Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෝවාන් වෙමුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව්තුරා බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නය තුළින් ආර්ය මාර්ගය පූර්ණ කර ගැනීම සඳහා කෙනෙකු අත්‍යාවශ්‍යයෙන්ම වැඩිය යුතු ධර්ම කාණ්ඩයක් වන්නේ සත්තිස් බෝධි පාක්ෂික ධර්මයන් ය. අප නිතර අසා ඇති එසේම නිතර භාවිතා කරන සත්තිස් බෝධි පාක්ෂික ධර්ම වන්නේ,

සතර සතිපට්ඨානය

සතර සම්‍යක් ප්‍රධාන

සතර ඉර්ධිපාද

පංච ඉන්ද්රිය

පංච බල

සප්ත භොජ්ජංග ධර්ම

ආර්ය අෂ්ඨාංගික මාර්ගය

යන ධර්ම කාණ්ඩයන්ය. නිවන් අවබෝධ කර ගැනීම සඳහා වැඩිය යුත්තේ මේ සත්තිස් බෝධි පාක්ෂික ධර්මයන් ය. මේ පිළිබඳව අවබෝධ කර ගැනීමට පෙර අප දැනගත යුතු වැදගත් දෙයක් තියෙනවා. අත්‍යවශ්‍යයෙන්ම දැනගත යුතු වන අනිච්ච, දුක්ඛ, අනත්ත යන කරුණු තුන මෙහි ඇතුලත් වෙලා නෑ. එසේම චතුරාර්ය සත්‍යයට අයත් දුක්ඛ ආර්ය සත්‍යයත්, දුක්ඛ සමුදය ආර්ය සත්‍යයත්, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයත් මේ සත්තිස් බෝධි පාක්ෂික ධර්මවලට ඇතුලත් වෙලා නෑ. ඒ අතරින් දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය පමණයි මෙයට ඇතුලත් වෙලා තියෙන්නේ.

මේ කරුණු ඇතුලත් නොවීමට හේතුවක් තියෙනවා. පළමුවෙන් ම ප්‍රඥාවෙන් අවබෝධ කර ගෙන මතු කර ගත යුතු දහම් කොටසක් තියෙනවා. ඒ කොටස අවබෝධ කරගෙන දෙවනුවයි වැඩිය යුතු කොටස කරගෙන යා යුතු වන්නේ. සත්තිස් බෝධි පාක්ෂික ධර්මවලට අයත් වන්නේ ඒ වැඩිය යුතු කොටසයි. අප කරන සෑම භාවනාවක් තුළින්ම මේ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම වැඩෙනවා.

අප බෞද්ධයන් වශයෙන් කෙතරම් කාලයක සිට භාවනා කරනවද? භාවනා පන්තිවලට යනවද? විශේෂයෙන්ම ආනාපානා සති භාවනාව කෙතරම් කාලයක් වඩලා තියෙනවද? මේ භාවනා ප්‍රගුණ කරද්දී නිවන් අවබෝධ වුනා කියලා කවරෙකුට හරි වැටහිලා තියෙනවද? එසේ නම් මේ භාවනා කිරීමේ කිසියම් අඩුපාඩුවක් තියෙනවද? යන කරුණු හොඳින් කල්පනා කළ යුතු වෙනවා.

බුදුපියාණන් වහන්සේ වැඩ සිටි කාලයේ නම් උන්වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කොට කර්මස්ථානයක් වඩන භික්ෂුන් වහන්සේ නමක් හෝ ගිහියකු, දින ගණනකින් හෝ සති ගණනකින් නැත්නම් මාස ගණනකින් උත්තරීතර වන්නා වූ අරිහත් ඵලය හෝ මාර්ග ඵල අවබෝධ කර ගන්නවා. එතරම් හැකියාවක් තිබූ ඒ ධර්මයෙන් අද ප්‍රතිඵල ලබා ගත නොහැකිව ඇති හේතුව කුමක්ද යන්න සොයා බැලීම වැදගත් වෙනවා.

බුදු දහම කියන්නේ නිවන් දැක යන මගක් මිසක් ගිහින් දකින මගක් නොවෙයි. මේ සඳහා උපමාවක් ගෙන පැහැදිලි කර දීමෙන් අවබෝධයට පහසු වෙනවා. කිසියම් දිවීමේ තරඟයකදී දිනුම් කණුවක් මෙන්ම ඒ සඳහා වන මාර්ගයක් ද තියෙනවා. ඇස් ඇති කෙනෙක් ඈතක සිට ඒ දිනුම් කණුවත් ඒ සඳහා යන මාර්ගයත් හොඳින් දකිනවා. දිනුම් කණුව දැක්කට පස්සේ ඔහුට කිසිවෙකුගෙන් ඒ පාර අහන්න වුවමනා නෑ. මීළඟට ඔහු ඒ මාර්ගය දිගේ ගමන් කර දිනුම් කණුව ස්පර්ශ කරනවා. මෙහිදී වැදගත් කරුණු දෙකක් සිදුවෙනවා. මාර්ගය දැකීමයි, දිනුම් කණුව දැකීමයි එක ක්‍රියාවක්. මාර්ගයේ යාමයි, දිනුම් කණුව ස්පර්ශ කිරීමයි තවත් ක්‍රියාවක්.

මේ ආකාරයෙන් බුදු දහම තුලින් කිසියම් ප්‍රතිඵලයක් ලබන්නට නම්, නිවනත්, නිවන් මගත් පළමුව දකින්නට ඕන. ඒ මාර්ගය අනුගමනය කර නිවන අත්දැකීමට හෝ නිවන ස්පර්ශ කිරීමට පුලූවන් වෙන්නේ ඒ නිවන දුටු තැනැත්තාටයි. දිනුම් කණුවත්, දිනුම් කණුවට යන මාර්ගයත් දැක්කේ නැත්නම් දිනුම් කණුව ස්පර්ශ කිරීමට බැරිවෙනවා වගේ නිවන් දැකීමට හේතුවන ආර්ය මාර්ගය දැක්කේ නැත්නම් කෙනෙකුට ඒ මාර්ගයේ යන්නත් බෑ. මාර්ග ඵලයක් ලබන්නත් බෑ. එසේනම් අද භාවනාව ලෙස කරගෙන යනු ලබන සත්තිස් බෝධි පාක්ෂික ධර්ම වැඩිය යුත්තේ නිවන් මාර්ගයත් නිවනත් දැක්කට පසුවයි. එසේ නම් දකින ලද නිවන් මාර්ගය අනුගමනය කළ යුත්තේ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම තුලිනුයි. එයින් ලැබෙන ඵලය නිවනයි. මේ අනුව පැහැදිලි වෙන්න ඕන නිවන දැකීමයි, නිවන අත්දැකීමයි කරුණු දෙකක් කියලා.

බොහෝ දෙනෙක් මේ කරුණු හොඳින් තේරුම් නොගෙන භාවනා කරනවා. භාවනාවෙන් සිදු කෙරෙන්නේ ඇලීමයි, ගැටීමයි සහමුලින්ම දුරුකර ගැනීම හෙවත් සංසිඳුවාලීමයි. ඇලීමයි, ගැටීමයි දුරුකරනවා කියන්නේ අභිජ්ඣා දෝමනස්ස යන කරුණු දෙක දුරු කිරීමයි.

"කායේ කායානුපස්සී විහරති අතාපි සම්පජානෝ, සතිමා, විනෙයිය ලෝකේ අභිජ්ඣා, දෝමනස්සං"

සතියෙන් සහ නුවණින් යුක්තව මේ කයෙහි කායානුපස්සනාවෙන් වාසය කොට ඇලීම සහ ගැටීම දුරුකර ගත යුතුයි යනුවෙනුයි මහා සතිපට්ඨාන සූත්‍රය ආරම්භයේම බුදු පියාණන් වහන්සේ දේශනා කර තියෙන්නේ ඇලීමයි, ගැටීමයි දුරුකර ගත යුත්තේ.

"භාවනාය පහාතබ්බං"

හෙවත් භාවනාවෙන් පහකර ගත යුතු දෙවෙනි අවස්ථාවේදීයි.

එසේ නම් භාවනාවෙන් පහකිරීමට පෙර දර්ශනයෙන් පහකර ගත යුතු සංයෝජන කොටසක් තියෙනවා.

දස්සනේන පහාතබ්බං

යනුවෙන් පෙන්වා ඇත්තේ ඒ කොටසයි. නිවන් මග දැකීමත් නිවන දැකීමත් යනුවෙන් මුලින්ම සඳහන් කළේ ඒ දස්සනේන පහාතබ්බං යන කොටසයි. දර්ශනයෙන් පහ කළ යුතු තත්ත්වය තේරුම් නොගෙන, භාවනාවෙන් කළ යුතු පහ කිරීම කරන්නට පුළුවන් කමක් නෑ. බොහෝ අය භාවනා කළත් ප්‍රතිඵලයක් නැත්තේ ඒ නිසයි.

මෙතෙක් භවනා කර ප්‍රතිඵල නැති අය මේ කරුණු හොඳින් අවබෝධ කර ගත යුතුයි. මේ සඳහා දැනගත යුතු වැදගත් දෙයක් තියෙනවා. මේ සම්බුද්ධ ශාසනය තුළ ඤාණ ගෝචර වූ ධර්මය ලැබෙන්නේ අවස්ථා දෙකකදීයි. මෙයින් පළමුවන අවස්ථාවේදී සිදුවන්නේ පුර්වභාග නුවණ ලැබීමයි. එහි ප්‍රතිඵලය වශයෙන් මාර්ග ඤාණය හෙවත් මග නැණ පහළ වන්නේ දෙවෙනි අවස්ථාවෙයි.

පුර්ව භාග නුවණ පළමුව පහළ වෙයි. මග නැණ දෙවනුව පහළවෙයි. යන්න උතුම් වූ බුද්ධ දේශනාවක්.

පූර්ව භාග නුවණ ලැබෙන්නේ කෙසේද?

අනිච්ච, දුක්ඛ, අනත්ත යන ත්රිලක්ෂණය නිවැරදිව අවබෝධ කරගත්තමයි, පුර්ව භාග නුවණ පහළවෙන්නේ. මේ පූර්ව භාග නුවණ ලබා ගැනීමේදී කිසියම් අඩුපාඩුවක් තිබුණොත්, ඔහුට ආර්ය මාර්ගය හරියට දකින්න බැරිවෙනවා. එතැනින් එහාට ගොස් ඵලය ලබන්න බැරිවෙනවා. නොපෙනෙන මගක ගොස් අතරමං වෙනවා. එසේ නම් අත්‍යාවශ්‍යයෙන්ම කළ යුතු දෙයක් වන්නේ, මාර්ගය නිවැරදිව දැන ගැනීමත් ඒ මාර්ගය තුළින් ගමන් කොට ලබන නිවන කුමක්ද යන්න හරියට ම වටහා ගැනීමත්ය. එබැවින් අප මේ සඳහා මුලින්ම දහම් දර්ශනය කර අවශ්‍ය පසුතලය සකස් කර ගත යුතුයි.

නිවන් දැකීමට පෙර නිවන කියන්නේ කුමක්ද යන්නත් අපට නිවන් අවශ්‍ය වන්නේ කුමක් නිසාද යන්නත් හොඳින් දැනගත යුතුයි. අපි ඉතාම ගෞරවයෙන් සහ භක්තියෙන් නොයෙක් පින් දහම් කරලා භාවනා කරලා ප්‍රාර්ථනා කරන්නේ උතුම් වූ නිවන් ශාක්සාත් කර ගැනීමටම හේතු වාසනා පහළ වේවා කියලයි. කෙනෙක් මිය ගියත්, ඔහුටත් අපි ප්‍රාර්ථනා කරන්නේ නිවනේ ශාන්තියම ලැබේවා කියලයි. මෙසේ ප්‍රාර්ථනා කරන්නා වූ නිවන කුමක්ද කියලා හරියට දැනගෙන හිටියේ නැත්නම් ඒ ප්‍රාර්ථනාව වචනයටම සීමාවෙන්න පුළුවන්.

නිවනවා කිව්වම මොනවද නිවන්නෙ කියලා දැනගන්නත් ඕන. දැල්වෙන දෙයක් තිබෙන බව දැක්කේ නැත් නම් අපට නිවන්න දෙයක් පේන්නෙ නෑ. එසේ නම් මොනවද දැල්වෙන්නේ? ලෝකයේ උපමාවක් තියෙනවා. ගිනි දැල්වෙනවා කියලා යම් යම් දේවල් ගින්නෙන් දැවිලා පිච්චිලා යනව අපේ ඇහැට පේනවා. ඒ වගේ නොපෙනෙන පැත්තක ගින්නක් තියෙනවා. කොහෙද ඒ ගින්න තියෙන්නේ? ඒ ගින්න කුමක්ද? කුමක් ඇසුරු කරගෙන ද ඒ ගින්න හටගන්නේ? යන කරුණු අපි දකින්න ඕන. ලෝකයේ පවතින ඇහැට පෙනෙන ගින්න ගැන නෙවෙයි මේ කියන්නේ.

රාග ගිනි, ද්වේශ ගිනි, මෝහ ගිනි, ජාති ගිනි, ජරා ගිනි, මරණ ගිනි, ශෝක ගිනි, පරිදේව ගිනි, දුක්ඛ ගිනි, දෝමනස්ස ගිනි, උපායාස ගිනි යන එකොළොස් ගින්නකින් ලෝක සත්ත්වයා නිරන්තරයෙන් පෙළෙනවා. මේ ගිනි හරියටම තේරුම් ගත්තේ නැත් නම්, මම මොනවා නිවන්නද කියලා වටහා ගන්න බැරිවෙනවා. එසේ නම් ගිනි කියන්නේ මොනවද? ගිනි හටගන්නේ කොහොමද? ඒ ගිනි නිවා දමන්නේ කොහොමද? ඒ සඳහා මාර්ගය කුමක්ද? යන කරුණු අවබෝධ කර ගත යුතු වෙනවා. මේ ආකාරයෙන් අප නිරන්තරයෙන් පෙළෙන එකොලොස් ගින්න නිවා දමා නිවන් දැකිය යුතුය යන තීරණය එනවා. මේ ගිනි හරියට නොදැක නිවන් පැතුවට එය පැතුමක් හෝ බලාපොරොත්තුවක් පමණයි. එතැනින් එහාට කළ යුතු දේ පිළිබඳ අවබෝධයක් නෑ.

මේ අනුව නිවන් දැකීම ප්‍රඥාවට ගෝචර වන දහමක් බව අවබෝධ කරගත යුතුයි. ඇසෙන් දුටු පමණින් හෝ කනෙන් ඇසූ පමණින් ප්‍රඥාව ගොඩ නැගෙන්නේ නෑ. ඇසූ දෙය ධර්මානුකූලව විමර්ශනයට ලක් කොට නුවණ හොඳින් මෙහෙයවා සිතා බලන විටයි, මේ දහම අවබෝධ වෙන්නේ. එසේනම් අපට මේ ගිනි නොපෙනෙන්නේ ඇයිද යන කරුණත් වටහා ගන්න ඕන.

දරුවන් නැති කෙනෙක් වෛද්‍යවරුන් පසු පස්සේ ගිහින් හරි, ගුප්ත දේවල් කරලා හරි, දරු සම්පත්තියක් බලාපොරොත්තු වෙනවා. දරු සම්පතක් ඇත්නම් මොන තරම් වාසනාවක්ද කියලත් හිතනවා. කෙසේ හෝ දරුවෙක් ලැබුණා නම්, ඒ දරුවා ලැබෙන්න පෙර නොතිබුණු මහා ගින්නක් දරුවෙක් ලැබුණාට පස්සේ පත්තු වෙන්න පටන් ගන්නවා. මේක දෙමව්පියන්ට පේන්නෙ නෑ. දරු සෙනෙහස නමැති ප්‍රිය ස්වභාවයෙන් මධුර ස්වභාවයෙන් අර මහා ගින්න වහලා තිබුණ නිසයි, එහෙම ගින්නක් දැක්කෙ නැත්තේ. විපත්තිය, සම්පත්තියක් හැටියටයි නිගමනය කර ගන්නේ. ප්‍රිය ස්වභාවය, මධුර ස්වභාවය නිසාමයි ලෝක සත්ත්වයා මේ ලෝකෙට ඇලුම් කරන්නේ.

මේ යථා ස්වභාවය තේරුම් ගැනීමට නම් පළමුව ලෝකය කුමක්ද, ලෝකයට අයිති දේ මොනවාද කියලා අපි අවබෝධ කරගන්න ඕන. බොහෝ අය මේ ලෝකය මස්-ලේවලින් සැදුන කයකට සීමා කර ගෙන දකින්න උත්සාහ කරනවා. එහෙත් ලෝකය නිවැරදිව දකින්නේ නැතුව ගිනි හටගන්න ආකාරය දකින්න බෑ. පංචස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන් සහ පටිච්ච සමුප්පාද වශයෙන් සම්බුදු පියාණන් වහන්සේ ලෝකය විග්රහ කරල තියෙනවා.

කොටස් සතරක් සහිත ලිපියේ පලමු කොටසයි මේ. දෙවන කොටස බලාපොරොත්තු වන්න.

https://www.facebook.com/NivanaBohoDuraNowe/photos/a.345892972252707.1073741827.345858942256110/424812087694128/?type=1

ෆේස්බුක් පේජ් එකත් එක්ක එකතුවෙන්න - https://www.facebook.com/NivanaBohoDuraNowe/

[QUOTE="chamara0123, post: 20382704, member: 558491"] [SIZE="6"][IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/551532_424812087694128_4151558678222071851_n.jpg?oh=615b7f00a2c7ea5cf2602fb8e9f79910&oe=583583F2[/IMG] ලොව්තුරා බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නය තුළින් ආර්ය මාර්ගය පූර්ණ කර ගැනීම සඳහා කෙනෙකු අත්‍යාවශ්‍යයෙන්ම වැඩිය යුතු ධර්ම කාණ්ඩයක් වන්නේ සත්තිස් බෝධි පාක්ෂික ධර්මයන් ය. අප නිතර අසා ඇති එසේම නිතර භාවිතා කරන සත්තිස් බෝධි පාක්ෂික ධර්ම වන්නේ, සතර සතිපට්ඨානය සතර සම්‍යක් ප්‍රධාන සතර ඉර්ධිපාද පංච ඉන්ද්රිය පංච බල සප්ත භොජ්ජංග ධර්ම ආර්ය අෂ්ඨාංගික මාර්ගය යන ධර්ම කාණ්ඩයන්ය. නිවන් අවබෝධ කර ගැනීම සඳහා වැඩිය යුත්තේ මේ සත්තිස් බෝධි පාක්ෂික ධර්මයන් ය. මේ පිළිබඳව අවබෝධ කර ගැනීමට පෙර අප දැනගත යුතු වැදගත් දෙයක් තියෙනවා. අත්‍යවශ්‍යයෙන්ම දැනගත යුතු වන අනිච්ච, දුක්ඛ, අනත්ත යන කරුණු තුන මෙහි ඇතුලත් වෙලා නෑ. එසේම චතුරාර්ය සත්‍යයට අයත් දුක්ඛ ආර්ය සත්‍යයත්, දුක්ඛ සමුදය ආර්ය සත්‍යයත්, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයත් මේ සත්තිස් බෝධි පාක්ෂික ධර්මවලට ඇතුලත් වෙලා නෑ. ඒ අතරින් දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය පමණයි මෙයට ඇතුලත් වෙලා තියෙන්නේ. මේ කරුණු ඇතුලත් නොවීමට හේතුවක් තියෙනවා. පළමුවෙන් ම ප්‍රඥාවෙන් අවබෝධ කර ගෙන මතු කර ගත යුතු දහම් කොටසක් තියෙනවා. ඒ කොටස අවබෝධ කරගෙන දෙවනුවයි වැඩිය යුතු කොටස කරගෙන යා යුතු වන්නේ. සත්තිස් බෝධි පාක්ෂික ධර්මවලට අයත් වන්නේ ඒ වැඩිය යුතු කොටසයි. අප කරන සෑම භාවනාවක් තුළින්ම මේ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම වැඩෙනවා. අප බෞද්ධයන් වශයෙන් කෙතරම් කාලයක සිට භාවනා කරනවද? භාවනා පන්තිවලට යනවද? විශේෂයෙන්ම ආනාපානා සති භාවනාව කෙතරම් කාලයක් වඩලා තියෙනවද? මේ භාවනා ප්‍රගුණ කරද්දී නිවන් අවබෝධ වුනා කියලා කවරෙකුට හරි වැටහිලා තියෙනවද? එසේ නම් මේ භාවනා කිරීමේ කිසියම් අඩුපාඩුවක් තියෙනවද? යන කරුණු හොඳින් කල්පනා කළ යුතු වෙනවා. බුදුපියාණන් වහන්සේ වැඩ සිටි කාලයේ නම් උන්වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කොට කර්මස්ථානයක් වඩන භික්ෂුන් වහන්සේ නමක් හෝ ගිහියකු, දින ගණනකින් හෝ සති ගණනකින් නැත්නම් මාස ගණනකින් උත්තරීතර වන්නා වූ අරිහත් ඵලය හෝ මාර්ග ඵල අවබෝධ කර ගන්නවා. එතරම් හැකියාවක් තිබූ ඒ ධර්මයෙන් අද ප්‍රතිඵල ලබා ගත නොහැකිව ඇති හේතුව කුමක්ද යන්න සොයා බැලීම වැදගත් වෙනවා. බුදු දහම කියන්නේ නිවන් දැක යන මගක් මිසක් ගිහින් දකින මගක් නොවෙයි. මේ සඳහා උපමාවක් ගෙන පැහැදිලි කර දීමෙන් අවබෝධයට පහසු වෙනවා. කිසියම් දිවීමේ තරඟයකදී දිනුම් කණුවක් මෙන්ම ඒ සඳහා වන මාර්ගයක් ද තියෙනවා. ඇස් ඇති කෙනෙක් ඈතක සිට ඒ දිනුම් කණුවත් ඒ සඳහා යන මාර්ගයත් හොඳින් දකිනවා. දිනුම් කණුව දැක්කට පස්සේ ඔහුට කිසිවෙකුගෙන් ඒ පාර අහන්න වුවමනා නෑ. මීළඟට ඔහු ඒ මාර්ගය දිගේ ගමන් කර දිනුම් කණුව ස්පර්ශ කරනවා. මෙහිදී වැදගත් කරුණු දෙකක් සිදුවෙනවා. මාර්ගය දැකීමයි, දිනුම් කණුව දැකීමයි එක ක්‍රියාවක්. මාර්ගයේ යාමයි, දිනුම් කණුව ස්පර්ශ කිරීමයි තවත් ක්‍රියාවක්. මේ ආකාරයෙන් බුදු දහම තුලින් කිසියම් ප්‍රතිඵලයක් ලබන්නට නම්, නිවනත්, නිවන් මගත් පළමුව දකින්නට ඕන. ඒ මාර්ගය අනුගමනය කර නිවන අත්දැකීමට හෝ නිවන ස්පර්ශ කිරීමට පුලූවන් වෙන්නේ ඒ නිවන දුටු තැනැත්තාටයි. දිනුම් කණුවත්, දිනුම් කණුවට යන මාර්ගයත් දැක්කේ නැත්නම් දිනුම් කණුව ස්පර්ශ කිරීමට බැරිවෙනවා වගේ නිවන් දැකීමට හේතුවන ආර්ය මාර්ගය දැක්කේ නැත්නම් කෙනෙකුට ඒ මාර්ගයේ යන්නත් බෑ. මාර්ග ඵලයක් ලබන්නත් බෑ. එසේනම් අද භාවනාව ලෙස කරගෙන යනු ලබන සත්තිස් බෝධි පාක්ෂික ධර්ම වැඩිය යුත්තේ නිවන් මාර්ගයත් නිවනත් දැක්කට පසුවයි. එසේ නම් දකින ලද නිවන් මාර්ගය අනුගමනය කළ යුත්තේ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම තුලිනුයි. එයින් ලැබෙන ඵලය නිවනයි. මේ අනුව පැහැදිලි වෙන්න ඕන නිවන දැකීමයි, නිවන අත්දැකීමයි කරුණු දෙකක් කියලා. බොහෝ දෙනෙක් මේ කරුණු හොඳින් තේරුම් නොගෙන භාවනා කරනවා. භාවනාවෙන් සිදු කෙරෙන්නේ ඇලීමයි, ගැටීමයි සහමුලින්ම දුරුකර ගැනීම හෙවත් සංසිඳුවාලීමයි. ඇලීමයි, ගැටීමයි දුරුකරනවා කියන්නේ අභිජ්ඣා දෝමනස්ස යන කරුණු දෙක දුරු කිරීමයි. "කායේ කායානුපස්සී විහරති අතාපි සම්පජානෝ, සතිමා, විනෙයිය ලෝකේ අභිජ්ඣා, දෝමනස්සං" සතියෙන් සහ නුවණින් යුක්තව මේ කයෙහි කායානුපස්සනාවෙන් වාසය කොට ඇලීම සහ ගැටීම දුරුකර ගත යුතුයි යනුවෙනුයි මහා සතිපට්ඨාන සූත්‍රය ආරම්භයේම බුදු පියාණන් වහන්සේ දේශනා කර තියෙන්නේ ඇලීමයි, ගැටීමයි දුරුකර ගත යුත්තේ. "භාවනාය පහාතබ්බං" හෙවත් භාවනාවෙන් පහකර ගත යුතු දෙවෙනි අවස්ථාවේදීයි. එසේ නම් භාවනාවෙන් පහකිරීමට පෙර දර්ශනයෙන් පහකර ගත යුතු සංයෝජන කොටසක් තියෙනවා. දස්සනේන පහාතබ්බං යනුවෙන් පෙන්වා ඇත්තේ ඒ කොටසයි. නිවන් මග දැකීමත් නිවන දැකීමත් යනුවෙන් මුලින්ම සඳහන් කළේ ඒ දස්සනේන පහාතබ්බං යන කොටසයි. දර්ශනයෙන් පහ කළ යුතු තත්ත්වය තේරුම් නොගෙන, භාවනාවෙන් කළ යුතු පහ කිරීම කරන්නට පුළුවන් කමක් නෑ. බොහෝ අය භාවනා කළත් ප්‍රතිඵලයක් නැත්තේ ඒ නිසයි. මෙතෙක් භවනා කර ප්‍රතිඵල නැති අය මේ කරුණු හොඳින් අවබෝධ කර ගත යුතුයි. මේ සඳහා දැනගත යුතු වැදගත් දෙයක් තියෙනවා. මේ සම්බුද්ධ ශාසනය තුළ ඤාණ ගෝචර වූ ධර්මය ලැබෙන්නේ අවස්ථා දෙකකදීයි. මෙයින් පළමුවන අවස්ථාවේදී සිදුවන්නේ පුර්වභාග නුවණ ලැබීමයි. එහි ප්‍රතිඵලය වශයෙන් මාර්ග ඤාණය හෙවත් මග නැණ පහළ වන්නේ දෙවෙනි අවස්ථාවෙයි. පුර්ව භාග නුවණ පළමුව පහළ වෙයි. මග නැණ දෙවනුව පහළවෙයි. යන්න උතුම් වූ බුද්ධ දේශනාවක්. පූර්ව භාග නුවණ ලැබෙන්නේ කෙසේද? අනිච්ච, දුක්ඛ, අනත්ත යන ත්රිලක්ෂණය නිවැරදිව අවබෝධ කරගත්තමයි, පුර්ව භාග නුවණ පහළවෙන්නේ. මේ පූර්ව භාග නුවණ ලබා ගැනීමේදී කිසියම් අඩුපාඩුවක් තිබුණොත්, ඔහුට ආර්ය මාර්ගය හරියට දකින්න බැරිවෙනවා. එතැනින් එහාට ගොස් ඵලය ලබන්න බැරිවෙනවා. නොපෙනෙන මගක ගොස් අතරමං වෙනවා. එසේ නම් අත්‍යාවශ්‍යයෙන්ම කළ යුතු දෙයක් වන්නේ, මාර්ගය නිවැරදිව දැන ගැනීමත් ඒ මාර්ගය තුළින් ගමන් කොට ලබන නිවන කුමක්ද යන්න හරියට ම වටහා ගැනීමත්ය. එබැවින් අප මේ සඳහා මුලින්ම දහම් දර්ශනය කර අවශ්‍ය පසුතලය සකස් කර ගත යුතුයි. නිවන් දැකීමට පෙර නිවන කියන්නේ කුමක්ද යන්නත් අපට නිවන් අවශ්‍ය වන්නේ කුමක් නිසාද යන්නත් හොඳින් දැනගත යුතුයි. අපි ඉතාම ගෞරවයෙන් සහ භක්තියෙන් නොයෙක් පින් දහම් කරලා භාවනා කරලා ප්‍රාර්ථනා කරන්නේ උතුම් වූ නිවන් ශාක්සාත් කර ගැනීමටම හේතු වාසනා පහළ වේවා කියලයි. කෙනෙක් මිය ගියත්, ඔහුටත් අපි ප්‍රාර්ථනා කරන්නේ නිවනේ ශාන්තියම ලැබේවා කියලයි. මෙසේ ප්‍රාර්ථනා කරන්නා වූ නිවන කුමක්ද කියලා හරියට දැනගෙන හිටියේ නැත්නම් ඒ ප්‍රාර්ථනාව වචනයටම සීමාවෙන්න පුළුවන්. නිවනවා කිව්වම මොනවද නිවන්නෙ කියලා දැනගන්නත් ඕන. දැල්වෙන දෙයක් තිබෙන බව දැක්කේ නැත් නම් අපට නිවන්න දෙයක් පේන්නෙ නෑ. එසේ නම් මොනවද දැල්වෙන්නේ? ලෝකයේ උපමාවක් තියෙනවා. ගිනි දැල්වෙනවා කියලා යම් යම් දේවල් ගින්නෙන් දැවිලා පිච්චිලා යනව අපේ ඇහැට පේනවා. ඒ වගේ නොපෙනෙන පැත්තක ගින්නක් තියෙනවා. කොහෙද ඒ ගින්න තියෙන්නේ? ඒ ගින්න කුමක්ද? කුමක් ඇසුරු කරගෙන ද ඒ ගින්න හටගන්නේ? යන කරුණු අපි දකින්න ඕන. ලෝකයේ පවතින ඇහැට පෙනෙන ගින්න ගැන නෙවෙයි මේ කියන්නේ. රාග ගිනි, ද්වේශ ගිනි, මෝහ ගිනි, ජාති ගිනි, ජරා ගිනි, මරණ ගිනි, ශෝක ගිනි, පරිදේව ගිනි, දුක්ඛ ගිනි, දෝමනස්ස ගිනි, උපායාස ගිනි යන එකොළොස් ගින්නකින් ලෝක සත්ත්වයා නිරන්තරයෙන් පෙළෙනවා. මේ ගිනි හරියටම තේරුම් ගත්තේ නැත් නම්, මම මොනවා නිවන්නද කියලා වටහා ගන්න බැරිවෙනවා. එසේ නම් ගිනි කියන්නේ මොනවද? ගිනි හටගන්නේ කොහොමද? ඒ ගිනි නිවා දමන්නේ කොහොමද? ඒ සඳහා මාර්ගය කුමක්ද? යන කරුණු අවබෝධ කර ගත යුතු වෙනවා. මේ ආකාරයෙන් අප නිරන්තරයෙන් පෙළෙන එකොලොස් ගින්න නිවා දමා නිවන් දැකිය යුතුය යන තීරණය එනවා. මේ ගිනි හරියට නොදැක නිවන් පැතුවට එය පැතුමක් හෝ බලාපොරොත්තුවක් පමණයි. එතැනින් එහාට කළ යුතු දේ පිළිබඳ අවබෝධයක් නෑ. මේ අනුව නිවන් දැකීම ප්‍රඥාවට ගෝචර වන දහමක් බව අවබෝධ කරගත යුතුයි. ඇසෙන් දුටු පමණින් හෝ කනෙන් ඇසූ පමණින් ප්‍රඥාව ගොඩ නැගෙන්නේ නෑ. ඇසූ දෙය ධර්මානුකූලව විමර්ශනයට ලක් කොට නුවණ හොඳින් මෙහෙයවා සිතා බලන විටයි, මේ දහම අවබෝධ වෙන්නේ. එසේනම් අපට මේ ගිනි නොපෙනෙන්නේ ඇයිද යන කරුණත් වටහා ගන්න ඕන. දරුවන් නැති කෙනෙක් වෛද්‍යවරුන් පසු පස්සේ ගිහින් හරි, ගුප්ත දේවල් කරලා හරි, දරු සම්පත්තියක් බලාපොරොත්තු වෙනවා. දරු සම්පතක් ඇත්නම් මොන තරම් වාසනාවක්ද කියලත් හිතනවා. කෙසේ හෝ දරුවෙක් ලැබුණා නම්, ඒ දරුවා ලැබෙන්න පෙර නොතිබුණු මහා ගින්නක් දරුවෙක් ලැබුණාට පස්සේ පත්තු වෙන්න පටන් ගන්නවා. මේක දෙමව්පියන්ට පේන්නෙ නෑ. දරු සෙනෙහස නමැති ප්‍රිය ස්වභාවයෙන් මධුර ස්වභාවයෙන් අර මහා ගින්න වහලා තිබුණ නිසයි, එහෙම ගින්නක් දැක්කෙ නැත්තේ. විපත්තිය, සම්පත්තියක් හැටියටයි නිගමනය කර ගන්නේ. ප්‍රිය ස්වභාවය, මධුර ස්වභාවය නිසාමයි ලෝක සත්ත්වයා මේ ලෝකෙට ඇලුම් කරන්නේ. මේ යථා ස්වභාවය තේරුම් ගැනීමට නම් පළමුව ලෝකය කුමක්ද, ලෝකයට අයිති දේ මොනවාද කියලා අපි අවබෝධ කරගන්න ඕන. බොහෝ අය මේ ලෝකය මස්-ලේවලින් සැදුන කයකට සීමා කර ගෙන දකින්න උත්සාහ කරනවා. එහෙත් ලෝකය නිවැරදිව දකින්නේ නැතුව ගිනි හටගන්න ආකාරය දකින්න බෑ. පංචස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන් සහ පටිච්ච සමුප්පාද වශයෙන් සම්බුදු පියාණන් වහන්සේ ලෝකය විග්රහ කරල තියෙනවා. කොටස් සතරක් සහිත ලිපියේ පලමු කොටසයි මේ. දෙවන කොටස බලාපොරොත්තු වන්න. [url]https://www.facebook.com/NivanaBohoDuraNowe/photos/a.345892972252707.1073741827.345858942256110/424812087694128/?type=1[/url] ෆේස්බුක් පේජ් එකත් එක්ක එකතුවෙන්න - [url]https://www.facebook.com/NivanaBohoDuraNowe/[/url] :yes::yes::yes::yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom