Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෙත් පිරිත් යනු බුදු දහමම නොවෙයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෙත් පිරිත් යනු බුදු දහමම නොවෙයි!

සෙත් පිරිත් යනු බුදු දහම නොවෙයි!

“If there is any religion that would cope with modern scientific needs it would be Buddhism"

- Albert Einstein

පිරිත් කොටස් කිහිපයකට බෙදන්න පුලුවන්, ඒ බුද්ධ කාලීන සූත්‍ර දේශනා සහ පසුකාලීන සෙත් පිරිත් දේශනායි. බුද්ධ කාලීනව

බුදුන් වහන්සේ සහ අග්‍රශ්‍රාවකයන් වහන්සේලාගේ දේශනා ත්‍රිපිටකය ආශ්‍රිතව දැකගන්න පුලුවන්. ඒ සියල්ලම පාහේ 'නිවන් මඟ'

අරමුණු කරගත් දේශනා. නමුත් පසුකාලීනව මහායානිකයන් විසින් ප්‍රබන්ධ කරපු පිරිත් දේශනා සහ වෙනත් පසුකාලීන පිරිත්

දේශනා කිහිපයක් තියෙනවා. ඒවා බුදු දහම සමඟ ඈඳා ගැනීමෙන් මිනිසා තරමක් නිර්මල බුදු දහමින් ඈතට ගෙනියනවා.

බුද්ධ කාලීනව තිබූ කඳ සූත්‍රය සහ කරණීය මෙත්ත සූත්‍රය කියන්නේ මන්ත්‍ර නොවෙයි එහි අර්ථය වන්නේ සියලු සත්වයින්ට මෛත්‍රී

කිරීම තුලින් බාහිර බලපෑම් වලින් ආරක්ෂා වීමයි. ඒ වගේම ආටානාටිය සහ රතන සූත්‍රය දේශනා කරන්නේ අමනුෂ්‍ය බලපෑම් වලින්

ආරක්ෂා වීමටයි.

අපි උදාහරණයක් විදිහට මේ දේ හිතමු, අන්ත අසාධ්‍ය පිළිකා රෝගියෙක් ඉන්නවා ඒ රෝගියාට ජය පිරිත දේශනා කරනවා. දහස්

වාරයක් ජය පිරිත දේශනා කලත් මැරෙන්න තියෙන කෙනා මැරෙනවා. එතකොට බාහිරව ඒ දිහා බලා ඉන්න කෙනෙක් බුදු දහම

විනිශ්චය කරන්නෙත් සාමාන්‍ය අනෙක් ආගම් වගේමයි. පසුකාලීන සෙත් පිරිත් මා දකින්නේ හිංදු, කතෝලික, ඉස්ලාම් යාඥා වලට

විකල්පයක් ලෙසයි.

ඒ ආකාරයේ සෙත් පිරිත් බොහොමයක් බුදු දහමට පසුකාලීනව එකතු වෙලා තියෙනවා ජය පිරිත, ගිනි පිරිත, සිවලී පිරිත, අන්තරාය

නිවාරණ පිරිත, (ජාතක පාලියෙන්) මෝර පිරිත ආදි වශයෙන්. මේවා සැබෑම නිවන අරමුණු කරගත් බුදු දහම ලෙස ආරෝපණය

කරගැනීමෙන් බුදු දහමේ මූලික හරයට දැඩි හානියක් වෙනවා.

උදාහරණයක් විදිහට අංගුත්තර නිකායෙ දසක නිපාතයේ එන ගිරිමානන්ද භික්ෂුව අසාධ්‍ය වෙලා ඉන්න අවස්ථාවේ ආනන්ද හිමියන්ට කියන්නෙ

නැහැ ගිහින් බුද්ධානුභාවයෙන් රෝගය සුව කරන්න පිරිත් ටිකක් කියන්න කියලා. උන් වහන්සේ අනාන්ද ස්වාමීන් වහන්සේට කියන්නේ

අවසන් මොහොතේත් අනිත්‍ය සඥ්ඥාව, අසුභ සඥ්ඥාව ආදී 'දස සඥ්ඥා' දේශනා කරලා ගිරිමානන්දයන් වහන්සේට නිවන් මඟම අරමුණු

කරවන්න කියලා.

සමහරුන් බුද්ධ කාලීනවත් සෙත් පිරිත් කිවුවා ය කියන මතය ඔප්පු කරන්න අංගුලිමාල සූත්‍රය උපුටාගන්නවා. නමුත් අංගුලිමාල සූත්‍රයේ පැහැදිලිව

තියෙනවා ඒක පිරිතක් නොවෙයි සත්‍යක්‍රියාවක් පමණයි. අංගුලිමාල භික්ෂුව බුදුන් වහන්සේගෙන් අහනවා මෙහෙම කාන්තාවක් දරුගැබක් නිසා

මරණාසන්න වෙලා මොකද කරන්න පුලුවන් කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා ඔබ ආර්ය ජාතියේ උපන් දා පටන් සතෙකු නොමැරූ බවට

සත්‍යක්‍රියා කරන්න කියලා. ඒ වනවිට අංගුලිමාල භික්ෂුව අරහත්වය ලබලත් නැහැ. ඔබ දන්නවා සත්‍යක්‍රියාවක් කළ යුත්තේ තමන්ගේ ප්‍රතිපත්තියක්

මත පිහිටලයි. අංගුලිමාල මහ රහතන් වහන්සේගේ ජීවිතය මත පිහිටලා අපි සත්‍යක්‍රියා කරන එක ප්‍රායෝගිකද?

පිරිත තුල සැබැවින්ම බලයක් ගැබ් වෙලා තියෙනවා. ඒ බලය ගැබ් වෙන්නේ පිරිත තුළ අඩංගු වන්නේ නිර්වාණ මාර්ගය නිසා. පිරිත තුළ අඩංගු

වන්නේ බුද්ධ වචනය නිසා. නමුත් ඒ නිර්වාණ මාර්ගය අවබෝධ කරගැනීමට පිරිත භාවිතා නොකර අතරම පිරිත ලෞකික අරමුණු වලට යොමු

කරනවා නම් ඒක සැබැවින්ම පිරිත අවභාවිතා කිරීමක්.

ඇත්තටම විවෘත්ත මනසකින් බැලුවොත් පේනවා බුද්ධ කාලීනව බුදුන් වහන්සේවත් තමන්ගේ සෘද්ධීන් පාවිච්චි කලේ මිනිස්සුන්ට අනිත්‍ය වටහා දෙන්න,

ධර්මය වටහා දෙන්න මිස මැරෙන මිනිස්සු පණ ගන්වලා, ලෙඩ සුව කරන්න නෙමෙයි. බුදුන් වහන්සේ හරි ලස්සනට මේ මරණයට සහ රෝගී වීමට

හේතුව පෙන්වලා දෙනවා ඒ තමයි උප්පත්තිය. අන්න ඒ උප්පත්තිය නැති කරලා සාදාකාලිකවම ජරා මරණ නැති කරන ක්රමවේදයයි බුදුන් වහන්සේ

දේශනා කලේ. අද ඒ මාර්ගය වසා දාලා බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් ආයු වඩ්ඩකෝ, ධන වඩ්ඪකෝ, සිරි වඩ්ඪකෝ, යස

වඩ්ඪකෝ කියනවා නම් අපි අද බෞද්ධයන් විදිහට අපි කොච්චර බංකොලොත් වෙලාද? අට ලෝ දහමට මුහුණ නොදී බුදුන් වහන්සේගේ ධර්මයටත්

එහා දේවල් කරනවා නම් අපි කොයි තරම් පිරිහිලාද?

ඒ වගේම බොහොමයක් අතර මිත්‍යා මතයක් තියෙනවා පිරිත සිංහලෙන් කියන්න හොඳ නැති බවට. එය සම්පූර්ණ මිත්‍යාවක් මොකද (බුද්ධ දේශනා)

පිරිතක් කියන්නෙ ගන පිහිටවපු මන්ත්‍රයක් නොවෙයි. එය නිවන් මඟ දේශනා කරන දේශනාවක්. ඒක අර්ථ වශයෙන් වටහාගැනීමයි වැදගත්. නමුත්

පාලිය 100% නිවැරදිව සිංහලට පරිවර්ථනය කරන්න අපහසු නිසා බොහෝ විට පාලියෙන්ම භාවිතා කලත් එහි අත්‍යාවශ්‍යය කාරණය වන්නේ ශ්රාවකයා

එයි තේරුම දැන අවබෝධ කිරීමයි. පාලියෙන් සඡ්ඡායනා කල යුතු(මයි) කියලා කියන්න පුලුවන් ආටානාටිය සහ රතන සූත්‍රය පමණයි.

වර්තමානයේ ධම්මචක්ක පවත්තන සූත්‍රය, ගිරිමානන්දය, ආදිය මහා බලගතු පිරිත් හැටියට මාධ්‍ය විකාශය කරනවා. ඇත්ත උදාහරණයක් ලෙස

ධම්මචක්කය දේශනා කරද්දි දෙව් ලොව බඹ ලොව පවා දෙවියන් භ්‍රහ්මයන් සාධු නාද දුන්නා. ඒත් ඒ ශබ්ද රසයට නෙමෙයි එහි අර්ථය උන නිර්වාණ

මාර්ගයටයි. වර්ථමාන බෞද්ධයා කල්පනා කල යුත්තේ එසේ දෙවියන් බඹුන් පවා වඳින දේශනාව අපි තේරුම්ගත්තොත් දෙවියො අපිටත් වඳියි කියන එකයි.

නමුත් ඒ දේශනාව මහ හයියෙන් දාලා ඒක දෙවියන් ආකර්ශණය කරගැනීමේ මන්ත්‍රයක් විදිහටයි බෞද්ධයො පාවිච්චි කරන්නෙ.

ඕනෑම දේකට සත්‍යක්‍රියාවක් කළ හැකියි. ඒක ලෝක සත්‍යක්. අපි හිතමු වැස්ස ලබාගන්න, ගමකට වහින්සෙ නැති නම් ඒ ගමේ සියලු දෙනා සිල්වත්

නම් ඒ සීලයේ පිහිටලා සත්‍යක්‍රියාවක් කලොත් වැසි ලැබෙනවාමයි. සත්‍යක්‍රියා බලය බුද්ධකාලීනවත් සත්‍යයි අදටත් එහෙමයි. නමුත් ඒක බුදු දහමට

ආරෝපණය කරන්නවත් පිරිත කියන නම ඒකට ආදේශ කරගන්නවත් එපා. මේවා දිහා තර්කානුකූලව බලන උගත් බුද්ධිමත් මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සු

ඉදිරියේ බුදු දහම හෑල්ලුවට ලක් කරන්න එපා. බුදු දහම යනු නිවන් මඟමයි. එයින් එහා භෞතික අරමුණු සාක්ෂාත් කරගන්න බුදු දහම භාවිතා කරන්න එපා.

"මේ ධර්මය විවෘත්ත වූ කල බබලයි" - බුදුන් වහන්සේ

ඇල්බර්ට් අයින්ස්ටයින්, ආතර් සී ක්ලාක් කියනවා අනාගතයේ ආගම බුදු දහමයි කියලා. ඉතින් අන්න ඒ අනාගතයේ බුදු දහමට තැන ලැබෙනවා කිවුවත් ඒ

තැන ලැබෙන්නේ 'නිර්මල බුදු දහම'ටයි. අපි ඒ නිර්මල බුදු දහම මූලික කරගෙන ඒ දහම ලෝකයට විවෘත්ත කලොත් ලෝකයේම බුදු දහම බබලනවා

ඒකාන්තයි. ඒක මගේ වචනයක් නොවෙයි එයයි බුද්ධ වචනය. අනාගත ලෝකයා 'බුදු' දහම හොයනවා. බුදු දහම හොයන අනාගත ලෝකයාට පසුකාලීන

ප්‍රාඥයන්ගේ පෞද්ගලික මතිමතාන්තර වැඩක් නැහැ. වැදගත් වන්නේ 'බුදුන් වදාළ ඒ නිර්වාණ මාර්ගය'මයි!

ඒ නිවන් මඟ දේශනා කළ බුදුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

ඒ නිර්වාණ මාර්ගය ඇතුළත් ධර්මයට මාගේ නමස්කාරය වේවා!

ඒ ධර්මය මෙතෙක් රැකගත් සංඝ්‍යා වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!

http://apiniwemu.blogspot.com/

[QUOTE="$hiñe, post: 17036634, member: 280908"] [b]සෙත් පිරිත් යනු බුදු දහමම නොවෙයි![/b] [CENTER][SIZE="4"]සෙත් පිරිත් යනු බුදු දහම නොවෙයි! “If there is any religion that would cope with modern scientific needs it would be Buddhism" - Albert Einstein පිරිත් කොටස් කිහිපයකට බෙදන්න පුලුවන්, ඒ බුද්ධ කාලීන සූත්‍ර දේශනා සහ පසුකාලීන සෙත් පිරිත් දේශනායි. බුද්ධ කාලීනව බුදුන් වහන්සේ සහ අග්‍රශ්‍රාවකයන් වහන්සේලාගේ දේශනා ත්‍රිපිටකය ආශ්‍රිතව දැකගන්න පුලුවන්. ඒ සියල්ලම පාහේ 'නිවන් මඟ' අරමුණු කරගත් දේශනා. නමුත් පසුකාලීනව මහායානිකයන් විසින් ප්‍රබන්ධ කරපු පිරිත් දේශනා සහ වෙනත් පසුකාලීන පිරිත් දේශනා කිහිපයක් තියෙනවා. ඒවා බුදු දහම සමඟ ඈඳා ගැනීමෙන් මිනිසා තරමක් නිර්මල බුදු දහමින් ඈතට ගෙනියනවා. [IMG]http://www.sundayobserver.lk/2011/06/05/z_p-47-Stay.jpg[/IMG] බුද්ධ කාලීනව තිබූ කඳ සූත්‍රය සහ කරණීය මෙත්ත සූත්‍රය කියන්නේ මන්ත්‍ර නොවෙයි එහි අර්ථය වන්නේ සියලු සත්වයින්ට මෛත්‍රී කිරීම තුලින් බාහිර බලපෑම් වලින් ආරක්ෂා වීමයි. ඒ වගේම ආටානාටිය සහ රතන සූත්‍රය දේශනා කරන්නේ අමනුෂ්‍ය බලපෑම් වලින් ආරක්ෂා වීමටයි. අපි උදාහරණයක් විදිහට මේ දේ හිතමු, අන්ත අසාධ්‍ය පිළිකා රෝගියෙක් ඉන්නවා ඒ රෝගියාට ජය පිරිත දේශනා කරනවා. දහස් වාරයක් ජය පිරිත දේශනා කලත් මැරෙන්න තියෙන කෙනා මැරෙනවා. එතකොට බාහිරව ඒ දිහා බලා ඉන්න කෙනෙක් බුදු දහම විනිශ්චය කරන්නෙත් සාමාන්‍ය අනෙක් ආගම් වගේමයි. පසුකාලීන සෙත් පිරිත් මා දකින්නේ හිංදු, කතෝලික, ඉස්ලාම් යාඥා වලට විකල්පයක් ලෙසයි. ඒ ආකාරයේ සෙත් පිරිත් බොහොමයක් බුදු දහමට පසුකාලීනව එකතු වෙලා තියෙනවා ජය පිරිත, ගිනි පිරිත, සිවලී පිරිත, අන්තරාය නිවාරණ පිරිත, (ජාතක පාලියෙන්) මෝර පිරිත ආදි වශයෙන්. මේවා සැබෑම නිවන අරමුණු කරගත් බුදු දහම ලෙස ආරෝපණය කරගැනීමෙන් බුදු දහමේ මූලික හරයට දැඩි හානියක් වෙනවා. උදාහරණයක් විදිහට අංගුත්තර නිකායෙ දසක නිපාතයේ එන ගිරිමානන්ද භික්ෂුව අසාධ්‍ය වෙලා ඉන්න අවස්ථාවේ ආනන්ද හිමියන්ට කියන්නෙ නැහැ ගිහින් බුද්ධානුභාවයෙන් රෝගය සුව කරන්න පිරිත් ටිකක් කියන්න කියලා. උන් වහන්සේ අනාන්ද ස්වාමීන් වහන්සේට කියන්නේ අවසන් මොහොතේත් අනිත්‍ය සඥ්ඥාව, අසුභ සඥ්ඥාව ආදී 'දස සඥ්ඥා' දේශනා කරලා ගිරිමානන්දයන් වහන්සේට නිවන් මඟම අරමුණු කරවන්න කියලා. සමහරුන් බුද්ධ කාලීනවත් සෙත් පිරිත් කිවුවා ය කියන මතය ඔප්පු කරන්න අංගුලිමාල සූත්‍රය උපුටාගන්නවා. නමුත් අංගුලිමාල සූත්‍රයේ පැහැදිලිව තියෙනවා ඒක පිරිතක් නොවෙයි සත්‍යක්‍රියාවක් පමණයි. අංගුලිමාල භික්ෂුව බුදුන් වහන්සේගෙන් අහනවා මෙහෙම කාන්තාවක් දරුගැබක් නිසා මරණාසන්න වෙලා මොකද කරන්න පුලුවන් කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා ඔබ ආර්ය ජාතියේ උපන් දා පටන් සතෙකු නොමැරූ බවට සත්‍යක්‍රියා කරන්න කියලා. ඒ වනවිට අංගුලිමාල භික්ෂුව අරහත්වය ලබලත් නැහැ. ඔබ දන්නවා සත්‍යක්‍රියාවක් කළ යුත්තේ තමන්ගේ ප්‍රතිපත්තියක් මත පිහිටලයි. අංගුලිමාල මහ රහතන් වහන්සේගේ ජීවිතය මත පිහිටලා අපි සත්‍යක්‍රියා කරන එක ප්‍රායෝගිකද? පිරිත තුල සැබැවින්ම බලයක් ගැබ් වෙලා තියෙනවා. ඒ බලය ගැබ් වෙන්නේ පිරිත තුළ අඩංගු වන්නේ නිර්වාණ මාර්ගය නිසා. පිරිත තුළ අඩංගු වන්නේ බුද්ධ වචනය නිසා. නමුත් ඒ නිර්වාණ මාර්ගය අවබෝධ කරගැනීමට පිරිත භාවිතා නොකර අතරම පිරිත ලෞකික අරමුණු වලට යොමු කරනවා නම් ඒක සැබැවින්ම පිරිත අවභාවිතා කිරීමක්. ඇත්තටම විවෘත්ත මනසකින් බැලුවොත් පේනවා බුද්ධ කාලීනව බුදුන් වහන්සේවත් තමන්ගේ සෘද්ධීන් පාවිච්චි කලේ මිනිස්සුන්ට අනිත්‍ය වටහා දෙන්න, ධර්මය වටහා දෙන්න මිස මැරෙන මිනිස්සු පණ ගන්වලා, ලෙඩ සුව කරන්න නෙමෙයි. බුදුන් වහන්සේ හරි ලස්සනට මේ මරණයට සහ රෝගී වීමට හේතුව පෙන්වලා දෙනවා ඒ තමයි උප්පත්තිය. අන්න ඒ උප්පත්තිය නැති කරලා සාදාකාලිකවම ජරා මරණ නැති කරන ක්රමවේදයයි බුදුන් වහන්සේ දේශනා කලේ. අද ඒ මාර්ගය වසා දාලා බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් ආයු වඩ්ඩකෝ, ධන වඩ්ඪකෝ, සිරි වඩ්ඪකෝ, යස වඩ්ඪකෝ කියනවා නම් අපි අද බෞද්ධයන් විදිහට අපි කොච්චර බංකොලොත් වෙලාද? අට ලෝ දහමට මුහුණ නොදී බුදුන් වහන්සේගේ ධර්මයටත් එහා දේවල් කරනවා නම් අපි කොයි තරම් පිරිහිලාද? ඒ වගේම බොහොමයක් අතර මිත්‍යා මතයක් තියෙනවා පිරිත සිංහලෙන් කියන්න හොඳ නැති බවට. එය සම්පූර්ණ මිත්‍යාවක් මොකද (බුද්ධ දේශනා) පිරිතක් කියන්නෙ ගන පිහිටවපු මන්ත්‍රයක් නොවෙයි. එය නිවන් මඟ දේශනා කරන දේශනාවක්. ඒක අර්ථ වශයෙන් වටහාගැනීමයි වැදගත්. නමුත් පාලිය 100% නිවැරදිව සිංහලට පරිවර්ථනය කරන්න අපහසු නිසා බොහෝ විට පාලියෙන්ම භාවිතා කලත් එහි අත්‍යාවශ්‍යය කාරණය වන්නේ ශ්රාවකයා එයි තේරුම දැන අවබෝධ කිරීමයි. පාලියෙන් සඡ්ඡායනා කල යුතු(මයි) කියලා කියන්න පුලුවන් ආටානාටිය සහ රතන සූත්‍රය පමණයි. වර්තමානයේ ධම්මචක්ක පවත්තන සූත්‍රය, ගිරිමානන්දය, ආදිය මහා බලගතු පිරිත් හැටියට මාධ්‍ය විකාශය කරනවා. ඇත්ත උදාහරණයක් ලෙස ධම්මචක්කය දේශනා කරද්දි දෙව් ලොව බඹ ලොව පවා දෙවියන් භ්‍රහ්මයන් සාධු නාද දුන්නා. ඒත් ඒ ශබ්ද රසයට නෙමෙයි එහි අර්ථය උන නිර්වාණ මාර්ගයටයි. වර්ථමාන බෞද්ධයා කල්පනා කල යුත්තේ එසේ දෙවියන් බඹුන් පවා වඳින දේශනාව අපි තේරුම්ගත්තොත් දෙවියො අපිටත් වඳියි කියන එකයි. නමුත් ඒ දේශනාව මහ හයියෙන් දාලා ඒක දෙවියන් ආකර්ශණය කරගැනීමේ මන්ත්‍රයක් විදිහටයි බෞද්ධයො පාවිච්චි කරන්නෙ. ඕනෑම දේකට සත්‍යක්‍රියාවක් කළ හැකියි. ඒක ලෝක සත්‍යක්. අපි හිතමු වැස්ස ලබාගන්න, ගමකට වහින්සෙ නැති නම් ඒ ගමේ සියලු දෙනා සිල්වත් නම් ඒ සීලයේ පිහිටලා සත්‍යක්‍රියාවක් කලොත් වැසි ලැබෙනවාමයි. සත්‍යක්‍රියා බලය බුද්ධකාලීනවත් සත්‍යයි අදටත් එහෙමයි. නමුත් ඒක බුදු දහමට ආරෝපණය කරන්නවත් පිරිත කියන නම ඒකට ආදේශ කරගන්නවත් එපා. මේවා දිහා තර්කානුකූලව බලන උගත් බුද්ධිමත් මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සු ඉදිරියේ බුදු දහම හෑල්ලුවට ලක් කරන්න එපා. බුදු දහම යනු නිවන් මඟමයි. එයින් එහා භෞතික අරමුණු සාක්ෂාත් කරගන්න බුදු දහම භාවිතා කරන්න එපා. "මේ ධර්මය විවෘත්ත වූ කල බබලයි" - බුදුන් වහන්සේ ඇල්බර්ට් අයින්ස්ටයින්, ආතර් සී ක්ලාක් කියනවා අනාගතයේ ආගම බුදු දහමයි කියලා. ඉතින් අන්න ඒ අනාගතයේ බුදු දහමට තැන ලැබෙනවා කිවුවත් ඒ තැන ලැබෙන්නේ 'නිර්මල බුදු දහම'ටයි. අපි ඒ නිර්මල බුදු දහම මූලික කරගෙන ඒ දහම ලෝකයට විවෘත්ත කලොත් ලෝකයේම බුදු දහම බබලනවා ඒකාන්තයි. ඒක මගේ වචනයක් නොවෙයි එයයි බුද්ධ වචනය. අනාගත ලෝකයා 'බුදු' දහම හොයනවා. බුදු දහම හොයන අනාගත ලෝකයාට පසුකාලීන ප්‍රාඥයන්ගේ පෞද්ගලික මතිමතාන්තර වැඩක් නැහැ. වැදගත් වන්නේ 'බුදුන් වදාළ ඒ නිර්වාණ මාර්ගය'මයි! ඒ නිවන් මඟ දේශනා කළ බුදුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඒ නිර්වාණ මාර්ගය ඇතුළත් ධර්මයට මාගේ නමස්කාරය වේවා! ඒ ධර්මය මෙතෙක් රැකගත් සංඝ්‍යා වහන්සේලාට මාගේ නමස්කාරය වේවා![/SIZE] [URL="http://apiniwemu.blogspot.com/"][IMG]http://3.bp.blogspot.com/-4VCwFsioek0/U7ooQtsEq8I/AAAAAAAAAv4/3ng_fQ5ynqg/s1600/ScreenHunter_79%2BJul.%2B07%2B07.jpg[/IMG][/URL][/CENTER][URL="http://apiniwemu.blogspot.com/"][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom