සෙල්ෆි-පිස්සුව
සෙල්ෆි පිස්සුව
අප ජීවිතය වශයෙන් සලකන්නේ බලය, ධනය, තපස හෝ සදාචාර ගුණධර්ම වගා කිරීම ආදිය මඟින් අපේ මමත්වයේ නොකඩවා ඇති කරගන්නා පිම්බීම පිළිබඳ ක්‍රියාවලියයි." ක්‍රිෂ්ණමූර්ති නම් විශිෂ්ට දාර්ශනිකයා එහෙම කියනවා. සතියකට පෙර එවරස්ට් නම් ලිපිය ඔස්සේම "ජේම්ස් බොන්ඩ් පිස්සෙක්ද?"
යන මාතෘකාව යටතේ එම ප්‍රබන්ධ චරිතය හරහා වත්මන් සමාජය පිළිබඳ කිසියම් විශ්ලේෂණයට අපි පැමිණියා. ඇත්තටම ඊට ලැබුණ ප්‍රතිචාර හොඳ නිසාම වත්මන් සමාජය මුහුණදීලා තිබෙන මමත්වය සහ ස්වරූපරාගය කියන දේ පිළිබඳ තවදුරටත් කතා කරන්න හිතුවා. වත්මන් සමාජය තුළ පවතින දැඩි ස්වරූපරාගය පිළිබිඹු වන ලක්‍ෂණයක් වශයෙන් සෙල්ෆි ඡායාරූප ගැනීම හඳුන්වන්න පුළුවන්.
සෙල්ෆි ඡායාරූප ගැනීම උමතුවේ ලක්‍ෂණයක් බව පර්යේෂණාත්මකව හෙළිවේ.
සෙල්ෆි ඡායාරූප උමතුවේ ලක්‍ෂණයක්ද කියලා කියන්න කලින් සෙල්ෆි ඡායාරූප යනු කුමක්ද කියලා පොඩ්ඩක් දැන ගනිමු. තමාගේ ඡායාරූපය තමාම ගන්නවා නම් එය සෙල්ෆි ඡායාරූප ලෙස හඳුන්වනවා. (A selfie is a self - portrait photograph, typically taken with a digital camera or camara phone held in the hand or supported by a selfie stick. selfie are often shared on social networking service such as Facebook, Instagram and Twitter) විකිපීඩියා වෙබ් අඩවිය තුළ සෙල්ෆි පිළිබඳ දැක්වෙන්නේ එහෙම අදහසක්. මිනිස්සු තමාගේ ඡායාරූපය තමාම ගැනීමට දැඩි ලෙස ඇබ්බැහිවීම තුළ තේරුම් ගත යුතු මනෝවිද්‍යාත්මක කාරණා ගොඩක් තියෙනවා. ඔබ දැනටමත් සෙල්ෆි ගැනීමට දැඩි ලෙස ඇබ්බැහි වුණ කෙනෙක් නම්, මා සමඟ අමනාප නොවී කියවා තමාම අවබෝධ කර ගැනීම ඉතා වටිනවා.
මුල්ම සෙල්ෆි ඡායාරූපය ගත්ත පුද්ගලයා ලෙස Robert Cornelius කියන ඇමෙරිකානු ඡායාරූප ශිල්පියා ඉතිහාසයට එකතු වෙනවා. ඒ 1839දී. දැන් වගේ තාක්‍ෂණය දියුණු නැති නිසා තමාගේ ඡායාරූපය තමාම ගැනීමට ඔහුට ලොකු උත්සාහයක් දරන්න වෙලා තියෙනවා. නමුත් ෆේස්බුක්, ඉන්ටර්ග්රෑම් වගේ සමාජ සම්බන්ධතා ජාල ඔස්සේ සෙල්පි ඡායාරූප ගැනීම මහා මේනියාවක් වුණා. එය කෙතරම් මේනියාවක් වුණාද කියනවා නම්, සමහරු දිනකට සෙල්ෆි ඡායාරූප විස්සක් තිහක් ගන්න තරමට තත්ත්වය උත්සන්න වුණා. ශාන්ත දියාගේ සරසවියේ මහාචාර්යවරයෙක් වන Jean Twenge මහතා ලෝක ප්‍රකට ටයිම්ස් සඟරාවට The Me Me Me Genaration ලෙස ලිපියක් ලියමින් පවසන්නේ සෙල්ෆි යනු උමතුවක් බවයි. එසේම තමාගේ රූපයට සහ මමත්වයට අතිශය ආශා වුණ වත්මන් පරපුර The Me Me Me Genaration ලෙස ඔහු හඳුන්වනවා. එසේම රුසියානු පර්යේෂණ කණ්ඩායමක් කළ දැවැන්ත පර්යේෂණයකින්ද ලොවට හෙළි කළේ වත්මන් ලෝකයේ සාමූහික උමතුව මෙම සෙල්ෆි මේනියාව මඟින් පෙනෙන බවයි.
සෙල්ෆි මඟින් ස්වරූපරාගය පෙන්වයි.
තමාගේ රූපයට ඕනෑම කෙනෙක් කිසියම් තරමක් දුරට ආදරය කළ යුතුයි. එහෙත් තම රූපයට අසීමිතව ආදරය කිරීම සහ ආශා කිරීම ස්වරූපරාගය (Narcissism) ලෙස හඳුන්වනවා. ස්වරූපරාගය යනු තම රූපයට තමා අසීමිතව දක්වන කැමැත්තයි. (Excessive in or admiration of oneself and on’s physical appearance) තම රූපයට ඕනෑම මනුෂ්‍යයකු කැමැත්තක් සහ ආශාවක් දැක්විය යුතු අතර එසේ නොවුණහොත් ඔහුගේ හෝ ඇයගේ පැවැත්මට එය ඉතාම හානිදායකයි. එය එම නිසා සෞඛ්‍ය සම්පන්න ස්වරූපරාගය (Healthy Narcissism) ලෙස නම් කරනවා. එහෙත් කිසියම් කෙනෙක් ඕනෑවට වඩා තමාගේ රූපයට කැමැත්තක් සහ අසීමිත රාගයක් දක්වන්නේ නම් එය මනසේ අඳුරු ස්වරූපයක් බව මනෝ විශ්ලේෂකයන් පවසනවා. තමාගේ රූපය දිහා බොහෝ වෙලාවක් බලාගෙන සිටීම, තමා අතිශයින්ම රූමත් යැයි හෝ කඩවසම් යැයි සිතීම, තමා බොහොම අභිමානවත් පුද්ගලයෙක් යැයි නිතර සිතීම මෙහි ලක්‍ෂණ වශයෙන් දක්වන්න පුළුවන්. වත්මනේදී වැඩි වැඩියෙන් තමාගේ පින්තූරය තමාම රැගෙන රසවිඳීම ස්වරූපරාගය පිළිබිඹු වෙන තවත් ප්‍රමුඛ ලක්‍ෂණයක්. ස්වරූපරාගය පිළිබඳ සංකල්පය මුලින්ම කරළියට ගෙනාවේ සිග්මන් ප්‍රොයිඩ් වන අතර එය සැබැවින්ම මානසික විකෘතිතාවක් බව ප්‍රොයිඩ් පවසනවා. ගී්‍රසිය ලෝක දේශපාලනය, මනෝවිද්‍යාව සහ දර්ශනය යන ප්‍රධාන විෂය ධාරාවන්වල මූලධර්ම රැසක් ලොවට දායාද කළ රටක්. සොක්‍රටීස් සහ ප්ලේටෝ වැනි අති විශිෂ්ට දාර්ශනිකයන් අමතක කරන්නේ කෙසේද? ස්වරූපරාගය පිළිබඳ මූලික කතාවත් ගී්‍රක මිථ්‍යා කතාවක් සමඟ බැඳෙනවා.
නාසිසස් (Narcissius) කියන්නේ අතිශය කඩවසම් දඩයක්කාරයෙක්. සෙප්සියස් (Cephissus) කියන්නේ ගංගාවට අධිපති දෙවි කෙනෙක්. කඩවසම් නාසිසස් ඔහුගේ පුත්‍රයා වුණා. නාසිසස් ඉතාම කඩවසම් තරුණයෙක් වුණ නිසා බොහෝ දෙනා ඔහු දෙස බලන්න පටන් ගත්තා. ග්‍රීසියේ ඉතා කඩවසම් පිරිමි සිටිය බව රහසක් නෙවෙයි. ඉතින් නාසිසස් දවසක් තරුණ වියේදී විලක් අසලින් ගමන් කරද්දී එම විල මත තමාගේ රූපය සටහන් වෙලා තිබෙන බව දැක්කා. ඔහු එදින සිට එම විල මත සටහන් වන තම රූපය දෙස බලාගෙනම කාලය ගත කළා. මේ කාලයේදී නාසිසස්ගේ ආදරය දිනා ගන්න එකෝ නම් රූමතිය උත්සාහ ගත්තත්, නාසිසස් තමාටම හැර වෙනත් කිසිම කෙනෙක්ට ආදරය නොකළ නිසා එකෝට ඔහුගේ ආදරය ලැබුණේ නැහැ. ජීවිත කාලය තුළදී ඔහුට ඔහුගේ රූපය හැර වෙනත් කිසිම දෙයක රසය විඳින්න හැකියාව ලැබුණේ නැහැ. ඔහු විල මත සටහන් වුණ රූප දිහා නොකා නොබී බලාගෙන ඉඳලාම මියගියා.
ස්වරූපරාගයට ඉංග්‍රීසි භාෂාවෙන් (Narcissism) කියන වචනය එන්නේ නාසිසස් (Narcissius) ගේ මෙම මිථ්‍යා කතාව ඔස්සේයි. ඇමෙරිකානු මනෝ චිකිත්සක සංගමය American Psychiatric Association (APA) නිල වශයෙන්ම වැඩිපුර සෙල්ෆි ඡායාරූප ගැනීම මානසික රෝගී තත්ත්වයක් බව ප්‍රකාශ කළා. මෙම මානසික රෝගය ඔවුන් ඵඥතටඪබඪඵ ලෙස කළා. මෙම මානසික රෝගය ඔවුන් කොටස් තුනක් යටතේ වර්ග කළා.
1. Borderline selfitis :
දවසකට සාමාන්‍යයෙන් තුන් වතාවක් තමාගේ ඡායාරූප ගැනීම සහ ඒවා සමාජ සම්බන්ධතා ජාල ඔස්සේ ප්‍රදර්ශනය නොකිරීම. (ඊචඬඪදඨ නඩධබධඵ ධට ධදඥ'ඵ ඵඥතට චබ තඥචඵබ බඩපඥඥ බඪථඥඵ ච ඤචර ඡභබ දධබ නධඵබඪදඨ බඩඥථ ධද ඵධජඪචත ථඥඤඪච)
2. ඒජභබඥ ඵඥතටඪබඪඵ :
දවසකට සාමාන්‍යයෙන් තුන් වතාවක් තමාගේ ඡායාරූප ගැනීම සහ ඒවා සමාජ සම්බන්ධතා ජාල ඔස්සේ ප්‍රදර්ශනය කිරීම. (Taking photos of one’s self at least three times a day but not posting them on social media)
2. Acute selfitis :
දවසකට සාමාන්‍යයෙන් තුන් වතාවකට වඩා වැඩියෙන් අවම වශයෙන් දිනකට හය වතාවක් පමණ තමාගේ ඡායාරූප ගැනීම සහ සෑම ඡායාරූපයක්ම සමාජ සම්බන්ධතා ජාල ඔස්සේ ප්‍රදර්ශනය කිරීම. (Taking photos of one’s self at least three times a day posting each of the them on social media)
මූලික ස්වරූපරාග පෞරුෂ ආබාධ (ඕචඵඪජ ධට ව්චපජඪඵඵඪබඪජ ර්ථීඥපඵධදචතඪබර ච්ඪඵධපඤඥප) වල ලක්‍ෂණ කිහිපයක් පහත දැක්වෙනවා.
ඒ. තමා පිළිබඳ අතිශය අභිමානයෙන් සිතීම.
ඕ. බලය, ධනය, පරම ආදරය සහ අසාමාන්‍ය සාර්ථකත්වය ගැන නිතර නිතර සිතීම.
ඛ්. තමා අතිශය විශේෂ පුද්ගලයෙක් යැයි සිතීම සහ ඉහළ පැලැන්තිය සමඟ පමණක් සම්බන්ධ විය යුතු යැයි විශ්වාස කිරීම.
ච්. අසාමාන්‍ය අගය කිරීමක් බලාපොරොත්තු වීම.
ඡ්. වැඩි ගරු සැලකිල්ලක් බලාපොරොත්තු වීම සහ තමා කරන කියන දේට අනෙකාගෙන් සුබපැතුම් වැඩිපුර බලාපොරොත්තු වීම.
ජ්. තමාගේ අරමුණ ඉටුකර ගැනීමට නිතර උපක්‍රමශීලීව අනෙකා යොදවන්න සිතීම.
ට්. සංවේදිතාව අඩුකම.
ඩ්. අනෙකා නිතර තමාට එරෙහි කූට කුමන්ත්‍රණ දියත් කරනවා යැයි සිතීම සහ ඊට එරෙහි ප්‍රති උපක්‍රම දියත් කළ යුතු යැයි සිතීම.
ධ්. අනෙකා පිළිකුල් කිරීම සහ උඩඟු හැසිරීම් රටාවන්.
මිනිස්සු තුළ ස්වරූපරාගය වර්ධන වීමට සමාජ සම්බන්ධතා ජාලවලට දැඩි ලෙස ඇබ්බැහිවීම, ජනප්‍රිය සිනමාව සහ ජනප්‍රිය කලා මාධ්‍යයන් සහ නවීන විලාසිතා දැඩි ලෙස බලපෑවා. ඔබ කෙසේ සිටිය යුතුද, කුමන සන්නමේ ඇඳුමක් අඳින්න ඕනද, කුමන හෝටලයෙන් කෑම ගන්න ඕනද කියන කාරණය ඇතුළු බොහෝ දේ තීරණය කරන්නේ අප වටා තිබෙන වෙළෙඳ දැන්වීම් ලෝකයයි. මෙම තත්ත්වය තුළ මෙම සෑම දැන්වීමක්ම ඔබ අංක එක කරන්න දායකත්වය දක්වන නිසා මිනිස්සු තුළ ස්වරූපරාගය සහ මමත්වය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන බව පෙනෙනවා. වෙළෙඳ දැන්වීම් ලෝකයට සහ මාධ්‍යයන්ට අවශ්‍ය වන්නේ මිනිසුන් තව තවත් ස්වරූප රාගයට ඇබ්බැහි කිරීමටයි. ෆේස්බුක් නිර්මාතෘ සකර්බර්ග් සෙල්ෆි ඡායාරූප නොගන්නා කෙනෙක් වුණත් (ඔහුගේ ෆේස්බුක් ගිණුම් පරීක්‍ෂා කරන්න) ඔහු සමස්ත සමාජයම සෙල්ෆි ගැනීමට පෙලඹෙනවාට අකැමැත්තක් නැහැ. ජොන් ඒබ්‍රහම් රඟපාන ධ්, ර්ඥ, ඒභප ර්චඪද (ධ් ර්ඥ චදඤ ර්රඵඥතට) සිනමාපටය තුළ සම්පූර්ණයෙන් කියවෙන්නේ වත්මන් මම ලෝලී ස්වරූපරාගී පුද්ගල ස්වභාවය ගැනයි.
සැබෑ පුද්ගල නිදහස ලැබෙන්නේ ඔබ ඔබගෙන් නිදහස් වුණ පසුව බව ජීවිතය අපට මතක් කරන්නේ සියලු දේ වැරැදුණාට පස්සේ. සෙල්ෆි පින්තූර ගන්න. නමුත් මතුවෙමින් යන මෙම අනාගත මානසික රෝගයට මුහුණ දෙන්න නම් එපා. යහළුවෝ කණ්ඩායමක් එකතු වුණාම පරණ යාළුවෙක් කලාතුරකින් මුණ ගැසුණාම එහෙම සෙල්ෆි පින්තූරයක් දෙකක් ගත්තාට ඇත්තටම කිසිම වරදක් නැහැ. නමුත් ඔබ ඊට දැඩි ලෙස ඇබ්බැහි වෙලා නම්, ඔබ ස්වරූපරාගය නම් අඳුරු මානසික තත්ත්වය වෙතයි ගමන් කරන්නේ.
කැලුම් වැලිගම