Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෝවාන් වෙන්නේ බණ අහලයි භාවනාවෙන් නෙවෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය කියන හාමුදුරුවෝ ගැන නම් මම දන්නේ නෑ. හැබැයි සක්කාය දිට්ඨිය ප්‍රහණය කිරීමේ දි සිදුවන්නේ "මමත්වයේ දැඩි බව බිද වැටීම" යැයි පැවසීමේ වරදක් නෑ. වරදක් පෙනේ නම් එයට හේතුව මෙමගින් පවසන්නේ කුමක්දැයි හරියාකාරව නොවැටහීමයි.

අස්මිමානය,සක්කායදිට්ඨි, මානය යන මේ සියලු ක්ලේශයෝ සියුම් වූ ලක්ෂණයන්ගෙන් වෙන් වෙති. ඒ සියල්ලෙහිම පොදු ලක්ෂණයක් ලෙස මමත්වයම දක්නට ලැබේ. ඉදින් සෝවාන් නොවූ කෙනෙකු තුල "මමත්වය" පිළිබද ග්‍රහණය දැඩිය. තියුණුය. ධර්ම මාර්ගයට පිවිසෙන තුරු ම "මම වෙමි" යන්න සැකයකින් තොරව පිළිගනි. නමුත් එය හුදු හැගීමකි.යථාර්තයක් නොවේ.(අස්මීති භික්ඛවෙ මඤ්ඤිතමෙතං) නමුත් සාමාන්‍ය සමාජය එය පිළිගන්නේ නොවේ.

සක්කායදිට්ඨිය ප්‍රහාණයේ දි සිදුවන්නේ "මම" යන හැගීම උපාදානස්කන්ධ ඇසුරින් ඇතිවන්නක් බව නිසැකව වැටහීමයි. එහිදී මමත්වය පිළිබද වූ දැඩි ග්‍රහණය (දෘෂ්ටිය) දුරුවේ. එනම් ආත්මදෘෂ්ටිය (ආත්මය යැයි නොවෙනස් වන යමක් ඇති බව) දුරුවේ. නමුත් මමත්වය සර්වාකාරයෙන් පහවී නොයයි. ඒ පිළිබද වූ දෘෂ්ටිය පමණක් පහව යයි. තව දුරටත් මමත්වය නිසා මාන ක්ලේශය උපදී. අස්මිමාන ක්ලේශය ද පවති. අර්හත්වයට පත් වෙන තුරා මමත්වය පහව නොයයි.

මිනිබිරිය මළ කල්හි විසාඛාව ශෝක විය. විසාඛාව සෝවාන් වූයේ සත් හැවිරිදි වියේදීය. නමුත් ඇය තුළ මමත්වය සම්පූර්ණයෙන් පහව ගොස් නැත. ඇය තුළ ඇති මමත්වය නිසා "මගේ මිනිබිරිය මළා" යැයි ශෝක වෙති. නමුත් ඇය පොළොවේ හැපෙමින්, කෑ ගසමින්, විළාප දෙමින් නොහැඩූවාය. කිසාගෝතමිය මෙන් මළ කද ඔසවා ගෙන නොගියා ය. ඒ තරම් වූ දැඩි මමත්වයක්, "මගේ "යැයි හැගීමක් ඈ තුළ නොවීය. බුදුරජාණන් වහන්සේ "පිරිනිවන්පාන කල්හි" ආනන්ද තෙරණුවෝ හැඩූහ.ශෝක වූහ. විශාඛාවෝ ඉතා වටින මේහ පළදනා ආදියෙන් සැරසී බණ ඇසීමට ගියේද මමත්වය ඇති නිසාය. අනුන් හා තමා සමකොට මනින මාන ක්ලේශයෝ ඇති බැවිනි.

අර්ථාවබෝධයට පහසුවන පිණිස සරළව "මමත්වයේ දැඩි බව බිදියාම" යැයි සක්කායදිට්ඨිය විස්තර කරන්නේ එබැවිනි. ඔය සක්කාය දිට්ඨියම විපල්ලාස ධර්ම ප්රහණයවීම අනුව දැක්වුව ද අවසන එකම අර්ථ උපදවයි.

මචන්, මෙහෙමයි. දැන් ඔය කාරණාවට විරුද්ධව මට ඇති තරම් කරුණු දක්වන්න පුළුවන්. නමුත් එහෙම කරන එක නිෂ්ඵලයි නේ. ඵල රහිතයි. මොකද ඔයා සෑම ධර්ම කරුණකම අදහස විවරණය කරගන්නේ මේ හාමුදුරුවෝ කියන විදිහටමනේ. භාවනාව සම්බන්ධව මේ හාමුදුරුවෝ පැහැදිලිවම දක්වන්නේ ආන්දෝලාත්මක මතවාද. මම දැක්කා එක වීඩියෝවක මේ හාමුදුරුවෝ "උදරය පිම්බීම හැකිලීම අරමුණු කොට වඩන භාවනාව" විවේචනය කරනවා. ඕක අලුත් විවේචන්යක් නෙවෙයි. ඒක එදත් තිබ්බා. රේණුකායේ චන්ද විමල හාමුදුරුවාන්ගේ භාවනා විවේචනය පොතේ දි ඔය කියන කරුණු ගැන කතා කරනවා. රේණුකායේ චන්දවිමල හාමුදුරුවෝ කියන නිසාම පිලිගන්න කියනවා නෙවෙයි. නමුත් කියවලා බලන්න.

[ATTACH=full]95112[/ATTACH]

[ATTACH=full]95110[/ATTACH]

[ATTACH=full]95111[/ATTACH]

දතයුතු දේ නම් මෙයයි බන්. භාවනාව විවේචනය කළ පලමු ධර්මදේශකයා මේ හාමුදුරුවෝ නෙවෙයි. අවසානයත් මෙය නෙවෙයි. කර්මස්ථානයක් මූලික කොට වඩනු ලබන සමාධිය ඍජු නිර්වාණය පිණිස නොවන බව දන්නෝ දනිති. සමථයානිකයා සහ විදර්ශනායානිකයා අතර වෙනස ඇතිවන්නේ කෙසේ දැයි දනිති.

"දවස් කීපයක් Coca-Cola, Coca-Cola කිය කිය හිටියත් සමාධියක් එනවා. බණ දන්නේ නැතුව අද භාවනා මධ්‍යස්ථාන වලත් වඩන්නේ බමුණන් වඩපු ඔන්න ඔය මිච්ජා සමාධියයි."

මේ වගේ කතා කියද්දි සමථය පිළිබද හරි වැටහීමක් මේ හාමුදුරුවන්ට තියෙනවද කියලත් සැක හිතෙනවා. සමථ භාවනාවේ කර්මස්ථාන දෙන්නේ ඒ ඒ පුද්ගලයාගේ චරිත ස්වභාවයේ හැටිය. අනික සමථ භාවනා ක්‍රමයක් භාරතය තිබුණ බව ඇත්ත. ඒත් ඒ භාරතීය සමථ භාවනාවයි බෞද්ධ සමථ භාවනාවයි වෙනස්. බෞද්ධ භාවනාවේ කර්මස්ථාන විදිහට ගන්නේ "දස අසුභ, දස අනුස්සති, ආහාරේ පටික්කුල සඤ්ඤාව, චතුධාතු වවත්ථාව,දස කසිණ" වගේ දේවල්.

මළ මිනියක අවස්ථා අනුව වඩන දස අනුස්සතිය ධර්මයෙන් පරිභාහිර වූවක් විදිහට දකිනවද? මරණානුස්සති,කායගතාසති ආදිය අඩංගු දස අනුස්සතිය නිවන් මගට ප්‍රතිවිරුද්ධ ද? සමථ භාවනාවේ දස කසිණ කර්මස්ථාන ලෙස ගැනීම තමයි සමහරුන්ට ගැටලුවෙලා තියෙන්නේ. ඒ පමණින්ම බමුණු මතයැයි ගර්හා කරති.

ත්‍රිපිටකයේ පෙළ දහමේ එන ඇතැම් දේශනා සරල ලෙස පෙනුනට ඒවා සරල නෑ. ඒ දේශනා අවබෝධකරගන්න අපිට පෙරවූ ධර්මධර ථෙරවරුද අසමත් වුණා. ඒ නිසාම අටුවා බිහි වුණා. ටීකා බිහිවුණා. ප්රකරණ බිහිවුණා. අද කාලේ බොහෝ හිමිවරු තමන්ට කැමතිසේ ධර්මය විවරණය කරනවා. මේ හාමුදුරුවෝ ඒ වගේ කෙනෙක් යැයි මම කියන්නේ නෑ. කාවවත් විවේචනය කිරීම හෝ හෙළා දැකීමට මට අවශ්‍ය නැති නිසා. නමුත් ඔය නගන තර්කවලට මීට පෙර සිටි ධර්මධර හිමිවරුම පිළිවදන් දී තිබියදී ඒවා කතා කිරීම නිෂ්ඵලයි.

[QUOTE="shadow134, post: 25719468, member: 575543"] [SIZE=6]ඔය කියන හාමුදුරුවෝ ගැන නම් මම දන්නේ නෑ. හැබැයි සක්කාය දිට්ඨිය ප්‍රහණය කිරීමේ දි සිදුවන්නේ "මමත්වයේ දැඩි බව බිද වැටීම" යැයි පැවසීමේ වරදක් නෑ. වරදක් පෙනේ නම් එයට හේතුව මෙමගින් පවසන්නේ කුමක්දැයි හරියාකාරව නොවැටහීමයි. අස්මිමානය,සක්කායදිට්ඨි, මානය යන මේ සියලු ක්ලේශයෝ සියුම් වූ ලක්ෂණයන්ගෙන් වෙන් වෙති. ඒ සියල්ලෙහිම පොදු ලක්ෂණයක් ලෙස මමත්වයම දක්නට ලැබේ. ඉදින් සෝවාන් නොවූ කෙනෙකු තුල "මමත්වය" පිළිබද ග්‍රහණය දැඩිය. තියුණුය. ධර්ම මාර්ගයට පිවිසෙන තුරු ම "මම වෙමි" යන්න සැකයකින් තොරව පිළිගනි. නමුත් එය හුදු හැගීමකි.යථාර්තයක් නොවේ.(අස්මීති භික්ඛවෙ මඤ්ඤිතමෙතං) නමුත් සාමාන්‍ය සමාජය එය පිළිගන්නේ නොවේ. සක්කායදිට්ඨිය ප්‍රහාණයේ දි සිදුවන්නේ "මම" යන හැගීම උපාදානස්කන්ධ ඇසුරින් ඇතිවන්නක් බව නිසැකව වැටහීමයි. එහිදී මමත්වය පිළිබද වූ දැඩි ග්‍රහණය (දෘෂ්ටිය) දුරුවේ. එනම් ආත්මදෘෂ්ටිය (ආත්මය යැයි නොවෙනස් වන යමක් ඇති බව) දුරුවේ. නමුත් මමත්වය සර්වාකාරයෙන් පහවී නොයයි. ඒ පිළිබද වූ දෘෂ්ටිය පමණක් පහව යයි. තව දුරටත් මමත්වය නිසා මාන ක්ලේශය උපදී. අස්මිමාන ක්ලේශය ද පවති. අර්හත්වයට පත් වෙන තුරා මමත්වය පහව නොයයි. මිනිබිරිය මළ කල්හි විසාඛාව ශෝක විය. විසාඛාව සෝවාන් වූයේ සත් හැවිරිදි වියේදීය. නමුත් ඇය තුළ මමත්වය සම්පූර්ණයෙන් පහව ගොස් නැත. ඇය තුළ ඇති මමත්වය නිසා "මගේ මිනිබිරිය මළා" යැයි ශෝක වෙති. නමුත් ඇය පොළොවේ හැපෙමින්, කෑ ගසමින්, විළාප දෙමින් නොහැඩූවාය. කිසාගෝතමිය මෙන් මළ කද ඔසවා ගෙන නොගියා ය. ඒ තරම් වූ දැඩි මමත්වයක්, "මගේ "යැයි හැගීමක් ඈ තුළ නොවීය. බුදුරජාණන් වහන්සේ "පිරිනිවන්පාන කල්හි" ආනන්ද තෙරණුවෝ හැඩූහ.ශෝක වූහ. විශාඛාවෝ ඉතා වටින මේහ පළදනා ආදියෙන් සැරසී බණ ඇසීමට ගියේද මමත්වය ඇති නිසාය. අනුන් හා තමා සමකොට මනින මාන ක්ලේශයෝ ඇති බැවිනි. අර්ථාවබෝධයට පහසුවන පිණිස සරළව "මමත්වයේ දැඩි බව බිදියාම" යැයි සක්කායදිට්ඨිය විස්තර කරන්නේ එබැවිනි. ඔය සක්කාය දිට්ඨියම විපල්ලාස ධර්ම ප්රහණයවීම අනුව දැක්වුව ද අවසන එකම අර්ථ උපදවයි.[/SIZE] [SIZE=6] මචන්, මෙහෙමයි. දැන් ඔය කාරණාවට විරුද්ධව මට ඇති තරම් කරුණු දක්වන්න පුළුවන්. නමුත් එහෙම කරන එක නිෂ්ඵලයි නේ. ඵල රහිතයි. මොකද ඔයා සෑම ධර්ම කරුණකම අදහස විවරණය කරගන්නේ මේ හාමුදුරුවෝ කියන විදිහටමනේ. භාවනාව සම්බන්ධව මේ හාමුදුරුවෝ පැහැදිලිවම දක්වන්නේ ආන්දෝලාත්මක මතවාද. මම දැක්කා එක වීඩියෝවක මේ හාමුදුරුවෝ "උදරය පිම්බීම හැකිලීම අරමුණු කොට වඩන භාවනාව" විවේචනය කරනවා. ඕක අලුත් විවේචන්යක් නෙවෙයි. ඒක එදත් තිබ්බා. රේණුකායේ චන්ද විමල හාමුදුරුවාන්ගේ භාවනා විවේචනය පොතේ දි ඔය කියන කරුණු ගැන කතා කරනවා. රේණුකායේ චන්දවිමල හාමුදුරුවෝ කියන නිසාම පිලිගන්න කියනවා නෙවෙයි. නමුත් කියවලා බලන්න.[/SIZE][SIZE=5] [/SIZE] [ATTACH type="full" width="512px"]95112[/ATTACH] [ATTACH type="full" width="515px"]95110[/ATTACH] [ATTACH type="full" width="515px"]95111[/ATTACH] [SIZE=6]දතයුතු දේ නම් මෙයයි බන්. භාවනාව විවේචනය කළ පලමු ධර්මදේශකයා මේ හාමුදුරුවෝ නෙවෙයි. අවසානයත් මෙය නෙවෙයි. කර්මස්ථානයක් මූලික කොට වඩනු ලබන සමාධිය ඍජු නිර්වාණය පිණිස නොවන බව දන්නෝ දනිති. සමථයානිකයා සහ විදර්ශනායානිකයා අතර වෙනස ඇතිවන්නේ කෙසේ දැයි දනිති. [I][U]"දවස් කීපයක් Coca-Cola, Coca-Cola කිය කිය හිටියත් සමාධියක් එනවා. බණ දන්නේ නැතුව අද භාවනා මධ්‍යස්ථාන වලත් වඩන්නේ බමුණන් වඩපු ඔන්න ඔය මිච්ජා සමාධියයි."[/U][/I] මේ වගේ කතා කියද්දි සමථය පිළිබද හරි වැටහීමක් මේ හාමුදුරුවන්ට තියෙනවද කියලත් සැක හිතෙනවා. සමථ භාවනාවේ කර්මස්ථාන දෙන්නේ ඒ ඒ පුද්ගලයාගේ චරිත ස්වභාවයේ හැටිය. අනික සමථ භාවනා ක්‍රමයක් භාරතය තිබුණ බව ඇත්ත. ඒත් ඒ භාරතීය සමථ භාවනාවයි බෞද්ධ සමථ භාවනාවයි වෙනස්. බෞද්ධ භාවනාවේ කර්මස්ථාන විදිහට ගන්නේ "දස අසුභ, දස අනුස්සති, ආහාරේ පටික්කුල සඤ්ඤාව, චතුධාතු වවත්ථාව,දස කසිණ" වගේ දේවල්. මළ මිනියක අවස්ථා අනුව වඩන දස අනුස්සතිය ධර්මයෙන් පරිභාහිර වූවක් විදිහට දකිනවද? මරණානුස්සති,කායගතාසති ආදිය අඩංගු දස අනුස්සතිය නිවන් මගට ප්‍රතිවිරුද්ධ ද? සමථ භාවනාවේ දස කසිණ කර්මස්ථාන ලෙස ගැනීම තමයි සමහරුන්ට ගැටලුවෙලා තියෙන්නේ. ඒ පමණින්ම බමුණු මතයැයි ගර්හා කරති. ත්‍රිපිටකයේ පෙළ දහමේ එන ඇතැම් දේශනා සරල ලෙස පෙනුනට ඒවා සරල නෑ. ඒ දේශනා අවබෝධකරගන්න අපිට පෙරවූ ධර්මධර ථෙරවරුද අසමත් වුණා. ඒ නිසාම අටුවා බිහි වුණා. ටීකා බිහිවුණා. ප්රකරණ බිහිවුණා. අද කාලේ බොහෝ හිමිවරු තමන්ට කැමතිසේ ධර්මය විවරණය කරනවා. මේ හාමුදුරුවෝ ඒ වගේ කෙනෙක් යැයි මම කියන්නේ නෑ. කාවවත් විවේචනය කිරීම හෝ හෙළා දැකීමට මට අවශ්‍ය නැති නිසා. නමුත් ඔය නගන තර්කවලට මීට පෙර සිටි ධර්මධර හිමිවරුම පිළිවදන් දී තිබියදී ඒවා කතා කිරීම නිෂ්ඵලයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom