Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෝෂල් මීඩියා අපේ මිතුරෙක්ද? හතුරෙක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෝෂල් මීඩියා අපේ මිතුරෙක්ද? හතුරෙක්ද?

සාමාන්‍යයෙන් ලංකාවේ අපිට දැවෙන ප්‍රශ්න සෑහෙන තියෙනවා. ඒ කියන්නේ ශිවන්යාට අර මුගටි හපුවා මොකක් කරාවිද, සරණ බලල් තඩියා ආයි හම්බ වෙයිද එහෙමත් නැතිනම් දුමින්ද මට මතක නෑ සිල්වාට ජනාධිපති සමාවක් ලැබෙයිද වගේ දේවල්. අපි මේ වෙනකොට මේ ප්‍රශ්න ගැන කතා කරන්නෙත් සෝෂල් මීඩියා වලින් වුනත් ඇත්තටම සෝෂල් මීඩියා හොඳයිද නරකයිද වගේ ප්‍රශ්න අපිට මතුවෙන්නේ කවුරුහරි ඇන්ටි කෙනෙක් ෆේස්බුක් චැට් කරලා කොල්ලෙක් එක්ක යාලු වෙලා, ඒ කොල්ලා ඇන්ටිගේ ලක්ෂ ගාණකට විදලා ඇන්ටිගේ පවුලත් කැඩිලා දැං අංකල් ඇන්ටිව මරන්න හොයනවා වගේ නිව්ස් එකක් ගියහම තමයි. ඇත්තටම සෝෂල් මීඩියා හොඳද නරකද?

1. අයිඩෙන්ටිටි ක්‍රයිසිස් එකෙංම පටං ගමු

සෝෂල් මීඩියා – විශේෂයෙන්ම ෆේස්බුක් එක්ක තියෙන දරුණු ගැටළුවක් තමයි අනන්‍යතා අර්බුදය. ඒ කිව්වේ මෙහෙමයි. දැන් අපි අපි ගැන හිතාගෙන ඉන්න විදියක් තියනවනේ. ඒ කියන්නේ මම හරිම හොඳයි, කරුණාවන්තයි, වීරයි, සූරයි ඔය විදියට. හැබැයි මිනිස්සු අපිව දකින්නේ වෙනස් විදියකට වෙන්න පුලුවන්. එතකොට ඇත්තටම අපි කියන්නේ වෙනම ලොවෙත් නැති මොඩල් එකක් වෙන්න පුලුවන්. හැබැයි සාමාන්‍යයෙන් ඇත්ත ජීවිතේදී අපිව මැනෙන්නේ ඇත්ත අපි කොයි විදියද කියන එක අනුව තමයි. ඒ කියන්නේ අපි හෙන ඕප පප්පො නං, අපි අනුන්ගේ මගුල් හොයන්නෙ නැති හෙන ඩයල් කියල හිතාගෙන හිටියට වැඩක් නෑ. ඕප ඩයල් කියලා අනිවාර්යෙන්ම ස්පොට් වෙනවා. හැබැයි ෆේස්බුක් කියන්නේ තමන්ට තමන් ගැන ඕන ප්‍රතිරූපයක් හදන්න පුලුවන් තැනක්. ඒ කියන්නේ ඔය චැට් කරලා එහෙම අඳුනගන්න ඩයල් එකක් අඳුනගන්න වෙන්නේ මිනිහා කතා කරන දේවලින් නේ. ඉතින් ඇත්ත මිනිහව අඳුනගන්නකොට වෙන්න තියෙන දේවල් වෙලා ඉවර වෙන්න පුලුවන්.

2. සෝෂල් මීඩියා ලව් පලහිලවු

මෙන්න මේක ගැන තමයි සෝෂල් මීඩියා- වැඩියෙන්ම ෆේස්බුක් වැඩිපුර බැණුම් අහන්නේ. ෆේස්බුක් කියන්නේ සෘජු ඩේටින්ග් සයිට් එකක් නොවුණත්, ඩේටින්ග් සයිට් එකක විදියටම එක් එක් පුද්ගලයින්ගේ තොරතුරු, ඡායාරූප සහ අදහස් එක් තැනකට ගොනු කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, සාමාන්‍යයෙන් මොළේ තියෙන මනුස්සයෙක්ට කෙනෙක්ගේ ප්‍රොෆයිල් එකේ විස්තර, ඔහුගේ කැමැති නොකැමැති දේවල් අනුව කෙනාව “ප්‍රොෆයිල්” කරගන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ හින්දම අලුතෙන් මිනිස්සු අඳුනගන්න මේක මරු වැඩක්.

අලුතෙන් මිනිස්සු අඳුනගන්නවා කියන්නේ ඉතිං ලව්ම විතරක් නෙවෙයි. අපි මේ කියන්නේ මනුෂ්‍ය සබඳතා ගැන. ඒවා එක් එක් හේතු උඩ වෙන්න පුලුවන්. දැනුම හුවමාරුව, මිත්‍ර සම්බන්ධකම්, ව්‍යාපාරික හවුල් සබඳකම්, ලිංගික සබඳකම් සහ ආදර පටලැවිලි.

3. පේස්බුක් හින්දා තමා ඔක්කොම ප්‍රස්න!

සාමාන්‍යයෙන් මොකක් හරි සමාජ ප්‍රශ්නයක, ඒ කියන්නේ ධනය නැතිවීමක, ගෞරවය නැතිවීමක ඉඳලා ජීවිතය නැතිවීමක් දක්වා ගැටළුවක එක් එක් පාර්ශවයන් අඩු තරමින් දැන හඳුනාගන්නේ හරි සමාජ ජාලයකින් නම්, විශේෂයෙන්ම ෆේස්බුක් හරහා නම්, රේස්බුකිය ඇරෙන්න වෙන බුකියක් නොදන්න තලත්තෑනි උදවිය විතරක් නෙවෙයි, සමහර නිවේදක නිවේදිකාවෝ පවා කියන්නේ මේවට වග කියන්න ඕන සමාජ ජාලා වෙබ් අඩවි කියලා. හැබැයි ඒ අයට මිස් වෙන තැන මේකයි. සමාජ ජාලයක් කියන්නේ මෙවලමක් විතරයි. හරියට පිහියක් වගේ. ඔය පිහියට දැන දැන හරි අත්වැරැද්දෙන් හරි අත කපා ගන්න අය කී දාහක් ඉන්නවද? ඒ වගේ තමයි ෆේස්බුක් හෝ වෙනත් සමාජ ජාලයක් පරිහරණය. විශේෂයෙන්ම දැනගන්න ඕන දේ තමයි සමාජ ජාලයක් හරහා ඇතිවෙන සම්බන්ධතාවයක් දුර දිග යනව නං ඒක වහාම හැබෑ ලෝකේට ගේන්න ඕන කියන එක. ඒක සයිබර් අවකාශය ඇතුළේ නඩත්තු කරන්න යාම තුළ තමයි ඔය ප්‍රශ්න ඇතිවෙන්නේ. එහෙම බලනකොට ඇත්තටම වෙනස් කරන්න ඕන සමාජ ජාලයන්ගේ ස්වභාවය නෙවෙයි, ඒක පාවිච්චි කරන පුද්ගලයින්ගේ පරිචය සහ විනය නැතිකම.

4. සයිබරයේ තග් පාට්

මෙන්න මේක තමයි සමාජ ජාල එක්ක දරුණුවට පැතිරෙන ගැටළුව. මේක කොයි තරමකට ප්‍රශ්නයක් වෙලාද කියනව නං මේ වෙනකොට හැම රටකින්ම වගේ Cyber bullying නවත්තන්න නීති සකස් කරලා තියෙනවා/සකස් කරමින් පවතිනවා. මෙතනදී සෑහෙන පැති තියෙනවා. හැබැයි පොදුවේ කියන්න පුලුවන් සයිබර් අවකාශය භාවිතා කරමින් තවත් පුද්ගලයෙක්ව හිරිහැරයට පත් කරන එක, තර්ජනය කරන එක, බිය වැද්දීම වගේම බලපෑම් එල්ල කරන එක. මෙතනදී පරණ කෙල්ල එක්ක ගත්තු ඇගේ ගෞරවයට හානි කරන්න පුලුවන් ෆොටෝස් අන්තර්ජාලයට මුදා හැරීමේ සිට මොන යම් හෝ දෙයක් ලබානොදෙන්නේ නම් සමාජ ජාල එකවුන්ට්ස් හැක් කරන බවට කරන තර්ජනය කිරීම් පවා අයිති වෙනවා. ඒ විතරක් නෙවෙයි, එක් පාර්ශවයක කැමැත්තකින් තොරව දිගින් දිගටම කෙරෙන අසභ්‍ය හෝ බලපෑම් සහගත විහිළු කිරීමක් වුනත් Cyber bullying වලට තමයි වැටෙන්නේ. දැන් මේවා ඇත්ත ලෝකේ වෙන්නෙ නැද්ද කියලා ඔබ අහයි. ඇත්ත ලෝකේ මේ තරම් පුළුල්ව මේ දේවල් වෙන්නෙ නෑ. මොකද ඇත්ත ලෝකේ තග් පාට් දාගෙන එන ඩයල් එකකට නිල් වෙන්න කන්න වෙන සම්භාවිතාවය වැඩියි. හැබැයි සයිබර් ලෝකේ කී බෝඩ් එක ඉස්සරහ ඉඳන් වීරයෝ වෙන්න ඕනම පෙන්දෙක්ට පුලුවන්නේ.

5. සයිබර් අවකාශයේ වෛරය වැපිරවීම

මේ තවත් තියෙන සුලභ ප්‍රශ්නයක්. ඇත්තටම ෆේස්බුක් හෝ වෙනත් සමාජ ජාලයක් නිසා ඇතිවුණු ප්‍රශ්නයක්ම නෙවෙයි. ලෝකේ පවතින කල් තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ තවත් කෙනෙක්ගේ වාර්ගිකත්වය, ආගම, විශ්වාසයන් උහුලන්න බැරි වීම. උදාහරණයක් විදියට කියනව නං ෆේස්බුක් එකේ මරාගන්න එන බෞද්ධයෝ හිතාගෙන ඉන්නේ ලෝකෙම බෞද්ධ වෙන්න ඕන කියලා. ෆේස්බුක් එකේ කඩු උස්සන් එන මුස්ලිම්කාරයෝ හිතාගෙන ඉන්නේ මුළු ලෝකේම මුස්ලිම් කරන එක උන්ගේ ශුද්ධ වූ වගකීම කියලා. ඉතින් එකිනෙකා මරා ගන්න එකටත් වඩා සිද්ධ වෙන්නේ එක එක පේජස් හදාගෙන තමන් අකමැති අනිකාට එරෙහිව වෛරී ප්‍රකාශ නිකුත් කිරීම සහ තමන් අදහන, අයිති වෙන දෙය උඩ දැමීම. ජාතිවාදය වුනත් වපුරන්න ෆේස්බුක් කියන්නේ හොඳ තෝතැන්නක්. ත්‍රස්තවාදය සහ වෙනත් අන්තවාදයන් උඩ දැමෙන්නෙත් එහෙම තමයි. මෙතනදී නරකම දේ තමයි සංවාද හෝ ශිෂ්ට සමාජයේ තර්ක කිරීමේ ක්‍රම ලොවෙත් හොයන්න නැතිවීම සහ ප්‍රතිවාදීන්ට බැණ අඬ ගැහීමෙන්, කුණුහරුප කීමෙන්, තර්ජනය කිරීමෙන් නොනැවතී ගල් පැලෙන කෙබර ප්‍රචාරය කිරීමෙන් ගේම ඉල්ලීම. ඇත්තටම සයිබර් අවකාශය සමාජ ජාලයන් හරහා මේ තරම් විවෘත වීමත් එක්ක වුනේ මේ ගැටළුව ඔඩු දුවන එක තමයි.

6. කුඩා දරුවන් ඉලක්ක වීමත් දරුණු ප්‍රශ්නයක්

මේ වෙනකොට ලෝකේ කොහොමත් තියෙන බරපතළ ප්‍රශ්නයක් තමයි කුඩා දරුවන්ව විවිධාකාරයේ අපයෝජනයන්ට, හිංසනයන්ට සහ පෙළඹවීම් වලට ඉලක්ක වීම. එතකොට සමාජ ජාලයන් ප්‍රචලිත වීම එක්ක මේ ගැටළුව ගැන කතිකාවක් ඇතිවෙනවාට වඩා කුඩා දරුවන් ඉලක්ක කර ගැනීමට තවත් හොඳ මාධ්‍යයක් බිහිවීම දකින්න ලැබෙනවා. මෙතනදී ලිංගික අපයෝජකයිගේ ඉඳන් විවිධාකාරයේ පෙළඹවීම් ඇති කරන්නන් දක්වා සමාජ ජාල වල ගොදුරු සොයමින් කරක් ගහන බව දකින්න පුලුවන්. ඕන නං කෙනෙක්ට කියන්න පුලුවන් කුඩා දරුවන්ව සමාජ ජාලයන්ගෙන් ඈත් කරලා තියෙන එක දෙමාපියන්ගේ වගකීම කියලා. හැබැයි ඇත්තටම ඒක දෙමාපියන්ට වුනත් තවදුරටත් කරන්න පුලුවන්ද කියන එක විවාදාත්මක ප්‍රශ්නයක්.

අනෙක් කාරණය තමයි නොමඟට පෙළඹවීම් සමාජ ජාල තුළින් ඇති වීම. මේක පුද්ගල පෙළඹවීම් වල ඉඳන් විවිධ රැළි ඇතිවීම් දක්වා දකින්න පුලුවන්. උදාහරණයක් විදියට සමාජ ජාලයක් තුළින් මුණගැහෙන යම් පුද්ගලයෙක් නිසා දරුවෙක් නැත්නම් නව යෞවනයෙක් මත්ද්‍රව්‍ය භාවිතයට නැතිනම් වෙනත් අවකල් ක්‍රියාවන්ට නැඹුරු වෙන්න පුලුවන්. මෙතනදී භයානකම දේ තමයි ඇත්ත ලෝකෙදී වගේ සයිබර් ලෝකේ සිද්ධ වෙන මේ වගේ ආශ්‍රයක් දෙමාපියන්ගේ ඇහැ ගැටෙන්න තියෙන ඉඩ ඉතාමත් අඩු වීම. ඉතින් සිද්ධ වෙන්න ඕන ඔක්කොම සිද්ධ වෙලා ඉවර වෙනකල් අම්මලා තාත්තලා වෙන්නෙ මොකක්ද කියලවත් දැනගන්නෙ නෑ.

පෙළඹවීම් ගැන කියනකොට දෙන්න පුලුවන් සරලම උදාහරණය තමයි සිඟිති පාතාලේ. ගොඩක් දෙනා ඕක නිර්වචනය කරනවා අපි ඒ කාලේ පිස්සු කෙලියෙ, කුණුහරුප කිව්වෙ නැද්ද කියලා. ඇත්ත. හැබැයි දැන් ෆේස්බුක් හරහා සිද්ධ වෙන කුණුහරුප රැප් වැඩේ ප්‍රචලිත වෙන වේගෙත් එක්ක අනාගතේදී මේක කොහෙන් නවතියිද කියලා අඳුරු සේයාවන් පේන්නෙ නැත්නං ඒක තමන්ගේ දුර දකින්න තියෙන හැකියාවේ අවුලක්.

7. තව ඇහැට පේන ප්‍රශ්න

සමාජ ජාල නිසා සරලව ඇහැට පේන්න තියෙන ප්‍රශ්න ගැනත් කතා කරන්නම ඕනනේ. ප්‍රධානම ප්‍රශ්නේ තමයි මිනිස්සු සමාජ ජාලයන්ට පහසුවෙන්ම ඇබ්බැහි වීම. විශ්වාස කරන්න පුලුවන් නං විශ්වාස කරන්න, මේක මත්ද්‍රව්‍ය ඇබ්බැහියට වඩා විශාලයි. මේ ඇබ්බැහිය නිසා ඊලඟට එන ප්‍රශ්න තමයි තමන්ගේ රාජකාරි අතපසු වීම. ඵලදායිතාවය අඩු වීම. ඔය ගොඩක් ඔෆිස් වල ෆේස්බුක් යන්න තහනම් කරලා තියෙන්නේ මොකක් නිසා කියලද හිතන්නේ? හේතුව ඔෆිස් එකේ රාජකාරි කෙරෙන්න ඕන වේගය වගේම වැඩවල කොලිටියත් බාල වීම. ඒ වගේම තමයි හැබෑ ලෝකේ අනික් මිනිස්සු එක්ක තියෙන අන්තර් සම්බන්ධතා ටික ටික දියවෙලා යන්නත් සමාජ ජාල හේතු වෙනවා කියල කියන්න පුලුවන්. හැබැයි මේවා එක පාරට පේන සමාජ ගැටළු නෙවෙයි, ඒ හින්දා තමයි මේ ප්‍රශ්න වලට තවමත් වැඩි අවධානයක් යොමු වෙලා නැත්තේ.

8. ජීවිතේම ෆේස්බුක් දාන අපේ ඇන්ටිලා නිසා තියෙන ප්‍රශ්න

සමාජ ජාල එක්ක මේ වෙනකොට ඇතිවෙමින් තියෙන, ඒත් තාමත් අපේ උදවියට දැනෙන්නෙ නැති බරපතලම ප්‍රශ්නයක් තමයි පුද්ගලිකත්වය සහ රහස්‍යභාවය කියලා දෙයක් තවදුරටත් නැති වීම. ඒ කියන්නේ හිතලා බලන්න ඔබ ඒ තරමට ක්‍රියාකාරී ෆේස්බුක් සාමාජිකයෙක් නොවුනත්, ඔබේ ජීවිතෙන් කොයි තරම් ප්‍රමාණයක් ෆේස්බුක් නැත්නම් ට්විටර් නැත්නම් ඉන්ස්ටග්‍රෑම් වගේ සමාජ ජාලයක් නිසා ලෝකයට නිරාවරණය වෙනවද කියලා. අඩු තරමින් පින්තූරයක්වත් ෆේස්බුක් එකට එකතු නොවී ට්‍රිප් එකක්වත් යන්න පුලුවන්ද යාලුවෝ එක්ක? මෙතනදී අර ඩිජිටල් ෆූට්ප්‍රින්ට් කියන එක අඩු කරගන්න කරන්න දේවල් තියෙනවා තමයි. හැබැයි ෆේස්බුක් වගේ තැනකදී ඒක ටිකක් ගේමක්. මොකද එතනදී ඔබ ජාලයක් විදියට එකිනෙකා එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ.

අනික් කාරණේ තමයි ඕනෑ එපා හැම මගුලම ෆේස්බුක් දාන වගකීමක් නැති මිනිස්සු පිරිසක් සමාජ ජාල තුළ ඉන්න එක. එතකොට ඔය අටවාගෙන තියෙන පේජ් පඩංගු වලින් කරන්නේ කෙනෙක්ගේ පුද්ගලික හෝ සංවේදී කරුණක් විය හැකි දෙයක් වුනත් පට ගාලා ප්‍රොමෝට් කරලා රැල්ලක් හදලා දෙන එක. ගොඩක් දෙනෙක් මේ විදියට දකින්නේ සම්මත සමාජය තුළ වැරදියි කියලා දකින දෙයක් හින්දා ඒ අය හිතනවා මේ වැරදි එලි කරන එක මාර සමාජ සේවයක් කියලා. හැබැයි ඇත්ත කතාව තමයි ලබ්බට තියපු අත පුහුලටත් තියනවාමයි කියන එක. මේ වෙනකොට කෙල්ලෙක් කොල්ලෙක් අත් පටලං පාර පනින එකත් වීඩියෝ කරලා ෆේස්බුක් එකේ ෂෙයාර් කරන තැනකට ඇවිල්ලා නැද්ද? මෙතනත් ඇත්තටම තියෙන්නේ නිසි වාරණයක් නැති එක සහ සමාජ ජාල පරිශීලකයින්ට විනයක් නැතිකම තමයි.

9. දැං සෝෂල් මීඩියා වල හොඳක් ඇත්තෙම නැද්ද?

අපොයි හොඳ පැති තියෙනවා. මූලිකවම මුළු ලෝකෙම විශ්ව ගම්මානයක් කරන්න ගෝලීයකරණයට හැකි වුනා. මේ සෝෂල් මීඩියා කියන්නෙත් ඒකෙම කොටසක් තමයි. දැන් තොරතුරු වලට තියෙන ප්රවේශයම ගැන හිතන්න. එහෙම හැකියාවක් තියෙනවා කියන එක මිනිස්සු අතරට ගෙන යන්නම සෝෂල් මීඩියා වලින් ලොකු දායකත්වයක් ලැබුනා. ඒ විතරක් නෙවෙයි, ඇත්තටම සමාජ ජාල එක්තරා විදියකට නිරන්තරයෙන් තොරතුරු සමගින් යාවත්කාල වන පර්යන්තයන් බවටත් පත් වෙලා තියෙනවා. ගොඩක් මිනිස්සු දැන් නිව්ස් දැනගන්නේ ෆේස්බුක් එකෙන් කියලා කීමට කියන කතාව බොරුවක්ම නෙවෙයිනේ. හැබැයි එකක්, මේ නව ලෝකයේ තොරතුරු කෙරුවාව හරියන්න පොඩ්ඩක් හරි මොළයක් තියෙන මිනිස්සු ඉන්නත් ඕන. මොකද සමාජ ජාල තුළ කිසිම තොරතුරකට වාරණයක් නැති නිසා නිවැරදි ප්රවෘත්ති වගේම වැරදි ප්‍රවෘත්තිත් බොහොම ලේසියෙන් පැතිර යන ප්‍රවණතාවයක් තියෙනවා.

10. පරණ යාලුකං අලුත් කරගන්න, අලුත් යාලුකං තහවුරු කරගන්න

සමාජ ජාල වලින් “යාළුවෝ” මුණගැහෙන එක හරි ජොලි වැඩක්. විශේෂයෙන්ම ඉස්සර අපේ අම්මලගේ තාත්තලගෙ කාලේ ඉස්කෝලෙ එකට හිටි එකෙක් මුණගැහෙන්නේ සමහර විට මගුලකදී නැත්තං මරණෙකදී වෙන්න පුලුවන්. ඒත් දැන් සෝෂල් මීඩියා නිසා මේ අමතක වෙලා යන සම්බන්ධ කම් තව ශක්තිමත් වෙන්න ඉඩ ලැබිලා තියෙනවා. යාලුවෙක් වෙන රටක හිටියත් ලඟපාත ඉන්නවා වගේ තමයි.

එතකොට අලුතින් යාලුවෝ හම්බුවෙන එක ගැනත් කියන්න තියෙන්නේ එමම තමයි. මෙහෙම සම්බන්ධකම් ඇතිවෙන එක හොඳයි. ඇත්තටම ගැටළු ඇතිවෙන්නේ මිනිස්සුන්ට මානව සම්බන්ධකම් ගෙනියන්න දන්නෙ නැති නිසා මිසක් සෝෂල් මීඩියා නරක නිසා නෙවෙයි.

11. ඇයි බිස්නස් වලට?

අපොයි ඔව්. දැන් සෝෂල් මීඩියා වලින් විතරක්ම රන් වෙන බිස්නස් කොයි තරම් නං ලංකාව ඇතුලෙත් තියෙනවද? ඔෆිස් ඕන නෑ.සයිබර් ස්පේස් එක ඇතුලෙන්ම වැඩේ ගොඩදාගන්න පුලුවන්. එතකොට ප්‍රවර්ධනය, ප්‍රචාරණය වගේ දේවලටත් සෝෂල් මීඩියා වලින් ලැබෙන ගැම්ම කියල වැඩක් නෑ. ඒකට එක හේතුවක් මේ වෙනකොට මුළු ලෝකෙම මොකක් හරි සෝෂල් මීඩියා එකක් එක්ක ටච් එකේ ඉන්න පුරුදු වෙලා තියෙන එක.

හැබැයි ඉතින් තව දෙයක් කියන්න ඕන. අපි සෝෂල් මීඩියා බිස්නස් වලට පාවිච්චි කරනවා කියන එක දෙයාකාරයි. එකක්, ෆේස්බුක් වගේ වෙබ් අඩවියක් අපිට ඕන ඇඩ් එකයි එපා ඇඩ් එකයි පෙන්නන්නෙ නැතුව අපිට අවශ්‍යම ඇඩ් විතරක් පෙන්නන්න තරමට දියුණු වෙලා තියෙනවා. එතකොට නිකමට හිතන්න නුවර එළියේ ට්‍රිප් එකක් යමු කියලා ගෙදර කට්ටිය එක්ක කතා වෙලා, ඒ පැත්තේ නතර වෙන්න හොඳ රිසෝට් එකක් හොයන්න ගූගල් කලා කියලා. මෙන්න බොලේ පැයකින් විතර ෆේස්බුක් ලොග් වෙලා පහලට යනකොට පේනවා නුවර එළියේ තියෙන ඔබ නොදන්න අලුත් රිසෝට් වල ලිස්ට් එකක්. සමහර වෙලාවට ඒ අය දෙන ඩිස්කවුන්ට් ගැනත් පෙන්නනවා. එතකොට එක පාරටම හිතෙන දේ තමයි යකඩෝ මූ බලං හිටියා වගේ අපිට ඕනම ඇඩ් එක හොයලා දුන්නු අපූරුව කියලා. ඒකට කියන්න තියෙන්නේ එක දෙයයි. “බලාගෙන තමයි ඉඳලා තියෙන්නේ!!!”

සෝෂල් මීඩියා සහ මිනිස්සුන්ට ඒවායින් තියෙන හොඳ සහ නරක බලපෑම් ගැන තව ඕන්නං පොතක් වුනත් ලියන්න පුලුවන් ගැඹුරට ගැඹුරට කතා කරගෙන ගිහින්. හැබැයි අන්තිමට අපිට දෙන්න වෙන උත්තරේ තමයි සෝෂල් මීඩියා කියන්නේ ගෝලීයකරණයත් එක්ක ලං වෙන, ඒ එක්කම දියුණු වෙන ලෝකේ තවත් නවත්තන්න බැරි, නවත්තන්න අවශ්‍යත් නැති ප්‍රවණතාවයක් කියන එක. අපි කරන්න ඕන සෝෂල් මීඩියා තහනම් කරන්න කියන එක නෙවෙයි, හරියට විනයක් සහ ක්‍රමයක් ඇතුව, ඇබ්බැහියක් නැතුව, ඇත්ත ලෝකෙන් මිදෙන්නේ නැතුව සෝෂල් මීඩියා පාවිච්චි කරන්නේ කොහොමද කියන එක මිනිස්සුන්ට කියලා දෙන එක.

Source : http://www.aniwa.lk/

[QUOTE="The Jilmart, post: 20788259, member: 557958"] [b]සෝෂල් මීඩියා අපේ මිතුරෙක්ද? හතුරෙක්ද?[/b] [SIZE="5"]සාමාන්‍යයෙන් ලංකාවේ අපිට දැවෙන ප්‍රශ්න සෑහෙන තියෙනවා. ඒ කියන්නේ ශිවන්යාට අර මුගටි හපුවා මොකක් කරාවිද, සරණ බලල් තඩියා ආයි හම්බ වෙයිද එහෙමත් නැතිනම් දුමින්ද මට මතක නෑ සිල්වාට ජනාධිපති සමාවක් ලැබෙයිද වගේ දේවල්. අපි මේ වෙනකොට මේ ප්‍රශ්න ගැන කතා කරන්නෙත් සෝෂල් මීඩියා වලින් වුනත් ඇත්තටම සෝෂල් මීඩියා හොඳයිද නරකයිද වගේ ප්‍රශ්න අපිට මතුවෙන්නේ කවුරුහරි ඇන්ටි කෙනෙක් ෆේස්බුක් චැට් කරලා කොල්ලෙක් එක්ක යාලු වෙලා, ඒ කොල්ලා ඇන්ටිගේ ලක්ෂ ගාණකට විදලා ඇන්ටිගේ පවුලත් කැඩිලා දැං අංකල් ඇන්ටිව මරන්න හොයනවා වගේ නිව්ස් එකක් ගියහම තමයි. ඇත්තටම සෝෂල් මීඩියා හොඳද නරකද? 1. අයිඩෙන්ටිටි ක්‍රයිසිස් එකෙංම පටං ගමු [IMG]https://s22.postimg.org/bv6luwk3l/social_media_good_and_bad_aniwa_01.jpg[/IMG] සෝෂල් මීඩියා – විශේෂයෙන්ම ෆේස්බුක් එක්ක තියෙන දරුණු ගැටළුවක් තමයි අනන්‍යතා අර්බුදය. ඒ කිව්වේ මෙහෙමයි. දැන් අපි අපි ගැන හිතාගෙන ඉන්න විදියක් තියනවනේ. ඒ කියන්නේ මම හරිම හොඳයි, කරුණාවන්තයි, වීරයි, සූරයි ඔය විදියට. හැබැයි මිනිස්සු අපිව දකින්නේ වෙනස් විදියකට වෙන්න පුලුවන්. එතකොට ඇත්තටම අපි කියන්නේ වෙනම ලොවෙත් නැති මොඩල් එකක් වෙන්න පුලුවන්. හැබැයි සාමාන්‍යයෙන් ඇත්ත ජීවිතේදී අපිව මැනෙන්නේ ඇත්ත අපි කොයි විදියද කියන එක අනුව තමයි. ඒ කියන්නේ අපි හෙන ඕප පප්පො නං, අපි අනුන්ගේ මගුල් හොයන්නෙ නැති හෙන ඩයල් කියල හිතාගෙන හිටියට වැඩක් නෑ. ඕප ඩයල් කියලා අනිවාර්යෙන්ම ස්පොට් වෙනවා. හැබැයි ෆේස්බුක් කියන්නේ තමන්ට තමන් ගැන ඕන ප්‍රතිරූපයක් හදන්න පුලුවන් තැනක්. ඒ කියන්නේ ඔය චැට් කරලා එහෙම අඳුනගන්න ඩයල් එකක් අඳුනගන්න වෙන්නේ මිනිහා කතා කරන දේවලින් නේ. ඉතින් ඇත්ත මිනිහව අඳුනගන්නකොට වෙන්න තියෙන දේවල් වෙලා ඉවර වෙන්න පුලුවන්. 2. සෝෂල් මීඩියා ලව් පලහිලවු [IMG]https://s22.postimg.org/do9ij85a9/social_media_good_and_bad_aniwa_02.jpg[/IMG] මෙන්න මේක ගැන තමයි සෝෂල් මීඩියා- වැඩියෙන්ම ෆේස්බුක් වැඩිපුර බැණුම් අහන්නේ. ෆේස්බුක් කියන්නේ සෘජු ඩේටින්ග් සයිට් එකක් නොවුණත්, ඩේටින්ග් සයිට් එකක විදියටම එක් එක් පුද්ගලයින්ගේ තොරතුරු, ඡායාරූප සහ අදහස් එක් තැනකට ගොනු කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, සාමාන්‍යයෙන් මොළේ තියෙන මනුස්සයෙක්ට කෙනෙක්ගේ ප්‍රොෆයිල් එකේ විස්තර, ඔහුගේ කැමැති නොකැමැති දේවල් අනුව කෙනාව “ප්‍රොෆයිල්” කරගන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ හින්දම අලුතෙන් මිනිස්සු අඳුනගන්න මේක මරු වැඩක්. අලුතෙන් මිනිස්සු අඳුනගන්නවා කියන්නේ ඉතිං ලව්ම විතරක් නෙවෙයි. අපි මේ කියන්නේ මනුෂ්‍ය සබඳතා ගැන. ඒවා එක් එක් හේතු උඩ වෙන්න පුලුවන්. දැනුම හුවමාරුව, මිත්‍ර සම්බන්ධකම්, ව්‍යාපාරික හවුල් සබඳකම්, ලිංගික සබඳකම් සහ ආදර පටලැවිලි. 3. පේස්බුක් හින්දා තමා ඔක්කොම ප්‍රස්න! [IMG]https://s22.postimg.org/f4l11d875/social_media_good_and_bad_aniwa_03.gif[/IMG] සාමාන්‍යයෙන් මොකක් හරි සමාජ ප්‍රශ්නයක, ඒ කියන්නේ ධනය නැතිවීමක, ගෞරවය නැතිවීමක ඉඳලා ජීවිතය නැතිවීමක් දක්වා ගැටළුවක එක් එක් පාර්ශවයන් අඩු තරමින් දැන හඳුනාගන්නේ හරි සමාජ ජාලයකින් නම්, විශේෂයෙන්ම ෆේස්බුක් හරහා නම්, රේස්බුකිය ඇරෙන්න වෙන බුකියක් නොදන්න තලත්තෑනි උදවිය විතරක් නෙවෙයි, සමහර නිවේදක නිවේදිකාවෝ පවා කියන්නේ මේවට වග කියන්න ඕන සමාජ ජාලා වෙබ් අඩවි කියලා. හැබැයි ඒ අයට මිස් වෙන තැන මේකයි. සමාජ ජාලයක් කියන්නේ මෙවලමක් විතරයි. හරියට පිහියක් වගේ. ඔය පිහියට දැන දැන හරි අත්වැරැද්දෙන් හරි අත කපා ගන්න අය කී දාහක් ඉන්නවද? ඒ වගේ තමයි ෆේස්බුක් හෝ වෙනත් සමාජ ජාලයක් පරිහරණය. විශේෂයෙන්ම දැනගන්න ඕන දේ තමයි සමාජ ජාලයක් හරහා ඇතිවෙන සම්බන්ධතාවයක් දුර දිග යනව නං ඒක වහාම හැබෑ ලෝකේට ගේන්න ඕන කියන එක. ඒක සයිබර් අවකාශය ඇතුළේ නඩත්තු කරන්න යාම තුළ තමයි ඔය ප්‍රශ්න ඇතිවෙන්නේ. එහෙම බලනකොට ඇත්තටම වෙනස් කරන්න ඕන සමාජ ජාලයන්ගේ ස්වභාවය නෙවෙයි, ඒක පාවිච්චි කරන පුද්ගලයින්ගේ පරිචය සහ විනය නැතිකම. 4. සයිබරයේ තග් පාට් [IMG]https://s22.postimg.org/5y2qe32yp/social_media_good_and_bad_aniwa_04.jpg[/IMG] මෙන්න මේක තමයි සමාජ ජාල එක්ක දරුණුවට පැතිරෙන ගැටළුව. මේක කොයි තරමකට ප්‍රශ්නයක් වෙලාද කියනව නං මේ වෙනකොට හැම රටකින්ම වගේ Cyber bullying නවත්තන්න නීති සකස් කරලා තියෙනවා/සකස් කරමින් පවතිනවා. මෙතනදී සෑහෙන පැති තියෙනවා. හැබැයි පොදුවේ කියන්න පුලුවන් සයිබර් අවකාශය භාවිතා කරමින් තවත් පුද්ගලයෙක්ව හිරිහැරයට පත් කරන එක, තර්ජනය කරන එක, බිය වැද්දීම වගේම බලපෑම් එල්ල කරන එක. මෙතනදී පරණ කෙල්ල එක්ක ගත්තු ඇගේ ගෞරවයට හානි කරන්න පුලුවන් ෆොටෝස් අන්තර්ජාලයට මුදා හැරීමේ සිට මොන යම් හෝ දෙයක් ලබානොදෙන්නේ නම් සමාජ ජාල එකවුන්ට්ස් හැක් කරන බවට කරන තර්ජනය කිරීම් පවා අයිති වෙනවා. ඒ විතරක් නෙවෙයි, එක් පාර්ශවයක කැමැත්තකින් තොරව දිගින් දිගටම කෙරෙන අසභ්‍ය හෝ බලපෑම් සහගත විහිළු කිරීමක් වුනත් Cyber bullying වලට තමයි වැටෙන්නේ. දැන් මේවා ඇත්ත ලෝකේ වෙන්නෙ නැද්ද කියලා ඔබ අහයි. ඇත්ත ලෝකේ මේ තරම් පුළුල්ව මේ දේවල් වෙන්නෙ නෑ. මොකද ඇත්ත ලෝකේ තග් පාට් දාගෙන එන ඩයල් එකකට නිල් වෙන්න කන්න වෙන සම්භාවිතාවය වැඩියි. හැබැයි සයිබර් ලෝකේ කී බෝඩ් එක ඉස්සරහ ඉඳන් වීරයෝ වෙන්න ඕනම පෙන්දෙක්ට පුලුවන්නේ. 5. සයිබර් අවකාශයේ වෛරය වැපිරවීම [IMG]https://s22.postimg.org/5zco7i4sh/social_media_good_and_bad_aniwa_05.jpg[/IMG] මේ තවත් තියෙන සුලභ ප්‍රශ්නයක්. ඇත්තටම ෆේස්බුක් හෝ වෙනත් සමාජ ජාලයක් නිසා ඇතිවුණු ප්‍රශ්නයක්ම නෙවෙයි. ලෝකේ පවතින කල් තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ තවත් කෙනෙක්ගේ වාර්ගිකත්වය, ආගම, විශ්වාසයන් උහුලන්න බැරි වීම. උදාහරණයක් විදියට කියනව නං ෆේස්බුක් එකේ මරාගන්න එන බෞද්ධයෝ හිතාගෙන ඉන්නේ ලෝකෙම බෞද්ධ වෙන්න ඕන කියලා. ෆේස්බුක් එකේ කඩු උස්සන් එන මුස්ලිම්කාරයෝ හිතාගෙන ඉන්නේ මුළු ලෝකේම මුස්ලිම් කරන එක උන්ගේ ශුද්ධ වූ වගකීම කියලා. ඉතින් එකිනෙකා මරා ගන්න එකටත් වඩා සිද්ධ වෙන්නේ එක එක පේජස් හදාගෙන තමන් අකමැති අනිකාට එරෙහිව වෛරී ප්‍රකාශ නිකුත් කිරීම සහ තමන් අදහන, අයිති වෙන දෙය උඩ දැමීම. ජාතිවාදය වුනත් වපුරන්න ෆේස්බුක් කියන්නේ හොඳ තෝතැන්නක්. ත්‍රස්තවාදය සහ වෙනත් අන්තවාදයන් උඩ දැමෙන්නෙත් එහෙම තමයි. මෙතනදී නරකම දේ තමයි සංවාද හෝ ශිෂ්ට සමාජයේ තර්ක කිරීමේ ක්‍රම ලොවෙත් හොයන්න නැතිවීම සහ ප්‍රතිවාදීන්ට බැණ අඬ ගැහීමෙන්, කුණුහරුප කීමෙන්, තර්ජනය කිරීමෙන් නොනැවතී ගල් පැලෙන කෙබර ප්‍රචාරය කිරීමෙන් ගේම ඉල්ලීම. ඇත්තටම සයිබර් අවකාශය සමාජ ජාලයන් හරහා මේ තරම් විවෘත වීමත් එක්ක වුනේ මේ ගැටළුව ඔඩු දුවන එක තමයි. 6. කුඩා දරුවන් ඉලක්ක වීමත් දරුණු ප්‍රශ්නයක් [IMG]https://s22.postimg.org/4ll1c75j5/social_media_good_and_bad_aniwa_06.jpg[/IMG] මේ වෙනකොට ලෝකේ කොහොමත් තියෙන බරපතළ ප්‍රශ්නයක් තමයි කුඩා දරුවන්ව විවිධාකාරයේ අපයෝජනයන්ට, හිංසනයන්ට සහ පෙළඹවීම් වලට ඉලක්ක වීම. එතකොට සමාජ ජාලයන් ප්‍රචලිත වීම එක්ක මේ ගැටළුව ගැන කතිකාවක් ඇතිවෙනවාට වඩා කුඩා දරුවන් ඉලක්ක කර ගැනීමට තවත් හොඳ මාධ්‍යයක් බිහිවීම දකින්න ලැබෙනවා. මෙතනදී ලිංගික අපයෝජකයිගේ ඉඳන් විවිධාකාරයේ පෙළඹවීම් ඇති කරන්නන් දක්වා සමාජ ජාල වල ගොදුරු සොයමින් කරක් ගහන බව දකින්න පුලුවන්. ඕන නං කෙනෙක්ට කියන්න පුලුවන් කුඩා දරුවන්ව සමාජ ජාලයන්ගෙන් ඈත් කරලා තියෙන එක දෙමාපියන්ගේ වගකීම කියලා. හැබැයි ඇත්තටම ඒක දෙමාපියන්ට වුනත් තවදුරටත් කරන්න පුලුවන්ද කියන එක විවාදාත්මක ප්‍රශ්නයක්. අනෙක් කාරණය තමයි නොමඟට පෙළඹවීම් සමාජ ජාල තුළින් ඇති වීම. මේක පුද්ගල පෙළඹවීම් වල ඉඳන් විවිධ රැළි ඇතිවීම් දක්වා දකින්න පුලුවන්. උදාහරණයක් විදියට සමාජ ජාලයක් තුළින් මුණගැහෙන යම් පුද්ගලයෙක් නිසා දරුවෙක් නැත්නම් නව යෞවනයෙක් මත්ද්‍රව්‍ය භාවිතයට නැතිනම් වෙනත් අවකල් ක්‍රියාවන්ට නැඹුරු වෙන්න පුලුවන්. මෙතනදී භයානකම දේ තමයි ඇත්ත ලෝකෙදී වගේ සයිබර් ලෝකේ සිද්ධ වෙන මේ වගේ ආශ්‍රයක් දෙමාපියන්ගේ ඇහැ ගැටෙන්න තියෙන ඉඩ ඉතාමත් අඩු වීම. ඉතින් සිද්ධ වෙන්න ඕන ඔක්කොම සිද්ධ වෙලා ඉවර වෙනකල් අම්මලා තාත්තලා වෙන්නෙ මොකක්ද කියලවත් දැනගන්නෙ නෑ. පෙළඹවීම් ගැන කියනකොට දෙන්න පුලුවන් සරලම උදාහරණය තමයි සිඟිති පාතාලේ. ගොඩක් දෙනා ඕක නිර්වචනය කරනවා අපි ඒ කාලේ පිස්සු කෙලියෙ, කුණුහරුප කිව්වෙ නැද්ද කියලා. ඇත්ත. හැබැයි දැන් ෆේස්බුක් හරහා සිද්ධ වෙන කුණුහරුප රැප් වැඩේ ප්‍රචලිත වෙන වේගෙත් එක්ක අනාගතේදී මේක කොහෙන් නවතියිද කියලා අඳුරු සේයාවන් පේන්නෙ නැත්නං ඒක තමන්ගේ දුර දකින්න තියෙන හැකියාවේ අවුලක්. 7. තව ඇහැට පේන ප්‍රශ්න [IMG]https://s22.postimg.org/kxzofo98h/social_media_good_and_bad_aniwa_07.gif[/IMG] සමාජ ජාල නිසා සරලව ඇහැට පේන්න තියෙන ප්‍රශ්න ගැනත් කතා කරන්නම ඕනනේ. ප්‍රධානම ප්‍රශ්නේ තමයි මිනිස්සු සමාජ ජාලයන්ට පහසුවෙන්ම ඇබ්බැහි වීම. විශ්වාස කරන්න පුලුවන් නං විශ්වාස කරන්න, මේක මත්ද්‍රව්‍ය ඇබ්බැහියට වඩා විශාලයි. මේ ඇබ්බැහිය නිසා ඊලඟට එන ප්‍රශ්න තමයි තමන්ගේ රාජකාරි අතපසු වීම. ඵලදායිතාවය අඩු වීම. ඔය ගොඩක් ඔෆිස් වල ෆේස්බුක් යන්න තහනම් කරලා තියෙන්නේ මොකක් නිසා කියලද හිතන්නේ? හේතුව ඔෆිස් එකේ රාජකාරි කෙරෙන්න ඕන වේගය වගේම වැඩවල කොලිටියත් බාල වීම. ඒ වගේම තමයි හැබෑ ලෝකේ අනික් මිනිස්සු එක්ක තියෙන අන්තර් සම්බන්ධතා ටික ටික දියවෙලා යන්නත් සමාජ ජාල හේතු වෙනවා කියල කියන්න පුලුවන්. හැබැයි මේවා එක පාරට පේන සමාජ ගැටළු නෙවෙයි, ඒ හින්දා තමයි මේ ප්‍රශ්න වලට තවමත් වැඩි අවධානයක් යොමු වෙලා නැත්තේ. 8. ජීවිතේම ෆේස්බුක් දාන අපේ ඇන්ටිලා නිසා තියෙන ප්‍රශ්න [IMG]https://s22.postimg.org/ntcrmjd8h/social_media_good_and_bad_aniwa_08.jpg[/IMG] සමාජ ජාල එක්ක මේ වෙනකොට ඇතිවෙමින් තියෙන, ඒත් තාමත් අපේ උදවියට දැනෙන්නෙ නැති බරපතලම ප්‍රශ්නයක් තමයි පුද්ගලිකත්වය සහ රහස්‍යභාවය කියලා දෙයක් තවදුරටත් නැති වීම. ඒ කියන්නේ හිතලා බලන්න ඔබ ඒ තරමට ක්‍රියාකාරී ෆේස්බුක් සාමාජිකයෙක් නොවුනත්, ඔබේ ජීවිතෙන් කොයි තරම් ප්‍රමාණයක් ෆේස්බුක් නැත්නම් ට්විටර් නැත්නම් ඉන්ස්ටග්‍රෑම් වගේ සමාජ ජාලයක් නිසා ලෝකයට නිරාවරණය වෙනවද කියලා. අඩු තරමින් පින්තූරයක්වත් ෆේස්බුක් එකට එකතු නොවී ට්‍රිප් එකක්වත් යන්න පුලුවන්ද යාලුවෝ එක්ක? මෙතනදී අර ඩිජිටල් ෆූට්ප්‍රින්ට් කියන එක අඩු කරගන්න කරන්න දේවල් තියෙනවා තමයි. හැබැයි ෆේස්බුක් වගේ තැනකදී ඒක ටිකක් ගේමක්. මොකද එතනදී ඔබ ජාලයක් විදියට එකිනෙකා එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. අනික් කාරණේ තමයි ඕනෑ එපා හැම මගුලම ෆේස්බුක් දාන වගකීමක් නැති මිනිස්සු පිරිසක් සමාජ ජාල තුළ ඉන්න එක. එතකොට ඔය අටවාගෙන තියෙන පේජ් පඩංගු වලින් කරන්නේ කෙනෙක්ගේ පුද්ගලික හෝ සංවේදී කරුණක් විය හැකි දෙයක් වුනත් පට ගාලා ප්‍රොමෝට් කරලා රැල්ලක් හදලා දෙන එක. ගොඩක් දෙනෙක් මේ විදියට දකින්නේ සම්මත සමාජය තුළ වැරදියි කියලා දකින දෙයක් හින්දා ඒ අය හිතනවා මේ වැරදි එලි කරන එක මාර සමාජ සේවයක් කියලා. හැබැයි ඇත්ත කතාව තමයි ලබ්බට තියපු අත පුහුලටත් තියනවාමයි කියන එක. මේ වෙනකොට කෙල්ලෙක් කොල්ලෙක් අත් පටලං පාර පනින එකත් වීඩියෝ කරලා ෆේස්බුක් එකේ ෂෙයාර් කරන තැනකට ඇවිල්ලා නැද්ද? මෙතනත් ඇත්තටම තියෙන්නේ නිසි වාරණයක් නැති එක සහ සමාජ ජාල පරිශීලකයින්ට විනයක් නැතිකම තමයි. 9. දැං සෝෂල් මීඩියා වල හොඳක් ඇත්තෙම නැද්ද? [IMG]https://s22.postimg.org/sgitob0ld/social_media_good_and_bad_aniwa_09.jpg[/IMG] අපොයි හොඳ පැති තියෙනවා. මූලිකවම මුළු ලෝකෙම විශ්ව ගම්මානයක් කරන්න ගෝලීයකරණයට හැකි වුනා. මේ සෝෂල් මීඩියා කියන්නෙත් ඒකෙම කොටසක් තමයි. දැන් තොරතුරු වලට තියෙන ප්රවේශයම ගැන හිතන්න. එහෙම හැකියාවක් තියෙනවා කියන එක මිනිස්සු අතරට ගෙන යන්නම සෝෂල් මීඩියා වලින් ලොකු දායකත්වයක් ලැබුනා. ඒ විතරක් නෙවෙයි, ඇත්තටම සමාජ ජාල එක්තරා විදියකට නිරන්තරයෙන් තොරතුරු සමගින් යාවත්කාල වන පර්යන්තයන් බවටත් පත් වෙලා තියෙනවා. ගොඩක් මිනිස්සු දැන් නිව්ස් දැනගන්නේ ෆේස්බුක් එකෙන් කියලා කීමට කියන කතාව බොරුවක්ම නෙවෙයිනේ. හැබැයි එකක්, මේ නව ලෝකයේ තොරතුරු කෙරුවාව හරියන්න පොඩ්ඩක් හරි මොළයක් තියෙන මිනිස්සු ඉන්නත් ඕන. මොකද සමාජ ජාල තුළ කිසිම තොරතුරකට වාරණයක් නැති නිසා නිවැරදි ප්රවෘත්ති වගේම වැරදි ප්‍රවෘත්තිත් බොහොම ලේසියෙන් පැතිර යන ප්‍රවණතාවයක් තියෙනවා. 10. පරණ යාලුකං අලුත් කරගන්න, අලුත් යාලුකං තහවුරු කරගන්න [IMG]https://s22.postimg.org/4e1ztfjy9/social_media_good_and_bad_aniwa_10.jpg[/IMG] සමාජ ජාල වලින් “යාළුවෝ” මුණගැහෙන එක හරි ජොලි වැඩක්. විශේෂයෙන්ම ඉස්සර අපේ අම්මලගේ තාත්තලගෙ කාලේ ඉස්කෝලෙ එකට හිටි එකෙක් මුණගැහෙන්නේ සමහර විට මගුලකදී නැත්තං මරණෙකදී වෙන්න පුලුවන්. ඒත් දැන් සෝෂල් මීඩියා නිසා මේ අමතක වෙලා යන සම්බන්ධ කම් තව ශක්තිමත් වෙන්න ඉඩ ලැබිලා තියෙනවා. යාලුවෙක් වෙන රටක හිටියත් ලඟපාත ඉන්නවා වගේ තමයි. එතකොට අලුතින් යාලුවෝ හම්බුවෙන එක ගැනත් කියන්න තියෙන්නේ එමම තමයි. මෙහෙම සම්බන්ධකම් ඇතිවෙන එක හොඳයි. ඇත්තටම ගැටළු ඇතිවෙන්නේ මිනිස්සුන්ට මානව සම්බන්ධකම් ගෙනියන්න දන්නෙ නැති නිසා මිසක් සෝෂල් මීඩියා නරක නිසා නෙවෙයි. 11. ඇයි බිස්නස් වලට? [IMG]https://s22.postimg.org/y790218ld/social_media_good_and_bad_aniwa_11.jpg[/IMG] අපොයි ඔව්. දැන් සෝෂල් මීඩියා වලින් විතරක්ම රන් වෙන බිස්නස් කොයි තරම් නං ලංකාව ඇතුලෙත් තියෙනවද? ඔෆිස් ඕන නෑ.සයිබර් ස්පේස් එක ඇතුලෙන්ම වැඩේ ගොඩදාගන්න පුලුවන්. එතකොට ප්‍රවර්ධනය, ප්‍රචාරණය වගේ දේවලටත් සෝෂල් මීඩියා වලින් ලැබෙන ගැම්ම කියල වැඩක් නෑ. ඒකට එක හේතුවක් මේ වෙනකොට මුළු ලෝකෙම මොකක් හරි සෝෂල් මීඩියා එකක් එක්ක ටච් එකේ ඉන්න පුරුදු වෙලා තියෙන එක. හැබැයි ඉතින් තව දෙයක් කියන්න ඕන. අපි සෝෂල් මීඩියා බිස්නස් වලට පාවිච්චි කරනවා කියන එක දෙයාකාරයි. එකක්, ෆේස්බුක් වගේ වෙබ් අඩවියක් අපිට ඕන ඇඩ් එකයි එපා ඇඩ් එකයි පෙන්නන්නෙ නැතුව අපිට අවශ්‍යම ඇඩ් විතරක් පෙන්නන්න තරමට දියුණු වෙලා තියෙනවා. එතකොට නිකමට හිතන්න නුවර එළියේ ට්‍රිප් එකක් යමු කියලා ගෙදර කට්ටිය එක්ක කතා වෙලා, ඒ පැත්තේ නතර වෙන්න හොඳ රිසෝට් එකක් හොයන්න ගූගල් කලා කියලා. මෙන්න බොලේ පැයකින් විතර ෆේස්බුක් ලොග් වෙලා පහලට යනකොට පේනවා නුවර එළියේ තියෙන ඔබ නොදන්න අලුත් රිසෝට් වල ලිස්ට් එකක්. සමහර වෙලාවට ඒ අය දෙන ඩිස්කවුන්ට් ගැනත් පෙන්නනවා. එතකොට එක පාරටම හිතෙන දේ තමයි යකඩෝ මූ බලං හිටියා වගේ අපිට ඕනම ඇඩ් එක හොයලා දුන්නු අපූරුව කියලා. ඒකට කියන්න තියෙන්නේ එක දෙයයි. “බලාගෙන තමයි ඉඳලා තියෙන්නේ!!!” සෝෂල් මීඩියා සහ මිනිස්සුන්ට ඒවායින් තියෙන හොඳ සහ නරක බලපෑම් ගැන තව ඕන්නං පොතක් වුනත් ලියන්න පුලුවන් ගැඹුරට ගැඹුරට කතා කරගෙන ගිහින්. හැබැයි අන්තිමට අපිට දෙන්න වෙන උත්තරේ තමයි සෝෂල් මීඩියා කියන්නේ ගෝලීයකරණයත් එක්ක ලං වෙන, ඒ එක්කම දියුණු වෙන ලෝකේ තවත් නවත්තන්න බැරි, නවත්තන්න අවශ්‍යත් නැති ප්‍රවණතාවයක් කියන එක. අපි කරන්න ඕන සෝෂල් මීඩියා තහනම් කරන්න කියන එක නෙවෙයි, හරියට විනයක් සහ ක්‍රමයක් ඇතුව, ඇබ්බැහියක් නැතුව, ඇත්ත ලෝකෙන් මිදෙන්නේ නැතුව සෝෂල් මීඩියා පාවිච්චි කරන්නේ කොහොමද කියන එක මිනිස්සුන්ට කියලා දෙන එක.[/SIZE] Source : [url]http://www.aniwa.lk/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom