්පරාවෙන් පරම්පරාවට පැමිණි සිරිත් විරිත්වල විකෘතිවීම ජන සමාජයේ අපගමනය වැනි හේතු සාධක නිසා ඉදිරි පරම්පරාවට දක්නට ඇත්තේ මාධ්‍ය තුළින් පමණය. ස්වභාවධර්මය හා බැඳුන සම්ප්රදාය ප්‍රීති ප්රමෝදයට පත් වන්නේ සූර්යයාගේ නව රාශි ගත වීමත්, තුරු ලතා සිය පත්‍ර හළා නව සළු පිළිවලින් සැරසී ඵලින් බරවය. සියොතුන් පවා මේ සූර්ය මංගල්‍යයට සැරසෙන්නේ මහත් අභිමානයකිණි.

අංචි මැංචි සමඟ එක්ව පුංචි හාමිලා

පුංචි පුංචි සමග එක්වළමයි රංචු එක්වෙලා

කොංචි කොංචි සිනා සිසී පුංචි නෝනලා

රංචු රංචු ගැනු සිටිත් පංච කෙළ කෙළා

සිංහල අවුරුදු උදාවත් සමඟ සිංහල සමාජයේ ගෘහණියගේ කාර්ය භාරය විශේෂ තැනක් ගන්නා අතර මානව සාරාර්ථ සමාජ ගත කිරීමේ මහඟු ප්රයත්නයේ වැඩි පංගුවක් ඇයගේ කාර්ය අතර නොවන්නේ ද. සියලු වැඩ අත්හැර, නොනගතය හෙවත් අශුභ කාළය ආගමික කාර්යයන්ට යොමුකරන ඇය, යළිත් සූර්ය ශක්තිය නිවහන තුළට ගිවිස ගැනීමෙහි ලා කාර්යයන් රැසක නිරත වන්නේ යුහුසුළුව ය. ස්වාභාවික වස්තූන් කෙරෙහි පුද පූජා පැවැත්වීමේ පුරුද්ද, 'අග්නි' පිදීම වැනි දේ තුළින් පෙරට පැමිණි බවට විශ්වාසිත ය. ලිප ගිනි මෙළවීම සිදු කරනු ලබන්නේ කාන්තාවය. එපමණකුදු නොව හෙළ ජනයා මේ සමයේ සිදු කරනු ලබන බොහොමයක් ක්‍රීඩා වනිතාව මුල් කරගෙන සිදු කරනු ලබයි. පංචකෙළිය, ඔලිඳ කෙලිය, ඔන්චිලි පැදීම, රබන් වැයීම, කළගෙඩි සෙල්ලම ආදීන් කාන්තා සහභාගිත්වය කැපී පෙනෙන අංගයන් වෙයි. එපමණකුදු නොව ආහාර, කැවිලි පෙවිලි ආදියෙහි මෙන්ම අහළ පහළ මිනිසුන් අතර සබඳතා වර්ධනය කරමින් සංග්‍රහ ශීලී වීම, අමුත්තන්ට සංග්‍රහ කිරීම, සමඟ සමස්ත චාරිත්‍ර සම්බන්ධයෙන් කුටුම්භය තුළ උෙද්‍යාaගය ඇති කර ලීම ද ගෘහණියගේ කාර්යභාරය අතර වැදගත් තැනක් හිමිවෙයි.

සියලු චාරිත්‍ර විධි පැවැත්වීමේ දී පරමාදර්ශී වන ඇය, පසු කාලීන එළඹුමක් වන, අවුරුදු උත්සවයන්හි දී 'අවුරුදු කුමරිය' වශයෙන් අභිෂේකය ලබන අවස්ථාව උළෙල වර්ණවත් කරන සාම්ප්‍රදායිsක අංගයක් බවට පත්ව ඇත. මෙම සංස්කෘතික උළෙල නගරයට වඩා ගම තුළින් කැපී පෙනෙන අගයක් බවට පැවති ආකාරය අමුතුවෙන් සඳහන් කළයුතු නොවේ. නැකැත් නොබැලුවත්, රාශි චක්‍ර ගැන අවබෝධය නැති වුවත් අවුරුදු කාලය දන්නා ගැමි දරුවෝ මෙකල්හි ප්‍රීතියෙන් කල් ගෙවූහ. එසේම, සිංහල අලුත් අවුරුද්ද එළඹෙන්නේ, සහෘද බව හා ලෙන්ගතු කම මෙන්ම මවුපිය දූදරු සබඳතාවන් වඩාත් සමීපකරවමිණි.

ජන ක්‍රීඩා හා ජන කවි :-

සිංහල අවුරුද්ද වනාහි කිසිදු වයස් බේදයකින් තොරව සෑම තරා තිරමකම සහයෝගය ලබමින් ක්‍රීඩා ඉසව් රැසක් ජනගත වනසමය කි. එම ක්‍රීඩා අතුරින් වියෑකී ගිය බොහෝ අංගයන් නූතන පරපුරට දක්නට නොලැබීම අභාග්‍යයකි. අං ඇදීම, පොර පොල් ගැසීම, පංච දැමීම, ගුඩු පැනීම, තට්ටු පැනීම, ලුණු පැනීම, සොකරි, නෙරෙංචි කෙළිය, ජල්ලි ගැසීම, කතුරු ඔන්චිල්ලා පැදීම, සෑම ගම්බද නිවසකම පාහේ ඔන්චිල්ලාවක් බැඳීමත් ළමෝ සහ වැඩිහිටියන් එක්ව සතුටු වීමත් අද දුලබ දසුනකි. පත්තිනි දෙවඟන පිදීම හා සම්බන්ධ ක්‍රීඩා සමඟ විශේෂ චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව උනන්දුවක් දැක්වූ ලාංකීය සමාජය තුළ අද දවසේ සම්ප්රදාය තුළ පැවති බොහෝ දේ ට පිටුපා යන ස්වභාවයක් පෙන්නුම කරයි.

අවුරුදු සමයේ වාරම් කියමින් වැල් ඔංචිල්ලා පැදීම කුඩා ළමුන්ගේ විශේෂාංගයක් විය. උත්සව සමයේ, රට ඔංචිල්ලා, කතුරු ඔංචිල්ලා, බමර ඔංචිල්ලා පදිමින් තරුණ තරුණියෝ මැනවින් ප්‍රීතිමත් වූ බව ශේෂව පවතින ජනකවි සාහිත්‍ය මනාව ප්‍රකට කරයි.

ඔංචිලි චිලි චිල්ල මලේ

වැල්ල දිගට නෙල්ලි කැලේ

සුළඟට රෙදි රැල්ල ලෙලේ

ඔංචිලි පැද පන්න මලෙA

රඡ්ජුරුවෝ උඩයි උඩයි

බිම ඉන්නේ වැසියො තමයි

අහසේ උඩ නගියි නගියි

පදිමු අපිත් එහෙය මෙහෙයි

අත්ත උසං උසං උසං

ජම්බු පොකුරු සිලිං බිලිං

ලොකු අක්කේ පදිං පදිං

ජම්බු කඩං බෙදං බෙදං

උංසිලි හෙවත් ඔංචිල්ලාව අවුරුදු සමයට නැතිවම බැරි අංගයක් වශයෙන් ගම්බද ජනප්‍රියත්වයට පත්වූ ක්‍රීඩාවකි. සමෝසමේ වැල් ඔංචිලි පදිමින් ගීතිකා ගයන සුකුමාර දේහිණීන් ගැන පැරණි සාහිත්‍යයෙහි එන වැනුම් ද මේ බව මනාව සනාථ කරති.

'හැඳ පෙරව මල් පට

ලිහෝවිලි කෙළනා විට

පටන් ගෙන මොනවට

කියත් ලිය ගී නද මියුරු කොට' (සඳ කිඳුරු දා කව)

ගැහැනු පිරිමි දෙපක්ෂයටම විනෝදාත්මක ක්‍රීඩාවක් වූ රබන් ගැසීම, හෙවත් රබන් කෙළිය සිංහල පමණක් නොව මුස්ලිම්, ජා ජනයා අතර ද ක්‍රීඩාවක් ලෙස ප්‍රකට ය. පුරාතනයේ සිට වර්තමානය තෙක් නොනැසී පවතින රබන් ක්‍රීඩාව තුළින් නිතැතින්ම ශාරීරික ව්‍යායාමයක් ද ලැබුණි.

තරිකිට දොං දොං අවුරුද්දයි

රබාන දැන් දැන් හරි සද්දයි

තකිට දොං දොං තකිට දොං දොංතකිට දොදොං දොං

අපිට අරං කැවුම් කොකිස් නැන්ද එනව දොං

අක්කෙ වරෙන් නෑනෙ වරෙන් නැන්දත් කැඳවන්

අවුරුද්දට අපි හැමෝ ම රබන් ගහමු දැන්

පන්දු කෙළිය දිනුම් පරාජයක් නොතකයි. විනෝදය පිණිස කළ සෙල්ලමකි. පන්දුවේ (බෝලය) නූලක් අමුණා එම නූලේ කෙළවර දබරැඟිsල්ල හා මාපටැඟිල්ලෙන් අල්ලා පන්දුව අහසේත් බිමත් හෙලා නූලේ බලයෙන් අල්ලට පන්දුව ගැනීම මෙහි පිළිවෙලයි. (නලිනි ජාතකය) ලාලි කෙළිය ද පන්දු කෙළිය වැනි ගැහැනුq සෙල්ලමකි. සඳලුතලවලට වී ලාලිවට තුනක් අහසට දාමින් එකකුත් බිම නොහෙන සේ අල්ලා නැවත නැවත උඩ දමමින් කරන ක්‍රීඩාවකි. (පූජාවලිය) රුවන්දාමයන් අතින් රැගෙන රුවන් ස්වර්ණාබරණින් සැදී පා බැඳි කිකිණි අත බැඳි මිණි රසු ඇතිව දෙදෙනා බැගින් සුන්දර ලලනාවන් පෙළ ගැසී මධුර ගීත රාවයෙන් කන් සනසනා නෙත් අඳුනවැ දක්නා දක්නා සෑම කෙනකු=ගේ ම සිත් බඳවා අත් නගමින් හෙළමින් නාමල් කිනිත්තක් මඳ සුළඟට සෙළවෙන කලක් පරිද්දෙන් එහාට මෙහාට පනිමින් සමන් මල් මිටක් රිදී කලයක දමා රත් මහනෙල් පෙත්තකින් වැසූ කලක් පරිද්දෙන් මඳ සිනහ පාමින් රුවන් කෙළියෙහිදී රාජ මහේසිකාවෝ නැටූහ. (සිංහල ජාතිය 10. 04. 55)

පැරණි සාහිත්‍යකරුවා දුටු දිය කෝකිල කෙළිය, නළඟනන්ගේ විවිධාකාර නැටුම් ගැයුම්, දියබුන් ගැසීම, ස`දලුතලවල පන්දු කෙළිය වැනි ලලනාවන්ගේ ක්‍රීඩා සමඟ රබන් කෙළිය පිළිබඳව ද හැඟීමක් ඇති වන්නට ඇතැයි සිතිය හැකිය. පැරණි විහාර සිතුවම් හා කටවහර අනුව පෙරට පැමිණි ජන කවි අතර ඇති රබන් පද ඊට සාක්ෂි දරනු ඇත.

සෙ`දන් ආ කුමරිය සූර්ය කුමරු හා සුසංයෝගයෙන් හෙළයන් බිහිවූ බව පුරාවෘත ගතව ඇත. සිවු හෙළය ජයගත් හෙළයන් වශයෙන් ඉතිහාස ගත ව ඇති බවට ද මතයකි. හිරු සහ ස`දුගේ බලයෙන් වැඩ ගත් ජාතියක් ලෙසත්,විවිධ මත සමාජ ගතව ඇති අතර, රාවණ යනු 'රා' සූර්ය ශත්තිය මනාව ජයගත් නායකයෙකු වශයෙනුත් ප්‍රකට කරයි.

'ආදි අපේ මුතු මිත්තෝ ඉරෙන් හෙ`දන් වැඩ ගත්තෝ '

යන ජන කවිය මේ බව ප්‍රකට කරයි. කෙසේ වුවද, හෙළ සංස්කෘතිය චිරාත් කාලයක සිට විවිධ ජාතීන් ගේ සංස්කෘතීන් ගෙන් විසරණය වී පෙරට පැමිණ වික්ටෝරියානු සංස්කෘතියේ බලහත් කාරයට යටවීමේ ඵල විපාක අප මැනවින් අත් වි`දින බව අමුතුවෙන් ස`දහන් කළ යුතු නොවේ.

බුදුසමයෙන් ප්‍රභාමත් වූ සමාජයක මානව ගරුත්වය, සබැඳියාව හා සදාචාරය ආරක්ෂා කළ ධර්¨මතා අතර ක්‍රීඩාව සාහිත්‍ය හා කලා ආදිය තුළින් ද, ජීවිතයට නවමු අත්දැකීම් ලබා දෙන්නට හැකිවන අතර, මෙම උත්සවය වෙනුවෙන් නිවෙස් හා පරිසරය පිරිසිදු කර උත්සවය අවසානය දක්වා චාරිත්‍ර විධි සමඟ සොබා දහමට ගරු කරමින්, පිදිය යුත්තන් පුදමින්, ආගන්තුක සත් කාරයන්හි නියෑලීම ආදී චාරිත්‍ර රැසක් මැනවින් ඉටු කිêම තුළින් අෙන්‍යාන්‍ය සබඳතා වර්ධනය කිරීමත් පුද්ගල හා පුද්ගලාන්තර අභිවෘද්ධියත් උදෙසාත් ධර්මතා පිරි යහපත් සමාජයක් ගොඩනැංවීමට ලැබෙන පිටු බලය සුළු පටු නොවන බව ද සඳහන් කළ යුතුය.

[QUOTE="SinhaRuba, post: 18167868, member: 401258"] [b]සූර්ය මංගල්‍යය සහ හෙළයෝ[/b] [SIZE=5][COLOR=#003300]සූර්ය මංගල්‍යය සහ හෙළයෝ[/COLOR][/SIZE][SIZE=4] සුනිල් කුමාරසිංහ අතුකෝරල [COLOR=#800080]සිංහල අවුරුද්දේ - මංගල ගී සද්දේ සිංහල අවුරුද්දේ - ඔංචිලි හැම පැද්දේ සිංහලයන්ගේ ජාතික උළෙලයි මේ සිංහල සුසිරිත් රැකෙන වැඩෙන මේ සිංහල සෙල්ලම් හැම ගමැ රටැ පැතිරේ සිංහල රසවත් කැවිලි පෙවිලි ගෙ - දොරේ ........[/COLOR] (රස දෝත) දොළොස් රැසට අරුත් දුන් හෙළයෝ, අවුරුදු දා හිරු 'එළු' රැසට එනුයේ කොහි සිට ද? ඒ 'මින්' රැසෙහි සිට යි. 'මින්' යනු අවසන් (රාසිය) යන අරුත දෙන 'නිම්' යන්නෙහිම අකුරු පෙරැළිය යි. ('වක' ම 'කව' වන්නේත් මේ හෙළ වදන් නියරට අනුවයි) ඒ නැතිව දඹදිව ඇදුරන් දුටු 'මාළු' රුවක් අනුව නොවේ. බමුණන් දුන් මේ එකදු නමක් වත් ජ්‍යෙdතිෂ ශාස්ත්‍රයට ද සබඳකමක් නොදක්වන බැව් විමසුම් ඇසින් බලන කල පෙනෙයි. (අරිසෙන් අහුබුදු) [COLOR=#800080]බක්මස ලත් මේ යන රැසටා සක් රජ ලෙස දිව සළු ඇඳ සෙඳෙටා නෙක් ආසිරි සලසා සෙව් සතටා නික්මෙයි සූරිය දෙවි මේ ලොවටා[/COLOR] (අවුරුදු මාලය) අවුරුද්දේ සැබෑ අරුත කිමෙක් ද යනුවෙන් විවිධ අරුත් සම්පාදනය කෙරෙද්දී අරිසෙන් අහුබුදු සූරීන් වරක් සඳහන් කළේ, අවුරුද්ද, එ - නම් 'වෙසෙසි දවස් යනුයි, දවසට අරුත් නඟන 'වර' යන වදන වටා යි එය තැනෙන්නේ, 'බර' ම 'බරතු' 'බුරුතු' වන අයුරින් 'වර' පදය ස්වාර්ථ තද්ධිත 'ත' ප්‍රත·¾ ගැන්මෙන් ව 'වරතු' වී පරස්පර සාම්‍යයෙන් 'වුරුතු' බවට පැමිණ, ඝෝෂාදේශයෙන් 'වුරුදු' බවට පත් වනවා. එය වෙසෙසි අරුත්හි 'අ' උපසර්ග ගැනීමෙන් 'අවුරුදු' වදන තැනෙනවා. (අරිසෙන් අහුබුදු) මෙම වියත් විග්‍රහයෙන් හෙළයෝ අවුරුද්ද අර්ථාන්විත කළ ආකාරය පසක් කරන අතර, බහු සංස්කෘතික ප්රවාහයේ එළැඹුමට පෙර මානව සංස්කෘතිය තුළ ප්‍රීති ප්‍රමෝද්‍ය තුළින් අනාගතයට යම් ආයෝජනයක් සිදු කර ඇති බවට යම් ඉඟියක් සපයනු ඇත. හෙළයින් අනාදිමත් කාලයක සිට පවත්වාගෙන ආ උළෙලක් වශයෙන් සිංහල අවුරුදු උළෙල විවිධ නාම කරණයන්ට පසු කාලීනව ලක්ව ඇති ආකාරය අධ්‍යයනයේදී තහවුරු වෙයි. වසන්තය උදාවන බක් මාසය භාග්‍යයෙන් අග්‍ර මාසයයි. සොබාදහමට අනුව නිවස අස්වනුවලින් පිරී, සියලු තුරු ලතා ඵල බරින් නැමී, තැන තැන පලතුරු බුදින සියොතුන් ගේ මිහිරි නාදයෙන් සංකේතවත් වූයේ, සෞභාග්‍යයේ පණිවිඩය යි. නවීකරණයත්, නාගරික-කරණයත්, ගෝලීයකරණයත් හමුවේ යම් යම් වෙනස්කම් පැවතිය ද, සිංහල සහ දමිළ ජනයා අලුත් අවුරුද්ද සැමරීම දිගු කලක සිට සිදු කරන්නකි. මේ නිසාම මෙම වසන්ත උත්සවය සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද යන නමින් ප්‍රකට විය. සහජීවනය, සාමය වැනි අරුත් සමඟ හුදෙක් ප්‍රායෝගික වීම සිංහල අලුත් අවුරුද්දේ පරමාදර්ශය වෙයි. පුරාතනයේ සිටම බුදුසමය හා සමගාමීව හින්දු ආගමද, පෙරට ආ ආගම් අතර විය. අවුරුදු චාරිත්‍ර ද එම ආගම අදහන්නන් ඊට අනුකූලව වර්ධනය කර ගත්හ. ඓතිහාසික සබැඳියාවක මිහිරියාව මේ ආගම් අතර පැවතීම නිසා අවුරුදු චාරිත්‍රයන්හි ද සමාන ලක්ෂණ විද්‍යාමාන වන විය. වර්තමානයේ ජෝතීෂයටම බරවන ස්වභාවයක් නික්ෂණය කරන අතර, සම්ප්රදාය ආරක්ෂා කිරීමට උනන්දුවක් දැක්වීම ද යම් ප්‍රමාණයකට හෝ සිටීම කැපීපෙනෙන ලකුණකි. රටවලට හා ජාතීන්ගේ නාමයන් පිළිබඳ විමසන විද්වත්හු, යථාභූත ඉතිහාස යුගය ඇරඹීමට නෙහොත් එහි අරුණාලෝකය දෘශ්‍යමාන වීමටත් පෙර අති පුරාණ කාලවල එවා පට බැඳී ඇති බවට සාක්ෂි එලවති. මුල්ම යුගයේ දඹදිව හා එක්ව පැවති නමුදු පසුකාලීනව මුහුදු ජලය යට කර ගැනීමෙන් මේ රට දිවයිනක් විය. ඉන්පසුව ලංකාද්වීපය වූවා විය හැක. 'සිංහල'යන්න මේ දිවයින සඳහා යෙදුණු පුරාණ නාමය යි. ඒ වෙනුවට දැන් 'ලක' සහ පාලි 'ලංකා' යන වචන ස්වදේශීන් විසින් ව්‍යවහාර කෙරේ. (ජෝන් ඩේව් 1790 - 1868) යාබද රට තුළ පැවති සංස්කෘතිය යම් ආකාරයක බලපෑමක් සිදු කිරීම සාමාන්‍ය ලක්ෂණයක් වන අතර, පූර්ව භාරතීය සමාජය විමසීමේ දී, වසරක් පාසා නැකැත් යෝගයන් අනුව, නොකඩවා පවත්වා ගෙන ආ නක්කත්ථ හෙවත් නැකත් කෙළි, ඡණ හෙවත් සැණකෙලි, උත්සව නැතහොත් උත්සව, ස්වකීය වත්කම් හා විවේකය අනුව, නියම් ගම් උත්සවාකාරයෙන් සරසා දෙව් සිරි ගන්නා ආකාරයෙන් මහත් හර සරින් උත්සව පවත්වා ඇති බව ඉතිහාස සටහන් අනුව ප්‍රකට කරයි. ලක් වැසියන්, සංස්කෘතික චාරිත්ර්ර වාරිත්‍ර පැවැත්වීමේ දී, අවුරුදු උදාව, ඉස් සෝදා නෑමේ චාරිත්‍රය සමත, නව සඳ බැලීම, පරණ, නොනගතය, ලිප ගිනි මෙළවීම, කෑම පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර ගැනීම, හිසෙහි තෙල් ගෑම, අවුරුද්දේ අවසන් ස්නානය රැකියාවට පිටත්වීම මෙන්ම අවුරුදු උත්සවය පැවැත්වීම ද නැකතට අනුව සිදු කරමින් අවුරුදු සැමරීම සිදු කරති. ලාංකීය සිංහල බෞද්ධයින්ට මෙන්ම දමිළ හින්දු ආගමිකයින්ට පැරණි සිරිත් විරිත් නැවත මතක් කර දීමටත්, අෙන්‍යාන්‍ය සුහදතාවය විශ්වාසය වර්ධනය කරගැනීමටත් අවුරුදු උත්සවය සොබාදහම විසින් ලබා දෙන අනගි අවස්ථාවකි. දෙමවුපියන්ට හා වැඩිහිටියන්ට බුලත් හුරුළු දී වඳින දරුවන්, බාලයන් සදාචාරත්මක ධර්මතාවක් ප්‍රකට කරන අතර කොතරම් දුර බැහැර ජීවත් වුවත් දෙමවුපියන්, ඥතීන් බැලීමට බුලත් හුරුළු දී වැඳුම් පිදුම් කිරීම වරද සමාකර ගැනීම සිංහල බෞද්ධයන් අමතක නොකරන සිරිතකි. 'මාතා පිතූ උපට්ඨානං, ඥත කානංච සŒගහෝ, පුත්ත දාරස්ස සŒගහෝ වැනි මංගල කරුණු මෙම උත්සවය හා කෙතරම් සමීපද යන්න විමසිය යුතුය. [COLOR=#800080]අවුරුද්ද සහ හෙළ වනිතාව :-[/COLOR] කෘෂිකාර්මික ජන ජීවිතයකට උරුමකම් කියූ ජනකායක සදාතනික උරුමයන් අතරට එක්ව පැවති ආගමික විශ්වාස හා මතිමතාන්තර සමඟ පෙළ ගැසුණ සංස්කෘතික මංගල්‍යය, සිංහල අවුරුද්ද හෙළ ජන දිවිය සමග බද්ධ වී ඇත්තේ ඉවත් කළ නොහැකි අංගයක් වශයෙනි. ඉර, සඳ, අව්ව, වැස්ස, ජීවන රිද්මය වූ අතීත ජනයා සියලු කෘෂිකාර්මික කටයුතුවලදී මෙන්ම අස්වනු ගෙට ගැනීම ද සැබැවින්ම එදා මංගල්‍යයක් ලෙස පැවති බව ප්‍රකට කරුණකි. නිෂ්පාදන පිරිවැය එදා අල්ප වුව ද, මිනිස් ශ්‍රමය බහුල වුව ද වන සතුන් හා සාම්ප්‍රදායික දැනුම් සීමාවන්වලින් සීමා සහිත වපසරියක් තුළ ස්වාමියා සමඟ උරෙනුර ගැටී නිෂ්පාදනයට හවුල් වූ හෙළ වනිතාවගේ දායකත්වය ප්‍රබල සහභාගිත්වයක් බව අප අමතක නොකළ යුතුය. හිරුට ගෞරව කළේ, සොබාදහමේ දායාදයන් කෙරෙහි අනාදිමත් කාලයක සිට පැවති විශ්වාස හා සබැඳි ප්‍රතිඵලයක් වශයෙනි. නව අස්වනුවලින් දෙවියන් පුදා පරිහරණය ඇරඹූ හෙළ සිරිත භාරතීය කාමෝත්සවයන්හි යම් පෙලඹවීමක් රාජ්‍ය අවධීන්හි සිට පැවති පූර්වාදර්ශයන් වශයෙන් අතීත සබඳතා පෙන්වද්දී වර්තමානයේ යථාර්ථයෙන් බැහැරවී වාණිජ්‍යයට බරවූ අනුභවයට සීමාවූ උත්සවයක් වශයෙන් ශේෂ වී පැවතීම කෙතරම් ෙ€ද ජනකද. අද මාධ්‍යතුළින් අවුරුදු චාරිත්‍ර සමාජ ගත කිරීමට සිදුව ඇත. පරම්පරාවෙන් පරම්පරාවට පැමිණි සිරිත් විරිත්වල විකෘතිවීම ජන සමාජයේ අපගමනය වැනි හේතු සාධක නිසා ඉදිරි පරම්පරාවට දක්නට ඇත්තේ මාධ්‍ය තුළින් පමණය. ස්වභාවධර්මය හා බැඳුන සම්ප්රදාය ප්‍රීති ප්රමෝදයට පත් වන්නේ සූර්යයාගේ නව රාශි ගත වීමත්, තුරු ලතා සිය පත්‍ර හළා නව සළු පිළිවලින් සැරසී ඵලින් බරවය. සියොතුන් පවා මේ සූර්ය මංගල්‍යයට සැරසෙන්නේ මහත් අභිමානයකිණි. [COLOR=#800080]අංචි මැංචි සමඟ එක්ව පුංචි හාමිලා පුංචි පුංචි සමග එක්වළමයි රංචු එක්වෙලා කොංචි කොංචි සිනා සිසී පුංචි නෝනලා රංචු රංචු ගැනු සිටිත් පංච කෙළ කෙළා[/COLOR] සිංහල අවුරුදු උදාවත් සමඟ සිංහල සමාජයේ ගෘහණියගේ කාර්ය භාරය විශේෂ තැනක් ගන්නා අතර මානව සාරාර්ථ සමාජ ගත කිරීමේ මහඟු ප්රයත්නයේ වැඩි පංගුවක් ඇයගේ කාර්ය අතර නොවන්නේ ද. සියලු වැඩ අත්හැර, නොනගතය හෙවත් අශුභ කාළය ආගමික කාර්යයන්ට යොමුකරන ඇය, යළිත් සූර්ය ශක්තිය නිවහන තුළට ගිවිස ගැනීමෙහි ලා කාර්යයන් රැසක නිරත වන්නේ යුහුසුළුව ය. ස්වාභාවික වස්තූන් කෙරෙහි පුද පූජා පැවැත්වීමේ පුරුද්ද, 'අග්නි' පිදීම වැනි දේ තුළින් පෙරට පැමිණි බවට විශ්වාසිත ය. ලිප ගිනි මෙළවීම සිදු කරනු ලබන්නේ කාන්තාවය. එපමණකුදු නොව හෙළ ජනයා මේ සමයේ සිදු කරනු ලබන බොහොමයක් ක්‍රීඩා වනිතාව මුල් කරගෙන සිදු කරනු ලබයි. පංචකෙළිය, ඔලිඳ කෙලිය, ඔන්චිලි පැදීම, රබන් වැයීම, කළගෙඩි සෙල්ලම ආදීන් කාන්තා සහභාගිත්වය කැපී පෙනෙන අංගයන් වෙයි. එපමණකුදු නොව ආහාර, කැවිලි පෙවිලි ආදියෙහි මෙන්ම අහළ පහළ මිනිසුන් අතර සබඳතා වර්ධනය කරමින් සංග්‍රහ ශීලී වීම, අමුත්තන්ට සංග්‍රහ කිරීම, සමඟ සමස්ත චාරිත්‍ර සම්බන්ධයෙන් කුටුම්භය තුළ උෙද්‍යාaගය ඇති කර ලීම ද ගෘහණියගේ කාර්යභාරය අතර වැදගත් තැනක් හිමිවෙයි. සියලු චාරිත්‍ර විධි පැවැත්වීමේ දී පරමාදර්ශී වන ඇය, පසු කාලීන එළඹුමක් වන, අවුරුදු උත්සවයන්හි දී 'අවුරුදු කුමරිය' වශයෙන් අභිෂේකය ලබන අවස්ථාව උළෙල වර්ණවත් කරන සාම්ප්‍රදායිsක අංගයක් බවට පත්ව ඇත. මෙම සංස්කෘතික උළෙල නගරයට වඩා ගම තුළින් කැපී පෙනෙන අගයක් බවට පැවති ආකාරය අමුතුවෙන් සඳහන් කළයුතු නොවේ. නැකැත් නොබැලුවත්, රාශි චක්‍ර ගැන අවබෝධය නැති වුවත් අවුරුදු කාලය දන්නා ගැමි දරුවෝ මෙකල්හි ප්‍රීතියෙන් කල් ගෙවූහ. එසේම, සිංහල අලුත් අවුරුද්ද එළඹෙන්නේ, සහෘද බව හා ලෙන්ගතු කම මෙන්ම මවුපිය දූදරු සබඳතාවන් වඩාත් සමීපකරවමිණි. [COLOR=Red]ජන ක්‍රීඩා හා ජන කවි :-[/COLOR] සිංහල අවුරුද්ද වනාහි කිසිදු වයස් බේදයකින් තොරව සෑම තරා තිරමකම සහයෝගය ලබමින් ක්‍රීඩා ඉසව් රැසක් ජනගත වනසමය කි. එම ක්‍රීඩා අතුරින් වියෑකී ගිය බොහෝ අංගයන් නූතන පරපුරට දක්නට නොලැබීම අභාග්‍යයකි. අං ඇදීම, පොර පොල් ගැසීම, පංච දැමීම, ගුඩු පැනීම, තට්ටු පැනීම, ලුණු පැනීම, සොකරි, නෙරෙංචි කෙළිය, ජල්ලි ගැසීම, කතුරු ඔන්චිල්ලා පැදීම, සෑම ගම්බද නිවසකම පාහේ ඔන්චිල්ලාවක් බැඳීමත් ළමෝ සහ වැඩිහිටියන් එක්ව සතුටු වීමත් අද දුලබ දසුනකි. පත්තිනි දෙවඟන පිදීම හා සම්බන්ධ ක්‍රීඩා සමඟ විශේෂ චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව උනන්දුවක් දැක්වූ ලාංකීය සමාජය තුළ අද දවසේ සම්ප්රදාය තුළ පැවති බොහෝ දේ ට පිටුපා යන ස්වභාවයක් පෙන්නුම කරයි. අවුරුදු සමයේ වාරම් කියමින් වැල් ඔංචිල්ලා පැදීම කුඩා ළමුන්ගේ විශේෂාංගයක් විය. උත්සව සමයේ, රට ඔංචිල්ලා, කතුරු ඔංචිල්ලා, බමර ඔංචිල්ලා පදිමින් තරුණ තරුණියෝ මැනවින් ප්‍රීතිමත් වූ බව ශේෂව පවතින ජනකවි සාහිත්‍ය මනාව ප්‍රකට කරයි. [COLOR=#800080]ඔංචිලි චිලි චිල්ල මලේ වැල්ල දිගට නෙල්ලි කැලේ සුළඟට රෙදි රැල්ල ලෙලේ ඔංචිලි පැද පන්න මලෙA රඡ්ජුරුවෝ උඩයි උඩයි බිම ඉන්නේ වැසියො තමයි අහසේ උඩ නගියි නගියි පදිමු අපිත් එහෙය මෙහෙයි අත්ත උසං උසං උසං ජම්බු පොකුරු සිලිං බිලිං ලොකු අක්කේ පදිං පදිං ජම්බු කඩං බෙදං බෙදං [/COLOR] උංසිලි හෙවත් ඔංචිල්ලාව අවුරුදු සමයට නැතිවම බැරි අංගයක් වශයෙන් ගම්බද ජනප්‍රියත්වයට පත්වූ ක්‍රීඩාවකි. සමෝසමේ වැල් ඔංචිලි පදිමින් ගීතිකා ගයන සුකුමාර දේහිණීන් ගැන පැරණි සාහිත්‍යයෙහි එන වැනුම් ද මේ බව මනාව සනාථ කරති. [COLOR=#800080]'හැඳ පෙරව මල් පට ලිහෝවිලි කෙළනා විට පටන් ගෙන මොනවට කියත් ලිය ගී නද මියුරු කොට'[/COLOR] (සඳ කිඳුරු දා කව) ගැහැනු පිරිමි දෙපක්ෂයටම විනෝදාත්මක ක්‍රීඩාවක් වූ රබන් ගැසීම, හෙවත් රබන් කෙළිය සිංහල පමණක් නොව මුස්ලිම්, ජා ජනයා අතර ද ක්‍රීඩාවක් ලෙස ප්‍රකට ය. පුරාතනයේ සිට වර්තමානය තෙක් නොනැසී පවතින රබන් ක්‍රීඩාව තුළින් නිතැතින්ම ශාරීරික ව්‍යායාමයක් ද ලැබුණි. [COLOR=#800080]තරිකිට දොං දොං අවුරුද්දයි රබාන දැන් දැන් හරි සද්දයි තකිට දොං දොං තකිට දොං දොංතකිට දොදොං දොං අපිට අරං කැවුම් කොකිස් නැන්ද එනව දොං අක්කෙ වරෙන් නෑනෙ වරෙන් නැන්දත් කැඳවන් අවුරුද්දට අපි හැමෝ ම රබන් ගහමු දැන්[/COLOR] පන්දු කෙළිය දිනුම් පරාජයක් නොතකයි. විනෝදය පිණිස කළ සෙල්ලමකි. පන්දුවේ (බෝලය) නූලක් අමුණා එම නූලේ කෙළවර දබරැඟිsල්ල හා මාපටැඟිල්ලෙන් අල්ලා පන්දුව අහසේත් බිමත් හෙලා නූලේ බලයෙන් අල්ලට පන්දුව ගැනීම මෙහි පිළිවෙලයි. (නලිනි ජාතකය) ලාලි කෙළිය ද පන්දු කෙළිය වැනි ගැහැනුq සෙල්ලමකි. සඳලුතලවලට වී ලාලිවට තුනක් අහසට දාමින් එකකුත් බිම නොහෙන සේ අල්ලා නැවත නැවත උඩ දමමින් කරන ක්‍රීඩාවකි. (පූජාවලිය) රුවන්දාමයන් අතින් රැගෙන රුවන් ස්වර්ණාබරණින් සැදී පා බැඳි කිකිණි අත බැඳි මිණි රසු ඇතිව දෙදෙනා බැගින් සුන්දර ලලනාවන් පෙළ ගැසී මධුර ගීත රාවයෙන් කන් සනසනා නෙත් අඳුනවැ දක්නා දක්නා සෑම කෙනකු=ගේ ම සිත් බඳවා අත් නගමින් හෙළමින් නාමල් කිනිත්තක් මඳ සුළඟට සෙළවෙන කලක් පරිද්දෙන් එහාට මෙහාට පනිමින් සමන් මල් මිටක් රිදී කලයක දමා රත් මහනෙල් පෙත්තකින් වැසූ කලක් පරිද්දෙන් මඳ සිනහ පාමින් රුවන් කෙළියෙහිදී රාජ මහේසිකාවෝ නැටූහ. (සිංහල ජාතිය 10. 04. 55) පැරණි සාහිත්‍යකරුවා දුටු දිය කෝකිල කෙළිය, නළඟනන්ගේ විවිධාකාර නැටුම් ගැයුම්, දියබුන් ගැසීම, ස`දලුතලවල පන්දු කෙළිය වැනි ලලනාවන්ගේ ක්‍රීඩා සමඟ රබන් කෙළිය පිළිබඳව ද හැඟීමක් ඇති වන්නට ඇතැයි සිතිය හැකිය. පැරණි විහාර සිතුවම් හා කටවහර අනුව පෙරට පැමිණි ජන කවි අතර ඇති රබන් පද ඊට සාක්ෂි දරනු ඇත. සෙ`දන් ආ කුමරිය සූර්ය කුමරු හා සුසංයෝගයෙන් හෙළයන් බිහිවූ බව පුරාවෘත ගතව ඇත. සිවු හෙළය ජයගත් හෙළයන් වශයෙන් ඉතිහාස ගත ව ඇති බවට ද මතයකි. හිරු සහ ස`දුගේ බලයෙන් වැඩ ගත් ජාතියක් ලෙසත්,විවිධ මත සමාජ ගතව ඇති අතර, රාවණ යනු 'රා' සූර්ය ශත්තිය මනාව ජයගත් නායකයෙකු වශයෙනුත් ප්‍රකට කරයි. [COLOR=#800080]'ආදි අපේ මුතු මිත්තෝ ඉරෙන් හෙ`දන් වැඩ ගත්තෝ ' [/COLOR] යන ජන කවිය මේ බව ප්‍රකට කරයි. කෙසේ වුවද, හෙළ සංස්කෘතිය චිරාත් කාලයක සිට විවිධ ජාතීන් ගේ සංස්කෘතීන් ගෙන් විසරණය වී පෙරට පැමිණ වික්ටෝරියානු සංස්කෘතියේ බලහත් කාරයට යටවීමේ ඵල විපාක අප මැනවින් අත් වි`දින බව අමුතුවෙන් ස`දහන් කළ යුතු නොවේ. බුදුසමයෙන් ප්‍රභාමත් වූ සමාජයක මානව ගරුත්වය, සබැඳියාව හා සදාචාරය ආරක්ෂා කළ ධර්¨මතා අතර ක්‍රීඩාව සාහිත්‍ය හා කලා ආදිය තුළින් ද, ජීවිතයට නවමු අත්දැකීම් ලබා දෙන්නට හැකිවන අතර, මෙම උත්සවය වෙනුවෙන් නිවෙස් හා පරිසරය පිරිසිදු කර උත්සවය අවසානය දක්වා චාරිත්‍ර විධි සමඟ සොබා දහමට ගරු කරමින්, පිදිය යුත්තන් පුදමින්, ආගන්තුක සත් කාරයන්හි නියෑලීම ආදී චාරිත්‍ර රැසක් මැනවින් ඉටු කිêම තුළින් අෙන්‍යාන්‍ය සබඳතා වර්ධනය කිරීමත් පුද්ගල හා පුද්ගලාන්තර අභිවෘද්ධියත් උදෙසාත් ධර්මතා පිරි යහපත් සමාජයක් ගොඩනැංවීමට ලැබෙන පිටු බලය සුළු පටු නොවන බව ද සඳහන් කළ යුතුය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom