Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
සූස්තිකාරයන්ගේ රටේ යුසේන් බෝල්ට් ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සූස්තිකාරයන්ගේ රටේ යුසේන් බෝල්ට් ලා

Mirrorgames.lk - යුසේන් බොල්ට් මීටර් 200 තරගය ජයග්‍රහනය කර ක්‍රීඩා පිටිය වටා දිවයන අතරේදී විටින් විට ගීතයක කොටසක් මිමිණවූ බව විදෙස් මාධ්‍යවේදියකු සටහන් කර තිබිණි. මේ ගීතය "වන් ලව් වන් හාට්" නම් බොබ් මාලිගේ අතිශය ජනප්‍රිය ගීතයයි.

යුසේන්ගේ ප්‍රියතම ගායකයා මාලිය. බීජිං ඔලිම්පික් තරගවලිය අවසන්ව පැවැති සංගීත ප්‍රසංගයකදී යුසේන් මේ ගීතය ගායනා කරන අයුරු යූ ටියුබ් වෙබ් අඩවියේ ඇත. යුසේන් හා මාලි අතර සබඳතාවය ගැන කතා කරන්නට පෙළඹවුයේ වර්තමාන ජැමෙයිකානු ක්‍රීඩාවේ නැග්ම ගැන කියන්නට පෙර සටහනක් ලෙසය. ඊට බොබ් මාලිගේ ඇති සම්බන්ධතාවය කුමක්ද යන්න ගැටළු සහගත බව පෙනී ගියත් එහි සබඳකමක් තිබේ.

ඒ සබඳකම හැදෙන්නේ යුගයන් අතර වෙනස් කමෙනි. ජැමෙයිකාව ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධියට පත්වූවානම් ඒ බොබ් මාලි නම් අසාහය විප්ලවාදී ගායකයා නිසාය. ඔහු මානව වර්ගයාට එරෙහිව වන අසාධාරණයට අයුක්තියට එරෙහිව මොර ගෑවේය. තමන්ගේ රටේ තක්කඩි පාලකයන්ට එරෙහිව ගීතය අවියක් කොට ගත්තේය. මේ ගායකයා සමගම ප්‍රසිද්ධ වූ අනෙක් කාරණය ගංජා ඉරීමය. නැතිනම් සූස්ති ගැසීමය.

ශ්‍රි ලංකාවේ, ජැමෙයිකාවේ මෙන්ම බොහෝ දේශීය වෛද්‍ය ක්රමයන් තුළ ගංජා මහාර්ඝ ඖෂධයක් වූවද මත් කරවන ද්‍රව්‍යයක් ලෙසද ගංජා භාවිතා කරනු ලබයි. දෙවිවරුන්ගේ නායක ඉන්ද්‍ර දෙවියන් අමෘතය මහා සමුද්‍රය මත හෙලා මන්දාර නම් පර්වතයෙන් එම සමුදුර කළඹවත්දී පොළවට වැටුණු අමෘත බිඳු වලින් ත්‍රෛලෝක විජයම්පත්ර හෙවත් ගංජා හෙවත් කංසා පැළෑටිය බිහිවූ බව සඳහන් වේ.

මාලි ද ගංජා දුම් උරන්නෙකි. බොහෝ ජැමෙයිකානුවන් ගංජා උරන්නෝය. ඒ නූතන ජැමෙයිකානු සංස්කෘතියේ අංගයකි. ඒ තත්වය ඇතිවූයේ නමසිය තිස් ගන්නවලදී ජැමෙයිකාවේ පැතිරුණු නව දහමක් නිසාය. ක්‍රිස්තියානියෙන් බිදී ගිය ආගමක් ලෙස මෙය හැදින් වූවද එය ආගමකට වඩා සමීප වන්නේ ජීවන රටාවකටය. ඒ නමින් රස්ටෆා ය. රස්ටෆාරියන් ලාගේ ජීවිතයේ අනිවාර්යය අංගයකි ගංජා ඉරීම. එමගින් දෙවියන්න් හා සමීප විය හැකිබව ඔවුන් කියයි. මෙම ජීවන රටාව අනුගමනය කරන්නන් ( ගංජා ඉරීම අද ජමෙයිකානු රජය මුළුමනින්ම තහනම් කර ඇති නිසා) විසිපන්දහසකට වඩා අද ජැමෙයිකාවේ නැතත් රස්ටාෆාරියන් සංස්කෘතියේ බොහෝ අංග ජැමෙයිකානු සංස්කෘතියේ පදනම බවට පත්ව තිබේ. නිර්මාංශ ආහාරයේ නියැලෙන රස්ටාෆාරියන්වරු දෙවියන් විසින් දෙනු ලැබූ ශරීරය පලූදු කරගැනීමට හෝ විච්ෙඡ්දනයට සූදානම් නොවීය. එහෙයින්, ශල්‍යකර්ම හා කිසිම හේතුවක් මත ශරීරාංග කැපීම අනුමත නොකළේය. කොන්ඩා කැපුවේද නැත. රස්ටාෆාරියන් කෙනෙකු වන බොබ් මාලි නිසා ඒ ජීවන රටාව ලොව පුරාද පැතිර තිබේ.

මේ නිසා බොබ් මාලේගේ ජැමෙයිකාව ගැන ලෝකයා දැන ගත්තේ ගංජා උරන්නන්ගේ රට හැටියටය. බටහිර ඉන්දීය කොදෙව් සමූහයට අයත් වර්ග කිලෝමීටර් 10,991ක කුඩා දූපතක් වන ජැමෙයිකාවේ ජනගහනය මිලියන 03 ඉක්මවන්නේ නැත. ශ්‍රි ලංකාවට යුරෝපීයයක් කඩා වැදුණ කාලයේදීම ජැමෙයිකාවද ස්පාඤ්ඤයේ යටත් විජිතයක් වෙයි. පසුව බි්රතාන්යයටත් විජිතයක්ව පැවත 1962 අගෝස්තු 06 වන දින ඩොමීනියන් රාජ්‍යයක් බවට දේශපාලන නිදහසක් ලබයි. එතෙක් එය ස්පාඤ්ඤයට හා බි්රතාන්යට වහලූන් සැපයූ රටක් විය. එහෙත් ජැමෙයිකාව අදත් බි්රතාන්ය කිරීටය යටතේ ඇති රාජ්‍යයකි. එසේම අමරිකානු නව යටත්විජිතකරණයට බරපතල ලෙස ගොදුරුව ඇති රටකි.

ඒ කෙසේ නමුත් ජැමෙයිකානු ස්වදේශීය පාලකයන්ට අද දක්වාම ජැමෙයිකාව යහපත් රාජ්‍යක් ලෙස ගොඩනැංවීමට හැකිව නැත. මීට දශක දෙකතුනකට ප්‍රථම ජැමෙයිකාව යනු සමෘද්ධිමත් රටකි. නමුත් දේශපාලනයේ ජරාජීර්ණ භාවය විසින් ජැමෙයිකාව අද ලෝකයේ පහළම ආර්ථික සංවර්ධන වේගයක් ඇති රටවල් කිහිපයෙන් එකක් බවට පත්කොට තිබේ. දශකයක පමණ කාලයක සිට දරිද්‍රතාවය රටම වෙලාගෙන තිබිණි, විරැකියාව 12% ඉක්මවා තිබිණි. ස්ත්‍රී හා ළමා ලිංගික සේවය වසංගතයක් මෙන් විය. මරුජුවානා වැනි දරුණු ගනයේ මත්ද්‍රව වලට තරුණ පරපුර ගොදුරු විය. මීනිමරුම් හොරකම් වැනි අපරාධ ඉතා බහුල විය. රජයේ වංචා දූෂණ ඉවවහා ගියේය. අධිරාජවාදී රටවල ණය උගුල්වල වැටී තවමත් ගොඩ ඒමට නොහැකිව සිටී. මේ නිසා වසරකට ලක්ෂ දෙකක පමණ වන තරමින් ජැමෙයිකානුවෝ රට හැර ගියහ.

එහෙත් යහපත් යයි කිව හැකි ලෙස ප්රජාතන්ත්රවාදී ලෙස පාලකයන් තෝරා ගැනීම(ඇත්තේ පක්ෂ දෙකක තට්ටුමාරු පාලනයක් වුවත්) එහි පවතින බැවින් එම තත්වයෙන් රට මුදවා ගැනීමට වුවමනාව සහිත දේශපාලකයෝ කිහිප දෙනෙකු පාර්ලිමේන්තුවට තෝරා පත්කර හරින්නට පසුගිය කාලයේදි ජැමෙයිකානුවෝ සමත් වූහ.

ඇතැම් ක්ෂේත්රවල ජැමෙයිකාව ගොඩයන ලකුනු දැන් දැන් පෙන්නුම් කරමින් තිබේ. ජමෙයිකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය වුයේ සංචාරක කර්මාන්තය. ඊට අමතරව බොක්ස්යිට්/ඇලූමිනියම් ඛනිජ අපනයනය,සීනි,කෙසෙල් ආදිය විය. නමුත් පසුගිය කාලයේ රටේ තත්ත්වය නිසා සංචාරක කර්මාන්තය බිඳ වැටිණි. එහෙත් යළිත් රට ගොඩනැංවීමට තිබු මාර්ගය වූයේද සංචාරක කර්මාන්තය ගොඩනැංවීම පමණය.

ජැමෙයිකානුවන් සංචාරකයන්ට පෙරදා විකුණනු ලැබුවේ ජැමෙයිකානු හිරුය, මුහුදය, වෙරළය. sun and sand tourism ලෙස ඒ සංකල්පගත කර තිබිණි. එහෙත් ඒ අද තවදුරටත් වෙළදපොළ ජයගැනීමට ප්‍රමාණවත් නොවන බව වටහා ගත් පාලකයන්ට අළුත් සංකල්පයක් ගන සිතන්නට සිදුවිය.

නැටුමට ගැයුමට ක්‍රීඩාවට ලොල් ජැමෙයිකානුවන්ට විකිණිය හැකි අගනා සම්පතක් ඇති බව පාලකයන් හඳුනා ගත්තේය. ඒ ජැමෙයිකානුවන්ගේ ජවයයි. ක්‍රීඩාව මගින් ලෝකයේම අවධානය තම රටට ගත් හැකිබව ඔවුහු තීරණය කළහ. තමන්ගේ රටේ ක්‍රීඩාව යළි විශාල ජවයකින් ගොඩනැංවිය හැකි ක්‍රීඩාවේ ඉතිහාසයක් ජැමෙයිකානුවට තිබිණි. 1948 ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේදී මීටර් 200 ධාවන තරගයේදී රන් හා රීදී පදක්කම් දිත්වයම දිනා ගනිමින් ඇරඹුණු ජව සම්පන්න ක්‍රීඩා ඉතිහාසයේ ජාත්‍යන්තර පදක්කම් රැසක් ජැමෙයිකානුවන් හිමිකර ගෙන තිබිණි.

මෑත කාලයේ ප්‍රසිද්ධියට පත් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන මර්ලින් ඔටේ, වෙරොනිකා කැම්ප්බෙල්, ඈන් ෆ්‍රෙසර්,ඩි ඕන් හෙමින්ග්ස්, යොහාන් බ්ලේක් ,යුසේන් බොල්ට්,අසෆා පවෙල් මෙන්ම වෙනත් රටවලට ක්‍රීඩාකළ ඩොනවන් බෙලි, ලින්ෆොර්ඞ් ක්‍රිස්ටි, ජුලියට් කම්ප්බෙල්, මර්ලින් ෆ්‍රසියර්, බෙන් ජොන්සන්, මරියා ජොසෙ ද ජැමෙයිකානුවන්ය.

එහෙත් ජැමෙයිකාවේ ජනප්‍රියතම ක්‍රීඩාව මලල ක්‍රීඩාව නොවේ. ක්‍රිකට්ය. ඔවුන් ක්‍රිකට් ලොව පෙරළිකාරයෝය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සැදුම් ලැබුවේ ජමෙයිකාවද ඇතුලත් කැරිබියන් දුපත් සමූහයේ රටවල් කිහිපයක ක්‍රීඩකයන්ගෙනි. වර්තමානයේ ක්‍රීඩා කරන ක්‍රිස් ගේල් ජමෙයිකානුවෙකි. ජෝජ් හැඞ්ලි, මයිකල් හෝල්ඩින්ග්, ක්ර්ට්නිවොල්ෂ්, ජෙෆ්ෆ්රි ඩුජොන්, අල්ෆ්රෙඞ් වැලෙන්ටින්, ජැකී හෙන්ඩ්‍රික්ස්, කොලින් ස්මිත්, ලොවුරන්ස් රෝව්, ඇලන් රෙයි, මොරිස් ෆොස්ටර්, ජිමි ඇඩම්ස්, රොබට් සැමුවෙල්ස් ද ප්‍රබල ජැමෙයිකානු ක්‍රිකට් ක්‍රීඩකයින්ය.

පාපන්දු, දැල් පන්දු වැන් ක්‍රීඩා පමණක් නොව කිසිදා හිම නොවැටෙන ජැමෙයිකාවේ හිම ක්‍රීඩාවෙන් විශිෂ්ට දක්ෂතා දක්වන ක්‍රීඩකයන් කිහිප දෙනකුද සිටී.

ජැමෙයිකානුවන් තුළ සහජයෙන්ම තැන්පත්ව ඇති ජවය හා ක්‍රීඩාශීලීත්වය රට යළි ගොඩනංවීම වෙනුවෙන් යොදාගත හැකි බව තීරණය කළ පාලකයෝ රටේ ක්‍රීඩාව නංවනු පිණිස විශේෂ වැඩපිළිවෙලක් යෙදුවේය. ඒ වෙනුවෙන් නව ක්‍රීඩා ප්‍රතිපත්තියක්, එය ක්‍රියාත්මක කිරීම සඳහා කාලරාමුවක්, වැඩපිළිවෙළක්, සංවිධාන හා විධිමත් පරිපාලන ව්‍යුහයන්, මෙන්ම එරට දළ ජාතික නිශ්පාදිතයෙන් 2.6% සිට 4% දක්වා විශාල මුදලක් (අපේ රටේ අධ්‍යාපනයට යොදවන්නේත් ද.ජා.නි. 1.6% ක් පමණි.) වෙන් කරන්නටද යෝජනා විය.

අද ජමෙයිකාවේ ක්‍රියාත්මක 2007 දී සැකසු ක්‍රීඩාව නැංවීමේ වැඩපිළිවල 2030 වසර දක්වාම ඉලක්ක කළ වැඩපිළිවෙලකි. එමෙන්ම එය රටේ මුලූ මහත් ආර්ථික දේහය සමග ගැට ගැසුනකි .එසේම sports for all යන තේමා පාඨය මුල් කරගෙන ක්‍රියාත්මක මේ වැඩපිළිවෙල සමාජ සංවර්ධනය ,අධ්‍යත්මික සංවර්ධනය ආදී වශයෙන් පුළුල් වපසරියක් ආවරණය කරන්නෙකි. අද ජමෙයිකවේ සංචාරක කර්මාන්තය පදනම් වී ඇත්තේ sports tourism යන නව්‍ය සංකල්පයත් සමගය.

ඔලිම්පික් තරගාවලියකදී සිය ඉතිහාසයේ ලෝක වාර්තා සමග වැඩිම පදක්කම් ප්‍රමාණයක් 2012 ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේදී දිනා ගැනීමට ජැමෙයිකානුවන් සමත් වීම මේ අනුව අරුමයක් නොවේ.

මෙහිදී අනිවාර්යෙන්ම සඳහන් කළ යුතු තවත් කාරණයක් තිබේ. එනම් ජමෙයිකානුවන් කිසිදා තෑගි බලාගෙන පදක්කම්, කුසලාන බලාගෙන ක්‍රීඩා නොකළ බවය.

මේ කලූ ජාතික ජැමෙයිකානුවන්ගේ ජවය උපදින්නේ ජීවිතය වින්දනය කිරීම සඳහා වන ඔවුන් සතු සහජාශයන් තුලින් බව ඔවුන් නිරන්තරයෙන් පෙන්වාදුන් දෙයකි. ක්‍රිකට් තරගවලදී පරාජය පෙනිපෙනි වුවද ජමෙයිකානුවන් පෙන්වූ මහත්මා ක්‍රීඩාශීලිත්වයට ඕනෑ තරම් අප දැක තිබෙන උදාහරණ තිබේ. යුසේන් බෝල්ට් තරග කළේ අනුන් පැරදවීමට නොව ක්‍රීඩාවේ ජයග්‍රහණය උදෙසාය. තමාගේ වින්දනය උදෙසාය. නරඹන්නන්ගේ වින්දනය උදෙසාය. අනෙකුන්ගේ අරමුණ ලෝක වාර්තා වන විට මේ කලූ ජමෙයිකානුවන්ට ලෝක වාර්තා වලට වඩා වටිනා දේවල් තිබිණි. වාර්තා තැබීම ගැන නොතකා යුසේන් බෝල්ට් අවසාන මීටර් 20 නටමින් පෙන්නුවේ එයයි. එහෙත් මේ සැහැල්ලූ ආකල්පය නිසාම අනෙකුට බිඳිය නොහැකි ලෝක වාර්තා තැබීමට හැකිවී තිබේ. එසේම ඔවුන් දිව්වේ මුදල් වෙනුවෙන් නොවේ. යුසේන් අද කෝටිපතියකු බව ඇත්තය. එහෙත් දානපතියෙකි. 2008දී චීනයේ වූ භූමිකම්පාවෙන් පසු යළි ගොඩනැංවීම් වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් 50,000ක් ඔහු ලබා දුන්නේ බීජිං ඔලිම්පික් පදක්කම දිනන්නටත් පෙරය. ඒ ජැමෙයිකානුවන්ගේ හැටිය.

මෙවර බෝල්ට් මීටර් 100 දිනුවේ තම රටේ ඓතිහාසික සැමරුම් දිනයකදීය. ඒ ජැමෙයිකාවේ 50 වන නිදහස් දිනයි. මේ දිනය ජමෙයිකාවට වෙනත් අතකින්ද වැදගත් දිනකි.ඒ පනස් වසකින් පසුව යළි රට ගොඩනැංවීම සම්බන්දයෙන් නව පියවරයන් කිහිපයකට ජමෙයිකානු රජය සූදානම් වීමය. ජරාජීර්ණවූ ආර්ථික ක්‍රමයක් පවතින විට එහි සාර්ථකත්වයන් ගැන කැට තබන්නට නොහැකි මුත් මේ වන විට ඔවුන් ඔවුන්ගේ ශක්තිය හඳුනා ගෙන්න තිබේ. විශේෂයෙන් ශ්‍රි ලංකාව හා සසඳන්නේ නම් ඒ අතිශය වැදගත් කරුණකි.

දුප්පත් රාජ්‍යයක් නමුත් හැකියාවන් ගොඩක්. අද ගංජා කාරයන්ගේ රට ගැන අපට කියන්නට ඇත්තේ මේ අළුත් කතාවය.

අද අපේ ශ්‍රි ලංකාව ගැන අපට කියන්නට ඉතිරි වී ඇත්තේ මොනවාද ? මිනිස් ඝාතන ,ස්ත්‍රී හා ළමා දූෂණ, වැනි අපරාධ වැලක් ගැන පමණක් හැරුනාම රාජකීය තක්කඩිකම් ගැන පමණක් නොවෙද? ජැමෙයිකාවේ අද ක්‍රීඩාව ගැන කතා කිරීම ශ්‍රී ලාංකික අපට වැදගත් වන්නේ ක්‍රීඩාව පැත්තේන් පමණක් නොවේ. රටක් ගොඩනැගිය හැක්කේ කෙසේද යන පාඩම් ඉන් ඉගෙන ගත හැකි බැවිනි.

- රන්දි කිඳෙල්පිටිය

[QUOTE="subhash jayawardena, post: 13447416, member: 420472"] [b]සූස්තිකාරයන්ගේ රටේ යුසේන් බෝල්ට් ලා[/b] Mirrorgames.lk -[SIZE="4"] යුසේන් බොල්ට් මීටර් 200 තරගය ජයග්‍රහනය කර ක්‍රීඩා පිටිය වටා දිවයන අතරේදී විටින් විට ගීතයක කොටසක් මිමිණවූ බව විදෙස් මාධ්‍යවේදියකු සටහන් කර තිබිණි. මේ ගීතය "වන් ලව් වන් හාට්" නම් බොබ් මාලිගේ අතිශය ජනප්‍රිය ගීතයයි. යුසේන්ගේ ප්‍රියතම ගායකයා මාලිය. බීජිං ඔලිම්පික් තරගවලිය අවසන්ව පැවැති සංගීත ප්‍රසංගයකදී යුසේන් මේ ගීතය ගායනා කරන අයුරු යූ ටියුබ් වෙබ් අඩවියේ ඇත. යුසේන් හා මාලි අතර සබඳතාවය ගැන කතා කරන්නට පෙළඹවුයේ වර්තමාන ජැමෙයිකානු ක්‍රීඩාවේ නැග්ම ගැන කියන්නට පෙර සටහනක් ලෙසය. ඊට බොබ් මාලිගේ ඇති සම්බන්ධතාවය කුමක්ද යන්න ගැටළු සහගත බව පෙනී ගියත් එහි සබඳකමක් තිබේ. ඒ සබඳකම හැදෙන්නේ යුගයන් අතර වෙනස් කමෙනි. ජැමෙයිකාව ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධියට පත්වූවානම් ඒ බොබ් මාලි නම් අසාහය විප්ලවාදී ගායකයා නිසාය. ඔහු මානව වර්ගයාට එරෙහිව වන අසාධාරණයට අයුක්තියට එරෙහිව මොර ගෑවේය. තමන්ගේ රටේ තක්කඩි පාලකයන්ට එරෙහිව ගීතය අවියක් කොට ගත්තේය. මේ ගායකයා සමගම ප්‍රසිද්ධ වූ අනෙක් කාරණය ගංජා ඉරීමය. නැතිනම් සූස්ති ගැසීමය. ශ්‍රි ලංකාවේ, ජැමෙයිකාවේ මෙන්ම බොහෝ දේශීය වෛද්‍ය ක්රමයන් තුළ ගංජා මහාර්ඝ ඖෂධයක් වූවද මත් කරවන ද්‍රව්‍යයක් ලෙසද ගංජා භාවිතා කරනු ලබයි. දෙවිවරුන්ගේ නායක ඉන්ද්‍ර දෙවියන් අමෘතය මහා සමුද්‍රය මත හෙලා මන්දාර නම් පර්වතයෙන් එම සමුදුර කළඹවත්දී පොළවට වැටුණු අමෘත බිඳු වලින් ත්‍රෛලෝක විජයම්පත්ර හෙවත් ගංජා හෙවත් කංසා පැළෑටිය බිහිවූ බව සඳහන් වේ. මාලි ද ගංජා දුම් උරන්නෙකි. බොහෝ ජැමෙයිකානුවන් ගංජා උරන්නෝය. ඒ නූතන ජැමෙයිකානු සංස්කෘතියේ අංගයකි. ඒ තත්වය ඇතිවූයේ නමසිය තිස් ගන්නවලදී ජැමෙයිකාවේ පැතිරුණු නව දහමක් නිසාය. ක්‍රිස්තියානියෙන් බිදී ගිය ආගමක් ලෙස මෙය හැදින් වූවද එය ආගමකට වඩා සමීප වන්නේ ජීවන රටාවකටය. ඒ නමින් රස්ටෆා ය. රස්ටෆාරියන් ලාගේ ජීවිතයේ අනිවාර්යය අංගයකි ගංජා ඉරීම. එමගින් දෙවියන්න් හා සමීප විය හැකිබව ඔවුන් කියයි. මෙම ජීවන රටාව අනුගමනය කරන්නන් ( ගංජා ඉරීම අද ජමෙයිකානු රජය මුළුමනින්ම තහනම් කර ඇති නිසා) විසිපන්දහසකට වඩා අද ජැමෙයිකාවේ නැතත් රස්ටාෆාරියන් සංස්කෘතියේ බොහෝ අංග ජැමෙයිකානු සංස්කෘතියේ පදනම බවට පත්ව තිබේ. නිර්මාංශ ආහාරයේ නියැලෙන රස්ටාෆාරියන්වරු දෙවියන් විසින් දෙනු ලැබූ ශරීරය පලූදු කරගැනීමට හෝ විච්ෙඡ්දනයට සූදානම් නොවීය. එහෙයින්, ශල්‍යකර්ම හා කිසිම හේතුවක් මත ශරීරාංග කැපීම අනුමත නොකළේය. කොන්ඩා කැපුවේද නැත. රස්ටාෆාරියන් කෙනෙකු වන බොබ් මාලි නිසා ඒ ජීවන රටාව ලොව පුරාද පැතිර තිබේ. මේ නිසා බොබ් මාලේගේ ජැමෙයිකාව ගැන ලෝකයා දැන ගත්තේ ගංජා උරන්නන්ගේ රට හැටියටය. බටහිර ඉන්දීය කොදෙව් සමූහයට අයත් වර්ග කිලෝමීටර් 10,991ක කුඩා දූපතක් වන ජැමෙයිකාවේ ජනගහනය මිලියන 03 ඉක්මවන්නේ නැත. ශ්‍රි ලංකාවට යුරෝපීයයක් කඩා වැදුණ කාලයේදීම ජැමෙයිකාවද ස්පාඤ්ඤයේ යටත් විජිතයක් වෙයි. පසුව බි්රතාන්යයටත් විජිතයක්ව පැවත 1962 අගෝස්තු 06 වන දින ඩොමීනියන් රාජ්‍යයක් බවට දේශපාලන නිදහසක් ලබයි. එතෙක් එය ස්පාඤ්ඤයට හා බි්රතාන්යට වහලූන් සැපයූ රටක් විය. එහෙත් ජැමෙයිකාව අදත් බි්රතාන්ය කිරීටය යටතේ ඇති රාජ්‍යයකි. එසේම අමරිකානු නව යටත්විජිතකරණයට බරපතල ලෙස ගොදුරුව ඇති රටකි. ඒ කෙසේ නමුත් ජැමෙයිකානු ස්වදේශීය පාලකයන්ට අද දක්වාම ජැමෙයිකාව යහපත් රාජ්‍යක් ලෙස ගොඩනැංවීමට හැකිව නැත. මීට දශක දෙකතුනකට ප්‍රථම ජැමෙයිකාව යනු සමෘද්ධිමත් රටකි. නමුත් දේශපාලනයේ ජරාජීර්ණ භාවය විසින් ජැමෙයිකාව අද ලෝකයේ පහළම ආර්ථික සංවර්ධන වේගයක් ඇති රටවල් කිහිපයෙන් එකක් බවට පත්කොට තිබේ. දශකයක පමණ කාලයක සිට දරිද්‍රතාවය රටම වෙලාගෙන තිබිණි, විරැකියාව 12% ඉක්මවා තිබිණි. ස්ත්‍රී හා ළමා ලිංගික සේවය වසංගතයක් මෙන් විය. මරුජුවානා වැනි දරුණු ගනයේ මත්ද්‍රව වලට තරුණ පරපුර ගොදුරු විය. මීනිමරුම් හොරකම් වැනි අපරාධ ඉතා බහුල විය. රජයේ වංචා දූෂණ ඉවවහා ගියේය. අධිරාජවාදී රටවල ණය උගුල්වල වැටී තවමත් ගොඩ ඒමට නොහැකිව සිටී. මේ නිසා වසරකට ලක්ෂ දෙකක පමණ වන තරමින් ජැමෙයිකානුවෝ රට හැර ගියහ. එහෙත් යහපත් යයි කිව හැකි ලෙස ප්රජාතන්ත්රවාදී ලෙස පාලකයන් තෝරා ගැනීම(ඇත්තේ පක්ෂ දෙකක තට්ටුමාරු පාලනයක් වුවත්) එහි පවතින බැවින් එම තත්වයෙන් රට මුදවා ගැනීමට වුවමනාව සහිත දේශපාලකයෝ කිහිප දෙනෙකු පාර්ලිමේන්තුවට තෝරා පත්කර හරින්නට පසුගිය කාලයේදි ජැමෙයිකානුවෝ සමත් වූහ. ඇතැම් ක්ෂේත්රවල ජැමෙයිකාව ගොඩයන ලකුනු දැන් දැන් පෙන්නුම් කරමින් තිබේ. ජමෙයිකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය වුයේ සංචාරක කර්මාන්තය. ඊට අමතරව බොක්ස්යිට්/ඇලූමිනියම් ඛනිජ අපනයනය,සීනි,කෙසෙල් ආදිය විය. නමුත් පසුගිය කාලයේ රටේ තත්ත්වය නිසා සංචාරක කර්මාන්තය බිඳ වැටිණි. එහෙත් යළිත් රට ගොඩනැංවීමට තිබු මාර්ගය වූයේද සංචාරක කර්මාන්තය ගොඩනැංවීම පමණය. ජැමෙයිකානුවන් සංචාරකයන්ට පෙරදා විකුණනු ලැබුවේ ජැමෙයිකානු හිරුය, මුහුදය, වෙරළය. sun and sand tourism ලෙස ඒ සංකල්පගත කර තිබිණි. එහෙත් ඒ අද තවදුරටත් වෙළදපොළ ජයගැනීමට ප්‍රමාණවත් නොවන බව වටහා ගත් පාලකයන්ට අළුත් සංකල්පයක් ගන සිතන්නට සිදුවිය. නැටුමට ගැයුමට ක්‍රීඩාවට ලොල් ජැමෙයිකානුවන්ට විකිණිය හැකි අගනා සම්පතක් ඇති බව පාලකයන් හඳුනා ගත්තේය. ඒ ජැමෙයිකානුවන්ගේ ජවයයි. ක්‍රීඩාව මගින් ලෝකයේම අවධානය තම රටට ගත් හැකිබව ඔවුහු තීරණය කළහ. තමන්ගේ රටේ ක්‍රීඩාව යළි විශාල ජවයකින් ගොඩනැංවිය හැකි ක්‍රීඩාවේ ඉතිහාසයක් ජැමෙයිකානුවට තිබිණි. 1948 ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේදී මීටර් 200 ධාවන තරගයේදී රන් හා රීදී පදක්කම් දිත්වයම දිනා ගනිමින් ඇරඹුණු ජව සම්පන්න ක්‍රීඩා ඉතිහාසයේ ජාත්‍යන්තර පදක්කම් රැසක් ජැමෙයිකානුවන් හිමිකර ගෙන තිබිණි. මෑත කාලයේ ප්‍රසිද්ධියට පත් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන මර්ලින් ඔටේ, වෙරොනිකා කැම්ප්බෙල්, ඈන් ෆ්‍රෙසර්,ඩි ඕන් හෙමින්ග්ස්, යොහාන් බ්ලේක් ,යුසේන් බොල්ට්,අසෆා පවෙල් මෙන්ම වෙනත් රටවලට ක්‍රීඩාකළ ඩොනවන් බෙලි, ලින්ෆොර්ඞ් ක්‍රිස්ටි, ජුලියට් කම්ප්බෙල්, මර්ලින් ෆ්‍රසියර්, බෙන් ජොන්සන්, මරියා ජොසෙ ද ජැමෙයිකානුවන්ය. එහෙත් ජැමෙයිකාවේ ජනප්‍රියතම ක්‍රීඩාව මලල ක්‍රීඩාව නොවේ. ක්‍රිකට්ය. ඔවුන් ක්‍රිකට් ලොව පෙරළිකාරයෝය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සැදුම් ලැබුවේ ජමෙයිකාවද ඇතුලත් කැරිබියන් දුපත් සමූහයේ රටවල් කිහිපයක ක්‍රීඩකයන්ගෙනි. වර්තමානයේ ක්‍රීඩා කරන ක්‍රිස් ගේල් ජමෙයිකානුවෙකි. ජෝජ් හැඞ්ලි, මයිකල් හෝල්ඩින්ග්, ක්ර්ට්නිවොල්ෂ්, ජෙෆ්ෆ්රි ඩුජොන්, අල්ෆ්රෙඞ් වැලෙන්ටින්, ජැකී හෙන්ඩ්‍රික්ස්, කොලින් ස්මිත්, ලොවුරන්ස් රෝව්, ඇලන් රෙයි, මොරිස් ෆොස්ටර්, ජිමි ඇඩම්ස්, රොබට් සැමුවෙල්ස් ද ප්‍රබල ජැමෙයිකානු ක්‍රිකට් ක්‍රීඩකයින්ය. පාපන්දු, දැල් පන්දු වැන් ක්‍රීඩා පමණක් නොව කිසිදා හිම නොවැටෙන ජැමෙයිකාවේ හිම ක්‍රීඩාවෙන් විශිෂ්ට දක්ෂතා දක්වන ක්‍රීඩකයන් කිහිප දෙනකුද සිටී. ජැමෙයිකානුවන් තුළ සහජයෙන්ම තැන්පත්ව ඇති ජවය හා ක්‍රීඩාශීලීත්වය රට යළි ගොඩනංවීම වෙනුවෙන් යොදාගත හැකි බව තීරණය කළ පාලකයෝ රටේ ක්‍රීඩාව නංවනු පිණිස විශේෂ වැඩපිළිවෙලක් යෙදුවේය. ඒ වෙනුවෙන් නව ක්‍රීඩා ප්‍රතිපත්තියක්, එය ක්‍රියාත්මක කිරීම සඳහා කාලරාමුවක්, වැඩපිළිවෙළක්, සංවිධාන හා විධිමත් පරිපාලන ව්‍යුහයන්, මෙන්ම එරට දළ ජාතික නිශ්පාදිතයෙන් 2.6% සිට 4% දක්වා විශාල මුදලක් (අපේ රටේ අධ්‍යාපනයට යොදවන්නේත් ද.ජා.නි. 1.6% ක් පමණි.) වෙන් කරන්නටද යෝජනා විය. අද ජමෙයිකාවේ ක්‍රියාත්මක 2007 දී සැකසු ක්‍රීඩාව නැංවීමේ වැඩපිළිවල 2030 වසර දක්වාම ඉලක්ක කළ වැඩපිළිවෙලකි. එමෙන්ම එය රටේ මුලූ මහත් ආර්ථික දේහය සමග ගැට ගැසුනකි .එසේම sports for all යන තේමා පාඨය මුල් කරගෙන ක්‍රියාත්මක මේ වැඩපිළිවෙල සමාජ සංවර්ධනය ,අධ්‍යත්මික සංවර්ධනය ආදී වශයෙන් පුළුල් වපසරියක් ආවරණය කරන්නෙකි. අද ජමෙයිකවේ සංචාරක කර්මාන්තය පදනම් වී ඇත්තේ sports tourism යන නව්‍ය සංකල්පයත් සමගය. ඔලිම්පික් තරගාවලියකදී සිය ඉතිහාසයේ ලෝක වාර්තා සමග වැඩිම පදක්කම් ප්‍රමාණයක් 2012 ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේදී දිනා ගැනීමට ජැමෙයිකානුවන් සමත් වීම මේ අනුව අරුමයක් නොවේ. මෙහිදී අනිවාර්යෙන්ම සඳහන් කළ යුතු තවත් කාරණයක් තිබේ. එනම් ජමෙයිකානුවන් කිසිදා තෑගි බලාගෙන පදක්කම්, කුසලාන බලාගෙන ක්‍රීඩා නොකළ බවය. මේ කලූ ජාතික ජැමෙයිකානුවන්ගේ ජවය උපදින්නේ ජීවිතය වින්දනය කිරීම සඳහා වන ඔවුන් සතු සහජාශයන් තුලින් බව ඔවුන් නිරන්තරයෙන් පෙන්වාදුන් දෙයකි. ක්‍රිකට් තරගවලදී පරාජය පෙනිපෙනි වුවද ජමෙයිකානුවන් පෙන්වූ මහත්මා ක්‍රීඩාශීලිත්වයට ඕනෑ තරම් අප දැක තිබෙන උදාහරණ තිබේ. යුසේන් බෝල්ට් තරග කළේ අනුන් පැරදවීමට නොව ක්‍රීඩාවේ ජයග්‍රහණය උදෙසාය. තමාගේ වින්දනය උදෙසාය. නරඹන්නන්ගේ වින්දනය උදෙසාය. අනෙකුන්ගේ අරමුණ ලෝක වාර්තා වන විට මේ කලූ ජමෙයිකානුවන්ට ලෝක වාර්තා වලට වඩා වටිනා දේවල් තිබිණි. වාර්තා තැබීම ගැන නොතකා යුසේන් බෝල්ට් අවසාන මීටර් 20 නටමින් පෙන්නුවේ එයයි. එහෙත් මේ සැහැල්ලූ ආකල්පය නිසාම අනෙකුට බිඳිය නොහැකි ලෝක වාර්තා තැබීමට හැකිවී තිබේ. එසේම ඔවුන් දිව්වේ මුදල් වෙනුවෙන් නොවේ. යුසේන් අද කෝටිපතියකු බව ඇත්තය. එහෙත් දානපතියෙකි. 2008දී චීනයේ වූ භූමිකම්පාවෙන් පසු යළි ගොඩනැංවීම් වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් 50,000ක් ඔහු ලබා දුන්නේ බීජිං ඔලිම්පික් පදක්කම දිනන්නටත් පෙරය. ඒ ජැමෙයිකානුවන්ගේ හැටිය. මෙවර බෝල්ට් මීටර් 100 දිනුවේ තම රටේ ඓතිහාසික සැමරුම් දිනයකදීය. ඒ ජැමෙයිකාවේ 50 වන නිදහස් දිනයි. මේ දිනය ජමෙයිකාවට වෙනත් අතකින්ද වැදගත් දිනකි.ඒ පනස් වසකින් පසුව යළි රට ගොඩනැංවීම සම්බන්දයෙන් නව පියවරයන් කිහිපයකට ජමෙයිකානු රජය සූදානම් වීමය. ජරාජීර්ණවූ ආර්ථික ක්‍රමයක් පවතින විට එහි සාර්ථකත්වයන් ගැන කැට තබන්නට නොහැකි මුත් මේ වන විට ඔවුන් ඔවුන්ගේ ශක්තිය හඳුනා ගෙන්න තිබේ. විශේෂයෙන් ශ්‍රි ලංකාව හා සසඳන්නේ නම් ඒ අතිශය වැදගත් කරුණකි. දුප්පත් රාජ්‍යයක් නමුත් හැකියාවන් ගොඩක්. අද ගංජා කාරයන්ගේ රට ගැන අපට කියන්නට ඇත්තේ මේ අළුත් කතාවය. අද අපේ ශ්‍රි ලංකාව ගැන අපට කියන්නට ඉතිරි වී ඇත්තේ මොනවාද ? මිනිස් ඝාතන ,ස්ත්‍රී හා ළමා දූෂණ, වැනි අපරාධ වැලක් ගැන පමණක් හැරුනාම රාජකීය තක්කඩිකම් ගැන පමණක් නොවෙද? ජැමෙයිකාවේ අද ක්‍රීඩාව ගැන කතා කිරීම ශ්‍රී ලාංකික අපට වැදගත් වන්නේ ක්‍රීඩාව පැත්තේන් පමණක් නොවේ. රටක් ගොඩනැගිය හැක්කේ කෙසේද යන පාඩම් ඉන් ඉගෙන ගත හැකි බැවිනි. - රන්දි කිඳෙල්පිටිය[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom