Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සේක බල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සිත පිරිසිදු කිරීම අපි හිතන තරම් පහසු කටයුත්තක් නම් නොවේ. එය ඉතා ම අමාරු, ඉතා ම දුෂ්කර වූ කටයුත්තක්. අපට මේ සිතේ තිබෙන කිළිටි ස්වභාවය බැහැර කරගෙන, සිත පිරිසිදු දෙයක් බවට පත් කරගන්න විශාල ශක්තියක්, විශාල බලයක් වුවමනා කරනවා. සිත පිරිසිදු කරගන්න යම් බලයක් නැතුව ඒක කරන්න පුලුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ ලෙසට ධර්මය පුරුදු කිරීම පිණිස අපි උපදවාගත යුතු ඒ බලයන්ට කියනවා සේඛ බල කියල. ධර්මය පුරුදු කරන කෙනා සේඛ ශ්රාවකයා. ඒ සේඛ පුද්ගලයාට ධර්මය පුරුදු කරගැනීම පිණිස තිබෙන බල, සේඛ බල වශයෙන් හඳුන්වා දෙනවා.

භාග්‍යවතුන් වහන්සේ විසින් අපට සේඛ බල පහක් පෙන්වා දුන්නා. ඒවා තමයි ශ්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, වීරිය බලය, ප්‍රති බලය. ධර්මය පුරුදු කරමින් ජීවිතය යහ මඟට ගන්න කල්පනා කරන අය විසින් මේ උතුම් සේඛ බලයන් උපදවා ගත යුතු ම යි. මේ සේඛ ධර්මයන් උපදවා ගන්නෙ නැතිව අපට ධර්මයෙන් පිහිටක් පිළිසරණක් ලබන්න පුළුවන් කම ලැබෙන්නෙ නැහැ. මේ සේඛ බල උපදවා ගැනීම මගින් තමයි ධර්මයෙන් පිහිට ලබන්න, ධර්මයෙන් උපකාර ලබන්න අපට බලයක් ලබා දෙන්නේ. ඒ නිසා මේ උතුම් සේඛ ධර්ම ගැන අපි ඉගෙන ගෙන මේ සේඛ ධර්ම ක්‍රම ක්‍රමයෙන් පුරුදු කරගෙන ඒ සේඛ ධර්ම බලවත් බවට පත් කරගන්න කල්පනා කළ යුතු යි.

එවිට මේ ධර්මය පුරුදු කරන කෙනා තුළ උපදවා ගත යුතු පළමුවැනි සේඛ බලය ශ්‍රද්ධා බලයයි. ශ්‍රද්ධා බලය කියන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම යි. ඒ කියන්නෙ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක, සම්මා සම්බුද්ධ වනසේක, විඡ්ජාචරණ සම්පන්න වනසේක, සුගත වනසේක, ලෝකවිදූ වනසේක අනුත්තරෝ පුරිසදම්ම සාරථී වනසේක, සත්ථාදේවමනුස්සානං වනසේක, බුද්ධ වනසේක, භගවා වන සේක යෑයි ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමයි ශ්‍රද්ධාව කියන්නෙ. යම් කෙනෙකුට පුළුවන් වුනොත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ හොඳින් සිහි කරමින්, ඒ බුදු ගුණ දරාගෙන, ඒ බුදු ගුණ අදහාගෙන වාසය කරන්න, එපමණකින් ම එයාට ශ්‍රද්ධා බලය උපදවාගන්ට හැකියාව ලැබෙනවා. ඒ ලෙසට ශ්‍රද්ධාව උපදවා ගත්තොත් ඒ උපදවාගත්ත ශ්‍රද්ධාව අකුසල් ප්රහාණය කරන්නත්, කුසල් උපදවාගෙන වාසය කරන්නත් අපට උපකාර වෙනවා. ඒ සදහා ඒ ශ්‍රද්ධාව බලයක් බවට පත් වෙනවා. ශ්‍රද්ධාව නැත්නම් අපේ හිතේ තිබෙන අකුසල් ප්රහාණය කරගන්න අපට පුලුවන්කම ලැබෙන්නේ නැහැ, ඒ වගේ ම කුසල් උපදවාගෙන කුසල් බලවත් කරගන්න අපට පුළුවන්කම ලැබෙන්නෙත් නැහැ. ශ්‍රද්ධාව තිබෙන කෙනාට ඒ ශ්‍රද්ධාව මුල් කරගෙන හිතට බලයක් ලැබෙනවා, හිතට හයියක් ලැබෙනවා අකුසලය බැහැර කරගන්නත් කුසල් උපදවා ගන්නත්. ඒකයි ශ්‍රද්ධාව බලයක් කියන්නෙ.

ඒ ලෙසට යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සරණ ගිහන් භාග්‍යවතුන් වහන්සේගේ ගුණ දැනගෙන ඒ ගුණ සිහි කරමින් වාසය කරද්දී එයාට ලැබෙන තවත් ලාභයක් වන්නේ පාපී ක්‍රියා පිළිබඳව ලැඡ්ජාව. එහෙම නැතිනම් හිරි බලය උපදවාගන්ට පුළුවන්කම. ශ්‍රද්ධාව තිබෙන කෙනාට දුෂ්චරිතය ගැන ලැඡ්ජාව උපදවාගන්න පුළුවන්කමක් තිබෙනවා. ඒකට කියනවා පවට ලැඡ්ජාව කියල. කායික දුෂ්චරිතය ගැන ලැඡ්ජාව, වාචසික දුෂ්චරිතය ගැන ලැඡ්ජාව, මානසික දුෂ්චරිතය ගැන ලැඡ්ජාව උපදවා ගන්නවාට තමයි පවට ලැඡ්ජාව කියන්නේ. එවිට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් නැත්නම් අපට ඒ පාපී ක්‍රියාවන් කෙරෙහි ලැඡ්ජාව උපදවා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ පිළිබදව හොඳ පැහැදීමක් ඇතිකරගෙන භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සිහි කරමින් වාසය කරන්ට පුරුදු වෙලා හිටියොත් එයාට හැකියි පාපී ක්‍රිsයාවන් පිළිබඳව ලැඡ්ජාව උපදවා ගන්න. එයා පවට ලැඡ්ජාව කියන ගුණයෙන් යුක්තව ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. එවිට එයාට ශ්‍රද්ධාව තිබෙනවා. පවට ලැඡ්ජාව තිබෙනවා.

ඒ වගේ මයි භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනව 'මේ මේ විදිහේ පාපයක් කළොත්, ඒකට මේ මේ විදිහේ විපාක විඳින්න සදු වෙනවා' කියල. භාග්‍යවතුන් වහන්සෙගේ ශ්‍රවකයා ඒ ධර්මය ශ්‍රද්ධාවෙන් ඉගෙන ගන්නවා. ඒ ගැන ධර්මයට අනුව කල්පනා කරනවා. ඊට පස්සෙ දුෂ්චරිතයේ විපාකයට භය උපදවා ගන්නවා. ඒ ලෙසින් දුෂ්චරිතයේ විපාකයට භය උපදවා ගන්න කෙනා ඒ දුෂ්චරිතයෙන් නිදහස් වෙන්න කල්පනා කරනවා. එවිට ශ්‍රද්ධාව තිබෙන කෙනා ශ්‍රද්ධා බලයෙන් යුක්ත වෙනවා, පවට ලැඡ්ජාවෙන් යුක්ත වෙනවා, පවට බය ඒ කියන්නේ ඔත්තප්ප බලය උපදවා ගන්නවා.

මේ ආකාරයට ශ්රද්ධාවත් ලැඡ්ජා බයෙනුත් යුක්තව වාසය කරද්දී එයාට පාපී ක්‍රියාවලින් නිදහස්වීමට වීරිය උපදවාගන්ට පුළුවන්කමක් තිබෙනව. එයා පාපී ක්‍රියාවට ලැඡ්ජා බය තිබෙන නිසා පාපී ක්‍රියා කරන්න අකමැති යි. ඒ අකමැත්ත මුල් වී පවෙන් නිදහස් වෙන්න එයා කැමතියි. ඒ පවෙන් නිදහස් වෙන්න තිබෙන කැමැත්ත මුල් වී පාපී ක්‍රියා අතහරින්න එයා වෑයම් කරනවා. පාපී ක්‍රියා අතහරින්න එයා වෑයම් කරද්දී ඒ අකුසලයෙන් නිදහස් වෙන්න, අකුසල් අතහරින්න වීරිය ඉපදෙනවා. එවිට එයා උපන් අකුසල් බැහැර කරන්ට වීරිය උපදවා ගත්ත කෙනෙක් බවට පත් වෙලා. ඒ විදිහට උපන් අකුසල් බැහැර කරන්න වීරියෙන් යුක්තව කටයුතු කරද්දී එයා නූපන් අකුසල් උපදවාගන්නේ නැතුව තියා ගන්නත් කැමති වෙනවා, ඒ සඳහා වෑයම් කර වීරිය උපදවා ගන්නවා. එවිට එයා නූපන් අකුසල් නූපදවා තියාගන්න වීර්යයෙන් යුක්ත යි. දැන් එයා අකුසල් බැහැර කිරීමේ වීරියෙන් යුක්තව වාසය කරන කෙනෙක්. දැන් ඒ වගේ ම කුසල් උපදවා ගන්නත්, ඉපදුණු කුසල් බලවත් කරගන්නත් එයාට කැමැත්ත තිබෙනව. ඒ විදිහට වාසය කරද්දී එයා වීරිය බලය තිබෙන කෙනෙක් බවට පත් වෙලා.

දැන් කල්පනා කරන්න එයා තුළ ශ්‍රද්ධාව තිබුණා. ශ්‍රද්ධාව මුල් වෙලා පවට ලැඡ්ජාව ඉපදුණා, ඒ වගේ ම එයාට පවට බය ඉපදුණා. ඒ පවට ලැඡ්ජාවත් බයත් මුල් වෙලා අකුසල් ප්රහාණය කරන්ටත්, කුසල් උපදවාගෙන පරිපූර්ණ කරගන්ටත් වීරිය ඉපදුණා. දැන් එයා ශ්‍රද්ධාවෙන් යුක්තයි. ලැඡ්ජා බයෙන් යුක්තයි. වීරියෙන් යුක්ත යි.

මේ ලෙසින් වාසය කරන්නාට, භාග්‍යවතුන් වහන්සේ වදාළ විදිහට ජීවිතය ගැන කල්පනා කරන කෙනාට 'මේ ලෝකයේ හටගත් දේ, නැසිල යන ස්වභාවයෙන් යුක්ත' බව හට ගැනීමත් නැසෙන ස්වභාවයත් පිළිබඳ යථාභූත අවබෝධය, ප්‍රර්ව උපදවාගන්ට පුළුවන්කමක් ලැබෙනවා. එවිට එයා ප්රඥවෙන් යුක්ත කෙනෙක් බවට පත් වෙනවා. මේ විදිහට යම් කෙනෙක් ශ්‍රද්ධාව ඇති කරගත්තොත්, පවට ලැඡ්ජාව ඇති කරගත්තොත්, පවට බය ඇති කරගත්තොත්, අකුසල් ප්රහාණය කරගන්ටත් කුසල් උපදවා ගන්ටත් වීරිය ඇති කරගත්තොත්, මේ ලෝකයේ හටගැනීම නැතිවීම ගැන නුවණ උපදවා ගත්තොත්, සංස්කාර වල අනිත්‍ය ස්වභාවය වටහාගැනීම පිළිබඳ නුවණ උපදවා ගත්තොත් එයා ප්රඥවෙනුත් යුක්ත වෙනවා. අන්න එයා තුළ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ආකාරයට තමාගේ සිතින් ම සිත පිරිසිදු කරගැනීම පිණිස වුවමණා බලයෙන් යුක්ත කෙනෙක් බවට එයා පත් වෙනවා.

මේ උතුම් සේඛ බල යම් කෙනෙක් උපදවා ගත්තොත්, එයාට ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ලෙසින් සිල්වත් ජීවිතයක් ඇති කරගෙන, ඒ සීලයේ පිහිටා සිත පිරිසිදු කරගෙන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරන්ට පුළුවන් කම ලැබෙනවා. ඒ නිසා ඒ උතුම් සේඛ බල උපදවාගෙන පරිපූර්ණ කරගැනීම පිණිස සියලු දෙනාට ම දුර්ලභ වූ භාග්‍යය උදාවේවා...!!!

[QUOTE="asliyanage, post: 25905251, member: 8764"] මේ සිත පිරිසිදු කිරීම අපි හිතන තරම් පහසු කටයුත්තක් නම් නොවේ. එය ඉතා ම අමාරු, ඉතා ම දුෂ්කර වූ කටයුත්තක්. අපට මේ සිතේ තිබෙන කිළිටි ස්වභාවය බැහැර කරගෙන, සිත පිරිසිදු දෙයක් බවට පත් කරගන්න විශාල ශක්තියක්, විශාල බලයක් වුවමනා කරනවා. සිත පිරිසිදු කරගන්න යම් බලයක් නැතුව ඒක කරන්න පුලුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ ලෙසට ධර්මය පුරුදු කිරීම පිණිස අපි උපදවාගත යුතු ඒ බලයන්ට කියනවා සේඛ බල කියල. ධර්මය පුරුදු කරන කෙනා සේඛ ශ්රාවකයා. ඒ සේඛ පුද්ගලයාට ධර්මය පුරුදු කරගැනීම පිණිස තිබෙන බල, සේඛ බල වශයෙන් හඳුන්වා දෙනවා. භාග්‍යවතුන් වහන්සේ විසින් අපට සේඛ බල පහක් පෙන්වා දුන්නා. ඒවා තමයි ශ්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, වීරිය බලය, ප්‍රති බලය. ධර්මය පුරුදු කරමින් ජීවිතය යහ මඟට ගන්න කල්පනා කරන අය විසින් මේ උතුම් සේඛ බලයන් උපදවා ගත යුතු ම යි. මේ සේඛ ධර්මයන් උපදවා ගන්නෙ නැතිව අපට ධර්මයෙන් පිහිටක් පිළිසරණක් ලබන්න පුළුවන් කම ලැබෙන්නෙ නැහැ. මේ සේඛ බල උපදවා ගැනීම මගින් තමයි ධර්මයෙන් පිහිට ලබන්න, ධර්මයෙන් උපකාර ලබන්න අපට බලයක් ලබා දෙන්නේ. ඒ නිසා මේ උතුම් සේඛ ධර්ම ගැන අපි ඉගෙන ගෙන මේ සේඛ ධර්ම ක්‍රම ක්‍රමයෙන් පුරුදු කරගෙන ඒ සේඛ ධර්ම බලවත් බවට පත් කරගන්න කල්පනා කළ යුතු යි. එවිට මේ ධර්මය පුරුදු කරන කෙනා තුළ උපදවා ගත යුතු පළමුවැනි සේඛ බලය ශ්‍රද්ධා බලයයි. ශ්‍රද්ධා බලය කියන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම යි. ඒ කියන්නෙ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක, සම්මා සම්බුද්ධ වනසේක, විඡ්ජාචරණ සම්පන්න වනසේක, සුගත වනසේක, ලෝකවිදූ වනසේක අනුත්තරෝ පුරිසදම්ම සාරථී වනසේක, සත්ථාදේවමනුස්සානං වනසේක, බුද්ධ වනසේක, භගවා වන සේක යෑයි ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමයි ශ්‍රද්ධාව කියන්නෙ. යම් කෙනෙකුට පුළුවන් වුනොත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ හොඳින් සිහි කරමින්, ඒ බුදු ගුණ දරාගෙන, ඒ බුදු ගුණ අදහාගෙන වාසය කරන්න, එපමණකින් ම එයාට ශ්‍රද්ධා බලය උපදවාගන්ට හැකියාව ලැබෙනවා. ඒ ලෙසට ශ්‍රද්ධාව උපදවා ගත්තොත් ඒ උපදවාගත්ත ශ්‍රද්ධාව අකුසල් ප්රහාණය කරන්නත්, කුසල් උපදවාගෙන වාසය කරන්නත් අපට උපකාර වෙනවා. ඒ සදහා ඒ ශ්‍රද්ධාව බලයක් බවට පත් වෙනවා. ශ්‍රද්ධාව නැත්නම් අපේ හිතේ තිබෙන අකුසල් ප්රහාණය කරගන්න අපට පුලුවන්කම ලැබෙන්නේ නැහැ, ඒ වගේ ම කුසල් උපදවාගෙන කුසල් බලවත් කරගන්න අපට පුළුවන්කම ලැබෙන්නෙත් නැහැ. ශ්‍රද්ධාව තිබෙන කෙනාට ඒ ශ්‍රද්ධාව මුල් කරගෙන හිතට බලයක් ලැබෙනවා, හිතට හයියක් ලැබෙනවා අකුසලය බැහැර කරගන්නත් කුසල් උපදවා ගන්නත්. ඒකයි ශ්‍රද්ධාව බලයක් කියන්නෙ. ඒ ලෙසට යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සරණ ගිහන් භාග්‍යවතුන් වහන්සේගේ ගුණ දැනගෙන ඒ ගුණ සිහි කරමින් වාසය කරද්දී එයාට ලැබෙන තවත් ලාභයක් වන්නේ පාපී ක්‍රියා පිළිබඳව ලැඡ්ජාව. එහෙම නැතිනම් හිරි බලය උපදවාගන්ට පුළුවන්කම. ශ්‍රද්ධාව තිබෙන කෙනාට දුෂ්චරිතය ගැන ලැඡ්ජාව උපදවාගන්න පුළුවන්කමක් තිබෙනවා. ඒකට කියනවා පවට ලැඡ්ජාව කියල. කායික දුෂ්චරිතය ගැන ලැඡ්ජාව, වාචසික දුෂ්චරිතය ගැන ලැඡ්ජාව, මානසික දුෂ්චරිතය ගැන ලැඡ්ජාව උපදවා ගන්නවාට තමයි පවට ලැඡ්ජාව කියන්නේ. එවිට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් නැත්නම් අපට ඒ පාපී ක්‍රියාවන් කෙරෙහි ලැඡ්ජාව උපදවා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ පිළිබදව හොඳ පැහැදීමක් ඇතිකරගෙන භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සිහි කරමින් වාසය කරන්ට පුරුදු වෙලා හිටියොත් එයාට හැකියි පාපී ක්‍රිsයාවන් පිළිබඳව ලැඡ්ජාව උපදවා ගන්න. එයා පවට ලැඡ්ජාව කියන ගුණයෙන් යුක්තව ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. එවිට එයාට ශ්‍රද්ධාව තිබෙනවා. පවට ලැඡ්ජාව තිබෙනවා. ඒ වගේ මයි භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනව 'මේ මේ විදිහේ පාපයක් කළොත්, ඒකට මේ මේ විදිහේ විපාක විඳින්න සදු වෙනවා' කියල. භාග්‍යවතුන් වහන්සෙගේ ශ්‍රවකයා ඒ ධර්මය ශ්‍රද්ධාවෙන් ඉගෙන ගන්නවා. ඒ ගැන ධර්මයට අනුව කල්පනා කරනවා. ඊට පස්සෙ දුෂ්චරිතයේ විපාකයට භය උපදවා ගන්නවා. ඒ ලෙසින් දුෂ්චරිතයේ විපාකයට භය උපදවා ගන්න කෙනා ඒ දුෂ්චරිතයෙන් නිදහස් වෙන්න කල්පනා කරනවා. එවිට ශ්‍රද්ධාව තිබෙන කෙනා ශ්‍රද්ධා බලයෙන් යුක්ත වෙනවා, පවට ලැඡ්ජාවෙන් යුක්ත වෙනවා, පවට බය ඒ කියන්නේ ඔත්තප්ප බලය උපදවා ගන්නවා. මේ ආකාරයට ශ්රද්ධාවත් ලැඡ්ජා බයෙනුත් යුක්තව වාසය කරද්දී එයාට පාපී ක්‍රියාවලින් නිදහස්වීමට වීරිය උපදවාගන්ට පුළුවන්කමක් තිබෙනව. එයා පාපී ක්‍රියාවට ලැඡ්ජා බය තිබෙන නිසා පාපී ක්‍රියා කරන්න අකමැති යි. ඒ අකමැත්ත මුල් වී පවෙන් නිදහස් වෙන්න එයා කැමතියි. ඒ පවෙන් නිදහස් වෙන්න තිබෙන කැමැත්ත මුල් වී පාපී ක්‍රියා අතහරින්න එයා වෑයම් කරනවා. පාපී ක්‍රියා අතහරින්න එයා වෑයම් කරද්දී ඒ අකුසලයෙන් නිදහස් වෙන්න, අකුසල් අතහරින්න වීරිය ඉපදෙනවා. එවිට එයා උපන් අකුසල් බැහැර කරන්ට වීරිය උපදවා ගත්ත කෙනෙක් බවට පත් වෙලා. ඒ විදිහට උපන් අකුසල් බැහැර කරන්න වීරියෙන් යුක්තව කටයුතු කරද්දී එයා නූපන් අකුසල් උපදවාගන්නේ නැතුව තියා ගන්නත් කැමති වෙනවා, ඒ සඳහා වෑයම් කර වීරිය උපදවා ගන්නවා. එවිට එයා නූපන් අකුසල් නූපදවා තියාගන්න වීර්යයෙන් යුක්ත යි. දැන් එයා අකුසල් බැහැර කිරීමේ වීරියෙන් යුක්තව වාසය කරන කෙනෙක්. දැන් ඒ වගේ ම කුසල් උපදවා ගන්නත්, ඉපදුණු කුසල් බලවත් කරගන්නත් එයාට කැමැත්ත තිබෙනව. ඒ විදිහට වාසය කරද්දී එයා වීරිය බලය තිබෙන කෙනෙක් බවට පත් වෙලා. දැන් කල්පනා කරන්න එයා තුළ ශ්‍රද්ධාව තිබුණා. ශ්‍රද්ධාව මුල් වෙලා පවට ලැඡ්ජාව ඉපදුණා, ඒ වගේ ම එයාට පවට බය ඉපදුණා. ඒ පවට ලැඡ්ජාවත් බයත් මුල් වෙලා අකුසල් ප්රහාණය කරන්ටත්, කුසල් උපදවාගෙන පරිපූර්ණ කරගන්ටත් වීරිය ඉපදුණා. දැන් එයා ශ්‍රද්ධාවෙන් යුක්තයි. ලැඡ්ජා බයෙන් යුක්තයි. වීරියෙන් යුක්ත යි. මේ ලෙසින් වාසය කරන්නාට, භාග්‍යවතුන් වහන්සේ වදාළ විදිහට ජීවිතය ගැන කල්පනා කරන කෙනාට 'මේ ලෝකයේ හටගත් දේ, නැසිල යන ස්වභාවයෙන් යුක්ත' බව හට ගැනීමත් නැසෙන ස්වභාවයත් පිළිබඳ යථාභූත අවබෝධය, ප්‍රර්ව උපදවාගන්ට පුළුවන්කමක් ලැබෙනවා. එවිට එයා ප්රඥවෙන් යුක්ත කෙනෙක් බවට පත් වෙනවා. මේ විදිහට යම් කෙනෙක් ශ්‍රද්ධාව ඇති කරගත්තොත්, පවට ලැඡ්ජාව ඇති කරගත්තොත්, පවට බය ඇති කරගත්තොත්, අකුසල් ප්රහාණය කරගන්ටත් කුසල් උපදවා ගන්ටත් වීරිය ඇති කරගත්තොත්, මේ ලෝකයේ හටගැනීම නැතිවීම ගැන නුවණ උපදවා ගත්තොත්, සංස්කාර වල අනිත්‍ය ස්වභාවය වටහාගැනීම පිළිබඳ නුවණ උපදවා ගත්තොත් එයා ප්රඥවෙනුත් යුක්ත වෙනවා. අන්න එයා තුළ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ආකාරයට තමාගේ සිතින් ම සිත පිරිසිදු කරගැනීම පිණිස වුවමණා බලයෙන් යුක්ත කෙනෙක් බවට එයා පත් වෙනවා. මේ උතුම් සේඛ බල යම් කෙනෙක් උපදවා ගත්තොත්, එයාට ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ලෙසින් සිල්වත් ජීවිතයක් ඇති කරගෙන, ඒ සීලයේ පිහිටා සිත පිරිසිදු කරගෙන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරන්ට පුළුවන් කම ලැබෙනවා. ඒ නිසා ඒ උතුම් සේඛ බල උපදවාගෙන පරිපූර්ණ කරගැනීම පිණිස සියලු දෙනාට ම දුර්ලභ වූ භාග්‍යය උදාවේවා...!!! [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom