Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හදවත් මිලියන ගණනකට පණ නළ දුන් රුහුණු පුත̴්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හදවත් මිලියන ගණනකට පණ නළ දුන් රුහුණු පුත්&#820

ඇමෙරිකාවේ ජීවත් වෙමින් හදවත් මිලියන ගණනකට පණ නළ දුන් රුහුණු පුත්‍රයා

[ATTACH]66354[/ATTACH]

මෙය කියවන ඔබ ඇතැම්විට හෘදයේ රුධිර නාල අවහිරවීමකට ලක්ව ඇන්ජියෝ ප්ලාස්ටි කැතීටරයක් මගින් දිවි රැකගත් අයෙකු විය හැක. නොඑසේ නම් ඔබගේ සමීපතමයෙක් එවැනි උපකරණයක් මගින් දිවි රැකගෙන සිටිනවා විය හැකිය. එහෙත් ලෝ පුරා නතරවන්නට ගිය මිලියන ගණනක් හදවත්වලට ජීවය ලබා දුන් ඇන්ජියෝ ප්ලාස්ටි කැතීටරයේ නිර්මාතෘ ශ්‍රී ලාංකිකයෙකු බව ඔබ නොදැන සිටියා වියහැක. ඇන්ජියෝ ප්ලාස්ටි කැතීටරය නිර්මාණය කළේ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන ආචාර්ය බන්දුල විජේරත්නය. ඇමෙරිකාවේ පදිංචිව සිට විද්‍යා පරීක්ෂණවල නියැලෙන ගෝලීය පුරවැසියෙකු වන ඔහු මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටී. මේ ඔහු ලක්බිම සමග කළ පිළිසඳරකි.

ඔබේ ගම් පළාත කොහේද?

මම දකුණු පළාතේ. ගාල්ල බටදූව තමයි මගේ ගම.

පවුලේ විස්තර කොහොමද?

අපේ පවුලේ මම බාලයා. මට වැඩිමහල් අක්කලා දෙන්නෙක් ඉන්නවා. එක අක්කා කෙනෙක් ගුරු වෘත්තියේ යෙදුණා. අනෙක් අක්කා බැංකු කළමනාකාරිනියක් ලෙස රැකියාව කළා.

එතකොට ඔබේ දෙමාපියන්?

මගේ තාත්තා ඒ.ජී.පී. විජේරත්න. අම්මා කත්රිනා හේමලතා. දෙන්නාම විදුහල්පතිවරු ලෙස කටයුතු කරා. ගෙදරම විදුහල්පතිවරු දෙදෙනෙක් හිටපු එක අපේ අධ්‍යාපනයටත් බලපාන්න ඇති.

ඔබේ පාසල් ජීවිතය මතක් කළොත්?

මම මුලින්ම ගියේ ඇතිලියගොඩ මහා විද්‍යාලයට. ඒක ටිකක් ගම්බදට වෙන්න තිබුණ පාසලක්. මම තුන්වෙනි ශ්‍රේණියට සමත් වෙනකං ඒ පාසලට ගියා.

තුන්වැනි ශ්‍රේණියෙන් පසු ඔබ ගියේ මොන පාසලටද?

තුන් වැනි ශ්‍රේණියට මා ඇතුළත් වූයේ ගාල්ල මහින්ද විදුහලටයි. මා උසස් පෙළ සමත් වුණේ එහිදී.

ඔබ කොහොමද පාසල් ගියේ?

බයිසිකලෙන්. මුලින්ම තාත්තා මාව ලැගේජ් එකේ තියාගෙන පාසලට එක්කරං ගියා. පස්සේ මම තනියම බයිසිකලේ පැදං මහින්දෙට ගියා.

ඒ කාලේ බයිසිකලේ පාසල් යෑම විශේෂ වරප්‍රසාදයක්ද?

ඔව්. ඒ කාලේ ෆුට් සයිකලේට අද මෝටර් සයිකලේක වටිනාකම තිබුණා. ඉතිං මම ෆුට් සයිකලෙන් මහින්දෙට යන එක ටිකක් විශේෂ දෙයක් තමයි.

ඔබ මොන විශ්වවිද්‍යාලයටද ඇතුළු වුණේ?

මම ලංකාවේ විශ්වවිද්‍යාලයකට ගියේ නෑ. උසස් පෙළ සමත් වෙනකොට මට පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබුණා ඉන්දියාවේ ජදව්පුර් විශ්වවිද්‍යාලයේ. ඒක තියෙන්නේ කල්කටාවේ.

එහි ඉගෙනුම ලැබුවේ කුමන භාෂාවෙන්ද?

ඉංග්‍රීසියෙන්. මම පාසල් අධ්‍යාපනය ලැබුවෙත් ඉංග්‍රීසියෙන්. ඒක නිසා මට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැටලුවක් වුණේ නෑ.

ඉන්දියාවේ ජීවිතය කොහොමද?

මම ශිෂ්‍යත්වලාභියෙක් නිසා විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේමයි හිටියේ. කෑමත් එහෙන්ම ලැබුණා. නිවාඩු ලැබුණ ගමං මම ලංකාවට ආවා. ඒක නිසා ඉන්දියාවේ ඇවිදලා තොරතුරු බලන්න ලැබුණේ නෑ.

විශ්වවිද්‍යාලයේදී ඔබ හැදෑරුව විෂයන් කුමක්ද?

මා ඉගෙනුම ලැබුවේ රසායන ඉංජිනේරු තාක්ෂණය.

උපාධිය ලැබිමෙන් පසු කුමක්ද කළේ?

මම කෙටි කලක් ඉන්දීය තාක්ෂණ ආයතනයේ රැකියාව කළා. ඒ සමගම මගේ උසස් අධ්‍යාපනයත් කරගෙන ගියා.

ඔබ එහිදී හැදෑරුවේ කුමන කරුණුද?

විශේෂයෙන්ම මා සක්‍රිය කාබන් පිළිබඳ හැදෑරුවා. පොල්කටුවලින් ගන්නා කාබන් සහ ඒවායේ ගුණාත්මක බව පිළිබඳ මා හැදෑරුවා.

ඔබ ආචාර්ය උපාධිය ලැබුවේ ඉන්දියාවෙන්ද?

නෑ. මම කෙටි කලකට පසු උසස් අධ්‍යාපනය අතහැර ලංකාවට ආවා. එලෙස ඇවිත් ITI ආයතනයේ රැකියාවක් කළා පර්යේෂණ නිලධාරියෙකු ලෙස.

එහිදී ඔබ වඩාත් පර්යේෂණවල නියැලුණේ කුමන විෂය කරුණු ගැනද?

පොල් පිළිබඳ බොහෝ දේ කළා. විශේෂයෙන්ම පොල්වලින් ප්‍රෝටීන් හදන ක්‍රමයක් ගැන මම උනන්දු වුණා. ඊට අමතරව පැඟිරි තෙල්, කුරුඳු තෙල් වැනි දේ පිළිබඳවත් මා පර්යේෂණ රැසක් කරා.

ඔබ යළිත් විදෙස් ගතවූයේ කුමන වසරේද?

1974 දී මම ඇමෙරිකාවට ගියා. ඒ මගේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කරන්නට. මා එහිදී දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයට බැඳී රසායන ඉංජිනේරු විෂය හදාරා ආචාර්ය උපාධිය දිනා ගත්තා.

වෛද්‍ය උපකරණ පිළිබඳ ඔබ පර්යේෂණ කරන්න පටන් ගත්තේ කොයි කාලයේද?

1979 වනවිට මා එවැනි උපකරණ පිළිබඳ පර්යේෂණ ආරම්භ කළා.

මේ පර්යේෂණ ආරම්භ කළේ ස්වාධීනවද?

නෑ… මම ඒ වනවිට එඩ්වර්ඩ්ස් නම් ආයතනයට බැඳී සේවය කළා. මගේ පර්යේෂණ එහි සිට ආරම්භ කළා.

ඔබ පර්යේෂණ ආරම්භ කළේ කුමන ඉන්ද්‍රියකට සම්බන්ධවද?

හෘදය වස්තුව ඉලක්ක කර මා පර්යේෂණ ආරම්භ කළා.

ඇයි ඔබ හෘදය වස්තුව ඉලක්ක කර පර්යේෂණ ආරම්භ කළේ?

ඒක අහම්බයක්. මට හෘදය වස්තුව පිළිබඳ කියා විශේෂ උනන්දුවක් තිබුණේ නෑ. මා ඉබේම එතනට යොමු වුණා. පර්යේෂණ ආරම්භ කරනවිට අපි කාලීන තත්ත්වයන් පිළිබඳ අධ්‍යයනය කරනවා. ඒ කාලේ හෘදය වස්තුවේ ධමනි අවරෝධවීම සෑහෙන ගැටලුවක් බවට පත්ව තිබුණා.

ඒ කියන්නේ හෘදය වස්තුව පිළිබඳ ඔබ පර්යේෂණ ආරම්භ කළේ වාණිජ අරමුණින් කියන එකද?

නෑ. ඒ අවස්ථාවේ ඒ වගේ පර්යේෂණ අත්‍යවශ්‍ය වෙලා තිබුණා. ලෝකය පුරාම බොහෝදෙනකු ඒ ගැන පර්යේෂණ ආරම්භ කර තිබුණා.

ඔබේ පර්යේෂණය සාර්ථක වුණාද?

ඔව්. මට පුළුවන් වුණා නහරවල තිබුණ අවහිරතා ඉවත් කරන්නට පුළුවන් විශේෂ උපකරණයක් හදන්න. ඒ උපකරණය රුධිර නාලයක් ඔස්සේ හෘදයේ අවහිරවීම ඇති තැනට යවන්නට පුළුවන් විදිහේ විශේෂ උපකරණයක්. එය හඳුන්වන්නේ ඇන්ජියෝ ප්ලාස්ටි බැලුන කැතීටර් යන නමින්.

මේ උපකරණයේ ක්‍රියාකාරීත්වය කෙබඳුද?

මෙය කලවයේ ඇති රුධිර නාලයක් තුළින් හෘදයේ අවහිරව ඇති ධමනි කරා යවන්න පුළුවන්. අවහිර වූ ස්ථානයට ගොස් බැලුමක් ආකාරයෙන් පුම්බන්නට පුළුවන්. එමගින් අවහිරතාව මගහැරෙනවා. මා මේ කැතීටරය පමණක් නොවෙයි එය හෘදය කරා යවන්න භාවිත කරන රුධිර පොම්පයත් (Blood pump) මගේ සොයාගැනීමක්.

මෙම නිර්මාණවල පේටන්ට් අයිතිය කාටද?

මේ දෙකේම පේටන්ට් අයිතිය ඇත්තේ මටයි.

ඔබ මෙය නිෂ්පාදනය කළේ ඇමෙරිකානු සමාගමක් වෙනුවෙන්ද?

නෑ. මා මේ පර්යේෂණ ඇරඹුවේ ඇමෙරිකානු සමාගමක සිටියදී වුණත් මේ කැතීටරය නිර්මාණය කළේ ලියෝ කොර් නම් මාගේම සමාගමක් වෙනුවෙන්. එය ඇමෙරිකානු ලියාපදිංචිය සහිත එකක්.

මේ නිර්මාණයට භාවිත කළ මූලද්‍රව්‍ය කුමක්ද?

මුලින්ම භාවිත කළේ පොලියතිලින් නම් ද්‍රව්‍ය යොදා පසුව නයිලෝන් භාවිත කළා. 1980 වනවිට මෙහි නිෂ්පාදන කටයුතු නිමකර තිබුණා. මා පශ්චාත් උපාධිය සඳහා පොලියතිලින් ගැන විශේෂ හදෑරීමක් කර තිබුණා.

මෙය භාවිතාවට ගැනුණේ කුමණ කාලයකදීද?

නිපදවා වසර හතරකට පසු. ඒ කියන්නේ 1984 දී අප මෙය සතුන්ට සවිකර පරීක්ෂා කර බැලුවා. පරීක්ෂණ සාර්ථක නිසා 1988 වන විට මානව භාවිතයට හඳුන්වා දුන්නා.

මුලින්ම භාවිත කළේ ඇමෙරිකාවේදීද?

නෑ. මුලින්ම භාවිත කළේ ජපානයේදී. ඇමෙරිකාවේදී නව නිපැයුම් අත්හදාබැලීමට කල් යනවා. ඒ නිසා අපි මුලින්ම ජපානයටත් පසුව යුරෝපයටත් යැව්වා.

රුධිරවාහිනී අවරෝධවීමට යොදා ගන්නා ස්ටන්ට් එකත් ඔබේ නිර්මාණයක්ද?

මා ස්ටන්ට් එක නිපදවූ බව ඇත්ත. ඊට සමකාලීනව තවත් අප මෙවැනි නිර්මාණ කළා. එබැවින් එය මගේම නිර්මාණයක් කියා කියන්න අමාරුයි.

ස්ටන්ට් එක සහ ඔබ හඳුන්වා දුන් කැතීටරය අතර වෙනස කුමක්ද?

ස්ටන්ට් එක යොදා ගැනීමෙන් පසු යළි අවහිරවීම 1 වගේ අඩු අගයක් ගන්නවා. ඒත් ඇන්ජියෝ ප්ලාස්ටි කැතීටර බැලුන මගින් එය 30 වගේ ලොකු අගයක් ගන්නවා.

ඔබේ ඇන්ජියෝ ප්ලාස්ටි කැතීටරය භාවිත කිරීම කොතරම් දුරට සාර්ථකද?

ඉතා සාර්ථකයි. අද වන විට ඇන්ජියෝ ප්ලාස්ටි බැලුන කැතීටරයක් හෝ ස්ටන්ට් එකක් දැමීම දතක් ගලවනවාටත් වඩා සරලවී තිබෙනවා. දැන් වෛද්‍යවරුන්ට ඒ පිළිබඳ අවබෝධයක් තිබෙනවා.

මේ වන විට ඔබ සොයාගත් ඇන්ජියෝ ප්ලාස්ටි බැලුන කැතීටර් කොපමණ දෙනෙකු භාවිතා කර තිබෙනවාද?

මට හරියටම කියන්න බෑ. මිලියන ගණනක් විය හැකියි.

නතරවීමට ගිය හදවත් මිලියන ගණනකට යළි ජීවය දීමට හැකිවීම ගැන ඔබට දැනෙන හැඟීම කෙබඳුද?

සතුටුයි.

ඔබ සොයා ගත්තේ මේ නිපැයුම් දෙක පමණද?

නෑ. කැතීටරය යවන්නට පෙර රුධිර නාලයේ අවහිරවූ තැන හඳුනාගත යුතුයි. ඊට අදාළ ඇන්ජියෝ ග්‍රැෆික් නම් පරීක්ෂණ සොයාගත්තෙත් එහි පේටන්ට් අයිතියත් ඇත්තේ මටයි.

ඔබ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කර නැද්ද?

කෙදිනකවත් මා වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කර නැහැ.

එහෙත් ඔබ විසින් සිරුරට අදාළ පර්යේෂණ කරනවා. ශරීරයට ඇතුළු කරන උපකරණ නිපදවනවා. ඊට සදාචාරාත්මක අයිතියක් ඔබට තිබේද?

ඔබ මෙවැනි ප්‍රශ්නයක් අසන්නේ ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය අනුව විය යුතුයි. එහෙත් ඇමෙරිකාවේ එවැනි ගැටලු නෑ. මනුෂ්‍ය ශරීරය ගැන පරීක්ෂණ කරන්න වෛද්‍යවරයෙකු වන්නට ඕන නෑ. මා කරාටත් වඩා මිනිස් සිරුරට සම්බන්ධ සංකීර්ණ පරීක්ෂණ එරට යාන්ත්‍රික ඉංජිනේරුවරුන් කරනවා. විවිධ වෘත්තිකයන්ගේ දැනුම හා කුසලතා මිනිස් වර්ගයේ දියුණුවට යොදාගන්නට එහි බාධා නෑ.

ඔබ ශ්‍රී ලංකාවට පැමිණ මෙවැනි විෂයන් ගැන දේශන පවත්වනවා. එහිදී විරෝධතා මතුවන්නේ නැද?

මා මෙහි විත් සිටින්නේ ඇන්ජියෝ ප්ලාස්ටි බැලුන කැතීටරය සොයාගත් ලාංකිකයා ලෙස නොවෙයි. ගෝලීය චරිතයක් ලෙස. ඒ නිසාදෝ මට විරුද්ධතා නෑ.

ඔබ ඇමෙරිකාවට ගොස් එහි පදිංචිවීම ගැන කනගාටු වනවාද?

නෑ… මා මෙහි සිටියා නම් ඔබ පෙර ඇසූ පරිදිම මට හෘදය ගැන පරීක්ෂණ කරන්න බෑ. මා ඇමෙරිකාවට ගිය නිසා මට වඩා මානව වර්ගයාට යහපතක් උදා වුණා කියා මට හිතෙනවා.

ඔබ ලංකාවට පැමිණියේ විශේෂ කරුණක් නිසාද?

සැබැවින්ම අප මෙහි පැමිණ සිටිනුයේ විශේෂකාර්යක් වෙනුවෙන්. ඒ SCIENCE AND TECHNOLOGY FOR SOCIETY FORUM සමුළුවට සහභාගි වීමටයි. ඒ සඳහා මා පමණක් නොවෙයි තවත් ලාංකික විද්‍යාඥයන් 30කට අධික ගණනක් ආවා. ඇමෙරිකාවේ හුස්ටන්වලින් විතරක් 12ක් විතර ආවා.

මෙතුවක් කල් ඔබලා ශ්‍රී ලංකාවට නොපැමිණියේ ඇයි?

අපි අවා ගියා. ඒත් ජාතික කර්තවයකට අපි සම්බන්ධ කරගත්තේ නෑ. දැං ඊට වඩා වෙනත් පිළිවෙළක් තියෙනවා. විද්‍යා තාක්ෂණ ඇමැතිතුමා අපිට ඇමෙරිකාවට ඇවිත් ආරාධනා කරා මෙහි එන්න. අපි සූදානම් අපේ තාක්ෂණය, දැනුම මව්බිමට ලබාදෙන්න. මම දැනට රුහුණු විශ්වවිද්‍යාලයට සම්බන්ධව කටයුතු කරනවා. ඉදිරියේදී තව තවත් වැඩවලට දායකවන්න බලාපොරොත්තු වෙනවා. අපේ තත්පරයක් පවා විශාල මුදලකට මිල වෙනවා. ඒ වුණත් අපි මේ සේවය කරන්නේ නොමිලේ.

ඔබේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු?

මගේ බිරිඳ කොන්ස්ටන්ට්. ඇය මගේ සමාගමේ කටයුතුවලට දායක වෙනවා. මගේ ලොකු පුතා විවාහකයි. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එයා තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ විශේෂඥයෙක්. බාල පුතා මෑතදී විවාහ වුණා. එයා ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙක්.

අනාගතයේ කරන නිර්මාණ මොනවාද?

ඉතා වැදගත් පරීක්ෂණ කිහිපයක් දැනටමත් කරමින් ඉන්නවා.

ඔබ සොයා ගත් ඇන්ජියෝ ප්ලාස්ටි කැතීටර් භාවිත කර දිවි බේරාගත් අය ඔබට මුණගැසී තිබෙනවාද?

අනන්තවත් මුණ ගැසී ඇති. මා එවැනි දේ ගැන සැලකිලිමත් වන්නේ නෑ. රෝගියෙකුගේ දිවි රකින්න මාගේ සොයාගැනීම පමණක් නොවෙයි තවත් විශාල පිරිසකගේ දායකත්වය ඕන කරනවා.

ඇමෙරිකාවේදී වෛද්‍ය විෂයට අදාළ පරීක්ෂණ කිරීමට යාමේදී ඔබට යම් ගැටලුවලට මුහුණදීමට වූවාද?

නෑ. ඇමෙරිකාවේදී සලකාබලන්නේ මිනිසුන්ගේ කුසලතා සහ හැකියාවන් පමණයි. ඔවුන්ගේ ජාතිය හෝ ආගම එහි තකන්නේ නෑ. ඔවුන් ගෝලීය මානසිකත්වයකින් කටයුතු කරනවා මිස අප මෙන් දූපත් මානසිකත්වයක කොටුවී නෑ.

ශ්‍රී ලංකාව කඩිනමින් සංවර්ධනය කිරීමට කඩිනමින් විය යුතු වෙනස්කම් මොනවාද?

රටක දියුණුවට හොඳම ක්‍රමය විද්‍යාව සමග එරට ජනතාවට නැගිටීමට හුරු කිරීමයි. අපිත් එයට හුරුවිය යුතුයි. අන්තර්ජාලය විධිමත්ව භාවිත කිරීම රටක් දියුණු කරන්නට හොඳම ක්‍රමයයි. එය හරියට පාවිච්චි කරනවා නම් පාසල් වේලාවෙන් පස්සේ වාහන තදබදය අඩුකරන්න පුළුවන්. ළමයි පාසල් නිමවී ගෙදර ගිහින් අන්තර්ජාලයේ ඉගෙන ගනියි. ටියුෂන් පන්ති අන්තර්ජාලයට මුසු කිරීම පමණයි කළ යුත්තේ. එවිට ළමයි කල්ඇතිව ගෙදර ගිහිං සැහැල්ලුවෙන් ඉගෙන ගනියි. වාහන තදබදය අඩු නිසා පරිසර දූෂණය අඩුවෙනවා. තෙල්වලට වැයවෙන විනිමය ඉතිරි වෙනවා. තවදුරටත් කියනවා නම් අන්තර්ජාලය හරහා අනුරාධපුරේ ඉන්න ගොවියෙකුට හුස්ටන්වල ඉන්න වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගත හැකියි. සියලු මායිම් භේද දුරලා ගෝලීය පුරවැසියන් ලෙස කටයුතු කිරීමට අන්තර්ජාලයෙන් පුළුවන්. එය රටේ සංවර්ධනයට හොඳම මගයි. නොමිලේම බැරිනම් ඉතා සහනදායී මිලකට එය ලබාදිය යුතුයි.

ඔබේ ජීවිතය දෙස හැරී බැලුවහොත් තෘප්තිමත් විය හැකිද?

මා ගාල්ලේ ඉපිද පොඩි පාසලකින් ඉගෙනුම අරඹා මහින්ද විදුහලෙන් ඉගෙනීම නිම කළා. පසුව මා ඉන්දියාවත්, ඇමෙරිකාවත් ඇතුළු රටවල් ගණනාවක ජීවත්වෙමින් විවිධ පර්යේෂණ කරා. අදවන විට මා ලෝකයට ප්‍රමාණවත් දෙයක් ඉතුරුකරලා තිබෙන බව මට විශ්වාසයි. මගේ වැඩ තවමත් නිම නෑ, කරගෙන යනවා. එදා ගාල්ලේ මහින්දයට පාපැදිය පැදගෙන ගිය මා අද ඇමෙරිකාවේදී විනෝදයට පදවන්නේ ගුවන් යානා. මා සොයාගත් දේ නිසා නතරවන්නට ගිය හදවත් මිලියන ගණනක් තවමත් ස්පන්දනය වෙනවා. ඉතින් මා තෘප්තිමත්වීම අසාධාරණද?

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

ඡායාරූප: චින්තක උදයකාන්ත

(උපුටාගැනීම ලක්බිම පුවත්පෙතනි)

[QUOTE="Deleted, post: 20695514, member: 559066"] [b]හදවත් මිලියන ගණනකට පණ නළ දුන් රුහුණු පුත̴්[/b] [CENTER][COLOR="Black"][SIZE="5"]ඇමෙරිකාවේ ජීවත් වෙමින් හදවත් මිලියන ගණනකට පණ නළ දුන් රුහුණු පුත්‍රයා [/SIZE][/COLOR] [ATTACH]66354._xfImport[/ATTACH][/CENTER] [COLOR="Black"][SIZE="4"]මෙය කියවන ඔබ ඇතැම්විට හෘදයේ රුධිර නාල අවහිරවීමකට ලක්ව ඇන්ජියෝ ප්ලාස්ටි කැතීටරයක් මගින් දිවි රැකගත් අයෙකු විය හැක. නොඑසේ නම් ඔබගේ සමීපතමයෙක් එවැනි උපකරණයක් මගින් දිවි රැකගෙන සිටිනවා විය හැකිය. එහෙත් ලෝ පුරා නතරවන්නට ගිය මිලියන ගණනක් හදවත්වලට ජීවය ලබා දුන් ඇන්ජියෝ ප්ලාස්ටි කැතීටරයේ නිර්මාතෘ ශ්‍රී ලාංකිකයෙකු බව ඔබ නොදැන සිටියා වියහැක. ඇන්ජියෝ ප්ලාස්ටි කැතීටරය නිර්මාණය කළේ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන ආචාර්ය බන්දුල විජේරත්නය. ඇමෙරිකාවේ පදිංචිව සිට විද්‍යා පරීක්ෂණවල නියැලෙන ගෝලීය පුරවැසියෙකු වන ඔහු මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටී. මේ ඔහු ලක්බිම සමග කළ පිළිසඳරකි. ඔබේ ගම් පළාත කොහේද? මම දකුණු පළාතේ. ගාල්ල බටදූව තමයි මගේ ගම. පවුලේ විස්තර කොහොමද? අපේ පවුලේ මම බාලයා. මට වැඩිමහල් අක්කලා දෙන්නෙක් ඉන්නවා. එක අක්කා කෙනෙක් ගුරු වෘත්තියේ යෙදුණා. අනෙක් අක්කා බැංකු කළමනාකාරිනියක් ලෙස රැකියාව කළා. එතකොට ඔබේ දෙමාපියන්? මගේ තාත්තා ඒ.ජී.පී. විජේරත්න. අම්මා කත්රිනා හේමලතා. දෙන්නාම විදුහල්පතිවරු ලෙස කටයුතු කරා. ගෙදරම විදුහල්පතිවරු දෙදෙනෙක් හිටපු එක අපේ අධ්‍යාපනයටත් බලපාන්න ඇති. ඔබේ පාසල් ජීවිතය මතක් කළොත්? මම මුලින්ම ගියේ ඇතිලියගොඩ මහා විද්‍යාලයට. ඒක ටිකක් ගම්බදට වෙන්න තිබුණ පාසලක්. මම තුන්වෙනි ශ්‍රේණියට සමත් වෙනකං ඒ පාසලට ගියා. තුන්වැනි ශ්‍රේණියෙන් පසු ඔබ ගියේ මොන පාසලටද? තුන් වැනි ශ්‍රේණියට මා ඇතුළත් වූයේ ගාල්ල මහින්ද විදුහලටයි. මා උසස් පෙළ සමත් වුණේ එහිදී. ඔබ කොහොමද පාසල් ගියේ? බයිසිකලෙන්. මුලින්ම තාත්තා මාව ලැගේජ් එකේ තියාගෙන පාසලට එක්කරං ගියා. පස්සේ මම තනියම බයිසිකලේ පැදං මහින්දෙට ගියා. ඒ කාලේ බයිසිකලේ පාසල් යෑම විශේෂ වරප්‍රසාදයක්ද? ඔව්. ඒ කාලේ ෆුට් සයිකලේට අද මෝටර් සයිකලේක වටිනාකම තිබුණා. ඉතිං මම ෆුට් සයිකලෙන් මහින්දෙට යන එක ටිකක් විශේෂ දෙයක් තමයි. ඔබ මොන විශ්වවිද්‍යාලයටද ඇතුළු වුණේ? මම ලංකාවේ විශ්වවිද්‍යාලයකට ගියේ නෑ. උසස් පෙළ සමත් වෙනකොට මට පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබුණා ඉන්දියාවේ ජදව්පුර් විශ්වවිද්‍යාලයේ. ඒක තියෙන්නේ කල්කටාවේ. එහි ඉගෙනුම ලැබුවේ කුමන භාෂාවෙන්ද? ඉංග්‍රීසියෙන්. මම පාසල් අධ්‍යාපනය ලැබුවෙත් ඉංග්‍රීසියෙන්. ඒක නිසා මට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැටලුවක් වුණේ නෑ. ඉන්දියාවේ ජීවිතය කොහොමද? මම ශිෂ්‍යත්වලාභියෙක් නිසා විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේමයි හිටියේ. කෑමත් එහෙන්ම ලැබුණා. නිවාඩු ලැබුණ ගමං මම ලංකාවට ආවා. ඒක නිසා ඉන්දියාවේ ඇවිදලා තොරතුරු බලන්න ලැබුණේ නෑ. විශ්වවිද්‍යාලයේදී ඔබ හැදෑරුව විෂයන් කුමක්ද? මා ඉගෙනුම ලැබුවේ රසායන ඉංජිනේරු තාක්ෂණය. උපාධිය ලැබිමෙන් පසු කුමක්ද කළේ? මම කෙටි කලක් ඉන්දීය තාක්ෂණ ආයතනයේ රැකියාව කළා. ඒ සමගම මගේ උසස් අධ්‍යාපනයත් කරගෙන ගියා. ඔබ එහිදී හැදෑරුවේ කුමන කරුණුද? විශේෂයෙන්ම මා සක්‍රිය කාබන් පිළිබඳ හැදෑරුවා. පොල්කටුවලින් ගන්නා කාබන් සහ ඒවායේ ගුණාත්මක බව පිළිබඳ මා හැදෑරුවා. ඔබ ආචාර්ය උපාධිය ලැබුවේ ඉන්දියාවෙන්ද? නෑ. මම කෙටි කලකට පසු උසස් අධ්‍යාපනය අතහැර ලංකාවට ආවා. එලෙස ඇවිත් ITI ආයතනයේ රැකියාවක් කළා පර්යේෂණ නිලධාරියෙකු ලෙස. එහිදී ඔබ වඩාත් පර්යේෂණවල නියැලුණේ කුමන විෂය කරුණු ගැනද? පොල් පිළිබඳ බොහෝ දේ කළා. විශේෂයෙන්ම පොල්වලින් ප්‍රෝටීන් හදන ක්‍රමයක් ගැන මම උනන්දු වුණා. ඊට අමතරව පැඟිරි තෙල්, කුරුඳු තෙල් වැනි දේ පිළිබඳවත් මා පර්යේෂණ රැසක් කරා. ඔබ යළිත් විදෙස් ගතවූයේ කුමන වසරේද? 1974 දී මම ඇමෙරිකාවට ගියා. ඒ මගේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කරන්නට. මා එහිදී දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයට බැඳී රසායන ඉංජිනේරු විෂය හදාරා ආචාර්ය උපාධිය දිනා ගත්තා. වෛද්‍ය උපකරණ පිළිබඳ ඔබ පර්යේෂණ කරන්න පටන් ගත්තේ කොයි කාලයේද? 1979 වනවිට මා එවැනි උපකරණ පිළිබඳ පර්යේෂණ ආරම්භ කළා. මේ පර්යේෂණ ආරම්භ කළේ ස්වාධීනවද? නෑ… මම ඒ වනවිට එඩ්වර්ඩ්ස් නම් ආයතනයට බැඳී සේවය කළා. මගේ පර්යේෂණ එහි සිට ආරම්භ කළා. ඔබ පර්යේෂණ ආරම්භ කළේ කුමන ඉන්ද්‍රියකට සම්බන්ධවද? හෘදය වස්තුව ඉලක්ක කර මා පර්යේෂණ ආරම්භ කළා. ඇයි ඔබ හෘදය වස්තුව ඉලක්ක කර පර්යේෂණ ආරම්භ කළේ? ඒක අහම්බයක්. මට හෘදය වස්තුව පිළිබඳ කියා විශේෂ උනන්දුවක් තිබුණේ නෑ. මා ඉබේම එතනට යොමු වුණා. පර්යේෂණ ආරම්භ කරනවිට අපි කාලීන තත්ත්වයන් පිළිබඳ අධ්‍යයනය කරනවා. ඒ කාලේ හෘදය වස්තුවේ ධමනි අවරෝධවීම සෑහෙන ගැටලුවක් බවට පත්ව තිබුණා. ඒ කියන්නේ හෘදය වස්තුව පිළිබඳ ඔබ පර්යේෂණ ආරම්භ කළේ වාණිජ අරමුණින් කියන එකද? නෑ. ඒ අවස්ථාවේ ඒ වගේ පර්යේෂණ අත්‍යවශ්‍ය වෙලා තිබුණා. ලෝකය පුරාම බොහෝදෙනකු ඒ ගැන පර්යේෂණ ආරම්භ කර තිබුණා. ඔබේ පර්යේෂණය සාර්ථක වුණාද? ඔව්. මට පුළුවන් වුණා නහරවල තිබුණ අවහිරතා ඉවත් කරන්නට පුළුවන් විශේෂ උපකරණයක් හදන්න. ඒ උපකරණය රුධිර නාලයක් ඔස්සේ හෘදයේ අවහිරවීම ඇති තැනට යවන්නට පුළුවන් විදිහේ විශේෂ උපකරණයක්. එය හඳුන්වන්නේ ඇන්ජියෝ ප්ලාස්ටි බැලුන කැතීටර් යන නමින්. මේ උපකරණයේ ක්‍රියාකාරීත්වය කෙබඳුද? මෙය කලවයේ ඇති රුධිර නාලයක් තුළින් හෘදයේ අවහිරව ඇති ධමනි කරා යවන්න පුළුවන්. අවහිර වූ ස්ථානයට ගොස් බැලුමක් ආකාරයෙන් පුම්බන්නට පුළුවන්. එමගින් අවහිරතාව මගහැරෙනවා. මා මේ කැතීටරය පමණක් නොවෙයි එය හෘදය කරා යවන්න භාවිත කරන රුධිර පොම්පයත් (Blood pump) මගේ සොයාගැනීමක්. මෙම නිර්මාණවල පේටන්ට් අයිතිය කාටද? මේ දෙකේම පේටන්ට් අයිතිය ඇත්තේ මටයි. ඔබ මෙය නිෂ්පාදනය කළේ ඇමෙරිකානු සමාගමක් වෙනුවෙන්ද? නෑ. මා මේ පර්යේෂණ ඇරඹුවේ ඇමෙරිකානු සමාගමක සිටියදී වුණත් මේ කැතීටරය නිර්මාණය කළේ ලියෝ කොර් නම් මාගේම සමාගමක් වෙනුවෙන්. එය ඇමෙරිකානු ලියාපදිංචිය සහිත එකක්. මේ නිර්මාණයට භාවිත කළ මූලද්‍රව්‍ය කුමක්ද? මුලින්ම භාවිත කළේ පොලියතිලින් නම් ද්‍රව්‍ය යොදා පසුව නයිලෝන් භාවිත කළා. 1980 වනවිට මෙහි නිෂ්පාදන කටයුතු නිමකර තිබුණා. මා පශ්චාත් උපාධිය සඳහා පොලියතිලින් ගැන විශේෂ හදෑරීමක් කර තිබුණා. මෙය භාවිතාවට ගැනුණේ කුමණ කාලයකදීද? නිපදවා වසර හතරකට පසු. ඒ කියන්නේ 1984 දී අප මෙය සතුන්ට සවිකර පරීක්ෂා කර බැලුවා. පරීක්ෂණ සාර්ථක නිසා 1988 වන විට මානව භාවිතයට හඳුන්වා දුන්නා. මුලින්ම භාවිත කළේ ඇමෙරිකාවේදීද? නෑ. මුලින්ම භාවිත කළේ ජපානයේදී. ඇමෙරිකාවේදී නව නිපැයුම් අත්හදාබැලීමට කල් යනවා. ඒ නිසා අපි මුලින්ම ජපානයටත් පසුව යුරෝපයටත් යැව්වා. රුධිරවාහිනී අවරෝධවීමට යොදා ගන්නා ස්ටන්ට් එකත් ඔබේ නිර්මාණයක්ද? මා ස්ටන්ට් එක නිපදවූ බව ඇත්ත. ඊට සමකාලීනව තවත් අප මෙවැනි නිර්මාණ කළා. එබැවින් එය මගේම නිර්මාණයක් කියා කියන්න අමාරුයි. ස්ටන්ට් එක සහ ඔබ හඳුන්වා දුන් කැතීටරය අතර වෙනස කුමක්ද? ස්ටන්ට් එක යොදා ගැනීමෙන් පසු යළි අවහිරවීම 1 වගේ අඩු අගයක් ගන්නවා. ඒත් ඇන්ජියෝ ප්ලාස්ටි කැතීටර බැලුන මගින් එය 30 වගේ ලොකු අගයක් ගන්නවා. ඔබේ ඇන්ජියෝ ප්ලාස්ටි කැතීටරය භාවිත කිරීම කොතරම් දුරට සාර්ථකද? ඉතා සාර්ථකයි. අද වන විට ඇන්ජියෝ ප්ලාස්ටි බැලුන කැතීටරයක් හෝ ස්ටන්ට් එකක් දැමීම දතක් ගලවනවාටත් වඩා සරලවී තිබෙනවා. දැන් වෛද්‍යවරුන්ට ඒ පිළිබඳ අවබෝධයක් තිබෙනවා. මේ වන විට ඔබ සොයාගත් ඇන්ජියෝ ප්ලාස්ටි බැලුන කැතීටර් කොපමණ දෙනෙකු භාවිතා කර තිබෙනවාද? මට හරියටම කියන්න බෑ. මිලියන ගණනක් විය හැකියි. නතරවීමට ගිය හදවත් මිලියන ගණනකට යළි ජීවය දීමට හැකිවීම ගැන ඔබට දැනෙන හැඟීම කෙබඳුද? සතුටුයි. ඔබ සොයා ගත්තේ මේ නිපැයුම් දෙක පමණද? නෑ. කැතීටරය යවන්නට පෙර රුධිර නාලයේ අවහිරවූ තැන හඳුනාගත යුතුයි. ඊට අදාළ ඇන්ජියෝ ග්‍රැෆික් නම් පරීක්ෂණ සොයාගත්තෙත් එහි පේටන්ට් අයිතියත් ඇත්තේ මටයි. ඔබ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කර නැද්ද? කෙදිනකවත් මා වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කර නැහැ. එහෙත් ඔබ විසින් සිරුරට අදාළ පර්යේෂණ කරනවා. ශරීරයට ඇතුළු කරන උපකරණ නිපදවනවා. ඊට සදාචාරාත්මක අයිතියක් ඔබට තිබේද? ඔබ මෙවැනි ප්‍රශ්නයක් අසන්නේ ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය අනුව විය යුතුයි. එහෙත් ඇමෙරිකාවේ එවැනි ගැටලු නෑ. මනුෂ්‍ය ශරීරය ගැන පරීක්ෂණ කරන්න වෛද්‍යවරයෙකු වන්නට ඕන නෑ. මා කරාටත් වඩා මිනිස් සිරුරට සම්බන්ධ සංකීර්ණ පරීක්ෂණ එරට යාන්ත්‍රික ඉංජිනේරුවරුන් කරනවා. විවිධ වෘත්තිකයන්ගේ දැනුම හා කුසලතා මිනිස් වර්ගයේ දියුණුවට යොදාගන්නට එහි බාධා නෑ. ඔබ ශ්‍රී ලංකාවට පැමිණ මෙවැනි විෂයන් ගැන දේශන පවත්වනවා. එහිදී විරෝධතා මතුවන්නේ නැද? මා මෙහි විත් සිටින්නේ ඇන්ජියෝ ප්ලාස්ටි බැලුන කැතීටරය සොයාගත් ලාංකිකයා ලෙස නොවෙයි. ගෝලීය චරිතයක් ලෙස. ඒ නිසාදෝ මට විරුද්ධතා නෑ. ඔබ ඇමෙරිකාවට ගොස් එහි පදිංචිවීම ගැන කනගාටු වනවාද? නෑ… මා මෙහි සිටියා නම් ඔබ පෙර ඇසූ පරිදිම මට හෘදය ගැන පරීක්ෂණ කරන්න බෑ. මා ඇමෙරිකාවට ගිය නිසා මට වඩා මානව වර්ගයාට යහපතක් උදා වුණා කියා මට හිතෙනවා. ඔබ ලංකාවට පැමිණියේ විශේෂ කරුණක් නිසාද? සැබැවින්ම අප මෙහි පැමිණ සිටිනුයේ විශේෂකාර්යක් වෙනුවෙන්. ඒ SCIENCE AND TECHNOLOGY FOR SOCIETY FORUM සමුළුවට සහභාගි වීමටයි. ඒ සඳහා මා පමණක් නොවෙයි තවත් ලාංකික විද්‍යාඥයන් 30කට අධික ගණනක් ආවා. ඇමෙරිකාවේ හුස්ටන්වලින් විතරක් 12ක් විතර ආවා. මෙතුවක් කල් ඔබලා ශ්‍රී ලංකාවට නොපැමිණියේ ඇයි? අපි අවා ගියා. ඒත් ජාතික කර්තවයකට අපි සම්බන්ධ කරගත්තේ නෑ. දැං ඊට වඩා වෙනත් පිළිවෙළක් තියෙනවා. විද්‍යා තාක්ෂණ ඇමැතිතුමා අපිට ඇමෙරිකාවට ඇවිත් ආරාධනා කරා මෙහි එන්න. අපි සූදානම් අපේ තාක්ෂණය, දැනුම මව්බිමට ලබාදෙන්න. මම දැනට රුහුණු විශ්වවිද්‍යාලයට සම්බන්ධව කටයුතු කරනවා. ඉදිරියේදී තව තවත් වැඩවලට දායකවන්න බලාපොරොත්තු වෙනවා. අපේ තත්පරයක් පවා විශාල මුදලකට මිල වෙනවා. ඒ වුණත් අපි මේ සේවය කරන්නේ නොමිලේ. ඔබේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු? මගේ බිරිඳ කොන්ස්ටන්ට්. ඇය මගේ සමාගමේ කටයුතුවලට දායක වෙනවා. මගේ ලොකු පුතා විවාහකයි. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එයා තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ විශේෂඥයෙක්. බාල පුතා මෑතදී විවාහ වුණා. එයා ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙක්. අනාගතයේ කරන නිර්මාණ මොනවාද? ඉතා වැදගත් පරීක්ෂණ කිහිපයක් දැනටමත් කරමින් ඉන්නවා. ඔබ සොයා ගත් ඇන්ජියෝ ප්ලාස්ටි කැතීටර් භාවිත කර දිවි බේරාගත් අය ඔබට මුණගැසී තිබෙනවාද? අනන්තවත් මුණ ගැසී ඇති. මා එවැනි දේ ගැන සැලකිලිමත් වන්නේ නෑ. රෝගියෙකුගේ දිවි රකින්න මාගේ සොයාගැනීම පමණක් නොවෙයි තවත් විශාල පිරිසකගේ දායකත්වය ඕන කරනවා. ඇමෙරිකාවේදී වෛද්‍ය විෂයට අදාළ පරීක්ෂණ කිරීමට යාමේදී ඔබට යම් ගැටලුවලට මුහුණදීමට වූවාද? නෑ. ඇමෙරිකාවේදී සලකාබලන්නේ මිනිසුන්ගේ කුසලතා සහ හැකියාවන් පමණයි. ඔවුන්ගේ ජාතිය හෝ ආගම එහි තකන්නේ නෑ. ඔවුන් ගෝලීය මානසිකත්වයකින් කටයුතු කරනවා මිස අප මෙන් දූපත් මානසිකත්වයක කොටුවී නෑ. ශ්‍රී ලංකාව කඩිනමින් සංවර්ධනය කිරීමට කඩිනමින් විය යුතු වෙනස්කම් මොනවාද? රටක දියුණුවට හොඳම ක්‍රමය විද්‍යාව සමග එරට ජනතාවට නැගිටීමට හුරු කිරීමයි. අපිත් එයට හුරුවිය යුතුයි. අන්තර්ජාලය විධිමත්ව භාවිත කිරීම රටක් දියුණු කරන්නට හොඳම ක්‍රමයයි. එය හරියට පාවිච්චි කරනවා නම් පාසල් වේලාවෙන් පස්සේ වාහන තදබදය අඩුකරන්න පුළුවන්. ළමයි පාසල් නිමවී ගෙදර ගිහින් අන්තර්ජාලයේ ඉගෙන ගනියි. ටියුෂන් පන්ති අන්තර්ජාලයට මුසු කිරීම පමණයි කළ යුත්තේ. එවිට ළමයි කල්ඇතිව ගෙදර ගිහිං සැහැල්ලුවෙන් ඉගෙන ගනියි. වාහන තදබදය අඩු නිසා පරිසර දූෂණය අඩුවෙනවා. තෙල්වලට වැයවෙන විනිමය ඉතිරි වෙනවා. තවදුරටත් කියනවා නම් අන්තර්ජාලය හරහා අනුරාධපුරේ ඉන්න ගොවියෙකුට හුස්ටන්වල ඉන්න වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගත හැකියි. සියලු මායිම් භේද දුරලා ගෝලීය පුරවැසියන් ලෙස කටයුතු කිරීමට අන්තර්ජාලයෙන් පුළුවන්. එය රටේ සංවර්ධනයට හොඳම මගයි. නොමිලේම බැරිනම් ඉතා සහනදායී මිලකට එය ලබාදිය යුතුයි. ඔබේ ජීවිතය දෙස හැරී බැලුවහොත් තෘප්තිමත් විය හැකිද? මා ගාල්ලේ ඉපිද පොඩි පාසලකින් ඉගෙනුම අරඹා මහින්ද විදුහලෙන් ඉගෙනීම නිම කළා. පසුව මා ඉන්දියාවත්, ඇමෙරිකාවත් ඇතුළු රටවල් ගණනාවක ජීවත්වෙමින් විවිධ පර්යේෂණ කරා. අදවන විට මා ලෝකයට ප්‍රමාණවත් දෙයක් ඉතුරුකරලා තිබෙන බව මට විශ්වාසයි. මගේ වැඩ තවමත් නිම නෑ, කරගෙන යනවා. එදා ගාල්ලේ මහින්දයට පාපැදිය පැදගෙන ගිය මා අද ඇමෙරිකාවේදී විනෝදයට පදවන්නේ ගුවන් යානා. මා සොයාගත් දේ නිසා නතරවන්නට ගිය හදවත් මිලියන ගණනක් තවමත් ස්පන්දනය වෙනවා. ඉතින් මා තෘප්තිමත්වීම අසාධාරණද? අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු ඡායාරූප: චින්තක උදයකාන්ත (උපුටාගැනීම ලක්බිම පුවත්පෙතනි)[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom