Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
| සොඳුරු නවෝදය 2 | ආදරණිය බෙකම් |
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොමින් කොහොම හරි අපි බාලිකාවට එනකොට පැය තුනක් විතර පරක්කු වෙලා. අපේ ඉස්කෝලෙන් අපිද කොහෙද අන්තිමට ඇවිත් තියෙන්නෙ. අලි පත සයිස් තාප්පෙට පිටින් පේන තට්ටු පිට තට්ටු ගහල තියෙන ගොඩනැගිලියි, ඈතින් ඈතට කූඹි වගේ පේන ගෑණු ළමයින්ව එළියෙන් දැක්කට, මං ජීවිතේට බාලිකාව ඇතුළට නම් ගිහින් නෑ. අර අලිපත යකඩ ගේට්ටුව අයිනෙ තිබ්බ පුංචි යකඩ ගේට්ටුවෙන් ඇතුල් වුණාට පස්සෙ අපි දැක්කෙ, හරිම සිරියාවන්ත දර්ශනයක්. දැකපු දැකපු හැමදේකම තිබ්බෙ පුදුම පිළිවෙලක්.

“මාරයි බෙකම්.. මගේ ඇඟ කිලිපොලා යනවා... මේ තරම් ගෑණු ළමයි කන්දරාවක්.. හයියෝ.. කාව තෝරගන්නද මංදා.. මගේ පපුව වාවන්නෑ..”

“පැතුම්.. උඹට එකක් කියන්නම්.. කට පරිස්සම් කරගෙන ඉඳපං.. මේක අපේ ඉස්කෝලෙ නෙමෙයි.. තේරුණාද.. මොනව හරි අලකලංචියක් වුණොත් සායම යන්නෙ උඹගෙ නෙමෙයි අපේ ඉස්කෝලෙ..”

“පිස්සුද බෙකම්.. කොටන කුකුළට කොයි කොටුවත් එකයි.. මේ වගේ සිරා චිකන් ෆාම් එකකට ඇවිල්ලා උඹ කියන්නෙ මට සන්සුන් වෙන්නද..?”

ඒ පාර ඇම්ඩත්, පැතුම්ට එක්කහු වුණා. මුං දෙන්නා ද්විපාර්ශවික සම්බන්ධතාවයකට ආව කියන්නෙ එතන අනිවා මලගෙදරක්.

“නාලක.. මොන ජල්තර් වැඩේ එළියෙ කරත් මෙතන නම් කරන්නෙපා.. කරුණාකරලා කාඩ් එක ආරක්ෂා කරගනිං.. තව ඩිංග වෙලාවයි ඇත්තෙ.. එක්සිබිෂන් එක බැලුවද අපි ගියා..”

මං බලන් ඉන්දෙද්දිම, ඇම්ඩගෙ මූණට ඌ උපත්තියෙන්ම අරගෙන ආපු කුණු හිනාව ආවා. මූත් එක්ක එකට ජීවත් වෙනවා කියන්නෙ ලාවා ගලන ගිනිකන්දක් උඩ ඉන්නව වගේ තමයි. සියලු සකල විධ අනතුරුම බලාපොරොත්තුවෙන් තමයි ඉන්න වෙන්නෙ.

“ඔ.. ඔයාලා සෙන්ට්‍රල් එකේ නේද..?”

ගේට්ටුවෙන් ඇතුල්වෙලා ඩිංග දුරයි යන්න හම්බ උනේ.. ජූනියර් ප්‍රිෆෙක්ට් බැජ් ගහගත්තු ගෑනු ළමයි පස්දෙනෙක් අපි ළඟට ආවා. අපරාධෙ කියන්න බෑ සිරියාව නම් ඉස්තරම්. බුරුමෙ නම් කොහොමද දන්නෑ.

“ඔව්.. අපේ ආවේ..?”

“එක්සිබිෂන් එක බලන්නනේ..”

පැතුම් කට අරින්න හැදුවා විතරයි අර ජූනියර් ප්රිෙෆක්ට් ගර්ල් කෙනෙක් සට සට ගාලා කතා කරා. මං දැන් හූනා කිව්ව වගේ කියන්නම්, පැතුම් ලව්ඩ්ස්පීකරේ අරිනවා කියලා.

“නෑ..”

“එහෙනම්..?”

“ඔයාලව බලන්න..”

කටේ තොලේ නොගෑවී පැතුම් කිව්වා. අර ළමයින්ට ටිකක් ලැජ්ජා හිතුණා වගේ. ඒත් එයාලගෙන් කෙනෙක් කතා කරා.

“බැලුවට කමක් නෑ.. මිස්ලට අහු නොවෙන්න. හැබැයි එක්සිබිෂන් එක නම් තියෙන්නෙ අර ඩී හෝල් එකේ.. අපි හිතනවා ඔයාලට ඒකෙන් දැනුම් සම්භාරයක් ලබාගන්න පුළුවන් වෙයි කියලා..”

“මොකක්ද බෙකම් මුං සම්බා හාල් වගයක් ගන්න පුළුවන් කියන්නෙ.. අපිට බයියන් කවන්නද හදන්නෙ..?”

ඇම්ඩා මගේ කණට කරල අහපු එකෙන්, තව පොඩ්ඩෙන් මගේ හිනාව එළියට පනිනවා. කෑ නොගහා හිටපං කියල කියන්න මං උගේ කකුල පෑගුවා.

“අපි යමු..”

කෙල්ලො පස්දෙනා අපි ගාවින් ඈත් වෙද්දි අපි තුන්දෙනා ඩී හෝල් එක පැත්තට ආවා.

“බෙකම්..?”

“ම්..”

“උඹේ පරම සැතිරිය නෑනෙ බං.. පේන්නවත්..? මල්වර වෙලාවත්ද දන්නෑ..”

“මොකක්..?”

“ඔව්.. ජම්බු ගහෙන් වැටිලද දන්නෑ බං..”

“කවුරු ගැනද ඇම්ඩා උඹ ඔය කියන්නෙ..?”

“වෙන කවුරුත් නෙමේ සමින්දි අක්කා ගැන යකෝ..”

“උඹ හිතන්නෙ සමින්දි අක්කා තාම ජම්බු ගහෙන් වැටිලා නෑ කියලද..? ඇයි යකෝ.. ඒකිගෙ රූප සොබාව දිහා බලපංකො.. තිසර ලැම.. යෝධ පුළුලුකුල.. මනමත් කරන සිනහව.. ඉඹින්නට හිතෙන නොයිදුල් රතදර..”

ඒ පාර පැතුම්ට සාහිත්‍ය බඩයන්න පටන්ගත්තා.. මොනව උනත් ඌ කියපු හැමදේම හරි.. එක බිංදුවක අඩුපාඩුවක්වත් නෑ. ඒත් සමින්දි අක්කගෙ රාජ ඌෂ්නෙනේ දිරවගන්න අමාරු. මහා අලි පඩත්තල ගෑනු ළමයෙක්නෙ. ඇම්ඩටයි, පැතුමටයි සමින්දි අක්කව දැන් මතක් උනාට මට එයාව මතක් වුනේ අපේ ඉස්කෝලෙ ගේට්ටුවෙන් පිට වෙනකොටමයි. ඒත් මං, සෙන්ට්‍රල් එකේ ඉන්න ලොකුම අපතයො දෙන්නට කිව්වෙ වෙනින්ම කතන්දරයක්.

“උඹල හිතුවෙ, මං මෙතෙන්ට ආවෙ, ඒකි ජම්බු ගහෙන් වැටිල ද කියලා බලන්නද..? ඒකි ජම්බු ගහෙන් නමෛයි පොල් ගහකින් වැටුණත් මට කමක් නෑ..”

“හරි.. හරි.. බෙකම්.. සමාව භාජනේක දාපං.. අපි උඹ ගැන හිතල එහෙම කිව්වෙ නෑ.. කොහොම හරි තව රුපියල් දෙදාහක් විතර ඒකිගෙන් කඩා ගත්තොත් කොහොමද..? ඒකි සල්ලි වලට ඩිංගක්වත් ලොස් නෑනෙ බං..”

ඇම්ඩා ඒපාර අමුතුම කතාවක් කිව්වා. මූ හැබැයි කිසිම දෙයක් නිකං කියන්නෑ.. ඒක මං සහසුද්දෙන්ම දන්නවා..

“නාලක මේක සෙන්ට්‍රල් එක නෙමෙයි..”

ඇම්ඩට, අපේ ඉස්කෝලෙ, යූ.සී ග්‍රවුන්ඩ් එක, මහපාර විතරක් නෙමේ බාලිකාවෙත් ඕනම තැනක් ඔට්ටුයි කියන්න මං දැනන් හිටියා. ඒකයි මට එහෙම කියවුනේ.

“හැබෑටම බෙකම්, අපිට ඒකිව හම්බ උනේම නෑ නේද එදා බෙට් එක පැරදුනාට පස්සෙ..”

චයිනීස් ෆුඩ් සෙන්ටර් එකේ ආහාර වේලෙන් පස්සෙ සති දෙක තුනක් විතර ඇඳිලා ගියා තමයි. ඒත් සමින්දි අක්කවත්, ඉන්කිවත් මං ඇහැටවත් දැක්කෙ නෑ. මගේ හිතේ මැවිල තිබ්බෙ එයා එදා ඇඳගෙන ආපු කලු පාට ලොකු ඩොට් තියෙන ගවුමත් එක්ක එයා හිටපු අපූරුව විතරයි.

“පැරදිච්ච දුක උහුලගන්න බැරිව ඒකි ඉස්පිරිතාලෙකවත්ද දන්නෑ.. ළඟ තියෙන රුපියල් දාහට දෙදාහට කෙල උනහම කෙල්ලො එහෙම මැන්ටලි වැටෙනවා..”

ඇම්ඩා කියන්නෙම අප්සට් කතා. මං මුකුත් නොකියම ඩී හෝල් එකට ඇතුල් වුණා. තැනින් තැන ළමයි පිරිලා හිටියත්, බාලිකාවෙ තාරකා විද්‍යා සංගමයෙ තරු පිරි අහස් වියනට අපේ ඇස් කෙලින්ම ඇදිලා ගියා. රෑ අහසෙ ග්‍රහලෝක උල්කාපාත, තරු, වල්ගා තරු, ඇස්ට්‍රොයිඩ ආදී නානාප්‍රකාර දේවල් අපි ඉස්සරහ සජීවීව වගේ දර්ශනේ වුණා.

“මැක්සා බෙකම්.. මෙච්චර හරියක් මේ කෙල්ලො ටික කොහොම කරලද අප්පෙ..”

ග්‍රහලෝකයක් වගේ අපූරුවට හදල තිබ්බ තරු පිරි අහස් වියන දැකල පැතුමගෙන් කාලෙකට පස්සෙ අව්‍යාජ වචන ටිකක් පිට උනා. මං වටපිට බැලුවෙ නිකමට හරි දන්න අඳුනන මනුස්සයෙක් ඉන්නවද බලන්න. ඒත් විහිලුවටවත් දැකල පුරුදු එකෙක් හිටියෙ නෑ. අඩුගානෙ ඉන්කිට මැසේජ් එකක්වත් තියල ආව නම් මෙහෙම පෝලිම් ගානෙ බඩගාන්න වෙන්නෑනෙ.

“නිරෝමිල, නෙහාරලවත් පේන්න නෑනෙ බං..”

“නිරෝමිල නෙමෙයි පැතුම්.. කෝ මෙතන හිටපු ඇම්ඩා..?”

ඒ වෙනකොට වෙන ඉස්කෝලවල කොල්ලො කෙල්ලොන්ගෙන් තරු පිරි අහස් වියන පිරිලා තිබුණා. ඒ අතරෙ අපි තුන්දෙනා එක පේලියට එකා පිටිපස්සෙ එකා ඉන්න විදියටයි හිටියෙ. කොටින්ම ඇම්ඩා හිටියෙ පැතුමට පිටිප්සසෙ. මං ඉස්සරහම.

“මෙතන හිටියනේ බෙකම්.. අම්මප... මේ දැන් හිටියා.. මේකා කොහෙද හත්වලාමෙ ගියේ..?”

“පැතුමා.. වටපිට බලපං.. ඕකගෙ නමට වැඩිය ඉස්තරම් වැඩ ඕකා කරන්නෙ.. මොන අවමගුලක් කරයිද දන්නෑ.. ඇත්තමයි මූත්තෙක්ක ගමන් බිමන් එනවට අපිට තලන්න ඕන..”

ඒ වෙනකොට සුදු පාට ලොකු ස්ක්‍රීන් එකකට ප්‍රොජෙක්ටරයක් ගහලා ස්ලයිඩ්ස් වලින්, බාලිකාවෙ කෙල්ලො තුන්දෙනෙක් හෙන එක්ස්ප්ලේන් එකක් අපට ඉස්සරහ ඉන්න ගැත්තන්ට කරනවා. ඒ එක්කමයි මං දැක්කෙ, ඩී හෝල් එක කෙලවරේ ඉඳන් හැමදේ දිහාම ඕනකමින් බලන් ඉන්න සමින්දි අක්කව. මෙච්චර වෙලා මං එයාව දැක්කෙ නැති එකනේ වැඩේ.

“බෙකම්..”

“ම්..?”

“අපේ ෆ්‍රයිඩ් රයිස් එක ඉන්නවා..”

එහෙනම් පැතුමගෙ බයිනොකියුලර් ඇස් දෙකත් අක්කව දැකලා.

“ඉතිං..?”

“අ.. අන්න.. අන්න එයා අපිව දැක්කා..”

“කෑ නොඟහ හිටපං මෙතන කච කචේ නැතුව..”

“එයා අපිව පේළියෙ ඉස්සරහටම ගනියි නේද බෙකම්..?”

“මගෙන් කණ පලාගන්නැතුව ඉඳපං.. එයාට ඒ වගේ අමාරුවක් නෑ..”

“හේනම්..? ඇයි එයා වියදම් කරලා අපිට කෑම අරන් දුන්නෙ..?”

අම්මපා..... මූත් එක්ක කතා කරනවට වැඩිය හොදයි තරු පිරි අහස් වියන යට මං බිහිරි උනා නම්. මොන තරම් අමන වදකාරයෙක්ද මේ..? දාඩිය පොල්ලත් ඕසෙට දාගෙන එද්දි, තවත් විනාඩි විස්සක් විතර යද්දි, පෝලිම දිගේම මායි පැතුමයි ප්‍රොජෙක්ටරේ ළඟට ගියා. ස්ලයිඩ්ස් වලින් සෙනසුරුගෙ වළලු ටිකයි, සෙනසුරාවයි යස අපූරුවට ස්ක්‍රීන් එකේ වෛවර්ණව වැටිලා තිබුණා. ඒ මල්ටි කලර් රූප අතිරන් මම බැලුවෙ සමින්දි අක්කා දිහා. මහා ආඩම්බරකමකින් මූණ පුරවගෙන එයා සැරින් සැරේට අපි දිහා බලනව මං දැක්කා. ඒත් ඒ සුදු මූණෙ එක හිනා බිංදුවක්වත් නෑ. මොනව උනත් හිතේ කේන්තිය නම් මැස්කා විදියටම ඇති. ඇයි දෙයියනේ දෙපාරකට පන්දාහක්ම ඉවරනේ.

“බලහංකො බෙකම්.. තරහකාරයා වගේ ඉන්න හැටි..”

“ඒකි අපිත්තෙක්ක කොහොමත් ඔරොප්පුනේ පැතුමා..”

“හරියට නිකං බාලිකාව ඒකිගෙ වගේනේ..”

“ඔව්නේ බං.. හෙඩ් ප්‍රිෆෙක්ට් ඒකිනේ..”

“මොන වහුකුණා ඒකිට ඔය තානාන්තරේ දුන්නද මංදා.. මට නම් හිතෙන්නෙ බෙකම්..”

“ඔව්..”

“ඕකිව සිලෙක්ට් කරපු ඈයොත් වාඩිවෙන්නෙ, මොලේ බිමට වඳින්න..”

මට බකස් ගාලා හිනාවක් ගියා. ළඟ හිටපු එවුනුත් එකපාරටම මං දිහා බලද්දි, සමින්දි අක්කා මූනත් නරක් කරගෙන මං දිහා බැලුවා. ඇයි යකෝ අපිට හිනාවෙන්නවත් බැරිද..? අපි හිටපු තැනින් එහාට තිබ්බෙ, තනිකරම ප්‍රස්ථාර ලෝකයක්. මට ඒක බලන්න හිතුනෙ නෑ. මං පෝළිමෙන් එළියට පැන්නා. ්එ පනිද්දි මගේ ඔලුවෙ තිබ්බෙ එක ප්රශ්නයයි. ඒ තමයි, මගේ ගණනුන් පෙන්නල සමින්දිත් එක්ක කතා නොකරම මෙතනින් යනවද, නැත්නම් එයා ළඟට ගිහින් මනුස්සකමට කතා කරනවද කියලා.

“බෙකම්..”

“මොකද බං.. මල වදේ..”

“අර ආඩම්බරකාරිව ඉඹපංකො.. මේ හුදී ජනතාවට පේන්න..”

“මොකක්..?”

“ඔව්.. එතකොටවත් සමින්දි අක්කගෙ ඔය නළලෙ තියෙන එක බිමට වැටෙයි..”

නළලෙ තියෙන එක මොකක්ද කියලා මං දැනන් හිටියෙ නෑ.. ඒක පට්ට කුණු හරුපයක්නේ..

ප්‍රොජෙක්ටරේ ගාවින් කෙලින්ම පාර හදලා තිබ්බෙ පිටවීමේ දොරටුවට. තවත් ටිකක් එතන ඉන්න ඕන නම් දකුණු පැත්තට හැරිලා අර චාට් තිබ්බ දිහාට යන්න තිබ්බා. පිටවීමේ දොරටුවට ඩිංගක් කිට්ටුවට සමින්දි අක්කා එන හැටි මං දැක්කා. එයා සමහර විට හිතුවද දන්නෑ මගේ ආඩම්බරකමට මාත් කතා නොකරම යයි කියලා.

“ප්‍රදර්ශනේ බලන්නද ආවෙ..?”

උඩ ඉඳන් පල්ලෙහාට මාව හොඳට නිරීක්ශණය කරන ගමන් සමින්දි අක්කා මගෙන් ඇහුවා. ඒකත් මහාම මහ ආඩම්බරකමකින්. අනේ ඇත්තටම මේ දාන බොරු ගණන් වලට නම්, අර පැතුමා කිව්ව වගේ වැඩක් කරලයි පස්ස බලන්න ඕන.

“නෑ.. මේ සීදේවි ගෑණු ළමයි ටික බලලා යන්න..”

සමින්දි අක්කගෙ මූණෙන් ඇස් අහකට ගන්නැතුව මං කිව්වා. එයාගෙ ඇස් දෙක ඩිංගක් පුංචි වුණා.

“ඒක මං දන්නවා.. සෙන්ට්‍රල් එකේ අයට තියෙන්නෙ ඒ පිස්සුව කියලා..”

කෙල්ල මාව එකෙන්ම කපලා දැම්මා කියලා එයා හිතන්න ඇති. ඒත් ඔයාට වැරදිලා සමින්දි අක්කෙ. මේ බෙකම්, එහෙම ලේසියෙන් එකෙන්ම යන කොල්ලෙක් නෙමෙයි.

“පිස්සුව..?”

“ඔව්.. ගෑණු ළමයින්ව දකින්න..”

කටත් අමුතු විදියකට පැත්තකට ඇද කරන ගමන් සමින්දි අක්කා ලතාවකට කිව්වා. මම හිතන්නෙ කට ඇතුළෙ බබල්ගම් එකක්වත් තියෙන්න ඇති. අපේ බලයා හිටියා නම් කියයි, අනේ මට ඒ කට ඇතුළෙ තියෙන බබල්ගම් එක වෙන්න තිබුණා නම් කියලා. ඔව් ඉතිං.. කොයි තරම් සීදේවි උනත් ඊට පස්සෙ බැරියෑ ඒ හක්කෙන් මේ හක්කට.. ආයෙත් අර හක්කට.. ආයෙත් ඉස්සරහ කෘන්තකයා ගාවට, ඊගාවට රදනකයා ගාවට, පස්සෙ චඤාර්වක ගාවට ඇවිත් රහක් තිබ්බොත් පුරශ්චාර්වක ළඟටත් ගිහින් අන්තිමට, රතු පාට තොල්පෙති උඩින් බැලුමක් වගේ පිම්බිලා ඩෝං ගාලා විනාස වෙන්න.. හනේ මට නම් ඕන්නෑ..

“ඔය කිව්ව කතාවෙ, ඔයා දන්නැති දෙයක් තියෙනවා..”

“මොකක්ද..?”

ඇතුළෙ, කොල්ලො කෙල්ලොන්ගෙ සද්ද බද්ද ඩිංගක් විතර වැඩි වගේ හින්දද කොහෙද සමින්දි අක්කා මං ඉස්සරහට නැඹුරු උනා. දිග කොණ්ඩ කරලක් එයාගෙ පපුව ඉස්සරහට වැටුණත් එයා වම් අතින් ඒක ආයෙත් පිට පැත්තට දාගත්තා.

“සෙන්ට්‍රල් එකේ අපි නම් හැමදාම උදේට හිස්බඩම වගේ ලස්සන ගෑනු ළමයි ඕන තරම් දකිනවා.. ඒකට ආයෙ මෙහේ එන්න ඕන නෑ..”

“එහෙනම් මේ ඇවිල්ල ඉන්නෙ..?”

“සෙන්ට්‍රල් එකේ ගෑණු ළමයි කොහොමත් ලස්සනයිනේ.. සුන්දරයිනේ.. පිවිතුරුයිනේ.. ඒත් ඉතිං මේ බාලිකාවෙ ගෑණු ළමයින්ගෙ අලි උනනේ.. අන්න ඒ අලි උණට සම්බන්ධ වෛරසේ මොකක්ද කියල බලන්නයි අපි ආවෙ..”

සමින්දි අක්කගෙ මූණ ඇඳවෙලා, මැලවිලා ගියා. එයා එයාගෙ දබරැගිල්ලෙනුයි, මහපටගිල්ලෙනුයි හෙඩ් ප්‍රිෆෙක්ට් බැජ් එක තද කරලා පිරිමදින්න ගත්තා. ඊට පස්සෙ ඒ බැජ් එක මට පේන්නද කොහෙද ටිකක් ඉස්සරහට කරා.

“අ.. අපේ ළමයින්ට අලි උනක් නෑ..”

“හැමෝටම නෑ.. කීප දෙනෙකුට විතරයි.. හැබැයි ඉතිං හෙඩ් ප්‍රිෆෙක්ට් නෝනා, අපි හිස්බඩට අනන්තවත් ගෑණු ළමයි දැක්කට, ඔයාලගෙ හිස් බඩට උදේ පාන්දරම දකින්න එකම එක කොලු පරාණයක්වත් නෑනෙ.. මාර දුකයි අප්පා.. විහිලුවටවත් නෑනෙ නේද..?”

සමින්දිට එහෙම කියන ගමන් මං පැතුමා දිහා බැලුවා. ඌට වැඩේ නැගලම යනවා. කොටින්ම ඌ හෙණ ෆන් එකක් ගන්නවා. මේ අප්‍රසන්න කතන්දරේ අහගෙන ඉඳලා.

“මො.. මොකක්ද ඔයා කිව්වෙ..? ඔ.. ඔයා දැ.. දැනගන්න මං.. මං ඔයාට කරන වැඩේ..? මොකක්ද ඔ.. ඔයාගෙ නම කිව්වෙ..?”

හප්පට සිරි.. කෝමද පුතේ ඒ කතන්දරේ..? කෙල්ලට මගේ නමත් අමතක වෙලා.. හනේ.. හනේ.. මේ කුණු සංසාරේ මොලේ විකාර උනහම සිද්ධවෙන දේවල් වල හැටි.. පව් අප්පා.

“මගේ නම ඔයාට මතක නැද්ද..?”

“න්.. නෑහ්.. මතක තියාගන්න ඔයාගෙ නම නමක්යෑ..”

“ඔයා දෙපාරක්ම බෙට් කරලා පරාද උනාට පස්සෙ මං හිතන්නෙ ඔයාට නම අමතක වෙන්නැති. ඒක හින්ද මං ඔයාට චුට්ටක් මතක් කරන්නම්.. විලි ලැජ්ජාවක් නැතුවම ඔයා අපිට රුපියල් පන්දාහක්ම උනේ.. ඈ.. මතක නැද්ද..? අර රුපියල් පන්දාහකම ඔයා අපිට කන්න අරන් දුන්නෙ..? මං හිතුවා ඒ නන්නත්තාර වීමෙන් පස්සෙවත් මොලේ අංශු මාත්‍රයක් හරි තියෙන කෙල්ලෙක් නම් මගේ නම හදවතේම ලියාගෙන, අඩුගානෙ මං ඉන්න පැත්තකට හැරිලවත් නිදාගන්නෙකක් නෑ කියලා..”

සමින්දි යටි තොල හපාගත්තා. කෙල්ලට කේන්ති ගියාද කේන්ති ආවද කියලා මට හිතාගන්න බැරිවුණා. හැබැයි පුතෝ, එයා හිටපු ඒ ඉරියව්ව නම් මාර ගති හොදේ.. හිරේ යන්න හරි ඉඹින්න හිතෙනවා. මොනව නැතත් තමන්ගෙ පරම හතුරගෙ උනත් ලස්සන පීචස් එකක් අගය නොකර ඉන්න තරම් බෙකම් කුහක නෑ..

“හ... හදවතේ ලියාගන්න..?”

“ඔව්.. එතකොට අමතක වෙනව අඩුයිනේ.. ඔය වගේ නිතරම නම අහන්න වෙන්නෑ..”

“ඔ.. ඔයා හිතන්නෙ.. ඔයා දිනුවා කියලද..?”

“නැත්නම්.. ඔයාට හිතෙන්නෙ කෝමද..? මං පරාද උනා වගේද..?”

“ඔව්.. ඒ පන්දාහට දාදාහක දේවල් ගෙවන්න වෙයි ඔයාට.. බලමුකො තව ඉස්සරහට..”

“ඉස්කෝලෙන් අවුට් උනාමද..?”

“ඉස්කෝලෙන් අවුට් වෙනකොට මං එළියට යන්නෙ දිනපු කෙනෙක් විදියට මිසක පරාද වුණ කෙනෙක් විදියට නෙමෙයි.. තේරුණාද..?”

“අනේ දෙයියනේ... මට නම් තේරුණේ නෑ.. හැබැයි ඉතින් ඔය කටින් බයිලා ගහලා මාව බය කරන්නැතුව ටිකක් ඔලුව පාවිච්චි කරලා වැඩ කරොත් හොඳයි.. ඒත් ඉතිං වැඩක් වෙන්නෑ.. ඒක තියෙන්නෙ වෙන කොහේවත්නේ..”

“කොහෙද..?”

සමින්දි මට තවත් ළංවුණා. එයා ළඟින් ආපු මොක්කදෝ එයාටම ආවේනික වෙච්ච සුවඳක් මගේ හිත පුරාම පැතිරිලා ගියා. තාරුණ්‍යයේ උතුරන හැඟීම් වලින් සිත හිනාවෙද්දි මං කිව්වෙ අමුතුම කතාවක්.

“ඔයා වාඩිවෙන්නෙ ඒක උඩනේ..”

“ම.. මං.. මං.. ඔයා..ට...?”

සමින්දි අත ගුලි කරගත්තා. ඒ තත්පරයෙන්ම මං පැතුමවත් ඇදගෙන එළියට පැන්නා. මං එතනම නතර උනත් පැතුමා පණ කඩාගෙන එනවුන්ස් රූම් එක පැත්තට දුවන්න ගත්තා. හොඳට හිටපු පැතුමට මොකක්ද හත්තිලව්වෙ වුණේ..? මං ආයෙත් පිටවීමේ දොරටුව දිහා බැලුවෙ සමින්දි අක්කා ඒවිද කියලා බලන්න. ඒත් එයාගෙ හුළඟක්වත් නෑ. මං කියපු දේවල් ටික නම් දිරවගන්න කෙල්ලට සෑහෙන වෙලාවක් යයි.

එනවුන්ස් රූම් එක පැත්තට දුවපු පැතුමා විනාඩි පහකින් විතර ආයෙත් මගේ දිහාට පණ කඩඩාගෙන දුවගෙන ආවා. මූට මොකක්ද හප්පේ, මේ විනාඩියට හැදිච්ච මූලග්ගාය.

“කොහෙද බං ගාල කඩාගත්තු වස්සා වගේ දිව්වෙ..? මතක තියාගනිං.. මේක අපේ ඉස්කෝලෙ නෙමෙයි කියලා..”

“මං ඒක දන්නවා බෙකම්.. මං ගියා ඇම්ඩගෙ අතුරුදන්වීම වාර්ථා කරන්න..”

“කොහෙටද..?”

“කාර්යාලයට..”

“උඹට පිස්සුද පැතුමා..”

“බලහංකො බෙකම්.. තව ඩිංගකින් මධුර මනෝහර හඬකින් ඇම්ඩාව අමතන හැටි..”

පැතුමට එහෙම කියලා කට ගන්න හම්බවුණේ නෑ.. අපි එළියට ආපු ඩී හෝල් එකේ හයි කරලා තිබ්බ නෝමල් ලව්ඩ්ස්පීකරෙන්, බුරු බුරු ෂ්.. ෂ්.. කියලා සද්දයක් ආවා.. හරියට නිකං කාටහරි බඩ බුරුල් උනා වගේ.

“උඹ කිව්වෙ ඒ සද්දෙද පැතුමා..”

මං නෝන්ඩියට වගේ ඇහුවම, පැතුමා බිම බලාගත්තා. ඒ එක්කම වගේ කොහෙදෝ ඉඳලා අපේ ඇම්ඩා ළඟට ආවා.

“හල්ලෝ බෙකම්.. මේ සුන්දර යුවතියන් අතරට උඹලත් ආවද..?”

උගේ මූණෙ හිනාව පුරවල එකයි. පේන විදියට නම් මේකා පැණි ගංගාවක්ම හලලා වගෙයි. ඇම්ඩට බනින්න බං කට හැදුවා විතරයි ලව්ඩ්ස්පීකරේ ඇහෙන නෑහෙන ගානට කතා කරන්න ගත්තා.

“සවන් දෙන්න.. සවන් දෙන්න.. මධ්‍ය මහා විද්‍යාලයෙන් පැමිණි නාලක විජෝකෝන් ශිෂ්‍යයා පැමිණෙන තුරු ඔහුගේ මිතුරන් කාර්යාලය අසල රැඳී සිටියි. කරුනාකර නාලක විජේකෝන් කාර්යාලයට වාර්ථා කරන්න..”

තොරණ් බලන්න ගිහින්, එකට ආපු ඈයො නැති වුණාම ගහන සෝක ගීතෙ වගේ එකක් ගානට පත්තු වෙලා ගියා. පැතුමත් ඉඳලා ඉඳලා මිණි මරණ වැඩනේ කරන්නෙ.

“කවුද යකෝ ඒ අලුගුත්තේරු වැඩේ කෙරුවෙ..?”

ඇම්ඩා ඇහුවෙ දත්මිටි කන ගමන්. ඌට ලතාවකට මළ පැනලා කියලා මට තේරුණා.

“මොකා කෙරුවත් උඹට තියෙන ආදරේටනේ බං එනවුන්ස් කරේ..”

“බෙකම්.. පිස්සු කියවන්නෙපා.. මට පාරෙ බැහැලා යන්න බැරිවෙන වැඩක් මේක. පැතුමා.. මං උඹව මරණවා.. තෝව මං උල්කාපාතයක් කරනවා..”

“අපි හතර දිග් බාගෙම උඹව හොයල බැරිම තැනනේ බාලිකාවෙ පොලෝසියට කිව්වෙ..”

“පැතුමා.. උඹ මගෙන් මරුම් කන්නෙපා.. උඹ ඇයි මාව හොයන්නෙ.. ආ.. මේ අති සුන්දර ලලනාවන් අස්සෙ උඹ කියන්නෙ මටත් උඹ වගේ පෝලිම් ගැහිලා ඉන්න කියලද..? නෑ පැතුමා.. මං ඒ ජාතියෙ කෙනෙක් නෙමේ.. මං උඹට වඩා විශිෂ්ඨයි.. උඹ අන්න ඒ ධර්මතාවය තේරුම් ගනිං..”

“ඇම්ඩා.. මට උඹව තේරුම් ගන්න පුළුවන්.. ඒත් ඔය ධර්මතාවෙ තේරුම් ගන්න බෑ.. නමුත් උඹ, උඹේ සුපුරුදු යටි කූට්ටු වැඩ කරගෙනම ජීවත්වෙනව නම් හොදා.. මේ අනක් ගුණක් නැති, හිතක් පපුවක් නැති ලලනාවො පස්සෙ නොයා..”

ඒපාර කතාව වෙනමම සබ්ජෙක්ට් එකකට ඇදිලා යනවා. දැන් අර එනවුන්ස් පාර මුන් දෙන්නට මතක නෑ.

“ඇයි..?”

“හැයි අහන්නෙ..? උඹ යටිකූට්ටු වැඩ ගැන දන්නව උනාට, මේ යුවතියො ගැන මොනවද දන්නෙ..? උඹ ඒ පැත්තෙන් මේ සබ්ජෙක්ට් එකට ආගන්තුකයි.. කොටින්ම මේ විෂය ධාරාවෙ උඹ ආධුනිකයෙක්..”

“නිකං පලයං පැතුමා යන්න.. හරි.. උම ඔය පරීක්ෂණ කරලා, නිදිමරාගෙන, වේදනා විඳගෙන මේ ලලනාවො ගැන මොනවද හොයාගත්තෙ..?”

ඇම්ඩා යස ප්‍රශ්නයක් ඇහුවා. අනේ ඇත්තට රටේ ලෝකෙ මේ තරම් ප්‍රශ්න තියෙද්දි මුන් දෙන්නා වද වෙන ප්‍රශ්නෙක හැටි. මං ආයෙත් ඩී හෝල් එක දිහා බැලුවෙ සමින්දි අක්කා දැන් එළියට එයි, දැන් එළියට එයි කියලා. ඒත් එයාගෙ කෑල්ලක්වත් ආවෙ නෑ.

“උඹ දැනගනිං ඇම්ඩා.. මං උමට හින්දා මේ කියන්නෙ.. වෙන එකෙකුට නම් විහිලුවටවත් කියන්නෑ.. හොඳට කන්දෙක දිග ඇරලා අහගනිං.. හරිය.. ගෑනු ළමයි එහෙමත් නැත්නම් මේ බාලිකාවෙ අති සුන්දර ලලනාවන්ගෙ ආදරෙත් හරියට චයිනීස් ෆෝන් එකක් වගේ..”

“මොකක්..?”

පැතුමා කිව්වොත් කියන්නෙ ඔය වගේ හතර බීරි කතා තමයි. කෙල්ලෙක්ගෙ ආදරේ කොහොමද හත්වලාමෙ චයිනීස් ෆෝන් එකක් වගේ වෙන්නෙ..?

“ඔව් ඇම්ඩා.. උඹ මා දිහා පුදුමයෙන් බලන්නෙපා.. කිව්වෙ සැටිපිකේට් ඇත්ත කතාවක්. ටිකක් හිතල බලපං.. චයිනීස් ෆෝන් වලට මෙලෝ වොරන්ටියක් නෑ.. කිසිදු ගැරන්ටියක් නෑ.. කිසිම කල්පැවැත්මක් නෑ.. ඒ මදිවට.. ඒ මදිවට..?”

පැතුම හරිම ආදරෙන්, බොහෝම සරලව ප්‍රශ්නෙට උත්තරේ දුන්නා. හැබැයි ඉතිං ඒකෙ ඇති වැරැද්දක් නෑ වගේම මාර ක්‍රියේටිව්.

“ඔව්.. ඒ මදිවට..?”

“ඔය හැමදේම මදිවට ඒවා ඩුවෙල් සිම්..”

පැතුමා හක හක ගාලා හිනාවෙද්දි මං අහක බලාගත්තා. තවත් මෙතන හිටියොත් මූ මොනව කියයිද දන්නෑ.. සමින්දි අක්කත් එන පාටක් නැති හන්ද මං ආපහු එන්න කකුල ඉස්සුවා. තවත් මොකට එයාගෙ ආඩම්බර බලන්න මෙතනඉන්නවද..? මොකෝ අපි එයාගෙ අත පල්ලෙන් වැටිල නෑනෙ. අනික තමන්ගෙ තැනකට ආවහම දන්න අඳුනන මනුස්සයෙකුට ඔහොමද අප්පා සලකන්නෙ..?

[QUOTE="crazybuddy, post: 13783616, member: 326070"] [SIZE=3][COLOR=Blue][URL="http://4.bp.blogspot.com/-S0i_sANV2IM/T137EDVK8aI/AAAAAAAABf4/UmAeXcqIQuU/s1600/02.png"][IMG]http://4.bp.blogspot.com/-S0i_sANV2IM/T137EDVK8aI/AAAAAAAABf4/UmAeXcqIQuU/s1600/02.png[/IMG][/URL] කොහොමින් කොහොම හරි අපි බාලිකාවට එනකොට පැය තුනක් විතර පරක්කු වෙලා. අපේ ඉස්කෝලෙන් අපිද කොහෙද අන්තිමට ඇවිත් තියෙන්නෙ. අලි පත සයිස් තාප්පෙට පිටින් පේන තට්ටු පිට තට්ටු ගහල තියෙන ගොඩනැගිලියි, ඈතින් ඈතට කූඹි වගේ පේන ගෑණු ළමයින්ව එළියෙන් දැක්කට, මං ජීවිතේට බාලිකාව ඇතුළට නම් ගිහින් නෑ. අර අලිපත යකඩ ගේට්ටුව අයිනෙ තිබ්බ පුංචි යකඩ ගේට්ටුවෙන් ඇතුල් වුණාට පස්සෙ අපි දැක්කෙ, හරිම සිරියාවන්ත දර්ශනයක්. දැකපු දැකපු හැමදේකම තිබ්බෙ පුදුම පිළිවෙලක්. “මාරයි බෙකම්.. මගේ ඇඟ කිලිපොලා යනවා... මේ තරම් ගෑණු ළමයි කන්දරාවක්.. හයියෝ.. කාව තෝරගන්නද මංදා.. මගේ පපුව වාවන්නෑ..”[/COLOR][/SIZE][COLOR=Blue] [SIZE=3] “පැතුම්.. උඹට එකක් කියන්නම්.. කට පරිස්සම් කරගෙන ඉඳපං.. මේක අපේ ඉස්කෝලෙ නෙමෙයි.. තේරුණාද.. මොනව හරි අලකලංචියක් වුණොත් සායම යන්නෙ උඹගෙ නෙමෙයි අපේ ඉස්කෝලෙ..”[/SIZE] [SIZE=3] “පිස්සුද බෙකම්.. කොටන කුකුළට කොයි කොටුවත් එකයි.. මේ වගේ සිරා චිකන් ෆාම් එකකට ඇවිල්ලා උඹ කියන්නෙ මට සන්සුන් වෙන්නද..?”[/SIZE] [SIZE=3] ඒ පාර ඇම්ඩත්, පැතුම්ට එක්කහු වුණා. මුං දෙන්නා ද්විපාර්ශවික සම්බන්ධතාවයකට ආව කියන්නෙ එතන අනිවා මලගෙදරක්.[/SIZE] [SIZE=3] “නාලක.. මොන ජල්තර් වැඩේ එළියෙ කරත් මෙතන නම් කරන්නෙපා.. කරුණාකරලා කාඩ් එක ආරක්ෂා කරගනිං.. තව ඩිංග වෙලාවයි ඇත්තෙ.. එක්සිබිෂන් එක බැලුවද අපි ගියා..”[/SIZE] [SIZE=3] මං බලන් ඉන්දෙද්දිම, ඇම්ඩගෙ මූණට ඌ උපත්තියෙන්ම අරගෙන ආපු කුණු හිනාව ආවා. මූත් එක්ක එකට ජීවත් වෙනවා කියන්නෙ ලාවා ගලන ගිනිකන්දක් උඩ ඉන්නව වගේ තමයි. සියලු සකල විධ අනතුරුම බලාපොරොත්තුවෙන් තමයි ඉන්න වෙන්නෙ.[/SIZE] [SIZE=3] “ඔ.. ඔයාලා සෙන්ට්‍රල් එකේ නේද..?”[/SIZE] [SIZE=3] ගේට්ටුවෙන් ඇතුල්වෙලා ඩිංග දුරයි යන්න හම්බ උනේ.. ජූනියර් ප්‍රිෆෙක්ට් බැජ් ගහගත්තු ගෑනු ළමයි පස්දෙනෙක් අපි ළඟට ආවා. අපරාධෙ කියන්න බෑ සිරියාව නම් ඉස්තරම්. බුරුමෙ නම් කොහොමද දන්නෑ.[/SIZE] [SIZE=3] “ඔව්.. අපේ ආවේ..?”[/SIZE] [SIZE=3] “එක්සිබිෂන් එක බලන්නනේ..”[/SIZE] [SIZE=3] පැතුම් කට අරින්න හැදුවා විතරයි අර ජූනියර් ප්රිෙෆක්ට් ගර්ල් කෙනෙක් සට සට ගාලා කතා කරා. මං දැන් හූනා කිව්ව වගේ කියන්නම්, පැතුම් ලව්ඩ්ස්පීකරේ අරිනවා කියලා.[/SIZE] [SIZE=3] “නෑ..”[/SIZE] [SIZE=3] “එහෙනම්..?”[/SIZE] [SIZE=3] “ඔයාලව බලන්න..”[/SIZE] [SIZE=3] කටේ තොලේ නොගෑවී පැතුම් කිව්වා. අර ළමයින්ට ටිකක් ලැජ්ජා හිතුණා වගේ. ඒත් එයාලගෙන් කෙනෙක් කතා කරා.[/SIZE] [SIZE=3] “බැලුවට කමක් නෑ.. මිස්ලට අහු නොවෙන්න. හැබැයි එක්සිබිෂන් එක නම් තියෙන්නෙ අර ඩී හෝල් එකේ.. අපි හිතනවා ඔයාලට ඒකෙන් දැනුම් සම්භාරයක් ලබාගන්න පුළුවන් වෙයි කියලා..”[/SIZE] [SIZE=3] “මොකක්ද බෙකම් මුං සම්බා හාල් වගයක් ගන්න පුළුවන් කියන්නෙ.. අපිට බයියන් කවන්නද හදන්නෙ..?”[/SIZE] [SIZE=3] ඇම්ඩා මගේ කණට කරල අහපු එකෙන්, තව පොඩ්ඩෙන් මගේ හිනාව එළියට පනිනවා. කෑ නොගහා හිටපං කියල කියන්න මං උගේ කකුල පෑගුවා.[/SIZE] [SIZE=3] “අපි යමු..”[/SIZE] [SIZE=3] කෙල්ලො පස්දෙනා අපි ගාවින් ඈත් වෙද්දි අපි තුන්දෙනා ඩී හෝල් එක පැත්තට ආවා.[/SIZE] [SIZE=3] “බෙකම්..?”[/SIZE] [SIZE=3] “ම්..”[/SIZE] [SIZE=3] “උඹේ පරම සැතිරිය නෑනෙ බං.. පේන්නවත්..? මල්වර වෙලාවත්ද දන්නෑ..”[/SIZE] [SIZE=3] “මොකක්..?”[/SIZE] [SIZE=3] “ඔව්.. ජම්බු ගහෙන් වැටිලද දන්නෑ බං..”[/SIZE] [SIZE=3] “කවුරු ගැනද ඇම්ඩා උඹ ඔය කියන්නෙ..?”[/SIZE] [SIZE=3] “වෙන කවුරුත් නෙමේ සමින්දි අක්කා ගැන යකෝ..”[/SIZE] [SIZE=3] “උඹ හිතන්නෙ සමින්දි අක්කා තාම ජම්බු ගහෙන් වැටිලා නෑ කියලද..? ඇයි යකෝ.. ඒකිගෙ රූප සොබාව දිහා බලපංකො.. තිසර ලැම.. යෝධ පුළුලුකුල.. මනමත් කරන සිනහව.. ඉඹින්නට හිතෙන නොයිදුල් රතදර..”[/SIZE] [SIZE=3] ඒ පාර පැතුම්ට සාහිත්‍ය බඩයන්න පටන්ගත්තා.. මොනව උනත් ඌ කියපු හැමදේම හරි.. එක බිංදුවක අඩුපාඩුවක්වත් නෑ. ඒත් සමින්දි අක්කගෙ රාජ ඌෂ්නෙනේ දිරවගන්න අමාරු. මහා අලි පඩත්තල ගෑනු ළමයෙක්නෙ. ඇම්ඩටයි, පැතුමටයි සමින්දි අක්කව දැන් මතක් උනාට මට එයාව මතක් වුනේ අපේ ඉස්කෝලෙ ගේට්ටුවෙන් පිට වෙනකොටමයි. ඒත් මං, සෙන්ට්‍රල් එකේ ඉන්න ලොකුම අපතයො දෙන්නට කිව්වෙ වෙනින්ම කතන්දරයක්.[/SIZE] [SIZE=3] “උඹල හිතුවෙ, මං මෙතෙන්ට ආවෙ, ඒකි ජම්බු ගහෙන් වැටිල ද කියලා බලන්නද..? ඒකි ජම්බු ගහෙන් නමෛයි පොල් ගහකින් වැටුණත් මට කමක් නෑ..”[/SIZE] [SIZE=3] “හරි.. හරි.. බෙකම්.. සමාව භාජනේක දාපං.. අපි උඹ ගැන හිතල එහෙම කිව්වෙ නෑ.. කොහොම හරි තව රුපියල් දෙදාහක් විතර ඒකිගෙන් කඩා ගත්තොත් කොහොමද..? ඒකි සල්ලි වලට ඩිංගක්වත් ලොස් නෑනෙ බං..”[/SIZE] [SIZE=3] ඇම්ඩා ඒපාර අමුතුම කතාවක් කිව්වා. මූ හැබැයි කිසිම දෙයක් නිකං කියන්නෑ.. ඒක මං සහසුද්දෙන්ම දන්නවා..[/SIZE] [SIZE=3] “නාලක මේක සෙන්ට්‍රල් එක නෙමෙයි..”[/SIZE] [SIZE=3] ඇම්ඩට, අපේ ඉස්කෝලෙ, යූ.සී ග්‍රවුන්ඩ් එක, මහපාර විතරක් නෙමේ බාලිකාවෙත් ඕනම තැනක් ඔට්ටුයි කියන්න මං දැනන් හිටියා. ඒකයි මට එහෙම කියවුනේ.[/SIZE] [SIZE=3] “හැබෑටම බෙකම්, අපිට ඒකිව හම්බ උනේම නෑ නේද එදා බෙට් එක පැරදුනාට පස්සෙ..”[/SIZE] [SIZE=3] චයිනීස් ෆුඩ් සෙන්ටර් එකේ ආහාර වේලෙන් පස්සෙ සති දෙක තුනක් විතර ඇඳිලා ගියා තමයි. ඒත් සමින්දි අක්කවත්, ඉන්කිවත් මං ඇහැටවත් දැක්කෙ නෑ. මගේ හිතේ මැවිල තිබ්බෙ එයා එදා ඇඳගෙන ආපු කලු පාට ලොකු ඩොට් තියෙන ගවුමත් එක්ක එයා හිටපු අපූරුව විතරයි.[/SIZE] [SIZE=3] “පැරදිච්ච දුක උහුලගන්න බැරිව ඒකි ඉස්පිරිතාලෙකවත්ද දන්නෑ.. ළඟ තියෙන රුපියල් දාහට දෙදාහට කෙල උනහම කෙල්ලො එහෙම මැන්ටලි වැටෙනවා..”[/SIZE] [SIZE=3] ඇම්ඩා කියන්නෙම අප්සට් කතා. මං මුකුත් නොකියම ඩී හෝල් එකට ඇතුල් වුණා. තැනින් තැන ළමයි පිරිලා හිටියත්, බාලිකාවෙ තාරකා විද්‍යා සංගමයෙ තරු පිරි අහස් වියනට අපේ ඇස් කෙලින්ම ඇදිලා ගියා. රෑ අහසෙ ග්‍රහලෝක උල්කාපාත, තරු, වල්ගා තරු, ඇස්ට්‍රොයිඩ ආදී නානාප්‍රකාර දේවල් අපි ඉස්සරහ සජීවීව වගේ දර්ශනේ වුණා.[/SIZE] [SIZE=3] “මැක්සා බෙකම්.. මෙච්චර හරියක් මේ කෙල්ලො ටික කොහොම කරලද අප්පෙ..”[/SIZE] [SIZE=3] ග්‍රහලෝකයක් වගේ අපූරුවට හදල තිබ්බ තරු පිරි අහස් වියන දැකල පැතුමගෙන් කාලෙකට පස්සෙ අව්‍යාජ වචන ටිකක් පිට උනා. මං වටපිට බැලුවෙ නිකමට හරි දන්න අඳුනන මනුස්සයෙක් ඉන්නවද බලන්න. ඒත් විහිලුවටවත් දැකල පුරුදු එකෙක් හිටියෙ නෑ. අඩුගානෙ ඉන්කිට මැසේජ් එකක්වත් තියල ආව නම් මෙහෙම පෝලිම් ගානෙ බඩගාන්න වෙන්නෑනෙ. “නිරෝමිල, නෙහාරලවත් පේන්න නෑනෙ බං..”[/SIZE] [SIZE=3] “නිරෝමිල නෙමෙයි පැතුම්.. කෝ මෙතන හිටපු ඇම්ඩා..?”[/SIZE] [SIZE=3] ඒ වෙනකොට වෙන ඉස්කෝලවල කොල්ලො කෙල්ලොන්ගෙන් තරු පිරි අහස් වියන පිරිලා තිබුණා. ඒ අතරෙ අපි තුන්දෙනා එක පේලියට එකා පිටිපස්සෙ එකා ඉන්න විදියටයි හිටියෙ. කොටින්ම ඇම්ඩා හිටියෙ පැතුමට පිටිප්සසෙ. මං ඉස්සරහම.[/SIZE] [SIZE=3] “මෙතන හිටියනේ බෙකම්.. අම්මප... මේ දැන් හිටියා.. මේකා කොහෙද හත්වලාමෙ ගියේ..?”[/SIZE] [SIZE=3] “පැතුමා.. වටපිට බලපං.. ඕකගෙ නමට වැඩිය ඉස්තරම් වැඩ ඕකා කරන්නෙ.. මොන අවමගුලක් කරයිද දන්නෑ.. ඇත්තමයි මූත්තෙක්ක ගමන් බිමන් එනවට අපිට තලන්න ඕන..”[/SIZE] [SIZE=3] ඒ වෙනකොට සුදු පාට ලොකු ස්ක්‍රීන් එකකට ප්‍රොජෙක්ටරයක් ගහලා ස්ලයිඩ්ස් වලින්, බාලිකාවෙ කෙල්ලො තුන්දෙනෙක් හෙන එක්ස්ප්ලේන් එකක් අපට ඉස්සරහ ඉන්න ගැත්තන්ට කරනවා. ඒ එක්කමයි මං දැක්කෙ, ඩී හෝල් එක කෙලවරේ ඉඳන් හැමදේ දිහාම ඕනකමින් බලන් ඉන්න සමින්දි අක්කව. මෙච්චර වෙලා මං එයාව දැක්කෙ නැති එකනේ වැඩේ.[/SIZE] [SIZE=3] “බෙකම්..”[/SIZE] [SIZE=3] “ම්..?”[/SIZE] [SIZE=3] “අපේ ෆ්‍රයිඩ් රයිස් එක ඉන්නවා..”[/SIZE] [SIZE=3] එහෙනම් පැතුමගෙ බයිනොකියුලර් ඇස් දෙකත් අක්කව දැකලා.[/SIZE] [SIZE=3] “ඉතිං..?”[/SIZE] [SIZE=3] “අ.. අන්න.. අන්න එයා අපිව දැක්කා..”[/SIZE] [SIZE=3] “කෑ නොඟහ හිටපං මෙතන කච කචේ නැතුව..”[/SIZE] [SIZE=3] “එයා අපිව පේළියෙ ඉස්සරහටම ගනියි නේද බෙකම්..?”[/SIZE] [SIZE=3] “මගෙන් කණ පලාගන්නැතුව ඉඳපං.. එයාට ඒ වගේ අමාරුවක් නෑ..”[/SIZE] [SIZE=3] “හේනම්..? ඇයි එයා වියදම් කරලා අපිට කෑම අරන් දුන්නෙ..?”[/SIZE] [SIZE=3] අම්මපා..... මූත් එක්ක කතා කරනවට වැඩිය හොදයි තරු පිරි අහස් වියන යට මං බිහිරි උනා නම්. මොන තරම් අමන වදකාරයෙක්ද මේ..? දාඩිය පොල්ලත් ඕසෙට දාගෙන එද්දි, තවත් විනාඩි විස්සක් විතර යද්දි, පෝලිම දිගේම මායි පැතුමයි ප්‍රොජෙක්ටරේ ළඟට ගියා. ස්ලයිඩ්ස් වලින් සෙනසුරුගෙ වළලු ටිකයි, සෙනසුරාවයි යස අපූරුවට ස්ක්‍රීන් එකේ වෛවර්ණව වැටිලා තිබුණා. ඒ මල්ටි කලර් රූප අතිරන් මම බැලුවෙ සමින්දි අක්කා දිහා. මහා ආඩම්බරකමකින් මූණ පුරවගෙන එයා සැරින් සැරේට අපි දිහා බලනව මං දැක්කා. ඒත් ඒ සුදු මූණෙ එක හිනා බිංදුවක්වත් නෑ. මොනව උනත් හිතේ කේන්තිය නම් මැස්කා විදියටම ඇති. ඇයි දෙයියනේ දෙපාරකට පන්දාහක්ම ඉවරනේ.[/SIZE] [SIZE=3] “බලහංකො බෙකම්.. තරහකාරයා වගේ ඉන්න හැටි..”[/SIZE] [SIZE=3] “ඒකි අපිත්තෙක්ක කොහොමත් ඔරොප්පුනේ පැතුමා..”[/SIZE] [SIZE=3] “හරියට නිකං බාලිකාව ඒකිගෙ වගේනේ..”[/SIZE] [SIZE=3] “ඔව්නේ බං.. හෙඩ් ප්‍රිෆෙක්ට් ඒකිනේ..”[/SIZE] [SIZE=3] “මොන වහුකුණා ඒකිට ඔය තානාන්තරේ දුන්නද මංදා.. මට නම් හිතෙන්නෙ බෙකම්..”[/SIZE] [SIZE=3] “ඔව්..”[/SIZE] [SIZE=3] “ඕකිව සිලෙක්ට් කරපු ඈයොත් වාඩිවෙන්නෙ, මොලේ බිමට වඳින්න..”[/SIZE] [SIZE=3] මට බකස් ගාලා හිනාවක් ගියා. ළඟ හිටපු එවුනුත් එකපාරටම මං දිහා බලද්දි, සමින්දි අක්කා මූනත් නරක් කරගෙන මං දිහා බැලුවා. ඇයි යකෝ අපිට හිනාවෙන්නවත් බැරිද..? අපි හිටපු තැනින් එහාට තිබ්බෙ, තනිකරම ප්‍රස්ථාර ලෝකයක්. මට ඒක බලන්න හිතුනෙ නෑ. මං පෝළිමෙන් එළියට පැන්නා. ්එ පනිද්දි මගේ ඔලුවෙ තිබ්බෙ එක ප්රශ්නයයි. ඒ තමයි, මගේ ගණනුන් පෙන්නල සමින්දිත් එක්ක කතා නොකරම මෙතනින් යනවද, නැත්නම් එයා ළඟට ගිහින් මනුස්සකමට කතා කරනවද කියලා.[/SIZE] [SIZE=3] “බෙකම්..”[/SIZE] [SIZE=3] “මොකද බං.. මල වදේ..”[/SIZE] [SIZE=3] “අර ආඩම්බරකාරිව ඉඹපංකො.. මේ හුදී ජනතාවට පේන්න..”[/SIZE] [SIZE=3] “මොකක්..?”[/SIZE] [SIZE=3] “ඔව්.. එතකොටවත් සමින්දි අක්කගෙ ඔය නළලෙ තියෙන එක බිමට වැටෙයි..”[/SIZE] [SIZE=3] නළලෙ තියෙන එක මොකක්ද කියලා මං දැනන් හිටියෙ නෑ.. ඒක පට්ට කුණු හරුපයක්නේ..[/SIZE] [SIZE=3] ප්‍රොජෙක්ටරේ ගාවින් කෙලින්ම පාර හදලා තිබ්බෙ පිටවීමේ දොරටුවට. තවත් ටිකක් එතන ඉන්න ඕන නම් දකුණු පැත්තට හැරිලා අර චාට් තිබ්බ දිහාට යන්න තිබ්බා. පිටවීමේ දොරටුවට ඩිංගක් කිට්ටුවට සමින්දි අක්කා එන හැටි මං දැක්කා. එයා සමහර විට හිතුවද දන්නෑ මගේ ආඩම්බරකමට මාත් කතා නොකරම යයි කියලා.[/SIZE] [SIZE=3] “ප්‍රදර්ශනේ බලන්නද ආවෙ..?”[/SIZE] [SIZE=3] උඩ ඉඳන් පල්ලෙහාට මාව හොඳට නිරීක්ශණය කරන ගමන් සමින්දි අක්කා මගෙන් ඇහුවා. ඒකත් මහාම මහ ආඩම්බරකමකින්. අනේ ඇත්තටම මේ දාන බොරු ගණන් වලට නම්, අර පැතුමා කිව්ව වගේ වැඩක් කරලයි පස්ස බලන්න ඕන.[/SIZE] [SIZE=3] “නෑ.. මේ සීදේවි ගෑණු ළමයි ටික බලලා යන්න..”[/SIZE] [SIZE=3] සමින්දි අක්කගෙ මූණෙන් ඇස් අහකට ගන්නැතුව මං කිව්වා. එයාගෙ ඇස් දෙක ඩිංගක් පුංචි වුණා.[/SIZE] [SIZE=3] “ඒක මං දන්නවා.. සෙන්ට්‍රල් එකේ අයට තියෙන්නෙ ඒ පිස්සුව කියලා..”[/SIZE] [SIZE=3] කෙල්ල මාව එකෙන්ම කපලා දැම්මා කියලා එයා හිතන්න ඇති. ඒත් ඔයාට වැරදිලා සමින්දි අක්කෙ. මේ බෙකම්, එහෙම ලේසියෙන් එකෙන්ම යන කොල්ලෙක් නෙමෙයි.[/SIZE] [SIZE=3] “පිස්සුව..?”[/SIZE] [SIZE=3] “ඔව්.. ගෑණු ළමයින්ව දකින්න..”[/SIZE] [SIZE=3] කටත් අමුතු විදියකට පැත්තකට ඇද කරන ගමන් සමින්දි අක්කා ලතාවකට කිව්වා. මම හිතන්නෙ කට ඇතුළෙ බබල්ගම් එකක්වත් තියෙන්න ඇති. අපේ බලයා හිටියා නම් කියයි, අනේ මට ඒ කට ඇතුළෙ තියෙන බබල්ගම් එක වෙන්න තිබුණා නම් කියලා. ඔව් ඉතිං.. කොයි තරම් සීදේවි උනත් ඊට පස්සෙ බැරියෑ ඒ හක්කෙන් මේ හක්කට.. ආයෙත් අර හක්කට.. ආයෙත් ඉස්සරහ කෘන්තකයා ගාවට, ඊගාවට රදනකයා ගාවට, පස්සෙ චඤාර්වක ගාවට ඇවිත් රහක් තිබ්බොත් පුරශ්චාර්වක ළඟටත් ගිහින් අන්තිමට, රතු පාට තොල්පෙති උඩින් බැලුමක් වගේ පිම්බිලා ඩෝං ගාලා විනාස වෙන්න.. හනේ මට නම් ඕන්නෑ..[/SIZE] [SIZE=3] “ඔය කිව්ව කතාවෙ, ඔයා දන්නැති දෙයක් තියෙනවා..”[/SIZE] [SIZE=3] “මොකක්ද..?”[/SIZE] [SIZE=3] ඇතුළෙ, කොල්ලො කෙල්ලොන්ගෙ සද්ද බද්ද ඩිංගක් විතර වැඩි වගේ හින්දද කොහෙද සමින්දි අක්කා මං ඉස්සරහට නැඹුරු උනා. දිග කොණ්ඩ කරලක් එයාගෙ පපුව ඉස්සරහට වැටුණත් එයා වම් අතින් ඒක ආයෙත් පිට පැත්තට දාගත්තා.[/SIZE] [SIZE=3] “සෙන්ට්‍රල් එකේ අපි නම් හැමදාම උදේට හිස්බඩම වගේ ලස්සන ගෑනු ළමයි ඕන තරම් දකිනවා.. ඒකට ආයෙ මෙහේ එන්න ඕන නෑ..”[/SIZE] [SIZE=3] “එහෙනම් මේ ඇවිල්ල ඉන්නෙ..?”[/SIZE] [SIZE=3] “සෙන්ට්‍රල් එකේ ගෑණු ළමයි කොහොමත් ලස්සනයිනේ.. සුන්දරයිනේ.. පිවිතුරුයිනේ.. ඒත් ඉතිං මේ බාලිකාවෙ ගෑණු ළමයින්ගෙ අලි උනනේ.. අන්න ඒ අලි උණට සම්බන්ධ වෛරසේ මොකක්ද කියල බලන්නයි අපි ආවෙ..”[/SIZE] [SIZE=3] සමින්දි අක්කගෙ මූණ ඇඳවෙලා, මැලවිලා ගියා. එයා එයාගෙ දබරැගිල්ලෙනුයි, මහපටගිල්ලෙනුයි හෙඩ් ප්‍රිෆෙක්ට් බැජ් එක තද කරලා පිරිමදින්න ගත්තා. ඊට පස්සෙ ඒ බැජ් එක මට පේන්නද කොහෙද ටිකක් ඉස්සරහට කරා.[/SIZE] [SIZE=3] “අ.. අපේ ළමයින්ට අලි උනක් නෑ..”[/SIZE] [SIZE=3] “හැමෝටම නෑ.. කීප දෙනෙකුට විතරයි.. හැබැයි ඉතිං හෙඩ් ප්‍රිෆෙක්ට් නෝනා, අපි හිස්බඩට අනන්තවත් ගෑණු ළමයි දැක්කට, ඔයාලගෙ හිස් බඩට උදේ පාන්දරම දකින්න එකම එක කොලු පරාණයක්වත් නෑනෙ.. මාර දුකයි අප්පා.. විහිලුවටවත් නෑනෙ නේද..?”[/SIZE] [SIZE=3] සමින්දිට එහෙම කියන ගමන් මං පැතුමා දිහා බැලුවා. ඌට වැඩේ නැගලම යනවා. කොටින්ම ඌ හෙණ ෆන් එකක් ගන්නවා. මේ අප්‍රසන්න කතන්දරේ අහගෙන ඉඳලා.[/SIZE] [SIZE=3] “මො.. මොකක්ද ඔයා කිව්වෙ..? ඔ.. ඔයා දැ.. දැනගන්න මං.. මං ඔයාට කරන වැඩේ..? මොකක්ද ඔ.. ඔයාගෙ නම කිව්වෙ..?”[/SIZE] [SIZE=3] හප්පට සිරි.. කෝමද පුතේ ඒ කතන්දරේ..? කෙල්ලට මගේ නමත් අමතක වෙලා.. හනේ.. හනේ.. මේ කුණු සංසාරේ මොලේ විකාර උනහම සිද්ධවෙන දේවල් වල හැටි.. පව් අප්පා.[/SIZE] [SIZE=3] “මගේ නම ඔයාට මතක නැද්ද..?”[/SIZE] [SIZE=3] “න්.. නෑහ්.. මතක තියාගන්න ඔයාගෙ නම නමක්යෑ..”[/SIZE] [SIZE=3] “ඔයා දෙපාරක්ම බෙට් කරලා පරාද උනාට පස්සෙ මං හිතන්නෙ ඔයාට නම අමතක වෙන්නැති. ඒක හින්ද මං ඔයාට චුට්ටක් මතක් කරන්නම්.. විලි ලැජ්ජාවක් නැතුවම ඔයා අපිට රුපියල් පන්දාහක්ම උනේ.. ඈ.. මතක නැද්ද..? අර රුපියල් පන්දාහකම ඔයා අපිට කන්න අරන් දුන්නෙ..? මං හිතුවා ඒ නන්නත්තාර වීමෙන් පස්සෙවත් මොලේ අංශු මාත්‍රයක් හරි තියෙන කෙල්ලෙක් නම් මගේ නම හදවතේම ලියාගෙන, අඩුගානෙ මං ඉන්න පැත්තකට හැරිලවත් නිදාගන්නෙකක් නෑ කියලා..”[/SIZE] [SIZE=3] සමින්දි යටි තොල හපාගත්තා. කෙල්ලට කේන්ති ගියාද කේන්ති ආවද කියලා මට හිතාගන්න බැරිවුණා. හැබැයි පුතෝ, එයා හිටපු ඒ ඉරියව්ව නම් මාර ගති හොදේ.. හිරේ යන්න හරි ඉඹින්න හිතෙනවා. මොනව නැතත් තමන්ගෙ පරම හතුරගෙ උනත් ලස්සන පීචස් එකක් අගය නොකර ඉන්න තරම් බෙකම් කුහක නෑ..[/SIZE] [SIZE=3] “හ... හදවතේ ලියාගන්න..?”[/SIZE] [SIZE=3] “ඔව්.. එතකොට අමතක වෙනව අඩුයිනේ.. ඔය වගේ නිතරම නම අහන්න වෙන්නෑ..”[/SIZE] [SIZE=3] “ඔ.. ඔයා හිතන්නෙ.. ඔයා දිනුවා කියලද..?”[/SIZE] [SIZE=3] “නැත්නම්.. ඔයාට හිතෙන්නෙ කෝමද..? මං පරාද උනා වගේද..?”[/SIZE] [SIZE=3] “ඔව්.. ඒ පන්දාහට දාදාහක දේවල් ගෙවන්න වෙයි ඔයාට.. බලමුකො තව ඉස්සරහට..”[/SIZE] [SIZE=3] “ඉස්කෝලෙන් අවුට් උනාමද..?”[/SIZE] [SIZE=3] “ඉස්කෝලෙන් අවුට් වෙනකොට මං එළියට යන්නෙ දිනපු කෙනෙක් විදියට මිසක පරාද වුණ කෙනෙක් විදියට නෙමෙයි.. තේරුණාද..?”[/SIZE] [SIZE=3] “අනේ දෙයියනේ... මට නම් තේරුණේ නෑ.. හැබැයි ඉතින් ඔය කටින් බයිලා ගහලා මාව බය කරන්නැතුව ටිකක් ඔලුව පාවිච්චි කරලා වැඩ කරොත් හොඳයි.. ඒත් ඉතිං වැඩක් වෙන්නෑ.. ඒක තියෙන්නෙ වෙන කොහේවත්නේ..”[/SIZE] [SIZE=3] “කොහෙද..?”[/SIZE] [SIZE=3] සමින්දි මට තවත් ළංවුණා. එයා ළඟින් ආපු මොක්කදෝ එයාටම ආවේනික වෙච්ච සුවඳක් මගේ හිත පුරාම පැතිරිලා ගියා. තාරුණ්‍යයේ උතුරන හැඟීම් වලින් සිත හිනාවෙද්දි මං කිව්වෙ අමුතුම කතාවක්.[/SIZE] [SIZE=3] “ඔයා වාඩිවෙන්නෙ ඒක උඩනේ..”[/SIZE] [SIZE=3] “ම.. මං.. මං.. ඔයා..ට...?”[/SIZE] [SIZE=3] සමින්දි අත ගුලි කරගත්තා. ඒ තත්පරයෙන්ම මං පැතුමවත් ඇදගෙන එළියට පැන්නා. මං එතනම නතර උනත් පැතුමා පණ කඩාගෙන එනවුන්ස් රූම් එක පැත්තට දුවන්න ගත්තා. හොඳට හිටපු පැතුමට මොකක්ද හත්තිලව්වෙ වුණේ..? මං ආයෙත් පිටවීමේ දොරටුව දිහා බැලුවෙ සමින්දි අක්කා ඒවිද කියලා බලන්න. ඒත් එයාගෙ හුළඟක්වත් නෑ. මං කියපු දේවල් ටික නම් දිරවගන්න කෙල්ලට සෑහෙන වෙලාවක් යයි.[/SIZE] [SIZE=3] එනවුන්ස් රූම් එක පැත්තට දුවපු පැතුමා විනාඩි පහකින් විතර ආයෙත් මගේ දිහාට පණ කඩඩාගෙන දුවගෙන ආවා. මූට මොකක්ද හප්පේ, මේ විනාඩියට හැදිච්ච මූලග්ගාය.[/SIZE] [SIZE=3] “කොහෙද බං ගාල කඩාගත්තු වස්සා වගේ දිව්වෙ..? මතක තියාගනිං.. මේක අපේ ඉස්කෝලෙ නෙමෙයි කියලා..”[/SIZE] [SIZE=3] “මං ඒක දන්නවා බෙකම්.. මං ගියා ඇම්ඩගෙ අතුරුදන්වීම වාර්ථා කරන්න..”[/SIZE] [SIZE=3] “කොහෙටද..?”[/SIZE] [SIZE=3] “කාර්යාලයට..”[/SIZE] [SIZE=3] “උඹට පිස්සුද පැතුමා..”[/SIZE] [SIZE=3] “බලහංකො බෙකම්.. තව ඩිංගකින් මධුර මනෝහර හඬකින් ඇම්ඩාව අමතන හැටි..”[/SIZE] [SIZE=3] පැතුමට එහෙම කියලා කට ගන්න හම්බවුණේ නෑ.. අපි එළියට ආපු ඩී හෝල් එකේ හයි කරලා තිබ්බ නෝමල් ලව්ඩ්ස්පීකරෙන්, බුරු බුරු ෂ්.. ෂ්.. කියලා සද්දයක් ආවා.. හරියට නිකං කාටහරි බඩ බුරුල් උනා වගේ.[/SIZE] [SIZE=3] “උඹ කිව්වෙ ඒ සද්දෙද පැතුමා..”[/SIZE] [SIZE=3] මං නෝන්ඩියට වගේ ඇහුවම, පැතුමා බිම බලාගත්තා. ඒ එක්කම වගේ කොහෙදෝ ඉඳලා අපේ ඇම්ඩා ළඟට ආවා.[/SIZE] [SIZE=3] “හල්ලෝ බෙකම්.. මේ සුන්දර යුවතියන් අතරට උඹලත් ආවද..?”[/SIZE] [SIZE=3] උගේ මූණෙ හිනාව පුරවල එකයි. පේන විදියට නම් මේකා පැණි ගංගාවක්ම හලලා වගෙයි. ඇම්ඩට බනින්න බං කට හැදුවා විතරයි ලව්ඩ්ස්පීකරේ ඇහෙන නෑහෙන ගානට කතා කරන්න ගත්තා.[/SIZE] [SIZE=3] “සවන් දෙන්න.. සවන් දෙන්න.. මධ්‍ය මහා විද්‍යාලයෙන් පැමිණි නාලක විජෝකෝන් ශිෂ්‍යයා පැමිණෙන තුරු ඔහුගේ මිතුරන් කාර්යාලය අසල රැඳී සිටියි. කරුනාකර නාලක විජේකෝන් කාර්යාලයට වාර්ථා කරන්න..”[/SIZE] [SIZE=3] තොරණ් බලන්න ගිහින්, එකට ආපු ඈයො නැති වුණාම ගහන සෝක ගීතෙ වගේ එකක් ගානට පත්තු වෙලා ගියා. පැතුමත් ඉඳලා ඉඳලා මිණි මරණ වැඩනේ කරන්නෙ.[/SIZE] [SIZE=3] “කවුද යකෝ ඒ අලුගුත්තේරු වැඩේ කෙරුවෙ..?”[/SIZE] [SIZE=3] ඇම්ඩා ඇහුවෙ දත්මිටි කන ගමන්. ඌට ලතාවකට මළ පැනලා කියලා මට තේරුණා.[/SIZE] [SIZE=3] “මොකා කෙරුවත් උඹට තියෙන ආදරේටනේ බං එනවුන්ස් කරේ..”[/SIZE] [SIZE=3] “බෙකම්.. පිස්සු කියවන්නෙපා.. මට පාරෙ බැහැලා යන්න බැරිවෙන වැඩක් මේක. පැතුමා.. මං උඹව මරණවා.. තෝව මං උල්කාපාතයක් කරනවා..”[/SIZE] [SIZE=3] “අපි හතර දිග් බාගෙම උඹව හොයල බැරිම තැනනේ බාලිකාවෙ පොලෝසියට කිව්වෙ..”[/SIZE] [SIZE=3] “පැතුමා.. උඹ මගෙන් මරුම් කන්නෙපා.. උඹ ඇයි මාව හොයන්නෙ.. ආ.. මේ අති සුන්දර ලලනාවන් අස්සෙ උඹ කියන්නෙ මටත් උඹ වගේ පෝලිම් ගැහිලා ඉන්න කියලද..? නෑ පැතුමා.. මං ඒ ජාතියෙ කෙනෙක් නෙමේ.. මං උඹට වඩා විශිෂ්ඨයි.. උඹ අන්න ඒ ධර්මතාවය තේරුම් ගනිං..”[/SIZE] [SIZE=3] “ඇම්ඩා.. මට උඹව තේරුම් ගන්න පුළුවන්.. ඒත් ඔය ධර්මතාවෙ තේරුම් ගන්න බෑ.. නමුත් උඹ, උඹේ සුපුරුදු යටි කූට්ටු වැඩ කරගෙනම ජීවත්වෙනව නම් හොදා.. මේ අනක් ගුණක් නැති, හිතක් පපුවක් නැති ලලනාවො පස්සෙ නොයා..”[/SIZE] [SIZE=3] ඒපාර කතාව වෙනමම සබ්ජෙක්ට් එකකට ඇදිලා යනවා. දැන් අර එනවුන්ස් පාර මුන් දෙන්නට මතක නෑ.[/SIZE] [SIZE=3] “ඇයි..?”[/SIZE] [SIZE=3] “හැයි අහන්නෙ..? උඹ යටිකූට්ටු වැඩ ගැන දන්නව උනාට, මේ යුවතියො ගැන මොනවද දන්නෙ..? උඹ ඒ පැත්තෙන් මේ සබ්ජෙක්ට් එකට ආගන්තුකයි.. කොටින්ම මේ විෂය ධාරාවෙ උඹ ආධුනිකයෙක්..”[/SIZE] [SIZE=3] “නිකං පලයං පැතුමා යන්න.. හරි.. උම ඔය පරීක්ෂණ කරලා, නිදිමරාගෙන, වේදනා විඳගෙන මේ ලලනාවො ගැන මොනවද හොයාගත්තෙ..?”[/SIZE] [SIZE=3] ඇම්ඩා යස ප්‍රශ්නයක් ඇහුවා. අනේ ඇත්තට රටේ ලෝකෙ මේ තරම් ප්‍රශ්න තියෙද්දි මුන් දෙන්නා වද වෙන ප්‍රශ්නෙක හැටි. මං ආයෙත් ඩී හෝල් එක දිහා බැලුවෙ සමින්දි අක්කා දැන් එළියට එයි, දැන් එළියට එයි කියලා. ඒත් එයාගෙ කෑල්ලක්වත් ආවෙ නෑ.[/SIZE] [SIZE=3] “උඹ දැනගනිං ඇම්ඩා.. මං උමට හින්දා මේ කියන්නෙ.. වෙන එකෙකුට නම් විහිලුවටවත් කියන්නෑ.. හොඳට කන්දෙක දිග ඇරලා අහගනිං.. හරිය.. ගෑනු ළමයි එහෙමත් නැත්නම් මේ බාලිකාවෙ අති සුන්දර ලලනාවන්ගෙ ආදරෙත් හරියට චයිනීස් ෆෝන් එකක් වගේ..”[/SIZE] [SIZE=3] “මොකක්..?”[/SIZE] [SIZE=3] පැතුමා කිව්වොත් කියන්නෙ ඔය වගේ හතර බීරි කතා තමයි. කෙල්ලෙක්ගෙ ආදරේ කොහොමද හත්වලාමෙ චයිනීස් ෆෝන් එකක් වගේ වෙන්නෙ..?[/SIZE] [SIZE=3] “ඔව් ඇම්ඩා.. උඹ මා දිහා පුදුමයෙන් බලන්නෙපා.. කිව්වෙ සැටිපිකේට් ඇත්ත කතාවක්. ටිකක් හිතල බලපං.. චයිනීස් ෆෝන් වලට මෙලෝ වොරන්ටියක් නෑ.. කිසිදු ගැරන්ටියක් නෑ.. කිසිම කල්පැවැත්මක් නෑ.. ඒ මදිවට.. ඒ මදිවට..?”[/SIZE] [SIZE=3] පැතුම හරිම ආදරෙන්, බොහෝම සරලව ප්‍රශ්නෙට උත්තරේ දුන්නා. හැබැයි ඉතිං ඒකෙ ඇති වැරැද්දක් නෑ වගේම මාර ක්‍රියේටිව්.[/SIZE] [SIZE=3] “ඔව්.. ඒ මදිවට..?”[/SIZE] [SIZE=3] “ඔය හැමදේම මදිවට ඒවා ඩුවෙල් සිම්..”[/SIZE] [SIZE=3] පැතුමා හක හක ගාලා හිනාවෙද්දි මං අහක බලාගත්තා. තවත් මෙතන හිටියොත් මූ මොනව කියයිද දන්නෑ.. සමින්දි අක්කත් එන පාටක් නැති හන්ද මං ආපහු එන්න කකුල ඉස්සුවා. තවත් මොකට එයාගෙ ආඩම්බර බලන්න මෙතනඉන්නවද..? මොකෝ අපි එයාගෙ අත පල්ලෙන් වැටිල නෑනෙ. අනික තමන්ගෙ තැනකට ආවහම දන්න අඳුනන මනුස්සයෙකුට ඔහොමද අප්පා සලකන්නෙ..?[/SIZE] [SIZE=3] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom