Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හතේ පොතට කලින් , ළමයි ඉන්න අයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වයස අවුරුදු 6-9 කාලය

මේ වයසේ දරුවන්ට පෞද්ගලිකත්වය පිළිබඳ හොද අවබෝධයක්, හැඟීමක් තිබිය යුතුයි.

ඒ වගේම ඔබ දරුවාට මුලින් ලබා දුන් දැනුම තරමක් පුළුල් කරන්න පුළුවන්.

උදා:- ලිංගික අවයවවලට කියන නිවැරදි වචනය හදුන්වා දෙන්න.

චූ පැත්ත - මුත්‍රා මාර්ගය

කක්කි පැත්ත - ගුද මාර්ගය

යෝනි මාර්ගය

කුක්කු - පියයුරු ආදී ලෙස.

මේ සදහා ශරීර අවයව හදුන්වා දීම පිළිබඳ සැකසුනු අධ්‍යාපනික වීඩියෝ වැනි දෑ උපකාරී කරගන්න පුළුවන් .

දරුවාගේ පෞද්ගලිකත්වය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න.

උදා:- වැසිකිළි ගිය පසු ශරීරය තනිවම පිරිසුදු කරගැනීමට කියා දෙන්න.

නෑම, ඇඟ සේදීම, ඇදුම් මාරු කිරීම වැනි දෑ තනිවම කිරීමට හුරු කරන්න.

එමෙන්ම ලිංගික ක්‍රියාවලිය පිළිබඳ අවබෝධය තරමක් පුළුල් කරන්න .

උදා:- ගැහැණියගෙන් පිටකරන බිත්තරයක් (ඩිම්බය මේ වයසට එලෙස හදුන්වා දීම ප්‍රමාණවත්) පිරිමි බිත්තරයක් සමඟ එකතු වී දරුවන් හදන බවත්, එය මවගේ කුසේ පෝෂණය වී නියමිත කාලයේදී යෝනි මාර්ගයෙන් එළියට එන බවත්, විශේෂිත අවස්ථාවලදී පමණක් මවගේ කුස විවර කර දරුවා එළියට ගන්නා බවත් දරුවාට කියා දෙන්න.

ලිංගික අපයෝජන සිදු විය හැකි ආකාර සහ එයින් වැලකිය හැකි ආකාර, එසේ සිදු උනොත් ඉන්පසු කළයුතු දේ දරුවාට නිතරම කියා දෙන්න

ඔබ දරුවාට කතාකරන හැම මොහොතකම දරුවාට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට, ප්‍රශ්න ඇසීමටත් අවස්ථාවක් දෙන්න. එමඟින් සූක්ෂම ලෙස දරුවා මේ ගැන හිතන විදිය, දරුවා තුළ දැනට ඇති දැනුම වැනි දේ පිළිබඳ අවබෝධ කරගන්න.

එය මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට ඉතාම හොඳ පිටිවහලක් වෙනවා වගේම දරුවාට දෙමාපියන් සමඟ වඩාත් විශ්වාසවන්ත සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමටත් ප්‍රබල ලෙස බලපානවා .

වයස අවුරුදු 9- 12 කාලය

මේ හරිම අභියෝගාත්මක වයසක්.

දරුවාගේ ජීවිතයේ ඉතාම තීරණාත්මක අවධියකට පිවිසීමට මඟ බලාගෙන ඉන්න තවදුරටත් ළමාත් නොවන යෞවනත් නොවන අතරමැදි අවස්ථාවක් .

නමුත් ඔබ මුල සිටම දරුවා සමඟ මේ සම්බන්ධව කතා කරමින් විවෘත සම්බන්ධයක් ගොඩනගා ගෙන ඇත්නම් මේ අභියෝගාත්මක අවස්ථාවට පහසුවෙන් මුහුණ දෙන්න පුළුවන් . ඒ නිසාමයි හැකි තරම් වේලාසනින් දරුවාට ලිංගික අධ්‍යාපනය ලබා දීම ඇරඹීම වැදගත් වෙන්නේ.

මෙම වයස් කාණ්ඩයේදී ඔබ දරුවා සමග කතා කළ යුතු දේ සහ දරුවාට ලබා දිය යුතු දැනුම

මල්වර වීම ගැන කතා කරන්න .

ගැහැණු සහ පිරිමි දරුවන් දෙපාර්ශවය සමඟම.

මෙහිදී මල්වර වීම යනු කුමක්ද සහ එහිදී සිදුවන්නේ කුමක්ද යන්න දරුවාට වටහාගත හැකි ලෙස සරලව පහදා දෙන්න.

මෙය දරුවෙකු වැඩිහිටියෙකු බවට පත්වීමේ මූලිකම පියවර බවත්, මල්වරයෙන් පසු ඔවුන්ගේ ශරීරය දරුවෙකු බිහිකිරීම සදහා සූදානම් බවත් දරුවාට කියා දෙන්න.

එමෙන්ම ඒ වයසේදී ඇති වෙන හෝර්මෝන වෙනස්කම් හේතුවෙන් කුරුළෑ ඇතිවීම, ඉකිළි කිහිලි ප්‍රදේශවල රෝම ඇතිවීම, පියයුරු වර්ධනය වීම, පිරිමි දරුවන්ගේ කටහඬ වෙනස් වීම, රැවුල වැවීම වැනි දෑ ගැන දරුවා දැනුවත් කරන්න .

ගැහැණු දරුවන් සමඟ මුල්ම ඩිම්බය මුදා හැරීම ( ඔසප් චක්‍රය ඇරඹීම) පිළිබඳවත් ඉන්පසු අපේ ශරීරයේ සිදුවන වෙනස් කම් පිළිබඳවත්, පෞද්ගලික සනීපාරක්ෂාව (personal hygiene ) පිළිබඳවත් කතා කරන්න .

ලිංගික අපයෝජනය පිළිබඳව සහ අපයෝජකයන්ගෙන් ආරක්ෂා වෙන අයුරු අඛණ්ඩව කියා දෙන්න.

එමෙන්ම ඔබ මේ අවධියේ දරුවා පිළිබඳ දැඩි අවධානයෙන් සිටීමට මතක තබා ගන්න. ඉන් අදහස් කරන්නේ දරුවා කරන හැම දේම හාරා අවුස්සා බලමින් දරුවාගේ පෞද්ගලිකත්වයට හානි කිරීම නෙමෙයි.

දරුවාගේ යහලුවන් පිළිබඳ , ඔවුන්ගේ පවුල් වටපිටාව පිළිබඳ , දරුවා විවේක වේලාවේදී කරන්නේ මොනවාද යන්න පිළිබඳව, දරුවා දත්ත තොරතුරු ලබා ගන්නා මාධ්‍ය පිළිබඳව , විශේෂයෙන්ම අන්තර්ජාලය භාවිතා කරනවා නම් ඔහු සැරිසරන වෙබ් අඩවි ගැන , කොටින්ම දරුවාගේ සිදුවෙන සියුම් වෙනස්කම් පිළිබඳව පවා අවදියෙන් සිටීම අත්‍යාවශ්‍ය දෙයක්.

මෙය දරුවාට බාධාවක් නොවන ලෙස සූක්ෂම ලෙස කිරීමට දෙමාපියන් දක්ෂ විය යුතුයි. එසේ නොමැති වුවහොත් දරුවාට දෙමාපියන් පිළිබඳව ඇති වෙන්නේ අප්‍රසාදයක් .

අවුරුදු 12-18 කාලය

දැන් ඔබේ දරුවා යෞවනයෙක්. එය ඔබට පිළිගන්නම වෙනවා. ඉතින් තව දුරටත් මේ කරුණු වසං කිරීම සිදු කළ යුතු නැහැ.

ඔබ නිවැරදි සහ විවෘත ලෙස දරුවා සමඟ කතා කරමින් හොඳ සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන ඇත්නම් මෙහිදී වඩාත් පහසු වෙනවා.

මේ වයසේදී දරුවා සමඟ කතා කළ යුතු දේ

පුරුෂයන් විසින් නිපදවන බිත්තර ශුක්‍රානු ලෙස හදුන්වන බවත්, ගැහැණිය විසින් නිපදවන බිත්තර ඩිම්බ ලෙස හදුන්වන බවත් දරුවාට කියා දෙන්න.

පිරිමි ශුක්‍රානු ඔවුන්ගේ ශිෂ්නය හරහා ගැහැණු ශරීරය තුලට ඇතුලු වෙන බවත් ,එහිදී ඩිම්බ හා ශුක්‍රානු සංසේචනය වී කලලයක් සෑදී එයින් දරුවෙකු හට ගන්නා බවත්, මෙය ජීවය ඉදිරියට පවත්වා ගෙන යාමට උපකාරී වන ලිංගික ක්‍රියාවලිය බවත් මෙය අතිශයින්ම වැඩිහිටියන් විසින් සිදු කරන දෙයක් බවත් දරුවාගේ මනසට ගැඹුරින් වටහා දෙන්න.

එමෙන්ම මෙය නිශ්චිත වයසට කලින් සිදු කලහොත් විය හැකි අපහසුතා පිළිබඳ දරුවා දැනුවත් කරන්න.

මෙම කරුණු වයස 12-13 වන විටම දරුවාට කියා දීම ඉතාම වැදගත් වේ.

එමෙන්ම අන්තර්ජාලයේ සැරිසරන ලිංගික ක්‍රියාකාරකම් පෙන්වන වීඩියෝ සැබෑ ජීවිතය නොවන බවත්, එය විකෘති මනස් ඇත්තවුන් නිපද වූ දෑ බවත්, දරුවාට වටහා දෙන්න.

ලිංගික ක්‍රියාකාරකම් හෝ ඒ සම්බන්ධව දරුවාට අවශ්‍ය නිවැරදි තොරතුරු ලබාගත හැකි පොත පත , සඟරා සහ අධ්‍යාපනික වෙබ් අඩවි හදුන්වා දෙන්න.

පෞද්ගලික සනීපාරක්ෂාව පිළිබඳව මෙන්ම ලිංගික අපයෝජන වලින් ආරක්ෂා වෙන අයුරු අඛණ්ඩව ම දරුවා දැනුවත් කරන්න .

පළමු ලිංගික එක්වීමේදී වුවත් ගැබ් ගත හැකි බවත්, එවැනි හදිසි ගැබ් ගැනීම් වලින් ආරක්ෂා විය හැකි අයුරු පිළිබදවත් ඔබේ යොවුන් දරුවා දැනුවත් කරන්න .

එමෙන්ම මුලින් සඳහන් කළ ආකාරයට ම දරුවා පිළිබඳ හොද අවධානයකින් හැම තත්පරයකම සිටින්න උත්සාහ කරන්න.

නවීන තාක්ෂණය භාවිතය මෙම වයසේදී වැඩි වෙන නිසා ඒ පිළිබඳව දැඩි අවධානයක් දෙන්න.

වයස අවුරුදු 18 න් පසු

අවුරුදු 18 පසු වූ ඔබේ දරුවා තව දුරටත් ළමයෙක් නෙමෙයි. ඔහු /ඇයත් ඔබ වගේම වැඩිහිටියෙක්.

සමාජයට මුදා හැරීමට පෙර අවශ්‍ය දැනුම නිසි ලෙස ඔබ ලබා දී ඇත්නම්, හරි වැරැද්ද ගැන හොඳ අවබෝධයක් ඔබ දරුවාට ලබා දී ඇත්නම්, ඔහුට /ඇයට යන්න දෙන්න. සමාජය සමඟ ගැටෙන්න දෙන්න. එසේ නොමැතිව, අවුරුදු 18 පසු වූ පසු, විවාහ වෙන තුරුම දරුවාව හිරකරගෙන ඉන්න උත්සාහ කරන්න එපා.

අවසන් වශයෙන් දරුවාට ලිංගික අධ්‍යාපනය ලබා දීමේදී සහ එදිනෙදා ජීවිතයේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් මම සඳහන් කරන්නම්.

ඔබ දරුවාගේ ඕනම වයසකදී ලිංගික ක්‍රියාකාරකමක් හෝ හැසිරීමක් හෝ ඒ හා සම්බන්ධ දෙයක් නිරීක්ෂණය කරහොත්:

කිසි විටෙක කලබල වෙන්න එපා.මුලින්ම ඔබ සංසුන් වී ,ඊලගට කල යුතු දේ ගැන සිතන්න.

එය වයසට අදාළ සාමාන්‍ය හැසිරීමක් ද, එසේත් නොමැතිනම් සාමාන්‍ය නොවන හැසිරීමක් ද යන්න තීරණය කරන්න .

කිසිවිටකත් පිරිසක් ඉදිරියේ මේ ගැන පැවසීමෙන් දරුවා ලැජ්ජාවට පත් කිරීම හෝ දරුවාට දඬුවම් කිරීම කරන්න එපා.

නොගැලපෙන පුද්ගලයින් සමඟ මේ සම්බන්ධව සාකච්ඡා කරන්න එපා.

උපදෙස් අවශ්‍ය නම් හොදින් දැනුවත්, මෙවැනි ගැටළු දෙස මැදහත්ව බැලීමට හැකි වගකිවයුතු පුද්ගලයින්ගෙන් පමනක් තොරතුරු ලබා ගන්න.

හැම විටම වයසට අදාල (age appropriate ) කරුණු දරුවා සමඟ කතා කරන්න. එහිදී වයසට ගැලපෙන වචන, භාෂාව භාවිතා කිරීමට මතක තබා ගන්න.

ඔබ නිවැරදි දැනුමෙන් මුලින්ම පෝෂණය වන්න.

සාකච්ඡා කරන අවස්ථාවේ ඉදිරිපත් වන දරුවාගේ අදහස් වලට ගරු කරන්න .

දරුවාගේ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු දෙන්න. කිසිම විටෙක ව්‍යාජ උත්තර දෙන්න එපා. ප්‍රශ්න මඟ හැර යන්න එපා.

දරුවාට මෙම දැනුම ලබා දීමේදී වයසට ගැලපෙන , අධ්‍යාපනික ලෙස සැකසුණු , සභ්‍ය පොතපත, වෙබ් අඩවි පමණක් භාවිතා කරන්න .

ලිංගික අධ්‍යාපනය: එදිනෙදා ජීවිතයේදී ඔබ සැලකිලි මත් විය යුතු දේ.

දරුවා උපන් දා පටන් කිසිම දවසක පිටස්තර පුද්ගලයින් ඉදිරියේ නිරුවතින් තබන්න එපා. ඉතාම කුඩා අවදියේ පවා, නෑමේදී ඇඳුම් මාරුකරන අවස්ථාවලදී මව, පියා හෝ ළඟම රැක බලාගන්නියක් පමණක් ඉදිරියේ සිදු කරන්න උත්සාහ කරන්න.

කිසිම විටෙක ඔබ දරුවා ඉදිරියේ නිරුවත් වෙන්න එපා. (ඉතාමත්ම කුඩා අවදියේදී පවා)

නෑමේදී, ඇදුම් මාරු කිරීමේදී වැනි කටයුතු වලදී හෝ වෙනත් පෞද්ගලික කටයුත්තකදී වත්

මෙය දරුවාට තමන්ගේ ශරීරයට වගේම අනෙකාගේ ශරීරයටත් ගරු කිරීමට බලපාන කරුණක් වෙනවා.

කිසිම විටෙක මවගේ සහ පියාගේ හෝ නිවසේ වැඩිහිටියෙක්ගේ ලිංගික ක්‍රියාකාරකම් දරුවාගේ ඇස ගැටෙන්න දෙන්න එපා.

දරුවාගේ මානසික වර්ධනයට එය තරම් අහිතකර ලෙස බලපාන දෙයක් තවත් නැහැ.

මව පියා සමඟ ආදරෙන් කතා බස් කිරීම හෝ සිප වැලඳ ගැනීම වැනි දේ මෙයින් අදහස් කරන්නේ නැහැ. එවැනි දේ දරුවාට දකින්න දිය යුතුයි. එමගින් දරුවා යහපත් සම්බන්ධතා පිළිබඳ ඉගෙන ගනීවි.

* යහපත් සම්බන්ධතා පිළිබඳව දරුවාට කියා දීමේදී ඔබ ආදර්ශය (role model ) වෙන්න.

උදා:- ඔබ දෙපල (මව සහ පියා ) එකිනෙකාට ආදරය කරන විදිය, ගරු කරන විදිය, උපකාර කරන විදිය දරුවාට ප්‍රායෝගිකව පෙන්වන්න.

එවිට දරුවා තමන්ගේ විරුද්ධ පාර්ශවයට ගරු කිරීමට සහ හොඳින් සැලකීමට ඉගෙන ගන්නවා වගේම යහපත් සබඳතා පිළිබදවත් ඉගෙන ගනීවි.

* හැම විටම ඔබේ දරුවා පිළිබඳව අවදියෙන්, අවධානයෙන් ඉන්න.

ඉතින්...අපේ දරුවා රැක ගමු.යහපත් හෙටක් බිහි කරමු.

copied.

[QUOTE="Sri_Sampath, post: 25591210, member: 264139"] [SIZE=5][IMG alt="🌸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t49/1.5/16/1f338.png[/IMG][U][B]වයස අවුරුදු 6-9 කාලය[/B][/U] මේ වයසේ දරුවන්ට පෞද්ගලිකත්වය පිළිබඳ හොද අවබෝධයක්, හැඟීමක් තිබිය යුතුයි. ඒ වගේම ඔබ දරුවාට මුලින් ලබා දුන් දැනුම තරමක් පුළුල් කරන්න පුළුවන්. උදා:- ලිංගික අවයවවලට කියන නිවැරදි වචනය හදුන්වා දෙන්න. චූ පැත්ත - මුත්‍රා මාර්ගය කක්කි පැත්ත - ගුද මාර්ගය යෝනි මාර්ගය කුක්කු - පියයුරු ආදී ලෙස. මේ සදහා ශරීර අවයව හදුන්වා දීම පිළිබඳ සැකසුනු අධ්‍යාපනික වීඩියෝ වැනි දෑ උපකාරී කරගන්න පුළුවන් . දරුවාගේ පෞද්ගලිකත්වය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න. උදා:- වැසිකිළි ගිය පසු ශරීරය තනිවම පිරිසුදු කරගැනීමට කියා දෙන්න. නෑම, ඇඟ සේදීම, ඇදුම් මාරු කිරීම වැනි දෑ තනිවම කිරීමට හුරු කරන්න. එමෙන්ම ලිංගික ක්‍රියාවලිය පිළිබඳ අවබෝධය තරමක් පුළුල් කරන්න . උදා:- ගැහැණියගෙන් පිටකරන බිත්තරයක් (ඩිම්බය මේ වයසට එලෙස හදුන්වා දීම ප්‍රමාණවත්) පිරිමි බිත්තරයක් සමඟ එකතු වී දරුවන් හදන බවත්, එය මවගේ කුසේ පෝෂණය වී නියමිත කාලයේදී යෝනි මාර්ගයෙන් එළියට එන බවත්, විශේෂිත අවස්ථාවලදී පමණක් මවගේ කුස විවර කර දරුවා එළියට ගන්නා බවත් දරුවාට කියා දෙන්න. ලිංගික අපයෝජන සිදු විය හැකි ආකාර සහ එයින් වැලකිය හැකි ආකාර, එසේ සිදු උනොත් ඉන්පසු කළයුතු දේ දරුවාට නිතරම කියා දෙන්න ඔබ දරුවාට කතාකරන හැම මොහොතකම දරුවාට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට, ප්‍රශ්න ඇසීමටත් අවස්ථාවක් දෙන්න. එමඟින් සූක්ෂම ලෙස දරුවා මේ ගැන හිතන විදිය, දරුවා තුළ දැනට ඇති දැනුම වැනි දේ පිළිබඳ අවබෝධ කරගන්න. එය මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට ඉතාම හොඳ පිටිවහලක් වෙනවා වගේම දරුවාට දෙමාපියන් සමඟ වඩාත් විශ්වාසවන්ත සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමටත් ප්‍රබල ලෙස බලපානවා . [IMG alt="🌸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t49/1.5/16/1f338.png[/IMG][U][B]වයස අවුරුදු 9- 12 කාලය[/B][/U] මේ හරිම අභියෝගාත්මක වයසක්. දරුවාගේ ජීවිතයේ ඉතාම තීරණාත්මක අවධියකට පිවිසීමට මඟ බලාගෙන ඉන්න තවදුරටත් ළමාත් නොවන යෞවනත් නොවන අතරමැදි අවස්ථාවක් . නමුත් ඔබ මුල සිටම දරුවා සමඟ මේ සම්බන්ධව කතා කරමින් විවෘත සම්බන්ධයක් ගොඩනගා ගෙන ඇත්නම් මේ අභියෝගාත්මක අවස්ථාවට පහසුවෙන් මුහුණ දෙන්න පුළුවන් . ඒ නිසාමයි හැකි තරම් වේලාසනින් දරුවාට ලිංගික අධ්‍යාපනය ලබා දීම ඇරඹීම වැදගත් වෙන්නේ. මෙම වයස් කාණ්ඩයේදී ඔබ දරුවා සමග කතා කළ යුතු දේ සහ දරුවාට ලබා දිය යුතු දැනුම මල්වර වීම ගැන කතා කරන්න . ගැහැණු සහ පිරිමි දරුවන් දෙපාර්ශවය සමඟම. මෙහිදී මල්වර වීම යනු කුමක්ද සහ එහිදී සිදුවන්නේ කුමක්ද යන්න දරුවාට වටහාගත හැකි ලෙස සරලව පහදා දෙන්න. මෙය දරුවෙකු වැඩිහිටියෙකු බවට පත්වීමේ මූලිකම පියවර බවත්, මල්වරයෙන් පසු ඔවුන්ගේ ශරීරය දරුවෙකු බිහිකිරීම සදහා සූදානම් බවත් දරුවාට කියා දෙන්න. එමෙන්ම ඒ වයසේදී ඇති වෙන හෝර්මෝන වෙනස්කම් හේතුවෙන් කුරුළෑ ඇතිවීම, ඉකිළි කිහිලි ප්‍රදේශවල රෝම ඇතිවීම, පියයුරු වර්ධනය වීම, පිරිමි දරුවන්ගේ කටහඬ වෙනස් වීම, රැවුල වැවීම වැනි දෑ ගැන දරුවා දැනුවත් කරන්න . ගැහැණු දරුවන් සමඟ මුල්ම ඩිම්බය මුදා හැරීම ( ඔසප් චක්‍රය ඇරඹීම) පිළිබඳවත් ඉන්පසු අපේ ශරීරයේ සිදුවන වෙනස් කම් පිළිබඳවත්, පෞද්ගලික සනීපාරක්ෂාව (personal hygiene ) පිළිබඳවත් කතා කරන්න . ලිංගික අපයෝජනය පිළිබඳව සහ අපයෝජකයන්ගෙන් ආරක්ෂා වෙන අයුරු අඛණ්ඩව කියා දෙන්න. එමෙන්ම ඔබ මේ අවධියේ දරුවා පිළිබඳ දැඩි අවධානයෙන් සිටීමට මතක තබා ගන්න. ඉන් අදහස් කරන්නේ දරුවා කරන හැම දේම හාරා අවුස්සා බලමින් දරුවාගේ පෞද්ගලිකත්වයට හානි කිරීම නෙමෙයි. දරුවාගේ යහලුවන් පිළිබඳ , ඔවුන්ගේ පවුල් වටපිටාව පිළිබඳ , දරුවා විවේක වේලාවේදී කරන්නේ මොනවාද යන්න පිළිබඳව, දරුවා දත්ත තොරතුරු ලබා ගන්නා මාධ්‍ය පිළිබඳව , විශේෂයෙන්ම අන්තර්ජාලය භාවිතා කරනවා නම් ඔහු සැරිසරන වෙබ් අඩවි ගැන , කොටින්ම දරුවාගේ සිදුවෙන සියුම් වෙනස්කම් පිළිබඳව පවා අවදියෙන් සිටීම අත්‍යාවශ්‍ය දෙයක්. මෙය දරුවාට බාධාවක් නොවන ලෙස සූක්ෂම ලෙස කිරීමට දෙමාපියන් දක්ෂ විය යුතුයි. එසේ නොමැති වුවහොත් දරුවාට දෙමාපියන් පිළිබඳව ඇති වෙන්නේ අප්‍රසාදයක් . [IMG alt="🌸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t49/1.5/16/1f338.png[/IMG][B][U]අවුරුදු 12-18 කාලය[/U][/B] දැන් ඔබේ දරුවා යෞවනයෙක්. එය ඔබට පිළිගන්නම වෙනවා. ඉතින් තව දුරටත් මේ කරුණු වසං කිරීම සිදු කළ යුතු නැහැ. ඔබ නිවැරදි සහ විවෘත ලෙස දරුවා සමඟ කතා කරමින් හොඳ සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන ඇත්නම් මෙහිදී වඩාත් පහසු වෙනවා. මේ වයසේදී දරුවා සමඟ කතා කළ යුතු දේ පුරුෂයන් විසින් නිපදවන බිත්තර ශුක්‍රානු ලෙස හදුන්වන බවත්, ගැහැණිය විසින් නිපදවන බිත්තර ඩිම්බ ලෙස හදුන්වන බවත් දරුවාට කියා දෙන්න. පිරිමි ශුක්‍රානු ඔවුන්ගේ ශිෂ්නය හරහා ගැහැණු ශරීරය තුලට ඇතුලු වෙන බවත් ,එහිදී ඩිම්බ හා ශුක්‍රානු සංසේචනය වී කලලයක් සෑදී එයින් දරුවෙකු හට ගන්නා බවත්, මෙය ජීවය ඉදිරියට පවත්වා ගෙන යාමට උපකාරී වන ලිංගික ක්‍රියාවලිය බවත් මෙය අතිශයින්ම වැඩිහිටියන් විසින් සිදු කරන දෙයක් බවත් දරුවාගේ මනසට ගැඹුරින් වටහා දෙන්න. එමෙන්ම මෙය නිශ්චිත වයසට කලින් සිදු කලහොත් විය හැකි අපහසුතා පිළිබඳ දරුවා දැනුවත් කරන්න. මෙම කරුණු වයස 12-13 වන විටම දරුවාට කියා දීම ඉතාම වැදගත් වේ. එමෙන්ම අන්තර්ජාලයේ සැරිසරන ලිංගික ක්‍රියාකාරකම් පෙන්වන වීඩියෝ සැබෑ ජීවිතය නොවන බවත්, එය විකෘති මනස් ඇත්තවුන් නිපද වූ දෑ බවත්, දරුවාට වටහා දෙන්න. ලිංගික ක්‍රියාකාරකම් හෝ ඒ සම්බන්ධව දරුවාට අවශ්‍ය නිවැරදි තොරතුරු ලබාගත හැකි පොත පත , සඟරා සහ අධ්‍යාපනික වෙබ් අඩවි හදුන්වා දෙන්න. පෞද්ගලික සනීපාරක්ෂාව පිළිබඳව මෙන්ම ලිංගික අපයෝජන වලින් ආරක්ෂා වෙන අයුරු අඛණ්ඩව ම දරුවා දැනුවත් කරන්න . පළමු ලිංගික එක්වීමේදී වුවත් ගැබ් ගත හැකි බවත්, එවැනි හදිසි ගැබ් ගැනීම් වලින් ආරක්ෂා විය හැකි අයුරු පිළිබදවත් ඔබේ යොවුන් දරුවා දැනුවත් කරන්න . එමෙන්ම මුලින් සඳහන් කළ ආකාරයට ම දරුවා පිළිබඳ හොද අවධානයකින් හැම තත්පරයකම සිටින්න උත්සාහ කරන්න. නවීන තාක්ෂණය භාවිතය මෙම වයසේදී වැඩි වෙන නිසා ඒ පිළිබඳව දැඩි අවධානයක් දෙන්න. වයස අවුරුදු 18 න් පසු අවුරුදු 18 පසු වූ ඔබේ දරුවා තව දුරටත් ළමයෙක් නෙමෙයි. ඔහු /ඇයත් ඔබ වගේම වැඩිහිටියෙක්. සමාජයට මුදා හැරීමට පෙර අවශ්‍ය දැනුම නිසි ලෙස ඔබ ලබා දී ඇත්නම්, හරි වැරැද්ද ගැන හොඳ අවබෝධයක් ඔබ දරුවාට ලබා දී ඇත්නම්, ඔහුට /ඇයට යන්න දෙන්න. සමාජය සමඟ ගැටෙන්න දෙන්න. එසේ නොමැතිව, අවුරුදු 18 පසු වූ පසු, විවාහ වෙන තුරුම දරුවාව හිරකරගෙන ඉන්න උත්සාහ කරන්න එපා. අවසන් වශයෙන් දරුවාට ලිංගික අධ්‍යාපනය ලබා දීමේදී සහ එදිනෙදා ජීවිතයේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් මම සඳහන් කරන්නම්. ඔබ දරුවාගේ ඕනම වයසකදී ලිංගික ක්‍රියාකාරකමක් හෝ හැසිරීමක් හෝ ඒ හා සම්බන්ධ දෙයක් නිරීක්ෂණය කරහොත්: කිසි විටෙක කලබල වෙන්න එපා.මුලින්ම ඔබ සංසුන් වී ,ඊලගට කල යුතු දේ ගැන සිතන්න. එය වයසට අදාළ සාමාන්‍ය හැසිරීමක් ද, එසේත් නොමැතිනම් සාමාන්‍ය නොවන හැසිරීමක් ද යන්න තීරණය කරන්න . කිසිවිටකත් පිරිසක් ඉදිරියේ මේ ගැන පැවසීමෙන් දරුවා ලැජ්ජාවට පත් කිරීම හෝ දරුවාට දඬුවම් කිරීම කරන්න එපා. නොගැලපෙන පුද්ගලයින් සමඟ මේ සම්බන්ධව සාකච්ඡා කරන්න එපා. උපදෙස් අවශ්‍ය නම් හොදින් දැනුවත්, මෙවැනි ගැටළු දෙස මැදහත්ව බැලීමට හැකි වගකිවයුතු පුද්ගලයින්ගෙන් පමනක් තොරතුරු ලබා ගන්න. හැම විටම වයසට අදාල (age appropriate ) කරුණු දරුවා සමඟ කතා කරන්න. එහිදී වයසට ගැලපෙන වචන, භාෂාව භාවිතා කිරීමට මතක තබා ගන්න. ඔබ නිවැරදි දැනුමෙන් මුලින්ම පෝෂණය වන්න. සාකච්ඡා කරන අවස්ථාවේ ඉදිරිපත් වන දරුවාගේ අදහස් වලට ගරු කරන්න . දරුවාගේ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු දෙන්න. කිසිම විටෙක ව්‍යාජ උත්තර දෙන්න එපා. ප්‍රශ්න මඟ හැර යන්න එපා. දරුවාට මෙම දැනුම ලබා දීමේදී වයසට ගැලපෙන , අධ්‍යාපනික ලෙස සැකසුණු , සභ්‍ය පොතපත, වෙබ් අඩවි පමණක් භාවිතා කරන්න . ලිංගික අධ්‍යාපනය: එදිනෙදා ජීවිතයේදී ඔබ සැලකිලි මත් විය යුතු දේ. දරුවා උපන් දා පටන් කිසිම දවසක පිටස්තර පුද්ගලයින් ඉදිරියේ නිරුවතින් තබන්න එපා. ඉතාම කුඩා අවදියේ පවා, නෑමේදී ඇඳුම් මාරුකරන අවස්ථාවලදී මව, පියා හෝ ළඟම රැක බලාගන්නියක් පමණක් ඉදිරියේ සිදු කරන්න උත්සාහ කරන්න. කිසිම විටෙක ඔබ දරුවා ඉදිරියේ නිරුවත් වෙන්න එපා. (ඉතාමත්ම කුඩා අවදියේදී පවා) නෑමේදී, ඇදුම් මාරු කිරීමේදී වැනි කටයුතු වලදී හෝ වෙනත් පෞද්ගලික කටයුත්තකදී වත් මෙය දරුවාට තමන්ගේ ශරීරයට වගේම අනෙකාගේ ශරීරයටත් ගරු කිරීමට බලපාන කරුණක් වෙනවා. කිසිම විටෙක මවගේ සහ පියාගේ හෝ නිවසේ වැඩිහිටියෙක්ගේ ලිංගික ක්‍රියාකාරකම් දරුවාගේ ඇස ගැටෙන්න දෙන්න එපා. දරුවාගේ මානසික වර්ධනයට එය තරම් අහිතකර ලෙස බලපාන දෙයක් තවත් නැහැ. මව පියා සමඟ ආදරෙන් කතා බස් කිරීම හෝ සිප වැලඳ ගැනීම වැනි දේ මෙයින් අදහස් කරන්නේ නැහැ. එවැනි දේ දරුවාට දකින්න දිය යුතුයි. එමගින් දරුවා යහපත් සම්බන්ධතා පිළිබඳ ඉගෙන ගනීවි. * යහපත් සම්බන්ධතා පිළිබඳව දරුවාට කියා දීමේදී ඔබ ආදර්ශය (role model ) වෙන්න. උදා:- ඔබ දෙපල (මව සහ පියා ) එකිනෙකාට ආදරය කරන විදිය, ගරු කරන විදිය, උපකාර කරන විදිය දරුවාට ප්‍රායෝගිකව පෙන්වන්න. එවිට දරුවා තමන්ගේ විරුද්ධ පාර්ශවයට ගරු කිරීමට සහ හොඳින් සැලකීමට ඉගෙන ගන්නවා වගේම යහපත් සබඳතා පිළිබදවත් ඉගෙන ගනීවි. * හැම විටම ඔබේ දරුවා පිළිබඳව අවදියෙන්, අවධානයෙන් ඉන්න. ඉතින්...අපේ දරුවා රැක ගමු.යහපත් හෙටක් බිහි කරමු. copied.[IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/1f64f.png[/IMG][IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/1f64f.png[/IMG][IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/1f64f.png[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom