ඔන්න මම තවත් කතාවක් ලියන්න හිතුව… මේකත් අවේනම් ජංජාලේ ඊයකින්… අහල තියෙන අය සද්ද නැතුව ඉන්න ඕනි මට බනින්නේ නැතුව හරිය..
ඔන්න එකෝමත් එක රටක ගැණු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි හිටියලු ඇ…. ඉතින් ඔන්න දවසක් මේ මනුස්සය වැඩ ඇරිලා හෙන හදිස්සියකින් ගෙදරට ආවලු…. ගෙට ගොඩ වෙච්චි ගමන්ම මේ මනුස්සය කිව්වලු වයිෆ්ට,
” මේ මේ අරක පටන් ගන්න කලින් ෆ්‍රිජ් එක ඇරලා මට බියර් එකක් ගෙනත් දෙන්න” කියල…
ඉතින් ගැණු මනුස්සයත් මෙයා හෙන හදිස්සියකින් වගේ කියන නිසා ඉක්මනට දුවල ගිහිල්ල බියර් එකක් ගෙනත් දුන්නලු.. එච්චර හදිස්සියකින් ඉල්ලුවට බියර් එක ගෙනල්ල දුන්නම අර මනුස්සය හෙන ආතල් එකේ ඒක බොන්න පටන් ගත්තලු.. අයිමත් ටික වෙලාවකින් පොඩ්ඩක් හදිස්සියෙන් වගේ වයිෆ්ට කිව්වලු “මේ අරක තාම පටන් ගත්තේ නෑ. ඒ නිසා තව එකක් ගෙනත් දෙන්න ඉක්මනට” කියල .. ඒ පාරත් ඉතින් අර ගැණු මනුස්සය දුවල ගිහිල්ල තව බියර් බෝතලයක් ගෙනල්ල දුන්නලු.. කොච්චර හදිස්සියෙන් ඉල්ලුවත් ඉතින් බියර් එක ගෙනපුහම අර මනුස්සය ඒක බොන්නෙම හෙන ආතල් එකේලු… ගැණු මනුස්සයත් ඉතින් මෙයාට මොකක් හරි ලොකු දෙයක් ගැන කල්පනා කරන්නවත් ඇති කියල හිතල කට වහගෙන හිටියලු…
එත් අර බියර් එකත් ඉවර උනාට පස්සෙ ඒ මනුස්සය හෙන හදිස්සියකින් වයිෆ්ට කිව්වලු..” මේ මේ අද අරක පටන් ගන්න තව වෙලා යයි වගේ.. ඒ හින්ද තවත් බියර් එකක් ගෙනල්ල දෙනවකො ෆ්‍රිජ් එකෙන් ඉක්මනට” කියල … දැන්නම් වයිෆ්ගේ රතු කට්ට පැන්නලු..”ඇයි මිනිහෝ ඔය පටන් ගන්න මගුලක් පටන් ගන්න තව වෙලා යනවනම් ඉතින් තමන්ටම ගිහිල්ල ගන්න බැරි මොකද?? ඇයි මම තමුසෙගෙ වැඩකාරයද?? තමුසේ මෙතන මගුලක් පටන්ගන්නකන් බොද්දි රැට කන්න උයන්න වෙනම එකෙක් ගෙදරට එනවද?? ^@#$%^&*$%^&*^&* ” ඔන්න ඔහොම බැනුම් කොටියයිලු……
මේක අහිංසක විදිහට අහගෙන හිටපු මනුස්සය ඔලුවේ අත ගහගෙන තමන්ටම කියගන්නවලු
“ෂිට්…… පටන්ගත්තනේ ..”