හදවත නිරෝගීව තබා ගැනීමට මෙය කියවන්න

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    හදවත නිරෝගීව තබා ගැනීමට මෙය කියවන්න

    හදවත නිරෝගීව තබා ගැනීමට මෙය කියවන්න


    :no:හෘදය වස්‌තුවෙහි නිරෝගී බව රැකීම සම්බන්ධයෙන් ඇති නිවැරදි හා වැරදි මත කිහිපයක්‌. පහත දැක්‌වේ.



    1. අත් දෙකෙහිම රුධිර පීඩනය මැන බැලීඹ මගින් යමෙකුට හෘදයාබාදයක්‌ වැළඳීමේ ඉහල අවදානමක්‌ ඇත්දැයි අනාවරණය කර ගත හැකි වේ.

    මෙය "සත්‍යය" වූ ප්‍රකාශයකි. දැනට වෛද්‍යවරුන් බොහොමයක්‌ රුධිර පීඩනය මැන බලනුයේ රෝගියෙකුගේ එක්‌ අතක පමණක්‌ වන අතර අත් දෙකෙහිම රුධිර පීඩනය මැන බැලීමෙන් එම රුධිර පීඩන අගයන්ගේ ඒකක 10 ක හෝ එයට වඩා වැඩි ඒකක සංඛ්‍යාවක වෙනසක්‌ දක්‌නට ලැබුණහොත් එවැනි අයෙකුට හෘදයාබාධයක්‌ වැළදීමේ අවදානම සියයට 38% කින් වැඩි බව වෛද්‍ය මතය වී තිබේ. මෙසේ අත් දෙකෙහිම රුධිර පීඩනය මැන බැලීමෙන් එම රුධිර පීඩන අගයන්ගේ වෙනසක්‌ දක්‌නට ඇත්නම් වහා තම වෛද්‍යවරයා සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කළ යුතුය.

    2. "ආලේපිත" ඇස්‌ප්‍රින් පෙත්තක්‌ දිනපතා ගැනීම ඔබගේ හෘදය වස්‌තුවට හිතකරය.

    මෙය අසත්‍ය ප්‍රකාසයකි. දිනපතා හෘදය වස්‌තුව ආරක්‍ෂා කිරීම සඳහා ඇස්‌ප්‍රින් පෙත්තක්‌ ලබා ගන්නේ නම් "ආලේපිත" ඇස්‌ප්‍රින් (කෝටඩ් ඇස්‌ප්‍රින්) භාවිත නොකර මුඛය තුළ සැපිය හැකි (චුවබල්) බේබි ඇස්‌ප්‍රින් ලබා ගැනීම යෝගය වේ. මෙයට හේතු වී ඇත්තේ ආලේපිත" ඇස්‌ප්‍රින් ආමාශයට හිතකර නොවීමත් සෑම ඇස්‌ප්‍රින් වර්ගයක්‌ම රුධිරයට මිශ්‍ර නොවීම යන කරුණුය.

    3. ආහාරයට ගනු ලබන තෙල් වර්ග හෘදය වස්‌තුවෙහි නිරෝගී බවට හා මතක ශක්‌තියට අහිතකර බලපෑම් එල්ල කරයි.

    මෙය අසත්‍ය ප්‍රකාශයකි. ආහාරයට ගන්නා සෑම තෙල් වර්ගයක්‌ම හෘදය වස්‌තුවට හා මතක ශක්‌තියට අහිතකර බලපෑම් එල්ල නොකරයි. බටර් හා රතු පැහැති මස්‌ වර්ගවල අඩංගු සංතෘප්ත මේදය (සැටුරේටඩ් µeට්‌) හෘදය වස්‌තුවෙහි ධමනිවල සෞඛ්‍යයට මෙන්ම මතක ශක්‌තියට හානිකර වේ. එහෙත් ඔලිව් තෙල් හා මාළුවල අඩංගු මොනෝ සංතෘප්ත මේදය (මොනෝ සැටුරේටඩ් µeට්‌) හෘදය වස්‌තුවෙහි නිරෝගී බව මෙන්ම මතක ශක්‌තියද වර්ධනය කිරීමට උපකාරී වේ.

    Ö හාවඩ් වෛද්‍ය විද්‍යාලය