සෙම්ප්‍රතිශ්‍යාව නැවත හිස ඔසවයි!

chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    සෙම්ප්‍රතිශ්‍යාව නැවත හිස ඔසවයි!

    සෙම්ප්‍රතිශ්‍යාව නැවත හිස ඔසවයි!
    (නොකියූ කතාව)


    "ඊලඟ ලෙඩා එන්න."

    කාමරයට ඇතුලුවුනේ කුඩා ළමයි දෙදෙනෙකුත් එක්ක පැමිණි තරුණ මවක්. කාමරයට ඇතුලුවූ ගමන්ම මගේ මූණටම පොඩි එකා කිවිසුමක් ඇරියා. අනිත් ළමයත් හොටු පෙරා ගෙන.

    "කැස්ස හෙම්බිරිස්සාවට බේත් ගන්නද ආවේ?"
    මම ලේන්සුවෙන් මුහුණ පිහිදා ගන්න ගමන් ඇහුවේ අනුමානයෙන්.

    "ඔව් ඩොක්ට, මුලින් ලොකු එක්කෙනා හදාගෙන ආවා. දැන් ගෙදර හැමෝටම හැදිලා." අම්මා කීවා.

    මේ දවස්වල බාහිර රෝගී අංශය පිරිලා ඉන්නේ කහින, කිවිසුම් අරින රෝගීන් කොටසකින්.


    ඇයි මේ එකපාරටම සෙම්ප්‍රතිශ්‍යාවක් නැවත බෝවේගෙන යන්නේ?
    » මීට ප්‍රධානම හේතුව දැනට පැතිරෙන වෛරසයක් නිසා (Respiratory Syncytial Virus). වැඩිහිටි අයට වැඩි අපහසුවක් නැති වුවත් කුඩා ළමුන්ට මෙය බරපතල තත්වයක් දක්වා (නිව්මෝනියාව) වර්ධනය විය හැකියි.

    රෝග ලක්ෂණ මොනවාද?
    » සොටු දියර ගැලීම
    » නිතර කිවිසුම් යාම
    » කැස්ස
    » හිසේ කැක්කුම
    » උණ

    මේ ලෙඩේ බෝ වෙන්නේ කොහොමද?
    » ශ්වසන ප්දධතියට අදාළ රෝග ලක්ෂණ පෙන්වන සියලුම ලෙඩ පාහේ පැතිරෙන්නේ රෝගකාරක බිඳිති ආශ්වාස ප්‍රශ්වාසයේදී. එක කිවිසුමකදී
    රෝගකාරක බිඳිති 40,000කට අධික ප්‍රමාණයක් ඔබ අවට පරිසරයට මුදා හැරෙන බව ඔබ දැනසිටියාද?

    පරිස්සම් වෙන්නේ කොහොමද?
    » ආසාදිත පුද්ගලයෙකුගෙන් අඩි 6ක් වත් ඈතින් ඉන්න.
    » සෑම විටම ලේන්සුවක් භාවිතා කරන්න. මෙය රෝගය පැතිරවීම අඩු කරන්නට දායක වෙනවා.
    » ආසාදිත පුද්ගලයෙකු ස්පර්ශ කිරීමෙන් වලකින්න. එසේ කරන්නට සිදුවුවහොත් හොඳින් සබන් යොදා අත් සෝදා ගන්න.

    ප්‍රතිකාර මොනවාද?
    » වෛරසයක් නිසා රෝගයේ මුල් අවස්ථාවලදී ප්‍රතිජීවක වල අවශ්‍යතාවයක් නෑ. නමුත් හුස්ම ගැනීමේ අපහසුතාවයක් වැනි බරපතල රෝගී තත්වයක් ඇත්නම් (විශේෂයෙන් ඔබේ දරුවාට) ලඟම රජයේ රෝහලට හෝ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුට පෙන්වා ගැනීමට කල්පනාකාරී විය යුතුයි.

    මීට අමතරව සෙම්ප්‍රතිශ්‍යාව සම්බන්ධයෙන් ඔබට ඇති ඕනෑම ගැටලුවකට මගේ දැනුමේ හැටියට පිළිතුරු දෙන්නම්.

    - වෛද්‍ය චන්දිම ජයසිංහ [21-02-2018]

    පසුබිම් රූපය උපුටා ගැනීම : WebMD
    සියලුම වර්ගයේ කමෙන්ට්ස් බාර ගනු ලැ‍බේ. චෝදනා ප්‍රශංසා සහ නව අදහස් වලට උනත් මම විවෘතයි. :yes:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මටනම් එපාම කරපු ලෙඩක් ඕක.අවුරුද්දකට flu shot එකක් ගහලත් ගිය සතියේ හැදුනා.මහ කරුම ලෙඩක්.:baffled:
     
    • Like
    Reactions: chandima3010

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    Thanks:rolleyes:
    මටනම් එපාම කරපු ලෙඩක් ඕක.අවුරුද්දකට flu shot එකක් ගහලත් ගිය සතියේ හැදුනා.මහ කරුම ලෙඩක්.:baffled:
    ලේන්සුවක් භාවිතා කිරීම සහ අසනීපෙ තියෙන අයගෙන් ටිකක් ඈත් වෙලා හිටියා නම් ඉවරයි :dull: