Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Today at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සොදුරු සත්පුරුශ ඔවදන්..........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුද්ගලයාගේ සංවරකම වගේ පෙනෙන ශාන්තකමක් ලෝකෙ තියෙනව. දැන් බලන්න, මිනිස්සු පොලීසියකට ගියාම හා පැටවු වගේ නේද එතන ඉන්නෙ? ඉතාම කලාතුරකින් කෙනෙක් තමයි එතන චන්ඩි කම් කරන්නෙ. නමුත් පොලිසිය නැතිකොට, ඉන් පිටදි? ඒ ස්වභාවය පවත්වනවද? නෑ. ඒ ස්වභාවය පවත්වන්නේ නෑ. එහෙනම් ඇයි පොලිසියෙදී එහෙම වෙන්නෙ? ඒ එහෙම වෙන්නේ නීතියකට බයේ යි. ඇයි නීතියට බය? නීතිය කැඩුවොත් දඬුවම් විඳින්ට සිද්ධ වෙනව කියල, ඒ දඬුවමට බයේ නීතිය නොකඩා සිටීම තමයි එතෙන සංවර කම වගේ පෙනුනෙ.

ඒ විදිහට නීතියකට බයේ සංවර වෙන කෙනාගෙ අභ්‍යන්තරයෙ කුසල් ඉපදෙනවද? නෑ. කුසල් ඉපදෙන්නෙ නෑ. එයා යම් ක්‍රියාවක් බලෙන් පාළනය කරගෙන ඉන්නෙ. එයා ස්වකැමත්තෙන් නෙවෙයි ඒ ක්‍රියාව පාළනය කරන්නෙ. අකමැත්තෙන්. එතකොට එයා තුළ කුසල් නෙවෙයි ඉපදෙන්නෙ. අමනාපය, අහිතවත් කම, තරහ තමයි උපදින්නෙ. එතකොට ඒ වගේ අකමැත්තෙන් අමනාපයෙන් අදහස් හිර කරගෙන යම් විදිහක පාළනයක් වගේ දෙයක් ප්‍රකට කරගෙන ඉන්න කෙනා, ඒ නීතියෙන් බැහැර වුණ ගමන්, නීතියෙන් ඈතට ගිය ගමන් තමා ලඟ තිබුණ ඒ අකුසලය, එහෙම නැත්නම් අසංවර බව දෙගුණ තෙගුණ කරල ප්‍රකට කරනව. පාලනයක් තුළ ඉන්න කොට එයා තුළ ඇති වුණ අමනාපය, අකමැත්ත මුල් කරගෙන, පාළනය බැහැර වුණ ගමන් දෙගුණ, තෙගුණ කරල එයාගේ අසංවර භාවය ප්‍රකට කරනව.

මම මේ කිව්වේ සියළු දෙනා ගැනම නෙවෙයි. ඇතැම් අය තුළ තිබෙන ස්වභාවයක්. අපි මේ ස්වභාවය තේරුම් ගන්ට ඕනැ. අපිත් අන්න ඒ ස්වභාවයට ගොදුරු වුණොත් මොකද වෙන්නෙ? අපි ඒ ස්වභාවයට ගොදුරු වුණොත් තමන්ට හිත පිණිසත්, අනුන්ට හිත පිණිසත් පවතින අය බවට අපි පත්වෙයිද? නෑ. පත්වෙන්නෙ නෑ. එහෙනම් අපි තමාටත් අනුන්ටත් යහපත උපදවන අය බවට පත්වීම පිණිස කුමක්ද කළ යුත්තේ? “මම මගේ කාය ක්‍රියා සංවර කරගන්ට ඕනෑ. මම මගේ වචී ක්‍රියා සංවර කරගන්ට ඕනැ. මගේ මනෝ ක්‍රියා සංවර කරගන්ට ඕනෑ. එයයි මට යහපත, එයයි අනුන්ට යහපත, එයයි සියලූ දෙනාට යහපත” කියල කල්පනා කරල, ඒ ගැන වැටහීමක් උපදවගෙන, ඒ වැටහීම මුල් කරගෙන සැබෑ සංවර කමක් උපදව ගන්ට අපි වෑයම් කරන්ට ඕනෑ. යහපත අයහපත කල්පනා කරල, නුවණ පාවිච්චි කරල ස්වකැමැත්ත මත තමා තුළ සංවර කමක් ඇති කරගන්ට ඕනැ.

එහෙනම් බලන්න නීතියක් පනවල නීති මගින් පාළනය කරල යම් කෙනෙක් තුළ කුසල් උපදවන්ට බෑ. මොකක්ද එතකොට ඉපදෙන්නෙ? එතකොට ඉපදෙන්නෙ අකුසල්. ඒකෙන් අදහස් වෙනවද යම් වැඩපිළිවෙලක් පෙන්වා දීම අකුසල් උපදවනක දෙයක් කියල? නෑ. වැඩපිළිවෙලක් නැතුව මනුශ්‍යයෙක් සංවර වෙලා යන්නෙ නෑ. නිවැරදි වෙන්ට, පිරිසිදු වෙන්ට කැමති කෙනෙකුට ක්රමානුකූල වැඩපිළිවෙලක් හඳුන්වා දීම, නීතියක් පැනවීම නෙවෙයි. ඒක හරියට ඉතාම වෙහෙස මහන්සිවෙලා ඉන්න කෙනෙකුට සයනය කරන්ට සුවපහසු යහනක් දෙන්ව වගේ. පුංචි ළමයෙකුට තොටිල්ලක් හදල දෙනව වගේ. කායික මහන්සිය හිතේ මහන්සිය තියෙන කෙනාට හාන්සිවෙලා ඉන්ට සුවපහසු ආසනයක් දෙනව වගේ. ඒකෙන් එයාට සුවයක් මිසක පීඩාවක් එන්නෙ නෑ. අන්න ඒ වගේ තමයි මේ සසර ගමනේ පීඩාවට පත්වෙච්ච කෙනාට මේ ජීවිතේ දුක් කම්කටොලූ වලින් වෙහෙසිලා දුකට පත්වෙලා පීඩාවට පත්වෙලා ඉන්න කෙනාට ඒකෙන් නිදහස්වීම පිණිස, සුවපත් භාවය ඇති කර ගැනීම පිණිස වැඩපිළිවෙලක් හඳුන්වා දෙනව. මෙන්න මේ වැඩපිළිවෙල කරන්ට, එතකොට ඔබ සුවපත් වෙයි කියල කරුණා මෛත්‍රියෙන් යුක්තව සත්පුරුෂයින් විසින් වැඩපිළිවෙලක් පෙන්වා දෙනව. එතකොට ඒක එයාට නීතියක් පැනෙව්වද? නෑ. එහෙනම් නීතියයි, සංවර වීම පිණිස පෙන්වා දෙන වැඩපිළිවෙලයි කියන දෙක අහසයි පොළවයි වගේ හාත්පසින් වෙනස් කරුණු දෙකක් බව මතක තියා ගන්න.

නමුත් සාමාන්‍යය ලෝකයේ පාළනය වෙන්නේම නීති මඟින්. දැන් බලන්න රියදුරු මහතුන්ට කියනව වාහන පාරෙ වම් පැත්තෙන් පදවන්න කියල. ඒ අය පාරෙ වමෙන් රිය පදවනව. ඒක නීතියක්ද ස්වයංව ඇති වූ සංවර කමක්ද? ඒක නීතියක්. ඒ නීතිය පෙන්වා දීලත් පස්සෙ මොකද කරන්නෙ? පාරෙ ඉරිත් ගහනව, ඊට පස්සෙ මොකද කරන්නෙ? මුරත් දානව, අවවාදත් කරනව. සැරටත් කියනව, දඩ ගහනව ඊට පස්සෙ බලපත්‍ර අවලංගු කරනව. කොච්චර දේ කරනවද? ඒත් වැඬේ හරියනවද? නෑ. දැක්කද නීතියක් මගින් සංවර කරන්ට උත්සාහ කළොත් ඒක ඉතාම තාවකාලිකයි. එමගින් මනුෂ්‍යයා ඇත්තෙන්ම සංවර වෙලා නෑ.

ඒ නිසා තමයි සැබෑ සංවර කමක් උපදවා ගැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය උපාකර කරගත යුත්තේ. භාග්‍යවතුන් වහන්සේ නීති පනවල නෑ. භාග්‍යවතුන් වහන්සේ කුමක්ද කරල තියෙන්නෙ? මේ ලෝකේ පරම සත්‍යය ඉස්මතු කරල, විවෘත කරල, පැහැදිලි කර කර පෙන්නල තියෙනව. එතකොට අපි අන්න ඒ සත්‍යය තේරුම් ගත්තොත්, භාග්‍යවතුන් වහන්සේ ඉස්මතු කළ, විවර කළ, ඒ විස්තර කර කර අපිට කියා දුන් සත්‍යය අපි තේරුම් ගත්තොත්. ඒ සත්‍යයට පැමිනුනොත්, එතන උපදිනව සංවර කම ඇති කර ගැනීම පිණිස ස්වයං කැමැත්ත. ඒ සත්‍යයට බැහැරින් තිබෙන කුමන දෙයක් තේරුම් ගත්තත් එමඟින් පුද්ගලයා තුළ සංවර වීම පිණිස ස්වයං වූ කැමැත්තක් උපදින්නෙ නෑ.

ඒ නිසා තම තමාගේ ජීවිත සංවර කර ගැනීම පිණිස ස්වයං වූ කැමැත්ත තම තමාම උපදව ගන්න. ඒ සඳහා තමන්ගෙ ජීවිතයේ ස්වභාවය භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙන විදිහට කල්පනා කරන්න. භාග්‍යවතුන් වහන්සේ අපේ ජීවිතයේ යථා ස්වභාවය ගැන අපිට කියා දීල තිබෙනව. මේ ලෝකය මෙබඳු දෙයක් කියල අපිට භාග්‍යවතුන් වහන්සේ පෙන්වල දීල තිබෙනව. කියා දීල තිබෙනව. ඒ කියල දුන් දේ තමයි අපි ධර්මය විදිහට ඉගෙන ගන්නෙ. ඒ ධර්මය අපි ඉගෙන ගත්තේ අපේ ජීවිතය සංවර කරගැනීම පිණිස පුරුදු කරන්ටයි. ඒ ධර්මය කෙරෙහි පැහැදීම ඇති කරගන්ට ඔබව උනන්දු කළේ, මේ ධර්මය තුලින් ඔබේ ජීවිතය සංවර කර ගැනීමටයි.

මේ ධර්මය කෙරෙහි යමෙක් පැහැදුනොත් එයා තුළ සංවර බව ඇති කරගන්ට ස්වයං වූ කැමැත්ත උපදිනවා. එතකොට එයාව පාලනය කරන්ට වැට කඩුලූ බදින්ට වුවමනා නෑ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයින්ව පාලනය කරන්ට වැට කඩුලූ ඕනැ උනාද? නෑ. මුර ගෙවල් දාන්ට ඕනැ උනාද? නෑ. නමුත් බලන්න දැන් මේ පිංවතුන් සේවය කරන ආයතනවල තාප්ප බඳින්ට වෙලා තියෙනව, මුර කුටි දාන්ට වෙලා තියෙනව. තාප්පෙන් පිට මුර දාන්ට වෙලා තියෙනව. ආතනය ඇතුලේ නොයෙක් විදිහේ පාලන ක්රමයන් දාන්ට වෙලා තියෙනව. නමුත් භාග්‍යවතුන් වහනසේගේ ශ්රාවකයින්ට එහෙම වුවමනාවක් තියෙනවද? උවමනා වෙන්නෙ නෑ. ඇයි ඒ? ඒ අය පරම සත්‍යය හඳුනගෙන ඒ පරම සත්‍යය කෙරෙහි පැහැදීම ඇති කරගෙන ඒ සත්‍යය අවබෝධය පිණිස වෑයම් කරනව. සත්‍යය අවබෝධය පිණිස වෑයම් කරන අය ස්වයං වූ කැමැත්තක් තුළ සංවරයි. ස්වයං වු කැමැත්තක් තුළ උපදව ගත්ත සංවර බවක් එයා තුළ තියෙනව.

තමන් තුළම උපදවගත්ත සංවර බවක් තියෙන කෙනාව පාළනය කරන්ට බාහිරින් මුර දාන්ට ඕනැ නෑ. වැට කඩුලූ ගහන්ට ඕනැ වෙන්නෙ නෑ. එයාගේ යම් ආකාරයක පාලනය නොවූ ස්වභාවයක් තිබ්බොත් එහෙම ඒක සිහි කර දෙන්ට විතරයි තියෙන්නෙ. “ඔය හැසිරීම දොස් සහිතයි. භාග්‍යවතුන් වහන්සේ නොපැනවූ දෙයක්. ඕක කරන්ට එපා. මේකයි හරි” කියල පෙන්වා දීම, සිහිය උපදවා දීම විතරයි කරන්ට ඕනැ. එයා සැනෙකින් සංවර වෙනව. ඒක තීරණය වෙන්නේ ශ්‍රද්ධාව මත. එතකොට ඒ ආකාරයේ සංවර කමක් නීතියකින් බලාපොරොත්තු වෙන්ට බෑ.

ඊලඟට හොඳට මතක තියාගන්න භාග්‍යවතුන් වහනසේ පේනවා දී තිබෙන වැඩපිළිවෙල නීතියක් නෙවෙයි. පාරෙ යනකොට ”දකුනු පැත්තෙන් යන්ට”. වාහන පදවන අය ”වම් පැත්තෙන් පදවන්න” කියන දේට කිසිසේත් සමාන නෑ. එහෙනම් භාග්‍යවතුන් වහනසේගේ ශ්රාවකයින්ට යම් වැඩපිළිවෙලක් පෙන්වා දීල තියෙනව නම් ඒක හරියට අර වෙහෙස මහන්සිවෙලා ඉතාම දුක් පීඩා විඳිමින් ඉන්න කෙනෙකුට හාන්සිවෙලා ඉන්ට සුවපහසු යහනක් දෙන්න වගේ. කුසගින්නෙ ඉන්න කෙනෙකුට මිහිරි ආහාරයක් දෙන්න වගේ. පිපාසෙන් ඉන්න කෙනෙකුට සිසිල් පැන් ටිකක් දෙන්න වගේ. අපිට වැඩපිළිවෙලක් පෙන්වා දීම ඒ වගේ උපකාරයක් මිසක අපිව පෙළන දෙයක් නෙවෙයි.

භාග්‍යවතුන් වහන්සේ අපේ යහපත පිණිස පේනවා දුන් වැඩපිළිවෙල තුළ යමෙක් පෙලෙනව නම් පීඩාවට පත්වෙනව නම් එයා ඒ වැඩපිළිවෙල කොහොමද බාරගෙන තියෙන්නෙ? එයා ඒක නීතියක් විදිහට බාරගෙන. නීතිය වුනත් නීතියක් විදිහට නැතුව ස්වයං සංවරය පිණිස භාවිත කරන්ට පුළුවන්ද බැරිද? පුළුවන්. ඒ කොහොමද? නගරයේදී අපිට කියනව පදික වේදිකාවෙන් යන්ට කියල. එතකොට පදිකයින් විසින් මෙහි යහපත අයහපත හොඳින් තේරුම් ගෙන පොලිසිය ඉන්න කොටත් පදික වේදිකාවෙන් යනව නම්, පොලිසිය නැතත් මිනිස්සු පදික වේදිකාවෙන් යනව නම් නීතිය කඩ වෙනවද? නීතිය කඩ වෙන්නෙ නෑ. යම් තැනක නීතිය මොන විදිහෙන් වත් කඩවෙන්නෙ නැත්නම් නීති ඕනැද? නීති ඕනැ වෙන්නෙ නෑ. එහෙනම් මොන විදිහකින්වත් නීති කඩ නොවෙනවා නම් මොකක්ද එතන තියෙන පාලන ක්‍රමය? එතන තියෙන්නේ ස්වයං පාළනය. ස්වයං වූ පාලනයක් නැත්නම් තමයි නීති ඕනැ වෙන්නෙ.

එහෙනම් බලන්න යම් කෙනෙකුට තමාගේ පාළනය තමාම ඇති කරගත යුතුයි කියල අදහසක් ඇති වුනා නම් එතන ස්වයං පාලනයක් තියෙනව. එතකොට නීතියක් උනත් අපි බරක් කරගන්නෙ නෑ. ස්වයං පාලනයක් තමා තුළ උපදව ගත් කෙනාට නීතිය උනත් පීඩාවක් බවට පත්වෙන්නෙ නෑ. නීතිය උනත් පීඩාවක් බවට පත්වෙන්නෙ නැත්නම් එයාගෙ දියුණුව පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් හඳුන්වා දුන් වැඩපිළිවෙල එයාට පීඩාවක්ද? නෑ. එයාට ඒක මිහිරක්මයි. එයා මහත් වූ සතුටින් සාදු කාර දෙමින් ඒ වැඩපිළිවෙල අනුගමනය කරයිද නැද්ද? අනුගමනය කරනව.

දැන් ඔබට තේරෙනවද මේ සාසනය කොයි තරම් මිහිරි ජීවිතයකට උපකාර වෙන වැඩ පිළිවෙලක් සහිත තැනක්ද කියල. මේක මුළුමනින්ම ක්ෂෙම භූමියක් මිසක කාන්තාරයක් නොවන බව තේරෙනවද? මේක කාන්තාරයක් මැද තියෙන ක්ෂෙම භූමියක්. සාමාන්‍යය ලෝකය ගිනි ගත්ත කාන්තාරයක් වගේ. මිනිස්සු ඉන්නෙ පීඩාවෙන්, විඩාවෙන්. පිපාසයට පැන් හොයන අහිංසක සතුන් වගේ. එච්චර වෙහෙස කරයි සාමාන්‍යය ලෝකේ ජීවිතය. ඒ ජීවිතයෙන් ඈත් වෙලා සුවපහසුවෙන් වාසය කළ හැකි කාන්තාරයක් මැද තිබෙන ශේම භූමියක් වගේ තැනක් තමයි බුද්ධ ශාසනය. එහෙනම් ඒ ශාසනයේ ශාසන ප්‍රතිපදාව පරිපූර්ණ කරගැනීම පිණිස පෙන්වා දී තිබෙන යම් වැඩපිළිවෙලක් තියෙනව නම් ඒ වැඩපිළිවෙල අපේ යහපතටයි අපේ දියුණුව පිණිසයි කියල යමෙක් කල්පනා කළොත් ඒ සෑම කෙනෙක්ම සාදු කාර දෙමින් ඒ වැඩපිළවෙල අනුමෝදන් වෙනව. සාදු කාර දෙමින් ඒ වැඩපිළිවෙල අනුගමනය කරනව. සාදු කාර දෙමින් ඒ වැඩපිළිවෙල තුළ අන් අයවත් සමාදන් කරවනව. සාදු කාර දෙමින් ඒ වැඩපිළිවෙල අනුගමණය කරලත් සතුටුවෙනව. එයාට මොන වෙලාවකදිවත් අසතුටක් උපදින්ට හේතුවක් නෑ. ඇයි ඒ? හැම තිස්සේම සංවර වීම පිණිස උපාකාරවන වැඩපිළිවෙලක් තුළ එයා ඉන්නව. ඒ වැඩපිළිවෙල තුළ සියළු පවෙන් වැළකීමට කියල දෙනව. ඒ වගේම කුසල් උපදවා ගැනීම ගැනත්, සිත දමනය කර ගැනීම ගැනත් කියල දෙනව. මේ කටයුතු ස්වයං වූ කැමැත්තට අනුවයි සිදු වන්නේ. බලහත්කාරයෙන් නීතියක් මඟින්, පාළනයක් මඟින් නොවෙයි කරන්නේ. මෙලෙස සංවර වූ කෙනා තුළ සුවපහසුව ඇතිවෙනවා මයි. එබඳු දේකටයි ශාසනය කියල කියන්නෙ.

යම් කෙනෙක් මේ ශාසනය මෙලෙස හඳුන ගත්තොත්, එයා ඒ ගැන සතුටු වෙයිද නැද්ද? සතුටු වෙනව. අන්න ඒ ආකාරයෙන් ශාසනය ගැන සතුටු වෙන කෙනා ශාසනයෙන් බැහැර වෙයිද? එයා ශාසනයෙන් බැහැර වෙන්නෙ නෑ. එයා ශාසනය තුළ ස්ථිරව පිහිටලා. ශාසනය තුළ පිහිටා සිටිනව. එයා ශාසනයේ අග්‍ර වූ ප්‍රතිලාභය අත් කර ගන්නවා මයි. මේ ශාසනයේ අග්‍ර වූ ඉලක්කය කුමක්ද? පිරිනිවන් පෑම. මේ ශාසනය තුළ සත්පුරුෂයින් විසින් පෙන්වා දුන් වැඩ පිළිවෙලට සාදු කාර දෙමින් පැමිනෙන අය කාටත් ශාසනයේ අග්‍ර වූ ඉලක්කය වන පිරිනිවන් පෑම කියන මහා ප්රතාලාභය අත්කරගන්ට පුළුවන් කම තියෙනව.

අපි කාටත් සෙත් පතනව ඒ භාග්‍යවතුන් වහන්සේ තම ශ්රාවකයින් තුළ උපදවාගැනීම පිණිස පෙන්වා දුන් ඒ උතුම් යහපත උපදවගන්න, සත්පුරුෂයෙන් විසින් පෙන්වා දුන් වැඩපිලිවෙල “තමන්ගේ යහපත පිණිස ම යි. විපත පිණිස නෙවෙයි” කියල, ඒ වැඩපිළිවෙල අනුමෝදන් වෙලා, වැඩපිළිවෙලට කැමති වෙලා, ප්‍රීති සිතින් යුක්තව සාදු කාර දෙමින් ඒ වැඩපිළිවෙල අනුගමනය කිරීමට සියළු දෙනාටම කැමති සිත් පහලවේවා! කියල.

සියලූ දෙනාටම තෙරුවන් සරණයි..

නාවලපිටියේ අරියවංශ හිමි

‘මහාමේඝ සඟරාවේ’පළ වූ ලිපියක් ඇසුරෙනි.

http://dhammamedicine.net/2013/02/11/saba_sanwarakama_upadawa_ganimu/

[QUOTE="hdgpure, post: 14503583, member: 56825"] [IMG]http://dhammamedicine.net/wp-content/uploads/2013/02/1.jpg[/IMG] [B][SIZE="4"]පුද්ගලයාගේ සංවරකම වගේ පෙනෙන ශාන්තකමක් ලෝකෙ තියෙනව. දැන් බලන්න, මිනිස්සු පොලීසියකට ගියාම හා පැටවු වගේ නේද එතන ඉන්නෙ? ඉතාම කලාතුරකින් කෙනෙක් තමයි එතන චන්ඩි කම් කරන්නෙ. නමුත් පොලිසිය නැතිකොට, ඉන් පිටදි? ඒ ස්වභාවය පවත්වනවද? නෑ. ඒ ස්වභාවය පවත්වන්නේ නෑ. එහෙනම් ඇයි පොලිසියෙදී එහෙම වෙන්නෙ? ඒ එහෙම වෙන්නේ නීතියකට බයේ යි. ඇයි නීතියට බය? නීතිය කැඩුවොත් දඬුවම් විඳින්ට සිද්ධ වෙනව කියල, ඒ දඬුවමට බයේ නීතිය නොකඩා සිටීම තමයි එතෙන සංවර කම වගේ පෙනුනෙ. ඒ විදිහට නීතියකට බයේ සංවර වෙන කෙනාගෙ අභ්‍යන්තරයෙ කුසල් ඉපදෙනවද? නෑ. කුසල් ඉපදෙන්නෙ නෑ. එයා යම් ක්‍රියාවක් බලෙන් පාළනය කරගෙන ඉන්නෙ. එයා ස්වකැමත්තෙන් නෙවෙයි ඒ ක්‍රියාව පාළනය කරන්නෙ. අකමැත්තෙන්. එතකොට එයා තුළ කුසල් නෙවෙයි ඉපදෙන්නෙ. අමනාපය, අහිතවත් කම, තරහ තමයි උපදින්නෙ. එතකොට ඒ වගේ අකමැත්තෙන් අමනාපයෙන් අදහස් හිර කරගෙන යම් විදිහක පාළනයක් වගේ දෙයක් ප්‍රකට කරගෙන ඉන්න කෙනා, ඒ නීතියෙන් බැහැර වුණ ගමන්, නීතියෙන් ඈතට ගිය ගමන් තමා ලඟ තිබුණ ඒ අකුසලය, එහෙම නැත්නම් අසංවර බව දෙගුණ තෙගුණ කරල ප්‍රකට කරනව. පාලනයක් තුළ ඉන්න කොට එයා තුළ ඇති වුණ අමනාපය, අකමැත්ත මුල් කරගෙන, පාළනය බැහැර වුණ ගමන් දෙගුණ, තෙගුණ කරල එයාගේ අසංවර භාවය ප්‍රකට කරනව. මම මේ කිව්වේ සියළු දෙනා ගැනම නෙවෙයි. ඇතැම් අය තුළ තිබෙන ස්වභාවයක්. අපි මේ ස්වභාවය තේරුම් ගන්ට ඕනැ. අපිත් අන්න ඒ ස්වභාවයට ගොදුරු වුණොත් මොකද වෙන්නෙ? අපි ඒ ස්වභාවයට ගොදුරු වුණොත් තමන්ට හිත පිණිසත්, අනුන්ට හිත පිණිසත් පවතින අය බවට අපි පත්වෙයිද? නෑ. පත්වෙන්නෙ නෑ. එහෙනම් අපි තමාටත් අනුන්ටත් යහපත උපදවන අය බවට පත්වීම පිණිස කුමක්ද කළ යුත්තේ? “මම මගේ කාය ක්‍රියා සංවර කරගන්ට ඕනෑ. මම මගේ වචී ක්‍රියා සංවර කරගන්ට ඕනැ. මගේ මනෝ ක්‍රියා සංවර කරගන්ට ඕනෑ. එයයි මට යහපත, එයයි අනුන්ට යහපත, එයයි සියලූ දෙනාට යහපත” කියල කල්පනා කරල, ඒ ගැන වැටහීමක් උපදවගෙන, ඒ වැටහීම මුල් කරගෙන සැබෑ සංවර කමක් උපදව ගන්ට අපි වෑයම් කරන්ට ඕනෑ. යහපත අයහපත කල්පනා කරල, නුවණ පාවිච්චි කරල ස්වකැමැත්ත මත තමා තුළ සංවර කමක් ඇති කරගන්ට ඕනැ. එහෙනම් බලන්න නීතියක් පනවල නීති මගින් පාළනය කරල යම් කෙනෙක් තුළ කුසල් උපදවන්ට බෑ. මොකක්ද එතකොට ඉපදෙන්නෙ? එතකොට ඉපදෙන්නෙ අකුසල්. ඒකෙන් අදහස් වෙනවද යම් වැඩපිළිවෙලක් පෙන්වා දීම අකුසල් උපදවනක දෙයක් කියල? නෑ. වැඩපිළිවෙලක් නැතුව මනුශ්‍යයෙක් සංවර වෙලා යන්නෙ නෑ. නිවැරදි වෙන්ට, පිරිසිදු වෙන්ට කැමති කෙනෙකුට ක්රමානුකූල වැඩපිළිවෙලක් හඳුන්වා දීම, නීතියක් පැනවීම නෙවෙයි. ඒක හරියට ඉතාම වෙහෙස මහන්සිවෙලා ඉන්න කෙනෙකුට සයනය කරන්ට සුවපහසු යහනක් දෙන්ව වගේ. පුංචි ළමයෙකුට තොටිල්ලක් හදල දෙනව වගේ. කායික මහන්සිය හිතේ මහන්සිය තියෙන කෙනාට හාන්සිවෙලා ඉන්ට සුවපහසු ආසනයක් දෙනව වගේ. ඒකෙන් එයාට සුවයක් මිසක පීඩාවක් එන්නෙ නෑ. අන්න ඒ වගේ තමයි මේ සසර ගමනේ පීඩාවට පත්වෙච්ච කෙනාට මේ ජීවිතේ දුක් කම්කටොලූ වලින් වෙහෙසිලා දුකට පත්වෙලා පීඩාවට පත්වෙලා ඉන්න කෙනාට ඒකෙන් නිදහස්වීම පිණිස, සුවපත් භාවය ඇති කර ගැනීම පිණිස වැඩපිළිවෙලක් හඳුන්වා දෙනව. මෙන්න මේ වැඩපිළිවෙල කරන්ට, එතකොට ඔබ සුවපත් වෙයි කියල කරුණා මෛත්‍රියෙන් යුක්තව සත්පුරුෂයින් විසින් වැඩපිළිවෙලක් පෙන්වා දෙනව. එතකොට ඒක එයාට නීතියක් පැනෙව්වද? නෑ. එහෙනම් නීතියයි, සංවර වීම පිණිස පෙන්වා දෙන වැඩපිළිවෙලයි කියන දෙක අහසයි පොළවයි වගේ හාත්පසින් වෙනස් කරුණු දෙකක් බව මතක තියා ගන්න. නමුත් සාමාන්‍යය ලෝකයේ පාළනය වෙන්නේම නීති මඟින්. දැන් බලන්න රියදුරු මහතුන්ට කියනව වාහන පාරෙ වම් පැත්තෙන් පදවන්න කියල. ඒ අය පාරෙ වමෙන් රිය පදවනව. ඒක නීතියක්ද ස්වයංව ඇති වූ සංවර කමක්ද? ඒක නීතියක්. ඒ නීතිය පෙන්වා දීලත් පස්සෙ මොකද කරන්නෙ? පාරෙ ඉරිත් ගහනව, ඊට පස්සෙ මොකද කරන්නෙ? මුරත් දානව, අවවාදත් කරනව. සැරටත් කියනව, දඩ ගහනව ඊට පස්සෙ බලපත්‍ර අවලංගු කරනව. කොච්චර දේ කරනවද? ඒත් වැඬේ හරියනවද? නෑ. දැක්කද නීතියක් මගින් සංවර කරන්ට උත්සාහ කළොත් ඒක ඉතාම තාවකාලිකයි. එමගින් මනුෂ්‍යයා ඇත්තෙන්ම සංවර වෙලා නෑ. ඒ නිසා තමයි සැබෑ සංවර කමක් උපදවා ගැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය උපාකර කරගත යුත්තේ. භාග්‍යවතුන් වහන්සේ නීති පනවල නෑ. භාග්‍යවතුන් වහන්සේ කුමක්ද කරල තියෙන්නෙ? මේ ලෝකේ පරම සත්‍යය ඉස්මතු කරල, විවෘත කරල, පැහැදිලි කර කර පෙන්නල තියෙනව. එතකොට අපි අන්න ඒ සත්‍යය තේරුම් ගත්තොත්, භාග්‍යවතුන් වහන්සේ ඉස්මතු කළ, විවර කළ, ඒ විස්තර කර කර අපිට කියා දුන් සත්‍යය අපි තේරුම් ගත්තොත්. ඒ සත්‍යයට පැමිනුනොත්, එතන උපදිනව සංවර කම ඇති කර ගැනීම පිණිස ස්වයං කැමැත්ත. ඒ සත්‍යයට බැහැරින් තිබෙන කුමන දෙයක් තේරුම් ගත්තත් එමඟින් පුද්ගලයා තුළ සංවර වීම පිණිස ස්වයං වූ කැමැත්තක් උපදින්නෙ නෑ. ඒ නිසා තම තමාගේ ජීවිත සංවර කර ගැනීම පිණිස ස්වයං වූ කැමැත්ත තම තමාම උපදව ගන්න. ඒ සඳහා තමන්ගෙ ජීවිතයේ ස්වභාවය භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙන විදිහට කල්පනා කරන්න. භාග්‍යවතුන් වහන්සේ අපේ ජීවිතයේ යථා ස්වභාවය ගැන අපිට කියා දීල තිබෙනව. මේ ලෝකය මෙබඳු දෙයක් කියල අපිට භාග්‍යවතුන් වහන්සේ පෙන්වල දීල තිබෙනව. කියා දීල තිබෙනව. ඒ කියල දුන් දේ තමයි අපි ධර්මය විදිහට ඉගෙන ගන්නෙ. ඒ ධර්මය අපි ඉගෙන ගත්තේ අපේ ජීවිතය සංවර කරගැනීම පිණිස පුරුදු කරන්ටයි. ඒ ධර්මය කෙරෙහි පැහැදීම ඇති කරගන්ට ඔබව උනන්දු කළේ, මේ ධර්මය තුලින් ඔබේ ජීවිතය සංවර කර ගැනීමටයි. මේ ධර්මය කෙරෙහි යමෙක් පැහැදුනොත් එයා තුළ සංවර බව ඇති කරගන්ට ස්වයං වූ කැමැත්ත උපදිනවා. එතකොට එයාව පාලනය කරන්ට වැට කඩුලූ බදින්ට වුවමනා නෑ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයින්ව පාලනය කරන්ට වැට කඩුලූ ඕනැ උනාද? නෑ. මුර ගෙවල් දාන්ට ඕනැ උනාද? නෑ. නමුත් බලන්න දැන් මේ පිංවතුන් සේවය කරන ආයතනවල තාප්ප බඳින්ට වෙලා තියෙනව, මුර කුටි දාන්ට වෙලා තියෙනව. තාප්පෙන් පිට මුර දාන්ට වෙලා තියෙනව. ආතනය ඇතුලේ නොයෙක් විදිහේ පාලන ක්රමයන් දාන්ට වෙලා තියෙනව. නමුත් භාග්‍යවතුන් වහනසේගේ ශ්රාවකයින්ට එහෙම වුවමනාවක් තියෙනවද? උවමනා වෙන්නෙ නෑ. ඇයි ඒ? ඒ අය පරම සත්‍යය හඳුනගෙන ඒ පරම සත්‍යය කෙරෙහි පැහැදීම ඇති කරගෙන ඒ සත්‍යය අවබෝධය පිණිස වෑයම් කරනව. සත්‍යය අවබෝධය පිණිස වෑයම් කරන අය ස්වයං වූ කැමැත්තක් තුළ සංවරයි. ස්වයං වු කැමැත්තක් තුළ උපදව ගත්ත සංවර බවක් එයා තුළ තියෙනව. තමන් තුළම උපදවගත්ත සංවර බවක් තියෙන කෙනාව පාළනය කරන්ට බාහිරින් මුර දාන්ට ඕනැ නෑ. වැට කඩුලූ ගහන්ට ඕනැ වෙන්නෙ නෑ. එයාගේ යම් ආකාරයක පාලනය නොවූ ස්වභාවයක් තිබ්බොත් එහෙම ඒක සිහි කර දෙන්ට විතරයි තියෙන්නෙ. “ඔය හැසිරීම දොස් සහිතයි. භාග්‍යවතුන් වහන්සේ නොපැනවූ දෙයක්. ඕක කරන්ට එපා. මේකයි හරි” කියල පෙන්වා දීම, සිහිය උපදවා දීම විතරයි කරන්ට ඕනැ. එයා සැනෙකින් සංවර වෙනව. ඒක තීරණය වෙන්නේ ශ්‍රද්ධාව මත. එතකොට ඒ ආකාරයේ සංවර කමක් නීතියකින් බලාපොරොත්තු වෙන්ට බෑ. ඊලඟට හොඳට මතක තියාගන්න භාග්‍යවතුන් වහනසේ පේනවා දී තිබෙන වැඩපිළිවෙල නීතියක් නෙවෙයි. පාරෙ යනකොට ”දකුනු පැත්තෙන් යන්ට”. වාහන පදවන අය ”වම් පැත්තෙන් පදවන්න” කියන දේට කිසිසේත් සමාන නෑ. එහෙනම් භාග්‍යවතුන් වහනසේගේ ශ්රාවකයින්ට යම් වැඩපිළිවෙලක් පෙන්වා දීල තියෙනව නම් ඒක හරියට අර වෙහෙස මහන්සිවෙලා ඉතාම දුක් පීඩා විඳිමින් ඉන්න කෙනෙකුට හාන්සිවෙලා ඉන්ට සුවපහසු යහනක් දෙන්න වගේ. කුසගින්නෙ ඉන්න කෙනෙකුට මිහිරි ආහාරයක් දෙන්න වගේ. පිපාසෙන් ඉන්න කෙනෙකුට සිසිල් පැන් ටිකක් දෙන්න වගේ. අපිට වැඩපිළිවෙලක් පෙන්වා දීම ඒ වගේ උපකාරයක් මිසක අපිව පෙළන දෙයක් නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේ අපේ යහපත පිණිස පේනවා දුන් වැඩපිළිවෙල තුළ යමෙක් පෙලෙනව නම් පීඩාවට පත්වෙනව නම් එයා ඒ වැඩපිළිවෙල කොහොමද බාරගෙන තියෙන්නෙ? එයා ඒක නීතියක් විදිහට බාරගෙන. නීතිය වුනත් නීතියක් විදිහට නැතුව ස්වයං සංවරය පිණිස භාවිත කරන්ට පුළුවන්ද බැරිද? පුළුවන්. ඒ කොහොමද? නගරයේදී අපිට කියනව පදික වේදිකාවෙන් යන්ට කියල. එතකොට පදිකයින් විසින් මෙහි යහපත අයහපත හොඳින් තේරුම් ගෙන පොලිසිය ඉන්න කොටත් පදික වේදිකාවෙන් යනව නම්, පොලිසිය නැතත් මිනිස්සු පදික වේදිකාවෙන් යනව නම් නීතිය කඩ වෙනවද? නීතිය කඩ වෙන්නෙ නෑ. යම් තැනක නීතිය මොන විදිහෙන් වත් කඩවෙන්නෙ නැත්නම් නීති ඕනැද? නීති ඕනැ වෙන්නෙ නෑ. එහෙනම් මොන විදිහකින්වත් නීති කඩ නොවෙනවා නම් මොකක්ද එතන තියෙන පාලන ක්‍රමය? එතන තියෙන්නේ ස්වයං පාළනය. ස්වයං වූ පාලනයක් නැත්නම් තමයි නීති ඕනැ වෙන්නෙ. එහෙනම් බලන්න යම් කෙනෙකුට තමාගේ පාළනය තමාම ඇති කරගත යුතුයි කියල අදහසක් ඇති වුනා නම් එතන ස්වයං පාලනයක් තියෙනව. එතකොට නීතියක් උනත් අපි බරක් කරගන්නෙ නෑ. ස්වයං පාලනයක් තමා තුළ උපදව ගත් කෙනාට නීතිය උනත් පීඩාවක් බවට පත්වෙන්නෙ නෑ. නීතිය උනත් පීඩාවක් බවට පත්වෙන්නෙ නැත්නම් එයාගෙ දියුණුව පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් හඳුන්වා දුන් වැඩපිළිවෙල එයාට පීඩාවක්ද? නෑ. එයාට ඒක මිහිරක්මයි. එයා මහත් වූ සතුටින් සාදු කාර දෙමින් ඒ වැඩපිළිවෙල අනුගමනය කරයිද නැද්ද? අනුගමනය කරනව. දැන් ඔබට තේරෙනවද මේ සාසනය කොයි තරම් මිහිරි ජීවිතයකට උපකාර වෙන වැඩ පිළිවෙලක් සහිත තැනක්ද කියල. මේක මුළුමනින්ම ක්ෂෙම භූමියක් මිසක කාන්තාරයක් නොවන බව තේරෙනවද? මේක කාන්තාරයක් මැද තියෙන ක්ෂෙම භූමියක්. සාමාන්‍යය ලෝකය ගිනි ගත්ත කාන්තාරයක් වගේ. මිනිස්සු ඉන්නෙ පීඩාවෙන්, විඩාවෙන්. පිපාසයට පැන් හොයන අහිංසක සතුන් වගේ. එච්චර වෙහෙස කරයි සාමාන්‍යය ලෝකේ ජීවිතය. ඒ ජීවිතයෙන් ඈත් වෙලා සුවපහසුවෙන් වාසය කළ හැකි කාන්තාරයක් මැද තිබෙන ශේම භූමියක් වගේ තැනක් තමයි බුද්ධ ශාසනය. එහෙනම් ඒ ශාසනයේ ශාසන ප්‍රතිපදාව පරිපූර්ණ කරගැනීම පිණිස පෙන්වා දී තිබෙන යම් වැඩපිළිවෙලක් තියෙනව නම් ඒ වැඩපිළිවෙල අපේ යහපතටයි අපේ දියුණුව පිණිසයි කියල යමෙක් කල්පනා කළොත් ඒ සෑම කෙනෙක්ම සාදු කාර දෙමින් ඒ වැඩපිළවෙල අනුමෝදන් වෙනව. සාදු කාර දෙමින් ඒ වැඩපිළිවෙල අනුගමනය කරනව. සාදු කාර දෙමින් ඒ වැඩපිළිවෙල තුළ අන් අයවත් සමාදන් කරවනව. සාදු කාර දෙමින් ඒ වැඩපිළිවෙල අනුගමණය කරලත් සතුටුවෙනව. එයාට මොන වෙලාවකදිවත් අසතුටක් උපදින්ට හේතුවක් නෑ. ඇයි ඒ? හැම තිස්සේම සංවර වීම පිණිස උපාකාරවන වැඩපිළිවෙලක් තුළ එයා ඉන්නව. ඒ වැඩපිළිවෙල තුළ සියළු පවෙන් වැළකීමට කියල දෙනව. ඒ වගේම කුසල් උපදවා ගැනීම ගැනත්, සිත දමනය කර ගැනීම ගැනත් කියල දෙනව. මේ කටයුතු ස්වයං වූ කැමැත්තට අනුවයි සිදු වන්නේ. බලහත්කාරයෙන් නීතියක් මඟින්, පාළනයක් මඟින් නොවෙයි කරන්නේ. මෙලෙස සංවර වූ කෙනා තුළ සුවපහසුව ඇතිවෙනවා මයි. එබඳු දේකටයි ශාසනය කියල කියන්නෙ. යම් කෙනෙක් මේ ශාසනය මෙලෙස හඳුන ගත්තොත්, එයා ඒ ගැන සතුටු වෙයිද නැද්ද? සතුටු වෙනව. අන්න ඒ ආකාරයෙන් ශාසනය ගැන සතුටු වෙන කෙනා ශාසනයෙන් බැහැර වෙයිද? එයා ශාසනයෙන් බැහැර වෙන්නෙ නෑ. එයා ශාසනය තුළ ස්ථිරව පිහිටලා. ශාසනය තුළ පිහිටා සිටිනව. එයා ශාසනයේ අග්‍ර වූ ප්‍රතිලාභය අත් කර ගන්නවා මයි. මේ ශාසනයේ අග්‍ර වූ ඉලක්කය කුමක්ද? පිරිනිවන් පෑම. මේ ශාසනය තුළ සත්පුරුෂයින් විසින් පෙන්වා දුන් වැඩ පිළිවෙලට සාදු කාර දෙමින් පැමිනෙන අය කාටත් ශාසනයේ අග්‍ර වූ ඉලක්කය වන පිරිනිවන් පෑම කියන මහා ප්රතාලාභය අත්කරගන්ට පුළුවන් කම තියෙනව. අපි කාටත් සෙත් පතනව ඒ භාග්‍යවතුන් වහන්සේ තම ශ්රාවකයින් තුළ උපදවාගැනීම පිණිස පෙන්වා දුන් ඒ උතුම් යහපත උපදවගන්න, සත්පුරුෂයෙන් විසින් පෙන්වා දුන් වැඩපිලිවෙල “තමන්ගේ යහපත පිණිස ම යි. විපත පිණිස නෙවෙයි” කියල, ඒ වැඩපිළිවෙල අනුමෝදන් වෙලා, වැඩපිළිවෙලට කැමති වෙලා, ප්‍රීති සිතින් යුක්තව සාදු කාර දෙමින් ඒ වැඩපිළිවෙල අනුගමනය කිරීමට සියළු දෙනාටම කැමති සිත් පහලවේවා! කියල. සියලූ දෙනාටම තෙරුවන් සරණයි.. නාවලපිටියේ අරියවංශ හිමි ‘මහාමේඝ සඟරාවේ’පළ වූ ලිපියක් ඇසුරෙනි.[/SIZE][/B] [URL="http://dhammamedicine.net/2013/02/11/saba_sanwarakama_upadawa_ganimu/"]http://dhammamedicine.net/2013/02/11/saba_sanwarakama_upadawa_ganimu/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom