Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
| සොඳුරු නවෝදය 2 | ආදරණිය බෙකම් |
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“බෙකම්.. මොනවද බං මෙයා මේ කියවන්නෙ..? බලපං.. පෙරේතයා පොලේ ගැහුව වගේ වැටිච්ච හින්දා ඔලුව කොහේ හරි හයියෙන් වැදිලද කියලා..”

චමිල් අපි ළඟට ඇවිල්ලා කිව්වත්, ඒකට ඌන පූරනේ දුන්නෙ නාලක.

“ඔලුව නෙමේ බං පස්ස පැත්ත. එතනින්නෙ මෙයා තීරණ ගන්නෙ..”

“මේ වගේ එව්වොන්ට නම් පාරෙ මැරිලා හිටියත් මෝචරියටවත් ගිහින් දාන්න හොඳ නෑ.. කෙලෙහි ගුණයක් දන්නැති එවුන්..”

“අපි යමු බෙකම්.. මේ වගේ ගඳයො ඉන්න තැන්වල හිටියහම අපි නිකම්ම ගඳයො වෙනවා..”

වැඩේ කියන්නෙකොල්ලො සෙට් එක මේ තරම් දේවල් කියද්දිත් සමින්දි වචනයක්වත් කතා නොකරපු එක. එයාගෙ ඇස් මාරුවෙන් මාරුවට අපි අතරෙ පාවෙලා ගියා. ඒත් ඒ වෙලාවෙ නම් ඒ මූණෙ තරහක් නෑ කියලා මට හිතුණා.

“එහෙනම් අපි යනවා.. ඔයාගෙ බෙට් එකෙන් ඔයා හොඳටම පරාදයි.. තේරුණාද..? අඩුගානෙ ඔයාට රවුම් විස්සක්වත් දුවගන්න බැරි උනා, රවුම් සීය කෙසේ වෙතත්.. අනික ඔයා මතක තියාගන්න.. පිට්ටෙනියෙ ඔයා වැටිලා ඉද්දි පැවිලියන් එකට උස්සගෙන ආවෙ මනුස්සකමට මිසක් ආතල් එකක් ගන්න නෙමේ කියලා.”

“ඔ.. ඔයාලා මට බැන්නනේ.. හූ කිව්වනේ.. මං ඔයාලත් එක්ක තරහෙන් හිටියෙ.. දැ.. දැන් උනත් මං හිතුවෙ මං දුවනකොට ඔයාලා මට මොනව හරි කරන්න ඇති කියල.. මොකද මං ජීවිතේට ෆේන්ට් වෙලා නෑ.. මීටත් වැඩිය අව්ව සැර වෙලාවල් වල මං ග්රවුන්ඩ් එකේ ඉඳලා තියෙනවා..”

කොල්ලො ටික ඒ වෙනකොටත් පැවිලියන් එකෙන් එළියට ගිහිල්ලා තිබුණා. ඇම්ඩයි, පැතුමයි නම් සිරාවටම සමින්දි එක්ක මල පැනලා හිටියෙ. උං මට එන්න එන්න කියලා අතින් කතා කරද්දිත් මොන හේතුවකටද මංදා සමින්දිත් එක්ක තවත් ටිකක් කතා කරන්න මට හිතුණා.

“අව්ව සැර වොලාවල් වල ඉන්න ඇති.. ඒත් ඒ වගේ වෙලාවල් වල මේ වගේ දුවලා තිබුණෙ නෑනෙ.. තේරුම් ගන්න.. තමන්ට පුළුවන් වගේම බැරි දේවලුත් තියෙනව කියලා.. තමන්ගෙ උද්දච්චකමට ඒ වගේ බැරි දේවල් පුළුවන් කියලා කරන්න ගියාම ජීවිතේ උනත් නාස්ති වෙලා යන්න පුළුවන්.. ඒක මෙතෙන්ට විතරක් නෙමෙයි.. ඔයාගෙ ඉදිරි ජීවිතේට ඒ දේ වැදගත් වෙයි.. තමන්ට බැරි නම් බෑ කියලා පැත්තකට වෙන එක ඔහොම පිට්ටෙනි ගානෙ වැටෙනවට වැඩිය නම්බුකාරයි..”

සමින්දි අක්කා ඇහිපිල්ලමක්වත් ගහන්නෙ නැතුව මං දිහා බලන් හිටියා. ඒ ඇස්වල තියේනනෙ මිත්රශීලී හැඟීමක්ද එහෙමත් නැත්නම් හිස් බවක්ද කියලා මට හිතාගන්න බැරිවුණා. ඉන්කියි අර අනිත් කෙල්ලො දෙන්නයි ඒ වෙනකොටත් පැවිලියන් එකේ බිම වාඩිවෙලා හිටියෙ. හිටගෙන හිටියෙ මායි සමින්දියි විතරයි.

“එ.. එතකොට ඔයා කියන්නෙ ජීවිතේට එන චැලේන්ජ් බාරගන්න එපා කියලද..?”

“බාරගන්න..! හැබැයි ඒ එන දේවල් අතරෙ අපිට කරන්න පුළුවන් වගේම බැරි දේවලුත් තියෙනවා. අපි ඔලුව පාවිච්චි කරල බැරි දේවල් වලින් අයින් වෙන්නෝන.. නැත්නම් අපි විනාස වෙලා යනවා..”

මහා දාර්ශනික, උගත් පඬිවරයෙක් වගේ මං කියවන් ගියා. සමින්දි වගේම ඉන්කිත් කට ඇරගෙන අහගෙන ඉන්න හැටි මං දැක්කා. ඔය තියෙන්නෙ කෑවයි.

“කොහොම උනත් ඔයාගෙ උත්සාහයට මං ගරු කරනවා. හැබැයි ඉතිං මං ඔයාව උස්සගෙන ආපු එක ඔයාගෙ ප්රින්සිපල් මැඩම් දැක්කා නම් කියලා ඔයා බයවෙලා කෑගැහුවට, අර මං කලින් කිව්ව වගේ ඩිංගක් හරි හිතල තිබ්බා නම් එහෙම බයවෙන්න ඕන නෑ තේරුණාද..?”

ගල් පිළිමෙ සහ හිටි පිළිමෙ වගේ සමින්දි අක්කා මං දිහා බලන් හිටියා මිසක වචනයක්වත් කිව්වෙ නෑ.

“එහෙනම් ඉතිං අපේ සියලු ගණුදෙනු අවසානයි. මම යන්නයි හදන්නෙ. ඔයාට ගෙදර යන්න පුළුවන්ද..? මං ත්රීවිල් එකකට එන්න කියන්නද..?”

ඒත් තාමත් සමින්දිගෙ ඇස් තිබ්බෙ මගේ මූණෙ. එයා වශි වෙලා වගේ ආතක් පාතක් නැතුව බලන් හිටියෙ.

“මේ හලෝ.. මොකද වෙලා තියෙන්නෙ..?”

මැද ඇඟිල්ලයි, මාපටඟිල්ලයි එකට වද්දලා එයාගෙ මූණ ඉස්සරහින් අසුරු ගහන ගමන් මං ඇහුවා. මෙච්චර වෙලා හිටපු නින්දකින් ඇහැරුනා වගේ පුදුමයට පත්වෙච්චි ගතියක් ඒ මූණෙ තිබ්බෙ. ඒ කියන්නෙ මං තලපතා වගේ දීපු ධර්ම දේශනාව මෙයාගෙ උගුරෙන් පහලටවත් ගියේ නැද්ද අප්පා. අර පැතුමා නිතරම කියනව වගේ, මටත් කියන්න වෙන්නෙ අයියෝ සල්ලි කියල තමා.

“මේ.. මං ත්රීවිල් එකකට එන්න කියන්නද..?”

මං ආයෙත් පාරක් සමින්දිගෙන් ඇහුවා. ඒත් එයා වචනයක්වත් කතා කරේ නෑ. මං ඊගාවට බැලුවෙ ඉන්කි දිහා.

“ඉන්කි..! මොකද මෙයාට වෙලා තියෙන්නෙ.. මගේ කතාව දිරවගන්න බැරි වෙලාද ආ..?”

“දන්නෑ නවෝද්.. ඔයාලා යන්න.. අපි සමින්දි අක්කි එක්ක එන්නම්..”

තවත් පාරක් සමින්දි දිහා බලලා මං පැවිලියන් එකෙන් එළියට ආවා. ඒ එන ගමනුත් මං හැරිලා බලද්දි සමින්දි මං දිහා බලන් ඉන්නවා මං දැක්කා.

“මොන අල ගෙඩියක් කරාද බං මෙච්චර වෙලා..?”

මං දැක්කා විතරයි බලයා කඩාගෙන පැන්නා.

“මං අරකිට හොඳට කියලා දීලා ආවෙ..”

“කියලා දීලා..? අනේ නිකං ඉඳපං බෙකම්..”

“ඇයි ඇම්ඩා..?”

“ඕවා මහ වාත වැඩ.. කොයි වෙලාවකවත් කෙල්ලොන්ව දැනුවත් කරන්න යන්නෙපා.. ඒක හිතට වගේම ඇඟටත් ගුණයි. උංට දේවල් කියල දීලා, උංව හරි මගට අරගෙන, උං ඒ විදියට හැඩ ගැහෙනකොට අපිට එල්ලෙන්න වැලක්වත් නැති වෙනවා..”

බලන් ගියාම ඇම්ඩගෙ කතාවෙ ඇති වැරැද්දකුත් නෑ.. මං කට වහගත්තෙ ඒකයි.. ඒ එක්කම තමයි පැතුම් කට ඇරියෙ..

“එහෙනම්.. මහා සරඹ සංදර්ශනය අවසානයි. මෙතනින් එහාට ජීවිතේ කොයිබටද හිතවත් මිත්ර බලයා...”

“ස්තුතියි මගේ සහයක පැතුමා.. අපි ශතවර්ෂ ගණනාවක් ආපස්සට ගොස් හැරී බැලූ කල, අපිට සිහියට නැගෙන්නේ මොනවද..? අපේ ගතට දැනෙන්නේ මොනවද..?”

“මොන මල හත්තිලව්වක්වත් නෙමේ බලයා.. බඩගින්න.. සුදහ ගින්නදර.. මා හිත මිතුරනි.. දැන් අපි රහුමානියා හෝටලයට නොයා, මෙතන සිට කුමන අල ගෙඩියක් කරන්නේද..?”

ඇත්තටම මුංට පිස්සු.. ඒත් බලයයි, පැතුමයි කතාවෙච්ච විදියෙ බඩගින්නක් නම් මටත් තිබුණා.

“එහෙනම් ඉතිං යමල්ලා.. හැබැයි තොපිට ඔන්න මං මුලින්ම කිව්වා.. මගේ අතේ නම් තඹ දොයිතුවක්වත් නෑ.. සල්ලි ඉල්ලලා මගේ ඊරිමාංසෙ කන්නෙපා..”

පැතුමා කලිසන් සාක්කු දෙක එළියටම ඇද්දා.. තඹ දොයිතුවක් තියා, මොන මල ඉලව්වක්වත් ඒකෙ තියෙන්න විදියක් නෑ.. ඇයි කිව්වොත් සාක්කු දෙකේම මහා පත හිල් දෙකක්. අපි පස්දෙනා පරණපාර දිගේ හෙමි හෙමීට ඇවිදගෙන ආවා. ඇත්තටම මේ ගෙවන ජීවිතේ අපට ගත කරන්න වෙන්නෙ තව කොයි තරම් ඩිංග කාලයක්ද..? අපි සමාජයට ගියහම අපිට වගකීම් වැඩිවෙනකොට, සල්ලි පස්සෙ අපි වෙලාවක් කලාවක් නැතුව දුවනකොට, මේ ගෙවිල යන ආදරණිය ජීවිතේ, මේ පරණ පන සේ ඉන්න ආදරණිය යාළුවා.. කොයි තරම් ඈතකට විසිවෙලා යයිද.. මට හිතාගන්න බැරිවුණා.

“බෙකම්.. මොකෝ කල්පනාව..”

“කල්පනා කරන්න දේවල්ද මාධවයා ඌට නැත්තෙ.. බාලිකාවෙ හෙඩ් ප්රිෆෙක්ට් හිටියෙ උගේ කකුලෙ.. අනේ ඔන්න උඹල මගෙන් කැත ප්රශ්න අහන්නෙපා.. ඒකි කකුලෙ ඉඳගෙන බෙකම්ට මොන සුර සැපක් දුන්නද කියල.. අම්මප.. මට හරියට ලැජ්ජ හිතෙනවා.. මේ බලාපියව්.. මගේ මයිල් කෙලින් වෙලා..”

“පැතුමා.. උඹේ මයිල් කෙලින් උනේ... අර ඉන්කිත් එක්ක ආපු වහතු කෑලි දෙක දැකලනේ.. අපිට නිකං මොත්තෙ දාන්නෙපා හරිය..”

“අඩෝ ඇම්ඩා.. උඹ මාව ස්ත්රී දූෂකයෙක් කරන්නෙපා හරිය.. මං උඹව දූෂණය කරලා වැලිකඩ යනවා.. තේරුණානේ.. ඒක හන්දා කට වහගෙන සිද්ධවෙන දේවල් දිහා ඇහැ කන පියාගෙන හිටපිය.. නිකං පව් පුරෝගන්නැතුව..”

“හැබෑට බෙකම්.. ඒකි උඹේ කකුල් දෙක උඩ ඉන්නකොට උඹට මොකද හිතුණෙ..?”

“මොනවද බලයා.. පට්ට සැප තමා.. නැද්ද බෙකම්..?”

කතා කරන්න ඕන දේවලුයි, නැති දේවලුයි හැමදේම කියවලා අන්තිමට මගෙන් වඳුරු කුණුහරුප අහනවා.. මං අහක බලාගත්තා..

“කොහොම උනත් දාඩිය ගලලා තියෙද්දි ඒකිගෙ ඇඟ මාර ගති නේද බෙකම්..? ඉස්ම යන්න ආදරේ හිතෙනවා.. මට සහලෝලා උණ ගන්න වගේනේ බං..”

“පැතුමා.. ආයෙ උඹ සමින්දි අක්කා ගැන එක වචනයක් කතා කරොත් මං උඹගෙ කලිසම ඔලුවෙන් ගලෝනවා.. තේරුණානේ..?”

“හොඳටම තේරුණා බෙකම්..”

පරම හතුරක්කාරයා වුණත් මිත්ර සමාගම ඇතුළෙ සමින්දිව තව තවත් සවුත්තු කරන්න ඕන නෑ කියලා මට හිතුණා.

“අ..ඩෝ..ව්..”

පරණ පාරෙ ඉඳලා බීච් එකට යන අතුරු පාරක කොනකින් ආපු ඒ ආතල් වචනෙත් එක්කම අපි පස් දෙනා නතර වුණා. ඒ සුහද ආමන්ත්රණේ කාගෙද අප්පා.

“චතුරංගයා නේද..?”

“හ්ම්.. මූ කණ පැලෙන්න බීලා වගෙයි..”

“යකෝ.. මේ පට්ට දවාලෙ බොන්නෙ, මුගේ අන්ඩ කොෂෙ මොකක් හරි අවුලක්ද..?”

අතුරු පාරෙ හිටියෙ චතුරංගයයි, උගේ බාස්කට් බෝල් ටීම් එකේ කොල්ලො හතර දෙනෙකුයි.. චතුරංගයා වගේම උනුත් සලුවෙලා කියලා මට තේරුණා.

“ඌ ගේම ඉල්ලන්න වගේ බෙකම්.. මොකෝ කියන්නෙ..? ඕන නම් කට්ටියටම කැඩුම් බිඳුම් වෙද මහත්තයා ගාවට යන්න දෙමු..”

“ඕන්නෑ නාලක.. අපි යමු.. ඌ අපිට නම් කියල කතා කරේ නෑ..”

කොහොමටත් චතුරංග එක්ක පටලැවෙන්න මගේ කිසිම අදහසක් තිබ්බෙ නෑ.. අපි පස්දෙනාම ආයෙත් පරණ පාර දිගේ ඉස්සරහට ආවා. ඒ චතුරංගයව සත පහකටවත් ගණන් ගන්නැතුව.. ඒත් අපි හිතුවෙ නැති විදියට චතුරංග, වෙනින් අතුරු පාරකින් ඇවිල්ලා අපේ ගමන හරස් කරා.

“බෙකම්.. බලුවැඩ කරන්නෙපා ඩෝ..”

ඇස් ගෙඩි දෙක ගොරකා මද දෙකක් වගේ තද රතුපාට කරගෙන වචනත් එහෙට මෙහෙට පටලවගෙන චතුරංග මගේ මූණට එබුණා. ඒ එක්කම තමයි කොල්ලො ටික චතුරංගයව වට කරේ.. ලොවෙත් නෑ.. අද මූට කන්න වෙනවා..

“මොකක්ද මං උඹට කරපු බලු වැඩේ..? අද දහයෙ පංතියෙ නිලංකාව සෙට් කරගන්න නොදීපු එකද..?”

“ඔව්.. ඔව්.. ඒක තමයි.. උඹ හින්ද තමයි ඒකි මට අකමැති.. අඩෝ බෙකම්.. මට බාල්දි දාන්න එපා යකෝ.. මාත් කොල්ලෙක්.. උඹ වගේම මාත් ආසයි කෙල්ලෙක් එක්ක ඩිංගක් විනෝද වෙන්න..”

තුන් හතර පාරක් කාර කාර බිමට කෙල ගහන ගමන් චතුරංග කියනවා.. මූට නම් ඇත්තටම පිස්සු.. ඇම්ඩා නම් බලන් හිටියෙ ඌට එක වචනයක් වරදිනකං..

“නිලංකා උඹට අකැමැති මං හින්දා නෙමෙයි.. ඒකිගෙ කොල්ලා මිලාන් හින්දා.. තේරුණාද..? නිකං ඇදගෙන නාන්නෙපා ඩෝ.. කෑවා බීවා නම් ගෙදර පල.. අපිට පව් දෙන්නැතුව..”

“මොනවද ඩෝ උඹ කිව්වෙ..?”

චතුරංග ඉස්සරහට ඇවිත් මගේ කොලර් එකෙන් අල්ලන්න හැදුවා. ඒත් ඊට කලින් ඇම්ඩයි, පැතුමයි ඉස්සර උනා. වැඩිම උනොත් විනාඩියක් දෙකක් යන්නැති.. බාස්කට් බෝල් ටීම් එකේ පස්දෙනාගෙන් චතුරංගත් එක්ක තව දෙන්නෙක් බිම. අනිත් එව්වො දෙන්නා පැනලා දිව්වා. අඩුගානෙ කටක් ඇරලා ගහන්නෙපා කියල කියන්නවත් මට වෙලාවක් තිබ්බෙ නෑ.

“අපි ඉන්නකන් බෙකම්ගෙ ඇඟට මැස්සෙක්වත් වහන්න දෙන්නෑ ඩෝ.. ඒක දැනගනිං..”

බිම වැටිලා හිටපු චතුරංගගෙ කට වැහෙන විදියට මූන මැද්දෙන්ම අල්ලලා ඇම්ඩා කෑගැහුවා.

“උඹ දැන් දවස් ගාණක්ම ඔය ටික කරගන්න හැදලුවා.. හොඳට දැනගනිං.. කෙල්ලෙක් නිසා කොල්ලෙක් එක්ක ඇරගන්න එන්නෙ නපුංසකයො කියලා.. යකෝ මුස්පේන්තුවා.. උඹට අපේ ඉස්කෝලෙ බාස්කට් බෝල් ටීම් එකේ ලීඩර් ෂිප් එක දුන්නෙ කවුද.. උඹව ගේම ගඳයෙක් වෙන්නැති..”

ඒ පාර පැතුම් සොරොව්ව ඇරියා. චතුරංග මොනවදෝ කියන්න කට අරිද්දිම ඇම්ඩා පහත්වෙලා චතුරංගව කෙලින් කරලා ගත්තා.

“තෝව අතාරින්නෙ, බෙහෙතකට හරි අපේ ඉස්කෝලෙ කොල්ලෙක් වුණ හින්දා..මොනවද යකෝ.. දැන් ලංකාවෙ එක කොල්ලෙකුට කෙල්ලො දහයක් විතර ඉන්නවා.. ඔය දහය වසරෙ බටු ඇට බහින්නැතුව හොඳ දාර එකකට බැහැපිය.. කාලකන්නියා..”

ඇම්ඩයි, පැතුමයි කොයි තරම් බැන්නත්, චතුරංගගෙ ඇස් තිබ්බෙ මගේ මූණෙ. ඌ මොනවදෝ කියන්න හදනවා.

“බෙකම්..”

“ඇයි..?”

“උඹ හේනම් කෙල්ලෙක් හන්ද, කොල්ලො දාලා මට ගැස්සෙව්වෙ.. ආ..?”

“චතුරංග.. උඹ ඉල්ලං කෑවා මිසක මම උඹට ගැස්සුවෙ නෑ.. හැබැයි එකක් මතක තියාගනිං.. ඉස්කෝල වැදගත් ක්රීඩාවක ඉහල තනතුරක් දරන උඹ වගේ එකෙක් අපේ විනය සර්ට හරි පිනා සර්ට හරි මේ විදියට ඉන්නවා අහුවුනොත් උඹේ ක්රීඩාවට සොරි ඩොට් කොම් කියලා..”

බාගෙට ගුටි කාලා මල පෙරේතය වගේ හිටියත්, මගේ කතාවෙන් චතුරංගයගෙ ඇස් ඇරුණා.

“ඒ කියන්නෙ උඹ මේක විනයටයි, පිනාටයි කියනව.. ඈ.. උංට කියල උඹ මට කොරයි..”

“චතුරංග මේ.. උඹ හිතුවද මාත් උඹ වගේ නපුංසකයෙක් කියලා.. ආ.. මට කාටවත් කියලා උඹට කොරන්න ඕන නෑ.. දැනගනිං.. මට යස අගේට පුළුවන් උඹට හතර ගාතෙ දාලා බිමට ඇඳන් වැටෙන්න දෙන්න..”

මගේ සැරත් එක්කම චතුරංග සද්දෙ වහගත්තා.. උගේ කට කොනකින් ලේ බිංදු දෙක තුනක් එළියට ඇවිල්ලා තිබුණා. සමහර විට කට ඇතුළ පුපුරල ඇති.

“හොඳයි මං පස්සෙ බලාගන්නම්කො..”

“මොනවද ඩෝ පස්සෙ බලන්නෙ.. බලාගන්න දෙයක් දැන්ම බලපිය..”

ආයිත් ඇම්ඩා මැද්දට පැන්නා. මං බොහොම අමාරුවෙන් ඌව ෂේප් කර ගනිද්දි චතුරංග ඇවිත් කොල්ලො දෙන්නෙක් එක්ක ආයතේ බීච් එක පැත්තට ගියා.

“ෂිහ්.. ඌට තව දෙකක් ඇනගන්න බැරි උනානේ.. කොහෙද.. මේ බෙකම් පනිනවනේ අතේ පයේ හිරි ඇරගන්න හදනකොටම..”

පැතුම්, තාමත් විස්සෝප වෙනවා.. චතුරංගයා ගියේ හිතේ කේන්තියෙන් කියල දැනුනත්, අපි කවුරුවත් ඒක ගණන් ගත්තෙ නෑ. ඌට පුලුවන් දෙයක් ඌ කරපුවාවෙ.. ආයෙ ශිල්ප දක්වන්න ආවොත් දෙන එක දෙනවා, මාසයක් කැඬුම් බිඳුම් වෙද මහත්තයෙක් ගාවඉ න්න.

“බෙකම්..”

රහුමානියා හෝටලේදි තෝසෙ දෙකකට එක පාර වග කියන ගමන් ඇම්ඩා තවත් කට ඇරියා. කටේ කෑම පුරවගෙන ඉන්න හන්ද කියන මගුලක් තේරෙන්නෑ.. අනික මට පරාණ බයයි මූට තෝසෙ කෑල්ලක් හිරවෙලා වැලිගම්පිටි යන්න වෙයි කියලා.

“කරුණාකරලා කතා කරපං..”

දැන් ඩිංගකට කලින් චතුරංගයට නැවකට නෙළල මූ සාන්ත දාන්තව ඉන්න අපූරුව.

“බෙකම්.. ටිකට් පොත් ටික හෙට හම්බවෙයි..”

කටේ කෑම තියාගෙන උනත් ඇම්ඩා කිව්වෙ හද පිනා යන කතාවක්. මං කීයටවත් හිතුවෙ නෑ මේකා මේ තරමට ක්රියාශීලී වෙලා ඇති කියල.

“නියමයි නාලකයා.. අපි ඊට පස්සෙ ඕවා ක්ෂණිකව අලෙවි කරන්නෝන..”

එතැන ඉඳලා අපි අතරෙ කතාවක් ගියේ දැල්ලා අංකල් වෙනුවෙන් එකතු කරන සල්ලි වලින් අපි කරන දේවල් ගැන. එක එකා විවිධ දේ කියද්දි මාධව තමයි වැදගත්ම කාරණාව කිව්වෙ. ඒක නම් නැගලම ගියා.

“දැල්ලගෙ අතට කීයක් හරි දෙමු.. ඒත් ඊට කලින් අපි දැල්ලගෙ ගෙවල් පැත්තෙ ගියොත් නරකද..?”

“ගෙවල් පැත්තෙ යන්නෙ දැල්ලගෙ ගේවත් හදල දෙන්නද..?”

“ඔව් චමිල්.. එහෙම අදහසකුත් තියෙනවා.. අපි ඔලුවෙ කොනකින් තියාගමුකො..”

“හෝල් එක බුක් කරන එක මං බලාගන්නම්..”

“බලාගන්නම් නෙමෙයි ඒක අදම කරපං පැතුමා.. නැත්තං ඉතිං ෂෝ එක පෙන්නන්න වෙන්නෙ මහ පාරෙ..”

“ඇම්ඩා උඹ ටිකට් පොත් අරන් ටවුමෙ කඩවල් වලට ගියොත් මොකද..? අපිට මේ ඉස්කෝලෙ ඇතුළෙ විතරක් විකුණන එක වාතයක්නේ..”

“උඹල බයවෙන්නෙපා.. පොත ගහන ප්රේස් එකේ නලීන් අයියට මං පොත් පහක්ම දෙන්නයි සෙට් කරලා තියෙන්නෙ.. තව අපේ පැත්තෙ ගමේ එව්වොන්ටත් මං දෙනවා.. උං ආවත් එකයි, නාවත් එකයි..”

ඇම්ඩගෙ කතාවෙන් කොල්ලො ටිකට මාර ගතියක් ආවා.

“ඉමාන්ගෙ වැඩේ මොකද බෙකම්..?”

“උගේ අවුලක් නෑ.. ඌ ගානට වැඩේ දීගෙන යනවා..”

“ඌ වැඩේ කරයි.. මං ඇහුවෙ උගේ සංදර්ශනේ අතර මැද්දෙ තියෙන අයිටම් ගැන.. ඒවා ගැනත්වද වෙන්න ඕනනේ..”

“උඹ දිල්රංගි එක්ක අපේ කතන්දරේ කතා කළා නේද බෙකම්..?”

“තාම නෑ පැතුමා.. ගෙට ගුණසිංහ සර්රුයි, දිල්රංගිවයි හම්බවෙනවා..”

“ඕනෙ නම් දිල්රංගිගෙ ගෙදර යතෑකි..”

හෙමින් සීරුවෙ ඇහැක් වහන ගමන් මාධව කිව්වා. ඒ කිව්ව කතාවෙත් මාර ගතියක් තිබ්බා.

“ඇයි දිල්රංගිලගෙ ගෙදර යන්නෙ..?”

“ඒකිව බලන්නනේ..”

“මාධවයා මේ.. උඹ හදන්නෙ බෙකම්ට ගෑනු එපා කරන්නද..? ආ.. ඌ හෙට උදේට දිල්රංගිව හොඳට බලාගනිං.. ඒ ගැන උඹ වදවෙන්න ඕන නෑ.. තේරුණාද..?”

“එහෙනම් මචංලා.. තව හරියටම සති තුනකින් දැල්ලාද් හොප් ක්රියාත්මකයි..”

චමිල් කතන්දරේට නමකුත් දාලා.. ඔව් ඉතිං.. ඒකෙ ඇති වැරැද්දකුත් නෑ..

“මට උඹලට දෙයක් කියන්න තියෙනවා..”

එකා තෝසෙ හතර හතර විතර කාලා රහුමානියා එකෙන් එළියට බැස්සා විතරයි, ඇම්ඩා කතාව පටන් ගත්තා. විහිලුවක් කරන්න වගේ පැතුම් කට හැදුවත් ඇම්ඩගෙ මූණෙ තිබ්බ සීරියස් ගතිය දැකලා ඌ ඒ අදහස උපන්ගෙයිම ලොප් කර ගත්තා.

“මේ වැඩේ කරනකොට එහෙන් මෙහෙන් ලෙඩ වැටෙන්න පුළුවන්. සමහර විට චතුරංගයල, පෙත්තාවඩුල ගේමට එන්නත් පුළුවන්. අපි හැමෝම එකා වගේ ඒ හැමදේටම මූණ දෙමු. හොඳට හිතා ගනිල්ලා.. මේක කරලම තමයි පස්ස බලන්නෙ.. මොන කරදරේ ආවත් අපි කට්ටිය එකට ඉඳිමු.. දාපල්ල පහට පහක්..”

අපි හැමෝම ආයෙත් පාරක් ගිවිස ගත්තා.. ඇම්ඩගෙ කතාව අපි හිත්වලට ලොකු ශක්තියක් උනා.

“තව දෙයක්..”

අපි හැමෝම එක එකා වෙන්වෙලා යන්න තිබ්බෙ බොහොම පුංචි වෙලාවයි.. ඇම්ඩගෙ මූණ කලින් තිබ්බ සීරියස් ගතිය මැදින් මං මෙච්චර කාලෙකට දැකල නැති, පරාජිත කමක් ඇවිල්ලා තියෙනව මං දැක්කා.

“බෙකම්..! උඹ තමයි අපේ ෆිට් එක.. උඹ කොයි තරම් හොඳ එකෙක්ද කියලා අපි හැමෝම දන්නවා.. මේ වැඩේ උනත් මුලින්ම පත්තු වුණේ උඹේ ලස්සන හිතේනේ.. උඹේ හීනෙ අපි හැබෑ කරනවා.. හුඟක් වෙලාවට.. හුඟක් වෙලාවට තව අවුරුදු ගාණකින් අපි හැමෝම ඈත් වුණාම අපි හැමෝම එකතුවෙලා කරපු වැඩ අතරෙ, මෙන්න මේ දැල්ලාස් හෝප් එක මහා ලොකු තැනක් ගනියි.. අපිට ඒ ගැන හිතලා හුඟක් සන්තෝස වෙන්න පුළුවන් වෙයි.. ඇත්තටම මේක ලස්සනම ලස්සන මතකයක් වෙයි..”

ඇම්ඩගෙ කටහඬ, ජනාකීර්ණ නගරෙ මැද්දෙ ගලාගෙන යද්දි, අපි හැමෝම ගල් ගැහල බලාගෙන හිටියා. ඒ කියපු හැම වචනයක්ම, හැම අකුරක්ම අපේ පපුව ඇතුලෙ යකඩ කිලෝ දාහක විතර බරක් තියපු හින්ද, ඇම්ඩා වගේ දඟම දඟ දඩබ්බරයෙක්ගෙන් මේ වගේ වචන ටිකක් ගලාගෙන ආපු එකම, කොල්ලො ටිකට මාර විදියට වැඳුණා. ඉස්කෝලෙන් අයින්වෙලා අවුරුදු විස්සක්, තිහක් ගියත්, ඒ ලස්සන මතකය සිහිපත් කරද්දි හදවත තාමත් නොඉඳුල් විදියට උණුසුම් වෙනවා කියලා හුඟ දෙනෙක් කියන කතාව, මට ඉස්කෝලෙ කාලෙදිම දැනිලා තිබුණා. ඒක හරියට කියනවා නම්, ඒ දැනීම මහා වේදනාත්මක මිහිරි මතකයක් කියලා තමයි කියන්න වෙන්නෙ.

[QUOTE="crazybuddy, post: 13804386, member: 326070"] [COLOR=Blue][SIZE=3]“බෙකම්.. මොනවද බං මෙයා මේ කියවන්නෙ..? බලපං.. පෙරේතයා පොලේ ගැහුව වගේ වැටිච්ච හින්දා ඔලුව කොහේ හරි හයියෙන් වැදිලද කියලා..”[/SIZE] [SIZE=3] චමිල් අපි ළඟට ඇවිල්ලා කිව්වත්, ඒකට ඌන පූරනේ දුන්නෙ නාලක.[/SIZE] [SIZE=3] “ඔලුව නෙමේ බං පස්ස පැත්ත. එතනින්නෙ මෙයා තීරණ ගන්නෙ..”[/SIZE] [SIZE=3] “මේ වගේ එව්වොන්ට නම් පාරෙ මැරිලා හිටියත් මෝචරියටවත් ගිහින් දාන්න හොඳ නෑ.. කෙලෙහි ගුණයක් දන්නැති එවුන්..”[/SIZE] [SIZE=3] “අපි යමු බෙකම්.. මේ වගේ ගඳයො ඉන්න තැන්වල හිටියහම අපි නිකම්ම ගඳයො වෙනවා..”[/SIZE] [SIZE=3] වැඩේ කියන්නෙකොල්ලො සෙට් එක මේ තරම් දේවල් කියද්දිත් සමින්දි වචනයක්වත් කතා නොකරපු එක. එයාගෙ ඇස් මාරුවෙන් මාරුවට අපි අතරෙ පාවෙලා ගියා. ඒත් ඒ වෙලාවෙ නම් ඒ මූණෙ තරහක් නෑ කියලා මට හිතුණා.[/SIZE] [SIZE=3] “එහෙනම් අපි යනවා.. ඔයාගෙ බෙට් එකෙන් ඔයා හොඳටම පරාදයි.. තේරුණාද..? අඩුගානෙ ඔයාට රවුම් විස්සක්වත් දුවගන්න බැරි උනා, රවුම් සීය කෙසේ වෙතත්.. අනික ඔයා මතක තියාගන්න.. පිට්ටෙනියෙ ඔයා වැටිලා ඉද්දි පැවිලියන් එකට උස්සගෙන ආවෙ මනුස්සකමට මිසක් ආතල් එකක් ගන්න නෙමේ කියලා.”[/SIZE] [SIZE=3] “ඔ.. ඔයාලා මට බැන්නනේ.. හූ කිව්වනේ.. මං ඔයාලත් එක්ක තරහෙන් හිටියෙ.. දැ.. දැන් උනත් මං හිතුවෙ මං දුවනකොට ඔයාලා මට මොනව හරි කරන්න ඇති කියල.. මොකද මං ජීවිතේට ෆේන්ට් වෙලා නෑ.. මීටත් වැඩිය අව්ව සැර වෙලාවල් වල මං ග්රවුන්ඩ් එකේ ඉඳලා තියෙනවා..”[/SIZE] [SIZE=3] කොල්ලො ටික ඒ වෙනකොටත් පැවිලියන් එකෙන් එළියට ගිහිල්ලා තිබුණා. ඇම්ඩයි, පැතුමයි නම් සිරාවටම සමින්දි එක්ක මල පැනලා හිටියෙ. උං මට එන්න එන්න කියලා අතින් කතා කරද්දිත් මොන හේතුවකටද මංදා සමින්දිත් එක්ක තවත් ටිකක් කතා කරන්න මට හිතුණා.[/SIZE] [SIZE=3] “අව්ව සැර වොලාවල් වල ඉන්න ඇති.. ඒත් ඒ වගේ වෙලාවල් වල මේ වගේ දුවලා තිබුණෙ නෑනෙ.. තේරුම් ගන්න.. තමන්ට පුළුවන් වගේම බැරි දේවලුත් තියෙනව කියලා.. තමන්ගෙ උද්දච්චකමට ඒ වගේ බැරි දේවල් පුළුවන් කියලා කරන්න ගියාම ජීවිතේ උනත් නාස්ති වෙලා යන්න පුළුවන්.. ඒක මෙතෙන්ට විතරක් නෙමෙයි.. ඔයාගෙ ඉදිරි ජීවිතේට ඒ දේ වැදගත් වෙයි.. තමන්ට බැරි නම් බෑ කියලා පැත්තකට වෙන එක ඔහොම පිට්ටෙනි ගානෙ වැටෙනවට වැඩිය නම්බුකාරයි..”[/SIZE] [SIZE=3] සමින්දි අක්කා ඇහිපිල්ලමක්වත් ගහන්නෙ නැතුව මං දිහා බලන් හිටියා. ඒ ඇස්වල තියේනනෙ මිත්රශීලී හැඟීමක්ද එහෙමත් නැත්නම් හිස් බවක්ද කියලා මට හිතාගන්න බැරිවුණා. ඉන්කියි අර අනිත් කෙල්ලො දෙන්නයි ඒ වෙනකොටත් පැවිලියන් එකේ බිම වාඩිවෙලා හිටියෙ. හිටගෙන හිටියෙ මායි සමින්දියි විතරයි.[/SIZE] [SIZE=3] “එ.. එතකොට ඔයා කියන්නෙ ජීවිතේට එන චැලේන්ජ් බාරගන්න එපා කියලද..?”[/SIZE] [SIZE=3] “බාරගන්න..! හැබැයි ඒ එන දේවල් අතරෙ අපිට කරන්න පුළුවන් වගේම බැරි දේවලුත් තියෙනවා. අපි ඔලුව පාවිච්චි කරල බැරි දේවල් වලින් අයින් වෙන්නෝන.. නැත්නම් අපි විනාස වෙලා යනවා..”[/SIZE] [SIZE=3] මහා දාර්ශනික, උගත් පඬිවරයෙක් වගේ මං කියවන් ගියා. සමින්දි වගේම ඉන්කිත් කට ඇරගෙන අහගෙන ඉන්න හැටි මං දැක්කා. ඔය තියෙන්නෙ කෑවයි.[/SIZE] [SIZE=3] “කොහොම උනත් ඔයාගෙ උත්සාහයට මං ගරු කරනවා. හැබැයි ඉතිං මං ඔයාව උස්සගෙන ආපු එක ඔයාගෙ ප්රින්සිපල් මැඩම් දැක්කා නම් කියලා ඔයා බයවෙලා කෑගැහුවට, අර මං කලින් කිව්ව වගේ ඩිංගක් හරි හිතල තිබ්බා නම් එහෙම බයවෙන්න ඕන නෑ තේරුණාද..?”[/SIZE] [SIZE=3] ගල් පිළිමෙ සහ හිටි පිළිමෙ වගේ සමින්දි අක්කා මං දිහා බලන් හිටියා මිසක වචනයක්වත් කිව්වෙ නෑ.[/SIZE] [SIZE=3] “එහෙනම් ඉතිං අපේ සියලු ගණුදෙනු අවසානයි. මම යන්නයි හදන්නෙ. ඔයාට ගෙදර යන්න පුළුවන්ද..? මං ත්රීවිල් එකකට එන්න කියන්නද..?”[/SIZE] [SIZE=3] ඒත් තාමත් සමින්දිගෙ ඇස් තිබ්බෙ මගේ මූණෙ. එයා වශි වෙලා වගේ ආතක් පාතක් නැතුව බලන් හිටියෙ.[/SIZE] [SIZE=3] “මේ හලෝ.. මොකද වෙලා තියෙන්නෙ..?”[/SIZE] [SIZE=3] මැද ඇඟිල්ලයි, මාපටඟිල්ලයි එකට වද්දලා එයාගෙ මූණ ඉස්සරහින් අසුරු ගහන ගමන් මං ඇහුවා. මෙච්චර වෙලා හිටපු නින්දකින් ඇහැරුනා වගේ පුදුමයට පත්වෙච්චි ගතියක් ඒ මූණෙ තිබ්බෙ. ඒ කියන්නෙ මං තලපතා වගේ දීපු ධර්ම දේශනාව මෙයාගෙ උගුරෙන් පහලටවත් ගියේ නැද්ද අප්පා. අර පැතුමා නිතරම කියනව වගේ, මටත් කියන්න වෙන්නෙ අයියෝ සල්ලි කියල තමා.[/SIZE] [SIZE=3] “මේ.. මං ත්රීවිල් එකකට එන්න කියන්නද..?”[/SIZE] [SIZE=3] මං ආයෙත් පාරක් සමින්දිගෙන් ඇහුවා. ඒත් එයා වචනයක්වත් කතා කරේ නෑ. මං ඊගාවට බැලුවෙ ඉන්කි දිහා.[/SIZE] [SIZE=3] “ඉන්කි..! මොකද මෙයාට වෙලා තියෙන්නෙ.. මගේ කතාව දිරවගන්න බැරි වෙලාද ආ..?”[/SIZE] [SIZE=3] “දන්නෑ නවෝද්.. ඔයාලා යන්න.. අපි සමින්දි අක්කි එක්ක එන්නම්..”[/SIZE] [SIZE=3] තවත් පාරක් සමින්දි දිහා බලලා මං පැවිලියන් එකෙන් එළියට ආවා. ඒ එන ගමනුත් මං හැරිලා බලද්දි සමින්දි මං දිහා බලන් ඉන්නවා මං දැක්කා.[/SIZE] [SIZE=3] “මොන අල ගෙඩියක් කරාද බං මෙච්චර වෙලා..?”[/SIZE] [SIZE=3] මං දැක්කා විතරයි බලයා කඩාගෙන පැන්නා.[/SIZE] [SIZE=3] “මං අරකිට හොඳට කියලා දීලා ආවෙ..”[/SIZE] [SIZE=3] “කියලා දීලා..? අනේ නිකං ඉඳපං බෙකම්..”[/SIZE] [SIZE=3] “ඇයි ඇම්ඩා..?”[/SIZE] [SIZE=3] “ඕවා මහ වාත වැඩ.. කොයි වෙලාවකවත් කෙල්ලොන්ව දැනුවත් කරන්න යන්නෙපා.. ඒක හිතට වගේම ඇඟටත් ගුණයි. උංට දේවල් කියල දීලා, උංව හරි මගට අරගෙන, උං ඒ විදියට හැඩ ගැහෙනකොට අපිට එල්ලෙන්න වැලක්වත් නැති වෙනවා..”[/SIZE] [SIZE=3] බලන් ගියාම ඇම්ඩගෙ කතාවෙ ඇති වැරැද්දකුත් නෑ.. මං කට වහගත්තෙ ඒකයි.. ඒ එක්කම තමයි පැතුම් කට ඇරියෙ..[/SIZE] [SIZE=3] “එහෙනම්.. මහා සරඹ සංදර්ශනය අවසානයි. මෙතනින් එහාට ජීවිතේ කොයිබටද හිතවත් මිත්ර බලයා...”[/SIZE] [SIZE=3] “ස්තුතියි මගේ සහයක පැතුමා.. අපි ශතවර්ෂ ගණනාවක් ආපස්සට ගොස් හැරී බැලූ කල, අපිට සිහියට නැගෙන්නේ මොනවද..? අපේ ගතට දැනෙන්නේ මොනවද..?”[/SIZE] [SIZE=3] “මොන මල හත්තිලව්වක්වත් නෙමේ බලයා.. බඩගින්න.. සුදහ ගින්නදර.. මා හිත මිතුරනි.. දැන් අපි රහුමානියා හෝටලයට නොයා, මෙතන සිට කුමන අල ගෙඩියක් කරන්නේද..?”[/SIZE] [SIZE=3] ඇත්තටම මුංට පිස්සු.. ඒත් බලයයි, පැතුමයි කතාවෙච්ච විදියෙ බඩගින්නක් නම් මටත් තිබුණා.[/SIZE] [SIZE=3] “එහෙනම් ඉතිං යමල්ලා.. හැබැයි තොපිට ඔන්න මං මුලින්ම කිව්වා.. මගේ අතේ නම් තඹ දොයිතුවක්වත් නෑ.. සල්ලි ඉල්ලලා මගේ ඊරිමාංසෙ කන්නෙපා..”[/SIZE] [SIZE=3] පැතුමා කලිසන් සාක්කු දෙක එළියටම ඇද්දා.. තඹ දොයිතුවක් තියා, මොන මල ඉලව්වක්වත් ඒකෙ තියෙන්න විදියක් නෑ.. ඇයි කිව්වොත් සාක්කු දෙකේම මහා පත හිල් දෙකක්. අපි පස්දෙනා පරණපාර දිගේ හෙමි හෙමීට ඇවිදගෙන ආවා. ඇත්තටම මේ ගෙවන ජීවිතේ අපට ගත කරන්න වෙන්නෙ තව කොයි තරම් ඩිංග කාලයක්ද..? අපි සමාජයට ගියහම අපිට වගකීම් වැඩිවෙනකොට, සල්ලි පස්සෙ අපි වෙලාවක් කලාවක් නැතුව දුවනකොට, මේ ගෙවිල යන ආදරණිය ජීවිතේ, මේ පරණ පන සේ ඉන්න ආදරණිය යාළුවා.. කොයි තරම් ඈතකට විසිවෙලා යයිද.. මට හිතාගන්න බැරිවුණා.[/SIZE] [SIZE=3] “බෙකම්.. මොකෝ කල්පනාව..”[/SIZE] [SIZE=3] “කල්පනා කරන්න දේවල්ද මාධවයා ඌට නැත්තෙ.. බාලිකාවෙ හෙඩ් ප්රිෆෙක්ට් හිටියෙ උගේ කකුලෙ.. අනේ ඔන්න උඹල මගෙන් කැත ප්රශ්න අහන්නෙපා.. ඒකි කකුලෙ ඉඳගෙන බෙකම්ට මොන සුර සැපක් දුන්නද කියල.. අම්මප.. මට හරියට ලැජ්ජ හිතෙනවා.. මේ බලාපියව්.. මගේ මයිල් කෙලින් වෙලා..”[/SIZE] [SIZE=3] “පැතුමා.. උඹේ මයිල් කෙලින් උනේ... අර ඉන්කිත් එක්ක ආපු වහතු කෑලි දෙක දැකලනේ.. අපිට නිකං මොත්තෙ දාන්නෙපා හරිය..”[/SIZE] [SIZE=3] “අඩෝ ඇම්ඩා.. උඹ මාව ස්ත්රී දූෂකයෙක් කරන්නෙපා හරිය.. මං උඹව දූෂණය කරලා වැලිකඩ යනවා.. තේරුණානේ.. ඒක හන්දා කට වහගෙන සිද්ධවෙන දේවල් දිහා ඇහැ කන පියාගෙන හිටපිය.. නිකං පව් පුරෝගන්නැතුව..”[/SIZE] [SIZE=3] “හැබෑට බෙකම්.. ඒකි උඹේ කකුල් දෙක උඩ ඉන්නකොට උඹට මොකද හිතුණෙ..?”[/SIZE] [SIZE=3] “මොනවද බලයා.. පට්ට සැප තමා.. නැද්ද බෙකම්..?”[/SIZE] [SIZE=3] කතා කරන්න ඕන දේවලුයි, නැති දේවලුයි හැමදේම කියවලා අන්තිමට මගෙන් වඳුරු කුණුහරුප අහනවා.. මං අහක බලාගත්තා..[/SIZE] [SIZE=3] “කොහොම උනත් දාඩිය ගලලා තියෙද්දි ඒකිගෙ ඇඟ මාර ගති නේද බෙකම්..? ඉස්ම යන්න ආදරේ හිතෙනවා.. මට සහලෝලා උණ ගන්න වගේනේ බං..”[/SIZE] [SIZE=3] “පැතුමා.. ආයෙ උඹ සමින්දි අක්කා ගැන එක වචනයක් කතා කරොත් මං උඹගෙ කලිසම ඔලුවෙන් ගලෝනවා.. තේරුණානේ..?”[/SIZE] [SIZE=3] “හොඳටම තේරුණා බෙකම්..”[/SIZE] [SIZE=3] පරම හතුරක්කාරයා වුණත් මිත්ර සමාගම ඇතුළෙ සමින්දිව තව තවත් සවුත්තු කරන්න ඕන නෑ කියලා මට හිතුණා.[/SIZE] [SIZE=3] “අ..ඩෝ..ව්..”[/SIZE] [SIZE=3] පරණ පාරෙ ඉඳලා බීච් එකට යන අතුරු පාරක කොනකින් ආපු ඒ ආතල් වචනෙත් එක්කම අපි පස් දෙනා නතර වුණා. ඒ සුහද ආමන්ත්රණේ කාගෙද අප්පා.[/SIZE] [SIZE=3] “චතුරංගයා නේද..?”[/SIZE] [SIZE=3] “හ්ම්.. මූ කණ පැලෙන්න බීලා වගෙයි..”[/SIZE] [SIZE=3] “යකෝ.. මේ පට්ට දවාලෙ බොන්නෙ, මුගේ අන්ඩ කොෂෙ මොකක් හරි අවුලක්ද..?”[/SIZE] [SIZE=3] අතුරු පාරෙ හිටියෙ චතුරංගයයි, උගේ බාස්කට් බෝල් ටීම් එකේ කොල්ලො හතර දෙනෙකුයි.. චතුරංගයා වගේම උනුත් සලුවෙලා කියලා මට තේරුණා.[/SIZE] [SIZE=3] “ඌ ගේම ඉල්ලන්න වගේ බෙකම්.. මොකෝ කියන්නෙ..? ඕන නම් කට්ටියටම කැඩුම් බිඳුම් වෙද මහත්තයා ගාවට යන්න දෙමු..”[/SIZE] [SIZE=3] “ඕන්නෑ නාලක.. අපි යමු.. ඌ අපිට නම් කියල කතා කරේ නෑ..”[/SIZE] [SIZE=3] කොහොමටත් චතුරංග එක්ක පටලැවෙන්න මගේ කිසිම අදහසක් තිබ්බෙ නෑ.. අපි පස්දෙනාම ආයෙත් පරණ පාර දිගේ ඉස්සරහට ආවා. ඒ චතුරංගයව සත පහකටවත් ගණන් ගන්නැතුව.. ඒත් අපි හිතුවෙ නැති විදියට චතුරංග, වෙනින් අතුරු පාරකින් ඇවිල්ලා අපේ ගමන හරස් කරා.[/SIZE] [SIZE=3] “බෙකම්.. බලුවැඩ කරන්නෙපා ඩෝ..”[/SIZE] [SIZE=3] ඇස් ගෙඩි දෙක ගොරකා මද දෙකක් වගේ තද රතුපාට කරගෙන වචනත් එහෙට මෙහෙට පටලවගෙන චතුරංග මගේ මූණට එබුණා. ඒ එක්කම තමයි කොල්ලො ටික චතුරංගයව වට කරේ.. ලොවෙත් නෑ.. අද මූට කන්න වෙනවා..[/SIZE] [SIZE=3] “මොකක්ද මං උඹට කරපු බලු වැඩේ..? අද දහයෙ පංතියෙ නිලංකාව සෙට් කරගන්න නොදීපු එකද..?”[/SIZE] [SIZE=3] “ඔව්.. ඔව්.. ඒක තමයි.. උඹ හින්ද තමයි ඒකි මට අකමැති.. අඩෝ බෙකම්.. මට බාල්දි දාන්න එපා යකෝ.. මාත් කොල්ලෙක්.. උඹ වගේම මාත් ආසයි කෙල්ලෙක් එක්ක ඩිංගක් විනෝද වෙන්න..”[/SIZE] [SIZE=3] තුන් හතර පාරක් කාර කාර බිමට කෙල ගහන ගමන් චතුරංග කියනවා.. මූට නම් ඇත්තටම පිස්සු.. ඇම්ඩා නම් බලන් හිටියෙ ඌට එක වචනයක් වරදිනකං..[/SIZE] [SIZE=3] “නිලංකා උඹට අකැමැති මං හින්දා නෙමෙයි.. ඒකිගෙ කොල්ලා මිලාන් හින්දා.. තේරුණාද..? නිකං ඇදගෙන නාන්නෙපා ඩෝ.. කෑවා බීවා නම් ගෙදර පල.. අපිට පව් දෙන්නැතුව..”[/SIZE] [SIZE=3] “මොනවද ඩෝ උඹ කිව්වෙ..?”[/SIZE] [SIZE=3] චතුරංග ඉස්සරහට ඇවිත් මගේ කොලර් එකෙන් අල්ලන්න හැදුවා. ඒත් ඊට කලින් ඇම්ඩයි, පැතුමයි ඉස්සර උනා. වැඩිම උනොත් විනාඩියක් දෙකක් යන්නැති.. බාස්කට් බෝල් ටීම් එකේ පස්දෙනාගෙන් චතුරංගත් එක්ක තව දෙන්නෙක් බිම. අනිත් එව්වො දෙන්නා පැනලා දිව්වා. අඩුගානෙ කටක් ඇරලා ගහන්නෙපා කියල කියන්නවත් මට වෙලාවක් තිබ්බෙ නෑ.[/SIZE] [SIZE=3] “අපි ඉන්නකන් බෙකම්ගෙ ඇඟට මැස්සෙක්වත් වහන්න දෙන්නෑ ඩෝ.. ඒක දැනගනිං..”[/SIZE] [SIZE=3] බිම වැටිලා හිටපු චතුරංගගෙ කට වැහෙන විදියට මූන මැද්දෙන්ම අල්ලලා ඇම්ඩා කෑගැහුවා.[/SIZE] [SIZE=3] “උඹ දැන් දවස් ගාණක්ම ඔය ටික කරගන්න හැදලුවා.. හොඳට දැනගනිං.. කෙල්ලෙක් නිසා කොල්ලෙක් එක්ක ඇරගන්න එන්නෙ නපුංසකයො කියලා.. යකෝ මුස්පේන්තුවා.. උඹට අපේ ඉස්කෝලෙ බාස්කට් බෝල් ටීම් එකේ ලීඩර් ෂිප් එක දුන්නෙ කවුද.. උඹව ගේම ගඳයෙක් වෙන්නැති..”[/SIZE] [SIZE=3] ඒ පාර පැතුම් සොරොව්ව ඇරියා. චතුරංග මොනවදෝ කියන්න කට අරිද්දිම ඇම්ඩා පහත්වෙලා චතුරංගව කෙලින් කරලා ගත්තා.[/SIZE] [SIZE=3] “තෝව අතාරින්නෙ, බෙහෙතකට හරි අපේ ඉස්කෝලෙ කොල්ලෙක් වුණ හින්දා..මොනවද යකෝ.. දැන් ලංකාවෙ එක කොල්ලෙකුට කෙල්ලො දහයක් විතර ඉන්නවා.. ඔය දහය වසරෙ බටු ඇට බහින්නැතුව හොඳ දාර එකකට බැහැපිය.. කාලකන්නියා..”[/SIZE] [SIZE=3] ඇම්ඩයි, පැතුමයි කොයි තරම් බැන්නත්, චතුරංගගෙ ඇස් තිබ්බෙ මගේ මූණෙ. ඌ මොනවදෝ කියන්න හදනවා.[/SIZE] [SIZE=3] “බෙකම්..”[/SIZE] [SIZE=3] “ඇයි..?”[/SIZE] [SIZE=3] “උඹ හේනම් කෙල්ලෙක් හන්ද, කොල්ලො දාලා මට ගැස්සෙව්වෙ.. ආ..?”[/SIZE] [SIZE=3] “චතුරංග.. උඹ ඉල්ලං කෑවා මිසක මම උඹට ගැස්සුවෙ නෑ.. හැබැයි එකක් මතක තියාගනිං.. ඉස්කෝල වැදගත් ක්රීඩාවක ඉහල තනතුරක් දරන උඹ වගේ එකෙක් අපේ විනය සර්ට හරි පිනා සර්ට හරි මේ විදියට ඉන්නවා අහුවුනොත් උඹේ ක්රීඩාවට සොරි ඩොට් කොම් කියලා..”[/SIZE] [SIZE=3] බාගෙට ගුටි කාලා මල පෙරේතය වගේ හිටියත්, මගේ කතාවෙන් චතුරංගයගෙ ඇස් ඇරුණා.[/SIZE] [SIZE=3] “ඒ කියන්නෙ උඹ මේක විනයටයි, පිනාටයි කියනව.. ඈ.. උංට කියල උඹ මට කොරයි..”[/SIZE] [SIZE=3] “චතුරංග මේ.. උඹ හිතුවද මාත් උඹ වගේ නපුංසකයෙක් කියලා.. ආ.. මට කාටවත් කියලා උඹට කොරන්න ඕන නෑ.. දැනගනිං.. මට යස අගේට පුළුවන් උඹට හතර ගාතෙ දාලා බිමට ඇඳන් වැටෙන්න දෙන්න..”[/SIZE] [SIZE=3] මගේ සැරත් එක්කම චතුරංග සද්දෙ වහගත්තා.. උගේ කට කොනකින් ලේ බිංදු දෙක තුනක් එළියට ඇවිල්ලා තිබුණා. සමහර විට කට ඇතුළ පුපුරල ඇති.[/SIZE] [SIZE=3] “හොඳයි මං පස්සෙ බලාගන්නම්කො..”[/SIZE] [SIZE=3] “මොනවද ඩෝ පස්සෙ බලන්නෙ.. බලාගන්න දෙයක් දැන්ම බලපිය..”[/SIZE] [SIZE=3] ආයිත් ඇම්ඩා මැද්දට පැන්නා. මං බොහොම අමාරුවෙන් ඌව ෂේප් කර ගනිද්දි චතුරංග ඇවිත් කොල්ලො දෙන්නෙක් එක්ක ආයතේ බීච් එක පැත්තට ගියා.[/SIZE] [SIZE=3] “ෂිහ්.. ඌට තව දෙකක් ඇනගන්න බැරි උනානේ.. කොහෙද.. මේ බෙකම් පනිනවනේ අතේ පයේ හිරි ඇරගන්න හදනකොටම..”[/SIZE] [SIZE=3] පැතුම්, තාමත් විස්සෝප වෙනවා.. චතුරංගයා ගියේ හිතේ කේන්තියෙන් කියල දැනුනත්, අපි කවුරුවත් ඒක ගණන් ගත්තෙ නෑ. ඌට පුලුවන් දෙයක් ඌ කරපුවාවෙ.. ආයෙ ශිල්ප දක්වන්න ආවොත් දෙන එක දෙනවා, මාසයක් කැඬුම් බිඳුම් වෙද මහත්තයෙක් ගාවඉ න්න.[/SIZE] [SIZE=3] “බෙකම්..”[/SIZE] [SIZE=3] රහුමානියා හෝටලේදි තෝසෙ දෙකකට එක පාර වග කියන ගමන් ඇම්ඩා තවත් කට ඇරියා. කටේ කෑම පුරවගෙන ඉන්න හන්ද කියන මගුලක් තේරෙන්නෑ.. අනික මට පරාණ බයයි මූට තෝසෙ කෑල්ලක් හිරවෙලා වැලිගම්පිටි යන්න වෙයි කියලා.[/SIZE] [SIZE=3] “කරුණාකරලා කතා කරපං..”[/SIZE] [SIZE=3] දැන් ඩිංගකට කලින් චතුරංගයට නැවකට නෙළල මූ සාන්ත දාන්තව ඉන්න අපූරුව.[/SIZE] [SIZE=3] “බෙකම්.. ටිකට් පොත් ටික හෙට හම්බවෙයි..”[/SIZE] [SIZE=3] කටේ කෑම තියාගෙන උනත් ඇම්ඩා කිව්වෙ හද පිනා යන කතාවක්. මං කීයටවත් හිතුවෙ නෑ මේකා මේ තරමට ක්රියාශීලී වෙලා ඇති කියල.[/SIZE] [SIZE=3] “නියමයි නාලකයා.. අපි ඊට පස්සෙ ඕවා ක්ෂණිකව අලෙවි කරන්නෝන..”[/SIZE] [SIZE=3] එතැන ඉඳලා අපි අතරෙ කතාවක් ගියේ දැල්ලා අංකල් වෙනුවෙන් එකතු කරන සල්ලි වලින් අපි කරන දේවල් ගැන. එක එකා විවිධ දේ කියද්දි මාධව තමයි වැදගත්ම කාරණාව කිව්වෙ. ඒක නම් නැගලම ගියා.[/SIZE] [SIZE=3] “දැල්ලගෙ අතට කීයක් හරි දෙමු.. ඒත් ඊට කලින් අපි දැල්ලගෙ ගෙවල් පැත්තෙ ගියොත් නරකද..?”[/SIZE] [SIZE=3] “ගෙවල් පැත්තෙ යන්නෙ දැල්ලගෙ ගේවත් හදල දෙන්නද..?”[/SIZE] [SIZE=3] “ඔව් චමිල්.. එහෙම අදහසකුත් තියෙනවා.. අපි ඔලුවෙ කොනකින් තියාගමුකො..”[/SIZE] [SIZE=3] “හෝල් එක බුක් කරන එක මං බලාගන්නම්..”[/SIZE] [SIZE=3] “බලාගන්නම් නෙමෙයි ඒක අදම කරපං පැතුමා.. නැත්තං ඉතිං ෂෝ එක පෙන්නන්න වෙන්නෙ මහ පාරෙ..”[/SIZE] [SIZE=3] “ඇම්ඩා උඹ ටිකට් පොත් අරන් ටවුමෙ කඩවල් වලට ගියොත් මොකද..? අපිට මේ ඉස්කෝලෙ ඇතුළෙ විතරක් විකුණන එක වාතයක්නේ..”[/SIZE] [SIZE=3] “උඹල බයවෙන්නෙපා.. පොත ගහන ප්රේස් එකේ නලීන් අයියට මං පොත් පහක්ම දෙන්නයි සෙට් කරලා තියෙන්නෙ.. තව අපේ පැත්තෙ ගමේ එව්වොන්ටත් මං දෙනවා.. උං ආවත් එකයි, නාවත් එකයි..”[/SIZE] [SIZE=3] ඇම්ඩගෙ කතාවෙන් කොල්ලො ටිකට මාර ගතියක් ආවා.[/SIZE] [SIZE=3] “ඉමාන්ගෙ වැඩේ මොකද බෙකම්..?”[/SIZE] [SIZE=3] “උගේ අවුලක් නෑ.. ඌ ගානට වැඩේ දීගෙන යනවා..”[/SIZE] [SIZE=3] “ඌ වැඩේ කරයි.. මං ඇහුවෙ උගේ සංදර්ශනේ අතර මැද්දෙ තියෙන අයිටම් ගැන.. ඒවා ගැනත්වද වෙන්න ඕනනේ..”[/SIZE] [SIZE=3] “උඹ දිල්රංගි එක්ක අපේ කතන්දරේ කතා කළා නේද බෙකම්..?”[/SIZE] [SIZE=3] “තාම නෑ පැතුමා.. ගෙට ගුණසිංහ සර්රුයි, දිල්රංගිවයි හම්බවෙනවා..”[/SIZE] [SIZE=3] “ඕනෙ නම් දිල්රංගිගෙ ගෙදර යතෑකි..”[/SIZE] [SIZE=3] හෙමින් සීරුවෙ ඇහැක් වහන ගමන් මාධව කිව්වා. ඒ කිව්ව කතාවෙත් මාර ගතියක් තිබ්බා.[/SIZE] [SIZE=3] “ඇයි දිල්රංගිලගෙ ගෙදර යන්නෙ..?”[/SIZE] [SIZE=3] “ඒකිව බලන්නනේ..”[/SIZE] [SIZE=3] “මාධවයා මේ.. උඹ හදන්නෙ බෙකම්ට ගෑනු එපා කරන්නද..? ආ.. ඌ හෙට උදේට දිල්රංගිව හොඳට බලාගනිං.. ඒ ගැන උඹ වදවෙන්න ඕන නෑ.. තේරුණාද..?”[/SIZE] [SIZE=3] “එහෙනම් මචංලා.. තව හරියටම සති තුනකින් දැල්ලාද් හොප් ක්රියාත්මකයි..”[/SIZE] [SIZE=3] චමිල් කතන්දරේට නමකුත් දාලා.. ඔව් ඉතිං.. ඒකෙ ඇති වැරැද්දකුත් නෑ..[/SIZE] [SIZE=3] “මට උඹලට දෙයක් කියන්න තියෙනවා..”[/SIZE] [SIZE=3] එකා තෝසෙ හතර හතර විතර කාලා රහුමානියා එකෙන් එළියට බැස්සා විතරයි, ඇම්ඩා කතාව පටන් ගත්තා. විහිලුවක් කරන්න වගේ පැතුම් කට හැදුවත් ඇම්ඩගෙ මූණෙ තිබ්බ සීරියස් ගතිය දැකලා ඌ ඒ අදහස උපන්ගෙයිම ලොප් කර ගත්තා.[/SIZE] [SIZE=3] “මේ වැඩේ කරනකොට එහෙන් මෙහෙන් ලෙඩ වැටෙන්න පුළුවන්. සමහර විට චතුරංගයල, පෙත්තාවඩුල ගේමට එන්නත් පුළුවන්. අපි හැමෝම එකා වගේ ඒ හැමදේටම මූණ දෙමු. හොඳට හිතා ගනිල්ලා.. මේක කරලම තමයි පස්ස බලන්නෙ.. මොන කරදරේ ආවත් අපි කට්ටිය එකට ඉඳිමු.. දාපල්ල පහට පහක්..”[/SIZE] [SIZE=3] අපි හැමෝම ආයෙත් පාරක් ගිවිස ගත්තා.. ඇම්ඩගෙ කතාව අපි හිත්වලට ලොකු ශක්තියක් උනා.[/SIZE] [SIZE=3] “තව දෙයක්..”[/SIZE] [SIZE=3] අපි හැමෝම එක එකා වෙන්වෙලා යන්න තිබ්බෙ බොහොම පුංචි වෙලාවයි.. ඇම්ඩගෙ මූණ කලින් තිබ්බ සීරියස් ගතිය මැදින් මං මෙච්චර කාලෙකට දැකල නැති, පරාජිත කමක් ඇවිල්ලා තියෙනව මං දැක්කා.[/SIZE] [SIZE=3] “බෙකම්..! උඹ තමයි අපේ ෆිට් එක.. උඹ කොයි තරම් හොඳ එකෙක්ද කියලා අපි හැමෝම දන්නවා.. මේ වැඩේ උනත් මුලින්ම පත්තු වුණේ උඹේ ලස්සන හිතේනේ.. උඹේ හීනෙ අපි හැබෑ කරනවා.. හුඟක් වෙලාවට.. හුඟක් වෙලාවට තව අවුරුදු ගාණකින් අපි හැමෝම ඈත් වුණාම අපි හැමෝම එකතුවෙලා කරපු වැඩ අතරෙ, මෙන්න මේ දැල්ලාස් හෝප් එක මහා ලොකු තැනක් ගනියි.. අපිට ඒ ගැන හිතලා හුඟක් සන්තෝස වෙන්න පුළුවන් වෙයි.. ඇත්තටම මේක ලස්සනම ලස්සන මතකයක් වෙයි..”[/SIZE] [SIZE=3] ඇම්ඩගෙ කටහඬ, ජනාකීර්ණ නගරෙ මැද්දෙ ගලාගෙන යද්දි, අපි හැමෝම ගල් ගැහල බලාගෙන හිටියා. ඒ කියපු හැම වචනයක්ම, හැම අකුරක්ම අපේ පපුව ඇතුලෙ යකඩ කිලෝ දාහක විතර බරක් තියපු හින්ද, ඇම්ඩා වගේ දඟම දඟ දඩබ්බරයෙක්ගෙන් මේ වගේ වචන ටිකක් ගලාගෙන ආපු එකම, කොල්ලො ටිකට මාර විදියට වැඳුණා. ඉස්කෝලෙන් අයින්වෙලා අවුරුදු විස්සක්, තිහක් ගියත්, ඒ ලස්සන මතකය සිහිපත් කරද්දි හදවත තාමත් නොඉඳුල් විදියට උණුසුම් වෙනවා කියලා හුඟ දෙනෙක් කියන කතාව, මට ඉස්කෝලෙ කාලෙදිම දැනිලා තිබුණා. ඒක හරියට කියනවා නම්, ඒ දැනීම මහා වේදනාත්මක මිහිරි මතකයක් කියලා තමයි කියන්න වෙන්නෙ.[/SIZE] [SIZE=3] [/SIZE][/COLOR] [CENTER] [SIZE=3][COLOR=Blue][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom