Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
13 minutes ago
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සොදුරු සත්පුරුශ ඔවදන්..........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවබෝධ කළයුතු දුක...............

යම් කෙනෙක් කාමයන් ගැන හිත හිත ඉන්නව. ප්‍රිය ස්වභාවය ඇතිකරන දේවල් ගැන ආස්වාදයට අනුව හිත හිතා ඉන්නව. අන්න ඒ විදිහට ආස්වාදයට අනුව හිත හිත ඉන්ට ඉන්ට එයාගේ සිතේ ආසාව ඉපදෙනව. ආසාව ඉපදුනහම ඒවට බැඳිල යනව. බැඳිල ගියාට පස්සෙ දුකට පත්වෙනව, දුක ඉපදෙනව. එතකොට බලන්න මේ අකුසල විතර්ක හිත හිතා ඉන්ට ඉන්ට දුකටම ඇදල දානව. අන්න එයා නිවන් මගෙන් ඈත්වෙනව. ඒ නිසා භාග්‍යවතුන් වහනසේ කියා දෙන්නේ, "ඒ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, ඒ විහින්සා විතර්ක හිත හිතා ඉන්ට එපා. මුළුමනින්ම අපේ ජීවිත විනාසවෙලා යනව" කියල .

නමුත්, යම් කෙනෙක් ආර්ය සත්‍යය ගැන හිතන්ට පෙළඹුනොත් හිතන්න පුරුදු වුනොත් අන්න එයාට ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙන් උපරිම ඵල නෙලාගන්ට පුළුවන්කම තිබෙනව. දැන් බලන්න භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා ඉපදීම දුකයි කියල, වයසට යාම දුකයි කියල අපිට පෙන්වා දෙනව, මරණයට පත්වීම දුකයි කියල අපිට පෙනවා දෙනව, ලෙඩවීම දුකයි කියල අපිට පෙන්වා දෙනව, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි කියල අපිට පෙන්වා දෙනව, අප්රියන් හා එකතුවීම දුකයි, කැමති දේ නොලැබීම දුකයි කියල අපිට පෙන්වා දෙනව. අපිට අවබෝධ කරගන්ට තිබෙන්නේ මේ ධර්මය. අතිශය දුෂ්කර වන්නේත් මේ ධර්මය අවබෝධ කිරීමමයි.

දැන් බලන්න අපි සසරේ අනන්ත වාර ගණනක් ඉපදුනා. එසේ ඉපදෙද්දීත් අපිට බැරිවුනේ ඒ ඉපදීම දුකයි කියල අවබෝධ කරන්ට. ඉපදුන දා පටන් අපි මොහොතින් මොහොත මොහොතින් මොහොත වයසට ගියා. මේ ජීවිතයේදීත් අපි මොහොතින් මොහොත වයසට ගියා. වයසට යද්දීත් ඒ වයසට යාම දුකයි කියල අවබෝධ කරගන්ට අපිට බෑ. අපිට ඒ ආර්ය සත්‍යය තේරුම් ගන්ට නොහැකිවීම නිසාම, නැවත නැවතත් අන්ධකාරයටම වැටෙනව. අපිට ලෙඩවුනා, අනන්ත වාර ගනනක් ලෙඩවුනා. මේ මොහොතේදීත් නොයෙකුත් ලෙඩ මේ ශරීර වලට ඇති. නමුත් ඒ ලෙඩවීම තියෙද්දීත්, ඒ ලෙඩවීම දුකයි කියල අවබෝධ කරගන්ට බෑ. ප්‍රියයන්ගෙන් වෙන්වීම සිදුවෙනව. අප්රියන් හා එකතුවෙනව. ඒක දුකයි කියල තේරෙන්නෙ නෑ. බලන්න දුකට වැටෙද්දීත් මෙයයි දුක කියල අපිට තේරෙන්නෙ නෑ.

නමුත් අපි ආර්ය සත්‍යය දන්නෙ නැද්ද? දුක්ඛ ආර්ය සත්‍යය අපි ඉගෙනගෙන නැද්ද? අපි කථාකරන්නෙ නැද්ද? කථාකරනව. ඉගෙන ගෙන තිබෙනව. අනිත් අය එක්ක කථාකරනව. නමුත් අපිට තිබෙන අඩුව මොකක්ද? අපිට නැත්තෙ අවබෝධය. දැන් බලන්න කෙස් ගහක් පැහෙද්දී, ඒ ගැන දුක උපදිද්දී, මෙයයි දුක කියල අපිට තේරෙන්නෙ නැත්නම්, අපිට සිද්ධවෙන්නෙ මොකක්ද? හඬා වැළපෙන එක.

රෝග පීඩාවක් වළදෙද්දී, මෙයයි දුක කියල අපිට තේරෙන්නෙ නැත්නම්, අපිට සිදුවෙන්නෙ මොකක්ද? හඬාවැළපෙන එක. කම්පා වෙන එක. බලන්න අපිට දුකේ වැටෙද්දීත්, මෙයයි දුක කියල තේරෙන්නෙ නැත්නම් ආර්ය සත්‍යය ගැන අවබෝධයක් අපිට නෑ.

දැන් අපි ඉපදුනා ඒ ඉපදීම දුකයි කියල අපිට තේරෙන්නෙ නැත්නම්, ඒ ඉපදීමෙන් නිදහස්වීමක් නෑ. අපි වයසට යනව. ඒ වයසට යාම දුකයි කියල අපිට තේරෙන්නෙ නැත්නම් වයසට යාමෙන් නිදහස් වෙන්ට අපිට බෑ.

අපිට ලෙඩ රෝග ඇතිවෙනව. ඒ ලෙඩරෝග ඇතිවීම දුකයි කියල අපිට තේරෙන්නෙ නැත්නම් අපිට රෝග පීඩා වැළදීම කියන දුකින් නිදහස්වෙන්ට බෑ. එතකොට අපිට සිද්ධවෙන්නෙ ඒ දුකට වැටි වැටී ඒ දුක තුලම වාසය කිරීමක් මිසක නිදහස්වීමක් නෑ.

භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙන්නේ මේ දුක තුළ වාසය කිරීම නෙමෙයි. මේ දුකින් නිදහස්වීමයි. නිදහස්වෙන්ට නම් කළ යුත්තේ දුක තුල වාසය කිරීම නෙවෙයි, මෙයයි දුක කියල අවබෝධ කිරීමයි. වයසට යනකොට මෙයයි දුක කියල යමෙකුට අවබෝධ වෙනව නම්. මේ තමයි භාග්‍යවතුන් වහන්සේ දුක කියල කියල දුන්නේ කියල අපිට අවබෝධ කරගන්ට පුළුවන් නම් අපි ඒකට අකමැති වෙනව. එහෙනම් අපි අන්න ඒ විදිහට ඒ දුක්ඛ ආර්ය සත්‍යය ගැන අබබෝධය ඇතිකරගන්ට කල්පනා කළ යුතුයි.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි

(දිනමිණ දවසේ සිතුවිල්ල)

[QUOTE="hdgpure, post: 14565378, member: 56825"] [IMG]http://sphotos-d.ak.fbcdn.net/hphotos-ak-prn1/33980_220686341410380_1813404667_n.jpg[/IMG] [B][SIZE="4"]අවබෝධ කළයුතු දුක............... යම් කෙනෙක් කාමයන් ගැන හිත හිත ඉන්නව. ප්‍රිය ස්වභාවය ඇතිකරන දේවල් ගැන ආස්වාදයට අනුව හිත හිතා ඉන්නව. අන්න ඒ විදිහට ආස්වාදයට අනුව හිත හිත ඉන්ට ඉන්ට එයාගේ සිතේ ආසාව ඉපදෙනව. ආසාව ඉපදුනහම ඒවට බැඳිල යනව. බැඳිල ගියාට පස්සෙ දුකට පත්වෙනව, දුක ඉපදෙනව. එතකොට බලන්න මේ අකුසල විතර්ක හිත හිතා ඉන්ට ඉන්ට දුකටම ඇදල දානව. අන්න එයා නිවන් මගෙන් ඈත්වෙනව. ඒ නිසා භාග්‍යවතුන් වහනසේ කියා දෙන්නේ, "ඒ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, ඒ විහින්සා විතර්ක හිත හිතා ඉන්ට එපා. මුළුමනින්ම අපේ ජීවිත විනාසවෙලා යනව" කියල . නමුත්, යම් කෙනෙක් ආර්ය සත්‍යය ගැන හිතන්ට පෙළඹුනොත් හිතන්න පුරුදු වුනොත් අන්න එයාට ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙන් උපරිම ඵල නෙලාගන්ට පුළුවන්කම තිබෙනව. දැන් බලන්න භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා ඉපදීම දුකයි කියල, වයසට යාම දුකයි කියල අපිට පෙන්වා දෙනව, මරණයට පත්වීම දුකයි කියල අපිට පෙනවා දෙනව, ලෙඩවීම දුකයි කියල අපිට පෙන්වා දෙනව, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි කියල අපිට පෙන්වා දෙනව, අප්රියන් හා එකතුවීම දුකයි, කැමති දේ නොලැබීම දුකයි කියල අපිට පෙන්වා දෙනව. අපිට අවබෝධ කරගන්ට තිබෙන්නේ මේ ධර්මය. අතිශය දුෂ්කර වන්නේත් මේ ධර්මය අවබෝධ කිරීමමයි. දැන් බලන්න අපි සසරේ අනන්ත වාර ගණනක් ඉපදුනා. එසේ ඉපදෙද්දීත් අපිට බැරිවුනේ ඒ ඉපදීම දුකයි කියල අවබෝධ කරන්ට. ඉපදුන දා පටන් අපි මොහොතින් මොහොත මොහොතින් මොහොත වයසට ගියා. මේ ජීවිතයේදීත් අපි මොහොතින් මොහොත වයසට ගියා. වයසට යද්දීත් ඒ වයසට යාම දුකයි කියල අවබෝධ කරගන්ට අපිට බෑ. අපිට ඒ ආර්ය සත්‍යය තේරුම් ගන්ට නොහැකිවීම නිසාම, නැවත නැවතත් අන්ධකාරයටම වැටෙනව. අපිට ලෙඩවුනා, අනන්ත වාර ගනනක් ලෙඩවුනා. මේ මොහොතේදීත් නොයෙකුත් ලෙඩ මේ ශරීර වලට ඇති. නමුත් ඒ ලෙඩවීම තියෙද්දීත්, ඒ ලෙඩවීම දුකයි කියල අවබෝධ කරගන්ට බෑ. ප්‍රියයන්ගෙන් වෙන්වීම සිදුවෙනව. අප්රියන් හා එකතුවෙනව. ඒක දුකයි කියල තේරෙන්නෙ නෑ. බලන්න දුකට වැටෙද්දීත් මෙයයි දුක කියල අපිට තේරෙන්නෙ නෑ. නමුත් අපි ආර්ය සත්‍යය දන්නෙ නැද්ද? දුක්ඛ ආර්ය සත්‍යය අපි ඉගෙනගෙන නැද්ද? අපි කථාකරන්නෙ නැද්ද? කථාකරනව. ඉගෙන ගෙන තිබෙනව. අනිත් අය එක්ක කථාකරනව. නමුත් අපිට තිබෙන අඩුව මොකක්ද? අපිට නැත්තෙ අවබෝධය. දැන් බලන්න කෙස් ගහක් පැහෙද්දී, ඒ ගැන දුක උපදිද්දී, මෙයයි දුක කියල අපිට තේරෙන්නෙ නැත්නම්, අපිට සිද්ධවෙන්නෙ මොකක්ද? හඬා වැළපෙන එක. රෝග පීඩාවක් වළදෙද්දී, මෙයයි දුක කියල අපිට තේරෙන්නෙ නැත්නම්, අපිට සිදුවෙන්නෙ මොකක්ද? හඬාවැළපෙන එක. කම්පා වෙන එක. බලන්න අපිට දුකේ වැටෙද්දීත්, මෙයයි දුක කියල තේරෙන්නෙ නැත්නම් ආර්ය සත්‍යය ගැන අවබෝධයක් අපිට නෑ. දැන් අපි ඉපදුනා ඒ ඉපදීම දුකයි කියල අපිට තේරෙන්නෙ නැත්නම්, ඒ ඉපදීමෙන් නිදහස්වීමක් නෑ. අපි වයසට යනව. ඒ වයසට යාම දුකයි කියල අපිට තේරෙන්නෙ නැත්නම් වයසට යාමෙන් නිදහස් වෙන්ට අපිට බෑ. අපිට ලෙඩ රෝග ඇතිවෙනව. ඒ ලෙඩරෝග ඇතිවීම දුකයි කියල අපිට තේරෙන්නෙ නැත්නම් අපිට රෝග පීඩා වැළදීම කියන දුකින් නිදහස්වෙන්ට බෑ. එතකොට අපිට සිද්ධවෙන්නෙ ඒ දුකට වැටි වැටී ඒ දුක තුලම වාසය කිරීමක් මිසක නිදහස්වීමක් නෑ. භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙන්නේ මේ දුක තුළ වාසය කිරීම නෙමෙයි. මේ දුකින් නිදහස්වීමයි. නිදහස්වෙන්ට නම් කළ යුත්තේ දුක තුල වාසය කිරීම නෙවෙයි, මෙයයි දුක කියල අවබෝධ කිරීමයි. වයසට යනකොට මෙයයි දුක කියල යමෙකුට අවබෝධ වෙනව නම්. මේ තමයි භාග්‍යවතුන් වහන්සේ දුක කියල කියල දුන්නේ කියල අපිට අවබෝධ කරගන්ට පුළුවන් නම් අපි ඒකට අකමැති වෙනව. එහෙනම් අපි අන්න ඒ විදිහට ඒ දුක්ඛ ආර්ය සත්‍යය ගැන අබබෝධය ඇතිකරගන්ට කල්පනා කළ යුතුයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි! පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි ●●▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬●● (දිනමිණ දවසේ සිතුවිල්ල)[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom