Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හදි හූනියම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රථමයෙන් සූනියම් උපත් කතාවල එන සූනියම් වර්ග පිළිබඳව විමසීමේදී මල්සරා රජු පිළිබඳ කතාව වැදගත් වේ. එම කතාවේ එන ආකාරයට දිගින් සැට රියනක් හා පළලින් සත් වියතක් වූ තඹ කරඬුවක ඇණ යතුරු තිස් දෙකක කරවා ඒ තුළ හැටහතරක් කටුගැසුවේද, නවසියයක් දුණු විඡ්ජාද, පන්සියයක් ගොපලු විඡ්ජාද, හාරසියයක් විස විඡ්ජාද, දහ අටක් ආගම්ද, පුරවා මල්සරා රජුට එවා ඇත. තවද "මල්සරා යන්ත්‍රයේ" එන ආකාරයට එම කරඬුවේ තුන්දහස් අටසියයක් ක්‍රේම සූනියම්ද, තිස් එකක් කටු ගැසුම්ද, එකසිය අටක් පැතලි ගිනියම්ද, හැටහතරක් දුණු ඇට පිළිද, යක්ගැටහිර, පිල්ලු, සූනියම්, ගිනියම් සූනියම් ආදීය දමා තිබුණා. මීට අමතරව එහි වැල්පැන්නුම්, ඉරි පැන්නුම්, අවෙල්, දෙවොල් විණ ආදී එකසිය අටක් විණ තිබූ බව ද තිස්ස කාරියවසම් මහතා විස්තර කරයි. සත්කෝරළයේ ප්‍රචලිත "කබලෑපටුන" කවිපොතේ එන ආකාරයට ලක්දිවට ආගමනය වූ සූනියම් වර්ග රාශියකි. "පිල්ලි මෙ දහඅට අංගම් දෙසිතයි. ජීවම් දහඅට රූකඩ දොළහයි. කටුසර ජීවම් දෙසිය අසූවයි. ඉණාමදන තෙල් මාත්‍රා දොළහයි.

(ඒ. ඇම්. උක්කුබණ්ඩා මහතාගේ අත්පිටපතකිනි.)

මේ ආකාරයට කබලෑ පටුනේ පිල්ලි දහහඅටක්, ආගම් තිස් දෙකක්. ජීවම් දහ අටක්, රූකඩ දොළහක්, කටුසර ජීවම් දෙසිය අසූවක්, මල් වැල් ඉරි ආදී පැන්නුම් දෙතිසක්, හිර වැලකුම් දෙතිසක්, සිංගි සූනියම් බන්ධන දොළහක් (මෙය පියතිලක හල්පෙ ශූරීන්ගේ කබලෑ දෙවියෝ කෘතියේ දෙතිසක් ලෙස ද ) දැක්වේ. මීට අමතරව මෙබඳු සූනියම් ආපිට යෑවීමේ ක්‍රම ද මෙහි අන්තර්ගතය. එනම් බන්ධන කැපුම් හතලිහක්, ජීවම් පිට පෙරලුම් නවයක්, ආගම් පෙරලුම් දොළහක්, පිල්ලි ආපිට යෑවීම් දොළහක්, හා අටකොණ ආරක්ෂා විධි විසි හතරක් පිළිබඳව ද එහි සඳහන් වේ.

මීට අමතරව "බුද්ධමාලා මන්ත්‍රයේ" එන විණ කිරීම් ද කීපයකි. මෙහිදී එබඳු විණ හඳුන්වා දී ඇත්තේ ඒ ඒ විණ කරන යකුන් වශයෙනි. බුදුන් වහන්සේ ගාථා දේශනා කරන විට "හාරදහසක් ක්රේමසූනියම්" වලට අරක්ගත් යකුනුත් යන්ත්‍ර, මන්ත්‍ර, තෙල්, අඳුන්, සඳුන් ආදියට අරක්ගත් භූත අභූත ප්‍රේත කොටසුත්, තෙල් මැතිරීම්, මල් මැතිරීම් ආදියට අරක්ගත් දෙමළ වෛකුණ්ඩ යකුනුත්, සන්නි දහඅට, කෝලා දහඅට, වලිප්පු දහඅටට අරක්ගත් සන්නි දහ අටේ දේවතාවෝත් තම තමන් කරන ලද ලෙඩ හා අවතාර අතහැර යැමට පොරොන්දු වූ බව එහි සඳහන්ය. මෙහි අවතාර හා ලෙඩ කිරීම් යනු විණ කිරීම්ය. තවද ඒ. ඇම්. උක්කුබණ්ඩා මහතාගේ අත්පිටපතක එන "කඟවේනා කැපීම" නම් මන්ත්‍රයේ කඟවේනා ඉරුදෙවි බැලීමට ගිය ගමනේදී පසු කළ විවිධ පොළොව වලදී හමුවූ විණ කපාගෙන ගිය අයුරු කියෑවේ. ජල පොළොවේදී ඉරි පැන්නුම්, දහසක් බන්ධන, දහසක් යන්ත්‍ර මන්ත්‍ර කටු ගැසුම් ද, ගල් පොළොවේදී දුනු බන්ධන, රතිමදන බන්ධන, වෙඩි බන්ධන, යන්ත්‍ර කටු ගැසුම් බන්ධන, මන්ත්‍ර කටු ගැසුම් බන්ධන, පිල්ලි අංගම් බන්ධන ද ලේ පොළවේදී දහසක් ක්‍රේම වැලකුම්, වැල් පැන්නුම්, ඉරි පැන්නුම්, රූකඩ කටු ගැසුම්ද, සාමාන්‍ය පොළවේදී යගල් බන්ධනද, වාපොළොවේදී දෙමළ, විල්ලෝඩි, එළු, මකත, වඩිග, තෙලිඟු, නාගර, සගිස්කුර්තා, වෑකරණ, භාෂා බන්ධනද, ඝනකඩ බොල් පොළොවේදී උරඟ රාම හිර බන්ධන, පිල්ලි අංගම්, සොහොන් බන්ධන, පිල්ලි කඩවර බන්ධන, යක්ෂ, රාක්ෂ, භූත, ප්‍රේත යක්ෂ කටු ගැසුම් බන්ධන ද පිළිබඳව කියෑවෙන අතර මීට අමතරව නව ලක්ෂ අසූහතර දහසක් ක්රේමහිර බන්ධන ද අටසියයක් මුණගැසුම්ද, හාර දහස් හාරසිය හැත්තෑ හතරක් අණ විණ ක්‍රේම වැලකුම්ද, ඔඩ්ඩිස බන්ධන, තාරුකා බන්ධන, වටකුමාර, ලේ කඩවර, ඉණාමදන, රතිමදන, මල්මදන, කාම මදන, ගිනි බහිරව, පිල්ලි, අංගම් ආදී විවිධ සූනියම් ක්‍රම පිළිබඳව සඳහන් වේ. මෙම මන්ත්‍රයේ බලය කියාපෑමට මෙබඳු විණ කැපිය හැකි යයි නම් කර ඇතත් මේ මන්ත්‍රය තුළ එම සූනියම් පිළිබඳව වැඩි විස්තර දක්නට නැත.

විඡේකෝන් මුදියන්සේලාගේ උක්කුබණ්ඩා මහතා සතු පාරම්පරික මන්ත්‍ර ශාස්ත්‍ර දැනුමට අනුව "දහඅටපාලි මන්ත්‍රයේ" එක්වාදහස් හාරසිය හැත්තෑවක් සූනියම්ද, තුන්දාස් හාරසිය හැත්තෑවක් බන්ධනද, තිස්දෙකක් අංගම්ද, ඇති බව කියෑවේ. එමෙන්ම "දෙවොල් අලගු" මන්ත්‍රයේ යක්ෂ බන්ධන, හනුමා බන්ධන, බහිරව බන්ධන ආදී නවසිය හැත්තෑ අටක් බන්ධන පිළිබඳවත් එක්දහස් අටසියයක් සූනියම් පිළිබඳවත් කියෑවෙන අතර එම මන්ත්‍රය මගින් හැටලක්ෂ එක්දහස් අටසියයක් බන්ධන කැපෙන බවත් තිබේ. අවසානයේ බන්ධන ලෙස සඳහන් කර ඇත්තේ සියලු ආකාරයේ විණ කිරීම් විය හැකිය.

හීන්කන්දේ සිරිපාල වෙද මහතා විසින් සිය පාරම්පරික පුස්කොළපොත් ඇසුරින් සොයා දුන් "මහපිල්ලි පාරාව මන්ත්‍රය" මගින් කැපිය හැකි විණ වර්ග මෙසේ සඳහන් වේ. ආතාල සූනියම්, පාතාල සූනියම්. එවන සූනියම්. මරණ සූනියම් ආදී හාරදහස් හාරසිය හැත්තෑ එකක් සූනියම් ද, ආතාල බන්ධන, පාතාල බන්ධන, දිෂ්ටි බන්ධන, වලහක බන්ධන ආදී තුන්දහස් හාරසිය හැත්තෑ එකක් බන්ධන ද, වෙඩි වැලකුම්, දුණු වැළකුම්, ඇට වැළකුම්, කුර වැලකුම් ආදී දහ අටක් වැලකුම් ද, රොඩී අංගම්, එවන අංගම්, හරින අංගම්, පිඹින අංගම්, ආදී තිස් දෙකක් අංගම් ද පිළිබඳව සඳහන්ය. මීට අමතරව එතුමා සතු "සත්පත්තිනි දෙවොල් අලගුව" මන්ත්‍රයේ "බන්ධන" වර්ගයන්හි අනුකොටස්ද සංඛ්‍යාත්මකව තවදුරටත් විස්තර කර ඇත. එනම් තාරුකා බන්ධන එකසිය තිස් දෙකක්ද, වටුක බන්දන හැට හතරක් ද, හිර බන්ධන එක්දහස් හාරසියයක්ද, පිල්ලි බන්ධන හාරසිය තිස් දෙකක්ද, ආදී ලෙස බන්ධනයන්ගේ අනුකොටස් ද තව තවත් විග්රහකොට ඇත.

මෙසේ ප්‍රධාන වශයෙන් සූනියම්, බන්ධන, වැලකුම්, අංගම් පිල්ලි, ජීවම්, රූකඩ කටු ගැසුම්, පැන්නුම්, හිරකෙරුම්, කාලම් ආදිය වර්තමානයේ ව්‍යවහාරයේ පවතින නමුත් මේ සියල්ල භාවිතයේ නොපවතී. මෙම අභිචාර ක්රමයන්ගේ වර්තමාන හා අතීත භාවිතයන් පිළිබඳව ඉදිරි ලිපිවලින් සාකච්ඡා කෙරෙයි. මෙසේ මේවා සංඛ්‍යාත්මකව මෙපමණකැයි පැවසීම අසීරුය. ඒ ඒ මන්ත්රවල බලය කියාපෑමට මේවා සංඛ්‍යාත්මකව ඉදිරිපත් කර ඇතත් සමස්ථය ඒ ඇසුරින් නිශ්චය කිරීම කළ නොහැක. මෙසේ ප්‍රමාණාත්මක වශයෙන් විග්රහ කළ නොහැකි අති විශාලවූ අනර්ථකාරී අභිචාර මගින් පුහුදුන් මිනිසා සතු අනන්ත වූ ද්වේශයත් වෛරයත්, ක්‍රෝධයත් ආදී අයහපත් සිතුවිලිම නිරූපණය කරන්නේදැයි හැඟේ.

[QUOTE="AnurangaSS, post: 9363283, member: 92055"] [SIZE=4] ප්‍රථමයෙන් සූනියම් උපත් කතාවල එන සූනියම් වර්ග පිළිබඳව විමසීමේදී මල්සරා රජු පිළිබඳ කතාව වැදගත් වේ. එම කතාවේ එන ආකාරයට දිගින් සැට රියනක් හා පළලින් සත් වියතක් වූ තඹ කරඬුවක ඇණ යතුරු තිස් දෙකක කරවා ඒ තුළ හැටහතරක් කටුගැසුවේද, නවසියයක් දුණු විඡ්ජාද, පන්සියයක් ගොපලු විඡ්ජාද, හාරසියයක් විස විඡ්ජාද, දහ අටක් ආගම්ද, පුරවා මල්සරා රජුට එවා ඇත. තවද "මල්සරා යන්ත්‍රයේ" එන ආකාරයට එම කරඬුවේ තුන්දහස් අටසියයක් ක්‍රේම සූනියම්ද, තිස් එකක් කටු ගැසුම්ද, එකසිය අටක් පැතලි ගිනියම්ද, හැටහතරක් දුණු ඇට පිළිද, යක්ගැටහිර, පිල්ලු, සූනියම්, ගිනියම් සූනියම් ආදීය දමා තිබුණා. මීට අමතරව එහි වැල්පැන්නුම්, ඉරි පැන්නුම්, අවෙල්, දෙවොල් විණ ආදී එකසිය අටක් විණ තිබූ බව ද තිස්ස කාරියවසම් මහතා විස්තර කරයි. සත්කෝරළයේ ප්‍රචලිත "කබලෑපටුන" කවිපොතේ එන ආකාරයට ලක්දිවට ආගමනය වූ සූනියම් වර්ග රාශියකි. "පිල්ලි මෙ දහඅට අංගම් දෙසිතයි. ජීවම් දහඅට රූකඩ දොළහයි. කටුසර ජීවම් දෙසිය අසූවයි. ඉණාමදන තෙල් මාත්‍රා දොළහයි. (ඒ. ඇම්. උක්කුබණ්ඩා මහතාගේ අත්පිටපතකිනි.) මේ ආකාරයට කබලෑ පටුනේ පිල්ලි දහහඅටක්, ආගම් තිස් දෙකක්. ජීවම් දහ අටක්, රූකඩ දොළහක්, කටුසර ජීවම් දෙසිය අසූවක්, මල් වැල් ඉරි ආදී පැන්නුම් දෙතිසක්, හිර වැලකුම් දෙතිසක්, සිංගි සූනියම් බන්ධන දොළහක් (මෙය පියතිලක හල්පෙ ශූරීන්ගේ කබලෑ දෙවියෝ කෘතියේ දෙතිසක් ලෙස ද ) දැක්වේ. මීට අමතරව මෙබඳු සූනියම් ආපිට යෑවීමේ ක්‍රම ද මෙහි අන්තර්ගතය. එනම් බන්ධන කැපුම් හතලිහක්, ජීවම් පිට පෙරලුම් නවයක්, ආගම් පෙරලුම් දොළහක්, පිල්ලි ආපිට යෑවීම් දොළහක්, හා අටකොණ ආරක්ෂා විධි විසි හතරක් පිළිබඳව ද එහි සඳහන් වේ. මීට අමතරව "බුද්ධමාලා මන්ත්‍රයේ" එන විණ කිරීම් ද කීපයකි. මෙහිදී එබඳු විණ හඳුන්වා දී ඇත්තේ ඒ ඒ විණ කරන යකුන් වශයෙනි. බුදුන් වහන්සේ ගාථා දේශනා කරන විට "හාරදහසක් ක්රේමසූනියම්" වලට අරක්ගත් යකුනුත් යන්ත්‍ර, මන්ත්‍ර, තෙල්, අඳුන්, සඳුන් ආදියට අරක්ගත් භූත අභූත ප්‍රේත කොටසුත්, තෙල් මැතිරීම්, මල් මැතිරීම් ආදියට අරක්ගත් දෙමළ වෛකුණ්ඩ යකුනුත්, සන්නි දහඅට, කෝලා දහඅට, වලිප්පු දහඅටට අරක්ගත් සන්නි දහ අටේ දේවතාවෝත් තම තමන් කරන ලද ලෙඩ හා අවතාර අතහැර යැමට පොරොන්දු වූ බව එහි සඳහන්ය. මෙහි අවතාර හා ලෙඩ කිරීම් යනු විණ කිරීම්ය. තවද ඒ. ඇම්. උක්කුබණ්ඩා මහතාගේ අත්පිටපතක එන "කඟවේනා කැපීම" නම් මන්ත්‍රයේ කඟවේනා ඉරුදෙවි බැලීමට ගිය ගමනේදී පසු කළ විවිධ පොළොව වලදී හමුවූ විණ කපාගෙන ගිය අයුරු කියෑවේ. ජල පොළොවේදී ඉරි පැන්නුම්, දහසක් බන්ධන, දහසක් යන්ත්‍ර මන්ත්‍ර කටු ගැසුම් ද, ගල් පොළොවේදී දුනු බන්ධන, රතිමදන බන්ධන, වෙඩි බන්ධන, යන්ත්‍ර කටු ගැසුම් බන්ධන, මන්ත්‍ර කටු ගැසුම් බන්ධන, පිල්ලි අංගම් බන්ධන ද ලේ පොළවේදී දහසක් ක්‍රේම වැලකුම්, වැල් පැන්නුම්, ඉරි පැන්නුම්, රූකඩ කටු ගැසුම්ද, සාමාන්‍ය පොළවේදී යගල් බන්ධනද, වාපොළොවේදී දෙමළ, විල්ලෝඩි, එළු, මකත, වඩිග, තෙලිඟු, නාගර, සගිස්කුර්තා, වෑකරණ, භාෂා බන්ධනද, ඝනකඩ බොල් පොළොවේදී උරඟ රාම හිර බන්ධන, පිල්ලි අංගම්, සොහොන් බන්ධන, පිල්ලි කඩවර බන්ධන, යක්ෂ, රාක්ෂ, භූත, ප්‍රේත යක්ෂ කටු ගැසුම් බන්ධන ද පිළිබඳව කියෑවෙන අතර මීට අමතරව නව ලක්ෂ අසූහතර දහසක් ක්රේමහිර බන්ධන ද අටසියයක් මුණගැසුම්ද, හාර දහස් හාරසිය හැත්තෑ හතරක් අණ විණ ක්‍රේම වැලකුම්ද, ඔඩ්ඩිස බන්ධන, තාරුකා බන්ධන, වටකුමාර, ලේ කඩවර, ඉණාමදන, රතිමදන, මල්මදන, කාම මදන, ගිනි බහිරව, පිල්ලි, අංගම් ආදී විවිධ සූනියම් ක්‍රම පිළිබඳව සඳහන් වේ. මෙම මන්ත්‍රයේ බලය කියාපෑමට මෙබඳු විණ කැපිය හැකි යයි නම් කර ඇතත් මේ මන්ත්‍රය තුළ එම සූනියම් පිළිබඳව වැඩි විස්තර දක්නට නැත. විඡේකෝන් මුදියන්සේලාගේ උක්කුබණ්ඩා මහතා සතු පාරම්පරික මන්ත්‍ර ශාස්ත්‍ර දැනුමට අනුව "දහඅටපාලි මන්ත්‍රයේ" එක්වාදහස් හාරසිය හැත්තෑවක් සූනියම්ද, තුන්දාස් හාරසිය හැත්තෑවක් බන්ධනද, තිස්දෙකක් අංගම්ද, ඇති බව කියෑවේ. එමෙන්ම "දෙවොල් අලගු" මන්ත්‍රයේ යක්ෂ බන්ධන, හනුමා බන්ධන, බහිරව බන්ධන ආදී නවසිය හැත්තෑ අටක් බන්ධන පිළිබඳවත් එක්දහස් අටසියයක් සූනියම් පිළිබඳවත් කියෑවෙන අතර එම මන්ත්‍රය මගින් හැටලක්ෂ එක්දහස් අටසියයක් බන්ධන කැපෙන බවත් තිබේ. අවසානයේ බන්ධන ලෙස සඳහන් කර ඇත්තේ සියලු ආකාරයේ විණ කිරීම් විය හැකිය. හීන්කන්දේ සිරිපාල වෙද මහතා විසින් සිය පාරම්පරික පුස්කොළපොත් ඇසුරින් සොයා දුන් "මහපිල්ලි පාරාව මන්ත්‍රය" මගින් කැපිය හැකි විණ වර්ග මෙසේ සඳහන් වේ. ආතාල සූනියම්, පාතාල සූනියම්. එවන සූනියම්. මරණ සූනියම් ආදී හාරදහස් හාරසිය හැත්තෑ එකක් සූනියම් ද, ආතාල බන්ධන, පාතාල බන්ධන, දිෂ්ටි බන්ධන, වලහක බන්ධන ආදී තුන්දහස් හාරසිය හැත්තෑ එකක් බන්ධන ද, වෙඩි වැලකුම්, දුණු වැළකුම්, ඇට වැළකුම්, කුර වැලකුම් ආදී දහ අටක් වැලකුම් ද, රොඩී අංගම්, එවන අංගම්, හරින අංගම්, පිඹින අංගම්, ආදී තිස් දෙකක් අංගම් ද පිළිබඳව සඳහන්ය. මීට අමතරව එතුමා සතු "සත්පත්තිනි දෙවොල් අලගුව" මන්ත්‍රයේ "බන්ධන" වර්ගයන්හි අනුකොටස්ද සංඛ්‍යාත්මකව තවදුරටත් විස්තර කර ඇත. එනම් තාරුකා බන්ධන එකසිය තිස් දෙකක්ද, වටුක බන්දන හැට හතරක් ද, හිර බන්ධන එක්දහස් හාරසියයක්ද, පිල්ලි බන්ධන හාරසිය තිස් දෙකක්ද, ආදී ලෙස බන්ධනයන්ගේ අනුකොටස් ද තව තවත් විග්රහකොට ඇත. මෙසේ ප්‍රධාන වශයෙන් සූනියම්, බන්ධන, වැලකුම්, අංගම් පිල්ලි, ජීවම්, රූකඩ කටු ගැසුම්, පැන්නුම්, හිරකෙරුම්, කාලම් ආදිය වර්තමානයේ ව්‍යවහාරයේ පවතින නමුත් මේ සියල්ල භාවිතයේ නොපවතී. මෙම අභිචාර ක්රමයන්ගේ වර්තමාන හා අතීත භාවිතයන් පිළිබඳව ඉදිරි ලිපිවලින් සාකච්ඡා කෙරෙයි. මෙසේ මේවා සංඛ්‍යාත්මකව මෙපමණකැයි පැවසීම අසීරුය. ඒ ඒ මන්ත්රවල බලය කියාපෑමට මේවා සංඛ්‍යාත්මකව ඉදිරිපත් කර ඇතත් සමස්ථය ඒ ඇසුරින් නිශ්චය කිරීම කළ නොහැක. මෙසේ ප්‍රමාණාත්මක වශයෙන් විග්රහ කළ නොහැකි අති විශාලවූ අනර්ථකාරී අභිචාර මගින් පුහුදුන් මිනිසා සතු අනන්ත වූ ද්වේශයත් වෛරයත්, ක්‍රෝධයත් ආදී අයහපත් සිතුවිලිම නිරූපණය කරන්නේදැයි හැඟේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom