Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සේපාල අටිගලගේ ඉතාලි කථාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සේපාල ඒකනායක ගුවන් යානා පැහැරගැනීමේ සත්‍ය කතාව

සේපාලට ජර්මනියට යන්නට අවසරය ලැබෙන්නේ මිතුරුකමක් නිසාය. ජර්මනියට යන්නට ලැබුණු අවසරයට ඔහුව 'එක පයින්ම' කැමැති කරවන්නට ඇත්තේද 'වෙනස් දෙයක්' කරන්නට ඔහුගේ සිතේ තිබුණ කැමැත්තය .අතුල ජයවික්‍රම කියලා මගෙ හොඳ මිත්‍රයෙක් තමයි මගේ ජර්මන් ගමනට ගොඩක් උදව් කළේ. අද කාලෙ වගේ නෙමෙයි ඒ කාලෙ රට යන්න එච්චර අමාරු නැහැ. වීසා එහෙම ඕන වුණෙත් නැහැ. ජර්මණියට ගිහින් රැකියා කිහිපයක්ම කලා.එයට හේතුව ටික කලක් රැකියාව කර වෙනත් රටක සංචාරයකට ගොස් එනවිට එම රැකියාව අහමිවී නැවත රැකියාවක් කරන්න වීමයි. මගේ විනෝදාංශය සංචාරයයි.1982 වනවිට මහද්වීප සියල්ලේම රටවල් 67 කට පමණ ගොස් තිබුණා. රස්සාවල් කීපයක්ම කළා. අවුරුදු තුනක් විතර එක එක දේවල් කරල සල්ලි ටිකක් හොයාගෙන සංචාර කරනවා. ඉතාලිය ට යන ඔහුගේ ජීවිතය වෙනස් කළේ ඔහුටවත් සිතාගත නොහැකි තරම් ඉක්මනිනි.

"මාව හැමෝම දැනගන්න හේතු වුණු මගේ පළමු බිරිඳ මට මුණගැහෙන්නේ ඉතාලියෙදි." සේපාල වටා ගෙතී ඇති අප දන්නා කතාවේ තරමින් නම් සිතෙන්නේ මේ ආදර කතාව 'අපූරු ආදරයක්' වන්නට ඇති බවයි. ඔහු කියනා ලෙසට සිතනා තරම් අපූරුවක් ඒ ආදර කතාවේ නැත. "මට අන්නා ඇල්ද්‍රොවන්දි ඒ කියන්නෙ මගෙ ඉතාලි බිරිද මුලින්ම හම්බ වුණේ කොහේදිද කවදද කියලා නම් මට හරියට මතකයක් නැහැ. ගොඩක් විට අපි මුණගැහෙන්න ඇත්තේ යාළුවෙකුගෙ ගෙදරකදි. කොහොම මුණගැහුණත් අපි ටික කාලයක් ළඟින් ආශ්‍රය කළා. ඊට පස්සෙ විවාහ වුණා. ඉතාලියේ සංස්කෘතියෙ හැටියට විවාහයකට වැඩිහිටියො බලපෑම් කරන්නෙ නැති තරම්. ඒ නිසා මම ඉතාලි කෙනෙක් නොවුණු එක ගැටලුවක් වුණේ නැහැ. විවාහ වෙලා ටික කාලයක් යද්දි අපිට 'ෆ්‍රී' පුතා හම්බ වුණා. ෆ්‍රී තමයි මගෙයි අන්නාගෙයි අතර ලොකු බැඳීමක් ඇති කළේ. මොකද: විවාහ වෙලා ටික කාලයක් යද්දි අන්නගෙයි මගේ අතරෙ මුලින් තිබුණු ආකර්ෂණය, ආදරය ටික ටික අඩු වෙමිනුයි තිබුණෙ. අන්නා වෙනම උයාගෙන කාලා වෙනම කාමරයක ජීවත් වෙද්දී මම වෙනම උයන් කාලා වෙනත් කාමරයක ජීවත් වුනේ ,ෆ්රීට මවත් පියත් ඒ ළදරු වියේදි අවශ්‍ය නිසයි. සේපාලගේ සිතේ ආදරය ඇති කොට ඇත්තේ අන්නා නොව ෆ්‍රී ය. ඔහු බැඳී සිට ඇත්තේ ෆ්රීටය. පුතු කෙරෙහි බැඳුණු සේපාලගේ සිතේ හිතුවක්කාර ගතිය මතු වන්නේ ඉතාලි පුරවැසිකම අත්විඳින්නට ඔහුට වැටුණු තහංචියයි.

"අන්නාව විවාහ කරගත්තට පස්සෙ මට ඉතාලි පුරවැසිකම ලැබුණා. පුරවැසිකම ලැබුණු බව කියන්න මට කාඩ්-එකක් හම්බ වුණා. ඒ කාඩ්-එක අවුරුදු පහක් යන කල් අවුරුද්දෙන් අවුරුද්ද අලුත් කළ යුතුව තිබුණා. ඒ නිසා මම ඒ වැඩේ අවුරුදු හතරක්ම නොකඩවා කළා. අන්තිම අවුරුද්දේ ගියාම මට ඉතාලි තානාපති කාර්යාලෙ අය කිව්වා මම පරණ කාඩ්-එක දුන්නෙ නැහැ කියලා. ඒ වුණාට මට හොඳටම මතක තිබුණා මම පරණ කාඩ්-එක භාර දුන්නා කියලා. ඒත් ඒ අය කිව්වෙ 'අපි ළඟ කාඩ්-එක නෑ, ලංකාවට ගිහින් එහෙන් ඒක ගන්න' කියලා. මම කොළඹට ඇවිත් මෙහේ තානාපති කාර්යාලයට ගියා. ඒ අය මට කිව්වා කාඩ්-එක භාර දුන්න තැනින්ම ගන්න කියලා. ආයෙත් මම ඉතාලියට ආවා. ඒත් මට කාඩ්-එක හම්බ වුණේ නැහැ. මාස දෙක-තුනක මම උත්සාහ කළා කාඩ්-එක ගන්න. ඒත් හරිගියේ නැහැ. ඉතාලියෙන් දිගටම කිව්වෙ කොළඹ ගිහින් ගන්න කියලා. බැරිම තැන මම ආපහු ලංකාවට ආවා. ඒ ෆ්‍රී අරගෙන." ඔහේ ගෙවීගිය සේපාලගේ ජීවිතය නොසිතූ ගැටලුවකට සිර වී ගියේය. ඔහු ඒ වෙනුවෙන් එතරම් වෙහෙස වූයේ ඉතාලියේ ජීවත් වන්නට ඒ අවසරපත ඔහුට ඒ තරමට වැදගත් වූ නිසාය. ඔහුට ඉතාලියේ රැකියාවක් කිරීමට නම් ඒ අවසරපත තිබිය යුතුම විය. ඔහු කොළඹට පැමිණ එය ලබාගන්නට හැකි සෑම උත්සාහයක්ම දැරුවේ ඒ නිසාය.

"මම දවස් ගානක් කොළඹ ඉතාලි තානාපති කාර්යාලයට බඩ ගෑව. ඒත් මගේ වැඩේ කෙරුණෙ නැහැ. එතන හිටපු තරුණ නිලධාරියෙක් මාව දිගටම බයිට්-එකට ගත්තා. ඒක තෙරුණාම මගෙ රතු කට්ට පැන්නා. මිනිහා තදින් කතා කරද්දි මමත් තදින් කතා කළා. මමත් නිකන් කට වහගෙන හියෙ නැහැ. මම වැඩේ අත්හැරියෙත් නැහැ. ඒත් දවසක් මම හිතපුම නැති දෙයක් වුණා. මේ අතරෙදි ,අන්නා ඇගේ අයියා සමඟ විත් වැලිගම හෝටලයක නතර වුනා. මම නතර වී සිටියේ මිතුරකුගේ නිවසකයි. වරින් වර ඇය ෆ්‍රීව ගෙන ගොස් හෝටලයේ තියාගෙන සිට මට හවසට ගෙනත් දී තුන්වන දින හිටිහැටියේ ෆ්‍රී රැගෙන ඇගේ අයියා සමඟ ඉතාලියට යන්නේ ෆ්‍රී ගේ ගුවන් ගමන් පතද මා ලඟ තිබියදීය. මේ සියල්ල සිදු වන්නේ ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයේ සහය මතයි. දවසක් මම කොළඹ ගිහින් එද්දි අන්නයි ෆ්රීයි දෙන්නම මම එයලාව නතර කරල ගියපු වැලිගම හෝටලෙන් අතුරුදන් වෙලා තිබුණා. මට දැනගන්න හම්බ වුණ විදියට විශේෂයෙන් ඒ දෙන්නටම කාර්-එකක් එවල ඒ දෙන්නව අරගෙන ගිහින් තිබුනා. ඒක දැනගත්ත මොහොතෙම මම කටුනායකට ආව. ඒත් ඒ වෙද්දිත් ඒ දෙන්නා ඉතාලි ගිහින් තිබුණා. මට හිතාගන්න බැරි වුණා ඒක කොහොමද වුණේ කියල. ඒ කාලෙ වෙද්දි මගේ අන්නාගෙයි අතරෙ ලොකු සම්බන්ධකමක් තිබුණෙ නැහැ. ඒ වුණාට ෆ්‍රී අන්නාට ගොඩක් ආදරය කළා. මමත් ෆ්රීට ගොඩක් ආදරය කළා. ඒ නිසා අන්නාව නොසලකා ඉන්න මට පුළුවන්කමක් තිබුණෙ නැහැ...

"මේ වෙච්ච දේ නිසා මම ටිකක් හිතෙන් වැටුණා. මම ආයෙත් ඉතාලි තානාපති කාර්යාලයට ගිහින් මගේ අවසර පත්‍රය ආපහු ඉල්ලුව. ඒත් දුන්නෙ නැහැ. 'උඹට පුළුවන් නම් ගනින්' කියලා අර නිලධාරියා මට කිව්වා. මට ඉවසුම් නැතුව ගියා. 'සති දෙකකින් මම ඒක ගන්නවා. උඹ බලාගෙන හිටපන්' කියලා චැලේන්ජ්-එක භාරගෙන මමත් ආවා."

“මේ වෙද්දී ඉතාලි තානාපති කාර්යාලයේ අනුදැණුම මත යමක් සිදු වෙන බව මට වැටහී තිබුණා.”

අහියෝගය භාරගත්තද එය කරන්නේ කෙසේදැයි ඒ මොහොතේ සේපාල දැන සිටියේ නැත. ඔහුට වුවමනා වූයේ පුරවැසි අවසරපත ලබාගන්නටම නොවේ. ඔහු අසීමිතව ආදරය කළ ෆ්‍රී ඔහුගෙන් ඈත් කර රැගෙන යෑමේ කනගාටුව අකාමකාගන්නටය... නැවත ෆ්‍රී දැක ගන්නටය... ෆ්‍රී තුරුලට ගෙන තාත්තාගේ ආදරය දෙන්නටය.

"මම තානාපති කාර්යාලේ ගේට්ටුවෙන් එළියට එනකොට තමයි මගෙ හිතට අදහසක් ආවෙ ප්ලේන්-එකක් හයිජැක් කරන්න. මම ප්ලේන් හයිජැක් කරන චිත්‍රපට බලලා තිබුණා. හැබැයි මම ඒවා බැලුවෙ කවදාහරි එහෙම කරනවා කියන සිතිවිල්ලෙන් නෙමෙයි. ඒ වෙලාවෙ මම හිටපු තත්ත්වෙ හැටියට මගෙ ඔළුවට ආවෙ ඒ අදහස විතරයි." ඒ මොහොතේ ඔහුඒ සිත ඔහුට කියන්නට ඇත්තේ එකම විසඳුම එයම බවයි. සිතිවිල්ල ක්‍රියාවට නඟන්නට ඔහු සූදානම් වූයේය. ඔහුගේ ඉලක්කය වී තිබුණේ ඉන්දියාවේ නව දිල්ලි සිට ජපානය බලා ගිය අලිතාලියා ගුවන් සේවයට අයත් බෝයිං 747 වර්ගයේ ගුවන් යානයයි.

"එදා දවස හරියටම කිව්වොත් 1982 ජුනි 30. මම දිල්ලි එයාපෝට් එකෙන් ජපානෙට යන අලිතාලියා ප්ලේන්-එකකට නැග්ග. ඒක බැංකොක් හරහා තමයි ජපානෙට යන්න තිබුණෙ. මේ වැඩේට මම බණ්ඩාර කියලා යාළුවෙක් එක්කරගෙන ගියා. එයා මේ කිසි දෙයක් දැනගෙන හිටියෙ නැහැ. නිකම්ම යාළුකමට ආවෙ. ඉන්දියාවට ආවට පස්සෙ මට හිතුණ මම තනියම යනවා කියල. ඒ නිසා මම බණ්ඩාරට කිව්වා ආපහු යන්න කියලා. ඒත් එයා ඇවිත් තිබුණෙ නැහැ...

"ප්ලේන්-එක තට්ටු දෙකේ ජම්බෝ ජෙට්-එකක්. මගීන් 300ක් විතර හිටියා. සාමාන්‍යයෙන් ප්ලේන්-එකක් හයිජැක් කරන්නෙ ආයුධ පෙන්නලා, වෙඩි තියලා, පයිලට්ලට හිරිහැර කරලනෙ. මම හිතුව ඒ වගේ දේවල් නොකර අලුත් විදියකට මගෙ වැඩේ කරන්න. මම පයිලට්ට ලියුමක් ලිව්වා. ඒකෙ මට මුහුණ දෙන්න වුණු දේවල්, මගේ ඉල්ලීම් ඔක්කොම ලිව්වා. මම ඒ ලියුම ලියද්දිත් යානය තිබුණෙ අඩි 35000ක් විතර උඩ. මම ලියුම යැව්වේ ගුවන් සේවිකාවක් අතේ. මුලින් ගුවන් සේවිකාව ලියුම ගෙනියන්න අකැමැති වුණා. පස්සෙ මම තදින් කිව්වාම කැමැති වුණා. ලියුම අරගෙන ගිහින් මිනිත්තු 10කට විතර පස්සෙ මම පයිලට්ට කෝල්-එකක් අරගෙන ඇහුවා ලියුම කියෙව්වද කියල. 'තාම කියවනවා' කිව්වම මම ෆෝන්-එක තිබ්බා. ඒ පයිලට්ගෙ නම ජියෝර්ගෝ මෙරෝසා. මිනිහා එක පාරටම යටත් වෙන්න කැමැති වුණේ නැහැ. පසුව ඔහුට තේරුම් ගියා මෙය තම දරුවා ලබා ගන්න මිස ත්‍රස්ථවාදි ක්‍රියාවක් නොවන බව.එහෙත් මගීන් ගේ වගකීම ඔහු අත බැවින් පයිලට් ඉතා බුද්ධිමත්ව ක්‍රියා කලා.

සේපාලගේ ඉල්ලීමට අනුව යානය බැංකොක්වලට ගොඩ බස්වනු ලැබීය. නියමුවා සමඟ පෙර ඇති කරගෙන තිබුණු එකඟත්වයට අනුව සේපාල අසල සිටි මගීන් සියලුදෙනාද ඉවත් කරවූයේය. හදිසි ගොඩබැස්වීමට හේතුව ලෙස ගුවන් නියමුවා විසින් මගීන් වෙත දැනුම්දෙනු ලැබ තිබුණේ යානයේ කාර්මික දෝෂයක් ඇති බවයි. යානය සිය පාලනයට ගත් සේපාලගේ මුල්ම කටයුත්ත වී ඇත්තේ ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයට ඇමතුමක් දී තමාව අපහසුතාවට පත් කළ නිලධාරියාට කතා කිරීමයි.

"මම කෝල්-එකක් අරන් මිනිහට කිව්වා 'ඔන්න මම කියපු දේ කළා'. කියලා මිනිහා එක පාරම ෆෝන් එක තිබ්බ. පයිලට්ට කියල මම අයෙත් ගත්තා. 'මම නම් මගේ වැඩේ කළා. උඹ ඉතාලියට යන්න ලෑස්ති වෙයන් කියලා මම කිව්ව."

"යානය පැය 30ක් විතර බැංකොක්වල නතර කරලා තිබුණා. ඒ අතරෙ දෙවැනි දවසෙ කමාන්ඩෝස්ලා කට්ටියක් එනව මම දැක්කා. මම දුර තියාම කට්ටියව දැකපු නිසා පයිලට්ට කියලා ඒ කට්ටියව ආපහු හැරෙව්වා. ඒ වෙද්දි පයිලට් මාත් එක්ක හිතවත් වෙලා හිටියෙ. 'ඒ කට්ටිය ආවොත් හැමෝම අනතුරේ' කියලා කිව්වම මිනිහාත් බය වුණා."

සියල්ල සේපාලගේ වාසියටම සිදු වෙද්දී, සේපාලගේ ඉල්ලීම දෙනවා හැර අන් විසඳුමක් ඉතාලි බලධාරීන්ට නොවීය.

"මට අන්නාවයි ෆ්රීවයි මම ඉල්ලපු ඩොලර් ලක්ෂ තුනයි හම්බ වුණා. අන්නාව ඉල්ලුවේ ඒ වනවිට වයස අවුරුදු 3 ක් වු ෆ්‍රී ට මව අවශ්‍ය නිසයි. මා සල්ලි ඉල්ලුවෙ සැරින් සැරේ ඉතාලියටයි ලංකාවටයි එන්න යන්න මට වියදම් වුණු නිසා. මේ තානාපති නිළධාරියාගේ ක්‍රියාව නිසා 4 වරක් ඉතාලියට ගියා මෙම කටයුත්තට. ඉතාලිය වගෙ රටකින් පොඩි ගානක් ඉල්ලන්න බැරි නිසා මම ටිකක් ලොකු ගානක් ඉල්ලුවා. මුලින් අන්නා අකමැති වී තිබුණා ෆ්‍රී සමඟ එන්න.පසුව ඉතාලි රජය ඇයට බල කර තිබුණා මේ අවස්ථාවේ යා යුතු බවට. මගේ ඉල්ලීම් ලැබෙන බව දැනගත්තම මම මගීන්ව යැව්ව. අන්නයි ෆ්රීයි එද්දි යානයේ හිටියෙ මමයි, පයිලටුයි විතරයි. අන්නා ඇවිත් වචනයක් වත් කතා කළේ නෑ. අන්තිමේ මට ඕන දේ පුතා ලැබුණා."

සියල්ල දිනා සේපාල ලංකාවට එන්නේ වීරයකු සේය.ඔහුව පිළිගැනෙන්නේද මහත් හරසරිනි. දවස් දෙක-තුනකට සිලෝන් කොන්ටිනන්ටල් හෝටලයේ ඔහුට නවාතැන්ද ලැබෙන්නේය.

දවස් දෙක-තුනක් ඇතුළත 'ගුවන්යානයක් පැහැරගැනීමට' අදාළ නීතිය අතීතයට බලපානා ලෙස සම්මට කරගන්නට පාර්ලිමේන්තුව අන්තර්ජාතික සම්මුතිවලට අනුව සම්මත කරගත් අලුත් නීතිය නිසා වරදක් බවට පත් වූයේය. ඒ අනුව කොළඹ සිට මාතර යමින් සිටි සේපාල ඒකනායක ගාල්ල පොලීසියේ අත්අඩංගුවට පත්වන්නේය. මුල් නඩු විභාගයෙන් ජීවිතාන්තය තෙක් සිරදඬුවමකට යටත් වී සිටි ඔහුගේ දඬුවම ඇපෑලෙන් පසු වසර පහ දක්වා අඩු වන්නේය.

[QUOTE="magix, post: 27786125, member: 316219"] සේපාල ඒකනායක ගුවන් යානා පැහැරගැනීමේ සත්‍ය කතාව සේපාලට ජර්මනියට යන්නට අවසරය ලැබෙන්නේ මිතුරුකමක් නිසාය. ජර්මනියට යන්නට ලැබුණු අවසරයට ඔහුව 'එක පයින්ම' කැමැති කරවන්නට ඇත්තේද 'වෙනස් දෙයක්' කරන්නට ඔහුගේ සිතේ තිබුණ කැමැත්තය .අතුල ජයවික්‍රම කියලා මගෙ හොඳ මිත්‍රයෙක් තමයි මගේ ජර්මන් ගමනට ගොඩක් උදව් කළේ. අද කාලෙ වගේ නෙමෙයි ඒ කාලෙ රට යන්න එච්චර අමාරු නැහැ. වීසා එහෙම ඕන වුණෙත් නැහැ. ජර්මණියට ගිහින් රැකියා කිහිපයක්ම කලා.එයට හේතුව ටික කලක් රැකියාව කර වෙනත් රටක සංචාරයකට ගොස් එනවිට එම රැකියාව අහමිවී නැවත රැකියාවක් කරන්න වීමයි. මගේ විනෝදාංශය සංචාරයයි.1982 වනවිට මහද්වීප සියල්ලේම රටවල් 67 කට පමණ ගොස් තිබුණා. රස්සාවල් කීපයක්ම කළා. අවුරුදු තුනක් විතර එක එක දේවල් කරල සල්ලි ටිකක් හොයාගෙන සංචාර කරනවා. ඉතාලිය ට යන ඔහුගේ ජීවිතය වෙනස් කළේ ඔහුටවත් සිතාගත නොහැකි තරම් ඉක්මනිනි. "මාව හැමෝම දැනගන්න හේතු වුණු මගේ පළමු බිරිඳ මට මුණගැහෙන්නේ ඉතාලියෙදි." සේපාල වටා ගෙතී ඇති අප දන්නා කතාවේ තරමින් නම් සිතෙන්නේ මේ ආදර කතාව 'අපූරු ආදරයක්' වන්නට ඇති බවයි. ඔහු කියනා ලෙසට සිතනා තරම් අපූරුවක් ඒ ආදර කතාවේ නැත. "මට අන්නා ඇල්ද්‍රොවන්දි ඒ කියන්නෙ මගෙ ඉතාලි බිරිද මුලින්ම හම්බ වුණේ කොහේදිද කවදද කියලා නම් මට හරියට මතකයක් නැහැ. ගොඩක් විට අපි මුණගැහෙන්න ඇත්තේ යාළුවෙකුගෙ ගෙදරකදි. කොහොම මුණගැහුණත් අපි ටික කාලයක් ළඟින් ආශ්‍රය කළා. ඊට පස්සෙ විවාහ වුණා. ඉතාලියේ සංස්කෘතියෙ හැටියට විවාහයකට වැඩිහිටියො බලපෑම් කරන්නෙ නැති තරම්. ඒ නිසා මම ඉතාලි කෙනෙක් නොවුණු එක ගැටලුවක් වුණේ නැහැ. විවාහ වෙලා ටික කාලයක් යද්දි අපිට 'ෆ්‍රී' පුතා හම්බ වුණා. ෆ්‍රී තමයි මගෙයි අන්නාගෙයි අතර ලොකු බැඳීමක් ඇති කළේ. මොකද: විවාහ වෙලා ටික කාලයක් යද්දි අන්නගෙයි මගේ අතරෙ මුලින් තිබුණු ආකර්ෂණය, ආදරය ටික ටික අඩු වෙමිනුයි තිබුණෙ. අන්නා වෙනම උයාගෙන කාලා වෙනම කාමරයක ජීවත් වෙද්දී මම වෙනම උයන් කාලා වෙනත් කාමරයක ජීවත් වුනේ ,ෆ්රීට මවත් පියත් ඒ ළදරු වියේදි අවශ්‍ය නිසයි. සේපාලගේ සිතේ ආදරය ඇති කොට ඇත්තේ අන්නා නොව ෆ්‍රී ය. ඔහු බැඳී සිට ඇත්තේ ෆ්රීටය. පුතු කෙරෙහි බැඳුණු සේපාලගේ සිතේ හිතුවක්කාර ගතිය මතු වන්නේ ඉතාලි පුරවැසිකම අත්විඳින්නට ඔහුට වැටුණු තහංචියයි. "අන්නාව විවාහ කරගත්තට පස්සෙ මට ඉතාලි පුරවැසිකම ලැබුණා. පුරවැසිකම ලැබුණු බව කියන්න මට කාඩ්-එකක් හම්බ වුණා. ඒ කාඩ්-එක අවුරුදු පහක් යන කල් අවුරුද්දෙන් අවුරුද්ද අලුත් කළ යුතුව තිබුණා. ඒ නිසා මම ඒ වැඩේ අවුරුදු හතරක්ම නොකඩවා කළා. අන්තිම අවුරුද්දේ ගියාම මට ඉතාලි තානාපති කාර්යාලෙ අය කිව්වා මම පරණ කාඩ්-එක දුන්නෙ නැහැ කියලා. ඒ වුණාට මට හොඳටම මතක තිබුණා මම පරණ කාඩ්-එක භාර දුන්නා කියලා. ඒත් ඒ අය කිව්වෙ 'අපි ළඟ කාඩ්-එක නෑ, ලංකාවට ගිහින් එහෙන් ඒක ගන්න' කියලා. මම කොළඹට ඇවිත් මෙහේ තානාපති කාර්යාලයට ගියා. ඒ අය මට කිව්වා කාඩ්-එක භාර දුන්න තැනින්ම ගන්න කියලා. ආයෙත් මම ඉතාලියට ආවා. ඒත් මට කාඩ්-එක හම්බ වුණේ නැහැ. මාස දෙක-තුනක මම උත්සාහ කළා කාඩ්-එක ගන්න. ඒත් හරිගියේ නැහැ. ඉතාලියෙන් දිගටම කිව්වෙ කොළඹ ගිහින් ගන්න කියලා. බැරිම තැන මම ආපහු ලංකාවට ආවා. ඒ ෆ්‍රී අරගෙන." ඔහේ ගෙවීගිය සේපාලගේ ජීවිතය නොසිතූ ගැටලුවකට සිර වී ගියේය. ඔහු ඒ වෙනුවෙන් එතරම් වෙහෙස වූයේ ඉතාලියේ ජීවත් වන්නට ඒ අවසරපත ඔහුට ඒ තරමට වැදගත් වූ නිසාය. ඔහුට ඉතාලියේ රැකියාවක් කිරීමට නම් ඒ අවසරපත තිබිය යුතුම විය. ඔහු කොළඹට පැමිණ එය ලබාගන්නට හැකි සෑම උත්සාහයක්ම දැරුවේ ඒ නිසාය. "මම දවස් ගානක් කොළඹ ඉතාලි තානාපති කාර්යාලයට බඩ ගෑව. ඒත් මගේ වැඩේ කෙරුණෙ නැහැ. එතන හිටපු තරුණ නිලධාරියෙක් මාව දිගටම බයිට්-එකට ගත්තා. ඒක තෙරුණාම මගෙ රතු කට්ට පැන්නා. මිනිහා තදින් කතා කරද්දි මමත් තදින් කතා කළා. මමත් නිකන් කට වහගෙන හියෙ නැහැ. මම වැඩේ අත්හැරියෙත් නැහැ. ඒත් දවසක් මම හිතපුම නැති දෙයක් වුණා. මේ අතරෙදි ,අන්නා ඇගේ අයියා සමඟ විත් වැලිගම හෝටලයක නතර වුනා. මම නතර වී සිටියේ මිතුරකුගේ නිවසකයි. වරින් වර ඇය ෆ්‍රීව ගෙන ගොස් හෝටලයේ තියාගෙන සිට මට හවසට ගෙනත් දී තුන්වන දින හිටිහැටියේ ෆ්‍රී රැගෙන ඇගේ අයියා සමඟ ඉතාලියට යන්නේ ෆ්‍රී ගේ ගුවන් ගමන් පතද මා ලඟ තිබියදීය. මේ සියල්ල සිදු වන්නේ ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයේ සහය මතයි. දවසක් මම කොළඹ ගිහින් එද්දි අන්නයි ෆ්රීයි දෙන්නම මම එයලාව නතර කරල ගියපු වැලිගම හෝටලෙන් අතුරුදන් වෙලා තිබුණා. මට දැනගන්න හම්බ වුණ විදියට විශේෂයෙන් ඒ දෙන්නටම කාර්-එකක් එවල ඒ දෙන්නව අරගෙන ගිහින් තිබුනා. ඒක දැනගත්ත මොහොතෙම මම කටුනායකට ආව. ඒත් ඒ වෙද්දිත් ඒ දෙන්නා ඉතාලි ගිහින් තිබුණා. මට හිතාගන්න බැරි වුණා ඒක කොහොමද වුණේ කියල. ඒ කාලෙ වෙද්දි මගේ අන්නාගෙයි අතරෙ ලොකු සම්බන්ධකමක් තිබුණෙ නැහැ. ඒ වුණාට ෆ්‍රී අන්නාට ගොඩක් ආදරය කළා. මමත් ෆ්රීට ගොඩක් ආදරය කළා. ඒ නිසා අන්නාව නොසලකා ඉන්න මට පුළුවන්කමක් තිබුණෙ නැහැ... "මේ වෙච්ච දේ නිසා මම ටිකක් හිතෙන් වැටුණා. මම ආයෙත් ඉතාලි තානාපති කාර්යාලයට ගිහින් මගේ අවසර පත්‍රය ආපහු ඉල්ලුව. ඒත් දුන්නෙ නැහැ. 'උඹට පුළුවන් නම් ගනින්' කියලා අර නිලධාරියා මට කිව්වා. මට ඉවසුම් නැතුව ගියා. 'සති දෙකකින් මම ඒක ගන්නවා. උඹ බලාගෙන හිටපන්' කියලා චැලේන්ජ්-එක භාරගෙන මමත් ආවා." “මේ වෙද්දී ඉතාලි තානාපති කාර්යාලයේ අනුදැණුම මත යමක් සිදු වෙන බව මට වැටහී තිබුණා.” අහියෝගය භාරගත්තද එය කරන්නේ කෙසේදැයි ඒ මොහොතේ සේපාල දැන සිටියේ නැත. ඔහුට වුවමනා වූයේ පුරවැසි අවසරපත ලබාගන්නටම නොවේ. ඔහු අසීමිතව ආදරය කළ ෆ්‍රී ඔහුගෙන් ඈත් කර රැගෙන යෑමේ කනගාටුව අකාමකාගන්නටය... නැවත ෆ්‍රී දැක ගන්නටය... ෆ්‍රී තුරුලට ගෙන තාත්තාගේ ආදරය දෙන්නටය. "මම තානාපති කාර්යාලේ ගේට්ටුවෙන් එළියට එනකොට තමයි මගෙ හිතට අදහසක් ආවෙ ප්ලේන්-එකක් හයිජැක් කරන්න. මම ප්ලේන් හයිජැක් කරන චිත්‍රපට බලලා තිබුණා. හැබැයි මම ඒවා බැලුවෙ කවදාහරි එහෙම කරනවා කියන සිතිවිල්ලෙන් නෙමෙයි. ඒ වෙලාවෙ මම හිටපු තත්ත්වෙ හැටියට මගෙ ඔළුවට ආවෙ ඒ අදහස විතරයි." ඒ මොහොතේ ඔහුඒ සිත ඔහුට කියන්නට ඇත්තේ එකම විසඳුම එයම බවයි. සිතිවිල්ල ක්‍රියාවට නඟන්නට ඔහු සූදානම් වූයේය. ඔහුගේ ඉලක්කය වී තිබුණේ ඉන්දියාවේ නව දිල්ලි සිට ජපානය බලා ගිය අලිතාලියා ගුවන් සේවයට අයත් බෝයිං 747 වර්ගයේ ගුවන් යානයයි. "එදා දවස හරියටම කිව්වොත් 1982 ජුනි 30. මම දිල්ලි එයාපෝට් එකෙන් ජපානෙට යන අලිතාලියා ප්ලේන්-එකකට නැග්ග. ඒක බැංකොක් හරහා තමයි ජපානෙට යන්න තිබුණෙ. මේ වැඩේට මම බණ්ඩාර කියලා යාළුවෙක් එක්කරගෙන ගියා. එයා මේ කිසි දෙයක් දැනගෙන හිටියෙ නැහැ. නිකම්ම යාළුකමට ආවෙ. ඉන්දියාවට ආවට පස්සෙ මට හිතුණ මම තනියම යනවා කියල. ඒ නිසා මම බණ්ඩාරට කිව්වා ආපහු යන්න කියලා. ඒත් එයා ඇවිත් තිබුණෙ නැහැ... "ප්ලේන්-එක තට්ටු දෙකේ ජම්බෝ ජෙට්-එකක්. මගීන් 300ක් විතර හිටියා. සාමාන්‍යයෙන් ප්ලේන්-එකක් හයිජැක් කරන්නෙ ආයුධ පෙන්නලා, වෙඩි තියලා, පයිලට්ලට හිරිහැර කරලනෙ. මම හිතුව ඒ වගේ දේවල් නොකර අලුත් විදියකට මගෙ වැඩේ කරන්න. මම පයිලට්ට ලියුමක් ලිව්වා. ඒකෙ මට මුහුණ දෙන්න වුණු දේවල්, මගේ ඉල්ලීම් ඔක්කොම ලිව්වා. මම ඒ ලියුම ලියද්දිත් යානය තිබුණෙ අඩි 35000ක් විතර උඩ. මම ලියුම යැව්වේ ගුවන් සේවිකාවක් අතේ. මුලින් ගුවන් සේවිකාව ලියුම ගෙනියන්න අකැමැති වුණා. පස්සෙ මම තදින් කිව්වාම කැමැති වුණා. ලියුම අරගෙන ගිහින් මිනිත්තු 10කට විතර පස්සෙ මම පයිලට්ට කෝල්-එකක් අරගෙන ඇහුවා ලියුම කියෙව්වද කියල. 'තාම කියවනවා' කිව්වම මම ෆෝන්-එක තිබ්බා. ඒ පයිලට්ගෙ නම ජියෝර්ගෝ මෙරෝසා. මිනිහා එක පාරටම යටත් වෙන්න කැමැති වුණේ නැහැ. පසුව ඔහුට තේරුම් ගියා මෙය තම දරුවා ලබා ගන්න මිස ත්‍රස්ථවාදි ක්‍රියාවක් නොවන බව.එහෙත් මගීන් ගේ වගකීම ඔහු අත බැවින් පයිලට් ඉතා බුද්ධිමත්ව ක්‍රියා කලා. සේපාලගේ ඉල්ලීමට අනුව යානය බැංකොක්වලට ගොඩ බස්වනු ලැබීය. නියමුවා සමඟ පෙර ඇති කරගෙන තිබුණු එකඟත්වයට අනුව සේපාල අසල සිටි මගීන් සියලුදෙනාද ඉවත් කරවූයේය. හදිසි ගොඩබැස්වීමට හේතුව ලෙස ගුවන් නියමුවා විසින් මගීන් වෙත දැනුම්දෙනු ලැබ තිබුණේ යානයේ කාර්මික දෝෂයක් ඇති බවයි. යානය සිය පාලනයට ගත් සේපාලගේ මුල්ම කටයුත්ත වී ඇත්තේ ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයට ඇමතුමක් දී තමාව අපහසුතාවට පත් කළ නිලධාරියාට කතා කිරීමයි. "මම කෝල්-එකක් අරන් මිනිහට කිව්වා 'ඔන්න මම කියපු දේ කළා'. කියලා මිනිහා එක පාරම ෆෝන් එක තිබ්බ. පයිලට්ට කියල මම අයෙත් ගත්තා. 'මම නම් මගේ වැඩේ කළා. උඹ ඉතාලියට යන්න ලෑස්ති වෙයන් කියලා මම කිව්ව." "යානය පැය 30ක් විතර බැංකොක්වල නතර කරලා තිබුණා. ඒ අතරෙ දෙවැනි දවසෙ කමාන්ඩෝස්ලා කට්ටියක් එනව මම දැක්කා. මම දුර තියාම කට්ටියව දැකපු නිසා පයිලට්ට කියලා ඒ කට්ටියව ආපහු හැරෙව්වා. ඒ වෙද්දි පයිලට් මාත් එක්ක හිතවත් වෙලා හිටියෙ. 'ඒ කට්ටිය ආවොත් හැමෝම අනතුරේ' කියලා කිව්වම මිනිහාත් බය වුණා." සියල්ල සේපාලගේ වාසියටම සිදු වෙද්දී, සේපාලගේ ඉල්ලීම දෙනවා හැර අන් විසඳුමක් ඉතාලි බලධාරීන්ට නොවීය. "මට අන්නාවයි ෆ්රීවයි මම ඉල්ලපු ඩොලර් ලක්ෂ තුනයි හම්බ වුණා. අන්නාව ඉල්ලුවේ ඒ වනවිට වයස අවුරුදු 3 ක් වු ෆ්‍රී ට මව අවශ්‍ය නිසයි. මා සල්ලි ඉල්ලුවෙ සැරින් සැරේ ඉතාලියටයි ලංකාවටයි එන්න යන්න මට වියදම් වුණු නිසා. මේ තානාපති නිළධාරියාගේ ක්‍රියාව නිසා 4 වරක් ඉතාලියට ගියා මෙම කටයුත්තට. ඉතාලිය වගෙ රටකින් පොඩි ගානක් ඉල්ලන්න බැරි නිසා මම ටිකක් ලොකු ගානක් ඉල්ලුවා. මුලින් අන්නා අකමැති වී තිබුණා ෆ්‍රී සමඟ එන්න.පසුව ඉතාලි රජය ඇයට බල කර තිබුණා මේ අවස්ථාවේ යා යුතු බවට. මගේ ඉල්ලීම් ලැබෙන බව දැනගත්තම මම මගීන්ව යැව්ව. අන්නයි ෆ්රීයි එද්දි යානයේ හිටියෙ මමයි, පයිලටුයි විතරයි. අන්නා ඇවිත් වචනයක් වත් කතා කළේ නෑ. අන්තිමේ මට ඕන දේ පුතා ලැබුණා." සියල්ල දිනා සේපාල ලංකාවට එන්නේ වීරයකු සේය.ඔහුව පිළිගැනෙන්නේද මහත් හරසරිනි. දවස් දෙක-තුනකට සිලෝන් කොන්ටිනන්ටල් හෝටලයේ ඔහුට නවාතැන්ද ලැබෙන්නේය. දවස් දෙක-තුනක් ඇතුළත 'ගුවන්යානයක් පැහැරගැනීමට' අදාළ නීතිය අතීතයට බලපානා ලෙස සම්මට කරගන්නට පාර්ලිමේන්තුව අන්තර්ජාතික සම්මුතිවලට අනුව සම්මත කරගත් අලුත් නීතිය නිසා වරදක් බවට පත් වූයේය. ඒ අනුව කොළඹ සිට මාතර යමින් සිටි සේපාල ඒකනායක ගාල්ල පොලීසියේ අත්අඩංගුවට පත්වන්නේය. මුල් නඩු විභාගයෙන් ජීවිතාන්තය තෙක් සිරදඬුවමකට යටත් වී සිටි ඔහුගේ දඬුවම ඇපෑලෙන් පසු වසර පහ දක්වා අඩු වන්නේය. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom