Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සූරියකන්ද සමූහ මිනීවල..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සූරියකන්ද සමූහ මිනීවල..

මෑතකදී මම ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් ලියන ලද අමාවක සඳ යට කෘතිය කියවූයෙමි. එම පොත කියවීමත් සමගම ඇඹිලිපිටිය සිදුවීම් ගැන මා විසින් දීර්ඝ කාලයක් පුරා හැදෑරූ දේවල් මගේ මතකයට ආවේය.

ඝාතනය කරන ලද සිසුන් ගේ කියා සැක කරන ලද සූරියකන්දේ සමූහ මිනීවලෙන් සොයා ගත් ඇටකටු පොහොර ගෝනි වල බහා කොලඹ ෆ්‍රැන්සිස් මාවතේ මෘතශරීරාගාරයට 1994 දී ගෙන එන විට මම කොළඹ ප්‍රධාන අධිකරන වෛද්‍ය නිළධාරි එල්.බී.එල් ද අල්විස් මහතා යටතේ අධිකරන වෛද්‍ය විද්‍යා පාඨමාලාව හදාරමින් සිටියෙමි. මෙම ඇටකටු කිසිම අධිකරන වෛද්‍ය ක්රියාදාමයකින් තොරව හාරන ලද බැවින් සාක්ෂි විනාශවී තිබෙන බව ප්‍රධාන අධිකරන වෛද්‍ය නිළධාරි එල්.බී.එල් ද අල්විස් මහතා අපට කීවේය. එය තවත් දේශපාලන සංදර්ශනයක් විය.

ඇඹිලිපිටිය ඛේදවාචකය ඇරඹෙන්නේ 1988 භීෂණ සමයේදීය. මේ කාලයේදී ජවිපෙ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් පාසල් සිසුන්ද මහ පාරේ අරගල වලට යොදාගෙන තිබුණි. ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති දයානන්ද ලොකුගලප්පත්තිට පාසල පාලනය කල නොහැකි මට්ටමට පාසල තුල විරෝධතා ඇති විය. එසේම විදුහල්පතිගේ පුත් චමින්ද ලොකුගලප්පත්ති පාසලේ සිසුවියකට ලියන ලද පෙම් හසුන්පතක් අතිනත ගොස් හාස්‍යට ලක්වීමද දයානන්ද ලොකුගලප්පත්තිගේ කෝපය වඩවන්නක් විය. මෙවැනි තත්වයකදී ඉවසීමෙන් ගුරුවරයෙකු ලෙස කටයුතු කරනවා වෙනුවට දයානන්ද ලොකුගලප්පත්ති හමුදා ක්‍රමයට පාසල පාලනය කිරීම ඇරඹීය. ඔහු පාසලේ සිටියේ රිවෝල්වරයක් සහ ග්‍රෙනේඩ් බෝම්බයකින් සන්නද්ධවය.

ලොකුගලප්පත්තිට ළමයින් පාලනය කිරීම ගැන දැණුමක් තිබුනේ නැත. එසේම කාලයකට ඉහතදී පාසල් සිසුවෙකුව ලිංගික අපයෝජනයට ලක් කිරීම ගැන ඔහු චෝදනා ලබා සිටියේය. දේශපාලන පත්වීමක් ලෙස ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති තනතුරට පත් වූ ඔහු ක්‍රියා කලේ යක්ෂාවේශයෙනි. ත්‍රස්ථ ක්‍රියා කල බවට චෝදනා කොට ඔහු තමාගේ සිත් නොගත් සිසුන් ගේ නම් හමුදාවට දුන්නේය.

ඝාතනයට ලක්වූ සිසුන් ගෙන් බහුතරය අහිංසකයෝ වූහ. නමුත් ඒ අතර ජවිපෙ පන්ති වලට සහභාගී වී ඇඹිලිපිටිය කඩදාසි කම්හලට ගිනි තැබීම , සෙවනගල සීනි කම්හලේ බුල්ඩෝසර් වලට ගිනි තැබීම වැනි කඩාකප්පල්කාරී ක්‍රියා කල කිහිප දෙනෙකුද වූහ. මෙම පාසල් ළමුන් මෙහෙයවන ලද්දේ ජවිපෙ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසිනි. අවසානයේදී මොවුන් අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක් වූ අතර මෙම සිසුන්ව මෙහෙයවූ කේඩරයන් බ්‍රිතාන්‍ය , ඉතාලිය සහ ඔස්ට්‍රේලියාව යන රටවලට පැන ගියහ.

ඇඹිලිපිටිය විදුහලේ සිසුන් 32ක් අතුරුදහන් කිරීමේ නඩුවේ පළමු විත්තිකරු වූයේ ලොකුගලප්පත්තිය. ඔහුට වසර දහයක සිර දඞුවමක් ලැබුනු අතර වර්තමානයේ ඔහු නිදහස ලබා රත්නපුර ප්‍රදේශයේ දෙවාලයක කපුවෙකු ලෙස වැඩ කරයි. නඩුවේ දෙවන විත්තිකරු වූ විදුහල්පති දයානන්ද ලොකුගලප්පත්තිගේ පුත් චමින්ද ලොකුගලප්පත්ති නිදහස් විය.

2005 වසරේදී යුද හමුදා රෝහලේදී මාගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා හමුදා නිලධාරියෙක් ආවේය. ඔහුගේ වාසගම ලොකුගලප්පත්තිය. ඔහු තමා හිටපු විදුහල්පති දයානන්ද ලොකුගලප්පත්තිගේ ඥාතියෙකු බව පිලිගත්තේය . එහෙත් ඔහු ලොකුගලප්පත්තිගේ පුතෙකු කියා මම සැක කරමි. එදා මගෙන් ප්‍රතිකාර ගැනීමට ආවේ චමින්ද ලොකුගලප්පත්තිද කියා මට සැකයක් තිබේ.

ඇඹිලිපිටිය සිසු ඝාතන සිද්ධියට චෝදනා ලැබූ හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු සමග මම කතා කලෙමි. ඔවුන් ද යම් ආකාරයකට මේ භීෂණය වෙත තල්ලු කරන ලද වින්දිතයෝ වෙති. මේ වකවානුවේදී ඇඹිලිපිටියේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් ගෙන යන ලද භීෂණය උග්‍රව තිබුණි. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් තුංකම ප්‍රදේශයේදී හමුදා රථයකට බිම් බෝම්බයක් අටවා හමුදා සෙබළුන් 8 දෙනෙකු මරා දමන ලදි. එසේම දිනපතා බස් රථ මෙන්ම රජයේ ගොඩනැගිලි ගිනි තැබීම සිදු කරන ලදි මේ තත්වය නිසා හමුදාව සිටියේ වියරුවෙනි. ඉහල දේශපාලන තන්ත්රය මෙන්ම ඉහල හමුදා නායකත්වය ජවිපෙ භීෂණයට භීෂණයෙන් ප්‍රතිචාර දක්වන ලෙසට කණිෂ්ඨ හමුදා නිලධාරීන්ට මෙන්ම සෙබළුන්ට නියෝග කලහ. ඩර්ටි වර්ක් හෙවත් සියළු කැත වැඩ කර ගත්තේ මේ නිලධාරීන් සහ සෙබළුන් හරහාය. නමුත් නඩුවේදී මේ ඉහල දේශපාලන තන්ත්රය මෙන්ම ඉහල හමුදා නායකත්වය තම තමන් ගේ ඇඟවල් බේරා ගත්හ. වතුර ගලා ගියේ පහත් තැනිනි.

ඇඹිලිපිටිය සිසු ඝාතන සිද්ධිය සහ සූරියකන්ද සමූහ මිනී වල චන්ද්‍රිකාට බලයට ඒමට උපකාරී විය. නමුත් බලයට පැමිණි චන්ද්‍රිකා වින්දිතයන්ට සාධාරණයක් ඉටු කලේ නැත. සියල්ල වචන සහ පොරොන්දු වලට පමණක් සීමා වූයේය.

අද පවා අතුරුදහන්වූ සිසුන් ගේ දෙමාපිය ඥාතීහු වියෝ දුක සාංකාව විඳිමින් මැරි මැරී උපදිති. ඝාතන වලට චෝදනා ලැබ සිරගතවූ හමුදා නිලධාරීන් ක්ෂිතිමය අතීතය අමතක කොට යලි ජීවිතයට මුහුණ දීමට උත්සහ දරති. මේ ඛේදවාචකයේ මූලාරම්භයන්ට තම දායකත්වය ලබා දුන් දේශපාලනයේ හය හතර නොතේරෙන පාසල් දරුවන් ෆෝම් කොට බිලි බෝයිස්ලා ලෙස හමුදා තුවක්කු කටට විසි කල දෙබිඩ්ඩෝ ඊනියා විප්ලවයෙන් පසුව ප්රජාතන්ත්රවාදය පවතින පළවන ලෝකයේ ධනවාදී රටවල දේශපාලන රැකවරණ ලබා ගත්හ. ඔවුන් එකී බටහිර රට වල ජීවත් වෙමින් තමන් ගේ දරුවන් එම රටවල පුද්ගලික විශ්ව විද්‍යාල වලට යවති. මෙම දෙබිඩ්ඩෝ එම රටවල සිට ජීවිතය විඳිමින් නොස්ටැල්ජියාව හෝ වරදකාරී බව නිසා ලංකාවේ විශ්ව විද්‍යාල වල සිටින තමන් ගේ බිලි බෝයිස්ලා හරහා අරගල කරමින් ජනතාවට උතුරු කොරියාවක් , කියුබාවක් නිර්මාණය කිරීමට කැස කවති. භීෂණය තවමත් අප අත් හැර ගොස් නැත. එබැවින් අනාගතයේ තවත් ඇඹිලිපිටියක් නිර්මාණය වීමේ ඉඩකඩ බොහෝ සෙයින් තිබේ.

වෛද්‍ය රුවන් එම් ජයතුංග මහතා විසින් සම්පාදිත සටහනකි.

[QUOTE="Solo Rider, post: 26029385, member: 575911"] සූරියකන්ද සමූහ මිනීවල.. මෑතකදී මම ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් ලියන ලද අමාවක සඳ යට කෘතිය කියවූයෙමි. එම පොත කියවීමත් සමගම ඇඹිලිපිටිය සිදුවීම් ගැන මා විසින් දීර්ඝ කාලයක් පුරා හැදෑරූ දේවල් මගේ මතකයට ආවේය. ඝාතනය කරන ලද සිසුන් ගේ කියා සැක කරන ලද සූරියකන්දේ සමූහ මිනීවලෙන් සොයා ගත් ඇටකටු පොහොර ගෝනි වල බහා කොලඹ ෆ්‍රැන්සිස් මාවතේ මෘතශරීරාගාරයට 1994 දී ගෙන එන විට මම කොළඹ ප්‍රධාන අධිකරන වෛද්‍ය නිළධාරි එල්.බී.එල් ද අල්විස් මහතා යටතේ අධිකරන වෛද්‍ය විද්‍යා පාඨමාලාව හදාරමින් සිටියෙමි. මෙම ඇටකටු කිසිම අධිකරන වෛද්‍ය ක්රියාදාමයකින් තොරව හාරන ලද බැවින් සාක්ෂි විනාශවී තිබෙන බව ප්‍රධාන අධිකරන වෛද්‍ය නිළධාරි එල්.බී.එල් ද අල්විස් මහතා අපට කීවේය. එය තවත් දේශපාලන සංදර්ශනයක් විය. ඇඹිලිපිටිය ඛේදවාචකය ඇරඹෙන්නේ 1988 භීෂණ සමයේදීය. මේ කාලයේදී ජවිපෙ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් පාසල් සිසුන්ද මහ පාරේ අරගල වලට යොදාගෙන තිබුණි. ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති දයානන්ද ලොකුගලප්පත්තිට පාසල පාලනය කල නොහැකි මට්ටමට පාසල තුල විරෝධතා ඇති විය. එසේම විදුහල්පතිගේ පුත් චමින්ද ලොකුගලප්පත්ති පාසලේ සිසුවියකට ලියන ලද පෙම් හසුන්පතක් අතිනත ගොස් හාස්‍යට ලක්වීමද දයානන්ද ලොකුගලප්පත්තිගේ කෝපය වඩවන්නක් විය. මෙවැනි තත්වයකදී ඉවසීමෙන් ගුරුවරයෙකු ලෙස කටයුතු කරනවා වෙනුවට දයානන්ද ලොකුගලප්පත්ති හමුදා ක්‍රමයට පාසල පාලනය කිරීම ඇරඹීය. ඔහු පාසලේ සිටියේ රිවෝල්වරයක් සහ ග්‍රෙනේඩ් බෝම්බයකින් සන්නද්ධවය. ලොකුගලප්පත්තිට ළමයින් පාලනය කිරීම ගැන දැණුමක් තිබුනේ නැත. එසේම කාලයකට ඉහතදී පාසල් සිසුවෙකුව ලිංගික අපයෝජනයට ලක් කිරීම ගැන ඔහු චෝදනා ලබා සිටියේය. දේශපාලන පත්වීමක් ලෙස ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති තනතුරට පත් වූ ඔහු ක්‍රියා කලේ යක්ෂාවේශයෙනි. ත්‍රස්ථ ක්‍රියා කල බවට චෝදනා කොට ඔහු තමාගේ සිත් නොගත් සිසුන් ගේ නම් හමුදාවට දුන්නේය. ඝාතනයට ලක්වූ සිසුන් ගෙන් බහුතරය අහිංසකයෝ වූහ. නමුත් ඒ අතර ජවිපෙ පන්ති වලට සහභාගී වී ඇඹිලිපිටිය කඩදාසි කම්හලට ගිනි තැබීම , සෙවනගල සීනි කම්හලේ බුල්ඩෝසර් වලට ගිනි තැබීම වැනි කඩාකප්පල්කාරී ක්‍රියා කල කිහිප දෙනෙකුද වූහ. මෙම පාසල් ළමුන් මෙහෙයවන ලද්දේ ජවිපෙ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසිනි. අවසානයේදී මොවුන් අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක් වූ අතර මෙම සිසුන්ව මෙහෙයවූ කේඩරයන් බ්‍රිතාන්‍ය , ඉතාලිය සහ ඔස්ට්‍රේලියාව යන රටවලට පැන ගියහ. ඇඹිලිපිටිය විදුහලේ සිසුන් 32ක් අතුරුදහන් කිරීමේ නඩුවේ පළමු විත්තිකරු වූයේ ලොකුගලප්පත්තිය. ඔහුට වසර දහයක සිර දඞුවමක් ලැබුනු අතර වර්තමානයේ ඔහු නිදහස ලබා රත්නපුර ප්‍රදේශයේ දෙවාලයක කපුවෙකු ලෙස වැඩ කරයි. නඩුවේ දෙවන විත්තිකරු වූ විදුහල්පති දයානන්ද ලොකුගලප්පත්තිගේ පුත් චමින්ද ලොකුගලප්පත්ති නිදහස් විය. 2005 වසරේදී යුද හමුදා රෝහලේදී මාගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා හමුදා නිලධාරියෙක් ආවේය. ඔහුගේ වාසගම ලොකුගලප්පත්තිය. ඔහු තමා හිටපු විදුහල්පති දයානන්ද ලොකුගලප්පත්තිගේ ඥාතියෙකු බව පිලිගත්තේය . එහෙත් ඔහු ලොකුගලප්පත්තිගේ පුතෙකු කියා මම සැක කරමි. එදා මගෙන් ප්‍රතිකාර ගැනීමට ආවේ චමින්ද ලොකුගලප්පත්තිද කියා මට සැකයක් තිබේ. ඇඹිලිපිටිය සිසු ඝාතන සිද්ධියට චෝදනා ලැබූ හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු සමග මම කතා කලෙමි. ඔවුන් ද යම් ආකාරයකට මේ භීෂණය වෙත තල්ලු කරන ලද වින්දිතයෝ වෙති. මේ වකවානුවේදී ඇඹිලිපිටියේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් ගෙන යන ලද භීෂණය උග්‍රව තිබුණි. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් තුංකම ප්‍රදේශයේදී හමුදා රථයකට බිම් බෝම්බයක් අටවා හමුදා සෙබළුන් 8 දෙනෙකු මරා දමන ලදි. එසේම දිනපතා බස් රථ මෙන්ම රජයේ ගොඩනැගිලි ගිනි තැබීම සිදු කරන ලදි මේ තත්වය නිසා හමුදාව සිටියේ වියරුවෙනි. ඉහල දේශපාලන තන්ත්රය මෙන්ම ඉහල හමුදා නායකත්වය ජවිපෙ භීෂණයට භීෂණයෙන් ප්‍රතිචාර දක්වන ලෙසට කණිෂ්ඨ හමුදා නිලධාරීන්ට මෙන්ම සෙබළුන්ට නියෝග කලහ. ඩර්ටි වර්ක් හෙවත් සියළු කැත වැඩ කර ගත්තේ මේ නිලධාරීන් සහ සෙබළුන් හරහාය. නමුත් නඩුවේදී මේ ඉහල දේශපාලන තන්ත්රය මෙන්ම ඉහල හමුදා නායකත්වය තම තමන් ගේ ඇඟවල් බේරා ගත්හ. වතුර ගලා ගියේ පහත් තැනිනි. ඇඹිලිපිටිය සිසු ඝාතන සිද්ධිය සහ සූරියකන්ද සමූහ මිනී වල චන්ද්‍රිකාට බලයට ඒමට උපකාරී විය. නමුත් බලයට පැමිණි චන්ද්‍රිකා වින්දිතයන්ට සාධාරණයක් ඉටු කලේ නැත. සියල්ල වචන සහ පොරොන්දු වලට පමණක් සීමා වූයේය. අද පවා අතුරුදහන්වූ සිසුන් ගේ දෙමාපිය ඥාතීහු වියෝ දුක සාංකාව විඳිමින් මැරි මැරී උපදිති. ඝාතන වලට චෝදනා ලැබ සිරගතවූ හමුදා නිලධාරීන් ක්ෂිතිමය අතීතය අමතක කොට යලි ජීවිතයට මුහුණ දීමට උත්සහ දරති. මේ ඛේදවාචකයේ මූලාරම්භයන්ට තම දායකත්වය ලබා දුන් දේශපාලනයේ හය හතර නොතේරෙන පාසල් දරුවන් ෆෝම් කොට බිලි බෝයිස්ලා ලෙස හමුදා තුවක්කු කටට විසි කල දෙබිඩ්ඩෝ ඊනියා විප්ලවයෙන් පසුව ප්රජාතන්ත්රවාදය පවතින පළවන ලෝකයේ ධනවාදී රටවල දේශපාලන රැකවරණ ලබා ගත්හ. ඔවුන් එකී බටහිර රට වල ජීවත් වෙමින් තමන් ගේ දරුවන් එම රටවල පුද්ගලික විශ්ව විද්‍යාල වලට යවති. මෙම දෙබිඩ්ඩෝ එම රටවල සිට ජීවිතය විඳිමින් නොස්ටැල්ජියාව හෝ වරදකාරී බව නිසා ලංකාවේ විශ්ව විද්‍යාල වල සිටින තමන් ගේ බිලි බෝයිස්ලා හරහා අරගල කරමින් ජනතාවට උතුරු කොරියාවක් , කියුබාවක් නිර්මාණය කිරීමට කැස කවති. භීෂණය තවමත් අප අත් හැර ගොස් නැත. එබැවින් අනාගතයේ තවත් ඇඹිලිපිටියක් නිර්මාණය වීමේ ඉඩකඩ බොහෝ සෙයින් තිබේ. වෛද්‍ය රුවන් එම් ජයතුංග මහතා විසින් සම්පාදිත සටහනකි. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom