Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
| සොඳුරු නවෝදය 2 | ආදරණිය බෙකම් |
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පන්තියෙ කෙල්ලොත් ඉස්සරහ මාධව කියපු කතාවෙන් පැතුමගෙ සියලු කලර්ස් හේදිලා ගියා. ඌ වටපිට බැලුවෙ හැංගෙන්න මීගුලක් හරි තියෙනවද කියලා හොයන්න වගේ. කෙල්ලො ටිකත් හිකි හිකි ගගා හිනාවෙනවා.

“නෑ.. නෑ.. උඹ ඔය තරම් අවුල්වෙන්න ඕන නෑ.. උඹට මතක නැද්ද උඹේ ඔය මහා ලොකු පද්ධතිය තනිරූල් කොලේක ඇඳලා, සේනාරන්ත මිස්ගෙ සාරිපොටේ එල්ලුවෙ.. අපි දහය වසරෙදි විතර..”

මාධවයා මතක් කරහමයි අපිටත් ඒ ඇඟ කිලිපොලා යන ආටක නනාටකේ මතක් වුනේ. ඇත්තමයි ඒකන ම් මතක්වෙන මතක්වෙන පාරට හිනා යනවා. දහයෙදි විධයාවට අපේ පංතියට අලුතින් ආව සේනාරන්ත මිස්. එච්චරම අවුලක් තියෙන කෙනෙක් නෙමෙයි. හැබැයි උගන්වන්න ගියාම මෙලෝ සිහියක් පතක් නැතුව උගන්නනවා. පංතියෙ එවුන්ට තේරෙනවද නැද්ද ආයෙ මොකවත් නෑ. කොහොමින් කොහොම හරි මාසයක් විතර යද්දි අපේ එවුන්ට සේනාරත්න මිස් වාතයක් වෙලයි හිටියෙ. ඒ වෙනකොටත් අපි ඉතාම ආසාවෙන් ඉඳපු පාඩම තමයි මිස් පටන් අරගෙන හිටියෙ. පැතුමයි, මමයි, හය වසරෙදි ඉඳන් බලන් හිටියෙ කොයි වෙලාවෙද දහය වසරට එන්නෙ කියලා මේ ආතල් පාඩම ඉගෙන ගන්න. සර්ලා මිස්ලා මේක අපිට කොහොම උගන්වයිද කියලා බලන්නත් අපි දතකට මැදගෙන හිටියා. පාඩම තමයි මිනිසාගේ ප්‍රජනන පද්ධතිය. දැන් නම් ඒක ඇහෙනකොටත් හිනායනවා. ඇයි අප්පේ ඒකට කොල්ලො නම් විතරක් නම් කීයක් දාලා තියෙනවද.. ප්‍රජනන පද්ධතිය ඕවා දන්නවා නම් වහ ඩිංගක් කාලා ෆැන්ටා එකක් බොනවා.. මොනවා උනත් කොල්ලන්ගෙ අපබ්‍රංස ප්‍රශ්න වලට උත්තර දෙන ගමන් සේනාරත්න මිස් පාඩම නිරුපද්‍රිතව කරගෙන ගියා. සමහර වෙලාවට මිස්ට දාඩියත් දාලා. ඇයි ඉතිං පැතුමා අහන්නෙ අධිකරණ වෛද්‍ය විශේෂඥයෙක් අහන හරස් පුරස්නනේ. දවසක් සේනාරත්න මිස් පාඩම කරන් යද්දි පැතුම් විද්‍යා පොතේ අන්තිම පිටුවට පිටු දහයකට විතර මෙහායින් මොකක්දෝ අඳන්න ගත්තා. පිටු දහයකට මෙහායින් අඳින්න ගත්තෙ, ඉතුරු අග පිටු නමේම ඌ සිංදු කෑලියි, රටේ නැති කතන්දරයි ලියලා.

“බෙකම් මේන්..”

ඇඳලා ඉවරවො ඌ මට රූපෙ පෙන්නුවා.. අමාරුවෙන් හරි ඌ ඇඳලා තිබ්බෙ පුරුෂ ලිංග පද්ධතිය.

“ඕක මොකටද බං..?”

“බලපංකො කරන වැඩේ..”

පැතුමා කොහොම හරි ඒ වෙනකොට කෙල්ලෙක්ගෙන් ආය කට්ටක් ඉල්ලගෙනත් තිබුණා. කතා කරගෙන තිබ්බ විදියට මාධවයා මිස්ගෙන් ප්‍රශ්නයක් අහද්දි, මිස් ඌයි, පැතුමයි ළඟට ආවා. ප්‍රශ්නෙට උත්තරේ සේනාරත්න මිස් කියලා දෙද්දි පැතුමා ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා මිස්ගෙ සාරිපොටේ ඌ ඇඳපු සමස්ත ලංකා චිත්‍ර ප්‍රදර්ශනෙන් පළවෙනි තැන ග්තතු තනිරූල් කොලේ ආට් එක එල්ලුවා. දැන් ටීචර් එකත් එල්ලගෙන එහාට යනවා. මෙහාට යනවා. මුලින් හෙමින් හෙමින් හිනාවචේචි පංතියෙ කොල්ලො කෙල්ලො ටික බක බක ගාලා හිනාවෙන්න ගත්තා අන්තිමට.

“මොකද ඔය ළමයි හිනාවෙන්නෙ..?”

එහෙම ඇහුවත් කවුරුවත් කියන්නෙ නෑ. සේනාරත්න මිස්ට දැන් මාර අප්සට්. නිකං ඇඬෙන්නත් වගේ. බැරිම තැන මිස් පන්තියෙන් එළියට ගියා. පීරියඩ් එක ඉවරවෙන්නත් කලින් එතන ඉඳලා වෙච්චි දේවල් අපිට ටිකක් පහුවෙලා තමයි ආරංචි උනේ. පංතියෙන් එළියට ගියත් දකින දකින ළමයා හිනාවෙනවලු සේනාරත්න මිස්ට. දැන් මේක ඉවසගන්න බැරිව, ස්ටාෆ් රූම් එකට ගිහින් වෙන මිස් කෙනෙක්ව හම්බවුනාලු.

“බලන්නකො අනේ.. මේ ළමයින්ට අද මොනවා වෙලාද මංදා.. මාව දකින දකින ළමයා මට හිනාවෙනවනේ.. ඇත්තමයි මට පිස්සු වගේ..”

දැන් මේ කතන්දරේ අහපු මිසුත් නැගිටලා, සේනාරත්න මිස් වටේ කරකැවිලා අතින් කට වහගෙන හිනාවෙනවලු.

“මේ බලන්න ඔයාගෙ සාරිය එල්ලලා තියෙන එක.. ළමයි හිනානොවී කොහොම ඉන්නද..?”

හප්පට සිරි.. කාලා වරෙන්කො.. සේනාරත්න මිස්ට මේ ආට්වර්ක් එක දැක්කා විතරයි නප්පියයි, තව නප්පි බාගෙකුයි එහාට යන්න තද උනා. මොන තරම් ලැජ්ජාවක්ද..? මොන තරම් නව නිංගිරාවක්ද..? සේනාරත්න මිස් කෙරුවෙ, සාරි පොටේ, පැතුමගෙ ආට් එක තියාගෙනම ප්‍රින්සිපල් සර් ළඟට ගියපු එක.

“බලන්න සර්.. මේ ඉස්කෝලෙ ළමයින්ගෙ වැඩ.. දන්නෙ නැතුව මං ඉස්කෝලෙ හැම තැනම ඇවිද්දා..”

සේනාරත්න මිස් පිනා සර්ට කියන්නෙ තරහ උතුරන ගමන්ලු. පිනා සර් තත්පර තුන හතරක් ඉඳලා, පැතුමගෙ ආට් එක ගලවලා අතට ගත්තලු. ඒක දැකපු ගමන් පිනා සර්ට අපූරු හිනාවක් ආවලු.

“සේනාරත්න මිස්.. මේක කොච්චර වෙලා එල්ලන් හිටියද..?”

පිනා සර් ප්‍රශ්නෙ අහපුවාම, සේනාරත්න මිස්ට මාර සැටිස්ලු.. ඇයි ඉතිං මේක එල්ලපු එකාට පන්ති තහනමක් කියලනේ මිස් හිතල තියෙන්නෙ. වැඩේ එකෙන්ම ගොඩ.

“ම්.. මං හිතන්නෙ පැය භාගයක් විතර..”

“අනේ සේනාරත්න මිස්.. ඔයා ඔය ඕක පැය භාගයක් එල්ලගෙන ඉඳලා.. අපි අපේ මුළු ජීවිත කාලෙම ඕක එල්ලගෙන ඉන්නෙ..”

පිනා සර්ගෙ කතාවට සේනාරත්න මිස්ට ඇඩ්රස් නැති උනාලු. කොල්ලො අතින් දාලද, හදලද මංදා කතාව නම් එහෙම තමයි.. අපි නම් කතාවට තාමත් හිනාවෙනවා.

“හා.. හා.. මට තාම මතකයි.. මට මතකයි..

දම් පාට මල්.. මට තාම මතකයි.. හ්ම්.. ම්.. ම්..”

පැතුම් ඒපාර උගේ සුපුරුදු බෙලෙක් කට හඬට පණ පෙව්වා. ඌට කතන්දරේ අමතක වෙන්න විදියක් නෑනෙ.. ඌනේ ඒ මහා ජාතක කතා වස්තුවෙ නිර්මාතෘවරයා.

“උඹට මතක් උනාට කමක් නෑ.. උඹල කොරිඩෝ එකේදි හිනාවුනේ ඇයි..?”

“ආ.. ඒ ඇම්ඩගෙ කතාවකට..”

“මොකක්ද අනේ ඒ කතාව..?”

මෙච්චර වො මුල්ලක් අල්ලගෙන හිටපු නිරෝමි ඉස්සරහට ආවා. බලන් ගියහම නිරෝමිත් පැතුම්ගෙ කතාවලට ඉන්ටෙරස්ට් වගේ.

“ඇම්ඩා කියනවා.. කොල්ලෙක් ඉන්නවලු.. ඌ ඉස්කෝලෙ යන්නම බෑ කියලා එක ලතෝනියයිලු..”

“ඇයි පැතුමා ඌ ලතෝනි ගහන්නෙ..?”

“අවුරුදු ගාණක් එකම ඉස්කෝලෙ ඉඳලා එපාවෙලාලු.. ඌ උගේ අම්මත්තෙක්ක කියලා ඉකි ගඟහා බං අඬලා තියෙන්නෙ..”

“මොකක්..?”

“ඔව්බං.. ඉස්කෝලෙ කොල්ලො බනිනවලු, හින්ට් ගහනවලු.. කොලොප්පන් කරනවලු.. වැඩිය ඕන්නෑ කල්හාරයා..! ටීචර්ස්ලා හිටන් මේ කොල්ලව ගණන් ගන්නෑලු..”

“වැඩේ හරි පව් නේද පැතුමා.. කවුද බං ඔය අවාසනාවන්ත කොල්ලා..?”

“ආ.. පැතුමා ඔය වහුකුණා අපේ මැත්ස් ක්ලාස් වල එකෙක්ද..? නැත්නම් දහය වසරෙ එකෙක්ද..?”

“ෂුවර් එකටම දෙපාරක් ෆේල් වේචචි එකෙක් වෙන්නැති.. පව් බං.. කවුද ඔය හිඟන්නා..?”

“කවුරුත් නෙමෙයි බං අපේ ප්‍රින්සිපල්..”

පැතුම්ගෙ කතාවට හිනාවෙන්න ඕනෙද අඬන්න ඕනෙද කියලා මට හිතාගන්න බැරිවුණා. බලන් ගියහම මූත් එකයි ඇම්ඩත් එකයි. දෙන්නම තකට තක. පන්තියෙ කොල්ලො කෙල්ලො ටික පැතුමව වට කරගෙන හිනාවෙනවා. ඒත් ඒ හිනාවට වැඩි ආයුෂ තිබ්බෙ නෑ. ශුද්ධ ගණිතය උගන්වන සුජාතා මිස් පන්තියට ආවා. එතැන ඉඳලා දිගින් ඳිගටම ඇදිලා ගියේ පොතේ පතේ වැඩ තමයි.

“බෙකම්..”

ඉන්ටවල් එකේ බෙල් එක වැදුනා විතරයි මං පන්තියෙන් එළියට පැන්නා. මගේ පිටිපස්සෙන්ම මාධවයි, පැතුමුයිත් පැන ගත්තා.

“ඇයි..?”

“ටක් එකටද දුවන්නෙ..? උඹ උදේට කාලා ආවෙ නැද්ද..?”

“අද ටක් එක පැත්තෙ යන්න වෙලාවක් නෑ.. මේ වෙන ගමනක්..”

මාධවයි, පැතුමයි මූණින් මූණ බලාගෙන ඉන්දෙද්දි මං කොමර්ස් ක්ලාස් පැත්තට දුවගෙන ආවා. මට ඕන උනේ ඉන්ටවල් එකේදි ඉමාන් අන්තරස්දාන වෙන්න කලින් අල්ල ගන්න. ඉමාන්ගෙ පැටිකිරිය මං මීට කලිනුත් කියල තියෙනවනේ. ඌ තමයි අපේ මුළු ඉස්කෝලෙටම ඉන්න අති දක්ෂ ගායකයා වගේම වාදකයා කියලා. ගුණසිංහ සර්ගෙ හැම නාට්ටියකම සංගීත අධ්‍යක්ෂණයයි, ගායනයයි, උගේ. ඉස්කෝලෙ මොකක් හරි පොඩි උත්සවයක් තිබ්බා නම් බොක්ස් ගිටාර් එක අරගෙන සිංදුවක් කිව්වෙ ඉමාන් තමයි. දොළහ එෆ් පන්තියෙ දොරකඩින් මං එබෙනකොටම මගේ මූණටම හම්බවුණේ දිල්රංගි. එදා නාට්ටියෙන් පස්සෙ මං ඒකිව ඔය දැක්කමද කොහෙද..

“නවෝද්ට පාර වැරදිලද..?”

“ඇයි දිල්..?”

“මේ කොමර්ස් ක්ලාස් එක පැත්තෙ ඇවිත් තියෙන්නෙ..”

ඔලුව පැත්තකට ලතාවකට ඇල කරගෙන දිල්රංගි මගේ මූණ මැදටම එබුණා. ඒකිගෙ ඇස් දෙක ටීක් බෝල දෙකක් වගේ. මගේ පපුවත් එක්ක මොකක්දෝ වුණා.

“මං ආවෙ ඉමාන්ව බලන්න..”

“නැතුව ඉතිං අපිව බලන්න එන එකක්යෑ..”

“ඔයාව බලන්න ඇවිත් මට දහතුන වසරෙ එවුන් එක්ක මරාගන්න බෑනෙ දිල්..”

මගේ කතාවෙන් දිල්රංගිගෙ මූණ වෙනස් වුණා. ඒ කලුපාට ලොකු ඇහි පිහාටු කීප සැරයක්ම ළඟ ළඟ වේගෙන් සැලෙන්න ගත්තා.

“ඒ කතාව මොකක්ද නවෝද්..?”

කෙල්ල මට තවත් ළං වුණා. නියම ගැහැනු කමක හැඟීම් ඒ ළංවීමෙ තිබුණා. මට එකපාරටම මතක් වුනේ ඉන්කිව. ඒකිගෙත් රිවයින්ඩ් වැඩ නෑනෙ. එක්කො ප්ලේ, එහෙමත් නැත්නම් පාස්ට් ෆෝවර්ඩ් තමයි.

“ඔයා හොඳ ගෑණු ළමයෙක් දිල්.. ඒත් මට චතුරංගයා දිරවන්නෑ.. ඒකයි කතන්දරේ..”

බාස්කට් බෝල් ටීම් එකේ ලීඩර් වෙච්චි, චතුරංගගෙ නම මතක් කරා විතරයි කෙල්ල ගැස්සුනා.

“චතුරංග අයියගෙයි, මගෙයි මොකක්ද නවෝද්.. ඔයා හිතන විදියෙ දෙයක් නෑ..”

“මං ඕවා දන්නෑ දිල්.. මාත් දන්නෙ ඉස්කෝලෙ ළමයි කතාවෙන දේවල් තමයි..”

“එතකොට ඔයා මගෙත් එක්ක කතා නොකර ඉන්නෙ චතුරංග අයියා හින්දද..?”

“ඔව්.. හැබැයි ඒ මෑන්ට ඇති බයකට නම් නෙමෙයි.. ප්‍රශ්න දාගන්න බැරි හින්දා.. අනික මට මිනිහගෙ සමහර වැඩ දිරවන්නෙ නැති හින්දා..”

“නවෝද්..”

“ම්..”

“මට කියන්න පුළුවන්ද ඒ සමහර වැඩ මොනවද කියලා..”

ජාති ජාතිත් පතාගෙන ආපු තරහකාරයෙක් උනත් බෙකම් කවදාවත් පිරිමි පාර්ශවයක් පාවා දෙන්නෑ.. දිල්රංගි මොන තරම් හැඟීම්බර උනත් තත්වෙ ඒකයි.

“මං හිතන විදියෙ දෙයක් ඔයාලා අතරෙ නැත්නම්, චතුරංග ගැන හොයන්න ඔයාට උවමනාවක් නෑනෙ දිල්.. මොනව උනත් මං ඔයාට කැමතියි.. ඒක නවත්තන්න චතුරංගට බෑ.. කෝ අපේ සංගීත මාස්ටර් පන්තියෙ නැද්ද..?”

“නෑ නවෝද්.. ඉමාන් අද උදේ ඉඳලම නෑ.. ආ.. අර බලන්නකො..”

මගේ උරහිස උඩින් දිල්රංගිගෙ ඇස් දෙක පඩි පෙළ අවසාන වෙලා කොරිඩෝව පටන් ගන්න තැනට යොමුවුණා. මං හිටපුතැනම ඉඳලා හැරිලා බැලුවා. ගිනි විජ්ජුම්බර දෙකයි. කොරිඩෝව පටන්ගන්න තැන හිටියෙ පැතුමයි, මාධවයයි, ඇම්ඩයි, බී එකේ බලයයි. දැන් ඉතිං මුං අහන දේවල් වලට කොහෙන් උත්තර දෙන්නද මංදා.

“බෙකම්.. මාලුපාන් කෑල්ලක්වත් නොකා පණ දාගෙන දුවගෙන ආවෙ, මේ කිරි හට්ටිය දකින්නද..? ආ..?”

“ඕං අද තමයි අපේ බෙකම්ගෙ ආදරේ අතටම අහුවුණේ.. බලහල්කො ඉතිං.. මෙච්චර දිවෙන් දිව ගාගෙන හිටියත් මේකා මේ ලෝක සංසාරයක් අපිට කිව්වෙ නැති හැටි..”

“ඕක තමයි පැතුමා.. එකට කෑවත් උණ්ඩුක පුච්චෙ වෙනස් කියන්නෙ..”

“මේ පිස්සු කියවන්නෙ නැතුව හිටපියව්.. මං ආවෙ ඉමාන්ව බලන්න..”

තවත් බලන් හිටියොත් මුං ටික මාව බයිට් එකට විතරක් නෙමෙයි ඩයට් එකටත් ගන්නවා.. ඒක හින්දා ඉක්මන් වෙන තරමට කෝකටත් ගුණදායකයි.

“ඉමාන් කොහෙද මෙහේ.. ඌ අන්න සංගීත සර්ගෙ කාමරේ.. ආ බෝනික්කියෙ..?”

කතාවෙ මුල් ටික මට කියලා බලයා දිලරංගි දිහාට හැරුණා.

“එදා නාට්ටියෙදි සුද්දගෙන් බේරගත්තු එකට දැන් හෙලවිරුවගෙන් බේරෙන්න බැරිවෙලාද..?”

නාට්ටියෙ කතන්දරේ මතක් කරද්දි දිල්රංගිටත් ලස්සන හිනාවක් ගියා. බලයා ඒ හිනාව දිහා බලන් හිටියෙ වශී වෙලා වගේ.

“හෙලවිරුවගෙන් නම් ප්‍රශ්නයක් නෑ.. ඒත් ඕගොල්ලගෙන් නම් බේරුමක් නෑ වගේ..”

දිල්රංගිගෙ කතාවට කවුරුවත් මෙලෝ දෙයක් කිව්වෙ නෑ.. අපි හැමෝම ආපහු එන්න හැරිල තියෙද්දි බලයා ආපහු දිල්රංගි දිහාට හැරුණා.

“අපෙන් බේරුමක් තියෙනවා දිල්.. ඒත් අර බාස්කට් බෝල් කාරයගෙන් බේරිලා ඉන්න.. මොකද බෙකම් වගේම අපිත් ඔයාට කැමතියි.. තේරුණාද..?”

කතා කරන්න බැරිව වගේ දිල්රංගි බලාගෙන ඉද්දි අපි කට්ටිය පඩිපෙළ බැහැලා බාස්කට් බෝල් කෝට් එක දිහාට ආවා. එතන ඉඳලා නිකමට වගේ තට්ටු දෙකේ හෝල් එකේ උඩ තට්ටුව දිහා බලද්දි, දිල්රංගි කොට තාප්පෙට හේත්තු වෙලා අපි දිහා බලන් ඉන්නවා මං දැක්කා.

“උඹ මොකටද ඉමාන්ව හෙව්වෙ..?”

“පොඩි වැඩකට..”

“මොකක්ද වැඩේ..?”

“පොතක් අරන් වරෙන් ලියලා දෙන්න..”

මං මාධවගෙ මූණටම කිව්වා. උගේ මූණ බලන් ඉද්දිම අවුල් වෙලා ගියා. ඒ එක්කම තමයි පැතුමා කට ඇරියෙ.

“අඩෝ බෙකම්.. පපුව හෑරෙන කතා කියන්නෙපා ඩෝ.. දැන් ඉන්ටෝල් එකත් ඉවරවෙන්න ළඟටයි.. උඹ දන්නවද බඩේ පනුවො දස අතේ බල්ටි ගහනවා.. උං ස්විමින් කරද්දි තමයි අපි උඹව සොයා ආවෙ.. අම්මපා.. නිරෝමිගෙලන්ච් බොක්ස් එකේ ජෑම් ගාලා පාන් තිබුණා. නෙලුනිගෙ එකේ ඇන්කර් බටර් ගාපු පාන් තිබුණා. ඒ ඔක්කොම මගෑරලා උඹ සොයා ආවෙ.. දැනගනිං.. මංක වදාවත් පාන් පෙත්තක, එක පැත්තක ජෑම් ගාලා, අනෙක් පැත්තෙ ඇන්කර් බටර් ගාලා කාලා නෑ.. උඹ ඒකත් නැතිකරා.. මං යනවා බං..”

තත්පරේට දෙකට ඒ ටික කියපු පැතුම් බාස්කට් බෝල් කෝට් එකෙන් පන්තිය දිහාට හැරුණා. මං ඌ පස්සෙ යන්න ගියත් ඇම්ඩා මගේ අතින් අල්ල ගත්තා.

“ප්‍රශ්නයක්ද බෙකම්..?”

“පැතුමා යනවා..”

“ඌ ගියාවෙ.. මං අහපු දේට උත්තර දීපන්කො..”

“නෑ නාලක.. මගේ හිතේ ලොකු වැඩක් තියෙනවා.. ඒකටයි ඉමාන්ව හම්බවෙන්න ගියේ..”

“අපි ගාව ගන්න බැරි දෙයක්ද..?”

“ඇයි නාලක උඹ එහෙම අහන්නෙ..? උඹල නැතුව මං මොනව කරන්නද..? උඹලගෙ සහයෝගය මට මේ වැඩේට ඕනෙමයි.. උඹලා වගේ හිත හොඳ යාලුවො ටිකක් නැතුව මං හුස්ම ගන්නෙවත් කොහොමද..?”

“ආයෙ ටක් එකට යන්න ඕන නෑ.. උඹේ වචන ටික ඇති බඩ පිරෙන්න.. අපෙන් කෙරෙන්න ඒන මොනවද කියහං.. උඹ වෙනුවෙන් නොකරන දෙයක් අපි ළඟ නෑ..”

“ඔව් බෙකම්.. තව අවුරුද්දකින් මේ හැමදේම දාලා විසිරිලා යන්න අපිට සිද්ධ වෙනවා.. මුළු ජීවිත කාලයටම මතක් කර කර සන්තෝස වෙන්න හරි අඬන්න හරි ඉතුරු වෙන්නෙ මේ ඉස්කෝලෙ කාලෙ ලස්සන මතක කන්දරාව විතරයි..”

මාධව ඉඳලා ඉඳලා කිව්වෙ ටිකක් හැඟීම්බර කතාවක්.. ඒක පපුවෙ මොකක්දෝ නොදන්නා ඉසව්වක් ආමන්ත්‍රණය කරා කියලා මට තේරුණා. ඒක හරියට කියාගන්න බැරි දුකක හෙවනැල්ලක් වගේ.

“අපි ඈත්වෙන එක්ක නෑ බං.. අපිට එහෙම වෙන්නෑ..”

බලයා ඒ ටික කියද්දි ඇම්ඩා මං දිහා බලන් හිටියෙ ඌ කියපු දේවල් වලට මොනවා හරි කියයි කියලා වගේ. ඒ එක්කම තමයි ඉන්ටවල් එක ඉවරවෙන බෙල් එක වැදුනෙ.

“නාලක.. අද හවස මම ප්‍රැක්ටිස්.. හෙට කලුතර එක්ක මැච් එකනේ.. උඹ කොල්ලො ටිකත් එක්ක ග්‍රවුන්ඩ් එකට වරෙන්.. මං එතකොට කතන්දරේ කියන්නම්..”

“එතකොට ඉමාන්..?”

“ඌ අනිවා ඉන්න ඕන..”

ඉන්ටවල් එකෙන් පස්සෙ මං කෙලින්ම ගියේ සෝමතිලක සර් හම්බවෙන්න.. උදේ ඉස්කෝලෙ පටන් ගන්නකොටම සර් මට පණිවිඩයක් එවලා තිබුණා ඉන්ටවල් එකෙන් පස්සෙ හම්බවෙන්න කියලා..

“නවෝද්.. හවස ෆුල් ප්‍රැක්ටිස් කියලා ටීම් එකේ හැමෝටම පණිවිඩේ යැව්වද..?”

මාව දැකපු ගමන් සර්ට මතක් වුණේ ප්‍රැක්ටිස්. ඒත් ටිකක් වෙලා යනකල් සෝමතිලක සර් කතා කලේ නෑ.

“හැමෝටම යැව්වා සර්..”

“නවෝද්..”

සෝමතිලක සර්, වාඩිවෙලා හිටපු තැනින් නැගිටලා මගේ ළඟට ආවා. ඇවිත් ස්පෝර්ට් රූම් එකෙන් එළියට එන ගමන් මාව නතර කරගත්තා.

“මැචස් තුන හතරකට කලින් ගහපු, රාහුලෙත් එක්ක මැච් එකේ සිද්ධිය ගැන නවෝද් මොකද හිතන්නෙ..?”

ඔය කියන්නෙ රාහුලෙත් එක්ක මැච් එකේදි පෙත්තාවඩු මගේ ඈන්කල් එකට ගහපු එක ගැනනේ.

“ඒක එතනින් ඉවරනේ සර්..”

“නෑ නවෝද්.. ඒක එතනින් ඉවර නෑ..”

“ඇයි සර්..?”

“අපි ඒකට පෙත්තාවඩුට දඬුවම් කරානේ.. ඒකට මූලිකවම මැදිහත් උනේ මායි, විනය සර්රුයි.. නමුත් පෙත්තාවඩුගෙ තාත්තා කියන්නෙ, ඒක ක්‍රීඩා කිරීමේදී වෙච්ච අත්වැරදීමක්. තමන්ගෙ දරුවගෙන් පළිගන්න මේ දේ සිද්ධ කරා කියලා.”

“මොන අත්වැරදීමක්ද සර්.. පෙත්තාවඩු හිතලමයි මට ගැහුවෙ.. ඒක එදා මැච් එක බලපු හැමෝම දන්නවනේ..”

“ඒක තමයි දරුවො.. කොහොම උනත් ඔයා ටිකක් පරිස්සම් වෙන්න.. ඔයාගෙ ජනප්රියකටම, ඔයාගෙ දක්ෂතාවයට අකමැති අයට ඔයාව හිසරදයක් වෙලා තියෙනවා කියලා නම් පේනවා..”

සෝමතිලක සර් ඒ ටික නම් කිව්වෙ සැහැල්ලුවට නෙමෙයි. මගේ හිතටත් අමුත්තක් දැනෙන්න ගත්තා.

“දැන් අපි මොකද කරන්නෙ සර්..?”

“කිසි ප්‍රශ්නයක් නෑ.. ඔයා ඔය කරගෙන ආවා වගේ දිගටම ප්‍රැක්ටිස් කරලා මැචස් ගහන්න..”

මැචස් ගහන්න කියල කියපු කතාවෙ, අර කලින් දැනුණ අමුත්ත දෙගුණ වෙලා මට දැනුණා.

“කිසි ප්‍රශ්නයක් නෑ කියලා කිව්වට.. මට පේන විදියට නම් සර්ට මොකක් හරි ප්‍රශ්නයක් නේද..?”

මං අහපු දෙයින් සෝමතිලක සර් එක පාරටම මං දිහා බැලුවා. සර්ට සමහර විට හිතාගන්න බැරිව ඇති මං කොහොමද ඒක අනුමාන කලේ කියලා.

“එහෙම මුකුත් නෑ නවෝද්..”

“නැත්තෙ නෑ සර්.. මට ආපු ප්‍රශ්න මං සර් එක්ක බෙදා ගන්නෙකේ.. සර්ට ප්‍රශ්නයක් ආපු වෙලාවක ඇයි මට නොකියන්නෙ..? පුංචිම පුංචි දෙයක් හරි මට කරන්න පුළුවන්කම ඇතිනේ.. මායි මගේ කොල්ලො ටිකයි ඉන්නවනේ සර්..”

“මටයි, විනය සර්ටයි අමාත්‍යංශයෙන් එන්න කියලා ලියුමක් එවලා.. මං හිතනවා ඒක මේ පෙත්තාවඩුගෙ කතන්දරේට සම්බන්ධයි කියලා..”

“ලියුමක් එවලා..?”

“ඔව් නවෝද්.. මං හිතන විදියට විනය පරීක්ෂණයකට තමයි..”

“ඒ මොකටද සර්..?”

“කවුරු හරි පෙත්සම් වගයක් යවලා පුතා.. ඒත් මායි ජයසූරිය සර්රුයි ඕව ගණන් ගන්නෑ.. ඔය විනය පරීක්ෂණ වලට කරන්න පුලුවන් කෙංගෙඩියක් නෑ.. ඕවා තියන තරමට අපි කැමතියි..”

“මං හින්දා සර්ටත් ප්‍රශ්න..”

“නෑ පුතා.. ඔයාගෙ තැනට වෙන ළමයෙක් දැම්මා උනත්, පෙත්තාවඩුට චාන්ස් එක දෙනකන් එයාලා, ක්‍රීඩාව නතර කරන්නෑ.. ඔයාට පෙන්නන්න තියෙන එකම දේ අපි කරපු තේරීම ඉතා නිවැරදියි කියන එක.. ඒ වගේ හයිකාරයොත් එක්ක හැප්පෙන්න තියෙන හොඳම විදිය ඒකයි.. මං ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නෙත් ඒ දේ විතරයි.. තේරුණාද..?”

මං ඔලුව වැනුවා.. සෝමතිලක සර් ගැන මගේ හිතට ආවෙ මහා විශාල භක්තියක්.. මේ වගේ උත්තමයො තමයි ගුරු දෙවිවරු කියන්නෙ..

“නවෝද් මැච් එකෙන් පස්සෙ සෙනසුරාදට ප්‍රැක්ටිස් දාගන්න බලන්න..”

සෝමතිලක සර් වෙනමම කතාවකට එන්ටර් උනහම මගේ ඔලුව අවුල් උනා. සෙනසුරාදා ප්‍රැක්ටිස් කරලා කොහොමද හත්තිලව්වෙ.. එදාටනේ සමින්දි අක්කා ගම හරහා තරඟෙ දුවන්නෙ..

“සර් සෙනසුරාදා ක්ලාස්.. අපි ඉරිදා දාගමු..”

මං එහෙම කියද්දි සෝමතිලක සර් පුංචි හිනාවක් දාලා ගියා. මං මොකක් හරි මගෝඩි වැඩක් කරන්න සෙනසුරාදට දාගෙන ඇති කියලා සර්ට තේරුණා.. ඒක ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ..

[QUOTE="crazybuddy, post: 13787412, member: 326070"] [COLOR=Blue][SIZE=3]පන්තියෙ කෙල්ලොත් ඉස්සරහ මාධව කියපු කතාවෙන් පැතුමගෙ සියලු කලර්ස් හේදිලා ගියා. ඌ වටපිට බැලුවෙ හැංගෙන්න මීගුලක් හරි තියෙනවද කියලා හොයන්න වගේ. කෙල්ලො ටිකත් හිකි හිකි ගගා හිනාවෙනවා.[/SIZE] [SIZE=3] “නෑ.. නෑ.. උඹ ඔය තරම් අවුල්වෙන්න ඕන නෑ.. උඹට මතක නැද්ද උඹේ ඔය මහා ලොකු පද්ධතිය තනිරූල් කොලේක ඇඳලා, සේනාරන්ත මිස්ගෙ සාරිපොටේ එල්ලුවෙ.. අපි දහය වසරෙදි විතර..”[/SIZE] [SIZE=3] මාධවයා මතක් කරහමයි අපිටත් ඒ ඇඟ කිලිපොලා යන ආටක නනාටකේ මතක් වුනේ. ඇත්තමයි ඒකන ම් මතක්වෙන මතක්වෙන පාරට හිනා යනවා. දහයෙදි විධයාවට අපේ පංතියට අලුතින් ආව සේනාරන්ත මිස්. එච්චරම අවුලක් තියෙන කෙනෙක් නෙමෙයි. හැබැයි උගන්වන්න ගියාම මෙලෝ සිහියක් පතක් නැතුව උගන්නනවා. පංතියෙ එවුන්ට තේරෙනවද නැද්ද ආයෙ මොකවත් නෑ. කොහොමින් කොහොම හරි මාසයක් විතර යද්දි අපේ එවුන්ට සේනාරත්න මිස් වාතයක් වෙලයි හිටියෙ. ඒ වෙනකොටත් අපි ඉතාම ආසාවෙන් ඉඳපු පාඩම තමයි මිස් පටන් අරගෙන හිටියෙ. පැතුමයි, මමයි, හය වසරෙදි ඉඳන් බලන් හිටියෙ කොයි වෙලාවෙද දහය වසරට එන්නෙ කියලා මේ ආතල් පාඩම ඉගෙන ගන්න. සර්ලා මිස්ලා මේක අපිට කොහොම උගන්වයිද කියලා බලන්නත් අපි දතකට මැදගෙන හිටියා. පාඩම තමයි මිනිසාගේ ප්‍රජනන පද්ධතිය. දැන් නම් ඒක ඇහෙනකොටත් හිනායනවා. ඇයි අප්පේ ඒකට කොල්ලො නම් විතරක් නම් කීයක් දාලා තියෙනවද.. ප්‍රජනන පද්ධතිය ඕවා දන්නවා නම් වහ ඩිංගක් කාලා ෆැන්ටා එකක් බොනවා.. මොනවා උනත් කොල්ලන්ගෙ අපබ්‍රංස ප්‍රශ්න වලට උත්තර දෙන ගමන් සේනාරත්න මිස් පාඩම නිරුපද්‍රිතව කරගෙන ගියා. සමහර වෙලාවට මිස්ට දාඩියත් දාලා. ඇයි ඉතිං පැතුමා අහන්නෙ අධිකරණ වෛද්‍ය විශේෂඥයෙක් අහන හරස් පුරස්නනේ. දවසක් සේනාරත්න මිස් පාඩම කරන් යද්දි පැතුම් විද්‍යා පොතේ අන්තිම පිටුවට පිටු දහයකට විතර මෙහායින් මොකක්දෝ අඳන්න ගත්තා. පිටු දහයකට මෙහායින් අඳින්න ගත්තෙ, ඉතුරු අග පිටු නමේම ඌ සිංදු කෑලියි, රටේ නැති කතන්දරයි ලියලා.[/SIZE] [SIZE=3] “බෙකම් මේන්..”[/SIZE] [SIZE=3] ඇඳලා ඉවරවො ඌ මට රූපෙ පෙන්නුවා.. අමාරුවෙන් හරි ඌ ඇඳලා තිබ්බෙ පුරුෂ ලිංග පද්ධතිය.[/SIZE] [SIZE=3] “ඕක මොකටද බං..?”[/SIZE] [SIZE=3] “බලපංකො කරන වැඩේ..”[/SIZE] [SIZE=3] පැතුමා කොහොම හරි ඒ වෙනකොට කෙල්ලෙක්ගෙන් ආය කට්ටක් ඉල්ලගෙනත් තිබුණා. කතා කරගෙන තිබ්බ විදියට මාධවයා මිස්ගෙන් ප්‍රශ්නයක් අහද්දි, මිස් ඌයි, පැතුමයි ළඟට ආවා. ප්‍රශ්නෙට උත්තරේ සේනාරත්න මිස් කියලා දෙද්දි පැතුමා ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා මිස්ගෙ සාරිපොටේ ඌ ඇඳපු සමස්ත ලංකා චිත්‍ර ප්‍රදර්ශනෙන් පළවෙනි තැන ග්තතු තනිරූල් කොලේ ආට් එක එල්ලුවා. දැන් ටීචර් එකත් එල්ලගෙන එහාට යනවා. මෙහාට යනවා. මුලින් හෙමින් හෙමින් හිනාවචේචි පංතියෙ කොල්ලො කෙල්ලො ටික බක බක ගාලා හිනාවෙන්න ගත්තා අන්තිමට.[/SIZE] [SIZE=3] “මොකද ඔය ළමයි හිනාවෙන්නෙ..?”[/SIZE] [SIZE=3] එහෙම ඇහුවත් කවුරුවත් කියන්නෙ නෑ. සේනාරත්න මිස්ට දැන් මාර අප්සට්. නිකං ඇඬෙන්නත් වගේ. බැරිම තැන මිස් පන්තියෙන් එළියට ගියා. පීරියඩ් එක ඉවරවෙන්නත් කලින් එතන ඉඳලා වෙච්චි දේවල් අපිට ටිකක් පහුවෙලා තමයි ආරංචි උනේ. පංතියෙන් එළියට ගියත් දකින දකින ළමයා හිනාවෙනවලු සේනාරත්න මිස්ට. දැන් මේක ඉවසගන්න බැරිව, ස්ටාෆ් රූම් එකට ගිහින් වෙන මිස් කෙනෙක්ව හම්බවුනාලු.[/SIZE] [SIZE=3] “බලන්නකො අනේ.. මේ ළමයින්ට අද මොනවා වෙලාද මංදා.. මාව දකින දකින ළමයා මට හිනාවෙනවනේ.. ඇත්තමයි මට පිස්සු වගේ..”[/SIZE] [SIZE=3] දැන් මේ කතන්දරේ අහපු මිසුත් නැගිටලා, සේනාරත්න මිස් වටේ කරකැවිලා අතින් කට වහගෙන හිනාවෙනවලු.[/SIZE] [SIZE=3] “මේ බලන්න ඔයාගෙ සාරිය එල්ලලා තියෙන එක.. ළමයි හිනානොවී කොහොම ඉන්නද..?”[/SIZE] [SIZE=3] හප්පට සිරි.. කාලා වරෙන්කො.. සේනාරත්න මිස්ට මේ ආට්වර්ක් එක දැක්කා විතරයි නප්පියයි, තව නප්පි බාගෙකුයි එහාට යන්න තද උනා. මොන තරම් ලැජ්ජාවක්ද..? මොන තරම් නව නිංගිරාවක්ද..? සේනාරත්න මිස් කෙරුවෙ, සාරි පොටේ, පැතුමගෙ ආට් එක තියාගෙනම ප්‍රින්සිපල් සර් ළඟට ගියපු එක.[/SIZE] [SIZE=3] “බලන්න සර්.. මේ ඉස්කෝලෙ ළමයින්ගෙ වැඩ.. දන්නෙ නැතුව මං ඉස්කෝලෙ හැම තැනම ඇවිද්දා..”[/SIZE] [SIZE=3] සේනාරත්න මිස් පිනා සර්ට කියන්නෙ තරහ උතුරන ගමන්ලු. පිනා සර් තත්පර තුන හතරක් ඉඳලා, පැතුමගෙ ආට් එක ගලවලා අතට ගත්තලු. ඒක දැකපු ගමන් පිනා සර්ට අපූරු හිනාවක් ආවලු.[/SIZE] [SIZE=3] “සේනාරත්න මිස්.. මේක කොච්චර වෙලා එල්ලන් හිටියද..?”[/SIZE] [SIZE=3] පිනා සර් ප්‍රශ්නෙ අහපුවාම, සේනාරත්න මිස්ට මාර සැටිස්ලු.. ඇයි ඉතිං මේක එල්ලපු එකාට පන්ති තහනමක් කියලනේ මිස් හිතල තියෙන්නෙ. වැඩේ එකෙන්ම ගොඩ.[/SIZE] [SIZE=3] “ම්.. මං හිතන්නෙ පැය භාගයක් විතර..”[/SIZE] [SIZE=3] “අනේ සේනාරත්න මිස්.. ඔයා ඔය ඕක පැය භාගයක් එල්ලගෙන ඉඳලා.. අපි අපේ මුළු ජීවිත කාලෙම ඕක එල්ලගෙන ඉන්නෙ..”[/SIZE] [SIZE=3] පිනා සර්ගෙ කතාවට සේනාරත්න මිස්ට ඇඩ්රස් නැති උනාලු. කොල්ලො අතින් දාලද, හදලද මංදා කතාව නම් එහෙම තමයි.. අපි නම් කතාවට තාමත් හිනාවෙනවා.[/SIZE] [SIZE=3] “හා.. හා.. මට තාම මතකයි.. මට මතකයි..[/SIZE] [SIZE=3] දම් පාට මල්.. මට තාම මතකයි.. හ්ම්.. ම්.. ම්..” පැතුම් ඒපාර උගේ සුපුරුදු බෙලෙක් කට හඬට පණ පෙව්වා. ඌට කතන්දරේ අමතක වෙන්න විදියක් නෑනෙ.. ඌනේ ඒ මහා ජාතක කතා වස්තුවෙ නිර්මාතෘවරයා.[/SIZE] [SIZE=3] “උඹට මතක් උනාට කමක් නෑ.. උඹල කොරිඩෝ එකේදි හිනාවුනේ ඇයි..?”[/SIZE] [SIZE=3] “ආ.. ඒ ඇම්ඩගෙ කතාවකට..”[/SIZE] [SIZE=3] “මොකක්ද අනේ ඒ කතාව..?”[/SIZE] [SIZE=3] මෙච්චර වො මුල්ලක් අල්ලගෙන හිටපු නිරෝමි ඉස්සරහට ආවා. බලන් ගියහම නිරෝමිත් පැතුම්ගෙ කතාවලට ඉන්ටෙරස්ට් වගේ.[/SIZE] [SIZE=3] “ඇම්ඩා කියනවා.. කොල්ලෙක් ඉන්නවලු.. ඌ ඉස්කෝලෙ යන්නම බෑ කියලා එක ලතෝනියයිලු..”[/SIZE] [SIZE=3] “ඇයි පැතුමා ඌ ලතෝනි ගහන්නෙ..?”[/SIZE] [SIZE=3] “අවුරුදු ගාණක් එකම ඉස්කෝලෙ ඉඳලා එපාවෙලාලු.. ඌ උගේ අම්මත්තෙක්ක කියලා ඉකි ගඟහා බං අඬලා තියෙන්නෙ..”[/SIZE] [SIZE=3] “මොකක්..?”[/SIZE] [SIZE=3] “ඔව්බං.. ඉස්කෝලෙ කොල්ලො බනිනවලු, හින්ට් ගහනවලු.. කොලොප්පන් කරනවලු.. වැඩිය ඕන්නෑ කල්හාරයා..! ටීචර්ස්ලා හිටන් මේ කොල්ලව ගණන් ගන්නෑලු..”[/SIZE] [SIZE=3] “වැඩේ හරි පව් නේද පැතුමා.. කවුද බං ඔය අවාසනාවන්ත කොල්ලා..?”[/SIZE] [SIZE=3] “ආ.. පැතුමා ඔය වහුකුණා අපේ මැත්ස් ක්ලාස් වල එකෙක්ද..? නැත්නම් දහය වසරෙ එකෙක්ද..?”[/SIZE] [SIZE=3] “ෂුවර් එකටම දෙපාරක් ෆේල් වේචචි එකෙක් වෙන්නැති.. පව් බං.. කවුද ඔය හිඟන්නා..?”[/SIZE] [SIZE=3] “කවුරුත් නෙමෙයි බං අපේ ප්‍රින්සිපල්..”[/SIZE] [SIZE=3] පැතුම්ගෙ කතාවට හිනාවෙන්න ඕනෙද අඬන්න ඕනෙද කියලා මට හිතාගන්න බැරිවුණා. බලන් ගියහම මූත් එකයි ඇම්ඩත් එකයි. දෙන්නම තකට තක. පන්තියෙ කොල්ලො කෙල්ලො ටික පැතුමව වට කරගෙන හිනාවෙනවා. ඒත් ඒ හිනාවට වැඩි ආයුෂ තිබ්බෙ නෑ. ශුද්ධ ගණිතය උගන්වන සුජාතා මිස් පන්තියට ආවා. එතැන ඉඳලා දිගින් ඳිගටම ඇදිලා ගියේ පොතේ පතේ වැඩ තමයි.[/SIZE] [SIZE=3] “බෙකම්..”[/SIZE] [SIZE=3] ඉන්ටවල් එකේ බෙල් එක වැදුනා විතරයි මං පන්තියෙන් එළියට පැන්නා. මගේ පිටිපස්සෙන්ම මාධවයි, පැතුමුයිත් පැන ගත්තා.[/SIZE] [SIZE=3] “ඇයි..?”[/SIZE] [SIZE=3] “ටක් එකටද දුවන්නෙ..? උඹ උදේට කාලා ආවෙ නැද්ද..?”[/SIZE] [SIZE=3] “අද ටක් එක පැත්තෙ යන්න වෙලාවක් නෑ.. මේ වෙන ගමනක්..”[/SIZE] [SIZE=3] මාධවයි, පැතුමයි මූණින් මූණ බලාගෙන ඉන්දෙද්දි මං කොමර්ස් ක්ලාස් පැත්තට දුවගෙන ආවා. මට ඕන උනේ ඉන්ටවල් එකේදි ඉමාන් අන්තරස්දාන වෙන්න කලින් අල්ල ගන්න. ඉමාන්ගෙ පැටිකිරිය මං මීට කලිනුත් කියල තියෙනවනේ. ඌ තමයි අපේ මුළු ඉස්කෝලෙටම ඉන්න අති දක්ෂ ගායකයා වගේම වාදකයා කියලා. ගුණසිංහ සර්ගෙ හැම නාට්ටියකම සංගීත අධ්‍යක්ෂණයයි, ගායනයයි, උගේ. ඉස්කෝලෙ මොකක් හරි පොඩි උත්සවයක් තිබ්බා නම් බොක්ස් ගිටාර් එක අරගෙන සිංදුවක් කිව්වෙ ඉමාන් තමයි. දොළහ එෆ් පන්තියෙ දොරකඩින් මං එබෙනකොටම මගේ මූණටම හම්බවුණේ දිල්රංගි. එදා නාට්ටියෙන් පස්සෙ මං ඒකිව ඔය දැක්කමද කොහෙද..[/SIZE] [SIZE=3] “නවෝද්ට පාර වැරදිලද..?”[/SIZE] [SIZE=3] “ඇයි දිල්..?”[/SIZE] [SIZE=3] “මේ කොමර්ස් ක්ලාස් එක පැත්තෙ ඇවිත් තියෙන්නෙ..”[/SIZE] [SIZE=3] ඔලුව පැත්තකට ලතාවකට ඇල කරගෙන දිල්රංගි මගේ මූණ මැදටම එබුණා. ඒකිගෙ ඇස් දෙක ටීක් බෝල දෙකක් වගේ. මගේ පපුවත් එක්ක මොකක්දෝ වුණා.[/SIZE] [SIZE=3] “මං ආවෙ ඉමාන්ව බලන්න..”[/SIZE] [SIZE=3] “නැතුව ඉතිං අපිව බලන්න එන එකක්යෑ..”[/SIZE] [SIZE=3] “ඔයාව බලන්න ඇවිත් මට දහතුන වසරෙ එවුන් එක්ක මරාගන්න බෑනෙ දිල්..”[/SIZE] [SIZE=3] මගේ කතාවෙන් දිල්රංගිගෙ මූණ වෙනස් වුණා. ඒ කලුපාට ලොකු ඇහි පිහාටු කීප සැරයක්ම ළඟ ළඟ වේගෙන් සැලෙන්න ගත්තා.[/SIZE] [SIZE=3] “ඒ කතාව මොකක්ද නවෝද්..?”[/SIZE] [SIZE=3] කෙල්ල මට තවත් ළං වුණා. නියම ගැහැනු කමක හැඟීම් ඒ ළංවීමෙ තිබුණා. මට එකපාරටම මතක් වුනේ ඉන්කිව. ඒකිගෙත් රිවයින්ඩ් වැඩ නෑනෙ. එක්කො ප්ලේ, එහෙමත් නැත්නම් පාස්ට් ෆෝවර්ඩ් තමයි.[/SIZE] [SIZE=3] “ඔයා හොඳ ගෑණු ළමයෙක් දිල්.. ඒත් මට චතුරංගයා දිරවන්නෑ.. ඒකයි කතන්දරේ..”[/SIZE] [SIZE=3] බාස්කට් බෝල් ටීම් එකේ ලීඩර් වෙච්චි, චතුරංගගෙ නම මතක් කරා විතරයි කෙල්ල ගැස්සුනා.[/SIZE] [SIZE=3] “චතුරංග අයියගෙයි, මගෙයි මොකක්ද නවෝද්.. ඔයා හිතන විදියෙ දෙයක් නෑ..”[/SIZE] [SIZE=3] “මං ඕවා දන්නෑ දිල්.. මාත් දන්නෙ ඉස්කෝලෙ ළමයි කතාවෙන දේවල් තමයි..”[/SIZE] [SIZE=3] “එතකොට ඔයා මගෙත් එක්ක කතා නොකර ඉන්නෙ චතුරංග අයියා හින්දද..?”[/SIZE] [SIZE=3] “ඔව්.. හැබැයි ඒ මෑන්ට ඇති බයකට නම් නෙමෙයි.. ප්‍රශ්න දාගන්න බැරි හින්දා.. අනික මට මිනිහගෙ සමහර වැඩ දිරවන්නෙ නැති හින්දා..”[/SIZE] [SIZE=3] “නවෝද්..”[/SIZE] [SIZE=3] “ම්..”[/SIZE] [SIZE=3] “මට කියන්න පුළුවන්ද ඒ සමහර වැඩ මොනවද කියලා..”[/SIZE] [SIZE=3] ජාති ජාතිත් පතාගෙන ආපු තරහකාරයෙක් උනත් බෙකම් කවදාවත් පිරිමි පාර්ශවයක් පාවා දෙන්නෑ.. දිල්රංගි මොන තරම් හැඟීම්බර උනත් තත්වෙ ඒකයි.[/SIZE] [SIZE=3] “මං හිතන විදියෙ දෙයක් ඔයාලා අතරෙ නැත්නම්, චතුරංග ගැන හොයන්න ඔයාට උවමනාවක් නෑනෙ දිල්.. මොනව උනත් මං ඔයාට කැමතියි.. ඒක නවත්තන්න චතුරංගට බෑ.. කෝ අපේ සංගීත මාස්ටර් පන්තියෙ නැද්ද..?”[/SIZE] [SIZE=3] “නෑ නවෝද්.. ඉමාන් අද උදේ ඉඳලම නෑ.. ආ.. අර බලන්නකො..”[/SIZE] [SIZE=3] මගේ උරහිස උඩින් දිල්රංගිගෙ ඇස් දෙක පඩි පෙළ අවසාන වෙලා කොරිඩෝව පටන් ගන්න තැනට යොමුවුණා. මං හිටපුතැනම ඉඳලා හැරිලා බැලුවා. ගිනි විජ්ජුම්බර දෙකයි. කොරිඩෝව පටන්ගන්න තැන හිටියෙ පැතුමයි, මාධවයයි, ඇම්ඩයි, බී එකේ බලයයි. දැන් ඉතිං මුං අහන දේවල් වලට කොහෙන් උත්තර දෙන්නද මංදා.[/SIZE] [SIZE=3] “බෙකම්.. මාලුපාන් කෑල්ලක්වත් නොකා පණ දාගෙන දුවගෙන ආවෙ, මේ කිරි හට්ටිය දකින්නද..? ආ..?”[/SIZE] [SIZE=3] “ඕං අද තමයි අපේ බෙකම්ගෙ ආදරේ අතටම අහුවුණේ.. බලහල්කො ඉතිං.. මෙච්චර දිවෙන් දිව ගාගෙන හිටියත් මේකා මේ ලෝක සංසාරයක් අපිට කිව්වෙ නැති හැටි..”[/SIZE] [SIZE=3] “ඕක තමයි පැතුමා.. එකට කෑවත් උණ්ඩුක පුච්චෙ වෙනස් කියන්නෙ..”[/SIZE] [SIZE=3] “මේ පිස්සු කියවන්නෙ නැතුව හිටපියව්.. මං ආවෙ ඉමාන්ව බලන්න..”[/SIZE] [SIZE=3] තවත් බලන් හිටියොත් මුං ටික මාව බයිට් එකට විතරක් නෙමෙයි ඩයට් එකටත් ගන්නවා.. ඒක හින්දා ඉක්මන් වෙන තරමට කෝකටත් ගුණදායකයි.[/SIZE] [SIZE=3] “ඉමාන් කොහෙද මෙහේ.. ඌ අන්න සංගීත සර්ගෙ කාමරේ.. ආ බෝනික්කියෙ..?”[/SIZE] [SIZE=3] කතාවෙ මුල් ටික මට කියලා බලයා දිලරංගි දිහාට හැරුණා.[/SIZE] [SIZE=3] “එදා නාට්ටියෙදි සුද්දගෙන් බේරගත්තු එකට දැන් හෙලවිරුවගෙන් බේරෙන්න බැරිවෙලාද..?”[/SIZE] [SIZE=3] නාට්ටියෙ කතන්දරේ මතක් කරද්දි දිල්රංගිටත් ලස්සන හිනාවක් ගියා. බලයා ඒ හිනාව දිහා බලන් හිටියෙ වශී වෙලා වගේ.[/SIZE] [SIZE=3] “හෙලවිරුවගෙන් නම් ප්‍රශ්නයක් නෑ.. ඒත් ඕගොල්ලගෙන් නම් බේරුමක් නෑ වගේ..”[/SIZE] [SIZE=3] දිල්රංගිගෙ කතාවට කවුරුවත් මෙලෝ දෙයක් කිව්වෙ නෑ.. අපි හැමෝම ආපහු එන්න හැරිල තියෙද්දි බලයා ආපහු දිල්රංගි දිහාට හැරුණා.[/SIZE] [SIZE=3] “අපෙන් බේරුමක් තියෙනවා දිල්.. ඒත් අර බාස්කට් බෝල් කාරයගෙන් බේරිලා ඉන්න.. මොකද බෙකම් වගේම අපිත් ඔයාට කැමතියි.. තේරුණාද..?”[/SIZE] [SIZE=3] කතා කරන්න බැරිව වගේ දිල්රංගි බලාගෙන ඉද්දි අපි කට්ටිය පඩිපෙළ බැහැලා බාස්කට් බෝල් කෝට් එක දිහාට ආවා. එතන ඉඳලා නිකමට වගේ තට්ටු දෙකේ හෝල් එකේ උඩ තට්ටුව දිහා බලද්දි, දිල්රංගි කොට තාප්පෙට හේත්තු වෙලා අපි දිහා බලන් ඉන්නවා මං දැක්කා.[/SIZE] [SIZE=3] “උඹ මොකටද ඉමාන්ව හෙව්වෙ..?”[/SIZE] [SIZE=3] “පොඩි වැඩකට..”[/SIZE] [SIZE=3] “මොකක්ද වැඩේ..?”[/SIZE] [SIZE=3] “පොතක් අරන් වරෙන් ලියලා දෙන්න..”[/SIZE] [SIZE=3] මං මාධවගෙ මූණටම කිව්වා. උගේ මූණ බලන් ඉද්දිම අවුල් වෙලා ගියා. ඒ එක්කම තමයි පැතුමා කට ඇරියෙ.[/SIZE] [SIZE=3] “අඩෝ බෙකම්.. පපුව හෑරෙන කතා කියන්නෙපා ඩෝ.. දැන් ඉන්ටෝල් එකත් ඉවරවෙන්න ළඟටයි.. උඹ දන්නවද බඩේ පනුවො දස අතේ බල්ටි ගහනවා.. උං ස්විමින් කරද්දි තමයි අපි උඹව සොයා ආවෙ.. අම්මපා.. නිරෝමිගෙලන්ච් බොක්ස් එකේ ජෑම් ගාලා පාන් තිබුණා. නෙලුනිගෙ එකේ ඇන්කර් බටර් ගාපු පාන් තිබුණා. ඒ ඔක්කොම මගෑරලා උඹ සොයා ආවෙ.. දැනගනිං.. මංක වදාවත් පාන් පෙත්තක, එක පැත්තක ජෑම් ගාලා, අනෙක් පැත්තෙ ඇන්කර් බටර් ගාලා කාලා නෑ.. උඹ ඒකත් නැතිකරා.. මං යනවා බං..”[/SIZE] [SIZE=3] තත්පරේට දෙකට ඒ ටික කියපු පැතුම් බාස්කට් බෝල් කෝට් එකෙන් පන්තිය දිහාට හැරුණා. මං ඌ පස්සෙ යන්න ගියත් ඇම්ඩා මගේ අතින් අල්ල ගත්තා.[/SIZE] [SIZE=3] “ප්‍රශ්නයක්ද බෙකම්..?”[/SIZE] [SIZE=3] “පැතුමා යනවා..”[/SIZE] [SIZE=3] “ඌ ගියාවෙ.. මං අහපු දේට උත්තර දීපන්කො..”[/SIZE] [SIZE=3] “නෑ නාලක.. මගේ හිතේ ලොකු වැඩක් තියෙනවා.. ඒකටයි ඉමාන්ව හම්බවෙන්න ගියේ..”[/SIZE] [SIZE=3] “අපි ගාව ගන්න බැරි දෙයක්ද..?”[/SIZE] [SIZE=3] “ඇයි නාලක උඹ එහෙම අහන්නෙ..? උඹල නැතුව මං මොනව කරන්නද..? උඹලගෙ සහයෝගය මට මේ වැඩේට ඕනෙමයි.. උඹලා වගේ හිත හොඳ යාලුවො ටිකක් නැතුව මං හුස්ම ගන්නෙවත් කොහොමද..?”[/SIZE] [SIZE=3] “ආයෙ ටක් එකට යන්න ඕන නෑ.. උඹේ වචන ටික ඇති බඩ පිරෙන්න.. අපෙන් කෙරෙන්න ඒන මොනවද කියහං.. උඹ වෙනුවෙන් නොකරන දෙයක් අපි ළඟ නෑ..”[/SIZE] [SIZE=3] “ඔව් බෙකම්.. තව අවුරුද්දකින් මේ හැමදේම දාලා විසිරිලා යන්න අපිට සිද්ධ වෙනවා.. මුළු ජීවිත කාලයටම මතක් කර කර සන්තෝස වෙන්න හරි අඬන්න හරි ඉතුරු වෙන්නෙ මේ ඉස්කෝලෙ කාලෙ ලස්සන මතක කන්දරාව විතරයි..”[/SIZE] [SIZE=3] මාධව ඉඳලා ඉඳලා කිව්වෙ ටිකක් හැඟීම්බර කතාවක්.. ඒක පපුවෙ මොකක්දෝ නොදන්නා ඉසව්වක් ආමන්ත්‍රණය කරා කියලා මට තේරුණා. ඒක හරියට කියාගන්න බැරි දුකක හෙවනැල්ලක් වගේ.[/SIZE] [SIZE=3] “අපි ඈත්වෙන එක්ක නෑ බං.. අපිට එහෙම වෙන්නෑ..”[/SIZE] [SIZE=3] බලයා ඒ ටික කියද්දි ඇම්ඩා මං දිහා බලන් හිටියෙ ඌ කියපු දේවල් වලට මොනවා හරි කියයි කියලා වගේ. ඒ එක්කම තමයි ඉන්ටවල් එක ඉවරවෙන බෙල් එක වැදුනෙ.[/SIZE] [SIZE=3] “නාලක.. අද හවස මම ප්‍රැක්ටිස්.. හෙට කලුතර එක්ක මැච් එකනේ.. උඹ කොල්ලො ටිකත් එක්ක ග්‍රවුන්ඩ් එකට වරෙන්.. මං එතකොට කතන්දරේ කියන්නම්..”[/SIZE] [SIZE=3] “එතකොට ඉමාන්..?”[/SIZE] [SIZE=3] “ඌ අනිවා ඉන්න ඕන..”[/SIZE] [SIZE=3] ඉන්ටවල් එකෙන් පස්සෙ මං කෙලින්ම ගියේ සෝමතිලක සර් හම්බවෙන්න.. උදේ ඉස්කෝලෙ පටන් ගන්නකොටම සර් මට පණිවිඩයක් එවලා තිබුණා ඉන්ටවල් එකෙන් පස්සෙ හම්බවෙන්න කියලා..[/SIZE] [SIZE=3] “නවෝද්.. හවස ෆුල් ප්‍රැක්ටිස් කියලා ටීම් එකේ හැමෝටම පණිවිඩේ යැව්වද..?”[/SIZE] [SIZE=3] මාව දැකපු ගමන් සර්ට මතක් වුණේ ප්‍රැක්ටිස්. ඒත් ටිකක් වෙලා යනකල් සෝමතිලක සර් කතා කලේ නෑ.[/SIZE] [SIZE=3] “හැමෝටම යැව්වා සර්..”[/SIZE] [SIZE=3] “නවෝද්..”[/SIZE] [SIZE=3] සෝමතිලක සර්, වාඩිවෙලා හිටපු තැනින් නැගිටලා මගේ ළඟට ආවා. ඇවිත් ස්පෝර්ට් රූම් එකෙන් එළියට එන ගමන් මාව නතර කරගත්තා.[/SIZE] [SIZE=3] “මැචස් තුන හතරකට කලින් ගහපු, රාහුලෙත් එක්ක මැච් එකේ සිද්ධිය ගැන නවෝද් මොකද හිතන්නෙ..?”[/SIZE] [SIZE=3] ඔය කියන්නෙ රාහුලෙත් එක්ක මැච් එකේදි පෙත්තාවඩු මගේ ඈන්කල් එකට ගහපු එක ගැනනේ.[/SIZE] [SIZE=3] “ඒක එතනින් ඉවරනේ සර්..”[/SIZE] [SIZE=3] “නෑ නවෝද්.. ඒක එතනින් ඉවර නෑ..”[/SIZE] [SIZE=3] “ඇයි සර්..?”[/SIZE] [SIZE=3] “අපි ඒකට පෙත්තාවඩුට දඬුවම් කරානේ.. ඒකට මූලිකවම මැදිහත් උනේ මායි, විනය සර්රුයි.. නමුත් පෙත්තාවඩුගෙ තාත්තා කියන්නෙ, ඒක ක්‍රීඩා කිරීමේදී වෙච්ච අත්වැරදීමක්. තමන්ගෙ දරුවගෙන් පළිගන්න මේ දේ සිද්ධ කරා කියලා.”[/SIZE] [SIZE=3] “මොන අත්වැරදීමක්ද සර්.. පෙත්තාවඩු හිතලමයි මට ගැහුවෙ.. ඒක එදා මැච් එක බලපු හැමෝම දන්නවනේ..”[/SIZE] [SIZE=3] “ඒක තමයි දරුවො.. කොහොම උනත් ඔයා ටිකක් පරිස්සම් වෙන්න.. ඔයාගෙ ජනප්රියකටම, ඔයාගෙ දක්ෂතාවයට අකමැති අයට ඔයාව හිසරදයක් වෙලා තියෙනවා කියලා නම් පේනවා..”[/SIZE] [SIZE=3] සෝමතිලක සර් ඒ ටික නම් කිව්වෙ සැහැල්ලුවට නෙමෙයි. මගේ හිතටත් අමුත්තක් දැනෙන්න ගත්තා.[/SIZE] [SIZE=3] “දැන් අපි මොකද කරන්නෙ සර්..?”[/SIZE] [SIZE=3] “කිසි ප්‍රශ්නයක් නෑ.. ඔයා ඔය කරගෙන ආවා වගේ දිගටම ප්‍රැක්ටිස් කරලා මැචස් ගහන්න..”[/SIZE] [SIZE=3] මැචස් ගහන්න කියල කියපු කතාවෙ, අර කලින් දැනුණ අමුත්ත දෙගුණ වෙලා මට දැනුණා.[/SIZE] [SIZE=3] “කිසි ප්‍රශ්නයක් නෑ කියලා කිව්වට.. මට පේන විදියට නම් සර්ට මොකක් හරි ප්‍රශ්නයක් නේද..?”[/SIZE] [SIZE=3] මං අහපු දෙයින් සෝමතිලක සර් එක පාරටම මං දිහා බැලුවා. සර්ට සමහර විට හිතාගන්න බැරිව ඇති මං කොහොමද ඒක අනුමාන කලේ කියලා.[/SIZE] [SIZE=3] “එහෙම මුකුත් නෑ නවෝද්..”[/SIZE] [SIZE=3] “නැත්තෙ නෑ සර්.. මට ආපු ප්‍රශ්න මං සර් එක්ක බෙදා ගන්නෙකේ.. සර්ට ප්‍රශ්නයක් ආපු වෙලාවක ඇයි මට නොකියන්නෙ..? පුංචිම පුංචි දෙයක් හරි මට කරන්න පුළුවන්කම ඇතිනේ.. මායි මගේ කොල්ලො ටිකයි ඉන්නවනේ සර්..”[/SIZE] [SIZE=3] “මටයි, විනය සර්ටයි අමාත්‍යංශයෙන් එන්න කියලා ලියුමක් එවලා.. මං හිතනවා ඒක මේ පෙත්තාවඩුගෙ කතන්දරේට සම්බන්ධයි කියලා..”[/SIZE] [SIZE=3] “ලියුමක් එවලා..?”[/SIZE] [SIZE=3] “ඔව් නවෝද්.. මං හිතන විදියට විනය පරීක්ෂණයකට තමයි..”[/SIZE] [SIZE=3] “ඒ මොකටද සර්..?”[/SIZE] [SIZE=3] “කවුරු හරි පෙත්සම් වගයක් යවලා පුතා.. ඒත් මායි ජයසූරිය සර්රුයි ඕව ගණන් ගන්නෑ.. ඔය විනය පරීක්ෂණ වලට කරන්න පුලුවන් කෙංගෙඩියක් නෑ.. ඕවා තියන තරමට අපි කැමතියි..”[/SIZE] [SIZE=3] “මං හින්දා සර්ටත් ප්‍රශ්න..”[/SIZE] [SIZE=3] “නෑ පුතා.. ඔයාගෙ තැනට වෙන ළමයෙක් දැම්මා උනත්, පෙත්තාවඩුට චාන්ස් එක දෙනකන් එයාලා, ක්‍රීඩාව නතර කරන්නෑ.. ඔයාට පෙන්නන්න තියෙන එකම දේ අපි කරපු තේරීම ඉතා නිවැරදියි කියන එක.. ඒ වගේ හයිකාරයොත් එක්ක හැප්පෙන්න තියෙන හොඳම විදිය ඒකයි.. මං ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නෙත් ඒ දේ විතරයි.. තේරුණාද..?”[/SIZE] [SIZE=3] මං ඔලුව වැනුවා.. සෝමතිලක සර් ගැන මගේ හිතට ආවෙ මහා විශාල භක්තියක්.. මේ වගේ උත්තමයො තමයි ගුරු දෙවිවරු කියන්නෙ..[/SIZE] [SIZE=3] “නවෝද් මැච් එකෙන් පස්සෙ සෙනසුරාදට ප්‍රැක්ටිස් දාගන්න බලන්න..”[/SIZE] [SIZE=3] සෝමතිලක සර් වෙනමම කතාවකට එන්ටර් උනහම මගේ ඔලුව අවුල් උනා. සෙනසුරාදා ප්‍රැක්ටිස් කරලා කොහොමද හත්තිලව්වෙ.. එදාටනේ සමින්දි අක්කා ගම හරහා තරඟෙ දුවන්නෙ..[/SIZE] [SIZE=3] “සර් සෙනසුරාදා ක්ලාස්.. අපි ඉරිදා දාගමු..”[/SIZE] [SIZE=3] මං එහෙම කියද්දි සෝමතිලක සර් පුංචි හිනාවක් දාලා ගියා. මං මොකක් හරි මගෝඩි වැඩක් කරන්න සෙනසුරාදට දාගෙන ඇති කියලා සර්ට තේරුණා.. ඒක ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ..[/SIZE] [SIZE=3] [/SIZE][/COLOR] [CENTER] [SIZE=3][COLOR=Blue][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom