Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
| සොඳුරු නවෝදය 2 | ආදරණිය බෙකම් |
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“විලි ලැජ්ජාවෙ සංතෝසෙ බෑ..”

හිටපු ගමන් ඇම්ඩා අමුතු කතාවක් කිව්වා. ඌ කියපු වචනවල තේරුම හිතනකොට තමයි ඌ එහෙම කිව්වෙ ඇයිද කියලා මට තේරුණේ. මුළු මූණ පුරාම හග්ගල ගාඩ්න් එක පුරවගෙන අපි ළඟට ආවෙ ඉන්කි.

“කෙල්ලට අපිව දැකලා නත්තල් වගේ බෙකම්..”

“හා..නේ.. නවෝද්.. ඔයා දැන්ද ආවෙ..?”

“යකෝ.. මේකිගෙ ඇස් පොට්ට වෙලාද ගස් ගල් වගේ ඉන්න අපිව පේන්නැත්තෙ..”

පැතුමා යාන්තමට මුමුණද්දි මං ඉන්කි දිහා බැලුවා.

“දැන් ටිකක් වෙලා ඉන්කි.. ඉතිං.. ඉතිං..”

“ඉතිං කියන්නෙ.. ඔයා තමයි නවෝද් කියන්න ඕන.. මං ඒත් බැලුවා, ඔයාලගෙ ඉස්කෝලෙ ගෑණු ළමයි, පිරිමි ළමයි ගොඩේ ඔයා නැත්තෙ මොකද කියලා.. ඇත්තටම මං බයවුණා ඔයා එන්නැතිවෙයි කියලත්..”

“ඔයා බය කරන්න නම් ඔඩ්ඩි මස්සිනාවත් එක්කං එන්න වෙයි..”

ඇම්ඩා හෙණ සවුත්තු කතාවක් කිව්වා.

“මොකක්ද කිව්වෙ..?”

“නාලක කියන ඒවා ඔයා ගණන් ගන්නෙපා ඉන්කි.. මූ නැතිවෙලා ඉඳලා, ඔයාලගෙ එනවුන්ස් රූම් එකෙන් එනවුන්ස් කරලා මූව හෙව්වා.. ඒ හිතේ අමාරුව ඔය තියෙන්නෙ..”

මං කතන්දරේ ෂේප් කරා.. නැත්තං මේ තත්පරෙත් මුං දෙන්නා වලියක් දාගන්නවා.

“අපේ නවෝද් ආවෙ නැති උනාම ඇයි පැටියො ඔයා බයවෙන්නෙ..?”

ඔන්න ඒ පාර අනිත් හැලගෙම්බා බක බක ගාන්න ගත්තා. අනේ අම්මපා මුංගෙ කටවල් නම්... මොන නැකතකින් කටේ රං කිරි කට ගෑවද මංදා. කොහොම උනත් පැතුමගෙ කතාවට නම් ඉන්කිට පුංචි හිනාවක් ගියා. සමින්දි අක්කා ආඩම්බරේට නළලෙ තියාගනෙ හිනා වෙන හිනාවිල්ලයි, මේ අව්‍යාජ හිනාවෙයි මාර වෙනසක් තියෙනවා. මේක පපුව ඇතුලෙන්ම එන මල් මල් හිනාවක්නේ. නෙලපු ගමන් හිත හොඳ එකෙකුට මල් බොකේ එකක් විදියට දෙතෑකි.. ඒ තරම් ගති.

“අර පැටියො කෑල්ලට නම් මං ඒ තරම් ආස නෑ.. මං ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරයක් දේනනෙත් නෑ.. ආ.. නවෝද්.. ඔයා එක්සිබිෂන් එක බලලා ඉවරද..?”

ඉන්කි සම්පූර්ණයෙන්ම මං දිහාවට හැරුණා.

“හනේ මංදා.. අර ඩී හෝල් එකට ඇතුල්වෙලා පැය ගාණක් තැපලතැපල පෝලිමේ වරුවක් විතර ඉඳලා තැම්බි තැම්බි ඒකෙ තියෙන ඒවා නම් බැලුවා.. මට නම් එපා උනා..”

මං ඇත්තම කිව්වා. ඉන්කිගෙ මූණ බලන් ඉඳිද්දිම වෙනස් උනා. මගේ කතාව එයාට අදහගන්න බැරිවුණා වගේ.

“ස්.. ස්.. හූ.. දෙයියනේ.. ඇ.. ඇයි නවෝද් ඔයා පෝලිමේ හිටියෙ.. අනේ.. එතන සමින්දි අක්කා හිටියනේ.. එයා ඔයාව දැ.. දැක්කෙ නැද්ද..? එයා ඔයාව ඉස්සරහට ගත්තෙ නැද්ද..?”

“මාව ඉස්සරහට ගන්න..? පුළුවන් කමක් තිබුණ නම් එයා මගේ ඉස්සරහින් තවත් සීයක් දෙසීයක් දානවා..”

“අ.. අනේ සොරි නවෝද්..”

“කමක් නෑ ඉන්කි.. ඒක් ඒ තරම් ගණන් ගන්න දෙයක් නෙමෙයි..”

“ඒ.. ඒ.. උනාට මගේ හිතට හරිම නෑ.. ඔ.. ඔයා පව් නවෝද්.. ඔයා අපිට කොයි තරම් උදව් කලාද..?”

“උදව්..?”

“ඔව්.. අපේ බෑග්ස් හොයල දීලා.. අඩුගානෙ සමින්දි අක්කට ඒකවත් මතක තියාගන්න තිබුනා..”

ඔන්න එතකොට තමයි මට මතක් උනේ, ඒ මහා බෑග් නිදාන කතාවේ දෙවෙනි කොටස ඉන්කි දන්නෑ කියලා. අර මගේ ගෝල්ඩන් බූට්ස් දෙක වෙනුවෙන් පට්ට බෙට් එකක් දාලා සමින්දි ආයෙත් මැක්සා විදියට නෝන්ඩි උන එක. ඒත් මං ඒක ඉන්කිට කියන්න ගියේ නෑ. ප්‍රධාන හතුරා උනත් ඔය තරමට නෝන්ඩි කරන්න පුළුවන්ද අප්පා.

“චුට්ටක් එන්නකො නවෝද්..?”

කතාව යද්දිම ඉන්කි මට කතා කරා. මං පැතුමයි, ඇම්ඩයි දිහා බැලුවා.

“ඔ.. ඔයාලා දෙන්නත් එන්න..”

ඒපාර ඉන්කි උන් දෙන්නටත් කතා කරා. ලොවෙත් නෑ.. කෙල්ල අපිටත් උදව් කරන්නද හදන්නෙ.

“බෙකම්..?”

“ඇයි පැතුමා..?”

“මේ අත තියලා බලපං.. මගේ බට්ටා ගැහෙනවා බං.. මේකි අපිට මොනවා කරන්නද යන්නෙ..?”

“බයවෙන්නෙපා.. වැඩිම උනොත් ඒකි උඹේ පතිවෘර්තාව කාලා කිරි පැකට් එකක් බොයි.. එච්චරයි..”

ඇම්ඩා තවත් අලුගුත්තේරු කතාවක් කිව්වා. මොනව වුනත් තවත් දුරට බාලිකාව ඇතුළට යන එක ගැන නම් මගේ හිතේ ෆිට් එකක් තිබුණෙ නෑ. ඒ මදිවට බලන බලන හැම පැත්තෙම හිටපු අනේක විධ ගෑණු ළමයි අපි දිහා බලන් හිටියෙ, සත්තු වත්තෙ කූඩුවක දාලා ඉන්න ඉතියෝපියානු චම්පන්සියො තුන්දෙනෙක් දිහා බලලා සංතෝස වෙන විදියට. ඒ මදිවට අතරින් පතර ලාවට හීනියට එහෙන් මෙහෙන් සූ සද්දත් ගලාගෙන ආවා.

“එන්න නවෝද්..”

ඉන්කි නතර වුණේ ටික්ක ලොකු කාමරයක් ළඟ. ඒක දැක්ක ගමන්ම, ඒකෙ ඇතුලෙ තියෙන්නෙ මොනවද කියලා මට තේරුණා. විශේෂ ආරාධිතයන්ට බාලිකාවෙන් දෙන සංග්‍රහය කෙරෙන්නෙ මෙතන කියලා, මං දැනගත්තෙ හමාගෙන ආපු බිස්කට් සුවඳන්. කමක් නෑ... රහුමානියා එකෙන් තෝසෙ ගිල්ලට ඒවා දැන් වාශ්ප වෙලා ඉවරයි. අර හෝල් එකේ කොයි තරම් වෙලා හිටිගෙන හිටියද..?

“ඉන්කි.. ඇයි මේ..?”

මං නිකං බබා වගේ ඇහුවා.. නැත්නම් චරිතෙට හොඳ නෑනෙ.

“ඔයාලට මහන්සිත් ඇත්නේ. අපි මොනව හරි බොමු.. අනික ඉතිං සෙන්ට්‍රල් එකේ ජනප්‍රියම ක්‍රීඩකයා අපේ බාලිකාවට ආවහම සලකන්නත් එපෑය.”

හිනාවෙවී කියන ගමන්, ඉන්කි කාමරේ ඇතුළට යද්දි අපිත් ඒ පිටිපස්සෙන්ම ගියා. කාමරේ ඇතුලෙ හිටියෙ ටීචර්ස්ලම හත් අටදෙනෙක් විතරයි. එයාලා කන්න වගේ අපි දිහා බලද්දි, ඉන්කි බොහොම ගරු සරු ඇතුව මාව අඳුන්වලා දෙන හැටි මං දැක්කා. ඊට පස්සෙ තමයි ඒ මූණු වලට හිනාවක් ආවෙ. බලන් ගියාම ඉන්කිට ඉස්කෝලෙ ඇතුළෙ මාර ප්ලේස් එකක් තියෙනවනේ.

“මොනව උනත් ඉන්කි, රත්තරං කෙල්ල බෙකම්.. ඒකිට විතරයි අපේ සුදහ ගින්දරේ තේරුණේ..”

බිස්කට් වලින් කට පුරවගෙන පැතුමා කියවනවා.

“හා.. හා.. මගේ උක්කු අම්මා.. තෝ හෙමීට කාපිය.. බිස්කට් කුඩු උන්ඩුක පුච්චෙට ගියොත් මහ ඉස්පිරිතාලෙට තමා ගෙනියන්න වෙන්නෙ.”

ඇම්ඩගෙ කටෙත් මාරි බිස්කට් පුරවලා එකයි. ඇපල් කෑලි හීනියට ලියලා මලවලා දාලා තිබ්බ බීම වීදුරුවක් මං අතට ගත්තා.

“නවෝද්... බිස්කට් කන්නැද්ද..?”

“මටත් එක්ක මුං දෙන්නා කනවා..”

ඉන්කිගෙ හිනාව එක පාරටම වැඩි උනත්, ඒක බලන් ඉඳිද්දිම අඩුවෙලා ගියා. මං හිතුවෙ ටීචර්ස්ලා ඉන්න හන්දා කියලා. ඒත් එයාලා හිටියෙ අපිට සෑහෙන තරම් එහායින්. ඒත් ඉන්කි සයිලන්ස් වෙන්න, හේතුව මං දැක්කෙ, තත්පර ගානක් ගියාට පස්සෙ. අපි කාමරේට ඇතුල් උන දොර හරස් කරගෙන හිටියෙ සමින්දි අක්කා.

“ඉන්කි..?”

“සමින්දි අක්කෙ..?”

“ඔයා මොනවද මෙතන කරන්නෙ..?”

ඒ වචන ටික නම් කණට ගැහුවා වගේ තමයි. අපි හැමෝගෙම හිත් සවුත්තු වුනා. බලන් ගියාම සමින්දි අක්කා කියන්නෙ තනිකරම දුෂ්ඨ රෝල් එකක්නේ.

“ම.. මං නවෝද්ලට පුංචි සංග්‍රහයක් කරා..”

“සංග්‍රහ තමයි.. දන්නවද වෙලා තියෙන වැඩේ..?”

ඉන්කි ගැස්සිලා ගියා කියලා මං දැක්කා. පව් අප්පා.. මං හින්දා කෙල්ලත් අලි පරිප්පුවක් වගේ කන්නෙ.

“මො.. මොකක්ද සමින්දි අක්කෙ..?”

“මොකක්ද තමයි.. අන්න අර ප්‍රොජෙක්ටරේට දාන ස්ලයිඩ්ස් වගයක් නෑල්ලු..”

“නෑල්ලු..?”

“ඔව්.. අ.. අර ළමයින්ට පෙන්වන්න දෙයක් නැතුව ඉන්නෙ.. මොනව පෙන්නන්නද මංදා.. මං මේ පිස්සු හැදිලා ඉන්නවා.. ඔයා මෙහේ සංග්‍රහ..”

ඒ වෙනකොට රූම් එකේ හිටපු ටීචර්ස්ලා කීප දෙනෙක් සංග්‍රහ භුක්ති විඳලා එළියට ගිහින් තිබුණා. ඒක හන්දම, තවත් කට වහන් ඉඳලා, ඉන්කිව සවුත්තු කරන්න මං සමින්දි අක්කට ඉඩ දුන්නෑ.

“මේ..?”

හිටපු තැනින් නැගිටල, බීම වීදුරුව මේසෙ උඩින් තියලා මං කෙලින්ම සමින්දි අක්කා ළඟට ගියා. ඉන්කිගෙ මූණ බයෙන් මහත්වෙද්දි, සමින්දිගෙ මූණට ආවෙ මහා සවුත්තු හිනාවක්.

“ඇයි..?”

“මෙතන අපි කන බොන එක, ඔයාට ප්‍රශ්නයක් වගේ.. එහෙම ප්‍රශ්නයක් නම්, මෙලෝ මානුෂික ගුණාංගයක් නැති ඔයා වගේ කෙනෙකුට මේ බාලිකාවෙ හෙඩ් ප්‍රිෆෙක්ට් කම දීපු කෙනාගෙ ඔලුව හොඳ නෑ..”

අර සවුත්තු හිනාව, හිමින් සීරුවෙ නැතිවෙලා යද්දි, සමින්දි අක්කා එයාගෙ රතු තොල්පෙති දෙක එකට තද කරගත්තා. ඒ ඉරියව්වෙත් අමුතුම ගතියක් නැතුවම නෙමෙයි. ඒත් ඉතිං, මේ බෙකම්, ඔය වගේ කැටයම් අනන්ත අප්‍රමාණ දැකලා තියෙනවා. එහෙව් එකේ, මේ හැමදේම නළලෙ තියාගෙන ඉන්න බාලිකාවෙ හෙඩ් ප්‍රිෆෙක්ට්, කජ්ජක්ද කොලුවො කියලා හිතෙනවා.

“දැන් මගේ හෙඩ් ප්‍රිෆෙක්ට් කමෙයි, මෙතනයි අතරෙ තියෙන ප්‍රශ්නෙ මොකක්ද..? මට ඔයාට කියන්න තියෙන්නෙ පෞද්ගලික ප්‍රශ්නයි, ඉස්කෝලෙ ප්‍රශ්නයි එකට පටලව ගන්න එපා කියලා..”

මොකක්ද බං ඒ අලුගුත්තේරු කතාවෙ තේරුම.. මං ඇම්ඩා දිහා බැලුවා.. ඌ පැතුමා දිහා බැලුවා.. පැතුමා මං දිහා බැලුවා.. කිව්වත් නොකිව්වත් මං දන්නවා දැන් ඊගාවට වෙන වැඩේ. මුං දෙන්නා ෆයර් උනොත්, ෆයර් බ්‍රිගේඩ් එකක් ගෙනැල්ලවත් බේරන්න බෑ. ඒක හින්ද මං උන් දෙන්නටම කඩින් කඩේ ඇහැක් ගැහුවා. බෙකම් ඒකච්ඡන්දයෙන් පත්වෙලා ඉන්දෙද්දි උංට තියෙන්නෙ බලන් ඉන්නනේ.

“මං පටලවාගත්තු දෙයක් නෑ. ඔයයි මෙතෙන්ට ප්‍රයිවට් ඒවා ඇදල ගත්තෙ. ඔට්ටු දෙක්ක ඇපත් නැතුව පරාද වුණා කියලා, දකින දකින තැන මට කපන්න එන්නෙපා. ඒක සදාචාරෙට අගුණයි. තේරුණාද..? මේක ඔයාගෙ බාලිකාව වෙන්න පුළුවන්. ඒත් මේ බෙකම්ට ඕන පිච් එකක් ඔට්ටුයි. මොකද ඕන වැල්ලක මගේ බඹරෙ කැරකෙනවා.”

සමින්දිගෙ මූණ බලන් ඉද්දිම තද රතු පාටට හැරුණා. කරන්න දෙයක් නෑ.. ඔයා තමයි සත්තලං දුවේ ඇදගෙන නෑවෙ. මේ යස අපූරුවට හිටපු කොලු ගැටයගෙ කට අවුස්සලා සමින්දි අක්කා ආයෙත් කට අරින්න හදද්දි මං අත උස්සලා එයාව නැවැත්තුවා.

“ඉන්න.. මං තාම කියල ඉවර නෑ.. ඔයා අහපු දෙවැනි ප්‍රශ්නෙට උත්තරෙයි මං ඔය දුන්නෙ.. පළවෙනි එක තමයි, තමන් හෙඩ් ප්‍රිෆෙක්ට් නම් ප්‍රශ්නයක් ආවහම, ගාල කඩාගත්තු වැස්සි වගේ උඩ පැන පැන තප්පුලන්න හොඳ නෑ. ළඟ ඉන්න එවුන්ට ඉරිසියාවෙ පැලීගෙන අනින්න කරන්න යන්න හොඳ නෑ.. වෙලා තියෙන ප්‍රශ්නෙට උත්තර හොයනවා ඇරෙන්න.. ඔයා මෙතන ලෝකෙ පෙරලන්න උඩ පැන්නට ස්ලයිඩ් ටික හම්බවෙන්නෑ..”

ආයෙ දෙකක් නෑ සමින්දි අක්කට හතරගාතෙ දාලා බිම ඇදගෙන වැටෙන්න ඒ වචන ටික හොදටම ඇති. ඒත් කෙල්ලගෙ තියෙන ආත්ම අභිමානයට මගේ ප්‍රහාරය අමාරුවෙන් ඉවසගෙන හිටියා.

“අ.. අනේ නවෝද්.. ප්ලීස්.. ප්ලීස්.. ඔය කතාව නවත්තන්න.. මං හින්දා ඔයාලට පුංචි හරි හිත් රිදවීමක් උනා නම් සමාවෙන්න.. සමින්දි අක්කෙ.. ඔයත් මං ගැන වැරදියට හිතන්නෙපා.. නවෝද් අපිට හුඟක් උදව් කරා.. අපේ නැතිවෙච්ච බෑග්ස් හොයලා දීලා.. අපි ඒක අමතක කරන්න නරකයි..”

“හරි.. හරි.. ඒ කතා මෙතෙන්ට ඕන්නෑ.. ඔයා චුට්ටක් එළියට එන්න, ඔය පිරිමි ළමයින්ගෙන් ඈත්වෙලා.. අපි දැන් මේකට මොකද කරන්නෙ.. බලන්නකො ස්ලයිඩ්ස් වලට වෙච්ච දෙයක් නෑනෙ..”

සමින්දි අක්කයි, ඉන්කියි එළියට ගියා. ඒ තත්පරයෙම ඇම්ඩා කට ඇරියා.

“මැක්සා..! බෙකම්..!! මැක්සා..!!! ඕකිට ඔහොමම තමයි කරන්න ඕන.. දැක්කනේ, මූණ කට සීදේවි උනාට ඇඟ පුරාම මොලේ තියෙන හැටි. අපි කාපු මේ හිඟන බිස්කට් කෑල්ලටත් ඕකි කුල කිව්වා. මං මේක ලේසියෙන් අතාරින්නෑ.. උඹ ගේමෙන් අයින් වෙයන් බෙකම්.. මේ සංසාරෙ පුරාවටම මං ඕකිට අංචිය අදිනවා..”

ඇම්ඩා කිව්වොත් කිව්වා තමයි.. උගේ පදාසයක් ගියත් වැඩේ ඉවරයක් කරලයි ඌ පස්ස බලන්නෙ.. ඇම්ඩා මේක ගෑනු ඉස්කෝලයක් කියලා බලන එකක් නෑ.. සමින්දිව කකුල් දෙකෙන් උස්සගෙන එලියට යයි.. ඊට පස්සෙනේ පෙරහැර තියෙන්නෙ..

“බෙකම්.. ඇයි බං ඒකිට උඹව වහ කඳුරු වගේ වෙලා තියෙන්නෙ..? වෙන කෙල්ලෙක් නම් මෙලහකට උඹට පණත් දීලනේ..”

“ඕකවත් තේරෙන්නෙ නැද්ද මැටි පූසො.. අපි ඒකිගෙ පන්දාහකට විදපු එකේ, ඒකිට බෙකම් විතරක් නෙමේ උඹවයි මාවයිත් පේන්න බැරුව ඇති..”

“අර ස්ලයිඩ් වගයක්ද මොනවද නැති එකෙන් ඉන්කිට අවුලක් වෙයිද බං.. අරකි කඩන් පැන්නෙ ඉන්කි එතන බාරව හිටිය වගේනේ..”

පැතුමට ප්‍රශ්න කෝටියයි.. ඒත් ඇම්ඩගෙ මූණෙ, කාලෙකින් ඇඳුණෙ නැති ගති හිනාවක් මතුවුණා.

“ඉන්කිට අවුලක් වෙන්නෑ බෙකම්..”

“ඒ කිව්වෙ..?”

“ස්ලයිඩ් ටික මගේ සාක්කුවෙ..”

“මොකක්..?”

මායි, පැතුමයි දෙන්නම ගල් ගැහුණා. හපොයි දෙයියනේ මේ වහුකුනා කරොත් කරන්නෙම ඔය වගේ නසරානි වැඩක්මනේ.. දැන් මේක කොතනින් කොහේට ගිහින් මොනවා වෙලා ඉවර වෙයිද මංදා.. හැබැයි ඉතිං තවත් පැත්තකින් බැලුවොත් ඇම්ඩා කරලා තියෙන්නෙ මාර ගති වැඩක්. කොටින්ම ඌ දිලා තියෙන්නෙ අන්තර් ජාතික තත්වයේ ගේමක්. මොනවා උනත් මායි පැතුමයි කට අරින්න කලින් ඉන්කි අපි ළඟට ආවා. එයාගෙ පිටිපස්සෙන් සමින්දිත් ආවා. මේ වෙලාවෙ නම් සමින්දිගෙ මූණෙ ඩිංගක් මනුස්ස පාටක් තිබුණා. කලින් තිබ්බට වඩා සාමකාමියි.

“ප්‍රශ්නයක්ද ඉන්කි..?”

“අනේ ඔව් නවෝද්.. හරි වැඩේනේ වෙලා තියෙන්නෙ.. අපේ ස්ලයිඩ් වගයක් නැතිවෙලා.. දැන් බලන්න එන ළමයින්ට පෙන්වන්න දෙයක් එතන නෑ..”

ඉන්කිගෙ ඇස් වලට කඳුළු පිරීගෙන ආවා. පව් දෙයියනේ.. කොහේවත් තියෙන පව් සේරම කෙල්ලගෙ පිටිනුයි යන්න හදන්නෙ. දැන් කොහොමද අප්පා මේක ශේප් කරන්නෙ.. මට නම් තේරෙන්නෑ..

“ඉන්කි..”

“ඇ.. ඇයි සමින්දි අක්කෙ..?”

“වෙලා තියෙන ප්‍රශ්නෙ මෙයාලට කිය කියා ඉඳලා හරියනවද ළමයො.. ආ..! නැතිවෙච්ච ඒවා හොයන්න මෙයාලා පොලීසියෙන්ද..? නිකං බොරුවට කාලෙ නාස්ති කරන්නැතුව මේක පෙන්නන්න ක්‍රමයක් හොයන්න.. නැත්නම් අන්තිමට මටයි ප්‍රශ්නෙ එන්නෙ..”

මොකක්ද යකෝ ඒ නොසංඩාල කතාව.. කටත් ඇද කර කර කියපු ඒ අවමංගල කතාවට මට ඌරු ජුවල් නැග්ගා. මේකිගෙ හිත ගලක්ද මංදා.. මේ තරම් නොහොඹිනා විදියට අපිට කතා කරන්නෙ.

“නැතිවෙච්ච ඒවා නම් හොයන්න පුළුවන් වෙයිද දන්නෑ.. හැබැයි ඉතිං, ඉන්කි අපේ බොක්කෙ ෆිට් එක හින්දා, අපට උදව්වක් නොකර ඉන්න බැරිකමකුත් නෑ..”

කේන්තියත් එක්කම මං සට සට ගාලා කියවන් ගිය වචන වලට සමින්දි අක්කගෙ මූණ රතු වුණා. හොඳ වැඩේ අලි පඩත්තලකමට, අලි වංශෙන් ඉන්නවට.

“ඔයාලට මොනවද අනේ කරන්න පුළුවන්.. එන්න ඉන්කි.. අපි ප්‍රින්සිපල් මෑම් හම්බවෙලා මේක ඩිස්කස් කරමු.. එයා අපිට මොනවහරි සොලියුෂන් එකක් දෙයි..”

සමින්දි අක්කා කලබලයෙන් වගේ ඉන්කිගෙ අතින් ඇද්දා. අම්මපා මේකිට හෙඩ් ප්‍රිෆෙක්ට් කම නෙමෙයි, අපේ ඉස්කෝලෙ දැල්ලගෙ ජොබ් එකවත් හරියන්නෑ.. මූණ කට කොයි තරම් සීදේවි විදියට මවල තිබ්බත් ඒවටත් එක්ක හරියන්න, දෙයියො මේකිට මොලේ දීලා තියෙන්නෙ හුඟක් අඩුවෙන්.

“ඉ..න්..කි..”

අපි ගාවින් ඈත්වෙලා යන ඉන්කිට මං කතා කරත් මගේ ඉස්සරහට ආවෙ සමින්දි අක්කා.

“ඇ..යි..?”

“මං ඔයාට නෙමෙයි කතා කෙරුවෙ.. ඉන්කිට..”

“ඒකත් එහෙමද..? ඔයා එහෙනම් කියන්න යන්නෙ... ඉන්කි.. මං මේක හොයල දෙන්න බලන්නම් කියලද..?”

“නෑ..”

“එහෙනම්..?”

“ස්ලයිඩ් ටික හොයල දෙනව කියන්න.. ඉන්කි මට විනාඩි දහයක් දෙන්න.. ඔයාට වැඩේ ඇදගෙන යන්න පුළුවන් වෙන විදියට මං මොනා හරි කරන්නම්..”

මගේ ජව සම්පන්න කතාවෙන් සමින්දි අක්කා ටිකක් විතර අවුල් වුණා. ඔහොම යංකො.. තාම මේ කතන්දරේ පටන්ගත්තා විතරනේ..

“ඉන්කි..! මේ විහිලු කතා ඔයා අහන්නෙපා.. මෙයාගෙ ඔලුව නරක් වෙලාද කොහෙද..? මෙයා කොහොමද මොනව හරි කරන්නෙ..? මොකෝ මෙයාගෙ මූණ පෙන්නන්නද ස්ලයිඩ් ටික නැතිකොට.. මට නම් හිතේනනෙ අපේ ස්ලයිඩ් ටික කවුරු හරි අරන් යන්නැති..”

“මගේ මූණ පෙන්නුවොත් මේ මුලු බාලිකාවම තරු පිරි අහස් වියන යටට එයි. හැබැයි ඉතින් ස්ලයිඩ් ටික කවුරු හරි අරන්ග ිහින් තිබ්බත්, ඔයාට වැඩේ කරගෙන යන්න ඕන නම් මං ඔයාට හෙල්ප් කරනවා ඉන්කි. මට මේ ඔයාගෙ හෙඩ් ප්‍රිෆෙක්ට්ගෙ බයිලා වැඩක් නෑ.. මෙයා නිකං කච පච ගානවා විතරයි. කරන වැඩකුත් නෑ. ඔයා මොකද කියන්නෙ ඉන්කි..?”

මං සමින්දි අක්කව බින්දුවටම දාලා කතා කරා. මේ වගේ ජොහොර කතාවලට තව ඉවසගෙන ඉන්න බෑනෙ අප්පා. දෙන එක දෙන්න ඕන දොඹෙන්.. හැඳි ගෑවිලාම යන්න. ඒත් ඉන්කිට කතා කරන්න නොදී සමින්දි අක්කා ආයෙත් මැදට පැන්නා.

“ඔයාට කරන්න පුළුවන් දෙයක් ඕන ඔයා කියන්න..”

“මට පුළුවන් හින්දයි මං කිව්වෙ..”

“බැරි වුනොත්..?”

සමින්දි අක්කගෙ ඇස් දෙකේ තිබ්බෙ නලියන දඟකාරකමක්.

“මේ බෙකම්ට බැරි දෙයක් නෑ..”

“මොනවද බෙට් කරන්නෙ..?”

තොල් පෙති දෙක එකට, හීනියට තද කරන් සමින්දි අක්කා මගේ මූණට එබුණා. මේකි නම් ගිය ආත්මෙ බෙටින් සෙන්ටර් එකක පත්තරයක් වෙලා හරි ඉඳලා තියෙනවා. ඇයි යකෝ හැම බඩකඩිත්තුවටම බෙට් කරන්නනේ යන්නෙ. හැබැයි ඉතිං තොරණෙ ගහපු ජාතක කතා වස්තුව නිට්ටාවටම දන්නෙ මං හින්ද, මගේ හිත පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහිල්ලයි තිබුණෙ. ඔහොම ඉස්සරහට යමුකො සත්තලං..

“ඕන දෙයක්..”

සවුත්තුවට වගේ සමින්දි අක්කා වටපිට බලද්දි, ඇම්ඩා මට ඇහැක් වහලා මහපටැගිල්ල උරුක් කලා. ඔන්න ඒ අතරෙ තමයි ඉන්කිගෙ කටට පණ ආවෙ.

“බෙට් ඕන නෑ නවෝද්.. ඔයාට පුළුවන් නම් මේක කරන්න.. මට කරන උදව්වක් හැටියට..”

“නෑ.. නෑ.. ඉන්කි.. ඔයා පනින්නෙ නැතුව ඉන්න ඩිංගක්.. මෙයා මේ කියන තරම් වැඩකාරයෙක්ද කියලා අපි බලමුකො..”

“බලන්න දෙයක් නෑ.. බෙකම් කියන්නනෙ ඔන් ද ස්පොට් ගේම් ගහන එකෙක්.. හරි.. මොකක්ද බෙට් එක..”

“බෙට් එක ඉතිං ඔයාම දැම්මොත් හොඳයි.. මොකද පරදින්නෙ ඔයානේ.. ඒක හින්ද ටිකක් ලේසි එකක් දාගන්න..”

මට නම් මේකිගෙ කට කතෑකි..මං මේ තරම් මැක්සා විදියට කතා කරද්දිත් මේකි අලියා වෙන්න එනවනේ.

“හරි.. බෙට් එකෙන් පැරදෙන කෙනා සෙනසුරාදට යූ.සී ග්‍රවුන්ඩ් එක වටේ රවුම් සීයක් දුවන්න ඕන.. හැබැයි පටන්ගන්නෙ හරියටම දවල් දොළහට..”

සමින්දිගෙ ඇස් දෙක ලොකු උනා. කෙල්ල හිතන් ඉන්න ඇත්තෙ තවත් ප්‍රයිඩ් රයිස් දන්සැලක් කියලා වෙන්නැති නේ.?

“රවුම් සීයක්..?”

“ඔව්.. ඇයි බය උනාද..? නිකං අප්සට් අප්සට් වගේ නම් වැඩේ අතෑරලා දාමු..”

“න්.. නෑ.. ඇයි මං බයවෙන්නෙ..? බෙට් එක ස්තිරයි..”

සමින්දිගෙ කටින් ඒ ප්‍රියමනාප, අර්ථවත් වචන ටික පිට උනා විතරයි ඇම්ඩයි, පැතුමයි පහට පහක් දානවා මං දැක්කා. කොහොමටත් මේ තත්පරයෙ ඉඳලා අපි ඔක්කොම ගොඩනේ.

“ඉන්කි ඔතනම ඉන්න.. අපි විනාඩි දහයෙන් එනවා..”

ඉන්කිගෙ මූණ සුදු සිනාවකින් පිරෙද්දි සමින්දි අක්කා මූණ අමුතු කරගත්තා.. ඒ අතරෙ අපි තුන්දෙනා හනි හනිකට මහ පාරට ආවා.

“බෙකම්.. එකෙන්ම වැඩේ ගොඩ ගියා නේද..?”

“ආයෙ අහලා.. ගේම නම් ගේම නාලක.. උමත් වෙලාව කලාව බලලා සොරි ගේමක්ම තමයි දෙන්නෙ.. නියමයි මචං..”

“හෙ.. හේ..! උඹ ඔහොම මගේ දෙයක් අගේ කරනකොට මට දැනෙන ප්‍රීතිය වාවගන්න බෑ බං.. අම්මප බෙකම් මට හිතෙනවා, බාලිකාවෙ ප්‍රින්සිපල් මැඩම්වත් උස්සන්න..”

ඇම්ඩා ඒ පාර අමුතුම කතාවක් කිව්වා.

“වැඩක් නෑ බං.. ඒ ලලනාව උස්සන්න නම් අපි තුන්දෙනාමවත් යන්න වෙනවා.. මතක තියාගනිං.. නාකලයා උඹ ඒ මස් පරුවතේට යටවෙලා මැරෙයි.. තේරුණාද..?”

“පැතුමා.. උඹ මගෙන් නොහොඹිනා වචන අහගන්නෙපා.. දැන් අපි මේකට මොකද කරන්නෙ කියපං..”

“ඇයි නාලක..?”

“මේ ගත්තු ස්ලයිඩ් ටික උං අඳුනගනීවිනේ බෙකම්.. උං මේවා ලක්ෂ වාරයක්වත් දැකලා, අල්ලලා ඇතිනේ.. සමින්දිට උනත් ගානට මීටර් වෙයි..”

“ඕන මීටරයක් වෙද්දාවෙ.. අපිට මොකෝ බං.. හේනම් ඒකි අපේ බෙකම්ගෙ ෂුස් දෙක ඉස්සුවෙ උඹ බලන් ඉන්දෙද්දිම.. ඒවා ප්රිෆෙක්ටලට හොඳ වැඩද..?”

“හරි.. හරි.. ඔය ආගිය කතා අතෑරපල්ලා.. උම මේවා ගන්නවා කවුරුවත් දැක්කද නාලක..?”

“නෑ බෙකම්.. කිසි කලෙක නෑ.. උඹට කියන්න, මට හොරකම්කිරීම පිළිබඳ පස්චාත් උපාධියක් තියෙනවා. මං ඒ ගැන අවුරුදු ගාණක් අධ්‍යනය කරල තියෙනවා.. තේරුණාද..?”

“මොනව උනත් උඹ දීපු ගේම් වලින් මේක තමා කොලිටිම එක නාලක..”

“තැන්ක් යූ බෙකම්..! මේ ආපු සංසාර ගමනෙදි ආදරණිය බාලිකාව මතක් වෙන්න, මේක උස්සන් ආවට, කවුද හිතුවෙ අර සුර දූතිකාවට තවත් පාරක් නෝන්ඩියක් දෙන්න පුළුවන් වෙයි කියලා..”

“ඒ ගැන හිතෙනකොටත් මාර සනීපයක් දැනෙනවා බෙකම්.. මේ බාලිකාවෙ ප්‍රියමනාප සුදු හාමිනේ පණ කඩාගෙන ග්‍රවුන්ඩ් එක වටේ රවුම් සීයක් දුවනකොට කොහොමද ආතල් එක.. හහ්.. හහ්.. හා..”

පැතුම් හක හක ගාලා හිනාවෙද්දි, මං දාපු බෙට් එක සැර වැඩියි වත්ද කියලා මට හිතුණා. රවුම් සීයක්, සමින්දි අක්කා වගේ සුකොමළ ගෑනු පරානෙකට මැච් වේවිද මංදා.. කමක් නෑ.. එයාමනේ ඇදගෙන නිවි සැනසිල්ලෙ ඔඩොක්කුවට දාගත්තෙ.. මාව එකෙන්ම සවුත්තු කරන්න හිතාගෙන. කමක් නෑ.. කමක් නෑ.. ඔය ඇඟ පුරාම තියෙන අලි උණ බහින්නත් එක්ක ඔන්න ඔහේ දුවපුවාවේ.. කමක් නෑ..

“මෙන්න බෙකම් ස්ලයිඩ් ටික..”

[QUOTE="crazybuddy, post: 13783620, member: 326070"] [COLOR=Blue][SIZE=3]“විලි ලැජ්ජාවෙ සංතෝසෙ බෑ..”[/SIZE] [SIZE=3] හිටපු ගමන් ඇම්ඩා අමුතු කතාවක් කිව්වා. ඌ කියපු වචනවල තේරුම හිතනකොට තමයි ඌ එහෙම කිව්වෙ ඇයිද කියලා මට තේරුණේ. මුළු මූණ පුරාම හග්ගල ගාඩ්න් එක පුරවගෙන අපි ළඟට ආවෙ ඉන්කි.[/SIZE] [SIZE=3] “කෙල්ලට අපිව දැකලා නත්තල් වගේ බෙකම්..”[/SIZE] [SIZE=3] “හා..නේ.. නවෝද්.. ඔයා දැන්ද ආවෙ..?”[/SIZE] [SIZE=3] “යකෝ.. මේකිගෙ ඇස් පොට්ට වෙලාද ගස් ගල් වගේ ඉන්න අපිව පේන්නැත්තෙ..”[/SIZE] [SIZE=3] පැතුමා යාන්තමට මුමුණද්දි මං ඉන්කි දිහා බැලුවා.[/SIZE] [SIZE=3] “දැන් ටිකක් වෙලා ඉන්කි.. ඉතිං.. ඉතිං..”[/SIZE] [SIZE=3] “ඉතිං කියන්නෙ.. ඔයා තමයි නවෝද් කියන්න ඕන.. මං ඒත් බැලුවා, ඔයාලගෙ ඉස්කෝලෙ ගෑණු ළමයි, පිරිමි ළමයි ගොඩේ ඔයා නැත්තෙ මොකද කියලා.. ඇත්තටම මං බයවුණා ඔයා එන්නැතිවෙයි කියලත්..”[/SIZE] [SIZE=3] “ඔයා බය කරන්න නම් ඔඩ්ඩි මස්සිනාවත් එක්කං එන්න වෙයි..”[/SIZE] [SIZE=3] ඇම්ඩා හෙණ සවුත්තු කතාවක් කිව්වා.[/SIZE] [SIZE=3] “මොකක්ද කිව්වෙ..?”[/SIZE] [SIZE=3] “නාලක කියන ඒවා ඔයා ගණන් ගන්නෙපා ඉන්කි.. මූ නැතිවෙලා ඉඳලා, ඔයාලගෙ එනවුන්ස් රූම් එකෙන් එනවුන්ස් කරලා මූව හෙව්වා.. ඒ හිතේ අමාරුව ඔය තියෙන්නෙ..”[/SIZE] [SIZE=3] මං කතන්දරේ ෂේප් කරා.. නැත්තං මේ තත්පරෙත් මුං දෙන්නා වලියක් දාගන්නවා.[/SIZE] [SIZE=3] “අපේ නවෝද් ආවෙ නැති උනාම ඇයි පැටියො ඔයා බයවෙන්නෙ..?”[/SIZE] [SIZE=3] ඔන්න ඒ පාර අනිත් හැලගෙම්බා බක බක ගාන්න ගත්තා. අනේ අම්මපා මුංගෙ කටවල් නම්... මොන නැකතකින් කටේ රං කිරි කට ගෑවද මංදා. කොහොම උනත් පැතුමගෙ කතාවට නම් ඉන්කිට පුංචි හිනාවක් ගියා. සමින්දි අක්කා ආඩම්බරේට නළලෙ තියාගනෙ හිනා වෙන හිනාවිල්ලයි, මේ අව්‍යාජ හිනාවෙයි මාර වෙනසක් තියෙනවා. මේක පපුව ඇතුලෙන්ම එන මල් මල් හිනාවක්නේ. නෙලපු ගමන් හිත හොඳ එකෙකුට මල් බොකේ එකක් විදියට දෙතෑකි.. ඒ තරම් ගති.[/SIZE] [SIZE=3] “අර පැටියො කෑල්ලට නම් මං ඒ තරම් ආස නෑ.. මං ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරයක් දේනනෙත් නෑ.. ආ.. නවෝද්.. ඔයා එක්සිබිෂන් එක බලලා ඉවරද..?”[/SIZE] [SIZE=3] ඉන්කි සම්පූර්ණයෙන්ම මං දිහාවට හැරුණා.[/SIZE] [SIZE=3] “හනේ මංදා.. අර ඩී හෝල් එකට ඇතුල්වෙලා පැය ගාණක් තැපලතැපල පෝලිමේ වරුවක් විතර ඉඳලා තැම්බි තැම්බි ඒකෙ තියෙන ඒවා නම් බැලුවා.. මට නම් එපා උනා..”[/SIZE] [SIZE=3] මං ඇත්තම කිව්වා. ඉන්කිගෙ මූණ බලන් ඉඳිද්දිම වෙනස් උනා. මගේ කතාව එයාට අදහගන්න බැරිවුණා වගේ.[/SIZE] [SIZE=3] “ස්.. ස්.. හූ.. දෙයියනේ.. ඇ.. ඇයි නවෝද් ඔයා පෝලිමේ හිටියෙ.. අනේ.. එතන සමින්දි අක්කා හිටියනේ.. එයා ඔයාව දැ.. දැක්කෙ නැද්ද..? එයා ඔයාව ඉස්සරහට ගත්තෙ නැද්ද..?”[/SIZE] [SIZE=3] “මාව ඉස්සරහට ගන්න..? පුළුවන් කමක් තිබුණ නම් එයා මගේ ඉස්සරහින් තවත් සීයක් දෙසීයක් දානවා..”[/SIZE] [SIZE=3] “අ.. අනේ සොරි නවෝද්..”[/SIZE] [SIZE=3] “කමක් නෑ ඉන්කි.. ඒක් ඒ තරම් ගණන් ගන්න දෙයක් නෙමෙයි..”[/SIZE] [SIZE=3] “ඒ.. ඒ.. උනාට මගේ හිතට හරිම නෑ.. ඔ.. ඔයා පව් නවෝද්.. ඔයා අපිට කොයි තරම් උදව් කලාද..?”[/SIZE] [SIZE=3] “උදව්..?”[/SIZE] [SIZE=3] “ඔව්.. අපේ බෑග්ස් හොයල දීලා.. අඩුගානෙ සමින්දි අක්කට ඒකවත් මතක තියාගන්න තිබුනා..”[/SIZE] [SIZE=3] ඔන්න එතකොට තමයි මට මතක් උනේ, ඒ මහා බෑග් නිදාන කතාවේ දෙවෙනි කොටස ඉන්කි දන්නෑ කියලා. අර මගේ ගෝල්ඩන් බූට්ස් දෙක වෙනුවෙන් පට්ට බෙට් එකක් දාලා සමින්දි ආයෙත් මැක්සා විදියට නෝන්ඩි උන එක. ඒත් මං ඒක ඉන්කිට කියන්න ගියේ නෑ. ප්‍රධාන හතුරා උනත් ඔය තරමට නෝන්ඩි කරන්න පුළුවන්ද අප්පා.[/SIZE] [SIZE=3] “චුට්ටක් එන්නකො නවෝද්..?”[/SIZE] [SIZE=3] කතාව යද්දිම ඉන්කි මට කතා කරා. මං පැතුමයි, ඇම්ඩයි දිහා බැලුවා.[/SIZE] [SIZE=3] “ඔ.. ඔයාලා දෙන්නත් එන්න..”[/SIZE] [SIZE=3] ඒපාර ඉන්කි උන් දෙන්නටත් කතා කරා. ලොවෙත් නෑ.. කෙල්ල අපිටත් උදව් කරන්නද හදන්නෙ.[/SIZE] [SIZE=3] “බෙකම්..?”[/SIZE] [SIZE=3] “ඇයි පැතුමා..?”[/SIZE] [SIZE=3] “මේ අත තියලා බලපං.. මගේ බට්ටා ගැහෙනවා බං.. මේකි අපිට මොනවා කරන්නද යන්නෙ..?”[/SIZE] [SIZE=3] “බයවෙන්නෙපා.. වැඩිම උනොත් ඒකි උඹේ පතිවෘර්තාව කාලා කිරි පැකට් එකක් බොයි.. එච්චරයි..”[/SIZE] [SIZE=3] ඇම්ඩා තවත් අලුගුත්තේරු කතාවක් කිව්වා. මොනව වුනත් තවත් දුරට බාලිකාව ඇතුළට යන එක ගැන නම් මගේ හිතේ ෆිට් එකක් තිබුණෙ නෑ. ඒ මදිවට බලන බලන හැම පැත්තෙම හිටපු අනේක විධ ගෑණු ළමයි අපි දිහා බලන් හිටියෙ, සත්තු වත්තෙ කූඩුවක දාලා ඉන්න ඉතියෝපියානු චම්පන්සියො තුන්දෙනෙක් දිහා බලලා සංතෝස වෙන විදියට. ඒ මදිවට අතරින් පතර ලාවට හීනියට එහෙන් මෙහෙන් සූ සද්දත් ගලාගෙන ආවා.[/SIZE] [SIZE=3] “එන්න නවෝද්..”[/SIZE] [SIZE=3] ඉන්කි නතර වුණේ ටික්ක ලොකු කාමරයක් ළඟ. ඒක දැක්ක ගමන්ම, ඒකෙ ඇතුලෙ තියෙන්නෙ මොනවද කියලා මට තේරුණා. විශේෂ ආරාධිතයන්ට බාලිකාවෙන් දෙන සංග්‍රහය කෙරෙන්නෙ මෙතන කියලා, මං දැනගත්තෙ හමාගෙන ආපු බිස්කට් සුවඳන්. කමක් නෑ... රහුමානියා එකෙන් තෝසෙ ගිල්ලට ඒවා දැන් වාශ්ප වෙලා ඉවරයි. අර හෝල් එකේ කොයි තරම් වෙලා හිටිගෙන හිටියද..?[/SIZE] [SIZE=3] “ඉන්කි.. ඇයි මේ..?”[/SIZE] [SIZE=3] මං නිකං බබා වගේ ඇහුවා.. නැත්නම් චරිතෙට හොඳ නෑනෙ.[/SIZE] [SIZE=3] “ඔයාලට මහන්සිත් ඇත්නේ. අපි මොනව හරි බොමු.. අනික ඉතිං සෙන්ට්‍රල් එකේ ජනප්‍රියම ක්‍රීඩකයා අපේ බාලිකාවට ආවහම සලකන්නත් එපෑය.”[/SIZE] [SIZE=3] හිනාවෙවී කියන ගමන්, ඉන්කි කාමරේ ඇතුළට යද්දි අපිත් ඒ පිටිපස්සෙන්ම ගියා. කාමරේ ඇතුලෙ හිටියෙ ටීචර්ස්ලම හත් අටදෙනෙක් විතරයි. එයාලා කන්න වගේ අපි දිහා බලද්දි, ඉන්කි බොහොම ගරු සරු ඇතුව මාව අඳුන්වලා දෙන හැටි මං දැක්කා. ඊට පස්සෙ තමයි ඒ මූණු වලට හිනාවක් ආවෙ. බලන් ගියාම ඉන්කිට ඉස්කෝලෙ ඇතුළෙ මාර ප්ලේස් එකක් තියෙනවනේ.[/SIZE] [SIZE=3] “මොනව උනත් ඉන්කි, රත්තරං කෙල්ල බෙකම්.. ඒකිට විතරයි අපේ සුදහ ගින්දරේ තේරුණේ..”[/SIZE] [SIZE=3] බිස්කට් වලින් කට පුරවගෙන පැතුමා කියවනවා.[/SIZE] [SIZE=3] “හා.. හා.. මගේ උක්කු අම්මා.. තෝ හෙමීට කාපිය.. බිස්කට් කුඩු උන්ඩුක පුච්චෙට ගියොත් මහ ඉස්පිරිතාලෙට තමා ගෙනියන්න වෙන්නෙ.”[/SIZE] [SIZE=3] ඇම්ඩගෙ කටෙත් මාරි බිස්කට් පුරවලා එකයි. ඇපල් කෑලි හීනියට ලියලා මලවලා දාලා තිබ්බ බීම වීදුරුවක් මං අතට ගත්තා.[/SIZE] [SIZE=3] “නවෝද්... බිස්කට් කන්නැද්ද..?”[/SIZE] [SIZE=3] “මටත් එක්ක මුං දෙන්නා කනවා..”[/SIZE] [SIZE=3] ඉන්කිගෙ හිනාව එක පාරටම වැඩි උනත්, ඒක බලන් ඉඳිද්දිම අඩුවෙලා ගියා. මං හිතුවෙ ටීචර්ස්ලා ඉන්න හන්දා කියලා. ඒත් එයාලා හිටියෙ අපිට සෑහෙන තරම් එහායින්. ඒත් ඉන්කි සයිලන්ස් වෙන්න, හේතුව මං දැක්කෙ, තත්පර ගානක් ගියාට පස්සෙ. අපි කාමරේට ඇතුල් උන දොර හරස් කරගෙන හිටියෙ සමින්දි අක්කා. “ඉන්කි..?”[/SIZE] [SIZE=3] “සමින්දි අක්කෙ..?”[/SIZE] [SIZE=3] “ඔයා මොනවද මෙතන කරන්නෙ..?”[/SIZE] [SIZE=3] ඒ වචන ටික නම් කණට ගැහුවා වගේ තමයි. අපි හැමෝගෙම හිත් සවුත්තු වුනා. බලන් ගියාම සමින්දි අක්කා කියන්නෙ තනිකරම දුෂ්ඨ රෝල් එකක්නේ.[/SIZE] [SIZE=3] “ම.. මං නවෝද්ලට පුංචි සංග්‍රහයක් කරා..”[/SIZE] [SIZE=3] “සංග්‍රහ තමයි.. දන්නවද වෙලා තියෙන වැඩේ..?”[/SIZE] [SIZE=3] ඉන්කි ගැස්සිලා ගියා කියලා මං දැක්කා. පව් අප්පා.. මං හින්දා කෙල්ලත් අලි පරිප්පුවක් වගේ කන්නෙ.[/SIZE] [SIZE=3] “මො.. මොකක්ද සමින්දි අක්කෙ..?”[/SIZE] [SIZE=3] “මොකක්ද තමයි.. අන්න අර ප්‍රොජෙක්ටරේට දාන ස්ලයිඩ්ස් වගයක් නෑල්ලු..”[/SIZE] [SIZE=3] “නෑල්ලු..?”[/SIZE] [SIZE=3] “ඔව්.. අ.. අර ළමයින්ට පෙන්වන්න දෙයක් නැතුව ඉන්නෙ.. මොනව පෙන්නන්නද මංදා.. මං මේ පිස්සු හැදිලා ඉන්නවා.. ඔයා මෙහේ සංග්‍රහ..”[/SIZE] [SIZE=3] ඒ වෙනකොට රූම් එකේ හිටපු ටීචර්ස්ලා කීප දෙනෙක් සංග්‍රහ භුක්ති විඳලා එළියට ගිහින් තිබුණා. ඒක හන්දම, තවත් කට වහන් ඉඳලා, ඉන්කිව සවුත්තු කරන්න මං සමින්දි අක්කට ඉඩ දුන්නෑ.[/SIZE] [SIZE=3] “මේ..?”[/SIZE] [SIZE=3] හිටපු තැනින් නැගිටල, බීම වීදුරුව මේසෙ උඩින් තියලා මං කෙලින්ම සමින්දි අක්කා ළඟට ගියා. ඉන්කිගෙ මූණ බයෙන් මහත්වෙද්දි, සමින්දිගෙ මූණට ආවෙ මහා සවුත්තු හිනාවක්.[/SIZE] [SIZE=3] “ඇයි..?”[/SIZE] [SIZE=3] “මෙතන අපි කන බොන එක, ඔයාට ප්‍රශ්නයක් වගේ.. එහෙම ප්‍රශ්නයක් නම්, මෙලෝ මානුෂික ගුණාංගයක් නැති ඔයා වගේ කෙනෙකුට මේ බාලිකාවෙ හෙඩ් ප්‍රිෆෙක්ට් කම දීපු කෙනාගෙ ඔලුව හොඳ නෑ..”[/SIZE] [SIZE=3] අර සවුත්තු හිනාව, හිමින් සීරුවෙ නැතිවෙලා යද්දි, සමින්දි අක්කා එයාගෙ රතු තොල්පෙති දෙක එකට තද කරගත්තා. ඒ ඉරියව්වෙත් අමුතුම ගතියක් නැතුවම නෙමෙයි. ඒත් ඉතිං, මේ බෙකම්, ඔය වගේ කැටයම් අනන්ත අප්‍රමාණ දැකලා තියෙනවා. එහෙව් එකේ, මේ හැමදේම නළලෙ තියාගෙන ඉන්න බාලිකාවෙ හෙඩ් ප්‍රිෆෙක්ට්, කජ්ජක්ද කොලුවො කියලා හිතෙනවා.[/SIZE] [SIZE=3] “දැන් මගේ හෙඩ් ප්‍රිෆෙක්ට් කමෙයි, මෙතනයි අතරෙ තියෙන ප්‍රශ්නෙ මොකක්ද..? මට ඔයාට කියන්න තියෙන්නෙ පෞද්ගලික ප්‍රශ්නයි, ඉස්කෝලෙ ප්‍රශ්නයි එකට පටලව ගන්න එපා කියලා..”[/SIZE] [SIZE=3] මොකක්ද බං ඒ අලුගුත්තේරු කතාවෙ තේරුම.. මං ඇම්ඩා දිහා බැලුවා.. ඌ පැතුමා දිහා බැලුවා.. පැතුමා මං දිහා බැලුවා.. කිව්වත් නොකිව්වත් මං දන්නවා දැන් ඊගාවට වෙන වැඩේ. මුං දෙන්නා ෆයර් උනොත්, ෆයර් බ්‍රිගේඩ් එකක් ගෙනැල්ලවත් බේරන්න බෑ. ඒක හින්ද මං උන් දෙන්නටම කඩින් කඩේ ඇහැක් ගැහුවා. බෙකම් ඒකච්ඡන්දයෙන් පත්වෙලා ඉන්දෙද්දි උංට තියෙන්නෙ බලන් ඉන්නනේ.[/SIZE] [SIZE=3] “මං පටලවාගත්තු දෙයක් නෑ. ඔයයි මෙතෙන්ට ප්‍රයිවට් ඒවා ඇදල ගත්තෙ. ඔට්ටු දෙක්ක ඇපත් නැතුව පරාද වුණා කියලා, දකින දකින තැන මට කපන්න එන්නෙපා. ඒක සදාචාරෙට අගුණයි. තේරුණාද..? මේක ඔයාගෙ බාලිකාව වෙන්න පුළුවන්. ඒත් මේ බෙකම්ට ඕන පිච් එකක් ඔට්ටුයි. මොකද ඕන වැල්ලක මගේ බඹරෙ කැරකෙනවා.”[/SIZE] [SIZE=3] සමින්දිගෙ මූණ බලන් ඉද්දිම තද රතු පාටට හැරුණා. කරන්න දෙයක් නෑ.. ඔයා තමයි සත්තලං දුවේ ඇදගෙන නෑවෙ. මේ යස අපූරුවට හිටපු කොලු ගැටයගෙ කට අවුස්සලා සමින්දි අක්කා ආයෙත් කට අරින්න හදද්දි මං අත උස්සලා එයාව නැවැත්තුවා.[/SIZE] [SIZE=3] “ඉන්න.. මං තාම කියල ඉවර නෑ.. ඔයා අහපු දෙවැනි ප්‍රශ්නෙට උත්තරෙයි මං ඔය දුන්නෙ.. පළවෙනි එක තමයි, තමන් හෙඩ් ප්‍රිෆෙක්ට් නම් ප්‍රශ්නයක් ආවහම, ගාල කඩාගත්තු වැස්සි වගේ උඩ පැන පැන තප්පුලන්න හොඳ නෑ. ළඟ ඉන්න එවුන්ට ඉරිසියාවෙ පැලීගෙන අනින්න කරන්න යන්න හොඳ නෑ.. වෙලා තියෙන ප්‍රශ්නෙට උත්තර හොයනවා ඇරෙන්න.. ඔයා මෙතන ලෝකෙ පෙරලන්න උඩ පැන්නට ස්ලයිඩ් ටික හම්බවෙන්නෑ..”[/SIZE] [SIZE=3] ආයෙ දෙකක් නෑ සමින්දි අක්කට හතරගාතෙ දාලා බිම ඇදගෙන වැටෙන්න ඒ වචන ටික හොදටම ඇති. ඒත් කෙල්ලගෙ තියෙන ආත්ම අභිමානයට මගේ ප්‍රහාරය අමාරුවෙන් ඉවසගෙන හිටියා.[/SIZE] [SIZE=3] “අ.. අනේ නවෝද්.. ප්ලීස්.. ප්ලීස්.. ඔය කතාව නවත්තන්න.. මං හින්දා ඔයාලට පුංචි හරි හිත් රිදවීමක් උනා නම් සමාවෙන්න.. සමින්දි අක්කෙ.. ඔයත් මං ගැන වැරදියට හිතන්නෙපා.. නවෝද් අපිට හුඟක් උදව් කරා.. අපේ නැතිවෙච්ච බෑග්ස් හොයලා දීලා.. අපි ඒක අමතක කරන්න නරකයි..”[/SIZE] [SIZE=3] “හරි.. හරි.. ඒ කතා මෙතෙන්ට ඕන්නෑ.. ඔයා චුට්ටක් එළියට එන්න, ඔය පිරිමි ළමයින්ගෙන් ඈත්වෙලා.. අපි දැන් මේකට මොකද කරන්නෙ.. බලන්නකො ස්ලයිඩ්ස් වලට වෙච්ච දෙයක් නෑනෙ..”[/SIZE] [SIZE=3] සමින්දි අක්කයි, ඉන්කියි එළියට ගියා. ඒ තත්පරයෙම ඇම්ඩා කට ඇරියා.[/SIZE] [SIZE=3] “මැක්සා..! බෙකම්..!! මැක්සා..!!! ඕකිට ඔහොමම තමයි කරන්න ඕන.. දැක්කනේ, මූණ කට සීදේවි උනාට ඇඟ පුරාම මොලේ තියෙන හැටි. අපි කාපු මේ හිඟන බිස්කට් කෑල්ලටත් ඕකි කුල කිව්වා. මං මේක ලේසියෙන් අතාරින්නෑ.. උඹ ගේමෙන් අයින් වෙයන් බෙකම්.. මේ සංසාරෙ පුරාවටම මං ඕකිට අංචිය අදිනවා..”[/SIZE] [SIZE=3] ඇම්ඩා කිව්වොත් කිව්වා තමයි.. උගේ පදාසයක් ගියත් වැඩේ ඉවරයක් කරලයි ඌ පස්ස බලන්නෙ.. ඇම්ඩා මේක ගෑනු ඉස්කෝලයක් කියලා බලන එකක් නෑ.. සමින්දිව කකුල් දෙකෙන් උස්සගෙන එලියට යයි.. ඊට පස්සෙනේ පෙරහැර තියෙන්නෙ..[/SIZE] [SIZE=3] “බෙකම්.. ඇයි බං ඒකිට උඹව වහ කඳුරු වගේ වෙලා තියෙන්නෙ..? වෙන කෙල්ලෙක් නම් මෙලහකට උඹට පණත් දීලනේ..”[/SIZE] [SIZE=3] “ඕකවත් තේරෙන්නෙ නැද්ද මැටි පූසො.. අපි ඒකිගෙ පන්දාහකට විදපු එකේ, ඒකිට බෙකම් විතරක් නෙමේ උඹවයි මාවයිත් පේන්න බැරුව ඇති..”[/SIZE] [SIZE=3] “අර ස්ලයිඩ් වගයක්ද මොනවද නැති එකෙන් ඉන්කිට අවුලක් වෙයිද බං.. අරකි කඩන් පැන්නෙ ඉන්කි එතන බාරව හිටිය වගේනේ..”[/SIZE] [SIZE=3] පැතුමට ප්‍රශ්න කෝටියයි.. ඒත් ඇම්ඩගෙ මූණෙ, කාලෙකින් ඇඳුණෙ නැති ගති හිනාවක් මතුවුණා.[/SIZE] [SIZE=3] “ඉන්කිට අවුලක් වෙන්නෑ බෙකම්..”[/SIZE] [SIZE=3] “ඒ කිව්වෙ..?”[/SIZE] [SIZE=3] “ස්ලයිඩ් ටික මගේ සාක්කුවෙ..”[/SIZE] [SIZE=3] “මොකක්..?”[/SIZE] [SIZE=3] මායි, පැතුමයි දෙන්නම ගල් ගැහුණා. හපොයි දෙයියනේ මේ වහුකුනා කරොත් කරන්නෙම ඔය වගේ නසරානි වැඩක්මනේ.. දැන් මේක කොතනින් කොහේට ගිහින් මොනවා වෙලා ඉවර වෙයිද මංදා.. හැබැයි ඉතිං තවත් පැත්තකින් බැලුවොත් ඇම්ඩා කරලා තියෙන්නෙ මාර ගති වැඩක්. කොටින්ම ඌ දිලා තියෙන්නෙ අන්තර් ජාතික තත්වයේ ගේමක්. මොනවා උනත් මායි පැතුමයි කට අරින්න කලින් ඉන්කි අපි ළඟට ආවා. එයාගෙ පිටිපස්සෙන් සමින්දිත් ආවා. මේ වෙලාවෙ නම් සමින්දිගෙ මූණෙ ඩිංගක් මනුස්ස පාටක් තිබුණා. කලින් තිබ්බට වඩා සාමකාමියි.[/SIZE] [SIZE=3] “ප්‍රශ්නයක්ද ඉන්කි..?”[/SIZE] [SIZE=3] “අනේ ඔව් නවෝද්.. හරි වැඩේනේ වෙලා තියෙන්නෙ.. අපේ ස්ලයිඩ් වගයක් නැතිවෙලා.. දැන් බලන්න එන ළමයින්ට පෙන්වන්න දෙයක් එතන නෑ..”[/SIZE] [SIZE=3] ඉන්කිගෙ ඇස් වලට කඳුළු පිරීගෙන ආවා. පව් දෙයියනේ.. කොහේවත් තියෙන පව් සේරම කෙල්ලගෙ පිටිනුයි යන්න හදන්නෙ. දැන් කොහොමද අප්පා මේක ශේප් කරන්නෙ.. මට නම් තේරෙන්නෑ..[/SIZE] [SIZE=3] “ඉන්කි..”[/SIZE] [SIZE=3] “ඇ.. ඇයි සමින්දි අක්කෙ..?”[/SIZE] [SIZE=3] “වෙලා තියෙන ප්‍රශ්නෙ මෙයාලට කිය කියා ඉඳලා හරියනවද ළමයො.. ආ..! නැතිවෙච්ච ඒවා හොයන්න මෙයාලා පොලීසියෙන්ද..? නිකං බොරුවට කාලෙ නාස්ති කරන්නැතුව මේක පෙන්නන්න ක්‍රමයක් හොයන්න.. නැත්නම් අන්තිමට මටයි ප්‍රශ්නෙ එන්නෙ..”[/SIZE] [SIZE=3] මොකක්ද යකෝ ඒ නොසංඩාල කතාව.. කටත් ඇද කර කර කියපු ඒ අවමංගල කතාවට මට ඌරු ජුවල් නැග්ගා. මේකිගෙ හිත ගලක්ද මංදා.. මේ තරම් නොහොඹිනා විදියට අපිට කතා කරන්නෙ.[/SIZE] [SIZE=3] “නැතිවෙච්ච ඒවා නම් හොයන්න පුළුවන් වෙයිද දන්නෑ.. හැබැයි ඉතිං, ඉන්කි අපේ බොක්කෙ ෆිට් එක හින්දා, අපට උදව්වක් නොකර ඉන්න බැරිකමකුත් නෑ..”[/SIZE] [SIZE=3] කේන්තියත් එක්කම මං සට සට ගාලා කියවන් ගිය වචන වලට සමින්දි අක්කගෙ මූණ රතු වුණා. හොඳ වැඩේ අලි පඩත්තලකමට, අලි වංශෙන් ඉන්නවට.[/SIZE] [SIZE=3] “ඔයාලට මොනවද අනේ කරන්න පුළුවන්.. එන්න ඉන්කි.. අපි ප්‍රින්සිපල් මෑම් හම්බවෙලා මේක ඩිස්කස් කරමු.. එයා අපිට මොනවහරි සොලියුෂන් එකක් දෙයි..”[/SIZE] [SIZE=3] සමින්දි අක්කා කලබලයෙන් වගේ ඉන්කිගෙ අතින් ඇද්දා. අම්මපා මේකිට හෙඩ් ප්‍රිෆෙක්ට් කම නෙමෙයි, අපේ ඉස්කෝලෙ දැල්ලගෙ ජොබ් එකවත් හරියන්නෑ.. මූණ කට කොයි තරම් සීදේවි විදියට මවල තිබ්බත් ඒවටත් එක්ක හරියන්න, දෙයියො මේකිට මොලේ දීලා තියෙන්නෙ හුඟක් අඩුවෙන්.[/SIZE] [SIZE=3] “ඉ..න්..කි..”[/SIZE] [SIZE=3] අපි ගාවින් ඈත්වෙලා යන ඉන්කිට මං කතා කරත් මගේ ඉස්සරහට ආවෙ සමින්දි අක්කා.[/SIZE] [SIZE=3] “ඇ..යි..?”[/SIZE] [SIZE=3] “මං ඔයාට නෙමෙයි කතා කෙරුවෙ.. ඉන්කිට..”[/SIZE] [SIZE=3] “ඒකත් එහෙමද..? ඔයා එහෙනම් කියන්න යන්නෙ... ඉන්කි.. මං මේක හොයල දෙන්න බලන්නම් කියලද..?”[/SIZE] [SIZE=3] “නෑ..”[/SIZE] [SIZE=3] “එහෙනම්..?”[/SIZE] [SIZE=3] “ස්ලයිඩ් ටික හොයල දෙනව කියන්න.. ඉන්කි මට විනාඩි දහයක් දෙන්න.. ඔයාට වැඩේ ඇදගෙන යන්න පුළුවන් වෙන විදියට මං මොනා හරි කරන්නම්..”[/SIZE] [SIZE=3] මගේ ජව සම්පන්න කතාවෙන් සමින්දි අක්කා ටිකක් විතර අවුල් වුණා. ඔහොම යංකො.. තාම මේ කතන්දරේ පටන්ගත්තා විතරනේ..[/SIZE] [SIZE=3] “ඉන්කි..! මේ විහිලු කතා ඔයා අහන්නෙපා.. මෙයාගෙ ඔලුව නරක් වෙලාද කොහෙද..? මෙයා කොහොමද මොනව හරි කරන්නෙ..? මොකෝ මෙයාගෙ මූණ පෙන්නන්නද ස්ලයිඩ් ටික නැතිකොට.. මට නම් හිතේනනෙ අපේ ස්ලයිඩ් ටික කවුරු හරි අරන් යන්නැති..”[/SIZE] [SIZE=3] “මගේ මූණ පෙන්නුවොත් මේ මුලු බාලිකාවම තරු පිරි අහස් වියන යටට එයි. හැබැයි ඉතින් ස්ලයිඩ් ටික කවුරු හරි අරන්ග ිහින් තිබ්බත්, ඔයාට වැඩේ කරගෙන යන්න ඕන නම් මං ඔයාට හෙල්ප් කරනවා ඉන්කි. මට මේ ඔයාගෙ හෙඩ් ප්‍රිෆෙක්ට්ගෙ බයිලා වැඩක් නෑ.. මෙයා නිකං කච පච ගානවා විතරයි. කරන වැඩකුත් නෑ. ඔයා මොකද කියන්නෙ ඉන්කි..?”[/SIZE] [SIZE=3] මං සමින්දි අක්කව බින්දුවටම දාලා කතා කරා. මේ වගේ ජොහොර කතාවලට තව ඉවසගෙන ඉන්න බෑනෙ අප්පා. දෙන එක දෙන්න ඕන දොඹෙන්.. හැඳි ගෑවිලාම යන්න. ඒත් ඉන්කිට කතා කරන්න නොදී සමින්දි අක්කා ආයෙත් මැදට පැන්නා.[/SIZE] [SIZE=3] “ඔයාට කරන්න පුළුවන් දෙයක් ඕන ඔයා කියන්න..”[/SIZE] [SIZE=3] “මට පුළුවන් හින්දයි මං කිව්වෙ..”[/SIZE] [SIZE=3] “බැරි වුනොත්..?”[/SIZE] [SIZE=3] සමින්දි අක්කගෙ ඇස් දෙකේ තිබ්බෙ නලියන දඟකාරකමක්.[/SIZE] [SIZE=3] “මේ බෙකම්ට බැරි දෙයක් නෑ..”[/SIZE] [SIZE=3] “මොනවද බෙට් කරන්නෙ..?”[/SIZE] [SIZE=3] තොල් පෙති දෙක එකට, හීනියට තද කරන් සමින්දි අක්කා මගේ මූණට එබුණා. මේකි නම් ගිය ආත්මෙ බෙටින් සෙන්ටර් එකක පත්තරයක් වෙලා හරි ඉඳලා තියෙනවා. ඇයි යකෝ හැම බඩකඩිත්තුවටම බෙට් කරන්නනේ යන්නෙ. හැබැයි ඉතිං තොරණෙ ගහපු ජාතක කතා වස්තුව නිට්ටාවටම දන්නෙ මං හින්ද, මගේ හිත පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහිල්ලයි තිබුණෙ. ඔහොම ඉස්සරහට යමුකො සත්තලං..[/SIZE] [SIZE=3] “ඕන දෙයක්..”[/SIZE] [SIZE=3] සවුත්තුවට වගේ සමින්දි අක්කා වටපිට බලද්දි, ඇම්ඩා මට ඇහැක් වහලා මහපටැගිල්ල උරුක් කලා. ඔන්න ඒ අතරෙ තමයි ඉන්කිගෙ කටට පණ ආවෙ.[/SIZE] [SIZE=3] “බෙට් ඕන නෑ නවෝද්.. ඔයාට පුළුවන් නම් මේක කරන්න.. මට කරන උදව්වක් හැටියට..”[/SIZE] [SIZE=3] “නෑ.. නෑ.. ඉන්කි.. ඔයා පනින්නෙ නැතුව ඉන්න ඩිංගක්.. මෙයා මේ කියන තරම් වැඩකාරයෙක්ද කියලා අපි බලමුකො..”[/SIZE] [SIZE=3] “බලන්න දෙයක් නෑ.. බෙකම් කියන්නනෙ ඔන් ද ස්පොට් ගේම් ගහන එකෙක්.. හරි.. මොකක්ද බෙට් එක..”[/SIZE] [SIZE=3] “බෙට් එක ඉතිං ඔයාම දැම්මොත් හොඳයි.. මොකද පරදින්නෙ ඔයානේ.. ඒක හින්ද ටිකක් ලේසි එකක් දාගන්න..”[/SIZE] [SIZE=3] මට නම් මේකිගෙ කට කතෑකි..මං මේ තරම් මැක්සා විදියට කතා කරද්දිත් මේකි අලියා වෙන්න එනවනේ.[/SIZE] [SIZE=3] “හරි.. බෙට් එකෙන් පැරදෙන කෙනා සෙනසුරාදට යූ.සී ග්‍රවුන්ඩ් එක වටේ රවුම් සීයක් දුවන්න ඕන.. හැබැයි පටන්ගන්නෙ හරියටම දවල් දොළහට..”[/SIZE] [SIZE=3] සමින්දිගෙ ඇස් දෙක ලොකු උනා. කෙල්ල හිතන් ඉන්න ඇත්තෙ තවත් ප්‍රයිඩ් රයිස් දන්සැලක් කියලා වෙන්නැති නේ.?[/SIZE] [SIZE=3] “රවුම් සීයක්..?”[/SIZE] [SIZE=3] “ඔව්.. ඇයි බය උනාද..? නිකං අප්සට් අප්සට් වගේ නම් වැඩේ අතෑරලා දාමු..”[/SIZE] [SIZE=3] “න්.. නෑ.. ඇයි මං බයවෙන්නෙ..? බෙට් එක ස්තිරයි..”[/SIZE] [SIZE=3] සමින්දිගෙ කටින් ඒ ප්‍රියමනාප, අර්ථවත් වචන ටික පිට උනා විතරයි ඇම්ඩයි, පැතුමයි පහට පහක් දානවා මං දැක්කා. කොහොමටත් මේ තත්පරයෙ ඉඳලා අපි ඔක්කොම ගොඩනේ.[/SIZE] [SIZE=3] “ඉන්කි ඔතනම ඉන්න.. අපි විනාඩි දහයෙන් එනවා..”[/SIZE] [SIZE=3] ඉන්කිගෙ මූණ සුදු සිනාවකින් පිරෙද්දි සමින්දි අක්කා මූණ අමුතු කරගත්තා.. ඒ අතරෙ අපි තුන්දෙනා හනි හනිකට මහ පාරට ආවා.[/SIZE] [SIZE=3] “බෙකම්.. එකෙන්ම වැඩේ ගොඩ ගියා නේද..?”[/SIZE] [SIZE=3] “ආයෙ අහලා.. ගේම නම් ගේම නාලක.. උමත් වෙලාව කලාව බලලා සොරි ගේමක්ම තමයි දෙන්නෙ.. නියමයි මචං..”[/SIZE] [SIZE=3] “හෙ.. හේ..! උඹ ඔහොම මගේ දෙයක් අගේ කරනකොට මට දැනෙන ප්‍රීතිය වාවගන්න බෑ බං.. අම්මප බෙකම් මට හිතෙනවා, බාලිකාවෙ ප්‍රින්සිපල් මැඩම්වත් උස්සන්න..”[/SIZE] [SIZE=3] ඇම්ඩා ඒ පාර අමුතුම කතාවක් කිව්වා.[/SIZE] [SIZE=3] “වැඩක් නෑ බං.. ඒ ලලනාව උස්සන්න නම් අපි තුන්දෙනාමවත් යන්න වෙනවා.. මතක තියාගනිං.. නාකලයා උඹ ඒ මස් පරුවතේට යටවෙලා මැරෙයි.. තේරුණාද..?”[/SIZE] [SIZE=3] “පැතුමා.. උඹ මගෙන් නොහොඹිනා වචන අහගන්නෙපා.. දැන් අපි මේකට මොකද කරන්නෙ කියපං..”[/SIZE] [SIZE=3] “ඇයි නාලක..?”[/SIZE] [SIZE=3] “මේ ගත්තු ස්ලයිඩ් ටික උං අඳුනගනීවිනේ බෙකම්.. උං මේවා ලක්ෂ වාරයක්වත් දැකලා, අල්ලලා ඇතිනේ.. සමින්දිට උනත් ගානට මීටර් වෙයි..”[/SIZE] [SIZE=3] “ඕන මීටරයක් වෙද්දාවෙ.. අපිට මොකෝ බං.. හේනම් ඒකි අපේ බෙකම්ගෙ ෂුස් දෙක ඉස්සුවෙ උඹ බලන් ඉන්දෙද්දිම.. ඒවා ප්රිෆෙක්ටලට හොඳ වැඩද..?”[/SIZE] [SIZE=3] “හරි.. හරි.. ඔය ආගිය කතා අතෑරපල්ලා.. උම මේවා ගන්නවා කවුරුවත් දැක්කද නාලක..?”[/SIZE] [SIZE=3] “නෑ බෙකම්.. කිසි කලෙක නෑ.. උඹට කියන්න, මට හොරකම්කිරීම පිළිබඳ පස්චාත් උපාධියක් තියෙනවා. මං ඒ ගැන අවුරුදු ගාණක් අධ්‍යනය කරල තියෙනවා.. තේරුණාද..?”[/SIZE] [SIZE=3] “මොනව උනත් උඹ දීපු ගේම් වලින් මේක තමා කොලිටිම එක නාලක..”[/SIZE] [SIZE=3] “තැන්ක් යූ බෙකම්..! මේ ආපු සංසාර ගමනෙදි ආදරණිය බාලිකාව මතක් වෙන්න, මේක උස්සන් ආවට, කවුද හිතුවෙ අර සුර දූතිකාවට තවත් පාරක් නෝන්ඩියක් දෙන්න පුළුවන් වෙයි කියලා..”[/SIZE] [SIZE=3] “ඒ ගැන හිතෙනකොටත් මාර සනීපයක් දැනෙනවා බෙකම්.. මේ බාලිකාවෙ ප්‍රියමනාප සුදු හාමිනේ පණ කඩාගෙන ග්‍රවුන්ඩ් එක වටේ රවුම් සීයක් දුවනකොට කොහොමද ආතල් එක.. හහ්.. හහ්.. හා..”[/SIZE] [SIZE=3] පැතුම් හක හක ගාලා හිනාවෙද්දි, මං දාපු බෙට් එක සැර වැඩියි වත්ද කියලා මට හිතුණා. රවුම් සීයක්, සමින්දි අක්කා වගේ සුකොමළ ගෑනු පරානෙකට මැච් වේවිද මංදා.. කමක් නෑ.. එයාමනේ ඇදගෙන නිවි සැනසිල්ලෙ ඔඩොක්කුවට දාගත්තෙ.. මාව එකෙන්ම සවුත්තු කරන්න හිතාගෙන. කමක් නෑ.. කමක් නෑ.. ඔය ඇඟ පුරාම තියෙන අලි උණ බහින්නත් එක්ක ඔන්න ඔහේ දුවපුවාවේ.. කමක් නෑ..[/SIZE] [SIZE=3] “මෙන්න බෙකම් ස්ලයිඩ් ටික..”[/SIZE] [SIZE=3] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom