Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හදි හූනියම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනුන් විසින් කරන ලද විණයේ හෙවත් හූනියමේ උපත පිළිබඳව ජනශ්රැතියේ විවිධ කතා පුවත් එන අතර එහි ප්‍රචලිතම කතා පුවත වන්නේ මැණික්පාල බිසවගේ විණ දෝෂය හා සම්බන්ධ කතාවයි. ලොව ප්‍රථම නරපතියා වූ මහාසම්මත රජුගේ බිසව මැණික්පාල වූවාය. ඇගේ සොහොයුරා වූ විෂ්ණු විසින් වසවර්ති මාරයා සමඟ ඇතිකරගත් ගිවිසුමකට අනුව ඇය වසවර්තියා හා විවාහ වීමට යෙදී තිබිණි. මෙය කඩවීම නිසා ඇයට වසවර්ති මාරයා ද්වේශ කළ අතර දිනක් මහා සම්මත රජු අසුර යුද්ධයකට ගිය විටෙක වසවර්තියා මහාසම්මතගේ අනුකරණයෙන් මැණික්පාල වෙත ළඟාවීමට තැත් කළේය. එහෙත් එය ඉටු නොවීම නිසා ඇතිවූ කෝපයෙන් වසවර්ති තෙමේ අවීචියට අතපොවා රැගත් විෂ පොළඟෙකුගෙන් මැණික්පාල බිසවට දමා ගැසීය. මෙය ලොව ප්‍රථම විණය සේ පිළිගැනේ. එයින් රෝගාතුර වූ රූ සිරි යුත් මැණික්පාල බිසව විරූපීව කෘෂවන්නට විය. මෙය සුව කිරීම සඳහා විෂ්ණු විසින් අජාකූට පර්වතයේ වාසය කළ ඔඩ්ඩි නම් සෘෂිවරයා ගෙන්වී යෑයි ජනශ්රැතියේ කියෑවේ.

මීට අමතරව අප්‍රචලිත වෙනත් සූනියම් උපත් කතාවක් මහාචාර්ය තිස්ස කාරියවසම් මහතාගේ "සූනියම් කැපිල්ල නම් වූ ශාන්තිකර්ම විග්‍රහය" කෘතියේ දක්නට ලැබේ. සිංහල රටේ රජ කළ මල්සරා රජුට සරණව කුමරියක් සොයා ගිය බමුණන්ගේ මගපෙන්වීමෙන් වඩිග රට "ශ්‍රී ගෝරට්ටා" රජුගේ දියණිවරුන් අට දෙනාගෙන් ලාබාලම දියණිය වූ "කුසුමහ" දේවිය සිය බිරිය ලෙස මල්සරා රජු තේරා ගත්තේය. එසේ වැඩිමහලුන් සිටියදී බාලයා තෝරා ගැනීම ඇගේ වැඩිමහල් සොයුරියන්ගේ වෛරයට හේතුවූ අතර ඔවුන් විසින් මල්සරා රජුට විණ කළ කරඬුවක් එවීය. එය සූනියම් උපත බව තවත් මතයකි.

සත්කෝරළය හා සම්බන්ධව තවත් ජනශ්රැති කතාවක් සූනියම් උපත පිළිබඳව කියා පායි. එම ප්‍රදේශයේදී පුරපස දේවත්වයෙන් හා අවපස යක්ෂත්වයෙන් පුද ලබන ගම්බාර සූනියම් කබලෑ දෙවියන් විසින් සූනියම් හා මන්ත්‍ර ශාස්ත්‍රය ලබාදීමට ගෙනා බවට ඔවුන් පිළිගනී. මේ පිළිබඳව විස්තර "කබලෑ පටුන" නම් දැනට සොයා ගැනීමට පවා අසීරු දුර්ලභ කවි පොතේ සඳහන් වේ.

ශකවර්ෂ 1284 දී බක්මස පුර පසළොස්වක ලත් ගුරු දින වඩිග දේශයෙන් පැමිණි බමුණකු බලගතු මන්ත්‍ර පොතක් අතැතිව ලක්දිව දකුණු ප්‍රදේශයේ මාතරට ගොඩබැස අනතුරුව සත්කෝරළයේ "කුඹල්වල" නම් ග්‍රාමය වෙත ගොස් වාසය කරමින් සිටියදී යම් පිරිසක් විසින් ඔහුගේ මෙම පුස්ථකය ලිහා බැලූ අතර එහි කටු ගසා සිරකර සිටි "ඔඩ්ඩිස" යක්ෂයා ඉන් මිදී පලාගොස් ගමේ පිරිස් මරන්නට වූ බවත් එම ප්‍රදේශයේ ජනශ්රැති කතාවල දක්නට ලැබේ. එසේ එම යකු සිරකර සිටි පොතේ සූනියම් ක්‍රම පිළිබඳව තිබූ බව කබලෑ පටුන කෘතියේ සඳහන් වේ.

"නියම හූනියම් පොතකි බොලන්නේ

මිණී මරන්නට උපත තියෙන්නේ"

මෙම පොතේ හිමිකාරිත්වය හා එය කුඹල්වල ගමට ලැබුන ආකාරය පිළිබඳ බොහෝ මති මතාන්තරවලින් යුතු ජනශ්රැති කතා දක්නට ඇති නමුත් මෙම පොත මගින් මන්ත්‍ර ශාස්ත්‍ර හා සූනියම් ක්‍රම ලක්දිවට පැමිණි බවට ඒ සියලු කතාවල දක්නට ලැබේ. මැණික්පාල කතාවේ එන ඔඩ්ඩි සෘෂිවරයාත් පහතරට සූනියම් යක්ෂයාත්, මෙහි එන කබලෑ සූනියම් යක්ෂයාත් එක් අයකු යයි වැරදි මතයක් ඇතැමුන් තුළ පවතී. මෙපමණක් නොව උඩරට සොකරි නාටකයේද සූනියමක් කැපීමට වඩිග දේශයෙන් ඔඩ්ඩියා ගෙන්වා ගැනීමක් දක්නට ලැබේ. කෙසේ වෙතත් දකුණු ඉන්දියානුවන්ගෙන් ලාංකිකයන්ට ඔඩ්ඩිස පිළිබඳව කතා පුවත් ලැබී ඇති බවට මේ සියලු කතා පුවත් සාක්ෂි දරති. එහෙත් එම කතාවල ඔඩ්ඩිස පැමිණියේ සූනියම් කැපීමට වුවත් සත්කෝරළයේ කතාවට අනුව ඔඩ්ඩිස සූනියම් රැගෙන ලංකාවට පැමිණ ඇත. එමෙන්ම ඒ. ඇම්. උක්කුබණ්ඩා මහතාගේ අත්පිටපතක ඇති "බුද්ධමාලා මන්ත්‍රයේ" සඳහන් පරිදි බුදුන් වහන්සේ අගසව්වන් සක්‍ර බ්‍රහ්ම හා ඔවුන්ගේ පිරිස් මධ්‍යයේ ධර්ම දේශනා කරන කල්හි වසවර්ති මාරයා විසින් උඩින් සහ බිමින් සියලු වස විසයෙන් විණ කරන්නට ආ විට සියලු දෙවි දේවතාවෝ මෙන්ම ශ්රීමහාබෝධියද බියෙන් සලිත විය. එය බුදුන් විසින් ගාථා කියා සමනය කළ බව එහි දැක්වේ.

මෙසේ අනාධිමත් කාලයක සිට සූනියම් පිළිබඳව විවිධ කතා පුවත් ලක්වාසීන් අතර දක්නට ලැබී ඇත. ඒ අතර 1 වැනි රාජසිංහ රජුගේ මරණය හා සම්බන්ධව ද දොඩම්වල ගණිතයා කළ විෂ බැඳීමේ සූනියමක් පිළිබඳව ජනශ්රැතියේ එයි. වර්තමානයේ වුව මෙසේ සූනියම් කරන කට්ටඩියන් හා සූනියම් කපන ඇදුරන් දක්නට ලැබේ.

මෙසේ ලංකාවට ආගමනය වී ඇති සූනියම් වර්ග රාශියකි. ඒවාද විවිධාකාර වර්ගීකරණයන්ට ලක්කර ඇති බව දක්නට ලැබේ. මෙහිදී මේ පිළිබඳව ලි�ත මූලාශ්‍ර සොයාගත හැකි වන්නේ, සූනියම් උපත පිළිබඳව ඇති කතාපුවත්, "කබලෑ පටුන" ආදී කවි පොත් හා සූනියම් කැපීමේ හා කිරීමේ මන්ත්‍ර පිරික්සීමෙන්ය.

[QUOTE="AnurangaSS, post: 9363280, member: 92055"] [SIZE=4] අනුන් විසින් කරන ලද විණයේ හෙවත් හූනියමේ උපත පිළිබඳව ජනශ්රැතියේ විවිධ කතා පුවත් එන අතර එහි ප්‍රචලිතම කතා පුවත වන්නේ මැණික්පාල බිසවගේ විණ දෝෂය හා සම්බන්ධ කතාවයි. ලොව ප්‍රථම නරපතියා වූ මහාසම්මත රජුගේ බිසව මැණික්පාල වූවාය. ඇගේ සොහොයුරා වූ විෂ්ණු විසින් වසවර්ති මාරයා සමඟ ඇතිකරගත් ගිවිසුමකට අනුව ඇය වසවර්තියා හා විවාහ වීමට යෙදී තිබිණි. මෙය කඩවීම නිසා ඇයට වසවර්ති මාරයා ද්වේශ කළ අතර දිනක් මහා සම්මත රජු අසුර යුද්ධයකට ගිය විටෙක වසවර්තියා මහාසම්මතගේ අනුකරණයෙන් මැණික්පාල වෙත ළඟාවීමට තැත් කළේය. එහෙත් එය ඉටු නොවීම නිසා ඇතිවූ කෝපයෙන් වසවර්ති තෙමේ අවීචියට අතපොවා රැගත් විෂ පොළඟෙකුගෙන් මැණික්පාල බිසවට දමා ගැසීය. මෙය ලොව ප්‍රථම විණය සේ පිළිගැනේ. එයින් රෝගාතුර වූ රූ සිරි යුත් මැණික්පාල බිසව විරූපීව කෘෂවන්නට විය. මෙය සුව කිරීම සඳහා විෂ්ණු විසින් අජාකූට පර්වතයේ වාසය කළ ඔඩ්ඩි නම් සෘෂිවරයා ගෙන්වී යෑයි ජනශ්රැතියේ කියෑවේ. මීට අමතරව අප්‍රචලිත වෙනත් සූනියම් උපත් කතාවක් මහාචාර්ය තිස්ස කාරියවසම් මහතාගේ "සූනියම් කැපිල්ල නම් වූ ශාන්තිකර්ම විග්‍රහය" කෘතියේ දක්නට ලැබේ. සිංහල රටේ රජ කළ මල්සරා රජුට සරණව කුමරියක් සොයා ගිය බමුණන්ගේ මගපෙන්වීමෙන් වඩිග රට "ශ්‍රී ගෝරට්ටා" රජුගේ දියණිවරුන් අට දෙනාගෙන් ලාබාලම දියණිය වූ "කුසුමහ" දේවිය සිය බිරිය ලෙස මල්සරා රජු තේරා ගත්තේය. එසේ වැඩිමහලුන් සිටියදී බාලයා තෝරා ගැනීම ඇගේ වැඩිමහල් සොයුරියන්ගේ වෛරයට හේතුවූ අතර ඔවුන් විසින් මල්සරා රජුට විණ කළ කරඬුවක් එවීය. එය සූනියම් උපත බව තවත් මතයකි. සත්කෝරළය හා සම්බන්ධව තවත් ජනශ්රැති කතාවක් සූනියම් උපත පිළිබඳව කියා පායි. එම ප්‍රදේශයේදී පුරපස දේවත්වයෙන් හා අවපස යක්ෂත්වයෙන් පුද ලබන ගම්බාර සූනියම් කබලෑ දෙවියන් විසින් සූනියම් හා මන්ත්‍ර ශාස්ත්‍රය ලබාදීමට ගෙනා බවට ඔවුන් පිළිගනී. මේ පිළිබඳව විස්තර "කබලෑ පටුන" නම් දැනට සොයා ගැනීමට පවා අසීරු දුර්ලභ කවි පොතේ සඳහන් වේ. ශකවර්ෂ 1284 දී බක්මස පුර පසළොස්වක ලත් ගුරු දින වඩිග දේශයෙන් පැමිණි බමුණකු බලගතු මන්ත්‍ර පොතක් අතැතිව ලක්දිව දකුණු ප්‍රදේශයේ මාතරට ගොඩබැස අනතුරුව සත්කෝරළයේ "කුඹල්වල" නම් ග්‍රාමය වෙත ගොස් වාසය කරමින් සිටියදී යම් පිරිසක් විසින් ඔහුගේ මෙම පුස්ථකය ලිහා බැලූ අතර එහි කටු ගසා සිරකර සිටි "ඔඩ්ඩිස" යක්ෂයා ඉන් මිදී පලාගොස් ගමේ පිරිස් මරන්නට වූ බවත් එම ප්‍රදේශයේ ජනශ්රැති කතාවල දක්නට ලැබේ. එසේ එම යකු සිරකර සිටි පොතේ සූනියම් ක්‍රම පිළිබඳව තිබූ බව කබලෑ පටුන කෘතියේ සඳහන් වේ. "නියම හූනියම් පොතකි බොලන්නේ මිණී මරන්නට උපත තියෙන්නේ" මෙම පොතේ හිමිකාරිත්වය හා එය කුඹල්වල ගමට ලැබුන ආකාරය පිළිබඳ බොහෝ මති මතාන්තරවලින් යුතු ජනශ්රැති කතා දක්නට ඇති නමුත් මෙම පොත මගින් මන්ත්‍ර ශාස්ත්‍ර හා සූනියම් ක්‍රම ලක්දිවට පැමිණි බවට ඒ සියලු කතාවල දක්නට ලැබේ. මැණික්පාල කතාවේ එන ඔඩ්ඩි සෘෂිවරයාත් පහතරට සූනියම් යක්ෂයාත්, මෙහි එන කබලෑ සූනියම් යක්ෂයාත් එක් අයකු යයි වැරදි මතයක් ඇතැමුන් තුළ පවතී. මෙපමණක් නොව උඩරට සොකරි නාටකයේද සූනියමක් කැපීමට වඩිග දේශයෙන් ඔඩ්ඩියා ගෙන්වා ගැනීමක් දක්නට ලැබේ. කෙසේ වෙතත් දකුණු ඉන්දියානුවන්ගෙන් ලාංකිකයන්ට ඔඩ්ඩිස පිළිබඳව කතා පුවත් ලැබී ඇති බවට මේ සියලු කතා පුවත් සාක්ෂි දරති. එහෙත් එම කතාවල ඔඩ්ඩිස පැමිණියේ සූනියම් කැපීමට වුවත් සත්කෝරළයේ කතාවට අනුව ඔඩ්ඩිස සූනියම් රැගෙන ලංකාවට පැමිණ ඇත. එමෙන්ම ඒ. ඇම්. උක්කුබණ්ඩා මහතාගේ අත්පිටපතක ඇති "බුද්ධමාලා මන්ත්‍රයේ" සඳහන් පරිදි බුදුන් වහන්සේ අගසව්වන් සක්‍ර බ්‍රහ්ම හා ඔවුන්ගේ පිරිස් මධ්‍යයේ ධර්ම දේශනා කරන කල්හි වසවර්ති මාරයා විසින් උඩින් සහ බිමින් සියලු වස විසයෙන් විණ කරන්නට ආ විට සියලු දෙවි දේවතාවෝ මෙන්ම ශ්රීමහාබෝධියද බියෙන් සලිත විය. එය බුදුන් විසින් ගාථා කියා සමනය කළ බව එහි දැක්වේ. මෙසේ අනාධිමත් කාලයක සිට සූනියම් පිළිබඳව විවිධ කතා පුවත් ලක්වාසීන් අතර දක්නට ලැබී ඇත. ඒ අතර 1 වැනි රාජසිංහ රජුගේ මරණය හා සම්බන්ධව ද දොඩම්වල ගණිතයා කළ විෂ බැඳීමේ සූනියමක් පිළිබඳව ජනශ්රැතියේ එයි. වර්තමානයේ වුව මෙසේ සූනියම් කරන කට්ටඩියන් හා සූනියම් කපන ඇදුරන් දක්නට ලැබේ. මෙසේ ලංකාවට ආගමනය වී ඇති සූනියම් වර්ග රාශියකි. ඒවාද විවිධාකාර වර්ගීකරණයන්ට ලක්කර ඇති බව දක්නට ලැබේ. මෙහිදී මේ පිළිබඳව ලි�ත මූලාශ්‍ර සොයාගත හැකි වන්නේ, සූනියම් උපත පිළිබඳව ඇති කතාපුවත්, "කබලෑ පටුන" ආදී කවි පොත් හා සූනියම් කැපීමේ හා කිරීමේ මන්ත්‍ර පිරික්සීමෙන්ය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom