Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
54 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
| සොඳුරු නවෝදය 2 | ආදරණිය බෙකම් |
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙදර ඇවිත් මට ඒ හැටි සනීපයක්, සැපක් ගන්න වෙලාවක් ඉතුරුවෙලා තිබුණෙ නෑ. මොකද කියනව නම් තලපතාගෙ ෆිසික්ස් ක්ලාස් එක දෙකහමාරට කියලා මගේ ඔලුව උඩම තිබ්බ හන්දා. ඇඟට වගේම හිතටත් මහන්සි හින්දා අද නොගිහින් ඉන්න තිබුණ නම් හොඳයි. ඒත් අද ටියුට් වගයක් කරනවා කියලා, ගිය සතියෙ ස්ටේජ් එක උඩදිම තලපතා බෙරිහන් දුන්නනේ, හක්කෙ පුරස්චාර්වක දතුත් පේනකන්.

“බෙකම්.. කොහොමද එක්සිබිෂන් එක..?”

තලපතාගෙ ෆිසික්ස් ක්ලාස් එක ඉස්සරහදිම බලයව මට හම්බවුණා. මූළු අද දවසටම මං දැක්කෙ නෑ. මේකා ස්කූල් කට් කරා වත්ද..?

“අවුලක් නෑ.. හොඳට තිබ්බා.. මොකද උඹ පේන්න හිටියෙ නැත්තෙ.?”

“මායි මාධවයි රීගල් එකේ දාලා තිබ්බ ඉංග්ලිෂ් ෆිල්ම් එක බලන්න ගියා..”

“මොනවා.. මාධවයා..? ඌ ෆිල්ම් බලන එකෙක් නෙමෙයිනේ බං..”

“ඒ උනාට මාත් එක්ක ගියා.. ෂිහ්..”

“ඇයි චමිල්..?”

“අයියෝ සල්ලි..”

“ඇයි ෆිල්ම් එක හොඳ නැද්ද..?”

“ලොකු පත අකුරෙන් ඇඩෝස් ඔන්ලි කියලා ගහලා තිබුණට මෙලෝ සංසාරයක් නෑ බෙකම්.. දුකේ බෑ.. හරියට වාර්ථාමය එකක් වගේ..”

“ඒවා එහෙම තමයි බං.. ලොකුවට ඇඩෝස් ඔන්ලි කියලා ගහල තිබුණට, ඔය පුංචි පුංචි සීන් එකක් දෙකක් විතරයි තියෙන්නෙ.. කොල්ලො ඉතිං නමට රැවටිලා යනවා..”

මාත් දන්න එකා වගේ කිව්වා. හරියට නිකං සතියට දවස් දෙකක් නොවරදවාම රීගල් එකේ බුදියන එකෙක් වගේ.

“පිස්සුද බෙකම්..! උඹට කියන්න මට ලැජ්ජ නෑ.. හදවත වැළපෙනවා බං.. මේකෙ කිස් කරන එකක්වත් නෑ හත්තිලව්වෙ.. ඒ උනාට හෝල් එකේ කට කපල සෙනඟ.. මටයි, මාධවයටයි නේද.. මලේ මල.. ඒත් ඉතිං ස්කූල් යුනිෆෝම් පිටින් ගියපු කරුමෙට ඉවසන් හිටියා..”

“ස්කූල් යුනිෆෝම් එකෙන් උඹලව ඇතුළට ගත්තද..? ටිකට් කඩන එකා මහ බාල්දියනේ බං..”

“ඒකනේ බෙකම් අපිටත් පුදුමෙ.. ඌ වචනයක්වත් කිව්වෙ නැතුව අපි ඇතුළට ගත්තනේ.. සමහර විට මේකෙ මෙලෝ මලදානයක් නැති හින්දා කුපාඩිකමට ගත්තා වෙන්න ඇති..”

“ආ.. චමිල් රීගල් එකේ ෆිල්ම් එක බැලුවද..? මාර ෆිල්ම් එක නේද..? උඹලා මාර ආතල් එකක් ගන්න ඇතිනේ..”

එකපාරටම අපේ පිටිපස්සෙන් ඇහුණෙ ඇම්ඩගෙ කටහඬ උගේ මූණෙ පුරවලා තිබුණෙ අති සුන්දර කුණු හිනාවක්.. පේන විදියට නම් පේ අශ්පයා තවත් මරාලයක් පෙරලල වගේ.

“මොකක්ද උඹ මගෙන් ඇහුවෙ..?”

බලයා, ඇම්ඩා දිහාට හැරුණා. මටත් ඇම්ඩගෙ වචන පාවිච්චි උණු පිළිවෙල ඇල්ලුවෙ නෑ.. ඌ ඉංශ්‍රීසි ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්න ගියා වත්ද..?

“බෙකම්.. උඹට මතකද, අපි ස්කූල් කට් කරල ඔය රීගල් එකේ ඇඩෝස් එකක් බලන්න ගිහින් වෙච්ච දේ..?”

මං ඔලුව වැනුවා.. මොකෝ මට අමතක.. ඒක විලිලැජ්ජාවෙ සංතෝසෙබැරි දවසක්නේ. කොටින්ම ෆිල්ම් එක බලන්න ගියේ මායි, පැතුමුයි, ඇම්ඩයි, කල්හාරයයි. ඒත් අපේ වයස අඩුයි කියලා, කවුන්ටරේ හිටපු ටිකට් දෙන මනුස්සයා මෙලෝ විදියකට අපිට ඇතුළට යන්න දුන්නෙ නෑනෙ.. ඇම්ඩයි, පැතුමයි, අඬලා වැළපිලා අපිව ඇතුළට ගනිං යකෝ කියලා නොවඳිනා වැඳුම් වැන්දත් හෝල් එකේ අංකල් අපිව දැක්කෙ ජාතික අපරාධකාරයො ගානට.

“හහ්.. හහ්.. මටත් ඔය වයසෙ ළමයි ඉන්නවා. මං කීයටවත් ඔය ළමයින්ට ටිකට් දෙන්නෑ.. තමුන්ලා තව වැඩිය කතාවට ආවොත් හෙම මං සෙන්ට්‍රල් එකේ ප්‍රින්සිපල් මහත්තයට කෝල් කරනවා.. හහ්.. තාම රිවිඩ්ඩෙන් එළියට පැනලා නෑ.. එනව මෙතන වැඩිහිටි දර්ශන බලන්න.. හ්ම්.. යනවා යන්න මෙතනින්..”

මිනිස්සු ඉස්සරහම අංකල් අපිට කෑගැහුවා. ඒකයි මං කලින් කිව්වෙ විලිලැජ්ජාවෙ සංතෝසෙ බෑ කියලා.

“හොඳයි අංකල් අපි බලාගන්නම්..”

ඇම්ඩා ටිකට් කඩන මනුස්සයා ළඟටම ගිහින් තර්ජනේ කරා.

“බලාගන්න.. හ හ්.. මොනවා බලන්නද..? ඇට්ටර කොල්ලා.. තමුසෙට පුතා හරියට වලක් හෑරෙන්න චූ කරන්නවත් පුළුවන්ද..? ආ.. එනව මෙතන වැඩිහිටි දර්ශන බලන්න..”

අංකල් කියන ඒවට, පොළව දෙබෑ කරගෙන ආදිකල්පික යුගයකට යන්න හිතෙනවා අප්පා.. මොන නව නිංගිරාවක්ද මේ..? ෆිල්ම් එක බලන්න ආපු වැඩිහිටියො අපි දිහා බැලුවෙ සත්තු ගාණට දාලා. මං ඇම්ඩව අමාරුවෙන් ඇදගෙන එළියට ආවා. අංකල් තවත් මොනවදෝ කිය කිය අපිට බනිනවා ඒ වෙනකොටත් ඇහුණා.

“මතක තියාගනිං බෙකම්.. මං පොල් පැළයක් හිටවන්න තරමෙ වලක් හෑරෙන්න චූ කරලා ඌට පෙන්නනවා.. ඌ දන්නෑ මේ ඇම්ඩා කියන්නෙ කවුද කියලා.. මං මෙහේ ගිනි තිබ්බොත් උගේ පස්ස පැත්තෙන් දුම් පිටවෙයි.. හහ්..”

ඒ කතන්දරේ එතනින් ඉවරයි කියලා මං හිතාගෙන හිටියෙ. ඒත් ඇම්ඩා කියාගෙන යන මේ විස්තර පත්‍රිකාවට අනුව, ඒක එතනින් මතු සම්බන්ධයි කියලා තමයි, හිතන්න වෙන්නෙ.. අන්න ඒ මතු සම්බන්ධ වුනු තැන තමයි මේ කතාව දැන් ගලාගෙන යන්නෙ.

“ඉස්කෝලෙ තාප්පෙට අමාරුවෙන් බඩගාලා, අතපය ලාවට ගානට හූරගෙන, ජංගල් කෝස් දෙක තුනක්ම කරලා, ෆිල්ම් හෝල් එකට නිරුපද්‍රිතව ආවහම, මේ බලු අංකල් තඩියා අපිට දීපු පරිප්පුවට, පරිප්පුවක් හෙම දීගන්න බැරි උනා නම් මං බුරිය විකාගෙන මැරෙනවා.. ඕ ඉයර්ස්..”

“හරි.. හරි.. නාලකයා.. කයිය නවත්තලා උඹ දීපු පරිප්පුව ගැන කියපං.. උඹ මොකක්ද ඒ නාකි මැංටලේට කලේ..?”

“විශේෂ දෙයක් නෑ චමිල්.. උඹ අද දැක්කද ෆිල්ම් එක බලන්න ආපු ඈයො අංකල් කාරයට ගහන්න හදපු හැටි.. කොහොමද කොල්ලො ඌට වදාපු අම්මයි, ජාතක කරපු තාත්තයි මතක් කර කර බැනපු හැටි.. මාර ගති නේද බං..”

“ඒ.. ඒ.. නාකල.. උඹ කොහොමද ඕවා දන්නෙ..? උඹ හිටියෙ බෙකම් එක්ක බාලිකාවෙනේ.. ආ..?”

මටත් ඇම්ඩගෙන් අහන්න තිබ්බෙ ඒ ප්‍රශ්නෙමයි. මේකට එකපාර තැන් දෙකක පෙනී සිටීමේ බලයක් තියෙනවද මංදා.

“මට ආරංචි උනා බං..! මට ආරංචි උනා..!! මගේ වැඩවල ප්‍රතිඵල මට ආරංචි උනා..”

“උඹේ වැඩවල..?”

“ඔව් බෙකම්.. ඔය රීගල් එකේ පෙන්නුවෙ ඇඩෝස් ඔන්ලි එකක් නෙමෙයි..”

“මොකක්..?”

මටයි බලයටයි දෙන්නගෙන්ම එක පාර ඒ වචනෙ පිට උනා.

“ඔව්.. ඒකෙ ඇති වැඩිහිටියන්ට පමණයි එකක් නෑ.. ඒක කලාත්මක ජපන් ෆිල්ම් එකක්. මගේ ඥාන ශක්තියෙන් මං ඒක ඇඩල්ට් කරා..”

“ඈ.. ඇම්ඩො.. ඒ කොහොමද බං..?”

“අද උදේ පාන්දර, ෆිල්ම් හෝල් එකේ නේම් බෝඩ් එකේ මං ඉන්දියන් තීන්ත වලින් ලිව්වා, ෆිල්ම් එකට යටින් ස්ට්‍රික්ලි ෆෝ ඇඩෝස් කියලා.. හහ්.. හහ්.. හා.. කෝමද බලයා සැප..”

බලන් ගියාම ඇම්ඩා කියන්නෙ රාජකීය භාණ්ඩයක්ම තමයි. වැඩිහිට දර්ශන නැති ෆිල්ම් එකක, වැඩිහිටි දර්ශන බලන්න ආපු හුදී ජනතාවගේ කෝපය සම්පූර්ණයෙන්ම දෙගොඩ තලා යන්න ඇත්තෙ, කවුන්ටරේ හිටපු අංකල් කාරයගෙන්.

“යකෝ.. උම කරොත් කරන්නෙ, ඔය වගේ අලුගුත්තේරු වැඩක්මනේ.. බලපං.. මායි, මාධවයිත් සල්ලි දීලා නිකං චාටර් ෆිල්ම් එකක් බලලා ආවා.. ෂික් විතරක්..”

බලයා ඒ පාර උපරිමයෙන් පසුතැවිලි වෙන්න ගත්තා. ඇම්ඩගෙ මූණ පුරාම අර රාජකීය කුණු හිනාව උතුරලා ගිහින් තිබුණා. ඇත්තටම මූ තමයි දවසකටවත් මිනිහා. ඌට අවුලක් කරපු එකෙකුට ඇම්ඩා කවදාවත් සතුටින් සාමදානයෙන් ඉන්න දෙන්නෑ. සාමදානයේ සතපවනවා විතරයි.

“හ..හප්පේ.. අන්න තලපතා එනවා.. යමල්ලා..”

ඈත ඉඳලම මහ පොලොවට රිදෙන්න වගේ බරට බරේ අඩි තිය තියා එන තලපතාව දැකපු පිරිමි ඉස්කෝලෙ කොල්ලෙක් කෑගැහුවා. උං කොහොමටත් තලපතාට පරාණ බයයි. තලපතා ළඟ ඉන්නකොට උං අඩුම ගානෙ හුස්මවත් ගන්නෑ.

“ඒයි.. දුෂ්මන්තයා.. මාව සළකුණු කරපං..”

ඇම්ඩා උගේ ෆිසික්ස් කාඩ් එක, කාඩ් මාක් කරන දුෂ්මන්ත ළඟට විසි කරා.

“ඔයා හරිම නරකයි අනී.. වැදගත් විදියට කතා කරන්න දන්නෙ නැති නරකම නරක ළමයෙක්..”

දුෂ්මන්තට උරුම ගෑනු කටහඬින් ඌ කියද්දි, මං පංතියට ඇතුල් උනා. මූ නම් ගිය ආත්මෙ ගෑනු පරාන තුන හතරක්වත් වෙලා ඉන්න ඇති. මේ ආත්මෙත් වැරදිලාද කොහෙද තමයි දුෂ්මන්තයට පිරිමි රූපයක් ලැබිලා තියෙන්නෙ.

“දුෂ්මන්තයා.. උමට අර ජපන් නින්ජල ගහපු හැටි මතකනේ.. සද්ද වහලා මගේ කාඩ් එක දීපං.. නැත්නම් ඒ ජවනිකාවම නැවත මෙතන රඟ දැක්වෙයි.. තේරුණාද..?”

ඇම්ඩා, ඒ පාර දුෂ්මන්තයට තර්ජනය කරනවා. ඔය හැලපයට තර්ජනය කරලා වැඩක් නෑ. ඕකා දෙක තුන කරලා තලපතාගෙ කනේ තියනවා. එතකොට ඉතිං අපිටයි සැබෑම තර්ජනේ එන්නෙ. මායි, ඇම්ඩයි, පැතුමයි පන්තියෙ මැද හරියෙ බංකුවක වාඩි උනා. ඒ පැය දෙකහමාරක අධිවේගී ත්‍රාස ජනක භෞතික විද්‍යා මෙහෙයුමකට සම්බන්ධ වෙන්න.

“ඔව්.. ළමයි.. අපි ගිය සුමානෙ කොතනින්ද නැවැත්තුවෙ..? අන්න ඒ නවත්තපු තැන ඉඳලා අපිට ගමන ආරම්භ කරන්න පුළුවන්.. හා.. හා.. ඔය අන්තිම හරියෙ ළමයි තාම ඇතුළට ආවෙ නැද්ද..? ආ.. තමුසෙල මහ ගඩ්ඩො ජාතියක් අයිසෙ.. කෝ.. ඉක්මන් කරනවලා.. ඉක්මන් කරනවලා..”

තලපතාගෙ පරිසරේ දෙදරණ ලාමක කටහඬට බයවෙච්චි පිරිමි ඉස්කෝලෙ කොල්ලෙක්, වැඩි කලබලේට බංකුව කොනකින් වාඩිවෙන්න ගිහිල්ලා, බංකුව එහෙම් පිටින්ම උඩ ගියා. කොල්ලා පෙරේතයා පොලේ ගැහුවා වගේ පන්තිය මැද ඇඳන් වැටුණා. ඒ වගේ දේකට හිනාවීම අමනකමක් උනත් කොල්ලො කෙල්ලොන්ට හිනාව නවත්තගන්න සෑහෙන වෙලාවක් ගියා.

ටිකකින් පන්තිය හොඳටෝම නිශ්ශබ්ද උනා. ඇල්පෙනෙත්තක් බිමට වැටුණත් ඒකත් ඇහෙන තරම්. තලපතා බර බරස් ගගා එහෙටයි මෙහෙටයි ඇවිදින සද්දෙ විතරයි ඇහුණෙ. දෙපැත්තෙ ඉඳපු ඇම්ඩගෙයි, බලයගෙයි මෙලෝ සද්දයක් නැති හින්දා මං උන් දෙන්නා දිහා බැලුවා. හත්වලාමෙ මෙන්න උං දෙන්නා වාඩිවෙලාම ගජරාමෙට බුදි. මං ඇම්ඩටයි, බලයටයි ඇඟලි වලින් ඇන්නා.

“ඒයි නැගිටපං.. තලපතා එනවා..”

මේ සංසිද්ධිය, ඉගෙන ගන්නා ඕනෑම අවස්ථාවකට පොදුයි කියලා ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑ. දිරවන්නෙ නැති විෂයක් උගන්නනකොට කොහොමත් නිදිමත ගලාගෙන එන්නෙ මළ ගිය ප්‍රාණකාරයෙක් ළඟට එනවා වගේ.

“මං දන්නවා..! මං දන්නවා..! මං අත්දැකීමෙන්ම දන්නවා..!!! මේ වෙනකොට මේ පන්තියෙ තුන්කාලක්ම බුදි කියලා. ඒත් මං මේ කතා කරන්නෙ ඇහැ ඇරිලා ඉන්න ගඩ්ඩොන්ට.. අන්න ඒ ඇහැ ඇරිලා ඉන්න ඈයො ටික නැගිටිනවා බලන්න..”

පන්තියෙ මැද හරියට ආපු තලපතා කිව්වා. මොකක්ද බං ඒ වඳුරු කුණුහරුප කතාව.. හරි නම් නැගිටින්න ඕන නිදාගෙන ඉන්න ඈයොනේ. කොහොම උනත් තලපතාගෙ කතාවට මුළු පංතියම ප්‍රතික්‍රියා දැක්වුවෙ මාර උවමනාවකින්. මේනන යකෝ මුලු පන්තියෙම කොල්ලො කේලලො එක සැරේට නැගිටලා බලන් ගියහම නිදාගත්තු එකෙක්වත් නෑ. තලපතාගෙ මූණ බලන් ඉද්දිම ඇඹුල් උනා. හරියට ඒකා ගැටනාරං කාලා වගේ.

“හා.. හා.. හා.. වාඩිවෙනවලා.. වාඩිවෙනවලා.. මොකක්ද අයිසෙ මේ විහිලුව..? පුංචි ළමයි වගේ.. නැගිටින්න කිව්වහම ඔහොමත් නැගිටිනවද..? ෂහ්.. තමුසෙලා නම් පුදුම ගඩ්ඩො ජාතියක්..”

කොල්ලො කෙල්ලො එක එකාගෙ මූණු බල බලා ආයෙත් වාඩිවුණා. බලන් ගියාම අප්පා, තලපතාටද පිස්සු, එහෙමත් නැත්නම් අපිටද පිස්සු..?

“හහ්.. දැන් බලනවා.. තමුසෙලා හොඳටම බුදි.. අයිසේ.. මේ ලෝකෙ කොයි තරම් වේගවත්ද.. කොයි තරම් කාර්යක්ෂමද.. කියලා තමුසෙල දන්නවද..? තමුසෙලට වැටහීමක් තියෙනවද..? ආ..! නෑ.. නෑ.. ජීවිතේට නෑ.. මට හරිම කණගාටුයි.. තමුසෙල වගේ ගඩ්ඩොන්ට මගේ ආත්මය හා බැඳිච්ච මේ භෞතික විද්‍යා මූලධර්ම කියාදෙන්න සිද්ධ වේචච එක ගැන..”

“මේකා හරියට කතා කරන්නෙ අපිට පිනට උගන්වනවා වගේනේ බං.. පුදුම හොරනෑවක්නේ පිඹින්නෙ..”

“කෑනොගහ ඉඳපං.. ඔ.. ඔන්න ආයෙත් තලපතා එනවා..”

ඇම්ඩා කුණු කුණු ගාපු එකටද, නැත්නම් හිතේ ඉවටද මංදා.. තලපතා අපේ පේලියෙ ළඟට ආවා. මේ මනුස්සයගෙ හයේ හතරෙ දාර සයිස් ඇඟපත දැක්කම මුත්‍රා බරත් හැදෙනවා අප්පා.

“මතක තියාගන්නවා.. උගන්නන වෙලාවට බුදිය ගන්නෙ ගඩ්ඩො.. තේරුණාද..? මනුස්සයෙක් උනහම දැනගන්න ඒන ක්‍රියාශීලී වෙන්න.. තමුසෙලා නොදන්නා දෙයක් මං කියන්නම්.. දන්නවද..? සෑම තත්පර තුනකට වරක් චීන රටේ කාන්තාවක් දරුවෙක් බිහි කරනවා කියලා.. බලනවා මේ ලෝකෙ කොයි තරම් ක්රියාශීලීද කියලා.. හ්ම්.. තමුසෙලා මෙතන බුදි..”

තලපතා හෙණ ආඩම්බරයෙන් ඒ ටික කිව්වෙ, හරියට ඔය කලින් කිව්ව වඩේ මිනිහා කරා වගේ. කොහොම උනත් තලපතාගෙ කතාව අහපු බලයගෙ ඇස් ගෙඩි දෙක උඩ ගියා. උගේ තොල් හෙලවෙන්න ගත්තා. මං දැන් නිට්ටාවටම දන්නවා මූට මොනවම හරි කියවෙන්නයි යන්නෙ කියලා. අනේ දෙයියනේ හොඳ දෙයක් උනොත් හොඳයි.

“ක.. කවුද අප්පා.. ඒ ගෑනි..?”

මුළු පංතියම නිශ්ශබ්ද වෙලා තිබ්බ වෙලාවෙ, බලයගෙ කටහඬ ටිකක් සැරට ඇහුණා. මුළු පංතියම බක බක ගගා හිනාවෙද්දි මං බැලුවෙ තලපතා දිහා. මිනිහා මෙතන ඩෙගා නටයිද බලන්න. ඒත් තලපතාගෙ මූණෙ තිබ්බෙ මිත්‍රශීලී පෙනුමක්.

“හා.. හා.. හා.. ඒ වැදගත් ප්‍රශ්නෙ අහපු ගඩ්ඩා තමුසෙ නේද..?”

තලපතා චමිල් දිහාට ඇඟිල්ල දික් කරා.. අපේ එකා බිම බලා ගත්තා.

“ආ මනුස්සයො.. දැනගන්නවා.. මම කිව්වෙ චීනෙ ඉන්න එක ගෑනියෙකුට ළමයි හම්බවෙන කතාවක් නෙමෙයි.. ඒ රටේ ඉ්නන හැම කාන්තාවක්ම ගැන සලකලා.. තේරුණාද..?”

මිනිහා අපෙන් තේරුණාද අහන්නෙ.. මිනිහනේ වචන පටලවලා කතා කරල තියෙන්නෙ..

“බෙකම්..”

“මොකද නාලක..?”

“තලපතා කිව්ව විදියට මාත් බය උනා බං..”

“ඇයි..?”

“ඒ චීන ගෑනිට වෙනම අවයවයක් හයි කරන්න වෙනවා ළමයි වඳන්න.. නැත්නම් ඔය එකෙක් කීයක් ජාති කියලා කරන්නද..?”

කඩාගෙන බිඳගෙන ආපු හිනාව නවත්තගන්න බැරිව මං ඩෙස්ක් එකේ මූණ ඔබාගත්තා. ඇම්ඩත් ඉඳල ඉඳලා කියන්නෙ මසුරං කියුම් තමා.

එතන ඉඳලා තලපතා නොහොත් ප්‍රනාන්දු සර් අපේ පංතිය මිනිහගෙ ග්‍රහණයට ගත්තා. අපි හැමෝම පට්ට නිදිමතේ හොරාට ඈනුම් ඇර ඇර තලපතාගෙ සාපේක්ෂ චලිතය දිහා බලන් හිටියා.

“බෙකම්.. නැගපං..”

පන්තිය ඉවරවෙලා, චමිල් මගේ මවුන්ටන් බයිසිකලේ අරගෙන ආවා. හරස් පොල්ල උඩ මං වාඩිවුණ ගමන්ම චමිල් බයිසිකලේ පඳින්න ගත්තා.

“ඇම්ඩා ස්ටෑන්ඩ් එක පැත්තෙන් ගියාද..?”

“ඔව්.. ඌ කිව්වෙ, ඌට චීන කාන්තාවක් බලන්න ඕන කියලා..”

“මෙන්න බෙකම් මේකි..”

මායි, චමිලුයි බයිසිකලේ පැදන් ආපු පාර අයිනට වෙලා අපි දිහා බලන් හිටියෙ ඉන්කි.. චමිල් කකුල් බ්රේක් පාවිච්චි කරලා බයිසිකලේ ස්ලෝ කර ගත්තා.

“ඉන්කි.. ක්ලාස් ආවෙ නැද්ද..? මං දැක්කෙ නෑ..”

“ආවා.. මං ඉස්සරහම හිටියෙ..”

“මෙච්චර ඉක්මනට මෙතෙන්ට ආවෙ කොහොමද..?”

“ඇයි බං.. මෙයා හන්ඩ්‍රඩ් ටූ හන්ඩ්‍රඩ් කරන කෙනානේ.. අපි එනකොට දෙපාරක්වත් ඇවිල්ලා ඉඳියි..”

චමිල්ගෙ කතාවට ඉන්කිට පුංචි හිනාවක් ගියා. ඒත් එයාගෙ මූණෙ මොකක්දෝ අවනඩුවක් තියෙන පාටයි. මං හරස් පොල්ලෙන් බැස්සා.

“ඉන්කි.. මොකක් හරි ප්‍රශ්නයක්ද..?”

“එහෙම මුකුත් නෑ නවෝද්..”

“නැත්තෙ නෑ ඉන්කි.. මට බොරු කරන්න ඔයාට බෑ.. ඔයාගෙ මූණෙ හැමදේම ලියවිලා තියෙනවා.. කියන්න.. සමින්දි අක්කා මොනව හරි ඔයාට කිව්වද..?”

ඉන්කි එක පාරටම ඔලුව උස්සලා මගේ දිහා බැලුවා. එයාගෙ මූණෙ තිබ්බෙ හරිම හුරුබුහුටි ගතියක්. මේ විදියට ඉන්නකොට කෙල්ල මාර ගති.

“සමින්දි අක්කා මට බැන්නා නවෝද්..”

“බැන්නා.. ඇයි ඒ..? අපි ස්ලයිඩ් ටිකත් හොයලා දුන්නනේ..”

“ඒකට නෙමෙයි..”

“එහෙනම්..?”

“මෙ.. මෙ.. මේ..”

කවදාවත් නැති විදියට ඉන්කි ඇඹරෙන්න ගත්තා. අනේ පුංචි කෙල්ලෙ.. ඔයාට මොකද මේ වෙලා තියෙන්නෙ.

“ඇයි ඉන්කි..?”

“මට.. මට..”

“ඔව්..”

“ඔයත් එක්ක තියෙන ෆ්‍රෙන්ඩ්ෂිප් එක නවත්තන්නලු..”

“මොකක්..? එයාට කෙහෙන් ආපු හයියක්ද එහෙම කියන්න..?”

“මංදා නවෝද්.. මං හුඟක් අසරණ වෙලා ඉන්නෙ.. දැන් මට කොලේජ් එන්නත් එපාවෙලා..”

“ඔයා මොනවද ඉන්කි මේ කියවන්නෙ..?”

“සමින්දි අක්කා හිතන්නෙ මං ඔයාලත් එක්ක එකතුවෙලා හැමදේම කලා කියලා..”

“ඔයා අපිත්තෙක්ක මොකුත් කරේ නෑනෙ..”

“ඒක තමයි.. ඔයාලා ගියාටප ස්සෙ එයා මට හොඳටම බැන්නා.. අපේ ඉස්කෝලෙ ගැනවත් හිතන්නැතුව, එයාව පැරැද්දුවා කියලා..”

“ඉතිං ඉන්කි.. එයානේ බෙට් දාගෙන ආවෙ.. මොකද අපි දාන්න ගියාද..? මාර පිස්සු කතානේ මේවා.. බලපංකො චමිල්..”

“ඕවා ගණන් ගන්නෙපා බෙකම්.. සමින්දිගෙ ඔළුවට කොහේදි හරි හොඳ පාරවල් දෙක තුනක් වැදිලා තියෙනවා.. ඒකයි ඔහොම මඤ්ඤං කතා කියන්නෙ.. ඕවා අතෑරලා දාන්න ඉන්කි.. පොමනේරියන් බල්ලො බිරුවට කඳු පාත් වෙන්නෑ..”

“ඔව් ඉන්කි.. අපි බලමුකො ඉස්සරහට මොකද වේනනෙ කියලා.. ඔයා බයවෙන්නෙපා.. ඔයාගෙ උදව්වට, ඔයාගෙ හයියට ඕන වෙලාවක අපි ඉන්නවා..”

මගේ කතාවට ඉන්කිගෙ ඇස් දිලිසුණා. මං නිකං ඕන නැති කතාවක් කිව්වද මංදා.. ඒත් ඉතිං මං, අපි කියලා බහු වචනෙන්නෙ කිව්වෙ..

“සමින්දි අක්කා කිව්වට, මං ඔයත්තෙක්ක කතා නොකර ඉන්නෙ කොහොමද නවෝද්..?”

ඇස් දෙක කෙලින්ම මගේ මූණෙ රන්දගෙන ඉන්කි අහපු ප්‍රශ්නෙට දෙන්න තරම් හොද උත්තරයක් මගේ ළඟ තිබ්බෙ නෑ.. ඒත් බලයා පැනලා උත්තරේ දුන්නා.

“ඔයාලා දෙන්නා හොරෙන් කතා කරන්න බබා.. මාර සේනාව වගේ මායි ඇම්ඩයි ගාඩ් එකට ඉන්නවනේ..”

එතන ඉඳලා ඩිංගක්වෙලා යනකල් පුංචි නිහැඬියාවක් ගෙවිලා ගියා. ඉන්කිට අද ගෙදර යන්නත් ඕන නෑ වගේ.

“ඔයාට ඔයිට වැඩිය ස්වාධීන වෙන්න බැරිද..?”

“ඒ කිව්වෙ..?”

“ඔයා සමින්දි මත යැපෙනව වැඩියි ඉන්කි.. ඔයාට තනියෙන් නැගිටින්න පුළුවන් කියලා ඔයාට පෙන්නන්න බැරිද..? එතකොට සමින්දිට තව රිදෙයි..”

“මට සමින්දි අක්කට රිද්දන්න ඕන්නෑ නවෝද්.. මට ඕන එයා මං ගැන තියෙන වැරදි වැටහීම අයින් කරගන්න..”

“ඇයි ඒ..?”

“මං ඒ වැරදි වැටහීමට බයයි නවෝද්..”

“එහෙනම් එයාගෙ කැමැත්තට, ඔයා මගෙත්තෙක්ක කතා නොකර ඉන්න.. ඉවරනේ.. අපි යමු චමිල්..”

“අ.. අනේ නවෝද්..”

ඉන්කි මගේ අතේ එල්ලුණා. ඒ ඇඟිලිවල තිබ්බෙ පුදුම උණුසුමක්.. මේ කෙල්ල ඉන්නෙ ගිනි ගොඩක් උඩද මංදා.

“ඔයා කැමති දෙයක් කරන්න ඉන්කි.. ඔයාට බල කරන්න මට බෑ.. අනික සමහර විට අපේ මේ ෆ්රෙන්ඩ්සිප් එක හන්දා.. ඔයාට බාලිකාවෙ හෙඩ් ප්‍රිපෙක්ට් බැජ් එක නැතිවෙයිද කියලත් කියන්න බෑ.. මං හිතන්නෙ සමින්දිගෙන් පස්සෙ ඔයා තමයි ඒ දේට හොඳම කෙනා..”

“ඔ.. ඔයා මාව බය කරනව නවෝද්..”

“සමහර විට සමින්දි ඔයාව රෙකමන්ඩ් කරන එකක් නැතිවෙයි.. එහෙම උනොත් ඔයාට හුඟාක් දුක හිතෙයි ඉන්කි..”

කෙල්ලගෙ මූණ මහා කල්පනාවකින් බර උනා. ඒත් ඒ ඇස් තිබ්බෙ තාමත් මගේ මූණෙ.

“ඔයා හුඟක් දුර හිතනවා නවෝද්.. ම්.. මං ඔයාට දෙයක් කියන්න කරනවද..?”

මං බලයා දිහා බැලුවා. ඌ මෙලෝ සංසාර දෙයක් දන්නැති එකෙක් වගේ රේල් පාර පැත්ත බලන් ඉන්නවා.

“මොකක්ද ඉන්කි..?”

“ඔයාටයි සමින්දි අක්කටයි රණ්ඩු නොවී ඉන්න බැරිද..?”

මේන් බලපල්ලකො ඉන්කිත් අහන කතන්දර.. හරියට මේ වලිය මං පටන් ගත්තා වගේනේ.

“අපි රණ්ඩු වෙන්නෑ.. අපි දාන්නෙ බෙට්නේ..”

“ඒක තමයි නවෝද් මං කියන්නෙ.. ඔයාලා දාපු බෙට් එක බරපතල වැඩියි.. අනික සමින්දි අක්කට සනීපත් නෑ මේ දවස්වල.. ඔය ග්‍රවුන්ඩ් එක වටේ රවුම් සීයක් තියා විස්සක් දුවනකොට අක්කිට අමාරු වෙයි..”

“ඔයා දැන් කියන්නෙ මට මොනවා කරන්න කියලද..?”

“ඔයා සමින්දි අක්කිත් එක්ක යාලුවෙන්න..”

“යාලුවෙන්න..?”

මං එහෙම අහද්දි ඉන්කිගෙ මූණට ආවෙ, ඕනම කොල්ලෙක් ආස කරන දඟකාර හිනාවක්. බලයගෙ මූණටත් නොම්මර එකේ පැණි හිනාවක් ආවා.

“ඔව්.. එතකොට මටත් ඔයත්තෙක්ක ෆ්‍රෙන්ඩ් ෂිප් එක දිගටම කරගෙන යතෑකි.. කරදරයක් නැතුවම.. ඔයා හොඳ දරුවනේ නවෝද්.. සෙනසුරාදා බෙට් එක කැන්සල් කරලා දාන්න.. හොදේ.. ඒකෙන් ඔයාට ලකුණු හුඟාක් වැටෙයි..”

“මට සමින්දිගෙන් ලකුණු ඕන්නෑ ඉන්කි.. මට සමින්දිව මඩවන්නත් ඕන නෑ.. හැබැයි ඉතිං එයා ඉල්ලලා දාගත්තු බෙට් එක මට කැන්සල් කරන්න විදියක් නෑ.. එයාම ඇවිල්ලා පරාජය පිළි අරගෙන ෆ්‍රෙන්ඩ් ෂිප් එහෙකට ආවොත් සලකල බලන්න පුලුවන්.. එහෙම නැතුව නම් බෑ..”

[QUOTE="crazybuddy, post: 13787410, member: 326070"] [SIZE=3][COLOR=Blue][URL="http://1.bp.blogspot.com/-6u18TS9kV9Q/T137E4cZVpI/AAAAAAAABf4/beLRVlYMMpk/s1600/03.png"][IMG]http://1.bp.blogspot.com/-6u18TS9kV9Q/T137E4cZVpI/AAAAAAAABf4/beLRVlYMMpk/s1600/03.png[/IMG][/URL] ගෙදර ඇවිත් මට ඒ හැටි සනීපයක්, සැපක් ගන්න වෙලාවක් ඉතුරුවෙලා තිබුණෙ නෑ. මොකද කියනව නම් තලපතාගෙ ෆිසික්ස් ක්ලාස් එක දෙකහමාරට කියලා මගේ ඔලුව උඩම තිබ්බ හන්දා. ඇඟට වගේම හිතටත් මහන්සි හින්දා අද නොගිහින් ඉන්න තිබුණ නම් හොඳයි. ඒත් අද ටියුට් වගයක් කරනවා කියලා, ගිය සතියෙ ස්ටේජ් එක උඩදිම තලපතා බෙරිහන් දුන්නනේ, හක්කෙ පුරස්චාර්වක දතුත් පේනකන්. “බෙකම්.. කොහොමද එක්සිබිෂන් එක..?” තලපතාගෙ ෆිසික්ස් ක්ලාස් එක ඉස්සරහදිම බලයව මට හම්බවුණා. මූළු අද දවසටම මං දැක්කෙ නෑ. මේකා ස්කූල් කට් කරා වත්ද..?[/COLOR][/SIZE][COLOR=Blue] [SIZE=3] “අවුලක් නෑ.. හොඳට තිබ්බා.. මොකද උඹ පේන්න හිටියෙ නැත්තෙ.?”[/SIZE] [SIZE=3] “මායි මාධවයි රීගල් එකේ දාලා තිබ්බ ඉංග්ලිෂ් ෆිල්ම් එක බලන්න ගියා..”[/SIZE] [SIZE=3] “මොනවා.. මාධවයා..? ඌ ෆිල්ම් බලන එකෙක් නෙමෙයිනේ බං..”[/SIZE] [SIZE=3] “ඒ උනාට මාත් එක්ක ගියා.. ෂිහ්..”[/SIZE] [SIZE=3] “ඇයි චමිල්..?”[/SIZE] [SIZE=3] “අයියෝ සල්ලි..”[/SIZE] [SIZE=3] “ඇයි ෆිල්ම් එක හොඳ නැද්ද..?”[/SIZE] [SIZE=3] “ලොකු පත අකුරෙන් ඇඩෝස් ඔන්ලි කියලා ගහලා තිබුණට මෙලෝ සංසාරයක් නෑ බෙකම්.. දුකේ බෑ.. හරියට වාර්ථාමය එකක් වගේ..”[/SIZE] [SIZE=3] “ඒවා එහෙම තමයි බං.. ලොකුවට ඇඩෝස් ඔන්ලි කියලා ගහල තිබුණට, ඔය පුංචි පුංචි සීන් එකක් දෙකක් විතරයි තියෙන්නෙ.. කොල්ලො ඉතිං නමට රැවටිලා යනවා..”[/SIZE] [SIZE=3] මාත් දන්න එකා වගේ කිව්වා. හරියට නිකං සතියට දවස් දෙකක් නොවරදවාම රීගල් එකේ බුදියන එකෙක් වගේ.[/SIZE] [SIZE=3] “පිස්සුද බෙකම්..! උඹට කියන්න මට ලැජ්ජ නෑ.. හදවත වැළපෙනවා බං.. මේකෙ කිස් කරන එකක්වත් නෑ හත්තිලව්වෙ.. ඒ උනාට හෝල් එකේ කට කපල සෙනඟ.. මටයි, මාධවයටයි නේද.. මලේ මල.. ඒත් ඉතිං ස්කූල් යුනිෆෝම් පිටින් ගියපු කරුමෙට ඉවසන් හිටියා..”[/SIZE] [SIZE=3] “ස්කූල් යුනිෆෝම් එකෙන් උඹලව ඇතුළට ගත්තද..? ටිකට් කඩන එකා මහ බාල්දියනේ බං..”[/SIZE] [SIZE=3] “ඒකනේ බෙකම් අපිටත් පුදුමෙ.. ඌ වචනයක්වත් කිව්වෙ නැතුව අපි ඇතුළට ගත්තනේ.. සමහර විට මේකෙ මෙලෝ මලදානයක් නැති හින්දා කුපාඩිකමට ගත්තා වෙන්න ඇති..”[/SIZE] [SIZE=3] “ආ.. චමිල් රීගල් එකේ ෆිල්ම් එක බැලුවද..? මාර ෆිල්ම් එක නේද..? උඹලා මාර ආතල් එකක් ගන්න ඇතිනේ..”[/SIZE] [SIZE=3] එකපාරටම අපේ පිටිපස්සෙන් ඇහුණෙ ඇම්ඩගෙ කටහඬ උගේ මූණෙ පුරවලා තිබුණෙ අති සුන්දර කුණු හිනාවක්.. පේන විදියට නම් පේ අශ්පයා තවත් මරාලයක් පෙරලල වගේ.[/SIZE] [SIZE=3] “මොකක්ද උඹ මගෙන් ඇහුවෙ..?”[/SIZE] [SIZE=3] බලයා, ඇම්ඩා දිහාට හැරුණා. මටත් ඇම්ඩගෙ වචන පාවිච්චි උණු පිළිවෙල ඇල්ලුවෙ නෑ.. ඌ ඉංශ්‍රීසි ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්න ගියා වත්ද..?[/SIZE] [SIZE=3] “බෙකම්.. උඹට මතකද, අපි ස්කූල් කට් කරල ඔය රීගල් එකේ ඇඩෝස් එකක් බලන්න ගිහින් වෙච්ච දේ..?”[/SIZE] [SIZE=3] මං ඔලුව වැනුවා.. මොකෝ මට අමතක.. ඒක විලිලැජ්ජාවෙ සංතෝසෙබැරි දවසක්නේ. කොටින්ම ෆිල්ම් එක බලන්න ගියේ මායි, පැතුමුයි, ඇම්ඩයි, කල්හාරයයි. ඒත් අපේ වයස අඩුයි කියලා, කවුන්ටරේ හිටපු ටිකට් දෙන මනුස්සයා මෙලෝ විදියකට අපිට ඇතුළට යන්න දුන්නෙ නෑනෙ.. ඇම්ඩයි, පැතුමයි, අඬලා වැළපිලා අපිව ඇතුළට ගනිං යකෝ කියලා නොවඳිනා වැඳුම් වැන්දත් හෝල් එකේ අංකල් අපිව දැක්කෙ ජාතික අපරාධකාරයො ගානට.[/SIZE] [SIZE=3] “හහ්.. හහ්.. මටත් ඔය වයසෙ ළමයි ඉන්නවා. මං කීයටවත් ඔය ළමයින්ට ටිකට් දෙන්නෑ.. තමුන්ලා තව වැඩිය කතාවට ආවොත් හෙම මං සෙන්ට්‍රල් එකේ ප්‍රින්සිපල් මහත්තයට කෝල් කරනවා.. හහ්.. තාම රිවිඩ්ඩෙන් එළියට පැනලා නෑ.. එනව මෙතන වැඩිහිටි දර්ශන බලන්න.. හ්ම්.. යනවා යන්න මෙතනින්..”[/SIZE] [SIZE=3] මිනිස්සු ඉස්සරහම අංකල් අපිට කෑගැහුවා. ඒකයි මං කලින් කිව්වෙ විලිලැජ්ජාවෙ සංතෝසෙ බෑ කියලා.[/SIZE] [SIZE=3] “හොඳයි අංකල් අපි බලාගන්නම්..”[/SIZE] [SIZE=3] ඇම්ඩා ටිකට් කඩන මනුස්සයා ළඟටම ගිහින් තර්ජනේ කරා.[/SIZE] [SIZE=3] “බලාගන්න.. හ හ්.. මොනවා බලන්නද..? ඇට්ටර කොල්ලා.. තමුසෙට පුතා හරියට වලක් හෑරෙන්න චූ කරන්නවත් පුළුවන්ද..? ආ.. එනව මෙතන වැඩිහිටි දර්ශන බලන්න..”[/SIZE] [SIZE=3] අංකල් කියන ඒවට, පොළව දෙබෑ කරගෙන ආදිකල්පික යුගයකට යන්න හිතෙනවා අප්පා.. මොන නව නිංගිරාවක්ද මේ..? ෆිල්ම් එක බලන්න ආපු වැඩිහිටියො අපි දිහා බැලුවෙ සත්තු ගාණට දාලා. මං ඇම්ඩව අමාරුවෙන් ඇදගෙන එළියට ආවා. අංකල් තවත් මොනවදෝ කිය කිය අපිට බනිනවා ඒ වෙනකොටත් ඇහුණා.[/SIZE] [SIZE=3] “මතක තියාගනිං බෙකම්.. මං පොල් පැළයක් හිටවන්න තරමෙ වලක් හෑරෙන්න චූ කරලා ඌට පෙන්නනවා.. ඌ දන්නෑ මේ ඇම්ඩා කියන්නෙ කවුද කියලා.. මං මෙහේ ගිනි තිබ්බොත් උගේ පස්ස පැත්තෙන් දුම් පිටවෙයි.. හහ්..”[/SIZE] [SIZE=3] ඒ කතන්දරේ එතනින් ඉවරයි කියලා මං හිතාගෙන හිටියෙ. ඒත් ඇම්ඩා කියාගෙන යන මේ විස්තර පත්‍රිකාවට අනුව, ඒක එතනින් මතු සම්බන්ධයි කියලා තමයි, හිතන්න වෙන්නෙ.. අන්න ඒ මතු සම්බන්ධ වුනු තැන තමයි මේ කතාව දැන් ගලාගෙන යන්නෙ.[/SIZE] [SIZE=3] “ඉස්කෝලෙ තාප්පෙට අමාරුවෙන් බඩගාලා, අතපය ලාවට ගානට හූරගෙන, ජංගල් කෝස් දෙක තුනක්ම කරලා, ෆිල්ම් හෝල් එකට නිරුපද්‍රිතව ආවහම, මේ බලු අංකල් තඩියා අපිට දීපු පරිප්පුවට, පරිප්පුවක් හෙම දීගන්න බැරි උනා නම් මං බුරිය විකාගෙන මැරෙනවා.. ඕ ඉයර්ස්..”[/SIZE] [SIZE=3] “හරි.. හරි.. නාලකයා.. කයිය නවත්තලා උඹ දීපු පරිප්පුව ගැන කියපං.. උඹ මොකක්ද ඒ නාකි මැංටලේට කලේ..?”[/SIZE] [SIZE=3] “විශේෂ දෙයක් නෑ චමිල්.. උඹ අද දැක්කද ෆිල්ම් එක බලන්න ආපු ඈයො අංකල් කාරයට ගහන්න හදපු හැටි.. කොහොමද කොල්ලො ඌට වදාපු අම්මයි, ජාතක කරපු තාත්තයි මතක් කර කර බැනපු හැටි.. මාර ගති නේද බං..”[/SIZE] [SIZE=3] “ඒ.. ඒ.. නාකල.. උඹ කොහොමද ඕවා දන්නෙ..? උඹ හිටියෙ බෙකම් එක්ක බාලිකාවෙනේ.. ආ..?”[/SIZE] [SIZE=3] මටත් ඇම්ඩගෙන් අහන්න තිබ්බෙ ඒ ප්‍රශ්නෙමයි. මේකට එකපාර තැන් දෙකක පෙනී සිටීමේ බලයක් තියෙනවද මංදා.[/SIZE] [SIZE=3] “මට ආරංචි උනා බං..! මට ආරංචි උනා..!! මගේ වැඩවල ප්‍රතිඵල මට ආරංචි උනා..”[/SIZE] [SIZE=3] “උඹේ වැඩවල..?”[/SIZE] [SIZE=3] “ඔව් බෙකම්.. ඔය රීගල් එකේ පෙන්නුවෙ ඇඩෝස් ඔන්ලි එකක් නෙමෙයි..”[/SIZE] [SIZE=3] “මොකක්..?”[/SIZE] [SIZE=3] මටයි බලයටයි දෙන්නගෙන්ම එක පාර ඒ වචනෙ පිට උනා.[/SIZE] [SIZE=3] “ඔව්.. ඒකෙ ඇති වැඩිහිටියන්ට පමණයි එකක් නෑ.. ඒක කලාත්මක ජපන් ෆිල්ම් එකක්. මගේ ඥාන ශක්තියෙන් මං ඒක ඇඩල්ට් කරා..”[/SIZE] [SIZE=3] “ඈ.. ඇම්ඩො.. ඒ කොහොමද බං..?”[/SIZE] [SIZE=3] “අද උදේ පාන්දර, ෆිල්ම් හෝල් එකේ නේම් බෝඩ් එකේ මං ඉන්දියන් තීන්ත වලින් ලිව්වා, ෆිල්ම් එකට යටින් ස්ට්‍රික්ලි ෆෝ ඇඩෝස් කියලා.. හහ්.. හහ්.. හා.. කෝමද බලයා සැප..”[/SIZE] [SIZE=3] බලන් ගියාම ඇම්ඩා කියන්නෙ රාජකීය භාණ්ඩයක්ම තමයි. වැඩිහිට දර්ශන නැති ෆිල්ම් එකක, වැඩිහිටි දර්ශන බලන්න ආපු හුදී ජනතාවගේ කෝපය සම්පූර්ණයෙන්ම දෙගොඩ තලා යන්න ඇත්තෙ, කවුන්ටරේ හිටපු අංකල් කාරයගෙන්.[/SIZE] [SIZE=3] “යකෝ.. උම කරොත් කරන්නෙ, ඔය වගේ අලුගුත්තේරු වැඩක්මනේ.. බලපං.. මායි, මාධවයිත් සල්ලි දීලා නිකං චාටර් ෆිල්ම් එකක් බලලා ආවා.. ෂික් විතරක්..”[/SIZE] [SIZE=3] බලයා ඒ පාර උපරිමයෙන් පසුතැවිලි වෙන්න ගත්තා. ඇම්ඩගෙ මූණ පුරාම අර රාජකීය කුණු හිනාව උතුරලා ගිහින් තිබුණා. ඇත්තටම මූ තමයි දවසකටවත් මිනිහා. ඌට අවුලක් කරපු එකෙකුට ඇම්ඩා කවදාවත් සතුටින් සාමදානයෙන් ඉන්න දෙන්නෑ. සාමදානයේ සතපවනවා විතරයි.[/SIZE] [SIZE=3] “හ..හප්පේ.. අන්න තලපතා එනවා.. යමල්ලා..”[/SIZE] [SIZE=3] ඈත ඉඳලම මහ පොලොවට රිදෙන්න වගේ බරට බරේ අඩි තිය තියා එන තලපතාව දැකපු පිරිමි ඉස්කෝලෙ කොල්ලෙක් කෑගැහුවා. උං කොහොමටත් තලපතාට පරාණ බයයි. තලපතා ළඟ ඉන්නකොට උං අඩුම ගානෙ හුස්මවත් ගන්නෑ.[/SIZE] [SIZE=3] “ඒයි.. දුෂ්මන්තයා.. මාව සළකුණු කරපං..”[/SIZE] [SIZE=3] ඇම්ඩා උගේ ෆිසික්ස් කාඩ් එක, කාඩ් මාක් කරන දුෂ්මන්ත ළඟට විසි කරා.[/SIZE] [SIZE=3] “ඔයා හරිම නරකයි අනී.. වැදගත් විදියට කතා කරන්න දන්නෙ නැති නරකම නරක ළමයෙක්..”[/SIZE] [SIZE=3] දුෂ්මන්තට උරුම ගෑනු කටහඬින් ඌ කියද්දි, මං පංතියට ඇතුල් උනා. මූ නම් ගිය ආත්මෙ ගෑනු පරාන තුන හතරක්වත් වෙලා ඉන්න ඇති. මේ ආත්මෙත් වැරදිලාද කොහෙද තමයි දුෂ්මන්තයට පිරිමි රූපයක් ලැබිලා තියෙන්නෙ.[/SIZE] [SIZE=3] “දුෂ්මන්තයා.. උමට අර ජපන් නින්ජල ගහපු හැටි මතකනේ.. සද්ද වහලා මගේ කාඩ් එක දීපං.. නැත්නම් ඒ ජවනිකාවම නැවත මෙතන රඟ දැක්වෙයි.. තේරුණාද..?”[/SIZE] [SIZE=3] ඇම්ඩා, ඒ පාර දුෂ්මන්තයට තර්ජනය කරනවා. ඔය හැලපයට තර්ජනය කරලා වැඩක් නෑ. ඕකා දෙක තුන කරලා තලපතාගෙ කනේ තියනවා. එතකොට ඉතිං අපිටයි සැබෑම තර්ජනේ එන්නෙ. මායි, ඇම්ඩයි, පැතුමයි පන්තියෙ මැද හරියෙ බංකුවක වාඩි උනා. ඒ පැය දෙකහමාරක අධිවේගී ත්‍රාස ජනක භෞතික විද්‍යා මෙහෙයුමකට සම්බන්ධ වෙන්න.[/SIZE] [SIZE=3] “ඔව්.. ළමයි.. අපි ගිය සුමානෙ කොතනින්ද නැවැත්තුවෙ..? අන්න ඒ නවත්තපු තැන ඉඳලා අපිට ගමන ආරම්භ කරන්න පුළුවන්.. හා.. හා.. ඔය අන්තිම හරියෙ ළමයි තාම ඇතුළට ආවෙ නැද්ද..? ආ.. තමුසෙල මහ ගඩ්ඩො ජාතියක් අයිසෙ.. කෝ.. ඉක්මන් කරනවලා.. ඉක්මන් කරනවලා..”[/SIZE] [SIZE=3] තලපතාගෙ පරිසරේ දෙදරණ ලාමක කටහඬට බයවෙච්චි පිරිමි ඉස්කෝලෙ කොල්ලෙක්, වැඩි කලබලේට බංකුව කොනකින් වාඩිවෙන්න ගිහිල්ලා, බංකුව එහෙම් පිටින්ම උඩ ගියා. කොල්ලා පෙරේතයා පොලේ ගැහුවා වගේ පන්තිය මැද ඇඳන් වැටුණා. ඒ වගේ දේකට හිනාවීම අමනකමක් උනත් කොල්ලො කෙල්ලොන්ට හිනාව නවත්තගන්න සෑහෙන වෙලාවක් ගියා.[/SIZE] [SIZE=3] ටිකකින් පන්තිය හොඳටෝම නිශ්ශබ්ද උනා. ඇල්පෙනෙත්තක් බිමට වැටුණත් ඒකත් ඇහෙන තරම්. තලපතා බර බරස් ගගා එහෙටයි මෙහෙටයි ඇවිදින සද්දෙ විතරයි ඇහුණෙ. දෙපැත්තෙ ඉඳපු ඇම්ඩගෙයි, බලයගෙයි මෙලෝ සද්දයක් නැති හින්දා මං උන් දෙන්නා දිහා බැලුවා. හත්වලාමෙ මෙන්න උං දෙන්නා වාඩිවෙලාම ගජරාමෙට බුදි. මං ඇම්ඩටයි, බලයටයි ඇඟලි වලින් ඇන්නා.[/SIZE] [SIZE=3] “ඒයි නැගිටපං.. තලපතා එනවා..”[/SIZE] [SIZE=3] මේ සංසිද්ධිය, ඉගෙන ගන්නා ඕනෑම අවස්ථාවකට පොදුයි කියලා ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑ. දිරවන්නෙ නැති විෂයක් උගන්නනකොට කොහොමත් නිදිමත ගලාගෙන එන්නෙ මළ ගිය ප්‍රාණකාරයෙක් ළඟට එනවා වගේ.[/SIZE] [SIZE=3] “මං දන්නවා..! මං දන්නවා..! මං අත්දැකීමෙන්ම දන්නවා..!!! මේ වෙනකොට මේ පන්තියෙ තුන්කාලක්ම බුදි කියලා. ඒත් මං මේ කතා කරන්නෙ ඇහැ ඇරිලා ඉන්න ගඩ්ඩොන්ට.. අන්න ඒ ඇහැ ඇරිලා ඉන්න ඈයො ටික නැගිටිනවා බලන්න..”[/SIZE] [SIZE=3] පන්තියෙ මැද හරියට ආපු තලපතා කිව්වා. මොකක්ද බං ඒ වඳුරු කුණුහරුප කතාව.. හරි නම් නැගිටින්න ඕන නිදාගෙන ඉන්න ඈයොනේ. කොහොම උනත් තලපතාගෙ කතාවට මුළු පංතියම ප්‍රතික්‍රියා දැක්වුවෙ මාර උවමනාවකින්. මේනන යකෝ මුලු පන්තියෙම කොල්ලො කේලලො එක සැරේට නැගිටලා බලන් ගියහම නිදාගත්තු එකෙක්වත් නෑ. තලපතාගෙ මූණ බලන් ඉද්දිම ඇඹුල් උනා. හරියට ඒකා ගැටනාරං කාලා වගේ.[/SIZE] [SIZE=3] “හා.. හා.. හා.. වාඩිවෙනවලා.. වාඩිවෙනවලා.. මොකක්ද අයිසෙ මේ විහිලුව..? පුංචි ළමයි වගේ.. නැගිටින්න කිව්වහම ඔහොමත් නැගිටිනවද..? ෂහ්.. තමුසෙලා නම් පුදුම ගඩ්ඩො ජාතියක්..”[/SIZE] [SIZE=3] කොල්ලො කෙල්ලො එක එකාගෙ මූණු බල බලා ආයෙත් වාඩිවුණා. බලන් ගියාම අප්පා, තලපතාටද පිස්සු, එහෙමත් නැත්නම් අපිටද පිස්සු..?[/SIZE] [SIZE=3] “හහ්.. දැන් බලනවා.. තමුසෙලා හොඳටම බුදි.. අයිසේ.. මේ ලෝකෙ කොයි තරම් වේගවත්ද.. කොයි තරම් කාර්යක්ෂමද.. කියලා තමුසෙල දන්නවද..? තමුසෙලට වැටහීමක් තියෙනවද..? ආ..! නෑ.. නෑ.. ජීවිතේට නෑ.. මට හරිම කණගාටුයි.. තමුසෙල වගේ ගඩ්ඩොන්ට මගේ ආත්මය හා බැඳිච්ච මේ භෞතික විද්‍යා මූලධර්ම කියාදෙන්න සිද්ධ වේචච එක ගැන..”[/SIZE] [SIZE=3] “මේකා හරියට කතා කරන්නෙ අපිට පිනට උගන්වනවා වගේනේ බං.. පුදුම හොරනෑවක්නේ පිඹින්නෙ..”[/SIZE] [SIZE=3] “කෑනොගහ ඉඳපං.. ඔ.. ඔන්න ආයෙත් තලපතා එනවා..”[/SIZE] [SIZE=3] ඇම්ඩා කුණු කුණු ගාපු එකටද, නැත්නම් හිතේ ඉවටද මංදා.. තලපතා අපේ පේලියෙ ළඟට ආවා. මේ මනුස්සයගෙ හයේ හතරෙ දාර සයිස් ඇඟපත දැක්කම මුත්‍රා බරත් හැදෙනවා අප්පා.[/SIZE] [SIZE=3] “මතක තියාගන්නවා.. උගන්නන වෙලාවට බුදිය ගන්නෙ ගඩ්ඩො.. තේරුණාද..? මනුස්සයෙක් උනහම දැනගන්න ඒන ක්‍රියාශීලී වෙන්න.. තමුසෙලා නොදන්නා දෙයක් මං කියන්නම්.. දන්නවද..? සෑම තත්පර තුනකට වරක් චීන රටේ කාන්තාවක් දරුවෙක් බිහි කරනවා කියලා.. බලනවා මේ ලෝකෙ කොයි තරම් ක්රියාශීලීද කියලා.. හ්ම්.. තමුසෙලා මෙතන බුදි..”[/SIZE] [SIZE=3] තලපතා හෙණ ආඩම්බරයෙන් ඒ ටික කිව්වෙ, හරියට ඔය කලින් කිව්ව වඩේ මිනිහා කරා වගේ. කොහොම උනත් තලපතාගෙ කතාව අහපු බලයගෙ ඇස් ගෙඩි දෙක උඩ ගියා. උගේ තොල් හෙලවෙන්න ගත්තා. මං දැන් නිට්ටාවටම දන්නවා මූට මොනවම හරි කියවෙන්නයි යන්නෙ කියලා. අනේ දෙයියනේ හොඳ දෙයක් උනොත් හොඳයි.[/SIZE] [SIZE=3] “ක.. කවුද අප්පා.. ඒ ගෑනි..?”[/SIZE] [SIZE=3] මුළු පංතියම නිශ්ශබ්ද වෙලා තිබ්බ වෙලාවෙ, බලයගෙ කටහඬ ටිකක් සැරට ඇහුණා. මුළු පංතියම බක බක ගගා හිනාවෙද්දි මං බැලුවෙ තලපතා දිහා. මිනිහා මෙතන ඩෙගා නටයිද බලන්න. ඒත් තලපතාගෙ මූණෙ තිබ්බෙ මිත්‍රශීලී පෙනුමක්.[/SIZE] [SIZE=3] “හා.. හා.. හා.. ඒ වැදගත් ප්‍රශ්නෙ අහපු ගඩ්ඩා තමුසෙ නේද..?”[/SIZE] [SIZE=3] තලපතා චමිල් දිහාට ඇඟිල්ල දික් කරා.. අපේ එකා බිම බලා ගත්තා.[/SIZE] [SIZE=3] “ආ මනුස්සයො.. දැනගන්නවා.. මම කිව්වෙ චීනෙ ඉන්න එක ගෑනියෙකුට ළමයි හම්බවෙන කතාවක් නෙමෙයි.. ඒ රටේ ඉ්නන හැම කාන්තාවක්ම ගැන සලකලා.. තේරුණාද..?”[/SIZE] [SIZE=3] මිනිහා අපෙන් තේරුණාද අහන්නෙ.. මිනිහනේ වචන පටලවලා කතා කරල තියෙන්නෙ..[/SIZE] [SIZE=3] “බෙකම්..”[/SIZE] [SIZE=3] “මොකද නාලක..?”[/SIZE] [SIZE=3] “තලපතා කිව්ව විදියට මාත් බය උනා බං..”[/SIZE] [SIZE=3] “ඇයි..?”[/SIZE] [SIZE=3] “ඒ චීන ගෑනිට වෙනම අවයවයක් හයි කරන්න වෙනවා ළමයි වඳන්න.. නැත්නම් ඔය එකෙක් කීයක් ජාති කියලා කරන්නද..?”[/SIZE] [SIZE=3] කඩාගෙන බිඳගෙන ආපු හිනාව නවත්තගන්න බැරිව මං ඩෙස්ක් එකේ මූණ ඔබාගත්තා. ඇම්ඩත් ඉඳල ඉඳලා කියන්නෙ මසුරං කියුම් තමා.[/SIZE] [SIZE=3] එතන ඉඳලා තලපතා නොහොත් ප්‍රනාන්දු සර් අපේ පංතිය මිනිහගෙ ග්‍රහණයට ගත්තා. අපි හැමෝම පට්ට නිදිමතේ හොරාට ඈනුම් ඇර ඇර තලපතාගෙ සාපේක්ෂ චලිතය දිහා බලන් හිටියා.[/SIZE] [SIZE=3] “බෙකම්.. නැගපං..”[/SIZE] [SIZE=3] පන්තිය ඉවරවෙලා, චමිල් මගේ මවුන්ටන් බයිසිකලේ අරගෙන ආවා. හරස් පොල්ල උඩ මං වාඩිවුණ ගමන්ම චමිල් බයිසිකලේ පඳින්න ගත්තා.[/SIZE] [SIZE=3] “ඇම්ඩා ස්ටෑන්ඩ් එක පැත්තෙන් ගියාද..?”[/SIZE] [SIZE=3] “ඔව්.. ඌ කිව්වෙ, ඌට චීන කාන්තාවක් බලන්න ඕන කියලා..”[/SIZE] [SIZE=3] “මෙන්න බෙකම් මේකි..”[/SIZE] [SIZE=3] මායි, චමිලුයි බයිසිකලේ පැදන් ආපු පාර අයිනට වෙලා අපි දිහා බලන් හිටියෙ ඉන්කි.. චමිල් කකුල් බ්රේක් පාවිච්චි කරලා බයිසිකලේ ස්ලෝ කර ගත්තා.[/SIZE] [SIZE=3] “ඉන්කි.. ක්ලාස් ආවෙ නැද්ද..? මං දැක්කෙ නෑ..”[/SIZE] [SIZE=3] “ආවා.. මං ඉස්සරහම හිටියෙ..”[/SIZE] [SIZE=3] “මෙච්චර ඉක්මනට මෙතෙන්ට ආවෙ කොහොමද..?”[/SIZE] [SIZE=3] “ඇයි බං.. මෙයා හන්ඩ්‍රඩ් ටූ හන්ඩ්‍රඩ් කරන කෙනානේ.. අපි එනකොට දෙපාරක්වත් ඇවිල්ලා ඉඳියි..”[/SIZE] [SIZE=3] චමිල්ගෙ කතාවට ඉන්කිට පුංචි හිනාවක් ගියා. ඒත් එයාගෙ මූණෙ මොකක්දෝ අවනඩුවක් තියෙන පාටයි. මං හරස් පොල්ලෙන් බැස්සා.[/SIZE] [SIZE=3] “ඉන්කි.. මොකක් හරි ප්‍රශ්නයක්ද..?”[/SIZE] [SIZE=3] “එහෙම මුකුත් නෑ නවෝද්..”[/SIZE] [SIZE=3] “නැත්තෙ නෑ ඉන්කි.. මට බොරු කරන්න ඔයාට බෑ.. ඔයාගෙ මූණෙ හැමදේම ලියවිලා තියෙනවා.. කියන්න.. සමින්දි අක්කා මොනව හරි ඔයාට කිව්වද..?”[/SIZE] [SIZE=3] ඉන්කි එක පාරටම ඔලුව උස්සලා මගේ දිහා බැලුවා. එයාගෙ මූණෙ තිබ්බෙ හරිම හුරුබුහුටි ගතියක්. මේ විදියට ඉන්නකොට කෙල්ල මාර ගති.[/SIZE] [SIZE=3] “සමින්දි අක්කා මට බැන්නා නවෝද්..”[/SIZE] [SIZE=3] “බැන්නා.. ඇයි ඒ..? අපි ස්ලයිඩ් ටිකත් හොයලා දුන්නනේ..”[/SIZE] [SIZE=3] “ඒකට නෙමෙයි..”[/SIZE] [SIZE=3] “එහෙනම්..?”[/SIZE] [SIZE=3] “මෙ.. මෙ.. මේ..”[/SIZE] [SIZE=3] කවදාවත් නැති විදියට ඉන්කි ඇඹරෙන්න ගත්තා. අනේ පුංචි කෙල්ලෙ.. ඔයාට මොකද මේ වෙලා තියෙන්නෙ.[/SIZE] [SIZE=3] “ඇයි ඉන්කි..?”[/SIZE] [SIZE=3] “මට.. මට..”[/SIZE] [SIZE=3] “ඔව්..”[/SIZE] [SIZE=3] “ඔයත් එක්ක තියෙන ෆ්‍රෙන්ඩ්ෂිප් එක නවත්තන්නලු..”[/SIZE] [SIZE=3] “මොකක්..? එයාට කෙහෙන් ආපු හයියක්ද එහෙම කියන්න..?”[/SIZE] [SIZE=3] “මංදා නවෝද්.. මං හුඟක් අසරණ වෙලා ඉන්නෙ.. දැන් මට කොලේජ් එන්නත් එපාවෙලා..”[/SIZE] [SIZE=3] “ඔයා මොනවද ඉන්කි මේ කියවන්නෙ..?”[/SIZE] [SIZE=3] “සමින්දි අක්කා හිතන්නෙ මං ඔයාලත් එක්ක එකතුවෙලා හැමදේම කලා කියලා..”[/SIZE] [SIZE=3] “ඔයා අපිත්තෙක්ක මොකුත් කරේ නෑනෙ..”[/SIZE] [SIZE=3] “ඒක තමයි.. ඔයාලා ගියාටප ස්සෙ එයා මට හොඳටම බැන්නා.. අපේ ඉස්කෝලෙ ගැනවත් හිතන්නැතුව, එයාව පැරැද්දුවා කියලා..”[/SIZE] [SIZE=3] “ඉතිං ඉන්කි.. එයානේ බෙට් දාගෙන ආවෙ.. මොකද අපි දාන්න ගියාද..? මාර පිස්සු කතානේ මේවා.. බලපංකො චමිල්..”[/SIZE] [SIZE=3] “ඕවා ගණන් ගන්නෙපා බෙකම්.. සමින්දිගෙ ඔළුවට කොහේදි හරි හොඳ පාරවල් දෙක තුනක් වැදිලා තියෙනවා.. ඒකයි ඔහොම මඤ්ඤං කතා කියන්නෙ.. ඕවා අතෑරලා දාන්න ඉන්කි.. පොමනේරියන් බල්ලො බිරුවට කඳු පාත් වෙන්නෑ..”[/SIZE] [SIZE=3] “ඔව් ඉන්කි.. අපි බලමුකො ඉස්සරහට මොකද වේනනෙ කියලා.. ඔයා බයවෙන්නෙපා.. ඔයාගෙ උදව්වට, ඔයාගෙ හයියට ඕන වෙලාවක අපි ඉන්නවා..”[/SIZE] [SIZE=3] මගේ කතාවට ඉන්කිගෙ ඇස් දිලිසුණා. මං නිකං ඕන නැති කතාවක් කිව්වද මංදා.. ඒත් ඉතිං මං, අපි කියලා බහු වචනෙන්නෙ කිව්වෙ..[/SIZE] [SIZE=3] “සමින්දි අක්කා කිව්වට, මං ඔයත්තෙක්ක කතා නොකර ඉන්නෙ කොහොමද නවෝද්..?”[/SIZE] [SIZE=3] ඇස් දෙක කෙලින්ම මගේ මූණෙ රන්දගෙන ඉන්කි අහපු ප්‍රශ්නෙට දෙන්න තරම් හොද උත්තරයක් මගේ ළඟ තිබ්බෙ නෑ.. ඒත් බලයා පැනලා උත්තරේ දුන්නා.[/SIZE] [SIZE=3] “ඔයාලා දෙන්නා හොරෙන් කතා කරන්න බබා.. මාර සේනාව වගේ මායි ඇම්ඩයි ගාඩ් එකට ඉන්නවනේ..”[/SIZE] [SIZE=3] එතන ඉඳලා ඩිංගක්වෙලා යනකල් පුංචි නිහැඬියාවක් ගෙවිලා ගියා. ඉන්කිට අද ගෙදර යන්නත් ඕන නෑ වගේ.[/SIZE] [SIZE=3] “ඔයාට ඔයිට වැඩිය ස්වාධීන වෙන්න බැරිද..?”[/SIZE] [SIZE=3] “ඒ කිව්වෙ..?”[/SIZE] [SIZE=3] “ඔයා සමින්දි මත යැපෙනව වැඩියි ඉන්කි.. ඔයාට තනියෙන් නැගිටින්න පුළුවන් කියලා ඔයාට පෙන්නන්න බැරිද..? එතකොට සමින්දිට තව රිදෙයි..”[/SIZE] [SIZE=3] “මට සමින්දි අක්කට රිද්දන්න ඕන්නෑ නවෝද්.. මට ඕන එයා මං ගැන තියෙන වැරදි වැටහීම අයින් කරගන්න..”[/SIZE] [SIZE=3] “ඇයි ඒ..?”[/SIZE] [SIZE=3] “මං ඒ වැරදි වැටහීමට බයයි නවෝද්..”[/SIZE] [SIZE=3] “එහෙනම් එයාගෙ කැමැත්තට, ඔයා මගෙත්තෙක්ක කතා නොකර ඉන්න.. ඉවරනේ.. අපි යමු චමිල්..”[/SIZE] [SIZE=3] “අ.. අනේ නවෝද්..”[/SIZE] [SIZE=3] ඉන්කි මගේ අතේ එල්ලුණා. ඒ ඇඟිලිවල තිබ්බෙ පුදුම උණුසුමක්.. මේ කෙල්ල ඉන්නෙ ගිනි ගොඩක් උඩද මංදා.[/SIZE] [SIZE=3] “ඔයා කැමති දෙයක් කරන්න ඉන්කි.. ඔයාට බල කරන්න මට බෑ.. අනික සමහර විට අපේ මේ ෆ්රෙන්ඩ්සිප් එක හන්දා.. ඔයාට බාලිකාවෙ හෙඩ් ප්‍රිපෙක්ට් බැජ් එක නැතිවෙයිද කියලත් කියන්න බෑ.. මං හිතන්නෙ සමින්දිගෙන් පස්සෙ ඔයා තමයි ඒ දේට හොඳම කෙනා..”[/SIZE] [SIZE=3] “ඔ.. ඔයා මාව බය කරනව නවෝද්..”[/SIZE] [SIZE=3] “සමහර විට සමින්දි ඔයාව රෙකමන්ඩ් කරන එකක් නැතිවෙයි.. එහෙම උනොත් ඔයාට හුඟාක් දුක හිතෙයි ඉන්කි..”[/SIZE] [SIZE=3] කෙල්ලගෙ මූණ මහා කල්පනාවකින් බර උනා. ඒත් ඒ ඇස් තිබ්බෙ තාමත් මගේ මූණෙ.[/SIZE] [SIZE=3] “ඔයා හුඟක් දුර හිතනවා නවෝද්.. ම්.. මං ඔයාට දෙයක් කියන්න කරනවද..?”[/SIZE] [SIZE=3] මං බලයා දිහා බැලුවා. ඌ මෙලෝ සංසාර දෙයක් දන්නැති එකෙක් වගේ රේල් පාර පැත්ත බලන් ඉන්නවා.[/SIZE] [SIZE=3] “මොකක්ද ඉන්කි..?”[/SIZE] [SIZE=3] “ඔයාටයි සමින්දි අක්කටයි රණ්ඩු නොවී ඉන්න බැරිද..?”[/SIZE] [SIZE=3] මේන් බලපල්ලකො ඉන්කිත් අහන කතන්දර.. හරියට මේ වලිය මං පටන් ගත්තා වගේනේ.[/SIZE] [SIZE=3] “අපි රණ්ඩු වෙන්නෑ.. අපි දාන්නෙ බෙට්නේ..”[/SIZE] [SIZE=3] “ඒක තමයි නවෝද් මං කියන්නෙ.. ඔයාලා දාපු බෙට් එක බරපතල වැඩියි.. අනික සමින්දි අක්කට සනීපත් නෑ මේ දවස්වල.. ඔය ග්‍රවුන්ඩ් එක වටේ රවුම් සීයක් තියා විස්සක් දුවනකොට අක්කිට අමාරු වෙයි..”[/SIZE] [SIZE=3] “ඔයා දැන් කියන්නෙ මට මොනවා කරන්න කියලද..?”[/SIZE] [SIZE=3] “ඔයා සමින්දි අක්කිත් එක්ක යාලුවෙන්න..”[/SIZE] [SIZE=3] “යාලුවෙන්න..?”[/SIZE] [SIZE=3] මං එහෙම අහද්දි ඉන්කිගෙ මූණට ආවෙ, ඕනම කොල්ලෙක් ආස කරන දඟකාර හිනාවක්. බලයගෙ මූණටත් නොම්මර එකේ පැණි හිනාවක් ආවා.[/SIZE] [SIZE=3] “ඔව්.. එතකොට මටත් ඔයත්තෙක්ක ෆ්‍රෙන්ඩ් ෂිප් එක දිගටම කරගෙන යතෑකි.. කරදරයක් නැතුවම.. ඔයා හොඳ දරුවනේ නවෝද්.. සෙනසුරාදා බෙට් එක කැන්සල් කරලා දාන්න.. හොදේ.. ඒකෙන් ඔයාට ලකුණු හුඟාක් වැටෙයි..”[/SIZE] [SIZE=3] “මට සමින්දිගෙන් ලකුණු ඕන්නෑ ඉන්කි.. මට සමින්දිව මඩවන්නත් ඕන නෑ.. හැබැයි ඉතිං එයා ඉල්ලලා දාගත්තු බෙට් එක මට කැන්සල් කරන්න විදියක් නෑ.. එයාම ඇවිල්ලා පරාජය පිළි අරගෙන ෆ්‍රෙන්ඩ් ෂිප් එහෙකට ආවොත් සලකල බලන්න පුලුවන්.. එහෙම නැතුව නම් බෑ..”[/SIZE] [SIZE=3] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom