Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
| සොඳුරු නවෝදය 2 | ආදරණිය බෙකම් |
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇම්ඩා, සුදු කලිසම් සාක්කුවෙන් ස්ලයිඩ් කෑලි තිහක් විතර ඇදලා අරන් මට දුන්නා. මේකා මේවා කොහොම තියන් හිටියද මංදා. අපේ සාක්කු වගේ දෙගුණයක්වත් දිගට මූ සාක්කුව මහන් ඉන්නවා ඇති. වැඩේ කියන්නෙ ඇම්ඩා මට දීපු ස්ලයිඩ් වල, දැක හදුනා ගැනීමට කිසිම සලකුණක් නෑ.. ඒක නම් ඉතිං දෙයියො දුන්නා වගේ දෙයක්.

“එහෙනම් සුභ මොහොතින් බාලිකාවෙ ආඩම්බරකාරිට මේ ටික ගිහින් දෙමු.. හනේ දෙයියනේ.. එතකොට ඒකිගෙ ඇස් ගෙඩි දෙක දොට්ට පනින හැටි බලන්න, මට පුදුම ආසාවක් තියෙන්නෙ..”

“ඔව්.. ඔව්.. අපි තව පරක්කු වුනොත්, කල් ඉකුත් උනා කියලා ඒකි බෙට් එක කැන්සල් කරාවි. එතකොට අපිට මේ ගතිය ගන්න බැරිවෙනවා. අපි යමු කොල්ලනේ.. ඒ උක්කු අම්මගෙ සිරියාවන්ත මූණූ පොඩිත්ත බලන්න..”

පැතුමගෙයි ඇම්ඩගෙයි කතාවලින් මගේ හිතටත් ඇවිත් තිබුණෙ මාරම ගතියක්. පිට පිට තුන් වතාවක්ම බාලිකාවෙ ආඩම්බරකාරිව පරද්දලා හැට්රික් එකක් දානවා කියන්නෙ එසේ මෙසේ කතන්දරයක් නෙමෙයිනේ.

“කෝ බං.. මේකි පැනලවත් ගියාද..?”

ඉන්කියි, සමින්දියි පේන්න හිටියෙ නැති හන්ද පැතුමට එකපාරටම කියවුනා. මායි, ඇම්ඩයි කෙලින්ම කඩාගෙන විදගෙන ගියේ ඩී හෝල් එකට. මේ ඉන්නෙ ජෝඩුවම.. ඉන්කි නම් හිටියෙ මූණ හොඳටම සවුත්තු කරගෙන. සමින්දි හෙන පුස් පාට් එකක් මූණ මැදට අරන් වැඩර් වගේ හිටියා. පේන විදියට නම් නැතිවීමේ සම්පූර්ණ වැරැද්දම ඉන්කි පිටින් ගිහිල්ලා වගේ.

“ගියපු පයින්ම ආවෙ.. මොකෝ... හොයාගන්න බෑ නේද..? බෙට් එක නිකං බරපතල වැඩියි වැඩියි වගේ කියල හිතුණද..? ආ..”

එහෙමයි කියලා කියන්න වගේ මං ඔලුව වැනුවා.

“ගියපු පයින් එන්නැතුව අල්ලපු ගෙදර එකාගෙ පයින් එන්නද බෙකම්.. මේකි මොනවද මේ කියන්නෙ..?”

පැතුම් හීන් සමැරේ කුටු කුටු ගාද්දි මං උගේ කකුල හයියෙන්ප ෑගුවා. මගේ මූණෙ තියෙන දුක්මුසු පෙනුම දැකලා සමින්දි අක්කා තවත් ෆෝන් උනා වගේ. මේ දුක්බරකම මං හදාගත්තෙ දැන් තත්පර දෙක තුනකට කලින්. මේ දුක්බරකමට, බලන් ඉන්න එවුන්ට හිටගෙන ඇඬෙනවා කියලා මං දන්නවා. සමින්දි උනත් එකෙන්ම අහු උනානේ. ස්ලයිඩ් නැති හන්දා ප්‍රොජෙක්ටරේ පෙන්නන තැන, කතන්දරේ විස්තර කරන බාලිකාවෙ කෙල්ල අලි පත අමාරුවක වැටිලා කියලා මට තේරුණා. ඇයි ඉතිං වීර කතාවෙ කාන්තාව වගේ මුලින් මුලින් කියන් ආපු දේවල් එතනින් එහාට පෙන්නන්න විදියක් නැති හන්ද.

“ඔන්න ඕක තමයි කියන්නෙ, හැමදේම වීරයා වගේ බදාගත්තට, කරන්න බැරි දේවලුත් තියෙනව කියලා ඉන්කි. මං ඔයාට කිව්වනේ, මෙයාලගෙ මේ කතාව හැටියට වැඩ නම් නෑ කියලා.. මහ ලොකුවට කියන්නෙ නම් සෙන්ට්‍රල් එකේ ජනප්‍රියම පුද්ගලයලු.. ඒ උනාට අපිට බලන්න පුළුවන් සැටඩේ ග්‍රවුන්ඩ් එක වටේ හති කූඩයක් හල හල දුවන හැටි..”

හනෙ අම්මේ....!! මේකිට නම් කටක් නෙමේ තියෙන්නෙ.. මොකා සුබ නැකතින් රන්කිරි කට ගෑවද මංදා.. සොරොව්ව ඇරියහම වර වර ගගා වතුර ගලන් එන වයිදියට දෙවනි නෑ, මේ කට නම්. කමක් නෑ..! මගේ උක්කු අම්මා. ඔයා නියම සැපක් මේ බෙට් එකෙන් ගනියි.

“ඊට වැඩිය නරකද බාලිකාවෙ හෙඩ් ප්‍රිෆෙක්ට් රවුම් දහයක් පහළොවක් දුවද්දි තලපතා වගේ කලන්තෙ දාලා පතබරියන් උනොත්..? නියමයි.. ආ..?”

මං සමින්දිට ළංවෙලා ඇහුවා. ඒ මූණෙ පිරිල තිබුණෙ අහංකාරකම, අහංකාර හිනාවක්, මේ තරම් සිරියාවන්ත රූපයක්, ජාතක කරපු, හදා වඩාපු අම්මයි තාත්තයි දීලා තියෙද්දි ඇයි සත්තලනේ මේ නව නිංගිරා විදියට හැසිරෙන්නෙ.

“කලන්තෙ දාලා වැටෙන්නෙ මං දිව්වොත්නේ..”

“ඔයාට දුවන්න වෙනවා..”

“ඇයි මං දුවන්නෙ..?”

“මෙන්න මේ ටික හින්දා..”

ඇම්ඩගෙ අතෙයි, මගේ සාක්කු දෙකෙයි තිබ්බ ස්ලයිඩ් ටික අරන්, මං සමින්දි අක්කගෙ අත් දෙක උඩ තිබ්බා. මෙච්චර වෙලා තිබ්බ මොණර ආඩම්බරේ, හුළං ගියපු ලොකු බැලුන් එකක් වගේ ඇදවෙලා යද්දි සමින්දි අක්කා උඩ බිම බැලුවා. මෙලෝ සිහි කල්පනාවක් නැතුව වගේ එයා මං දිහා පුදුම වෙලා බලන් ඉද්දි නම් මට ආවෙ මාරම ගතියක්. කෝ.. සත්තලනේ මෙච්චර වෙලා ඔයාගාව තිබ්බ කැටයම් ටික, ඒවට මොකද උනේ..?

“මේ.. මේවා කොහෙද තිබ්බෙ..?”

පව් අප්පා.. කෙල්ලට කතා කරගන්නත්බෑ.. ඇඬෙන සයිස්.. මං තවත් මොනව හරි කිව්වොත් කෙල්ල දුවනවා..

“තිබ්බෙ කොහෙද කියන එක නෙමෙයි ප්‍රශ්නෙ.. සෙනසුරාදා දවල් දොළහට ඔයා යූ.සී ග්‍රවුන්ඩ් එකට එන එක..”

සමින්දිගෙ මූණ බලන ඉඳිද්දිම සුදුමැලි උනා. අර කලියෙන් තිබ්බ අලි උන පැත්ත පලාතක නෑ. හොඳ වැඩේ උඹට නම්.. මගේ හිත කිව්වා.

“මොනවම හරි කරදරයක් වුණ වෙලාවක දෙවියො එව්වා වගේ ඔයා මගේ ඉස්සරහට ඇවිත් උදව් කරනවා.. අනේ හුඟක් තෑන්ක්ස් නවෝද්.. ඔයාට හුඟක් පින්..”

ඉන්කිගෙන් පිටවුණ වචන ටික නම් ආවෙ හදවත පතුලින්මයි කියලා මට තේරුණා. බොක්ක දාලා පිච්චිලා යන්න ඔහොම සංවේදීව කතා කරනකොට ළඟ තියෙන ඒවත් ගලවල දෙන්න හිතෙනව කෙල්ලෙ.. මොනව උනත් තාමත් කතා කරගන්න බැරිව, වෙච්ච සංසිද්ධිය උහුලගන්න බැරිව සමින්දි අක්කා අනාථ වෙලා ඉද්දි අපි තුන්දෙනා බාලිකාවෙන් එළියට බැස්සෙ වීරයො වගේ.

“නාලකයො උඹ තමයි දවසකටවත් මිනිහා..”

බාලිකාවෙ ගේට් එක ඉස්සරහදිම, අපි තුන්දෙනා පහේ තුනක් අල්ලට අල්ල ටච් කරලා දාගන්න ගමන් මං කිව්වා. ඒ ගමන්ම ඇම්ඩගෙ පිට මැද්දට මගේ වම් අතින් හෙමිට ගහලා මං මගේ සංතෝසෙතව තවත් පිට කරගත්තා. ඇයි හත්තිලව්වෙ.... දවස් හතක් මගුලක් කන විදියෙ සංසිද්ධියක්නේ මේ උනේ..

“හැබැයි බෙකම්.. මෙලහකට අපි රෙකෝඩ් එකක් තියලා ඇති මයෙ හිතේ..”

“ඒ මොකක්ද පැතුමා..”

“බාලිකාවෙ හෙඩ් ප්‍රිෆෙක්ට්ව තුන් පාරක්ම නන්ස්ටොප් පැරැද්දෙව්වා කියලා.. උමට කියන්න ඇම්ඩා මට මැවිලා පේනවා ඒකි පට්ට දවාලෙ දාඩිය පොල්ල තුන් මුනින් දාගෙන ග්‍රවුන්ඩ් එක වටේ දුවන හැටි.. ඒකිගෙ ඇදුම් දාඩියට ඇඟටම ඇලිලා විනිවිද පේනකොට හූ කියන්න බලන් ඉන්න අපිට දැනෙන සනීපෙ කොහොමද බං.. මට ඒ සුමුදු ශරීරය දිගේ ගලන දාඩිය බිංදුවක් වෙලා ජීවත් වෙන්න තියෙනවා නම්..? ඇත්තටම ඇම්ඩා.. මට අද ඉඳලා හරියකට නින්ද යන්නෙත් නෑ ඕං..”

“පැතුම්.. වනචර කතා නොකිය ඔය ටකේ වහගනිං බං.. අපිට ඒකිගෙ ශරීර අවයව බලන්න ඕනකමක් නෑ.. අපි දැම්මෙ බෙට් එකක් මිසක ඒකිගෙ දාඩිය බිංදුවක් වෙන්න නෙමෙයි තේරුණාද..?”

මං මැද්දට පැන්නා. නැත්නම් තව ඩිංගක් වෙලා යනකොට පැතුමා, සමින්දි අක්කව, කටින්ම නිර්වස්ත්‍ර කරයි.

“ඔන්න.. ඔන්න ඉතිං..! මොනාද බෙකම්.. මං උඹට කේන්ති ගන්න තරමෙ දෙයක් කිව්වෙ නෑනෙ.. මං ඒකිගෙ සුරූපී නාරි දේහෙ වර්ණනා කරා විතරනේ.. ඇත්තටම බෙකම්.. උඹ දැක්කෙ නැද්ද ඒකගෙ ඇඟේ තිබ්බ බටර් පාට..?”

“ඒකි රෝස පාට උනාට, බටර් පාට උනාට වැඩක් නෑ පැතුමා..”

“ඇයි ඇම්ඩා.. උඹ ඒ වගේ අමන කතාවක් කිව්වෙ..?”

“ඒකි කොයි තරම් ලස්සන උනත්, අපේ බෙකම් කැමති ඉන්කිගෙ කලු පාට ඇඟටලුනේ..”

ඉඳල ඉඳල ඇම්ඩත් කිව්වෙ මාරම කතාවක් තමා..

“ඈ.. හත්තිලව්වෙ..”

සියලු කතා නැවතිලා, පැතුමගෙ කට ඇරුණා.

“ඇම්ඩෝ.. අර ඉන්නෙ අපේ මහේලයා නේද..?”

“උඹට ඌව විතරද පේන්නෙ..? අර ඊටත් ඩිංගක් එහායින් ඉන්න නෙහාරව පේන්නැද්ද..?”

මුලින් මුලින් මාත් දැක්කෙ මහේල විතරයි. ඇම්ඩා කිව්වට පස්සෙ තමයි මං නෙහාරව දැක්කෙ.

“මුං දෙන්නා මොකද බං මෙතන කරන්නෙ..?”

රේල්වේ ස්ටේෂන් එකේ වම් පැත්තට යන ගමන්, මහේල නෙහාරට අත වනනවා අපි දැක්කා. වටපිට බලන ගමන්, හොර පූස් තඩියෙක් වගේ නෙහාරත් ෆ්ලැට්ෆෝම් එකෙයි ගබඩා සංකීරණයයි යාවෙන්න හදපු ගුවන් පාලමට නගින්න ගත්තා.

“මොකක්ද බෙකම්.. මේ ඇවටියෙල් එක.. ඔය කෙල්ල ටවුමෙ වල් උගුඩ්ඩෙක් එකක් යාළුයි නේද..?”

ඇම්ඩා කෙලින්ම මගෙන් ඇහුවා. බලන්ග ියාම මහේලටයි, නෙහාරටයි මොලේ කියලා අංශු මාත්‍රයක්වත් නෑ. නැත්නම් ඉතිං මේ වගේ නස්පැත්තිදායක රෙද්දවල් කරාවියෑ.. ඉස්කෝලෙ මොකෙක් හරි දැක්කා නම් ලෙඩේ හොඳටම හොඳයි.

“කෙල්ලොන්ගෙ හැටිනේ බං.. උං වෙලාවකට මහා අමනයි.. අද එක කොල්ලෙක්.. හෙට එක කොල්ලෙක්..”

“ඒ උනාට බෙකම්.. උම අහල තියෙනවද.. මගේ පිය පාර්ශවයෙන් දිගින් දිගටම පැවත එන සිරා උපහැරණයක්..?”

පැතුමා ඒපාර සිංහල නවගුණ වැල ගනින්නයි යන්නෙ.. මුගේ අඳෝනාව අහන්නත් ඕන.. අරහෙ මහේලයා නටන්න හදන නාඩගම දිහාට ඇහැක් දාන්නත් ඕන.

“හා.. කියහංකො බලන්න.. උඹලගෙ තාත්තගෙ ඔය මහ ලොකු එක මොකක්ද කියලා බලන්න..”

“ඇම්ඩා.. එහෙනම් අහගනිං.. අස්තීර වූ ස්ත්‍රී චින්තනය තුල ස්ථීර ප්‍රේමයක් ඇතිකළ හැකි නම් පුත්තලමේද ගෝවා වගා කළ හැකිය... තේරුණාද..?”

තේරුනාදත් අහනවා. දෙකේ දෙකේ පොලු කෑල්ලකින් ඔලුව මැදට පතබෑවා වගේ. ඒත් පැතුමගෙ උපහැරනෙ ගැන වැඩිය කතා කරන්න අපිට හම්බවුනේ නෑ. ගුවන් පාලම උඩ මොනවම හරි අවුල් සහගත දෙයක් සිද්ධ වෙනවා කියලා අපිට තේරුණා.

“බෙකම්..”

“මොකෝ නාලක..?”

“වරෙන්.. මහේලයා නාගන්නයි යන්නෙ..”

හැමෝටම කලින් ඇම්ඩා ඉස්සර වුණා. මං ඌ පස්සෙන් දුවන ගමන් හැරිලා බැලුවෙ පැතුම් කොහෙද කියලා බලන්න.. ඒ වෙනකොටත් පැතුම් ගුවන් පාලමේ අනිත් පැත්තට දුවනවා මං දැක්කා. ඒකත් හොඳයි. දැන් දෙපැත්තම කවර් වෙලානේ.

පඩිපේළි ටික නැගගෙන නැගගෙන ගිහිල්ලා පාළම උඩින් අපි මතුවෙනකොටත් නාට්ටිය පටන් අරන් තිබුණා. ටවුමෙ බජාර් එකේ එපාම කරපු කොල්ලො තුන්දෙනෙක් ඒ වෙනකොටත් මහේලයව වට කරගෙන. නෙහාරා මෙලෝ හාවක් හූවක් නැතුව ගල් ගැහිලා බලන් ඉන්නවා. ඒ තත්පරෙම තමයි මහේල අපිව දැක්කෙ. උගේ මූණට සංතෝසෙ වෙනුවට ආවෙ, නන්නත්තාර වෙච්චි ගතියක්. ඒ අතරෙ අර කොල්ලො තුන්දෙනා ඉවක් බවක් නැතුව මහේලට නෙලන්න ගත්තා. හප්පේ... බලන් ගියාම මුං මාර ස්පීඩ්නේ.

“ඒ... ඒයි.. ඕක නවත්තපියව්..”

මටත් කලින් කෑගහගෙන ඇම්ඩා උං ඉස්සරහට දිව්වා. ඒ වෙනකොට පැතුමත් පාලම එහා පැත්තෙන් මතුවෙලා අපි ඉස්සරහට දුවගෙන ඇවිත්. ඇම්ඩගෙ තර්ජනේ සත පහකටවත් ගණන් ගන්නැතුව එකෙක් අපි බලන් ඉන්දෙද්දිම මහේලට බඩට පයින්ග ැහුවා. ඒක නම් හොඳි ඕන්නෑ.. පාරෙ සැර කමට බුහුග් ගෑවුනේ මහේලට නෙමෙයි අහක හිටපු නෙහාරට. ඒ එක්කම තව එකෙක් පැනල මහේලට අත පුරවලා කම්මුල් පාරක් ගැහුවා. හප්පොචියේ ඒ පාර නම් සැප නැවක් මැවිලා ඇති.

“ආයෙ එකෙක් හරි අතක් ඉස්සුවොත් තොපි තුන්දෙනාම උස්සලා මේකෙන් පහ්ලෙහාට දානවා.. දැනගනියව්.. මේකා අපේ සෙන්ට්‍රල් එකේ කොල්ලෙක්..”

මහේලට බෙහෙත් දිදී හිටපු කොල්ලෙක්ව අල්ලලා පැත්තකට තල්ලු කරල දාන ගමන් ඇම්ඩා කිව්වා. කරන්න දේකුත් නෑ.. මේ වගේ වෙලාවක ශේප් න්‍යායෙන් කටයුතු කරන්න බෑ. වලියෙන්ම තමයි.

“අපිත් සෙන්ට්‍රල් එකේ තමයි ඩෝ..”

“සෙන්ට්‍රල් එකේ..?”

“ඔව්.. උඹලට කලින් සෙන්ට්‍රල් එකේ බිම පාගපු කොල්ලො අපි. ඒක හන්ද මේක අපිට බේරගන්න දීලා උඹලා බලයව්..”

කලුම කලු පාට එකෙක් පුරස්ශාර්වක දතුත් පේන්න ගිරිය යටින් කෑගැහුවා. ඌ නම් අපේ ඉස්කෝලෙට කොහෙන් ආවද මංදා.. දැක්කමත් බය හිතෙනවා.

“එහෙම යන්න බෑනෙ මචං.. අපි එක ඉස්කෝලෙ නම් මෙහෙම ගුටි අනගන්නෙක සදාචාරයට විරෝධියිනේ.. සාමදානෙන් එපැයි වැඩේ කරන්න.. ම්.. එහෙනම් අපිටත් කියනවද ප්‍රශ්නෙ මොකක්ද කියලා..”

“අපිට ඕන්නැති සාමදානයක් නෑ ඩෝ.. මේන් මුගේ මළදානෙ හින්ද තමයි මේ සේරම.. මේ ඉන්න සෙප්පඩ විජ්ජාකාරි තමයි අපේ කොල්ලෙක්ගෙ අවුරුදු තුනක ලව් එක.. පටන් ගත්තෙ මේකි නමේ පන්තියෙ ඉන්නකොට.. දැන් මේ හැලපයා දුෂ්ඨයෙක් වෙලා මේ පෙම් කතන්දරේ මැද්දට පැනලා ඒකිව දාගෙන.. එතකොට යකෝ කොරන්න තියෙන්නෙ, ගාත්රා දිගේ මූත්‍රා ගලනකල් මූට නෙලන්නනේ.. නැද්ද..?”

මහේල ඔය කරගෙන තියෙන්නෙ මෙලෝ විලිලැජ්ජාවක් නැතුව මහ කෙලියම. මේකා ඉතිං ාගත්තොත් දාගන්නෙ ගන්දස්කාර කතන්දරම තමයි. නෙහාරා, අමල් එක්ක තියෙන පලහිලව්ව එහෙම නැත්නම් මල ඉලව්ව ඒකිටම බේරගන්න ඇරලා මේකා පැත්තකට වෙලා හිටිය නම් ඉවරනේ. කොහෙද ඉතිං මූ ගියානේ ඒකගෙ ගවුමෙ තියෙන තුත්තිරි ගලවන්න.

“මහේල.. මොකක්ද බං මේ කතාව..? නෙහාරා.. මොනවද මෙයාලා මේ කියන්නෙ..?”

“එ.. එයාලා වරද්දගෙන බෙකම්.. එයාලා වරද්දගෙන.. අපි අතරෙ එයාලා හිතන විදියෙ දෙයක් නෑ..”

“එහෙම නැත්නම් කොහොම දෙයක්ද යකෝ තියෙන්නෙ..? බලපං.. විලි ලැජ්ජාවෙ පණ යනවා.. අර ෆ්ලැට්ෆෝම් එක දිහා බලපං.. තුන් කාලක්ම ඉන්න කොල්ලො කෙල්ලො අපේ ඉස්කෝලෙ යන එවුන්.. ඩිංගක් ඔලුව පාවිච්චි කරලා වැඩ කරපං හරකො..”

මං මහේලට කඩාගෙන පැන්නා. උගේ මූණ රොටිය වගේ වෙලා. තාමත් උගේ එක අතක් බඩේ. වැදිච්ච වැදිල්ලට හුස්ම ගන්නත් අමාරු ඇති. මං නොදන්නවයෑ බඩ කොරවෙන්න වැදුනාම තියෙන ආතල් එක. ෆුට්බෝල් ගහද්දි උනත් කී පාරක් මටම වැදිලා තියෙනවද..? ටිකකින් මං අර කොල්ලො තුන්දෙනා දිහා බැලුවා. උන් ආයෙමත් මහේලට නෙලන්නයි යන්නෙ.. බලන් ඉඳල බෑ.

“අයියා.. ඔයාලා මාව දන්නවත් ඇති.. නැතුවත් ඇති.. ඒත් සෙන්ට්‍රල් එකේ කොල්ලෙක් විදියට මං ඔයාලට කියන්නෙ.. මේ කතන්දරේ අතෑරලා දාන්න කියලා.. කෙල්ලෙක් හින්දා කොල්ලො අපි මරාගන්නෙ ඇයි..?”

මගේ කතාවෙන් අපි ඉස්සරහ හිටපු කලු කුම්බිලියගෙ මූණ වෙනස් වුණා. උගේ ඩයල් එක නම් හීනෙකින්වත් පතන්න හොඳ නැති අසමජ්ජාති ඇවටියෙල් එකක්. මේකා මටත් එක්ක නෙලයිද මංදා. දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමය මතක්වෙන්න.

“උඹ ගැන අපි දන්නවා මල්ලි.. උඹ බෙකම්නේ.. අපේ ඉස්කෝලෙ නම්බුව තියන්නෙ උඹ වගේ පට්ට සිරා එවුන් තමයි.. අපි උඹ ගැන ආඩම්බර වෙනවා.. ඒත්.. ඒත් බලපං.. මල්ලි.. මේ උඹලගෙ යාලුවෙක් වෙච්ච එකා කරන නොසංඩාල වැඩේ.. අපි කෝමද මූට අතක් පයක් උස්සන්නැතුව ඉ්නනෙ.. ඩිංගක් මුගේ මූන බහං.. නෙලන්නමනේ හිතෙන්නෙ..”

කලු එකා ආයෙත් අත ගුලි කරගත්තා. ඌ කියන එක සීයට පන්සීයක් ඇත්ත.. මහේලයගෙ තියේනනෙ ගුටි කන මූණක්ම තමා. මටත් ඌට දෙකක් අනින්න හිතෙනවා.

“මහේලයා.. මේ අයියට කතා කරන්න දීපං.. උඹ මේ බෙකම්ගෙ යාලුවෙක් නම්, අනුන්ගෙ ප්‍රේම කතා උඹට වැඩක් නෑ කියලා..”

ඒත් මහේලයා බිම බලන් හිටියා මිසක ඔලුවවත් ඉස්සුවෙ නෑ.. කොහොම හරි මායි ඇම්ඩයි පැතුමයි දන්න සුද්ද සිංහල, සංස්කෘත, පාලි, අංඩර දෙමළ ඔය ඔක්කොම කියවලා අර මරුමුස්ල තුන්දෙනාව යාන්තම් ෂේප් කරගත්තා. උං කිය කියාම ගියේ ආයෙ නෙහාරයි මහේලයි එක තැන ඉන්නවා, කතා කරනවා දැක්කොත් මහ ඉස්පිරිතාලෙ ඇඩ්මිට් වෙන්නම නෙලනවා කියලා.

“හ්ම්.. දැන් ඉතිං කියපල්ලා තොරෙණෙ විස්තරේ..”

අලුගෝසුවො තුන්දෙනා පේන්නැතිවෙලා යනකන් ඉඳලා මං කට ඇරියා. ඇම්ඩා තරහටද කොහෙද අහක බලා ගත්තා. පැතුමා නම් බලන් හිටියෙ නෙහාරගෙ මූණ දිහා. හරියට නිකං මේ දැන් පිඟානට බෙදාගෙන හැඳි ගෑරුප්පු වලින් කන්න වගේ.

“කතා කරපං මහේල.. උඹල හදන්නෙ මුළු දවසෙම අපිව මෙතන තියන්නද ආ..?”

මහේලයි, නෙහාරයි දෙන්නම කතා නොකරපු හන්දා මගේ යකා ඇවිස්සුණා. ඇයි යකෝ.. මුං මේ හැසිරෙන විදියට මුංව කොටියම කරන්න එපෑය.. මුංට එක වචනයක්වත් කතා කරන්න බැරි මුංගෙ යටිබඩ බල්ලො කාලද..?

“අ.. අනේ නවෝද්.. මහේලට බනින්නෙපා.. එයා.. එයා වැරදි නෑ.. මමයි එයාට එන්න කිව්වෙ..”

මහේල කතා නොකරන හන්ද, නෙහාරා මගේ ළඟට ආවා. ඒ බෝල ඇස්වල කඳුලු උතුරල ගිහිල්ලා.. ඔව් ඉතිං.. කෙල්ලො හැමදේටම කොරන්න දන්නෙ ඔච්චර තමයි.. ඒක තමයි උංගෙ තියෙන එකම ගැලවීමේ මාර්ගය.

“හරි කවුද, වැරදි කවුද කියනෙක මෙතෙන්ට අදාල නෑ නෙහාරා.. ඒත් මං ඔයාට එක දෙයක් කියන්නම්.. ඔයාගෙ ලව් එෆෙයාර් එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ඔයා අමල් එක්ක කතා කරලා විසඳගන්න.. එහෙම නැතුව ඔයාට වැටෙන හැම බාල්දියටම මහේලව ඇදලා අරන් ඌව අමාරුවෙ දාන්නෙපා..”

ආයෙ මොනවටද..? මං අතගාන්න ගියේ නෑ.. එකෙන්ම කතන්දරේ ගොඩට ඇදලා දැම්මා.. නැතුව මේ වගේ ප්රාග් අයිතිහාසික යුගයේ ගැටලු විසඳන්න බෑ.. මේවා ගෝත්‍රික ප්‍රශ්නනේ.

“ම.. මං.. හ්ග්.. හ්ග්.. මහේලව අමාරුවෙ දැම්මෙ නෑ.. ඉහිහ්.. හ්ග්.. අ.. අමල්ට මං කියන කිසිම දෙයක් තේරෙන්නෙ නෑ.. එයා මාව ගණන් ගන්නෙ නෑ.. මගේ ප්‍රශ්නෙකදි එයා හැරිලවත් බලන්නෙ නෑ.. අමල්ට ඕන මගේ ඇඟ විතරයි.. න්හ් ඉහිග්.. ඉ.. ඉතිං මං මගේ ප්‍රශ්නයක් පන්තියෙ යාලුවෙක් වෙච්චි මහේලත් එක්ක කතා කරන එක වැරදිද නවෝද්.. මට මේ වෙලාවෙ විශ්වාස කරන්න පුළුවන් කෙනෙකුට ඉන්නෙ මහේල විතරයි.”

හප්පට සිරි.. බලපල්ලකො.. මේ සීගිරි අප්සරාවිගෙ කතා විලාසයේ තියෙන සිරියාව.. මහේලත් එක්ක කතා කරනෙක වැරදිද කියලා, මේකි මගෙන්නෙ අහන්නෙ.. ඔය වගේ වෙලාවල් වලට තමයි මේකිගෙ කට කන්න හිතෙන්නෙ..

“මහේල විතරයි කියන්නෙ.. ඔයාට අපේ ඉස්කෝලෙ එක ගෑනු යාළුවෙක්වත් නැද්ද..? ආ..! නිකං බයිල ගහන්නෙපා නෙහාරා..”

මගේ කතාවට කේල්ලගෙ මූණ කළු වුනා. කරන්න දෙයක් නෑ නෙහාරා.. ඔයා තමයි මේ හැන්දෙන් බෙදාගත්තෙ.

“ඔයා දන්නවද දන්නෑ නෙහාරා.. මේ ලෝකෙ ලෙඩ වර්ග තුනක් තියෙනවා.. එකක් අපිට හැදෙන ලෙඩ.. අනික අපිට වැටෙන ලෙඩ.. අන්තිම එක තමයි අපි දාගන්න ලෙඩ.. ඔයාලා දෙන්නා ඉන්නෙ ඔය කොයි ලෙඩේ ළඟද කියලා හිතාගන්න අමාරු නෑනේ.. හැබැයි..”

කතාව නවත්තල මං මහේල දිහා බැලුවා. ඌ කෙලින්ම හිටියෙ මගේ දිහා බලන්.

“හැබැයි.. ඔයා දන්න දවසෙ ඉඳලමමංතරේ වගේ කියෙව්වෙ මට අමල් ඕනා.. මට අමල් ඕනා කියලා.. එයා නැති උනොත් මං මැරෙයි කියලා.. දැන් බලපුවහම ඔයා කියන්නෙ අහස පොළව උහුලන්නැති අමුතුම කතන්දරයක්.. හනේ මංදා.. මට නම් ඕවා තේරෙන්නෑ.. ඔයාලගෙ හිතේ තියෙන දේ නෙමෙයි ඔයාලා එළියට දාන්නෙ.. අපි යමු බං..”

ඇත්තටම එතනින් එහාට මට කතා කරන්න දෙයක් තිබුණෙ නෑ.. මහේලයි, නෙහාරයි ගල් පිලිම දෙකක් වගේ හිටගෙන ඉන්දෙද්දි, අපි තුන්දෙනා බස් ස්ටෑන්ඩ් එක පැත්තට ආවා.

“උඹගෙ කතාව නම් මැක්සා බෙකම්.. පේන විදියට නම් මහේලයා ටිංකිරි බාල්දියකටම ඔලුව අල්ලලා වගෙයි..”

“අනිවා මචං.. එකෙ දෙකක් නෑ.. ඕකා අදට අපි හින්දා බේරුණා.. ඒත් වෙනින් දවසක මේකෙ පොළියත් එක්ක මහේලයා කයි..”

“බලපංකො බෙකම්.. ඌ අපි එක්ක වචනයක්වත් කතා කලේ නෑනෙ..”

“ඔය මල ඉලව්ව ඇරෙන්න උඹලට වෙන කතා කරන්න දෙයක් ඇත්තෙම නැද්ද ආ..?”

මට තද උනා කියලා ඇම්ඩට තේරුණා.. ඇත්තනේ අප්පා.. අපි නිකං බලෙන් දෙන්න ගියා වගේනේ එතනට.

“ඒනම් හවස තලපතාගෙ ක්ලාස් එකේදි සෙට් වෙමු..”

පැතුමයි, ඇම්ඩයි ඈත්වෙලා යද්දි, මං මගේ අති උත්තම මවුන්ටන් බයිසිකලේ ගන්න ඉස්කෝලෙ පැත්තට ආවා. ඒ වෙලාවෙ කාපට් පාර පුරාම තිබ්බෙ මහම මහ පාලු ගතියක්. මගේ හිත පුරාම අහම්බයකින් වගේ ඒ පාලු ගතිය ඇදිල ගියා. සමහර විට ඒ හැඟීම මගේ හිතට ආවෙ, මෙච්චර වෙලා මගේ ළඟන් ඉඳපු ඇම්ඩයි, පැතුමයි මං ගාවින් ගියපු හින්ද වෙන්නැති.

දැවැන්ත තාප්පෙන් කොටුවෙලා තිබ්බ ඉස්කෝලෙ ගොඩනැගිලි එකින් එක ඇස් මානෙට අහුවෙද්දි, මගේ හිත තවත් නොදන්නා දුක්බර හැඟීමකින් පිරිලා ගියා. අවුරුදු දොලහක් දහ තුනක් හැමදාම දැකපු මේ අජීවී වස්තූන් ගැන මට දැනුණෙ ඇත්තටම සංකාවක්. තව බොහොම ඩිංග කාලෙකින් මේ හැමදේම දාලා ඉස්කෝලෙන් එළියට, ඒ කියන්නෙ මහා දුෂ්ඨ නපුරු සමාජෙකට මට බහින්න වෙනවා. මේ වගේ ආදරණිය තැනක් ජීවිතයෙ කවදාවත් ආයෙ ලැබෙන එක්ක නෑ කියලා මට හිතුණා. ඇත්තටම ඉතිං අපේ ජීවිත වලට බද්ධ වෙලා තියෙන හුඟක් දේවල් අපිටදාලා යන්න බැරි දේවල්. ඒ හැමදේටම ඉස්සරහින් මේ ආදරණිය සෙන්ට්‍රල් එක මගේ ජීවිතේ පළවෙනි තැන අරගෙන තිබුණා. අවුරුදු දහ අටක් වෙන මේ ජීවිතේ කොයි තරම් නම් දේවල් මේ ආදරණිය රජ මාළිගාව ඇතුළෙ සිද්ධ වෙලා තියෙනවද..? මේ අජීවී වස්තූන් පවා මට දැනුණෙ, මගේම ජීවිතයෙ කොටසක් විදියටයි.

“බෙකම් පුතා.. මොකද මේ අවේලාවෙ..?”

බයිසිකලේ ගන්න ගියපු මට මූණටම හම්බවුනේ දැල්ලා අංකල්. හැමදාම ඉස්කෝලෙ පටන්ගන්න, පීරියඩ් වෙන් කරන්න, ඉන්ටෙවල් දෙන්න, ඉස්කෝලෙ අරින්න.. යකඩ කෑල්ලකින් තවත් යකඩෙකට පත බාන දැල්ලා අංකල් දිහා මං හොඳ ඕනෑකමින් බැලුවා. කොන්ඩෙ ඉඳිලා, සුදු රැවුල් කොට මූන පුරාම වැවිලා, ඇට පෑදුනු වැහැරුන මූණෙ පිරිලා තිබ්බෙ ප්‍රීතිමත් ගතියක්. ඇත්තටම අවුරුදු කීයක් නම් දැල්ලා අංකල් මේ බෙල් එක මේ විදියට සද්ද කරන්න ඇත්ද.?

“බයිසිකලේ ගන්න ආවා අංකල්.. ඒක නෙමෙයි.. මට අංකල්ගෙන් දැනගන්න දෙයක් තියෙනවා..”

මං දැල්ලා අංකල් ගාවටම ඇවිත් නතර උනා. හුඟාක් කොල්ලො, දැල්ලා අංකල් ළඟට ඇවිත්, කන ගාවට කරලා මහා හයියෙන් දැල්ලෝ කියලා දුවද්දි, දැල්ලා අංකල්ගෙන් හීන් සීරුවෙ පිටවෙන්නෙ අමු සිංහල පාලි සංස්කෘත වචන.. ඒත් මේ බෙකම් ඒ වගේ කසිකබල් වැඩ කරන්නෑ කියලා මිනිහා හොඳටම දැනන් හිටියා.

“මොකක්ද බෙකම් පුතා..?”

“අවුරදු කීයක් මේ රස්සාව කරනවද..?”

හුඟ කාලයක් හිතේ හිරවෙලා තිබ්බ ප්‍රශ්නයක් මං ඇහුවා. මොකද මං ප්රයිමරියෙ ඉන්නකොටත් දැල්ලා අංකල් මේ යකඩෙට පත බාන හැටි දැකලා තිබුණ හිංදා.

“හුඟ කාලයක් පුතා.. හුඟ කාලයක්.. ඇත්තටම මට මතක නෑ.. සමහර විට අවුරදු තිහක්.. තිස් පහක් වෙන්න පුළුවන්.. ඒත්.. ඒත්.. තව ටික කාලෙකින් මේ හැමදේම දාලා මං යනවා පුතා..”

“ඒ.. ඒ කිව්වෙ අංකල්..?”

“ම.. මට දැන් හුඟක් වයසයි බෙකම් පුතා.. ඔව්.. හුඟක් වයසයි.. මට හරියට දුර පේන්නෙත් නෑ.. කොටින්ම දැන් මම ලෙඩෙක්.. ඒත් මේ ගොඩනැගිලි.. මේ ළමයි.. මට.. මට.. දාලා යන්න මහා ලෝබයි.. මගේ පපුවෙන් කෑල්ලක් ගැලවෙන්න වගේ.. එහෙම හිතනකොටත්.. එක වසරට අම්මල තාත්තලා අතේ එල්ලිලා ඇවිල්ලා.. පුතාගෙ වයසෙදි මේ ඉස්කෝලෙන් අයින් වෙලා යනළමයි කී දෙනෙක් නම් මගේ මේ දුප්පත් ඇස් දෙකට මං දැකලා තියෙනවද..? හ්ග්.. හ්ග්.. ඒත් මං මේ ඉස්කෝලෙ දාලා යන්නෙ.. මගේ බැරිකම හින්දා.. මං වයස හින්දා.. තව ටික කාලයක් යනකොට අර යකඩෙවත් මට උස්සගන්න බැරිවෙයි.. හ්ග්..”

[QUOTE="crazybuddy, post: 13783624, member: 326070"] [COLOR=Blue][SIZE=3]ඇම්ඩා, සුදු කලිසම් සාක්කුවෙන් ස්ලයිඩ් කෑලි තිහක් විතර ඇදලා අරන් මට දුන්නා. මේකා මේවා කොහොම තියන් හිටියද මංදා. අපේ සාක්කු වගේ දෙගුණයක්වත් දිගට මූ සාක්කුව මහන් ඉන්නවා ඇති. වැඩේ කියන්නෙ ඇම්ඩා මට දීපු ස්ලයිඩ් වල, දැක හදුනා ගැනීමට කිසිම සලකුණක් නෑ.. ඒක නම් ඉතිං දෙයියො දුන්නා වගේ දෙයක්.[/SIZE] [SIZE=3] “එහෙනම් සුභ මොහොතින් බාලිකාවෙ ආඩම්බරකාරිට මේ ටික ගිහින් දෙමු.. හනේ දෙයියනේ.. එතකොට ඒකිගෙ ඇස් ගෙඩි දෙක දොට්ට පනින හැටි බලන්න, මට පුදුම ආසාවක් තියෙන්නෙ..”[/SIZE] [SIZE=3] “ඔව්.. ඔව්.. අපි තව පරක්කු වුනොත්, කල් ඉකුත් උනා කියලා ඒකි බෙට් එක කැන්සල් කරාවි. එතකොට අපිට මේ ගතිය ගන්න බැරිවෙනවා. අපි යමු කොල්ලනේ.. ඒ උක්කු අම්මගෙ සිරියාවන්ත මූණූ පොඩිත්ත බලන්න..”[/SIZE] [SIZE=3] පැතුමගෙයි ඇම්ඩගෙයි කතාවලින් මගේ හිතටත් ඇවිත් තිබුණෙ මාරම ගතියක්. පිට පිට තුන් වතාවක්ම බාලිකාවෙ ආඩම්බරකාරිව පරද්දලා හැට්රික් එකක් දානවා කියන්නෙ එසේ මෙසේ කතන්දරයක් නෙමෙයිනේ.[/SIZE] [SIZE=3] “කෝ බං.. මේකි පැනලවත් ගියාද..?”[/SIZE] [SIZE=3] ඉන්කියි, සමින්දියි පේන්න හිටියෙ නැති හන්ද පැතුමට එකපාරටම කියවුනා. මායි, ඇම්ඩයි කෙලින්ම කඩාගෙන විදගෙන ගියේ ඩී හෝල් එකට. මේ ඉන්නෙ ජෝඩුවම.. ඉන්කි නම් හිටියෙ මූණ හොඳටම සවුත්තු කරගෙන. සමින්දි හෙන පුස් පාට් එකක් මූණ මැදට අරන් වැඩර් වගේ හිටියා. පේන විදියට නම් නැතිවීමේ සම්පූර්ණ වැරැද්දම ඉන්කි පිටින් ගිහිල්ලා වගේ.[/SIZE] [SIZE=3] “ගියපු පයින්ම ආවෙ.. මොකෝ... හොයාගන්න බෑ නේද..? බෙට් එක නිකං බරපතල වැඩියි වැඩියි වගේ කියල හිතුණද..? ආ..”[/SIZE] [SIZE=3] එහෙමයි කියලා කියන්න වගේ මං ඔලුව වැනුවා.[/SIZE] [SIZE=3] “ගියපු පයින් එන්නැතුව අල්ලපු ගෙදර එකාගෙ පයින් එන්නද බෙකම්.. මේකි මොනවද මේ කියන්නෙ..?”[/SIZE] [SIZE=3] පැතුම් හීන් සමැරේ කුටු කුටු ගාද්දි මං උගේ කකුල හයියෙන්ප ෑගුවා. මගේ මූණෙ තියෙන දුක්මුසු පෙනුම දැකලා සමින්දි අක්කා තවත් ෆෝන් උනා වගේ. මේ දුක්බරකම මං හදාගත්තෙ දැන් තත්පර දෙක තුනකට කලින්. මේ දුක්බරකමට, බලන් ඉන්න එවුන්ට හිටගෙන ඇඬෙනවා කියලා මං දන්නවා. සමින්දි උනත් එකෙන්ම අහු උනානේ. ස්ලයිඩ් නැති හන්දා ප්‍රොජෙක්ටරේ පෙන්නන තැන, කතන්දරේ විස්තර කරන බාලිකාවෙ කෙල්ල අලි පත අමාරුවක වැටිලා කියලා මට තේරුණා. ඇයි ඉතිං වීර කතාවෙ කාන්තාව වගේ මුලින් මුලින් කියන් ආපු දේවල් එතනින් එහාට පෙන්නන්න විදියක් නැති හන්ද.[/SIZE] [SIZE=3] “ඔන්න ඕක තමයි කියන්නෙ, හැමදේම වීරයා වගේ බදාගත්තට, කරන්න බැරි දේවලුත් තියෙනව කියලා ඉන්කි. මං ඔයාට කිව්වනේ, මෙයාලගෙ මේ කතාව හැටියට වැඩ නම් නෑ කියලා.. මහ ලොකුවට කියන්නෙ නම් සෙන්ට්‍රල් එකේ ජනප්‍රියම පුද්ගලයලු.. ඒ උනාට අපිට බලන්න පුළුවන් සැටඩේ ග්‍රවුන්ඩ් එක වටේ හති කූඩයක් හල හල දුවන හැටි..”[/SIZE] [SIZE=3] හනෙ අම්මේ....!! මේකිට නම් කටක් නෙමේ තියෙන්නෙ.. මොකා සුබ නැකතින් රන්කිරි කට ගෑවද මංදා.. සොරොව්ව ඇරියහම වර වර ගගා වතුර ගලන් එන වයිදියට දෙවනි නෑ, මේ කට නම්. කමක් නෑ..! මගේ උක්කු අම්මා. ඔයා නියම සැපක් මේ බෙට් එකෙන් ගනියි.[/SIZE] [SIZE=3] “ඊට වැඩිය නරකද බාලිකාවෙ හෙඩ් ප්‍රිෆෙක්ට් රවුම් දහයක් පහළොවක් දුවද්දි තලපතා වගේ කලන්තෙ දාලා පතබරියන් උනොත්..? නියමයි.. ආ..?”[/SIZE] [SIZE=3] මං සමින්දිට ළංවෙලා ඇහුවා. ඒ මූණෙ පිරිල තිබුණෙ අහංකාරකම, අහංකාර හිනාවක්, මේ තරම් සිරියාවන්ත රූපයක්, ජාතක කරපු, හදා වඩාපු අම්මයි තාත්තයි දීලා තියෙද්දි ඇයි සත්තලනේ මේ නව නිංගිරා විදියට හැසිරෙන්නෙ.[/SIZE] [SIZE=3] “කලන්තෙ දාලා වැටෙන්නෙ මං දිව්වොත්නේ..”[/SIZE] [SIZE=3] “ඔයාට දුවන්න වෙනවා..”[/SIZE] [SIZE=3] “ඇයි මං දුවන්නෙ..?”[/SIZE] [SIZE=3] “මෙන්න මේ ටික හින්දා..”[/SIZE] [SIZE=3] ඇම්ඩගෙ අතෙයි, මගේ සාක්කු දෙකෙයි තිබ්බ ස්ලයිඩ් ටික අරන්, මං සමින්දි අක්කගෙ අත් දෙක උඩ තිබ්බා. මෙච්චර වෙලා තිබ්බ මොණර ආඩම්බරේ, හුළං ගියපු ලොකු බැලුන් එකක් වගේ ඇදවෙලා යද්දි සමින්දි අක්කා උඩ බිම බැලුවා. මෙලෝ සිහි කල්පනාවක් නැතුව වගේ එයා මං දිහා පුදුම වෙලා බලන් ඉද්දි නම් මට ආවෙ මාරම ගතියක්. කෝ.. සත්තලනේ මෙච්චර වෙලා ඔයාගාව තිබ්බ කැටයම් ටික, ඒවට මොකද උනේ..?[/SIZE] [SIZE=3] “මේ.. මේවා කොහෙද තිබ්බෙ..?”[/SIZE] [SIZE=3] පව් අප්පා.. කෙල්ලට කතා කරගන්නත්බෑ.. ඇඬෙන සයිස්.. මං තවත් මොනව හරි කිව්වොත් කෙල්ල දුවනවා..[/SIZE] [SIZE=3] “තිබ්බෙ කොහෙද කියන එක නෙමෙයි ප්‍රශ්නෙ.. සෙනසුරාදා දවල් දොළහට ඔයා යූ.සී ග්‍රවුන්ඩ් එකට එන එක..”[/SIZE] [SIZE=3] සමින්දිගෙ මූණ බලන ඉඳිද්දිම සුදුමැලි උනා. අර කලියෙන් තිබ්බ අලි උන පැත්ත පලාතක නෑ. හොඳ වැඩේ උඹට නම්.. මගේ හිත කිව්වා.[/SIZE] [SIZE=3] “මොනවම හරි කරදරයක් වුණ වෙලාවක දෙවියො එව්වා වගේ ඔයා මගේ ඉස්සරහට ඇවිත් උදව් කරනවා.. අනේ හුඟක් තෑන්ක්ස් නවෝද්.. ඔයාට හුඟක් පින්..”[/SIZE] [SIZE=3] ඉන්කිගෙන් පිටවුණ වචන ටික නම් ආවෙ හදවත පතුලින්මයි කියලා මට තේරුණා. බොක්ක දාලා පිච්චිලා යන්න ඔහොම සංවේදීව කතා කරනකොට ළඟ තියෙන ඒවත් ගලවල දෙන්න හිතෙනව කෙල්ලෙ.. මොනව උනත් තාමත් කතා කරගන්න බැරිව, වෙච්ච සංසිද්ධිය උහුලගන්න බැරිව සමින්දි අක්කා අනාථ වෙලා ඉද්දි අපි තුන්දෙනා බාලිකාවෙන් එළියට බැස්සෙ වීරයො වගේ.[/SIZE] [SIZE=3] “නාලකයො උඹ තමයි දවසකටවත් මිනිහා..”[/SIZE] [SIZE=3] බාලිකාවෙ ගේට් එක ඉස්සරහදිම, අපි තුන්දෙනා පහේ තුනක් අල්ලට අල්ල ටච් කරලා දාගන්න ගමන් මං කිව්වා. ඒ ගමන්ම ඇම්ඩගෙ පිට මැද්දට මගේ වම් අතින් හෙමිට ගහලා මං මගේ සංතෝසෙතව තවත් පිට කරගත්තා. ඇයි හත්තිලව්වෙ.... දවස් හතක් මගුලක් කන විදියෙ සංසිද්ධියක්නේ මේ උනේ..[/SIZE] [SIZE=3] “හැබැයි බෙකම්.. මෙලහකට අපි රෙකෝඩ් එකක් තියලා ඇති මයෙ හිතේ..”[/SIZE] [SIZE=3] “ඒ මොකක්ද පැතුමා..”[/SIZE] [SIZE=3] “බාලිකාවෙ හෙඩ් ප්‍රිෆෙක්ට්ව තුන් පාරක්ම නන්ස්ටොප් පැරැද්දෙව්වා කියලා.. උමට කියන්න ඇම්ඩා මට මැවිලා පේනවා ඒකි පට්ට දවාලෙ දාඩිය පොල්ල තුන් මුනින් දාගෙන ග්‍රවුන්ඩ් එක වටේ දුවන හැටි.. ඒකිගෙ ඇදුම් දාඩියට ඇඟටම ඇලිලා විනිවිද පේනකොට හූ කියන්න බලන් ඉන්න අපිට දැනෙන සනීපෙ කොහොමද බං.. මට ඒ සුමුදු ශරීරය දිගේ ගලන දාඩිය බිංදුවක් වෙලා ජීවත් වෙන්න තියෙනවා නම්..? ඇත්තටම ඇම්ඩා.. මට අද ඉඳලා හරියකට නින්ද යන්නෙත් නෑ ඕං..”[/SIZE] [SIZE=3] “පැතුම්.. වනචර කතා නොකිය ඔය ටකේ වහගනිං බං.. අපිට ඒකිගෙ ශරීර අවයව බලන්න ඕනකමක් නෑ.. අපි දැම්මෙ බෙට් එකක් මිසක ඒකිගෙ දාඩිය බිංදුවක් වෙන්න නෙමෙයි තේරුණාද..?”[/SIZE] [SIZE=3] මං මැද්දට පැන්නා. නැත්නම් තව ඩිංගක් වෙලා යනකොට පැතුමා, සමින්දි අක්කව, කටින්ම නිර්වස්ත්‍ර කරයි.[/SIZE] [SIZE=3] “ඔන්න.. ඔන්න ඉතිං..! මොනාද බෙකම්.. මං උඹට කේන්ති ගන්න තරමෙ දෙයක් කිව්වෙ නෑනෙ.. මං ඒකිගෙ සුරූපී නාරි දේහෙ වර්ණනා කරා විතරනේ.. ඇත්තටම බෙකම්.. උඹ දැක්කෙ නැද්ද ඒකගෙ ඇඟේ තිබ්බ බටර් පාට..?”[/SIZE] [SIZE=3] “ඒකි රෝස පාට උනාට, බටර් පාට උනාට වැඩක් නෑ පැතුමා..”[/SIZE] [SIZE=3] “ඇයි ඇම්ඩා.. උඹ ඒ වගේ අමන කතාවක් කිව්වෙ..?”[/SIZE] [SIZE=3] “ඒකි කොයි තරම් ලස්සන උනත්, අපේ බෙකම් කැමති ඉන්කිගෙ කලු පාට ඇඟටලුනේ..”[/SIZE] [SIZE=3] ඉඳල ඉඳල ඇම්ඩත් කිව්වෙ මාරම කතාවක් තමා..[/SIZE] [SIZE=3] “ඈ.. හත්තිලව්වෙ..”[/SIZE] [SIZE=3] සියලු කතා නැවතිලා, පැතුමගෙ කට ඇරුණා.[/SIZE] [SIZE=3] “ඇම්ඩෝ.. අර ඉන්නෙ අපේ මහේලයා නේද..?”[/SIZE] [SIZE=3] “උඹට ඌව විතරද පේන්නෙ..? අර ඊටත් ඩිංගක් එහායින් ඉන්න නෙහාරව පේන්නැද්ද..?”[/SIZE] [SIZE=3] මුලින් මුලින් මාත් දැක්කෙ මහේල විතරයි. ඇම්ඩා කිව්වට පස්සෙ තමයි මං නෙහාරව දැක්කෙ.[/SIZE] [SIZE=3] “මුං දෙන්නා මොකද බං මෙතන කරන්නෙ..?”[/SIZE] [SIZE=3] රේල්වේ ස්ටේෂන් එකේ වම් පැත්තට යන ගමන්, මහේල නෙහාරට අත වනනවා අපි දැක්කා. වටපිට බලන ගමන්, හොර පූස් තඩියෙක් වගේ නෙහාරත් ෆ්ලැට්ෆෝම් එකෙයි ගබඩා සංකීරණයයි යාවෙන්න හදපු ගුවන් පාලමට නගින්න ගත්තා.[/SIZE] [SIZE=3] “මොකක්ද බෙකම්.. මේ ඇවටියෙල් එක.. ඔය කෙල්ල ටවුමෙ වල් උගුඩ්ඩෙක් එකක් යාළුයි නේද..?”[/SIZE] [SIZE=3] ඇම්ඩා කෙලින්ම මගෙන් ඇහුවා. බලන්ග ියාම මහේලටයි, නෙහාරටයි මොලේ කියලා අංශු මාත්‍රයක්වත් නෑ. නැත්නම් ඉතිං මේ වගේ නස්පැත්තිදායක රෙද්දවල් කරාවියෑ.. ඉස්කෝලෙ මොකෙක් හරි දැක්කා නම් ලෙඩේ හොඳටම හොඳයි.[/SIZE] [SIZE=3] “කෙල්ලොන්ගෙ හැටිනේ බං.. උං වෙලාවකට මහා අමනයි.. අද එක කොල්ලෙක්.. හෙට එක කොල්ලෙක්..”[/SIZE] [SIZE=3] “ඒ උනාට බෙකම්.. උම අහල තියෙනවද.. මගේ පිය පාර්ශවයෙන් දිගින් දිගටම පැවත එන සිරා උපහැරණයක්..?”[/SIZE] [SIZE=3] පැතුමා ඒපාර සිංහල නවගුණ වැල ගනින්නයි යන්නෙ.. මුගේ අඳෝනාව අහන්නත් ඕන.. අරහෙ මහේලයා නටන්න හදන නාඩගම දිහාට ඇහැක් දාන්නත් ඕන.[/SIZE] [SIZE=3] “හා.. කියහංකො බලන්න.. උඹලගෙ තාත්තගෙ ඔය මහ ලොකු එක මොකක්ද කියලා බලන්න..”[/SIZE] [SIZE=3] “ඇම්ඩා.. එහෙනම් අහගනිං.. අස්තීර වූ ස්ත්‍රී චින්තනය තුල ස්ථීර ප්‍රේමයක් ඇතිකළ හැකි නම් පුත්තලමේද ගෝවා වගා කළ හැකිය... තේරුණාද..?”[/SIZE] [SIZE=3] තේරුනාදත් අහනවා. දෙකේ දෙකේ පොලු කෑල්ලකින් ඔලුව මැදට පතබෑවා වගේ. ඒත් පැතුමගෙ උපහැරනෙ ගැන වැඩිය කතා කරන්න අපිට හම්බවුනේ නෑ. ගුවන් පාලම උඩ මොනවම හරි අවුල් සහගත දෙයක් සිද්ධ වෙනවා කියලා අපිට තේරුණා.[/SIZE] [SIZE=3] “බෙකම්..”[/SIZE] [SIZE=3] “මොකෝ නාලක..?”[/SIZE] [SIZE=3] “වරෙන්.. මහේලයා නාගන්නයි යන්නෙ..”[/SIZE] [SIZE=3] හැමෝටම කලින් ඇම්ඩා ඉස්සර වුණා. මං ඌ පස්සෙන් දුවන ගමන් හැරිලා බැලුවෙ පැතුම් කොහෙද කියලා බලන්න.. ඒ වෙනකොටත් පැතුම් ගුවන් පාලමේ අනිත් පැත්තට දුවනවා මං දැක්කා. ඒකත් හොඳයි. දැන් දෙපැත්තම කවර් වෙලානේ.[/SIZE] [SIZE=3] පඩිපේළි ටික නැගගෙන නැගගෙන ගිහිල්ලා පාළම උඩින් අපි මතුවෙනකොටත් නාට්ටිය පටන් අරන් තිබුණා. ටවුමෙ බජාර් එකේ එපාම කරපු කොල්ලො තුන්දෙනෙක් ඒ වෙනකොටත් මහේලයව වට කරගෙන. නෙහාරා මෙලෝ හාවක් හූවක් නැතුව ගල් ගැහිලා බලන් ඉන්නවා. ඒ තත්පරෙම තමයි මහේල අපිව දැක්කෙ. උගේ මූණට සංතෝසෙ වෙනුවට ආවෙ, නන්නත්තාර වෙච්චි ගතියක්. ඒ අතරෙ අර කොල්ලො තුන්දෙනා ඉවක් බවක් නැතුව මහේලට නෙලන්න ගත්තා. හප්පේ... බලන් ගියාම මුං මාර ස්පීඩ්නේ.[/SIZE] [SIZE=3] “ඒ... ඒයි.. ඕක නවත්තපියව්..”[/SIZE] [SIZE=3] මටත් කලින් කෑගහගෙන ඇම්ඩා උං ඉස්සරහට දිව්වා. ඒ වෙනකොට පැතුමත් පාලම එහා පැත්තෙන් මතුවෙලා අපි ඉස්සරහට දුවගෙන ඇවිත්. ඇම්ඩගෙ තර්ජනේ සත පහකටවත් ගණන් ගන්නැතුව එකෙක් අපි බලන් ඉන්දෙද්දිම මහේලට බඩට පයින්ග ැහුවා. ඒක නම් හොඳි ඕන්නෑ.. පාරෙ සැර කමට බුහුග් ගෑවුනේ මහේලට නෙමෙයි අහක හිටපු නෙහාරට. ඒ එක්කම තව එකෙක් පැනල මහේලට අත පුරවලා කම්මුල් පාරක් ගැහුවා. හප්පොචියේ ඒ පාර නම් සැප නැවක් මැවිලා ඇති.[/SIZE] [SIZE=3] “ආයෙ එකෙක් හරි අතක් ඉස්සුවොත් තොපි තුන්දෙනාම උස්සලා මේකෙන් පහ්ලෙහාට දානවා.. දැනගනියව්.. මේකා අපේ සෙන්ට්‍රල් එකේ කොල්ලෙක්..”[/SIZE] [SIZE=3] මහේලට බෙහෙත් දිදී හිටපු කොල්ලෙක්ව අල්ලලා පැත්තකට තල්ලු කරල දාන ගමන් ඇම්ඩා කිව්වා. කරන්න දේකුත් නෑ.. මේ වගේ වෙලාවක ශේප් න්‍යායෙන් කටයුතු කරන්න බෑ. වලියෙන්ම තමයි.[/SIZE] [SIZE=3] “අපිත් සෙන්ට්‍රල් එකේ තමයි ඩෝ..”[/SIZE] [SIZE=3] “සෙන්ට්‍රල් එකේ..?”[/SIZE] [SIZE=3] “ඔව්.. උඹලට කලින් සෙන්ට්‍රල් එකේ බිම පාගපු කොල්ලො අපි. ඒක හන්ද මේක අපිට බේරගන්න දීලා උඹලා බලයව්..”[/SIZE] [SIZE=3] කලුම කලු පාට එකෙක් පුරස්ශාර්වක දතුත් පේන්න ගිරිය යටින් කෑගැහුවා. ඌ නම් අපේ ඉස්කෝලෙට කොහෙන් ආවද මංදා.. දැක්කමත් බය හිතෙනවා.[/SIZE] [SIZE=3] “එහෙම යන්න බෑනෙ මචං.. අපි එක ඉස්කෝලෙ නම් මෙහෙම ගුටි අනගන්නෙක සදාචාරයට විරෝධියිනේ.. සාමදානෙන් එපැයි වැඩේ කරන්න.. ම්.. එහෙනම් අපිටත් කියනවද ප්‍රශ්නෙ මොකක්ද කියලා..”[/SIZE] [SIZE=3] “අපිට ඕන්නැති සාමදානයක් නෑ ඩෝ.. මේන් මුගේ මළදානෙ හින්ද තමයි මේ සේරම.. මේ ඉන්න සෙප්පඩ විජ්ජාකාරි තමයි අපේ කොල්ලෙක්ගෙ අවුරුදු තුනක ලව් එක.. පටන් ගත්තෙ මේකි නමේ පන්තියෙ ඉන්නකොට.. දැන් මේ හැලපයා දුෂ්ඨයෙක් වෙලා මේ පෙම් කතන්දරේ මැද්දට පැනලා ඒකිව දාගෙන.. එතකොට යකෝ කොරන්න තියෙන්නෙ, ගාත්රා දිගේ මූත්‍රා ගලනකල් මූට නෙලන්නනේ.. නැද්ද..?”[/SIZE] [SIZE=3] මහේල ඔය කරගෙන තියෙන්නෙ මෙලෝ විලිලැජ්ජාවක් නැතුව මහ කෙලියම. මේකා ඉතිං ාගත්තොත් දාගන්නෙ ගන්දස්කාර කතන්දරම තමයි. නෙහාරා, අමල් එක්ක තියෙන පලහිලව්ව එහෙම නැත්නම් මල ඉලව්ව ඒකිටම බේරගන්න ඇරලා මේකා පැත්තකට වෙලා හිටිය නම් ඉවරනේ. කොහෙද ඉතිං මූ ගියානේ ඒකගෙ ගවුමෙ තියෙන තුත්තිරි ගලවන්න.[/SIZE] [SIZE=3] “මහේල.. මොකක්ද බං මේ කතාව..? නෙහාරා.. මොනවද මෙයාලා මේ කියන්නෙ..?”[/SIZE] [SIZE=3] “එ.. එයාලා වරද්දගෙන බෙකම්.. එයාලා වරද්දගෙන.. අපි අතරෙ එයාලා හිතන විදියෙ දෙයක් නෑ..”[/SIZE] [SIZE=3] “එහෙම නැත්නම් කොහොම දෙයක්ද යකෝ තියෙන්නෙ..? බලපං.. විලි ලැජ්ජාවෙ පණ යනවා.. අර ෆ්ලැට්ෆෝම් එක දිහා බලපං.. තුන් කාලක්ම ඉන්න කොල්ලො කෙල්ලො අපේ ඉස්කෝලෙ යන එවුන්.. ඩිංගක් ඔලුව පාවිච්චි කරලා වැඩ කරපං හරකො..”[/SIZE] [SIZE=3] මං මහේලට කඩාගෙන පැන්නා. උගේ මූණ රොටිය වගේ වෙලා. තාමත් උගේ එක අතක් බඩේ. වැදිච්ච වැදිල්ලට හුස්ම ගන්නත් අමාරු ඇති. මං නොදන්නවයෑ බඩ කොරවෙන්න වැදුනාම තියෙන ආතල් එක. ෆුට්බෝල් ගහද්දි උනත් කී පාරක් මටම වැදිලා තියෙනවද..? ටිකකින් මං අර කොල්ලො තුන්දෙනා දිහා බැලුවා. උන් ආයෙමත් මහේලට නෙලන්නයි යන්නෙ.. බලන් ඉඳල බෑ.[/SIZE] [SIZE=3] “අයියා.. ඔයාලා මාව දන්නවත් ඇති.. නැතුවත් ඇති.. ඒත් සෙන්ට්‍රල් එකේ කොල්ලෙක් විදියට මං ඔයාලට කියන්නෙ.. මේ කතන්දරේ අතෑරලා දාන්න කියලා.. කෙල්ලෙක් හින්දා කොල්ලො අපි මරාගන්නෙ ඇයි..?”[/SIZE] [SIZE=3] මගේ කතාවෙන් අපි ඉස්සරහ හිටපු කලු කුම්බිලියගෙ මූණ වෙනස් වුණා. උගේ ඩයල් එක නම් හීනෙකින්වත් පතන්න හොඳ නැති අසමජ්ජාති ඇවටියෙල් එකක්. මේකා මටත් එක්ක නෙලයිද මංදා. දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමය මතක්වෙන්න.[/SIZE] [SIZE=3] “උඹ ගැන අපි දන්නවා මල්ලි.. උඹ බෙකම්නේ.. අපේ ඉස්කෝලෙ නම්බුව තියන්නෙ උඹ වගේ පට්ට සිරා එවුන් තමයි.. අපි උඹ ගැන ආඩම්බර වෙනවා.. ඒත්.. ඒත් බලපං.. මල්ලි.. මේ උඹලගෙ යාලුවෙක් වෙච්ච එකා කරන නොසංඩාල වැඩේ.. අපි කෝමද මූට අතක් පයක් උස්සන්නැතුව ඉ්නනෙ.. ඩිංගක් මුගේ මූන බහං.. නෙලන්නමනේ හිතෙන්නෙ..”[/SIZE] [SIZE=3] කලු එකා ආයෙත් අත ගුලි කරගත්තා. ඌ කියන එක සීයට පන්සීයක් ඇත්ත.. මහේලයගෙ තියේනනෙ ගුටි කන මූණක්ම තමා. මටත් ඌට දෙකක් අනින්න හිතෙනවා.[/SIZE] [SIZE=3] “මහේලයා.. මේ අයියට කතා කරන්න දීපං.. උඹ මේ බෙකම්ගෙ යාලුවෙක් නම්, අනුන්ගෙ ප්‍රේම කතා උඹට වැඩක් නෑ කියලා..”[/SIZE] [SIZE=3] ඒත් මහේලයා බිම බලන් හිටියා මිසක ඔලුවවත් ඉස්සුවෙ නෑ.. කොහොම හරි මායි ඇම්ඩයි පැතුමයි දන්න සුද්ද සිංහල, සංස්කෘත, පාලි, අංඩර දෙමළ ඔය ඔක්කොම කියවලා අර මරුමුස්ල තුන්දෙනාව යාන්තම් ෂේප් කරගත්තා. උං කිය කියාම ගියේ ආයෙ නෙහාරයි මහේලයි එක තැන ඉන්නවා, කතා කරනවා දැක්කොත් මහ ඉස්පිරිතාලෙ ඇඩ්මිට් වෙන්නම නෙලනවා කියලා.[/SIZE] [SIZE=3] “හ්ම්.. දැන් ඉතිං කියපල්ලා තොරෙණෙ විස්තරේ..”[/SIZE] [SIZE=3] අලුගෝසුවො තුන්දෙනා පේන්නැතිවෙලා යනකන් ඉඳලා මං කට ඇරියා. ඇම්ඩා තරහටද කොහෙද අහක බලා ගත්තා. පැතුමා නම් බලන් හිටියෙ නෙහාරගෙ මූණ දිහා. හරියට නිකං මේ දැන් පිඟානට බෙදාගෙන හැඳි ගෑරුප්පු වලින් කන්න වගේ.[/SIZE] [SIZE=3] “කතා කරපං මහේල.. උඹල හදන්නෙ මුළු දවසෙම අපිව මෙතන තියන්නද ආ..?”[/SIZE] [SIZE=3] මහේලයි, නෙහාරයි දෙන්නම කතා නොකරපු හන්දා මගේ යකා ඇවිස්සුණා. ඇයි යකෝ.. මුං මේ හැසිරෙන විදියට මුංව කොටියම කරන්න එපෑය.. මුංට එක වචනයක්වත් කතා කරන්න බැරි මුංගෙ යටිබඩ බල්ලො කාලද..?[/SIZE] [SIZE=3] “අ.. අනේ නවෝද්.. මහේලට බනින්නෙපා.. එයා.. එයා වැරදි නෑ.. මමයි එයාට එන්න කිව්වෙ..”[/SIZE] [SIZE=3] මහේල කතා නොකරන හන්ද, නෙහාරා මගේ ළඟට ආවා. ඒ බෝල ඇස්වල කඳුලු උතුරල ගිහිල්ලා.. ඔව් ඉතිං.. කෙල්ලො හැමදේටම කොරන්න දන්නෙ ඔච්චර තමයි.. ඒක තමයි උංගෙ තියෙන එකම ගැලවීමේ මාර්ගය.[/SIZE] [SIZE=3] “හරි කවුද, වැරදි කවුද කියනෙක මෙතෙන්ට අදාල නෑ නෙහාරා.. ඒත් මං ඔයාට එක දෙයක් කියන්නම්.. ඔයාගෙ ලව් එෆෙයාර් එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ඔයා අමල් එක්ක කතා කරලා විසඳගන්න.. එහෙම නැතුව ඔයාට වැටෙන හැම බාල්දියටම මහේලව ඇදලා අරන් ඌව අමාරුවෙ දාන්නෙපා..”[/SIZE] [SIZE=3] ආයෙ මොනවටද..? මං අතගාන්න ගියේ නෑ.. එකෙන්ම කතන්දරේ ගොඩට ඇදලා දැම්මා.. නැතුව මේ වගේ ප්රාග් අයිතිහාසික යුගයේ ගැටලු විසඳන්න බෑ.. මේවා ගෝත්‍රික ප්‍රශ්නනේ.[/SIZE] [SIZE=3] “ම.. මං.. හ්ග්.. හ්ග්.. මහේලව අමාරුවෙ දැම්මෙ නෑ.. ඉහිහ්.. හ්ග්.. අ.. අමල්ට මං කියන කිසිම දෙයක් තේරෙන්නෙ නෑ.. එයා මාව ගණන් ගන්නෙ නෑ.. මගේ ප්‍රශ්නෙකදි එයා හැරිලවත් බලන්නෙ නෑ.. අමල්ට ඕන මගේ ඇඟ විතරයි.. න්හ් ඉහිග්.. ඉ.. ඉතිං මං මගේ ප්‍රශ්නයක් පන්තියෙ යාලුවෙක් වෙච්චි මහේලත් එක්ක කතා කරන එක වැරදිද නවෝද්.. මට මේ වෙලාවෙ විශ්වාස කරන්න පුළුවන් කෙනෙකුට ඉන්නෙ මහේල විතරයි.”[/SIZE] [SIZE=3] හප්පට සිරි.. බලපල්ලකො.. මේ සීගිරි අප්සරාවිගෙ කතා විලාසයේ තියෙන සිරියාව.. මහේලත් එක්ක කතා කරනෙක වැරදිද කියලා, මේකි මගෙන්නෙ අහන්නෙ.. ඔය වගේ වෙලාවල් වලට තමයි මේකිගෙ කට කන්න හිතෙන්නෙ..[/SIZE] [SIZE=3] “මහේල විතරයි කියන්නෙ.. ඔයාට අපේ ඉස්කෝලෙ එක ගෑනු යාළුවෙක්වත් නැද්ද..? ආ..! නිකං බයිල ගහන්නෙපා නෙහාරා..”[/SIZE] [SIZE=3] මගේ කතාවට කේල්ලගෙ මූණ කළු වුනා. කරන්න දෙයක් නෑ නෙහාරා.. ඔයා තමයි මේ හැන්දෙන් බෙදාගත්තෙ.[/SIZE] [SIZE=3] “ඔයා දන්නවද දන්නෑ නෙහාරා.. මේ ලෝකෙ ලෙඩ වර්ග තුනක් තියෙනවා.. එකක් අපිට හැදෙන ලෙඩ.. අනික අපිට වැටෙන ලෙඩ.. අන්තිම එක තමයි අපි දාගන්න ලෙඩ.. ඔයාලා දෙන්නා ඉන්නෙ ඔය කොයි ලෙඩේ ළඟද කියලා හිතාගන්න අමාරු නෑනේ.. හැබැයි..”[/SIZE] [SIZE=3] කතාව නවත්තල මං මහේල දිහා බැලුවා. ඌ කෙලින්ම හිටියෙ මගේ දිහා බලන්.[/SIZE] [SIZE=3] “හැබැයි.. ඔයා දන්න දවසෙ ඉඳලමමංතරේ වගේ කියෙව්වෙ මට අමල් ඕනා.. මට අමල් ඕනා කියලා.. එයා නැති උනොත් මං මැරෙයි කියලා.. දැන් බලපුවහම ඔයා කියන්නෙ අහස පොළව උහුලන්නැති අමුතුම කතන්දරයක්.. හනේ මංදා.. මට නම් ඕවා තේරෙන්නෑ.. ඔයාලගෙ හිතේ තියෙන දේ නෙමෙයි ඔයාලා එළියට දාන්නෙ.. අපි යමු බං..”[/SIZE] [SIZE=3] ඇත්තටම එතනින් එහාට මට කතා කරන්න දෙයක් තිබුණෙ නෑ.. මහේලයි, නෙහාරයි ගල් පිලිම දෙකක් වගේ හිටගෙන ඉන්දෙද්දි, අපි තුන්දෙනා බස් ස්ටෑන්ඩ් එක පැත්තට ආවා.[/SIZE] [SIZE=3] “උඹගෙ කතාව නම් මැක්සා බෙකම්.. පේන විදියට නම් මහේලයා ටිංකිරි බාල්දියකටම ඔලුව අල්ලලා වගෙයි..”[/SIZE] [SIZE=3] “අනිවා මචං.. එකෙ දෙකක් නෑ.. ඕකා අදට අපි හින්දා බේරුණා.. ඒත් වෙනින් දවසක මේකෙ පොළියත් එක්ක මහේලයා කයි..”[/SIZE] [SIZE=3] “බලපංකො බෙකම්.. ඌ අපි එක්ක වචනයක්වත් කතා කලේ නෑනෙ..”[/SIZE] [SIZE=3] “ඔය මල ඉලව්ව ඇරෙන්න උඹලට වෙන කතා කරන්න දෙයක් ඇත්තෙම නැද්ද ආ..?”[/SIZE] [SIZE=3] මට තද උනා කියලා ඇම්ඩට තේරුණා.. ඇත්තනේ අප්පා.. අපි නිකං බලෙන් දෙන්න ගියා වගේනේ එතනට.[/SIZE] [SIZE=3] “ඒනම් හවස තලපතාගෙ ක්ලාස් එකේදි සෙට් වෙමු..”[/SIZE] [SIZE=3] පැතුමයි, ඇම්ඩයි ඈත්වෙලා යද්දි, මං මගේ අති උත්තම මවුන්ටන් බයිසිකලේ ගන්න ඉස්කෝලෙ පැත්තට ආවා. ඒ වෙලාවෙ කාපට් පාර පුරාම තිබ්බෙ මහම මහ පාලු ගතියක්. මගේ හිත පුරාම අහම්බයකින් වගේ ඒ පාලු ගතිය ඇදිල ගියා. සමහර විට ඒ හැඟීම මගේ හිතට ආවෙ, මෙච්චර වෙලා මගේ ළඟන් ඉඳපු ඇම්ඩයි, පැතුමයි මං ගාවින් ගියපු හින්ද වෙන්නැති.[/SIZE] [SIZE=3] දැවැන්ත තාප්පෙන් කොටුවෙලා තිබ්බ ඉස්කෝලෙ ගොඩනැගිලි එකින් එක ඇස් මානෙට අහුවෙද්දි, මගේ හිත තවත් නොදන්නා දුක්බර හැඟීමකින් පිරිලා ගියා. අවුරුදු දොලහක් දහ තුනක් හැමදාම දැකපු මේ අජීවී වස්තූන් ගැන මට දැනුණෙ ඇත්තටම සංකාවක්. තව බොහොම ඩිංග කාලෙකින් මේ හැමදේම දාලා ඉස්කෝලෙන් එළියට, ඒ කියන්නෙ මහා දුෂ්ඨ නපුරු සමාජෙකට මට බහින්න වෙනවා. මේ වගේ ආදරණිය තැනක් ජීවිතයෙ කවදාවත් ආයෙ ලැබෙන එක්ක නෑ කියලා මට හිතුණා. ඇත්තටම ඉතිං අපේ ජීවිත වලට බද්ධ වෙලා තියෙන හුඟක් දේවල් අපිටදාලා යන්න බැරි දේවල්. ඒ හැමදේටම ඉස්සරහින් මේ ආදරණිය සෙන්ට්‍රල් එක මගේ ජීවිතේ පළවෙනි තැන අරගෙන තිබුණා. අවුරුදු දහ අටක් වෙන මේ ජීවිතේ කොයි තරම් නම් දේවල් මේ ආදරණිය රජ මාළිගාව ඇතුළෙ සිද්ධ වෙලා තියෙනවද..? මේ අජීවී වස්තූන් පවා මට දැනුණෙ, මගේම ජීවිතයෙ කොටසක් විදියටයි.[/SIZE] [SIZE=3] “බෙකම් පුතා.. මොකද මේ අවේලාවෙ..?”[/SIZE] [SIZE=3] බයිසිකලේ ගන්න ගියපු මට මූණටම හම්බවුනේ දැල්ලා අංකල්. හැමදාම ඉස්කෝලෙ පටන්ගන්න, පීරියඩ් වෙන් කරන්න, ඉන්ටෙවල් දෙන්න, ඉස්කෝලෙ අරින්න.. යකඩ කෑල්ලකින් තවත් යකඩෙකට පත බාන දැල්ලා අංකල් දිහා මං හොඳ ඕනෑකමින් බැලුවා. කොන්ඩෙ ඉඳිලා, සුදු රැවුල් කොට මූන පුරාම වැවිලා, ඇට පෑදුනු වැහැරුන මූණෙ පිරිලා තිබ්බෙ ප්‍රීතිමත් ගතියක්. ඇත්තටම අවුරුදු කීයක් නම් දැල්ලා අංකල් මේ බෙල් එක මේ විදියට සද්ද කරන්න ඇත්ද.?[/SIZE] [SIZE=3] “බයිසිකලේ ගන්න ආවා අංකල්.. ඒක නෙමෙයි.. මට අංකල්ගෙන් දැනගන්න දෙයක් තියෙනවා..”[/SIZE] [SIZE=3] මං දැල්ලා අංකල් ගාවටම ඇවිත් නතර උනා. හුඟාක් කොල්ලො, දැල්ලා අංකල් ළඟට ඇවිත්, කන ගාවට කරලා මහා හයියෙන් දැල්ලෝ කියලා දුවද්දි, දැල්ලා අංකල්ගෙන් හීන් සීරුවෙ පිටවෙන්නෙ අමු සිංහල පාලි සංස්කෘත වචන.. ඒත් මේ බෙකම් ඒ වගේ කසිකබල් වැඩ කරන්නෑ කියලා මිනිහා හොඳටම දැනන් හිටියා.[/SIZE] [SIZE=3] “මොකක්ද බෙකම් පුතා..?”[/SIZE] [SIZE=3] “අවුරදු කීයක් මේ රස්සාව කරනවද..?”[/SIZE] [SIZE=3] හුඟ කාලයක් හිතේ හිරවෙලා තිබ්බ ප්‍රශ්නයක් මං ඇහුවා. මොකද මං ප්රයිමරියෙ ඉන්නකොටත් දැල්ලා අංකල් මේ යකඩෙට පත බාන හැටි දැකලා තිබුණ හිංදා.[/SIZE] [SIZE=3] “හුඟ කාලයක් පුතා.. හුඟ කාලයක්.. ඇත්තටම මට මතක නෑ.. සමහර විට අවුරදු තිහක්.. තිස් පහක් වෙන්න පුළුවන්.. ඒත්.. ඒත්.. තව ටික කාලෙකින් මේ හැමදේම දාලා මං යනවා පුතා..”[/SIZE] [SIZE=3] “ඒ.. ඒ කිව්වෙ අංකල්..?”[/SIZE] [SIZE=3] “ම.. මට දැන් හුඟක් වයසයි බෙකම් පුතා.. ඔව්.. හුඟක් වයසයි.. මට හරියට දුර පේන්නෙත් නෑ.. කොටින්ම දැන් මම ලෙඩෙක්.. ඒත් මේ ගොඩනැගිලි.. මේ ළමයි.. මට.. මට.. දාලා යන්න මහා ලෝබයි.. මගේ පපුවෙන් කෑල්ලක් ගැලවෙන්න වගේ.. එහෙම හිතනකොටත්.. එක වසරට අම්මල තාත්තලා අතේ එල්ලිලා ඇවිල්ලා.. පුතාගෙ වයසෙදි මේ ඉස්කෝලෙන් අයින් වෙලා යනළමයි කී දෙනෙක් නම් මගේ මේ දුප්පත් ඇස් දෙකට මං දැකලා තියෙනවද..? හ්ග්.. හ්ග්.. ඒත් මං මේ ඉස්කෝලෙ දාලා යන්නෙ.. මගේ බැරිකම හින්දා.. මං වයස හින්දා.. තව ටික කාලයක් යනකොට අර යකඩෙවත් මට උස්සගන්න බැරිවෙයි.. හ්ග්..”[/SIZE] [SIZE=3] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom