Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
| සොඳුරු නවෝදය 2 | ආදරණිය බෙකම් |
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් කියල ඉවරවෙලා, සමින්දි යටිතොල හපා ගත්තා... මගේ හිතේ ඇතුළෙ විදුලි එළි දෙක තුනක් සට සට ගාලා කොටල දැම්මා. ඒ එයා හිටපු ඉරියව්වටත් එක්ක.. මේ තරම් ළංවෙලා ඉඳලා ඔයා මට මොනවද කරන්න හදන්නෙ සමින්දි අක්කෙ..

“එහෙනම් අහගන්නකො.. මං දැකපු ගෑනු ළමයින්ගෙන් ලස්සනම ෆිගර් එක තියෙන්නෙ ඔයාට..”

මෙච්චර වෙලා මැලවිලා තිබ්බ සමින්දිගෙ මූණ මැදට ලස්සන සුදු හිනාවක් පායගෙන ආවා.

“ඉස්සරහිනුත් ගාණට, පිටිපස්සෙනුත් ගාණට.. අඩුත් නෑ.. වැඩිත් නෑ..”

“නර..ක..යා..”

නිදහස් වෙලා තිබ්බ අනිත් අතින් මට හෙමින් සීරුවෙ පාරක් ගහන ගමන් සමින්දි අක්කා ඒ අතින්ම අනිත් අතත් තද කරලා අල්ල ගත්තා. දැන් අපි දෙන්නා එක ළඟ නතරවෙලා මූණින් මූණ බලාගෙන හිරවෙලා හිටිය වගේ. අපි දෙන්නගෙන් කාටවත් මෙතනින් ගැලවිලා යන්න උවමනාවක් තිබ්බෙ නෑ වගේ. සමින්දිගෙයි, මගෙයි ඇස් එකට එක්කහු වෙලා විනාඩි ගානක් එක දිගට බැඳිලා තිබුණා. අපි දෙන්නගෙන් කවුරුවත් ඇස් අහකට ගත්තෙ නැත්තෙ ඉස්සෙලල්ම බිම බලාගත්තු කෙනා පරාදයි කියල හිතල වගේ.

“නවෝද්..”

“ම්..”

“ඔයාටත් දේවල් කියන්න තියෙනවා කිව්වා නේද..?”

රතු පාට තොල්පෙති එහෙට මෙහෙට පටලවන ගමන්, ඇස් දෙක බිංදුවක්වත් හරවන්නැතුව සමින්දි ඇහුවා. ඒත් මං කිසිම දෙයක් කියන්න කලින්, සපත්තු අඩිවලට වැලි පෑගෙන සර සර සද්දෙ, සමින්දිටයි, මටයි එක තත්පරේම ඇහුණා. අපි දෙන්නම වටපිට බැලුවෙ පැතුම්ලව, ඉන්කිලව දකින්න කියලා හිතාගෙන. ඒත් අපි ළඟම හිටියෙ අපේ හිත මිත්‍රයො නම් නෙමෙයි.. මට හැමදාමත් චැලේන්ජ් කරපු චතුරංගයයි උගේ අපත ගැන්සියයි.. ඊට අමතරව ෆුට් බෝල් ටීම් එකේ හතුරා වෙච්චි පෙත්තාවඩුත් පැත්තකින් හිටියා.

“මේ.. මේ අය කවුද නවෝද්.. ඔ.. ඔයාගෙ යාලුවොද..?”

චතුරංගල, පෙත්තාවඩුල හිටපු ඉරියව් මට කොහොමවත් දිරෙව්වෙ නෑ. උං ඇවිල්ලා ඉ්නනෙ නම් හොඳකට නෙමෙයි කියලා මට හිතුණා. උං කලින් දෙපාරක් තුන් පාරක් විතර කැත නැතුව අපෙන් ගුටි කාපු එකේ රිටර්න් එක දෙන්න ඇවිල්ල කියලයි මට හිතුණෙ. ඒත් මායි සමින්දියි මෙතන ඉන්නව කියා මුං කොහොම දැනගත්තද මංදා.

“ඔ.. ඔව්.. අපි බෙකම්ගෙ යාලුවො.. ඒත් සීදේවි ඔයා අපිව අඳුනන්නෙ නැතුවට අපි නම් ඔයාව යස අගේට අඳුනනවා.. ඔයා බාලිකාවෙ සුපිරි කෑල්ලනේ.. මොකද කියන්නෙ.. අපිත් බෙකම් වගේම ෆිට් පොරවල් තමයි.. අපි එක්කත් ටිකක් එන්ජෝයි කරමු.. ඔයාට අපි කට්ටියම වැඩිවෙන එකක් නෑ.. හහ්.. හහ්.. හා..”

හිතුවෙ නැති විදියට චතුරංග, සමින්දි ටාගට් කරල කියවන්න ගත්තා. ඒ මදිවට උං කට්ටියම අපි දෙන්නව වට කරා. එන පොට හොඳ නෑ වගේ කියලා මට තේරෙද්දි මං වටපිට බැලුවෙ පැතුම්ල ඉන්නවද බලන්න. ඒත් උං පේනතෙක් මානෙක නෑ. එහෙනම් මේ ගේම මටමයි තනියෙම අදින්න වෙන්නෙ. ඒත් සමින්දිව බේරගන්න මෙතන ඉන්න දහ දෙනාවත් බිම දාගන්න මට පුළුවන් වෙයිද කියලා විචිකිච්චාව මගේ හිත උඩින්ම තිබ්බා.

“එන්න රත්තරං අපි ළඟට..”

චතුරංග, සමින්දිට තව ඩිංගක් ලංවුණා.

“චතුරංග.. උඹේ තියෙන ගනුදෙනුවක් මගෙත්තෙක්ක බේරගනිං.. පිරිමියෙක් වගෙ..”

“හිටපං.. උඹට මං කවුද කියලා පෙන්නන්න..! පෙත්තා.. උඹ මේකිව ඇඳලා ගනිං.. මං මූව ඉවරයක් කරන්නම්..”

පෙත්තාවඩුට සමින්දිව අල්ලගන්න කියන ගමන් චතුරංග මං ඉස්සරහට පැන්නා. මෙච්චර වෙලා එකට බැඳිලා තිබ්බ අපේ අත් ගැලවිලා ගියේ ඒ මොහොතෙම වගේ.

“සමින්දි බලාගෙන..”

චතුරංගට පාරක් ගහන්න උත්සාහ කරන ගමන් මං කෑගැහුවා.. ඒ පෙත්තාවඩු සමින්දිට ළංවෙන හැටි දැක්කත් මට සමින්දි ළඟට යන්න විදියක් තිබ්බෙ නැති නිසා.

“උඹ මට කරපු හැම නින්දාවකටම වාඩුව මං අද ගන්නවා.. බෙකම්.. උඹට අද කියලා දෙන්නම් මං කවුද කියලා..”

චතුරංග කොහොමත් කයිවාරුකාරයා හින්දා මං ඌ කියවන දේවල් වලට වැඩිය අවධානයක් යොමු කරේ නෑ.. මං බැලුවෙ සමින්දි දිහා.. ඒ වෙනකොට එයා පෙත්තාවඩුට කොටුවෙලා තිබුණා. කරන දෙයක් දැන්මම කරේ නැත්නම් වැඩේ අමාරු වෙනවා කියලා මට තේරුණා. ඒත් ඒ තේරුම් ගැනීම එහෙම්මම තියේදදි චතුරංග මට මොනවදෝ කුඩු වගයකින් දමලා ගැහුවා.. ඇස් දෙකම පේන්නැති වෙලා යන දැවිල්ලක් මුළු මූණෙම පටන් ගනිද්දි.. සමින්දි දුව්නන කියලා මං මහා හයියෙන් කෑගැහුවා.. ඒ එක්කම හතර වටින්ම මට එරෙහිව ප්‍රහාරය දියත්වෙන්න ගත්තා.

“ගහපිය ඕකට.. නැතිවෙන්නම ගහපිය.. ආ මෙන්න.. තවත් මිරිස් කුඩු තියෙනවා.. පෙත්තා.. ඒකව අල්ලගෙන මගේ ළඟට ගෙනෙන්..”

ඇස් දෙකම පේන්නැතිවෙන්න, දැවිල්ල එන්න මට ගහල තියෙන්නෙ මිරිස් කුඩු කියලා මං දැනගත්තෙ ඒ වෙලාවෙ.. වටපිටාවෙ කිසිම දෙයක් පේන්නැතුව මං හිටියෙ අන්ත අසරණ වෙලා. ඒකෙ ආයෙ කියන්න දෙයක් නෑ. චතුරංගයලා මට ෆුට් බෝලෙකට ගහනව වගේ හතර පැත්තෙන්ම වට කරගෙන නෙලන්න ගත්තා. ඒ අතරින් පතර මට සමින්දිගෙ කෑගැහිල්ලයි, චතුරංගයි, පෙත්තයි මහා සද්දෙට හිනාවෙන හඬයි ඇහුණා. දෙයියනේ මුං කෙල්ලට කරදරයක් කරයිද..? එහෙම උනොත් නම් ඉඳල වැඩක් නෑ.. මෙච්චර දවසක් චතුරංගට දාපු කලර්සුත් වැඩක් නෑ.. ඒත් මොනව හිතුවත් ඇස් දෙක ඇර ගන්න බැරි තරම් දැවිල්ල එද්දි මට කරකියා ගන්න දෙයක් නැතිවුණා.

“එ.. එයාට ගහන්නෙපා.. එයාට ගහන්නෙපා.. මට එයා ළඟට යන්න දෙන්න..”

සමින්දිගෙ කටහඬ මං හිටපු තැනින් ටිකක් ඈත් වෙන්න වගේ ඇහුනා. මං ඒ කටහඬ ආපු පැත්තට ගුටි කකාම දුවන්න හැදුවත් පිටම දෙදරල යන්න වැදිච්ච පාරකින් මං බිමට ඇදන් වැටුණා.

“තව ගහපන්.. ඕකව මරල දාපන්..”

මං ඉස්සරහ හැමදාම බල්ලෙක් වගේ පාත්වෙලා ඉඳපු චතුරංග උගේ පලිගැනීම ඉස්තරම්ම විදියට කරලා තිබුණා. මං මටම සාප කරන්න ගත්තෙ ඌව මේ තරම් ලේසියට අරගෙන තිබුණු එකට.

“ඉස්කෝලෙ හැම නම්බු නාමයක්ම ගියේ ඕකට.. මට කිසි දෙයක් නෑ.. මට කිසි දෙයක් නෑ.. දැනගනිං බෙකම්.. උඹ හින්දා මට නැතිවේචච දේවල් හුගක් වැඩියි.. ඒ හැමදේටම හරියන්න මං උඹේ ආදරේ මටම තියාගන්නවා.. මං මේකිව ගන්නවා.. මං මේකිව ගන්නවා..”

වියරුවෙන් වගේ චතුරංගගෙ කටහඬ ගලාගෙන යද්දි මං අමාරුවෙන් ඔලුව උස්සන්න හැදුවා. ඒ එක්කම තමයි තවත් වැදිච්ච දැවැන්ත පාරකින් මට හැමදේම පේන්නැති වෙලා ගියේ. චතුරංගගෙ ගැන්සියෙ කොල්ලෙක් ගහපු ඒ පාරක් එක්කම මට කැගැහුනෙ සමින්දි කියලා විතරයවි.. ඊට පස්සෙ හැමදේම කළුවර වෙලා ගියා.

“න..වෝ..ද්..”

හීනෙකින් වගේ කාගෙදෝ කටහඬක් ඇහෙද්දි මං ඇස් දෙක අරින්න උත්සාහ කරා. ඒත් ඇස්වල දැවිල්ල තාමත් එහෙම්මමයි.. ඒ මොහොතමෙ තමයි ලොකු වතුර පාරක් මගේ මූණ හරහා ගියේ.. තවත් ටිකකින් ගෑනු අතකින් මගේ ඇස් හොඳ෯නවා මට දැනුණා.

“අ.. අනේ නවෝද් කතා කරන්නකො..”

“ඔ.. ඔයාට අමාරුද නවෝද්.. අනේ ඇස් අරින්නකො..”

මුලින් අඳුනගන්න බැරි උනත්, මං පස්සෙ ඒ කටහඬවල් දෙකම අඳුන ගත්තා.. සමින්දියි, ඉන්කියි.. ඔලුවෙ බර ගතියක් දැනුනත් මං හෙමින් සීරුවෙ ඇස් ඇරියා.

“හප්පේ ඇති යාන්තං..”

මගේ මූණ ඉස්සරහම හිටියෙ ඇම්ඩා.. උගේ ෂර්ට් එකේ පැත්තක්ම ඉරිල ගිහින්.. ඒකෙන්ම මං වෙලා තියෙන දේ හිතාගත්තා. ඇම්ඩයි, පැතුමලයි මොනව නැතත් වෙලාවට ඇවිල්ලා තියෙනවා..

“ඔ.. ඔයාට කරදරයක් නෑ නේද..”

බාගෙට නැගිටින ගමන් මං සමින්දිගෙන් ඇහුවා.. ඒ ලස්සන ඇස්වල කඳුළු පිරිලා උතුරල ගිහිල්ලා.. ඉන්කිගෙ ඇස්වලත් කඳුළු..

“ම.. මට මුකුත් නෑ.. අ.. නේ නවෝද්.. ඔ.. ඔයාට අමාරුද..? අ.. අපි ඩොක්ටර් කෙනෙක් ළඟට යමු..”

“ඕන්නෑ සමින්දි.. මං මීට වැඩිය පාරවල් කාලා තියෙනවා.. ෆුට්බෝල් ගහද්දි.. මේවා ඒ තරම් දේවල් නෙමෙයි.. මං බයවුණේ ඔයා ගැන..”

එහෙම කියද්දි සමින්දිගෙ ඇස් දීප්තිමත් වෙල හැටි මං දැක්කා.

“ඒ වුණාට ඔයාට සිහිය නැති වුණානේ..”

“අර මිරිස්කුඩු වැදිච්ච එකෙන් අවුල වුණේ.. ඇස් ඇර ගන්න බැරිව ඉන්දෙද්දි වැදුනු පාරෙන් තමා මං ෆේන්ට් වෙන්න ඇත්තෙ..”

“කෝ නැගිටපං..”

සමින්දිව පැත්තකට කරන ගමන්, මං ළඟට ආපු පැතුමා මට අත දික් කරා.. මං ඒ අතේ එල්ලිලා නැගිට ගත්තා.

“ඔයාට අමාරුවක් නෑ නේද නවෝද්..?”

ආයෙත් මගේ ළඟට ඇවිත් සමින්දියි, ඉන්කියි දෙන්නම එක පාරම ඇහුවා.. පැත්තක හිටපු ඇම්ඩට ඒකට ලාවට හිනාවක් ගියා.

“ඔයාලත් අහන්නෙ මාර දේවල්නේ අප්පා..”

“ඇයි පැතුම්..?”

“හැයි පැතුම් තමයි.. අලියට පෑගිලා මොනවද ගියේ කියල ඇහුව වගේ දෙයක්නේ ඔයාලා ඇහුවෙ..”

“බෙකම්.. අපි හදිස්සියාට ඩිංගක් පෙන්නමුද..?”

හසිද්දියා කිව්වෙ අත ළඟට හිටපු රිටායර් වෙලා වගේ හිටපු ඩොකා.. මිනිහට අවුරුදු හැත්තෑවක් විතර ඇති.. ලෙඩෙකුට බෙහෙත් දෙන්න තියෙන පුදුමාකාර ඉක්මන හින්දා තමයි මිනිහට හදිස්සියා කියන නම වැටිලා තියෙන්නෙ.. තුවාලෙකට බෙහෙත් දාන එකත් දෙවනි නෑ.. එකෙන්ම ගොඩ.

“ඕන්නෑ මාධව.. අමාරුවකට තියෙන්නෙ ඇස් දෙක ටිකක් දනවා.. එච්චරයි..”

තවත් ටික වෙලාවක් යද්දි ඉන්කියි, සමින්දියි අපෙන් ඈත්වෙලා ගියේ අකමැත්තෙන් වගේ.. සමින්දි නම් තවත් ටිකක් ඉන්නයි බැලුවෙ.

“උඹට කියන්න මාධවයා.. මට පේන විදියට අක්කයි නංගියි දෙන්නම අපේ බෙකම්ට කැමතියි වගේ..”

“පැතුමා..! නොදන්න ප්‍රකාශ නොකර වැදගත් විදියට උඹේ උණ්ඩුක පුච්චෙ වහගෙන ඉඳපං..”

“ඇයි..?”

“හැයි අහන්නෙ.. උං දෙන්නා කැමතියි නෙමෙයි..”

“හේනම්..?”

“උං දෙන්නා බෙකම්ට ලව්..”

මාධවගෙ කතාවෙන් කොල්ලො හැමෝම නිශ්ශබ්ද වුණා.

“මේ ඔය කතාව නවත්තලා මෙතන උනේ මොකක්ද කියලා කියපල්ලකො.. කෝ චතුරංගයි පෙත්තයි..?”

“උං දෙන්නා මෙලහකටත් ඉස්පිරිතාලෙ හරි මෝචරියෙ හරි ඇති.. ආයෙ දෙන එක දුන්නා ගිය ආත්මෙ එක්ක මතක් වෙන්න..”

“උනේ මොකක්ද කියපල්ලා.. උඹලා කොහොමද දන්නෙ චතුරංගයල මට නෙලනව කියලා..”

“අපිත් එකක් එකට ඇවිත් උඹයි සමින්දියි ඕනකමින්ම පහුවුණානේ.. උඹල පරක්කු හින්දා අපි ආයෙත් පස්සට ඇද්දා..”

“පැතුමා ඒත් කිව්වා, මුං දෙන්නා මනුස්සයො වගේ කතා කර කර ආවට කෙහෙවලු පටලවගෙනද දන්නෑ කියලා.. ඒ එනකොට තමයි දැක්කෙ, චතුරංගයල සමින්දිව කැලේට ඇදගෙන යන්න හදනවා.. උම කට කපලා බිම.. තවත් ඉතිං බලන්න කියන්න දෙයක් නෑනෙ.. අපි ගේමට එන්ටර් ද ඩ්‍රැගන් වුණා. කාලක් විතර වැඩේ යද්දි, දැල්ලගෙ ගෙවල් පැත්තෙ ඉඳලා ඇම්ඩත් පියාඹගෙන ආවා.. ඊට පස්සෙ ඉතිං වෙච්ච හරිය උඹට කියන්න ඕන නෑනෙ.. අපි හතර අතටම නෙලුවා.. චමිල් නම් පෙත්තාවඩුගෙ යටි බඩටමයි ගැහුවෙ.. ඌ නම් ආයෙ සතියකට මෙහා ඉස්කෝලෙ එන එකක් නෑ.. චතුරංගයත් සති දෙකකට එන එකක් නෑ.. උඹට කියන්න බෙකම්.. අපේ ඇම්ඩා උංට ගැහුවෙ ඩේට් දීලා.. උං දෙන්නගෙ බත් බැලයො ටික හිස් ලූ ලූ අත දිව්වා.. දුකේ බෑ..”

“ඌට කොහෙන්ද ඇම්ඩා ඔය වගේ ගටක් ආවෙ..? මට මිරිස් කුඩු ගහලා සමින්දිව කැලේට ඇදගෙන යන්න තරම්..?”

“මට හිතෙන විදියට ඌ ඩ්‍රග්ස් ගන්නවා.. ඒවයෙ බලපෑම තමා ඉතිං..”

“මං හූනා කිව්වා වගේ කියන්නම්.. තව ටික දවසකින් චතුරංගයට වෙන්නෙ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශයෙ ඇතුලෙ බංකුවක ලගින්න..”

“කොහොම උනත් උඹල වෙලාවට ආවෙ.. නැත්නම් මටයි සමින්දිටයි මොනව වෙයිද දන්නෑ..”

“අපි ඉන්නකන් උඹට මුකුත් වෙන්නෑ බෙකම්.. මං අර සමින්දිට කිව්ව වගේ, උඹට මොනව හරි කරනවා නම් ඊට කලින් අපිට මොනවා හරි කරන්නෝන.. නැද්ද ඇම්ඩා..

මාධවගෙ කතාවට ඇම්ඩා ඔලුව වැනුවා.. උගේ ෂර්ට් එකේ බොත්තමුත් කැඩිලා.. කමක් නෑ.. චතුරංගයයි, පෙත්තයි දුවල තියෙන්නෙ ෂර්ටුත් නැතුවනේ.. එතන ඉඳලා කොල්ලො ටික ගෙවල් වලට ගියේ මාව අපේ ගෙදරටම ගෙනැල්ලා දාලා.

දවස් දෙකක් විතර ගෙරට වෙලා ඉඳලා මං ආයෙත් ඉස්කෝලෙ ගියේ බදාදා.. කැඩෙට් කෑම්ප් හින්දා මේ දවස්වල ඉස්කෝලෙ වැඩ වෙන්නෑ කියල මං අම්මටයි තාත්තටයි බොරුවකුත් නොවෙන ඇත්තකුත් කියලා තිබ්බා. කොහොමටත් අපි කට්ටියම ඉරිදා කතා වුනේ වෙච්ච කිසිම දෙයක් කාටවත්ම නොකියා ඉන්න.. ඒ වගේම චතුරංගයට අමතක වෙන්නැති පාඩමකුත් උගන්නන්න.. ඒත් ඒ පාඩම ඩිංගක් විතර කල් දැම්මෙ, දැල්ලාස් හෝප් ප්‍රසංගය අත ළඟටම ඇවිල්ල තිබ්බ හින්දා.

“කමෝන් බෙකම්..”

“දවස් ගාණකින් උඹව දැකීම සතුටක්..”

උදේ ඉස්කෝලෙට ගියා විතරයි සුපුරුදු විදියටම පන්තියෙ කොල්ලොන්ගෙන් එක එක ප්‍රතිචාර ලැබුණා. නිරෝමිලට, නෙලුනිලට, පැතුම් කියල තිබ්බෙ මැච් එකකට මං අවුට් ගිහිල්ලා කියලා.. නැත්නම් ඉතිං මේ වෙච්ච සංහදිය දන්නවා නම් උං මාව මාසයක් පුරා බයිට් එකට ගනියි.

“බෙකම්..”

පන්තියෙ කොල්ලො කෙල්ලොන්ගෙ කච කචේ එහෙම්මම තියෙද්දි මහේලගෙ කටහඬ ඇහුණා. ඌ දැන් ටික දවසක ඉඳන් පට්ට වෙනස් කියලා අපි හැමෝටම තේරිලයි තිබුණෙ. එදා බාලිකාවෙ තාරකා විද්‍යා ප්රදර්ශනෙන්ප ස්සෙ වෙච්ච සිද්ධියත් එක්ක අපි හැමෝම උගෙන් ඩිංගක් අයින් උනා කියලා කිව්වොත් ඒක හරි. පැතුමගෙයි, මාධවගෙයි, කල්හාරගෙයි කසු කුසු වලට අනුව නම් මේ වෙනකොට නෙහාරයි මහේලයි ආදරවන්තයො වෙලා ඉවරයි.. උං දෙන්නම දැන් කරන්නෙ අපිට කොලේ වහන එක.

“බෙකම් මං උඹට දෙයක් කියන්නයි යන්නෙ..”

“මොකක්ද මහේල..?”

“උඹට මං මේක කියනෙක හරිද මංදා..”

“හරියන්න හරි වරදින්න හරි කියපං.. ලමිස්සි වගේ ඇඹරෙන්නැතුව..”

“අමල්..”

“ඔව් අමල් මොකද..?”

අමල් කිව්වෙ නෙහාරගෙ කොල්ලනේ.. මූ මොකද උගේ නම කට පාඩම් කරන්නෙ..

“අමල් එෆෙයාර් එක නවත්තනව කියලා නෙහාරට කියලා..”

මහේල එහෙම කියනවත්තෙක්කම පන්තිය මැද හෙන කඩයක් දාගෙන හිටපු නෙහාරා දිහා මං බැලුවා. ඔය බැබලි බැබලි හිනාවෙවී ඉන්නෙ.. මොන දුකක්වත් නැතුව.. මට පේන විදියට නම් ඒ ආරංචිය සතුටු දායක එකක් වෙන්නැති.

“ඒ කියන්නෙ නෙහාරගෙ ආදරේට අමලයා තිත තියනවා කියනෙකද..?”

කොල්ලොත් එක්ක මොකක්දෝ බයිලයක් ගගහ හිටපු පැතුම් එහෙම කියාගෙන මායි මහේලයි අතරට පැන්නා.

“ඔව්..”

“ෂිහ්.. තෝ කැත නැතුව ඔව් කියපු හැටි.. ඇයි මහේලයා ඕකට තිතක් නොතියා කොමාවක්, බැටන් පොල්ලක් තියන්න බැරි..? ආ..”

පැතුම්ගෙ ප්‍රශ්නෙත් එක්කම මහේලයට උතුර දකුණ මාරු උනා වගේ.. ඒත් ඒ කතාව එතනින් එහාට ගියේ නැත්තෙ චේතනා මිස් පන්තියට ආපු හින්දා.

ඉන්ටවල් එකේදි මං ඉමාන්වයි, දිල්රංගිවයි හම්බවෙලා ප්රසංගයෙ අවසාන කටයුතු ටික කෙරෙන්න ඕන කොහොමද කියලා පුංචි චැට් එකක් දැම්මා. මුලදි මුලදි වැඩේට ටිකක් අදිමදි කරත් ඉමාන් දැන්නම් බැහැලම වැඩේ දීගෙන යන ගතියක් තිබ්බා. දිල්රංගි, ගුණසිංහ සර්ගෙ නැටුම් කණ්ඩායමට කතා කරගෙන සෙට් වෙලා හිටියෙ. තව සුද්දගෙ චරිතෙට මාත් එක්ක හෙළ විරුවා නාට්ටියෙ රඟපාපු මංගලත් එක්කහු කරන් හිටියා. බලන් යන විදියට නම් වැඩේ සිරාවටම පත්තු වෙන පාටයි.

“සෙනසුරාදට කලින් රිහසල් එකක් කරන්න වෙයි නේද ඉමාන්..?”

“අනිවා බෙකම්.. අනිවා.. කරන්නම ඕන.. මේ දවස්වල ගෘප් එකක් එක්ක සිරාවටම ප්‍රැක්ටිස් පාර දානවා..”

“අහන්න සන්තෝසයි ඉමාන්..”

“හුඟාක් වෙලාවට සිකුරාදා හවස රිහසල් එකක් කරලා බලනවා.. ඊට පස්සෙ ඉතිං සෙනසුරාදා ගේමට බහින්නනේ තියෙන්නෙ..”

“මොනම හරි ප්‍රශ්නයක් තියෙනව නම් කියන්න දිල්.. හිතේ තියාගෙන ඉන්නෙපා..”

“හිතේ තියෙන හැමදේම කියන්නත් බෑනෙ නවෝද්..”

හිටපු ගමන් දිල්රංගි හතර බීරි කතා කියනවා. ඕක කෙල්ලොන්ගෙ සහජ දුර්වලතාවයක්ද මංදා.

“ඒක ඇත්ත.. මට කියන්න බැරි වුණාට කියන්න පුළුවන් අයත් ඇතිනේ..”

මං එහෙම කිව්වම කෙල්ලට ලැජ්ජ හිතුණ වගේ.

“කියන්න පුළුවන් අය නම් කවුරුවත් නෑ නවෝද්..”

“එහෙනම් කියන්න පුළුවන් කෙනෙක් හම්බවෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා..”

“තැන්ක් යූ නවෝද්..”

දිල්රංගිගෙ තැන්ක් යූ එකත් අරගෙන මං ආපහු පන්තියට ආවා. ඉන්ටවල් එකෙන් පස්සෙ පීරියඩ් එක තිබ්බෙ සුජාතා මිස්ට. කොල්ලොන්ගෙ පරමානන්දයට හේතුවන පරිද්දෙන් සුජාතා මිස් ඇවිල්ලා නෑ.

“නෙහාරා.. ඔයා දන්නවද ලෝකෙ පොඩිම සුරංගනා කතාව..?”

සර්ලා, මිස්ලා පන්තියෙ ඉන්නකොටත් කච කචේ දාන පැතුමා, සර්ලා මිස්ලා නැති ඕෆ් පීරියඩ් එකක් අහුවුණොත් හෙම සල්ලි නොදී මගුල් ගෙදරකින් කෑවා වගේ ෆිට් එකකින් හැසිරෙන්නෙ.. ඒ වෙලාවට උගේ කට වහන්න දත් දොස්තර කෙනෙකුටත් බෑ.

“උඹ මොකද නෙහාරගෙන් අහන්නෙ.. ඔය නෙලුනිලා ඉන්නෙ.. ඒකිගෙන් අහපන්..”

එකපාරටම මහේල මැද්දට පැන්නා. ළඟකදි ඉඳලා මහේලයා මොනව හරි ඉල්ලනවා වගේ.. මොන තරම් හොඳ යාළුවෙක් උනත් ගුටි කෑමෙන් සියල්ල හැදේ කියන්න වගේ මූටත් දෙක තුනක් අනින්නයි තියෙන්නෙ.

“මට ඕන නෙහාරගෙන්ම අහන්න.. උඹට ඕන නම් නෙලුනිගෙන් අහපං.. ආ නෙහාරා.. ඔයා දන්නවද..?”

“නෑ පැතුම්.. මං දන්නෑ..”

“මට හරි දුකයි ඔයා ගැන.. මේ එක එක වහුකුනාට අහුවෙන හන්දා.. හොඳයි මං කියන්නම්.. හොඳට අහගන්නකො.. මං මේ උඹලටත් එක්කයි කියන්නෙ..! ඔන්න ලස්සන කුමාරියක් අභියසට අසුපිටින් පැමිණි කුමාරයෙක් ඇයට ඉතා ආදරයෙන් විවාහ යෝජනාවක් කරාලු... තරහින් ඔරවා ගත් කුමාරිය ගත් කටටම එය ප්‍රතික්ෂේප කලාලු.. ඊට පස්සෙ කුමාරයා දිගු කලක් සතුටින් ජීවත් වුණාලු.. හරි....”

“ඊට පස්සෙ..?”

“ඊට පස්සෙ කියන්නෙ යකෝ කතාව එච්චරයි.. නොදෝකිං මේ අමන හැත්ත.. ඕක තමයි ලෝකෙ පොඩිම සුරංගනා කතාව..”

පැතුමත් හොයාගන්නෙ මාරම කතන්දර තමයි.. නෙහාරා කට කොනකින් හිනාවෙනවා මං දැක්කා. මහේලයට ඒකට ටිකක් මල පැනල වගේ. ඒත් ඉතිං මොනව කරන්නද..? පැතුම්ගෙ කටේ දිග පලල දන්න හින්දම මහේල කට වහන් හිටියද කොහෙද..? පැතුමත් එක්ක වලිය්ක දාගන්නවට වැඩිය හොඳයි නගර සභාවෙ කුණු ට්‍රැක්ටරේ ළඟින් ඉන්න එක.

“හොඳයි.. හොඳයි.. උඹලට නම් දෙයක් කියල මේ ලෝකෙ වැඩක් නෑ.. අඩෝ කල්හාරයා මේ පින්බර ඕෆ් පීරියඩ් එකේ මං උඹෙන් සිරා ප්‍රශ්නයක් අහනවා.. පුළුවන් නම් උත්තර දීපිය..”

“හරි අහපං බලන්න.. අඩෝ ගෙරි පැතුමා.. උඹ හිතන්නෙ උඹ පොරක් කියලද..? ලෝකෙ පොඩිම සුරංගනා කතා කියලා එනවා මෙතන වීරයා වෙන්න..”

“කල්හාරයා.. මං හරක් මස් කන්නෑ.. ඒක හින්දයි උම හැමදාම බේරෙන්නෙ.. මං වගේ ප්‍රොපෙශනල් වර්ක් කරන සිරා කොල්ලෙක් මේ පන්තියෙ ඉන්න එක ගැන ආඩම්බර වෙයව්.. මං මේ අහන ප්‍රශ්නෙට උත්තර අටක්ම තියෙනවා.. ඕක එකෙක් උත්තර දීපියව්..”

“අඩෝ පැතුමා.. ගුටි කන්නැතුව ප්‍රශ්නෙ අහපං..”

“ඉවසපං මාධවයා.. උමටත් මේකෙ උත්තරයක් දෙන්න පුළුවන්.. හා හොඳයි කියපල්ලා සමහර පිරිමි කසාඳ බඳින්නැතුව බල්ලො හදන්නෙ ඇයි කියලා..”

පන්තියම මොහොතකට නිශ්ශබ්ද උනා වගේ. පැතුම්ගෙ ප්‍රශ්නෙ ගැන මාත් හිතන්න ගත්තා. ඇත්තටම ඒක අමුතු ප්‍රශ්නයක්. ටිකක් හිතුවොත් මටත් උත්තරයක් දෙන්න පුළුවන් වගේ. විනාඩි භාගයක් විතර ගෙවිලා යද්දි ඉස්සෙල්ලම කට ඇරියෙ කල්හාර.

“පිරිමියා පරක්කු වෙලා ගෙදර එන තරමට, ඒක දකින්න ආසාවෙන් ඉන්නෙ බල්ලා වීම..”

“ඔව්.. ඕව්.. ඒකත් සමීප උත්තරයක්.. තව තව..?”

“උඹේ බල්ලට වෙන නමකින් කතා කරාට ඒක නෝට් වෙන්නැති වීම..”

“ජනිතයා.. ඒ උත්තරෙත් හොඳයි.. ඒත් සමීප මදි..”

“ඒයි පැතුමා.. මටත් උත්තයක් තියෙනවා.. අහගනිං..”

හිටපු ගමන් අපේ දොළහ සී පන්තියෙ දොරගඩින් බලයගෙ කටහඬ ඇහුණා. යකෝ මූට දැන් කෙම්ස්ට්රිනේ.

“උඹලගෙ පන්තියෙ හේමන්ත සර් ඉන්නව නේද..?”

“උඹට ඒ අල ගෙඩියෙන් වැඩක් නෑ.. මගේ උත්තරේ බාර ගනිං..”

බලයත් ඇවිල්ලා පැතුමට මැච් වෙන ඔරිජිනල් චරිතයක්. අරහෙ හේමන්ත සර් අහන ප්‍රශ්න වලට උත්තර නොදී ඌ අපේ පැතුමගෙ අනවශ්‍ය ප්‍රශ්න වලට උත්තර දෙන්න ඇවිත්.

“මිනිහා පට්ට රෑක ඇහැරවලා, මං මැරුණොත් වෙන බල්ලෙක් හදාගන්නවද වගේ ගොන් ප්‍රශ්න අහන්නැති හින්දා..”

බලයගෙ උත්තරේට පන්තියෙ කොල්ලො සෙට් එකටම හිනා ගියා. බලයත් ෂේප් එකේ දොළහ බී එකට රිංග ගත්තා.

“ඒ උත්තරේ නම් සිරාවට මැචින්.. හා බෙකම්.. උමට මොනවද කියන්න තියෙන්නෙ.. හැමදාම ෆුට්බෝල් ගගහ ඉඳලා හරියන්නෑ.. මේ වගේ සම්භාව්‍ය සම්මන්ත්රණවලටත් සහබාගී වෙන්නෝන.. තේරුණාද..?”

“බල්ලා ගෙදරින් යනකොට ගෙදර සියලු ජාති ඔතාගෙන යන්නැති හින්දා..”

මගේ උත්තරේටත් හැම එකාම හුකු හුකු ගගා හිනාවෙන්න ගත්තා. ඒ අතරෙ මාධවයි, මහේලයයි උත්තර දෙකක් දුන්නා.

“බල්ලගෙ දෙමාපියන් කිසිදාක බල්ලා සොයා එන්නැති නිසා..”

“මිනිසා කණ පැලෙන්න බීලා ඉන්නෙක බල්ලාට මේ ලෝක අවුලක් නොවෙන හින්දා..”

“ෂෙහ්.. බලන් ගියාම උමල මාර පොරවල් ටිකක් නේ.. අම්මපා මං හිතුවට වැඩිය උඹල සිරාවටම හොඳයි.. ඇත්තමයි.. මං, මං ගැන වගේම උඹල ගැනත් ආඩම්බර වෙනවා..”

පැතුම්ගෙ ප්‍රශ්නෙට අදාලව පන්තියෙ කොල්ලො තවත් උත්තර දුන්නත් ඌ හැම එකක්ම සාමකාමීව ඉවර කරා. ඇත්තටම ඉතිං මුංගෙ ඔලු ගෙඩිවලටත් එන දේවල් වල හැටි. මට ඉතිං නොතේරෙන්නෙ ඔය වගේ සිරාවට කල්පනා කරල මේ අධ්‍යාපනයෙ උසස් ප්‍රතිඵල මුංට ගන්න බැරි ඇයිද කියලා.. හැමදාම මුං ටික පන්තියෙ විස්සෙන් පල්ලෙහානේ.

[QUOTE="crazybuddy, post: 13823426, member: 326070"] [COLOR=Blue][SIZE=3]ඔව් කියල ඉවරවෙලා, සමින්දි යටිතොල හපා ගත්තා... මගේ හිතේ ඇතුළෙ විදුලි එළි දෙක තුනක් සට සට ගාලා කොටල දැම්මා. ඒ එයා හිටපු ඉරියව්වටත් එක්ක.. මේ තරම් ළංවෙලා ඉඳලා ඔයා මට මොනවද කරන්න හදන්නෙ සමින්දි අක්කෙ..[/SIZE] [SIZE=3] “එහෙනම් අහගන්නකො.. මං දැකපු ගෑනු ළමයින්ගෙන් ලස්සනම ෆිගර් එක තියෙන්නෙ ඔයාට..”[/SIZE] [SIZE=3] මෙච්චර වෙලා මැලවිලා තිබ්බ සමින්දිගෙ මූණ මැදට ලස්සන සුදු හිනාවක් පායගෙන ආවා.[/SIZE] [SIZE=3] “ඉස්සරහිනුත් ගාණට, පිටිපස්සෙනුත් ගාණට.. අඩුත් නෑ.. වැඩිත් නෑ..”[/SIZE] [SIZE=3] “නර..ක..යා..”[/SIZE] [SIZE=3] නිදහස් වෙලා තිබ්බ අනිත් අතින් මට හෙමින් සීරුවෙ පාරක් ගහන ගමන් සමින්දි අක්කා ඒ අතින්ම අනිත් අතත් තද කරලා අල්ල ගත්තා. දැන් අපි දෙන්නා එක ළඟ නතරවෙලා මූණින් මූණ බලාගෙන හිරවෙලා හිටිය වගේ. අපි දෙන්නගෙන් කාටවත් මෙතනින් ගැලවිලා යන්න උවමනාවක් තිබ්බෙ නෑ වගේ. සමින්දිගෙයි, මගෙයි ඇස් එකට එක්කහු වෙලා විනාඩි ගානක් එක දිගට බැඳිලා තිබුණා. අපි දෙන්නගෙන් කවුරුවත් ඇස් අහකට ගත්තෙ නැත්තෙ ඉස්සෙලල්ම බිම බලාගත්තු කෙනා පරාදයි කියල හිතල වගේ.[/SIZE] [SIZE=3] “නවෝද්..”[/SIZE] [SIZE=3] “ම්..”[/SIZE] [SIZE=3] “ඔයාටත් දේවල් කියන්න තියෙනවා කිව්වා නේද..?”[/SIZE] [SIZE=3] රතු පාට තොල්පෙති එහෙට මෙහෙට පටලවන ගමන්, ඇස් දෙක බිංදුවක්වත් හරවන්නැතුව සමින්දි ඇහුවා. ඒත් මං කිසිම දෙයක් කියන්න කලින්, සපත්තු අඩිවලට වැලි පෑගෙන සර සර සද්දෙ, සමින්දිටයි, මටයි එක තත්පරේම ඇහුණා. අපි දෙන්නම වටපිට බැලුවෙ පැතුම්ලව, ඉන්කිලව දකින්න කියලා හිතාගෙන. ඒත් අපි ළඟම හිටියෙ අපේ හිත මිත්‍රයො නම් නෙමෙයි.. මට හැමදාමත් චැලේන්ජ් කරපු චතුරංගයයි උගේ අපත ගැන්සියයි.. ඊට අමතරව ෆුට් බෝල් ටීම් එකේ හතුරා වෙච්චි පෙත්තාවඩුත් පැත්තකින් හිටියා.[/SIZE] [SIZE=3] “මේ.. මේ අය කවුද නවෝද්.. ඔ.. ඔයාගෙ යාලුවොද..?”[/SIZE] [SIZE=3] චතුරංගල, පෙත්තාවඩුල හිටපු ඉරියව් මට කොහොමවත් දිරෙව්වෙ නෑ. උං ඇවිල්ලා ඉ්නනෙ නම් හොඳකට නෙමෙයි කියලා මට හිතුණා. උං කලින් දෙපාරක් තුන් පාරක් විතර කැත නැතුව අපෙන් ගුටි කාපු එකේ රිටර්න් එක දෙන්න ඇවිල්ල කියලයි මට හිතුණෙ. ඒත් මායි සමින්දියි මෙතන ඉන්නව කියා මුං කොහොම දැනගත්තද මංදා.[/SIZE] [SIZE=3] “ඔ.. ඔව්.. අපි බෙකම්ගෙ යාලුවො.. ඒත් සීදේවි ඔයා අපිව අඳුනන්නෙ නැතුවට අපි නම් ඔයාව යස අගේට අඳුනනවා.. ඔයා බාලිකාවෙ සුපිරි කෑල්ලනේ.. මොකද කියන්නෙ.. අපිත් බෙකම් වගේම ෆිට් පොරවල් තමයි.. අපි එක්කත් ටිකක් එන්ජෝයි කරමු.. ඔයාට අපි කට්ටියම වැඩිවෙන එකක් නෑ.. හහ්.. හහ්.. හා..”[/SIZE] [SIZE=3] හිතුවෙ නැති විදියට චතුරංග, සමින්දි ටාගට් කරල කියවන්න ගත්තා. ඒ මදිවට උං කට්ටියම අපි දෙන්නව වට කරා. එන පොට හොඳ නෑ වගේ කියලා මට තේරෙද්දි මං වටපිට බැලුවෙ පැතුම්ල ඉන්නවද බලන්න. ඒත් උං පේනතෙක් මානෙක නෑ. එහෙනම් මේ ගේම මටමයි තනියෙම අදින්න වෙන්නෙ. ඒත් සමින්දිව බේරගන්න මෙතන ඉන්න දහ දෙනාවත් බිම දාගන්න මට පුළුවන් වෙයිද කියලා විචිකිච්චාව මගේ හිත උඩින්ම තිබ්බා.[/SIZE] [SIZE=3] “එන්න රත්තරං අපි ළඟට..”[/SIZE] [SIZE=3] චතුරංග, සමින්දිට තව ඩිංගක් ලංවුණා.[/SIZE] [SIZE=3] “චතුරංග.. උඹේ තියෙන ගනුදෙනුවක් මගෙත්තෙක්ක බේරගනිං.. පිරිමියෙක් වගෙ..”[/SIZE] [SIZE=3] “හිටපං.. උඹට මං කවුද කියලා පෙන්නන්න..! පෙත්තා.. උඹ මේකිව ඇඳලා ගනිං.. මං මූව ඉවරයක් කරන්නම්..”[/SIZE] [SIZE=3] පෙත්තාවඩුට සමින්දිව අල්ලගන්න කියන ගමන් චතුරංග මං ඉස්සරහට පැන්නා. මෙච්චර වෙලා එකට බැඳිලා තිබ්බ අපේ අත් ගැලවිලා ගියේ ඒ මොහොතෙම වගේ.[/SIZE] [SIZE=3] “සමින්දි බලාගෙන..”[/SIZE] [SIZE=3] චතුරංගට පාරක් ගහන්න උත්සාහ කරන ගමන් මං කෑගැහුවා.. ඒ පෙත්තාවඩු සමින්දිට ළංවෙන හැටි දැක්කත් මට සමින්දි ළඟට යන්න විදියක් තිබ්බෙ නැති නිසා.[/SIZE] [SIZE=3] “උඹ මට කරපු හැම නින්දාවකටම වාඩුව මං අද ගන්නවා.. බෙකම්.. උඹට අද කියලා දෙන්නම් මං කවුද කියලා..”[/SIZE] [SIZE=3] චතුරංග කොහොමත් කයිවාරුකාරයා හින්දා මං ඌ කියවන දේවල් වලට වැඩිය අවධානයක් යොමු කරේ නෑ.. මං බැලුවෙ සමින්දි දිහා.. ඒ වෙනකොට එයා පෙත්තාවඩුට කොටුවෙලා තිබුණා. කරන දෙයක් දැන්මම කරේ නැත්නම් වැඩේ අමාරු වෙනවා කියලා මට තේරුණා. ඒත් ඒ තේරුම් ගැනීම එහෙම්මම තියේදදි චතුරංග මට මොනවදෝ කුඩු වගයකින් දමලා ගැහුවා.. ඇස් දෙකම පේන්නැති වෙලා යන දැවිල්ලක් මුළු මූණෙම පටන් ගනිද්දි.. සමින්දි දුව්නන කියලා මං මහා හයියෙන් කෑගැහුවා.. ඒ එක්කම හතර වටින්ම මට එරෙහිව ප්‍රහාරය දියත්වෙන්න ගත්තා.[/SIZE] [SIZE=3] “ගහපිය ඕකට.. නැතිවෙන්නම ගහපිය.. ආ මෙන්න.. තවත් මිරිස් කුඩු තියෙනවා.. පෙත්තා.. ඒකව අල්ලගෙන මගේ ළඟට ගෙනෙන්..”[/SIZE] [SIZE=3] ඇස් දෙකම පේන්නැතිවෙන්න, දැවිල්ල එන්න මට ගහල තියෙන්නෙ මිරිස් කුඩු කියලා මං දැනගත්තෙ ඒ වෙලාවෙ.. වටපිටාවෙ කිසිම දෙයක් පේන්නැතුව මං හිටියෙ අන්ත අසරණ වෙලා. ඒකෙ ආයෙ කියන්න දෙයක් නෑ. චතුරංගයලා මට ෆුට් බෝලෙකට ගහනව වගේ හතර පැත්තෙන්ම වට කරගෙන නෙලන්න ගත්තා. ඒ අතරින් පතර මට සමින්දිගෙ කෑගැහිල්ලයි, චතුරංගයි, පෙත්තයි මහා සද්දෙට හිනාවෙන හඬයි ඇහුණා. දෙයියනේ මුං කෙල්ලට කරදරයක් කරයිද..? එහෙම උනොත් නම් ඉඳල වැඩක් නෑ.. මෙච්චර දවසක් චතුරංගට දාපු කලර්සුත් වැඩක් නෑ.. ඒත් මොනව හිතුවත් ඇස් දෙක ඇර ගන්න බැරි තරම් දැවිල්ල එද්දි මට කරකියා ගන්න දෙයක් නැතිවුණා.[/SIZE] [SIZE=3] “එ.. එයාට ගහන්නෙපා.. එයාට ගහන්නෙපා.. මට එයා ළඟට යන්න දෙන්න..”[/SIZE] [SIZE=3] සමින්දිගෙ කටහඬ මං හිටපු තැනින් ටිකක් ඈත් වෙන්න වගේ ඇහුනා. මං ඒ කටහඬ ආපු පැත්තට ගුටි කකාම දුවන්න හැදුවත් පිටම දෙදරල යන්න වැදිච්ච පාරකින් මං බිමට ඇදන් වැටුණා.[/SIZE] [SIZE=3] “තව ගහපන්.. ඕකව මරල දාපන්..”[/SIZE] [SIZE=3] මං ඉස්සරහ හැමදාම බල්ලෙක් වගේ පාත්වෙලා ඉඳපු චතුරංග උගේ පලිගැනීම ඉස්තරම්ම විදියට කරලා තිබුණා. මං මටම සාප කරන්න ගත්තෙ ඌව මේ තරම් ලේසියට අරගෙන තිබුණු එකට.[/SIZE] [SIZE=3] “ඉස්කෝලෙ හැම නම්බු නාමයක්ම ගියේ ඕකට.. මට කිසි දෙයක් නෑ.. මට කිසි දෙයක් නෑ.. දැනගනිං බෙකම්.. උඹ හින්දා මට නැතිවේචච දේවල් හුගක් වැඩියි.. ඒ හැමදේටම හරියන්න මං උඹේ ආදරේ මටම තියාගන්නවා.. මං මේකිව ගන්නවා.. මං මේකිව ගන්නවා..”[/SIZE] [SIZE=3] වියරුවෙන් වගේ චතුරංගගෙ කටහඬ ගලාගෙන යද්දි මං අමාරුවෙන් ඔලුව උස්සන්න හැදුවා. ඒ එක්කම තමයි තවත් වැදිච්ච දැවැන්ත පාරකින් මට හැමදේම පේන්නැති වෙලා ගියේ. චතුරංගගෙ ගැන්සියෙ කොල්ලෙක් ගහපු ඒ පාරක් එක්කම මට කැගැහුනෙ සමින්දි කියලා විතරයවි.. ඊට පස්සෙ හැමදේම කළුවර වෙලා ගියා.[/SIZE] [SIZE=3] “න..වෝ..ද්..”[/SIZE] [SIZE=3] හීනෙකින් වගේ කාගෙදෝ කටහඬක් ඇහෙද්දි මං ඇස් දෙක අරින්න උත්සාහ කරා. ඒත් ඇස්වල දැවිල්ල තාමත් එහෙම්මමයි.. ඒ මොහොතමෙ තමයි ලොකු වතුර පාරක් මගේ මූණ හරහා ගියේ.. තවත් ටිකකින් ගෑනු අතකින් මගේ ඇස් හොඳ෯නවා මට දැනුණා.[/SIZE] [SIZE=3] “අ.. අනේ නවෝද් කතා කරන්නකො..”[/SIZE] [SIZE=3] “ඔ.. ඔයාට අමාරුද නවෝද්.. අනේ ඇස් අරින්නකො..”[/SIZE] [SIZE=3] මුලින් අඳුනගන්න බැරි උනත්, මං පස්සෙ ඒ කටහඬවල් දෙකම අඳුන ගත්තා.. සමින්දියි, ඉන්කියි.. ඔලුවෙ බර ගතියක් දැනුනත් මං හෙමින් සීරුවෙ ඇස් ඇරියා.[/SIZE] [SIZE=3] “හප්පේ ඇති යාන්තං..”[/SIZE] [SIZE=3] මගේ මූණ ඉස්සරහම හිටියෙ ඇම්ඩා.. උගේ ෂර්ට් එකේ පැත්තක්ම ඉරිල ගිහින්.. ඒකෙන්ම මං වෙලා තියෙන දේ හිතාගත්තා. ඇම්ඩයි, පැතුමලයි මොනව නැතත් වෙලාවට ඇවිල්ලා තියෙනවා..[/SIZE] [SIZE=3] “ඔ.. ඔයාට කරදරයක් නෑ නේද..”[/SIZE] [SIZE=3] බාගෙට නැගිටින ගමන් මං සමින්දිගෙන් ඇහුවා.. ඒ ලස්සන ඇස්වල කඳුළු පිරිලා උතුරල ගිහිල්ලා.. ඉන්කිගෙ ඇස්වලත් කඳුළු..[/SIZE] [SIZE=3] “ම.. මට මුකුත් නෑ.. අ.. නේ නවෝද්.. ඔ.. ඔයාට අමාරුද..? අ.. අපි ඩොක්ටර් කෙනෙක් ළඟට යමු..”[/SIZE] [SIZE=3] “ඕන්නෑ සමින්දි.. මං මීට වැඩිය පාරවල් කාලා තියෙනවා.. ෆුට්බෝල් ගහද්දි.. මේවා ඒ තරම් දේවල් නෙමෙයි.. මං බයවුණේ ඔයා ගැන..”[/SIZE] [SIZE=3] එහෙම කියද්දි සමින්දිගෙ ඇස් දීප්තිමත් වෙල හැටි මං දැක්කා.[/SIZE] [SIZE=3] “ඒ වුණාට ඔයාට සිහිය නැති වුණානේ..”[/SIZE] [SIZE=3] “අර මිරිස්කුඩු වැදිච්ච එකෙන් අවුල වුණේ.. ඇස් ඇර ගන්න බැරිව ඉන්දෙද්දි වැදුනු පාරෙන් තමා මං ෆේන්ට් වෙන්න ඇත්තෙ..”[/SIZE] [SIZE=3] “කෝ නැගිටපං..”[/SIZE] [SIZE=3] සමින්දිව පැත්තකට කරන ගමන්, මං ළඟට ආපු පැතුමා මට අත දික් කරා.. මං ඒ අතේ එල්ලිලා නැගිට ගත්තා.[/SIZE] [SIZE=3] “ඔයාට අමාරුවක් නෑ නේද නවෝද්..?”[/SIZE] [SIZE=3] ආයෙත් මගේ ළඟට ඇවිත් සමින්දියි, ඉන්කියි දෙන්නම එක පාරම ඇහුවා.. පැත්තක හිටපු ඇම්ඩට ඒකට ලාවට හිනාවක් ගියා.[/SIZE] [SIZE=3] “ඔයාලත් අහන්නෙ මාර දේවල්නේ අප්පා..”[/SIZE] [SIZE=3] “ඇයි පැතුම්..?”[/SIZE] [SIZE=3] “හැයි පැතුම් තමයි.. අලියට පෑගිලා මොනවද ගියේ කියල ඇහුව වගේ දෙයක්නේ ඔයාලා ඇහුවෙ..”[/SIZE] [SIZE=3] “බෙකම්.. අපි හදිස්සියාට ඩිංගක් පෙන්නමුද..?”[/SIZE] [SIZE=3] හසිද්දියා කිව්වෙ අත ළඟට හිටපු රිටායර් වෙලා වගේ හිටපු ඩොකා.. මිනිහට අවුරුදු හැත්තෑවක් විතර ඇති.. ලෙඩෙකුට බෙහෙත් දෙන්න තියෙන පුදුමාකාර ඉක්මන හින්දා තමයි මිනිහට හදිස්සියා කියන නම වැටිලා තියෙන්නෙ.. තුවාලෙකට බෙහෙත් දාන එකත් දෙවනි නෑ.. එකෙන්ම ගොඩ.[/SIZE] [SIZE=3] “ඕන්නෑ මාධව.. අමාරුවකට තියෙන්නෙ ඇස් දෙක ටිකක් දනවා.. එච්චරයි..”[/SIZE] [SIZE=3] තවත් ටික වෙලාවක් යද්දි ඉන්කියි, සමින්දියි අපෙන් ඈත්වෙලා ගියේ අකමැත්තෙන් වගේ.. සමින්දි නම් තවත් ටිකක් ඉන්නයි බැලුවෙ.[/SIZE] [SIZE=3] “උඹට කියන්න මාධවයා.. මට පේන විදියට අක්කයි නංගියි දෙන්නම අපේ බෙකම්ට කැමතියි වගේ..”[/SIZE] [SIZE=3] “පැතුමා..! නොදන්න ප්‍රකාශ නොකර වැදගත් විදියට උඹේ උණ්ඩුක පුච්චෙ වහගෙන ඉඳපං..”[/SIZE] [SIZE=3] “ඇයි..?”[/SIZE] [SIZE=3] “හැයි අහන්නෙ.. උං දෙන්නා කැමතියි නෙමෙයි..”[/SIZE] [SIZE=3] “හේනම්..?”[/SIZE] [SIZE=3] “උං දෙන්නා බෙකම්ට ලව්..”[/SIZE] [SIZE=3] මාධවගෙ කතාවෙන් කොල්ලො හැමෝම නිශ්ශබ්ද වුණා.[/SIZE] [SIZE=3] “මේ ඔය කතාව නවත්තලා මෙතන උනේ මොකක්ද කියලා කියපල්ලකො.. කෝ චතුරංගයි පෙත්තයි..?”[/SIZE] [SIZE=3] “උං දෙන්නා මෙලහකටත් ඉස්පිරිතාලෙ හරි මෝචරියෙ හරි ඇති.. ආයෙ දෙන එක දුන්නා ගිය ආත්මෙ එක්ක මතක් වෙන්න..”[/SIZE] [SIZE=3] “උනේ මොකක්ද කියපල්ලා.. උඹලා කොහොමද දන්නෙ චතුරංගයල මට නෙලනව කියලා..”[/SIZE] [SIZE=3] “අපිත් එකක් එකට ඇවිත් උඹයි සමින්දියි ඕනකමින්ම පහුවුණානේ.. උඹල පරක්කු හින්දා අපි ආයෙත් පස්සට ඇද්දා..”[/SIZE] [SIZE=3] “පැතුමා ඒත් කිව්වා, මුං දෙන්නා මනුස්සයො වගේ කතා කර කර ආවට කෙහෙවලු පටලවගෙනද දන්නෑ කියලා.. ඒ එනකොට තමයි දැක්කෙ, චතුරංගයල සමින්දිව කැලේට ඇදගෙන යන්න හදනවා.. උම කට කපලා බිම.. තවත් ඉතිං බලන්න කියන්න දෙයක් නෑනෙ.. අපි ගේමට එන්ටර් ද ඩ්‍රැගන් වුණා. කාලක් විතර වැඩේ යද්දි, දැල්ලගෙ ගෙවල් පැත්තෙ ඉඳලා ඇම්ඩත් පියාඹගෙන ආවා.. ඊට පස්සෙ ඉතිං වෙච්ච හරිය උඹට කියන්න ඕන නෑනෙ.. අපි හතර අතටම නෙලුවා.. චමිල් නම් පෙත්තාවඩුගෙ යටි බඩටමයි ගැහුවෙ.. ඌ නම් ආයෙ සතියකට මෙහා ඉස්කෝලෙ එන එකක් නෑ.. චතුරංගයත් සති දෙකකට එන එකක් නෑ.. උඹට කියන්න බෙකම්.. අපේ ඇම්ඩා උංට ගැහුවෙ ඩේට් දීලා.. උං දෙන්නගෙ බත් බැලයො ටික හිස් ලූ ලූ අත දිව්වා.. දුකේ බෑ..”[/SIZE] [SIZE=3] “ඌට කොහෙන්ද ඇම්ඩා ඔය වගේ ගටක් ආවෙ..? මට මිරිස් කුඩු ගහලා සමින්දිව කැලේට ඇදගෙන යන්න තරම්..?”[/SIZE] [SIZE=3] “මට හිතෙන විදියට ඌ ඩ්‍රග්ස් ගන්නවා.. ඒවයෙ බලපෑම තමා ඉතිං..”[/SIZE] [SIZE=3] “මං හූනා කිව්වා වගේ කියන්නම්.. තව ටික දවසකින් චතුරංගයට වෙන්නෙ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශයෙ ඇතුලෙ බංකුවක ලගින්න..”[/SIZE] [SIZE=3] “කොහොම උනත් උඹල වෙලාවට ආවෙ.. නැත්නම් මටයි සමින්දිටයි මොනව වෙයිද දන්නෑ..”[/SIZE] [SIZE=3] “අපි ඉන්නකන් උඹට මුකුත් වෙන්නෑ බෙකම්.. මං අර සමින්දිට කිව්ව වගේ, උඹට මොනව හරි කරනවා නම් ඊට කලින් අපිට මොනවා හරි කරන්නෝන.. නැද්ද ඇම්ඩා..[/SIZE] [SIZE=3] මාධවගෙ කතාවට ඇම්ඩා ඔලුව වැනුවා.. උගේ ෂර්ට් එකේ බොත්තමුත් කැඩිලා.. කමක් නෑ.. චතුරංගයයි, පෙත්තයි දුවල තියෙන්නෙ ෂර්ටුත් නැතුවනේ.. එතන ඉඳලා කොල්ලො ටික ගෙවල් වලට ගියේ මාව අපේ ගෙදරටම ගෙනැල්ලා දාලා.[/SIZE] [SIZE=3] දවස් දෙකක් විතර ගෙරට වෙලා ඉඳලා මං ආයෙත් ඉස්කෝලෙ ගියේ බදාදා.. කැඩෙට් කෑම්ප් හින්දා මේ දවස්වල ඉස්කෝලෙ වැඩ වෙන්නෑ කියල මං අම්මටයි තාත්තටයි බොරුවකුත් නොවෙන ඇත්තකුත් කියලා තිබ්බා. කොහොමටත් අපි කට්ටියම ඉරිදා කතා වුනේ වෙච්ච කිසිම දෙයක් කාටවත්ම නොකියා ඉන්න.. ඒ වගේම චතුරංගයට අමතක වෙන්නැති පාඩමකුත් උගන්නන්න.. ඒත් ඒ පාඩම ඩිංගක් විතර කල් දැම්මෙ, දැල්ලාස් හෝප් ප්‍රසංගය අත ළඟටම ඇවිල්ල තිබ්බ හින්දා.[/SIZE] [SIZE=3] “කමෝන් බෙකම්..”[/SIZE] [SIZE=3] “දවස් ගාණකින් උඹව දැකීම සතුටක්..”[/SIZE] [SIZE=3] උදේ ඉස්කෝලෙට ගියා විතරයි සුපුරුදු විදියටම පන්තියෙ කොල්ලොන්ගෙන් එක එක ප්‍රතිචාර ලැබුණා. නිරෝමිලට, නෙලුනිලට, පැතුම් කියල තිබ්බෙ මැච් එකකට මං අවුට් ගිහිල්ලා කියලා.. නැත්නම් ඉතිං මේ වෙච්ච සංහදිය දන්නවා නම් උං මාව මාසයක් පුරා බයිට් එකට ගනියි.[/SIZE] [SIZE=3] “බෙකම්..”[/SIZE] [SIZE=3] පන්තියෙ කොල්ලො කෙල්ලොන්ගෙ කච කචේ එහෙම්මම තියෙද්දි මහේලගෙ කටහඬ ඇහුණා. ඌ දැන් ටික දවසක ඉඳන් පට්ට වෙනස් කියලා අපි හැමෝටම තේරිලයි තිබුණෙ. එදා බාලිකාවෙ තාරකා විද්‍යා ප්රදර්ශනෙන්ප ස්සෙ වෙච්ච සිද්ධියත් එක්ක අපි හැමෝම උගෙන් ඩිංගක් අයින් උනා කියලා කිව්වොත් ඒක හරි. පැතුමගෙයි, මාධවගෙයි, කල්හාරගෙයි කසු කුසු වලට අනුව නම් මේ වෙනකොට නෙහාරයි මහේලයි ආදරවන්තයො වෙලා ඉවරයි.. උං දෙන්නම දැන් කරන්නෙ අපිට කොලේ වහන එක.[/SIZE] [SIZE=3] “බෙකම් මං උඹට දෙයක් කියන්නයි යන්නෙ..”[/SIZE] [SIZE=3] “මොකක්ද මහේල..?”[/SIZE] [SIZE=3] “උඹට මං මේක කියනෙක හරිද මංදා..”[/SIZE] [SIZE=3] “හරියන්න හරි වරදින්න හරි කියපං.. ලමිස්සි වගේ ඇඹරෙන්නැතුව..”[/SIZE] [SIZE=3] “අමල්..”[/SIZE] [SIZE=3] “ඔව් අමල් මොකද..?”[/SIZE] [SIZE=3] අමල් කිව්වෙ නෙහාරගෙ කොල්ලනේ.. මූ මොකද උගේ නම කට පාඩම් කරන්නෙ..[/SIZE] [SIZE=3] “අමල් එෆෙයාර් එක නවත්තනව කියලා නෙහාරට කියලා..”[/SIZE] [SIZE=3] මහේල එහෙම කියනවත්තෙක්කම පන්තිය මැද හෙන කඩයක් දාගෙන හිටපු නෙහාරා දිහා මං බැලුවා. ඔය බැබලි බැබලි හිනාවෙවී ඉන්නෙ.. මොන දුකක්වත් නැතුව.. මට පේන විදියට නම් ඒ ආරංචිය සතුටු දායක එකක් වෙන්නැති.[/SIZE] [SIZE=3] “ඒ කියන්නෙ නෙහාරගෙ ආදරේට අමලයා තිත තියනවා කියනෙකද..?”[/SIZE] [SIZE=3] කොල්ලොත් එක්ක මොකක්දෝ බයිලයක් ගගහ හිටපු පැතුම් එහෙම කියාගෙන මායි මහේලයි අතරට පැන්නා.[/SIZE] [SIZE=3] “ඔව්..”[/SIZE] [SIZE=3] “ෂිහ්.. තෝ කැත නැතුව ඔව් කියපු හැටි.. ඇයි මහේලයා ඕකට තිතක් නොතියා කොමාවක්, බැටන් පොල්ලක් තියන්න බැරි..? ආ..”[/SIZE] [SIZE=3] පැතුම්ගෙ ප්‍රශ්නෙත් එක්කම මහේලයට උතුර දකුණ මාරු උනා වගේ.. ඒත් ඒ කතාව එතනින් එහාට ගියේ නැත්තෙ චේතනා මිස් පන්තියට ආපු හින්දා.[/SIZE] [SIZE=3] ඉන්ටවල් එකේදි මං ඉමාන්වයි, දිල්රංගිවයි හම්බවෙලා ප්රසංගයෙ අවසාන කටයුතු ටික කෙරෙන්න ඕන කොහොමද කියලා පුංචි චැට් එකක් දැම්මා. මුලදි මුලදි වැඩේට ටිකක් අදිමදි කරත් ඉමාන් දැන්නම් බැහැලම වැඩේ දීගෙන යන ගතියක් තිබ්බා. දිල්රංගි, ගුණසිංහ සර්ගෙ නැටුම් කණ්ඩායමට කතා කරගෙන සෙට් වෙලා හිටියෙ. තව සුද්දගෙ චරිතෙට මාත් එක්ක හෙළ විරුවා නාට්ටියෙ රඟපාපු මංගලත් එක්කහු කරන් හිටියා. බලන් යන විදියට නම් වැඩේ සිරාවටම පත්තු වෙන පාටයි.[/SIZE] [SIZE=3] “සෙනසුරාදට කලින් රිහසල් එකක් කරන්න වෙයි නේද ඉමාන්..?”[/SIZE] [SIZE=3] “අනිවා බෙකම්.. අනිවා.. කරන්නම ඕන.. මේ දවස්වල ගෘප් එකක් එක්ක සිරාවටම ප්‍රැක්ටිස් පාර දානවා..”[/SIZE] [SIZE=3] “අහන්න සන්තෝසයි ඉමාන්..”[/SIZE] [SIZE=3] “හුඟාක් වෙලාවට සිකුරාදා හවස රිහසල් එකක් කරලා බලනවා.. ඊට පස්සෙ ඉතිං සෙනසුරාදා ගේමට බහින්නනේ තියෙන්නෙ..”[/SIZE] [SIZE=3] “මොනම හරි ප්‍රශ්නයක් තියෙනව නම් කියන්න දිල්.. හිතේ තියාගෙන ඉන්නෙපා..”[/SIZE] [SIZE=3] “හිතේ තියෙන හැමදේම කියන්නත් බෑනෙ නවෝද්..”[/SIZE] [SIZE=3] හිටපු ගමන් දිල්රංගි හතර බීරි කතා කියනවා. ඕක කෙල්ලොන්ගෙ සහජ දුර්වලතාවයක්ද මංදා.[/SIZE] [SIZE=3] “ඒක ඇත්ත.. මට කියන්න බැරි වුණාට කියන්න පුළුවන් අයත් ඇතිනේ..”[/SIZE] [SIZE=3] මං එහෙම කිව්වම කෙල්ලට ලැජ්ජ හිතුණ වගේ.[/SIZE] [SIZE=3] “කියන්න පුළුවන් අය නම් කවුරුවත් නෑ නවෝද්..”[/SIZE] [SIZE=3] “එහෙනම් කියන්න පුළුවන් කෙනෙක් හම්බවෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා..”[/SIZE] [SIZE=3] “තැන්ක් යූ නවෝද්..”[/SIZE] [SIZE=3] දිල්රංගිගෙ තැන්ක් යූ එකත් අරගෙන මං ආපහු පන්තියට ආවා. ඉන්ටවල් එකෙන් පස්සෙ පීරියඩ් එක තිබ්බෙ සුජාතා මිස්ට. කොල්ලොන්ගෙ පරමානන්දයට හේතුවන පරිද්දෙන් සුජාතා මිස් ඇවිල්ලා නෑ.[/SIZE] [SIZE=3] “නෙහාරා.. ඔයා දන්නවද ලෝකෙ පොඩිම සුරංගනා කතාව..?”[/SIZE] [SIZE=3] සර්ලා, මිස්ලා පන්තියෙ ඉන්නකොටත් කච කචේ දාන පැතුමා, සර්ලා මිස්ලා නැති ඕෆ් පීරියඩ් එකක් අහුවුණොත් හෙම සල්ලි නොදී මගුල් ගෙදරකින් කෑවා වගේ ෆිට් එකකින් හැසිරෙන්නෙ.. ඒ වෙලාවට උගේ කට වහන්න දත් දොස්තර කෙනෙකුටත් බෑ.[/SIZE] [SIZE=3] “උඹ මොකද නෙහාරගෙන් අහන්නෙ.. ඔය නෙලුනිලා ඉන්නෙ.. ඒකිගෙන් අහපන්..”[/SIZE] [SIZE=3] එකපාරටම මහේල මැද්දට පැන්නා. ළඟකදි ඉඳලා මහේලයා මොනව හරි ඉල්ලනවා වගේ.. මොන තරම් හොඳ යාළුවෙක් උනත් ගුටි කෑමෙන් සියල්ල හැදේ කියන්න වගේ මූටත් දෙක තුනක් අනින්නයි තියෙන්නෙ.[/SIZE] [SIZE=3] “මට ඕන නෙහාරගෙන්ම අහන්න.. උඹට ඕන නම් නෙලුනිගෙන් අහපං.. ආ නෙහාරා.. ඔයා දන්නවද..?”[/SIZE] [SIZE=3] “නෑ පැතුම්.. මං දන්නෑ..”[/SIZE] [SIZE=3] “මට හරි දුකයි ඔයා ගැන.. මේ එක එක වහුකුනාට අහුවෙන හන්දා.. හොඳයි මං කියන්නම්.. හොඳට අහගන්නකො.. මං මේ උඹලටත් එක්කයි කියන්නෙ..! ඔන්න ලස්සන කුමාරියක් අභියසට අසුපිටින් පැමිණි කුමාරයෙක් ඇයට ඉතා ආදරයෙන් විවාහ යෝජනාවක් කරාලු... තරහින් ඔරවා ගත් කුමාරිය ගත් කටටම එය ප්‍රතික්ෂේප කලාලු.. ඊට පස්සෙ කුමාරයා දිගු කලක් සතුටින් ජීවත් වුණාලු.. හරි....”[/SIZE] [SIZE=3] “ඊට පස්සෙ..?”[/SIZE] [SIZE=3] “ඊට පස්සෙ කියන්නෙ යකෝ කතාව එච්චරයි.. නොදෝකිං මේ අමන හැත්ත.. ඕක තමයි ලෝකෙ පොඩිම සුරංගනා කතාව..”[/SIZE] [SIZE=3] පැතුමත් හොයාගන්නෙ මාරම කතන්දර තමයි.. නෙහාරා කට කොනකින් හිනාවෙනවා මං දැක්කා. මහේලයට ඒකට ටිකක් මල පැනල වගේ. ඒත් ඉතිං මොනව කරන්නද..? පැතුම්ගෙ කටේ දිග පලල දන්න හින්දම මහේල කට වහන් හිටියද කොහෙද..? පැතුමත් එක්ක වලිය්ක දාගන්නවට වැඩිය හොඳයි නගර සභාවෙ කුණු ට්‍රැක්ටරේ ළඟින් ඉන්න එක.[/SIZE] [SIZE=3] “හොඳයි.. හොඳයි.. උඹලට නම් දෙයක් කියල මේ ලෝකෙ වැඩක් නෑ.. අඩෝ කල්හාරයා මේ පින්බර ඕෆ් පීරියඩ් එකේ මං උඹෙන් සිරා ප්‍රශ්නයක් අහනවා.. පුළුවන් නම් උත්තර දීපිය..”[/SIZE] [SIZE=3] “හරි අහපං බලන්න.. අඩෝ ගෙරි පැතුමා.. උඹ හිතන්නෙ උඹ පොරක් කියලද..? ලෝකෙ පොඩිම සුරංගනා කතා කියලා එනවා මෙතන වීරයා වෙන්න..”[/SIZE] [SIZE=3] “කල්හාරයා.. මං හරක් මස් කන්නෑ.. ඒක හින්දයි උම හැමදාම බේරෙන්නෙ.. මං වගේ ප්‍රොපෙශනල් වර්ක් කරන සිරා කොල්ලෙක් මේ පන්තියෙ ඉන්න එක ගැන ආඩම්බර වෙයව්.. මං මේ අහන ප්‍රශ්නෙට උත්තර අටක්ම තියෙනවා.. ඕක එකෙක් උත්තර දීපියව්..”[/SIZE] [SIZE=3] “අඩෝ පැතුමා.. ගුටි කන්නැතුව ප්‍රශ්නෙ අහපං..”[/SIZE] [SIZE=3] “ඉවසපං මාධවයා.. උමටත් මේකෙ උත්තරයක් දෙන්න පුළුවන්.. හා හොඳයි කියපල්ලා සමහර පිරිමි කසාඳ බඳින්නැතුව බල්ලො හදන්නෙ ඇයි කියලා..”[/SIZE] [SIZE=3] පන්තියම මොහොතකට නිශ්ශබ්ද උනා වගේ. පැතුම්ගෙ ප්‍රශ්නෙ ගැන මාත් හිතන්න ගත්තා. ඇත්තටම ඒක අමුතු ප්‍රශ්නයක්. ටිකක් හිතුවොත් මටත් උත්තරයක් දෙන්න පුළුවන් වගේ. විනාඩි භාගයක් විතර ගෙවිලා යද්දි ඉස්සෙල්ලම කට ඇරියෙ කල්හාර.[/SIZE] [SIZE=3] “පිරිමියා පරක්කු වෙලා ගෙදර එන තරමට, ඒක දකින්න ආසාවෙන් ඉන්නෙ බල්ලා වීම..”[/SIZE] [SIZE=3] “ඔව්.. ඕව්.. ඒකත් සමීප උත්තරයක්.. තව තව..?”[/SIZE] [SIZE=3] “උඹේ බල්ලට වෙන නමකින් කතා කරාට ඒක නෝට් වෙන්නැති වීම..”[/SIZE] [SIZE=3] “ජනිතයා.. ඒ උත්තරෙත් හොඳයි.. ඒත් සමීප මදි..”[/SIZE] [SIZE=3] “ඒයි පැතුමා.. මටත් උත්තයක් තියෙනවා.. අහගනිං..”[/SIZE] [SIZE=3] හිටපු ගමන් අපේ දොළහ සී පන්තියෙ දොරගඩින් බලයගෙ කටහඬ ඇහුණා. යකෝ මූට දැන් කෙම්ස්ට්රිනේ.[/SIZE] [SIZE=3] “උඹලගෙ පන්තියෙ හේමන්ත සර් ඉන්නව නේද..?”[/SIZE] [SIZE=3] “උඹට ඒ අල ගෙඩියෙන් වැඩක් නෑ.. මගේ උත්තරේ බාර ගනිං..”[/SIZE] [SIZE=3] බලයත් ඇවිල්ලා පැතුමට මැච් වෙන ඔරිජිනල් චරිතයක්. අරහෙ හේමන්ත සර් අහන ප්‍රශ්න වලට උත්තර නොදී ඌ අපේ පැතුමගෙ අනවශ්‍ය ප්‍රශ්න වලට උත්තර දෙන්න ඇවිත්.[/SIZE] [SIZE=3] “මිනිහා පට්ට රෑක ඇහැරවලා, මං මැරුණොත් වෙන බල්ලෙක් හදාගන්නවද වගේ ගොන් ප්‍රශ්න අහන්නැති හින්දා..”[/SIZE] [SIZE=3] බලයගෙ උත්තරේට පන්තියෙ කොල්ලො සෙට් එකටම හිනා ගියා. බලයත් ෂේප් එකේ දොළහ බී එකට රිංග ගත්තා.[/SIZE] [SIZE=3] “ඒ උත්තරේ නම් සිරාවට මැචින්.. හා බෙකම්.. උමට මොනවද කියන්න තියෙන්නෙ.. හැමදාම ෆුට්බෝල් ගගහ ඉඳලා හරියන්නෑ.. මේ වගේ සම්භාව්‍ය සම්මන්ත්රණවලටත් සහබාගී වෙන්නෝන.. තේරුණාද..?”[/SIZE] [SIZE=3] “බල්ලා ගෙදරින් යනකොට ගෙදර සියලු ජාති ඔතාගෙන යන්නැති හින්දා..”[/SIZE] [SIZE=3] මගේ උත්තරේටත් හැම එකාම හුකු හුකු ගගා හිනාවෙන්න ගත්තා. ඒ අතරෙ මාධවයි, මහේලයයි උත්තර දෙකක් දුන්නා.[/SIZE] [SIZE=3] “බල්ලගෙ දෙමාපියන් කිසිදාක බල්ලා සොයා එන්නැති නිසා..”[/SIZE] [SIZE=3] “මිනිසා කණ පැලෙන්න බීලා ඉන්නෙක බල්ලාට මේ ලෝක අවුලක් නොවෙන හින්දා..”[/SIZE] [SIZE=3] “ෂෙහ්.. බලන් ගියාම උමල මාර පොරවල් ටිකක් නේ.. අම්මපා මං හිතුවට වැඩිය උඹල සිරාවටම හොඳයි.. ඇත්තමයි.. මං, මං ගැන වගේම උඹල ගැනත් ආඩම්බර වෙනවා..”[/SIZE] [SIZE=3] පැතුම්ගෙ ප්‍රශ්නෙට අදාලව පන්තියෙ කොල්ලො තවත් උත්තර දුන්නත් ඌ හැම එකක්ම සාමකාමීව ඉවර කරා. ඇත්තටම ඉතිං මුංගෙ ඔලු ගෙඩිවලටත් එන දේවල් වල හැටි. මට ඉතිං නොතේරෙන්නෙ ඔය වගේ සිරාවට කල්පනා කරල මේ අධ්‍යාපනයෙ උසස් ප්‍රතිඵල මුංට ගන්න බැරි ඇයිද කියලා.. හැමදාම මුං ටික පන්තියෙ විස්සෙන් පල්ලෙහානේ.[/SIZE] [SIZE=3] [/SIZE][/COLOR] [CENTER] [SIZE=3][COLOR=Blue][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom