Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
| සොඳුරු නවෝදය 2 | ආදරණිය බෙකම් |
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙනදා වෙලාවටම උදේ ඇහැරුණත්, හිසේ කැක්කුම යාන්තමට ඇවිල්ල තිබුණා. කිරි එක බීපු ගමන් මං හිස් බඩට කියලා පෙනඩෝල් දෙකකුත් ඇදලා ඇරියා. ඇයි ඉතිං අද සමින්දි අක්කා දුවන හන්ද, අපිටත් පට්ට අව්වෙ පරිප්පු කරන්න වෙනවනේ. කෙල්ල හති දම දමා දුවනකොට කොහොම ගතියක් ඒවිද අප්පා.

“සුදු පුතා......”

ටිකක් දවල් වෙද්දි මට අම්මගෙ කටහඬ මිදුල පැත්තෙන් ඇහුණා. මිදුලෙ මල්පැල අස්සෙ එහෙන් මෙහෙන් පැලවෙලා ආතල් පිට ඉන්න වල්පැල ටිකට ගේම දෙන්න මගේ සහයෝගය බලාපොරොත්තු වෙනවද මංදා.. මං කොහොමටත් ස්වභාව සෞන්දර්යය විනාස වෙනවට කැමති නෑ. කොටින්ම මං පරිසරේට හානි කරන්නෙම නෑ. ඔන්න ඔය වාක්ය දෙක තමයි මං ඉස්සරහට දාන්නෙ. වල් පැල නෙලීමට ආරාධනා ලබනකොටම. බැහැයි ඉතිං ඕකෙ යටි අර්ථය තමයි ඔය වැඩේට මං කම්මැලියි කියනෙක.

“සුදු පුතා....”

“ඇයි.. අම්මා..?”

“කොහෙද දරුවා ඔයා ඉන්නෙ.. මං කීපාරක් නම් කතා කරාද..? මෙන්න නාලක පුතාලා ඇවිත්..”

මං උඩ ගිහින් බිම වැටුණා. ඇම්ඩා මොකද යකෝ මේ උදේ පාන්දර.. අනික අම්මා කිව්වෙ නාලක පුතාලා කියලා.. ඒ කියන්නෙ නාලකලා දෙන්නෙක් ඇවිල්ලද..? ඒ එක්කම තමයි මගේ කාමරේ කර්ට්න් එක පැත්තකට විසි වෙලා ගිහින් බඩගෝස්තරවාදී හමුදාව වගේ කාමරේට සම්ප්රාප්ත වුණේ. එතන වැඩිය කවුරුවත් හිටියෙ නෑ.. හැබැයි ඉන්න ඕන හැම එකාම හිටියා. ඉස්සෙල්ලාම මං ළඟට ආවෙ බලයා.. ඊගාවට ඇම්ඩයි, මාධවයි. අන්තිමට ඇවිත් දොර ගාවම නතර වුණේ පැතුම්.

“ගුඩ් මෝනිං බෙකම්..”

දොර ගාව ඉඳන්ම පැතුම් කියද්දි අනිත් ඈයො හිනා වෙන්න ගත්තා. ඒ කියන්නෙ ඊයෙ ගුඩ් නයිට් සිද්ධිය මූ ඒ ඩිංගට කියලා.

“මොකක්ද යකෝ, අර ඊයෙ රෑ නටපු සිංදුව..? රෑට ෆෝන් බිල අඩුයි කියලා මූ මට නිදාගන්න දුන්නෑ නාලක.. මූළු මට ඊයෙ හම්බවුණා නම් උඹලෑ ආච්චිගෙ සොහොන් කොත ගාවින්ම මං මූව සතපවනවා..”

පැතුමා පෙන්නලා මං කියද්දි බලයා මගේ ඇඳේ මැද්දෙන් වාඩිවුණා.

“ඕකා ඊයෙ රෑ අපිටත් කලා කරලා හෙණ වදයක් දුන්නා බෙකම්. හැබැයි පැතුමා.. උඹ නයාට ගහලා හැපින්න එක්ක සෙට් වුණා කියලා හිතාගනිං.. අපිට නින්දක් නැති කරාට.. උඹට සැනසීමෙන් ඉන්න දෙන්නෑ.. මතක තියාගනිං..”

“බෙකම් ගනිං කෝල් එකක්... එකසිය දහනමේට කතා කරලා මූව වැලිගම්පිටි යවන්න..”

“මාධවයා... ඕන මගුලක් කරහං.. ෆෝන් එක අල්ලන්නෙපා..”

“ඇයි..? ඇයි..? ඇල්ලුවම කරන්ට් වදිනවද..?”

“ඇයි කියලද ඇහුවෙ..? දැනගනිං.. ගිය මාසෙ ටැලිෆෝන් බිල පන්දාහත් පැනලා..”

“ආ.. ඒ මේ වටේම ගෙවල්වලත් එක්කනේ..”

“ගෙවල්..? ආව නම් කඩේ වහල ඉඳපිය.. මගේ ලේ කුපිත කරන්නැතුව.. වෙන කොහේවත් නෙමෙයි යකෝ.. අපේ ගෙදර.. අපේ ගෙදර..”

“ඔය තරම් සැර පරුෂ විදියට කතාකරන්නෙපා බෙකම්.. මුත්රාෂයට හොඳ නෑ.. උඹලගෙ බිල වැඩිවුණේ කොහොමද බං..?”

“වැඩි උනේ..? උඹලට මතක නැද්ද ගිය මාසෙ එක දිගට මෙතන ඉඳන් රටේ ඉන්න හැම හාල් කෑල්ලටයි, ලස්සනයි කියලා හිතුණ ටීචර්ස්ලටයි, නම්බර් ඉල්ලගත්තු කෙල්ලන්ටයි.. කතා කරලා බිල නැගලා.. ඔන්න අම්මා කිව්වා... උඹලගෙන් රුපියල් එකදාස් පන්සීය ගානෙ අරගෙන බිල ගෙවල දාන්න කියලා..”

“හ.. හපොයි.. එද්දාස් ප.. පන්සීයක්.. බෙ.. බෙකම්.. මට පපුවෙ අමාරුව වගේ.. මට.. මට වතුර ඩිංගක් දීපංකො..”

“වතුර..? උඹට වතුර නෙමෙයි දෙන්න ඕන.. ආන්න මේසෙ උඩ ඇති බීපං..”

“ඔ.. ඕක්.. ඕක්..”

“ඈ පැතුමා.. මොකෝ ඔය වමනෙ දාන්න යන්නෙ හත්දෙයියනේ.. උඹට එහෙනම් දරු පැටියෙක්ගෙ මූණ බලන්නත් වාසනාව හම්බ උනා.. මං කිව්වා.. උඹට ඔය ටික හූන කියන්න වගේ.. ගිය මාසෙ අමාවක දවසෙ, උඹ බෙකම් ළඟ නිදාගත්තනේ.. අඩෝ බන්ඩි ගෙඩියවත් ලොකු වෙලා නෑනෙ..”

බලයත් කියවන්න ගියාම මාරයි. උගේ කතන්දරේට පැතුමට උණ ගැනුණා. පරණ තරහකාරයෙක් දිහා බලනව වගේ ඌ මගේ දිහා බැලුවෙ. බලයා හිනවෙනවා.

“කටවහගනිං... ආ බං බෙකම්.. උඹ මොනවද බං ඒ වතුර වීදුරුවට දැම්මෙ..? තනිකර කුණු කරෝල පල් වෙලා වගේනේ..”

“ආ.. උඹ ඕක ගණන් ගන්නෙපා පැතුමා.. මං ඊයෙ ඉස්කෝලෙ ඇරිලා ඇවිත් මේස් දෙක ගලවල විසි කරද්දි ඒ දෙකම වැටුණෙ ඔය වතුර වීදුරුවට.. මං අද උදේ තමයි මේස් දෙක අයින් කරේ..”

“ඉක්.. ඕක්.. ඈක්..”

එහෙම එකක් සිද්ධ වෙලා නොතිබුණත්, මගේ කතාවට පැතුමට ඇත්තටම වමනෙ යන්න ආවා.

එතන ඉඳල රටේ නැති වල්පල් තවත් දොඩවල, උදේටත් කාලා බීලා අපි කට්ටියම ග්රවුන්ඩ් එකට ආවා.

“කෝමද බෙකම් රස්නෙ.. ඉරට හැතැම්මයි වගේ..”

“අර සුදු බඩ්ඩ කොහොම දුවයිද බං..?”

“ඒකි ඒකිගෙ කකුල් දෙකෙන් දුවයි බලයා.. උඹ උඹේ පාඩුවෙ වැඩක් පලක් කරගෙන හිටපං..”

“බෙකම්.. උඹ මොකද කියන්නෙ..? මට නම් හිතෙන්නෙම ඕකි රවුම් සීය දුවයි කියලා..”

සෙනසුරාදා උනත්, ග්රවුන්ඩ් එකේ ඒ තරම් කට්ටිය හිටියෙ නෑ.. ඒක අපේ බෙට් එකට ලොකු පහසුවක් උනා කියලයි මට හිතුණෙ. අඩු ගානෙ සද්ද දාලා හූවක් හරි දෙතෑකි.

“මම නම් කියන්නෙ ඕකි එන්නෑ.. ඇම්ඩා උඹ මොකද කියන්නෙ..?”

“නිකං ඉඳපං පැතුමා.. ඕකි සුපිරි වාහනයක්.. පට්ට ඇන්ජිම... බොඩි කන්ඩිෂින් සීයට දෙසීයයි.. බ්රෑන්ඩ් නිව්.. විහිලුවටවත් තාම එකෙක්වත් පැදල නෑ.. ඒක හින්දම ඕකි එනවා..”

සමින්දිව වාහනේකට සමාන කරලා ඇම්ඩා කියපු කතාව නම් මරු.. ඌ කිව්වෙත් බොරුවක් නෙමෙයි අප්පා.. සමින්දි කියල කියෙන්නෙ බ්රෑන්ඩ් නිව් එකක්ම තමයි.. ඒක තාම එකෙක්ටවත් පැදල නෑ කියලා, උගේ එක්ස්පීරියන්ස් එක්ක කියද්දි මගේ හිතටත් මොනවදෝ වෙලා ගියා.

“බෙකම්..”

“ම්..?”

“මං කියන්නද වැඩක්.. උඹ ඕකිත් එක්ක යාලුවෙයන්..”

“යාලුවෙලා..?”

“ඕකිට පට්ට බූට් එකක් තියපං.. ඔය ගණන් ඔක්කොම බහින්න..”

“උඹ දන්නවනේ මාධව.. මං ගාව ඔය ජරා වැඩ නෑ කියලා..”

“උඹ ළඟ නැති වුණාට ඒකි ගාව තියෙනවනේ.. ඒකිත් එක්ක සම්බන්ධකම් පවත්වනකොට අපිටත් ඒකි වගේ වෙන්න වෙනවා.. මොකෝ ඇම්ඩා කියන්නෙ..?”

“උඹේ බෙලෙක්කෙ වහගනිං.. සමින්දි එනවා..”

දොළහට දහයක් වගේ වෙද්දි, ග්රවුන්ඩ් එකේ යකඩ වැට පහු කරලා, සිමෙන්ති වලින් ග්රවුන්ඩ් එක වටේටම රවුමට හදල තිබ්බ පඩිපෙල දිගේ බැහැගෙන එන සමින්දිව ඉස්සෙල්ලම දැක්කෙ ඇම්ඩා.

“යකෝ ඉන්කිත් එනව නේද..? අර තව කෙල්ලො දෙන්නෙකුත් එන්නෙ..”

සමින්දියි, ඉන්කියි ඇරුණහම එයාලත් එක්ක එන අනිත් කෙල්ලො දෙන්නත් මං අඳුන ගත්තා, ඒ රාහුලෙත් එක්ක මැච් එක තිබ්බ දවසෙ සමින්දිත් එක්ක එකතු වෙලා මගේ බූට්ස් දෙක ඉස්සුවෙ උං දෙන්නා තමයි.. හරියට වැඩක්වත් කරගන්න බැරි ඒ මල හොන්තු දෙක මොකට එක්කං ආවද මංදා.

“හුරේ.. ඔබතුමියගේ පැමිණිම ගැන මගේ බලවත් ප්රීතිය..”

සමින්දි අක්කා ළඟට ආවා විතරයි, දකුණු අත පපුව මැදින් තියාගෙන වම් අත ඉස්සරහට දාලා චමිල් බාගෙට නැමුනා. සමින්දිගෙ මූණට ආවෙ නම් ඒ තරම් හොඳ පෙනුමක් නෙමෙයි. යකෝ... බෙට් එක කසේ වෙතත් කෙල්ල මගෙත් එක්ක ඇරගන්නයි ඇවිත් තියෙන්නෙ. පැත්තකින් හිටපු ඉන්කි නම් හිතේ කැතක් කුණක් නැතුව මගෙත් එක්ක හිනාවෙද්දි මං එයත්තෙක්ක කට පුරාම හිනාවුණා. ඒක දැකලා සමින්දි, ඉන්කිට රවද්දි තමයි ඉන්කිගෙ හිනාව මැලවිලා ගියේ.

“ඔයාලගෙ ප්රීතිය බොහොම ඉක්මනට නැතිවෙයි..”

ගහෙන් ගෙඩි එන්න වගේ දඩබඩ ගාලා සමින්දි කිව්වා. හැබැයි ගහේ ගෙඩි හැදෙන වේගෙ වගේ අනන්ත වේගෙකින් ඒ වචන ටික එළියට ආවා කිව්ව නම් තමයි හරි.

“ඒ මොකද කියලා, අපිව දැනුවත් කිරීමට තරම් ඔබතුමිය කාරුණික වෙයි කියලා අපි හිතනවා..”

ඒපාර ඇම්ඩත්, චමිල්ට එක්කහු උනා.

“කාරුණික.. හහ්.. දැනගන්නවා.. මං මේ රවුම් සීය දුවනවා.. එතකොට මට හිනාවෙන්න බලන් ඉන්න මේ නැහැදිච්ච ආඩම්බරකාරයට, හිනාවෙන්න බැරි වෙනවා.. දැන් තේරුණාද..?”

සට සට ගාලා සමින්දිගෙන් වචන එළියට පැන්නා. මොන අවමගුලක්ද හත්වලාමෙ මේ..? කොහේ තියෙන තරහක්ද මෙයා මගෙන් පිරිමහන්න හදන්නෙ.. කොල්ලො ගාවින් අඩියක් ඉස්සරහට තියලා මං සමින්දි ළඟට ආවා. එයත් මූණ හතරැස් කරගෙන, ඇස් දෙකත් ලොකු කරගෙන මගේ දිහා බලන් හිටියෙ, මට මොනවද කරන්න ඕනෑ කියලා හිතාගන්න බැරිව වගේ.

“නැහැදිච්ච ආඩම්බරකාරයා කිව්වෙ මටද..?”

“ඔව්.. ඔයාට තමයි..”

“මොකක්ද මගේ නැහැදිච්චකම..?”

“නැහැදිච්චකම..? ඉස්කෝලෙ තිබ්බ ස්ලයිඩ් ටික හොරෙන් පන්නල, ඊට පස්සෙ ඒ ටික අතේ තියාගෙන ආවා මගෙත්තෙක්ක ඔට්ටු අල්ලන්න.. ඒවා නැහැදිච්ච වැඩ නෙමේද..? මහා ලොකු ජනප්රිය තරුව.. හුහ්.. සෙන්ට්රල් එකේ ඔයිට වැඩිය ජනප්රිය තරු නැද්ද මංදා.. ළමයින්ටත් පිස්සුනේ..”

සමින්දිගෙ කතාවට ප්රති උත්තර දෙන්න ඇම්ඩයි, පැතුමයි එක පාරටම කටවල් අරින්න හැදුවත් මං උං දෙන්නව නැවැත්තුවා. ඇටෑක් එක ඇවිල්ල තියෙන්නෙ බෙකම්ට.. බෙකම් කියන්නෙ ලේසියෙන් පස්සට යන කොල්ලෙක් නෙමෙයි.. සමින්දි තාම බෙකම්ගෙ වැඩ දැකල නෑ.

“නැහැදිච්චකමට අයිතිවෙන්න ඕන ඔය කියපු ටික නම් මට ප්රශ්නයක් නෑ..”

මං කාගෙවත් වගේ වගක් නැතුව කියල දැම්මා. සමින්දිගෙ ඇස් උඩ ගියා. එයාට කොහොමත් මං ඔය කියන හරුප තේරෙන්නෙ නෑ. එයා බබානේ.

“ඇයි..? ඇයි ඔයාට ප්රශ්නයක් නැත්තෙ..?”

“ඔයත් නැහැදිච්ච කෙනෙක් නිසා..”

“මං..? මං කොහොමද නැහැදිච්ච කෙනෙක් වෙන්නෙ..? ඒක ටිකක් ඕනවට වැඩි කතාවක්..”

“ඇයි මතක නැද්ද..? මේ ග්රවුන්ඩ් එකේදි මට මැච් එකක් තියෙද්දි, ඒක ගැනවත් හිතන්නෙ නැතුව මගේ බූට්ස් දෙක හොරකම් කරල, ඒක හොයල දෙන්නම් කියලා ඔට්ටු ඇල්ලුවෙ..? ආ.. මං එදා මැච් එක ප්ලේ කරේ වෙන බූට්ස් දෙකක් දාගෙන.. මගේ බූට් දෙක තිබ්බ නම් එදා රාහුලේ ටීම් එක ඔය තරම් වැඩර්ල වෙන්නෙත් නෑ. එතකොට ඒවා මොන වැඩද ආ..? නැහැදිච්ච වැඩ නෙමේ නම්.. ඒවා බලු වැඩ.. එහෙමනේ..?”

මං සමින්දි එහාට ඇගිල්ල දික් කරල කෑගැහුවා. එයා පුදුම වෙලා වගේ බලන් ඉන්දෙද්දි තමයි ඉන්කි මං ඉස්සරහට ආවෙ. ඉන්කි හිටියෙ හොඳටම අවුල් වෙලා.

“අ.. අනේ නවෝද්.. මෙතන රණ්ඩු වෙන්නෙපා.. මිනිස්සු පිරුණොත් අපි කාටත් හරි නෑනෙ..”

“ඒක ඔයාගෙ මහ ලොකු හෙඩ් ප්රිෆෙක්ට කියන්න.. මහා ලොකුවට ඉන්න සබ්බ සකලෙම දන්නව වගේ.. ඒ උනාට පුළුවන් ඇටිකෙහෙල් ගෙඩියක් නෑ..”

“මො.. මොනවද ඔ.. ඔයා කිව්වෙ..?”

සමින්දිට හොඳටම කේන්ති ගිහින් තිබ්බෙ.. එයා මං දිහාට අතක් උරුක් කරගෙන.

“අත ඉස්සුවෙ ගහන්නද..?”

මං සවුත්තුවට වගේ ඇහුවා. ඇම්ඩයි, පැතුමයි එහෙන් මෙහෙන් සමින්දිට නෝන්ඩි කතා කියනවා මට ඇහුණා.

“ඔව්.. ඇයි බැරිද..?”

“පුළුවන්ද කියා බලන්න ගහල බලමුකො..”

“ආ.. ගැහුවොත් වදින්නෙ නැද්ද..?”

සමින්දිගෙ මූණ සම්පූර්ණයෙන්ම රතු වෙලා තිබුණා. ඒ හිතේ කේන්තියටද, නැත්නම් දවල් දොළහට තියෙන අව්වෙ රස්නෙටද කියලා මට හිතාගන්න බැරිවුණා. කොහොම උනත් මට මොකෝ.. මගේ අතින් පයින් යන්නෑනේ.

“වදින එකක් නෑ..”

“ඇයි..?”

“ඊට කලින් මගෙන් ලෝන්ග් කික් එකක් වදිනවා ඔයාට මේ ගෝල් පෝස්ට් එකේ ඉඳලා, එහා ගෝල් පෝස්ට් එක ගාවට උඩින් වැටෙන්න.. ඒ වැටෙනකොට පස්ස බිම ඇනුනහම ඔයාගෙ මොලේ පෑදෙයි.. මොකද ඔයාගෙ මොලේ තියෙන්නෙ එතනනේ..”

“ම.. මං.. මං..”

කියාගෙන සමින්දි අත ගුලි කරන් මගේ මූණට පාරක් ගැහුවා. මේ බෙකම් බලන් හිටියා කියලද උඹලා හිතන්නෙ..? ලොවෙත් නෑ යකෝව්.. මං ඒ සියුමැලි අත, මගේ දකුනු අතින් තද කරලා අල්ලගෙන අනිත් පැත්තට ඇඹරුවා..

“අ.. අතාරින්න.. අතාරින්න මගේ අත..”

“මං මේක අල්ලගත්තෙ සඳහටම නෙමෙයි.. ඒත් එහෙම සඳහටම අල්ලගන්න ඕන අතුත් තියෙනවා.. හැබැයි ඔයා වගේ ජරා කෙල්ලෙක්ගෙ නෙමෙයි..”

“ම.. මට රිදෙනවා.. ඌයි..”

අත තවත් ටිකක් පස්සට අඹරද්දි, සමින්දි වේදනාවෙන් කෑගැහුවා.. ඉන්කියි, බාලිකාවෙ අනිත් කෙල්ලො දෙන්නයි ගල්වෙලා බලන් හිටියෙ, මගේ කොල්ලො හතරදෙනා නම් සුපිරි ගතියක් ගන්නවා කියලා මට හිතුණා මගේ ක්රියා කලාපය හන්දා.

“මීට පස්සෙවත් අත පය උස්සන්න කලින් හිතනවා කාත්තෙක්කද හැප්පෙන්නෙ කියලා.. මොකද මම බාලිකාවෙ නෙමෙයි.. වැඩිය දැගලුවොත් අත් දෙක කඩනවා බොංචි කඩනව වගේ..”

“ම.. මට රිදෙනවා.. මාව අතාරිනවා.. නැහැදිච්ච එකා.. අයියෝ...”

මං සමින්දිගෙ අත තවත් ටිකක් අඹරලා, එයාගෙ පිටට අත තියලා ඉන්කි දිහාට තල්ලු කරලා දැම්මා. ඒ තල්ලු කිරීමට මූලික හේතුව උනේ, නැහැදිච්ච එකා කියලා මට කියපු වචන දෙක. මගේ තල්ලුවෙන් විසි වෙලා ආපු සමින්දිව, ඉන්කි බොහොම අමාරුවෙන් අල්ල ගත්තා. ඒ අල්ල ගත්තු ඉන්කිව පැත්තකට තල්ලු කරල දාලා, සමින්දි මං ඉස්සරහට ආයෙත් ආවා. ඒ ඇස් දෙකේ මං වෙනුවෙන් ඉපදිච්ච කේන්තිය, මහවැලි ගංගාව වගේ දෝරෙ ගලනවා මං දැක්කා. මේකිට දැන් මාව දුන්නොත් අමුවෙන් හරි කනවා. ඒකෙ දෙකක් නෑ.

“මං.. මං.. ඔයාට කරන වැඩේ බලාගන්නවකො..”

“මං මොනව කරාටද..?”

“මොනව කරාටද..? ඇයි මගේ ඇඟට අත තිබ්බට.. මං යනවා පොලීසි..”

“අපොයි.. එකට දෙපාරක් යනවා.. මට මොකෝ.. අනික දන්න කියන මනුස්සයෙක් ඔය ඇඟට අත තියන්නෑ මං අත තිබ්බට.. ඕකත් ෆිගර් එකක්ද හලෝ.. ආ.. ඔයා හිතන් ඉන්නෙ ඔයා ලස්සනයි කියලද..? ඒවා බාලිකාවට.. තේරුණාද..?”

මං සමින්දිව කපලම දැම්මා.. ආයෙ කොන්තරාත් ක්රමේට පස්සට කෑල්ලක් තියාගත්තෙ නෑ. සමින්දිගෙ මූණ රතු පාටින් දම් පාටට හැරුණා. මං අඹරපු අත, අනිත් අතින් අත ගගා, එයා ගිනි පිටවෙන ඇස්වලින් මං දිහා බලන් හිටියා. ඔහොම යං බෙකම්.. ඔහොම යං.. ඒත් තවත් දුරට මට ඕන හැටියට සමින්දිට කියවන්න හම්බවුණේ නෑ. සුපුරුදු විදියටම ඇම්ඩට බලන් ඉඳලා ඇතිවෙලාද කොහෙද මැද්දට පැන්නා.

“මේ.. ඔය නෝනා මහත්තයා අද ආවෙ දුවන්නද..? නැත්නම් අපේ බෙකම් එක්ක රණ්ඩු වෙන්නද..? කරුණාකරලා තමන් දාපු බෙට් එක පරාද වුණා නම්, ඒ ගිවිස ගත්තු දේවල් ඒ විදියටම කරනවා.. නැත්නම් බලන් ඉන්න අපිටයි ලැජ්ජා..”

“ඒකනේ ඇම්ඩා.. බෙකමුයි, අපියි ආවෙ මෙයා පණ කඩාගෙන දුවනවා බලන්න මිසක් රණ්ඩුවෙන්න නෙමෙයිනේ.. අනික ඔය කියවන කතන්දර ගැන හිතන්න තිබ්බෙ, බෙට් එක දාන්න කලින්නේ.. අනේ මංදා මෙයාට කවුරු මේ හෙඩ් ප්රිෆෙක්ට් කම දුන්නද කියලා.. යසට ඇති ඉස්කෝලෙ නම්..”

ඇම්ඩට එහා යන උත්තරයක් මාධව දෙද්දි, සමින්දි අක්කා යටිතොල විකාගන්නවා මං දැක්කා. පොතේ හැටියට නම්, මෙතන එල්ලෙන්න වැලක් තිබුණා නම් කෙල්ල එල්ලෙනවා.. ආයෙ ඒකෙ හිතන්න දෙයක් නෑ..

“ඉන්කි..?”

“ඇයි.. ඇයි සමින්දි අක්කෙ..?”

“ඔ.. ඔයා මගේ රවුම් ගාණ ගණන් කරන්න.. හහ්.. මං.. මං ක්රියාවෙන්ම පෙන්නන්නම්.. මගේ ප්රිෆෙක්ට්කමට මං සුදුසුයි කියලා.. හ්ම්..”

තවත් දුරට අපිත්තෙක්ක ඇවිලෙන එක තරම් ගොන්කමක් තවත් නෑ කියලා සමින්දිට තේරෙන්න ඇති. ඒකයි කෙල්ල සියලු දෝෂ නිවාරණයි වගේ, ධාවන පතයට බැස්සෙ.

“බෙකම්.. මෙන්න මෙයා දුවන්නයි හදන්නෙ..?”

“හයියෝ.. දෙයියනේ.. බාලිකාවෙ අති උත්තම ප්රිෆෙක්ට් නෝනද මේ දුවන්න සැරසෙන්නෙ.. හහ්.. හහ්.. හා..”

“ඕන ඔට්ටුවක් බෙකම්.. මුන්දෑ රවුම් විස්සක් දුවන්නෑ.. හයියෝ... සල්ලි..”

සියලු නින්දා අපහාස, ගැරහිලි, නෝන්ඩි, කෝචොක් ඔය සැමදේම අතරින් සමින්දි අක්කා ඉවෙන්ට් එක පටන් ගත්තා. කොල්ලො ටික තාලෙට ක්ලැප් කරද්දි, ඉන්කියි බාලිකාවෙ අනිත් කෙල්ලො දෙන්නයි, කරන්න ඕනි මොනවද කියලා හිතාගන්න බැරිව ගල්වෙලා හිටියා.

“කමෝන්.. මගේ උක්කු අම්මා.. ඔයා සීදේවි.. ඔය චූටි රෝස පතුල් රිදෙයි.. මගේ හදවත ඌයියා වෙයි.. අයියෝ..”

“තව ඩිංගයි.. තව ඩිංගයි.. ඔහොම දුවමු.. ඔහොම දුවමු..”

රවුමක් දුවලා අපිව පහුකරගෙන යන සමින්දිට ඇම්ඩයි, බලයයි නානාප්රකාර දේවල් කියනවා.. මූණ හොඳටම සවුත්තු කරගෙන, යටිතොල් විකාගෙන සමින්දි දුවන්නෙ, මාව මරන තරමෙ කේන්තියකින් කියලා මට තේරුණා. ඒත් ඉතිං හත්තිලව්වෙ මේක බලෙන් ඇදගෙන දාගත්තෙ එයානේ..

“බෙකම්..”

පිට්ටනිය වටේ රවුම් පහක් විතර සමින්දි දුවද්දි, පැතුම්ගෙ කටහඬ මට ඇහුණා.

“මේ ඌට නිදහසේ සමින්දිගෙ රංගනේ බලන්න දීපං..”

“මාධවයා.. උඹ මට නිතරම බාධා කරලා මගෙන් මැරුම් කන්නෙපා.. ඇයි යකෝ.. බෙකම් උඹේ වස්තුවක්ද..?”

“නෑ.. මගේ නම් නෙමෙයි.. ආන් අර දුවන බඩ්ඩගෙ..”

“මාධව.. ඕන්නැති කතා නොකිය හිටපං.. ඕක ඇහුණොත් ඇති... සමින්දිට මාව බයිට් එකට ගන්න.. ආ පැතුම්.. උඹ මොකක්ද කියන්න ආවෙ..?”

“තව පොඩ්ඩෙන් ඒකත් අමතක වෙනවා බෙකම්.. කොහෙද මේ පාංකිරිත්තා මැද්දට පැන්නනේ..”

“හරි.. හරි.. කියන්න ආපු දේ කියපං වද කාරයා..”

“උඹට කියන්න බෙකම්.. උඹ සමින්දිගෙ අත අල්ලලා ඇඹරුවනේ..”

“ඉතිං..?”

“ඒකි කිව්වනේ පොලීසියට කියනව කියලා..”

“ඉතිං..?”

“ඒ කතාව ඇහුණම මට මතක් වුණේ අපේ මාමට වෙච්චි දේ..”

පැතුමා උගුර පාදගත්තා.. එතකොටම තමයි සමින්දි අක්කා දහ වෙනි රවුම, උට්ඨාන විර්යයෙන් පහු කරගෙන දිව්වෙ. පව් කියලත් හිතෙනවා අප්පා.. ඒත් ඉතිං ඉල්ලගෙන කන ඒවට අපි කියල මොනව කරන්නද හාන්දුරුවනේ..

“උඹලගෙ මාමා කිව්වෙ..?”

ඒ පාර මෙලෝ සිහියක් පතක් නැතුව සමින්දි අක්කා දුවන දිහා බලන් ඉඳපු බලයා කතාවට එක්කහු උනා.

“මාමා..? අපේ ඈතින් අයියා වෙන කෙනෙක්ගෙ.. බාප්පා බැඳපු පුංචි අම්මගෙ නංගිගෙ යාලුවෙක්ගෙ, ලොකු තාත්තා කෙනෙක් ඉන්නවා.. ඒ ලොකු තාත්තගෙ කසාඳ නොබැඳපු දුවගෙ යාලු කොල්ලගෙ අම්මගෙ මල්ලි තමා ඒ මාමා.. හරිය.. දැන් උඹට තේරුණාද බලයා..”

ඒ නෑදෑකම අහල මගේ ඔලුව මඤ්ඤං උනා. මුගේ කටට මේ වචන කොහෙන් එනවද මංදා.. බලයට නම් මාමව නෙමේ නැන්දවත් එපා වෙන්න ඇති ඒ කතාවෙන්.

“හරි.. හරි.. ඒ උඹලගෙ මාමා.. ඉතිං ඒ වහුකුනාට මොකද උනේ..?”

“උඹට කියන්න බලයා.. ඌ උසාවියෙන් දඬයක් කෑවනේ..”

“ඇයි මෝටර් සයිකලේ සයිකල් ඉන්ෂුවර්න්ස් නැතුව ගිහිල්ලද..?”

“හෙල්මට් එක අතේ දාන් ගිහිල්ලද..?”

“සුදු ඉර කපලද..?”

“පිස්සුද බාං..... ඌ මේ ගෑණියෙක්ව ඉඹලා..”

[QUOTE="crazybuddy, post: 13804370, member: 326070"] [SIZE=3][COLOR=Blue][URL="http://4.bp.blogspot.com/-7qMM95ngNHo/T2Jb3p1rHGI/AAAAAAAABho/NtT1801GYQM/s1600/05.png"][IMG]http://4.bp.blogspot.com/-7qMM95ngNHo/T2Jb3p1rHGI/AAAAAAAABho/NtT1801GYQM/s1600/05.png[/IMG][/URL] වෙනදා වෙලාවටම උදේ ඇහැරුණත්, හිසේ කැක්කුම යාන්තමට ඇවිල්ල තිබුණා. කිරි එක බීපු ගමන් මං හිස් බඩට කියලා පෙනඩෝල් දෙකකුත් ඇදලා ඇරියා. ඇයි ඉතිං අද සමින්දි අක්කා දුවන හන්ද, අපිටත් පට්ට අව්වෙ පරිප්පු කරන්න වෙනවනේ. කෙල්ල හති දම දමා දුවනකොට කොහොම ගතියක් ඒවිද අප්පා. “සුදු පුතා......”[/COLOR][/SIZE][COLOR=Blue] [SIZE=3] ටිකක් දවල් වෙද්දි මට අම්මගෙ කටහඬ මිදුල පැත්තෙන් ඇහුණා. මිදුලෙ මල්පැල අස්සෙ එහෙන් මෙහෙන් පැලවෙලා ආතල් පිට ඉන්න වල්පැල ටිකට ගේම දෙන්න මගේ සහයෝගය බලාපොරොත්තු වෙනවද මංදා.. මං කොහොමටත් ස්වභාව සෞන්දර්යය විනාස වෙනවට කැමති නෑ. කොටින්ම මං පරිසරේට හානි කරන්නෙම නෑ. ඔන්න ඔය වාක්ය දෙක තමයි මං ඉස්සරහට දාන්නෙ. වල් පැල නෙලීමට ආරාධනා ලබනකොටම. බැහැයි ඉතිං ඕකෙ යටි අර්ථය තමයි ඔය වැඩේට මං කම්මැලියි කියනෙක.[/SIZE] [SIZE=3] “සුදු පුතා....”[/SIZE] [SIZE=3] “ඇයි.. අම්මා..?”[/SIZE] [SIZE=3] “කොහෙද දරුවා ඔයා ඉන්නෙ.. මං කීපාරක් නම් කතා කරාද..? මෙන්න නාලක පුතාලා ඇවිත්..”[/SIZE] [SIZE=3] මං උඩ ගිහින් බිම වැටුණා. ඇම්ඩා මොකද යකෝ මේ උදේ පාන්දර.. අනික අම්මා කිව්වෙ නාලක පුතාලා කියලා.. ඒ කියන්නෙ නාලකලා දෙන්නෙක් ඇවිල්ලද..? ඒ එක්කම තමයි මගේ කාමරේ කර්ට්න් එක පැත්තකට විසි වෙලා ගිහින් බඩගෝස්තරවාදී හමුදාව වගේ කාමරේට සම්ප්රාප්ත වුණේ. එතන වැඩිය කවුරුවත් හිටියෙ නෑ.. හැබැයි ඉන්න ඕන හැම එකාම හිටියා. ඉස්සෙල්ලාම මං ළඟට ආවෙ බලයා.. ඊගාවට ඇම්ඩයි, මාධවයි. අන්තිමට ඇවිත් දොර ගාවම නතර වුණේ පැතුම්.[/SIZE] [SIZE=3] “ගුඩ් මෝනිං බෙකම්..”[/SIZE] [SIZE=3] දොර ගාව ඉඳන්ම පැතුම් කියද්දි අනිත් ඈයො හිනා වෙන්න ගත්තා. ඒ කියන්නෙ ඊයෙ ගුඩ් නයිට් සිද්ධිය මූ ඒ ඩිංගට කියලා.[/SIZE] [SIZE=3] “මොකක්ද යකෝ, අර ඊයෙ රෑ නටපු සිංදුව..? රෑට ෆෝන් බිල අඩුයි කියලා මූ මට නිදාගන්න දුන්නෑ නාලක.. මූළු මට ඊයෙ හම්බවුණා නම් උඹලෑ ආච්චිගෙ සොහොන් කොත ගාවින්ම මං මූව සතපවනවා..”[/SIZE] [SIZE=3] පැතුමා පෙන්නලා මං කියද්දි බලයා මගේ ඇඳේ මැද්දෙන් වාඩිවුණා.[/SIZE] [SIZE=3] “ඕකා ඊයෙ රෑ අපිටත් කලා කරලා හෙණ වදයක් දුන්නා බෙකම්. හැබැයි පැතුමා.. උඹ නයාට ගහලා හැපින්න එක්ක සෙට් වුණා කියලා හිතාගනිං.. අපිට නින්දක් නැති කරාට.. උඹට සැනසීමෙන් ඉන්න දෙන්නෑ.. මතක තියාගනිං..”[/SIZE] [SIZE=3] “බෙකම් ගනිං කෝල් එකක්... එකසිය දහනමේට කතා කරලා මූව වැලිගම්පිටි යවන්න..”[/SIZE] [SIZE=3] “මාධවයා... ඕන මගුලක් කරහං.. ෆෝන් එක අල්ලන්නෙපා..”[/SIZE] [SIZE=3] “ඇයි..? ඇයි..? ඇල්ලුවම කරන්ට් වදිනවද..?”[/SIZE] [SIZE=3] “ඇයි කියලද ඇහුවෙ..? දැනගනිං.. ගිය මාසෙ ටැලිෆෝන් බිල පන්දාහත් පැනලා..”[/SIZE] [SIZE=3] “ආ.. ඒ මේ වටේම ගෙවල්වලත් එක්කනේ..”[/SIZE] [SIZE=3] “ගෙවල්..? ආව නම් කඩේ වහල ඉඳපිය.. මගේ ලේ කුපිත කරන්නැතුව.. වෙන කොහේවත් නෙමෙයි යකෝ.. අපේ ගෙදර.. අපේ ගෙදර..”[/SIZE] [SIZE=3] “ඔය තරම් සැර පරුෂ විදියට කතාකරන්නෙපා බෙකම්.. මුත්රාෂයට හොඳ නෑ.. උඹලගෙ බිල වැඩිවුණේ කොහොමද බං..?”[/SIZE] [SIZE=3] “වැඩි උනේ..? උඹලට මතක නැද්ද ගිය මාසෙ එක දිගට මෙතන ඉඳන් රටේ ඉන්න හැම හාල් කෑල්ලටයි, ලස්සනයි කියලා හිතුණ ටීචර්ස්ලටයි, නම්බර් ඉල්ලගත්තු කෙල්ලන්ටයි.. කතා කරලා බිල නැගලා.. ඔන්න අම්මා කිව්වා... උඹලගෙන් රුපියල් එකදාස් පන්සීය ගානෙ අරගෙන බිල ගෙවල දාන්න කියලා..”[/SIZE] [SIZE=3] “හ.. හපොයි.. එද්දාස් ප.. පන්සීයක්.. බෙ.. බෙකම්.. මට පපුවෙ අමාරුව වගේ.. මට.. මට වතුර ඩිංගක් දීපංකො..”[/SIZE] [SIZE=3] “වතුර..? උඹට වතුර නෙමෙයි දෙන්න ඕන.. ආන්න මේසෙ උඩ ඇති බීපං..”[/SIZE] [SIZE=3] “ඔ.. ඕක්.. ඕක්..”[/SIZE] [SIZE=3] “ඈ පැතුමා.. මොකෝ ඔය වමනෙ දාන්න යන්නෙ හත්දෙයියනේ.. උඹට එහෙනම් දරු පැටියෙක්ගෙ මූණ බලන්නත් වාසනාව හම්බ උනා.. මං කිව්වා.. උඹට ඔය ටික හූන කියන්න වගේ.. ගිය මාසෙ අමාවක දවසෙ, උඹ බෙකම් ළඟ නිදාගත්තනේ.. අඩෝ බන්ඩි ගෙඩියවත් ලොකු වෙලා නෑනෙ..”[/SIZE] [SIZE=3] බලයත් කියවන්න ගියාම මාරයි. උගේ කතන්දරේට පැතුමට උණ ගැනුණා. පරණ තරහකාරයෙක් දිහා බලනව වගේ ඌ මගේ දිහා බැලුවෙ. බලයා හිනවෙනවා.[/SIZE] [SIZE=3] “කටවහගනිං... ආ බං බෙකම්.. උඹ මොනවද බං ඒ වතුර වීදුරුවට දැම්මෙ..? තනිකර කුණු කරෝල පල් වෙලා වගේනේ..”[/SIZE] [SIZE=3] “ආ.. උඹ ඕක ගණන් ගන්නෙපා පැතුමා.. මං ඊයෙ ඉස්කෝලෙ ඇරිලා ඇවිත් මේස් දෙක ගලවල විසි කරද්දි ඒ දෙකම වැටුණෙ ඔය වතුර වීදුරුවට.. මං අද උදේ තමයි මේස් දෙක අයින් කරේ..”[/SIZE] [SIZE=3] “ඉක්.. ඕක්.. ඈක්..”[/SIZE] [SIZE=3] එහෙම එකක් සිද්ධ වෙලා නොතිබුණත්, මගේ කතාවට පැතුමට ඇත්තටම වමනෙ යන්න ආවා.[/SIZE] [SIZE=3] එතන ඉඳල රටේ නැති වල්පල් තවත් දොඩවල, උදේටත් කාලා බීලා අපි කට්ටියම ග්රවුන්ඩ් එකට ආවා.[/SIZE] [SIZE=3] “කෝමද බෙකම් රස්නෙ.. ඉරට හැතැම්මයි වගේ..”[/SIZE] [SIZE=3] “අර සුදු බඩ්ඩ කොහොම දුවයිද බං..?”[/SIZE] [SIZE=3] “ඒකි ඒකිගෙ කකුල් දෙකෙන් දුවයි බලයා.. උඹ උඹේ පාඩුවෙ වැඩක් පලක් කරගෙන හිටපං..”[/SIZE] [SIZE=3] “බෙකම්.. උඹ මොකද කියන්නෙ..? මට නම් හිතෙන්නෙම ඕකි රවුම් සීය දුවයි කියලා..”[/SIZE] [SIZE=3] සෙනසුරාදා උනත්, ග්රවුන්ඩ් එකේ ඒ තරම් කට්ටිය හිටියෙ නෑ.. ඒක අපේ බෙට් එකට ලොකු පහසුවක් උනා කියලයි මට හිතුණෙ. අඩු ගානෙ සද්ද දාලා හූවක් හරි දෙතෑකි.[/SIZE] [SIZE=3] “මම නම් කියන්නෙ ඕකි එන්නෑ.. ඇම්ඩා උඹ මොකද කියන්නෙ..?”[/SIZE] [SIZE=3] “නිකං ඉඳපං පැතුමා.. ඕකි සුපිරි වාහනයක්.. පට්ට ඇන්ජිම... බොඩි කන්ඩිෂින් සීයට දෙසීයයි.. බ්රෑන්ඩ් නිව්.. විහිලුවටවත් තාම එකෙක්වත් පැදල නෑ.. ඒක හින්දම ඕකි එනවා..”[/SIZE] [SIZE=3] සමින්දිව වාහනේකට සමාන කරලා ඇම්ඩා කියපු කතාව නම් මරු.. ඌ කිව්වෙත් බොරුවක් නෙමෙයි අප්පා.. සමින්දි කියල කියෙන්නෙ බ්රෑන්ඩ් නිව් එකක්ම තමයි.. ඒක තාම එකෙක්ටවත් පැදල නෑ කියලා, උගේ එක්ස්පීරියන්ස් එක්ක කියද්දි මගේ හිතටත් මොනවදෝ වෙලා ගියා.[/SIZE] [SIZE=3] “බෙකම්..”[/SIZE] [SIZE=3] “ම්..?”[/SIZE] [SIZE=3] “මං කියන්නද වැඩක්.. උඹ ඕකිත් එක්ක යාලුවෙයන්..”[/SIZE] [SIZE=3] “යාලුවෙලා..?”[/SIZE] [SIZE=3] “ඕකිට පට්ට බූට් එකක් තියපං.. ඔය ගණන් ඔක්කොම බහින්න..”[/SIZE] [SIZE=3] “උඹ දන්නවනේ මාධව.. මං ගාව ඔය ජරා වැඩ නෑ කියලා..”[/SIZE] [SIZE=3] “උඹ ළඟ නැති වුණාට ඒකි ගාව තියෙනවනේ.. ඒකිත් එක්ක සම්බන්ධකම් පවත්වනකොට අපිටත් ඒකි වගේ වෙන්න වෙනවා.. මොකෝ ඇම්ඩා කියන්නෙ..?”[/SIZE] [SIZE=3] “උඹේ බෙලෙක්කෙ වහගනිං.. සමින්දි එනවා..”[/SIZE] [SIZE=3] දොළහට දහයක් වගේ වෙද්දි, ග්රවුන්ඩ් එකේ යකඩ වැට පහු කරලා, සිමෙන්ති වලින් ග්රවුන්ඩ් එක වටේටම රවුමට හදල තිබ්බ පඩිපෙල දිගේ බැහැගෙන එන සමින්දිව ඉස්සෙල්ලම දැක්කෙ ඇම්ඩා.[/SIZE] [SIZE=3] “යකෝ ඉන්කිත් එනව නේද..? අර තව කෙල්ලො දෙන්නෙකුත් එන්නෙ..”[/SIZE] [SIZE=3] සමින්දියි, ඉන්කියි ඇරුණහම එයාලත් එක්ක එන අනිත් කෙල්ලො දෙන්නත් මං අඳුන ගත්තා, ඒ රාහුලෙත් එක්ක මැච් එක තිබ්බ දවසෙ සමින්දිත් එක්ක එකතු වෙලා මගේ බූට්ස් දෙක ඉස්සුවෙ උං දෙන්නා තමයි.. හරියට වැඩක්වත් කරගන්න බැරි ඒ මල හොන්තු දෙක මොකට එක්කං ආවද මංදා.[/SIZE] [SIZE=3] “හුරේ.. ඔබතුමියගේ පැමිණිම ගැන මගේ බලවත් ප්රීතිය..”[/SIZE] [SIZE=3] සමින්දි අක්කා ළඟට ආවා විතරයි, දකුණු අත පපුව මැදින් තියාගෙන වම් අත ඉස්සරහට දාලා චමිල් බාගෙට නැමුනා. සමින්දිගෙ මූණට ආවෙ නම් ඒ තරම් හොඳ පෙනුමක් නෙමෙයි. යකෝ... බෙට් එක කසේ වෙතත් කෙල්ල මගෙත් එක්ක ඇරගන්නයි ඇවිත් තියෙන්නෙ. පැත්තකින් හිටපු ඉන්කි නම් හිතේ කැතක් කුණක් නැතුව මගෙත් එක්ක හිනාවෙද්දි මං එයත්තෙක්ක කට පුරාම හිනාවුණා. ඒක දැකලා සමින්දි, ඉන්කිට රවද්දි තමයි ඉන්කිගෙ හිනාව මැලවිලා ගියේ.[/SIZE] [SIZE=3] “ඔයාලගෙ ප්රීතිය බොහොම ඉක්මනට නැතිවෙයි..”[/SIZE] [SIZE=3] ගහෙන් ගෙඩි එන්න වගේ දඩබඩ ගාලා සමින්දි කිව්වා. හැබැයි ගහේ ගෙඩි හැදෙන වේගෙ වගේ අනන්ත වේගෙකින් ඒ වචන ටික එළියට ආවා කිව්ව නම් තමයි හරි.[/SIZE] [SIZE=3] “ඒ මොකද කියලා, අපිව දැනුවත් කිරීමට තරම් ඔබතුමිය කාරුණික වෙයි කියලා අපි හිතනවා..”[/SIZE] [SIZE=3] ඒපාර ඇම්ඩත්, චමිල්ට එක්කහු උනා.[/SIZE] [SIZE=3] “කාරුණික.. හහ්.. දැනගන්නවා.. මං මේ රවුම් සීය දුවනවා.. එතකොට මට හිනාවෙන්න බලන් ඉන්න මේ නැහැදිච්ච ආඩම්බරකාරයට, හිනාවෙන්න බැරි වෙනවා.. දැන් තේරුණාද..?”[/SIZE] [SIZE=3] සට සට ගාලා සමින්දිගෙන් වචන එළියට පැන්නා. මොන අවමගුලක්ද හත්වලාමෙ මේ..? කොහේ තියෙන තරහක්ද මෙයා මගෙන් පිරිමහන්න හදන්නෙ.. කොල්ලො ගාවින් අඩියක් ඉස්සරහට තියලා මං සමින්දි ළඟට ආවා. එයත් මූණ හතරැස් කරගෙන, ඇස් දෙකත් ලොකු කරගෙන මගේ දිහා බලන් හිටියෙ, මට මොනවද කරන්න ඕනෑ කියලා හිතාගන්න බැරිව වගේ.[/SIZE] [SIZE=3] “නැහැදිච්ච ආඩම්බරකාරයා කිව්වෙ මටද..?”[/SIZE] [SIZE=3] “ඔව්.. ඔයාට තමයි..”[/SIZE] [SIZE=3] “මොකක්ද මගේ නැහැදිච්චකම..?”[/SIZE] [SIZE=3] “නැහැදිච්චකම..? ඉස්කෝලෙ තිබ්බ ස්ලයිඩ් ටික හොරෙන් පන්නල, ඊට පස්සෙ ඒ ටික අතේ තියාගෙන ආවා මගෙත්තෙක්ක ඔට්ටු අල්ලන්න.. ඒවා නැහැදිච්ච වැඩ නෙමේද..? මහා ලොකු ජනප්රිය තරුව.. හුහ්.. සෙන්ට්රල් එකේ ඔයිට වැඩිය ජනප්රිය තරු නැද්ද මංදා.. ළමයින්ටත් පිස්සුනේ..”[/SIZE] [SIZE=3] සමින්දිගෙ කතාවට ප්රති උත්තර දෙන්න ඇම්ඩයි, පැතුමයි එක පාරටම කටවල් අරින්න හැදුවත් මං උං දෙන්නව නැවැත්තුවා. ඇටෑක් එක ඇවිල්ල තියෙන්නෙ බෙකම්ට.. බෙකම් කියන්නෙ ලේසියෙන් පස්සට යන කොල්ලෙක් නෙමෙයි.. සමින්දි තාම බෙකම්ගෙ වැඩ දැකල නෑ.[/SIZE] [SIZE=3] “නැහැදිච්චකමට අයිතිවෙන්න ඕන ඔය කියපු ටික නම් මට ප්රශ්නයක් නෑ..”[/SIZE] [SIZE=3] මං කාගෙවත් වගේ වගක් නැතුව කියල දැම්මා. සමින්දිගෙ ඇස් උඩ ගියා. එයාට කොහොමත් මං ඔය කියන හරුප තේරෙන්නෙ නෑ. එයා බබානේ.[/SIZE] [SIZE=3] “ඇයි..? ඇයි ඔයාට ප්රශ්නයක් නැත්තෙ..?”[/SIZE] [SIZE=3] “ඔයත් නැහැදිච්ච කෙනෙක් නිසා..”[/SIZE] [SIZE=3] “මං..? මං කොහොමද නැහැදිච්ච කෙනෙක් වෙන්නෙ..? ඒක ටිකක් ඕනවට වැඩි කතාවක්..”[/SIZE] [SIZE=3] “ඇයි මතක නැද්ද..? මේ ග්රවුන්ඩ් එකේදි මට මැච් එකක් තියෙද්දි, ඒක ගැනවත් හිතන්නෙ නැතුව මගේ බූට්ස් දෙක හොරකම් කරල, ඒක හොයල දෙන්නම් කියලා ඔට්ටු ඇල්ලුවෙ..? ආ.. මං එදා මැච් එක ප්ලේ කරේ වෙන බූට්ස් දෙකක් දාගෙන.. මගේ බූට් දෙක තිබ්බ නම් එදා රාහුලේ ටීම් එක ඔය තරම් වැඩර්ල වෙන්නෙත් නෑ. එතකොට ඒවා මොන වැඩද ආ..? නැහැදිච්ච වැඩ නෙමේ නම්.. ඒවා බලු වැඩ.. එහෙමනේ..?”[/SIZE] [SIZE=3] මං සමින්දි එහාට ඇගිල්ල දික් කරල කෑගැහුවා. එයා පුදුම වෙලා වගේ බලන් ඉන්දෙද්දි තමයි ඉන්කි මං ඉස්සරහට ආවෙ. ඉන්කි හිටියෙ හොඳටම අවුල් වෙලා.[/SIZE] [SIZE=3] “අ.. අනේ නවෝද්.. මෙතන රණ්ඩු වෙන්නෙපා.. මිනිස්සු පිරුණොත් අපි කාටත් හරි නෑනෙ..”[/SIZE] [SIZE=3] “ඒක ඔයාගෙ මහ ලොකු හෙඩ් ප්රිෆෙක්ට කියන්න.. මහා ලොකුවට ඉන්න සබ්බ සකලෙම දන්නව වගේ.. ඒ උනාට පුළුවන් ඇටිකෙහෙල් ගෙඩියක් නෑ..”[/SIZE] [SIZE=3] “මො.. මොනවද ඔ.. ඔයා කිව්වෙ..?”[/SIZE] [SIZE=3] සමින්දිට හොඳටම කේන්ති ගිහින් තිබ්බෙ.. එයා මං දිහාට අතක් උරුක් කරගෙන.[/SIZE] [SIZE=3] “අත ඉස්සුවෙ ගහන්නද..?”[/SIZE] [SIZE=3] මං සවුත්තුවට වගේ ඇහුවා. ඇම්ඩයි, පැතුමයි එහෙන් මෙහෙන් සමින්දිට නෝන්ඩි කතා කියනවා මට ඇහුණා.[/SIZE] [SIZE=3] “ඔව්.. ඇයි බැරිද..?”[/SIZE] [SIZE=3] “පුළුවන්ද කියා බලන්න ගහල බලමුකො..”[/SIZE] [SIZE=3] “ආ.. ගැහුවොත් වදින්නෙ නැද්ද..?”[/SIZE] [SIZE=3] සමින්දිගෙ මූණ සම්පූර්ණයෙන්ම රතු වෙලා තිබුණා. ඒ හිතේ කේන්තියටද, නැත්නම් දවල් දොළහට තියෙන අව්වෙ රස්නෙටද කියලා මට හිතාගන්න බැරිවුණා. කොහොම උනත් මට මොකෝ.. මගේ අතින් පයින් යන්නෑනේ.[/SIZE] [SIZE=3] “වදින එකක් නෑ..”[/SIZE] [SIZE=3] “ඇයි..?”[/SIZE] [SIZE=3] “ඊට කලින් මගෙන් ලෝන්ග් කික් එකක් වදිනවා ඔයාට මේ ගෝල් පෝස්ට් එකේ ඉඳලා, එහා ගෝල් පෝස්ට් එක ගාවට උඩින් වැටෙන්න.. ඒ වැටෙනකොට පස්ස බිම ඇනුනහම ඔයාගෙ මොලේ පෑදෙයි.. මොකද ඔයාගෙ මොලේ තියෙන්නෙ එතනනේ..”[/SIZE] [SIZE=3] “ම.. මං.. මං..”[/SIZE] [SIZE=3] කියාගෙන සමින්දි අත ගුලි කරන් මගේ මූණට පාරක් ගැහුවා. මේ බෙකම් බලන් හිටියා කියලද උඹලා හිතන්නෙ..? ලොවෙත් නෑ යකෝව්.. මං ඒ සියුමැලි අත, මගේ දකුනු අතින් තද කරලා අල්ලගෙන අනිත් පැත්තට ඇඹරුවා..[/SIZE] [SIZE=3] “අ.. අතාරින්න.. අතාරින්න මගේ අත..”[/SIZE] [SIZE=3] “මං මේක අල්ලගත්තෙ සඳහටම නෙමෙයි.. ඒත් එහෙම සඳහටම අල්ලගන්න ඕන අතුත් තියෙනවා.. හැබැයි ඔයා වගේ ජරා කෙල්ලෙක්ගෙ නෙමෙයි..”[/SIZE] [SIZE=3] “ම.. මට රිදෙනවා.. ඌයි..”[/SIZE] [SIZE=3] අත තවත් ටිකක් පස්සට අඹරද්දි, සමින්දි වේදනාවෙන් කෑගැහුවා.. ඉන්කියි, බාලිකාවෙ අනිත් කෙල්ලො දෙන්නයි ගල්වෙලා බලන් හිටියෙ, මගේ කොල්ලො හතරදෙනා නම් සුපිරි ගතියක් ගන්නවා කියලා මට හිතුණා මගේ ක්රියා කලාපය හන්දා.[/SIZE] [SIZE=3] “මීට පස්සෙවත් අත පය උස්සන්න කලින් හිතනවා කාත්තෙක්කද හැප්පෙන්නෙ කියලා.. මොකද මම බාලිකාවෙ නෙමෙයි.. වැඩිය දැගලුවොත් අත් දෙක කඩනවා බොංචි කඩනව වගේ..”[/SIZE] [SIZE=3] “ම.. මට රිදෙනවා.. මාව අතාරිනවා.. නැහැදිච්ච එකා.. අයියෝ...”[/SIZE] [SIZE=3] මං සමින්දිගෙ අත තවත් ටිකක් අඹරලා, එයාගෙ පිටට අත තියලා ඉන්කි දිහාට තල්ලු කරලා දැම්මා. ඒ තල්ලු කිරීමට මූලික හේතුව උනේ, නැහැදිච්ච එකා කියලා මට කියපු වචන දෙක. මගේ තල්ලුවෙන් විසි වෙලා ආපු සමින්දිව, ඉන්කි බොහොම අමාරුවෙන් අල්ල ගත්තා. ඒ අල්ල ගත්තු ඉන්කිව පැත්තකට තල්ලු කරල දාලා, සමින්දි මං ඉස්සරහට ආයෙත් ආවා. ඒ ඇස් දෙකේ මං වෙනුවෙන් ඉපදිච්ච කේන්තිය, මහවැලි ගංගාව වගේ දෝරෙ ගලනවා මං දැක්කා. මේකිට දැන් මාව දුන්නොත් අමුවෙන් හරි කනවා. ඒකෙ දෙකක් නෑ.[/SIZE] [SIZE=3] “මං.. මං.. ඔයාට කරන වැඩේ බලාගන්නවකො..”[/SIZE] [SIZE=3] “මං මොනව කරාටද..?”[/SIZE] [SIZE=3] “මොනව කරාටද..? ඇයි මගේ ඇඟට අත තිබ්බට.. මං යනවා පොලීසි..”[/SIZE] [SIZE=3] “අපොයි.. එකට දෙපාරක් යනවා.. මට මොකෝ.. අනික දන්න කියන මනුස්සයෙක් ඔය ඇඟට අත තියන්නෑ මං අත තිබ්බට.. ඕකත් ෆිගර් එකක්ද හලෝ.. ආ.. ඔයා හිතන් ඉන්නෙ ඔයා ලස්සනයි කියලද..? ඒවා බාලිකාවට.. තේරුණාද..?”[/SIZE] [SIZE=3] මං සමින්දිව කපලම දැම්මා.. ආයෙ කොන්තරාත් ක්රමේට පස්සට කෑල්ලක් තියාගත්තෙ නෑ. සමින්දිගෙ මූණ රතු පාටින් දම් පාටට හැරුණා. මං අඹරපු අත, අනිත් අතින් අත ගගා, එයා ගිනි පිටවෙන ඇස්වලින් මං දිහා බලන් හිටියා. ඔහොම යං බෙකම්.. ඔහොම යං.. ඒත් තවත් දුරට මට ඕන හැටියට සමින්දිට කියවන්න හම්බවුණේ නෑ. සුපුරුදු විදියටම ඇම්ඩට බලන් ඉඳලා ඇතිවෙලාද කොහෙද මැද්දට පැන්නා.[/SIZE] [SIZE=3] “මේ.. ඔය නෝනා මහත්තයා අද ආවෙ දුවන්නද..? නැත්නම් අපේ බෙකම් එක්ක රණ්ඩු වෙන්නද..? කරුණාකරලා තමන් දාපු බෙට් එක පරාද වුණා නම්, ඒ ගිවිස ගත්තු දේවල් ඒ විදියටම කරනවා.. නැත්නම් බලන් ඉන්න අපිටයි ලැජ්ජා..”[/SIZE] [SIZE=3] “ඒකනේ ඇම්ඩා.. බෙකමුයි, අපියි ආවෙ මෙයා පණ කඩාගෙන දුවනවා බලන්න මිසක් රණ්ඩුවෙන්න නෙමෙයිනේ.. අනික ඔය කියවන කතන්දර ගැන හිතන්න තිබ්බෙ, බෙට් එක දාන්න කලින්නේ.. අනේ මංදා මෙයාට කවුරු මේ හෙඩ් ප්රිෆෙක්ට් කම දුන්නද කියලා.. යසට ඇති ඉස්කෝලෙ නම්..”[/SIZE] [SIZE=3] ඇම්ඩට එහා යන උත්තරයක් මාධව දෙද්දි, සමින්දි අක්කා යටිතොල විකාගන්නවා මං දැක්කා. පොතේ හැටියට නම්, මෙතන එල්ලෙන්න වැලක් තිබුණා නම් කෙල්ල එල්ලෙනවා.. ආයෙ ඒකෙ හිතන්න දෙයක් නෑ..[/SIZE] [SIZE=3] “ඉන්කි..?”[/SIZE] [SIZE=3] “ඇයි.. ඇයි සමින්දි අක්කෙ..?”[/SIZE] [SIZE=3] “ඔ.. ඔයා මගේ රවුම් ගාණ ගණන් කරන්න.. හහ්.. මං.. මං ක්රියාවෙන්ම පෙන්නන්නම්.. මගේ ප්රිෆෙක්ට්කමට මං සුදුසුයි කියලා.. හ්ම්..”[/SIZE] [SIZE=3] තවත් දුරට අපිත්තෙක්ක ඇවිලෙන එක තරම් ගොන්කමක් තවත් නෑ කියලා සමින්දිට තේරෙන්න ඇති. ඒකයි කෙල්ල සියලු දෝෂ නිවාරණයි වගේ, ධාවන පතයට බැස්සෙ.[/SIZE] [SIZE=3] “බෙකම්.. මෙන්න මෙයා දුවන්නයි හදන්නෙ..?”[/SIZE] [SIZE=3] “හයියෝ.. දෙයියනේ.. බාලිකාවෙ අති උත්තම ප්රිෆෙක්ට් නෝනද මේ දුවන්න සැරසෙන්නෙ.. හහ්.. හහ්.. හා..”[/SIZE] [SIZE=3] “ඕන ඔට්ටුවක් බෙකම්.. මුන්දෑ රවුම් විස්සක් දුවන්නෑ.. හයියෝ... සල්ලි..”[/SIZE] [SIZE=3] සියලු නින්දා අපහාස, ගැරහිලි, නෝන්ඩි, කෝචොක් ඔය සැමදේම අතරින් සමින්දි අක්කා ඉවෙන්ට් එක පටන් ගත්තා. කොල්ලො ටික තාලෙට ක්ලැප් කරද්දි, ඉන්කියි බාලිකාවෙ අනිත් කෙල්ලො දෙන්නයි, කරන්න ඕනි මොනවද කියලා හිතාගන්න බැරිව ගල්වෙලා හිටියා.[/SIZE] [SIZE=3] “කමෝන්.. මගේ උක්කු අම්මා.. ඔයා සීදේවි.. ඔය චූටි රෝස පතුල් රිදෙයි.. මගේ හදවත ඌයියා වෙයි.. අයියෝ..”[/SIZE] [SIZE=3] “තව ඩිංගයි.. තව ඩිංගයි.. ඔහොම දුවමු.. ඔහොම දුවමු..”[/SIZE] [SIZE=3] රවුමක් දුවලා අපිව පහුකරගෙන යන සමින්දිට ඇම්ඩයි, බලයයි නානාප්රකාර දේවල් කියනවා.. මූණ හොඳටම සවුත්තු කරගෙන, යටිතොල් විකාගෙන සමින්දි දුවන්නෙ, මාව මරන තරමෙ කේන්තියකින් කියලා මට තේරුණා. ඒත් ඉතිං හත්තිලව්වෙ මේක බලෙන් ඇදගෙන දාගත්තෙ එයානේ..[/SIZE] [SIZE=3] “බෙකම්..”[/SIZE] [SIZE=3] පිට්ටනිය වටේ රවුම් පහක් විතර සමින්දි දුවද්දි, පැතුම්ගෙ කටහඬ මට ඇහුණා.[/SIZE] [SIZE=3] “මේ ඌට නිදහසේ සමින්දිගෙ රංගනේ බලන්න දීපං..”[/SIZE] [SIZE=3] “මාධවයා.. උඹ මට නිතරම බාධා කරලා මගෙන් මැරුම් කන්නෙපා.. ඇයි යකෝ.. බෙකම් උඹේ වස්තුවක්ද..?”[/SIZE] [SIZE=3] “නෑ.. මගේ නම් නෙමෙයි.. ආන් අර දුවන බඩ්ඩගෙ..”[/SIZE] [SIZE=3] “මාධව.. ඕන්නැති කතා නොකිය හිටපං.. ඕක ඇහුණොත් ඇති... සමින්දිට මාව බයිට් එකට ගන්න.. ආ පැතුම්.. උඹ මොකක්ද කියන්න ආවෙ..?”[/SIZE] [SIZE=3] “තව පොඩ්ඩෙන් ඒකත් අමතක වෙනවා බෙකම්.. කොහෙද මේ පාංකිරිත්තා මැද්දට පැන්නනේ..”[/SIZE] [SIZE=3] “හරි.. හරි.. කියන්න ආපු දේ කියපං වද කාරයා..”[/SIZE] [SIZE=3] “උඹට කියන්න බෙකම්.. උඹ සමින්දිගෙ අත අල්ලලා ඇඹරුවනේ..”[/SIZE] [SIZE=3] “ඉතිං..?”[/SIZE] [SIZE=3] “ඒකි කිව්වනේ පොලීසියට කියනව කියලා..”[/SIZE] [SIZE=3] “ඉතිං..?”[/SIZE] [SIZE=3] “ඒ කතාව ඇහුණම මට මතක් වුණේ අපේ මාමට වෙච්චි දේ..”[/SIZE] [SIZE=3] පැතුමා උගුර පාදගත්තා.. එතකොටම තමයි සමින්දි අක්කා දහ වෙනි රවුම, උට්ඨාන විර්යයෙන් පහු කරගෙන දිව්වෙ. පව් කියලත් හිතෙනවා අප්පා.. ඒත් ඉතිං ඉල්ලගෙන කන ඒවට අපි කියල මොනව කරන්නද හාන්දුරුවනේ..[/SIZE] [SIZE=3] “උඹලගෙ මාමා කිව්වෙ..?”[/SIZE] [SIZE=3] ඒ පාර මෙලෝ සිහියක් පතක් නැතුව සමින්දි අක්කා දුවන දිහා බලන් ඉඳපු බලයා කතාවට එක්කහු උනා.[/SIZE] [SIZE=3] “මාමා..? අපේ ඈතින් අයියා වෙන කෙනෙක්ගෙ.. බාප්පා බැඳපු පුංචි අම්මගෙ නංගිගෙ යාලුවෙක්ගෙ, ලොකු තාත්තා කෙනෙක් ඉන්නවා.. ඒ ලොකු තාත්තගෙ කසාඳ නොබැඳපු දුවගෙ යාලු කොල්ලගෙ අම්මගෙ මල්ලි තමා ඒ මාමා.. හරිය.. දැන් උඹට තේරුණාද බලයා..”[/SIZE] [SIZE=3] ඒ නෑදෑකම අහල මගේ ඔලුව මඤ්ඤං උනා. මුගේ කටට මේ වචන කොහෙන් එනවද මංදා.. බලයට නම් මාමව නෙමේ නැන්දවත් එපා වෙන්න ඇති ඒ කතාවෙන්.[/SIZE] [SIZE=3] “හරි.. හරි.. ඒ උඹලගෙ මාමා.. ඉතිං ඒ වහුකුනාට මොකද උනේ..?”[/SIZE] [SIZE=3] “උඹට කියන්න බලයා.. ඌ උසාවියෙන් දඬයක් කෑවනේ..”[/SIZE] [SIZE=3] “ඇයි මෝටර් සයිකලේ සයිකල් ඉන්ෂුවර්න්ස් නැතුව ගිහිල්ලද..?”[/SIZE] [SIZE=3] “හෙල්මට් එක අතේ දාන් ගිහිල්ලද..?”[/SIZE] [SIZE=3] “සුදු ඉර කපලද..?”[/SIZE] [SIZE=3] “පිස්සුද බාං..... ඌ මේ ගෑණියෙක්ව ඉඹලා..”[/SIZE] [SIZE=3] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom